Ficool

Chapter 16 - 16

හුළං පාරවල් කපාගෙන ඉස්සරහට ඇදෙන kawazaki බයික් එක ගිනි වේගයෙන් ඇදෙන්නේ ඉවක් බවක් නැතුව. යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ හසරක් නොදැන ඉස්සරහට ඇදෙන කොල්ලගේ හිතේ තියෙන්නේ දුකටත් වඩා කේන්තියක් . කෙල්ලෝ වලි කකා පහස හොයන කොල්ලගේ ආදරේ උදුර ගත්තු එකම අහිංසකයා මේ විදිහට මඟ හැරලා යද්දි කොල්ලට දරාගන්න අමාරුයි. අච්චර කෙල්ලෝ වලි කන්නේ එක මොහොතකට හරි ඩිනෝ මිගාන් සමරදිවාකරගේ සයනයේ සැතපිලා පහස විඳින්න. එහෙව් තත්වයක් තියෙද්දිත් කටකාර අහිංසකයා කොල්ලව බල්ලෙක් ගානටවත් මායිම් නොකර ගිය එක කොල්ලට ලොකු මදිපුංචිකමක් ගානයි.

' ඉඳපන්කෝ උඹට,දෙන්නම් මම... '

එහෙම හිතාගෙන දත් මිටි කාගෙන කොල්ලා kawazaki බයික් එක එකසිය ගානට පෑගුවේ හිතේ කේන්තිය නිවාගන්න වෙන ක්‍රමයක් නැති හින්දයි. පිස්ටල් එකවත් තිබ්බ නම් වෙඩිල්ලක් දෙකක් තියලා දුකයි, කේන්තියයි පිට කරගන්න තිබ්බා. ඒත් ඉතින් පිස්ටල් එක තිබ්බත් මේ මහ දවල් ගිනි කෙළි නටන්න පුළුවන්කමක් නෑනේ. යක්ෂාරූඪ වෙලා වගේ kawazaki බයික් එක ඉස්සරහට අරන් යන කොල්ලට ඉස්සරහින් ආපු වෑන් එකවත් පෙනුනේ නැත්තේ හිතේ තිබ්බ කේන්තිය හින්දමයි .

සත්සිඳු නපුරු ගැරඬියාව මඟ හැරලා ඔෆිස් එකට ඇවිත් වාඩි වුණේ ලොකු හුස්මක් අරන් පිට කරන ගමන්. කොල්ලට දැනුනේ ලොකු සනීපයක්. ඩිනෝ මිගාන් සමරදිවාකරව මඟ හැරලා ආපු එක ගැන කොල්ලට තිබුණේ හරියාකාරව කියන්න බැරි අවිනිශ්චිත හැඟීමක් . ඒ හැඟීම එක්ක මොහොතකට අතරමං වෙලා සත්සිඳු කල්පනා කරන්න වුණා . ඊයේ කියන දවසේ සිදුවුණු සිදුවීම් පෙළ කොල්ලට මැවි මැවී පේන්න ගත්තේ සිනමා රූ පෙළක් වගේ. රළු දෙතොල් තමන්ගේ තොල් එක්ක මොහොතකට පැටළුනු හැටි, හරි මුරණ්ඩු විදිහට ආදරේ කියපු හැටි. එහෙම්මම කොල්ලා ඇස් පියාගත්තේ පුංචි හිනාවක් යාන්තමට මූණේ පුරවගෙන . ඒවා මතක් වෙද්දි නම් කොල්ලට ලැජ්ජත් එක්ක. මොහොතකින් කොල්ලට මතක් වුණේ සුපුරුදු විදිහටම නුග ගහ යටට වෙලා තමන් එනකන් බලන් හිටපු ඒ ඇස්. කොල්ලට මොහොතකට පස්සෙයි කල්පනා වුණේ තමන් කරපු වැරැද්දේ තරම.

' මොනා වුණත් මට වචනයක් දෙකක් හරි කතා කරලා එන්න තිබ්බේ. ඒ නැතත් යාන්තමට හිනා වෙලා හරි එන්න තිබ්බේ. පව් හැබැයි , දුක හිතුණද දන්නෑ. කොහෙද ඉතින් සත්සිඳුවෝ... ඔක්කොටම වඩා උඹෙ මහන්තත්තෙයි, ලැජ්ජාවයි ලොකුයිනේ, චිඃ... '

කොල්ලගේ හිත එහෙම කියන්නේ පුංචි පසුතැවීමකුත් හිත් කොණක හංගගෙන . වචනයක් දෙකක් කතා නොකලත් යාන්තමට හිනා වෙලා හරි ආවා නම් හරි කියන වරදකාරී හැඟීමෙන් කොල්ලගේ හිත පිරිලා.

