මොනවද බොන්නෙ.....
බොන්න බෑ බන් මං ඩියුටි යන්න ඕනෙ.....
උදාන උඹට....
බඩ දනවා...පුලුවන් නම් මට කෝමරිකා මදයක් බ්ලෙන්ඩර් කරලා දියන්.....
යෙවීන් ....ඔයාට.....ඔයාට මොනවද ඕනෙ....
මාව ළඟ තියන් උන්න නලුවා හැමෝගෙම්ම මොනවද ඕනා අහනකොට මම අර කලු පාට ඇදන් උන්න එක්කෙනා කිව්වා බොන්න බෑ එයාට ඩියුටි කියලා ...සමහර විට එයාද දන්නෙ නෑ රොබින් කුරුල්ලා.....බැට් මෑන් ගාවම ඉන්නෙ එයානෙ....ඒත් අනේ...රොබින් කුරුල්ලා අදින්නෙ මේ පාට නෙවෙනෙ....කහ නිල් නේද.....
වෙන්න බෑ...ඒ ඉතින් කාටුන්වලනෙ...අපොව රවට්ටන්නනෙ....ඇත්තටම කලු ඇන්දොත් අපි එයාලව හොයා ගන්නවනේ...ඒක හින්දා වෙන්න ඇති ...ඒක තමයි...
රොබින් කුරුල්ලට මොකුත් එපා කියනකොට අර යහපත් මූනක් තිබුන එක්කෙනා නම් එයාගෙ බඩ දනවා කියලා කෝමාරිකා ඉල්ලුවා...අනේ පව් නේද...එයාට තිබුනෙත් හරි අහින්සක හරි දුක හිතෙන මූනක්...පව්....නලුවා වගේ වත්....රොබින් කුරුල්ලා වගේවත් නපුරු පාට මූනක් නෙවෙ....එයාට කෝමාරිකා දෙන්න ඔලුව වනපු නලුවා මා දිහා බැලුවා..
අනේ...ඉතින්.....මට ආස කරන ඒවා කොහොමද කියන්නෙ...එයාගෙ ෆ්රිජ් එක ඇතුලෙ හුගාක් ජාති තිබ්බා....ඒත් අපේ බාප්පා කිව්වනෙ මූට කූල් ජාති රෑට පොවන්ඩ එපා කියලා ..මහ හොද නෑ...දැන් ඉතින් නලුවා මට ඔය ෆ්රිජ් එකෙන් මොකුත් දෙන එකක් නෑ...එක්කො ඉල්ලලා බලනවා...එයාට අපේ බාප්පා කියලා ගිය දේ දැන් මතක නැතුව ඇතිනෙ...
මම රොබින් කුරුල්ලා දිහායි...යහපත් මාම දිහායි බලලා හිමීට නලුවා දිහා බැලුවා...එයා මා දිහා බලාගන ඉදල ඇස් දෙක උඩ ඇරියා.....හරියටම මොනවද කියන්න වගේ.....
ම්ම්ම්ම්.....නායිස්.....ඇස් වලිනුත් කතා කරනවා...රේප් කේස් ගැන කතා කරන්න කලින් බාලාපචාර ගැනත් නඩුවක් ෆයිල් කරන්න තිබ්බා නම්....
ඇත්තටම උඹට සාපද බන්...මේ කොල්ලා ඉන්න තැන ඔව්වා කියන්නෙ....?
මම උනෙ මයිලෝ එකක් කියලා කියන්න කට හද හද.....කියන්න කලින් වචන එකතු කරගන්න මම ඔලුව චුට්ටක් වනන එක වෙනකොට මම ඉල්ලන්න හදන්න යන්නෙ මොනවද කියලා බලන්න මගෙ මූන දිහා බලාගන ඉන්නකොට රොබින් කුරුල්ලා මොකාක්..හරි යම් දෙයක් කිව්ව...හැබැයි නලුවා ඒකට නම් රොබින් කුරුල්ලට සැර උනා....
