Ficool

Chapter 18 - 18

යෙවීන්.....යෙවීන්.....නෙහාන් ගනින් වතුර ටිකක් ලමයට සිහිය නැති උනා...

යෙවීන්.....සුදු පුතා.....යෙවීන්.....අනේ...අනේ...ඩොක්ටර් ලමයට.....

හරි....චුට්ටක් කලබල නොවී ඉන්නකො...

මම ඔහේ උන්නා...මට කලන්තෙ දැම්මලු....දොරකොඩ ගාවට වෙලා සංධීර් එක්ක බාප්පා කියන දේවල් අහන් උන්න මට දරාගන්න බැරිව මට කලන්තෙ දැම්මලු....බාප්පයි සංධීරුයි ඩොක්ටර් අංකල්ව වටකරගන මොන මොනවා හරි අහනකොට සැරින් සැරේම සංධීර් මා දිහා බැලුවා...හැබැයි යෙවීන්ගෙ හිනාව මේ වෙනකොට මැරිලා ගිහින් තිබුනා.....

වෙන වෙලාවට නලුවා හිනා උනා නොවුනා හිනා වෙන මම ඔහේ උන්නා....මට ඇහුන් නෑ වගේඋන්නා.....

දරුවට තියෙන්නෙ කම්පනෙ...කතා කරගන්නත් අඩාගන්නත් බැරිව ලමයව කලන්තේ වෙලා තියෙන්නෙ...ඔයාලා ඔයිට වඩා නම් ළමයා ගැන ප්‍රවේසම් වෙන්න වෙයි...

එහෙමයි....ඩොක්ටර් ....

කව්ද ඔය දෙන්නගෙන් තාත්තා .. ..ඔයාද....

නෑ ඩොක්ටර් මම බාප්පා ..

....

එහෙනම් ඔයාද තාත්තා ?

මගෙ ඇස් දෙක තිබුනෙ තනි සුදු පාට ගාපු සිවිලිම උඩ....කිසිම රටාවක් නැති මොකුත්ම මොකුත් නැති තනිම සුදු සිවිලිමේ ලයිට් එකක් ඇරුනම වෙන කිසීම දෙයක් නැති උනා.....දොස්තර සංධීර් දිහා බලලා එයාද මගෙ තාත්තා අහනකොට එයා නැහැ කියලා කියන්න ඔලුව වනකොට " ගොත මගෙ ඇස් වලින් කදුලු වැටුනා...."තව ටික දවසකින් යෙවීන්ට අම්මත් නෑ තාත්තත් නෑ...

යෙවීන්ගෙනුත් තාත්තා කෝ අහනකොට යෙවීන්ටත් උත්තර දෙන්න වෙන්නෙ ඔලුව වනලා තමයි....

මම පොඩි කමට උනත් වේදනා දෙන අර යටි තොල හපා ගත්තා ....තුවාලෙ වේදනාවට වඩා මගෙ පපුවෙ වේදනාව වැඩියි....සංධීර් එදා මගෙ ඉස්සරහ වීදුරුවක් කුඩුකරලා පෙන්නුව වගේම මගෙ පොඩි හිත බිදිලා ගියා.....

කොල්ලො.....සුදු පුතා.....ඒයි....පොඩි ඇටයා.....

එ බාප්පා.....මම ඔහේ උන්නා...දොස්තර අංකල් යන්න ගියා...මෙච්චර වෙලා එයා ගාව උන්න ඒදෙන්නා මගෙ ගාවට එනකොට මම හැලහොල්මනක් වත් නැතුව ඔහේ උන්නා...එ දෙන්නම සැරින් සැරේට මගෙ ලගට ඇවිදින් මගෙන් වචනයක් ගන්න හදනකොට මම ඔහේ උන්නා....අවසානෙදි සංධීර් මගෙ ඇදෙන් ඉදගන මගෙ ඔලුව...තුවාල.උන මූන අත ගෑවා...අත ගාලා එයා එක්ක තරහද ඇහුවා....