දවසම ඔෆිස් එකේ හිටියට කොල්ලගේ හිත පිරිලා තිබුණෙම මහා ලොකූ වරදකාරී හැඟීමකින්. ජීවිතේ කියන ගමන යන අතරතුරේදී මුණගැහුණු නොයෙක් මිනිස්සු අතරින් සුවිශේෂී වුණ එක් මනුස්සයෙක් . ජීවිතේ කියන සංචාරය අතරමඟදී මුළු ජීවිතේම එයාගේ දෝතට දෙන්න කියලා ඉල්ලනවා. ඒත් ලෝකය කියන වැට කඩුළු ඒ දෝතට යන්න බැරි වෙන්න සීමා පනවලා. ඒත් ඉතින් හිතුවක්කාර ගැරඬියා නම් ලෝකෙට බය නෑ. ලෝකෙට ඕනි කෙංගෙඩියක් කර ගනින් කියලා ජීවිතේ විඳින කොල්ලෙක්. එහෙව් දෝතකට ජීවිතේ භාර දෙන්න එක අතකට බය වෙන්න ඕනිත් නෑ. ඒත් මොකක්දෝ මන්දා හේතුවකට පපුවේ කොණක තියෙන හැඟීම බයකින් යටපත් වෙලා යනවා. කොල්ලට නපුරු ගැරඬියගේ දෝතට ජීවිතේ භාර දෙන්න බයක් නෑ. ඒත් කවදා හරි දවසක ඒ ගැරඬියම යන්න ගියොත්. එදාට කොහොමවත් ඒ දුක දරාගන්න බැරි බව කොල්ලාගේ හිත දන්නවා.

දවසෙම ඔෆිස් එකේ හිටියට හිටියා වගේ ඉඳලා හවස 4 වෙද්දී කොල්ලා එළියට ඇවිත් රැජින පාර දිගේ වැටුණා . ඉස්සරහට ඇවිදන් එන අතර කොල්ලගේ ඇස් බලාපොරොත්තු වුණේම ඒ සුපුරුදු නුග ගහ යට සුපුරුදු රුව තියේවි කියලමයි. ඒත් රැජින පාරෙන් ඇවිත් කුමාරතුංග මුනිදාස මාවතට වැටුණත් ඒ රුව නම් දෑස් පේන මානයක නෑ. මූණේ පුංචි හිනාවක් මවාගෙන ඉස්සරහට ආවෙම ඒ රුව තියේවි කියලා හිතාගෙන වුණත් ඒ රුව පේන තෙක් මානෙක නැති වෙද්දි කොල්ලගේ හිතත් කඩාගෙන වැටුණා .

' ඇයි එයා ආවේ නැත්තේ? අනේ මාත් එක්ක තරහා වෙලාවත්ද? නැත්නම් උදේ කතා කරන්නෙවත් නැතුව ආපු එකට හිත රිදිලවත්ද? අනේ... එතකොට ආයෙමත් කවදාවත්ම එයා එන එකක් නැද්ද ? අනේ... ඇයි එහෙම වුණේ දෙයියනේ ? '

