Ficool

Chapter 18 - 17

අනෙ අප්පච්චි...අප්පච්චි ඇතු...ඇතු...අනෙ සමු...ද්‍ර...අප්පච්චි ඇතුලට.....අනෙ ඇ...ඇතු...ලට...

එහෙනම් ඔහෙයි දික් වැල්ලෙ අලුත් ඕඅයිසි මහත්තයා ....මහත්තයා හෙන වැඩ්ඩෙක්ලු....සුජිතා මේන් ඉන්නවා අලුත් පොර...වැඩ්ඩෙක් කියන්නෙ ඇත්තද ඔහෙ ...ම්ම්ම්.....දික්වැල්ලට වැඩ්ඩෙක් බැහැල කියන ආරංචියට ආවෙ මොකාද බලන්ඩ....

අනේ එච්චර ලොකු පට්ටමක්?නම එහෙම දැනගන්න ඕනා නම් නම ඕ අයිසි සෝලංගාඅරච්චි....මොකක් හරි රාජකාරි කතාවක් නම් ස්ටේශන් එකට යන්න පුලුවන් ...පුද්ගලික කතාවක් නම්..ගෙට එන්ඩ දොර ඇරලා තියනවා....තේ එකක් බීලා අපි හිමීට කතා කරමු ම්ම්.....

කතා බතා ඕන නෑ...තේ බිබි කතා කරන්න ආවෙත් නෑ...මහත්තයා ඔහෙ අලහපෙරුම කව්ද නොදැන වගේ කුදලන් ගිහින් තියෙන්නෙ.....??

නෑ...දැනගන...ඇයි මිනිහා මං නොදන්න ලොකු පට්ටමකත් ඉන්නවද...මං අහන්නෙ මෑන් ඉන්ටලිජන්ට් ඔෆිසර් කෙනෙක්ද නෑනෙ....හතරෙ කාමරේට නෙවෙ අරන් ගියෙ අර ඉන්නෙ...කුදලපු සිස්ටම් එකේ මොකක් හරි අවුලක්ද මල්ලි...?ගේනකොට හෙලුවෙන් එහෙම උන්නෙ නෑනෙ? අවුලකට තිබ්බෙ අර කටට ගත්තු පොද කටට දාගන්න බැරි වෙලා එච්චරයි ඒ ඇරෙන්න අවුලක් නෑනෙ...හීරිමක් වත් එහෙම නෑනෙ.....අර කටේ ඔබාගන්න බැරි උන පොද ගැන අවුලක් වගේ නම් මං දැන් කෝල් එකක් දාල පොරට උගුරක් බොන්ඩ දෙන්ඩ කියන්නම් අවුලක් නෑ....

හහ්...හහ්....ඕයිසි මහත්තයා විහිලු කරනවා වගේ... මොකො මහත්තයට විහිලු කරන්ඩ එහෙම ආසද.... ?නැත්තන් තාම හරියටම විහිලු කරන්න ඉගනගන්නවද?ඔව්වට හිනා යන්නෙ නම් නෑ මහත්තයා .... අලහපෙරුම මහත්තයා හිටපු මන්ත්‍රී....මහත්තයගෙ ඔය විහිලු කතා තේර ඉල්ලෙ ...පොඩි වචනයක් දාලා යන්න ආවෙ...මේක අරන් චැප්ටරේ ක්ලෝස් කරලා දාමු හරිය....ඔහෙට මන් මේ කියන එක තේරුම් ගන්න පුලුවන්නෙ...??මෙතන දෙකක් තියනවා මදිනම් ගනන් උස්සන්ඩ පුලුවන් වාහනෙ ඇතුලෙ බඩු හෑව්...මොකො කියන්නෙ මේක අරන් වැඩෙ ඉවර කරමු නේ

තේරුම් ගන්න නම් පුලුවන් ...මචන් අවුල මේ සල්ලි මිටිය දික් කරන එකෙ තේරුම නොදන්න එක....ඒ ඇරෙන්න මට ඔය මනුස්සයා කව්ද කින්ද මන්ද අදාලනෑ....වෙන්න ඕන දෙ කරන එක මගෙ අතින් වෙන්න ඕන දෙයක්නෙ මල්ලි ම්ම්ම්ම්...වාහනෙ ඇතුලෙ බඩු හෑව් කියන්නෙ මල්ලි කියන්නෙ මට සල්ලිත් අරන් බඩුත් ගහන්ඩ වගේ කතාවක්ද නෑනෙ...බඩු නම්...මං තාම ගහලා නෑ...ගහන්න වෙලාවකුත් නෑනෙ ....හැබැයි මචන් දැන් මේ සල්ලියි ඔය කියන බඩුයි හින්දා අරහෙ ඉන්න මෑන්ට තමයි පොඩ්ඩක් අමාරු වෙන්නෙ.....ඒක හන්දා ඕක ඇතුලට දාගන ආව පයින් ගියා නම්...මල්ලි බබත් සතුටින් මාත් සතුටින්...ෆිල්ම් එකේ මේ හරිය ඩිරෙක්ටර් මහත්තයා ඩිලීට් scenes වලට ඇඩ් කරගත්තා කියලා හිතහදාගන අර පරන තැන ඉදන් වැඩෙ කරන් යන් නේ .....

මහත්තයා ...මහත්තයා ..මෙ...මෙ...හ්හ්....මහත්තයා උඹ ලයින් අල්ලනවා වැඩී .....සුජියා මට පේන්නෙ අලුත් මෑන්ට සවාරියක් යන්ඩ ආසා හිතිලා වගේ ...මේක අරන් අපෙ මෑන්ව අපිට දිලා අත පිහදගනින් බන්....

........එහෙමද ආස.....අතපිහදන සීන් මගෙ ගාව නෑ බන්...සවාරි නම් ඕන තරම් ගිය එකෙක් මං...ආවා වගෙ යන්ඩ පුලුවන් වැඩේ වෙන්නෙ නෑ...

ඇත්තද...එහෙම නම් එහෙමයි උඹ...සුජියා වැඩේ සමාදානෙන් නෙවෙ දොර ඇරපන්

උ..උඹලා මගෙ අප්පච්චි ලගට අඩියක් වත් තියන්නෙ නෑ...ආ....තිබ්..බොත්....මන්..මරාගන...

මැරෙනවා...හරිය....ම්...මං ..තොපි ඔක්කොටම....හ්..හුකෝලගන්නවා...ආය......අ..අනේ..අප්පච්චි ...

