Ficool

Chapter 18 - 18

Saysh pov..

.බස් එකෙන් බැහැලත් මග දිගට මගෙ කදුලු ඔහේ වැටුනා...කොච්චර අමතක කරන්න හැදුවා උනත් චූටි අයියා කියලා හිතාගන අතට දුන්න හාදුව ඒ විදිහටම ගුලි කරන් උන්න විදිහ.....වෙන කාගෙන් වත් පොත් ගන්න එපා කියලා කෙලින් කියන්න බැරි කමට බලෙන්ම පොත් ගෙනත් දුන්න විදිහ.....කොච්චර උනත් ඒ නපුරු ඇස් මගෙ පස්සෙ පන්න විදිහ මතක් උන වාරයක් ගානෙම මට මහ වේදනාවක් දැනෙන්න ගත්තා ...

නොකියා නොකියා උන්නට මමත් ආදරෙයි නිර්වාන් .....

ඒකි උඹව මගෙන් උදුරගත්තා...

සාක්කුවෙ තිබුන ලේන්සුව අරන් මං ඇස් දෙක පිහිදගත්තා ....මොකද අනිවාර්යයෙන්ම දැන් අප්පච්චි ඉන්නවා.....තව පැය කීයද....යන්න යන මොහොතෙ මට බෑ අප්පගෙ හිත රිදවලා යවන්න.....

කමක් නෑ...නිර්වාන් ...වෙන්න තියන දේවල් වෙන්න නියම විදිහට උන දෙන්...උඹ එකපාරක් මගෙ හිනාව මැරුවා කියන්නෙ...මට පුලුවන් මගෙ ජීවිත කාලෙටම කවදාවත් හිනා උනෙ නැති එකෙක් ගානට ජීවත් වෙන්න.....

චූටි....චුටි....දැන් ඉතින් හොද ළමයා වගේ ආපහු පරන චූටිම වෙන්න....ගෙදර ගිහින් අඩන්නෙ නැතුව ඉන්න ඒක නිසා හිනා වෙලා ගෙදර යමු...මං ඔයාට හරි ආදරෙයිනෙ ලමයෝ....!!

අතුරු පාර දෙපැත්තෙ තිබුන හිස් ඉඩම් වල මෙලෝම මගුලක් නැති උනත් මහපාරෙයි ඉඩම් මායිමයි මැද තියන අගල පුරාවටම බාලොලියා වැවිල තිබුනා...(ගඳ පාන) පාට දෙකතුනක පුංචි පුංචි මල් එකතුවෙලා ලොකු මලක් හැදෙන බාලොලියා පදුර පුරාවටම හැදෙන බාලොලියා ගෙඩි පොකුරු කොලපාටින් වගේම ඉදිලා ඉදිලා වැඩිවෙච්චා කලූ...පාටින් දිලිසනකොට ගස් ගද ගහන්න හරි මං අගලට පැනලා එකම එක පොකුරක් කඩා ගත්තා...කන්න හිතක් තිබුන් නැති උනත් මට එකක් හපන්න ආස හිතුනා...

ගම වගේ නෙවෙ නගරෙ....ගස් කොලන් කැලෑ කොල හරි අඩුයි....මෙහෙ අගලක ඇරුනොත් වෙන කොහෙවත් බාලොලියා නෑ...ඒ උනාට අපේ ගමේ....බලු බෙටුයි බස් හෝල්ටුයි වගෙ හැම තැනම බාලොලියා...ඒ උනාට අපේ අප්පච්චි නම් මෙව්වා කන්න දෙන්නෙ නැනෙ.....එයා කියනවනෙ මේ ගෙඩි ඇවිදින් ගැරඩි සූප්පු කරනවා කියලා .....

ම්හුක්..අනේ මන්දා බොරු වෙන්න ඇති නේ...කියන්නත් බෑ...ඒ උනාට මෙහෙ බේතකට වත් හුඹහක් හොයාගන්න නෑනෙ....උන්නත් මෙහෙ ඉන්න උන් හෙන පොශ් ඇති....උන්ට මෙව්වා සූප්පු කර කර ඉන්නවට වඩා වෙන වෙන මගුල් ඇති සූප්පු කරන්න...

මං බාලොලියා ගෙඩියක් ඇගිලි තුඩු වලින් ගලවන් ඒක කටේ දාන් අනික විසික් කෙරුවා ..උඩ හිත මොන මගුල කිව්වත්....මෙහෙ ඇති ගැරඩියෙක් නෑ කිව්වත් යටි හිත කියන්නෙම අප්පච්චි කිව්ව වගේම ගැරඩි ලොවනවා ඇති කියලා වෙනකොට ගැරඩියගෙ කහපාට කොරපොතු මතක් වෙද්දි මං අරක අල්ලා විසික් කරලා ලේන්සුවෙන් අත් දෙක පිහිදගන ලේන්සුව ආපිට සාක්කුවට ඔබා ගත්තා ....

මේ පාරවල් වල මෙලෝ මගුලක් නෑ...ගඩා ගෙඩියක් නෑ ...ඒකට අපේ ගම...ඉස්කෝලේ ඉදන් ගෙදරට එනකොට ශර්ට් වල කහට පැල්ලම් ගනින්න බැරි තරමට...තනිකරම ලිට්ල් හවුස් එකේ තියන මිටියාවතෙ පලතුරු වගේ...නැති මගුලක් නෑ....මෙහෙ..මග දිගට අඩු ගානෙ ගැට පොලොස් වත් නෑ...

ම්හූක්...මහා.....විසකුරුයි මේ කොන්ක්‍රීට් වනන්තරේ නම්.....යස අපූරුවට කැලෑ ගෙඩියක් කාගන උන්න මුව පැටව් දෙන්නව ගෙනත් මෙ කොන්ක්‍රීට් වනන්තරේට අතෑරියනෙ.....

කොන්ක්‍රීට් වනන්තරේ....උන්න සර්පයා...

තහනම් ගෙඩියකට රැවටිලා.....

ම්ම්ම්...හුක්...කු....හූ..ක්....ක්ක්..කු...!!

මං කවුරුත් නැති අතුරුපාර දිගේ බහුබූතයො එකේ සිංදුව කිය කිය සිග් සැග් එකට පැන පැන ආවා..කොච්චර වා....ත් මම මාවම රවට්ටගන්න හැදුවත් හිත අස්සෙන් සැරින් සැරේම නිර්වාන්ව මතක් වෙනකොට මුනෙ තිබුන මගෙ බොරු හිනාව නැති වෙලා ගියා.....ආයම දුක හිතෙන්න ආවා....

.නිර්වාන් එහෙන්.....

අනිත් පැත්තෙන් සනාශ් ..මං දන්නවා...ඌ අනිවාර්යයෙන්ම ඕකට හා කියනවා කියලා ...ඌත් දන්නවා...මමත් හෙඩාට හා කියනවා කියලා ..ඒත්...මං හා කියනවා නම්...අනිවාර්යයෙන්ම ඌට නොකියා ඉන්නෙ නෑ....ඒත් සනාශ් ...

කමක් නෑ..මටෝන් නෑ තොපි එකෙක් වත්...අප්පච්චි ගෙ චූටියට ඔය මොකෙක්වත් ඕන් නෑ...මට ඕන නිර්වානයෙකුත් නෑ...ඌ අර ටානියා නල්ල තම්බියා එක්කම උන්න දෙන්...මාත් ගින්දරී වගේ යකින්නක් හොයා ගන්නවා...එතකොට ඔය මොකුත් ඔන් නෑ....අනික ඒකිට කරන්න බැරි දේකුත් නෑනෙ....ලස්සනත් එක්ක..ම්හුක්...නිර්වානයා වගේ නෙවෙ....

අප්පච්චි ගෙන් අහන්න ඕනෙ කොහෙට හරි බාරයක් වෙලා ඒක ඔප්පු නොකර ඉන්න බෑද කියලා ...එතකොට මටත් ගින්දරියෙක් හම්බෙයිනෙ....

සැලලිහිනියට කොල්ලෙක් එක්ක යන්න හොද නම් මට යස්සනියෙක් එක්ක යන්න බැරි මොකද....

එව්...එව්ව්.....යකෝ....තූ...තු...තූ....අම්මෝ එපා.....පස්සෙන් ඒවි....

මං එන්න ආවා.....මග දිගටම විකාර බහුබූත හිත හිත ආව මම අවසානෙදි හෙඩා වෙනුවට යස්සනියෙක් හොයා ගන්නම් කිය කිය ඇවිත් ගෙවල් වලට හැරෙන තුන්මං හන්දියෙදි මගෙ කටට ගහගන තූ තූ තූ ගාලා කෙලපාරවල් තුනකුත් ගැහුවා ...කව්ද අම්මෙ දන්නෙ නිකමට හරි ඇහුනොතින් .....යක්කු ගස් වලින් බහින වෙලේ....

යෝහ්....සුතර්මගෙ මල්ලිගෙ දෙවනි දරුවා මොනවා හිතනවදෝ...මන්දා ....

මේ....ඇහුනතෝ.....මට ඕන යකින්නියෙක් නෑ...ප්‍රෑන්ක් එකක් කෙරුවෙ...හොදේ....මට දැනටමත් වැරදිලා මනුස්සයෙක් උන යකෙක් ඉන්නවෝ.....

