Ficool

Chapter 15 - 14

මං එයාගෙ කකුල් අලලා වැන්දා, නිකන් නෙවෙ අප්පච්චිට කියන ගාතාව කියල මං ඒ කකුල් ගාව දන ඔබාගන නැගිටිනකොට මං බලාගන ඒ ඇස් තෙත් වෙලා තිබුනා...ඒ තෙත් උන ඇස් අස්සෙ ආදරෙ උතුරන්න තිබුනා...මහ මුහුදෙ කසිංජි රැල්ල ගොඩට ගහන්න හා සමානව ඒ ඇස් අස්සෙ ආදර රැලි ඇහිදාර වලට වදින ගමන් තිබුනා...

මහ මුහුදකට හා සමාන නිල් ඇස් තිබුන කසිංජි පුසුඹ ගහන මේ ආදර කොල්ලා මගෙ ඉහ මුදුන ඉඹලා හොද මනුස්සයෙක් වෙන්න කියනකොට අනෙ මට ඒ පපුවට තුරුල් වෙන්න හිතුනා.....

අනෙ අයියෙ මං හරි ආදරෙයි කියලා තව වතාවක් මුමුනන්න හිතුනා....

මං ඊයෙ රෑ ඉදන් උඹගෙන් එක මැසේජ් එකක් එනකන් නිදිමරන් බලන් උන්නා අයියෙ කියලා පුංචි එකෙක් හා සමානව දුක මතක් කර කර ඒ පපුවට ගුලිවෙන්න හිතුනා...

ඒත් කොහෙ කියලා තුරුල් වෙන්නද.....වෙලාව කීයද...තුරුල් වෙන්න තියන ආසාව කප්පරක් තරම් උනත් තුරුල් වෙන්න තරම් වෙලාවක් නෑ කියන කාරනාව මගෙ හිත මට කොදුරන්න ගත්තා මං,දුකෙන් උනත් මං මගෙ බොලද හිත මෙල්ල කරගත්තා.....

එයා දිහා හරි ලෝබකමින් බලන් උන්න මං අවසානෙදි බෑගෙකත් එල්ලගන එලියට ආවා.....ඇවිදින් දොර ලොක් කරලා යතුර අතට ගත්තා...හදිසියෙ වත් මට කලියෙන් අම්මා ආවොතින් දොර අරින්නෙ කොහොමද ...යතුරු දෙකක් තිබ්බට මලගෙවල් අස්සෙ ඔව්වත් මිසින් වෙලා තියෙයිද කව්ද දන්නෙ...

සුදු චූටි ඔහෙ යතුරෙ තියන්නෙ කොහෙන්ද මැනිකෙ....හොදට දොර වැහුනා නේ....?

මේ මෙතන අයියෙ...මේ මල්පෝච්චියක් ය...ට හමන්...නන්න දාලා...කැරි මන්ඩුකයා....හ්හ්....එව්ව්...මන්ඩුකයෙක්....!!වැදුනා වැදුනා....වැදුනා....හ්හ්.....අනේ අයියෙ...මූ මොකක්ද කෙරුවා.....එ.....හ්ක්ක්ක්....එව්...එව්ව්....ඒ....ව්ව්.....අතෙ ගෑවුනා....අතට පුක අතුල්ලන් ගියාද කොහෙද...අනෙ අයියෙහ්...දැන් මගෙ අත උඩ මුගෙ ලමයි හිටී.....!!

දොර ලොක් කරලා යතුර අතට ගත්ට මගෙ දිහාව බලන් උන්න එයා මගෙන් අහනවා යතුර තියන්නෙ කියලා ....වෙනදා පුරුද්දටම මං එයා දැක්කත් කිසි ප්‍රශ්නයක් නැති හන්දා එතනම තිබුන අම්මගෙ පන වගේ තියන ඇන්තූරියම් පෝච්චියක් ඉස්සුවා විතරයි මගෙ ඇස් දෙක ඔහෙක් වෙලා කට මෙහෙක් උනා.....දෙයියන්ට ඔප්පු වෙන්න මන්ඩුකයෙක්!! ගෙම්බෙක්.....!!ඌ ගෙම්බෙක් නෙවෙ දෙයියනෙ ඌ ගෙඹි තාත්තෙක්.....මගෙ මූන ඥෑව් වෙලා ගියා...

මහම මහ මුඩුම මූනක් තිබුන දඩාරියන් සයිස් ගෙම්බර් කෙනෙක්...මල්පෝච්චිය ඉස්සුවා විතරයි හෙන ගහලා අකුලවලා ගිහින් මගෙ මූනක් තිබ්බත් ඌට තිබුනෙ තනිකරම ගංජා ගැහුවා වගේ අඩවන් වෙච්ච ඇස් දෙකක් වෙද්දි මූ මගෙ අත උඩින් පැන්නත් ඇගෙ මහත හන්දද මන්දා උගෙ ගෙඹි පුක සම්පූරනම මගෙ අතේ ඇතිල්ලීගන යනවත් එක්කම කාපු තෝසෙ මට එලියට එන්න ආවා මං අතත් උස්සන් අත ගස ගස මැරෙන්න හැදුවා.....ගෙම්බට සාප කෙරුවා....

හත්තුක්කෙ හිච්චො...සුදු චූටියා...මක්කද කොල්ලා මේ උදෙම්ම කුනුහර්ප පලන්නෙ.....මයෙ කොල්ලා කුනුහර්ප මාස්ටර් කෙනෙක් වෙලා...කෝ බලන්ඩ.....මොකාද වැදුනෙ...?

අත උස්සන් අත ගස ගස ගෙම්බගෙ හත්මුතු පරම්පරාවම වචන වලින් බඩ කර කර උන්න මගෙ දිහා බලපු මගෙ හැන්දා මට කෑගැහුවා..මං කුනුහර්ප මාස්ටර් කෙනෙක් වෙලා කිය කිය එයත් මා එක්කම එබිකම් කර කර මොකාද වැදුනෙ හොයනවා....ඒක ඇහුනත් හරි මගෙ මූන තනිකරම දෙනවක හාමිනේට මලපැන්නා හා සමාන උනා...!

ඒක හරි පුකක් උනානෙ....අම්මගෙ පුතාට මෙච්චර කුනුහර්ප ඉගැන්නුවෙ හැන්ද මිසක් වෙන කව්ද.....???නුවරින් එනකොට මං දැනන් උන්නෙ එකයි දෙකයි...අනික අපි නුවර මිනිස්සු.....නුවර අය කවදාවත් එහෙම කුනුහර්ප කියනවද.....හැන්දලම මට කුනුහර්ප උගන්නලා දැන් බොරූ....වට බනිනවා

අ...අර...අරූ....අයියො ඕකව එලවන්ඩ ඒයි අපෙ කානුවා දැක්කොත් ඕකව හදාගන්ඩ ගන්නවා...මූ දවසක් ගෙඹි කුමාරි කියවලා ගෙම්බෙක් අල්ලන් කටේ දාගන්න ගියා ඒකා ගෑනියෙක් වෙයි කියලා...ඕකට ගෙඹි පිස්සුව..ගෙම්බා ශොයි...ශොයි...ගෙම්බා...ශො....හ්හ්හ්...පලකො...හ්හ්...අනේ අයියෙ මූව එලවපන්කො.....ගෙම්බා චිබු.....අනෙ මන්ඩුකයො පලකො...පලකො....හ්හ්....එව්...මූ නම් මලගිය හාමුවෙක්ද කොහෙද ...අපෙ අම්මගෙ මුත්තෙක්ද මන්දා.....අනෙ මුත්තෙ පලකො මට ඉස්කෝලෙ යන්ඩ...

මන් ගෙම්බව එලවන්න හැදුවා...උගෙ තියන මසබාදු කමට ගෙම්බත් කෙරුවෙ උඹට ඕන තරම් කෑ ගහපන් මට පුකද කියන්නා වගෙ බැල්මට් එකක් දාගන මගෙ දිහා බලන් උන්න එක වෙද්දි එකපාරකුත් කානුවගෙ ගෙම්බෙක් හන්ද මං ගෝවා පාත්ති අස්සෙත් පස් කාගන ගෙම්බව හොයපු හැටි මතක් උන මං ඉස්කෝලේ යෑම ගෙම්බට දාලා සන්නි නටන එකා වගේ ගෙම්බව එලවන්ඩ කෑ ගැහුවා....අපරාදෙ සජිත් ප්‍රේමදාසගෙ නම්බරෙ තිබ්බා නම් අලි එලවන මන්තරේ වත් අහගන ගෙම්බට කියන්න තිබ්බා...

ගෙම්බා....ශෝ....හ්හ්...ඇයි...අඩේ....

පලකො වදෙ...

මේක නම් මහ කෝලමක් ...සුදු චූටි ඕකා යයි පනෙ ඔහෙට වෙලා යන්නෙ නැතුවයි....මේන් මෙහෙ එනෝ ඕකට තාම බුදිමතෙ, ඔහෙ ඉදලා යයි යන්ඩ.....මේ උදෙම්ම මගෙ කෝලමට පිස්සු තද වෙලා...මේන් මෙහෙ එනො පසනා ලොරියෙ ඕකා ආයම බුදියෑවොත් ඉස්කෝලේ ගිහින් හමාරයි...

අනේ මේකා යයි නේද අයියෙ.....අපෙ කානුව දැක්කොත් මූව ඇති කරන්න ගන්නවා....

ඒ...හොද වැඩෙ හිච්චා ගෙම්බන්ට මනාපයි...ඕකා යානවා සුදු චූට් ඔහෙ බය නැතුව ඉන්ඩ..නොගියොත් මං ඇවිත් ඕකා අල්ලා විසි කරන්නම් කාක්කෙක් වත් අල්ලන් යන්නැතෑ

ඌට සහලවම ගෙඹි පිස්සුව උගෙ ආසාම පාටත් ගෙඹි කොලපාට....ඔහොම ඉන්ඩ මගෙ අත හෝදගන්ඩ...අරූගෙ ගෙඹි පුක මගෙ අතේ වැදුනා...කව්ද දන්නෙ ඕකා ගෙම්බිච්චියෙක් වෙලා බ්ත්තරයක් වත් ඇලිලා තිබ්බොත් මට වෙන්නෙ ගෙඹි තාත්තෙක් වෙන්ඩ....ඒ ඒඋනාට කාක්කට අල්ලන් යන්න දෙන්න එපා පව්නෙ.....වෙන කොහෙට්ට හරි දාන්න...ඌට දරුපවුලක් උන්නොත් හිකෙයිනෙ සුදු අයියෙ....

හත්තුක්කෙ....මේකට නම් පිස්සු අප්පා....ළදරු හිත මයෙ...කෝලම මයෙ...

තාප්පෙ අයිනෙ තිබුන ටැප් එකට අත අල්ලපු මං ගෙඹි බිත්තරයක් වත් අතේ ඇලිලා තිබුනොතින් කියන බයට අතට වැලි චුට්ටකුත් දාගන අත හෝදන් තවමත් මගෙන් ගේම ඉල්ල ඉල්ල බලාගන ඉන්න ගෙම්බටත් අතට ගත්තු වතුර අහුරකින් කෙලලා ඇරලා එයාගෙ පස්සෙන් එන්න එනවත් එක්කම මෙච්චර වෙලාම බුදියගන උන්න සුසංගතා නැගිටලා කෑ ගැහුවා...

"අම්මියේ....හ්හ්....මැනිකේ....සීදේ....වී.......මැ...නි...කේ....."

*

*

*

*

ප...ප්..පෙහ්....අනේ...ප...ප්.....පේහ්...තාත්තෙ.....අද ඉන්නම්කො....ඈ.....ඈ...

හත්තුක්කෙ පසනා...කටවහකො...තොට මොකද බොල වෙලා තියෙන්නෙ.....මගෙ කනුත් එක්ක කැක්කුමයි කට වහපියකො ඇත්තමයි මං තොට ගහනො පිට පුපුරන්ඩ...මූගෙ මල වදෙ ...ඇයි තෝ ගෙදර ඉදන් මූදු යන්ඩද?කට වහපිය ගහන්ඩ කලින්

අ..ආ.....ග්..ග්..ගහපිය....බලන්ඩ....

ත්..තොටත්...මං...ග්..ගහනො....පලකො....

බත...ලියෙ....ප්..ලකො....පල...කෝ...

සයු...රියා...පලකො...

ඌයි යකො කොන්ඩෙන් අදින්නෙ....ඇත්තමයි පසනා මං තොට ගහනො මූදට විහික්කා වෙන්ඩ...අර බලපිය මූ අඩනකොට කට නිකන් ඌරු පුකක් වගෙ වෙනවා...ඊයා යකො.....ඊ...යා

ත්...තා...ත්තෙ.....හ්....මේ...බ්..බාන්ඩකෝ...මේ...සයුරියා....ප්..පලකො....බතලියෙ....පලකො......පල...කො...

පසනා අතෑරපිය .....ඇත්තමයි මන් තොට ගහනවා ඉස්ටිකරයක් වෙන්ඩ.....ඌ....යිහ්...අතෑරපියකො...මං තොට ගහනවා මූනකට සමතලා වෙන්ඩ.....

ග්..ගහපිය...ගහපිය බලන්ඩ...බතලි...බතලි.....බතලි....සයුරියා කැතිච්චි...කැත බතලිච්චි....අනේ...ස්..සමනල්...මේ..බලකො...මේකි...ගහනනෝනෙ...සම...නාල්...

ඌ....යියා.....හ්..අනෙ....ප...ප්පෙ....හ්....ඇත්තමයි....මං..තොට...ගහනවා මැරිලා වැටෙන්ඩ...

ඌ....හ්හ්....බතලියෙ....ප...ප්...පේ.....

සයුරියා මාව.....මරනවා.....හ්හ්.....

හත්..තුක්කෙ....අර යක්කු දෙන්නා ආයම කාගානවා මන් මුන්ට ගහනව අද පුකවල් පැලෙන්ඩ..යකො චුට්ට එහා මෙහා වෙන්ඩ බෑ කාගන්නවමනෙ වැඩෙ සුදු චූටි ඔහෙත් නගින්ඩ...

හ්..හා.අයියෙ....

.....ඇයි....බ....ල පසනා උදෙම්ම තොපි දෙන්නා කාගන්නවනෙ මුන්ට දාලා හමන්...නන්ඩ.....සයුරියා ඕක නවත්තපිය ....කිව්වම අහලා නවත්තපිය

පප්පෙ මං නෙවෙ මූ පටන් ගත්තෙ....

බොරු....මේකිගෙ බොරු පප්පෙ.....මේකිගෙ...බොරූ...මේ බතලිගෙ බොරු තාත්තෙ...

ආ...ව්හ්.....!

හත්තුක්කෙ සුදු චූටි.....ඔහෙට වැදුනයි....සයුරියා ඕක නවත්තපිය මේකි යස්සනි වගේ.....පල...පල...අහකට

ම්..මූට මගෙ කොන්ඩෙ අතාරින්ඩ කියන්ඩ....පප්පෙ...මුට...මූට මගෙ.....කොන්ඩෙ....අතාරින්ඩ කියන්ඩ....