නලුවෙක්නෙ...එයා ඉතින් සැර වෙනවා....අනික රොබින් කුරුල්ල උනත් මොකාක් හරි ඔය " පඩත්තර " කතාවක් කියන්න ඇති....අපේ ආච්චම්මත් මොනවා හරි කියපුවාම අපේ සුදු බාප්පා බනින්නෙම ඔහොමනෙ..." අම්මෙ ඔය පඩ්ත්තර කතා කියන්ඩ එපා මේ කොල්ලා ඉන්න තැන" කියලා කියනවනෙ...මං හිතන්නෙ එයත් ඒ වගේ දෙයක් වෙන්න ඇති කියන්න ඇත්තෙ....
කියන්න යෙවීන් ඔයාට මොනවද ඕනෙ....
ම්ම්..මයිලෝ.....එ..එ..එකක්...ද්දෙ...නවද....ක්කූ....ල්....හ්හ්...හැබැයි....ඒවා....
මම එයාගෙන් මයිලෝ එකක් ඉල්ලුවා...හැබැයි කූල් ඒවා කියන එක විතරක් හරී හිමීට කියනකොට නලුවා ඉනට අත් දෙක තියාගන මා දිහා ආයම ඇස් හීනි කරලා බලන් උන්නා...ඇයිද මන්දා එයා හැම වෙලේම ඇස් හීනි කරනෙ නේද...
සමහර විට මාව පේන්නෙ නැතුව ඇති.....පොට්ටත් එක්කනෙ...අපේ ආච්චම්මා උනත් පත්තරේ කියවනකොට ....ටීවි එක බලනකොට පේන්නෙ නැති තැන් ඇස් දෙක හීනි කරලනෙ බලන්නෙ..හැබැයි ඉතින් අපේ ආච්චම්මා නම් කටත් ඇරගන්නවා...අපේ බාප්පා නම් කියන්නෙම " අම්මා ඇස් වලිනුයි කටිනුයි දෙකෙම්ම බලනවා කියලා ...."
අනේ මන්දා අපේ බාප්පා කැත්තට පොල්ල වගේලු....අච්චම්මා එක්ක ඇමිනෙන්නමලු බලන්නෙ...ඔව්වා ඉතින් ආච්චම්මා ගෙදර කවුරුත් නැති වෙලේ ටෙලිපෝන් එකෙන් නැන්දට කියන කතා තමයි ...ඒඋනාට එයා දන්නෙ නෑනෙ...යෙවීන් ඔව්වා අහන් ඉදල ඔක්කොම බාප්පගෙ කනෙ තියනවා කියලා ..අනික...බප්පා කියලා තියන්නෙ ඔව්වා අහන් ඉදලා කිව්වොත් මට රුපියල් දහයක් දෙනවා කියලා ....ඒවට කියන්නෙ "බිස්නස් මයින්ඩ්ලුනෙ...."
මම ආච්චමගෙ පොට්ටෙ ගැන හිතන්න ගිහින් තවත් සෑහෙන්න දේවල් හිතලා එනකොට නලුවා මගෙ කම්මුලක් මිරිකුවා ...
කූල් බොන්න හොද නෑ මේ රෑ.....මං ඔයාට රස්නෙන් එකක් හදලා දෙන්නම්....හොදද....
අනේ...නලුවා ඒ පාර කිරි හදන්න අහනවනෙ....ඒ උනාට මට ඕනේ අර ග්රිජ් එකේ තියන ඒවානෙ...අපේ බාප්පටත් කට තියන් ඉන්න බෑනෙ...
ඒත් ඉතින් එහෙමත් බෑනෙ...එයා මාව නලුවට දුන්නෙ ලමයව හොදට බලාගන්න කියලනෙ.....