හන්දිය ගාවදි මුමුනපු දේ ඇහිලා මොකෙක් හරි මගුලක් මගෙ පස්සෙන් ඒවි කියලා බය හිතුන මං මට ඕන යකින්නක් නෑ කියලා කියලා මනුස්සයෙක් උන යකෙක් ඉන්නවා කියපු මං එතන ඉදන් ගෙදරටම දිව්වා ...

මං දිව්වා පස්ස නොබලා හයියෙම්ම දුවලා ගෙදරට ලන් වෙන්න තියලා නැවතුනා .....

බලු හති ..අම්මොහ්...

දුවන් ආවෙ අඩි දහය පහලව උනත් ආයමත් හර්ද වස්තුව එලියට පනින්න හදනකොට මං පපුව අත ගගා ලොකු නැන්දලාගෙ ගෙදර ගාවට ලන් වෙනකොට මං මග දුරක් තියලම වත්තට දාන්න ඉඩක් නැති හන්දම පාරෙ අයිනෙ නවත්තලා තිබුන

"ආසියාවෙ ආස්චර්‍යය "කියලා ගහල තිබුන පොඩි නැන්දලාගෙ කැරමල් පාට caravan එක දැක්කා....

දැන් ඉතින් කොහොමත් මූඩ් ෆික්ස් කරගන්න වෙනවා....මෙතන ඇහැට රොඩ්ඩක් ගියත් පොඩි නැන්දා ඕකට කියවනවා...අම්මපා පොඩි නැන්දට අපි දෙන්නව පේන්නම බෑනෙ මොන මගුලක්ද මන්දා .....මොන කෝන්තරයක් පිරිමහනවද දෙයියො තමා දන්නෙ.....

සමහර විට අපි දෙන්නා හොදට ඉගන ගන්න හන්දා වෙන්න ඇති....අරකිට මගුල් විසේ ගැහුවට අපිට ගැහුවෙ නෑනෙ ඒක හරි පුකක් උනානෙ.....ඒකි පැනලා ගියා කියලා අපිත් පැනලා යන්නද....නෑනෙ.....

මං කැරමල් පාට වෑන් එකෙ පිටිපස්සෙ වීදුරුවෙ තිබුන අකුරු දිහා වගේම කොනේ විරිත්තන් ඉන්න මැදමුලානෙ අප්පච්චි දිහා බැලුවා .....

ඒ හිනාව....ඇඩෙන්න එනවා අපෙ හාන්තුරුවනෙ.....

ආසියාවෙ ආස්චර්‍යය කෙසෙවෙතත් හොරොව්පතානෙ ආස්චර්‍යය නම් පොඩි නැන්දා තමා....ආසාවට කන්න බනිසක් නෑ.....බිත්තරයක් නෑ.....මොන මගුලක් වත් නෑ.....ඒත් කියනවනෙ ආස්චර්‍යය කියලා ....හුම් හුම්...ඉන්න හිතෙන රටක් අපි වැටිච්ච තැනක්....පොඩි නැන්දලා නම් එකෙම්ම බයියොනෙ.....නැත්තන් අඩේ....නන්දසේන මහත්තයා දිවුරුම් දෙන හැටි බලන්ඩ කියලා අර ඇදේ උන්න ආච්චම්මවත් උස්සන් ගියානෙ....

හොද වෙලේට මායි අරුයි නොගියෙ.....අපිට පක්ශ නෑනෙ ..නිර්පාක්ශයි.....

අඩලා තිබ්බ මූන තවත් පාරක් හදා ගත්තු මං ගේට්ටුව ගාවට ඇවිදින් නැවතුනා...වෑන් එක තියනවා කියන්නෙ අනිවාර්යයෙන්ම පොඩි නැන්දා ඉදී....අපෝ....අර ලමා තැනි හංසියත් ඉදී...ඒකිගෙ සූටින් මාටියා මිනිහා ඌත් ඉදී...ඇයි ඉතින් උගෙ උනුත් ඉදී....හොරෙන් පැනලා ගියාට පස්සෙ එන පලවෙනි නෑ ගමනෙ....අමෝර්..අමෝර්...විවාහක යුවල.....මගුල් කෑම.....

ම්හුක්....උන් මොකට ආවද....රට යන්නෙ අපේ අප්පච්චි නෙ.....ඉස්සර වගෙ දැන් එයාපෝර්ට් යනකොට පොල්මල් ගහගන ගමම යන්නෙ නෑ අප්පා...ලැජ්ජාවෙ බෑ...යන එකයි ලගම උදවියයි විතරයි ....

සිස්ටම් චේන්ජ් අනෙ.....යෝහ්...ඇත්තමයි මුන් ඔක්කොම ගියොත් මං නම් යන්නෙ නෑ....මන් ගෙදර ඉන්නවා....

මං මගෙ ඇදුම දිහා බැලුවා....සපත්තු වල දූවිලි තියනවද බැලුවා ...නැත්තන් පොඩි නැන්දා මගෙ සපත්තු ලේස් එකේ හැඩේ අල්ලන් හරි අනුසාසනාවක් දෙනවා ....ඒ උනාට දුව පැනලා ගියා ....

අප්පච්චි ...

හොරා වගේ ගේට්ටුවෙන් ඇතුලට ආව මං සපත්තු ගලවලා මේස් පිටින් හිමීට බෙල්ල දැම්මා...සාලෙ මොකෙක් වත් නෑ....අප්පච්චි ගෙනියන බෑග් තුන ඇරෙන්න මොකුත් නැතිවෙනකොට කුස්සියෙන් ඇහෙන ගෑනු කච බචේ එක්ක මං හිමීට අප්පච්චිව ඇමතුවා ...

අප්පච්චි ...චූටි පුතා ආවා....කොහෙත ඉන්නෙ.....සුතර්මා...මේ දරු පැටියා ආවා...

කරේ දාන් උන්න පොත් බෑග් එක වෙනදා වගේ පුටුව උඩින් නොදා ඒක අරන් ගිහින් කාමරෙම්ම තිබ්බ මං හිමින් හිමින් කුසියට ගියා ...ඔය දේවලුත් ඇති අර පොඩි නැන්දට.....පන්න පන්න පලිගන්නෙ අඩේ...

මාස තුන පනිනකන් ඔහොම තමා ඉතින්.....

කටට අප්පිරියාවයි තමයි...ඒ උනාට නොකා නොබී ඉන්න බෑනෙ....

අපේ සුතර්මා නේත ඒ.....ඒ මොකත...ඒ....කට අප්පිරියාව...

කුසියට යන්න හදපු මම ගෑනුන්ගෙ කචබචේ මැද ඇහෙන ලොකු නැන්දගෙ කටහඩ ඇහිලා මගදි නැවතුනා.....මාස තුන පනිනකන් ඔහොම තමා කියන්නෙ....පොඩි නැන්දට ආයම ළමයෙක් වත් හම්බෙන්නද.....???

හත්තුක්කේ....මුනිදාස අයියේ....ආයමත් ඔන්න බබෝ ඇතින්නියෙක්ද...??

ආ..ආ.....හරිම අගෙයි පොඩි නැන්දෙ....පැනලා ගිය වයසෙ දුවෙක් ඉන්නකොට ආයම ළමයි හම්බ කරගන්නෙ නම් හරිම අගෙයි පොඩ් නැන්දේ...දැන් ඉතින් පොලී ගාන තව වැඩිවෙයි ....ඇයි ඉතින් ඔය ලමයටත් එක්කම පොලිය ගනී....එහෙව් ගෑනි පොඩි නැන්දා..හරිම ප්‍රිතී....හරිම ප්‍රීතී ඈ....

අනෙ මන්දා නැන්දෙ...ඇගට පතට හරී අමාරුයි ....

එහෙම නේනම් හංසියො....උඹලගෙ අම්මටත් එහෙම නේන්නම්...

හත්තුක්කෙ ...අනේ මුනිදාස අයියෙ ..ඒ පාර අම්මලා දුවලා දෙන්නම ළමයි හම්බකරන්ද....හරිම අනර්ගයි දරු සෙනෙහස දෝර ගලන අපූරුව නම් හරිම අනර්ගයි.....

චුටී.....

ල්..ලොකු නැන්දෙ....

කොයි වෙලේද ආවෙ...මොකද මෙතන හිටන් කරන්නෙ.....

මං උන්නෙ කටට අත තියාගන ළමයි දෙන්නෙක්ම හම්බෙන්න ඉන්න හන්දා පොඩි නැන්දා පොලි අනුපාතෙ අහස උසට නග්ගයිද දන්නෙ නැ කිය කිය කල්පනා කර කර ඉන්නකොටම කුසියෙ උන්න ලොකු නැන්දා එලියට ආවා ...

සුතර්මා...

මොකද ...

මේ අනෙ....

මොකද බන්....

මෙහෙ එන්නකො....

මං ලොකු නැන්දව අතින් අල්ලන් අහකට ගියා.....වෙන මොකටවත් නෙවෙ ඊයෙ පෙරේදා ඉදන් පොඩි නැන්දගෙ චරිතේ ගාතනේ කර කර මඩ ගහපුව කිව්වද අහන්න....

