Ficool

Chapter 14 - 14

Sanash pov.....

චූටි..අතෑරපන් මාව..කිව්වම අහලා අතෑරපිය...

අතාරින්න...අතාරින්න කියන්නෙ තමුසෙට මොලේ හොද නැද්ද ලොකූ.....ආ..මොලේ කියන එක විකාරද....?

මොලේ හොද නැද්ද අහන්නෙ ඌ කව්ද චූටි කරන්න ඕන එක එපා එක මොකක්ද කියලා තීරනේ කරන්න.....ඌ මොකාද??

හරි හරි...පොඩ්ඩක් කට පියවන් ඉදපන්කො....ගෝතයො ඌ එන්න කිව්වට උඹට යන්න බැරි නම් ලොකු මාමා උඹව බලෙන් ගිහින් දාන්නෙ නෑනෙ නේ....නිකන් බොරුවට අවදානෙ ගන්නද උඹට ඕනෙ.....

මං අහක බලාගත්තා ....සාලේ උන්න ශෙනිරුට අම්බානෙට බනින්න හදපු මාව ඇදගන කාමරේට ආව චූටියා ඇද උඩ ඉදගන එරමිනියා ගොතාගන මගෙ දිහා බලනකොට යකා ආවෙසෙන් බැන බැන උන්න මම සැරින් සැරේ හොරෙන් හොරෙන් දොර රෙද්දෙ හිඩැස් අස්සෙන් සාලෙ උන්න ශෙනිරු දිහා බැලුවා....

මොන මගුලට කරන්ට් එක ආවද මන්දා....මෙහෙට ගහන අකුනක් නොරොච්චෝලෙ ට හරි කැලනිතිස්ස එකට හරි ගහන්නෙ නෑනෙ....ඇයි වදෙ.....එහෙම උනා නම්....තාමත් එයා...යෝහ්...ලොකුවෝ...මොනාද උඹ මේ හිතන්නෙ...

ලොකූ....

...

ලොකූ....

.....

ඇයි යකෝ ලොකුවා...

මො...මොකද යකො....ඇයි ....මොකද උඹ පයින් අනින්නෙ....

පයින් අනින්නෙ අහන්නෙ මොන ලබ්බද උඹ ඔය කරන්නෙ...

මම මොනාද කෙරුවෙ

මොනාද කෙරුවෙ අහන්නෙ.....කට අත ගගා දොර රෙද්ද අස්සෙන් මොනාද උඹ එබිකන් කරන්නෙ...ඇත්තමයි ලොකුවා උඹ දෙපැත්ත කන දෙපිටකාට්ටු වැඩක් කරලා තිබ්බොත් ඇත්තමයි මං නම් උඹ එක්ක කතා කරන්නෙ නෑ ආ සනාශ්....ඇත්තමයි...ඇත්තටම කියන්නෙ...උඹ කොච්චර කෑ ගැහුවත් දැනටමත් ඩිපූටියට වහ වැටිලා ඉවරයි.... 

විකාරද උඹට....වහ වැටෙන්නම බඩුවනෙ ඌ....වහ වැටෙන්නම ඌ රාජ කුමාරයනෙ...

රාජ කුමාරයෙක් නෙවෙ...ගමේ කොල්ලෙක් උනත්....උඹයි මායි උන් දෙන්නා එක්ක යාලුවෙන්නෙ නෑ...නෑ...නෑ කියන්නෙ නෑම තමයි...

මටත් නොදැනිම ශෙනිරු හාදුවක් තියපු උඩු තොල හිමින් හිමින් ඇගිල්ලකින් අතගගා උන්න ආපහු මේ ලෝකෙට ආවෙ චූටියගෙ බෙලිකටු මල්ලෙ සද්දෙන් වෙනකොට මම චූටියා දිහා බැලුවා.....අනේ ඉතින් මුගෙත් බොරුවනෙ.....මගෙ මල්ලි කියන්නෙ නිකන්ද නෑනෙ...ඇද උඩ එරමිනියා ගොතාගන උන්නට මුගෙ හිතත් එර්දි බලෙන් හෙඩා ගාව සක්මන් කරනවා ඇති....පේන්නෙ නැද්ද මුගෙත් හොර මූන....

උඹ ඔය කොහෙද යන්නෙ ලොකූ....

මට චූ බරයි බූරුවො....

ඔලුව හරි කෙලින් තියන් පලයන්....වට පිට බලන්නෙ නැතුව.... ඇස් දෙක අයාලෙ යවා ගන්නෙ නැතුව....උඹලා මෙතන කටවලුත් කාගෙන....මගෙ ඔලුවෙ දැන් තවත් ප්‍රශ්නයක්....උඹට ලැජ්ජ නැද්ද ලොකු එක්කො එවෙලේ කෑ ගහන්න තිබ්බනෙ....එහෙම උනානම් මං එනවනෙ ...

කෑ ගහන්නෙ කොහොමද බූරුවො...මගෙ කට තිබ්බෙ උගෙ කට අස්සෙනෙ....ඇරත් මම දැක්කනෙ උඹ උන්නෙත් අරූගෙ උකුල උඩනෙ ..ආ..... ඒ විතරක් නෙවෙ...ඌත් උඹව තුරුල් කරන් උන්නනෙ....අනේ නිකන් ඉදපන්...

ආ....යසයි බේසමාගෙ කෙරුවාව...හරිම යසයි....අපරාදෙ මනමේ කුමාරි වැද්දට කඩුව දුන්න වෙලේ ඒකි ඇනගත්තෙ නැත්තෙ....අනික හෙඩ් පිපෙට් අයියා මගෙ කට කන්න ආවෙ නෑ...බය උන හන්දා චුට්ටක් තුරුල් කරගත්තා ...ඒක් සාමාන්‍ය දෙයක්.....බය උනහම කට කාගන්නවා කියලා කොහෙ හරි ලියලා තියනවද කියපිය බලන්න...නෑනෙ....ආවා මෙතන මගෙ කෙරුවාව කියන්න.....

මූට පෛත්තියන්ද මන්දා ...කට කෑවෙ මගෙ...මරු කියවන්නෙ ඌ....කොයි වෙලෙත් නාට්ටි සිහියෙන් ඉදලම මුගෙ ජීවිතේම දැන් ට්‍රැජඩියක් වෙනවා....කොහෙන් හරි කියන්නෙ නාට්ටි දෙබසක්...නැත්තන් චිත්‍ර පටි නමක්.....හෙඩාට මූ එක්ක යාලු වෙනවා නම් කීයක් හරි දෙන්න ඕනා... වන්නි පැත්තකට අරන් ගිහින් හදාගනින් කියලා ...

මම අනිත් පැත්තට හැරුනා.....අපරාදෙ කලින් පාර මගෙ කට කෑව කියලා කෑ ගැහුවෙ.....ශොක් වෙලා උන්න හන්දා ඒක ගානක් නෑ වගෙ උන්නා නම්.....

