Ficool

Chapter 16 - 16

එලියෙ වහිනවා... . .එලිය හොදටෝම වහිනවා.....කලින් වගේමයි.....සංධීරුයි මායි දෙන්නම උන්නෙ එක කාමරේක.....අපි තුන් දෙනාම ඒ ඉස්පිරිතාලෙන් ආවා.....හැබැයි තුන් දෙනා කිව්වට අර බය වෙලා ගොලු වෙලා වගේ උන්න අක්කගෙ අම්මා නලුවට මොන මොනවද කියනකොට නලුවා එයාගෙ අම්මගෙන් මොකා...ක් හරි බරපතල වචනයක් අහනකොට රොබින් කුරුල්ලා ඉක්මනට මගෙ කන්දෙක වහගත්තා...

එ උනාට යෙවීන්ට ඕනා තරම් කුනු කතා ඇහිලා තියනවනෙ...ආච්චම්මා සීයා තාත්තට බයිනකොට මගෙ කන් දෙක වහන්න ඉතින් කවුරුත් උන්නෙ නැත්තන් ඔව්වා ඇහෙනවනෙ....බාප්පා ඉංග්‍රීසි කුනුහර්පමයි කිව්වෙ.....අපේ තාත්තා ඉතින් එහෙම නෑ...ඇල්වතුරත් නිමලලුනෙ බොන්නෙ.....

එතනදි සෑහෙන්න දේවල් උනා....අවසානෙදි කොහොම හරි අර බය වෙලා උන්න අක්කා ඔලුව බදාගන ඇඩුවා ...අත් එකතු කරලා වැන්දත් එක්ක...මොනා උනත් ඒ අක්කට ලොකූ නරක දෙයක් වෙලා තියනවා..පව්...එයා අපි එක්ක ආවා.....එට්බනින් එහාට උනේ අපිට ආයම මේ නර්සින් හෝම් එකේ කොටු වෙන්න වෙනකොට රොබින් කුරුල්ලා මට පාට පෙට්ටියක් එක්ක චිත්‍ර පොතක ගෙනල්ලා දීලා ඒකෙ කාක්කෙක්ව ඇදලා දීලා ගියා පාට කරන්න කියලා....

කාක්කෙක්.....

අනේ මන්දා එයා කිව්වා කාක්කා ලස්සනයි කියලා .....

ඒත් ඉතින් ලස්සන නම් ඇයි කාක්කට කවුරුත් කැමති නැත්තෙ කියලා අහන්න යනකොටම රොබින් කුරුල්ලා කිව්වා මිනිස්සු හැමෝම හැමෝවම මනින්නෙ පිටින් ලු...පිට පෙනුමෙන්ලු...හරියට අපේ යෙයෙ ව වගේ කිව්වා...එයා කිව්වා පොතක කවරකින් කවදාවත් පොතක්මනින්න බෑ කියලා ...එයා කිව්වා කාක්කගෙ පාටින් කාක්කව මනින්න එපා කිව්වා...

කාක්කා කන්නෙ කුනක් උනත් ඌ කවදාවත් තනියම කෑ වෙ නෑ කිව්වා....බත් ඇට දහය පහලව පවා කනකොට අනිත් කාක්කන්ට අඩගැහුවා කිව්වා....

කොවුලාගෙ බිත්තර පව රකින්නෙ කාක්කි කිව්වා.....

මිනිස්සු කොවුලාගෙ කටහඩට ආඩරේ කෙරුවට කවදාවත් කාක්කගෙ කටහඩට ආදරේ කරන් නැති උනත්.....කොවුලා කියන්නෙ මහ ආත්මාර්තකාමී වගේම කාක්කා කියන්නෙ හරි පරාර්තකාමි සතෙක් කියලා බර වචන දෙකකුත් කියලා දුන්නා....

අවසානෙදි එයත් කිව්වා කලුපාටට ආසයි කියලා ...

යෙවීනුත් ආසයි කලු පාටට...හැබැයි කාටත් කියන්න බයේ උන්නෙ එයාලා කලුපාට කිව්වම ඊයා කියයි කියලා හිතෙන හන්දා...

ඒකොහොම උනත්.....රොබින් කුරුල්ලා කිව්වා වගේම කාක්කා හරි හොද කෙනෙක් බලන් යනකොට ...

මම කාක්කව පාට කරන්න ගත්තා...හොම්රන් පැස්ටල් එකේ කලු පාට හුනුකූර ගත්තු මම කාක්කව හෙමින් හෙමින් පාට කරනකොට එක පාරම පුපුරපු අකුනත් එක්ක මමබය උනා වගේම මට කෑ ගැස්සුනා....

යෙවීන්....!!

ඒ එයා....මෙච්චර වෙලාම මාව ගානක් නොගෙන උන්න සංධීර් මගෙ ගාවට දුවන් ආවා...එයා බය උනා මම අඩාවි කියලා....එයා බය උනා මම බය උනා කියලා.....

යෙවීන්.....යෙවීන්...

ස්...සං..ධීර්.....බ්බ්...බ්බ්...බය...යිනෙ.....

මම, මගෙ ගාවට දුවගන ආව සංධීර්ගෙ ඇගේ එල්ලුනා....වහිනකොට ගුලි වෙලා නිදාගන්න ආසා උනත් විදුලි කොටනකොට අකුනු ගහනකොට මම පුදුමාකාර විදිහට බය උනා...හරියටම කතා කර ගන්න බැරි මට බයක් දැනුනාම කෑ ගහගන්න වචන පවා පිට වෙන්නෙ නැති තැන් තිබුනා...ගෙදර රන්ඩුවක් වෙන වෙලාවය හොදට ඉන්න තාත්තට තරහව උපරිමේටම ගිය දාකට අම්මට ගැහුවොත් බඩු මූට්ටු පොලවෙ ගැහුවොත් එදාට මට කතා කරනවා තියා හුස්ම ගන්න පවා අමතක උනා...