ඔයා පොඩි නැන්දගෙ කනෙ තිබ්බද

මොනවද ...

මං එයා ගැන කියපුවා....කිව්වත් නම් කමක් නෑ...ඒ උනත්..දැන් ඉන්න තත්වෙ අනුව ඔව්වා කියන එක එච්චර හොද නෑනෙ සුතර්මා .....එක්කෙනෙක් නෙවෙනෙ...ඔයාට තේරෙනවනෙ....බබා ගැන හිතලා වත්....

මං හිමීට කුටු කුටු ගෑවා ....කුටු කුටු ගගා වට පිට බලනකොට ලොකු නැන්දා මගෙ දිහා බලාගන උන්නා හරියටම මේ අවේලාවෙ මු මොනවා දොඩවනවද මන්දා අහන්න වගෙ....

මොන බබාද චූටි.....

මොන බබාද අහන්නෙ ඔය හම්බකරන් ඉන්න බබා...ඔන්න බලන්න ලොකු නැන්දෙ...මං අද කිව්වා කියලා හිතා ගන්න පොඩි නැන්දා පොලියට දෙන ගාන කියන්නෙ ඔය බබාටත් කොමිස් එකක් තියාගන නෙවෙ නම්...මට ඉජුහ් කියන්න ආ.....

හම්බකරන් ..උඹට අමු කැවිලද කොල්ලො මෙන්න මෙහෙ මාව අතෑරපන් අර බඩු ටික "පැට්"කරන්න...බබෙක් ගැන කියවනවා මොකාගෙ බබාද උඹ කියන්නෙ...

යෝ...හ් පැට් නෙවෙ අනෙ පැක් පැක්..පැක්...ඒකවත් කියන්න දන්නෙ නෑ.....ඒකට මොකද ටවුමෙලු.....බබා ගැන කියන්නෙ පොඩි නැන්දට හම්බවෙන්න ඉන්න බබා අනෙ...ඔයාලා ඔය කියෙව්වෙ තුන් මාසෙ යනකන් අරකයි මේකයි ගගා...මං අහහගන ඔයත් මිඩ් වයිෆ් නෝනා වගෙ උපදෙස් දුන්නා අම්මටයි දුවටයි ..අපෙ....අම්මෙ.....අපෙ අම්මගෙ මැරිච්ච අප්පච්චි පල්ලයි....අපේ කාලෙ නම් මෙහෙම උනෙ නෑ සුත්...ආ...අව්....ආව්හ්...අනෙ...කන....

අදින්න එපා අනෙ....කනෙන් අදින්න..එපා....ඇදෙයිනේ ...ඌව්හ් අනේ....

කටවහපිය....කටවහපිය නොදන්න මගුක් අහන් ඉදලා කියවන්න...ඇත්තමයි චූටියා උඹට නම් මම දෙනවා.....

ම්හුක්....ඌයි අනේ..ඒ කන යාරයක් විතර ඇදුනද මන්දා....ඇයි වදෙ ඔයානෙ කිව්වෙ මාස තුන පනිකන් අප්පිරියාවයි කියලා ලමයිලා හම්බෙන්න ඉන්නකොටෙ නේන්නම් අප්පිරියාව..ඔයා හිතුවද මං දන්නෙ නෑ කියලා...මං ඔක්කොම දන්නවා...ළමයි හදන පිලිවලේ..... ඉද....ඌව්....ඌව්....ඌ...ව්ව්...

මේ කට නම්..මේ කට නම්....උඹගෙ කට කඩන්න ඇත්නම් මට...කටවහපිය...වරත්තු කතා කොහෙන් ඉගනගනද මන්දා උඹ...ඇත්තමයි චූටියා වෙලාවක් අහූනොත් උඹට දෙනවා මම.....

ඇයි වදේ...වරත්තු කතාවක් වෙන්නෙ කොහොමද ..... ....ඉතින් ඇත්තනෙ ..අපි ඇත්‍ත කතා කරනකොට බොහොම අමාරුයි නෙ...ලොකු නැන්දා කියන්නෙ පොඩි කාලෙ වගෙ තාමත් අර රෝස කැලෙන් ගෙනාවා කියන කතාව විස්වාස කරන්න කියලද...අනේ නිකන් ඉන්න සුතර්මා...මට දැන් ඔය ගොන් ජෝක්....ඌව්...ආයමත් ගැහුවා...කටටමනෙ ගහන්නෙ....අප්පච්චි ගෙ දරුවට කොයි වෙලෙත් ගහනවා.....

දුවපිය මෙතනින් විකාර කතා නොකිය...

මං ආයම පාරක් ගුටි කෑවා....මුල්ලකට ඇදන් ගියපු ලොකු නැන්දට පොඩි නැන්දා ගැන අනම් මනම් කියනවත් එක්කම කියන ඒවා එකක් නෑරම අහන් උන්න ලොකු නැන්දා මාව එලවලා දැම්මා.....ඒ එක්කම කටට ඩෑස් එකක් කාපු මං කට අත ගගා කුසියට යනකොට හංසියා බබ්බු බබ්බු ඉන්න ගවුමක් ඇදන් මොකාද වගේ ඉදගන ඉන්නවා....පොඩි නැන්දා ඒකිගෙ ඔලුව අත ගානවා.....ඒකියන්නෙ....හංසියට විතරද බබෙක් හම්බෙන්න ඉන්නෙ...

යෝ...ඉති....න්....වැරදි වැටහීම් නේ......

මේන් අම්මෙ.....චූටී....ඇවිදින්....

හංසි අක්කෙ...කොහොමද ....

හොදයි චූටි.....කෝ අයියා....

හංසි අක්කා ලස්සන වෙලා නේද පොඩි නැන්දේ...

ඒකන්නෙන්නම්...බලපන්කො චූටියො...

අන් හිමීට කතාව මාරු කෙරුවා....අඩි හතරක් වත් උස නැති නිට්ටෑවෙක් වගේ ඉන්න හංසි අක්කට බබා හම්බෙන්න ඉන්න හන්දා වමනෙ ගිහින්ද කොහෙද මූනත් එක්ක ඥෑව් වෙලා ගිහින් තියනකොට ඒකි සනාශයව ඇහුවා විතරයි කතාව මගාරින්න මං බොරුවක් කිව්වා..ඒකි හිනා උනා..ඒ කතාව සීරියස් ගත්තු පොඩි නැන්දා වැඩියෙනුත් එක්කා ඔලුව අතගෑවා.....

දැන්ද පොඩි නැන්දෙ ආවෙ...

ඔව් චූටියො...මෙ ආව විතරයි...කෝ උඹලගෙ ලොකු එකා....ඌ ආවෙ නැද්ද... 

අයියද....අයියට අද ශිශ්‍යනායක රැස්වීමක්.....ඩිෆුයිටියගෙන් පස්සෙ ඉන්නෙ අපේ අයියනෙ....

.හැබෑට....මේ ඇවිත් දවසට දෙකට ඌට එව්වත් හම්බුනාද.. 

ඔව්...ඔව්...ඌ දැන් ඩිෆියුටියගෙ ලේකම්....මම හෙඩාගෙ ලේඛම්.....හොරොව්පතාන වගේ නෙවෙනෙ පොඩි නැන්දේ මෙව්වා.....තානාන්තර හම්බෙනවා කැපී පේනකොට ...

ආ.....හැබෑට...කොච්චර එකක්ද....

ආව මෙතන මගුලක් අහන්.....පොඩි නැන්දා ඔහොම්මයි...ලොකු නැන්දා නම් ආදරේටනෙ ඔය වහපිය දුහපිය කියන්නෙ...පොඩි නැන්දා පොඩි කාලෙ ඉදන් අපි දෙන්නට කතා කෙරුවෙම සත්තුන්ට වගෙ...අරූ මූ....වර පල...කාපන්...බීපන්..ආසාවට පුතේ කියලා නෑ...ඇරත් අපි දෙන්නා එක්ක පුදුම ඊරිසියාවක් තියෙන්නෙ.....පන්ති යැව්වත් කියන්නෙ උඹලා මොකට ඔච්චර පන්ති යනවද.....කවදා හරි උඹලත් අප්පච්චි වගේ ඩ්‍ර්‍යිවර්ලා නේන්නම්.....අරකද මේකද....හංසියා මැහුම් පන්තියකට ගියත් ඒකිට ඉදිකට්ටට නූල ඇමිනුවටත් උපාධියක් හම්බුනා කියනවා....මේක නම් පුදුම ඊරිසියාවක්...ලොකු නැන්දගෙ අහලකින් වත් තියන්න බෑ...

ආ අක්කෙ..මේන් මේකලා.ඉස්කෝලේ ලේඛම්ලා කියන්නෙ..

චූටි පුතා බත් බෙදන්නද.....

දැම්ම එපා ලොකු නැන්දෙ...අප්පච්චි කෑවද....

අප්පච්චි නානවා.....

බතුත් අතට බෙදලා දෙන්න ඕනෙද....යසයි...උඹට ඇගපත අමාරු එන එක අහන්න දෙයක්ද අක්කෙ....

