Ficool

Chapter 19 - 19

සංධීර් ...අයියෝ....මේ යකා....හ්...

මම බය වෙලා වගේ අහන් උන්නා...අනේ සංධීර්ට කරදරයක්...අනේ...අපේ සංධීර්ට කරදරයක්....

හිතේ වේදනාවෙන් බයෙන් උන්න මට තවත් වේදනාවක් ...බාප්පා ඔලුව අල්ලගන අයියෝ....අයියො....හ් ගගා ඔලුවට ගගහා එහාට ගියා මෙහාට ගියා....අවසානෙදි එයා කාට හරි කෝල් එකක් ගත්තා...

...කෝල් එකක් ගත්තම ආන්ස්වර් කරන්නෙ නෑනෙ...මැරිලද මන්දා...කාලකන්නි

........

හෙලෝ...හෙලෝ...අයියෙ...කොහෙද උඹ ඉන්නෙ....

.....

හෙලෝ.....අයියෙ...කොහෙද ඉන්නෙ උඹ.....මේ ලමයා ගාවට...හෙ....හෙලෝ...හෙලෝ....

මූට මෙ පාන්දරත් කෙලින් කටින් ඉන්න බෑ.....ඔක්කොම එකයි.....

එයා කතා කරලා.තියෙන්නෙ තාත්තට...තාත්තා අරක්කු බීලා වගේ....ඒක තමයි කෙලින් කටින් ඉන්න බෑ කිව්වෙ.....බාප්පා කෝල් ගන්නවා ගන්නවා....ඒත් කවූරුත්ම කතා කරන්නෙ නැද්ද කොහෙද .....එයා එහාට යනවා මෙහාට යනවා....ආයම කෑ ගහනවා මම ඕකට කිව්වා...මම ඕකට කිව්වා ගගා....අනේ සංධීර්ට කරදරයක්ද.....එයාගෙ ගේ ගිනි තියලලු.....එයා ඇතුලෙ ඉදල කියලා කියන්නෙ...

අනේ සංධීර්.....ඔයාට මොකුත් වෙලා නෑ නේද නලුවො....ඔයාට මොකුත් වෙලා නෑනෙද.....?

බාප්පගෙ සමහර වචන එක්ක මගෙ පපුව ගැහෙන්න ගත්තා....බාප්පා කාට කාට හරි කෝල් කර කර ලමයා ළමයා ගෑවා...එයාට මාව දාලා යන්න බෑ...එයාට මාව තනියෙන් දාලා යන්න බැරි හන්දා කාට කාටද ගත්තා...ඒත් ඒ කවුරුත් බාප්පගෙ වචන වලට කැමති උනේ නැද්ද කොහෙද ...

ඇත්ත...යෙවීන්ට කව්ද ආස.....

මම කදුලු පුරවන් බලන් ඉන්නකොට මෙච්චර වෙලා ඵෝන් එක කනේ ගහන් උන්න බප්පා මා ගාවට ආවා...

යෙවීන් ....වරෙන් පුතේ යන්ඩ.....එක බල්ලෙක්ට බෑ අසරන වෙන වෙලාවට උදව්වක් කරන්න ....

බාප්පා මාව වඩා ගත්තා....ඇගට අන්දලා තිබුන ඇදුමවත් මාරු නොකරම බාප්පා මාව වඩාගන ඊට එහා මොකුත් නොගෙනම හිතු මනාපෙට මාව වඩාගන එලියට දිව්වා.....

සංධීර් ....අනේ ....උඹට මම කිව්වා සංධීර්.... උඹට මම විතරක් නෙවෙ මම විතරක් නෙවෙ යකො.....මම විතරක් නෙවෙ...

මාව කාර් එකේ ඉන්දවගත්තු බාප්පා සුක්කානමට ගගහා ගගහා එක දිගට සංධීර්ට බනිනකොට අනේ කතා කරලා ඇයි බාප්පෙ....බාප්පෙ... සංධීර්ට මොකද කියල් අහගන්න බැරි කමට මම බාප්ප කියන දේවල් අහන් වෙන්නෙ මොනවද අහන් උන්නා.....

පාරෙ වාහන යනවා....රෑ කියලා නෑ....ඉදල හිටලා ලොකු බස් වලට පාරත් ඉඩ මදි කියන්නද කොහෙද ඒ බස්වලට පුලුවන් තරම් හයියෙන් ගියා... ...

යෙවීන්.....එන්න....එන්න වරෙන්.....