කරන්න දෙයක් නැති කමට මම එයාට කටින් හා නොකියා ඔලුව වැනුවා..වනලා නලුවා සීනි හැදි කීයක් ඕනෙද අහනකොට ඇගිලි පහක් පෙනුවා විතරයි එයා මගෙ අතෙන් ඇගිලි තුනක්ම නැවුවා...
දෙකක් හොදටම ඇති ...සීනි බොන්න හොද නෑ ඔය හැටි....
ඒ ළමයා තවම හැදෙන ළමයෙක්....
ඇයි පොඩි කාලෙම්ම ඩයබිටීස් හැදුනම කෑල්ලගෙ පොකට් එකට සල්ලි වැටෙන හින්දද ඒහෙම කියන්නෙ... ..
අනෙ මේහ්....
මට තේරෙන්නෙ නෑ අනේ....අර යහපත් මාමා එක අතකින් ඇස් දෙක අඩවන් කරන් ලාවට හිනා වෙනකොට රොබින් කුරුල්ලයි නලුවයි මොනවදෝ කියව ගත්තා ..ඒ වචන වල අගල් මුලක් හොයන්නම බෑනෙ....කෑල්ලගෙ පොකට් එක...." කෑල්ල කියන්නෙ කෙල්ලටලු...."අපේ බාප්පා තමයි ඔව්වා කියන්නෙ...මොකද අපේ බාප්පා දවසක් මාවත් එක්කන් කෑල්ලක් බලන්න ගියානෙ...එදා තමා දැනගත්තෙ කෑල්ල කියන්නෙ සම්පූරනම කෙල්ලෙක්ට කියලා .....අනේ මන්දා...අපේ බාප්පා නම් එදා කෑල්ල බලනවා කියලා කෙරුවෙ මාවත් තියාගන අව්වෙ කරවුන එක.....මට ටිපිටිප් එකක් දීලා කට වහගන්න කියපු බාප්පා කෙරුවෙ අර කෑල්ල කියන කෙල්ල එනකන් අව්වෙ කර උන එක...අවසානෙදි බාප්පා කිව්වනෙ
"උඹත් මේවා බලාගන ඉගන ගනින් කියලා ...."සමහර විට මේ නලුවයි රොබින් කුරුල්ලයි කියවන්නෙ ඒ කෑල්ල ගැන වෙන්න ඇති බාප්පට කියන්න ඕනා බාප්පගෙ කෑල්ල ගැන නලුවලා කතා උනා කියලා ....
ඇබිත්තම .....නම මොකක්ද?
නලුවා යන්න ගියා අගක් මුලක් නොතේරෙන කතා ගොඩක් කියපු නලුවා යන්න ගියා .....මමයි අර යහපතයි....රොබින් කුරුල්ලයි තනි උනා...නලුවත් යන්න යනකොට නලුවා යන දිහා ඉස්සි ඉස්සි බලපු මා දිහා බලන් උන්න රොබින් කුරුල්ලා ඇබිත්තම නම මොකක්ද අහනකොට මට ලැජ්ජට්ජ් හිතුනා...ඇබිත්තම කියනකොට මට බොත්තමක් මතක් උනා.....
එයා මගෙ නම අහනකොට මම පුරුදු විදිහටම බෙල්ල ඇලකෙරුවා.....හැබැයි අද නම් මට එක පාරම යෙවීන් කියලා කිය උනා.....සමහර දාට නම් එක වෙලාවකට මගෙ ගොතේ නැති වෙනවා ඒත් සමහර දාට නම්....මට එක වචනයක් කියන්නත් බැරි තරම් ගොත ගැහෙනවා....
යෙවීන්...
යෙවීන්.....එච්චරද....
න්න්න්..න්න්.....න්...නෑ...
එහෙනම්....
යෙ...යෙ....යෙවීන්.....ස්ස්....ස්ස්.....සං...සංජාන...
