මම එන්න හැරුනා....,
එන්න හැරුනා කියන්නෙ හැරිලා යන හැටි බලන් ඉන්න නිර්වාන්ව මග ඇරලා මං ළමයි ගොඩේ හැංගුනා....මේන් ගේට්ටුවෙන් නොයා කෙලිම්ම පොඩි ගේට්ටුවෙන් ඇතුලට ගියා....
මට ඒ මූන බලන්න හිතක් නැති වෙනකොට මං කෙලිම්ම අනිත් පැත්තෙන් දිව්වා මං බලාගන එයා මා දිහා බලාගන ඉන්නවා....එයාව මගාරින මා දිහා එයා ඇස් දෙක හීනි කරන් බලාගන උන්නා...
මට උඹ දිහා බලන්න කොහොමත් හිතක් නැ නිර්වාන් ...මට උඹ දිහා බලන්න කොහොමත් හිතක් නෑ.....අප්පච්චි යන දුක මට හුරුයි.....පාලුයි කියල දැනුනා උනත්...දවසක් දෙකක් ගියාට පස්සෙ ඒ හැම දේම හරියනවා...ඒත්..මට ආදරේ කරලා පුරුදු නෑ නිර්වාන් ....උඹලා සල්ලි තියන මිනිස්සු.....උඹට ඔනා කිව්වොත් දෙයක් ඕනම කියන එකෙක්.....ඕනා කියන දේ ඕනම කියන එකා දවසක එපා කියපු දෙයක් පවා ආයම එපාමයි කියන්නෙ.....
මට උඹ එක්ක පෑහෙන්න බෑ නිර්වාන් අනික ඒ හැම කමෙන්ට් එකකම තිබ්බෙත් නයිස් කපල්...නයිස් කපල් ගාලා.....ඔව්වා දැක දැක.....
.නෑනෑ...සයාශ්...උඹ මේ ඉන්න විදිහ දාහෙන් සම්පතයි....උඹගෙ හිනාව ඔය සැහැලුව නැති කරන් අඩන්න හදන්න එපා සයාශ්...
ළමයි අස්සෙ හැංගුන මම හෙමින් සැරේ උත්සව තියන හෝල් එක පැත්තෙන් ගියා....
ලමයො..කෝ මේ නිර්වාන්..දැන් මං කීයෙ ඉදන්ද ඒ මනුස්සයව හොයන්නෙ.....? වෙලාව කීයද දැන්....ගිහින් නිර්වාන්ව හොයන් එනවලා ගිහින්.....ඔක්කොම කටේ තියාගන මොකක් හරි කරගත්තු දෙන්කො....කෝ ශෙනිරු...ඌත් නැද්ද....ඌත් නෑ....අරුත් නෑ.....ගිහින් හොයන් එනවලා අයිසෙ...මට දහයට යන්නත් ඕනෙ...කීයටද එන්න කිව්වෙමුන් කීයටද ආවෙ.....ඒත් තාමත් නෑ....මොකා උනත් මට වැඩක් නෑ වෙලාව නම් වෙලාව...එන්න කියනවලා ඔවුන්ට...
"නිර්වාන්....." ඒ නම ඇහුනත් ඇති මගෙ බඩ කැලතෙන්න එනවා...බිම බලාගන දිගම දිග හෝල් එක ගාවින් ගියපු මට ඩ්‍රාමා සර්ගෙ ක්ලාස් එක ගාවදි කවුරු හරි කෙනෙක්න් නිර්වාන්ගෙ නම කියලා බනින හැටි ඇහුනා වගේම මම ඔලුව ඉස්සුවා.....
කලු පටියක්...
ඔලුව උස්සපු මං මුලිම්ම දැක්කෙ කලු පටියක්....taekwondo කරන මාස්ටර් නේද...මාස්ටර් කෑ ගහනවා....නිර්වාන්ට විතරක් නෙවෙ....ශෙනිරුට පවා....දුඹුරු පටි...නිල් පටි වගේම තවමත් මුල හරියෙ ඉන්න උන් සුදු පටි දාගන උන්ගෙ යුනිෆෝම් එක පිටින් ප්‍රැක්ටිස් වෙනකොට තවමත් ප්‍රැක්ටිස් කරන්න නෑවිත් උන්න නිර්වාන්ට වගේම ශෙනිරුව හොයාපු මාස්ටර් බනින්න ගත්තා .....ඒකා යකෙක් වගේ...ඇගපත දැක්කමත් ඇග පන නැති වෙන්න එනවා....
එයාලට අද හෙට ටූනමන්ට් එකක්වත්ද.....??
වෙන්න ඇති ඒක හයියට වෙන්න ඇති මිනිහා ඊයෙ ගෑරුප්පුව දෙකට නවලා තිබුනෙ.... ..
මාස්ටර් ගෙන් බැනුම් අහපු පොඩි කොල්ලෙක් අරුන් දෙන්නව හොයන්න දුවන කොට මං එන්න ආවා.....නිර්වාන්ව ශෙනිරුව හොය හොය බනින මාස්ටර් ගෙ කට හඩ ඇහුන මම ආයම පාරක් ඒ මූන කොහෙන් හරි මගෙ මූන ඉස්සරහට හම්බවෙයි කියලා මම අනිත් පාරෙන් එන්න ආවා....
ඩ්‍රාමා සර්ගෙ පන්තිය...කැන්ටින් එක....අරලිය ගහ පාස් කරන් බිම බලාගන ආව මම වතුර ටැප් පෝලිම හරියෙදි ඔලුව උස්සනවා එක්කම මාව අයම ගැස්සිලා ගියා.....ගැස්සිලා ගියා කියන්නෙ ඒ ඇස් දැකපු මාව ගල් ගැහිලා ගියා...
නිර්වාන්....
දෙවියනේ ආයමත් නිර්වාන්..නිකන් නෙවෙ.....ට්‍රැක් කිට් එක වෙනුවට ඉනට කලු පටියක් දාපු නිර්වාන් එක්ක උන්නෙ ශෙනිරු වෙනකොට මගෙ දිහා බලලා මොනවා හරි කියන්න හදපු නිර්වාන්ව දැක දැකම මං බිම බලාගන අනිත් පැත්තෙන් පන්තියට දිව්වා....
මං කිව්වනෙ නිර්වාන් ....මං ආය කවදාවත් වදයක් වෙන්නෙ නැ කියලා ...මං ආය වදයක් වෙන්නෙත් නෑ....අය මගෙන් පරන සයාශ්ව හම්බ වෙන්නෙත් නෑ....හැම වෙලේම හිනා වෙලා විහිලුවක් කරන් ඉන්නකොට හිතනවා ඇති මොලේ නෑ කියලා ....අනිත් මිනිස්සුන්ට වගේ නෙවෙ...කෑ ගහලා හිනා වෙලා උන්න මිනිස්සු උන්ගෙ මූනෙ තියන හිනහව මැරුවොත් ...ඒක සදහටමයි...
චූටී...සයාශ්....සයාශ්....සයාශ්...