ම්හුක්...කොහෙද .....අප්පච්චි ගෙ වැඩිමහල් පුතුනුවන් ඕවරැක්ටින් දගලානා වෙන්න ගියානෙ.....

මන් බාතෲම් එකට ගිහින් එන්නම්.....

හුම්..හුම්....මම ඇස් පිය නොහෙලා ඉන්නෙ ඈ ලොකුවා...මුසාව නම් අකැපයි උඹට තේරුනානෙ....අමන ගති ඇති....මෙවැනි ලොකුවෙක්...අමන ගතී.....ඇති...මෙවැනි ලොකුවෙක්....කිසිම කලෙකදි ආය නොපතන්....

හා මගුල...දෙයියන්ගෙ නාමෙට මං ජීවිත කාලෙම හරි තනිකඩව ඉදලා ළඟ තියන ඒවත් පොලවට පස්වෙලා යන්න දීල මැරිලා යන්නම් චූටියා....දැන් වත් ඔය නාට්ටි දෙබස් වලින් කතා කරන එක නවත්තපිය...අවුරුදු ගානක් තිස්සෙ ඉවසනවා මදැයි දැන්.....

මං කෑ ගැහුවා...තනියම මනෝපාරක් ගහන්න වෙන ලෝකෙකට පියාඹන්න හදපු මාව එකපාර මේ ලෝකෙට ඇදලගත්තු තරහවට මං චූටියට බැනලා එන්න හදනකොට ඒකා මූන දෙක කරන් බිම බලාගන බොරූවට ඇස් පිල්ලම් ගගහා බරම බර හුස්මවල් පිට කරන්න ගත්තා .....මුගෙ රගපෑම.....මු නම්.කවදා හරි නමගිය නලුවෙක්.වෙනවා.....ඒතරම් රංගන කුසලතාව....

හරි...හරි ඉතින්.....චූචිට නලු ඌස්නෙ ඉහට ගහලනෙ ලොකූ...ඒකනෙ මේ... අත්ත බිදෙයි පය බුරුලෙන් තබා පලයන් එහෙනම්...

........

ලොකූ...

මොකද යකො...මට දැන් රෙද්දෙ රෙවෙනකන් වත් යන්න දෙන්නෙ නැද්ද කියපන් චූටියා...එහෙන් අරූ මගෙ ඔලුව කනවා මෙහෙන් උඹ මගෙ ඔලුව කනවා ඇයි කියපිය...ඉපදුනා පස්සෙ මෙච්චර වදයක් දෙයි කියලා දන්නවා නම් ඇත්තමයි බඩේදිම මට උඹගෙ බෙල්ල වටේ පෙකනි වැල ඔතන්න තිබ්බා....

කෑ ගහන්නෙ ඉතින්...ම්හුක්...සබඳ...අපි " කුදු" නොවෙමු...එක්ක්ක්...

සබඳගෙ අම්මගෙ රෙද්ද ....##

මං එන්න ආවා....ඇති චූබරක් නැති උනත් උපන්දා ඉදම්ම උගෙ හැටි දන්න මම අද ඌටත් බොරුවට බැනලා එලියට ආවා....වෙන මොකටවත් නෙවෙ......මේ චපල හිත මාව එලියට එලවන හන්දම ....

ඒ නපුරු මුන ආයම පාරක් බලන්න...

ඒ නපුරු ඇස් ආයම ආයම පාරක් බලන්න ...

ඩිෆියුටියෝ....ඩිෆියුටියෝ.......මට නම් දැන් හිතෙන්නෙම පොරොන්දු තියෙන්නෙ රකින්න නෙවෙ...පොරොන්දු තියෙන්නෙ බිදින්න කියලමයි....

එන්න කලියෙන් කොන්ඩෙත් චුට්ටක් අතින් අවුල් කරගත්තු මම කාමරේ දොර රෙද්දත් ගලවන තරම් වේගෙන් ඇදලා බොරු තරහවක් මවා ගත්තු මම එලියට ආවා...

උන් දෙන්නා ඉන්නවා.....ලොකු මාමා ගාව කකුලක් පිට කකුලක් දාගන උන්න අයියා මලෝ ගාව තිබුනෙ පුදූම අහංකාර බැල්මක් වෙනකොට ලොකු මාමා අහන්නෙ මොනවද ඒ ඔක්කොටම හෙඩා ම්න් ම්න් ගානකොට ඩිෆියුටියා ඇත්ත ඇත්ත කියලා විතරක් ඔලුව වැනුවා ...ගොලු නැකතක ඉපදිලාද මන්දා...ඔතනින් එහාට මුන්ට කතා කරන්න දන්නෙ නැද්ද ඇයි යකෝ කතා කරපියව්කෝ ...ඒ තරම් ආත්ම අභිමානේ ...ගැම්ම.....

හා හා ශෙනිරු .....උඹ ඔහොම යමන්කෝ.....උඹ ගැම්මෙන් නම් ඉතින් මමත් ගැම්මෙන් ...උඹත් දන්නවා උඹ මට කැමතියි කියලා....මාත් දන්නවා උඹ මට කැමති කියලා ...නිකන් දෙන කිසිම දේක අගයක් නෑනෙ ශෙනිරු.....පුලුවන් නම්...මාව දාගනින්.....

ඇදන් උන්න කොටකලිසමේ සාක්කුවට අත් දෙක දාගත්තු මං එතනින් ගියෙ හරියටම කාගෙත් අයියා වගේ වෙනකොට මාමත් එක්ක කතාවක උන්න ශෙනිරුවා නෙවෙ මං එතනින් යනවා දැක දැකත් මා දිහා බැලුවෙ.....

ඒකනම් අම්මටසිරි වෙලා තාත්තට වෙරි වෙන අහංකාර කමක්..කමක් නෑ...කමක් නෑ....ඔහොම යන් සෙනිරු අයියෙ ..මොහොම යමුකො.....මේ ලොකූව දාගන්න උඹ අඩාගන පස්සෙන් එන හැටි අපි බලා ගමුකෝ....ඈ...

ආයි....හ්...අම්මෙහ්.....එව්ව්...යකෝ.....ව්...

මං බාතෲම් එකට ආවා....ආවෙ නෑ....මාව එවුනා.....සාලෙ හරියෙන් ගැම්මට එන්න ගිහින් කකුලෙ චූටි ඇගිල්ල පුටු කකුලක වද්ද ගත්තු මගෙ ගැම්ම කකුල් දෙක දිගෙ පාතට ගලනකොට මං බාතෲම් එකට දිව්වා...

ඊව්ව්.....ඌව්ව්හ්හ්....එව්....රිදෙනවා.....නෙ...සෙනිරූ ...හ්හ්....හූහ්....ඌයියා...

