Ficool

Chapter 13 - 13

නලුවා .....

අනෙ නලුවා නැකිටලා ....එයා කෑ ගහනවා එක්කම මම ඇද දිගේ බඩගාගන ගිහින් එයාගෙ අත් අස්සෙ හැංගුනා ...අනේ මාව බේර ගන්න කියලා කටින් කියාගන්න බැරි උනත් මගෙ ඇස්වල කදුලු එයාගෙ මූන අමූතු කරනකොට එයා මාව පැත්තකින් තියලා නැගිටින්න හැදුවා ....එත් මම නෙවෙ එයාට ඉඩක් දුන්නෙ....

කිකිලි අම්මෙක්ගෙ තටු අස්සට රිංගන පුංචි පැටියෙක් වගෙ මං එයාගෙ අස්සෙ හැංගුනා ....ඒත්....නලුවා නෙවෙ ඒවා හිතුවෙ ....එයා අඩන මාව පැත්තකින් තියලා මූන කොරහක් උන ආච්චම්මා දිහා බැලුවා ..

නෙහාන්ගෙ අම්මා නේ....දරුවො තුන් දෙනෙක් වදලත් දන්නෙ නැද්ද තුවාලයක් ආවම මහ උන්ට වඩා පුංචි උන්ට වේදනාවයි කියලා .....

එක්ස්කියුස් මී...යු ආ මිස්ටර් ...? මිස්ටර් ඔයා නෙහාන්ගෙ කව්ද කියන්න දන්නෙ නෑ ඒත් ඇයි ඔයා ඔය විදිහට ආන්ටිට බනින්නෙ....අනික...එයාට කවන්නෙ පොවන්නෙ නැතිව කොහොමද .....

අනේද කියන්නෙ. ...මේ කොල්ලට කට ටිකක් අරින්න බැරිද?අපි මේ ලමයට වැරද්දක් කෙරුවද?

නලුවා ආච්චම්මට සැර කෙරුවා . ..දරුවො තුන් දෙනෙක් හැදුවා නේද දන්නෙ නැද්ද පුංචි උන්ට රිදෙනවා කියලා බැන්නා....බැන්නා කිව්වට ඇහුවා ...ඒත් එක්කම අර අලුත් ගෑනි ආච්චම්මගෙ පැත්තට හැරිලා කතා කරන්න ගත්තා විතරයි එ දෙන්නම එකතු වෙලා මගෙ වැරදි කියන්න ගත්තා ...

අනේ ඉතින්....මගෙ කට තුවාල වෙලා තියෙනකොට මන් කොහොම කට අරින්නද....

ඊටත් ඒ හැන්ද ඇනෙනකොට කොච්චර ලොකුද ...ඒක මගෙ වීදුරු මස්වල ඇනෙනකොට මට කොච්චර රිදෙනවද ....බාප්පා වගෙ කටින් පිඹලත් නෙවෙ පොවන්නෙ..... උනු පිටින් බොන්නෙ කොහොමද ....??

මං එයා දිහා බලන් උන්නා....එයා තරහව වැඩි කමටද මන් දන්නෙ නෑ එයා නලල එක අතකින් මිරික ගත්තා ....

යෙවීන් තත්පරයක් මෙහෙම ඉන්නකො.....

ම්ම්ම්.....අ...අ..නේ...ක්ක්...කොහෙ....

බය නොවී ඉන්න මං ඔයාව දාලා යන්නෙ නෑ.....

එයා මගෙ ඔලුව අතගෑවා ...ආච්චම්මා ...අලුතෙන් ආව ගෑනි....මේ දෙන්නම මූනවල් අමුතු කරගන ඉන්නකොට නලුවා මාව දාලා ඇදෙන් නැගිට්ටා ...නැගිටලා එයා අර සේලයින් බෝතලේ එල්ලලා තිබුන තල්ලු කර ගන එතනට ගියා ...ගිහින් එයා අර අලුත් ගෑනි අතේ තිබුන සුප් එකට අත තියලා බැලුවා ...

රස්නෙයි.....මේක මේ දැන් ටිකකට කලින් හදපු එකක් ....එහෙමනේද....????

ඔව්....ඇල් පිටින් ලෙඩ්ඩුන්ට ඇල් වතුර පොවන්න බෑනෙ....

ඔව්....ඒක ඇත්ත නෙහාන්ගෙ අම්මෙ....ඒත් මේ දරුවට කනවා තියා කට ඇර ගන්නවත් බැරි නම්.....අනික මේක පිත්තල හැන්දක් .....මේක තේ හැන්දක් උනා නම් ඒත් කමක් නෑ...මේස හැන්දක්....ඇයි පොල්කටු හැන්දක් ගේන්න තිබ්බනෙ...කට තුවාල බව දැන දැන ප්ලාස්ටික් හැන්දක් ගන් නැතුව මේක එබුවම ලමයට රිදෙන් නැද්ද.....??