මම හිතන්නෙ මට නම කියන්න වාසනාව තිබ්බෙ එක පාරද කොහෙද .....එයාලා දෙන්නමබලන් උන්නා....හැබැයි මට ටික ටික දුක හිතීගන ආවා...වෙනමොකටවත් නෙවෙ....නලුවායෙවීන් ගොත ගැහුවට මොකුත් නොකියා උන්නට....රොබින් කුරුල්ලලත් වෙන අය වගේ එක වචනෙන් දෙකෙන් මාව අතාරී කියලා හිතෙනකොට මම ඇඩෙයි කියලා බයටම බිම බලාගත්තා ....
යෙවින් සංජාන.....සංදධීර්ගෙ ඇබිත්තමට තියෙන්නෙ හරි ලස්සන නමක් නෙ.....ම්ම්ම්....කෝ බලන්ඩ් මූන..කෝ...කෝ....අයි.....අයි....ඔය ඉන්නෙ පොඩි නලුවෙක් වගෙ....
අනේ....එයාලා මා එක්ක තරහා නෑනෙ...රොබින් කුරුල්ලා මගෙ නම කිව්ව..ණිකන් නෙවෙ සම්පූරනම නම කියලා හරි ලස්සන නමක් තියෙන්නෙ කිව්වා....ඇත්තනෙ....අපේ අම්මනෙ නම දාලා තියෙන්නෙ....යෙවීන් කියල දැම්මෙ අම්මනෙ.....සංජාන කියලා දැම්මෙ නම් බාප්පලු...අපේ බාප්පලුනෙ මගෙ පඥ්ඥත් ....( good father ඥාන පියා ....)
එයා මට පොඩි නලුවා කියලා මගෙ මූනත් අත ගාලා සාක්කුවට අත දාලා ටොපියකුත් දුන්නා.....
හරි හොදයි අප්පා.....
මම උන්නෙ තවමත් මේසේ උස.....කිරි එකක් හදන්න ගියපු නලුවා තවමත් නැති වෙනකොට මම රොබින් කුරුල්ල දීපු ටොපිය කවරෙන් ගලවල කටේ දාගන්න හදනකොටම මම දැක්කා රොබින් කුරුල්ලා යහපතාගෙ අත අතගානවා...හැබැයි යහපතා අත ගසලා අහක බලා ගන්නවා.....
අනේ...ඉතින්...මම එවෙලෙ ඩියුටිනෙ....කොහොමද ඵෝන් එක ආන්ස්වර් කරන්නෙ....
යන්න කලින් එක මැසෙජ් එකක් දාන්න තිබ්බා...අනික ඔයාට සනිප නෑ...මං කිව්වා සතියක් රෙස්ට් කරන්න කියලා .....
මේ අහන්නකො ....මම කොහොමද නොයා ඉන්නෙ...ඔයා දන්නවාඒ කේස් එක හැඩ්ල් කරන්නෙ මම.....හරි ..මෙ අහ්න්නකො....ඇයි දැන් ඔයා නොකා උන්නෙ....
ඔයාට වැඩක් නෑනෙ...
මුරන්ඩු කම් කරන්න එපා බේබි....මට මෙතන හයියෙන් කතා කර්ස්න්න බෑනෙ.....
බැරි නම්...නිකන් පාඩුවෙ ඉන්න..
තරහද ඒ කියන්නෙ....
ම්ම්ම්...
අනේ...රොබින් කුරුල්ල පව්නෙ.....
මම අහන් උන්නා...ටොපිය සූප්පු කරන්න ගියපු මම හොරා වගේ ඒ දෙන්නගෙ කතාවට කන් දුන්නා....රොබින් කුරුල්ලා සැරින් සැරේම යහපතාගෙ අත ඇල්ලුවා...ඒත් එයා නෙවෙ ඒ මූන බැලුවෙ.....එයා තරහා වෙලා....
