Ficool

Chapter 10 - 10

අනෙ මට හචිමක් ගියා .....

හච්...චූ...ස්..

එච්චරයි ...එයා ඉක්මනට දෙකට නැවිලා එයාගෙ ලොකුම ලොකු අතින් මගෙ කට තද කරගත්තා ...

කව්ද ඔතන....?

......

කව්ද...??

.......

මොකාද යකො හැංගි හැංගි සෙල්ලම් කරන එකා....

......

අනෙ මට බයයිනෙ.....එයයි මායි හැංගිලා උන්නෙ පරන ට්‍රොලි ගොඩක් ගොඩ ගහපු තැන පාලුවට ගිය හරියක වෙනකන් ඉසිපිරිතාලෙ ටොයිලට් පෝලිම...තව තව පාලු තැන් වෙනකොට හැමෝම කියනවා වගෙ ඉස්පිරිතාලෙ පිටිපස්සෙන් ඉන්න හොල්මං යක්කුත් ඒ අස්සෙන් මතක් උන මට ඇඩෙන්න ආවා...එයා මගෙ කට මිරිකන් සද්ද කරන්න එපා එපා කියලා කිව්වත් අර මනුස්සයා මොකාද මොකාද ඉන්නෙ ගගා අග අහ ටිකෙන් ටික ලගට එන අඩි සද්දෙත් ඇහෙනකොට අන්ද කාරෙ උනත් නලුවගෙ මූන රතු ඇස් දැකපු මට ඊටත් වඩා බය හිතෙනකොට මගෙ ඇස් වලින් කදුලු පෙරුනා වගේම මං අත් දෙකෙම්ම් එයාගෙ ලොකු ඉන බදාගන කකුල් අස්සෙ මූන ගහගත්තා විතරයි අපි උන්න තැන තිබුන කැඩිඩිච්ච රෝද පුටුවක් මහ සද්දෙන් පෙරලෙලිලා ගියා ...

මොකාද යකෝ ඔතන ඉන්නෙ 

බොස් මොකද ..

බලපන් මොකාද හොල්මන් කරන්නෙ කියලා .....

එතනින් එහාට උන දේවල් පොඩි ඇස්වලට තවත් කදුලු ගෙනාව ...එයාව මාව අහු උනා...

අතෑරපන්....පොඩි එකාව ඇතෑරපිය යකො....

ස...ස....ං....ස....ං....

මං කෑ ගහන්න හැදුවා ...පෙරලිලා ගිය රෝද පුටු අනිත් යකඩ කදන් අස්සෙන් උන්ගෙ රහස් කතා අහන් උන්න අපි දෙන්නව අහු වෙනකොට නලුවට මාවත් අල්ලන් උන් එක්ක ගහගන්න බැරි උනා....

මං කෑ ගහන්න හැදුවා .....සංධීර්....ගාලා කෑ ගහන්න හැදුවා ....ඒත් බැරි උනා...එයාට පාරක් වැදුනා ....එයත් ආපිට ගැහුවා ....අනෙ එයා තනියෙන් උනාට එයාට දෙන්නෙක් ගැහුවා ....

බොස්....කෙල්ල නෑ... ...ඒකි නෑ වෝර්ඩ් එකෙ....

මොකක්....ඒකි නැති වෙන්නෙ කොහොමද යකෝ....

ඇත්තට...ඒකි නැහැල්ලුද....උඹලා ආවෙ තාත්තගෙ හයිය අරගන ඒකිව උස්සන්ඩද .....උඹ අතබ්තිබ්බෙ මොකෙක්ටද කියන්ඩ හෙට උදේ වෙද්දි ...ආහ්...අහ්ව්...

අනේ....එ....එ....එපා.....හ්...

මං කෑ ගැහුවා ...වෙන එකෙක්ගෙ අතට හිර වෙලා උන්න මං කැ ගැහුවා ..දැගලුවා ....

කටවහපිය පොඩි පරයා තාත්තලා පුතාලා මහ රෑ මගුලෙ යනවා....

ආ...ආ....ආ.....අම්...අම්...මා....හ්

මොකකද බල්ලො තෝ එ කෙරුවෙ....