මිස්ටර් .....

මේ..මේ.....මේ...ඔයා චුට්ටක් පැත්තට වෙන්න.....

අනේ...නලුවට තරහා ගිහින් නේ...එයා නලල අතින් මිරිකගන්න ගමන් කතා කෙරුවා ...හැබැයි හිමීට උනත් එයාට තරහා ගිහින් කියලා එයා කතා කරන විදිහෙම්ම පේන කොට මම බලන් උන්නා අලුත් ගෑනි නලුවට කතා කරන්න ගියා විතරයි එයා ඒ ගෑනිට රැව්වා...සමහර විට අනේ නලුවට ඇහුනා වත්ද ....??

යෙවීන්ට ඇහුන දේවල්ම ඇහුනා වත්ද.....?

මම බිම බලාගත්තා ....

දරුවගෙ අම්මට එන්න බැරි නම්...එන්න බැහැ කියන එක කිව්වා නම්....ලමය හිත හදාගන්නවා....වේදනාවෙන් ඉන්නෙ බව දැන දැන හිත පෑරෙන කතා කියලා කියලා අවසානෙදි ඔය හැන්දෙනුත් දමාගන අනිනකොට මේ කොල්ලට ඉන්න පුලුවන්ද ...තේරෙන්නෙ නැද්ද....මොලේ මැටිද තියෙන්නෙ....

දැන් ඔය මහත්තයා කෑ ගහන්නෙ...මේ කොල්ලගෙ බාර කාරයා ඔය මහත්තයද?

නෙහාන්ගෙ අම්මෙ....කාගෙවත් බාරකාරයෙක් වෙන්න ඕන් නෑ දෙයක් දැක්කම කතා කරන්ඩ...අනික තමුන්ලා දෙන්නා කුටු කුටු ගාපු දේවල් අකුරක් නෑරම මට ඇහුනා...හැබැයි.....

ඒවා තමුන්ට අදාල නෑනෙ...

අන්න ඒ හන්දයි මම කතා නොකරන්නෙ...මට අදාල නැති හන්දයි මම කතා නොකරන්නෙ...හැබැයි මට අදාලත්වයක් තිබුනා නම්....ඔය දෙන්නට සෑහෙන්න අමාරු වෙන්න ගියා ...

අනේ...නලුවෝ...එපානෙ...උන් දෙන්නා ගෙදර ගියහම මට ගහාවිනෙ...

මගෙ හිත කෑ ගැහුවා ....නලුවා ආච්චම්මට මොන මිනවදො කියනකොට මම ගුලි උනා....අලුත් ගෑනි සැරින් සැරේ මගෙ දිහා බලනකොට මට බය හිතුනා....

ආච්චම්මා කටවහන් නෑ...නලුවත් කට වහන්නෙ නෑ..... ඒ අස්සෙන් අලුත් ගෑනිත් නලුවට මිස්ටර් මිස්ටර් ගගා කියවනකොට එයා අලුත් ගෑනිට මොකක්දො කියලා බැන්නා.....ගෑනිගෙ මූන කලු උනා...

සුදු පු...තා.....බාප්පා...ආ.... ඒ ..

අනේ....ඇති යාන්තන් ....බාප්පා ආවා.....බාප්පා...අවා...සුදු බාප්පා ආවා....බාප්පා දොර ඇරන් ආවෙ කෑ ගහගන හිනා වේගන උනත් ආච්චම්මව....අලුත් ගෑනිව දැක්කා විතරයි ඒ මූන නලුවට හපන් උනා....

දැන් නම් හොද වැඩේ ...දැන් නම්...හොදම වැඩේ .....බාප්පගෙ සුදු පුතාට රිද්දුවනෙ....

යෙවීන්.....සුදු පුතා....කෝ බලන්ඩ ඌයියා වෙච්ච එක.....

මූන නරක් වෙච්ච බාප්පා ගෙනාව දේවල් පැත්තකට දාලා කෙලිම්ම මගෙ ගාවට එනකොට මම අර කලින් දැනුන දුක වේදනාවල් ආය ආයම මතක් කරන් ඇස් වලට කදුලු පුරවගන කට අරින්න බැරි උනත් හරී අමාරුවෙන් කට ඇරලා රතු වෙච්ච තැන් පෙන්නුවා.....මට ඕනා උනා අලුත් ගෑනිට බන්නවන්න...මට ඕනා උනා ආච්චම්මට බැනුම් අස්සවන්න.....