මගෙ ඇගිල්ල ඇඹරිලා කකුලෙන් වෙන් වෙලාද මන්දා ...යෝහ් ..අප්පච්චි ...

වැඩිමහල් පුතුනවන් ආලෙන් අන්දවෙලා....අප්පච්චි ...හ්.....ආලෙම්.වෙලා ගන්න කෝලම් කලා...ආආ....ආ..ආහ්...ඌව්ව්...

වැදුන පාරට කටට අත තියා ගත්තු මං එන ඒමට දොර වහන් කොමඩ් එක උඩ ඉදන් කකුල අල්ල ගත්තා ....අල්ලන් ඇබරිලා මොංගල් වෙලා ගිහින් තිබුන මගෙ චූටි ඇගිල්ල අත ගගා සාලෙ ඉන්න අහංකාරයා දීපු හාච්චිය මතක් කරන්න ගත්තා ...

යෝ...හ්....සුවද අප්පා....

අනේ....සෙනිරු අයියෙ ....හිත මං මුලා වෙලානෙ.......මං මුලා ඌ...සමනලියකගෙනි...පාර....අසා තිබුනේ...

මං නැගිට්ටා...ඇගිල්ල අත ගගා උන්න මට හාච්චිය මතක් වෙනවත් එක්කම බඩ පුරාවටම සමනල්ලු පියාඹන්න ගන්නකොට මන දූවලා ගිහින් කන්නාඩිය ගාව හිටගත්තා ...... මට හිනා ගියා....හිනා ගියා කියන්නෙ මගෙ මූනට මනමාල හිනාවක් එක්ක ශෙනිරුවා මාව තුරුල් කරන් කට කාපු හැටි මතක් වෙනකොට මගෙ ඔලුව උඩ "ඇල් ජේ බී කි ටිව්.."කොඩිය ලෙල දෙන්න ගත්තා.....ම්ම්ම්...

රේන් බෝ කලර්!!! රේන් බෝ කලර්.....!!!!

මන් කන්නාඩිය දිහා බලාගන මගෙ මුන අත ගෑවා...මා එකම හිනා උනා....තුරුල් කරන් කට කාපු හැටි ආය ආය මතක් උන මගෙ මූන බලාගන ඉන්නකොට රතු වෙලා යනකොට මම හිමින් හිමින් ආයම මගෙ යටි තොලයි උඩු තොලයි අත ගෑවා.....ඒ විතරක් නෙවෙ...කම්මුලත් අත ගෑවා....

යෝ....එයා කම්මුලටත් හාච්චියක් තිබ්බා......

දැන් ඉතින් මං මුන වත් හෝදන්නෙ කොහොමද සෙනිරු අයියෙ .....

හෙට උදේට වම් පැත්ත හෝදන්නෙ නැතුව දකුනු පැත්ත විතරක් හෝදන් යනවා...උම්මිය හෙදිලා ගියෝතින්....

මූන නම්..මොකා ...ක් හරි කරගන්න පුලුවන් ....දත් මදින්නෙ නැතුව ඉන්න පුලුවන් ද ..නොකා නොබී ඉන්න පුලුවන්ද .....ඊටත් මං ගාව එයාගෙ සුවදයි...සෙනසුරාදා ඉරිදා උනානම්...දත් මදින් නැතිව ඉන්න තිබුනා....

යෝ ..සෙනිරු සෙනී.....රූ .....ඔයාගෙ බබා ගාව වැනිලා සූදයිනේ...හ්.......

කන්නාඩිය දිහ බලන් උන්න මං මගෙ ඇගෙන් එන එයාගෙ ෆර්පියුම් සුවද ඉව කරකර උම්මා දීපු තැන් අත ගානකොට මට ආය ආයම මැවි මැවි.පේන්න ගත්තා විතරක් නෙවෙ....කලින් වගේ එයයි මායි මල්ගස් වටේ නට නට දුවන එකක් මැවි මැවි පේන්න ගත්තා .....මාව තවත් රතු උනා.....

අනේ...මගෙ කුලුජුල් උම්මිය....!!!

එක එක ආකාරෙන් මනෝ පාරවල් ගහගහ උන්න මට කන්නාඩිය පුරාවටම මගෙ මූන ගාවම මට ශෙනිරුගෙ මූන ඇදි ඇදි පේන්න ගන්නකොට කුලුජුල් උම්මියෙන් පිස්සු වැටිලා උන්න මං ආයමත් මල් ගහක් වටේට නට නට දුවන්න ගත්තා...

සුදු මූන රතු වෙලා..අවසානෙදි රෝසපාට වෙනකොට මං අර කටට අත තියන් ඉන්න මීයා වගේ මගෙ කට අතින් වහගන මල් ගස් අස්සෙ නටන මා එක්කම හිනා උනා.....රටේ නැති සිංදු ඔලුව අස්සෙ ප්ලේ වෙනකොට මං ඩිෆියුටියා එක්ක නටනවා කියලා හිතාගන ඇසුත් වහන් බාතෲම් එක අස්සෙ මනෝපාර ගහන්න ගත්තා ....

යෝහ්....පෙම් පාට වෙලා නේත.......

ම්ම්.."බෝයි විත් ලව්....!!!"ජෙයියනේ ...බෝයි විත් ලව්.....

Sayash pov.....

ම්හුක්....ගියා ගියාමයි...තාම නෑනෙ.....තාම නෑනෙ....ඇයි වදේ.....මූ මට කොලේ වහලා ඩිපූටියා ගාව ඉදන් ඉන්නවදෝ.....

මං ඇද උඩ පෙරලුනා.....

චූ බරයි කියලා ගියපු සැලලිහිනියා තියා උගෙ පිහාටුවක් වත් පේන්න නැති වෙනකොට තට්ට තනියම සිරියහන් ගබඩාවෙ ඉදන් එහා මෙහා සක්මන් කරපු මට අවසානෙදි කකුල් කඩිත්තුව අල්ලලා ඇදට වැටෙනකොට මං අහගන ලොකු මාමා අපේ චූටියවත් චූටියවත් ගගා මොන මොනාදෝ කියනවා...

චූටියව හම ගහන්න කියනවද දන්නෙ නෑ.....හරිම අගෙයි ලොකු මාමෙ....හරිම අගෙයි.....මස්සිනා පොඩ්ඩගෙ දරුපැටව්ට සලකන ආකාරෙ නම්....හරිම අගෙයි ආ....අම්මා අප්ප නැති නොදරුවන්ටනෙ මේ මෙහෙම අරුයාදු කරන්නෙ.....කුට්ටිය පිටින් දෙනකොට නම් අම්මෙ...බලන්න ඕනා...

ම්හුක්...ඔව්වා කියන්න ගියෝතින් මට බීපු කිරි එලියට එන්න ගහයි.....