මගෙ පොඩි කම්මුල පුපුරු ගැහුවා...එපා කියලා කෑ ගහන්න හදපු මට දත් හෙල්ලිලා යන්න පාරක් වැදුන කොට ඒ ගහපු පාරටම මට අම්මව මතක් උනා...ඔත්තු බලන්න ආවයි කියලා අහු උන නලුවට අරුන් වට කරන් ගහනකොට නලුවාත් උනත් වැඩි පුරම ගුටි කෑවෙ එයා වෙනකොට මට ගහපු පාර දැකපු එයා කෑ ගැහුවා ...

මොකක්ද යකෝ....තෝ...ඒ කෙරුවෙ .....මොකක්...අතෑරපියව් ....අතෑරපියව් මාව...

බ්...බ්බ්....බා....බ්බා...ප්...පෙ...හ්..බ්බ්.....බ්බ්...බ්බා....ප්පේහ්හ්හ්...එ..එපා....එපා...හ්හ්හ්.....

එයා ආවා ...මෙච්චර වෙලා ගුටි කාපු එයා එයා ගාව උන්න එකාගෙ මූන පුරවලා එකක් අතෑරලා එයා ආවා...මට ගහපු එකාගෙ කොලර් එක්ස්න් අල්ලන් අත මිටි මොලවලා මූනටම ගගහා මොකක්ද තෝ ඒ කෙරුවෙ කිය කිය අරූට ගහනකොට අනේ එයාව ආයම අල්ලගත්තා ...

බාප්පෙ...බාප්පෙ....අනේ එන්නකො බාප්පෙ කියලා කෑ ගහගන්න හැදුවා උනත් මට අද වෙනදටත් වඩා ගොත ගැහෙනකොට මං අත් දෙකෙම්ම කන් දෙක පිහ පිහ ගොත ගගහා කෑ ගැහුවා ...එයාලා ගහ ගන්නවා ....එයා මට දුවන්න කියලා කෑ ගහනවා.....

යෙවීන්....යෙවීන්.....දුවපන්....යෙ....වී....න්...

අල්ලපිය ඕකව....ඕකවත් අල්ලපිය....

තොපි කොල්ලට අත තියන් නෑ. ...

බ්බ්...බා....ප්...ප්පේ.....බේ....ර....ආව්...හ්....

එයා දුවන්න කිය කියෝම කෑ ගැහුවා ....අනේ බය වෙලා උන්න මම කොහෙ දුවන්නද....කෑ ගහගන්න බැරිව ගොත ගැහෙන මම කොහෙ දුවන්නද....එයා උන්ට ගැහුවා එයා ගුටි කෑවා.....එයා ගුටි කකා උන්ට ගහ ගහ උනත් කිව්වෙ මට දුවන්න කියලා වෙනකොට බය් වෙලා උන්න මන් අනිත් අතට දුවනවත් එක්කම කකුල් දෙකට වැදුන පොලු පාරක් එක්ක මාව මුනීන් අතට වැටුනා ...

කලකන්නියා ...කාල කන්නි බල්ලා...තෝ මොකක්ද....මොකක්ද ....

සංධීරයා ...

අල්ලපන්...අල්ලපන් මූව...

අනෙ..දෙවියන්ගෙ පිහිටයි....දෙවියන්ගෙ පිහිටයි.....රොබින් කුරුල්ලා...රොබින් කුරුල්ලා ආවා ....එයා එන ඒමටම නලුවව අල්ලන් උන්න එකාට ගහනකොට තව එකෙක් පැනලා යන්න හැදුවා ....එතන ඉන්නෙ කව්ද කින්ද මන්ද්ස් නොවුනත් එතනට තව තව උන් එකතු වෙනකොට උන් මම දරුවෙක් කියලා නොබලා මටත් ගැහුවා .....උන් මාව අල්ල් ගත්තා ...හරියට කතා කරගන්නවත් බැරි මාව උන් අල්ලගත්තා ...

බ්බ්..බ්බ්..බා...ප්...බා....ප්...බා...ප්පෙ.....

මේකගෙ බෙල්ල කපන්ඩ කලින්....අපේ එකාව අතෑරපන්.....