ආ....ආයම තුවාලෙ පාරන් නේද....ආ....සංධීර්...මේ කොල්ලගෙ තුවාලෙ පෑරිලානෙ....උදාන බැලුවෙ නැද්ද...ලේ එනවනෙ.....

මෙච්චර වෙලා ලේ ආවෙ නෑ...ආය ලේ එන්ඩ හේතුව ඔය ඉන්නෙ ඔතන....කතා කරගනින්...ඔව්වට කට ගහන්න ගියහම මට හිතෙන්නෙම නඩුවක් ෆයිල් කරලා ඇතුලට දාන්ඩ.....

කෝ....බාප්පට කට පෙන්නන්න....කෝ....

මම ඇස්වලින් කදුලු හල හල කට ඇරන් ඉන්නකොට නලුවා හැංගි හොරා නැතුව ආච්චම්මගෙ මූන බලාගනම කේලම කියනකොට දුක හිතිලා උන්න මම බාප්පට තුරුල් වෙලා තවත් චුට්ටක් අඩන්න ගත්තා....එතකොට අර අලුත් ගෑනිව එලවනවනෙ....

බ්බ්...බ්බ්...බා..බා...ප්ප්...පි...යෝ...

ආ..ආ...හරි...හරි...පොඩ්ඩක් ඉන්න.....අඩන්නෙ නැතුව ඉන්නකො.....දැන් ඔයා ඇඩුවම ආයම ඕක පෑරෙනවනෙ...නේ....පොඩ්ඩක් ඉන්න.....

බාප්පා අඩන්න එපා ගගා මගෙ තුවාල උන කට අත ගානකොට මම අඩන්න බැරි උනත් තවත් චුට්ටක් අඩන්න කට හැදුවා විතරයි බාප්පා ආච්චම්මා දිහා බලලා අර අලුත් ගෑනි දිහාත් බැලුවා ...

අම්මෙ...

මොකද....

මොකද....මොකද අහන්නෙ...මේ තකහනියම මෙහෙ දුවන් ආවෙ අක්කව බලන්ඩ යන්ඩ එපැයිනෙ....මම කිව්වනෙ ලමයව මම බලන්ඩ යන්නම් අම්මට අක්කා ගාවට යන්න කියලා ....

අක්කගෙ මොනවා බලන්න යන්නද...අර උන්ගෙ අම්මා ඇවිත් තියෙන්නෙ දෝනියන්දව බලන්ඩ....දැන් ඉතින් කියන්න තියෙන්නෙ ඔහෙම්ම එක්කන් ගෙදර යන්න කියලා තමයි...

ආ...ඇත්තට....හරි පව්....අම්මා ඒ හින්දා වෙන්ඩ ඇති මේකව මෙහෙ දක්කගන ආවෙ නේ?

නෙහාන්....

ඇයි...ඇයි...මොකද ...නෙහාන් තමයි ....ලැජ්ජයි හලො.....ගෑනියෙක් ඉන්න මිනිහෙක්ගෙ කරේ එල්ලෙන්න හදනවනෙ ....

නෙහාන් කට පියවපන්.....උඹ හේතුව හොදටම දන්නවනෙ....

හේතුව නම් හොදටම දන්නවා..මෙන්න මේකව කර ගස්සවන්න හදන්නෙ වෙන මොකටත් නෙවෙ කියන්න මම හේතුව දන්නවා...හැබැයි අම්මෙ.....තමුන්ලා ඔය ලමයිගෙ පිට දාන් බොරූවට මේකව කර ගහන්ඩ හදන වෙලේ ඉන්න එකාව බලා ගත්තනම් මොකද....ඉන්න එකාට පුලුවන් තරම් අඩත්තේට්ටම් කර කර....ඇරත් මේකිට පුලුවන්ද ළමයි බලන්ඩ.....

නෙහාන් .....

මම බලන් උන්නා ..නලුවත් බලන් උන්නා...මොකද නලුවට කතා කරන්න අයිතියක් නෑ කියපු හන්දා නලුවා දත් මටි කාගන අහන් උන්නා...ඒත් බාපා බැන්නා..අපේ බාප්පට හිටපු ගමන් තැනක් නොතනක් නෑ කියලා බාප්පම කියන හන්දා ආච්චම්මා බාප්පගෙ කට වහන්න එයාගෙ නම කියලා බාප්පට සැර කෙරුවා ...ඒත් අපේ බාප්පා නෙවෙ ආච්චම්මව පඩේකට ගනන් ගත්තෙ. .වචනෙ නම් හරි කැතයි තමයි....ඒත් අපේ බාප්පා ආච්චමගෙ මුනටම කියනවනෙ..අම්මා කොච්චර කෑ ගැහුවත් මම ඕවා පඩේකට ගනන්ගන්නෙ නෑ කියලා...