මහ පාර පුරාවටම එනකම්ම බාප්පා කෙරුවෙ තනියම මුනු මුනු ගාපු එක එකාට කෝල් කර කර ආනේ බන් අනේ මචන් වරෙන්කො අපේ එකාට ගගා ලොකූ කතාවක් කියන ගමන් එය මාව එක්කන් කෙලිම්ම සංධීර්ගෙ ගෙදර ආවා....හැබැයි එතන ගෙයක් නෙවෙ....එතන ගෙයක් නෙවෙ තිබුනේ....ඒක තනිකරම ගිනි ජාලාවක්....එක තනිකරම රතු පාට ගිනි ජාලාවක්....මට කතා කරගන්න බැරි උනා...

ස්...ස්....සංධී....ර්...අනෙ...න්න්...නලු..වෝ....

මගෙ හිතත් ගොත ගැහුනා....මෙච්චර කල් වචන විතරක් ගොත ගහපු මට අවසානෙදි මගෙ හිත පවා ගොත ගහගන්න ගත්තා ...

යෙවීන්...වරෙන් ...පුතේ...අයියෝ...අනේ වරෙන්...

නෙහානයා.....

රොමේන්..කියපන්....අනේ මූට මූට මොකද.....

ඇතුලෙ...බන්...ඇතුලෙ...මේ යකා ඇතුලේ...

බාප්පට මාව අතෑරුනා.....බාප්පට රොබින් කුරුල්ලගෙ වචන එක්ක මාව අතෑරුනා....ගිනි නිවන හමුදාවෙ වාහන මහ සද්දෙන් එහා මෙහා යනකොට මම බලාගන උන්නා....එයාලා කියන දෙ අහන් උන්න මම ගේ දිහා බලන් ගොලු වෙලා උන්නා....සංධීර් උන්නෙ ඇතුලෙලු...

එයා ඇතුලෙලු.....ඒ කියන්නෙ...අනේ..ඒ කියන්නෙ....එයාට මොකද වෙලා තියෙන්නෙ....එයාව පිච්චිලාද....අනේ එහෙම වෙන්න එපානෙ....එයා පොරොන්දු උනා...එයා පොරොන්දු උනා මට උදව් කරනවා කියලා ...එයා පොරොන්දු උනා මගෙ අම්මව තාත්තව උදුර ගන්නෙ නෑ කියලා ...එහෙම පොරොන්දු දීපු එයාට මෙහෙම වෙන්න බෑනෙ.....

රොමේන්....මූට ඇහැරිලා වත් නැද්ද බන්...මූට....අනේ මූ ඇති කොහෙ හරි මුල්ලක....මූ ඇති යකො...මේ කාලකන්නි ඔක්කොම කරන්නෙ හෙමින්.....

නෙහාන්...නෙහාන්.....නැවතියන් නෙහාන්....

අතෑරපන්...අතෑරපන්....මට යන්න දිය...න්...යකො...ඌට එහෙම යන්න බෑ...ඌට එහෙම යන්න බෑ.....මං දන්නවා....අනේ මං දන්නවා...ඕකා කොහෙ හරි හිර වෙලා ඇති....උදානයා.....මං..දන්නවා....මගෙ එකා කොහෙ හරි හිර වෙලා බලන් ඇති ඌව ගන්න එනකන්....

බ්බ්...බ්...බාප්..පෙ....අනෙ....බ්බ්....බා....ප්...පේහ්.....

බාප්පට ඉවසීම නැති උනා....බාප්පට ඉවසගන්න බැරි උනා...නලුවා තමත් ඇතුලෙ කියනකොට බාප්පට ඉවසගන්න බැරි උනා.... වතුර බට අරන් එහා මෙහා අරන් යන මිනිස්සු දිහා බල බල බාප්පා කෑ ගහන් ඇතුලට යන්න හදනකොට රොබින් කුරුල්ලා වගේම යහපතා බාප්පව අල්ල ගත්තා....

ස්ස්....සං ...ධී.....ර්....අ...අනෙ.....ස්ස්.....ස්.....ස්....සංධීර්...අනේ.....එ...එ....එන්න...ස්ස්.....සංධීර්....

මම කෑ ගැහුවා...මෙච්චර වෙලාම හිතින් ගොත ගගහා උන්න මම හයියෙන් ලෑ ගැහුවා...බාප්පා එහෙන් කෑ ගහනකොට මම මෙහෙන් ගොත ගැහුවා.....එහෙන් නලුවගෙ අම්මා පොලවෙ පස් කෑවා...අනේ මගෙ පුතේ....ඇයි උඹ එන්නම් කියලා නාවෙ ගගා කෑගැහුවා....