චූටී.....

.....

චූටි පුතා....කොල්ලො....

මං මුනින් අතට හැරුනා...හැමෝ එක්කම තරහා වෙලා ආව අවසානෙදි කාමරේ තනි උන මම මුනින් අතට හැරෙනවත් එක්කම මං අහගන ලොකු නැන්දා කතා කරනවා...ඒපාර මොකද දන්නෙ නෑ....ඇයි වදේ.....

සයාශ්....කන ඇහුනද....

යෝ...ඇහුනා...අනේ...ඇහුනා...මේ මග..මේ මග එන ගමන්.....බොරූවට කෑ ගහනවා ඇයි වදේ....

අන් බෙරිහන් දුන්නා.....ඇදේ වැටීගන උන්න මං කාමරේ ඉදන් කුසියට ඇහෙන්න නැන්දට කෑ ගහන් ඇදෙන් නැගිටල දොර රෙද්ද ගාවට ඇවිදින් බෙල්ල එලියට දැම්මා....

ඇහෙනවා නේද...ඇහෙනව නේද...මං කියන්නෙ බොරුද....මුන් දෙන්නට කවදාවත් බැ කනට ඇහෙන තරමට කතා කරන්න.... තවත් ගෙවල් වල.ළමයි ඉන්නවා මේ වගේ නෑ...දෙයක් කිව්වොත් හරහටමයි...එකට එක කියාගත්තු ගමන්මයි....අපි එකක් කිව්වොත් අපිට දහයක් කියනවා ඕකලා දෙන්නා...

උන්දලාගෙ අප්පච්චි කියලා ගියේ කියන දේ නෑහුවොත් දෙන්න කියලා ආය.....

ම්න්...

ඇත්ත...

ආ..ආ..ආ...හරිම අගෙයි....හරීම අගෙයි...ලොකු මාමගෙ ක්‍රියාවලිය....මන්ත්‍රී පුතුනුවන් එක්කයි...මිලිටරි පුතුනුවන් එක්කයි අපි දෙන්නව සුද්ද කරනවා නේද....හරිම අගෙයි...ආ...ලොකු මාමෙ....විදේස ආදාර එනකොට නම් ගන්නෙ විරිත්තලා......මස්සිනාග් දරු පැටවුන්ට අඩත්තේට්ටම් කරන තරම.....ප්‍රීතී ලොකු මාමෙ...ප්‍රීතී.....ඈ...

කච බච ගාලා වචන පන්සීයක් විතර කතා කරපු ලොකු මාමට අඩු කතා බහ සහෝදරයෝ දෙන්නා " ම්න්..... ඇත්ත " ගාලා උත්තර දෙනකොට මං දොර රෙද්ද අස්සෙන් ඇස් දෙක දාගන හෙඩ දිහා බැලුවා...

මුනෙ හිනාව කලදක් නෑ.....අරූගෙත් එහෙමයි...මුන් දෙන්නව හදලා තියෙන්නෙ හමුදා සේවෙන්ද මන්දා...ඇයි යකෝ..නිකන් තියන එකෙ ඔය දසන් විහිදවලා හිනා වෙලයල්ලකො.....හිනා නා කියලා සල්ලි ගන්නෙ නෑ....

ලොකු නැන්දා අමතලා විනාඩි පහක් පහු වෙනකනුත් එලියට ගියෙ නැති මම සාලෙ උන්න හෙඩා වගෙම ඩිපූටියා දිහා බලාගන උන්නා.....ලොකු මාමා ඉවරයක් නැතිවම ප්‍රශ්න අහනකොට අරුන් දෙන්නා ම්න්..ඇත්ත ගගා කෙටියෙන් උත්තර දෙනකොට මං බලාගන අහක බලපු එක විනාඩියට හෙඩා මා දිහා බලන් ඉන්නවා.....

මං හිමින් සැරේ හිනා උනා...හැබැයි ඒකා නෙවෙ ආපිට හිනා උනේ...ඒකා නෙවෙ මාව තඹේකට මායිම් කෙරුවෙ....

උඹ වරෙන්කො...වරෙන්කෝ....උත්තරයක් ඉල්ලන්...මං දෙයිද කියලා බලන්න...උඹට මාව ඕනා නම්...උඹම ඇවිත් මගෙ හිත හදලා දාගනින්...අපි ඇවිත් හොරොව්පතානෙ මිනිස්සු....

ම්හුක්....ඒ උනාට එයා හරි හැන්සම් අප්පා.....කවදා හරි ඉතින් චූචිගෙ නේ...

ඒ උනාට උඹ මහ අහංකාරයා...උඹත් එකයි...උඹගෙ මලයත් එකයි...පොඩ්ඩක් හිටපන්කො සුතු මහත්තයා ...මං උඹව ගානට හදලා කීකරු කරලා ගන්නම්....

බුම්බන් ඉන්න හෙඩා දිහා බලාගන මනෝ පාරක් ගහන් දොර රෙද්ද අස්සෙ උන්න මං තනි අන්ඩෙන් හිටගන අනිත් අන්ඩ උස්සගන තවත් චුට්ටක් රෙද්දෙ එල්ලීගන එබිකම් කෙරුවා ....සැරින් සැරේම කුසිය පැත්තෙන් වීදුරු පිගන් ස්ද්ද වෙනකොට ඒක ගානටක වත් මායිම් නොකර සාලෙ උන්න හෙඩාව ටෝක් කරන්න ගත්තා ....

චූටී....

ඕ..ඕ...හ්හ්....මේ....එ..එන.... ගමාන්....ආව්....හ්.....

හරියටම ..හරි..නේත....නොම්බර දාහත...සලුපොට අහසට....මං බය නෑ ශ්‍යාම...කොළඹ සන්නිය ....රෑ ඩැනියෙල් දවල් මිගෙල්.....අනේ...

මුනිදාස අයියෙ..හ්හ් ....රෙද්ද අතේනේ...!!

මං එලියට පැන්නා...දොර රෙද්ද අස්සෙන් හොර ගල් අහුල අහුල ඇගේම බර දොර රෙද්‍දට දීගන ඒකෙ එල්ලීගන ,එබීගන උන්න මාව නැන්දගෙ කටහඩත් එක්කම ගැස්සිලා ගිය පාරට දොර රෙද්දෙත් එක පැත්තක් ගැලවිලා අතට ඇවිත් හොම්බෙන් යන්න ගියා වගේම නොවැටී යන්නතන් ජම්මෙ බේරගත්තු "කාබාසිනියා පන්තියෙ" පන්තියෙ මම කැඩුන දොර රෙද්ද අතින් අටවන්න ගිහින් අනිත් පාර මුලු රෙද්දම ගැලවිලා අතට ආවා....!