අනේ....අප්පු...ච්චියෝ....අප්පුච් ...චි...යෝ..මගෙ අප්පුච්චියා....ක්...කැතයො.....අම්මියෙ....අමාකරයො...අයියෙ...පුතාගෙ...අයියා...

පුතා....ගෙ....අයියා...

ත්...තේජක.....අනේහ්!!

ටම...හිකිලා...පප්පා තාත්තේහ්....!කිරියා...අත්තම්..මේහ්.....!!!සයුරියො....කිරියා....

මොකාද බන් මං ඉන්න තැන මගෙ කොල්ලට අත තියන්නෙ....මායන් නොවි පලයන් ...

ඕකව දාගන්...වාහනෙ ගන්....රිවර්ස් එකට ගන්...

අනෙ අප්පච්චි .....මගෙ අප්පච්චි ව අතෑරපියව්.....මගෙ අප්පච්චි ව.....මගෙ අප්පච්චි ව

...සුදු මහත්තයා අයින් වෙයන්.....යකො මගෙ කොල්ලව අතෑරපන් .....

කොල්ලා උඹටත් මහ එකාගෙ තනියට එන්ඩ ඕනා නම් ....(චටාස් !!!!!!!)

මං කිව්වනෙ මගෙ ලමයගෙන් අත ගනින් කියලා.....ලැජ්ජා නැද්ද බන් දෙකයි පනහෙ වැඩ කරන්නෙ....අමාකර පලයන් මල්ලිත් අරන් ගෙට...

තේජක

.

විහාරා තමුසෙටත් මං අමුතු සිංහලකින් කියන්ඩ ඕනද ඕයි කෝ මගෙ තේ එක??මැස්සෙක් දෙන්නෙක් වැහුව පලියට මැරෙන්ඩ හදනවා ..මේ අයිසෙ තමුසෙලා මෙතන චොර නොවී යනව ඕයි යන්ඩ ....මිනිහත් ගොන් මිනිහගෙ වටේ උනුත් ගොන්.....එක්කො තමුසෙලා රෑකට පැනලා මාව උස්සනවා...අර බලනවකො ඕයි වටේම මිනිස්සු බලන් ඉන්නවා....මන්ත්‍රීකාරයා ලබන පාර චන්දෙ ඉල්ලන්නෙ මොන බොරුව කියලද...මිනිහගෙ සායම හෙනගහන්ඩ හේදි හේදි යනවා....ඩේහ්....චැහ් අතගනින් .....ආවා මගුලක් කියාගන

උඹ එහෙමද මහත්තයො එහෙනම්

........ඇයි උඹ මට කෙලින්ඩද?

ට හැමනෙන්න නිලමෙ!!!!!...කෝ මොකාද...මොකාද

මහත්තයා අන්තිම වතාවට මේ අහන්නෙ

අහන්ඩ දෙයක් නෑ ආව පයින් යන්ඩ පුලුවන්

කොල්ලව ගනින් සුජියා !

මට කරකියාගන්න දෙයක් නැතිව ගියා....එන ඒමටම ගහපු බ්‍රේක් පාරෙන් අහසට නැගපු දූවිලි වලාවෙ අතුරුපලයක් විදිහට මගෙ හදවත ගිඩි ගිඩි ගාලා ගැහෙන්න ගත්තා...

කලුම කලු කැබ් එකත් බ්‍රේක් පාරෙත් අවසානෙ පසනා ගෙනාව මුකුලු පිගාන සීසිකඩ කරාපු එක වෙද්දි එලියට බැහැපු උන්ගෙ මූනවල් දිහා මට බලන්න බය හිතුනා...

මන් හිතුව හරි.....මගෙ හිත බයෙන් වෙව්ලපු කාරනාව හරි....අනෙ දෙවියනෙ කිරියගෙ මහ එකාටත් සද්දෙ දාපු මගෙ අප්පච්චිව හොයන් ඇවිදින් තියෙන්නෙ වෙන කවුරුත් නෙවෙ අලහපෙරුමයගෙ හෙංචයියො වෙද්දි උන් දොරවල් ඇරගන එලියට එනවත් එක්කම මං ගේ ඇතුලට දුවනවා වෙනුවට කරපු එකම දේ නම් මගෙ අප්පච්චි ඉස්සරහට පැනල අප්පච්චි ව තදින්ම මිරිකගත්ත එක ...

උන් ලගට එනවා....සල්ලි මිටි දික් කර කර චැප්ටරෙ ක්ලෝස් කරමු ගගා මගෙ අප්පච්චි ට තර්ජනේ කරනකොට සෝලංගආරච්චි නම් වෙච්ච ඕ අයිසි කරපු එකම දේ නම් උන්ගෙ කතා පඩේට මායින් නොකර හිනා වෙවි උන් කියන වචනයක් වචනයක් ගානෙම හරහට වචනයක් කියපු එක...

ඒ ඇස් වල බයක් ගෑවිලා වත් නැති උනා....ඒත් මගෙ පපුව පැළෙන්ඩ එනවා...කොහෙන් හරි එලියට ඇදිලා එන කිනිස්සක් පපුව පසාරු කරලා යයි කියල හිතෙනවා....අප්පච්චි ගෙ ඇස් සින්හයෙක්වගේ උනත් තවමත් කේසර පෑදිලා නැති මගෙ පපුව ලේ ඇටමස් ඉරාගන එලියට පනින්න හදනවා.....

එකපැත්තකින් සමනල්ගෙ කෑගැස්සිල්ලත් අම්මගෙ වගෙම පහනගෙ කෑ ගැහිල්ලත් ඇහුනත් මට ඒ කාගෙවත් මූනවල් වල හැගීම් රටා මොනව වගේද කියලා වත් බලාගන්න මගෙ ඇස් අප්පච්චි ගාවින් අහකට ගන්න බැරි උනා....

උන් කෑ ගහනවා...ලගට එනවා...ඒ එන වාරයක් වාරයක් පාසාම අප්පච්චි මාව පස්සට තල්ලු කරන්න හදනවා....ඒත් මං තනිකරම හම කාගන කේ උරාබොන කූඩැල්ලට අන්තව මගෙ අප්පච්චි ව බදාගන උන්නා....