මගෙ රත්තරනේ...උඹලා මොන පරිස්සාවට අහුවෙලාද දෙයියො...ගෙදර ආවෙ.....අනේ.....ඇයි....මගෙ කොල්ලා...මගෙ...කොල්ලා...අනේ.....බේරලා දිපල්ලාකො...මගෙ කොල්ලා.....

.මට බලන් ඉන්න බැරි උනා....මේක අපි බලන හින්දි පිචර් එකක් වගේ නෙවෙ...හින්දි පිචර් වල නම් ගිනි පිට ගිනි ගත්තා උනත් වීරයා ඇවිදින් කෙල්ලව බේර ගන්නවා.....කොච්චර උනත් කොල්ලව බේරෙනවා...ඒත්....ඒත් අද මෙතන ඒක උනේ නැ...ඒක මෙතන උනේ නෑ.....හැමෝගෙම ඇස් වල තිබුනෙ කදුලු ...ඉවරයක් නැති නලා සද්ද එක්ක වතුර බට වලින් එලියට විසි වෙන වතුර පාර වල් වල සැර හා සමානව ඒ ඇස් වලිනුත් කදුලු වැටුනා...

අමේලි බාප්පෙ බාප්පේ ගෑවා.....එයාගෙ අම්මා අපේ බාප්පලා ගාවට ඇවිදින් ඇයි මල්ලි....ඇයි මල්ලි මගෙ මල්ලිට මෙහෙම කෙරුවෙ ඇයි...ඇයි මල්ලි.....මගෙ මල්ලිට මෙහෙම උනේ අහ අහ අඩනකොට මට ඉකිගහලම ඇඩුනා....

සංධීර් නෑ....එයාව ඇතුලෙ හිර වෙලා....මම ඇඩුවා...මට අම්මා තාත්තා බේර ගන්න උදව් කරන්න බැරි උනාට කමක් නෑ සංධීර් ඔයා එන්න කියලා මම ඇඩුවා...

යෙවීන්ව කාටත් ඕනෙ නෑ...ඒ උනාට ඔයා එන්න....බාප්පට යාලුවෙක් නැති වෙනවා.....ඔයා එන්න.....යෙවීන්ට යාලුවෙක් නැති වෙනවා ඔයා එන්න සංධීර් ගගා මම ගොත ගගහා ඇඩුවා...එන්න එන්න ටික ටික අර රතු පාට ගින්දර අඩු වෙවි යනකොට දෙතුන් දෙනෙක් ගින්න මැදින් ගෙට යන්න ගියා.....

සංධීරයා....අනේ....අනේ...මගෙ එකා....

කවදටත් වඩා අද හිනා උනේ ඇයි යකො...සංධීර්....අනේ.....අනේ...මං තොට කිව්වා.....

ඒ අපේ බාප්පා....ආයමත් ඒ කෑ ගැහුවෙ අපේ බාප්පා....එයාට වාවන්න බෑ....එයාට අනිත් දෙන්නටම වඩා දුකයි....එයාට අනිත් හැමෝටම වඩා දුකයි.....එයා ආයම දුවන්න හැදුවා.....එයා දුවන්න හැදුවා උනත් රොබින් කුරුල්ලා නෙවෙ බාප්පට හෙලවෙන්න දුන්නෙ.....

අනේ පොඩි මම මොනව කරන්නද.....

වචනයක් කියලා වචනයක් කතා කරගන්න බැරි මම කොහොමද කතා කරගන්නද.....

මට කරන්න පුලුවන් එකම දේ සංධීර් අනේ එන්නකෝ..එන්නකෝ...කියන්න විතරක් වෙනකොට මම ඉකි ගගහා මගෙ නලුවා...අනේ...ඔව්...ඒ ඉන්නෙ මගෙ නලුවා....මාව බාප්පා වගේ ආදරෙන් බලාගත්තු මගෙ නලුවව එක්කන් එනකන්.මම බලන් උන්නා.....

රතුම රතු පාට ගින්දර දැල් එයාගෙ ගෙදර තිබුන හැම දේම පුච්ච පුච්ච බිමට දානකොට සංධීර්ව බේරගන්න ඇතුලට ගියපු අය ගින්දර අස්සෙන් එලියට මතු වෙනකොට බාප්පා හැමෝවම දාල දිව්වා...

ඒ හැමෝම ආවා.....ඒ හැමෝම එලියට ආවා...ඒත් සංධීර් උන්නෙ නෑ...ඒ වෙනුවට එයාලගෙ අතේ දිග බැග් එකක් වගේ එකක් තිබ්බා.....