මම ලොකු නැන්දා දිහා බැලුවා.....බත් බෙදලා දෙන්නද ඇහුව එකටත් පොඩි නැන්දා ඇදයක් කිය කිය හංසියගෙ මෝඩ ඔලුව අත ගානකොට මං බලාගන ලොකු නැන්දා කට කොනකින් හිනා වෙන ගමං පිගන් රාක්කෙන් පිගානක් අරන් හංසියා දිහා බැලුවා...

දැන් හංසිට කසාද සහතිකෙ තියනවද පොඩි....ළමයි හම්බෙන්න ඉස්පිරිතාලෙට යනකොට දැන් කසාද සහතිකෙ පවා බලනවා...පැනලා ගිය හන්දා ඔව්වා ඉක්මනට හදාගන්න වෙයි....උප්පැන්නෙට ලමයට මව්පියන් විවාහකද අහනවනෙ....

.හරි නේ...යෙස්...ලොකු නැන්දේ.. යෙස්...

ඉදලා ඉදල සුතර්මා අතෑරියා නේත දැවැන්ත කනේ පාරක්...හරිම අගෙයි...ලොකු නැන්දේ...හරිම අගෙයි....මල්ලිගෙ දෙවනි දරුපැටියට පක්ශ උන හැටි නම් හරිම අගෙයි...ප්‍රීතී....ප්‍රිතී....!!!

බැදලා උන්නා උනත්.....පැනලා ගියා කියන එක සද්දෙටම කියපු ලොකු නැන්දා රයිස් කුකර එකෙන් බත් බෙදනකොට මම පොඩි නැන්දා දිහා බලලා කින්ඩි හිනාවක් දාලා බත් පිගානට අත් දෙකෙම්ම වැදලා අරන් සාලෙට එන්න ආවා...

බුදු බව ලැබෙන්න ඕනා සුතර්මා.....අපේ ආයුසත් අරන් ජීවත් වෙන්න ඕනා....ඊරිසියාකාර කමක් නැතුව....තමන්ගෙ දරුවන්ට වගෙ සලකනවට....

දැවැන්ත කනේ පාරක්...යෙස් whotto යෙස්...!!!

මං බලාගන පොඩි නැන්දගෙ මූන තනිකරම උනු වතුර වැටුන ප්ලාස්ටික් බෝතලේක කටක් වගේ ඇඹරිලා ජොහොර වෙලා ගියා.....ලොකු නැන්දා එහෙන් දෙනකොට අනිත් පාර මං මෙහෙන් කියලා වෙනදටත් වඩා ලොකූවට බෙදලා දුන්න බත් එකත් අත් දෙකෙම්ම උස්සන් එනකොට නාන්න ගියපු අප්පච්චි බාතෲම් එකෙන් එලියට ආවා...මෙච්චර වෙලාම කියවපු මට දුක හිතුනා.....

අනේ ඉතින් ආය එන්නෙ අවුරුදු දෙකකින් නේ...අනේ යන්න එපානෙ අප්පච්චි නවතින්නකො ...

බත් එක තියන් අප්පච්චි ගෙ මූන දිහා බලන් උන්න මට හිතට එන දෙ කියලා කැ ගහන්න හිතුනා...එයාපොර්ට් එකේ සුදු වීදුරුව ගාව දැනෙන හැගීම හැමදාම මගෙ හිත හරියට පෑරුවා.....ඇතුලට ඇතුලට ඇතූලට යනකන් යන්න දුන්නත් චෙකින් පොයින්ට් එක් ගාවදි අනෙ නවත්තගන්නකොට ...කියන්න තේරෙන්නෙ නෑ...එවෙලෙට නම් පපුව පැලෙන්න එනවා.....අපි හැමෝම රතුපාට පටි ඇදපු තැනින් නවතිනකොට එයා සුදුපාට වීදුරුවෙනුත් එහාට ගිහින් පේන්නෙ නැතුව යන්න ඔන්න මෙන්න තියලා හැරිලා බලන බැලිල්ල එක්ක අවංකවම මට මැරෙන්න හිතෙනවා...

අනේ....අප්පච්චි .....යන්...න....එපානෙ.....

චූටි.....

හිතින් එයාපෝර්ට් එකට පියාඹපු මට..මටත් නොදැනීම අවසානම මොහොතෙ හිත අස්සෙ ලියවෙන දේ කටින් පිට වෙලා තියනකොට අප්පච්චි මගෙ ලගට ආවා...

අනේ..අප්පච්චි ...ඉ...ඉන්නකෝ.....යන්...න...එපානෙ.....

ආ....මේ....මොකද මේ....පලවෙනි පාර රට යනව වගේනේ මේ හුරතල් වෙන්නෙ....උඹලා පොඩි කාලෙ ඉදම්ම.අප්පච්චි රට නේන්නම් උන්නෙ...අප්පච්චි ගැන ඔච්චර දුක නම් අයියට මල්ලිට පුලුවන් නෙ රස්සාවකට යන්න....

ඉස්කෝලේ යවන්ඩත් දැන් නිකන් පුලුවන්ද.....පොතක්ම කීයක් වෙනවද....

ආ පොඩි මල්ලි.....මුන් දෙන්නටත් ඔය ෆාම් එකකවත් වැඩක් බැලුව නම් නරක නැද්ද....

ඔන්න පටන් ගත්තා...ඔන්න පටන් ගත්තා....පොඩි නැන්දගෙ කටට හොරි වත් දාන්නෙ නෑනෙ යකො........

බත් එක තනි අතට ගත්තු මං අප්පච්චි ය්න්න එපානෙ කියාගන තවමත් වතුර බින්දු එකක් දෙකක් රැදුන පපුවට ඔලුව ගහගන්නවා එක්කම කර උසට ටිකක් අඩුවෙන් උන්න මාව අප්පච්චි එක අතකින් තුරුල් කරගන්නවා එක්කම මෙච්චර වෙලාම කුසියෙ උන්න පොඩි නැන්දා ආයම වාතයක් වෙන්න ආවා...පොඩි නැන්දට ඕනෙම අපි දෙන්නව ඒ කාලෙ ඉදම්ම කුඹුරක් කොටන්ඩ වත් යවන්න...ඒ තරම් ඊරිසියාව .....

උන්ට ඉගන ගන්න නේන්නම් අපිදුක් විදින්නෙ...ඇරත් පොඩි අක්ක හිතන් ඉන්නවා වගේ ෆාම් වල ලගින එක ලේසි නෑ.....අනික...මං මේ අහන්න උන්නෙ....හංසිගෙ මනුස්සයට ආයම රස්සාව නැති එකේ....කොහෙ හරි යැව්ව නම් නරකද....ඔය ලමයි බමයි ආවම කොච්චර වියදම්ද...ඇරත් අක්කට හැමදාම ඔහොම ගිනි පොලි දිදි ඉන්ඩද....

ආ..ආ..ආ...අද නම් පොඩි නැන්දා නැගිටලා තියෙන්නෙ වැරදි පැත්තක් බලාගන වගේ...චා වෙනවා චා වෙනව ඉවරක් නෑ...

අප්පච්චි ගාව උන්න මං හිමින් සැරේ පොඩි නැන්දගෙ මූනත් තහඩුව දිහා බලනකොට මං දැක්කා ඒ ගෙඹි මූන තවත් චප්ප වෙලා තියනවා..අපරාදෙ චීනෙට රිලව් පටවන වෙලේ පොඩි නැන්දවත් පටවලා යවන්න බැරි උනේ.....

අප්පච්චි කවන්ඩද....

පොඩි නැන්දා යන්න ගියා....චා වෙලා කිච වෙලා උන්න පොඩි නැන්දා ගස්සගන යන්න යනකොට ඔලුව පිහදගත්තු අප්පච්චි මගෙ දිහා බලලා කවන්නද අහනකොට මං යන්තමට ඔලුව වැනුවා....

මං ගිහින් අප්පච්චි ගාව ඉදගත්තා.....වෙලාව තුනටත් කිට්ටු වෙන්න එනවා...සයාශයා තාම නෑ.....දැන් ඉතින් ඌට හරියට වැඩ ඇතිනෙ...ඩිපූටුයගෙ ලේඛමානෙ....

අප්පච්චි බත් කටක් අනනකොට තාමත් යුනි ෆෝම් එකෙන් උන්න මං ඉදුල් ගෑවෙයි කියලම ඇදන් උන්න ශර්ට් එක ගලවලා යට බැනියම පිටින් ඉදගන ඵෝන් එකට කොටන්න ගත්තා....හෙඩාව බ්ලොක් කරපු විදිහ එහෙම්මයි.....මම නෙවෙ ආය අන්බ්ලොක් කෙරුවෙ.....

එහෙමයි කියලා හෙඩාත් නෙවෙ වෙන එකකින් වත් ඇවිත් මාව අන්බ්ලොක් කරන්න කිව්වෙ....ඒක නම් පුදුම උද්දච්ච කමක්....අනේ උඹගෙ මන්ත්‍රී ලයින් උඹම තියාගනින් නිර්වාන් .....

කෝ ආ ගාන්න....

ආ....

මං කට ඇරියා.....අප්පච්චි අනපු බත් කටෙන් බාගක් ආපිට බත් එකට හැලෙනකොට මම ආ ගාල මගෙ හා කට ඇරියා ....

චූටි...කෝ ලොකූ....තාම නෑනෙ...