එහෙව් මම අකුනක් පුපුරනකොට මරන බයේ හැංගුනා.....

යෙවීන්....යෙවී ....න්...මේ මම ඉන්නවා..මම ඉන්නවා.....බය නොවී නාඩ ඉන්න...මම ඉන්නවා....

ද්...ද්...දාලා දාලා යන්න...එ...එපානෙ.....දාලා..යන්න...එ...එපානෙ....අනේ.....ද්...දාලා...යන්න...එපානේ....

නෑ නෑ...දාලා යන්නෙ නෑ....දාලා යන්නෙ නෑ....හොද දරුවනෙ....දාලා යන්නෙ නෑ....ඔයා ඇඩුවොතින් අර තුවාල ආයම පෑරේවිනෙ....මතකනෙ ඩොක්ටර් අංකල් කිව්වා....තුවාලෙ ආය පාරවගන්න හොද නෑ...එතකොට යෙවීන්ටමයි රිදෙන්නෙ කියලා නේ...

එයා අඩන මාව වඩාගන අඩන්න එපා තුවාලෙ පෑරෙයි කියනකොට මම අඩන එක නැවැත්තුවා....කෑගහලා අඩන්න දෙයක් නැති උනත් හැම වෙලෙම.හිතේ ගැස්මෙන් ඉන්න...හැම වෙලේමබයේ ඉන්න මම...ලමයිට බයෙ...මිනිස්සුන්ට බයේ.....ආච්චම්මගෙ පොල් කොලේට බයෙ ඉන්න මම පොඩි සද්ද බද්දෙට පවා බය වෙනවා උනත් එවෙලෙට මාව කවුරු හරි තුරුල් කරගන මගෙ හිත හිමින් හිමින් හදනකොට බයත් හිමින් හිමින් හිමින් අඩු වෙලා යනවා ..මට ඕනා කරන්නෙ ආදරේ....බය වෙන්න එපා මම ඉන්නවා.....මම දාලා යන්නෙ නෑ....අඩන්න එපා කියන වචන අහන්න....මගෙ හිතට හයියක් ගන්න....අඩ්න වෙලේට සීනි බෝලයක් දීලා මාව පැත්තකට කරනවට වඩා මට ඕනේ එක වචනෙකින් මාව නිවන්න කෙනෙක්.වෙනකොට සංධීර් මාව තුරුල් කරන් අඩන්න එපා මම ඉන්නවා කියපු වචනෙම මට මහා ලොකු හයියක් උනා.....

යෙවීන්...

ම්ම්ම්ම්....

කෝ බලන්න.....ඊ ගාන්න

එයා අඩ අඩ උන්න මාව පුටුව උඩ හිට ගස්සාලා සීතල හන්දා අත් දිග ෂර්ට් එක තියන පිජාමා සූට් එක ඇන්දා.... ..තුවාල තිබ්බ හන්දා අපි දෙන්නම උඩට ඇන්දෙ නැති උනත් සීතල හින්ඩා එයා මාව පෙරෙව්වා.....අවසානෙදි මගෙ කට පෑරුනාද බලන්න ඊ ගාන්න කියනකොට මම මගෙ ඉදිමුන තොල් ලාවට එහා මෙහා කෙරුවා .....

ම්ම්ම්...අපි රෑටත් බෙහෙට් එකබොමු....නැත්තන් ඔයාට හැමදාම සුප් බිබි ඉදලා මෙහෙම චූටියයටම ඉන්න වෙයි....

එයා මගෙ ඔලුව අතගාලා කොන්ඩෙ අවුල් කෙරුවා..... ඊට පස්සෙ ආයම හැදුවා....

යෙ යෙ ....මම අර අක්කව බලලා එන්නම්....ඔයාට පුලුවන්ද තනියෙන් ඉන්න .....ම්ම්ම්..

එයා මගෙන් අහනවා එයාට අර අක්කව බලලා එනකන් තනියෙන් ඉන්න පුලුවන්ද කියලා ...අනේ එයා ගියහම ආයම අකුනක්.පිපිරුවෝතින් .....ඒත් එයා යනවා ඇත්තෙ ලොකු වැඩකට වෙන්න ඇතිනෙ....මම කරදරයක් උනෝතින් ...ඒත් ඉතින් යෙවීන් බයයිනෙ....මට එයා එක්ක යන්න ඕනා උනා...මට බයයි කියල කියන්න ඕන උනා.....මාව දාලා යන්න එපා....අරන් යන්න කියන්න ඕනා උනා....ඒත්.....මම කොහොමද කියන්නෙ...

එයාට මාව එපා උනෝතින් .....

එයාට මාව කරදරයක් උනෝතින්....

කොච්චර උනත් බාප්පා වගේ නෙවෙනෙ....නේද...කම්ක් නෑ....යෙවීන් ඔලුවෙ ඉදන් පොරවන් ඉන්නම්....

යෝ.....හ්....බැට් මෑන්ට අමතක උනානෙ.....බොසා බයයි කියලා ....කෝ...කෝ....එන්න එන්න....මට අමතක උනානෙ...කොහෙද ඉතින් මං දැන් නාකියිනෙ අනේ...

.ඒ.නලුවා.....අනේ එයා මාව ආයම වඩාගත්‍තා ..එයා කියනව එයාට අමතක උනාලු....ඒ නම් බොරුද කොහෙද අනෙ....එයා බය උනාද දන්නෙ නෑ මං අඩාවි කියලා ....ඇරත් එයා වයසයි කියන්නෙ...කොහෙද අනේ වයස ඔය ඉන්නෙ...නලුවා වගේ.....වගේ නෙවෙ...නලුවනෙ ඉතින්....