කොල්ලගේ හිත ඇතුළෙන් වැලපි වැලපී වගේ දුක් වෙනවා. තුම්මුල්ල හංදියට ඇවිත් කොල්ල බස් එකක නැඟලා ඇවිත් පන්නිපිටියෙන් බැහැලා ශ්‍රී සුමංගල පාර දිගේ වැටුණේ හිත අස්සේ පුරවගත්තු ලොකු දුකක් එක්ක. වෙනදා නම් හැමදාමත් හිනා වෙලා සුපුරුදු නුග ගහ යටට වෙලා කොල්ලා එනතුරු උදේ හවස බලන් ඉන්න මුරණ්ඩු හිතුවක්කාරයා අද නැති වෙද්දී කොල්ලගේ හිතටත් දැනුනේ පුදුමාකාර දුකක්. තමන්ගේ හිතත් දැන් දැන් ඒ හිතම ඉල්ලනවා. තමන්ගේ ඇස් දැන් දැන් ඒ රුවම දකින්න ආස කරනවා. ඒත් ඩිනෝ මිගාන් සමරදිවාකර දෝතටම ඉල්ලන ජීවිතේ කොහොම නම් එයාට දෙන්නද? තමන්ගේ හිතේ තියෙන්නෙත් ඒ නපුරු හිත අස්සේ තියෙන හැඟීමමද කියන්න කොල්ලට තේරුමක් නෑ. බෝඩිමට ඇවිත් එහෙම්මම ඇඳට වැටුණ කොල්ලා සිවිලිම දිහා බලාගෙනම අහස පොළව ගැටලන්න තරම්ම වුණු කල්පනාවක. හිතට අවංකවම නම් ඒ ඇස් ඉල්ලන්නෙත් ඒ නපුරගේ රූපෙමයි.

" මට සමාවෙන්න සර්... උදේ කතා නොකර ගියාට. මං හිතුවෙ නෑ සර්ගෙ හිත රිදෙයි කියලා... "

කොල්ලා තනියම මිමිණුවා .

Wash එකක් එහෙම දාගෙන ඇවිත් කොල්ලා ආයෙමත් ඇඳට වැටුණේ මේසයේ පැත්තක තිබුණ රේඩියෝ එකත් on කරගෙනමයි . රේඩියෝ එකට ඇහුම් කන් දීගෙනම කොල්ලා එහෙම්මම ඇස් පියා ගත්තා .

කළු අහසේ ලා සඳක් පායලා තිබුණා . පුංචිම පුංචි සිසිලක් එක්ක ගත පුබුදුවන මද සුළං රැල්ල ආශිර්වාදයක් වගේ දැණුනා. සේපාලිකා මල් පිපිලා ඈතින් සුපුරුදු විදිහටම සුවඳයි. විවර වුණ ජනේල් කවුළු අතරින් ලා සඳ එළිය කාමරේ සිසාරා පැතිරිලා ගිහින්. මුළු ලොවම නිහඬතාවක ගිලිලා වගේ. යාන්තමට හඬ නිකුත් කරන රේඩියෝව නිහඬ රෑ මුණිවත බිඳින්න ලොකු තරඟයක. ජනේල් කවුළු අතරින් එන ලා සඳ එළිය කිරි වතුරක් වගේ. ඒ හඳ හන්තාන හඳම තමයි. හිත් නළවන සුරඟනන් විලස රෑ අහසේ තරු පායලා. වලාකුළු සේද සළු වගේමයි . ස්වේත වර්ණයෙන් බබළන වලාකුළු අතර ලා සඳ යාන්තමට හිනා වෙනවා.

හිත් නිවන ලා සඳ අඩ අඳුර මැද්දෙන් හිනා වෙද්දී කොල්ලගේ හිත භාවනා කරන්න අරන් වගේ. රේඩියෝවේ ඇහෙන මියුරු සර හිත සුවපත් කරනවා. කොල්ලා ඇස් පියාගෙනම ඒ මියුරු නදට කණ් දුන්නා.

හීනයක් නොවනා තැනක නුබ ආදරේ සගවා..

හේතුවක් නොවනා දිනක් මා හාද ඉකිබිඳලා

ගෙවුනු අතීතෙක නුබේ කතා...ඇසෙනවා මෙදා

නොහෙලූ වදන් ඔහේ ...පාවෙලා ගියා...

නම නැති භාවයක ආයාචනා

නුඹේනුවන් දිහා

මා වරනා රැයක හීනෙන් පවා

නුඹෙන් නෑ ආරාධනා

නම රැදෙනා ඉමක කොවුල් රැයක

මගේ සවන් නොයා

මා යනවා නුඹට අරැතක් මවා

නොඑන්න මතක සොයා

මතක පද අතුරා හිතක නුඹ ආදරෙන් මවනා

නුඹ ලියූ කවි ගී පොතක නොලියූනු කවියයි මා

ගෙවුනු අතීතෙක නුඹේ සිනා ඇසෙනවා කියා

නොහෙලූ වදන් මගේ ...මාරුතේ තියා...