.

මම ඇයි තරහා වෙන්නෙ.....එයා මට වැරද්දක් කෙරුවෙ නෑ...මමයි වැරදි කරල තියෙන්නෙ.....

ආච්චම්මා අම්මව එලවන්න යන්නෙ මම ගොත හින්දා .....

අම්මට මල්ලි බබා නැති උනා එකටත් මම පලි හන්දා...

ඒත් ..අවසානෙදි ...යෙවීන් කියන්නෙ...යෙවීන් කියන්නෙ.....එ දෙන්නගෙ ළමයෙක්...නෙවෙ කියන එක...

මගෙ ඇස් වලින් ආයම කදුලු වැටුනා....ඒ දෙන්නා කොච්චර කතා කෙරුවා උනත්....මම නෙවෙ කතා කෙරුවෙ ..බාප්පා බීලා...ඒක බප්පා ගාවින් එන්වා...නලුවගෙ මූන අලු පාට වෙලා...

යෙවී .. ඇයි....ඇයි බන් කතා කරපන්කො...ඇයි යෙවීන් බාප්පට මෙහෙම කරන්නෙ....මම...උඹට ආදරේ හින්ද නේද ආවෙ .....මට...ඇයි...උඹ....

බ්බ්..බ්බ්...බාප්...පෙ.....

බාප්පා අඩන්න ගත්තා .....එක බාප්පගෙ හැටි.....එයා බීපුවම අඩනවා.....දුක හිතුන දේවල් මතක් කරලා බාප්පා අඩනවා....බාප්පගෙ කෑල්ලව මතක් උනාම බොනවා...බීලා අඩනවා...අඩල ආච්චම්මට බනිනවා...දැනුත් බාප්පා කරන්නෙ ඒ දේමයි.....

මම කතා කෙරුවා ....මම බාප්පෙ කියල විතරක් කියලා ඒ මූන දිහා බලන් උන්නා....මම එයාලහෙ නෙවෙලූ...මට ඒ වචන පිහි පාරවල් වගේ උනා....දුකටයි ..බයටයි බඩ ගිනි ගන්නවා වගේකැක්කුම් කරනවා....තුවාල වේදනාවා වඩා මට වෙන ලොකු වේදනාවක් දැනුනා....මම නලුවා දිහා බැලුවා...

අඩාගන්නවත් හයියක් නැති මම යෙවීන්වයි නලුව්වයි ඇදල තිබුන කොලේ හෙව්ව.....එක බිම වැටුනා...හැබැයි ඒ කොලේම ඇද උඩ තියනකොට මම ඒ කොලේ අරගන පාටකූරක් ගත්තා...අරගන චිත්‍රේ පිටිපඩ්සෙන් ලිව්වා.....

මට මගෙ හිතට දැනෙන දේ ගොත නැතුව කියන්න පුලුවන් එකම තැන කොලයක් උඩ විතරක්ම වෙනකොට මම මගෙ අකුරු කොලේ උඩ ලිව්වා.....

මට අකුරක් ලියන වාරයක් පාසාම.අම්මා මගෙ අත අල්ලන් පැන්සලෙන් ලියවපු හැටි මතක් උනා.....

මගෙ පුතා කිය කිය ඔලුව ඉඹ ඉඹ මගෙ අතින් අල්ලන් " අම්මා"කියලා ලියවන හැටි මතක් උනා.....මිනිස්සු කොච්චර මාව විහිලුවට ගත්තා උනත් අම්මා කියනවා මගෙ පුතා තම මේ ලෝකෙ ඉන්න හොදම ළමයා කියපුවා මතක් වෙන කොට මගෙ ඇස් ආයම බොද උනා.....

ඒ අම්මා මගෙ නෙවෙලු.....

ඒ අම්මා යෙවීන්ගෙ නෙවෙලු....

මගෙ පුතා...අම්මා ආදරෙයි කියලා කියපු මගෙ අම්මා දැන් යෙවීන්ගෙ නෙවෙලු...