ව්...ව්...වයස....න්..න්..නැනෙ.....

වයස නැද්ද....කෑල්ල වගේ ඉන්නවද...

මට හිනා ගියා...මම ගොත ගගහා එයා වයස නෑ කියනකොට එයා හිනා උනා.....

හරි ලස්සනයි අප්පා.....සාරුක් කාන් වගේ.....නෑ....නෑ...සාරුක් කාන් අපේ බාප්පනෙ...එයා හිතන් ඉන්නෙත් එහෙමනෙ....ඒ උනාට බාප්පව නිදාගත්තම දැක්කොත් සාරුක්කානුත් බය වෙනවා...හරි කැතයි අනේ...

එයා මාව වඩාගත්තා...වඩාගන කෙලිම්ම අපි උන්න කාමරේ පහු කරන් ඊට එහායින් තිබුන කාමරේකට ගියා.....ඒක අර.අක්කා උන්න එක...ඒයා ඉන්නවා...එයා ඔලුවෙ ඉදන් පොරවන් ඇද පත්තට හේත්තු වෙලා ඉදන් ඉන්නවා එයාගෙ අම්මා කම්මුලට අතගහන් අක්කා.දිහා බලන් ඉන්නවා...

අම්මා...

මහත්තයා....

නැ...නෑ.... ඉදගන්න...ඉදගන්න...

වඩාගන ආව මාව නලුවා බිමින් තියල ඇදේ ඉන්න අක්කා දිහ බල්ලද් එයා ඔලුවෙ ඉදන් පොරවන් උන්න රෙදෙද අයින් කෙරුවා....

අනේ.....අර.....මූන.....පව්නෙ....අත දෙක.....අනේ....ඇයි අප්පා...ඒ....

මම සංධීර්ගෙ අතක් අස්සෙ එබිලා එ අක්කා දිහා බලල ඉක්මන්ට අහක බලා ගත්තා .....මට දුකයි...මට අපේ අරුනි අක්කා මතක් උනා...යක්සනී උනත් අරුනි අක්කා අපේනේ.....නේද...

මහත්තයා ...අනේ මගෙ කෙල්ලව අරන් අපි පැත්තකට වෙන්නම් මහත්තයා .....මේකි මෙහෙම උසාවි ගානෙ නග්ගලා අපි ගෙවල් වල ඉන්නෙ කොහොමද මහත්තයා ....අපි කොහොමද අනිත් මිනිස්සුන්ගෙ මූන බලන්නෙ.....

අම්මට දුවගෙ වේදනාවද වටින්නෙ....පිට මිනිස්සු එක්ක තියන සම්බන්ද කම්ද වටින්නෙ.....

මහ....

අම්මට දුවගෙ ජීවිතෙද වටින්නෙ...රටේ ඉන්න උන්ගෙ කයි කතන්දරද වටින්නෙ...

අම්මට පුලුවන් දුව අරන් යන්න...හැබැයි.....අරන් ගිහින් අම්මට පුලුවන් තව පාරක්...දුවව නාස්ති වෙන්න අරින්න...ඔය අම්මා තාත්තා දැන හෝ නොදැන කෙරුවෙ තමන්ගෙ දුවව විකිනුවා හා සමාන වැඩක්....අම්ම අද කට වහන් පැත්තට වෙයි...හැබැයි දෙවනි දවසෙත් එහෙම උනොත්....තුන් වෙනි දවසෙත් ඒකම උනොත්.....? ඉවසන්න පුලුවන්ද ....පුලුවන්ද නම්...ගානක් නැත්තන් ...අපිට කමක් නෑ.....හැබැයි අම්මා ඔයාලා අයින් වෙන්නෙ අම්මගෙ දුව වගේම තවත් අම්මෙක්ගෙ දුවෙක්ව මෙ විදිහටම මේ විදිහට නාස්ති වෙන්න පාර කපල...අන්න ඒකත් හොදට මතක තියා ගන්න.....

අනේ මහත්තයො...ඒ මිනිස්සු එක්ක අපි කොහොමද මහත්තයො හැප්පෙන්නෙ....උන් සල්ලි කාර මිනිස්සු.....උන් පුලුවන් කාරයො.....උන් අපිව පාගන මිනිස්සු.....

කව්ද ඉතින් ඔය ජාතියෙ මිනිස්සුන්ව ඔය පුටුවල ඉන්දෙව්වෙ.....අම්මලම නේද....ගෙදට ඇවිත් ටකරමක්...හාල්.මිටියක්.....සිම්නෙති කොට්ටයක් දීලා ගිය ගමන් අම්මලා කෙරුවෙ ඒකගෙ නමට කෙලින් කතිරයක් ගහපු එක නේද...

අම්මලාට ඕක නිකම්ම නිකන් කතිරයක් උනත්...ඔය කතිරෙ පිටිපස්සෙ අම්මලාගෙ ජීවිතෙ තියෙන්නෙ...

මම අහන් උන්නා...නලුවා කියවනවා...හැබැයි තරහෙන් නෙවෙ....එයා කාටහරි බනිනවා.....කාටද කියන්න දන්නෙ නෑ...ඒත් නලුවා ඒ අක්කගෙ අම්මට ලොකූ කතාවක් කියලා කෙල්ල ගාවට ගියා.....

ඔයාගෙ අකමැත්තක් නැත්තන් මට පොඩ්ඩක්.තුවාල උන තැන් පෙන්නනවද...