ඇයි අම්මා....මොකද....මම කියන්නෙ ඇත්ත...මම කතා කරන්නෙ ඇත්ත.....අම්මා මේ නෝනගෙයි අක්කගෙයි අත් දෙක අරන් බලන්න..ඕන ඔට්ටුවක් මේ නෝනගෙ අත් දෙක තවම ඇති සමනල තට්ටක් වගේ...කොස්සක් ඉදලක් හුරු නැතුව ඇති...ඒත් අක්කා...අම්මා අකගෙන් වැඩ ගන්නෙ දාසියෙක් වගේ.....අච්චර මැශින් එක තියාගන ඒකි අතෙන් රෙදි හෝදන්නෙ පට්ටල් ගනන්....රයිස් කුකර් ගෑස් තියනකොට අම්මා කරන්නෙ කරන්ට් යනවා ගෑස් යනවා කියලා ඒකි ලව්වා දර ලිපේ උයන එක.....මේකිට ළූනු ගෙඩියක් වත් සුද්ද කරන්න බැරි වෙයි...මේ නියපොතු වල උලන් ඉන්න ඒවල හැටියට.....

නෙහාන්....කට පියන්.ඉදින් නෙහාන්....උඹ කියන්නෙ ගමනක් බිමනක් යනකොට දැලි නාගන යන්න කියලද....අනික රොවිනා කව්ද ශෙහානි කව්ද....ඒකිරස්සාවක් නොකරනවා නම් අරපිරිමැස්මෙන් වැඩ කරන්න දැනගන්න ඕනා...

අනේ අම්මගෙ රෙද්ද....මගෙ කටට එනවා හොද හරුප....මම කියන්නෙ නෑ මෙතන...ගමනක් බිමනක්....ආ යකො....අම්මයි අක්කයි ම නේන්නම් අක්කා සැලුන් එකට ගියාමත් අඩි හප්පන්නෙ.....අයියව අවුස්සන්න හදන්නෙ...අනේ අම්මේ මේහ්.....

ඇත්ත....බාප්පා කියන හැම කතාවම සීයට දාහක් ඇත්ත...අපේ අම්මා ලස්සනට ඇදපු හැමදාකම ආච්චම්මා අම්මා එක්ක තරහ උනා ....නැන්දා මොන දේ කෙරුවත් ආච්චම්මට හරී....ලස්සනට පෙනුනත් අම්මා ඇදපු දාකට ...අපේ තාත්තා අම්මට ලස්සනයි කියපු හැමදාකම ආත්තම්මට කොන්දෙ කැක්කුම් කකුල් කැක්කුම් වැඩි උනා...අන්න එහෙම උන හැමදකම අම්මා අත් කැඩෙනකන් ආත්තම්මගෙ කකුල් කොන්ද අත ගෑව.....වතුර වීදුරුවෙ ඉදම්ම ලගට ගෙන්නව ගත්තා .....

අනේ අපේ අම්ම පව්.....මං ආසම නෑ තාත්තගෙ පැත්තෙ උන්ට....

මං කියන්ඩද අම්මෙ....ඔය ආව පිටිම්ම මෙන්න මේ බෝම්බෙවත් අරගන යන්ඩ...මම අද කිව්වා කියලා හිතා ගන්ඩ ..අම්මා මොන ගිනි විජ්ජුමබරයක් කරල හරි අයියව අක්කව ඈත් කරලා මෙන්න මේ ගොන් බඩ්ඩව කර ගැස්සුවොත් වෙන්නෙ අද අක්කා අම්මගෙ වැඩකාරි වෙලා ඉන්නව වගේ....අම්මත් මෙන්න මේ නෝනා හාමුගෙ වැඩ කාරි වෙන එක.....අම්මට වෙන්නෙ බොරුවට අක්ක ලව්වා තෙල් අතුල්ල ගන්න එක ඇත්තටම තෙල් අතුල්ල ගන්න.....අම්මට වෙන්නෙ අම්මා හන්දා අක්කා අඩනවා වගෙ සිය දහස් ගුනයක් අඩන්න.....මං නම් ප්‍රාර්තනා කරන්නෙත් ඒකමයි....

ගොන් බඩ්ඩ ....කව්ද නෙහාන් ගොන් බඩ්ඩ...අනික මේ ළමයා ඉන්න තැන ඔහොම කියනවද නෙහාන්.....

අනේ...අනේ..ශෙහානි මේ....ඔයාගෙ කෙරුවාව අපි නොදන්නවා නෙවෙ ...අර ප්‍රාදේශිය සභා මන්ත්‍රී....නෑ එක්කො ඕන් නෑ...මම මොකුත් කියන් නෑ......ශෙහානි...තමුන් ඕන එකක් කරලා අම්මව රවට්ටගන්නවා...හැබැයිමේ නෙහාන්.....මාව අන්දවන්න හම්බෙන්නෙ නෑ....