දෙවනි පාරටත් නිර්වාන්ව මගෑරපු මම කරේ දාන් උන්න බෑග් එක ගලවලා අතට අරන් පඩිපෙල නගිනවත් එක්කම මගදි අතෑරලා ආව සනාශ් මට කෑ ගැහුවා...ළමයි අස්සෙ ඒකට පාරම චූටි කියලා කියවුනත් ඊලග තත්පරේදි සයාශ් ගාලා කෑ ගහනකොට මම නැවතුනා නැවතිලා පඩියක් ඇර පඩියක් නැග නැග මා ගාවට දුවන් එන සනාශ් දිහා බලන් උන්නා...
අනිද්දට ශෙනිරු අයියලාට ටූනමන්ට් එකක් ලු....
....
නිර්වාන්ටත්...
.....
ශෙනිරු මට කිව්වෙ.....
.....
සයාශ්....මොකද උඹ ගල් ගිලල වගේ ඉන්නෙ.....කතා කරපන්කො...ගොලු බේත් බිව්වද ?
මොකුත් නෑ...
මොකුත් නෑ වෙන්න බෑ....උඹ හැරිලා යන කොට නිර්වාන් බලාගන උන්නා...ඌ දැක්කා චූටි උඹ මග අරින එක...ඌ මෝඩයෙක් නෙවෙ....උඹ හිතලමයි ඒක කෙරුවෙ කියන්න ඌට තේරුනා ...උගෙ මුන ගස්මුට්ටියක් උනා...අනේ මන්දා....
ඉතින්.....මට දැන් මොකද කරන්න කියන්නෙ....ම්ම්ම්..ලගට ගිහින් නලවන්නද....
ඉතින් කියන්නෙ...මොකක්ද උඹට වෙලා තියෙන්නෙ කියපන් ....අප්පච්චි යන එක ගැන කියන්න බෑ චූටි....අප්පච්චි යන්න ගත්තෙ අදක ඊයෙක නෙවෙ...උඹට මට ඒක හොදට පුරුදුයි ....
ඔව්...අප්පච්චි යන්න ගත්තෙ අදක ඊයෙක නෙවෙ ඇත්ත සනාශ්.....හැබැයි...පොඩි කාලෙදි අප්පච්චි ඈතට යනකොට බලන් ඉදලා කෑගහලා ඇඩුවට අවුරුද්දෙන් අවුරුද්ද අනේ අප්පච්චි යන්න එපා කියලා කෑ ගහලා අඩන්න අපි හැමෝටම අපේ වයස තහම් කෙරුවා.....දැන් කෑ ගහලා අඩන්නෙ නෑ ලොකූ...දැන් තියෙන්නෙ යන හැටි බලන් ඉදලා හිතින් අඩන්න....ඇරත්.....උඹ කියන්නෙ නිර්වාන් ගැන නම්...මට එයා ගැන කතාවක් නෑ.....
චූටී.....මේ අහන්....
මට පාඩුවෙ ඉන්න දෙන්න සනාශ්.....අහන්න දෙයක් නෑ....
මං ලොකූගෙ අත ගසලා දැම්මා...ශෙනිරුට වගේම නිර්වාන්ට අනිද්දා ටූනමන්ට් එකක් තියනවා කියපු සනාශ් දිහා බලන් උන්න මං එයාගෙ අත ගසලා දැම්මා...ශෙනිරු ගෙ නම කියවෙන වාරයක් ගානෙම ඒ ඇස් දිලිසනකොට ශෙනිරු එයාගෙන් අහපු උත්තරේ දැනටමත් දීලා ඇති කියලා හිතුන මං සනාශ්වත් දාලා එන්න හැරුනා....
සයාශ් ...
ඔහොම නවතින්න සයාශ් .....ඔහොම නැවතියන්....
මල්ලි....ඔහොම නැවතියන්.....
...........
Sanash pov...
ඌ මගෙ අත ගසලා දැම්මා.....නිකන් නෙවෙ ....කවදාවත් නැතුව ඌ කතා කෙරුවෙ හිතේ බරක් තියාගන වෙනකොට මාව දාලා යන්න ගියපු චූටි දිහා මං බලන් උන්නා....
නිර්වානයා හිත රිදවලවත් දෝ.....
නෑ එහෙම උනා නම් මට ශෙනිරු කියනවනෙ.....
හැබැයි ඉතින් නිර්වනයා එහෙම කෙරුවොත් මං ඕකට පන පිටින් නිර්වානෙ පෙන්නනවා දන්නෙ නැතුවයි මගෙ හැටි....
ඒත් එහෙම දෙයක් උනා නම්...ශෙනිරු නොකියා ඉන්නෙ නෑනෙ...
"ශෙනිරූ...."
මගෙ මූන රතූ වෙලා ගියා ...චූටියා ගාවදි පවා ඒ නම කියන වාරයක් ගානෙ මට චූටියව පවා බදාගන උඩ පැන පැන කෑ ගහන්න හිතුනා....
මගෙ හදවත ලබ් ඩබ් ගානවට වඩා.....ශෙනිරූ...ශෙනිරූ ගාන්න ගත්තද මන්දා...
ඇත්තටම .....නිර්වාන් උන්නෙ චූටිව බලන්න වගේම ශෙනිරු ඇවිදින් උන්නෙ ඊයෙ රෑ එයාගෙ ප්‍රශ්නෙට හා කියලා උත්තර යවපු මාව බලන්න....
සනාශ්..සනාශ් ....අන්තීමට උඹ උඹගෙ සහෝදරයටත් කොලේ වහලා ඩිපූටියට කැමැත්ත දුන්නා එහෙනම් ආ.....
සනාශයා...
සනාශ් ....
මොකද බන්...වදේ මොකද නහින්නෙ...
මොකද බන් අහන්නෙ වර ඉක්මනට අද පන්තිය අතු ගාන්නෙ උඹ...ඇයි යකො වෙලා ගිහින් ඇවිත් මදිවට තැන් තැන් වල හිටන් මනෝපාරවලුත් ගහනවා ....වරකො මං තනියම අතුගාන්නද....
යෝ...හ්හ්හ් එනවා ..එනවා ඉතින්....උඹ අතු ගාපන් මං ඩෙස්කා හදන්නම්...
මේ අනිත් දවසෙ නම් වේලාසන වරෙන් සනාශ් ආ....මේක උඹලගෙ හොරොව්පතාන නෙවෙ මගුල....
හරි හරි අඩේ මට බැන බැන ඉන්න වෙලෙ අත ඉක්මන් කරලා අතු ගාපන්කො...බලපන් උඹ මට බනින්නත් තත්පරයක් විතර අහක දානවනෙ ...ආවස්තික පිරි වැය....ආවස්තික පිරිවැය....
අනෙ මේ වදුරු කුනුහර්ප කතා නොකර ඕක හදපන්....මගුලක් කියවනවා...මං හෙට ඉදන් ආපහු ආර්ට් එකට මාරුවෙනවා සනාශයා....මට බෑ මේ මගුල් පාඩම් කරන්න ඊටත් අර දෙපැත්තෙ ලබ්බවල් සමාන වෙන්නෙ නැතිව ගියහම ඔක්කොටම වඩා ඔලුවෙ කැක්කුම....බලපන් ආර්ට් එකේ උන්.....උන්ට තියෙන්නෙ සංදේශයක් පාඩම් කරන් ආතල් එකේ ඉන්න...
මං පිටිපස්සෙ ඉදන් ඩෙස්කා පේලිය හදාගන එනකොට අතුගාන එකා කිව්වා ඌ හෙට ඉදන් ආර්ට් එකට මාරු වෙනවා කියලා ...