කර උඩ තියාගන ඇවිදපු...හැමදාම අතෙන් අල්ලන් ඉස්කෝලෙ අරන් ගියපු මගෙ තාත්තා දැන් මගෙ නෙවෙලු.....

තාත්තගෙ කොල්ලා කියපු තාත්තා යෙවීන්ගෙ නෙවෙලු....

කොටිම්ම....අම්මා තාත්ත මැද නිදා ගත්තු යෙවීන් ඒ දෙන්නගෙ නෙවෙලු....

මම අඩාගන්න බැරිව ඉකි ගගහා කොලෙ දිහා බලන් උන්නා...මට කියන්න බැරි දේවල් ගොත නොගහම ලියන්න පුලුවන් එකම තැන කොලේ වෙනකොට මම අඩ අඩම කොලේ උඩ අකුරු ලියන්න ගත්තා .....

" යෙවීන්ගෙ උනේ නැති උනාට උදුර ගන්න එපානෙ.....යෙවීන් ආදරෙයිනෙ.."

එච්චරයි මං ලිව්වෙ...මට ඊට එහාදේවල් හුගාක් ලියා ගන්න ඕනා උනත් මම එච්චරක් ලියලා නලුවගෙ අතට දුන්නා අම්මවයි තාත්තවයි බේර ගන්න කියලා...කසාදෙ කටු ගාන්න එපා කියලා ...මට උදව් කරන්න ඉන්න එකම එක්කෙනා නලුව විතරක් වෙනකොට මම වේදනාවෙන් ඇස් පියා ගත්තා .....

යෙවීන්....යෙවීන්.....මේ බලන්නකො ...

මට දැන් ඇඩෙනවා....ඉකිගහලා අඩන්න ඕනා උනත් අම්මෙ යන්න එපා....තාත්තෙ යන්න එපා කියලා අඩන්න ඕනා උනත් අම්මව තාත්තව මගෙන් උදුර ගන්නෙ නැතිවෙන්න උදව් කරන්න පුලුවන් එකම කෙනා සංධීර් විතරක් වෙනකොට මම සංධීර් ගගා ඇඩුවා...එපා අම්මව අරගන්න කියලා ඇඩුවා...එයාගෙ බෙල්ලෙ එල්ලුනා....අනේ අම්මව ඕනෙ තාත්තව ඕනෙ....එපා උදුරගන්න කිය කියම අඩනකොට එයා මාව වඩා ගත්තා ...

ස්ස්.....සංධීර්....අ....අම්...අම්...මා.....එපා...එපා....අම්...අම්...මව....උදු....ර....ග...න්න්

..න...එපා....අම්...මව...උදුර ග...න්න...

කතා කර ගන්න බැරි අඩාගන්න බැරි ගොත මට දරා ගන්න බැරි උනා....මම ඒ උරහිස උඩ ඔලුව ගැහුවා...බාප්පා මාව අම්මට දෙන්න කියල කියපු හැටි...මම එයාලගෙ නෙවෙ කියපු හැටි මේ ඔක්කොම මට වද දෙනකොට අඩ අඩ උන්න මට එක පාරම සංධීර්ගෙ උරහිසේම බීපු බෙහෙත් පෙත්තෙ ඉදම්ම වමනේ ගියා...ඒත් එයා නෙවෙ වචනයක් කිව්වෙ....එයා නෙවෙ බැන්නෙ...එයා මට අඩන්න දීලා ඇදගන උන්න ජැකට් එක ගලවලා දැම්මා....

යෙවීන්.....ඔයාට මාව විස්වාසද....?

එයා අඩන්න එපා කිව්වෙ නෑ.....අඩන මගෙ මුන දිහා බලන් උන්න සංධීර් මගෙ මූන දිහා බලන් මගෙන් එයාව විශ්වාසද ඇහුවා....මට එයාව විස්වාසද...