පසනා නවත්තපිය....මූ ඇටයා වගේ ඉදන් අරකිට අනිනවා...ඕක නවත්තකො යකො...මගෙ ඔලුවත් කැක්කුමයි....පසනා නවත්ත ඕක...

ත්..තාත්තෙ..මේකි ඉන්ඩ දෙන්නෙ නෑ පසනට....

ලොරියට නැග්ග මං උන්නෙ බය වෙලා වගේ....දෙයියන්ට ඔප්පු වෙන්ඩ ලොරිය අස්සෙ පොඩි තල්මහෙක්!!

පසනගෙ අක්කා...ඒකි තනිකරම සිගිතියගෙ මිනි වර්ශන් එක වගේ...බයවෙලා වගේ උන්න මගෙ හුස්මත් නවතින්ඩ ආවා....ලොරිය ඇතුලෙ තනිකරම දකුනු කොරියාව වගේ පසනයි ඒකගෙ අක්කයි මරාගන්නවා.....අරූ පොඩියට පොඩියෙ උන්නට තනිකරම ට්‍රාන්ස්පෝමරයක් බදාගත්ත ඉස්සෙක් වගේ.....අර පොඩි තල්මහගෙ කොන්ඩ කරල් දෙකෙන් ඇදගන මැරෙන්ඩ හැදුවා...ඒ අස්සෙන් අරකිත් අරූට ඇදලා ඇරියා පසනගෙ බෝල් ජොයින්ට් ගැලවිලා වීසි උනා..... ඔගෙ මූන කට ඔහෙක් වෙලා මෙහෙක් උනා

ගේට්ටු පියනෙන් එලියට එන්න හම්බුන් නෑ ලොරිය ඇතුලෙන් මරාගන්න සද්දෙ ඇහෙනවත් එක්කම ඇදන් උන්න සරමත් පැත්තකින් උස්සගත්ත මගෙ හැන්දා මටත් ලොරියට නගින්ඩ කියාගන එහාපැත්තෙන් දිව්වෙ මුන් දෙන්නගෙ පුකවල් පලනවා කියාගන උනත් ලොරියට නැගපු මට වැදුන ඩෑස් පාරත් එක්ක මගෙ කට ඔහෙක් වෙලා ගියා...

පසනා හූ තියනවා...අනිත් පැත්තෙන් සයුරියා...මේ ඔක්කොම එක්ක ශීට් එකේ මුල්ලෙ ඉදන් නිස්කාරනෙ ගුටි කාපු මං මගෙ අතපය පුලුවන් තරම් පූට්ටු කරන් මූනට වැදුන පාර අත ගගා ඒ දිහා බලන් ඉන්නවත් එක්කම උදෙම්ම යකාට ඇදපු හැන්දා පොඩි හැදි දෙකට ඇකිලිලා යන්ඩ ඩෑස් දෙකක් දෙනව එක්කම අරුන් දෙන්නා පිටවල් අල්ලන් කෙලින් උනා....

ය්..යෝ...හ්...ත්..තාත්තෙ...මට ගහන්නෙ...මේකිනෙ....

මං නෙවෙ පප්පෙ මූනෙ....මගෙ කොන්ඩෙත් අවුල් උනා.....ඇයි යකො ඇත්තමයි පප්පෙ මං මූට ගහනවා දතකට පූට්ටු වෙන්ඩ.....

ගහපිය...ගහපිය.....ගහපිය බලන්ඩ...ගහපිය

ඇයි යකො ඕක නවත්තපියව්කො....සයුරියා පල අර කෙරෝලට....පසනා වර මෙතනට....තොපි දෙන්නගෙ වැඩේම කාගන්නවා...සයුරියා ඇයි කියපිය මල්ලිට ගැහුවෙ...

මූයි පටන්ගත්තෙ පප්පෙ...

අ...නෙ.....අම්...මා...පල්...ල....මේකිගෙ බොරු පප්පෙ....මේකිගෙ..බොරු....හිටපිය.....හිටපියකො මං තෝව කියනවා අපෙ සමනල්ලෙ මහ එකාට...

කියපිය මං බයවෙයි...ඉතින් දැන් ගිහින් කියකො....පල පල...පප්පෙ මූට දැන් පල කියන්ඩ.....

යකො ඕක නවත්තපියව්..තොපි කාගන්නවා කාගන්නවා අහවරක් නෑ අර අයියගෙත් මුනටත් පාරක් වැදුනා...එක විනාඩියකට එහා මෙහා වෙන්ඩ බෑ කාගන්නවා.....සුදු චූටි කො බලන්ඩ ඔහේ මූන...

එ..ඒක අවුලක් නෑ අයියෙ...

මගෙ ඔලුව විකාර වෙන්න ආවා.....ලොරිය අස්ස තනිකරම මාලු ලෙල්ලම වගෙ...මගෙ හැන්දා තනිකරම දෙමල මීටරයක් වගේ....එකපැත්තකින් පොඩි තල්මහා කේලම් කියනකොට අනිත් පැත්තෙන් පසනා කියවනවා උන් දෙන්නටම වඩා හයියෙන් මගෙ හැන්දා අරුන්ව හැදිගාන්න හදනකොට ගුටි කාපු මං මුනත් අත ගගා දොරට ඇලීගන වගේ ඉද්දි හැන්දා මගෙ මූන හරවලා බැලුවා මං ඉක්මනට මගෙ මූන හරවගත්තා...යකො පොඩි බතලිගෙ ඩෑස් එකට මගෙ දත් හෙල උනාද මන්දා යස්සනි.....මේකි තනිකරම අර ජපානෙ සූමො කාරයෙක් වගේ...මගෙ අම්මෙ ඒකිගෙ මූනෙ මහත....මල්පෝච්චිය අස්සෙ උන්න ගෙම්බ වගෙ...

ඩෑස් පාර කාපු මං සයුරියා දිහා බලන් උන්නා... අර බලපියව් අපෙ එක්කෙනා ගැහුව හන්දද කොහෙද ඒකිගෙ කට කෝනමානයක් වෙලා....

ඒකිගෙ කම්මුල් රෝස පාටයි තනිකරම රෝස ඊරියෙක් වගේ....කම්මුල් වල මහතට ඒකිගෙ ඇස් හීන් වෙලා නහයත් චක්කන් වෙලා.....සයුරියා තනිකරම වන්ගෙඩියකට අතපය ඇවිත්වගේ...මගෙ අම්මෙ පුදුමාකාර සයිස් එකක්...මේකිගෙ ඇගේම පර්චස් පහ හයකට වඩා තියනවා.....අපෙ මිනිහා ගිල්ලනව ඇති මුන්ට හිටු කියලා....නැත්තන් මෙහෙම මහත් වෙයිද...පසනා නම් තනිකරම බෙදුම් කට්ටක් වගෙ.....ඌට නම් මොකක් හරි විටමින් ඌනතාවක්...කැල්සියම් අඩු උන හාල්මැස්සෙක් වගේ පසනා

සුදු චූටි ඔහෙ බෙල්ට් එක දාගන්ඩ....සයුරියා ඔය ගවුම හදාගන්.....ගවුම කරේ.....පසනා ශර්ට් එක යටකරගන්...ඇයි ය..කෝ.....මුන්ව ගෙදරින් ගෙනාවෙ කොහොමද

පප්පෙ බඩ රිදෙනවනෙ පප්පෙ....

බඩරිදුනට කමක් නෑ...බොරු නොකියා ඉස්කෝලේ පලයව්....මුන්ට ඉස්කෝලෙ යන්ඩ කියනකොට බඩෙ අමාරු පුකෙ අමාරු ඔක්කොම එනවා.....ගෙවල් වල ඉදන් ළමයි නලවන්ඩද.....බඩ රිදෙනවා නම් වතුර ටිකක් බීපන් සයුරි....උඹට හැමදාම කියනව ජරාව ගිලින්නෙ නැතුව බත්කන්ඩ කියලා...කන්නෙම වහංගත.....උඹ උදේට කෑවද...

ඔව්....පප්පා ගෙනාව වඩයක් කෑවා..

උඹට හීල් බත් කන්ඩ කියලා නේ තියෙන්නෙ බඩෙ දැවිල්ලට...තෙල් ගිල්ලෙ මැනයාවද...දැන් බඩේ අමාරුව ඇයි යකො.....

හරි අප්පා බයින්නෙ...මට බත් කෑවම හුස්ම ගන්ඩ බෑ,මේහ්....ඒහ්...මහ එකො

ඇ...ඇයි...න්..නංගි

ඔහෙට මගෙ කොන්ඩෙ ගොතන්ඩ ඇහැක්ද...මේ මූ මගෙ කොන්ඩෙන් ඇද්දා....අපෙ පප්පා ගෙත්තෙ...ඔහෙටත් අපෙ අප්පා වගෙ ගොතන්ඩ අහැක්ද ?

කොන්ඩෙ ගො...ගොතන්ඩ....?

ඔව්....ඇයි ඔහෙට බැහැද...මේන් මේක ගොතනෝද...?මේන් මේක ගොතලා දෙනෝකෝ....අවුල් වෙලානෙ...

මෙච්චර වෙලාම මට ආවෙ ඔලුව විකාර වෙන විතරයි..දැන් දැන් මගෙ කන් බෙරත් පුපුරන්න ආවා.....පසනයි පොඩි තල්මහයි එක්ක බලනකොට මායි කානුවයි කව්ද හිතුනා.....

මහ පොලවට ඉර එලිය වැටෙන්නත් කලියෙන් ගෙදර බුදුන් කුසියට වඩින්න වගෙ මේ මූදු කරේ බිම් කරුවල යන්නත් කලින් මාලු පිලිහිඩ්ඩ අරක් ගත්ත මාලුලෑලි අලුත්ම ලෑලිවලින් වැහිලා යනකොට මාලු වාහන එකාකාරෙට වෙරල පාරක් අරක් අරගන තිබුනා...

ලොරිය ඇතුල එකම යුද්දයක් වෙද්දි එලියෙ හෝන් කරදරෙ වගේම වාහන කරදරෙ එකාකාරෙට තිබුනා...

මෙච්චර වෙලාම කා කොටා ගත්‍ත පසනත් සයුරියවත් දෙපැත්තට කරපු මගෙ හැන්දා තනිකරම තිස් වසරක යුද්දෙ අවසන් කරපු මහින්ද මාමා වගේ ඇදන් උන්න සුදුසරමත් කරට අරන් දත්මිටි කාගන වගේ තනි අතින් ස්ටියරින් වීල් එක කරකව කරකව එහෙන් මෙහෙන් දාන වාහන ඔවර්ටේක් කර කර ලොරිය එලවනකොට පසනගෙන් ගුටි කාලා පොර පිටියෙන් එලියට ආව තටු හැලුන කිකිලියෙක් වගෙ උන්න සයුරිය බඩ රිදෙනවා ගගා නාහෙන් අඩලා අවසානෙදි මගෙ දිහා බලලා මගෙන් කොන්ඩෙ ගොතන්න පුලුවන්ද අහනකොට මට ගොත ගැහුනා...

ඒකිගෙ කොන්ඩෙ ගෙතුවෙ පප්පා කියපු සයුරියා පප්පා වගේ මටත් ගොතන්න දන්නවද අහනකොට මුලු ජිවිත කාලෙටම අම්මගෙ කොන්ඩෙ විතරක් හොකරෙට බොකරෙට ගොතලා තිබ්බ මං සයුරියා දිහා බලන් උන්නා.....

කියහල්ලකො අප්පා...ඔහෙට ගොතන්ඩ බැයිද...මගෙ බඩත් රිදෙනවා.....කිව්වට අහන්නෙ නෑනෙ....පප්පෙ මාව මගින් හලාගන යමල්ලකො...මගෙ බඩත් කොර වෙනවා...කොන්ඩෙත් අවුල් වෙලා කිව්වට අහන්නෙ නෑනෙ අප්පා.....

ඔව්...ඔව්...උඹට හැමදාම බඩෙ කැක්කුම්...ඇයි උඹට කක්කා බරද අක්කෙ...පප්පෙ සයුරියට ඇක්කා දාන්ඩ ඕන වෙලාද කොහෙද...

කෝ දෙන්න නංගි...

බැරිම තැන මං නාහෙන් අඩන සයුරියගෙත් පසනගෙත් කරච්චලෙ ඉවසගන්න බැරිව අරකිගෙ මහත අත් ගොබේකට ඇගිල්ලෙන් ඇනලා කෝ දෙන්න නංගි කියනවත් එක්කම මේකි කොන්ඩෙ එක පැත්තක් ලෙස්සා...

ඔහෙට අපෙ පප්පා වගේ ලස්සනට ගොතන්ඩ ඇහැක් නේ...මං ලස්සනට ඉස්කෝලෙ යන්ඩ ඕන....

ඇහැක් ඇහැක්...ලස්සනට නෙවෙ පිලිවලටයි නංගි ඉස්කෝලෙ යන්න ඕන...මොකටද ලස්සනට යන්නෙ ...

ආ...ආ.....මං දන්නවා මෙයැයි මොකද මේ ලස්සනට යන්නෙ කියලා...මෙයැයි කොල්ලෙක්ට ලව් කරන්න හදන්නෙ....තාත්තෙ සයුරියට කොල්ලෙක් ඉන්නවා....පහෙ මානෙල් පන්තියෙ...

හ්ම්.....හිටපන්කො මං ඇවිදින් බෑනව හම්බෙන්ඩ එහෙනම්...පසනා පස්සට වෙයන් ළමයා ඔහෙව ඉස්සරහට විහික්ක වෙයි...සුදු චූටි ඉන්න ඕකිගෙ කොන්ඩෙට මක්කවත් කරලා දෙන්ඩ..සයුරියා උඹට අද ශිශ්ත්තෙ පන්තිනෙ....

ඔව්.....පප්පෙ බත් ගේනෝද.....ඒහ්...මේක ලස්සනට ගොතනෝ හරිද....ඇදේ ගොතන්ඩ එපා...අපෙ ටීච බයිනො...තදට ගොතනො නැත්තන් වෙලා යද්දි ලෙහෙයි ...තේරුනයි ඔහෙට?

ඔ...ව්..ඔව්...නංගි තේරුනා

අනෙ...අම්මා...පල්ල...සයුරියා යකො!!

ඇයි යකො...මේකි රෙද්දක් කියනවා....මුන් කාගන්ඩ මං කොන්ඩෙ ගොතන්ඩ.....පප්පට වගෙ ගොතන්ඩ ඇහැක්ද අහන්නෙ ....කොහොම ගෙතුවත් ගෙතෙනවා නම් එච්චරනෙ මේකිගෙ පොඩි කමටද ස්ටයිල් එක....මුන් ළමයි නෙවෙ යක්කු...ඉස්කොලේ යන්නෙ ඉගන ගන්න නෙවෙ පේනවනෙ ඇටෙන් පොත්තෙ යන්න කලින් කොල්ලො පස්සෙ යනවා...ඔය පසනා කියන්නෙ ..මේකි තාම පහෙ පන්තියෙ...

අපෙ එක්කනාට කියන්න ඕන මෙහෙම නම් ලමයි හදන්න බෑ අපෙ අම්මා වගෙ හනස්සක් ගන්නයි කියලා.....පේනවනෙ සිගිතියා ඉස්කෝලේ යන්න ඕන කාලෙ ලමයි නලවනවා...අනික මෙහෙම මුරන්ඩු කම් කරන්න ගත්තොත් අපෙ දරුපැටවුනුත් මුරන්ඩුවෙයි....