ඌ දන්න ලබ්බ තමා...අර අපේ එකා නහිනවා මාගල් වගේ රසාස්වාද ලියන්න තියනව කියලා ...සමහර විට අඩේ ඔය ඔව්වා ලියපු මිනිස්සු ඔච්චර දෙයක් අදහස් කරන්නත් නැතුව ඇති මුන් මේ මෙහෙම නැහුනට....
ම්ම්ම්ම්....ම්ම්ම්...බලමු නේ....
බෙල් එක ගහන්න තත්පර ගානක් තියලා අරුයි මායි පුකවල් කඩාගත්තු කඩි දෙන්නා වගෙ අතු ගාගන අතු ගාගන ගිහින් බෙල් එක ගහනවත් එක්කම ඉවර කරලා දැම්මා.....තැන් තැන් වල තිබුන මගෑරුන කොල කෑලි වලටත් එහාට මෙහාට යන්න පයින් පාරක් ගහපු මං සපත්තුවෙ තිබුන දූව්ලි ටික ගුරුමේස රෙද්දෙන් පිහදගන මගෙ මේසෙත් එහාපැත්තෙ එකාගෙ බෑග් එකෙන් පිහිදලා දැම්මා....
ඔය තියෙන්නෙ කිරු ටොයියා වගේ....බැබැලි බැබලී....
මං එහෙම්ම අතුගාපු පන්තිය දිහා බැලුවා.....යම් කිසි දෙයක් අමතක වෙලාවත්ද බලන්න....නෑ..ඔක්කොම ගානට නූලට....
අම්මො සැනසීම නැත්තන් අර කිරිඇල්ල ගෑනි ඇවිත් උදෙම්ම වදුරු බන කියන්න ගනී.....මට හම්බුන ජරාම පන්තිය....යැයි...යැයි...යැයි....අවුරුදු දොලහක් ඉස්කොලෙ ගියා....අවුරුදු දොලහෙම මං උන්නෙ ජරාම පන්ති වල..යි ඉතින් එන එන මිසා බනින්නෙ ඕක කියලනෙ....අනෙ මන්දා ලමා කාලයක් තිබිලා නැද්ද කියලා ....
අයියො මන්දා මුලින් මුලින් ආසාවෙන් උන්නට මොකද මටත් නම් දැන් කොමර්ස් එක එපා වේගන එන්නෙ...අපරාදෙ මොලේ කල්පනා කරලා චූටියා වගේ ආර්ට් එකට ගියා නම්....ඌ නම් ගත්තු කටටම බෑ කිව්වනෙ.....
සනාශ් ...සනාශ් ඉදා මේක කුනු ගොඩට ගිහින් දාපන් මං අතු ගෑවනෙ....ගිහින් දාපන්.....අර ගෑනි එන්න කලින් ගිහින් දාන්න බැරි උනොතින් කුනුටික කාපන්...මට කොමර්ස් එකම එපා උනෙ ඔය ගෑනි හන්දා ....
කොට සිමෙන්ති ගැට්ටෙන් පහල බලාගන අපරාදෙ කොමර්ස් එකට ආවෙ කියලා කල්පනා කර කර ඉන්නකොට අතු ගාපු එකා කුනුටික එකතු කරාපු ඩස්ට් පෑන් එක මගෙ අතට දෙන ගමන් කුනු එක ගිහින් දාන්න බැරි උනොත් කුනු එක කාපන් කියනවත් එක්කම මන් අහගන ඔෆිස් එකේ මයික් එක බදාගතතු කවුරු හරි එකියක් ලමා තැනී කෙනෙක් දැන් අපි භාවනා කරමු කියනවා....
ඒක ඊටත් හපන් ...අමෝර්...අමෝර් කෝකිලාවියො ටික....රුක්මනි දේවිලා.....මයික් එක වටේ වට උනාම ගහලවත් එලවන්න බෑ උන් හිතන්නෙ උන් ඇවිත් සිඩ්නි ඔපෙරාවෙ හිටපු උන් කියලා .....
අපී...දැන්...භා....වනා....කරමූ....සියලුම දෙනා....මදකට...දෑස්....පියා.....ගන්න...
ඉතින් උඹට ඕනා නම් උඹ කරපන්කො .....අපිට කියන්නෙ....
හිතින් මුමුනපු මං ඇස් දෙක වැහුවා ...භාවනා කරමු කියලා කියපු එකී ඒක කිව්වෙම හරියට ජාතක කතාවක් කියන්න පටන් ගන්නවා වගෙ තාලෙට....හරියටම අර...යට ගිය දවස බරණැස් නුවර භ්‍රහ්ම දත්ත නම් රජ්ජුරු කෙනෙකුන් .....see more....බස බස ගාලා කියන්න පුලුවන් ටික,
ය....ට ගි....ය....දවස....භ්ර....හ්ම.... ද...ත්ත...නම්....ගාලා අදිනවා වගේමයි ඒකිත් ඇද්දෙ...
එව්....ඒ කටහඩ හරිටයම සීරුන ග්රැම ෆෝන් තැටියක් වගෙ....ශොට් එක ගහලා නැතුව වෙව්ලනවදෝ මන්දා ඒකිව...
අපි භාවනා කරමූ කියනවත් එක්කම අනිත් උනුත් බිත්තියක් අල්ලන් හේත්තු වෙලා භාවනා කරනවා වෙනුවට හිටගන නිදාගන්න ලැහැස්ති වෙනකොට මාත් කොට බිත්තියට හේත්තු වෙලා ඇස් පියාගන නිදාගන්න ලෑස්ති උනා.....
මොන නිදා ගන්නවද ....ඇස් දෙක වහන පමාවට මතක් වෙන්නෙම ඒ මූන ...ඒ ඇස් දෙකනෙ.....ඒ බැල්මනෙ....
ම්හු....ක්...යටි බඩ මොනවදෝ වෙනවා.....පනු අමාරුව වත්දෝ....
මට එයාගෙ මැසෙජ් පෝලිම මතක් උනා.....
" බබී...."
බබී කියත් කියලා තිබ්බා.....
අනේ සෙනූ....මං හා කියලා කිව්වම ඇයි අනේ ඔයාගෙ බබීට උම්මියෙක් වත් එව්වෙ නැත්තෙ.....
සමහර විට මහ රෑ දොලහට විතර හා කිව්ව නිසාද දන්නෙ නෑ.....
නැත්තන් එයා බබී කියපු වෙලාවෙ සතුට දර ගන්න බැරුව තිස්තුන්දාහෙ කරන්ට් එක වැදුන එකා වගෙ මාත් කොට්ටෙ කාගන උන්න වගේම ඒකත් එහෙම ඉන්න ඇතිද ....???
මාත් ඉතින් හා සෙනූ.....කියලනෙ යැව්වෙ...නිකන් නෙවෙ...හාර්ට් එකක් එක්කමනෙ .....
ඇස් දෙක පියාගන භාවනා කරනවා වෙනුවට මගෙ ඇස් පුරාවටම සෙනූව මැවෙන්න ගන්නකොට මගෙ සර්වාංගෙම ලේ මූනට එකතු වෙලා මාව රතු වෙන්න ආවා... ම්හුක්....එයා කාටත් හොරාවට මගෙ අතේ චූචි ඇගිල්ලත් ඇල්ලුවා අනේ....යෝහ්.....සුවද .....අප්පා එයා ගාව.....