අනෙ මහත්තයා ...ඔව්වා කරලාමේ කෙල්ලට තවත් කරඩ්ජර කරන්න එපා. මහත්තා ...අපිට යන්න අරින්න....අපිට යන්න අරින්න...අපි මොකුත් නොවුනා වගෙ ජීවත් වෙන්නම්.....අනික...අඑ එකී දැනගන්න ඔනා ඇගිල්ලෙ තරමට ඉදිමෙන්න.....මේකිව ඉස්කෝලෙ යැව්වෙ නර දුක් විදලා ඔව්වා කරන්නද ...ආ යකෝ...අපි උඹව යැව්වෙ ඔව්වටද

.....

එපා.....එපා....ඕක නවත්තන්න....ලමයට ගැහුවට මෙතන ළමයා කැමැත්තෙන් ගිය ගමනක් නෙවෙනෙ.....?ඇයි ඒක තේරුම් නොගන්නෙ.....කෙල්ලව බලෙන් නෙ අරන් ගියෙ....එහෙම එක දැන දැන ඇයි ලමයට ගහන්නෙ.....

අනේ....අර අක්කට එයාග් අම්මා ගහන්න

..හැදුවා ...ඒත් නලුවා නෙවෙ ගහන්න දුන්නෙ .....එයා ඒ අක්කගෙ අම්මව අල්ලගත්තා .....මට තේරෙන්නෙ නැ....ඇයි කියලා ඒත් ඒ ගෑනු ලමයා කෑ ගහලා ඇඩුවා....හයියෙන් ඇඩුවා....සද්දෙන් ඇඩුවා ....

මාව මරපියව්.....මාව ගහලම මරපියව්....මටත් දැන් ජීවත් වෙන එක ඇති වෙලා ඉන්නෙ.....මාව මරපල්ලා.....අනේ...මාව මරපල්ලකො....

ලමයෝ.... ලමයො...ලමයො.....!!.ඕක නවත්තගන්න....

අනේ අර අක්කා....එයා කෑගහනවා....එයා ඔලුවට ගහගන්නවා..එයාව මරන්න ගගා කෑ ගහනවා.....ඇයි අනේ ඒ....ඇයි ඒ.....එයා එයාගෙම තුවාල පාර ගන්නවා....නලුවාගිහින් කෙල්ලගෙ අත් දෙකෙම්ම අල්ලගත්තා ...අල්ලන් කෑ ගැහුවා...

මම ඔයාගෙන් අහන්නෙ එක වචනයයි.....ඔයා ඌට එපා කිව්වද නැද්ද....

මං....මං...අනේ.....අනේ....

ඔව්....මං අහන්නෙ ඔයා ඌට බෑ කිව්වද නැද්ද...මේ වයසට ඔව්වා ඇති වෙනවා...ඒක සාමාන්‍යයි ..හැබැයි...මේක අසාමාන්‍යයි ...මේක අනුමත කරන්න බෑ...ඒවගේම ඔයාගෙ වයස තවම පහලවක් වත් නෑ....එහෙම එකේ මේ සම්බන්දෙ වත් අනුමත නෑ....මම අහන්නෙ ඔයා මේකට කලින් ඉදන් බෑ කිව්වද.... නැත්තන් එන්න කියන තැනට කැමැත්තෙන් ගියාද...??

මම පැත්තකට වෙලා බලන් උන්නා....නලුවා අර කෙල්ලගෙ අත් දෙක තදකරලා අල්ලගන ප්‍රශ්න අහන්න ගන්නකොට ඒ කෙල්ල නෑ නෑ කියන්න ඔලුව වැනුවා....

න්...නෑ....මං...බෑ....කිව්වා...අනේ....මං...බෑ කිව්වා.....

හරි...ඔයා බෑ කිව්වා...බෑ කියලද කිව්වෙ...නැතින....ම්...බෑමයි කියලද කිව්වෙ.....

බෑ...කියලා....

බෑමයි කියලා නෙවෙද කිව්වෙ....

මම...මම....අනේ....බෑමයි කිව්වා...ඒත්....ඒත්....

ඔව්....ඒත් මොකද.....ඒත් මොකද උනේ...

එයා...ට මම යවපු...

ඔව්...ඔයා එයාට කලින් යවපු අඩනිරුවත් ඵොටො ලීක් කරනවා කිව්වා...එහෙමද...?

ඔ...ඔව්.....

ඇයි ඒවා යැව්වෙ...

එයා....එයා කිව්වා

දාල යනවා...ඔයාව අතාරිනවා කියලා ..එහෙමද....???

ඔ....ඔව්....

ඒක හින්දා ඔයා යැව්වා....එයාගෙන් ආපිට මොනවා හරි දෙයක්...ඔයාව පොලවඹව ගන්න දෙයක්....මං අහන්නෙ .....මොනවා හරි වීඩියො එකක්....ඒ වගේ දෙයක් එයා එව්වද...?

...

මම අහන්නෙ එව්වද....නැද්ද...??

........

තමුන්ට විත්ති කූඩුවෙදි....තමුන් වෙනුවෙ පෙනී හිටින්න බැරි නම්.....තමුන් කවද හරි තව කෙනෙක්ට ආදරේ කරන්නෙ.කොහොමද .....තමුන්ට තමුන්ට ආදරේ කරන්න අමාරු නම්....තමුන් වෙන කෙනෙක් වෙනුවෙන් ආදරේ දෙන්නෙ කොහොමද .....අවුරුදු දාහතරක ළමයෙක්...අම්මා තාත්තගෙන් පිට ආදරයක් හොයන් යන්න තරම් ගෙදරින් උන අඩු පාඩු මොනවද...??

සංධීර්.....සංධීර්....නවත්තපන් බන්...නවත්තපන්...කෙල්ල බය වේවි.....කෙල බය වේවි බන්..නවත්තපන්කො.....