ඒක මම මගෙන්ම ඇහුවා....එයා අර අක්කව බේරපු විදිහටම මාවත් බේරයි කියන එක ....එයා අර අක්කව බේරපු විදිහට අම්මා තාත්තව මගෙන් උදුර ගන්නෙ නැතිව යයි කියන විශ්වාසෙ එක්ක මම ඔව් කියනකොට එයා මගෙ ඔලුව අතගෑවා .....

ස්ස්....ස්...සං....ධීර්.....අ...යෙ..යෙවීන්...ගෙන්....උ..උ...උදුර...ග්...ගන්න...එ...එපානෙ.....

මම එයාගෙ මූන දිහා බලාහන මගෙන් උදුර ගන්න එපානෙ කියනකොට එයා මගෙ අත අරන් එයාගෙ ලොකු අත ඉඩින් තියා ගත්තා ....

පොරොන්දු වෙනවා...යෙවීන්ගෙන් උදුර ගන්නෙ නෑ කියල....දැන් හොද පුතා වගෙ නාඩා ඉන්න....ඔයාගෙ බැට් මෑන්ට පුලුවන් නෙ...නේ

එයා මගෙ ඔලුව අත ගෑවා.....අතගාලා එයා පොරොන්දු උනා. අනේ එයා පොරොන්දු උනා. .මිනිස්සු කවදාවත් බොරුවට පොරොන්දු දෙන්නෙ නෑනෙ...මිනිස්සු කවදාවත් බිදින්න බලාපොරොත්තු දෙන්නෙ නැනෙ...

එයා හරි හොදයි....යෙවීන්ට පොරොන්දු උනා....යෙවීන් ආදරෙයිනෙ.....

සුදු මහත්තයා .....

ම්ම්ම්....

මොනාද බොන්නෙ....

සංධීර් යන්න ගියා...අම්මවයි තාත්තවයි කවදාවත් උදුරගන්නෙ නෑ කියපු සංධීර් ලියුමත් අරන් යන්න ගියා.....එයා යන්නගියෙ නිකන් නෙවෙ තවත් චිත්‍ර ගොඩාක් අදින්න කියලා වෙනකොට මම බාප්පගෙ ඇගට හේත්තු වෙලා පුලුවන් තරම් චිත්‍ර ඇන්දා ..

ඒත් මගෙ නහය තෙතයි....

ඇස් අඩන්න බලාගත්තු ගමන් මයි....

ඇහි පිහාටු බරයි....

අයියට තව එකෙක් ආවොතින්....කියන කැල්ලෙ ඉදන් ඊට පස්සෙ ඇහුන රිදුන වචන මාව අඩවද්දි මම හිතා මතාම ගොලු උනා....

වෙනදට ලෙඩ පිට ලෙඩ දහයක් තිබ්බත් බාප්පාගෙ ඇගෙ නටන කෑ ගහන මම අද ඔහේ උන්නා....

අනෙ නත්තල් සීයෙ....යෙවීන්ට් කොන්සර්ට් එකත් එපා.....තෑගිත් එපා.....ආච්චම්මව අරගන සුදු අම්මව ගෙනත් දෙන්න...

ඒක මගෙ එක ලියුමක්...මම.ලියන ලියන ලියුම බාප්පා නැමුවා...තාම නත්තල් නැති උනත් අදම පිච්චුවෝතින් අපෙ ගේ පහු කරන් යන නත්තල් සීයට මම ඉල්ලපුවා දෙන්න අමතක වෙන්නෙ නෑ.....

අනේ නත්තල් සීයෙ....යෙවීන් අම්මට අදරෙයි ....

තාත්තා අදරෙයි....ආච්චම්මට කියන්නකො කසාදෙ කටු ගාන්න එපා කියලා.....යෙවීන්ට අම්මයි තාත්තයි දෙන්නම ඕනනෙ ...

.මම ආයම ලිව්වා...මගෙ අකුරු දිහා බලන් උන්න බාප්පා මේ වෙනකොට අවසානෙදි ලියුම් මිටියක් අතේ තියන් ඉන්නකොට අවසානම කොලෙත් මම අතට ගත්තා ....