හරිම අගෙයි...හරිම අගෙයි....ප්‍රීතී...ප්‍රීතී....!

හත්තුක්කෙ....අනේ මුනිදාස අයියෙ.....අලුත්ම දොර රෙද්ද....

පැලුන බේසම...බිදුන පිගාන.....තෙමිච්ච රෙදි....එකින් එක එකින් එක පෙර වැරදිත් මතක් වෙනකොට අතේ තිබුන දොර රෙද්ද දැකපු මට අද නම් වෙන කවුරුත් නෙවෙ සුදු වෑන් සවාරිය දෙන්නෙ ලොකු නැන්දා කියලා දැනුන මං හිමින් සැරේ හෙඩා දිහා බැලුවා...

අනේ හෙඩ් පිපෙට් අයියෙ..... ...

චූටී.....

දැන්නම්....ඇත්තටම ...එන ...ගමන්...

ලොකු....නැන්....ම්හුක්....

මං දිව්වා...හෙඩා දිහා අඩන්න වගේ බලන් උන්න මං " අනේ හෙඩ් පිපෙට් අයියෙ මේක හදා දෙන්නකෝ" කියන්න වගෙ බැල්මක් දාල ඊලග පාර නම් සේවයට වාර්තා නොකෙරුවත් ලොකුයි කියලා නොබලම හනසු පාර දෙන්න දෙපාරක් නොහිතන ලොකු නැන්දා දිහාවට මං දුවනකොට ලොකු මාමා නාගන්න කියලා නැගිට්ටා....චූ කරන්න ගිය සැලලිහියට දියවැඩියාව හැදිලා තිබුනා....

ඇයි..මගෙ ලොකු නැන්දේ ..

මං දිව්වා...මුලින් මුලින් ලාවට ඇහුන පිගන් සද්දෙ අවසානෙදි වලන් පොලවෙ ගහන සද්දෙකට පරිවර්තනේ වෙනකොට ලොකුන් නැන්දට ආරුඩෙන් ඉන්නෙ කියන්න තේරුම් ගත්තු මං සලුපට අහසට වෙනුවට දොර රෙදි අහසට විසික් කරලා දිව්වා....

ඇයි මගෙ ලොකු නැන්දෙ තමයි....උඹට කීයෙ ඉදන්ද මං දැන් කතා කරන්නෙ....ආ....

කීයෙ ඉදන්දත....ඔව්....කීයෙ ඉදන්ත...ඈ....අග්ගියෙ....ඔව්.....ඈ...කතා කරන්නෙ...කීයෙ ඉදන්ත.....?

ඇත්තමයි චූටියා මං දැන් උඹට හන්ස්සක් ගත්තොත් නම් ගහන එක ගහනවා..ආ....බහුභූත කියවන්නෙ නැතුව මේ පිහන් ටික හෝදපන් ...

යෝ...හ් ලොකු නැන්දේ....ඇයි වදේ...අපි හතර දෙනයිනෙ ඉන්නෙ....පිගන් හතරක් වෙනුවට ඇයි මෙතන...ම්හුක්...ඇත්තමයි ලොකු නැන්දේ ඔයා දැන් මට කියන්න නම් එපා අර ගෙවලයො දෙන්නත්...ආඅ...ආ...ආව්හ්.....ඌයියා..අනේ...ගහන්නෙ.....හ්හ්

මං ඇඹරුනා...පොල්කටු හැදි මිටක් ඇවිත් මගෙ පිට මැදට පතිත වෙනකොට මම ඇඹරිලා ගියා....

කට වහන් කියපු වැඩේ කරපන්.....මේ වැස්සෙ ඒ ළමයි යන්නෙ කොහොමද .....ඇරත් උඹලා දෙන්නා ගිලිනකොට ඒ ළමයි බලන් ඉන්නද...හොදපියනොය ටික මගෙන් මැරුන් නොකා....උඹට වැඩක් කියනකොට නම් බොහෝම අමාරුයි ....

මගෙ මූන සතපහක් උනා.....මගෙ මුන තිත්ත කැකිරි පන්තියෙ පූසා උනා....වෙනදට කන පිගන් වෙනුවට අද දිලිසෙන පෝසිලේන් පිගන් වගයක් එලියට අරන් තියාපු ලොකු නැන්දා හෙඩයි ඩිපූටියයිත් කන්න නවතිනවා කියනකොට මට දූවලා ගිහින් උන් දෙන්නට පිගන් දෙකෙන් දමලා ගහන්න හිතුනා.....

ම්හුක්...ඕකනෙ මං ආස නැත්තෙ....

පිගන් ටික ගත්තු මං ඒවා අත්දෙකෙම්ම මිරිකගන සින්ක් එක ගාවට ගියා...කරුමෙ කියන දේ අද නම් ඔනාවටත් වඩා පඩිසන් දුන්න මට මේ පිගානක් බිදුනොත් නම් කැඩුම් බිදුම් වෙදෙක් ළඟ නැවතිලා බෙහෙත් ඔරුවකට බහින්න වෙන තැනට ගුටි කන්න වෙයි කියලා හිතුන හන්දම මම පිගන් ටික දෑතිම්ම බදාගන ගිහින් සින්ක් එකට දාලා ආයම නහයෙන් අඩන්න ගත්තා... 

මොකටද උඹ ආස නැත්තෙ. ..

ගෙදර තියන පාටි වලට...ම්හුක්...එතකොට පිගන් හෝදන්න වෙන්නෙත් අපිටමනෙ....

උඹ ඉතින් මොනවටද ආස....?කියවන්නෙ නැතුව ඕක හෝදපන්.....කුඩු කරනවා නෙවෙ...කියවලා කියවලා පුලුවන් නම් ඕකත් බිදපන්කො....

හා අනේ හා....මට ලාදුරු නෑ...ඔයාගෙ ඇස් වහ වැදිලම තමයි බිදුනොත් බිදෙන්නෙ....ඔන්න ඔන්න ලොකු නැන්දේ දැම්ම කිව්වා.....අනෙ පුතේ....ඔහොම තියන්න....මං හෝදන්නම්....ඔහොම තියන්න... අපි අස් කරන්නම් කියන්න ලෑස්ති වෙන්න එපා ආ...ඇයි වදේ....අපිට නම් සලකයිද...නෑනෙ...අපිම කුසියට ඇවිත් අපිම පිගාන හෝදන්...අපිම බෙදාගන කෑවොත් මිසක්...මේක නම් තනිකරම ලමා මෙහෙකාර සේවය.... ..ඇයි මට විතරක් ...ලොකුවටත් අඩගහන්නකො....ඌත් කනවනෙ....ඇයි යකෝ.....this is child abuse this is affecting me mentally .....