තොපි ඕන මගුලක් කරපියව්....ලමයට මොකුත් නොකර....

මං ඇඩුවා ....කෑ ගහන්න හැදුවා බාප්පට අඩ ගැහුවා ...බාප්පෙ....ඉන්ම්ස් තැනකින් ඇවිත් අපිව බේර ගන්න කියලා කෑ ගහන්න් හැදුවා ..ඒත් ගොත ගැහෙන මට කතා කරගන්න බැරි උනා මදිවට කෑ ගහන්ඩ හදනවා කියලා තොල් පට පුපුරන්න පාරවල් පිට පාරවල් වැදුනා ....

ඩහ්....

පාරක් වැදුනා...මට නෙවෙ ...වැදුන පාරවල් වලට මට අඩා ගන්න හුස්ම අල්ලන්න බැරි උනා....

අරූ...පැන්නා අරූ....පැනලා .....කාලකන්නියා ...

ඒ කටහඩ නලුවගෙ...වීසි වෙලා ගියපු මාව වතුර බහින ගැඹුරු නැති කානුවක් අස්සට වැටෙනකොට බාප්පෙ කියලා කෑ ගහන්න හදනකොට කටට ලේ රස දැනුනා.....ඔලුව වන වන...ඔලුව වන....දත් අස්සෙ හිර උන වචන එලියට අරන් කෑ ගහන්න හදපු මම මගෙ කොන්ඩෙ උගුල්ල ගන්න හැදුවා .....උදව්වක් ඉල්ලන්ඩ වත් මගෙ කටහඩ නෑ....බාප්පට කෑ ගහන්ඩ වත් මට කටහඩ නෑ...මෙච්චර වෙලා ගුටි කාපු නලුවා කාට හරි බිම දාගන ගහනකොට මං දැක්ක එයාට පිටිපස්සෙන් උන්න එකා මොකක් හරි දිලිසෙන දෙයක් ඌ ඇදන් උන්න සපත්තුවෙන් එලියට ගන්නවා....

අනේ...අනේ දෙවියනේ...ඒ පිහියක්....ඒක පිහියක්....ඕකෙන් ඇන්නොතින්....ඕකෙන් ඇන්නොතින් ...නලුවා...මැරේවිනේ... 

මගෙ ඇස්වලින් කදුලු බේරුනා....අයින් වෙන්ඩ කියලා කෑ ගහගන්ඩත් බෑ....මම ගොතගහල ඉවර වෙනකොට ඇනලා ඉවර වෙයි...

ස්.....ස්.....ස්ස්ස්ස්....

කොන්ඩ ගස් උගුල්ල උගුල්ල උන්න මම වැටුන කානුවෙ නැගිටලා නොන්ඩි ගගහම දිව්වා....අනේ මට නලුවව තල්ලු කරන්න ඕනා...අනේ...මට....එයාව බේර ගන්න ඕනා...මගෙ හචිම හන්දයි මෙච්චර උනේ...අනේ ....එපා...එයාට මොකුත් වෙන්න එපා....මට යාලුවෙක්ට ඉන්නෙ එයානේ....එපානේ.....

මම දිව්වා නොන්ඩි ගගහා දිව්වා....මම අඩ අඩම දිව්ව...එයා බිම දාගන එකෙක්ට ගහනවා...ඒ එක්කම අර මිනිහා දිලිසෙන පිහිය අරන් දෑත බදලා ඇන්නා....

ස්ස්.....සංධී...ර්.....සංධීර්.....!!!!

යෙවීන්....යෙවීන්....දෙයියනේ...යෙවීන්....අනේ..යෙවීන්.....යෙවීන්න්න්න්න්න්....අනේ..යෙවීන්න්න්න්...යෙවීන්....අනේ....වස්තුව....අනේ...අනේ.....අනේ.....දරුවෝ...

යෙවීන්න්.....

පිහිපාර මගෙ උරහිසක් හිල් කෙරුවා ....එයාගෙ බඩ ගාවට උසට තිබුන මගෙ උරහිස අර පිහි පාර හිල් කරනවා එක්කම මට එයාගෙ නම කියලා කෑ ගැස්සුනා .....ඒ වේදනාවටම මට එයාගෙ නම කියලා කෑ ගැස්සුනා.....දත්මිටි කාගන උන්න මට සංධීර් කියලම කෑ ගැස්සුනා....