අයියෝ හොදම යාලුවා වගේ...තරහා වෙලා .....එහෙම බෑනෙ.....හොදම යාලුවො උනහම තරහ වෙන්න හොද නෑනෙ නේද...
යෝ....හ්....ඉතින්.....
නිකන් ඉන්න.ඔයාට ගානක් නෑ....
ගානක් නෑ කියන්න එපා.....මට ඔයාව ඕනෙ....ඒත් ඉතින්...අපි පොඩි උන් නෙවෙනේ පන...
පන....අර බලන්නකො අනෙ පනත් කිව්වා...අනේ...දැන් නම් මට ලැජ්ජත් එක්ක...දැන් මගෙත් හොදම යාලුවා අමේලිනෙ....මටත් එයාට පන කියන්න වෙයිද දන්නෙ නෑ හරි වැඩේ තමා වෙන්නෙ.....
යෙවීන්....ආ ඔයාගෙ කුක්කු එක.....
හොද වෙලාවට....මාව රත් වෙල....රත් වෙලා මාව මේස උඩම දිය වෙලා යන්න ආවා.....රොබින් කුරුල්ලයි යහපතයි දෙන්නම එහෙන් මෙහෙන් කූරු ගාගන්නකොට මට ලැජ්ජා හිතුනා හුගක්...එතනින් එහා මම උන්නෙ බිම බලාගන වෙනකොට නලුවගෙ කටහඩත් එක්කම මෙච්චර වෙලා බිම බලන් උන්න මම ඉක්මනට ඔලුව ඉස්සුවා...
අම්මො ඇති යාන්තන්...
ඉදා උඹගෙ කෝමාරිකාව....ආ බබී...බලාගන...ඔහොම ඉන්න...ඔහොම ඉන්න....අත පිච්චෙයි.....දැන් බොන්න...
එයා මගෙ අතට නොදී කිරි එක අල්ලන් උන්නා....
අනේ හරි හොදයි අප්පා...කටින් චුට්ටක් පිඹිනවත් එක්ක...මගෙ කට පිච්චෙයි කියලන් ඉතින් මේ.....
මම එයා කිරි එක අල්ලන් ඉන්නකොට හිමින් හිමින් බිව්වා.....යහපතා කෝමාරිකා එකක් රස කරලා බොනකොට රොබින් කුරුල්ලා එයා දිහා බලාගන උන්නා...හරියටම එයාට කෝමාරිකා හිර වෙලා මැරෙයි වගේ...
හොදම යාලුවොනෙ ඉතින්.....
මම කිරි එක බිව්වා...හෙමින් හෙමින්....හැබැයි වැඩි වෙලා බැට්මෑන්ට කිරි එක අල්ලන් ඉන්න බැරි උනා....මොකද මේසෙ උඩ තිබුන ඵෝන් එක අඩන්න ගත්තා....ඒත් එයා කිරි එක මගෙ අතට නොදීම ඵෝන් එක ආන්ස්වර් කරලා කනේ තියා ගත්තා ....
හෙලෝ...මො....මොකක්....කෙල්ලව ගෙනියන්න යනවා...ඇයි...??
.......
හ් .හරි....හරි.....අ..අපි එන්නම්....අපි එන්..නම්...හරි.....
එයා කලබල උනා...මගෙ කට ගාවට කිරි එක ලන්.කරපු එය ඊලග තත්පරේදි කිරි එක ඇතෑරියා අනේ ...හ්....ඒකත් මගෙ කකුලට වෙනකොට උනු කිරි වලට මග පොඩි කකුල පිච්චිල යනකොට නලුවා හෙන කුනුහර්ප ගොඩක් කියන ගමන් අර දෙන්නට කෑ ගැහුවා....
අන්න අර වේසිගෙ පුතා කෙල්ලව අරන් යනවලු....රොමේන් ....වරෙන් යන්ඩ..වරෙන්....කෙල්ලව අරන් ගියෝතිනි හෙට උදේ වෙනකොට මලකද...