(Nom..nom..nom....)වම් හක්කෙන් දෙපාරක් හපපු බත් කට මං දකුනු හක්කට මාරු කෙරුව...නැත්තන් ඒ හක්කට දුක හිතුනොතින් ...

මට බත් කටක් කවපු අප්පච්චි ලොකුවව අහනකොට ගුනමකු පන්තියෙ උන්න ලොකුව " පාව දෙන පන්තියෙ"උන්න මං පාවා දුන්නා...

ඌ අප්පච්චි හෙ ලොකු බෑන එක්ක...

මො..මොකක්...මොනවද ලමයො කියන්නෙ.....

මොනවද කියන්නෙ...ඇත්තනෙ...කිව්වෙ...ඌ...අප්පච්චි ගෙ බෑනව හම්බෙන්න ගියා...

මේ කොල්ලට පිස්සුද මන්දා.....ආ ගාපන්...අව්වෙ ඇවිත් උඹට පිස්සු

ආ.....

මං ආයම කට ඇරියා.....කට අරලා අප්පච්චි දිහා බැලුවා...ගෙදරදි කොහොම කාගත්තා උනත් එලියට ගියහම සහෝදර ප්‍රේමෙ පිටාර ගලන්න රගපාන මමයි ලොකුවයි ගැන කල්පනා කරපු මං අප්පච්චි ගාවට ලන් උනා.....

කව්ද දන්නෙ...අප්පච්චි අව්ලක් නැය කිව්වොත්..ඇරත්...එයාලා ලෝකෙ ගැන අප්ඩේට් මිනිස්සුනෙ.....ගම හොරොව්පතානෙ උනාට...ඉන්නෙ රටනෙ...

අප්පච්චි ....

ම්ම්ම්...

අප්පච්චිගෙ දෙවනි දරුවට ප්‍රශ්නයක්නෙ අප්පච්චි ...

මොකක්ද....

බඩ්ඩක් අහන්නම්...ඇත්තටම උත්තර දෙන්න ඕනා හාත චින්තක.....

අහපන්....

හිටපු ගමන් ලොකු නැන්දට නම කියනවා වගේ මං අප්පච්චි ටත් නම කියලා කතා කරනකොට අප්පච්චි අනපු බත් කට පැත්තකින් තියලාමගෙ දිහා බලනකොට මං හොරා වගේ තවත් ටිකක් ලන් උනා....

අප්පච්චි ....අපච්චිගෙ නිවුන්නු දෙන්නා ඉන්නෙ....

ඉතින්....

අප්පච්චි ...කවදා හරි ..අප්පච්චි ට...ලේලිලා දෙන්නෙක් වෙනුවට බැනලා දෙන්නෙක් උන්නොත්....ඔයා මොකත චින්තක කරන්නෙ...

උඹට නම් පිස්සු චූටි ආ ගාපන්කො....

හරි ඉතින්...අන් අහනෙ....එහෙම උනොත්....ඔයා...මොකත කරන්නෙ...ඔයයි...ඔයාගෙ වයිපුයි....මොකක්ත ගන්න තීරනේ....ඔයාගෙ වයිප් නම් අනේ මුලින් මුලින් කච බච ගායි..ඇයි ඉතින් දරු සුරතල් වත් බලන්න බෑනෙ බෑනෙක් ගෙනාවොත්...ඒ උනාට චින්තක.....ළමයි හදන එකම නෙවෙනෙ බදිනවා කියන්නෙ....ඈ...මං කියන්නෙ...👉👈

මං ඇස් පිල්ලම් දෙක තුනක් ගැහුවා.....දබර ඇගිලි දෙක එකට හැප්පුවා.....අප්පච්චි මගෙ දිහා තත්පර ගානක් බලන් ඉදලා ආපහු බත් කටක් අනන්න ගත්තා . ..

ආ ගාපන් බහුබූත නොකියා ....ලේලිලා නැතුව බෑනලා වත් හම්බ උනොත් ලොකු දෙයක් උඹලගෙ කටවල් දෙකෙ හැටියට ....හොයා ගන්නව නම් ගොලු බීරො දෙන්නෙක් හොයා ගනිල්ලා ... ආ ගාපන් දැන් උඹට අඩු ඔච්චරනෙ .....

ම්හුක්....යො....චින්තක.....ඔයා කැමතීද අනෙ. .....ඔව්ද කියන්නකො ...ඈ....අප්පච්චි ....ඔයාලා ඉතින් හරී සෝසල් මිනිස්සුනෙ...

ආ ගාපිය....

අනේ...මුනිදාස අයියෙ . ....හ්.....අප්පච්චි ලාවට ලාවට කැමතී වගේනෙ...ඇරත් නිර්වානයා නම් කොහොමත් ගොලුවනෙ....

යෝ....නොම්බර දාහත...සලුපොට අහසට ....මං බය නෑ සාමා....හෙඩ් පිපෙට් අයියෙ .... ..මාමන්ඩියා කැමතී ඩෝ.....

ඒ..ඒ....ඒ උනත් මං උඹ එක්ක තරහයි නිර්වාන් ...උඹ මට රිදෙව්වා .....මං උඹව හැමදාම බ්ලොක් කරනව....

මටෝන් නැහ්...!...

අප්පච්චි අනාපු බත් කට මගෙ කටට දාන ගමන් ගොලුවෙක් හොයා ගන්න කියනකොට හෙඩාව මතක් උන මං පස්වනක් ප්‍රීතියෙන් පිනා ගියත් හෙඩාගෙ ඉස්කුරුප්පුච්චිව මතක් උන මට ආයම එපා උනා.....

අප්පච්චි ....ආ.....මූ කවාගන්නවත් එක්ක....

ලොකූ....මොකද මෙච්චර වෙලා ගියෙ...

පන්තිය අතුගාන්න තිබ්බා අප්පච්චි ....ඩෙස්ක් හදලා අතුගාලා එනකොට වෙලා යනවා....අනෙ චින්තක මටත් කවන්නකො ඔහොම....

මං බලාගන උන්නා.. ඩිපූටියා එක්ක පෙම්.කෙලලා ආව සැලලිහිනියා අතෙ පැලවෙන බොරු කියන ගමන් ඌත් පුටුවක් ඇදලා අරන් අප්පච්චි ගාවින් ඉදගන්නකොට මං උගෙ පෙට්ටි කට දිගා බලාගන උන්නා....අප්පච්චි ඒ එක්කම උෆෙ කටට බත් කටක් එබුවා .

හරිම අගෙයි....හරිම අගෙයි සැලලිහිනියගෙ මුසාබස් තෙපලීමෙ විලාසෙ නම්....ප්‍රීතී....ප්‍රීති...

මූ කාවද බන් මේ රවට්ටන්නෙ.....

අතුගාන්න උන්නා.....එහෙනම් මේ චූටි කිව්වෙ මගෙ ලොකු බෑනව හම්බෙන්ඩ ගියා කියලා මොකාද ඕකාඅඩු කඩන්ඩ අල්ලගන...

කැහ්....කැහ්...අ...අප්පච්චි ....කැහ්...කැහ්...

උඹට කැස්ස වගේත ලොකූ.....ඉදා මේ වතුර එක බීපන් ...ඇත්ත කියනකොට කැස්ස තමයි....

කැහ්.....මොනා ....ද අප්පච්චි මේ කියන්නෙ....බෑනව...?? මොන බෑනෙක්.....පිස්සුද අනෙ...මං උන්නෙ අතුගාන්න...ඇරත් කොල්ලෙක්....මොන විකාරද මන්දා....කව්ද අනෙ ඔයාගෙ ඔලුවට ඔය විකාර දාන්නෙ.....ඉගන ගන්න කාලෙ මං ඔව්වා පටලව ගන්නෙ නෑ....විකර කියවන්න එපා අප්පච්චි ....අම්මත් දැනගත්තොත් මොනා නොකියයිද....විහිලු නම් .....විහිලු...ඇයි අනෙ...

අමෝර් ...අමෝර්....ගුරුසිත නොරිදවා...වෙලාව නොවරදවා ....අකුරු උගනී කුමරු සොදවා...මූ පන්තියෙ පලවෙනියා වෙන සමන් කුමාර නෙමැයි...බලපියකො මුගෙ අහිංසක කම.....රහසින් වත් පෙම් නොකෙරු තැනත්තා...පිච්චමල්බිසව් තමෝ.....

හරි ඉතින් උඹ දැන් මොකටද ඔච්චර කියවන්නෙ...මේ චූටියා කිව්වා වගෙ තියනවා නම් තියනව කියලා පිලිගනින් නැත්තන් ගනන් නොගෙන ඉදපන්....එක වචනෙට වචන සීයක් කියන්නෙ මොකද උඹ. 

ඒක නේන්නම් මාත් මේ බලන් ඉන්නෙ...අප්පච්චි කිව්වෙ එක වචනයයි....මූ වචන දාහක් කියනවා ඒ උනාට අප්පච්චි ඔය සමහරුන්ගෙ එකට උන්නත් බොක්ක වෙනස්...ඒක හින්දා කටෙ එකයි හිතෙ එකයි...

චූටි....