මම නලුව දිහාබැලුවා....වෙනමොකටවත් නෙවෙ හොදට උන්න නලුවා එක පාරම මගෙ කන්දෙක වැහුවා...බාප්පා අර ගෑනිට මොන මොනවදෝ කියාගන කියාගන කෑ ගහගන යනකොට හොදට උන්න නලුවා එක පාරම මගෙ කන් දෙක වහගන මාව එයාගෙ ඇගට තද කරගත්තා ....

අනේ...බාප්පට තරහා ගිහින්නෙ හොදටම.....

මගෙ හැමදාම පොඩි දේටත් බය වෙන මම නලුවගෙ ඇගේ එල්ලිලා බාප්පව නවත්තන්න කියන්න ගොත ගැහුවා ..බාප්පා තරහා ගියහම ගෙදර බඩු මුට්ටු පොලවෙ ගහනවා...අනේ....ඒ සද්ද වලට මම බයයි.....

න්න්....න්.....අනේ.....බ්බ්...බ්බා...බා...ප්පට ...එපා...එ....එ...පා...ක්ක්..ක්කියන්න...එපා.....කියන්න....ස්....ස්...සංධීර්.....අනේ.....හ්....

නෙහාන් ඇති....ඇති බන්...මේ ලමය්ව ඔහොම රිදවන්න එපා උඹලා...ඇති...නවත්තපල්ලා.....

නලුවා...බැට්මෑන් කියන...කලාතුරකින් මාමෙ කියන මම බය වෙන හැම තැනම එයාට සංදීර් කියනකොට එයා බාප්පව නවත්තන්න හැදුවා ....අඩාගන්න බෑ කටේ වේදනාව....කතා කරගන්න බෑ....වචන නැති කම...අම්මෙ කියලා අම්මා ගාවට දුවන්න බෑ...තාත්තෙ කියලා...තාත්තා ගාවට දුවාගන්න බැරි මම ආච්චම්මලාගෙ රන්ඩු මැද මම පුදුම විදිහට අසරන වෙනකොට මට උන්න පිහිට නලුවා විතරක්ම වෙද්දි මම එයාගෙ ඇගේ එල්ලීගන ඔලුව දෙපැත්තට වැනුවා....

අම්මෙ....කරුනාකරලා මෙන්න මේ ගෑනිවත් එක්කන් යන්ඩ...ලැජ්ජා නැතුව තව කවන්ඩත් ඇවිල්ලා....

අපි ගියහම කොල්ලට කවන්නෙ මොකාද කියපන්...මොකද උඹ උයාගන ආවද...

අම්මා හිතනෙ අම්මා විතරයි යුතුකම් දන්නෙ කියලද....ඇයි අම්මට අමතක උනාද අපේ තාත්තා තාම මැරිලා නෑ කියලා.....අම්මට වගේම ලමයගෙ අයිතිය තාත්තටත් තියනවා .අම්ම කරන්නෙ තනිකරම මවා පෑමක් ඒක අපි කවුරුත් නොදන්නවා නෙවෙ...අනික මේ ගෑනිව මෙහෙ ගෙනාවෙ ඇයිද කියන්ඩ මේ හය හතර නොතේරේන ළමයා පවා දන්නවා අම්මෙ... .....

ආ...ඒකටත් ඔය හදිස්සියට ඒකට කිව්වද උඹ....

නොකියා බෑනෙ.....අම්මට තාත්තව එපා උනාට මට වත් අයියටවත් එපා උන් නෑනෙ...අපි වැන්දා....අපි වැන්දා තාත්තව එලවන්ඩ එපා කියලා ...අම්මා දන්නවා අයියා මම කොච්චර ඇඩුවද කියන්න....අපි පිස්සො නොවුන ටික විතරයි ...අද ඒ දේම ....ඒ දේම මේ අහිංසකයට කරන්න හදන උඹ අම්මෙක්ද අම්මෙ....??

නෙහාන්....උඹගෙ තාත්තා උඹගෙ අයියා දෙන්නෙක්....අනික උඹලගෙ තාත්තා කර ගැහුවෙ වද ගෑනියෙක්ට නෙවෙනෙ.....

යෝ...හ්හ්..මේ මොන නරි නාඩගමක්ද අම්මෙ....ආ.....මේ මොන සාපයක්ද.... ශෙහානි....දෙයියන්ගෙ නමෙට උඹගෙ වෙන්න නැන්දම්මා එක්ක පලයන් .....අම්මෙ....පල...පල....ඉන්නෙත් ඉස්පිරිතාලෙ .....මගෙ අතින් උඹට ඇඩ්මිඩ් වෙන්නම ගුටි කන්න වෙයි...පල...පල...පලකෝ....