ඇත්තමයි චූටියා....මං දැන් ඔතනට ආවොත් නම්...ගහන එක ගහනවා.....අදින ජංගියෙ ඉදම්ම හෝදලා දෙනවා නේද තොපිට මම...ආ බොල....කන බත් එකේ ඉදන් බොන වතුර එක වෙනකන් ළඟ කරනවා....කටවහන් ඕක හෝදපිය...පොඩි කාලේ ඉදන් පංගු පේරුව .....

මන් අඩි හැප්පුවා...හෙඩාටයි ඩිපූටියටයි කන්න දෙනවා කියන්නෙ හරියටම මහ රජ්ජුරුවන් වහන්සේට කන්න දෙනවා වගේ සත් ගුනවත් කමකින් කරන ලොකු නැන්දට මං අතිනුත් බොරු දාලා බැන බැන චූ බර හැදිලා අතුරුදහන් උන සැලලිහිනියටත් අල්ලන් බැන්නා.....

ආ...ආ...හරිම අගෙයි ලොකු නැන්දේ ..පංගුපේරුව ගැන නම් අපි එක්ක කතා කරන්න එපා...අපි දකිනවනෙ....පංගු පේරුවට වැඩ කරන සහෝදරයන්ගෙ තරම...ලොකූ.....ලොකූ...ලොකූ.....මෙහෙ වරෙන් මේ ලොකු නැන්දා උඹට පිගන් පිහන්න එන්නලූ......ලොකූ.....මගෙ අත් දෙකත් එක්ක කැඩෙන්න එනවා ලොකූ...හ්..වරෙන්කො ...

මං.කෑගැහුවා...සාලෙ ඉන්න හෙඩාටයි ඩිපූටියටයි එක්කම ඇහෙන්න කෑ ගැහුවා....

ම්හුක්...එතකොට වත් උන්දෙන්නා කාල පිගන් දෙක හෝදයිනේ....කෑව නම් හෝදන්න ඕනා....එක අතකට කෑවට පස්සෙ පිගාන විසි කරන්න තිබුනා නම්...

ආ..ආ...හරිම අගෙයි....හරිම අගෙයි...අප්පච්චි ගෙ බාල පුතුනුවන්ගෙ අලස කම නම්...හරිම අගෙයි.....ප්‍රීතී....ප්‍රීතී....පිගාන විසිකරන දේ කටින්.කියන්න ඕන නෑ...

ඒ සිතුවිල්ල ලොකු නැන්දට දැනුනත් ඇති....පිගන් පේන්න ගහන්න ගියා.....

මොකද චූටි බෙරිහන් දෙන්නෙ....

ආ...ආ...අයිස් අම්මා ගුන්ඩූ...සබද පබිලිස් ආවතේ.....ආවා නම් පිහපන් මේ පිගන්....මමම නැහෙන්න ඕන නෑනෙ.....නේද ලොකු නැන්දේ...

මගෙ උච්ච සුවරෙට පස්සෙ චූ බරයි කියලා වාශ්ප උන සැලලිහිනියා ඒ ටිකකිම්ම කුසියට පියාඹන් ආවා...නිකන් නෙවෙ.....මූ ආයම ඇදුමක් මාරු කරලා....නිකන් නෙවේ..... කාක්කූඩුව වගේ කොන්ඩෙත් ආයම පීරන් මදිවට ඕඩික්ලෝන් බෝතලෙම නාගන...

ආ...ආ...මොකක් නමුත් මම නොදන්න දෙයක් වෙලා වgay....හරිම අගෙයි...හරිම අගෙයි.....අප්පච්චි ගෙ වැඩිමල් පුතුනුවන්ගෙ විලාසිතා නම් හරිම අගෙයි...ඌයි මායි ළඟ තිබ්බම beauty and the beast වගේ.....මං නිකන් තනිකරම කැලනි හිගන්නා වගෙ.....

ආවා නම් මේ පිගන් ටික පිහපන් මගෙ මූන බලන් ඉන්නෙ නැතුව මහ රජ්ජුරුවන්ට කන්න දෙන්න වෙලා ගියෝතින් දායක සභාව පරල වෙයි...

මං අරූගෙ අතට පිගන් ටික දෙනකොට ඌපිහ පිහ මා දිහ බලල ලොකු නැන්දා දිහාත් බැලුවා...

ලොකු මාමා නාන්න ගියා....

ඉතින්....

ඉතින් කියන්නෙ බූරුවො බාතෲම් එකට නාන්න ගියෙ 

බාතෲම් එකට නැතුව ලිදට යන්නද මේ වැස්සෙ උඹගෙ ගොන් ජෝක් දැන් මට දැන් ඇති වෙලා තියෙන්නෙ...

මං හෝදපු අවසානම පිගානත් ලොකුවා ගාවින් තියලා මගෙ කලිසමෙන්ම අත පිහාගන නලුවා වගේ ඇදන් ඉන්න සැලලිහිනියට ඊරිසියා කාරකම් කරකර උන්නමං ගස්සගන අනිත් පැත්ත හැරෙනවා එක්කම නාන්න ගියපු ලොකු මාමා තුවායත් කරේ දාගන ආවා

සුධර්මා.....

ම්ම්ම්ම්.....

බේසම කැඩිලා නම් ඇයි බේසමක් ගේන්න කිව්වෙ නැත්තෙ.....

මොන බේසමද...

කැහ්...කැහ්...

මොන බේසමද අහන්නෙ බාතෲම් එකේ තියන රෙදි බේසම.....

ඒක කොහෙද කැඩිලා තියෙන්නෙ අලුත් බේසමනෙ

මට කැස්සක් ඇල්ලුවා...නාන්න ගියපු ලොකු මමා බේසමෙ පුවත අරන් එනකොට පපුව රිදෙනව වගෙ පපුවත් පොඩ්ඩක් අතගාගත්තු මං කැහැ ලොකු නැන්දා දිහා

බැලුවා...

ව්...වැස්ස ..හින්දද...මන්දා...පපුව...

මහන්සිය...ට..වගෙ...ලොකු.....නැන්දේ...මං....චුට්ටක්...විවේක...සුවයෙන්...ඉදලා...එන්නම්....

චූටියා...මෙහාට වර....කෑවනේද ඒකත්...ඔක්කොම කඩපන්....ඔක්කොම කඩපන්.....

සුධර්මා හෙට ඔෆිස් ඇදන් යන කලිසම තෙතයි...

.අට එච්චරයි ඇහුනෙ...ලොකු මමාමගෙ කතාවෙ පරම.හතුරා වගේ එකින් එක එකින් එක කියාගන යනකොට මම කුසියෙන් කෙලිම්ම එලියට දිව්වා...එලියට දුවනවත් එක්කම මාව කාගෙ හරි ඇගක හැප්පිලා ආපස්සට වැටෙන්න ගියා වගේම මගෙ ඇගේ හැප්පුන කෙනා වැටෙන්න ගිය මාව අතින් නැතුව එක පාරම ඉනෙන් අත දාලා අල්ලගත්තා .....