දැන් ඔබේ හිත එකලස් කර ගැනීමට....එකේ සිට දහය දක්වා....සෙමින්....ගනන් කරන්න.....
අපේ හිත් එකලස් කරගන්න උඹ කියන්න ඕන් නැ පුලුවන් නම් ඔය බෙලෙක් තහඩුව වහගනින්කො....ඒ ඇති.....එතකොට කොහොමත් එකලස්....
ගේට්ටුව ගාවදි කාට කාටත් හොරාවට මගෙ දකුනු අතෙ පොඩි ඇගිල්ල අල්ලලා මට වත් නොතේරෙන ගානට කට උල්කරපු හැටි මතක් උන මාව දිය වෙලා වැක්කෙරෙන්න ආවා වගේම කද මෙතන තියනකොට මගෙ ආත්මෙ ඩිපූටියා ගාවට ගිහින් ආලෙන් වෙලෙන්න යනකොටම ඔෆිස් එකේ ඉදන් මයික් එක බදාගන උන්න කෝකිලාවිගෙ බෙලෙක්ක කටහඩ ඇහෙනවත් එක්කම මට මගෙ ශෙනූ ගාවට යන්න බැරි උනා....කොටිම්ම එතනින් පස්සෙ මට ඇහුනෙම ඒකිගෙ වීදුරුවක් මදිනකොට එන චිරිස් බිරිස් ගාන කටහඩ වෙනකොට අනිත් උනුත් භාවනා කරනවද් බලන්න ඇහැක් ඇරලා බලනකොට උනුත් ඇස් ඇරන් උන් උන්ගෙ ලෝකවල උන්නා.....
පන්තියෙ උන්න සමහර කුරුලු ජෝඩු අහු මුලුවල හොර හොරාවට මුමුනගන්නකොට එහා කොමර්ස් එකේ ඉන්න ශිශ්යනායකයා උගෙ කෙල්ලව බලන්න අපේ එකට ඇවිත් තිබ්බා....
අමොර්..අමෝර්.....මේවනෙ ප්‍රේම ජවනිකා....ඉසුරුමුනීලා කෝටියයි...සාජහන්ලා මුම්ටාස් ලා කෝටියයි.....
තනි ඇහෙන් උන්න මම දර්ශන පතේ හොදටම බලාගන්න ඇස් දෙකම ඇරියා.....යකොඩෝ.....මං විතරනෙ ඇස් වහන් ඉදල තියෙන්නෙ අනිත් උන් ඔක්කොම ඇරන් නේ... බොහොම සන්තෝසයි රැවටුනා නෙවෙ මා විස්වාස කෙරුවා....හොදේ.....
අනිත් ඔක්කොම ඇස් ඇරන් උන්න පන්තියෙ ගොනා වගේ ඇස් දෙක වහන් උන්න මම අවසානෙදි ඇස් දෙක ඇරලා මගුල් සක්වලක් වෙලා තිබුන පන්ති කාමරේ දිහා ඇස් කරකවන්න ගත්තා.....
බිත්තියෙ තිබුන කලු ලෑල්ල ගාවම තියන දුඹුරු පාට වානෙ කබඩ් එක ගාව උන්න අචිනියා දිහාවට මං ඇස් කැරකෙව්වා.....ටොම්බෝයියෙක්!!
කඩා හැලෙන කොට කොන්ඩෙ බෙල්ල ගාවටම කපාගන උන්න ඒකි කනට අරාබුවක් වත් දැම්මෙ නෑ වගේම අනිත් කෙල්ලන්ට තියන අර තිසරතන කියන එක හිමිකරගන්න වාසනාවක් නැති කරන් උන්නා ..
ඇවිදින විලාසෙ.....කතා බහ...මේ හැම දෙයක්ම අර්ධ කොලු බාගයක් වෙනකොට ඒකි ඇවිත් ඉස්කෝලේ කෙල්ලන්ගෙ ෆුට් බෝල් ටීම් එකේ කැපටන් කම උස්සන් උන්නා....
අනිත් උන් ගැන මදකට නවත්තපු මං..ශෙනිරුව හිතේ පැත්තක තියාගන අචිනියා දිහා බලන් උන්නා...
ඒකි ඒකිගෙ කොට කොන්ඩෙ සිය පාරක් විතර අතෙන් හදාගත්තා.....කොන්ඩෙ ගැස්සුවා.....එක විදිහකට හිටන් ඉන්න බැරිවද කොහෝදෝ.. එහාට මෙහාට පැද්දුනා...අවසානෙදි ගවුම් සාක්කුවට අත දලා මොකක් හරි ගත්තා.... තැඹිලි පාටයි කොල්පටයි .....අම්මො..අර ඇඹුල් චුයින් ගම් එක.....සෙන්ටර් ශොක් එකක්....ඒ මගුල දැක්කත් ඇති ගොරකා කෑවා වගෙ ෆීලින්ග් එකක් එන්නෙ.....
මගෙ ඇස් දෙකත් එක්ක මෙව්වා වෙලා ගියා....
අතේ තිබුන චුයින්ගම් එක දිහා බලපු ඒකි එහෙම්ම පිටිපස්ස හැරිලා ඒකිට පිටිපසෙන් උන්න කන්ඩ කරල් දෙක ඉනෙනුත් පහලට වැටෙන සදූපමාගෙ අතට දීලා ඇහැක් ගහනකොට මාව භ්‍රමණය වෙන්න ආවා....අතට දුන්නා නම් බැරියෑ....ඒකි ඒ අත චුට්ටක් මිරිකුවත් එක්ක...චුයින්ගම ගත්තු එකිත් අරකි දිහා බලලා හිනා වෙලා මුන රතු කරන් තුස්තුන්දාහෙ කරන්ට් එක වැදුනා වගේ ඉක්මනට අහක බලාගත්තා ....
එතකොට.....ඒකත් හරි වgay....ම්ම්ම්.....ම්ම්...
මේක ඇවිත් යකො තනිකරම පෙම් රජ දහනක් නෙ....මගුල් සක්වලක්නෙ....
ශෙනිරු අයියට හා කිව්වෙ නැත්තන් මුන් ඔක්කොම කපල් වෙලා මායි රන්ජයි සල්මන්කානුයි විතරක් ඉතුරු වෙන්න ගියා...මොකද අපෙ චූටියව උනත් මට දැන් ශුවර් නෑ..හෙඩා නම් ඌව ඕනමයි කියනවලුනෙ........
දැන්....හිමිහිට...ඇස්....අරින්න...
අරින්න දෙයක් නෑ.....මෙච්චර වෙලාම ඇරගන උන්නෙ...
භාවනාව මෙහයවපු කෝකිලාවි ඇස් අරින්න කියනවත් එක්කම ඇස් ඇරපු මම බිම තිබුන ඩස්පෑන් එකත් අරන් කුනු ගොඩට දාන්න එන්න ආවා වගේම කොරොඩෝ එක දිගෙ එනකොට නිකමට වගෙ දොලහෙ ආර්ට් එක දිහා බැලුවා...
සයාශ්.....
මම මිමිනුනා...එයා ඉන්නවා....අනිත් උන් හැමෝම වට වෙලා කතා කර කර ඉන්නකොට සයාශ් විතරක් තට්ට තනියම එයාගෙ මේසෙට වෙලා ඔහේ බලන් ඉන්නවා.....