එක්කො එයාට කියන්න ඕන අපෙ ගෙදර ඉමු කියලා...මගෙ කාමරෙ ඉන්න බැරි කමක් නෑනෙ...හැබැයි ඔක්කොටම අපෙ එක්කෙනාට කියන්න ඕන අපෙ අම්මගෙ කසාද මනුස්සයා එක්ක දහම් කරුනු නම් සාකච්චා කරන්න ලෑස්තිවෙන්න එපාය කියලා ....පේනවනෙ අපෙ අම්මා කොයි වෙලෙත් අප්පච්චි ව හදාගන්න කියන කතා.....නැත්තන් අපෙ එක්කෙනයි අප්පච්චියි යොමු වෙන්න ගනී...අනික මෙයා අපෙ උනාම නුවර බෑනෙක්නෙ...වැදගත් කමට ඉන්න එපැයි...

දහසක් දේවල් කල්පනා කරපු මම සයුරියගෙ කොන්ඩෙ මගෙ ඇගිලි වලින් පීරලා ආපහු අර අවුල් උන කරල් දෙක පිලිවලට ගොතලා අගිස්ස නවලා රිබන් පටි ගැටගලා සමනල ගැටේකුත් ගැහුවා!ඇති යන්තන් ඒ කරදරෙන් මන් ගැලවුන.....

කොන්ඩෙ දිහා බලපු සයුරියා අවසානෙදි මගෙ දිහා බලලා විරිතතල වගෙ හිනා වෙලා කොඩ කරල ගස්සලා වගෙ පස්සට දාගත්තා...එ කොන්ඩ පාර අරකගෙ මූනෙ වැදුනා මූ ආය අඩන්න කට හැදුවා.....ඒ ටිකකිම්ම ඌ ආය උගෙ ඇදුම එක්ක ඔට්ටු වෙන්න ගත්තා....බෝන්ංචි කරල් වගෙ කකුල් වල තිබ්බ මේස් දෙකෙ ගාටස් එක යන්ඩම ඌ එක දනිහ ගාවට උස්සගත්තා.....

උන්න්දෙන්නා දිහා බලාගන උන්න මට හුස්මක් පිට උනා....

සයුරියගෙ කොන්ඩෙ ගොතන්න පැත්තට ඉදගන උන්න මං අවසානෙදි හරිබරි ගැහිල ඉදගන ශීට් එකට ඔලුව තියාගත්තා.....ශීට් එකට ඔලුව තියාගත්තා කියන්නෙ මං එයා දිහා බලාගන උන්නා.....මුන්ගෙ කරච්චලෙන් බේරිලා මට එයා දිහා බලාගන ඔන්න ඕන.....

තනි කලු කැප් එකක් දාගන උන්න එයා මීක් නැතිව වාහනෙ එලවනවා...අනේ ඒ මුන පුරාවටම තෙහෙට්ටු ගතිය පිරිලා තිබුනා මට දුක හිතුනා.....සැරින් සැරේම එයා ඇස් පොඩි කරනවා...කටට අතක් වත් නොතියා ඈනුම් අරිනවා...එයාට මහන්සියි.....නිදිමතයි බඩගිනි...

මගෙ සුදු අයියෙ උඹ හුගක් මහන්සි වෙනවා!

මන් එයා දිහා බලාගන උන්නා..අඩුම ගානෙ මගෙන් ඇහිපිල්ලමක් වත් වැටුන් නැතිවද මන්දා.....

ඇස් මානෙන් හූවක දුර නිල් මහ සයුර මහ සද්දෙය කරිජ්ජ රැල්ල ඇවිදින් වැල්ලෙ බිදෙනකොට රැයක් පුරාවටම තෙහෙට්ටු උන තවත් ආදර සයුරක් මගෙ හුස්මක දුරින් ඉන්නකොට මට ඇහිපිල්ලම් පවා අමතක උනා.....මට මගෙ හුස්ම පවා අමතක උනා...කොටින්ම මං මේ ලෝකෙ ජීවත් වෙනවද පවා මට නිනව් නැති උනා...ඒ තරමට මං මේ මනුස්සයගෙ රූපෙන් නිවිලා ගියා....

දයාබර සගය ,අමකාර නම් උන මන් මහ පුදුමාකාර විදිහට මේ ආදර සමුද්‍රෙට වහවැටිලා...කොටින්ම ආපිට මතුපිටට මතුවීමක් නැතිවම හද එලිය මේ ආදර සමුද්‍රෙ ඇතුලාන්තෙටම කිමිදිලා...!!

මං එයා දිහා බලාගන උන්නා...මං දන්නවා මේ මොහොතෙ මේ ගෙවීගන යන තත්පර වල මගෙ ඇස් ඇතුලෙන් ආදර පොකුණු ඉපදෙන විත්තිය.....

මං එයා දිහා බලාගන උන්නා....හරියටම මොනාලිසා චිත්‍රෙ ඇන්දට පස්සෙ ඩාවින්චි ඒ සිතුවම දිහා බලාගන උන්නා වගෙ....

ඒතරමටම මං මේ ආදර පැටියා දිහා ආදර කදක් මගෙ පපුව අස්සෙ හංගන් බලාගන උන්නා...

එයා ආයම පාරක් ඇස් කොන් මිරිකුවා....ක්ලච් එකත් බ්‍රේක් එකත් පාගන් ඉන්න කකුල් සැරින් සැරේම උඩ පහල යනවා....ඇදන් උන්න සරමෙන් එයාගෙ කිරිතේපාට කකුල් එලියට ඇවිදින් තිබුනා...එයාට මහන්සි ඇති....නොකියා නොකියා උන්නට එයාට හුගාක් මහන්සි ඇති....නොකියා උන්නට එයාට බඩගිනි ඇති.....

සමුද්‍ර කියන්නෙම අප්පච්චි කෙනෙක්...මගෙ අප්පච්චි වගේම අප්පච්චි කෙනෙක්...මගෙ අප්පච්චිත් මගෙ සුදු අයිය වගෙමයි....රෑ එලිවෙනකන් වැඩ කරලා ආවත් ගෙදර වැඩ හැම එකක්ම කරනවා...මූනෙන් මහන්සිය පිට දැම්මා උනත් කවදාවත් මගෙ අප්පච්චි මට මහන්සි කියලා නැවතිලා උන්නෙ නෑ...මට මේක කරන්න බෑ කියලා නොකර ඉදලා නෑ...

මගෙ සුදු අයියත් ඒ වගේමයි.....රෑ එලිවෙනකන් වැඩකරලා අනේ එයා ආපිට දුවගන ආවෙ පසනව ඇහැරවන්න බලාගන...ඒ විතරක් නෙවෙ අම්මා අප්පච්චි නැතිව තනියෙන් උන්න මටත් කෑම එකක් උස්සන්...මගෙ බඩගින්න මතක් උන එයාට එයාගෙ බඩගින්න දැනිලා නැද්ද.....

උඹගෙ අතපයවලට කොයි වෙලාවක වත් වේදනාවක් දැනෙන්න එපා මගෙ අයියෙ...

මගෙ යටි හිත එයා වෙනුවෙන් එක එක ප්‍රාර්තනා කරනවා...එයා වෙනුවෙන් දේවල් ඉල්ලනවා.....මගෙන් හුස්මක් පිට උනා...මෙච්චර වෙලාම වෙන කල්පනාවක උන්න සයුරියා ඉස්සරහට රූටල ඇහෙන නෑහෙන ගානට දාල තිබුන කැසට් එකෙ සද්දෙ චුට්ටක් වැඩි කරනවත් එක්කම මෙච්චර වෙලාම අඩමානෙට ඇහුන මැයි මල් කතන්දරෙ කසිංජි සුවද මැද හරි ලස්සනට ඇහෙනකොට මං තවත් ටිකක් හැරිලා එයා දිහා බලන් උන්නා....

විඩාවෙන් බර උනත් මොකද මගෙ අමබරේ කියන්නෙම මහ මුහුදෙ රැලි වගේ නිමාවක් නැති කඩවසම්කමකට අයිතිවාසිකම් කියන පිරිමියෙක්..සීමාවක්...නිමක් කොනක් නැති සිතිජයක් හා සමාන ආදරෙ ගලන පපුවක අයිතිකාරයෙක්...

ලෝබකම පිටාරගලන හැගීම් වලින් ඒ මුන දිහ බලාගන උන්න මගෙ මුනෙ මටත් නොදැනිම නොමේරු ළදරු හිනා රැල්ලක් ඇදෙනවත් එක්කම නොහිතපු වෙලාවක එයා එකපාරම මගෙ දිහා බැලුවා මදිවට කාටත් නොපෙනෙන්න ඇහැක් ගහලා කට උල්කෙරුවා විතරයි ...

සගය කුලුදුල් ආදරෙන් අසීමාන්තිකව මත් වෙලා උන්න මටත් නොදැනීම මගෙ අත කෙලින්ම ආදර මර්මස්තානෙ උඩ නැවතුනා....!!!

මං උඹට අඅසීමාන්තිකව ආදරෙ කරනවා අම්ඹරෙ!!

"ඇයි මැනික....?"

මං උන්නෙ මගෙ පපුවට අත තියාගන....නොහිතපු වෙලාවක පා කරලා එවාපු ඇබිති හාදුවෙන් සිව් කුටීර ආදර පොකුන බලාගන ඉද්දි ගම් නියන්ගම් යටකරන් ආදර දිය පිටාර ගලන මොහොතෙ මං තවමත් උන්නෙ පපුවට අත තියාගන වෙනකොට ඓයා ඇහෙන නෑහෙන ගානට ඇයි මැනික අහනකොට මං මොකුත් නෑ කියන්න මගෙ ඔලුව වැනුවත් ශර්ට් එකෙ උඩ සාක්කුවෙ තිබුන පුංචි බට්න් තිබුන ගමටම ඇහෙන්න සද්දෙ එන ඵෝන් එක අරගත්තා....

බටන් දෙකක් තුනක් උඩ මගෙ මහපට ඇගිල්ල හරි සද්දෙට එහා මෙහා ගියා....ඒ අස්සෙන් මගෙ පපුව ගැහෙනවා...දෙයියනෙ මේක මගෙ ආදරෙ කුලුදුල්ම දවස...මහපොලවට ඉරඑලිය වැටෙන්නත් කලින් මං මගෙ ආදරෙ කියපු දවස....

"අම්ඹරේ,මං හුගක් ආදරෙයිනෙ මගෙ අයියෙ...මං හුගාක් ආදරෙයි ඉන්ධීවර් "

මට එයාට මේක කියන්නම ඕන උනා....කටින් කියාගන්න බැරි උනත් මට එයාට ලියලා හරි පෙන්න ඕන වෙනකොට 

පුංචි බට්න් උඩ හදිස්සියෙන් එහා මෙහා ගියපු ඇගිලි තුඩු ආදර සන්නසක් තිරේ උඩ කොටලා තිබුනා...මං ඒක එයාගෙ පැත්තට හැරෙව්වා.....මගෙ ඇස් පනාපිට හෙම්බත් වෙලා උන්න නීලසමුදුර පුරාවට හිනා රැල්ලක් ඉහිරිලා ගියා...ඒ එක්කම එයා මගෙ ඇස් දිහා බලාගන හරි ආදරෙන් ආදර වදනක් මිමිනුවා...ඒ ඇස් ආදරෙන් දිලිසෙනවා...මං හරි ආදරෙයි කිව්වත් හරි අනේ අර විඩාබර ඇස් අහස් කුහරෙ එලිකරන්න ස්වකැමැත්තෙම්ම ඇවිලුම් කන අරවින්ද කැට අහුරක් හා සමානව දිලිහන්න ගත්තා...

ඒ පපුවෙන් බර හුස්මක් පිට උනා...මූන පුරාවටම හිනා රැල්ලක් යනවත් එක්කම පපු කුහරෙ පුරාවටම,ඒ සිව් කුහර වල අස්සක් මුල්ලක් නෑරම තිබුන හැම ආදර බිදක්ම ශේශ කරන් එකම ආදර වදනක් මුමුනපු මගෙ ඉන්දියන් සාගරෙ ආදරෙන් මල්වර වෙන්න බලන් ඉන්න මගෙ නාඹර හිත ප්‍රේමයෙන් පිරෙව්වා...

" මයෙ පැටියා උඹ ....."

සමුද්‍ර උඹ කියන්නෙම අනු අමුවටම ප්‍රේම සජ්ජායනාවක් මගෙ අම්බරෙ!

මේ කැතයො...ඔහෙලගෙ මහ එකා ගෙදර ඉන්නවයි....අර තරු පායන් උන්නෙ...

ඉවරයි...අර රෝමාන්තික හැගීම් ඔක්කොම අහවරයි ,මේ පසන නම් තනිකරම වැල්ලෙ වලවල් හාරන් ඉන්න ගූ කක්කුට්ටෙක් වගේ ඇයි යකො.....මෙච්චර වෙලාම ලා කොටාගන දැන් ඒ පාර අපෙ අප්පච්චි අහනවා..මූට මොකටද අපෙ අප්පච්චිව ...ගහන්න හිතයි මූට විහික්කා වෙන්ඩ....

නෑ...අප්පච්චි ගෙදර නෑ...ඔයාට කිව්වා නේ මල්ලි මහ එකා කියන්න නෑ කියලා.....අප්පච්චි කියන්න නැත්තන් තාත්තා කියන්න...එහෙම කියන්න හොද නෑ...ඔයාට අපෙ අප්පච්චි මොනාද කියලා දුන්නෙ....තාත්තා කියන්න...

ආ..හොද වැඩේ.....පප්පෙ මේන් මෙයැයි කියන කතාව ඇහෙනෝද...මෙයැයිලාගෙ මහ එකාට තාත්තා කියන්ඩලු තාත්තෙ.....මෙයැයිට පිස්සු ද කොහෙද...?මට මගෙ පප්පා තාත්තා ඉන්නො....නේ තාත්තෙ...පසනට පප්පා තාත්තා ඉන්නෝ නේ...මට බෑ ඔහෙලගෙ මහ එකාට තාත්තා කියන්ඩ.....

එහෙනම් නිකන් ඉන්ඩ...අපෙ අප්පච්චි මහ එකෙක් නෙවෙ මල්ලි ,අයියෙ මෙයාලගෙ මේ කතාව නම් අන්තිමයි හොදෙ ....ඔහොමද කතා කරන්නෙ.....

පසනා....එහෙම කියන්නෙ නෑ ....පප්පා තාත්තාට කවුරුත් මහ එකා කියනවද....නෑනෙ...අයියගෙ තාත්තට මහ එකා කියන්නෙ නෑ....

ඔය අපෙ උන් පප්පට මහ එකා කියන්නෙ.....මෙයැයිලගෙ තරුපායන් උන්න එකා එහෙනම් පොඩි එකෙක්ද....

පසනා.....

ම්හුක්...පප්පෙ....අපි මෙයැයිලාගෙ මහ එකාට සයුරියව අල්ලා දෙමුකො තාත්තෙ...මේකි පසනට ගහනවනෙ.....කැතයො මේකිව අල්ලා දෙමුකො... අයියෙ.....