දෙවියන්ගෙ පිහිටයි...රොබින් කුරුල්ලා...අනේ එයා ආවා...නලුවා අර අඩන අක්කවත් කන්න හැදුවා එයාගෙ අම්මවත් කන්න හැදුවා....ඒ එක්කම රොබින් කුරුල්ලා.ආවා.....එයා ඇවිත් නලුවව ඇදලා ගත්තා.....

සංධීර් ...පොඩ්ඩක් ඉවසපන්....ඔහොම ඉවසපන් සන්දීර් ....උඹ දැන් ඔහොම කෑගැහුවම මේ කෙල්ල තව බය වෙනවා උඹට තේරෙන්නෙ නැද්ද.....

නලුවා කට පියාගත්තා....ඒත් තත්පර ගානයි...තත්පරයක් වත් නැද්ද කොහෙද....එයා ආයම කට ඇරියා...

හරි...මම කට වහගන්නම්.....මම.කට වහගන්නම්...හැබැයි අබේරත්න මෙයාව බබා හුකුන් කරන්නෙ නෑ ඒකත් මතක තියා ගන්න කියපන්.....විත්ති කූඩුවට නැග්ගම කටට බොරු උත්තර දීලා උන් බොරු එලියට ගනී....කවදාවත් කරන්න හිතලවත් නැතො බොරු උන් එලියට ගනී...අන්න ඒකත් මතක තියා ගන්න කියපන්.....

නලුව ඉනට අත් දෙක් තියාගම කාමරේ පුරාවටම කැරකෙනකොට අර අක්කගෙ අම්මට කෝල් එකක් ආවා.....

මහත්තයා .....

කව්ද...?

අර.....ඇමතියගෙ පුතා.....

ආන්ස්වර් කරලා ඉස්පීකර් එක ඔන් කරන්න.....අපි ඉන්න බවක් අගවන්න එපා....

ආව කෝල් එක කාගෙන්ද කියන්න මම දන්නෙ නැති උනත් එතන උන්න හැමෝම එයාව දැනන් උන්නා.....එයාලගෙ අම්මට විස්තරයක් කිව්ව නලුවා මා දිහා බලලා කටට ඇගිල්ලක් තියලා සද්ද කරන්න එපා කියනකොට මම හා කියලා කියන්න ඔලුව වනලා සංධීර් ගාවට ගිහින් එයාගෙ කලිසන් කකුලෙන් මිරිකගත්තා.....

හෙලෝ... ....

හෙලෝ...සදුනි.....

......

හෙලෝ...සදුනි.....

හෙ....ල්..ලෝ.....

සදුනි....කොහොමද මැනික.....

.....

ඔයා හොදින් ද.....

අ..ශාන්... අයියෙ...ඔයා..ඔයා ඇයි මට....ඇයි මට මෙහෙම කෙරුවෙ ...අයියෙ.....

මෙහෙම කෙරුවෙ කියන්නෙ...මම උඹට ආදරේ හින්දනෙ මැනික.....උඹ දන්නවා ...මට උඹ නැතිව බැහැයි කියලා උඹ දන්නවනෙ....

බ්..බොරු....බොරු....කියන්නෙ...ඇයි...අයියෙ....මම...මම....

හරි..හරි.....මෙ අහන්නකො...ඔයා කොහෙද ඉන්නෙ කියන්නකො.....අයියට ඔයාව බලන්න ඕනනෙ...

........

ම්ම්ම්....කොහෙද රත්තරන් ඉන්නෙ.....

මම නලුවා දිහා බැලුවා...එයා දත් මිටි කනවා...අර කෙල්ල සැරින් සැරේම නලුවා දිහා බලනකොට එයා අතින් පයින් අනම් මනම් කිව්වා..ඒ අක්කා ඔන්න තැන නොකියා ඉන්නකොට එහ පැත්තෙන් උන්න එකා ආය ආයම මොනවද කිව්වා....ඒ අක්ක ඇයි එයාට එහෙම කෙරුවෙ ඇයි ඇයි අහනවා....

සදුනි...මේ අහපන්...තව සති දෙකයි.....ඩැඩාගෙ ඉලෙක්ශන් එක....ඒ සති දෙක ඉවසපන්....මම උඹව මගෙ ගාවට ගන්නම්....

මාව.....මාව....උඹ ගාවට ගන්න ...මට තවම.දා හතරයි....නෙ...

එහෙනම්..උඹට දාහතර නම් උඹ මා එක්ක යාලු උනේ...එතකොට ...ඒකනෙ මං කිව්වෙ මට උඹව හරියන් නැ....උඹ මෙලෝ රහක් නෑ කියලා ....උඹෙන් දෙයක් ගන්න් වදින්න ඕනා....උඹව ලගට ගෙන්න ගන්න වදින්න ඕනා...ඇයි උඹ මට මෙහෙම කරන්නෙ.....

මූ මේකිව තවත් අන්දනවා....

නලුවා දත්මිටි කකා බනිනවා.....

මේ අහපන් මැනික....මොන දේ උනත් මම ආදරෙයි .....මොනවා උනත් උඹට මම ආදරෙයි...තව සති දෙකක් ඉවසපන්...උඹට වයස නම් ප්‍රශ්නෙ...ඒ හැම දේම මම විසදන්නම්....සල්ලි කීයක් හරි විසි කෙරුවම කරන්න බැරි දෙයක් නෑනෙ...උඹ දන්නවනෙ මැනික...උඹගෙ හැම දේම ගත්තු මම උඹට බොරු කරන්නෙ නෑනෙ....ඒක හින්දා හෙට එන්න තියන ගමනක්....නෑවිදින් ඉදපන්....උඹට තව සල්ලිත් ඕනා නම්....ඒකත් කියපන්....