නම නැති භාවයක ආයාචනා

ඔබේ නුවන් දිහා

මා වරනා රැයක හීනෙන් පවා

නුඹෙන් නෑ ආරාධනා

නම රැදෙනා ඉමක කොවුල් රැයක

මගේ සවන් නොයා

මා යනවා නුඹට අරැතක් මවා

නොඑන්න මතක සොයා...

රෑ හඳ එළිය අස්සෙත් ආදරේ හොයන ඒ හිත් හරි ලස්සනයි . කොළඹ පෞද්ගලික රෝහලක ඇඳක් මත සුව නින්දක හිටපු හිතුවක්කාරයා යාන්තමට ඇස් ඇරලා වටපිට බැලුවා. ගෙවිලා ගිය අතීතය හරි පුදුමාකාර අතීතයක්. ඒ හැමදේම ඇසිල්ලකින් වුණු දේවල් බව කොල්ලට හිතාගන්නවත් බැරි තරම්. නළල උඩ ලොකු plaster එකක් ගහලා තිබුණේ සීරුම් තුවාලයක් නිසා. වම් අතත් බැන්ඩේජ් එකකින් වෙළලා. දකුණු කකුලත් දණහිසට යටින් බැන්ඩේජ් කරලා.

" සර්... "

ජේකබ් හෙමින් සැරේ කොල්ලා ගාවට ළං වෙලා කතා කරද්දි කොල්ලා ජේකබ් දිහා බැලුවා.

" ජේකබ්... "

" සර්, සර්ට දැන් කොහොමද ? "

" එච්චර අවුලක් නෑ බං... ඔළුව චුට්ටක් රිදෙනවා... "

ඇස් බොඳ කරගෙන වගේ කොල්ලා කිව්වා.

" කොහෙද සර් උදේම යන්න ගියේ? මට කිව්වනම් මාත් එනවනේ. කොහෙද ඉතින්... සර්ගේ පණ්ඩිතකමනේ... "

" හරි හරි බං... වෙච්චි දේ වුණානේ..."

" වුණා තමයි... "

ජේකබ් කිව්වේ මිගාන් දිහා රවලා බලන ගමන්.

" මොකද උඹ රවන්නේ? ආ යකෝ... "

" අනේ සර්, දැන් නිදාගන්නකෝ..."

ජේකබ් කොල්ලට කිව්වේ කොල්ලගේ නළලේ තිබුණ plaster එක දිහා ඇස් කොණකින් වගේ බලන ගමන්.

" හරි හරි බං... මං නිදාගන්නම්. ඒක නෙවෙයි ජේකබ්... "

" සර්... "

" බයික් එක කෝ බං? "

කොල්ලන්ට ඉතින් හෙණ වරුසා වැස්සත් කමක් නෑ. ලෝකෙම විනාශ වෙලා ගියත් කමක් නෑ. මුහුද ගොඩ ගලන් ලෝකෙම යට වුණත් කමක් නෑ. අහස කඩා වැටුණත්, පොළව පලාගෙන ගියත් කොල්ලන්ට කමක් නෑ. වැදගත් දේ උන්ගේ වණ්ඩිය විතරමයි. ඩිනෝ කියලත් වෙනසක් නෑ. සිහියක් පතක් නැතුව වගේ ඇලවෙලා හිටපු මනුස්සයා ඇස් ඇරපු ගමන් ඇහුවේ බයික් එක ගැන. ඇත්තෙන්ම කොල්ලා බයික් එකට පණ ඇරලා ආදරෙයි. කොල්ලගේ පණත් හරි. බයික් එකත් හරි. දැන් නම් ඒ ගොඩට සත්සිඳු කියන කටකාර හා පුංචත් ඇවිත්. හැබැයි ක්ලෙයාරා තොම්සන්ට නම් දැන් කොල්ලගේ හදවතේ ඉඩක් නැති තරම්.

" බයික් එක... බයික් එක රෙෆයාර් කරන්න දැම්මා සර්..."

ජේකබ් කිව්වේ දුකෙන් වගේ.

" අයියෝ මගේ වණ්ඩිය... අපරාදේ දෙයියනේ... "

කොල්ලා කිව්වේ මූණ බෙරි කරගෙන .