ඇයි තොට මදනෙ ගහලද මාව අල්ලා දෙන්ඩ....මේහ්...ඔහෙලගෙ තාත්තා කාරයා ද අලුත් පොලිසා??ආන් ඒයැයිට කියන්ඩ මූව ඔය කූඩුවෙ දාන්ඩ කියලා....මූව හදන්ඩ බෑ....මගෙ අම්මෙ....ඒක ගාව හුජ්ජ ගන්දස්සාරෙ බෑ..දවසක් අපි අපෙ මයිකලයව බලන්ඩ ගියානෙ.....අර කලින් උන්න වෙන්දකඩුවා අපෙ මයිකලයව පෙර පෙර ඉද්දි කුදලන් ගියානෙ.....මේන් මූව ඔය හුජ්ජ ගද ගහන හරියෙ කූඩුවට දාලා වහන්ඩ මූව හදන්ඩ බෑ

ඇයි තෝ හැදිලද...පප්පෙ මේ බාන්ඩකො මේකි...අමාකරයියෙ...මේකිව ඔහෙලගෙ තරුපායන් ඉන්න තාත්තට අල්ලන් යන්ඩ කියන්ඩ හාද..

හ්ම්...හා...කියන්නම්...

ආ..හොද වැඩේ...මේන් වැඩක්...අනෙ මේ කොල්ලො මට තරා ගියෝතින් තොටත් ගහනො ඇයි යකො මං මොන පුක කෙරුවටද මාව ගිහින් දාන්නෙ....මං අපෙ සිගිති නැන්දට කියනො හරිය....ඇයි යකො...ගහප් මූන ඇටවල්ලෙක් වෙන්ඩ.....

අන් තනිකරම චක්කන් උන කෝලාවෙක් වගේ.....මෙච්චර වෙලාම කට පියාඅ උන්න පසනා අර පොඩි තල්මහව අපෙ අප්පච්චි ට අල්ලන් යන්න කිව්ව එකට හූ මිට් තියන්න ගියා විතරයි අරකි දත්මිටි කාගන අතත් උරුක් කරගන මගෙ දිහාවට හැරුන හැරිල්ලට මං හප කරලා දාපු චුයින් ගම් එක වගේ ශීට් එකට ඇලිලා ගියා....

ඒක ඊටත් හපන්...ඇයි දෙයියනෙ මාව මෙහෙම පවුලකට දෙන්න හදන්නෙ.....නම්බුකාර උඩරට පවුලකට ඇයි මේ වගේ උන්ව දුන්නෙ...නුවර අත්තම්මලා බය වෙයි....අපෙ අත්තම්මලා ගෙයින් එලියට ඇහෙන්න කතා කරන මිනිස්සු නෙවෙ...ඒකාලෙ ඇරියස් තිබ්බට අපෙ අප්පච්චි ට අත්තම්මා පන ඇරලනෙ.....ඊටත් සීයත්තත් කතා කරන්නෙ පුතා කියලා එහෙම මනුස්සයටනෙ මුන් මහ එකා කියන්නෙ.....

අපෙ එක්කනාට කියන්න ඕන ඔය ලමයින්ගෙ කටවල් හදන්න කියලා....කවදා හරි දවසක අපෙ පවුල් දෙක එකට එකතු උනහම මෙහෙම බෑනෙ....මෙහෙම ගියොත් නම් මොනරවිලලාටත් හැමනිලාම යයි ඇයි අනේ...

පසනා ඔය අංකරෙ නවත්තලා බෑග් එක දාගනු.....කාගන්න එකේ සීමාවක් නෑ ඇයි යකො....සයුරියා ආ...මේකෙන් මල්ලිටත් අරන් දියන්....පසනා අක්කට කියලා මොනවා හරි ගනින්..කෝ මේ බලන්ඩ මූන....පියරු හැමතැනම...

පප්පෙ ටයි එකෙ ගැටේ බාන්ඩකො....

ගවුම ඔක්කොම පොඩි කරන් ...හිටගනින්....මදිනවටත් පාඩුයි....බෙල්ට් එක හැලෙන්නෙ මොකද....

මේකි ඔය රැපට අදින්නෙ තාත්තෙ....

රැප මං කියන්නෙ නෑ තොට...හුස්ම ගන්ඩ බෑ පප්පෙ...

අපි උන්නෙ විජිතෙ ඉස්සරහා....රතු ටයි බැදගත්ත ලමයි තනිකරම කොක්කු වගේ... වලාකුලින් පාට ඉල්ලන් වගේ ඇදන් උන්න ඉස්කෝල ඇදුම් සුදට සුදෙ බබලනවා.....ගේට්ටු දෙපැත්තෙන් පාර අයිනෙ පෝලිමට එන ළමයි එක පෙලට විජිතෙට හැරෙනවා...

තනිම රතු පාට ලොකු බෝර්ඩ් එකෙ ලොකු අකුරෙන් ගහලා තිබුන මැදි විදුහල මාතර දික්වැල්ල කියලා තිබුන අකුරු ලා සැර ඉර අව්වත් එක්ක දිලිසනකොට මං මගෙ අලුත් ඉස්කෝලේ දිහා බයෙන් වගේම හරි අමුතු හැගීමකින් බලාගන උන්නා....

බන්ඩාර වෙල වගේ නෙවෙ.....මෙහෙ තියෙන්නෙ තනි යුනිෆෝම් .....සීතල කදුපන්ති අතරෙ තිබුන සෙන්ට්‍රල් එකට යනකොට මාත් කානුවත් ගියෙ ඉහෙ ඉදන් පාදාන්තෙ වෙනකම්ම වහගන.....උඩට අත්කොට ස්ව්ටර් එක ඇදලා...කානුවට නම් අයිස් කැප් එකක් පවා ඇන්දුව්වා..පාන්දර සීතලට කන් කැක්කුම එයි කියලා අප්පච්චි සෑහෙන කාලයක් යනකන් මටත් තොප්පි ඇන්දෙව්වා.....ඒත් මෙහෙ...මෙහෙ ඒ කිසි දෙයක් නෑ...විජිතෙ!!මගෙ අලුත් ඉස්කෝලේ ...

මන් උන්නෙ ඉස්කෝලෙ දිහා බලාගන වෙද්දි මෙච්චර වෙලාම කා කොටාගත්ත සයුරියත් පසනත් ඉස්කෝලෙ ලන් වෙනවත් එක්කම පැත්තක තිබ්බ බෑග් කරෙ දාගන බහින්න ලෑස්ති වෙනකොට මගෙ හැන්දා උන් දෙන්නගෙම මූනවල් පිහ දැම්මා.....පොඩි වෙච්ච යුනිෆෝම් හැදුවා...මූන පුරා පියරු කියලා උන්ගෙ මූනු පොඩි පිහ දැම්මා....කොච්චර බැන්න උනත් බාශාව තද උනත් මොකද මගෙ සුදු අයියා හැසිරුනේම තනිකරම අප්පච්චි කෙනෙක් ගානට.....

ඉනෙ බැදන් උන්න පොකට් ගොඩක් පිරුන පර්ස් එකෙන් සීයෙ කොල දෙක තුනක් ගත්ත එයා සයුරියා අතට මිටමොලවලා පසනටත් එක්ක කන්න අරන් දෙන්න කියලා ආයමත් සීයෙ කොලයක් අරන් එ අතට මිට මොලවලා බඩ පිරෙන්ඩ කන්ඩ කිව්වා

බඩ පිරෙන්ඩ කන්ඩ ඕනා තේරුනාද...පප්පා දවල්ට එක්ක යන්ඩ එන්නම්...

පප්පෙ...අර අංජනයා ගහනවනෙ.....

ගැහුවොත් උඹත් ගහපන්..අඩාගන ගෙදර එන්නෙ නැතුව.....හ්ම් ..පරිස්සමින් ගිහින් එන්ඩ ..සයුරි මල්ලිව පන්තියට එක්ක යනො හරිය...

කැතයො ඔහෙ එන්නෙ නෑ....

එනවා...

ආන්..අර කිරියා ඉන්නවා.....අපෙ අප්පො...මූද කොහෙද අද පිපෙට්ට ඉන්නෙ...ඌ හෙඩ් පිපෙට් අයියනෙ....පප්පෙ යනෝ ටටා....එක්ක යන්ඩ එනකොට පසනට බඩුවක් ගේන්ඩ තාත්තෙ....

මං බලාගන උන්නා...සයුරියගෙ අතෙ එල්ලුන පසනා අර ළමයි ගොඩට එකතු උනා... කිව්වත් වගේ කිරියා ඉන්නවා....

ලමයි පිරුන ගේට්ටුව ගාව අත්දෙක සාක්කුවෙ ඔබාගන උනන් කිරියව මන් දැනුයි දැක්කෙ.....

සුදුම සුදු අත්දිට ශර්ට් එක යටකරලා ටයිපොල්ල බැදන් සක්කුවෙ බැජත් ගහන් උන්න කිරියාගෙ තිබුන් කාඩ පාටට මොනා උනාද මටවත් හොයන්න බැරි උනා....ඊයෙ හවස් යාමෙ වෙනකම්ම කොන්ඩෙට අමුතු විපරියාසයක් කරන් උන්න කිරියා කොන්ඩෙ පැත්තට පීරලා උන්න හැටියට මේකම ඊයෙ උන්නෙ කියල මට හොයන්නත් බැරි උනා...

සුදු චූටි.....

අයියෙ...

කෝ බලන්ඩ ඔහෙගෙ මුන.....

මං එයාගෙ පැත්ත හැරුනා...අනේ එයා මගෙ මුන පිහනවා...පැත්තට පීරලා තිබුන කොන්ඩෙ අවුල් වෙලාය කියල හිතෙන තැන් හදනවා..මගෙ ඇදුම හදනවා...හරියටම සයුරියව පසනව හැදුවා වගේ මේ ආදර සමුද්‍රෙ මාවත් නොදරුවෙක් හා සමානව ආපිට ඒ අත්වලින් පිලිවල කරනකොට මං බලාගන උන්නා.....

මැනිකෙ....ආ මේක.....මේක සුදු චූටිට...බඩ පිරෙන්ඩ මොනවා හරි අරගන කන්ඩ හරිය....

අයියෙ අප්පච්චි සල්ලි දුන්නනෙ....

ආ ඒකට කාරි නෑ.....මේක තියාගන්ඩ....මයෙ අම්මට කීයක්වත් නොදී යවන්නෙ කොහොමයි කියාපල්ලකො පනෙ...කෝ අත දියල්ලා.....මයෙ සීදේවිත් ඔය මොකක් හරි කඩචෝරුවක් කන්ඩ...යාලුවො හම්බෙයි දැන් හුගක් ඔහෙට....උන් කනකොට මයෙ එකා කට දිහා බලන් ඉන්ඩයි ආය...

අනේ...මෙච්චර ...එපා අයියෙ....

සීදේවි ගනිල්ලකො රත්තරනෙ...පප්පා ආදරෙන්නෙ දෙන්නෙ මයෙ කොල්ලට....උඹත් මට දරුවෙක් වගේ අමාකර...මං කිව්වනෙ සුදු චූටි මං ඔහෙට ආදරෙ කරන්නෙ මගෙ දරුවෙක් ගානට....මයෙ ළමයා තාම නොදරුවෙක් මගෙ ඇස් වලට....උඹලා දන්නවනෙ පනෙ....අම්ම අප්පලගෙ ඇස් වලට ළමයි කවදාවත් ලොකු වෙන්නෙ නෑ කියලා ...කෝ මුරන්ඩු නොකර අත අල්ලපල්ලා.....මයෙ කොල්ලා කැමති දෙයක් කාපල්ලා...

මගෙ පපුවත් එක්ක මොකක්ද වෙලා ගියා.....මට දුක හිතුනා...පසනට සයුරියගෙ අතට සල්ලි කොල අහුරක් මිට මෙලෙව්වා වගේ එයා මගෙ අතට සීයෙ කොලයක්වත් පනහෙ කොලයක්වත් නොතියා කෙලින්ම පන්සීයක් තියනකොට මට ඒක ගන්න බෑමයි කියලා කිව්වත් මොකද අවසානෙදි මට ඒ වචන ගාවදි පරදින්න සිද්ද උනා.....

අවසානෙදි මගෙ අත උඩ පන්සියෙ කොලයක් ගුලිවෙලා යද්දි මං මගෙ අතට මිටමොලවාපු අඒ ගොරෝසු අත් වල අල්ල මගෙ ඇගිලි වලින් පිරිමැද්ද....

දැල් ඇදලා....අයිස් කුට්ටි අතගහලා....බෝට්ටු වලට අතගහලා අ මේ අත් කොස් කටු වගේ ගොරහැඩි වෙලා ගිහිල්ලා.....

මට මෙච්චර එපා අයියෙ.....රෑ එලිවෙනකන් නිදිමරන එක ලේසි නෑ සමුද්‍ර...නිදිමරාගන හොයන රුපියල උනත් කොච්චර වටිනවද....මං අහිතක් හිතන්නෙ නෑ මගෙ අයියෙ.....මෙච්චර මහන්සිවෙලා දෙන සල්ලි මට වගේ වගක් නැතුව නාස්ති කරන්න බෑ අයියෙ....මෙතන තියෙන්නෙ පන්සීයෙ කොලයක් උනාට...මේන් ඉඹල බලපන් මගෙ ඉන්ධීවර්..මේ කොලෙ පුරාවටම තියෙන්නෙ මගෙ සුදු අයියගෙ දාඩිය සුවද.....

කඩචෝරුවකට මට මේ දාඩිය සුවද මාරු කරන්න ඈ සුදු අයියෙ ...

මයෙ අම්මෙ මක්කදයි පනෙ මේ...මං ඕක දුන්නෙ හිත සතුටින්නෙ රත්තරනෙ .....අර පසනටත් දුන්නෙ.....

මං ඒ තරම් පුංචි එකෙක් නෙවෙ සමුද්‍ර....ආදරෙ වැඩි උනහම මං ආසයි සුදු අයියට තුරුල් වෙන්න...හුරතල් වෙන්න...ඒත්...මං ඒ තරම්ම පුංචි එකෙක් නෙවෙ අයියෙ...දකින දකින දේ ඉල්ලන්න මට හිතක් නෑ.....මට තියන දෙයින් මාව සතුටින් තියන්න පුලුවන් සමුද්‍ර...

.......

ඉන්ධීවර් ...මගෙ අම්ඹරෙ....උඹව මට ලැබීමම ඇති මගෙ සුදු අයියෙ....කඩචොරුවකට මට මේ දාඩිය් සුවද හුවමාරු කරන්න ලෝබයි....තරහ නැත්තන් මං මේක එකතු කරගන්නද අයියෙ....

එයා මගෙ දිහා බලාගන ඉන්නවා.....මං කියන වචනයක් වචනයක් පාසම ඇහිපිල්ලමක් වත් නොගහම මගෙ ආදර පැටියා අහන් ඉන්නවා...