සුදු මහත්තයා බාප්පට කෑල්ලක් සෙට් කරලා දෙන්න කියලා ලියපන් බන්...තාම වේලෙනවා....

මම බාගෙට ඉවර උන රතු පට හුනු කූරෙන් තවත් ලියුමක් ලියන්න යනකොට බාප්පා කෑල්ලක් ඉල්ලුවා...පව් බාප්පට කෑල්ලකුත් ගේන්න කියලා ලියපු මම අවසානෙදි යෙවීන්ව ආය නම් ගොතයෙක් කරන්න එපා නත්තල් සීයෙ කියල ලිව්වා...

හරි....දැන් මොකද කරන්න ඕනෙ....

ප්ප්...පුච්චමු...න්න්..නේද....

මම ඔලුව කැසුවා ....බාප්පා දැන් මොකද කරන්නෙ අහනකොට මං පුච්චමු කිව්වා ....ඒත් තාම රෑවෙලා නෑ ....එක්කො රෑවෙන්න ඕන්නෑ.....බාප්පා මට අන්දවලා තිබුන පිජාමා එකේ ශර්ට් එක අන්දලා නත්තල් පප්පා තොප්පියක් දැම්මා ...මං හිතන්නෙ මට කොන්සර්ට් එකට වත් ආජිතපර නටන්නවත් බැරි වේවි....

අපි ඉස්සරහින් ගිහින් එලියෙ පුච්චමු.....

මගෙ කොල ටික අතේ තියන් සියපාරක් කොන්ඩෙ හදපු බාප්පා ඉස්සරෛන් යමු කිව්වා ...ඒ උනාට මෙ මෙතනින් දොර ඇරියමත් යන්න පුලුවන් නෙ....

ඉ...ඉ..ඉතින්...ම්ම්..මෙතනින්...ල්ල්....ගයි....නෙ....

මං පහලට ආව හොටු රැල්ල ආපහු ඉහලට අදින ගමන් මෙතනින් ලගයිනෙ ගානකොට බාප්පා මගෙ නහය පිහිදු....

අර ඉස්සරහ ලස්සන නර්ස් කෙනෙක් ඉන්නවා ....වරෙන් හිමින් බලන් යමු.....

ක්ක්....කෑල්ල...ක්ද...ඉන්නෙ??

ම්ම්ම්....ඔව්....මේක වත් සෙට් උනෝතින් .....

බාප්පා මගෙ දිහා බලලා හිනා උනා ..හිනා වෙලා මාවත් අතින් අල්ලන් එලියට එන්න ආවා වගේම බාප්පා ආයම ණැවතුනා

ඒ....ඒකිට කොල්ලෙක් ඉන්නවද කොහෙද .....වරෙන් පුතේ යමු....උඹගෙ බාප්පට මේ කපේට ගෑනියෙක් හොයා ගන්න බෑ ...

අයියෝ.....මමත් බැලුවා ..කිව්වත් වගෙ බාප්පාට කෑල්ලක් හොයා ගන්න බැරි වේවිද මන්දා ....

බාප්පා මගෙ අතින් අල්ල ගත්තා ...අල්ලන් එලියට ආවා ...හැම තැනම සරසලා....දවල් කියලා නෑ....සමහර මිනිස්සු රතින්ඥා ඇවිලුවා ...

සුදු මහත්තයා ...මෙතනින් අවුලමුද ..මේ සිමෙන්ති පොලවෙ අවුලමු....

මං ඔලුව වැනුවා බාප්පා කිව්වා සිමෙන්ති පොලවෙ අවුලමු කියලා ....එතනින් පස්සෙ එයා මා එක්කම අර ලියපු හැම ලියුමක්ම පුච්චන්න ගත්තා ...