........

හෙලො.....උඹ අහගනද ඉන්නෙ.....

...ඔ...ඔව්.....

අන්න හොද කෙල්ල.....හැබැයි ඉතින් කියන දේ නාහා ආවොතින් ...උඹට මාව නැති වේවි.....

....

ඒකෙන් වැඩක් නෑ...අයියට කියන්නකො කොහෙද ඉන්නෙ කියලා...ඩැඩාගෙ වැඩකට ආව ගමන් එලියෙ ඉන්නෙ...මම පුලුවන් දුරක නම් ඉන්නෙ බලලා යන්නම්...

එපා....අයියෙ.....අනේ....එන්න එපා....

ඇයි...ඇයි උඹ මට එන්න එපා කියන්නෙ....අර සංධීර් කාරයා කිව්වද තොට මාව හම්බෙන්න එපා කියලා.....ඇයි....දැන් තොට ඌ කිව්වද අහන දේවල් වලටත් උත්තර දෙන්න එපා කියලා ...ආ.....?

නෑ....දෙයියනේ ....නෑ...අනේ..මට පාඩුවෙ ඉන්න දීපන් අශාන්...පාඩුවෙ ඉන්න දීපන් ....

හරි...පාඩුවෙ ඉන්න දෙන්නම්....මම පාඩුවෙ ඉන්න දෙන්නම්....හැබැයි උඹත් පාඩුවෙ උන්නොත්....උඹත් පාඩුවෙ උන්නොත්...අපිත් පාඩුවෙ ඉන්නම්...කරන්න තියෙන්නෙ එකම දෙයයි.....උඹ හෙට උසාවිය පැත්ත පලාතෙ නෑවිදින් ඉදින්...අරූටත් කියපන් අනුගෙ මගුල් හොයන්න ආවොත්....ඊලග පිහිපාර ඔතනට නෙවෙ කියපන්...හරි....පරිස්සමින් ඉදින් මැනික...ආදරෙයි ආ.....

කෝල් එක කට් උනා....සංධීර් දත් මිටිකාගන අහන් ඉන්නකොට කෙල්ල ආයම ඇඩුවා...

දැන් ඔයා හිතන්නෙ ඕකා ආදරෙයි කිව්වෙ බදිනවා කිව්වෙ ඇත්තට කියලද...??

........

නෑ පුතේ...උඹව ඕකා කවදාවත් බදින් නෑ...උඹට තවම දා හතරයි.....උඹ තවත් ඌව විශ්වාස කෙරුවොත් වෙන්නෙ ....නෑ එක්කො මම කියන්නෙ නෑ.....ඔය අම්මා දුව තීරනෙ කරන එකයි.....අද ඔයාට උන දේ තවත් කාට හරි වෙන්න දෙනවද....නැත්තන් ....ඌට තවත් ඔයාව පාවිච්චි කරනන් දීලා.....නිකන් විනාස වෙලා යනවද කියලා .....මෙතනින් එහාට මම මොකුත් කියන් නෑ...යෙවීන් එන්න යන්න...

නලුවා කෑගැහුවෙ නෑ.....බැන්නෙත් නෑ.....හැබැයි එයාගෙ කටහඩ තද උනා...එතනින් එහාට ඒ කවුරුත් මොකුත් නොකියනකොට එයා මාව ඇදගන වගෙ එලියට එන්න ආවා....

මං....මං..හෙට....එන්නම්....මහත්තයා ....

.......ම්න්....

*

*

*

මිස්ටර් සද්දහමංගල...

ස්...ස්..සංධීර්...

ම්න්.....මම තමයි...ස්තූතියි මන් වෙනුවට කේස් එකට අත ගැහුවට ඒත් මම ආවා.....

ඒ..ඒත්...ගෑනු ළමයා...

ආවා...එයා නියම වෙලාවට ඒවි...

සංධීර්.....

ඔව්...කියන්න මිස්ටර් අබේරත්න ....මොකද....ඔයා හිතුවෙ නෑ මම ඒවි කියලා.....ඔයා හිතුවෙ නෑ කෙල්ල ඒවි කියලා ....ඇමති පුතාව පරිස්සමින් බලාගන්න කියන්න...අපි ඇතුලෙදි කතා කරමු...මෙහෙම කතා කරන එක හරි නෑනෙ...

මම උන්නෙ නලුවගෙ අතට අත් පටලගන....ඒකත් නිදිමතේ...මොන හේතුවටද කියන්න දන්නෙ නෑ නලුවා අපිව බලන්න බාප්පටවත් එන්න එපා කිව්වා.....බාප්පා නම් එවෙලෙ නලුවට බැන්නා සෑහෙන්න...ඔව් ඉතින් බනින් නැතුව බෑනෙ....බාප්පට මාව ඕනනෙ.....ඔලුව කසාගන්න....ඔලුව අතගාවගන්නත් ඉන්නෙත් මං විතරයි .

....ඒ කොහොම උනත් බාප්පට අපිව බලන්න එන්න එපා කියපු නලුවා මටත් නිදා ගන්න නොදි තනියම තියලා එන්නත් බැහැයි කියලා අවසානෙදි මාවත් එක්කගන කොහෙටදෝ ආවා.....

ආ...ආ..උසාවියටලු.....අර තියෙන්නෙ...මහේ....ස්.....ස්...ත....රා....ත්....අධි....අනේ බෑ අනෙ.....ඒ වචන හරි දිගයි...ඒ කොහොම උනත් අර අක්කත් උඩ ඉදන් යටටම වැහෙන්න ඇදගන අපිත් එක්ක ආවා වගේම නලුවා හරි රොබින් කුරුල්ලා හරි මගෙ අත අල්ලගත්තොත් අතාරින් නැතුවම උන්නා.....