මටදුක හිතුනා..ලෝබ හිතුනා....මගෙ අප්පච්චි දෙන කීයෙන් උනත් හරි අඩක් ආපිට ඉතුරු කරන මට එයාගෙ දාඩිය සුවදත් කඩචෝරුවකට හිලව් කරන්න හිත හදාගන්න බැරි වෙද්දි මං එයාගෙන් මේ සල්ලි ඉතුරු කරන්නද අහනකොට මගෙ දිහා තත්පර ගානක් බලාගන උන්න එයා මගෙ අත අතගෑවා...

සුදු චූටි ඔහෙ අප්පච්චි දෙන සල්ලිත් ඉතුරු කරනවයි මැනිකෙ....

හු..ම්...ඔව්නෙ....

ඒවා කාටද...ඔහෙ ඒවායින් මක්කද කරන්නෙ....

මක්කවත් නෑ අනෙ...

එහෙනම්....

ඒවා අපෙ අප්පච්චිටම තමයි ..පව්නෙ...මට දුක හිතෙනවනෙ .....දන්නවද අයියෙ අප්පච්චි කවදාවත් මං ඉල්ලන දෙයක් මෙ වෙනකන් අරන් දෙන්න බෑ කියලා නෑ සමුද්‍ර.....අප්පච්චි අරකට ආසයි කියන්න විතරයි ඕන...මගෙ අප්පච්චි නිදිමරන් හරි මට ඕක ගෙනත් දෙනවා...මට තවම දහ අටයි...හම්බ කරලා දෙන්න බැරි උනත්...මට පුලුවන්නෙ අයියෙ නහස්ති නොකර ඉන්න....

හුගක් දේවල් ඉල්ලන එකෙන් වෙන්නෙ අප්පච්චි හුගක් මහන්සි වෙන එක...මට දුකයි...මගෙ හිත රිදෙනවා...මට ඕනෙ මගෙ අප්පච්චිගෙ ඇස් හැමදාම සුදු පාටට දිලිසනව බලන්න සමුද්‍ර ....

මට තවම මතකයි උන ගැනිලා ඉන්නකොට චූටි කාලෙ කට කාරවන හන්දා අඹ ගෙඩියක් ඉල්ලුව...අනෙ පහු දා මගෙ අප්පච්චි මට අඹගෙඩියට අඹ ගෝනියක් ගෙනල්ල දුන්නා....

හරියටම ...සමුද්‍ර ඔය වගේ...මුරුක්කුවක් කන්න ආසයි කිව්ව එකට ගෝනියක් ගෙනත් දෙනවා.....

අයියෙ අප්පච්චි ලා කියන්නෙ.....අපි කෙන්දක තරන් දෙයක් ඉල්ලුවම කෙන්ද කන්ද කරන සද්දන්ත කුලෙ ආදර පිරිමි පරාන වලට.....ඉන්ධීවර් ....උඹත් ඒ තැන ඉන්නවා මගෙ සුදු අයියෙ...

මෙ ඇස් බොරපාට වෙනකොට මට රිදෙනවා...ඒකට නේද අයියෙ ආදර්‍ර් කියන්නෙ...මගෙ අප්පච්චි කිව්වා ආදරෙ කරනකොට කන්නාඩියක් වගේ මනුස්සයෙක්ට ආදරෙ කරන්න කියලා .....මම උඹගෙ කකුල් අල්ලා වදිනකොට කිව්වෙ අප්පච්චි වදින ගාතාව...

මට උඹගෙන් අප්පච්චි දැනෙනකොට ...ඉන්ධීවර් මට ඕන උඹට කන්නාඩියක් වෙන්න....උඹගෙ ඇස් අඩනකොට මගෙ ඇස්තෙමෙන්න....මේ මුන පුරාවටම හිනාවක් ඇදෙනකොට මගෙ මූනෙත් හිනාවක් ඇදෙනවට.....

අමාකර....උඹගෙ මේ ලපටි හිත අස්සෙ මේ තරම් ආදරයක් කොයින්ද අමා....??මට කියපන් පනෙ....

...........මං හුගක් ආදරෙයි සුදු අයියෙ...මං මේක ඉතුරු කෙරුවොත් ඔයා මා එක්ක තරහා ගන්නෙ නෑනේද අයියෙ....සමුද්‍ර මං දෙයක් හරි ලොකුවට විශ්වාස කරනවා....අපෙ ජීවිත වලට එන මොන මනුස්සයම හරි එන්නෙ අපිට මොනවම හරි දෙයක් දෙන්න....එහෙව් මනුස්සයන්ට අපෙනුත් දෙයක් දෙන්නම ඕන සුදු අයියෙ...එහෙම නේද.....

මං එයා දිහා බලාගන උන්නා....ඒ ඇස් කෙවෙනවා...මං හිතන්නෙ මගෙ ආදර සමුදුර අඩන්න හදනවා.....එයාගෙත් මගෙත් අත් දෙක් තිබුනෙ තවමත් එකට පැටලිලා....මෙච්චර වෙලාම මගෙ ඇස් දිහා බලන් උන්න ඒ කෙවුන ඇස් වලින් අවසානෙදි ආදරෙ නාමෙන් උනාපු කදුලු කැටයක් මහ බරට මගෙ අත උඩට වැටිලා පහතට රූටාන ගියා....ආදර සමුදුරට බරම බර හුස්මක් පිට උනා...

මං හිතන්නෙ මං උඹට දුන්නෙ හරිම නම අමාකර....අම්ඹරේ....උඹ ඇත්තටම අම්ඹරයක් මගෙ සුදු චූටි...දන්නවයි මෙහෙව් පින්කාර පැටව් වදාපු ඒ දරු ගැබ හරි පින්කාරයි අමාකර...සුදු චූටි.....මයෙ රත්තරම.....මේ මාලුකාරයගෙ ජීවිතේ මලබැන්දෙම මහ මුහුදට....පිලිහිඩ්ඩට...කසිංජියට.....මං හැමදාම හිතුවෙ මේ හිතට ආදරෙ කියන්නෙ කරදියෙ පාවෙන මිරිගුවක් කියලා...

ඒත් දවසක් ආවා....මට හරි ලස්සන ඇස් දෙකක් හම්බ උනා....ආදරෙ පුරවගත්ත කෝලම් මල්ලක්...අමාකර...උඹ තනිකරම මේ මනුස්සයට ප්‍රදීපාගාරයක් මැනික...කට්ට කලුවර මහ රෑක මහ මුහුදට ඉහලින් පායන හද එලිය උඹ....

මයෙ අම්මෙ අමාකර මං උඹලට නොසෑහෙන්න ආදරෙයි පනෙ....මන් පොරොන්දු උනා...පැටියව මං අප්පච්චි වගේ බලාගන්නවයි කියලා ...දවසක අප්පච්චි කියන වැටකඩුල්ල පන්නන දවස වෙනකන් මං උඹව මගෙන් වත් ඉදුල් නොකර රකිනවා සුදු චූටි....මයෙ කොල්ලට දෙවොල් පිහිටයි....

අමාකර....ස්තූතියි ,මේ කසිංජි සුවද ගහන මාලුකාරයා වෙනුවෙන් ඉපදුනාට...!!

ඉන්..ධීවර්....

මන් උඹට ආදරෙයි.....ඔහෙගෙ පප්පා දන්නෙ නෑ මැනික මේලෝකෙ කොයො තරම් මිනිස්සු ඉන්නවදයි කියලා...මිලියන ගනන්....බිලියන ගනන් වෙන්න ඇති....ඒත් ඒ බිලියන ගානෙන් මගෙ හිත පේවෙලා තියෙන්නෙ මෙ හද එලිය වෙනුවෙන්මයි අමා.....මට මුලු සංසාරෙම උඹත් එක්ක ගෙවන්න ඕන මැනික.....

මට ඇඩෙන්න වගේ...මේ ඉන්නෙ මගෙ කුලුදුල්ම ආදරෙ....වචන කඩ කඩ කතා කරන මේ ආදර මුහුදු සුවද ගේන ධීවර කොල්ලා මාව ආදරෙන් හෙම්බත් කරවනකොට මගෙ හිත මේ ආදර බන අහලා මටත් නොදැනි සෝවාන් උනා....මගෙ කුලුදුල් ප්‍රේමයට දෙන්න පුලුවන් බරසාරම වචන පදක්කම් ගොඩක් එක්ක එයා මාව වර්නනා කරනකොට මං හරි ලෝබ කමින් මේ පිරිමි පරානෙ දිහා බලාගන උන්නා...

ඉන්ධීවර්.....සුදු අයියෙ....උඹ වෙනුවෙන් හැමදාමත් මගෙ ආදර නහර පනගහාවි.....උඹ වෙනුවෙන් හැමදාමත් මගෙ අතින් ආදර වචන ලියවෙයි...පරිස්සමින් ගිහින් එන්න අයියෙ....

මං හිනා උනා.....එයාගෙ අත හරි පරිස්සමට පිරිමැදපු මං එයා මගෙ අතට ගුලිකරාපු පන්සීය එයාවනුවෙන් පර්ස් එකෙ වෙනම ඉඩක පදිංචි කරලා වාහනෙන් එලියට බැහැල දොර වැහුවා.....

සුදු චූටි...

අයියෙ....

අක්කලා එනවයි ....

හවස් වෙයි...

ඔහෙව එක්ක යන්න එනෝ...මෙතනට එන්ඩ හරිය...

අනෙ පැංචො....ඔහෙ එනවයි....

හ්ම්ම්.....එන්නම් ඉතින්...මගෙනෙ...ඇතුලට යන්ඩ සුදු චූටි පප්පා යන්නම්....

යන්නම් කියන්න එපානෙ පප්පෙ.....ගිහින් එන්නම් කියන්න...පරිස්සමින් ගිහින් එන්න තෙරුවන් සරනයි ඉන්ධීවර් ...

පරිස්සමින් ගිහින් එන්නම් ...මයෙ මැනිකටත් තෙරුවන් සරනයි!

"සංසාරයෙ මා හමු වී තියෙදෝ..."

එයා යන්න ගියා.....හැන්නදිගෙ කියලා ගහපු ෆීසර් ලොරිය මාවත් පහු කරන් යන්න ගියා..හැබැයි අද ඒ හුලගෙ වෙනසක් තිබුනා.....වෙනදට ලාවට වගෙ එන පිලී සුවශම්ද වෙනුවට අද මාවත් පහු කරාන ගියපු හීන් හුලන් රැල්ලෙ පුරාවටම ආදර සුවද පැතිරිලා තිබුනා.....!!!

ඉතින් මේ තියෙන්නෙ මගෙ ආදරෙ....දෑතින් විතරක් නෙවෙ මුලු ආත්මෙන්ම තදින්ම මගෙ පපුවට තද කරගත්ත සම්මතේට කුද ගගන්නයි කියලා පටන් ගත්ත මගෙ ප්‍රේමසජ්ජායනෙ.....!

මගෙ කුලුදුලේම ආදරෙ දයාබර ඉන්ධීවර උඹට තිස්තුන් කෝටියක් දෙවියන්ගෙම පිහිට ලැබෙන්න ඕන අයියෙ මගෙ අප්පච්චි ට වගේම..ප්‍රවේසමෙන්...උඹ එනකන් මේ කොල්ලා බලන් ඉන්නවා.....

එ...ඒහ්...මල්ලි මොකො උඹගෙ කලිසම පහලට රූටන්නෙ....මොකො ඉන තියෙන්නෙ පුකේද....ඔය ඇහිබැම දෑකැති වගේ තියන නංගි...මොකො කොන්ඩෙ කෑලි....එහෙන් පැනලා මෙහෙන් පැනලා මොකො කොහෙ යනගමන්ද...ඔය චුයින්ගම් හපන එකා....මොකද ඔය කොන්ඩෙ අව්වට දිලිසන්නෙ...මහ එකා හුරුල්ලෙක්ද ?

.

අ..අනෙ..අයියෙ....ම..මං මන් යාලු මනමාලියෙක්ට උන්නනෙ...

ඔහෙ ගියෙ යාලු මනමාලිට මිසක් මනමාලිට නෙවෙනෙ....ඉශාරා අක්කා ගාවට යන්ඩ...ඉශාරා මේ ලමයව බලන්ඩ.....යකො තව ටික දවසකින් අයියෙ අරක උනානෙ මේක උනානෙ ගාන් තවත් මොනා හරි කරන් එයි... හෙට අනිද්දා මනමාලිට බබා හම්බුනා කියලා බෙඩ් ජැකට් එකක් ඇදන් වරෙන් නංගි.....

කිරියා.....කිරියට යකා වැහිලා.....වෙලාව හතයි දහයයි...අතෙ තිබුන අත් ඔරලෝසුවෙන් වෙලාව බල බල ඇතුලට එන ලමයිගෙ විනය තදටම බලන කිරියව දැක්ක ගමන් මට මතක් උනේම විනය බාර් සර් ව....අමොර්...අමොර්.....විනය බාර....

කල්පන අයියෙ...

ට....ම සිරි නිලමෙ....ඔහෙ දැන්දයි ආවෙ..මන් අද ඩියුටි බොසා... උදෙම්ම ආවා කියකො බොල.....නිදිමතේ බෑ...යකො..... ...ඩිපියුටියා ටූනමන්ට් එකකට ගිහින් මේ කැරි....යා...පාන්දරනෙ....අම්...මෙ කිවේ.....මට නේද ඉතින් ආ...ය...

ඔහෙ ...කා එක්කද ආවෙ .....ස්කීපර් අයියා එක්කනෙ??

ඔව්.....

එලම...එලම.....නිලමෙ සෙක්ශන් එක?කලාවෙ කිව්වා නේ...

ඔ..ව්....

එලම...අපෙ එකෙ....නිලමෙ වන් මිනිට් හරිය ඒහ්....ටිරෝනයා.....ටික්කා මෙහෙ වරෙන් ටිකක්....

බෑග් එකත් එක උරහෙක දාන් උන්න මං බලාගන උන්නා...අනිත් උන්ගෙ ඇහේ ඉදන් පාදන්තෙ දක්වා බලපු කිරියා නෙවෙ මට ආට ඇදක් කුදක් කිව්වෙ...එතනම උන්න තවත් බැජෙක්ට කතා කරපු කිරියා අර කොල්ලව අපි ඉන්න තැනට ගෙන්න ගත්තා...

කල්ප අයියා....

හතයි විස්සට ගේට් එක වහපන්...හරිය...ආය අරක මේක උනා ගාන් ආවට ගන්ඩ එපා.....ඔක්කොම දාපන් පූල් එක තියන කෑල්ලට එතන අතුගාලා නෑ පරක්කු වෙලා එන උන් ලව්වා එතන අතුගාපන්..මං අපෙ නිලමෙ එක්ක ස්කූල් විසිට් එකක් දාල එන්නම්..බුවා අලුත්...

නිලමෙ....කිව්වෙ....

මං බලාගන අරකොල්ලා මගෙ උඩ ඉදන් යටටම බලාගන ඉන්නවා...මගෙ මූන දිහා බලන් උන්න ඒකගෙ කටත් ඇරුනා...ඇයි යකො මූ.එලුවො කොස්කොල දිහා බලන්න වගේනෙ බලන් ඉන්නෙ....මගෙ ශිප් එකවත් ඇරිලා ලේන් පැංචව එලියට ඇවිත්දෝ???වෙන්න බෑ එහෙම උනානම් ලේන් හොටේට හීතලක් වදිනවනෙ...

