Ficool

Chapter 17 - 17

මට.....රිදෙ....නව...නිර්....වාන්.....අ..නේ....හ්...

මට....රි...දෙනවනෙ...

මං ඇඩුවා...මට රිදෙනවා....කියපු මං ඇඩුවා....මෙච්චර වෙලාම මගෙ මූන මිරිකගන උන්න නිර්වාන් එක පාරම මගෙ අත අතෑරිය වගේම එයා එයාගෙම කොන්ඩේ අත් දෙකෙම්ම ඇදගත්තා ...ඒ විතරක් නෙවෙ...එයාගෙම කම්මුලට පාර පිට පාරවල් තුන හතරක්ම ගහනකොට බය උන මම බිත්තිය දිගේ රූට්ටලා බිම ඉදගන අත් දෙකෙම්ම මගෙ කන්දෙක වහගන ඇස් පියා ගත්තා ...

මොකද එයා එයාටම ගහගත්තා උනත් ඒ පාරවල් පුදුම තරම් සැරයි .....ඒ පාරවල් පුදුම තරම් සද්දෙයි...අනේ දෙවියනේ ඒ කම්මුල් කැඩේවි.....ඒ කම්මුල් ඉදිමේවි...

මම ඇඩුවා...එයා මගෙ මූන කට මිරිකපු වේදනාවට වඩා මගෙ පපුවට දැනුන වේදනාව එක්ක මම ඇඩුවා...මං දන්නෙ නෑ...මං නිකන් වත් හිතුවෙ නෑ...නිර්වාන් කියන්නෙ මේ තරම් දරදඩු වස කෙනෙක් කියන්න මං හීනෙකින් වත් හිතුවෙ නෑ...මං කරපු හැම මෝඩ වැඩක්ම ඉවසන් උන්න නිර්වාන් කියන්නෙ මේ තරම් යකෙක් කියන්න දැනන් උන්නෙ නැති මං අනිත් පාර එයාගෙ නම කියලා ඇඩුවා...

අනේ...න්..නිර්වාන් ...එපා...නිර්...වාන්...අනේ...එපා...මං..බයයි...නිර්වාන් ...මං....

බයයි...අනේ..අන්...බයයිනෙ...

නිර්...වාන්.....මට රිදෙනවා ..නෙ...නිර්වාන් ...

මං ඇඩුවා...නිකන් නෙවෙ....එහෙන් මෙහෙන් ළමයෙක් දෙන්නෙ ගියපු ඉස්කෝල වත්ත සම්පූරනම පාලුවෙලා යනකොට මම කෑ ගහලම ඇඩුවා...මං බයයිනෙ නිර්වාන් මට රිදෙනවනෙ නිර්වාන් කියලා කෑ ගහලම අඩන ගමන් මගෙ ඇස් දෙක තදිම්ම පියාගන්නවත් එක්කම නිර්වාන් එක පාරම මගෙ ගාව දන ඔබාගත්ත ...ඒ විතරක් නෙවෙ...මගෙ අත් දෙක අයින් කරලා එයාම මගෙ කන් එයාගෙ අත් වලින් වහගත්තා .....

ඒ විතරකුත් නෙවෙ....එයා මගෙ නලලට එයාගෙ නලල හේත්තු කරගත්තා .... එහෙම්ම ඉන්නකොට මං බයටම තවත් ඇස් තද කරගත්තා .....

ඇයි.....චූටි...එහෙම කරන්නෙ...

උඹට විතරද රිදෙන්නෙ....මට එතකොට ....දවසම මාව මග අරිනකොට ....මට රිදෙන්නෙ නැද්ද සයාශ් ...උත්තර දියන් චූටි.....

මං ඉකි ගැහුවා ....යකෙක් වගේ කෑ ගහපු එයා අනිත් පාර කතා කෙරුවෙ කනට නෑහෙන ගානට වගේම සයාශ් කියනව වෙනුවට එයත් මට චූටි කියලා කියනකොට මට හයියෙම්ම ඉකි ගැහුනා.....අනේ එයා මට ආදරෙයි...කොච්චර නපුරු කමක් තිබුනා උනත්...ඒ චූටි කියලා කියපු වචනෙ කිව්වෙ කාලයක් තිස්සෙ මගෙම ළඟින් උන්න කෙනෙක් ගානට වගේ වෙනකොට මට තවත් දුක හිතුනා...මට තවත් ඇඩුනා....

එපා...නිර්...වාන්....

එපා කියන්නෙ මොනවද....ඇයි මාව මගෑරියෙ ....එක....තත්පරය දෙකක් නෙවෙ සයාශ්....එක පැයකුත් නෙවෙ.....මාව දවසම මගෑරියෙ ඇයි කියපන්..මං මොකක්ද කෙරුවෙ...මාව තරහා අවුස්සන්න එපා චූටි ...මාව තරහා අවුස්සලා...උඹට රිදවගන්න එපා....

මගෙ අතින් උඹට රිදුනොත්..මං අනිත් පැත්තෙන් මටම රිදවගන්නවා.....මටකියපන්....ඇයි...මුරන්ඩු කමට මාව මග ඇරියෙ...මට හේතුව කියපන්...මට හේතුව නොකියා යන්න හිතන්නවත් එපා...උඹ මගෙන් හැංගෙන්න හදන්නත් එපා සයාශ්...මං ලෝකෙ ගිනි තියලා හරි උඹව හොයාගන්නවා....කරුනාකරලා .....මාව....අමනුස්සයෙක් කරන්න එපා...මට කියපන් චූටි...ඇයි....ඇයි ඒ...මට හේතුව කියපන්...හැබැයි.....කරුනාකරලා සදාරන හේතුවක් දියන් සයාශ්.....මාව මගාරින්න...මාවබ්ලොක්..කරන්න...මට සාදාරන හේතුවක් දියන්.....