හෙඩ්...පි...පෙට්....අයියෙ...

කොහෙද දුවන්නෙ....

ම්....න්.....නෑ...

දොර රෙද්ද හැදුවා....

අනේ.....මුනිදාස අයියේ.....!!!!

වැටෙන්න ගියපු මාව අල්ලන් තිබුනෙ හෙඩා.....නිකන් නෙවෙ ....අතකිනුට් නෙවෙ...කෙලිම්ම මගෙ ඉනෙන් වෙනකොට මං නිකන් අර දිල්වාලේ එකේ සාරුක්කාන් කාජල් අක්කව වැටෙන්න යනකොට අල්ලන් ඉන්නවා වගේ එක අන්ඩක් උස්සන් පිටිපස්සට බර වෙලා උන්නා.....කොහෙද දුවන්නෙ අහපු එයා දොර රෙද්දත් හැදුවා කිව්වා විතරයි රවාගන උන්න එයා දිහා බලපු මම මගෙ ගාව තිබුන ලස්සනම හිනාව දුන්නා....ඒත් ඒක නෙවෙ මාව තඹේකට ගනන් ගත්තෙ.....ඒකා නෙවෙ ආපිට හිනා උනේ.....

දිගටම ඔහොම ඉන්නවද නැත්තන් කෙලින් වෙනවද?

ආ.ආ...මොකක්ද....ආ...මේ කෙලින් වෙනවා...කෙලින් වෙනවා...මේ කෙලින් වෙන ගමන්.....අම්මො අනෙ....ඔයාට යන තරහව....

...

කොහොම උනත් ඔයාට ස්තූතියි ...දොර රෙද්ද හැදුවට...මට උනත් ඕක හදාගන්න පුලුවන් ..බැරිකමක් නැතුව නෙවෙ..මොකටද කරද වෙන්න ආ..ආඅනේ..අනේ.....ඇයි....ගලවන්නෙ....අනේ....නිර්වාන් .....ගලවන්නඑපා.....හ්හ්!!!!

කරදර උන එක අපරාදෙ ඒකයි....

යසයි.....යසම යසයි...හරිම අගෙයි...හරිම අගෙයි මන්ත්‍රී පුතුනුවන්ගෙ පලිගැනම නම් හරිම අගෙයි........ප්‍රීතී...ප්‍රීතී.......

ආයමත් දොර රෙද්ද බිම....ආයමත් දොර රෙද්ද බිම........

නිර්වාන්.....

ම්න්.....

බදාදා හවස තුනෙ ඉදන් හය වෙනකන් පුලුවන්ද ?

ම්න්...පැය තුනද...ඊට වඩා බැරිලුද.....

බැහැලු බන්

ම්න්..කමක් නෑ...බදාදා.....

එහෙනම් එහෙමනෙ...මං අංකල්ට කියන්නම්...

ම්න්...

මොනවද..මොනවද අංකල්ට කියන්නෙ....

දොර රෙද්ද අපිට ඇදලා බිමට දාපු හෙඩා මා දිහා බලාගන ඉන්නකොට අන්තරස් දාන වෙලා උන්න ඩිපූටියා බදදාවක් ගැන මොකක්ද මගුලක් කියලා ලොකු මාමව හොයන් යනකොට මම ඩිපූටියා දිහ හැරිලා බැලුවා....

සයාශ්.....

මොකද.....

බදාදා තුනට මගෙ ගාවට එන්න...

මොකක්?බදාදා තුනට ඔයා ගාවට එන්න..මොලේ කොලොප්පන්ද....වනචරකමේ සීමාවක් තියා ගන්නවා නිර්වාන් ...බලන් ගියහම හෙඩ් ෆ්‍රිෆෙක්ට් කම දීලා තියෙන්නෙ වල් වනචරයෙක්ටනෙ...අපේ එකා අරූට කුපාඩියා කිව්ව එක සාදාරනයි ...වනචරයි හැම තැනම....

මං කෑ ....ගැහුවා.....අත් දෙකෙම්ම පපුවත් වහගත්තු මම හෙඩාගෙ මුනටම වනචරයා කියනකොට කවුරුත් නැති සාලේදි හෙඩා මගෙ ගාවටලන් උනා....ටිකක් නෙවෙ.....හුස්මක් තරමටම ලන් උනා....මාමව හොයන් ගියපු ඩිපූටියා කුසියෙ පැලපදියම් වෙලා තියනකොට සාලෙ මැද හෙඩා ගාව තනි උන මං වනචරය කියලා බැන්නත් ඒකගෙ මූනෙ තිබුන නපුරු කම එක්ක සැලන්ඩර් වෙලා මගෙ අත් දෙකෙන් මන් පුලුවන් තරම් මාවම වහගත්තා .....

ඔය වහගත්තුවා වැඩි කල් නොයා ඇරේවි...

නිර්වාන් ....වනචර...භ්භ්භ්භ්....

ශ්ශ්....කවදා හරි එන්න තියන ගෙදරනෙ....ඒක නිසා දැම්ම තියා ඇවිල්ල බලාගන්නවා....මොනවත් කරන්න නෙවෙ එන්න කිව්වෙ.....බදාදා තුනට english ක්ලාස් එකක් තියනවා.....ඒකට එන්න කිව්වෙ...

ඒ....මොකටද මං මොකටද ඔයාගෙ ගෙදර එන්නෙ කවදහරි....මං එන්නෙ නෑ...මට ගෙයක් තියනවා..... ඇරත් මටයි ලොකූටයි අගහරුවාදා ක්ලාස් තියනවා ....අපි පුරුදු විදිහට අපේ ඒවට යන්නම්....ඔය හැටි ඉංග්‍රීසි කන්නද.... විකාරද මන්දා.....ව්ව්...ව්ව්..... විභ්භ්භ්...භ්භ්

ම්ම්ම්....විකාරයි තමයි... මේ මූන දැකපු දා ඉදන්...එක තමුනුත් දන්නවනේ නේ....ම්ම්ම්ම්.....

අදින් පස්සෙ ඒ ක්ලාස් නෑ....බදාදා එකට එන්න පුලුවන් ...නැවිත් උන්නොත් මට ඇවිත් අරන් යන්නත් පුලුවන් අන්න ඒක මතක තියන් බදාදා තුන වෙනකොට මගෙ ගෙදර ඉන්නවා....

මාව සීතල උනා..... ....අගහරුවාදා වෙන ක්ලාස් එකකට යනවා කියලා එයාට බනින්න හදපු මගෙ කට මිරිකපු එයා අනිත් පාර බදාදා තුනවෙනකොට එයාගෙ ගෙදර ඉන්න කියලා තර්ජනේ කරපු හෙඩා අවසානෙදි මගෙ කම්මුලට තට්ටුවක් දාලා යන්න යනකොට මම බිත්තියෙ ඇලීගන වෙච්ච විපරියාසෙ බලාගන උන්නා....