උදේට කෑවෙත් නෑ....එ කෑවෙත් බඩෙන් බාගෙට....කිරි එකවත් බිව්වෙනෑ....
උඹට අයියට කියන්න බැරි දෙයක් තියනවද චූටි....
අඩෝ...අඩෝ...සැලලිහිනියා....මොකෝමේ පැත්තෙ....
අපේ අරු ඇයි අර අරහෙම ඉන්නෙ...
දන්නෙ නෑ බන්....ඌ ආව වෙලේ ඉදන් ඔහොමයි....
ආර්ට් එකේ උන් කොහොමත් මා එක්ක ෆිට් හින්දා උන් මට සැලලිහිනියා කිව්වට ගානක් නැති උනා ...කොරිඩෝවෙ ඉදන් චූටි දිහා බලන් ඉන්න මාව දැක්ක කොල්ලෙක් මගෙන් ඇයි අහනකොට මම වගේ වගක් නැතුව බලාගන ඉන්න සයාශ්ව පෙන්නල ඇයි ඇහුවම උත් දන්නෙ නෑ කියද්දි මං ටික වෙලාවක් බලන් ඉදලා කුනු එකත් අරගන පහලට ආවා....
ඒ එක්කම මගෙ ඉස්සරහින් කොල්ලො දෙතුන් දෙනෙක් දිව්වා....
ඉක්මනට යමන්...ඉක්මනට....ඔය ලේ හැම තැනම.....අයිස් තිබ්බා නම් හරි ඉක්මනට....
ඇයි ඒ.....
මාව පහු කරන් ගියපු කොල්ලගෙ කට තව කොල්ලෙක් අතින් වහගන උන්නා ....ඒ විතරක් නෙවෙ කොල්ලගෙ නිකට දිගේම ලේ බින්දු පහලට පෙරීගන ඇවිත් ඇදන් උන්න සුදු ඇදුමත් රතුපාට කරලා තිබුනා...
මුන් කරාටි ගහනවා කියලා මිනි මරාගන්නවද....?
නිර්වාන් ....ඇයි බන් උඹ එච්චර හයියෙන් ගැහුවෙ....
...
පොඩි පංච් එකක් දෙන්න කියලා මාස්ටර් කිව්වෙ බලපන්....ඌ ගාර්ඩ් දාගන උන්නෙත් නෑ...
.....
නිර්වාන්.....උඹ මොන සිහියෙන්ද ඉන්නෙ නිර්වාන්..ආ...උඹ මොන ලෝකෙද ඉන්නෙ...බලපන්...උඹ අද දවසම මාස්ටර් ගෙන් බැනුම් ඇහුවා...ඒ මදිවට කියන එක නෙවෙ කරන්නෙ...අර කොල්ලගෙ දත් දෙකක්ම නෑනෙ...පෙන්නපන් බලන්න උඹගෙ අත....අතත් තුවාල කරන් ...උඹට නම් සහලවලා පිස්සු...
අත ගනින් ශෙනිරු....
උඹගෙ අහංකාර කම....නිර්වාන් ...උඹගෙ අහංකාර කම...ඔක්කොටම වඩා නපුරු කම...
මං උන්නෙ කුනු එක දාන්න එන ගමන්..... මාව පහුකරන් ගියපු කොල්ලො දෙන්නා දිහා බලන් උන්න මම ආයමත් එන්න ආවා වගේම කැන්ටින් එක ගාවම තිබුන අරලිය ගහ යට තිබුන ටැප් පේලිය ගාව උන්න නිර්වාන් ව වගේම ශෙනිරුව දැකපු මම එහෙම්ම නැවතුනා...නැවතුනා කියන්නෙ මගෙ කකුල් එක පාර නැවතුනා.....
එයාලා තවමත් ප්‍රැක්ටිස් කරනවද...
කෝ පෙන්නපන් බලන්න අත...මෙහෙ දියන්...තව දවස් දෙකයි....උඹට ඕනෙ
කිව්වම අහලා ඕක නවත්තපන් ශෙනිරු ...
උඹත් කියන දේ අහලා ඔය අත පෙන්නපන් මගෙන් මැරුම් නොකා.....
ශෙ...ශෙනි..රු...
ඒ දෙන්නා රන්ඩුවෙනවා...හේතුව මොකද දන්නෙ නැති උනත් නිර්වාන් උන්නෙ අත්ක් මිටිමොලවන් වෙනකොට එ අත රතු වෙලා තිබුනා...රතු වෙලා කියන්නෙ ඒ අත තුවාල වෙලා ලේ එනවා.....මුන බිමට හරවන් උන්න නිර්වාන් ළඟ උන්න ශෙනිරු මොන මොන මොනවදෝ කිය කිය නිර්වාන්ගෙ අත අල්ලනවත් එක්කම නිර්වාන් ඒ අත ගැසුවා.....ඒත් ශෙනිරු තදින් අල්ලන් කෑගහනකොට මම එතනට ගියා....
නිර්වාන්.....ඇයි මේ...ඇයි ශෙනිරු මේ.....අ
අමු කැවිලා ඉන්නෙ...පේන්නෙ නැද්ද...
ඇයි නිර්වාන් මේ.....
මම නිර්වන්ගෙ දිහා බලන් ඇයි අහනකොට එයාගෙ අත අල්ලන් උන්න ශෙනිරු ඊටත් වඩා සද්දයක් මට දැම්මා ඒ එක්කම මම නිර්වාන්ගෙ අත අල්ලගත්තා ...
නිර්වාන් .....ඇයි මේ....ඇයි කොයන්න මේ...මොකක්ද උනේ...
අන් කිව්වනෙ සනාශ්....මූ
ශෙනිරු පොඩ්ඩක් කට පියන් ඉන්නවද...
ඇයි....
මොනවද නිර්වාන් ....
මාව මගාරින්නෙ ඇයි...???
ආ...ආව්හ්...න්...න්....
නිර්වානයා අතෑරපන්...මේ ඉන්නෙ සයාශ් නෙවෙ.....
අ..අනේ....ස්....ශෙ...නි.....ආව්හ්...නිර්වා..න්....මගෙ....අත..අනේ....
කිව්වම අහලා ඔය අත අතැරපන් නිර්වානයා උඹ මගෙ එකාට රිදවනවා...!
මම ආයමත් නිර්වාගෙන් ඇයි මේ අහනකොට උත්තර දුන්නෙ ශෙනිරු වෙනකොට මෙච්චර වෙලාම බිම බලන් උන්න නිර්වාන් ඔලුව ඉස්සුවා....ඒ ඇස් රතු වෙලා....ඒ ඇස් දෙක ගොරකා.ලෙලි පාට වෙලා....පැතලි හකු එකට තද කරන් ඉදපු නිර්වාන් එක පාරම මගෙ මැනික් කටුව ගාවින් තද කරලම අල්ලගන ඇයි මගාරින්නෙ අහනකොට මගෙ අතේ තිබුන ඩස්ට්පෑන් එක මගෙ අතින් බිම වැටුනා...දැනුන වේදනාවටම මම ලග උන්න ශෙනිරුව මිරිකගත්තා .....
නි..නිර්වාන්..මං...මං..සනාශ්...නිර්....