මං අහක බලා ගත්තා .....කොච්චර සතුටින් ඉදපන් අයියෙ කියලා ආවත් උඹ මට කිව්වෙ නෑනෙ කියන වචන දෙක තුන මට ඉදිකටු අනිනවා වගෙ පපුවට අනිනකොට මං සනාශයට කැපිල්ල දාලා අහක බලාගත්තා .....

චූටි ආගපන්...

ම්හුක්....මට ඇති .....අප්පච්චි ..මං ඩයට්...

ලොකූ ආ ගාපන්...

කවන්න අප්පච්චි ....ඔය එක එක උන්ගෙ ඩයට් කිරිලි අපි දන්නෙ නැද්ද.....මූට ඔය මුගෙ මහ එකාගෙ ඌස්නෙ ගහලා....

මහ එකාගෙ. 

අප්පච්චි ගෙ පොඩි බෑනගෙ

ලොකූ...කටවහපන් ආ....නැති මගුල් කියවන්නෙ නැතුව මට නිර්වාන් එක්ක කිසිම සම්බන්දයක් නෑ...නිකන් පද හදන්ඩ එපා මිනිහො....උඹ වගෙ නෙවෙ මං...මං ඔය හෙඩා එක්ක කොහොමත් ඇයිහොදැයියක් නෑ...දැක්කනම් විතරක් කියපන්...

ඉතින් දැන් උඹත් ඇයි ඔය මැරෙන්න හදන්නෙ නෑ නම් නෑ කියලා පලයන්කො....වැල්වටාරම් අදින්නෙ....පෙනේද අප්පච්චි ...පෙනේද මුගෙ කෙරුවාව....නෑ නම් නෑ....කාටද බන් උඹ ඔය බොරු කරන්නෙ....?

උඹට....උඹට .ඇයි....උඹට තමයි මං බොරු කරන්නෙ ...අපි හොරාවට කරන් නෑ එළිපිට කරනවා උඹ වගෙ යටින් ගින්දර ගෙනියන් නෑ පෙට්ටි කටා....

අ...ආ....අමෝර්....අවංකයා....හරිම අවංකයා.....බලාගන තෝව සාන්තුවරේට ඔසවයි හා කටා.....

ලොකූ චූටි....දැන් උඹලා දෙන්නම කට වහනවද නැද්ද.....බැලුවොත් කාගන්නවා බැලුවොත් කා ගන්නවා....කට ඇරපන් ලොකූ....උඹලා දෙන්නව මං හමගගන්ඩ කියලා යන්නෙ.....හිටපල්ලකො....

මං රවාගන උන්නා... කොච්චර කොහොම කිව්වත් උගුරට හොරාවට බෙහෙත් ගිලින්ඩ බෑ වගේ නිර්වාන් ව මතක් වෙන තැන් වලදි ඒක හංගන්න හදනකොට ඕවර් යන මම ඩිපූටියගෙ සැලලිහිනිය දිහා බලන් ඉදලා අප්පච්චි අහක බලද්දිම ඌට මැද ඇගිල්ල පෙන්නුව්ව වගේම ඌත් මට අතින් කුනු හර්පයක් පෙන්නුවා....

🖕

👉👌මේක තමයි.....

චූටි....

...

මොකක්ද චූටි කරන්නෙ....

....

චූටි...කතා කරනවකො.....තරහවෙන්න එපා ඕයි....මට දුකයිනෙ....

දුකයි නම් දුකට පුම් ගහගනින්....

චූටි.....මේ බලනවකො...

සනාශ් පැත්තකට වෙන්න....මං අම්මට ලියුමක් ලියනවා...ඔයා ආවෙ සමාව ගන්න නම්...ඔයාට සමාව ගන්න දෙයක් නෑ සනාශ් මං උඹ මට බොරු කරපු තැනම සමාව දීලා ඉවරයි...

අම්මෙ....අපිට මොකුත් එවන්න එපා....අම්මා කාලා බීලා පරිස්සමින් ඉන්න....මං ලොකූ එක්ක මෙහෙ හොදින් ඉන්නවා...

මං ලිය ලිය උන්න ලියුමෙ ඉතිරි ටික ආපහු ලියන්න ගන්නකොට මගෙන් සමාව ඉල්ලන් ආව සැලලිහිනියා මගෙ ගාවින් ඉදගත්තා මං නෙවෙ ඔලුවක් ඉස්සුවෙ....

ඇයි චූටි උඹ ඔහොම කරන්නෙ...

කොහොමද ...

මා දිහා බලන්නෙවත් නැත්තෙ...මං උඹට කියන්න උන්නෙ චූටි...උඹ උදේ ඉදන් අවුලෙන් ඉද්දි මං කොහොමද කියන්නෙ....උඹ මට හිතේ හංගන් උන්නා මිසක්කා නොකියා ඉද්දි මන් කොහොමද දන්නෙ චූටි...

"මගෙ රත්තරන් අම්මට තෙරුවන් සරනයි...අප්පච්චි එක්ක පරිස්සමින් ඉන්න මගෙ අම්මෙ...අපි ගොඩක් ආදරෙයි ...

මීට අම්මගෙ චූටි...."

මං ලියුම ලියලා ඉවර කෙරුවා ...ලියපු කොලෙ හතරට නවලා පොත යටින් තියපු මන් මගෙ ගාව සැලලිහිනියා දිහා බැලුවා ...ඌ මගෙ දිහා බලාගන උන්නා....ඒ ඇස් අඩන්න ඔන්න මෙන්න....ඌට දුක ඇති.....ගේ දෙවනත් කරන මං එක පාර මොකුත් නොකියම කට පියවන කොට ඌ බය ඇති...

මං කිව්වනෙ...මං තරහා නෑ....

නෑ උඹ තරහයි චූටි....උඹ ඔහොම නෙවෙ ...උඹව දන්නෙ මං ඉපදෙන්න කලින් ඉදන් චූටි.....මං උඹව අතින් අල්ලුවෙ උඹ මම ඉපදෙන්නත් කලින් ඉදන් චූටි....එහෙම එකේ.....උඹ කොහොමද ඔහොම ඉන්නෙ....උඹ මෙහෙම නෙවෙ මල්ලි.....

එහෙනම් කොහොමද ...

උඹ මෙහෙම ඉන්න එකෙක් නෙවෙ චූටි....උඹ කොයි වෙලෙත් හිනා වේගත්තු ගමන් ඉන්න එකෙක්...කොයි වෙලෙත් කට කැඩුන කතාවක් කියන එකෙක් චූටි...උඹ කට පියවන්න එපා චූටි....හිනා නොවි ඉන්න එපා...උඹට තියෙන්නෙම හින වෙන ඇස්...ඒ ඇස් ඔහොම තියෙද්දි මං හරි බයයි චූටි.....

මං ලාවට හිනා උනා ...කටකොනින් හිනා උන මං සනාශ් දිහා බැලුවා ...ඌ බයයිලු.....ඇත්ත මට තියෙන්නෙ හිනාවෙන ඇස්.....මට පුලුවන් ඒ හිනාවෙන ඇස්වල හැගීම් ඔක්කොම එක පාරම එලියට ඇදලා අරගන මරලා දාන්න.....

මං ලොකු හුස්මක් ගත්තා ...අරන් සනාශ් දිහා බැලුවා .....

ලොකූ.....උඹ මගෙ වෙනස් වීම හරියටම දැක්කෙ අල්පමාත්‍රයක් තරම් විතරයි ....ඒකට උඹ මෙච්චර බය නම්.....උඹ කවදා හරි....මගෙ හරිම වෙනස් වීම දැක්කොත් මොනවා නොකරයිද ...??හිතපන්...මේ ඇස් හිනා නොවීම ඉන්න දවසක් ආවොත්.....එදාට උඹට මොකක් වෙයිද ....

සනාශ් .....මගෙ විස්වාසෙ බිදින්න එපා සනාශ් .....හැමවෙලේම හිනා වෙලා ඉන්න මට පුලුවන් ජීවිතෙ කිසිම දවසක හිනා උනෙ නැති එකෙක් ගානට ඉන්න.....ඒ තැනට මාව ගේන්න එපා...හිනාවෙන මිනිස්සු හිනවට තිත තිබ්බොත්...ඒක සදහටමයි ....උන් හිනාවක් මැරුවොත් ....සදහටමයි...මාව ඒ තැනට ගෙනාවොත්....ලෝකෙ ගිනි තියලා හරි මාව හොයා ගන්නවා කියපු හෙඩාට මගෙ ඉසකෙයක් හොයන්න බැරි වෙන්න මට අතුරුදහන් වෙන්න පුලුවන් සනාශ් ....හිනා වෙලා උන්නට මං ජෝකර් කෙනෙක් නෙවෙ ලොකූ...අමතක කරන්න එපා....ජෝකර් උනත්...මිනි මැරුවෙ හිනාවෙවි.....මට පුලුවන් උඹල හැමෝවම මගෙ එක හිනාවකට තිත තියලා නොමරා මරන්න.....

අනෙ චූටි.....

සනාශයා එකපාරම මාව පැනපු ගමන් බදාගත්තා .....අතින් පයින් නැතුව කෙලිම්ම වචන වලින් කම්මුල් පාරවල් ගහපු මම කට වහනවත් එක්කම සනාශයා මාව බදාගත්තා ..මං දන්නවා ඌ බය උනා....ඌ මාව මිරිකගත්තා ...හරියටම මං දැන් අතුරු දහන් වෙයි කියලා බයකින් වගෙ ඌ මාව මිරිකගත්තා ...