චූටී...නිර්වාන් අතාරිනවා එයා...භ්භ්භ්....භ්භ්....

පැත්තකට වෙලා ඉන්නවා බබී...ඒ දෙන්නා ඒ දෙන්නගෙ ප්‍රශ්න විසදගනී....

බ්බ්..බෑ..ශ්....ශෙනි...රු...මාව...මාව....අතාරිනවා.....ශෙ...නි...භ්භ්...භ්.....අ...අ..ශෙ....හ්...ම්...මගෙ.....ම්...

කට පියවපන් සනාශ්....!

මම උන්නෙ තවමත් නිර්වාන්ගෙ නලලට නලල තියාගන.....යකා වගේ කෑ ගහපු එයා අවසානෙදි මගෙ කදුලු ගාව හිමින් හීන් නිවිලා යනකොට එයා මගෙන් සාදාරන හේතු ඉල්ලනවා..එයාව තරහා ගස්සවන්න එපා එයාව අමනුස්සයෙක් කරන්න එපා ගගා කිය කිය තවමත් මගෙ මූන අල්ලන් ඉන්නවත් එක්කම මන් අහගන සනාශ් කෑගහනවා.....මං අහගන ශනාශ්ට ශෙනිරු කෑ ගහනවා.....

නිර්...වාන්....අහකට...වෙන්න...

අහකට වෙන්න...මට හේතුව කියපන් සයාශ්....ඕනම දේකට හේතුවක් තිට්ව්න්න ඕනා....මට කියපන්....ඇයි මාව මගාරින්නෙ...

සනාශ් නහින්න හැදුවා..මගෙ මල්ලි..අගෙ මල්ලි ගගා නහින සනාශ්ව උනත්...මට මොහොතකට එපා වෙලා උන්නා...මට කමක් නෑ...ඒත්...ඌට කියන්න තිබ්බා....උඹට මට කියන්න බැරි කමක් නෑනෙ මල්ලි කිය කිය හැම එකම අහගන්න ඌට මට කියන්න බැරි උනා...

මං නිර්වාන්ගෙන් අයින් උනා...අයින් වෙලා හිටගත්තා ...හිටගත්තා උනත් ඇගේ පන කියන නාමයක් නැති මාව වැටෙන්න යනකොට නිර්වාන් අල්ල ගන්න හැදුවා...ඒත් කොච්චර උනත් වේදනාව අස්සෙත් තිබුන හිතුවක්කාර කම ඉහට ගහනකොට මම එයාගෙ අත අ‍යින් කරලා බිත්තියට හේත්තු වෙලා එයා දිහා බලන් උන්නා....

එයා එහෙන් මා දිහා බලන් ඉන්නකොට ....මා ගාවට එන්න දගලන සයාශ්ව අත් දෙකෙම්ම ශෙනිරු තද කරන් උන්නා.....මම ඒ දෙන්නා දිහාත් බලලා ලාවට හිනා උනා...අඩ අඩ උන්න මං අනිත් පාර හිනා උනා....කෑගහලා හිනා උනෙ නැති උනත්....මගෙ මූන පුරාවටම පුදුමාකාර වේදනාත්මක හිනාවක් මතු වෙනකොට සයාශ් මා දිහා ඇහි පිල්ලම්ක් වත් නොගහම බලන් උන්නා...

එයාගෙ ත තුවාල වෙලා...පිට අල්ලෙ උඩ හම නැතිව උන්න එයාගෙ අතෙන් ලේ බින්දු පවා මතු වෙලා තිබුනා...ඒත් එයා කෙරුවෙ මා දිහා බලන් ඉන්න එක.....

මගෙ පපුව ගැහෙනවා....දුවගන ආව මට ඊලගට සිද්ද උනේ නොසෑහෙන්න බය වෙන්න උන එක වෙනකොට මගෙ පපුවට මේ හැම දේම ඕනාවටත් බරට දැනෙද්දි මම රිදෙන පපුව අත ගගා හිනා උනා...හිනා.උනා කියන්නෙ අඩ අඩම මම හිනා උනා...නිර්වාන් ..... වගේම ආට්ජින් උන්න ශෙනිරු ....වගේම මගෙම ලේ තියන තත්පරේකට එහා මෙහා උන මගෙ අයියා මා දිහා බලාගන ඉන්නකොට මම හිනා වෙවී අඩ අඩ රිදෙන පපුව අත ගගා අවසානෙදි නිර්වාන් දිහ බැලුවා.....

අනුන්ගෙ.....වෙච්ච කෙනෙක්....ව ...මුලින්...මුලින්...මගෑරියෙ නැති නම්....වෙන්නෙ....පස්සෙන්...පහු වෙනකොට ....මැරෙන්න...තරම්...විදවන්න....නිර්වාන් .....

සයාශ්....මොකක් ගැනද ඔය කියවන්නෙ....

ඇ..ඇති....නිර්වාන් ....මොකුත් කියන්න එපා.....මට මෙච්චරයි කියන්න ඕනෙ.....හැම වෙලේම හිනා වෙලා උන්නට..මට..රිදෙන්නෙ නැතුව නෙවෙ ...නිර්වාන් ..මට.....රිදෙනවා .....

රිදෙන තැන්....නොකියා....උන්නත්...මට.....රිදෙනවා....නිර්වාන් ....

චූටි....මං.....හරි ඉවසීමෙන් මේ අහන්නෙ.....මාව..මග අරින්න...හේතුව....උන....දෙ..මොක්කද....මං...හරීම...ඉවසීමෙන්..ඉන්නෙ...චූටි...