බැරිම තැන මං කෑ ගැහුවා...උන් ආයමත් ආයමත් ලගට ඇව්දින් කියවන් කියවන් ගිහින් උන්ට ඕන දේ වෙන්නෙම නැති තැන මගෙ අප්පච්චිට අත තියන්න ගියා. .එක කෝලක් ගහපන් ගහලා මෑන්ව එලියට දීපන් කියන වාරයක් ගානෙම ඒ වචන තඹේකට වත් මායිම් නොකරපු අප්පච්චි කිව්වෙම ලැජ්ජ නොවී ආපිට යන්න කියන එක....

ඒ මූනු තරහෙන් පිපිරෙන්න ආවා උනත් මේ මොහොත වෙනකම්ම අප්පච්චි ගෙ මූන තිබුනෙ තවමත් හිනාවක් ඇදුන සාමකාමී හැගීමකින් වැහිලා ගිහින් ....ඒත් ..සුනාමියක් ගහන්න කලින් පවා මහ මුහුද නිස්චල වෙනවයි කියලා මං අහලා තිබුනා.....

හැබැයි එක තත්පරේකින් හැම දේම කනපිට හැරුනා...

හතර වටම මිනිස්සු බලාගන උන්නා....එදා වේල හම්බකරන් කන අහිංසක මිනිස්සු හන්දද..නැත්තන් මේක පොලිසියෙ වගෙමඇමතියෙක්ගෙ ප්‍රශ්නයක් හන්ද උන් කෙරුවෙ බලන් උන්න එක විතරක් වෙනකොට දොරවල් ඇරුන කැබ් එක පස්සට ගහනවත් එක්කම අප්පච්චි දිහාවට ආව එකාව මරාගන මැරෙන්න බලාගන හරි මං අප්පච්චි බදාගන කෑ ගහනවත් එක්කම අම්මගෙ සමනල්ගෙ අඩුම අස්සෙන් මට ඇහුනෙ අප්පච්චි ගෙ ගිගිරුම විතරයි ...

මහ එකාව බැරි නම් ඒකගෙ පැටියව හරි උස්සන්ඩ හිතාගන ආව එකා කොල්ලව ගන් කියල් මගෙ දිහාවට අත් දික් කරනවා එක්කම ඇහුන කන් අඩි පාරට මං හිතන්නෙ හතර වට බලන් උන්න මිනිස්සුන්ගෙ පවා කන් බෙර හිල් වෙලා යන්න ඇති....

කැතයා....

කැතයො....ගාන සමනල් පවා අද අයියෙ මගෙ අයියේ ගග කෑ ගනවා.....කුනුහර්ප මාස්ටර් කෙනෙක් උන සුසංගතාට කෑ ගහගන්න වචන නැතිවෙලා උනත් ඌ කූඩුවෙ ඉදන් තටු ගහන සද්දයක් වගේම මාව අල්ලන්න ආව එකා දිහාවට බුරාගන පැන්න බල්ලට මොකෙක් හරි තිරිසනෙක් පොල්ලකින් ගහපු පාරට බල්ලා කෙදිරි ගාගන වැටෙනවත් එක්කම මං බෙරිහන් දුන්නා....ඒ එක්කම මට අප්පච්චි අතැෑරුනා පොලු පාර කාපු බල්ලා වෙව වෙව්ල බිම දගලනවා දැකපු මට මාරාවේස උනා...

ඒ අස්සෙන් එකෙක් සුජියා කොල්ලව ගන් කියලා කෑගහන සද්දෙත් කිරියගෙ සද්දෙත් මේ ඔක්කොම මගෙ කන් වලට ඇහෙනකොට සාගරිකගෙ කෙදිරියත් කදුලු පිරුන ඇස් දෙකත් එකම මොහොතක මගෙ ආත්මෙම කඩල බිදලා දැම්මා...

මෙච්චර වෙලාම සුදු මහත්තයා ඇතුලට පලයන්...සුදු මහත්තයා අප්පච්චි එක්ක ඇතුලට වරෙන් කිව්වත් කනක් ගත්තෙ නැති මට අප්පච්චි වඇතෑරුනා.....

කවදාවත් ජම්මෙට වත් අයියෙ නොකියන මගෙ චූටි මල්ලි මගෙ අයියා මගෙ අයියව දීපියො ගගා කෑ ගැහුවත් ඒ මූන බලන්නවත් ලගට ගිහින් බය වෙන්න එපා සමනල් කියලා තුරුල් කරගන්නවත් අප්පච්චි ව අතනෑරපු මගෙ අත් පන නැතිව ගියා

ස්...සාගරි.....කා....

මට ගොත ගැහුනා...වෙලාවකට හුරතල් ...වෙලාවකට දොන්ත පාට ඇස් දෙකක් තිබුන මගෙ තෙත් හොම්බව ගැහෙනවා.....කකුල් වෙව්ල වෙව්ල චූ යනවා....වටපිටාවෙන් ඇහෙන කාලගෝට්ටිය මැද මාව ගැහෙන බල්ලා ගාව දැනගැස්සුනා විතරයි කොල්ලව ගන් කියාගන එකෙක් කෑ ගැහුවා මගෙ ටීශර්ට් එක එක අහුරට අල්ලගත්ත එකෙක් මාව ඇදපු පාරට පරඩැලක්වගේ ඇදිලා ගියපු මගෙ ඇස් වලින් කදුලු කැට පේලියක් ආරාධනාවක් නැතිවම කඩාහැලුනා....

මගෙ පපුව හාරවනවා.....

මගෙ පපුව පිච්චෙනවා.....

උගුර ඉරාගන ඉකියක් එලියට පනින්න ආවත් මට අඩාගන්න බැරි උනා...

දෙයියනෙ මගෙ බල්ලා.....!

.

බල්ලා ගාව දන ඔබාගන ඒ අත අල්ලගන්න උන්න මාව ඇදිලා යනවත් එක්කම කෙදිරි ගගා උන්න සාගරිකා අනේ බැරි බැරි ගාතෙ ඔලුව ඉස්සුවා...වේදනාවට කදුලු පිරුන ඇස් වලින් කදුලු කඩාහැලුනෙ මගෙ ඇස් පනා පිට වෙද්දි මුලු ජීවිතේම ස්වාමියාට කැපකරපු මේ තෙත හොම්බා මාව ඇදගන යන්න හදනවත් එක්කම එකපාරක් බිරුවා....එච්චරයි

මගෙ ඉහ උඩ හෙන හත පිපිරුවා එකපාරක් බුරපු මගෙ රත්තරන් තෙත හොම්බගෙ ඔලුව කඩාගන වැටුනා...