" බයවෙන්න එපා සර්. බයික් එකට එහෙම ලොකු අවුලක් නෑ. බයික් එකට පුංචි පුංචි අවුල් ටිකක් වෙලා තියෙන්නේ . ඒ ගැන නොහිතා දැන් සර් rest කරන්න "

" ඒ වුණාට බං... මගේ වණ්ඩිය... උඹ දන්නවනේ ඒක මගෙ පණ බං. බයික් එකත් හරි. මගෙ පණත් හරි."

" මට තේරෙනවා සර්... ඒ වුණාට දැන් සර්ට ගිහින් ඕක හදන්න බෑනේ. සර් ඔහොම rest කරන්න. මං ඒක සර්විස් එකට යවලා තියෙන්නේ .හෙට වෙද්දි තිබ්බා වගේම ගෙනත් දෙන්නම්..."

කොල්ලා යාන්තමට හිත හදාගත්තේ හෙට දවසේ ගෙනත් දෙන්නම් කිව්ව හින්දා. ජේකබ් එතනින් එළියට යන්න හදද්දිම ඩිනෝ ආයෙමත් ජේකබ්ට කතා කළා.

" ජේකබ්..."

" සර්... "

ජේකබ් ආයෙමත් ආපස්සට හැරිලා කොල්ලා දිහා බැලුවා.

" අර කොල්ලා..."

" මොන... "

" අර එදා ඉස්සුව එකා බං... "

" ඉතින්... "

" ඒ කොල්ලව පොඩ්ඩක් බලපන්... "

නපුරු ගැරඬියා කිව්වේ හිතට ආයෙමත් ආව ඒ මතකය එක්කමයි. හිතේ කේන්තියෙන් ගිහින් බයික් එක හප්ප ගත්තට මොකද ඒ හිතේ ආදරේ නම් එක බිංදුවක්වත් අඩු වෙලා නෑ. ජේකබ් යාන්තමට හිනාවක් දාගෙන හිනා වෙලා එළියට ගියේ ඔළුවත් වනාගෙනමයි.

' පව් අහිංසකයා , පරිස්සමින් ගියාද දන්නෑ... '

ඒ හිත හිතුවේ එහෙම . රෑ හඳ හරිම මුරණ්ඩු විදිහට ජනේල් කවුළු අතරින් සත්සිඳුගේ කාමරේ පුරා ආක්‍රමණය කරලා. ඒ ආක්‍රමණය හරි සෞන්දර්යාත්මක ආක්‍රමණයක්. හිත් අස්සේ කැකෑරෙන හැඟීම් අනන්තයක් නතු කර ගන්න අදිටනින් කරපු හරිම සුන්දර ආක්‍රමණයක් . කොටින්ම කිව්වොත් හරිම ආදරණීය ආක්‍රමණයක් .

නපුරු ගැරඬියා ලෙඩ මර ගාතෙත් කටකාර අහිංසකයා ගැන හිතනවා. සත්සිඳුට නම් මහන්සියටත් එක්කම හොඳටම නින්ද ගිහින් . සඳ එළිය ජනේල් කවුළු අතරින් කරපු සෞන්දර්යාත්මක ආක්‍රමණයට තිත තියලා කොල්ලා ජනේල් පියන් වහලා තිබුණා .

පුංචි වේදනාවක් එක්ක වුණත් පපුවේ තිබ්බ වේදනාව තරම් නම් ඒ කිසිම වේදනාවක් බරපතල නෑ. හිත පහුරු ගාන හැඟීම් අනන්තය කොල්ලට හරි වදයක්. හිත හදාගෙන නිදාගන්න කොච්චර හැදුවත් නින්ද නම් අහලකටවත් එන්නේ නෑ.

' උඹ නම් පුංචි මායාකාරයෙක් මගේ කොල්ලෝ. උඹ මගේ නින්ද සම්පූර්ණයෙන්ම හොරකම් කරලා. දන්නවා... මඟ ඇරලා ගියාට ගියේ හිතකින් නෙවෙයි කියලා. ඉක්මනට ඒ නුග ගහ යට ලස්සනට හිනා වෙලා උඹ එනකන් බලන් ඉන්න මං එන්නම් මගේ මැණික... '

අඩවන් ඇස් යාන්තමට වගේ නින්දකට සැරසෙන ගමන් ඒ නපුරු ගැරඬියගේ හිත හීනියට මිමිණුවා .

මීළඟ කොටසට ...

More Chapters