එයා ආයම මාව අල්ලන්න හැදුවා...මාව ලගට ගන්න හැදුවා....ආය ආයම හේතුව අහනකොට ලගට එන්න හදපු එයාව මං නැවැත්තුවා ...

ටානියා කියන්නෙ කව්ද නිර්වාන් ...?

ටානියා.....

මට...එතනින් එහා...දෙයක්...අහන්න...ඕන් නෑ...නිර්වාන් ....මං....ආදරේට...විහිලු කෙරුවට.....විහිලුවට....ආදරෙ කරන....එකෙක්..නෙවෙ...නිර්වාන් ....මට.....රිදෙනවා....ඔයා අහපු..දේට..මට දෙන්න තියන...එකම...උත්තරෙ...මං..කැමති...නෑ...නිර්වාන් ....මාව..අතාරින්න..මට...මගෙ...පාඩුවෙ...ඉන්න...දෙන්න....ඒ වගේම...ශෙනිරුට කියන්න...මගෙ අයියව....යාලු කරගත්තා ..නම්..කවදාවත් මගින් අතාරින්න බලන් ආදරේ කරන්න එපාය කියලා ....

සයාශ්...සයාශ්...

මම එන්න ආවා....එතනින් පස්සෙ තවත් කතාවකට ඉඩක් නොතියපු මම කෙලිම්ම එන්න ආවා...හැබැයි ශෙනිරුලා ගාවට..සනාශ්ව අතින් අල්ලන් උන්න ශෙනිරු ගාවට.....

චූටි...

ලොකූ.....දුන්න .....පොරොන්දු බින්දට තරහවක් නෑ ලොකූ.....මොකද ...අපි දෙන්නම.... එතන කෙරුවෙ ....බොරුව...මං...ඒකට තරහ නෑ අයියෙ.....උඹ සතුටින් නම්....එච්චරයි ...ශෙනිරු ....අවසානෙදි ...කොහොම...හරි...මගෙ...අයියව.....

දාගත්තනෙ...සතුටින්.....ඉදපන්...

මචන්...

චූටි....සයාශ් ...නවතින්නකො....සයාශ්.....

බබී...එයාට යන්න දෙන්න....

බෑ ශෙනිරු මාව...මාව...අතාරින්න....

එයාට ටිකක් තනියෙන් ඉන්න දෙන්න සනාශ් ...

ඇස් වලින් කදුලු කැට සට සට ගාලා වැටෙනකොට අවසානෙදි මම නිර්වාන්ව වගේම සයාශ්ව....ශෙනිරුව මේ තුන් දෙනාවම දාලා අනිත් පැත්තෙන් බස් එකට එන්න ආවා....අඩුම ගානෙ සනාශ් එනකන් වත් උන්නෙ නෑ....අප්පච්චි මෙවෙලෙට අනිවාර්යයෙන්ම ගෙදර ඉන්න බව දැන දැන උනත්...අනිවාර්යයෙන්ම සනාශ්ව අහන බව දැන උනත් මම එ හැමෝවම දාලා ඒ එක්කම ආව බස් එකට නැග්ගා .....

අනෙ මට රිදෙනවනෙ නිර්වාන් ....මට රිදෙනවනේ.....උඹගෙ චූටිට රිදෙනවනෙ නිර්වාන් .....

මං කවදාවත් උඹට කැමති වෙන්නෙ නෑ කිව්වත්...මට රිදෙනවනෙ නිර්වාන් ....

පිටිම පස්සෙ තිබුන හිස් වෙච්ච සීට් එකට ගියපු මං ජනේලෙට ඔලුව ගහගන ඇස් පියාගන්නකොට එයා මහ වැස්සෙම තෙමීගන උනත් ආවෙ මං වෙනුවෙන්නෙ කියන එක ඕනාවටත් වඩා මතක් වෙනකොට රිදුන හිත තව තවට්ජ් රිදෙනකොට තවත් උනු කදුලු පේලියක් බිමට වැටුනා....

Nirvaan pov...

එයා ගියා...හේතුවක් නොදී හේතුවක් දීලා දැකපු පලවෙනි තත්පරේම මාව පිස්සු වට්ට ගත්තු "මගෙ චූටි "අඩාගන දුවන හැටි මං පපුව රිදවගන බලන් උන්නා...

මගෙ කම්මුල් පුපුරු ගහනවා.....තරහව කියන දේ දරාගන්නම බැරිම තැන යකෙක්ට අන්ත වෙන මං මටත් නොදැනිම එයාව රිදවලා තියනකොට අවසානෙදි මම මටම ගහ ගත්තා...නිකන් නෙවෙ මට පුලුවන් උපරිම වේගෙන් ගහගත්තා .....

එයා බය වෙලා අඩනකම්ම මං ගහගත්තා ...

මං බලාගන උන්නා කොල්ලා මාව දාලා අඩ අඩ දුවන හැටි මං අත මිට මොලවන් බලාගන උන්නා.....

ශෙනිරු.....

නිර්වාන් .....පොඩ්ඩක් කූල්ඩව්න් වෙයන්....ඊට පස්සෙ කියන එක කියපන්...උඹගෙ ඔය තරහව හන්දා කවදා හරි එකෙක් මැරෙනවා...

සනාශ්ව අතින් අල්ලන් උන්න ශෙනිරු දිහා බලපු මම ඌට එක පාරයි කතා කෙරුවෙ ...හැබැයි මට එතනින් එහා මොකුත් කියන්න නොදීම ශෙනිරුවා මට කෑ ගහන්න ගත්තා වගේම උගෙ සැලලිහිනියා ඉක්මනට ඒකගෙ පිටිපස්සෙන් හැංගුනා...