මං තරහා නෑ ලොකු.....මං තරහ වෙනවා නම් නොකිය ඉන්නෙ නෑ...

ඔහොම ඉන්න එපා චූටි....මං ආස නෑ.....උඹ නැති තැන මට හිනාවකුත් නෑ මල්ලි....මං ශෙනිරුට හා කිව්වා ...ඒත්....ඌට වඩා...උඹ මගෙ මල්ලිනෙ...සයාශ් .....එපා ඔහොම මූසල කතා කියන්න මං උඹගෙ කට ඉරනවා සයාශ් ....මං උඹව මරනවා....එපා ඔහොම කියන්න.....එපා මල්ලි....එපානෙ....

මං උඹට ආදරෙයි ලොකූ....එවෙලෙ මට රිදුනා දැන් හරි.....මං තරහා නෑ....

මෙච්චර වෙලා බුම්බන් උන්න මං අවසානෙදි සැලලිහිනියගෙ තටු කැඩෙන තරමට මිරිකන් බදාගත්තා ...උ අඩන්න හැදුවා ...අවසානෙදි මං පුපුරන්න ගියපු බෝම්බෙ නිශ්ක්‍රීය කරලා දැම්මා.....

මට ඌ නැතුව බෑ.....!!

"එක ලේ...පැහැයයි....සිරුරේ පුරා...

සොයුරේ නුඹ මගෙ පනයි සදා...."

චූටියා...

ම්ම්ම්...

උඹ හෙඩාව අන්බ්ලොක් කරන්නෙම නැද්ද....

ම්හ්හ්...නෑ....

මම උන්නෙ මගෙ fb ෆ්‍රොෆයිල් එකට ඵොටො එකක් හොය හොය .....මගෙ ගාව උන්න සැලලිහිනියා උගෙ ඩිපූටියට මැසේජ් කරන ගමන් මගෙන් හෙඩාව අන්බ්ලොක් කරන්නෙ නැද්ද අහනකොට මං නෑ කිව්වා...ඒ කියලා ප්‍රොෆයිල් එක අප්ඩේට් කෙරුවා ....

-පිච්ච්මලක් රෝසමලක් එක්ක-

ඉයූ....ඔය ඉන්නෙ...අනෙ මට නම් ඔය කඩ්ඩෙන් කැප්සන් දාන්න බෑ...මේ හොදයි...

චූටි.....

මොකත මොකතේ.....

සෙනූ කිව්වා ....

මොනවද ....

මං සැලලිහිනියගෙ මූන බැලුවා ...ඌ අර කොල ගෙම්බා වැහිලා වගෙ කොටනවා කොටනවා ඉවරයක් නැති වෙනකොට මං බලාගන උන්නා.....

සෙනූ ..දැන් සෙනූ වෙලා...කවදා හරි ඇට බහින්න ගහනවා කියපු එකා නේ මේ ආලවඩන්නෙ....අමෝර්....අමෝර් ....

ඉසුරු මුනී පෙම් යුවල....ගලේ කෙටුවෙ නැත්තන් උනුත් පිට යනවා තමයි....මූනෙ තියන මනමාල කම බාල්දියෙන් එකයි.....එව් යකො...එව්...

බලපියව්කො කොටන කෙටිලි...මූව ඉපදෙන්න තිබ්බෙ රජ කාලෙ...සෙල්ලිපි කොටන්න.....නිශ්ශංක මල්ල සෙල්ලිපිය මූ ලව්වා කොටවන තිබ්බෙ..

හරිම අගෙයි හරිම අගෙයි අප්පච්චි එකටම අතට ගත්තු කොලුවගෙ ක්‍රියා සමුදාය නම්....ප්‍රේමයෙ කැඩපත...වේවා සාන්ති නොවේවා කේන්ති....

චූටි....ඒකි හෙඩාගෙ කවුරුත් නෙවෙ බන්....බාර් කාරිව ඌට පේන්න බෑ...මට සෙනු ඔක්කොම කිව්වා ....

ආ..ආ...ඒකි බාර් කාරියෙක්ලුද....ඒක බාර් නටනවා ඇති...හෙඩාද දන්නෙ නෑ තරු දෙන සඳරු අයියා...නැත්තන් මොන මගුලටද ඒකි කවර් ඵොටො එකට දාන්නෙ.....

සැලලිහිනියා ඵෝන් එක දිහා බලාගන ඉදලා හිටලා මගෙ හෙඩ් පිපෙට් අයියා ගැන කියවන තැන් වලදි මගෙ කන දික් උනා..අන්බ්ලොක් කරපන් ගගා ඇගිලි නලියෑවා ...ඒත් එච්චර ලේසියකට යාලු කරගන්න හොද නැති හන්දා මං ගනන් උස්සලා මගෙ ප්‍රොෆයිල් එකත් ලොක් කෙරුවා ...

දැන් මං සිරිමත්....අම්මොර්...අමෝර්....රහසින් වත් පව් නොකෙරූනෙ තැනත්තා...

ඒකිට බාර් එකක් තියනවලුද...

ඔව්ලු....ඒකිලා බාර් කාරයලු.....උන්ගෙ අම්මලා නිර්වාන් අයියලාගෙ අම්මලාව අල්ලන් ඉන්නෙ කපටි කමටලු...

ඇත්තට....නිර්වාන් අයියද දැන් උඹට...ඒකිගෙ බාර් එකෙ නම මොකක්ද ...දේකාහෙ පෙහෙළි බාර්

සාජනකී ආකෝමෙ ප්‍යාර්...

ඩික්ක ටකන්...ඩික්ක ටකන්.....!ඒ උනාට මගෙන් ඔය හෙඩාට සමාවක් නෑ ලොකූ..උඹ ඕන නාඩගමක් නටපන්...ඒකිට මෙතන රිප්ලයි දාගන....දැන් යැයි යැයි ගානවා ...

හරි හරි...පොඩ්ඩක් ඉදපන්කෝ....කලබලේනෙ....එයාට අද ගෞරවයෙන් බුදු සරන ලැබෙයි...මට සෙනූ වීඩියෝ කරලා එවන්නම් කිව්වා ටානිට නස්පුක් වෙන දර්සන පෙල...

මොකක්....??

මං ඵෝන් එක කන සැලලිහිනියා දිහා බැලුවා ...ටානියට නස්පුක් වෙන දර්ශන පෙල...

ආ...හරි....ආවා...ආවා....මෙන්න...ආවා...

සනත් නිසාන්ත මහත්තයා..අවංක කෙනෙක් පුතේ....චූටියා වර වර....ඇක්ශන් මූවි එක ආව...

මොකක්ද ....

වර වර...හෙඩ් පිපෙට් අයියගෙ දස්කම් බලන්න...

ඵෝන් එක කකා උන්න සැලලිහිනියා එක පාරම මාව ඇදලා ගන්නවත් එක්කම මං ඵෝන් එකට එබුනා...වට්සැප් එකට වීඩියො එකක් ආව....තාම ලෝඩ් වෙනවා.....ඔන්න...ඔන්න...ඔන්න හරි...

ඔන්න...නමෝ විත්තියෙන් ප්ලේ කරමු.....!

සැලලිහිනියා වීඩියො එක ප්ලේ කෙරුවා .....මගෙ ඇස් දොඹ ගෙඩි උනා....දෙවියනෙ නිර්වාන් .....අරකිගෙ ඵෝන් එක.....යෝ මූ පොලවෙ ගහයිද ..අනෙ...යකො..සිම් එක දීලා ඵෝන් එක අරන් ඇවිත් මටවත් දියන් හෙඩ් පිපෙට් අයියෙ ....

සනාශයා නියපොතු කනකොට මං කටට අත තියන් බලාගන උන්නා....නිර්වාන්ගෙ මූන තනිකරම යකෙක් වගෙ....සැලලිහිනියා සවුන්ඩ් උපරිම වැඩිකරල හෙඩ් සෙට් ගහනකොට මාත් කනට කිරි වැල් ඇබේ අටවන් සටන් ජවනිකාව බැලුවා .....

ටානියා ....තමුසෙ කරුනාකරලා සීමාවෙ ඉන්නවා ටානියා හරි.....කරුනාකරලා ...තමුසෙ ලිමිට් තියන් ඉන්නවා...ලිමිට් පන්නලා මං ලව්වා නිස්කාරනේ මැරුම් කන්න හදන්න එපා හරි...

නිර්වාන් ....මං මොකක්ද කෙරුවෙ ඒක වැරද්දක් වෙන්නෙ කොහොමද නිර්වාන් ...ආන්ටි කමක් නෑ කිව්වා...අනික...අනික ...ඔයයි මායි.....

උඹ කියන්න හදන්නෙ ආන්ටි ගිහින් මගෙ ඇගෙ නගින්න කිව්වා නම් උඹ ඒකත් කරනවා කියලද ....ආ...??උඹ ඔය childhood sweetheart මගුල ඔලුවෙ තියන් උන්නට මට එහෙම නෑ...හරි...කරුනාකරලා .....උඹ ..මගෙන්..ඈත් වෙලා ඉදින්....එහෙම නොවුනොත්...