බාප්පට තරහා ගියා .. බාප්පට හොදටම තරහා ගියා....ආච්චම්මා මොකක්ද වචනයක් කිව්වා විතරයි බාප්පා මගෙ ඇදේ තිබ්බ කොට්ටෙත් අල්ලා විසික් කෙරුවා ... ඒ නැවතුන් නෑ....අවසානෙදි අලුත් ගෑනිගෙ අතෙන් ඇදගන දොර ගාවටම ගිහින් එලියටම තල්ලු කරලා දලා ආච්චම්මාව එලවන්න බැරි කමට කටවහන් බලන් උන්න....ඒත් අවසානෙදි ආච්චම්මටත් බැන්නා...

ඔයාව මට වඩාගන එලියට තියන්න බෑනෙ අලුත් ලේලිත් එක්කම ගිහින් තව පාරක් අයියගෙ ඔලුව කන එකයි ...ඊයෙ රෑ ඉදම්ම දෙන්නා කරලා තියෙන්නෙ ඒකනෙ.....

දඩාස් ....!!

නෙහාන්....

මට පොඩ්ඩක් පාඩුවෙ ඉන්න දියන් සංධීර්....

මම බලන් උන්නා....සංධීර් මාව වඩාගන උන්නා...බාප්පා එතනින් එහා වචනයක් නොකියම ඇද උඩ ඉදගන්නකොට මෙච්චර වෙලාම අඩපු මට බාප්පා ගාවට යන්න ඕනා උනා...

ස්ස් . ...ස්ස්...සං....ධී...ර්...බ්බ්...බස්සන්නකො....

සංධීර් ...ඇයි මේ ඉන්නෙ උඹගෙ බාප්පද...ආ බොල...මෙහෙට වර බලන්ඩ කට...කෝ...ආ...ආ...

ඒ අපේ බාප්පා.....තත්පර ගානකට පස්සෙ බාප්පට වැහිලා උන්න යකා යන්න යනකොට මහ මිනිහා වගේ නලුවට නම කියලා කතා කරන්කොට නලුව ගාව උන්න මාව බාප්පා ඇදලා අරන් කකුල් උඩ ඉන්ද ගත්තා ...

දැන් ඉතින් නලුවා නිදහස් .....එයා ආයම ඵෝන් එක කන්න ගත්තා .....එයාට ඒකෙ හරීයට වැඩ තිබ්බා....අර නිල්පාට කොටුව ඇතුලෙ සුදු පාට එෆ් අකුරක් තියෙන්නෙ....අපේ බාප්පා නම් ඉන්නෙම ඒකෙ...ඒත් නලුවා ඒකට ගියෙනෑ...නලුවගෙ හැම තැනම උන්නෙ අර තරාදිය උස්සන් ඉන්න පොට්ට ගෑනි....ඇයි ...අර තැඹිලි පාට එකේ සුදු පාට ඩබ්ලිව් අකුර....

යෙවීන්ට මතකයි අප්පා.....

යෙවීන්.....බඩගිනිද...

බාප්පා මගෙ ඔලුව අත ගගාබඩගිනිද අහනවා.....මට අම්මව මතක් උනා...ඒත් ..දැන් බාප්පා අම්මා ගැන කියපු වෙලේ තරහා ගත්තනෙ....ඉතින් කොහොමද ආයම අම්මා ගැන අහන්නෙ.....ලෙඩා ලෙඩා නොකියා මාවත් පොලවෙ ගැහුවොත්.....

රට ඉදන් ආව මනුස්සයෙක්නෙ.....තරහා යනවා හරියට.....

මම ඔලුව වැනුවා.....නලුවා පොවපු ගස් ලබු එකයි ....අර අලුත් ගෑනි බලෙන් පොවපු සුප් එකයි හින්දා මට මොකක්ද වගේ ...ගස්ලබු දෙන්නෙ නම් සුදු වෙන්නනෙ...අපේ අම්මා උනත් ගස්ලබු සබන්නෙ ගාන්නෙ...ඒත් අලුත් ගෑනි පොවපු සුප් එකේ මුලු පුත්තලම්ම තිබ්බා...ඇයි....පුත්තලමෙලුනෙ ලුනු තියෙන්නෙ...මං දන්නෙ නෑ..අපේ ආච්චම්මා අම්මට ඇනුම් පද කියන්නෙත් ඔහොමනෙ.....

සීයා තාත්තා ඒවී....

බාප්පා මගෙ ඉදිමුන කටට උම්මා එකක් දුන්නා...දීලා සීයා තාත්තා ඒවි කිව්වා....සීයා තාත්තා එනවා නම්....සුදු අම්මත් ඒවි.....