ඵෝන් එක ලග තියනවා නම් ලොග් වෙයන් මගෙ fb එකට....ලොග් වෙලා බලපන් මොකක්ද තියෙන්නෙ කියලා ...

මම බිත්තියට ගහලා තුවාල කරගත්තු අත දිහා වත් නොබලා කෙලිම්ම ශෙනිරුට මගෙ එෆ් බී එකට ලොග් වෙලා බලන්න කියලා දත් මිටි කාගන බලන් උන්නා....

නිර්වානයා...

මොකද .....

මේ අර සක්කරවට්ටම .....

මොකීද....

ඇන්ටියා උඩ තියාගන ඉන්නෙ උඹේ මොන්ටිසෝරි කපල් ඩාන්ස් නටපු එකී....

ටානියා ....

ඔව්.....

මොකක්ද කරලා තියෙන්නෙ....

ඉදා බලපන්...

ශෙනිරුවගෙ මූන ඇඹුල් උනා....ඌට ටානියව වහ කදුරු....ඌට විතරක් නෙවෙ මටත්....මටත් අමු වහ කදුරු ...මට විතරක් නෙවෙ ශෙනිරුගෙ අක්කා සුදූට පවා ඒකිව වහ කදුරු.....

මං ශෙනිරු අතේ තිබ්බ ඵෝන් එක අරගත්තා ....අරගන බැලුවා .....

මේකි...

මං එච්චරයි කිව්වෙ.....මට එතනින් එහා කියවෙන්න ගියපු වචන මම සනාශ් උන්න හන්දා හරි අමාරුවෙන් නවත්තගත්තා .....

ශෙනිරු....වරෙන් බාලිකාව ගාවට යන්න....

බාලිකාවට.....උඹට පිස්සුද නිර්වානයා....උඹට මොලේ හොද නැද්ද .....

මොලේ හොද නැද්ද අහන්නෙ...එතකොට මේකි.....නෑ ශෙනිරු මට බයයි මේ තියන තරහව ආවෙගෙ මගදිම දියවෙයි කියලා ....

අනෙ ශෙනූ....එයාව නවත්තගන්නකො....

මං එන්න හැරුනා....වෙන කොහාටවත් නෙවෙ බලෙම්ම ඒකිට childhood sweetheart කියන නම දාගත්තු අපෙ අම්මා ඔලුව උඩ තියන් ඉන්න බාර් කාරයගෙ දුවව හම්බෙන්න බාලිකාව ගාවට යන්න ඕකි අනිවාර්යයෙන්ම මේවෙලාවෙ බැට්මින්ටන් ගහනවා ඇති....

නිර්වානයා නැවතියන්....නිර්වානයා...

අනෙ...නිර්වාන් අයියෙ....නවතින්නකො...අනික ...අනික....

මොනවද අනික....අනික ගාන්නෙ....මේක හින්දා නෙවෙද සනාශ් තමුන්ගෙ මල්ලි මාව මගෑරියෙ...මේක හින්දා නෙවෙද .....

අනෙ ශෙනූ....මෙයාට යන්න එපා කියන්නකො....අනික චූටි තවත් දුකෙන් උන්නෙ අප්පච්චි අද යන හින්දා...නිර්වාන් ....එපා...නවතින්නකො.....

ශෙනිරුගෙ සැලලිහිනියා ඇවිත් මාව නවත්තන්න හැදුවා ...මාව යවන්න එපා එපා කියලා ශෙනිරුවව හෙලෙව්වා ...මං ඒ එක්කම සනාශ් දිහා බැලුවා .

සනාශ් ...තමුන්ට ....ශෙනිරු ආදරේ කරන තරම වගෙ....නෑ....ඊටත් වැඩියි.....මං තමුසෙගෙ මල්ලිට....කොහෙවත් යන එකියෙක් හින්දා ඌ මාව අද දවසම මගෑරියා අහපන්....අහපන් මේ ඉන්නෙ උඹගෙ කොල්ලා ...අහපන් මං උන්නෙ කොහොමද කියලා .....ඌව අඩවන්නෙ මොකාද .....මට ගෑනු පිරිමි අදාල නෑ හරි...

හරි...මේ අහපන්...මේ අහපන් නිර්වානයා ...උඹට ඒකිව හම්බෙන්න යන්නම ඕනෙ නම්...වරෙන් ඒකිගෙ ගෙදර යන්න..... ...උඹ දන්නවා ඉස්කෝලේ ගාවට ගියොත් ඒකිට විතරක් නෙවෙ අපිටත් කේස්....අනික අංකල් දැනගත්තොත්.....උඹ දන්නවනෙ නිර්වාන්.....

මම අහක බලා ගත්තා...අප්පච්චි ගෙ හැටි දන්න මං අහක බලාගත්තා ....අම්මා එක්ක කොහොමත් ඇයි හොදැයියක් නැති මට අම්මා මොනවා කිව්වත් ගානක් නැති වෙනකොට අප්පච්චිට විතරක් මං පුදුම තරම් ගරු කෙරුවා ....අම්මගෙ ජීවිතේම පොලිටිකල් .....මං ලොකු උනෙ වැඩකාරයන්ගෙ අත් වල.....හොද නරක කියලා දෙන්න උන්නෙ වැඩට ඉන්න මිනිස්සු වෙනකොට මූනිච්චාවට රටේ ප්‍රශ්න විසදන්න දේශපාලන වේදිකා උඩ කෑ ගහන අම්මට ගෙදර ප්‍රශ්න විසදගන්න බැරි උනා....