අනේ.....හ්...අනේ....අප්පච්චි ...අනේ...හ්හ්....අනේ අම්මෙ...ස්..ස්ස්.....ස්....සාගරි.....කා.....

මන් කෑගැහුවා.....වටපිටාවෙ වෙන දේවල් මොන තරම් නරක උනත් කඩා වැටුන ඔලුවත් ඇස් වලින් ගලපු කදුලු පාරත් අතරින් පතර ඇහෙන කිරියගෙ සුකුමලාගෙ පහනගෙ අප්පච්චි ගෙ ගොරනාඩුවත් අම්මගෙ විලපෙත් වීදුරු බිදෙන සද්දෙත් කාගෙ හරි අතකට අහු උන මාව ඇදීගන ඇදීගන විදිහත් ගානක් නැති උන මට දැනුන එකම දේ නම් සාගරිකගෙ කඩා වැටිල්ල වෙනකොට මං ඒ නම කියලා කෑගැහුවා.....

අතෑරපන් යකො මගෙ කොල්ලව...තොපි ඔක්කොටම මහ එකා එක්ක එකට කූරු ගනින්ඩ ඕනා නම් අත තියපන්

ටම මොකාද යකො...නිලමෙට අත තිබ්බෙ ...බොසා කොල්ලව ඇදලා ගනින්....සුකුමලා හැන්දට ගහපන් කෝලක්...

පොඩි එකාව ගන්...පොඩි එකාව ගන් උඹ වැරදි මිනිස්සු එක්ක ලොකු බොසා...උඹ එක්ක අපි හොදින් කතා කරගන්න ආව ඒත් උඹට බැරි උනා අපි එක්ක ගොදින් කතා කරලා බලලා මේ චැප්ටර් එක ක්ලෝස් කරන්න....එහෙනම් දැන් ඉතින් උඹම වරෙන් පය පාමුලට .....

අ..අ...අම්මියෙ...හ්....අ...අම්ම්....

තේජක....මගෙ දරුවා අතෑරපන් ......

..අහකට යමන් ගෑනියෙ උඹටත් සවාරියක් යන්ඩ ඕනා නම් වරෙන් සැපකුත් අරන් ගිහින් එන්ඩ...උඹගෙ වාහෙට කිව්වට ඇහුවෙ නෑනෙ...

අම්ම්....මියෙ...හ්....ප...පසනො....ඌ....ඌයි.....යා...තාත්තෙ .....සුදු ..පප්...පෙ...පප්පා...තා....අයියෙ ...පුතාව...අම්මියෙ ....හ්....

.

යකො මගෙ ළමයා....

.ටම හැමනිලා සුකුමලා ටිකිරියව ගන් ....ටම දාලා හමන්නන්ඩ ඔය පොල්ල වත් දීපිය ....බොසා සමාවෙයන් ලොක්කා....අපේ ඒරියා එකට ඇවිත් එහෙම හමන්නනනබෑනෙ...පසනා... ගන් ඔය ගල්බාගෙ .....

දඩාස්...!

දීපන් මෙහාට කොල්ලව.....හිතෙ ඇති ...බොසා මං මේ කරන පින් වල අපෙ අපෙ මහ එකාට අනුමෝදන් කරලා පඩිය වැඩිකරලා පට්ටමවත් උසස් කරපන් මගෙ එකා...සුදු එක්කෙ ඔහෙත් අහකට වෙයකො අඩ අඩ පස්ස පාරෙ එන්නෙ...

සුකුමලා සුදු අක්කව ගන්....සුදු අක්කට වදී.....අරූ නම් පිස්සෙක්ද මන්දා ගහන එක හෙමින් ගහකො අක්කට හිච්චෙක් හම්බෙන්ඩ....

ටම ...හික්....තව ටිකෙන් අක්කා වැටෙනව...අක්කෙ ඔහෙත් මෙහෙට්ට ආව නම් ඔහෙටත් පොඩ්ඩක් ඉන්ඩ බැරි හැටියක් ගුටි කන්ඩ තමයි ඔය ලේස්තිය...

අ..අනේ...පුතෙ මගෙ ..මගෙ ළමයි...දෙන් ..තේජක...අනෙ තේජක...

අනේ ...තේජක......සුදු මහත්තයා ....තේජක මගෙ ළමයා මගෙ ලමයව අරන් යනවා උඹට පේන්නෙ නැද්ද තේජක ....අනෙ අප්පච්චී....සිහත් සුදු මහත්තයා ....මගෙ ලමයා...දෙයියනෙ මගෙ ලමයව දීලා යමල්ලා...

අහකට ...පල....යන්....ගෑනියේ.....

.මගෙ කොල්ලා.....මගෙ කොල්ලව තියපන් උඹලට යන්ඩ කූඩු හොයන්ඩ වෙයි හැබැයි තොපිට යන්ඩ කූඩු අපායෙන් වත් හොයන්ඩ නැතිවෙයි....

මාව ආයම වීසි උනා.....යකඩ ගේට්ටුව දඩන් බඩන් ගානවා..... උන් ඔක්කොම එකතුවෙලා වාඩුව ගන්නෙ මන්ත්‍රීව දෙන්න බෑ කියපු මගෙ අප්පච්චිගෙන් ....

මන්ත්‍රීව නිදහස් කරගන්න ආව එවුන් හිලව්වට මාවත් සමනල්වත් ඇදගන යනකොට මේ ඇහැකන පේන වෙලාවෙ මන්ත්‍රි හෙන්චයියො අපරාද කරනගමන් මගෙ අප්පච්චිගෙ අත පය තදකරන් කැබ් එකට හේත්තු කරන් උන්නා....

මගෙ මල්ලි කෑගහනවා...අනෙ ඌව මිරිකලා අල්ලන් ඉන්න විදිහට මගෙ කොල්ලට රිදෙනවා.....සාගරිකගෙ ඇගේ උනුහුමවත් තවමත් නොගිහින් තියනකොට උන් මගෙ තෙත හොම්බව පාගන පැගිල්ලට ඒ මලකද එහා මෙහා හැරෙනවා....

මට කෑගහන්න හිතුනා....මගෙ සාගරිකගෙන් ඈත් වෙයව් කියලා මට මරාගන මැර්‍ර්න්න හිතුන.....