එහෙම නොවුනොත්.....ඇ...යි....ආ..ආ....ආව්හ්...අනෙ...නිර්වාන් ..ශෙනිරු...මෙයාට මාව අතාරින්න කියන්නකො....නිර්වාන් අතාරිනවකො....නිර්වාන්

අනේ අනේ ටානියා මට නම් ඔව්වට අත දාන්න බෑ...ගැහුවොත් ගුටිකනවා ....තමුසෙට ලැජ්ජාවක් නෑනෙ බලන් ගියහම....තමුසෙ බීලද ඕයි මුගෙ කාමරෙට රිංගුවෙ...??

නිර්වා...න්..කරුනාකරලා මාව...අතාරිනවා...නිර්වාන් ...මට රිදෙනවා ...නිර්වාන් .....අනෙ....රිදෙනවා ..

උඹට රිදෙනවද....රිදෙනවා නම් එච්චරයි ...මට ඕන උනෙත් උඹට රිදවලා රිදෙන එකෙ තේරුම පෙන්නන්න.....දැන් හරි ..උඹට මං මේක කියන අන්තීම දවස අද...ඊලග දවසෙ මං කියන්නෙ නෑ....අනික අපෙ අම්මව විස්වාස කරන්න එපා මොකද ....ඔය මිනිස්සුන්ට බොරු කියලා පුරුද්දට ඇත්ත ජීවිතෙදිත් ඇත්ත බොරුව පැටලෙනවා....උඹ නිකන් පාවිච්චිවෙනවා විතරයි .....

නිර්වාන් ....ඔයා කොච්චර කොහොම කිව්වත්....මේක ...

ශ්ශ්ශ්....උඹව වැරදිලා හරි මං බැන්දොත්...ගෙදර උන්ට හත් දවස ලෑස්ති කරන්න කියපන්...මොකද මට ආදරෙ කරන්න කෙනෙක් ඉන්නවා ...කරුනාකරලා මගෙ ජීවිතේ අනුන්ගෙ වාසි වලට පාවිච්චි කරන්න දෙන්න මෝඩයෙක් නෙවෙ කියලා තමුසෙත් තමුසෙගෙ සල්ලි මත්තෙ මැරෙන අම්මා අප්පච්චි ට කියලා ...ඔය කටු බොඩිය පුරාවටම මගෙන් තැලුම් පාරවල් කන්නෙ නැති තැනට පරිස්සම් කර්ගන්නවා....මොකද මගෙ අම්මට රටේ උන්ව හදන්න ගියාට මාව හදන්න බැරි උනා...මට දෙයක් ඕනා නම් ඕනමයි...එපා නම්....එපාමයි....කරුනාකරලා ...මාව ආය මේ වහල යටට ගෙන්න ගන්න එපා හරි ...

ශෙනිරුවා වරෙන් යන්න...

නංගි බබා යන්නා...ම්...ඔය සියුමැලි අතට සිද්දාලේප ටිකක්වත් අතුල්ල ගන්ඩ...මොකද මූ හවසට හවසට යකඩ කදන් උස්සන්න බබි අයියගෙ ජිම් එකටයනවා...ඒ හයිය ඔය නංගි බබාගෙන් පිට කරන්නෙ ...

ශෙනිරු වරෙන් යන්න....

සිරි ..බොසාට තරහා ගිහින් ඉන්නෙ ...එහෙනම් නංගි බබා අපි ගියා....මෝඩ වැඩ නොකර ගානට ට්‍රැක් එකේ යනවා ටානියා .....නිස්කාරනේ ලැජ්ජා වෙනවා...

ආ..ආ...ලොකුවා මූ අරකිට නංගි කිව්වා නේත ....ආ..නිකන් නෙවෙ...උඹගෙ සෙනූ මේකිට නංගි බබා කිව්වා ....හරිම අගෙයි ආ...හරිම අගෙයි මස්සිනාගෙ චපල හිත ගෑනු ගාව නැමෙන ආකාරෙ....ප්‍රීතී....ප්‍රීති ලොකුවා.....

ඒක තමයි මං මේ බලන් උන්නෙ...මූ දෙපාරක් ඕකිට නංගි කිව්වා ....බැන ගන්න එක හරි....ඒ උනාට මූට වටින් නෑනෙ බාර් නෝනට බබා කියන්න....හිටපන් සෙනූ...හිටපන්....මට මෙව්වා හොදට මීටර් ආ....හිටපන්...උඹ ගියෙ චූටියගෙ ප්‍රශ්නෙ විසදන්න උනත්....උඹ ආවෙ උඹටත් ප්‍රශ්නයක් දාගන.....

බ්ලොක් කරපිය.....බ්ලොක් කරපිය....හැම සෝසල් මීඩියාවකිම්ම බ්ලොක් කරපිය ...මොකටද ...මොකටද ....

හෙඩාගෙ සටන් ජවනිකාව දෙපාරක් තුන්පාරක්ම බලපු මට දැනුන අධ්‍යාත්මික සුවය අල්ට්‍රා ප්‍රෝමැක්ස් වැක්ස් ටැක්ස් වේගන ආවා....ඒ විතරක් නෙවෙ...මට නැතිලව් තොට මොකටද කියන තේමාව යටතෙ "ගින්නට පිදුරු දාන පන්තියෙ "උන්න මං ඉසුරුමුනී පෙම් යුවලගෙ මැදට පොඩි ගිනිපුපුරක් විසික් කෙරුවා ....ඇයියෙ...මං අඩනකොට උන් දෙන්නා බදාගන උන්නා.....එහෙම ඕන් නෑනෙ....

ඔය චුට්ටක් රන්ඩු කරපු දෙන්.....

බැනපන් ලොකූ...බැනපන්....බබා කියන්න වටින් නෑනෙ නමක් තියනවනෙ බැනපන්.....ඕකි ඊලග පාර උඹේ එකාගෙත් ඇගේ එල්ලෙයි....අප්පච්චි බෑනලා ගැන හෝප්ස් තියන් ඉන්න වෙලේ දීගෙ රැකගනින්....නැත්තන් උඹට වෙන්නෙ සත් අවුරුද්දක් බැල මෙහවර කම් කරපු කාල ගෝලයට උනු දේ ආ.....

උරුම් පූට්ටු වෙවී උන්න ලොකුවා දිහා බලපු මන් නාට්‍යානුසාරෙන් තව තව පෝර දාලා එයා එක බාර් එකීට බැනපු හැටි ආය ආය මතක් කරන ගමන් ඇදේ පෙරලුනා.....

එයා කිව්වා එයාට ආදරෙ කරන්න කෙනෙක් ඉන්නවා කියලා .....

අනේ මුනිදාස අයියේ.....හ්....

හෙඩ් පිපෙට් අයියා ඒ කිව්වෙ මං ගැන නේ...

ආතරේ මන්තිරේ...සදලු තල එලිවෙලා....

ඒ උනාට මං උඹව අන්බ්ලොක් කරන් නෑ නිර්වාන් ...තව ඉදපන් ...නිකන් දුන්නොත් අගයක් නෑ....හිටපන්කො මන් උඹව ගානට කීකරු කරලා ගන්නන් ....

ම්හුක්...ඒ උනාට ආතරෙයි හෙඩ් පිපෙට් අයියෙ ...චූචි....ආතරෙයිනෙ.....කමක් නෑ තව ටික දවසක් ඔහොම බ්ලොක් ලිස්ට් එකේම ඉදපන් උද්දච්චයා!ඒකි කාමරේට ඇවිත් උඹව රේප් කෙරුවත් දන්නෙ නෑ...ගොන් ඇම්බැට්ටයා .....

ම්හුක්....මගෙන් නම් ලේසියකට නෑ මයි සමාව...

චූටි....එන්න තේ බොන්න...

මේ එනවා සුතර්මා....දරු පැටියා එනවා .....

මෙච්චර වෙලාම බුම්මන් උන්න මං දැන් දැන් ආය ආයම ටික ටික පරන චූටි වේගන එනකොට මං බලාගන සැල ලිහිනිය පොරේට දාපු කුකුලෙක් වගෙ තටු පුම්බන් ඵෝන් එක කට ගාවට තියන් වොයිස් කට් එකක් දාන්න ලෑස්ති වෙනව....

චූචිට සමාවෙන්න ඩිපූටි අයියෙ.....නොතේරුම් කමටනෙ මේ ඔක්කොම....

ශෙනිරු.....කියපු දේ නෑ කියන්න ලෑස්ති වෙන්න එපා ඔයා දෙපාරක් බබා කිව්වා ...ඊලග පාර ඒකි එල්ලෙන්නෙ තමුන්ගෙ ඇගෙ...මට අහන්න දෙයක් නෑ...මේක මගෙ අන්තිම මැසෙජ් එක..බබා එක්කම ඉන්නවා බායි...!!

බායි....

ගුත් මෝනිම්.....තූයූ....

ජොබී බුජි....

ආයම වික්කා එක්ක එනකන් පයිස්සමින් ඉන්ඩෝ...

ආතරෙයි .....

මම

ජොබී!!!

More Chapters