හොර ගෑනි.....

අපේ ආච්චම්මා එහෙමනෙ කියන්නෙ..ඒ උනාට අපෙ සුදු අම්මා එහෙම හොරකන් කරන්නෙත් නෑ...ඒ උනාට ආච්චම්මා සුදු අම්මට හොර ගෑනි කිය කියනෙ බනින්නෙ.....ඒ කොහොම උනත් අපේ බාප්පා සුදු අම්මගෙ පැත්තෙ.....බාප්පා ආච්චම්මගෙ මුනටම කියනවනෙ කාටත් ලැබෙන්න ඕනේ ඒ වගෙ හොර ගෑනියෙක් කියලා ....

සමහර විට..සුදු අම්මා සාධාරන හොරෙක් වෙන්න ඇති....

.බ්බ්බ්..බාප්...පේ....

ම්ම්ම්....

ස්ස්...සුදු....සු...දු....අ....අම්මා...එ...නවද....

ම්ම්....ඔව්...එනවා කිව්වා..නැත්තන් ඔයාට කන්න ගේන්නෙ කව්ද.....සුදු අම්මා යෙවීන්ට ආදරෙයිනෙ ...

නෑ...නෑ....ඒක වෙන්න දෙන්න බෑනෙ....ඔයා දැන් මෙහෙම කියනවා....හරි.....එතකොට පස්සට වෙන්නෙ මොනවද...??අනික....මිස්ටර් අබේවර්දන තමුන් හොදටම දන්නවා.....මිනිස්‍ටර් සිල්වගේ පුතන්ඩියා ඊයෙ රෑ මොකක්ද කෙරුවෙ කියලා...ඒ වගෙම අද මම මෙහෙම ඉන්න හේතුවත්...මිනිස්ටර්ගෙ පුතා කියලත් දන්නවා...ඒඔක්කොමත් හරි....තව පොඩි දරුවෙකුත් ඉන්නවා....එතනම නඩු දෙකයි....තමුන් දන්නවා...මට මේ දැන් උනත් නඩුවක් ෆයිල් කරන්න බැරි කමක් නෑ කියලා.....හැබැයි එහෙම නොකරන්න එකම හේතුව ඔය සිල්වා කාරයා සාක්ශි මරලා දාන හන්දා...

.......

නෑ...නෑ....මාව මැරුවත්...මම මේ කේස් එකෙන් බහින් නෑ කිව්වා කියලා ඔය අලුගුත්තේරුවට කියනවා.....ඉලෙක්ශන් එක හින්දා ලැට් බාල්දි ටකරන් බෙදන්න යන්න් ඇතිනෙ....ඒ ටික එහෙනම් කරගන විත්ති කූඩුවට නගින්න බලන් ඉන්න කියනවා මිස්ටර් අබේවර්දන ....

මම උන්නෙ සුදු අම්ම එක්ක සීයා තාත්තා බලන් එනකන් වෙනකොට නලුවා ලාට හරි කුටු කුටු ගගා බනින්න ගත්තා...ඒකත් සැරින් සැරේ අපි දිහා බලබල වෙනකොට බාප්පා ඵෝන් එක කන හින්දා බාප්පට මෙලෝ සිහියක් නැති උනත් මට නම් ඇහුනා.....අබේවර්දන ....කව්ද දන්නෙ නෑ අබේවර්දන ...මොකා උනත් නලුවට ඉන්න හතුරෙක් වෙන්න ඇති...බැට්මෑන් නෙ....හතුරො නැතිව කොහොමද ...පීටර් පාකර්ටත් උන්නා.....ඉතින් එයාට නැතිව ඉදීද....ඒඋනාට අනේ හතුරෙක් නැතුවත් බෑනෙ නැත්තන් ඇල්වතුර වගේනෙ.....

මම නලුව දිහා බලන් ඉදලා ආයම බාප්පගෙ ඇගට හේත්තු වෙලා ඵෝන් එක දිහා බැලුවා...

මොකද....

ම්ම්ම්...හ්ක්...

ඇයි.....

ම්ම්ම්ම්....

මොකද බන්....

බාප්පා පේස් බුක් ගිහින් .....අන්න හදවතක් දැම්මා..."බුක්...." ගෑවා.....කෑල්ලක්...

මේකි බාප්පට ලස්සන්ද යෙවීන්....

ඉක්කෙයියා.....මගෙ මූනත් රතු උනා...අපේ බාප්පා එතන උන්න කෙල්ලෙක් පෙන්නලා මේකි බාප්පට හොදද අහනකොට මට ලැජ්ජත් හිතුනා...

ක්ක්ක්...කැ....තයි.....

.කැතයි....කොහෙද බන් කැත...මේ බලපන්කො සුදු...