ආ නිලමෙ කිව්වෙ මේ අලුත් ඕයිසි බුවාගෙ පලවෙනි පුත්‍ර රත්නෙ...අපෙ අම්මගෙ කසාද මනුස්සයගෙ මුල් පඩියෙ ...මුන් නුවර ඈයො....ඔක්කොම ආය උඩරට රාජ්‍යෙන් සංක්‍රමනය උන සෙට් එකක්....නිලමෙ මක්කයි කිව්වා ඔහෙගෙ කලින් ඉස්කෝලේ

බන්ඩාරවෙල සෙන්ට්‍රල් එක....

ටම හිකෙ....මෙක ඩේලියා මලක්ද කල්පයියා....ඒක තමයි මාත් බැලුවා මේ සුදු අප්පුව කව්ද කියලා...මූ රාබු අලයක් වගේ අඩෙ...නිලමෙ මං ටික්කා.....කල්පයගෙ බොක්ක අපෙත් බොක්ක තමා ආය... බොක්ක බැරි නම් කොල බොක්ක දරු බොක්ක ඕන පුකක් ආය ඈ...

ඔහෙ බය වෙන්ඩ එපා....මේක අපෙ රාජ්ජෙ වගෙ තමා..ඔහෙට මොකක් හරි කේස් එකක් ආවොත් පිනා ගාවට යන්ඩ එපා..මූ ගාවට යන්ඩ..මූ තමා පිනා....නිලමෙ පපුව හොද එකෙක් නෙ කල්පයා....

ආ...යෙත් අහල...මුගෙ පපුව නෙමෙ ඕකොම හොදයි....අවුලකට තියෙන්නෙ නුවර ලබ්බක් මතුරන එක...ඒ කියලා මූව අහක් කරන්ඩ පුලුවන්ද කියපිය...කෝ...ආය...බෑනෙ....

නිලමෙලාට ටිකිරි කුමාරයෙක් ඉන්නවා..ඌ නෑ අද....

ට්...කිරි කුමාරයා...කව්ද කල්ප ටිකිරි කුමාරයා....

මං උන්නෙ කටත් ඇරන්.....මගෙ කට තනිකරම මෝය කටක් වගේ ඇරිලා ගියා.....අරුන් දෙන්නා මගෙ ඉහෙ ඉදන් පාදාන්තෙ වෙනකන් බල බල මට නිලමෙ නිලමෙ කිව්වා මදිවට මන් බන්ඩාර වෙලින් කිව්වා විතරයි ටිරෝනයා මට සුදු අප්පුවා කිව්ව...අනෙ මට එකපාරම කන්නාඩි කුට්ටමක් දාගන හැරමිටියක් අතේ තියන් ඉන්න සුදුපාට හාවෙක් මතක් උනා...ඌ බස්තමක් තියන් ඉන්නෙ මොන මගුලටද මන්දන්නෙ නෑ...අරූ මට සුදු අප්පුවා කිව්ව විතරයි මට මතක් උනෙ එහෙම දෙයක් වෙද්දි කල්පයා කුමාරයෙක් ගැන කිව්වා.....නිකන් නෙවෙ ටිකිරි කුමාරයෙක්....මොන ටිකිරිද දන්නෙ නෑ...මැලිබන් ටිකිරි වෙන්න ඇති...

ඔහෙලගෙ අර කානුවා....ඔහෙ නිලමෙ ඒකා ටිකිරි කුමාරයා...ඔහෙලගෙ අක්කා ඇවිදින් උලකුඩය දේවි...මහ එකා සපුමල් කුමාරයා....ඇයි ඉතින් ඔහෙ කොච්චරවත් දොඩන්නෙ නුවර ලබ්බනෙ නිලමෙ....

ටහික්....සිරාවටම...මේකට සහලවම නුවර ඌස්නෙද...?

තව ටිකෙන් බලකෝ....මෙලෙස කෙලෙස තමයි ,අනෙ හුයියෙ...අපි ඥුව....ර යැයි යැයි.....මේක නුවර බිබිකමක්...මූ හෙන හුරතල් අඩේ මෙහෙම උන්නට...මූව කටෙ දාගන්න හිතෙනො...පපුව හොද බුවෙක්....

මට නිකන් මඥ්ඥ්න් වගෙ.....මට නිලමෙ කියපු කිරියා අපෙ කානුවට ටිකිරි කුමාරයා කියලා අම්මටයි අප්පච්චි ටයි උලකුඩය දේවියි සපුමල් කුමාරයයි කියනකොටම මොන රෙද්දටද මන්දා මට අපෙ අම්මගෙ ඔලුව උඩ උල් වෙච්ච කුඩයක් තියනව මැවිලා පෙනුනා...ඒ මදිවට අප්පච්චිගෙ ඔලුව වටෙ මල් පිපිලා තිබුන.....

ශික්කෙ...ඒ මොන නම නින්දාවක්ද ඒ.....

අපෙ අම්මා ඔය උල් වෙච්ච කුඩයක් නෙවෙ....උලකුඩය...කැත ඒ නමෙ...ශාර්ප් අම්බ්‍ර්‍ර්ල්ලා!!

මං ඉක්මනට කිරියා දිහා බැලුවා...අනික උලකුඩය දේවිට වඩා අපෙ අම්මා ලස්සනයි....කිරියට කියන්න ඕන අපෙ අම්මටයි අප්පච්චි ටයි එක එක නම් හදන්න එපාය කියලා....මං යන්නෙ නෑනෙ එයාලගෙ අම්මටයි අප්පච්චි ටයි නම් හදන්න ...අපෙ අම්මා මැනිකෙ කෙනෙක්...උල් වෙච්ච බිසවක් වෙන්න ඕන නැ.....අනික ඔය ඒකාලෙ උන්න රජ්වරු හෙන වනචරයි පාරෙ දකින දකින ගෑනිව add to cart ඇයි යකො...අපෙ අප්පච්චි එහෙම නැ.....මැරුනත් මොනරි විතරයි.....

.

කල්ප.....

නිලමෙ...වට් කේස්.....

මට නිලමෙ කිව්වට අවුලක් නෑ...ඒත් අපෙ අප්පච්චි ටයි අම්මටයි එහෙම කියන්න එපා....ඔයා දන්නවනෙ අපෙ අම්මලා මැනිකෙ කෙනෙක්...අපි නුවර මිනිස්සු...දෙමව්පිටන්ට එහෙම අපහස කරන්නෙ නෑ....

ටම...හිකිලා...ඔන්න ඇහුනනෙ ටික්කා...මං කිව්වෙ....නුවර ලබ්බ උඩ ගහනො කියලා....එහෙනම් ඔහෙලගෙ අක්කට උන්මාද ච්ත්‍රා කියන්නද...ඒක නම් කොහොමත් උන්මාද චිත්‍රම තමයි.....ඇයි අඩෙ ළමයි තුනක් ඉන්නවා කියන්ඩ බෑ....උන්මාද චිත්‍රයි දීඝගාමිනියි කියන්නම්.....හරි....

මං නෙවෙ මීක් කිව්වෙ...මුන්ට කිව්වත් එන්න එන්න වැඩිවෙනවා මිසක් අඩුවක් නැති හන්දා මං කටපියන් උන්නා...කොහොමත් අපෙ අප්පච්චිට දීඝ ගාමිනි කියන එක වරදක් නෑ...අපෙ අප්පච්චි ත් අම්මව අරන් පැනලනෙ ගියෙ....මොනර පරම්පරාව අප්පච්චි ට දෙන්නෙ නෑ කියල වලව්වෙ දාන් උන්නට ඔය යස අගේට අප්පච්චි අම්මව අරන් ගිහින් මාවත් හම්බකරගත්තෙ...කමක් නෑ ඒ නම සාදාරනයි....

නිලමෙ එනෝ.... ටික්කා බලපන්....මං නිලමෙ එක්ක ස්කූල් විසිටක් දාලා එන්නම්.....

ඔලුව වනපු මං ටික්කටත් හිනාවක් දාලා එහෙම්ම කිරියා පස්සෙන් ඇතුලට ආවා...

මැදි විදුහල දික්වැල්ල...

කොලම කොලපාට තනකොල බිස්සක් මැද ලොකු අකුරෙන් ලිය උන ඉස්කෝලෙ නම අරලිය මල් යායක් මැද දිලිසෙනවා...

...අරලිය මල් යාංගයයි...අරලිය සුවදයි.....

ගේට්ටු පියන්වලින් ඇතුලට ආවත් එක්කම මං මුලින්ම දැක්කෙ ඔය දසුන.....සුදෝ සුදුවට පිපුන අරලියා යාංගෙ මැද දිලිසෙන ඉස්කෝල නම....

ඉන්ග්‍රීසි වී කුරක් ගෙත්තම් උන රතුටයි පටි බැදපු ළමයි අර අරලිය යාංගෙ යටින් එහා මෙහා යනවා.....බන්ඩාර වෙලට වඩා හාත්පසිම්ම වෙනස්....ඉස්කෝලේ වහන් තිබුන මීදුම් දුමාරය වෙනුවට අරලියා යාංගෙ අතුපතරින් පෙරීගන ආව නාඹර දිනකර රැලි විජිතෙම පාට කෙරුවා....

ඒ විතරක් නෙවෙ සම්බුදු තෙමගුලට එල්ලපු තනිම සුදු පාට වෙසක් කූඩු එකම ගානට අර හුලන් රැල්ලත් එක්ක තාලෙට නැලවෙන ගමන් උන්නා....

දහසක් මල් සුවද වෙනුවට අරලියාවෙන් කාන්දු වෙන හිතම නිවෙන දැනෙන නොදැනෙන මල් සුවද මල්වර නොවුන සුලන් කැරලි එක්ක ඈත දේශදීපන්කරේකට යන්න යනකොට මට ඉස්සරහා උන කිරියා අත දික් කර කර මට එක එක එව්වා පෙන්නුවා.....

නිලමෙ....ආන් අතන ප්‍රයිමරිය...ටිකිරියා කීය වසරෙද...

එකෙ....

හරි...බඩු අතන.....එකේ ක්ලාස් හතරක් තියනවා....අපෙ පසනා..සයුරියා ඔය ඔක්කොම ඉන්නෙ ඔය හරියෙ හරිය....ටිකිරියව බලන්ඩ ඕනා නම් මෙහෙන් ගියහම හරි ....

නිලමෙ මෙහෙ මොනවා හරි අමතර දෙයක් කරන්ඩ ඕන ස්පෝර්ට් මොනවා හරි...නිලමෙට ඇහැක් දෙයක් තියේද....හැබැයි නිලමෙ අලුත් හන්දා අවුලක් නෑ...බකට් සබ් මොනාද.....චිත්‍ර නැටුම් සන්ගිතෙ මොනාද.....නිලමෙ ඔතනින් හැරිලා උඩට.....

කිරියා කියවනවා.....ඉස්කෝලේ සිරි නරඹන මන් හූ මිටි තියනවා..

ළමයි විමානයයි...එහාට යනවා මෙහාට යනවා...පොඩි උන් දුවනවා.....කෙල්ලො.කට්ටි ගැහිලා තැන් තැන් වල ඉදන් කිචි බිචි ගානකොට මං බලාගන කොල්ලො දෙතුන් දෙනෙක් පැනිපාට ක්‍රිකට් කිට පිටින් තවත් කොහෙටද යනවා....ඒ අස්සෙන් කිරියා අහනවා සබ්ජෙක්ට් මොනවද කියලා ...

මියුසික්....

අප්පට..එලම එලම ඈ....සින්දු කියන්ඩද...නැත්තන් මොකක් හරි බඩුවක් ගහන්නද?

බ්...බ් බඩුවක් ගහන්න.....

අඩේ..අඩේ...නෑ...නෑ බොසා..... මං අහන්නෙ instrument එකක් ප්ලේ කරන්න පුලුවන්ද ....වෙස්ටර්න් බෑන්ඩ් එකට දාගන්න පුලුවන් ....මෙහෙ සංගීත සාජ්ජනම් ලෙසටම යනවා ඈ....මාත් වෙස්ටර්න් එකේ ඉන්නවා....අග්නි ඔපෙරා මොනාද බොසා විජිතෙ එක්ක බලනකොට ....

බොක්ස් ගිටාර්....සින්දු කියන්නත් පුලුවන් ....

ටම...එලම නිලමෙ..නිලමේ එලකොල්ලෙක් හරක් හොරෙක්නෙ....මේ ඔහෙ ඔය බෑග් එක මෙතනින් තියලා මා එක්ක එනෝ...

කොහෙද ...

පැවිලියන් එකට....අපෙ වෙස්ටර්න් එකෙ උන් මේ ටිකෙ ස්කූල් ඩේ එකට ලෑස්ති වෙනෝ....walk එකකුත් තියෙනො...ඔහෙට බොක්ස් ප්ලේ කරන්න පුලුවන් නම් දාගන්න ...එනෝ එනෝ...

මාව නිකන් කරකවා ඇතෑරියා වගෙ.....එහෙන් ඉස්කෝලේ බෙල් එක වැදුනා...ඒත් කිරියට නෙවෙ ගානක් උනේ...මුලු ඉස්කෝලේ පුරාවටම පිපුන අරලියාවටම ගැලපෙන්න බාල්ක පුරාවටම එල්ලා තිබුන වෙසක් කූඩු මගෙ හිතට හරි නිවෙන හැගිමක් එකතු කෙරුවා....ඒක මට කියන්න තේරෙන්නෙ නෑ...රෝස මල් වල තරමට තදට නොදැනුනත් ඉදහිටක නාහෙට දැනෙන මේ අරලියාවෙ නිවෙන සුවදට අර වෙසක් හුලන් රැල්ල එකතු උනහම බුදුන් නොදැක උනත් නිවන් යන්න පුලුවන් නිවීමක් මගෙ පපුවෙ පැලපදියම් උනා.....

නිලමෙ....ආන් ඉන්නවා අර ඉන්නෙ එරන්දති මිස්...එයැයි තමයි අපෙ අලුත් නැටුම් ටීච හරිය.....ළඟදි ආවෙ....මීට කලින් තිස්සෙද කොහෙද උන්නෙ....අලුත් කිව්වට අලුත්ම නෑ....ඉස්කෝලෙම ක්‍රශ් එක.....අපිට ඉතින් බලන්ඩ විතරනෙ පුලුවන් ස්පර්ශය තහනම්නෙ නිලමෙ.....

ඒ අස්සෙන් පරන පාස්වර්ඩ් එකත් එනවා කියකො...මිරිගුවක් සොයා ගිහින් හැමනිලා ගියා තමයි...

මොන මොනවදො දහයක් ජාති දොඩවපු කිරියා ඇගිල්ල දික් කරපු දිහාවට මං මගෙ ඇස් හැරෙව්වා.....නැටුම් කාමරෙ අතුලෙදි මං එයා කියපු එරන්දතී මිස්ව දැක්කා...ගෙඩි ගහපු කොන්ඩයක් එක්ක තලෙලු පාට රූපයක්...හමේ පාටටම හරියන්න ඇදපු බතික් ඔසරියක් ඇදන් ප්ලීට් තියලා මහපු චූටි සාය කොටවලට ජීන්ස් ඇදපු කෙල්ලො ගොඩක් මැද තෙජිනි විරාජ කද දෙවි රාජ සින්දුවට එරන්දති චලන මවනවා...මගෙ ඇග හීතල වෙලා ගියා....ඒ එක්කම අපි ගාවින් කෙල්ලෙක් ගස්සවගන වගේ යන්න ගියා...