ඇස් වලින් කදුලු වැටෙනවා ....එයාට උරහිස පිටිපස්සෙන් පසාරු කරපු පිහිය ආපිට ඇදිලා එනකොට මට කෙලින් එඉන්න බැරි උනා ..එයා කෑගැහුවා ....එයා හයියෙම්ම කෑ ගැහුවා....ඒත් ..එයා පරක්කු වැඩි .....එයා පරක්කු වැඩි නෑ...එයා පරකු වැඩි නෑ...එයාට එයා ගැන බලනවට වඩා මං ගැන බලන්න ඕනා උනා.....

ම්...ම්ම්..මා...මේ.....

මම වෙව්ලුවා....ඒ වැදුන පාර ඇගට දරාගන්න බැරිවම.මාව වෙව්ලුවා...හොලු උන කට හඩ තව තව ගොලු වෙනකොට එක පාරම එයාගෙ කට කොනකින් ලේ ආවා....ඒ ඇස් වලින් කදුලු ආවා....ඇහැකින් වැටුන කදුලු බින්දුවක් මගෙ මුන තෙමනකොට මම දැක්කෙ...එයාගෙ පිටිපස්සෙන් උන්න මනුස්සයගෙ අතේ තිබුන දිලිසන පිහිය රතු පාට වෙලා තිබුනා.....

අ...අනේ.....අ.....අ....අනෙ....ආය...ආය....ආය....අනි ...අණින්...ඩ ....

මට කෑ ගහගන්න ඕනා උනා...එයාට ආයම පාරක් අනින යන්නෙ කියලා මට කෑ ගහගන්න ඕනා උනා....ඒත් මට කියා ගන්න බැරිව මාව කරන්ට් වැදුනා හා සමානව ගැහෙනකොට ගුටි කාලා එහාට මෙහාට ව්සිවෙලා විතරක් නෙවෙ පිහිපාරක් කාලා උන්න මට තව මොකුත් කියා ගන බැරි උනා වගේම ඇස් වැහෙන්න ඔන්න මෙන්න තියලා රතිඥ්ඥා පුපුරනවා වගේ සද්දයක් ඇහුනා...එයාගෙ පිටිපසෙන් උන්න මිනිහා කෑ ගහගන ඇදගන වැටුනා.....නලුවා මගෙ කම්මුල් වලට තට්ටු කර කර යෙවීන් යෙවීන්.ගගා කෑ ගගහා මාව කොහෙට හරි අරන් දුවනවා එයාට දුවා ගන්න බැරිවෙනවා...එයා මාවත් යට කරන් මුනින් අතට වැටෙනවා...ආයමත් එයාගෙ ඇස් වලින් වැටුන කදුලු බින්දුවක් මගෙ මූන තෙමනකොට නලුවා මගෙන් සමාව ඉල්ලුවා ...හැබැයි...මට මම එයා එක්ක තරහා නෑ කියලා වත් කියා ගන්න බැරි උනා...සම්පූරනම වට පිටාවම අන්දකාර වෙලා ගියා....

ස්....ස්...ස්මා.....වෙන්...න...බ්බ්..බබී.....

මට ...මට..කියපන්...මට කියපන්.....මට කියපන්කො....මොකක්ද උනෙ.....මට කියපන්කො.....උඹලගෙ මගුල් වලට ලමයව අරන් ගියේ .. ...

යෙවීන්...යෙවීන්....අනේ....සුදු බාප්පා ආවා...යෙවීන්.....රත්තරන් .....මේ සුදු බාප්පා ආවනෙ පුතේ....සංධීර්....උඹ...උඹ...ඇස් වහන් උන්නම හරියනවද ..උඹ ඇස් වහන් උන්නම හරි යනවද ...ඇස් ඇරපන්...ඇරල මට උත්තර දියන්....