සුදු සාරි ඇදගත්තු අය....කලු කලිසටමට සුදු ශර්ට් ඇදපු අය කලු ලෝගු දාන් එහා මෙහා යනකොට අනේ...මේ නලුවත් ඒ වගේම එකක් ඇදන් උන්නා.....

දැන් නම්...බැට්මෑන්මයි...

ඒත් එයා ගාවට ආව දෙනෙක් තුන් දෙනෙක්ම එයාට යන්න කිව්වා....මොන.මොනවා හරි කිව්වා උනත් එයා ඒ වචන පඩේකට මායිම් නොකර ඉන්නකොට කලුපාට ජීප් එකකින් තනි සුදු ඇදගත්තු බඩ ලොකු .මනුස්සයෙක් බැස්සා වගේම තවත් කොල්ලෙක් ඇවිත් බැස්සා.....අපේ නලුවා දිහා බැලුවෙ වත් නෑ..හැබැයි අර කොල්ලා අක්ක දිහා බල්ලා රවාගන ඇතුලට ගියා...

නඩු අංක 21...

කහපාට ලයිට් එලි පත්තු වෙනවා...ෆෑන් පෝලිමක් එළ දිගට කැරකෙනවා...මම උන්නෙ රොබින් කුරුල්ලා ගාව ඉදගන වෙනකොට එයා කිව්වා ඇතුලට ගියහම කෑ ගන්න කතා කරන්න එපා කියලා....

ගරු ස්වාමිනි....ආගෙ සේවාදායකයා...එනම්....මෙම විත්ති කූඩුවෙ සිටින වයස අවුරුදු දාහතරක් වයස් වෙන...ඩබ්.එස්.ප්‍රනාන්දු දැරිය...ඉකුත් දහ වනදා බරපතල ලෙස ලිංගික අපයෝජනේකට පත් වෙලා තියනවා....

ගරු ස්වාමිනි ....මේ ඇයගෙ සියලුම වෛදවාර්තා..සහ...පොලිස් පැමිණිලි වාර්තා....

අර...අපේ සංධීර්....සන්තානම් මෑනියනෙ අර අක්කා කූඩුවක්.අස්සෙ නේද හිටන් ඉන්නෙ....අයියො....පව්...එයා ඉන්නවා..එයා බය වෙලා බලන් ඉන්නවා...අපෙ..සංධීර් මොන මොනවද කොල.වගයක් දීලාඔන මොනවදෝ කිය කිය කිය එහෙට ගියා...වෙලාවකට කෑ ගැහුවා...

අර අක්කා ගාවට ගියා.....එයාගෙන් මොනවදෝ ඇහුවා...

ඔයාගෙ කන්‍යාබාවය නැතිවෙනකොට වයස කීයද...

ද්...දාහතරයි...

මීට කලින්....යම්කිසි පොලඹවා ගැනීමක් තිබුනද....?කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ....මාද්‍යජාල හරහා මොනව හරි හුවමාරු කරගත්තද...

ඔ...ව්...

කැමැත්තෙන්ද අකමැත්තෙන්ද....

...

මම අහන්නෙ....මේ හැම දේම උනේ...ක්ම්මැත්ත ඇතිවද....නැතිවද .....ඔයා එපා කිව්වද....එපාම කියලා කිව්වද....

මම....එපා....ම කියලා කිවා...

මොකක්ද...ඇහෙන් නෑ...මොකක්ද කිව්වෙ.....ඔයා කැමැත්තෙන් ද අකමැත්තෙන්ද මේ දෙ සිද්ද උනේ...

අකමැත්‍තෙන් ස්වාමිනී.....අකමැත්තෙන්.....එයා...එයා....මට...බල.....කෙ....රුවා....

මම විරුද්දයි ස්වාමිනි...!!!!

මම.විරුද්දයි මාගෙ සේවදායකයා කිසිම මොහොතක මේ කියන බාල වයස් කාර දැරියට මොන යම් තැනකදී වත් බලපෑමක් කරල නෑ ස්වාමිනි.....මොවුන් අතර ප්‍රේම සම්බම්දතවක් තිබු බවට සාක්ශි ....

විරුද්දත්වය නිශ්ප්‍රභා කරනවා ස්වාමිනි...!!!!

මාගෙ සේවාදායිකාව...මාගෙ සේවාදායිකාව වයස අවුරුදු දාහතරක දැරිවියක්.....ඇය තවමත් දහ අටක් වත් නොපිරුන දරුවෙක්...ආදරේ ගාවදි කවුරුත් රැවටෙනව....

විරුද්ධත්වය නිශ්භ්ප්‍රභා කරනවා...!

ගරු ස්වාමිනි....මාගෙ සේවාදායිකාවට.....ඇයට මෙම තරුනයා දිගින් දිගටම දිගින් දිගටම දුරකතන කෙටිපනිවිඩ මගින් ඇවටිලි කරලා තියනවා....නිතරම හිත නම්මගන්න හදල තියනවා.....මේ ඉන්නෙ කුඩා දරුවෙක් ස්වාමිනි...පුංචි උන්ගෙ හිත් හරි හැගීම් බරයි.....ආදරේ ආදරේ කියලා නොදැනුවත් කමට රැවටෙනවා.....අනුමත කරනන් බැරි උනත් වයස අවුරුදු දාහතරක දරුවෙක් කියන්නෙ ලේසියෙන්ම රැවටෙන කල වයසක්.....අනුමත කරන්න බැරි උනත් දුරකතන පනිවිඩ එක්ක පුංචි කෙල්ල ආදරේ හොයන්න ගන්නවා...කෙල්ල හෙව්වෙ ආදරයක් උනත්....කෙල්ලට හම්බ උනේ වෙන දෙයක්...