ඒ කව්ද කිරියා...තව ඩිංගෙන් මං කානුපල්ලෙ....

ආ මගෙ පරන පාස්වර්ඩ් එක....නිලමෙ අහල තියනවද...හෙඩා එක්ක යාලු උනහම සමහර එකීලා හැසිරෙන්නෙ ජනාධිපති එක්ක යාලු උනා වගෙ කියලා...ඕකිත් එහෙමයි...ඇයිබල නිල..මේ....එහෙම නටන්ඩ දෙන්ඩ පුලුවන් ද කියකො...එයැයි හදන්නෙ මාව අල්ලෙ නටවන්ඩ....මෙයැයි මේ එහෙම මල් චීත්ත වලට නැවෙනෙ එකෙක් නෙවෙ හරිය....එයැයිට එක නීතියක් අනිත් උන්ට වෙන නීතියක් බෑනෙ නිලමෙ...ඇරත් ඒකි මට හොරාවට ෆුට් බෝල් එකෙ කැපා එක්කත් යාලුවෙලා.....අනේඅනෙ..නිලමෙ...මට බෑ ඔය දන්සැල් වලට කරගහන්ඩ...ඔහෙ නම් මෙහෙ උන්ට අහුවෙනො නෙවෙ හරිය මන් කියනෝ ස්කීපර් අයියට..ඔහෙ එයැයිගෙ හරිය...හොමතගයු නිලමෙ...ආදරෙ වෙනයි...වේසකම වෙනයි ඕන්....

ප්..ප්..පිස්සුද....කල්ප...අපි එහෙම වටෙ යන අය නෙවෙ.....ඔහෙට මොන්ගල් ය ආය...අනෙ ඇත්තමයි කිරියා ඔහෙ මගෙ පප්පගෙ ඔලුවට විසපොවලා අපෙ මෙව්වා එක කඩනවා නෙවෙ ආ...පයිනෝ මූදෙ ඇයි යකො...මට මොකටද ආය වෙන උන්...ඔහෙත් හිකෙන කතා ඒයි කියන්නෙ.....ඔහෙ දන්නවනෙ කල්ප අපි නුවර මිනිස්සු .....වැදගත්කම තම ඔක්කොටම වඩා මුල...මං වටේ යන්නෙ නෑ...ඒක අපෙ වලව්වට හොද නෑ..ඔහෙට මේවා විහිලු ...

අමොර්..අමොර්...හිම්චි නිලමෙට තරහා ගිහිල්ලා...අනෙ අම්මෙ...ඔය නුවර ලබ්බ නවත්තපා.....න්න් මට පිටගැස්මට වගේ...

මෙච්චර වෙලාම නැටුම් කාමරෙ දිහාව බලාගන උන්න මං අනිත් පාර කියා එක්ක ඇරගන්න හැදුවා.....එරන්දති මිස් තෙජිනි විරාජෙ නටනකොට කිරියා එක්ක ඇරගන්න හදපු මාව එකා ඇදගන වගේ පැවිලියන් එකට ආවා...අනෙ මට ආසාවෙ බැරිව ගියා...

කිරියගෙ වචනෙ හරි...මේක තනිකරම ඔකෙස්ට්‍රාවක්...එක පැත්තක් හරි අඩක බොක්ස් ගිටාර්....තව පැත්තක සෙලෝ...වයලින්.... තව පැත්තක මැරකාස්.....බොන්ගො....මේක නම් සංගීතෙන් හැඩවුන දිව්‍ය විමානයක්දෙවියනෙ මටත් නොදැනිම මගෙ අතෙ ඇගිලි නලියන්න ගත්තා.....

කන්ඩක්ටර් එතඑහා මෙහා කර කර අර මුලු සේනාංකෙම පාලනෙ කරනකොට මං බලාගන උන්නා.....ගාලුපුරෙ සිරි...මෙච්චර කාලෙකට මං මේ ගාලුපුරෙ සිරිය ඇහුවෙ කැසට් එකකින් විතරයි ...ඒත් මේ ළමයි අද මගෙ ඉස්සරහා ගාලුසිරියට මෙ මොහොතෙ පන දෙනවා...

නිලමෙ ඔහෙ ට්කක් ඉන්ඩ මං සර් කෑල්ලට කතා කරලා එන්නම්.....

මං කරපු එකම දේ නම් ඔලුව හොලවපු එක විතරයි ....මන්දා මේ මුහුදු කරේට බයිලා කියන්නෙත් තනිකරම අමෘතයක් වගේ.....හැදි මාලිගාවෙ පැදුරු පාටි පුරාවටම තියෙන්නෙ මේ ගාලු සිරිය.....

මං හිතන්නෙ බොක්ස් ගිටාර්ම පනහක් විතර තිබුනා...මාව හිරිවැටෙනවා....පැවිලියන් එකපුරාවටම ගාලු පුරෙ අසිරිය කැරකෙනකොට මට ඉන්න කියලා ගියපු කිරියා ආපිට දුවන් ආවා...

නිලමෙ වර වර.....

ඇ..ඇයි කල්ප...

ඉදා මේක ගනින්.....ඔහෙල නුවර මිනිස්සු කිව්වනෙ....ඔන්න එහෙනම් ඔහෙට දකුන ඉස්සරහා නුවර ලබ්බ උඩින් තියන්න අවස්තාවක්.....

මගෙ ඉහ මුදුනින් පටන් ගත්ත හිරිය මුලු සර්වාංගෙ පුරාවටම ගියා...මාව දාලා ගියපු කිරියා ආපිට ආවෙ බොක්ස් ගිටාර් එකකුත් උස්සන් වෙද්දි මුලු දකුනු ලකම මෙ උඩරැටියා දිහා බලන් උන්නා...ඇදන් උන්න කලිසම කලවා හරියෙන් චුට්ටක් උස්සගත්ත මං අවසානෙදි ගාලු පුරෙ සිරි වනන්න ගත්තා...

දකුණු ලකෙ අග නගරෙ

ගාලු පුරේ සිරි...

කෙසේ කියම්දො ගාලු සිරි වනම්දො....

අත් දිග හැට්ටෙ ඇදගත් ගාලු

ලදුන්නෙ...

දෑත පුරා රන් වලලු නාද නගන්නෙ...

මූදු සුළං විඳිමින් හිර බැස යන යාම්ව්

ගාලු පවුර මත කුමරියො වැතිර

සිට්න්නෙ....

පුතෙ නම මොකක්ද කිව්වෙ...

සම්පූරන නමද සර්....

හ්ම්..ඔව්...

සිහත් අමාකර සෝලංගආරච්චි...

ගෙදර ගිටාර් එකක් තියනවද...

තියනවා සර්....

කල්ප මෙයාට නෝට්ස් ටික දෙන්න.....

ඔන්න අද නම් ඔහෙ නුවර ලබ්බ වැනුවට කමක් නෑ නිලමෙ.....ටම හිකෙන කටක් ඔහෙට තියෙන්නෙ....ඔහෙ තනිකරම කොවුලෙක් වගෙ....ඔහෙගෙ වාසනාව...සර් බුවා...ඒකගෙ ඒක දේශික නාමෙ රන්දික ලියන ගේ .....විද්‍යාත්මක නාමෙ රන්දිකයානා ස්ටෙලාටා!

බුවාට එහෙම ලේසියට කාවත් හිතට අල්ලන්නෙ නෑ.....නිලමෙ වැඩ්ඩා...

මං උන්නෙ කොරිඩෝවෙ.....ඉස්කෝලේ පටන් ගත්තා උනත් ඒක පැවිලියන් එකට අදාල උනෙ නෑ...පූල් එකෙ ඉන්න ලමයිට අදාල උනෙ නෑ..ග්‍රවුන්ඩ් එකෙ උන්න ලමයිට අදාල උනෙ නෑ..එක අතකට අවුරුදු දහතුනක් නිදහස් අධ්‍යාපනෙ බුක්ති වින්දවුන් හැටියට ඉස්කෝලෙටත් ආපිට ගරුත්වයක් දීලා මේ ගේට්‍ටුවෙන් පිට වෙන කලගුන සැලකීමක්...

මං උන්නෙ සතුටින්.....මං උන්නෙ පුදුමාකාර සතුටින්....ඉස්කෝලේ ට ආව ගමං මෙහෙම දෙයක්....

කිරියා දහසක් දේවල් කියනකොට අනේ මට එකපාරම එයාව මතක් උනා...මගෙ අම්මා අප්පච්චි නැති තැන මං ඉස්කෝලේ ආවෙ ඒ කකුල් ගාව වැද වැටිලා ආශිර්වාද අරන්...

සුදු අයියෙ...උඹගෙ ආශිර්වාදෙ මං තත්පරෙ ඇස්පනාපිට විදින ගමන්...උඹගෙ.සීයා හරි...උඹ අම්බරයක් මගෙ අයියේ.....උඹගෙ අත් වාසනාවන්තයි...උඹ සාගරයක් තරම් වාසනාවන්ත මනුස්සයෙක් සමුද්‍ර....

උඹට ස්තූතියි මගෙ සුදු අයියෙ.....කහටක් නැතිවම මට දුන්න ආශිර්වාදෙ වෙනුවෙන්...

*

*

*

ක්..කල්පයියෙ...ක්..ක..කල්පයියෙ...

පසනා....ට හුඩු නිලමෙ අරූ අදත් කාට හරි ඇනලා වගේ....

පැවිලියන් එකේ ඉදන් ආව මාත් කල්පත් පන්තියට යන්න පඩිපෙලෙ පලවෙනි පඩිය පහු කෙරුවා විතරයි ...ප්‍රයිමරියෙ ඉන්න ඕන පසනා කඩාගන බිදගන හති දදා කිරියව හොයාගන ආවා.....

ක...ක්..කල්ප...යියෙ....ක්..කල්පයියෙ...

හත්තුක්කෙ පසනා....පුතා හුස්ම ගනින්...හුස්මහිරවෙයි හිච්චො.....මක්කද පසනා ඔහෙ මේ හතිලාන්නෙ...

ස්..සයුරියගෙ චීච අඩගහනො...සයුරියට කව්දො ගහලද කොහෙද ආන් ඒකි ලැට් එකෙ අඩනෝලු....චීචාඩගහනො...ගහපිය...ගහපිය....කිරියා...සයුරියට ගැහුව එකාට ගහපිය...අපෙ පප්පා වගේ ඩිශුම් ඩිශුම් ගාලා ගහපිය.....

නිලමෙ.....

මේ එනවා...

පසනගෙ අතින් අල්ලගත්ත කිරියා මටත් අඩගහනකොට අපි දෙන්නම දියෙන් ගොඩ දාපු ඇටවල්ලා වගෙ ගැහෙන පසනවත් එක්කගන ආපිට ප්‍රයිමරියට දිව්වා.....

හරි මිස්....මේක නම්බරෙ.....

මං බලාගන උන්නා සයුරියට ගහපු එකාව කෝටු මස් කරන්න හදන පසනව ආපිට තුන නාමල් පන්තියට වීසි කරපු මං කිරියා එනකන් බලන් උන්නා.....අවසානෙදි සයුරියගෙ පන්තිබාර මිස් එක්ක කතා කරකර උන්න කිරියා මගෙ ගාවට ආවා...

කල්ප.....ඇයි සයුරිට මොකද...

නිලමෙ කොටහලුවක් පත්තුවෙලා

ක්..කොටහලුවක්....

හ්ම්..මං සයුරියගෙ අම්මට කතා කරලා එන්නම්...අන් සයුරියා ජම්බු ගහෙන් වැටිලා...ඒකිව යවන්ඩ ස්කීපර් අයියට කෝලක් ගහලා එන්නම්...

*

*

*

මං හිතනෙන් අද මහ වෙහසකාරි දවසක්...නිකන් නෙවෙ...සතුට මුහු උන වෙහෙසකාරි දවසක්....ඒත් ඒ වෙහෙසකාරි දවස පුරාවටම සතුට මුහුවෙලා තිබුනා ...ඒ වෙහෙසෙලර කාලච්චේද අට පුරාවටම මගෙ මූන පුරාවටම හිනාව තිබුනා... උදෙ ඉස්කෝලේ ආවට මොකද පසනගෙ අක්කව ඉහෙ ඉදන් සුදු රෙද්දකින් පොරවගන යන්න හැදි අත්තම්මා මුලු හැදි පරම්පරාවක් එක්කම ඇවිදින් තිබුනා....

කිරියා කියපු විදිහට ඕකිව හත්දොහක් හංගලා තියලා කොටහලු මගුල කයි කිව්වා දික්වැල්ලම හොලවලා.....ඇයි ඉතින් ආය තුන්වෙනි පරම්පරාවෙ පලවෙනි කොටහලු මගුලලුනෙ.....කිරියා තමයි කිව්වෙ ඔය සිගිතියගෙ එකත් කෑවලු ගමම හෙලවෙන්ඩ කිරියලා ඒකාලෙ පොඩිලු....මනමාලයා විතරලු යකො අඩුවට උන්නෙ...

අපිටත් එන්න කියයිද දන්නෙ නෑ...ඇරත් සයුරියට තාම දහයනෙ...ඇයි මේකි මෙච්චර වේලාසන වැටුනෙ....බොයිලස් ගිල්ලවලා වෙන්න ඇති..මගෙ අම්මෙ පෙනේද මගෙ මිනිහත් ඉල්ලන ඉල්ලන ජාති ගෙනත් දෙනවා....

අපිටත් පාටියට එන්න කිව්වොත් මොන අරන් යන්නද මන්දා.....ගවුම් රෙදිකෑල්ලක් ගිහින් දෙන්නත් බෑ....අනෙ මන්දා අම්මට කියන්න ඕන එක්කො පන්දහක් දීලා හතර දෙනාම කාලා සාගරිකට ඔතන් එමු කියලා ....

ඒහ්....සුදු චූටි...සීදේවි....

ප්..ප්...පප්පෙ.....

මක්කයි පනෙ ඔහෙ ඔය අව්වෙ කරවෙන්නෙ මයෙ කොල්ලා...

අවසානම පරිච්චෙදෙත් අහවර කරපු මං අවසානෙදි උන්නෙ ඉස්කෝල ගේට්ටුවෙන් එලියෙ ...බස් වල ගෙවල් වලට යන උන් එහෙමයි....පයින් යන එවුන් එහෙමයි.....සයිකල්වල ආව එවුන් එහෙමයි...උදේ ඩියුටි වැටුන කිරියම ආයමත් මහ තැන වගේ ගේට් එක ගාව ඉදන් යකා වගේ කෑගහනකොට සයුරියගෙ කොටහලු මගුල ගැන කල්පනා කර කර උන්න මාව ගැස්සිලා ගියා...