මචන් ඌටත් සිහිය නෑ බන්....පොඩ්ඩ්ක්

කලබල නොකර ඉදින්...ලමයව වත් සංධීර්ව වත් වෙන වෙනම දාන්න බය හන්දයි අපි දෙන්නව එකට දැම්මෙ.....පොඩ්ඩක් කලබල නොකර ඉදින්කො...කොල්ලට දැන් සිහිය ආවෙ...

කලබල නොකර ඉන්ඩ...උදාන...උදාන...උඹ ඩොක්ටර් කෙනෙක්...කියපන් කලබල නොකර ඉන්න කියලා කියන්නෙ කොහොමද කියපන්...එහෙන් උගෙ අම්මා අප්පා ඇවිලිලා.....මෙහෙන් මේ කොල්ලා....මට කලබල වෙන්න එපා කියන්නෙ කොහොමද උදාන.....

මම ලාවට ඇස් ඇරන් උන්නා...දැන් වෙලාව කීයද කියන්න දන්නෙ නෑ...ඔරලෝසුවෙ ලොකු කට්ට කොතනද...පොඩි කට්ට කොතනද කියන්න දන්නෙ නෑ.....උරසිහට පිහිය ඇන්නා කිව්වත් මගෙ පිට පපුව ඔක්කොම වේදනා දෙනවා....උර හිස කිව්වට.....උරහිසටත් නෙවෙද කොහෙද ඇනිලා තියෙන්නෙ...පිට මැදින්ද කොහෙද ...

නූලට ඇරුන ඇස් වල කදුලු පිරිලා තිබුනා...සුදු බාප්පා ඇවිල්ලා.....එයා යහපතගෙ කොලර් එකෙ අල්ල අල්ලා හොල්ලනවා...ආය මා ගාවට දුවන් එනවා..... මට කතා කරගන්න බෑ.....හුස්ම අල්ලන්න බෑ.....මූනම වැහෙන්න මොකක්ද මන්දා කෝප්පයක් නමලා ඒකට බටේකුත් ගහලා...

බාප්පා එනවා....අත ගානවා ආයම යනවා...බාප්පා එනවා...නැගිටින්න කියනවා...ආයම යනවා.....මගෙ දත් ඔක්කොම.කැකුමයි...මං හිතන්නෙ මගෙ ඉස්සරහා දත් නැද්ද කොහෙද ....

දැන් ඉතින් ලේනට මට දෙන්න දත් හුගාක් එකතු කරන්න වේවි .....මොනා කරන්නද යෙවීන් හින්දනෙ...එයා මට කිව්වනෙ සද්ද කරන්න එපාය කියලා .....ඒත් මට හචිමක් ගියානෙ.....අනේ එයාට හුගක් අමාරුද....

නැත්තන් මැරිලද.....???

මගෙ ඇස් වලට කදුලු පිරුනා.....මම බලන් උන්නා එයා හුස්ම ගන්නකන් .....අම්මයි තාත්තයි ගාව නම් නිදාගන ඉන්න කොට අම්මගෙ නම් පපුව උස් පහත් වෙන කොට අම්මා හුස්ම ගන්නවා කියලා හොයන්න පුලුවන් ...තාත්තා නම් ගොර අදිනවනෙ ..අපේ බාප්පට තමා මැරිලා වගේ නින්ද යන්නෙ...එයා හුස්ම ගන්නව හොයන්න බැරි උනාම මම කරන්නෙ නහය මිරිකලා බලන එක...නැත්තන් ඇගිල්ලක් තියලා බලන එක...එතකොට නම් බාප්පා කෑ ගහනවනෙ "මොකද යකො මරන්ඩද හදන්නෙ කියලා" .....ඒත් දැන්.....දැන් එයා ඉන්නෙ මැරිලා වගේනෙ....මට ඇවිදින්නත් බෑ.....වයර් එල්ලෙනව හැම තැනිම්ම.....නලුවා මැරිලද බලන්නෙවත් කොහොමද ....

අනේ..මැරෙන්න එපානෙ...

මම ඇඩුවා.....හිතට එන එක එක දේවල් හුගාක් හිත හිත ඇඩුවා.....

යෙවීන්....සුදු මහත්තයා...බාප්පගෙ වස්තුව ....රිදෙනවද.....මගෙ පුතාට රිදෙනවද...