නොම්බර ...දාහත නෙවෙ....තව ටික දවසක් යනකොට මට කොහොමත් නොම්බර නැති වෙනවා......මං කවදා හරි එන්න තියන ගෙද....ර.....

මොනාද හෙඩ් පිපෙට් අයියේ මේ කියන්නෙ.....චූචිගෙ චූචි හිතට ඔය වගේ කතා බර වැඩීනෙ...

අප්පච්චි ...අප්පච්චි ගෙ බාලපුතුනුවන්ට වැටෙහෙන්නෙ නැතුව නෙවෙනේ...වැටහෙන්නෙ නෑ වගේ ඉන්නවනේ...ඒ උනාට ඒකා මගෙන් උත්තර අහන්නෙ ප්‍රශ්නෙ නාහනෙ....ඇයි වදේ.....

ම්හුක්....එයාගෙ ගෙතර👉👈...

චූටී...

ම්ම්ම්.....

එනවා කන්න....

එයා කිව්වනෙ ලොකූ....

මොනවද...මොකාද.....

එයා...

මං උන්නෙ තාමත් බිත්තියෙ ඇලීගන.....මං උන්නෙ තාමත් එයා තට්ටුවක් දාපු කම්මුල අතින් අත ගගා වෙනකොට මෙච්චර වෙලාම කුසියෙ උන්න සැලලිහිනියා මාව ඇවිත් කැමමේසෙට එක්ක යනකොට අන්දුන් කුන්දුන් වෙලා උන්න මම ඉදගන්න පුටුව හොය හොය වට පිට බලනකොට ඔක්කොම ආසන වල කට්ටිය ඇදිගන ඉද්දි හෙඩා ගාව විතරක් ආසනයක් හිස් වෙලා තිබ්බා.....

චූටිට අද ගෞරයෙන් බුදු සරනයි...

නිර්වාන් ..බෙදාගන කන්න පුතේ....ශෙනිරු ...කෝ මෙහෙ දෙන්න...මෙහෙ දෙන්න...ඔය බෙදන් තියන හැටිද ....

ඩිපුටියා වගේම හෙඩා මැද උන්න අපි දෙන්නා උන්නෙ හුස්ම හිරකරගන වෙනකොට සැලලිහිනියා කෙසේ වෙතත් මං උන්නෙ මඥ්ඥන් වෙලා.....කොච්චර අමතක කරන්න හැදුවත් මතක් උනේම නිර්වාන්ගෙ වචන වෙනකොට මට ගේ විතරක් නෙවෙ....තනිකරම මැවෙන්න ගත්තෙ වෙන වෙනබහු බූත වෙනකොට වෙනදට පන්න පන්න රයිස් ගිලින අද නිර්වාන් ගෙනාව ආප්පයක් විතරක් අරන් වාටිය ගලවලා ලොකුවගෙ පිගානට දාලා මැද හරිය විතරක් හෙමින් හෙමින් කන්න ගන්නකොට මං බලාගන නිර්වාන් මා දිහා බලන් ඉන්නවා...

මං...ඩ්..ඩයට්....ඒකයි...

ම්න්...

අනේ අප්පච්චී...බාල දරුවට කෑම අජීර්නයක් වගේනෙ.... .....ම්හුක්...

කනවා....නැන්දා මාමා.....අරුන් දෙන්නා එක්ක හරි හරියට ගිලිනකොට ගිනි මැද උන්න මායි ලොකුවයි විතරක් කොට කොට කෑවා.....ඒ අස්සෙන් මං බලාගන අපේ එකා කෑවෙත් හරි අමුතුවට....කට ඇරියෙත් බයෙන් බයෙන්...කොටිම්ම ඌ උගෙ තොල්පට හරියට පරිස්සම් කෙරුවා ...

ඒපාර ඌට මක් වෙලාද.....

මන් තාම මාන්දම් කාපු එකා වගේ පලවෙනි ආප්ප රවුම පිටින් අහක බලාගනම ආප්ප කෑල්ලක් කටේ ඔබාගන නිකමට වගේ නිර්වාන් දිහා බැලුවා...

වෙනසක් නෑ...තාමත් එහෙමයි.....ඒ ඇස් මගෙ මූනෙමයි...

නිර්වානයාමා දිහා බලන් ඉන්නවා.නිකන් නෙවෙ..ඇස් පිල්ලමක් වත් නොගහම බලන් ඉන්නවා.....ගෙදර එන්න බෑ කියපු එකට පලිගන්නවදෝ.....

ඇයි...නිර්වාන් ....

මං මිමිනුවා...කන එක පැත්තල දාලා අගෙ දිහා බලන් උන්න නිර්වානයට මම මුනුනකොට ඒකා වචනයක් නොකියම ඒකගෙ කට කොනට ඇගිල්ලෙන් තට්ටුවක් දාගත්තා.....

මොකක්....මොනවද...

මං ආය මිමිනුවා...ඒකා ආයමත් ඒකගෙ රෝසපාට අට ගාවට ආයම තටුවක් දැම්මා....

හත්තුක්කෙ....උම්මියක් වත් ඉල්ලනවද....????

අනේ....මුනිදාස අයියේ....හ්හ්!!

හරිම අගෙයි.....හරිම අගෙයි...මන්ත්‍රී පුතුනුවන්ගෙ ඉල්ලීම් නම්....හරිම අගෙයි...මෙච්චර සෙනග් ගොඩක් මේකා කට කොනට උම්මියක් නේද මේ ඉල්ලන්නෙ...ප්‍රීතී....ප්‍රීතී....පලිගැනීමෙ විලාසිතාව නම්....ප්‍රීතී.....

අනේ...නිර්වාන් ..මෙතන....බැනෙ.....

කට්ටියම ඉන්නවනෙ....තේරුම්...ගන්නකෝ......

මං කුටු කුටු ගෑවා...මගෙ දිහා බලාගන එයාගෙ කට කොනට තට්ටු දාන නිර්වාන් දිහා බලාගන මම මෙතන බෑනෙ කියනවත් එක්කම එයා ඇස් දෙක තවත් හීනි කරන් මේසෙ උඩ තිබ්බ අනිත් අතෙ ඇගිලි මිටිමොලවනවත් එකක්කම මම ඇස් දෙක පියාගන ලොකු හුස්මක් ගත්තා ....

අනේ...අප්පච්චි බාල බෑනා හරි වසයි.... ......පුංචි පුතාට සමාව දෙන්න...

උම්ම්ම්ම්ම්මියා...ම්හුක්...

🙂හායිම්...

බායිම්....

මම ජොබී!!!

More Chapters