පප්පා.....වෙන කවුරුත් නෙවෙ..මගෙ සුදු පප්පා....හැන්න දිගේ ඇන්ඩ් සන්ස් කියලා ලොකු අකුරෙන් ගහපු සුදු ලොරියෙ ඇවිදින් උන්නෙ මගෙ සුදු අයියා වෙනකොට පුංචි එකෙක් අම්මා අප්පා ගාවට දුවන්නා හා සමානව මං එය ගාවට දිව්වා...

පප්පියෙ.....

ම්ම්...මැනිකෙ....මයෙ අම්මට බඩගිනි...බොන්ඩ මොනා හරි ඕනයි??කඩචෝරුවක් අරන් දෙන්නයි....

එපානෙ පප්පෙ..පුතාට එපානෙ...අපෙ අම්මලා ඇවිල්ල උන්නද පප්පෙ...ඈ තාත්තෙ.....??

මේකගෙ කෝලම....මගෙනෙ ඉතින් මේක....මං තාත්තද...?

ම්හුක් ඔව්නෙ...අනෙ...පැංචො....

මන් හිනා උනා..ඒ ආදරේය අසිමාන්තිකව ලෝබකම් කරන මං නොදරුවෙක් හා සමානව එයා එක්ක හුරතල් වෙනකොට මන්බලාගන මගෙ ආදර පැටියගෙ ඇස් දිලිසෙනවා. .උදේ තිබුන මහන්සි මූන මේ වෙනකොට ධාරානිපාත ආදර වරුසාවකින් තෙමීගන යන හැටි මං බලාගන උන්න...අනෙ දෙයියනෙ මට හරි ලෝබයිනෙ....

මං එයා දිහා බලාගන උන්නා...අහන්න දේවල් දහයක් තිබ්බත් මං කරපු එකම දේ මේ ආදර පැටියගෙන් ආදරෙ බිදෙන් බිද තව තවත් හොරකම් කරපු එක

ඔහෙලගෙ ගෙදර ඈයො ඇවිදින් නෑනෙ සුදු චූටි ....මං දැන් එනගමං ඔහෙලගෙ අහත් ගිහින් ආවෙ...මයෙ කොල්ලට දාඩිය දාලා...අව්වෙ උන්නෙ මක්කද ඉතින්....

ඔයාට හොයාගන්න බැරිවෙයි කියලා.....පප්පෙ ඔහෙ අපෙ අහ ගියා කිව්වා ඒ ඇයි අපෙ අහ ගියෙ...

ඇයි අහන්නෙ..අන් අර බලු ජඩයා සහගින්දරේනෙ මැනිකෙ...සතා උනත් උන්ට දුන්නොත් මිසක ආය හම්බු කොරන් කන්ඩය....නෑනෙ.....

ඔයා අපෙ සාගරිකට කන්ඩ දුන්නයි....

හ්ම්...

එතකොට සුසංගතාට....

ඒ..හොද වැඩේ...සුදු චූටි...ටම..හිකිලා...ඒකට මෙයැයි බය උනාය කියහන්කො මැනිකෙ...මේ ජඩ....යා.....තව ටිකෙන් මෙයැයිගෙ හුස්ම යනවා....

ඒ ඇයි...

මං උන්නෙ ඔහෙලහෙ බල්ලය කන්ඩ දදා...ආන් අරකා එක පාරම සුදු අයියෙ ඇතුලට එන්ඩකො කිව්වයි කියකො...ටම...හිකෙන කටක් ඌට තිබ්බෙ....සුදු චූටි ඕකව කොහෙ හරි හංගන්ඩ...මේකා කුනුහර්ප පලනො.....ජරාව බොන්ඩ එපා...ජරාව බොන්ඩ එපා..ජරාව බොන්ඩ එපා ගාලා මූ එක පාරම ආයම සුදු අයියෙ...ගාලා බෑගිරි තැලුවයි කියකො....

මගෙ කනුත් එක්ක රත්වෙලා ගියා....අනෙ අයියෙ අපි ඉවරයි අයියෙ තමයි මට කියන්න වෙන්නෙ...දෙයියනෙ මේ සුසංගතා ජඩයා.....මූට මන් එයාට ආදර්‍යි කියලා කියපු එකත් ඇහිලා තිබ්බොත් නම්මට ඒ ලෙවල් ලියන්නෙ නැතුව පවුල් කන්න යන්න වෙනවා...

ඌ එච්චරද කිව්වෙ පප්පෙ....

මොන...තව මොනාදෝ මන්දා දෙඩ්ඩා.....ජරාව බොන්ඩ එපා ගගා කෑගහනවත් එක්කම මං එන්ඩ ආව....මෙයැයිගෙ කනුත් එක්ක් කැක්කුම් ගත්තා...ඇරත් මූ අර බල්ලට පඩත්තරය කියනෝ...පව් යකො...

මං නෙවෙ මීක් කිව්වෙ.....හොද වෙලාවට එයා අපෙ අප්පච්චි වගෙ කව්ද ඉගැන්නුවෙ කියලා අහල නැත්තෙ....ඕක ඇහුවා නම් ඕකා මාව පවා දෙනවා....හිටපන්කො මං අද ඇවිත් තොගෙ බිජ්ජට නයිමිරිස් අතුල්ලනවා ඇයි යකො අපෙ නම්බුවනෙ මූ කන්නෙ...

සීදේවි...මැනිකෙ ගෙදට්ට හරවන පාර පහු උනානෙ...මයෙ කොල්ලා අහන්නෙ නෑ මෙ කොහෙ යන්නෙ කියලා....

මං හිනා උනා...හිනා වෙලා ඔලුව වැනුවා....එයා කොහෙ ගියත් මාව මගෙ අප්පච්චි වගේ ආරක්ශා කරන්න කියන්න දන්න මට පාර පහු උනත් එයාගෙන් මං වචනයක් නාහා බලාගන උන්නා.....

.ඒ තරම්ම මාව විස්වාසද අමාකර...ඒ තරම්ම ඔහෙට පප්පා විස්වාසද සීදේවි...

සුදු අයියමනෙ කිව්වෙ මගෙ අප්පච්චි වගෙ මාව බලාගන්නවා කියලා ...අප්පච්චි ලා එක්ක යන්න මොන දරුවද බය ඉන්දීවර්...

උඹ මහ පුදුම දරුවෙක් අමාකර.....දන්නවයි...උඹ හන්දා මගෙ දවසම අද සුභයි මැනිකෙ...මොන තරම් මහන්සි දැනුනත් උඹ කියපු වචන මට මහ මෙරක් අමාකර ....උඹගෙ පොඩි හිත ඇතුලෙ තියන ආදරෙ මේ සුදුඅයියට මහමෙරක් සීදේවි...මැනිකෙ....මං වෙනුවෙන් ඉපදුනාට උඹට පින් මයෙ අම්මෙ....

මට ඇඩෙන්න ආවා.....එයාගෙ මේ ආදර වෑස්සෙන වචන මට ඉහිලුම් නැති උනා...ආදරෙ දරන්නම බැරි තැනකදි මං එයාගෙ අත් ගොබේට හාදුවක් දෙනවත් එක්කම එයා මගෙ ඉහ මුදුනට මූන ඔබාගන හාදුවක් තිබ්බා...

මගෙ පලවෙනි දරුවා උඹයි අමාකර....පුලුවන් නම් පසනා.වගෙ ඉදහිටක මට තාත්තෙ කියපන්...මං ආසයි මැනිකෙ උඹගෙන් එහෙම අහන්ඩ...මං උඹට ආදරෙ කරන තරම මන්වත් දන්නෙ නෑ සුදු චූටි.....

මං මගෙ ඇස් පිහදැම්මා...මේ වචන තනිකරම මගෙ අප්පච්චි ගෙ වචන වගේ.....අප්පච්චි මගෙ අම්මව ඉඹින හැම වෙලාවෙම කියන්නෙ අප්පච්චි ගෙ පලවෙනි දුව අම්මා කියලා .....

අප්පච්චි මට උඹ වගේම අප්පච්චි කෙනෙක් හම්බ උනා අප්පච්චි ...

*

*

*

සුදු චූටි බහින්ඩ...

එයා මට බහින්ඩ කිව්වා....මේ මද්දහනෙ එයා මාව එක්ක ඇවිදින් තිබුනෙ මාවමහ රෑක එක්ක ආව ජැටියට....එදා මහ රෑ මුහුදු හුලගෙන් වහන් කරන් ආව ජැටියට.....

අව්කාස්ටකෙ පරන කෝන්තරයක් පිරිමහන්නා හා සමානව මහපොලවට හිතක් පපුවක් නැතිව රිදවනකොට මං අව් රස්නෙන් බේරෙන්න මගෙ ඇස් අඩවන් කෙරුවා....

නිල්මහ මුහුද අව්පූටකේට තනිකරම රිදියෙන් පින්තාරු කරාපු සිත්තමක් හා සමාන දිලිසනකොට මං ජැටිය පුරාවටම නැංගුරම් දාල තිබුන එක එක නම් ලියලා තිබුන බහු දින යාත්‍රා දිහා බලන් උන්නා....

ඒවා නිවාඩු ගන්නවා....මහ මුහුදු කරෙ මාරියාව එක්ක සටන් කරපු මහබෝට්ටු ජැටියෙ ඉදන් නිවිහැනහිල්ලෙ හුස්ම ගන්න හැටි බලාගන උන්නා...

ස්කීපර් අයියා.....හත්තුක්කෙ....සුදු චූටියව ඉස්කෝලෙන්ම කුදලන් ඇවිත්....

කංජියා හරිද....මේකව මං මෙහෙම්ම අරන් ආවා..පව්..ලමයව ආය එක්ක එන්ඩ බෑ...මෙයැයිට විබාගෙ පාඩම් වැඩ ඔව්වා කඩාකප්පල් කරන්ඩ බෑ කංජියා....

මං බලාගන් උන්න....ඇදන් උන්න සරම කැහපට කවාගන උන්න කංජිය බෝට්ටු ගොඩක් අස්සෙන් මතු වෙලා මගෙ ස්පීකර් පප්පා එක්ක මොන මොනවදෝ කියවලා කියවලා අවසානෙදි මගෙ දිහා බලනකොට මන් බිම වැටිලා තිබුන කොලපාටට රෝසපාටට දිලිසෙන මාලු කොරපොත්තක් එහා මෙහා කර කර පාට බලන්න ගත්තා...

මැනිකෙ එනවයි....පප්පට බඩ්ඩක් පෙන්නඩ තියෙ.....

අනේ පැංචො...බඩ්ඩක්....මැනිකෙය බඩ්ඩක් පෙන්නන තියේ....

ම්ම්...නොදරුව මගෙ වරෙල්ලකො....

.එයා මගෙ ඔලුව අත ගෑවා.....හැමදාම වගේ හරි ආදරෙන් මට නොදරුවා කියලා මගෙ අතින් අල්ලගන අර බෝට්ටු යාන්ගෙ මැදින් ගිහින් ගිහින් අලුත්ම මහ බෝට්ටුවක් ගාව නවතිනවත් එක්කම අනේ මගෙ ඇහිදාර පන්නවගන කම්මුල් තෙමාගන කදුලු වැල් අහුරක්ම කාස්ටකෙන් රත් උන පිලිහිඩි සුවද මුහු උන මහපොලවට කඩන් වැටුනා...

"අමාකර පුතා.."

ඉ...න්ධීවර්.....අනෙ.....අයියෙ...මෙ...

මට ඉකිගැහෙන්න ආවා.....අමාකර වෙනුවට එයා අර අලුත්ම බොට්‍ටුවෙ ලියලා තිබ්බෙ අමාකර පුතා කියලා වෙද්දි මට මේ ධීවරකොල්ලගෙ ආදරෙ ඉස්මුරුත්තාවට එන්න ආවා.....මට ඉකිගැහුනා...මං ඒ පලල් පපුව අස්සට මගෙ මූන ඔබගත්තා....

සු..දු...අයියෙ.....අනෙ...ඇයි...රත්තරන්..මේ.....

මං ඇඩුවා...

නෑ මට ඇඩුනා...ඇයි කියලා විතරක් අහන්න පුලුවන් මම මගෙ කදුලු පිරුන ඇස් වලින් ඒ මූන දිහා බලාගන උන්නා...අවසානෙදි එයා හිනා උනා..හින වෙලා මගෙ කදුලු කැට පිහදැම්මා....

මයෙ අම්මට මතකැයි...සීදේවි...ඔහෙමයි කිව්වෙ.....අපි මේ ලෝකෙට ඉපදෙන්නෙ කාටහරි මොනව හරි දෙන්නයි කියලා ....සුදු චූටි....ඔහෙගෙ සුදු අයියට ඔහෙ මේ තරම් ආදරෙ දෙනකොට ....මං මොකුත් නොදී කොහිමැයි කියපල්ලකො.....උඹල කොහෙන්දෝ දුර ඈතක ඉදන් ඇවිදින් පාලු අම්බලමක් වෙලා මකුනුදැල් බැදිලා තිබ්බ මේ හිතෙන් පාලුව අතුගාල දැම්මා අමාකර....

තව ටික කාලයක් තිබුනානම්.....මගෙ පපුවත් මලකඩ කාලා දිරලා යනවා සුදුචූටි....ආකරයක් තරම් සල්ලි තිවුනත්...ආදරෙ අතින් මං හිගන්නෙක් අමාකර.....මන් හිතනව මන් දැනුයි ජීවත් වෙන්නෙ කියලා ...

මගෙ පුංජි ජීවියා.....විකාර මල්ල...ඔහෙ ඇවිදින් මයෙ හිතෙ පැලපදියන් උනහම මේ පප්පට අවුරුදු ලැබුවා වගේ උනා අමාකර...මං හරි ආදරෙයි මයෙ කොල්ලට...පප්පට හැමදාමත් උඹ හන්දා සරුවෙයි..ඒක මට විස්වාසයි ....දැන් ඉතින් නාඩපන්.....සතුටට උනත් ඔයාකාර ආඩන්න එපා අමාකර අහිංසක ඇස් කැක්කුම් ගත්තම මටනෙ හිතේ අමාරුව.....

මං මගෙ කදුලු පිහදගත්තා.....අමාකර.පුතා කියල ලියවුන මහබෝට්ටුව දිහා බලාගන උන්න මං මේ අරුම පුදුම වගේම හුස්මකින් වත් කිලිටි නොවුන ප්‍රේමවන්තයා දිහා බලාගන ඉදලා අවසානෙදි මං ඒ අත අල්ලගත්තා ...

සුදු අයියෙ....දවසක උඹ වයසට යයි.....මටත් වඩා ඉක්මනට මගෙ අයියා වයසට යයි....අන්න එදාට මේ නිල් ඇස් රැලිවැටෙයි.....මේ අත්වල හයිය දියවෙලා යයි .....මං අහල තියනවා මිනිස්සු වයසට යනකොට අයම නොදරුවො වෙනවා කියලා ....ඉන්ධීවර් ..දවසක මම උඹට අප්පච්චි කෙනෙක් වෙනවා....අන්න එදාට උඹ මගෙ පලවෙනි දරුවා වෙයි මගෙ සුදු අයියෙ...!

...🥺🥺🥺ආතරෙයි අප්පාවෙ...හ්හ්හ්හ්

More Chapters