සංධීර්...ස්....සංධීර්....කෝ...කෝ....අනේ...කෝ...ඒකා...රොමේන්...රොමේන්....අපේ...අපේ....එකා....අඩෙ....ඌ...කෝ...ඌ කෝ.බන්....

නෙහාන්....නෙහාන්....සංධීරයා...අපෙ...එකා....මේ...මේ.....

.......

න්න්...නෑ...නෑ...උඹ කියන්නෙ.....උඹ කියන්නෙ....නැ...නෑ....යකෝ....අනේ...උඹ කියන්නෙ....පිස්සු....පිස්සු ...තොපි ඔක්කොටම පිස්සු...මූට එහෙම වෙන්නෙ කොහොමද .....ඌට එහෙම වෙන්නෙ නෑ....

මෙතනින් එහාට මගෙ හුස්ම ආය ආයම හිර වෙන්න ආවා...ආය ආයම මගෙ වචන මට නැතිවෙන්න ආවා...පීපෝ....පී...පෝ...ගාන ඇම්බ්‍යුලන්ස් .....ගිනි නිවන හමුදාව....පොලීසියෙන් මේ හැම තැනින්ම ඇවිත් තියනකොට එයාලා.අරන් ආව කලු බෑග් එක ගාව බාප්පා මැරෙන්න හැදුවා.....අවසානෙදි එයාට ඉවසන්න බැරිම තැන වෙන්න ඇති එයා රොබින් කුරුල්ලට ගැහුවා...

එහෙන් බාප්පා ක ගහනකොට අනිත් පැත්‍තෙන් එයාගෙ අම්මා...එයාගෙ අම්මා කෙස් වලු කඩාගන.....පපුවට පුලුවන් තරම් ගහගත්තා ...මගෙ පුතාව ගෙනල්ලා දීපල්ලා....ගගා එයා කෑ ගැහුවා....රතුපාට ගින්දර බාගෙට නිවි නිවි යනකොට කලු බෑග් එකේ ඔන්නෙ සංධීර් කියලා රොබින් කුරුල්ලට කියනවත් එක්කම බාප්පා අර මනුස්සයට අත මිටිමොලවලම ගැහුවා....

සක්කිලි.කතා කියන්ඩ එපා යකො...සක්කිලි කතා කියන්ඩ එපා...මගෙ එකා....ඌ කොහොමද යන්නෙ....ඌ....ඌ යකො....ඌ කොහොමද අපිව දාලා යන්නෙ....ඌ ජීවත් වෙන්ඩ ඕනා....ඌ අපෙ පනත් අරන් ජීවත් වෙන්ඩ ඕනා යකො....

සංධීරයා.....මගෙ එකා...වරෙන්....කොල්ලො...උඹ ඉන්න තැනකින් වරෙන්....මගෙ එකා....මේ මුන්ට පෙන්නපන්....මුන්ට පෙන්නපන්.....උඹව ඔය එක බල්ලෙක්ට වත් මරන්ඩ බෑය කියලා .....උඹ ඇවිදින් කියපන්.....මුන් අපිව....මුන් ...අපිව.....රවට්ටනවා....මුන් අපිව ....රවට්....ටන....වා...අනේ....උඹට එහෙම....යන්....න....බෑ.....සංධීර්....උඹය.....එහෙම.....ය...න්...න....බෑ.....

ස්ස්.....ස්....සංධීර් ....එන්...නකෝ....ස්ස්.....සංධීර්...එන්....එන්...එනකෝ.....ස්ස්....ස්ස්....සංධීර්.....

බාප්පා ඇවිලෙන ගේ දිහා බලාගන අඩ ගැහුවා...බාප්පට පිලිගන්න බෑ....බාප්පට නෙවෙ මටත් පිලිගන්න බෑ....එයාට මොකුත් වෙන්නෙ නෑ.....එයාව පිච්චෙන්නෑ.....

මගෙ පොඩි හිතට දහසක් දේ එනකොට අපො දෙන්නා සංධීර්ට අඩගැහුවා ....

ඒත් එයා ආවෙ නෑ....

මගෙ එකා ගගා බාප්පා කෑ ගැහුවා....

ඒත් එයා ආවෙ නෑ....

මම ගොත ගගහා කෑ ගැහුවා.....

ඒත් එයා ආවෙ නෑ...

අවසානෙදි එයාගෙ අම්මා අඩල අඩලා...කෑගහලා පොලවෙ පස් කාලා මේ ඉන්නෙ.මගෙ පුතා නෙවෙ ගගා එයාගෙ පපුවට ගහගත්තා.....