ඇස් ඇරන් ඉන්න මාව දැකපු බාප්පා යහපතාව අතෑරලා මගෙ ගාවට දුවන් ඇවිත් මාව අත ගගා රිදෙනවද රිදෙනවද අහනකොට මම නෑ කිව්වා...අනේ මට රිදෙනවනෙ හුගාක්...මම රිදෙනවා කිව්වොත් බාප්පා යහපතාව මරයි ..නලුවවත් මරයි.....රොබින් කුරුල්ලවත් මරයි.....

මම නෑ කියන්න ඔලුව වැනුවා...මූන උඩින් කෝම්පිට්ටුවක් වගේ නමලා තිබ්බ එක හින්දා මට බාප්පව හරියට පෙනුන් නෑ...මට ඒක ගලවගන්න ඕනා උනත් හෙල්මන්ට් එකක් දාලා වගේ පටි ගොඩක් දාලා හින්දා මට ඒක ගලවගන්නත් බෑ...ඒ අස්සෙ මගෙ අතකිනුත් වයර් එකක් එල්ලෙනවා...අනේ නලුවගෙත් අතකට වයර් එකක් ගහලා ...අපි දෙන්නටම වයර් ගහලා බෝතල් දෙකක් එල්ලලා.....අපරාදෙ ...ඕකට වයර් එකක් නොගහා කෝප්පෙකට දාලා දුන්නා නම් අපි දෙන්නම ගුඩුස් ගුඩුස් ගාලා බීගන බීගන යනවනෙ....

තියන වේදනාවල් අස්සෙ මම එව්වත් හිතුවා ...

බ්බ්...බ්බ්...බාප්...පෙ....

මම කෝම්පිට්ටුව අස්සෙන් වචන ගොත ගැහුවා ...මෙච්චර වෙලාම නිදාගන උන්න මාව එයා හරි හිමීට උස්සල ඉන්දන්න හදනකොට මගෙ ඇස් වලින් කදුලු පැන්නා...පිහිපාර සම්පුර්ණයෙන්ම බැන්ඩේජ් කරලා තිබ්බා...බාප්පා කියනවා වගේ මගෙ කටු බොඩිය දැන් එලියෙ....ඒ උනත් මට දැන් හරි කැක්කුමයිනෙ.....

යෙවීන්...සුදු මහත්තයා ...මොනාද ඕනෙ....ජෝ ටිකක් දෙන්නද.....ජෝ ඕනෙද....

බාප්පා මගෙ ඔලුව අත ගානවා ...වෙනදට මං ලව්වා වතුර ගෙන්නගන්න බාප්පා අද මට වතුර දෙන්න අහනවා....පව්.....

මට වතුර තිබහවක් ඇත්තටම දැනුනා...මගෙන් වතුර ටිකක් දෙන්නද අහපු බාප්පා දොස්තර නලාව කරේ එල්ලන් උන්න යහපතා ගාවට ගිහින් මොනමොනවද අහනකොට එයා ආයමමොන මොනවදෝ කියලා නලුවව දාලා මගෙ ගාවට ආවා..ඇවිත් අර කෝම්පිට්ටුව ගැලෙව්වා....

.අම්මෝ....හ්.....

යෙවීන්....

.කෝම්පිට්ටුව ගැලෙව්වත් හරි...මට දැනුනෙ පුදුම නිදහසක්....බටයක් ගහන් ඉන්නකොට මගෙ හුසම හිරවෙන්න ආවා වගේම ගැලෙව්වම මට නිදහසක් දැනුනා ....ඒත් ඒ නිදහස දැනුනෙ තත්පරයයි දෙකයි...මගෙ යටි තොල්පට බරයි බරයි වගේ දැනුනා...යටි තොල කැක්කුම් ගත්තා...

මෙතනට මැහුම් කීයක් ගහලද....ඇයි මෙච්චර ඉදිමිලා....ඇයි මේ උදාන...ඇයි..මේ...ලමයගෙ කට ඇයි මේ...

නෙහාන්....ඔයා ආයම කලබල කරනවා...