ස්ස්....ස්...ස්..සුදු...උ...න්...නාට...ම්ම්...ම්ම්...මහතයි..නේ....

ඉතින්..මහත උන් හොද නැද්ද...

මේ බාප්පා මොනව අහනවද මන්දා...මම ඒ මහත කෙල්ල දිහා බලන් ඉදල නලුවා දිහා බැලුවා...නලුව නම් ලස්සනයි....ඒත් ඉතින්...බාප්පා කොල්ලෙක්නෙ....අර කෙල්ල මහතයි අප්පා...මම මගෙ ඇගිල්ලෙන් තිරේ එහා මෙහා කෙරුවා...

ම්ම්ම්...මෙ...මෙයා.....

ලස්සන කෙල්ලෙක්.....උකුලෙ උන්න මම සාරියක් ඇදන් හිනා වේගන උන්න ලස්සන කෙල්ලව පෙන්නල බාප්පට මෙයා කියනකොට බාප්පා කෙල්ලහෙ පින්තූරෙට ඇන්නා....

ම්ම්ම්...අශානි...අශානි...අලගියවන්න....ශ්‍රිලංකන් එයාර් ලයින්....ම්ම්ම්...හෝලි ෆැමිලි .....මැරීඩ්.....ඒ..මේකි හරියන් නෑ බන්...බැදලා.....වෙන එකෙක් හොයපන්....

ඒකි බැදලලු...අනේ මන්දා...බාප්පට හරියන්න උන් නෑනෙ...මං ආයම නලුවා දිහා බැලුවා.....නලුවටත් කෑල්ලක් ඉන්නවද දන්නෙ නෑනෙ....

බ්බ්...බ්බ්..බා...ප්...පෙ....

ම්ම්....

මම ගොත ගැහුවා....මෙච්චර වෙලාම සුදු පාට එෆ් අකුරෙ උන්න බාප්පා මං ආස කරන කාටුන් එක හොය හොය ඉන්නකොට මම බාප්පගෙ කනට කරලා රහසක් කියන්න හැදුවා බාප්පා මට කාටුන් එක දාලා දුන්නා....

අනේ...මගෙ චූටි ලන්චන්...

ආ..මේක ..දැන් සීයා තාත්තා එයි...

එයා මගෙ අතට ඵෝන් එක දිලා සීයා තාත්තා එයි කිව්වත් මට අර රහස මට අමතක වෙන්න කලින් කියන්න ඕනා උනා....

බ්බ්...බ්බා..ප්පෙ....

ම්ම්ම....ඇයි ..බන්....ඇයී...

මම ගොත ගැහුවා..ගොත ගහගහා හොරෙන් හොරෙන් නලුවා දිහා බැලුවා...එයා ආයම අර පොට්ට කන්නාඩි දෙක දාගන උන්නා.....කොලවගයක් බලනවා...අම්මො.....සංධීර්ගෙ ලස්සන අනේ... අපේ බාප්පට බැරිද දන්නෙ නෑනෙ බැදගන්න...කෑල්ලක්ම කිව්වට....

ර්‍ර....ර්...හස...ක්...ක්ක්...ක්කිය....න්න්...ඩ....

මොනවද....

මගෙ කට කොච්චර කැක්කුම උනත් මෙවෙලේ නම් මට මේක කියන්නම ඕනා උනා....නැත්තන් ...මාව මැරෙයි කියලා හිතුනා...මම බාප්පගෙ කන් දෙක මගෙ අත් දෙකෙම්ම වහගත්තා ....වහන් කුටු කුටු ගන්න ගත්තා...

බ්බ්...බ්බ්..බාප්පෙ....ස්ස්....සංධීර්....ල්ල්....ල්ල්...ලස්සනයි...නෙ...කෑ....ල්ල්...ල....ව්ව්....වගේ...න්...නෙ....බ්බ්...බා....ප්පා....එයාව....බ්බ්....බ්බ්...බදි....න්ඩකෝ...

ආ....ආ...මට ඔය කියන ඒවා ඇහෙනවා.....බාප්පව නම් බදින්ඩ බෑ.....බයි කාලා ඉක්මනට ලොකු උනොත් ඔයාව බදින්නම්.....

සන්තානම් මෑනියනේ.....නලුවො....ඇහිලා....

🤭ආය හෙත එන්නා.....ම්

අම්මියේ....හ්හ්.....අම්මියෙ...

ජොබී පුතා...නිදහාස් !!!

මේ ළමයා බයි කන්න යන්නෙ...ඔය ලමයිනුත් බයි කන්න...

අග්ගි යා එක්කඑන්නාම්ම්....

ජො.මු.කා.හ.කැ.පි🤭🤭👉👈

Ferdeesha ❤️💚😘 ...

More Chapters