මම බලන් උන්නා....නලුවා අත් පය විසික් කර කර කතා කරනවා....සැර්න් සැරේම අර කොටුවෙ ඉන්න කෙල්ල ගාවට වගේම කොල්ලව පෙන්න පෙන්න මොනවද කියනවා....

...ගරු ස්වාමිනි මාගෙ සේවාදායිකාව දිගින් දිගටම දිගින් දිගටම විරුද්ධත්වය ප්‍රකාශ කරන්කොටත්.....වේදනාවෙන් කෑ ගසමින් උදව් ඉල්ලනකොටත්....පෙම්වතා යනුවෙන් සැක කරන මෙම තරුනයා දැරියව බරපතල ලෙස ලිංගික අපයෝජනයට වගේම දරුනු පහර දීම් වලට ලක් කරලා තිබෙනවා වගේම දුරකතන ඇමතුම් ඔස්සෙ තර්ජනය කිරීම් කර තිබෙනවා...ඔහුට එරෙහිව මා සෑම සාක්ශියක්ම ඔබ වෙත ඉදිරිපත්කොට අවසානයි...මාගෙ සේවදායිකාව වෙනුවෙන් සාදාරනයක් ඉශ්ටකරන මෙන් මා මේ ගරු අධිකරණයෙන් ඉල්ලා සිටනවා....

නලුවා වගේම අනිත් මනුස්සයා දිගින් දිගටම අනම් මනම් කොයා ගන්නකොට අර කූඩුවෙ උන්න කොල්ලා සැරින් සැරේම මහත මිනිහා දිහා බැලුවා...ඒ එක්කම අර උඩ හිටපු නඩු කාර හාමුදුරුවොද කව්ද කියන කෙනා එයාගෙ ලී මිටියෙන් මේසෙට තට්ටු කරලා කූඩුවෙ ඉන්න අර කොල්ලා දිහා බැලුවා.....

බාලවයස්කාර දැරියක් බරපතල ලෙස ලිංගික අතවරයට පත් කිරීම සම්බන්දෙන් විසි තුන් හැවරදි එම්.එන්.ඒ..සිල්වා යන අයට සියලුම කරුනු කාරනා සාක්ශි දෙස බලා වසර හතක සිරදඬුවම් කාලයක් සහ රු.20,000ක මුදල් ඇපයක් ගෙවීමට සිදු කරන බව ගරු අධිකරණය මෙයින් දන්වා සිටිමි.....

ඩන්.....ඩන්....ඩන්.....!!!!

ආයම කොටසකින් හෙට එන්න...

පුංචි දෙයක්...

මේ කතාව මේ කතාවෙ ඒජ් ගැප් එක ලොකු උනත් sugrdaddy කැටගරි එකටවත් pedophile කැටගරි එකටවත් අයිති වෙන්නෙ නැති එකක් කියලා මම ආදරෙන් මතක් කරනවා....

මේකෙ සංදීර්ගෙ වයස් ගැප් එක ලොකු උනත් එයා අතින් කිසිම.තැනක යෙවීන්ව වයස 18ට හරි 20 ට අඩුවෙන් තියනකොට මොනම විදිහකින් වත් ලිංගික සබදතා ඇතිවෙන්නෙ නෑ...

අනික .....සංධීර්ගෙ කැරැක්ටර් එක අනුව මේකට එහෙම කරන්න කොහොමත් බෑ..... මට කතාව ඇතුලෙ හුගාක් දේවල් යෙවීන්ගෙන් පෙන්නන්න ඕනා.....ඒක නිසා මට හදිස්සි වෙන්නත් බෑ...

අනික ඒජ් ගැප් එක වැඩි උනාට ආදරේ කරන කපල් ඕන තරම් ඉන්නවා.....

ලංකාවෙත් ඉන්නවා...යෙවීන්ට 25ක් වෙනකොට සංධීර්ට පනහක් උනාට ආදරේ කරන්න තහනමක් නෑනෙ නේද ...අනික....ආදරේට වයස කියන්නෙ ඉලක්කමක් කියනවනෙ නේද...

මම මෙක මෙහෙම කිව්වෙ දැනට කතා දෙක තුනකටම රිපෝර්ට් වැදිලා තියනවා...මගෙ එකත් එහෙම එකක් කියලා කට්ටිය සැක කරල රිපෝර්ට් කරයි කියලයි මම එහෙම කිව්වෙ ...

ඉතින්...කතාව කැමැත්තෙන් කියවන අයට දැනගන්න කිව්වෙ....අනේ අකමැත්තෙන් කියවන කෙනෙක් ඉන්නවා නම්....එයාලට මම කොතනක වත් බල කරන්නෙ නෑ කියවන්න කියවන්න කියලා .....එයාලට පුලුවන් ඒ වෙනුවට තවත් ලස්සනට කතා ලියන ඕතර් කෙනෙක්ගෙ කතාවක් කියවන්න....මං වෙනුවෙන් කියවන එකම එක රීඩර්ට උනත් මම කතාව ලියනවා.....එකම එක රීඩර්ව උනත් මට වටිනවා......

වීව්ස් එකක්...වෝට් එකක්.කමෙන්ට් එකක් කියන්නෙ මට ලොකු දෙයක්.....

එහෙනම්....හැමෝම.පයිස්සමින් ඉන්න.....

ජොබියගෙ හෑල්ල කියෙව්වට ස්තූතියි ගොඩාක් ...

ආය හෙත එන්නම්...

ගුත් නයිත් මගෙ කාවයි පැන්ඩම් එක.....

ආතරෙයි...

මම

Ferdeesha ❤️💚😘 ...

More Chapters