දන්නවා...තමුන් සනාශ් කියන්න..දන්නවා...මං...අහන්නෙ.....
අනේ.....රිදෙනව...නෙ...අ..
අතෑරපන් නිර්වාන් .....කිව්වම අහලා...
........
......
සමාවෙන්න....
නිර්වාන් නැව....
ඔතන ඉදපන් ...මට පාඩුවෙ ඉන්න දියන් ...
මං මගෙ අත අනිත් අතෙන් අල්ල ගත්තා ....ඇස් රතූ කරන් තරහවෙන් උන්න නිර්වාන් අවසානෙදි මගෙ අත දිහා බලලා සමාවෙන්න කියලා යන්න යනකොට ශෙනිරු එයාගෙ පස්සෙන් යන්න හැදුවා උනත් ශෙනිරුවත් නවත්තපු නිර්වාන් ඇදුමත් හද හද යන්න ගියා වගේම ටැප් එක ගාවදි අපි දෙන්නා විතරක් ඉතිරි උනා ..
බබී....බලන්න ....
රතු වෙලා.....නෙ.....ලමයො...
රතු වෙච්ච මැනික් කටුව දිහා බලන් උන්න ශෙනිරු රතු වෙලා තිබුන තැන හිමින් අත ගාන ගමන් මගෙ දිහා බලනකොට මම නිර්වාන් දිහා බලාගන උන්නා...
ඇයි ශෙනු ඒ.....
මං දන්නෙ නා බබී....ඌ උදේ ඉදන් එහෙමයි....මල්ලි එක්ක මොකක් හරි ප්‍රශ්නයක්ද....
අනේ මන්දා...ඌත් ඉදේ ඉදන් පැත්ත ගහලා....උදේට කෑවෙත් නෑ.....මා එක්කවත් කතා කරනෙන් නෑ .....
එහෙනම් මුන් දෙන්නා මොකකට හරි ඇරගන ...ඇරත් ඇයි උදේ සයාශ් අනිත් පැත්තෙන් ගියෙ ....ඌට ඒකත් අවුල්....ඒ විතරක් නෙවෙ...පිට පිටම දෙපාරක් එයා බිම බලාගත්තා...අනික අපේ එකාට නම් ඉවසීම බින්දුවයි...උදේ ඉදම්ම මාස්ටර් ගෙන් බැනුම් අහනවා....ඒ අස්සෙන් මු කොල්ලෙක්ට දත් ගැලවෙන්න ගැහුවා....
දෙවියනේ....ශෙනූ...ඇයි ඒ.....
මම මගෙ රතු වෙච්ච අත අතගාන ශෙනිරු දිහා බැලුවා....නිර්වාන් ගහපු කොල්ලද අර අරන් ගියෙ...චූටි....උඹට නම් අද ගෞර්වයෙන් බුදු සරනයි...උඹේ ප්‍රේමවන්තයා උඹව අද කෝටුමස් කරයි....
මන් ශෙනිරු දිහා බැලුවා ...මෙච්චර වෙලාම නිර්වාන්ගෙ සිහියෙන් උන්න මං ඉන්නෙ ශෙනිරු එක්ක තනියම කියන එක අමතක වෙලා තිබ්බ මට මගෙ අත අල්ලන් බබී ගගා කතා කරන හිමීට අත අතගාන ශෙනිරුව දිහා බලපු මට එක පාරම බඩත් එක්ක කොරවෙලා ගියා වගේම මං ඉක්මනට අත ඇදලා ගත්තා එයා ඇස් දෙක හීනි කෙරුවා ....හරියටම ඇයි අහන්න වගෙ...
ස්....ස්....
ඇයි ....
එපා කවුරු ....
කවුරුත් දකින්නෙ නැති තැනකට අරන් යන්නද.....ම්ම්ම්
එපා....මං....මේ කුනු දාන්න ආවෙ...
දැන් ඉතින් ඕකෙ දාන්න දෙයක් නෑනෙ ..ඔක්කොම බිමනෙ.....ම්ම්...
මං බිම බැලුවා ...ඇත්ත නිර්වාන් අතින් අල්ලපු පාරට අතෙර් තිබුන ඩස්ට්පෑන් එක බිම වැටිලා යනකොට පැන්සල් පොතු කොල කෑලි හැම තැනම වැටිලා තිබුනා .....දැන් මොකද කරන්නෙ.....නිර්වානයා අත කැඩුවට වඩා අනාරුයිනෙ එයා අතින් අත ගානකොට .....මගෙ බඩ කැලතෙනවා වගේනෙ ...චූ බරද මන්දා ....
ශ් .ශෙ...
ඇරි බබී ගොත ගහන්නෙ...මමනෙ.....
එයා තවත් චුට්ටක් ලගට ආවා ....පලවෙනි පීරියඩ් එකත් පටන් අරන් තියනකොට එලි පහලියටම උන්නෙ අපි දෙන්නා විතරක් වෙද්දි එයා බබී කියන වාරයක් ගානෙම අත අල්ලන වාරයක් ගානෙන බඩ කැලතුනා මදිවට විණය බාර එකා කොහෙන් හරි මතු වෙයි කියලා මං ඊට හපන් බය උනා.....
මං යන්නම්...මං...
පීරියඩ් එකෙන් බාගයක් ගිහින් ඉවරයි දැන් ගියොත් අර කිරිඇල්ල ගෑනි බනී.....
ඔ...ඔව්....ඒත්....
එන්නකො යන්න...
කොහෙද ...අනෙ....ශෙ..නිරු.....
එයා මාව අතින් අල්ලගත්තා ....බිමට වැටුන ඩස්ට්පෑන් එක ආයම අතට ගත්තු මාව එයා කොහෙ ඇදන් යනවද හොයන්න බැරි වෙද්දි මං ශෙනූ ශෙනූ ගෑවත් එයා කෙරුවෙ මාව දිගටම ඇදන් ගිය එක...
අනෙ.....ශෙ...නිරු....
මෙවෙලෙට කවුරුත් එන්නෙ නෑ...
දඩාස්...!!
එයා දොර වැහුවා .....මාව එයා එක්කන් ඇවිත් තිබුනෙ එයාලගෙ ඇදුම් මාරු කරන නාන තැනට වෙද්දි දොරවහපු එයා කෙලිම්ම මාව එතන තිබුන ටොයිලට් එකක් අස්සට ඇදන් ගියා ....
ස්...ස්...ශෙ...නි....
මං බිම බලා ගත්තා ...එයයි මායි විතරක් ඉන්න තැන ඒ ඇස් දිහා බලන්න වත් හයියක් නැහැයි කින තැනට මගෙ සර්වාංගෙම මාව අඩපන කරන් යනකොට මං බිම බලන් උන්නා.
මා දිහා බලන්න බැරිද....
කෝ අර ගෙදරදි කට ගහන චන්ඩි පැටියා....
බබී....කෝ ඉතින් ...මගෙ දිහා බලන්නකො.....
අනෙ...සෙනූ....ඔහොම කතා කරන්න එපානෙ....බබීගෙ බඩ කැක්කුමයිනෙ.....
පෙට්ටි කට මගෙ....