කොලේ ඇවිලෙනවා....තැඹිලි පාටින් ගිනි දැල්ල යනකොට උඩට යන දුම් වලල්ල එක්ක මගෙ අකුරුත් ඇවිලල යද්දි මං ඔහේ බලන් උන්නා...බප්පත් අකුරු දිහා බලන් උන්නා .....

මට දුක හිතුනා.....ආය ආයමත් මට බාප්පගෙ වචන මතක් උනා...අයියට මාව දෙන්න එපා කිය කිය කියපු හැටි මතක් උනා ...බාප්පටත් ඕනේ මාව යවන්නද්.... ..බාප්පටත් දැන් මාව එපාද...

මගෙ ඇස් වලින් ආයම කදුලු වැක්කෙරුනා ....ඔක්කොටම වඩා ඒ කදුලු සැර උනේ අම්මගෙයි තාත්තගෙයි අතේ එල්ලීගන එන ලමයෙක්ව දැක්ක මට තවත් ඉවසන් ඉන්න බැරි උනා.....මට හයියෙම්ම ඇඩෙන්න ආවා....ඒත් අඩාගන්න වත් බැරි උනා...

යෙවීන්.....සුදු පුතා...ඇයි අම්මෙ මේ....ඇයි මේ....

බ්බ්...බ්බ්..බාප්පෙ....යෙ...යෙ.....යෙ...වීන්...යෙවීන්...බාප්ප...ලාගෙ...න්න්..නෙවේද....බ්බ්...බාප්පෙ....

මට ඉන් එහා කතා කරගන්න බැරි උනා.....මට ඉන් එහාට එක වචනයක් වත් කතා කරගන්න බැරි උනා.....මට ඒ වචන ඔලුවට එන්න එන්නම වද දෙන ගතිය වැඩිවෙනකොට ගිත ගැහෙන වචන අනිත් පාර ගොලුවෙලා ගියා.....

මට හුස්ම අල්ලන්න බැරි උනා....මාව දාලා යන්න එපා තාත්තේ.....කියන වචන ඔලුව අස්සෙ කෑ ගහනකොට මට කතා කරගන්නම බැරි උනා..බාප්පා රටටම දෙස් දෙවොල් තිය තිය මාව උස්සන් ආයම අස්සට දිව්වා .....

අනේ හුස්ම ගනින්කෝ...හුස්ම ගනින්කො...රත්තරනෙ...උඹගෙ බාප්පා ඉන්නවා...දාලා යන්නෙ නෑ මගෙ යෙවීන්.....උඹ මගෙ...අපේ...බාප්පගෙනෙ....අනේ ඩොක්ටර් .....අනේ...උදාන....උදාන වරෙන්කො....වරෙන්කො බන්.....

අඩලා අඩල උන්න මට සෙම පැටලිලා අවසානෙදි මගෙ කටහඩ හුස්ම හැම දේම උදුරගන්නකොට බාප්පා යහපතාට පවා කතා කර කර ඇඩුවා ....අවසානෙදි ආයමත් දොස්තරලා වට කරගත්තු මං සෙම ගුලි ගුලි වමනෙ කෙරුවා .....

බ්බ්....බා....ප්...පේහ් ....

අවසානෙදි මම බාප්පට කතා කරනකොට එහා මෙහා දුව දුව උන්න බාප්පා අවසානෙදි මගෙ ගාවට දුවගන ආවා මං එහෙම්ම බාප්පගෙ ඇගට හේත්තු උනා.....

යෙවීන්...යෙවීන්...මගෙ වස්තුව.....නැගිටින්න රත්තරන් ....මේ කුක්කු පිටි හැදුවා.....

මට නින්ද ගිහින්....බාප්පගෙ ඇගට හේත්තු උන මට නින්ද ගිහින් තිබුනා...පැය කීයක්ද කියන්න දන්නෙ නෑ....ඇගට දැනෙන වේදනාව සීතල එක්ක මට ඇස් අරින්න හිතුන් නැති වෙනකොට මම ඇස් වහගනම උන්නා...එයා මට නැගිටින්න කියනවා...ඒත් මම නෙවෙ ඇස් ඇරියෙ....