අප්පච්චි ව රැකගන්න අත් දෙකෙම්ම එ හයයි හතරෙ සර්වාංගෙ බදාගත්ත මට මගෙ හැම හයියක්ම සාගරිකගෙ අන්තීම හුස්මත් එක්ක යන්න ගියා වගේ දැනුනා...උන් මගෙ අප්පච්චිට ගහන්න හදනව....මගෙ මල්ලිව ඇදගන යනවා...අප්පච්චි ගෙ ළේ.ධාතුවක් බඩේ ඉන්නවයි කියන එක වත් නොහිතා මගෙ අම්මා අචිරවතියෙ මැද අසරන උන පටාචාරට හපන් අන්ත වෙලා මොන දරුවා වෙනුවෙන් කෑ ගහන්නද...නැත්තන් පාර කන සමුනා වෙනුවෙන් කෑ ගහන්නද හිතා ගන්න බැරිව කදුලු හලනවෙලාවක මං අහගන කිරියා මගෙ චූටිමල්ලිව උදුරගන කාගෙ හරි කොන්දක් දෙකඩ වෙන්න ගහනවත් එක්කම මටදැනුනා මගෙ බෙල්ල මුලින්ම කවුරු හරි අල්ලගත්තා...ඒ වගේම කාටහරි මොකකින් හරි ගහපු පාරක් කෙලින්ම මගෙ ඔලුව පිටිපස්සට වැදුනා වගේ දැනුනා...

කිව්වට විස්වාස කරන්න මට කෑගැස්සුන්නෑ....

මගෙ ආත්මෙ ..මගෙ හදවත තවමත් අර බල්ලා ගාව....මට අත තියන්න මගෙ අප්පච්චි ගෙ ඇගට අත තියන්න ආව එකාව හපාකන්න පැන්නත් කලගුනට කලින් මාරයා ඉස්සර වෙලා හුස්මගියපු අප්පච්චි තුන්වෙනි පුතා උන සාගරිකා ගාව....

කොටින්ම මට අත පය පන නෑ වගේ...මේ තත්පර ගාන තනිකරම දකුනු ඉන්දියානු දමිල චිත්‍රපටයක සටන් ජවනිකා අස්සෙ තියන අරසන්වේදීම කොටස වගේ....

වේදනාබර සංගීතෙ එක්ක හැම ක්‍රියාකාරකමක්ම ස්ලෝමෝශන් දිවෙන තත්පරේ වගේ...

ස්ටාර්ට් උන වාහනෙ එන්ජින් එකේ සද්දෙ .....බය උන සමනල්ගෙ ඉකිය....සමනල්ව අතින් අල්ලන් හන්ගන්න හදන පසනගෙ කුනුහර්ප වැල...කිරියා සුකුමලා මගෙ අම්මව පැත්තකට කරන්න හදන සද්දෙ වගේම වටේම උන්ට අහු වෙන අහුවෙන එකෙන් නෙළන සද්දෙ ඒ අස්සෙන් මගෙ අප්පච්චිගෙ ගොරනාඩුව මේ හැම දේම කන් වලට ඇහි ඇහි පස්සෙන් පස්සට ඇදිලා ගියපු මට මගෙ ඔලුවට වැදුන පාරත් එක්කම අම්මගෙ යටිගිරියෙන් බෙරිහන් දීමත්.....පනගියපු සාගරිකගෙ මලකද පාගන් ගිහින් මගෙ පස්සෙන් එන්න ආව අම්මව තල්ලු කරන් ගියපු හැටිත් මාව ඉල්ල ඉල්ල පස්සෙන් ආව අම්මව.වැටුන හැටිත් දැක්කා විතරයි සමුද්‍ර ගාව අසීමාන්තිකව හුරතල් වෙන මට එක තත්පරේකට මගෙ හුරතල් කම අමතක වෙලා ගියා....මන්ත්‍රී ප්‍රශ්නයක් හන්දා පස්ස ගහලා උන්නත් වෙන දේ බලාගන ඇස් කන් පියාගන ඉන්න බැරි කමට එදා වේල හම්බකරගන්න මිනිස්සු පවා පහු පහුවෙලා වැටුන අම්මව මගෙ චූටි මල්ලිව රකින්න ඉස්සරහට එනකොට බැල්මකින් වත් ඔය කියන පකෙ මන්ත්‍රී කාරයට වැරද්දක් නොකරපු අහිංසක මිනිස්සු මන්ත්‍රි කකුල් ලෙව කන කුපාඩින්ගෙන් පාර කනකොට මට තව දුරටත් මගෙ තටු අකුලන් ඉන්න බැරි උනා...

බෝංගන් විලා පෝච්චියක්....

පස තද වෙලාවැඩිකමට මුල්වලින් පවා සිමෙන්ති පෝච්චිය බදාගන ඉන්න කටු පිරුන දම්පාට බෝගන් විලා ගහ....

මටත් නොදැනි මගෙ දතකට එකට තදවෙලා ගියා....බෙල්ලෙන් අල්ලන් උන්න එකාට ගහපු පාරෙ නම මම වත් දන්නෙ නෑ.....කටු වලට අතම හීරුනත් ඒ හීරුමවත් නොදැනෙන තරමට මගෙ තරහව ඉහවහ යනකොට මම දැක්කෙත් බෝංගන් විලා පෝච්චිය මගෙ ඇස් ගාවින් පියාඹන් යන එක විතරයි .....

දඩාස්....

ඔලු කට්ටක් ඉවරද කොහෙද ....

සිමෙන්ති පෝච්චි කටු සීසීකඩ....

ඔලුව අල්ලන් වැටුන එකාගෙ මූන ඊලග තත්පරේදි ගල් උන පස් වලින් වැහිලා යනවත් එක්කම මං ඒකගෙ බඩට කකුල ගහපු ගැහිල්ලට මං හිතනවා බඩ දරු අම්මට ඌ දුන්න වේදනාව ආපිට ඌටම දැනෙන්න ඇති කියලා....

ආ....හ්....හ්හ්හ්...

හ්..හැමනෙන එකේ සීමාවක් තියාගනින් කැරියා....උඹ අත තිබ්බෙ මගෙ අම්මට.....උඹ මරාගත්තෙ මගෙ පන වගේ උන්න බල්ලට.....බලන්ඩ....බලන්ඩ තොපි එකෙක් හරි ආය මගෙ එකෙක්ට අත තියපියව් ...යකො හිර හතකට යන්ඩ හරි මං තොපි ඔක්කොම බාවන එක බාවනවා හුත්තො.....මං ඇවිත් සෝලංගාඅරච්චිට ගෙ පුතා බොලව්!!!!!