ආව්හ්...
.
මම හිමින් කකුල අත ගෑවා..හැබැයි සෑහෙන්න තරහා ගිහින් උන්න නලුවට කාමරේ පුරාවටම දුව දුව කෑ ගහනකොට මගෙ කකුලට කිරි හැලුනා කියලා මතකත් නැති උනා වගේම මෙච්චර වෙලා තරහා වෙලා උන්න යහපතයි රොබින් කුරුල්ලත් මේ කලබල අස්සෙ කොහොම හරි යාලුවෙලා නලුවත් එක්කම කාමරෙන් එලියට දිව්වා.....
අනේ මම...
අනේ....මාව..මාව.....
අනේ එයාලට මාව අමතක උනානෙ.....
නලුවට මාව අමතක උනානෙ....
කකුල පිච්චුනාට වඩා දැන් නලුවා මාව දාලා ගිය එකට මට හිත රිදෙනකොට මම කකුල අත ගගා අඩ අඩ බහින්න හැදුවා විතරයි එක පාර්ම ආයම කඩාගන බිදගන දුවගන එන සද්දයක් ඇහුනා....
යෙවීන්...යෙවී....න්....වර වර....අමතකඋනා
සන්තානම් මෑනියනෙ නලුවා.. මට වර වර කිව්වා ..අනේ එයා වර වර කිව්වට මාව වඩා ගත්තා ...වඩාගන මට හයියෙන් අල්ලගනින් කොල්ලො කියලා එයාලගෙ අර පඩිපෙලේ පඩි දෙක තුන ඇරලාපැන පැන වගේ දුවනකොට මම එයාගෙ ඇගෙර් එල්ලීගන වගේ උන්නා....
රොමේන් මීගමු මහ ඉස්පිරිතාලෙ ට....
එයා එච්චරයි කිව්වෙ...කහ පාටට පත්තු වෙන ජීප් එකේ ලයිට් එලිය වත්තම එලි කරනකොට නලුවා මාවත් වඩාගනම ජීප් එක අස්සට නැග්ගා වගේම මිගමු මහ ඉස්පිරිතාලෙට කිව්වා....
ඒ කියන්නෙ අද බැට්මෑන් එක්ක මටත් උදව් කරන්න යන්න වෙනවා.....ඒත් අපි වෙස් වලාගන්නෙ නැද්ද....?
මගින් කරගන්නවා ඇති නේ.....?
මම කල්පනා කෙරුවා .....ඒත් එයා කිව්වෙ කෙල්ලෙක් ගැන....කෙල්ලෙක් කියන්නෙ....." කෑල්ලක්නෙ" අපි බැට් මෑන්ට කෑල්ලක් බලන්න යනවද??....ඒත්...අමේලිගෙ අම්මා කිව්වනෙ බාප්පටයි නලුවටයි බදින්න කියලා ....??
මගෙ ඔලුව දැන් කැරකෙන්න වගේ.....රොබින් කුරුල්ලා ජීප් එකේ හෝන් එක ගගහා කඩාගන බිදගන යනකොට නලුවා මාව එයාගෙ උකුලෙ තියාගන ඵෝන් එක එක ඔබ කනේ තියා ගත්තා ...කෙල්ල කෝ...කෙල්ල කෝ...ගගා සැරින් සැරේම කියෙව්වා ...
රොමේන්...රොමේන්.....පිටිපස්සෙන් ...පිටිපස්සෙන් ....ඉස්සරහින් එපා.....පිටි පස්සෙන්....
මං හිතන්නෙ අද පාර අපේ වෙන්න ඇති.....රොබින් කුරුල්ලගෙ ජීප් එක පීපෝ පීපෝ ගාගන කඩාගන බිදගන යනකොට නලුවා ආයම පස්ස ගේට්ටුවෙන් පස්ස ගේට්ටුවෙන් කියලා කැ ගැහුවා .....