කලබල කරනවා කියන්නෙ.....මම අහන්නෙ ඇයි මේ කියලා ...

යටි ඇන්දෙ දත් තුනක් ගැලවිලා යටි තොල ඇතුලෙන් පුපුරලා....මැහුම් ගහල තියෙන්නෙ....එයාට ටික දවසක් යනකන් දියර වර්ග දෙන්න...උනු සීතල මොකුත් බෑ...

දත් තුනක් ගැලවිලා...ඒක උඹට කියනකොට ඔච්චර ලේසිද උදාන...මං අහන්නෙ....මං අහන්නෙ ....

බ්බ්...බ්බ්...බ...ආ...

බාප්පා ආයම යහපතාව හෙලෙව්වා...එයා කැමති නෑමට රිදෙනවට...මගෙ දත් තුනක් නෑලු....ඇතුලෙන් මහලලු...එහෙනම් මාවත් මැරේවි ඉක්මනට...ඒකනෙ මේ බට ගහලා තියෙන්නෙ....මට එහෙනම් මේ පාර බැලුම් පුම්බන්නවත්...කොන්සට් එකේ ගහට ඉන්නවත් අමේලි එක්ක ආජිතපර නටන්නවත් හම්බෙන්නෙ නෑ...මැරේවි....

මම බිම බලගත්තා...ඒත් මූන පහලට කරපුවාම යටි තොල මට කියන්න බැරි තරම් වේදනා දුන්නා.....වේදනාවට මගෙ ඇස් වලින් කදුලු බේරෙනකොට බාප්පා ආයම මාව ඇදේ හාන්සි කෙරුවා .....ආයම අර කෝම්පිට්‍ටුව මගෙ මූනට ගැහුවා....වතුර ටිකක් දෙන්නද අහපු බාප්පට මට වතුර දෙන්න අමතක වෙලා යනකොට යහපතා ඇවිත් අර එල්ලලා තිබ්බ බෝතලේට ඉන්ජෙක්ශන් කට්ටක් විද්දා....ඒ චූට්ට වෙලාවකින් මට නින්ද ගියා.....

*

*

*

උඹට කොහොමද සංධීර්...පරිස්සමින් ..පරිස්සමින් ....

ලමයට.....කොහො...මද...කොල්ලට...හුග...ක්....අමා...රුද....

පොඩි එකාට බෙහෙත් වලට නින්ද ගිහින් තැලුම් පාරවල් හින්ද වේදනාව තියනවා...

එතකොට....කොල්ල..ගෙ...පිහි...

ටිකක් ගැඹුරුයි....උඹගෙ වගේමයි...දෙන්නටම ටික කාලයක් ඉන්න වෙයි 

ටික...කාලයක්...ටික කාලයක් කියන්නෙ...එතකොට අර කෙල්ල...ඒකි...ඒකිට ...ඒකිට මොකද වෙන්නෙ ...

කෙල්ල ඉන්නවා...සංධීර් මෝඩයෙක් වෙන්න එපා...උඹ ඉන්න විදිහ එක්ක උඹ කොහොමද යන්නෙ කියපන්...අනික කේස් එකේ අනිත් පැත්තෙ ඉන්න ලෝයර් දන්නවා උඹයි ආවෙ කියලා ....උනුත් පිස්සු බල්ලො වගේ ඒකිව හොයනවා.....එතකොට උඹ...උඹව අපි මෙතන තියන් ඉන්නවා....අර පොඩි කොල්ලව පවා ලමා වාට්ටුවට නොදැම්මෙ උන්ගෙ මූනක් මතකයි කියලා හරි කොල්ලට මොකක් හරි කරයි කියලා ...මේ ඉලෙක්ශන් කටේතියන් උන් වැරද්ද වහගන්න උන් ඕන මගුලක් කරනවා..අනික මිනිස්සුන්ට සල්ලි හම්බෙනවා නම් බල්ලො හරි මරයි ...

ඔව්වා මෙයාට කියලා වැඩක් නෑ රොමේන් ...මෙයාට ඕනෙ ආපහු දුවන්න...