මගෙ ඇස් වල තියන සියුම්ම ලේ නහර පවා ඉලිප්පීගන එන හැටි මටම දැනෙන මොහොතක මං කෑගැහුවා...ඇහුනා හෝ නැතා අරූගෙ යටි බඩ උඩ තිබුන කකුල තවත් තද කරකර පැලුන ඔලුවෙන් ලේත් පෙරාගන මං කෑ ගැහුවා ....වැටුන අම්මව වට පිටාවෙ උන්න තවත් අම්මෙක්ගෙ අත්වලට වාරු වෙනකොට මං බලාගන කිරියා එකෙක්ට බිම දාගන ගහන ගහනවා...

අනිත් පැත්තෙන් මගෙ අප්පච්චි ...මං තව දුරටත් ඒ මනුස්සයගෙන් ඕඅයිසි කෙනෙක් දැක්කෙ නෑ.....මං තව දුරටත් පුලුවන් උපරීමේටම ඉවසන මනුස්සයෙක් දැක්කෙ නෑ....මං දැක්ක එකම දේ නම් දරු කැකුමත් මගෙ අම්මා වෙනුවෙන් දැනුන බයෙත් වේදනාවෙත් සීමාව ඉක්මවලා ඒ හැම හැගීමක්ම තරහවකට හැරුන මනුස්සයෙක් වෙද්දි ඒ අතින් පාර කාපු එකෙක් මං බලාගන ඉන්නකොටම දැනගැස්සුනා...

උඹට මං කිව්වා....පිනට කහින එක නවත්තන් නම්බු ඇතිව පලයන් කියලා....තොපි කියන කියන විදිහට සල්ලි අරන් සාක්කුවෙ දාගන්ඩ නම් ඇයි හුත්තිගෙ පුතො අපි නිදිමරාගන පාඩම් කරල විභාග ලියලා මෙතනට එන්නෙ .....

උත්තර.....උත්තර දියව්.....තොපෙ එක කතිරෙකින් පුටුවලට එන කාලකන්නි පක්කු දන්නෙ මෙච්චරයි .....මොලෙ කලදක් නැති හුත්තලා ලැට් බාල්දියක් එක්ක පරිප්පු පන්සීයක් බෙදාගන ගියහම තොපි යනවා කතිරෙ ගහන්ඩ...

තොපි එනවද මට කප්පන් දෙන්ඩ.....යකො මේ සෝලංගආරච්චි ට රටේ මහ එකා වැරදියි කියලා දැනුත් ගෙදර ඉන්ඩ බලන් හරි මං ඒ අත්වලට මාංචු දාලමයි නවතිනෙ...

මගෙ ලමයිට අත තියන්ඩ....ඇයි මහ පරයට වදල අමාරුද...

කතා කරපන්....මොන පරයද මගෙ කොල්ලව ඉස්සුවෙ...මොකාද....යකො...

සෝලංගආරච්චි උඹ මහ වැරද්දක් කරගත්තෙ...නිශාන්ත අලහපෙරුම ගැනනොදැන උඹ මේ නටන්නෙ...නයාට ගහලා පොල්ල වරද්ද ගත්තා කියලා හිතාගනින්.....උඹ .උඹ යකො....උඹ....

පොල්ල...පොල්ල....වරෙන් උඹට මං පොල්ලක් පෙන්නන්ඩ.....අලහපෙරුම මහ එකෙක්ද?ආ...

මං බලාගන උන්නා...සිමෙන්ති පෝච්චි පාර කාපු එකාට සිහි නැති උනාද මැරුනද කියන එකවත් ගානක් නැතිව යනකොට මන් බලාගන අප්පච්චි එකෙක්ව දැනගස්සලා උගෙ කම්මුල් පලන්ඩ හදනවා ...හැබැයි එක තත්පරයයි ....මං බලාගන ඇරපු කැබ් එකෙන් රිදීපාට තලයක් එලියට එනවා....

අප්පච්චි ...දෙයියනෙ මගෙ අප්පච්චි .....පස්ස හරවන් ඉන්න මගෙ අප්පච්චි ට අනින්න හදන්නෙ....

අප්පච්චි ....හ්හ්

.මං කෑ ගැහුවා...කා කොටාගන්න කුඩු වෙන සද්ද මැද මං කෑ ගැහුවා.....අප්පච්චි කියලා මං බෙරිහන් දුන්නා.....ඒත් මගෙ කරුමෙට මේ කාලගෝට්ටියට මගෙ සද්දෙ අප්පච්චි ට ඇහුන් නැ දෙයියනෙ....

අප්පච්චි ....අනෙ අප්පච්චි අහකට වෙයන්...උඹ මැරෙයි අප්පච්චි .....අනෙ පැත්තකට වෙයන් රත්තරන් ....

අප්පච්චි අනේ....අප්පච්චි .....

අප්පච්චි අහකට වෙයන් අප්පච්චි ...

..ක්..කිරියා අනෙ දෙයියනෙ ........අප්පච්චි

අප්පුච්චියෝ.......

සමනල් එපා.....සමනා...ල්

මගෙ අප්පුච්චියා.....පුතා...ගෙ ....අප්පුච්චියා...අයියෙ....පුතා...ගෙ ...අයියෙ...

අප්පච්චි .....හ්හ්.....චූටි අහකට පලයන් චුටීහ් ...

මෙච්චර වෙලාම අරූව පාගන් උන්න මං අප්පච්චි ගාවට දිව්වා.....බත් පැකට් එකට කොන්ද නවාගන සර් ගගා කටු කන පර හැත්ත හිතක් පපුවක් නැති ගානට හේතු තැනි තරහවල් මගෙ පවුල පිටින් පිරිමහනකොට ඔය පාර වැදුනොත් මගෙ අප්පච්චි ඇස් පනාපිටම හුස්ම යවයි කියන බය මාව මරන්න හැදුවා....

මල්පෝච්චිය උස්සලා කෙලලා අරින්න හයිය දුන්නෙ කව්ද...ලැබුනෙ කොහෙන්ද කියන්න මං දන්නෙනෑ....දුන්න එකා මොකා උනත් අනේ ඒ හයිය ආපිට දීපු එකාම වාශ්ප කෙරෙව්ව කියන එක විතරක් මට දැනුනා.....