මට යකෙක්ට තරම් තරහ යනවා නම්....ඒකට එකම හේතුව අම්මා....

නිර්වානයා මම මෙයාව බස්හෝල්ට් එකට දාලා එන්නම්....

ම්න්....

පොඩ්ඩක් ඉදින්.....

ම්න්...

නිර්වාන් අයියෙ....යනවා ...බය වෙන්න එපා මං චූටි ගැන බලාගන්නම්...

අප්පච්චි යන්නෙ කීයටද සනාශ් ....

දෙකට ප්ලයිට් එක...එකොලහට විතර යනවා....

ම්න්...

මම බලාගන උන්නා....සනාශ් ස්ගෙනිරු එක්ක යන්න යනකොට ඵෝන් එක අතට මිරිකගත්තු මන් බලාගන උන්නා....

පව් මගෙ අහිංසකයා.....

උන් දෙන්න යන්න ගියා...උන් දෙන්නා යන්න යනවත් එක්කම මං එහෙම්ම ශෙනිරුගෙ ඵෝන් එකෙන් අම්මට කෝල් එකක් ගත්තා .....

රින්ග් වෙනවා.....ආන්ස්වර් කරන් නෑ....

වෙලහට පක්ශ කාර්‍යාලෙ වෙන්න ඇති...

මන්ත්‍රී කම අතෑරලා ලබන පාර ඇමති කමකට ඉල්ලයි.....

ඵෝන් එක කනේ තියාගත්තු මං රින්ග් වෙන සද්දෙ අහන් එහාට මෙහාට ගියා වගේම අවසානෙදි අම්මා ඵෝන් එක ආන්ස්වර් කෙරුවා .

හෙලෝ.....ශෙනූ ...

ශෙනූ නෙවෙ මම....

නිරූ ඇයි...

කොහෙද ඉන්නෙ....ගෙදරද...නැත්තන් ...

ගෙදර...

හරි මන් දැන් ගෙදර එනවා...මට කතා කරන්න ඕනා...කතා කරන්න ඕනා කියන්නෙ අම්මා...කතා කරන්න ඕන කියන එක මිසක් බාගෙට අහන් ඉදලා රටේ ප්‍රශ්න විසදන්න දුවන එක නෙවෙ...කරුනාකරලා මං ඔයාගෙන් ඉල්ලන්නෙ විනාඩි පහ හයයි..

...ඒ විනාඩි පහ හය ගෙදර ඉන්න...මේ කාරනාව ගැන මම මේ කතාරන අවසානම පාර හරිද අම්මා...

මෙතනින් එහා.....ආය මේ ගැන කතා කරන්නෙ මගෙ කට නෙවෙ...ඊලග පාර කතා කරන්නෙ මගෙ අත පය....කරුනාකරලා ...පොඩ්ඩක් ගෙදර ඉන්න...

මං ඵෝන් එක කට් කරලා දාලා කෙලිම්ම ශෙනිරුවගෙයි මගෙයි බෑග් දෙක අරන් එලියට ආවා ...

නිර්වානයා. ....මොකක්ද කරන්න ඉන්නෙ කියපන් ....

මම් උන්නෙ බයික් එකට හේත්තු වෙලා....මගෙ තුවාල උන අත දිහා බලන්....කදුලු පිරුන ඇස් දෙක මතක් වෙන වාරයක් ගානෙම මට මා එක්කම පුදුම තරම් තරහවක් දැනුනා....කොච්චර මුරන්ඩු කම් කෙරුවත්....මොනතරම් මෝඩ දග වැඩ කෙරුවත් එයා දන්නෙ නැතිව ඇති නපුරු ඇස්වලින් බලන් උන්නත් මං හුරතල් කෝලම් මුරන්ඩු වැඩවලට පුදුම තරම් ආසයි කියලා .....

එයා දන්නෙ නැතිව ඇති ඒ සරල කමට...එයාගෙ ඇතුලත ජීවත් වෙන පුංචි ලමයට මං පුදුම තරම් ආසයි කියලා ....

මං මගෙ අත දිහා බලාගන දත් මිටිකාගන උන්නා.....

ඒකි ඊයෙ මගෙ රූම් එකට රිංගලා ශෙනිරු ....මට නින්ද ගිහින් තිබුන වෙලේ මේකි ඇවිත් තියෙන්නෙ....

මේකි මගෙම ඇගිල්ල තියලා ඵෝන් ලොක් එක ඇරගන...

මං දන්නෙ නෑ නිර්වානයා ඇන්ටි මොක මගුලට මේකිව උඩ තියන් ඉන්නවද කියලා ....

කපටිකමට....අම්මට අප්පට උනත් මන් කියන්න තියන දේ කියනවා ශෙනිරුවා...ඒකිගෙ අම්මා අප්පච්චි අපි එක්ක ඇයි හොදැයිය තියෙන්නෙ .....අපේ අම්මා උන් එක්ක ඇයි හොදැයිය තියන් ඉන්නෙ කපටි කමට.....කමක් නෑ වරෙන් කො යන්න.....මං ගියහම කතා කරන්නම්.....

හෙල්මට් එක දාගත්තුන් මන් එහෙම්ම බයික් එකට නගිනකොට ඊයෙ රෑ වෙච්ච බහින් බස් වීමක් හින්දා ශෙනිරුවගෙ අප්පච්චි මගෙ මාමා උගෙ යතුර අරන් තිබ්බ හන්දා ඌත් මගෙ එකටම නැග්ගා.....

උඹ දැන් ඕකිට කතා කරනවද .....