මට ඇහැරුනා....මීට පැය ගානකට කලින් නින්ද ගියපු මට ආයම ඇහැරුනා...හැබැයි මේ වෙනකොට බාප්පා උන්නෙ නෑ...ඒ වෙනුවට උන්නෙ නලුවගෙ හොදම යාලුවො දෙන්න වෙනකොට ඒ දෙන්නම කාට හරි බනිනවා ඇහුනා වගේම තවත් ටිකක් හොදට අහන් උන්න මට ඒ බනින්නෙ නලුවට කියලා තේරෙනකොට මම ඇස් ඇරියා...

.අනේ.....අර....නලුවා ඉන්නවා....අනේ එයා මැරිලා නෑ...මගෙ දත් ටික ගැලවුනත් කමක් නෑ.....එයා ඉන්නවා...

මම හිමීටඇස් කරකවලා බැලුවා....බෙඩ් ශීට් එකෙන් ඉන ගාවට වහන් උන්න නලුවගෙ උඩට ඇදුමක් තිබුන් නෑ...හරියටම යෙවීන්ට වගේම...එයගෙත් බඩ හරිය ඔක්කෝම ඔතල තිබ්බා .හරියටම මහෙ වගේම...

එයාට නම් කටු බොඩියක් තිබුන් නෑ....සුදුත් එක්ක .....හරියටම මයිලේඩි ටොපියක් වගේ.....

ආ....අර නැගිටලා තියෙන්නෙ...අන්න උඹෙ ඇබිත්තම නැගිටලා...

මම උන්නෙ නලුව දිහා බලාගන.....එයාලා කියන දේවල් වලට කන් දීගන වෙනකොට රොබින් කුරුල්ලා මාව දැක්කා විතරයි එයා නලුවට මාව පෙන්නලා ඇබිත්තම නැගිටලා කිව්වා...ඒ උනාට මට දැන් මතක් වෙන්නෙම රතු පාට බොත්තමක්.....

ඔයාට කොහොමද යෙවීන්...මෙහෙ හුගක් රිදෙනවද....කෝ බලන්න මූන පෙන්නන්න...ම්ම්...චුට්ටක් රතු වෙලා...

රොබින් කුරුල්ලා මගෙ ගාවට ආවා...ඇවිදින් මගෙන් කොහොමද කියලා අහන ගමන් මාව අත පත ගගා රිදෙනවද අහලා මූන රතුවෙලා කිව්වා....ඒ උනාට එයා දැක්කෙ නෑනෙ මගෙ කටෙ දැන් දත් නෑ කියලා .....එයා ආයම මගෙ අත පය අත ගගා සීරුම් පාරවල් දිහා බලලා මූනට ඔබලා තිබ්බ කෝම්පිට්ටුව ගලවලා බැලුවා...

අප්පට සිරි.....

එයා අප්පට සිරි කිව්වා....මං හිතන්නෙ මගෙ කට දැන් තාරා හොටක් වගෙ වෙලා ඇති.....මගෙ දත් එන්නෙ නැතිවෙයිද.....මෙච්චර ගොඩක් එක පාර ගැල උනාම....අනේ...දත් ආවෙ නැති නම්....

කතා කරන්න තියා කට හොල්ලගන්නවත් බැරි තරමට මගෙ කට..මගෙ මුන මේ හැම දේම කැක්කුම් කෙරුවත් මම ගොත ගැහුවා...මට මගෙ දත් ආයම එයි නේද කියලා අහන්න ඕනා.උනා....මං බලාගන අනිත් පැත්තෙ ඇදේ උන්න නලුවා මා දිහා දුක හිතෙන මුනකින් බලන් ඉන්නවා.....මම එයා දිහා බලලා ආයම මගෙ ගාව උන්න රොබින් කුරුල්ලා දිහා බලල මගෙ වේදනා දෙන කටට අත තිබ්බා....

ම්ම්..මේ...මේ...ද්...ද්..දත්....ආ...ආ..ය....එයි නේද....ම්ම්...ම්ම්...මා...මෙ...?

🥺 ජොබී..නිදහාස්ස්ස්ස්....

🙂සෑට අග්ගියා එක්ක එන්නාම්...

මම

Ferdeesha ❤️💚😘 .....

More Chapters