මං කෑගැහුවා.....කැබ් එක ගාව පොරකන අප්පච්චි දිහාවට කෑගන් ගියපු මට අත පුරවලා කම්මුල් පාරක් වැදිලා ගියා.....උන් වාඩුව ගන්නවා.....මහ එකා දික්වැල්ල පොලිසියෙ ගෙවන පැයක් පැයක් ගානට උන් හිතක් පපුවක් බයක් හැකක් නැතුවම වාඩුව ගන්නකොට අතපුරවලා කම්මුල් පාරක් කාපු මම කටට ලේ රහ දැනි දැනිම වැටි වැටි වීසිවෙවි මගෙ අප්පච්චි ගාවට දිව්වා....

.අරකා දුවනවා...රිදී පාට සීතල කඩු තලෙ අමෝරගන ඒකා උන්ගෙ උන් මැද්දෙන් මගෙ අප්පච්චි ගවට දුවනකොට කොච්චර පැත්තකට කෙරුවත් මගෙ චූටි මල්ලිට අඩ අඩ හරි අප්පච්චි ගාවට දුවන්න ඕන් වෙලා තිබුනා....අනිත් පැත්තෙන් බඩ දරු අම්මාකෑ ගහනවා.....අරකා එන ඒමට ඒකට අප්පච්චි කව්ද.....සමනල් කව්ද කියන්නවත් වැඩක් නෑ...උගෙ එකම අරමුන ලේ විතරක් හලන එක ව්තරක්ම වෙද්දි මං මගෙ ඉස්සරහට ආව සිගරට් ගහලම දුම් කොලයක් වගේ ඇකිලුන එකාවත් තල්ලු කරගන අප්පච්චි ගාවට දිව්වා....

දෙයියනෙ මං පරක්කු උනා....

දෛවය ලියන අසාධාරන දෙවියො මාත් අප්පච්චි ත් අතර තියන දුර වැඩි කරලා මන්ත්‍රීමාරයගෙත් අප්පච්චි අතර තියන දුර කෙස් ගහකට වඩා අඩු කරල්ල දැම්මා....

මගෙ ඇස් වලට කදුලු පවා උනන එක නැවතුනා...

ඒ තරමට මගෙ ඇස් බය උනා....

පපුව නැවතුනා.....

මගෙ හුස්ම නැවතුනා....

මේ ලෝකෙට ඇවිදින් හුස්ම ගන්න වරම් දුන්න මනුස්සයගෙ ජීවිතෙ බේරගන්න ඒ මැදින් හිටගන්නවත් මට කාලෙ නැති උනා...

අරකා එන ඒමට කඩුව අමෝරාගන ඉන්න අත පස්සට කරලා මගෙ අප්පච්චි ගෙ පිට පැත්තට දික් කෙරුවා.....දෙයියන්ගෙ ඔය පාරට මගෙ අප්පච්චි ගෙ හදවත ඇමිනිලා එලියට එනවා ....

දෙයියනේ අනේ....හ්.....තේජක......!!!!

අප්...පු...ච්....ය්...යැ...හ්හ්...හ්හ්හ්හ්.....අ..ම්...මියෙ.....හ්හ්.......

සරස්... ..

අ.....අ.....ආ.....හ්හ්....

ස්..සුදු...මහ.....ත්...තයා....

අ..අනේ...මගෙ.....රත්තරන් .....අප්පච්චි ........

"තේ...ජක....අප්පුච්චේ.....හ්"

උනුසුම්ම උනුසුම්ලේ බින්දු අහුරක් ඇවිදින් මගෙ මූන තෙමාගන ගියා .....

ඉහලට ගත්ත හුස්ම මට ආපිට පහලට දාගන්න බැරි උනා....

උගුරෙන් පහලට කෙල බිදක් ගිලෙන්නෙ නැති තරමටම මගෙ උගුර කාන්තරයක් හා සමානව වේලිලා ගියා....

කිරියව ගල් ගැහුනා...

සුකුමලාට ඇහිපිල්ලම් ගහන්න අමතක උනා.....

අප්පුච්චියෙ ගාන් ආව මගෙ චූටිමල්ලිව කකුල් පැටලිලා වැටුනා...

පිහාටු පුම්බන් කූඩුව පුරාවටම පිහාටු හල හල ක්‍රෑස් ක්‍රෑස් ගාලා කෑ ගහපු සුසංගතා අප්පච්චි ට කෑ ගැහුවා......

මගෙ මූන පුරාවටම ඉහිරුන උනුසුම් ලේ බින්දු මුනත් අතෑරලා බිමට රූටන් වැටෙන මොහොතක මට ඒගොරෝසු කටහඩ ඇහුනා .....

උන් කාගෙවත් ලේ එහෙම ලේසියකට හොලවන්ඩ බෑ හරිය....!!!

ස්.....සමුද්‍ර.....!!

නැංගුරම් පාරක් .....

අතෙ ඇගිලි පහට කිටි කිටියට හිරවෙලා තිබුනෙ මලපාට උන හතර අතට උල් උන යකඩකොකු ඉස්සුන "ඇන්කරයක් " වෙනකොට නැංගුරම් පාර කාපු එකාගෙ මස ඉරිලා ගිහින් තිබුනා....ඒකගෙ පිටෙ මස් එල්ලෙනගමන් තිබුනා...අතට හිර වෙලා තිබුන රිදි පාට තලෙත් ඒකගෙන් ඈතට වීසිවෙලා තියනකොට මේ හතර වටම උන්න උන්ගෙ ඇස් එක තත්පරේකට ලොකුවෙලා ගියා....

ස්..සුදු....අ..අයියෙ.....ප්..පප්පෙ...ම්..අගෙ අප්පච්චි ....මගෙ අප්පච්චි ...අ..අයියෙ....අනෙ..මගෙ අප්පච්චි ...සාගරිකා...සම...නල්....

මට ඇඩෙන්න ආවා....මං මෙවෙලෙ එයාව දැක්කෙම දෙවියෙක් හා සමානව වෙද්දි මෙච්චර වෙලාම අර කදුලු සුසුම් ඉකිය හිරකරන් උන්න මගෙන් ඒ හැම දේම එයාව දැකපු මොහොතෙම එලි පැන්නා මං එයාගාවට දිව්ව.....

සුදු චූටි....ඔහෙ හොදින්ද ...නැද්ද .....වැල්වටාරම් එපා....නෑ නම් නෑ කියපන්.....මන් මෙ ඔක්කොම පෙති ගහලා කරවල කරනවා ආය....මට පෙන්නපන්....මොකාද...??