මං උන්නෙ අතුරු පාරෙ.....කොච්චර කොහොම උනත් මට සැරින් සැරේම එයාව මතක් උනා ...කෑවද බිව්වද ....තාම අඩනවද.....මං රිදවපු හින්දා මා එක්ක තරහද කියන්න මං තට්ට තනීයම කල්පනා කරනකොට මගෙ පිටිපස්සෙන් උන්න ශෙනිරු මගෙන් ටානියට කතා කරනවද අහනවත් එක්කම මං තවත් ටිකක් ඇස්ලේටර් එක කැරකුවා....

හෙමින් හුත්තො හෙමින්....ඉදලා ඉදලා ලව් එකක් පටන් ගත්ත දාම මරන්ඩද යන්නෙ හෙමින් පලකො...යකෝ....

නිර්වානයා....

නිර්...

වා...

න.

.....යා..හ්හ්හ්හ!!!

බැහැපන් .....

උඹ...එක්ක ආවොත් ඇටත් නැති වෙනවා....ආවහ්..කකුලත් මොකක්ද වෙලා....නිර්වානයා....මාව අරන් යනකොට පරිස්සමින් අරන් පලයන්..මට දැන් අයිතිකාරයෙක් ඉන්නවා ආ.....

මම රවාගන උන්නා...ටෝක් කරන්න ගත්තෙ එකට උනත් ඌ මට කලින් උගෙ එකාව දාගන්නකොට මට උන්නෙ මුරන්ඩු යක් පැටියෙ හන්දා හා කියන්න බලන් උන්න කොල්ලා කොහෙවත් යන එකියෙක් හින්දා බෑ කියලා අඩාගන දුවපු හැටි මට ආයමත් මතක් වෙලා මං අරූ දිහා රවාගන බලන් ඉදල බයික් එකෙන් බැහැලා ශෙනිරුව ගාවට ගියා....ගිහින් කෙලිම්ම උගෙ ඉනෙන් පහල කැත නැතුවම ඇල්ලුවා.....අතෙන් එකයි ඒක.....

මේක කොච්චර පරිස්සම් කරන් උන්නත්.....ඕක උඹට බදින්න වෙන් නෑ....

ක්‍රෑහ් තුහ්....නිර්වා..නයා.... තුහ්..තුහ්...තුහ්.....තොගෙ ඇස්වහා...

මං එන්න ආවා..අරුගෙ වටිනම තැන මිරිකලා ඕක බදින්න වෙන්නෙ නෑ කියලා එන්න එනවත් එක්කම අරූ මිදුල වටේ කැරකි කැරකි කෙලගහනකොට මං අප්පච්චි ගෙ ජීප් එක තියනව දැක්කා....ඒ කියන්නෙ අප්පච්චිත් ගෙදර ඒක හොදයි.....

බේබි...දෙන්න බෑග් එක කිලිටි රෙදි ඇතිනෙ...

එපා...මං හෝදගන්නම්...සීතම්මා පුලුවන් නම් මේ පැත්තට නෑවිත් ඉන්න මොකද ..මට දැන් මේ ගෙදර මන්ත්‍රී නෝනා එක්ක බහින් බස් වෙන්න තියනවා..කරුනාකරලා මං දැම්ම කියලා මේ යන්නෙ...මැදට පැනලා බේබි....අනේ බේබි ගාල මාව අදින්න තියාගන්න එපා සීතම්මා..මං අද ඉන්නෙ කොහොමත් හොද සිහියෙන් නෙවෙ...හරි....

අනේ බේබි.....

අනේ බේබි නෙවෙ.....අනේ බේබි නෙවෙ....මම මේ විහිලුවට කියන එකක් නෙවෙ සීතම්මා....මං මේ බොහොම හොදින් ...

මොනවද මොනවද බොහොම හොදින් කියලා දෙන්න යන්නෙ...නිර්වාන් ...කියන්න දෙයක් තියනවා නම් ඇවිත් කියනවා මට වැඩ තියනවා.....

මම එහෙම්ම උඩ තට්ටුවෙ බැල්කනි එක් දිහා බැලුවා.....ප්‍රේමචන්ද්‍ර ඉන්නවා...ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රී තුමී ඉන්නවා....අහංකාර කමට.....මා දිහා බලාගන.....මං එහෙම්ම හුස්මක් ගත්තා...කවදාවත් මගෙ දේකට එන්න වෙලාවක් නැති මූනිච්චාවට අනුන්ගෙ තැන් වලට දුවන බලෙ හන්ද පිස්සු වැටිලා ඉන්න මගෙ අම්මා දිහා බලාගන ඉදලා කරේ තිබුන ස්පෝර්ට් බෑග් එක බිමට දැම්මා....

සීතම්මා...ශෙනිරු ආවා...

සීතම්මෙ...සීතම්මේ.....

ශෙනිරු බේබි...

මං ශෙනිරුවා දිහා බැලුවා.....සීතම්මා දිහා බලලා ශෙනිරු ආවා කියලා කට ගත්තා විතරයි ඵෝන් එක දිහා බලන් කට කනට යවාගන මැසේජ් කොට කොට ආව ඌ සෙටිය උඩ වැටෙන ගමන් අපේ අම්ම දිහා බලලා ලාවට හිනා වෙලා අනිත් පාර සීතම්මට කතා කරනකොට මම උඩට එන්න ආවා...ඒත් මගදුරකදි ශෙනිරුවා මට ආයම කතා කෙරුවා ...

නිර්වාන් .....

මරාගන්නෙ නැතුව කතා කරපන්...උඹ ආවෙ කතා කරන්න....අන්න ඒක මතක තියාගනින්..කතා කරනවයි..මරාගන්නවයි දෙකක්.....