මගෙ පුතා....උඹ.....ඉක්මනට සනීප වෙයන් යෙවීන්...බාප්පා අදරෙයි උඹට.....මම උඹව අම්මා ගාවට යවන්න හදන්නෙ....

බාප්පා ආයම කියවනවා...එයාගෙ හිතේ මම නිදි කියලා ....බාප්පගෙ කට හඩ බර වෙලා ..පව්....එයා අඩලද කොහෙද ...වෙලාවකට තාත්තටත් වඩා බාප්පා ආදරෙයි.....එයා අඩ අඩ තව මොන මොනවදෝ කියන්න ගියා උනත් බාප්පට කෝල් එකක් ආවා.....බාප්පා නැවැත්තුවා...

හෙලෝ....

...

කියපන් අරුනි මොකද...

.....

ඇයි අහන්නෙ...උඹලා එකෙක් වත් ආවෙ නෑනෙ....උඹල එකෙක් වත් ඒ කොල්ලව බලන්න ආවෙ නෑ....නෙ නේ.....

මම අහන් උන්නා...අරුනි අක්කා...මං ගාව ඉදන් උන්න බාප්පා එලියට ගියා...හැබැයි එයා නැවතුනෙ දොරකොඩ ගාව....මට එයා කියන හැම දේම ඇහුනා...

ඇයි උඹගෙ අම්මයි....උඹගෙ තාත්තයි ආච්චියි ගියානෙ අර බඩ්ඩ බලන්ඩ....දැන් මොකටද අහන්නෙ?

.......

හෙලෝ....කෑ ගහන්නෙ කියන්නෙ.....එහෙන් අක්කා තාම ඉස්පිරිතාලෙ ....ළමයා මෙහෙ...අම්මා අරූගෙ ඔලුව කාලා කාලා...අනේ ඒ වේස බල්ලටත් දැන් තමා ගෑනිගෙ අඩු පාඩු පේන්න ගත්තෙ.....

....

දෙයියන්ගෙ නාමෙට මට තව තව මගුල් අහන්ඩ එපා...උඹලා ගත්තෙ කොල්ලා.මැරිලද කියල අහන්ඩ නම්...ඔව්...ඌ මැරිලා...ඌ මැරිලා ඉවරයි... ඌ මැරිලා ඉවරයි...උගෙ අම්මා තාත්තා ඌට නැති වෙනවා කියලා දැනගත්ත තැන ඌ මැරිලා ඉවරයි....

...

හෙලෝ....හෙ...ලෝ.....හෙ...

කට් කෙරුවා.....අහන් ඉන්න බෑ...අහන් ඉන්න බෑ....ඇත්ත කියනකොට අම්මලා.දුවලා මිනිබිරියො එකෙක්ට වත් අහන් ඉන්න බෑ...කොහෙවත් ඉන්න බඩ්ඩක් ලොකු කරන්.....අරූටත් ඔලුව නෑ.....මෙච්චර කල් උන්න ගෑනිව දැන් වටින් නෑ...බල්ලා....

මගෙ ඇස් කොන් තෙත් උනා එත් මම ඇඩුවෙ නෑ.....මම නෙවෙ ආය ඒ ගැන ඇහුවෙ වත්...මට නලුවව විස්වාසයි ....නලුවා කිව්වා අම්මවයි තාත්තවයි උදුරගන්නෙ නෑ කියලා .....නලුවා බොරු කරන්නෙ නෑ....

..සුදු මහත්තයා ....කොල්ලො...පොඩි ඇටයො....ඇම්බැට්ටයො....නැගිටපන්...මේ කුක්කු පිටි ගෙනාවා.....

කෝල් එක ඉවර වෙලා ආව බාප්පා මාව ඇහැරවන්න එක එක දේවල් කරනකොට හිතේ දුක කොච්චර තිබ්බත් මම මොකුත් නෑහුන එකා වගෙ ඇස් ඇරියා ..... ..