මං උන්නෙ දිය වෙලා යන්න ඔන්න මෙන්න ...මාව බිත්තියට හේත්තු කරන් උන්න එයා බිමට හරවන් උන්න මගෙ මූන නිකටෙන් උස්සලා මා දිහා බලාගන හිනා නොවී මගෙ දිහා බලන් උන්නා වගේම මහපට ඇගිල්ලෙන් යටි තොල හිමීට පිරිමැදලා පෙට්ටි කට මගෙ කියනවත් එක්කම මට කලන්තෙට වගේ ආවා.....
සෙ...නූ....
ම්ම්ම්....සෙනූද මං...
එහෙම...කිව්වට...කමක්...නෑනේද...
මගෙනෙ ඉතින්.....
මං මිමිනුවා...පිහාටු ටික ඔක්කොම අකුලන් හොර පූසෙක් වගෙ උන්න මං එයාගෙ මග ඇරලා ඇරලා අවසානෙදි දරන්න බැරි ලැජ්ජාවටම සෙනූ කියනවත් එක්කම එයා හිනා උනා වගේම තවත් චූට්ටක් මගෙ ලගට ඇවිත් මං එයාගෙනෙ කිව්වා ...
ඇයි අහක බලන්නෙ....මමනෙ ළඟ ඉන්නෙ.....
ලැජ්ජයිනෙ.....
ඉතින්...මගෙනෙ....ම්ම්ම්....ඇයි මගෙ ගාව ලැජ්ජා වෙන්නෙ...මගෙ දිහා බලන්න සනාශ් ....
කොච්චර උනත් එයාගෙ ඇස් දෙක දිහා බලන්න හයියක් ඇත්තෙම නැති මාව අන්තෙටම අසරන වෙලා යනකොට එයා මගෙ මූන අත් දෙකෙම්ම අල්ල ගත්තා වගේම මගෙ ඇස් දෙක දිහා බලාගන උන්නා...
සනාශ් .....
.....
"ආදරෙයි......මගෙ නේද ...?"
මගෙ මූනම අත් දෙකෙන් අල්ල ගත්තු එයා සෑහෙන්න වෙලාවක් මගෙ දිහා බලාගන ඉදලා මාව සීතල කරගන යන්න ආදරෙයි කිව්වා වගේම එයාගෙ නේද අහනකොට බයෙන් වගෙ උන්න මනොව් කියලා උත්තර දෙනවත් එක්කම එයා මගෙ කම්මුලට හාදුවක් තිබ්බා.....
ඒක මගෙ මුල්ම හාදුව.....හිතට හොර බොරු නොකර දුන්න පලවෙනිම හාදුව...
"....ඔව්..."


......
Sayash pov...
ළමයි....අවසාන කෑල්ල ලියා ගන්න....
මං උන්නෙ ඩෙස්ක් එකට ඔලුව ගහගන.....ලියනවා තියා ඔලුව උස්සන්නවත් බැරු වෙන්නම මට ඔලුවෙ කැක්කුමක් අල්ලනකොට දෙවනි පීරියඩ් එකේ ඉදම්ම මං කෙරුවෙ මගෙ ඔලුව ඩෙස්ක් එකට ගහගත්තු එක.....
මන් වැරදි ඇති....නොදන්න දේකට මං හිත රිදවගන්නව ඇති...ඒත්...මට එයා ගාව උන්න කෙල්ලව මතක් වෙන වාරයක් ගානෙමම මගෙ ඔලුව පුපුරන්න ආවා....ඒකි ඉන්නෙ ගර්ල්ස් ස්කූල් එකෙ...
එදා එයා කිව්වෙත් girls school එකේ කෙල්ලෙක් ගැන....එතකොට .....ඒ කියන්න ඇත්තෙ මේකි ගැනද...?? වෙන්න ඇති...කවර් ඵොටෝ එකට දාගන්න තරම්
උඹට ඇත්තටම කෙල්ලෙක් ඉන්නවා නම්.....ඇයි නිර්වාන් ...මට බලාපොරොත්තු ඇති කෙරුවෙ......හැම වෙලෙම හිනා වෙල කටට එන දේ කියාගන ඉන්නකොට උඹට මා එක්ක විහිලු කරන්න හිතුනද නිර්වාන් ....? උඹ හදන්නෙ බලාපොරොත්තු දීලා කඩන්නද නිර්වාන්.....
මං ඔලුව ගහගන ඔහෙ උන්නා...ඉන්ටර්වල් එකට කලින් පීරියඩ් එකෙ අවසානම ව්නාඩි ගානෙදි සිංහල සර් ලියා ගන්න කියනවා ඇහුනත් ඒ එක්කම බෙල් එක ගැහුවා .....
චූටි.....චූටි....
ම්ම්ම්..
ඇයි චූටි මේ.....උඹට සනීප නැද්ද.....
සර් යන්න ගියා....සර් විතරක් නෙවෙ ඉන්ටර්වල් එකත් එක්ක මුලු පන්තියෙන් බාගයක්ම හිස් වෙලා යනකොට මන් තවමත් ඔලුව ගහන් උන්නා වගේම ඉන්ටර්වල් එක ඉවර වෙලා ඊලග පීරියඩ් හතරෙත් මන් ඔලුව ගහන් උන්නා.....
ඉන්ටර්වල් එකේදි මාව බලන්න සනාශ් ආවෙ නැති උනත් ගෙදර යන මොහොතෙදි මාව හොයාගන සනාශ් ඇවිදින් තියනකොට ඉන්ටර්වල් එකටත් නොකාපු මං අවසානෙදි ඔලුව ඉස්සුවා සනාශ්ගෙ මුන සුදු මැලි වෙලා ගියා ....
ඇයි මල්ලි මේ.....උඹ අරූ මොනවා හරි කිව්වද.....උඹට අසනීපද.....කියපන්කො සයාශ් ....ඇයි හංගන් ඉන්නෙ....අරූ එහෙන් එකෙක්ට දත් ගැලවෙන්න ගහලා....මොකක්ද චුටි මේකෙ තේරුම....මට ශෙනි...
උඹට ශෙනිරුව හොද නම්....ඌ එක්ක ඉදපන් ලොකූ....මං කවදාවත් උඹට බනින්නෙ නෑ.....මට ඇති ප්‍රශ්නයක් නෑ.... උඹ ඌ එක්ක සතුටින් නම්.....එච්චරයි ලොකූ.....මොකද මන් දන්නවා උඹලා දෙන්නා දැනටමත් ආදරෙ කරන්න පටන් අරන් ඉවරයි කියලා ....මට නොකිව්වට තරහා නෑ ලොකූ...
මට පාඩුවෙ ඉන්න දියන්.....
චූටි...චූටි.....ඔහොම නැවතියන් සයාශ් ....උඹට ඔහොම දුවන්න හොද නෑ.....සයාශ් ....
මම දිව්වා....මම එලියටම දිව්වා ....සනාශ්වත් තල්ලු කරපු මන් උන් දෙන්නට සතුටින් ඉන්න කියනවත් එක්කම මට ඇඩෙන්න ආවා වගේම බෑග් එකත් ගත්තු මං ඉස්කොලේ මේන් ගේට් එකෙන් නොයා පිටිපස්සෙන් තියන ගේට්ටුවෙන් යන්න මන් බෑග් එකත් අරන් අරූ කෑ ගහනවා ඇහි ඇහිම දිව්වා ....