මං කවදාවත් හේතු නැතුව මරාගත්තෙ නෑ ශෙනිරු ...මං කවදාවත් හේතු නැතුව මරාගත්තෙ නෑ....රටෙම දරු දුක පේන අම්මට මගෙ දුක නොතේරෙන එක ගාවදි මට මරාගන්නවා ඇර කතා කරලා තේරුමක් නෑ බන්.....

මං උඩට ආවා...ඉඩ තට්ටුවෙ තිබුන සාලෙ අම්මා හරි උජාරුවට කකුලක් පිට කකුලක් දාන් අහංකාර කමට ඵෝන් එක ඔබ ඉන්නකොට ගෙදර ඇවිදින් උන්න අප්පච්චි නාලද කොහෙද උඩට ඇදුමක් නැතුව උරහිසට පොඩි ටවල් එකක් දාගන උන්නා....

අම්මා....

ම්ම්ම්.....මොනවද කතා කරන්න තියෙන්නෙ නිර්වාන් ...

කතා කරන්න තියෙන්නෙද....අප්පච්චි ...අප්පච්චිත් ආව නම්...මට මේක ලේසියි අප්පච්චි ...

මං ඔලුව පිහ පිහ පහලට යන්න හදපු අප්පච්චිව නවත්තගන්නකොට අප්පච්චි ආපහු වාඩී උනා...මං අම්මා දිහා බැලුවා....

අම්මා..කරුනාකරලා ...කරුනාකරලා .....ටානියට කියන්න අම්මා....බලෙන් මගෙ ඇගෙ එල්ලෙන එක නවත්තන්න කියලා මේක මං මේ බොහෝම ...කොයන්නෙ..අන්තීම හොදින් කියන්නෙ....

නිර්වාන්...මොකක්ද උනේ කියන්න...

අප්පච්චි .....ඊයෙ හවස අර සක්කරවට්ටම මෙහෙ ඇවිත් තිබුනා....

ඉතින්....

මං නිදාගන උන්න ටිකට කාමර්‍රෙට ඇවිදින් ඒකිම මගෙ ඵෝන් එකෙන් ඒකිටම කමෙන්ට් දාන් මදිවට ඒකිගෙයි මගෙයි ඵොටො එකකුත් දාගන අප්පච්චි ...මොනාද අප්පච්චි මේ වැඩ...මොනවද මෙ වැඩ....

අනෝමා මේ ඇත්තද මෙ කියන්නෙ....

එ ළමයා ආවා තමයි...ඇරත් ඒක මහ ලොකු දෙයක් නෙවෙනෙ නිර්වාන් ...අනික ඔය දෙන්නා චූටි කලෙ ඉදන්.....

අම්මා....

මං කෑගැහුවා ...නිකන් නෙවෙ තිබුන තරහව ගොජ ගොජ ගානකොට කිසිම ගානක් නැතුව අම්මා ඒක සාදාරනී කරනය කරන්න හදනකොට මං මේසෙ උඩ තිබ්බ ඩොල්ෆින්ලා දෙන්නෙක් උන්න සැටැචූ එක අරන් පොලවෙ ගැහුවා ...

කරුනාකරලා ..කරුනාකරලා ....කරුනාකරලා මගෙ ජීවිතෙ ඔයාගෙ ඔය දෙකයි පනහෙ පොලිටික්ස් වලට ගාවගන්නෙ නැතුව ඉන්න හරිද ...අම්මා එකිගෙ පවුල ආශ්‍රේ කරන හේතුව වගේම උන් අපිව ආශ්‍රේ කරන හේතුව මොකක්ද කියන්න මං දන්නවා අම්මා...හරි....කරුනාකරලා මාව...මාව ඔව්වට ගාවගන්න හිතන්නවත් එපා...මං මේ බොහෝම හොදින් කියන්නෙ...බොහෝම.හොදින් කියන්නෙ..මං මේක කටින් කියන අවසානම වතාව ...

අම්මලගෙ හිතෙ යාන්තන් හරි අදහසක් තියනවා නම්....අර ටානියව කවදා හරි මගෙ ඇගේ ඔතන්න...ඒක මේ දැන්...මෙතනිම්ම අහවර කරගන්න ඕනෙ.....මොකද ...මං කවදාවත් මගෙ ජීවිතේ අම්මට ඕන විදිහට නටන්න දෙන්නෙ නෑ...

නිර්වාන් ....කට පියවපන්...උඹ ඔහොමද අම්මට කතා කරන්නෙ....අප්පච්චි ඉන්න තැන...උඹ ඔහොමද

කොල්ලා කියන කතාව ඇත්ත අනෝමා...තමුසෙගෙ ඔය පොලිටික්ස් කරුනාකරලා ගෙදරට ගේන්නෙ නැතුව ඉන්නවා....අනික තමුසෙ ඔය බාර් කාරයගෙ දුවව ඔලුවෙ තියන් ඉන්නෙ මගෙ කොල්ලගෙ ඔලුවෙ ගහන්න නම්...මෙන්න මෙකත් මතක තියා ගන්නවා අනෝමා ....එකා යකා උනත්....මට ඉන්නෙ මෙච්චරයි ...තමුසෙට ලොකු උනෙ ජන්ද පුටුව මිසක් වෙන එව්වා නෙවෙනෙ...කරුනාකරලා ....මුගෙ ජීවිතෙ නොකා ඉන්නවා හරි...

අප්පච්චි ලා පුතාල කවදද මගෙ පැත්ත ගත්තෙ....මං කරපු දේකට තමුන්ලා කවදද මට හොදක් කිව්වෙ...