කෑල්ල වෙලහට පිටිපස්සෙන් වෙන්න ඇති එන්නෙ මායි බාප්පත් එදා අව්වෙ කර උනෙ පිටිපස්සෙ ගේට්ටුවක් ගාවනෙ.....
හරි...බැහැපන්...බැහැපන්...මූ මේ ඉලෙක්ශන් එක හන්දා ඔක්කොම යටගහනවා...පාර්ලිමේන්තු මන්ත්රී කම ගන්ඩ මිනිස්සුන්ට.... ටකරං කෑල්ලක් ලැට් බාල්දියක් දීලා චන්දෙ හිගා කාලා හොද මූන පෙන්නුවට.... මුන්ගෙ කෙරුවාව මේකයි....
නලුවට හතී...අනෙ එයා මාවත් වඩාගන දුවනවා .....පව් අප්පා ටීවි එකේ නම් බැට් මෑන්ට සුපිරි බලයක් තිබ්බට ඇත්ත බැට් මෑන්ට කකුල් දෙකේ හයිය විතරයි . ....
යෙවීන්.....අල්ල...අල්ල ගන්න මාව...
රොමේන් උඹ ඔතනින් යමන්....උදාන වෝර්ඩ් එකට කෝල් එකක් දාලා කාවවත් හම්බෙන්න බෑ කියන්න කිව්වා කියපන්.....මන් මෙතනින් ...යන්නම්....
එයා හති දානව....හති දදා කෑ ගහන ගමන් මාවත් වඩාගන අන්දකාර කොරිඩෝ එකක් දිගෙ දිව්වා ....
එයා හති දානවා.....අනෙ පව්....නලුවගෙ පපුව ගිඩි ගිඩි ගාලා ගැහෙනවා .....මං බහින්නද කියලා අහන්න හැදුවත් එයා උන්නෙ මම කියන දෙයක් අහන්න පුලුවන් මට්ටමක නෙවෙ වෙනකොට මන් මීක් නොහා උන්නා ....
ඔතනින් ගිහින් අරන් වරෙන් ....දන්නවනෙ ..මෙන්න මේක එතන ඉන්න උන් දෙන්නට දීලා අම්මා එහා මෙහා වෙනකන් ඉදලා කෙල්ලව ගනින්....
සර්...ඒකි කෑ ගැහුවොත් ...
දැන් වෙනදටත් එක එකීලා කෑ ගහනකොට උඹල බලන් උන්නද නෑනෙ...මෙන්න.මේක අල්ලපන්.....හැබැයි....ඇතුල කලබල කරන්ඩ එපා...අර ගෑනි දැනටමත් කාට කාට කිව්වද දන්නෙ නෑ.....හොදින් අහපු වෙලේ ඒකිට කැමති උනා නම් මොකද නාකි මගුල....
මම අහන් උන්නා..නලුවත් දිත් මිටිකාන් අහන් උන්නා....මම කෑ ගහයි කියන බයටද දන්නෙ නෑ එයා මගෙ කට මිරිකගන උන්නා වගේම එයාට මහන්සි හන්දම මාව බිමින් තිබ්බා...තියලා සද්ද කරන්න එපා කිව්වා...
සද්ද කරන්න එපා යෙවීන්...සද්ද නම්...කරන්න එපා.....
එයා මට සද්ද කරන්න එපා කිව්වා.....අනේ දෙයියනේ..මොන කරුමෙටද මන්දා එයා හති ඇර ඇර මට සද්ද කර්න්න එපා කියනවා එක්කම හචිමක් ගියා...
හැච්.....චූස්.....!!!
ආය හෙට එන්නම්.....
ජොබී නිදහාස් ...
අග්ගියා එක්ක එන්නාම්...
ජොබී ජැනුයි කන්න යන්නෙ...ඔය ලමයිනුත් කන්න...
Ferdeesha ❤️💚😘