ඒත් සංධීර් ආවෙ නෑ.....

ඇම්බියුලන්ස් එකේ පීපෝ...පීපෝ....පීපෝ....ගාන සද්දෙ මගෙ ඔලුව අස්සට කටු අනිනවා හා සමාන වෙනකොට කෑ ගගාහා සංධීර්ට අඩගහපු බාප්පා අවසානෙදි පපුවට අත තියාගම අර කලු පාට බෑග් එක දිහා බැලුවා...

උදාන.....උදාන....යා....උඹත්...කියන්නෙ...මේ...ඉන්නෙ...අපේ...සංධීරයා කියලද...උඹල...කියන්නෙ...එක...බත්....පත...බෙදාගන....කාපු...දුකට....සැපට.....හැම එකටම....උන්න....අපේ....සංධීරයා....

කියලද...උදාන....???

........

රොමේන්.....උඹ....උඹ...කියන්නෙත්....උඹ...කියන්නෙත්....ඒකමද...එතකොට මෙතන...ඉන්න....තොපි...එකෙක්...වත්....කියන්නෙ නැද්ද...මේ ඉන්නෙ....අපේ...එකානෙවෙ....ඌ නෙවෙ....කියලා ....උ...නෙවෙ....කියලා .....තොපි....එකෙක්....වත්.....කියන්නෙ....

නැද්ද.....

යෙවී...න්...යෙවීන්....උඹත්....පුතෙ...උඹත්.....කියන්නෙ...මේ...ඉන්නෙ...උඹගෙ....

නලුවා.....කියලද....ආ...යෙවීන්..කතා කරපන්....යෙවීන්...කතා.කරපන්...මූ උඹට පොරොන්දු උනානෙ....මූ උඹට පොරොන්දු උනේ මගෙ ඉස්සරහ පිටනෙ...මූ.....උඹව....වඩාගත්තෙ....උඹ්ගෙ.....අත අල්ලන්...පොරොන්දු උනේ...මගෙ....ඉස්සරහා නේ.....උඹ...කියන්නෙ.....මූ...සංධීර් කියලද...???

මෙච්චර වෙලාම.එක එකාගෙන් ප්‍රශ්න අහපු බාප්පා අවසානෙදි මගෙ දිහා බැලුව...මගෙ දිහ බලපු බාප්පා මේ ඉන්නෙ සංධීර් ද කියලා අහනකොට මම අඩම නෑ කිව්වා....මම අඩ අඩම නෑ කිව්වා...මේ ඉන්නෙ සංධීර් නෙවෙමයි කියලා ගොත ගැහුවා...

උඹලා කවුරුත් පිලිගන්නෙ නෑනෙ....ඹලා කවුරුත් පිලි ගන්නෙ නෑනෙ...මේ ඉන්නෙ සංධීරයා නෙවෙ කියලා...එහෙනම්....එහෙ....නම්...තොපි ඇස් දෙකෙම්ම බලා ගනියව්...තොපි....ඇස් දෙකෙම්ම බලා ගනියව් ....ඔන්න...එහෙනම්....තොපි...ඇස් දෙකෙම්ම බලාගනියව්.....

ස්ස්.....සංධීරයා ...හ්හ්හ්....යකෝ...!!!

මායි බාප්පයි විතරයි එක පැත්තක් ගත්තෙ....මායි බාප්පයි විතරක් එක පැත්තක් ගත්තෙ ...අනිත් හැමෝම උන්නෙ අපිට විරුද්ද පැත්තෙ වෙනකොට ආව පොලිසියටවත් මිනියට අත ගහන්න කලින් පිස්සු හැදිලා උන්න බාප්පා....අර කලු බෑග් එකෙ ශිපර් එක පහලට ඇරියා විතරයි.....තත්පර ගානක් ඒක දිහා බලන් ඉඩදල ඔලුව බඩාගන කෑ ගහනකොට ඇදුමෙ කෑලි තැන් තැන් වල ඉතිරි වෙන්න අත පය අගුරු පාට වෙලා ගියපු මූනෙ පැත්තක් පිච්චිලා ගියපු සංධීර් වකුටු වෙලා ඇස් පියාගන උන්නා.....

ස්ස්....ස්ස්....ස්.....ස්...ස්....සංධී.....ර් ...!!!

🥺ජොබික්කා...නිදහාස්ස්...

ආය හෙත එන්න....ම්....

රෑට අග්ගියා එක්ක එන්නම් ......

පයිස්සමින් ඉන්ඩෝ...

මම

Ferdeesha ❤️💚😘 ..

More Chapters