අම්මා කරපු හොදෙ තමයි මේ පස්සෙන් එන්නෙ...අම්මා තරහ වෙන්න එපා....තරහා උනත් මට අදාල නෑ මොකද අම්මා කෙරුවෙ මාව වදල වැඩකාරයන්ගෙ අතට දීපු එක විතරයි ...මගෙ ඇගේ තියන උපන් ලපයක් ගැන වත් නොදන්න අම්මා ගැන මට තව මොන කතාද අම්මෙ....මං කියන්නෙ මෙච්චරයි ..මම අම්මට කියන්නෙ මෙච්චරයි ..කරුනාකරලා ..කරුනාකරලා ...ටානියව ගේනවා නම්...මගෙ කාමරේ හතරමායිමක එවන්නෙ නැතුව ඉන්න.....ඒ වගෙම අම්මගෙ හිතෙ.අදහසක් තියනවා නම්...ඒකිව මගෙ ඔලුවට ගහන්න...කරුනාකරලා ....ඒක අමතක කරන්න...මොකද ....මට ඕන කව්ද...මට ඕනා මොකාවද...අන්න ඒකවයි මං බදින්නෙ....

නිර්වාන් .....!!උඹ ඔය පෙන්නන්නෙ කටෙ හයියද ආ??

අම්මා..මේක අම්මගෙ ජන්ද වේදිකාව නෙවෙ...ඒක නිසා.....රටටම ඇහෙන්න බෙරිහන් දුන්නත් මට කියන්න තියෙන්නෙ මම බදින්න මම ආදරේ කරන කෙනාව....එච්චරයි ...ආය මේ ගැන කියන්න මට ඉඩක් තියන්න එපා...ආය මේ වගේ දෙයක් මට වෙන්න තියන්නත් එපා.....මේක අවසානම පාර....මගෙ ඉවසීමෙ සිමාව පන්නලා.....

අප්පච්චිගෙ අත් වලින් මගෙ අත්වලට මාංචු වැටෙන තැනට වැඩ නොකර ඉන්න අම්මා.....

මං හොදට හොදයි....නරකට අන්තීම නරකයි.....

හරි.....!...

කෑ ගහපු මං අවසානෙදි අම්මා බලාගන ඉන්නකොටම එන්න ආවා...අප්පච්චි කොහොමත් අම්මගෙ පැත්ත නොගන්නකොට මං මගෙ හිතේ තරහව සම්පූරනම ඉවර කරන්න බැරි උනත් පුලුවන් දුරට කියලා පහලට ඇවිදින් කෙලිම්ම එලියට දුවලා ගිහින් බෙංච් එකේ ඉදගන මගෙ ඵෝන් එක අතට අරන් හංගලා තිබ්බ ෆයිල් එකක හරි පරිස්සමට තියන් උන්න එයාගෙ ඵොටෝ එක දිහා බැලුවා හුරතලෙ පිරුන මුන.....ඒ හිනාව...

යකෙක්ට තරම් තරහා ගියත්.....මං උඹව දැකපු දා ඉදන් පිස්සුවෙන් වගේ ආදරේ කරන්න පටන් අරන් මගෙ චූටි.....

ඔය ඇස් අඩනකොට උඹට වඩා රිදෙන්නෙ මට ....උඹ මාව මගාරිනකොට උඹට වඩා රිදෙන්නෙ මට....

කොටිම්ම කොච්චරවත් කියවන කට වැහුනම...

අනිත් උන් හැමෝටම කෙසේවෙතත් ...මට පාලුයි "මගෙ චූටී"

මට ඕනෙ උඹ හැමදාම හිනාවෙනවා බලන්න...මං හිතලා නපුරු උනේ නෑ සයාශ් ...මං නපුරු නෑ සයාශ් ....ඕන කරන ආදරේ නැති තැන...මට සිද්ද උනෙ බලෙන් හරි මට ඕන දෙ ගන්න තැනට මන් පුරුදු උනා චූටි...

ඒකෙ අවසානෙ උනෙ....නිර්වාන් කියන්නෙ යකෙක් උන එක ....

මං ඒ මූන අත ගෑවා..මං මගෙ ඇගිලි තුඩු වලින් මං ඒ මුන අතගාලා ඒ හිනාව දිහා මන් බලාගන උන්නා ...

පරන විදිහටම මට හෙඩ් පිපෙට් අයියෙ කියපන් චූටි....උඹ ඔහොම තරහ උනහම මටයි දුක.....

ඔබ හිතන් උන්නට උඹ මට සෙල්ලම්බඩුවක් කියලා ...උඹ නොදන්නවා උනාට....මේ දවස් දෙක තුනට දැකපු උඹට මං ආදරේ කරන තරමක්.....

නිර්වානයා ....අරකිගෙ ගෙදර යනවද .....

මං උන්නෙ බෙංච් එක උඩ ඉදගන මාව එපා කියපු මගෙ චූටි දිහා බලාගන වෙනකොට ඇතුලෙ ඉදන් ආව ශෙනිරුවා අරකිගෙ ගෙදර යනවද අහනවත් එක්කම මං නැගිටලා හෙල්මන්ට් එක අරන් ටානියගෙ නම්බර් එක ඩයල් කෙරුවා....

යමු....හැබැයි යන්න කලින් කෝල් එකක් දාල කියමු.....උඹ ඉන්න තැන කොතන උනත් විනාඩි දහයක් දෙන්නම් ගෙදර ඉදපන් කියලා ....මොකද මට ඒකිගෙ ගෙදර ලැගන් ඉන්න වෙලාවක් නෑ.....

 

ගුම් මෝනිම් තූයූ 

ජොබී බුජි....

.ආය එන්නම්...

මම

Nedeesha ❤️❤️❤️❤️😘

More Chapters