ඊයෙ රෑ ඉදන් හිතට වද දුන්න කාරනාව තව තවත් දරා ගන්න බැරි වෙනකොට මුලු.දවසම නිර්වාන්ව මගෑරපු මන් බෑග් එකත් දාගන මන් කඩාගන බිදගන ඉස්කෝලෙ පිටිපස්සටම දුවනකොට අන්තීම හෝල් එක පහු කරනවත් එක්කම ගලක හැප්පුන මාව වීසිවෙලා ගිහින් වැටුනා...
.......
මන් ඔහේ උන්නා....වැටුන තැනම උන්නා ...කදුලු උනාපු ඇස් වලින් කදුලු බින්දුවක් බිමට වැටෙනකොට දුවගන ආව වේගෙට මගෙ පපුවම ගිඩි ගිඩි ගානකොට මන් ආපහු යන්න නැගිට්ටා....ඒත් මට නැගිටලා හිටගන්න බැරි උනා....නොකා උන්න මට ඇගේ පනත් නැති වෙනකොට මාව ආයම ඉස්සරහට විසික් උනා .....තත්පර ගානක් ආයම එකම තැන උන්න ,පිටිපස්සෙ ගේට්ටුව ගාවට හිමින් හිමින් ගියපු මට එකපාරම යන එනමන් නැති උනා.....
නිර්වාන් ....
අනෙ දෙවියනේ නිර්වාන් ....
මන් ඉස්සරහට තියපු අඩිය ආපස්සට ගත්තා ....පිටිපස්සෙ පොඩි ගේට්ටුව ගාව පුටුවක් තියගන ගිනි පූස්ටක අව්වෙ ඉදන් උන්න නිර්වාන් මා දිහා බලාගන උන්නෙ එක පාරින් ගහලා මරන්න තරම් කේන්තියකින් වෙනකොට මන්.යන්න හැරුනා....හැබැයි එයා මට කලින් ඉස්සර උනා.....

උඹට පුලුවන් නම්....ගිහින් පෙන්නපන් සයාශ් ...
න්..නිර්.....නිර්වාන් ....එ..එභ්භ්....භ්භ්...ආ....හ්ව්...භ්භ්.....
ශශ් .....නවත්තපන්...හරී.....අඩන්න.....හදන්නෙ ...නැතුව ....නවත්තපන් සයාශ් ...මන් ඉන්නෙ කොහොමත් හොදින් නෙවෙ.....කරුනාකරලා ....අඩලා...
මගෙ තරහව....තව තව අව්ස්සන්න එපා සයාශ් ...
අ...අ..අනෙහ්....මාව....අතාරිනවා...නිර්....නිර්වාන්.....මාව.....
නිර්වාන් ආවා...නිකන් නෙවෙ...අඩියට දෙකට මගෙ ගාවට ආවා.....
අව්වෙ ඉදලමදෝ ඒ මූන රතූ වෙලා තිබ්බා මදිවට ඇස් පවා බලන්න බැරි තරම් නපුරු පාට වෙලා තිබ්බා ....රතුම රතු ඇස් දෙක දැකපු මට දුවාගන්නවත් බැරි වෙද්දි මගෙ ලගට ආව එයා මාව ඇදලා අරන් බිත්තිය පැත්තට තල්ලු කරනකොට මාව ගිහින් බිත්තියෙ වැදුනා....ඒ එක්කම එයා මාව බිත්තියට තියලා තද කරගන අඩන්න හදපු මට අඩන්න එපා කියන ගමන් දත් මිටි කන්න ගත්තා ...
ඇයි....ම්ම්ම්...ඇයි කියපන්...ඇයි කියපන් සයාශ් .....උඹ මාව අද දවසෙම මගැරියෙ මොන හේතුවටද කියපන්.....ආ...මොන හේතුව උඩද උඹ මගෙන් පැනලා යන්නෙ කියපන් සයාශ්.....ආ...කියපන්...
භ්භ්....ම්හ්හ්...අතෑර...රපන්...නිර්වාන් .....විකාරද....භ්භ්...භ්භ්.....භ්භ්..
ම්ම්ම්...ම්ම්හ්හ්....භ්භ්....
ඔව්.....මන් උඹට කිව්වනෙ...මන් උඹට කිව්වනෙ.....උඹව දැකපු දවසෙ ඉදම්ම මට උඹ ගැන විකාරයි කියලා .....මන් කිව්වෙ නැද්ද උඹට ම්ම්ම්....උත්තර දීපන්....උඹ මොන හේතුවටද මාව බ්ලොක් කෙරුවෙ....ම්ම්ම්...
භ්භ්....භ්භ්.....ම්ම්ම්හ්හ්...ම්ම්ම්....
උදේ ඉදන්.....උදේ....ඉදන්...උඹ කෙරුවෙම....මාව ....මගෑරපු එක ඇයි කියපන්.....ඇයි කියපන් යකෝ...ඇයි කියපන්...උඹට ඕනෙ මාව පිස්සෙක් කරන්නද.....කියපන්..කතා කරපන් සයාශ්....උඹට ඔනෙ මාව පිස්සෙක් කරන්නද.....අවුරුදු ගානක් හොදට උන්න මාව පිස්සෙක් කරන්නද යකො උඹට ඕනෙ.....ආ.....හ් උත්තර දීපන්....!!මොන හේතුවටද උඹ මාව මගාරින්නෙ....කියපන් ඉතින්....
භ්භ්...ම්ම්...භ්භ්...
එයා කෑ ගැහුවා....එයා දත් මිටිකාගම වගේ ඉදල කෑගැහුවා...ඒ කෑගහන වාරයක් වාරයක් ගානෙම එයා කෙරුවෙමාව උරහිස් වලින් අල්ලන් බිත්තියෙ ගහපු වෙනකොට අනිත් පාර එයාව මගෑර මගෑර මට ඕනෙ එයාව පිස්සෙක් කරන්නද කියලා අහපු නිර්වාන් එයාගෙ අත මිටමොලවලම බිත්තියට ගහපු පාරට මම අත් දෙකෙම්ම කන් දෙක වහගත්තා ...මොකද මං හිතුවෙම එයා මගෙ මුනට ගහන්න යනවා කියලා ........ඊලග තත්පරේදිම එයා මගෙ මූන කට දෙකම එක අතකට මිරිකගන ඇයි...ඇයි....ඇයි ඇයි කියලා සියපාරක් විතර අහනවත් එක්කම මගෙ ඇස් වලින් කදුලු පේලියක් එයාගෙ අතත් තෙමාගන යනවා එක්කම මං කෙදිරි ගෑවා....
ඇයි ඇයි...මං අහන්නෙ ...ඇයි...ඇයි මාව මගෑරියෙ....ඇයි කියපන්....මාව පිස්සෙක් වගේ පස්සෙන් ගෙන්න තරම් මාව මගෑරියෙ....ආ.....ඇයි කියපන්....ඇයි කියපන් සයාශ්....හැම දේම තේරුනත් නොතේරුනා වගේ ඉදන් මාව මගෑරියෙ ඇයි කියපන් යකෝ....!!
න්...න්..අනේ...මට....රිදෙනවා...
නි.....ර්....වාන්......
.

ම්හුක්...ආයම කොටසකින් එන්නම්....
ආතරෙයි.....
පරිස්සමින් ඉන්ඩෝ...
උම්ම්ම්ම්ම්ම්මා....
මම
Ferdeesha ❤️💚😘 ....