බොසා....නැගිටපන්...කුක්කු එකක් බොමු....නේ...ම්ම්....මගෙ ඇට්ටරයා 

බාප්පා මාව ඉන්දවලා මගෙ අතට කිරි වීදුරුව දෙනගමන් මගෙ එහා පැත්තෙන් ඉදගත්තා ...

ම්ම්...ම...යිල්...ලෝ...දාල නෑනෙ....

.මයිලෝ බොන්න හොද නෑ...ඈක්කා යන්නෙ නෑ.....බඩ වේලනවා....

බාප්පා ඵෝන් එක කකා මට මයිලෝ හොද නෑ කියනකොට මම බටෙන් හිමින් හිමින් බොන්න පටන් ගන්නකොට බාප්පා අදත් බූට් සින්දුවක් අහන්න ගත්තා .....හොද වෙලේට අර උල්ලැයි උල්ලැයි නෙවෙ....ඊයෙ පෙරේදා ඉදන් බාප්පගෙ කස් එක අබිසේකා ඇන්‍ටි.....

එයා අදත් අර දුක හිතෙන සිංදුව අහන්න ගත්තා ...

මම බප්පා දිහා බලන් උන්නා....එයා එ සිංදුව අහන හැමදාකම වහල දිහා බලන් හයියෙන් හුස්ම ගත්තා....ඇස් රතු උනා...කදුලු ආවා....ඒ සිංදුව ඇහෙනකොට මටත් දුක හිතෙනවා....

යෙවීන්....මේ බෙහෙත් එක බොන්න...බීලා දොයියන්න...දැන් රෑ වෙලා.....

ඇගපත හෝදන්න බැරි උනත් හෝදන්න පුලුවන් ටික හෝදවපු බාප්පා මාව අන්දවලා නිදාගන්න කිව්වා....හැබැයි තනියම නෙවෙ...මා එක්කම වෙනකොට මගෙ තුවාල පෑරෙන්නෙ නැති වෙන්න මාව ළඟ තියාගන එයා මට නින්ද යනකන් ඔලුව අතගාන්න ගත්තා ....සංධීර්ට කෝල් කෙරුවා....රොබින් කුරුල්ලය වගේම යහපතාටත් ගත්තා ...ගෲප් කෝල් එකක්.....එයාලා මටත් අත වැනුවා....සංධීර් උන්නෙ තනියම උනත් යහපතයි රොබින් කුරුල්ලයි එක් ගෙදරක උන්නා...

එයාලා හිනා වෙනවා...ආය ආය මොන මොනවද කියවනවා.....තත්පර ගානයි මට නින්ද ගියා ...... බාප්පා මගෙ නලලට හාදුවක් තියනවා වගේම ගෲප් කෝල් එක ඉවරවෙනවා ඇහෙනකොට මට හොදටම නින්ද ගියා...

.

....හෙ.....හෙලෝ....ර්...රො....රොමේ.....

ම්ම්....හ්....

මට නින්ද ගියා...තදිම්ම නින්ද ගියා....ඒත් චු බරක් අල්ලලා මට ඇහැරුනා ඒ ඇහැරෙනකොට බාප්පා නිදිමතෙම කෝල් එකක උන්නා.....

මො....මොකක්...මො....කක්....අපේ...අපේ.සංධීරයගෙ....ගෙදරට....ගිනි තියලා...එතකොට ..ඌ....ඌ....අනෙ යකො ඌ...???

අනේ සංධීර්.....????

මම එනවා...මම.....එනවා..මම මෙ දැම්ම එනවා යකො.....

බ්බ්...බ්බ්...බා...ප්...පේ....ස්ස්.....සං.....

🥺ජොබික්කා නිදහාස්ස්....

ආයම හෙට එන්නා...ම්

මේ ළමයා බුජි....ඔය ලමයිනුත් බුජියන්න.....

ජොබී....!!

.ferdeesha 😘😘❤️

More Chapters