මොකාද ඒකා.....මෙතන උන්න ඔක්කොම උනත් මට අදාල නෑ ...කිරියා

ස්කීපර් අයියා....

මෙන්න මූව දාපන් ෆීසරේට...ලොකු මහත්තයා .....දාන මාංචුවක් පස්සෙ හරිය....මගෙ ඒරියා එකේ අලහපෙරුමට නෙවෙ...අලියගෙ මුල් පුටුවට වත් රගන්ඩ බෑ ඒක මගෙ නීතිය හරිය....මෙච්චර දෙයක් වෙන වෙලාවෙත් ඵෝන් එක උස්සන් ඉන්න ඔය පොඩි හුත්තිගෙ පුතාලා දානකොට මේ අහිංසයන්ගෙ වැරදි හදලා නොදා මුන්වත් දාපන්...මන්ත්‍රී හුත්තලාට පුක දෙන පොඩි පකයි...කංජියා....

ස්කීපර් අයියා...

අර අරකගෙ ලදරම ගන්....මේ මේ ආව උන්වත් ගොඩකට ගහපන්....කටු කාලා මෙහෙම නම් මස් කන්ඩදුන්නොත් ටම හිකිලා යනවනෙ...වරෙව්කො ගෙයක් ගෙයක් ගානෙ කොල බෙදාගන....කාලකන්නි...රස්සාවක්.කරපියව්කො එක එකා පස්සෙ යන්නෙ...ලැජ්ජ නැති හැත්ත.....

අඩේ.....අඩෙ මොකාද අඩෙ මෙච්චර දෙයක් වෙනකොට වීඩියො කරන එකා....මේක අපිලගෙ රට ගෑවට තොපිත් හරි බඩු තමයි ආය...

සුදු චූටි....ඔහෙට තව කොහෙ හරි තුවාලදයි කියපන්...

න්..නෑ...අයියෙ....ම්..මට තුවාල නෑ.....

මං උන්නෙ ඇස් වල කදුලු පුරවගන.....එයා මගෙන් අහනවා තව කොහේ හරි තුවාලද කියලා....වෙන්න ඕන ලොකුම තුවාලෙ මගෙ හදවතට වෙලා තියනකොටත් මං ඒ වේදනාව ඉවසගන තව කොහෙවත් තුවාල නෑ කිව්වා.....

එයා එච්චරයි ඇහුවෙ පැලුන ඔලුවෙන් කාන්දු උන ලේ බින්දු දිහා බලාගන උන්න එයා අනිත් පාර ඇගිලි තුඩුවලට මගෙන් ගලන උනුසුම් ලේ බින්දුවක් අරගන ඒ දිහා බලලා දත්මිටි කාගන තැන් තැන් වල වැටීගන උන්න වගේම දැනටමත් ආපිට ආව වාහනේට යන්න හදන උන් දිහා මරාගන කන්න තරම් තරහකින් බලාගන උන්නා.....

මචන් මේක ඇති...

අන් ඔහෙ උන්නා....සාගරිකගේ ඇස් වැහිලා ගිහිල්ලා.....උදව්වට ආව මිනිස්සු පැත්තකට වෙද්දි කිරි කලේට ගොම බින්දක් දැම්මා.හා සමානව මොන රෙද්දත් වීඩියො කර කර ෆේස් බුක් දාන බුකී වීරයෙක් දෙන්නෙක් කංජියගෙන් කිරියගෙන් වගේම සුකුමලාගෙන් කුනුහර්ප අහන් පැත්තකට උනා...මේක ඇති මචන් කියලා ඇන්කරේ අතේ තියන් කෙදිරි ගාන උන් දිහා බලන් උරුම් පූට්ටු වෙන මගෙ සමුද්‍ර ගාවට ගියපු අප්පච්චි මන්ත්‍රී පඩංගුවො ඇතුලෙ ඉන්නකොටම නලලට අත තියාගන හිටපු අප්පච්චි ගිහින් ගේට්ටුව වහලා දැම්මා.....

ලොකු මහත්තයා ....ඔහෙට පිස්සුවක් තියේද ආය ..මේ කොල්ලගෙ ඔලුව පලලා....අර පොඩි එකා එහෙන් බයවෙලා....අනිත් පැත්තෙන් අර බඩ දරු මනුස්සයා....කාරනෙ මොක උනත් අපෙ පැත්තට ඇවිත් එහෙම හුකන්න බෑ බොසා හරිය...

ඒත් මේක මෙතනින් එහා බෑ ...ඇති....අර බලපන් අරූගෙ පිට ගන්ඩදෙයක් නෑ.....මං පොලිස් කාරයා මේ රටේ උන්ට මමත් අප්පච්චි කෙනෙක් කාගෙ හරි ගෑනියෙක්ගෙ මිනිහෙක් කියන එක අමතකයි ඔය ඵෝන් උස්සන් ඉන්න එවුන් ඕක දාන්නෙ එක දෙක කරලා.....අන්තීමට උන් මගෙ දරුපවුලට අත තියපු කොටස කපලා පාදඩ පොලිස් කාරයා අහවල් එකක් කෙරුවයි කියලා ජාත්‍යන්තරේට දායි...ඔය පොඩි එකා උඹට තාම කියන සිංහල තේරෙන්නෙ නෑනෙ...ඕක වහපන් නැත්තන් ඕක ගන්ඩ උඹට උසාවි ගානෙ ලගින්ඩ වෙයි හරි.....ඕන එකයි එපා එකයි හැම රෙද්දම වීඩියො කරනවා....මොකො උඹ මේකගෙ පැත්තෙ එකෙක්ද....?

තේ...ජක.....අ..අනේ...සුදු...මහත්තයා ....

මං එන්න හැරුනා....එතනින් එහා අප්පච්චි සමුද්‍රට මොනවා කිව්වද මන්දන්නෙ නෑ...අප්පච්චි ගාවට දුවන් ආව අම්මා අප්පච්චි ට මොනවා කිව්වද මට ඇහුනෙ නෑ....බය වෙලා උන්න සමනල්ට පසනා සාක්කුවෙ කොනක තිබුන මුකුලුවක් දීලා වැලි ගොඩේ ඉදගන්නවා දැක්ක මට ගානක් නෑ...

මෙච්චර දෙයක් වෙලා වටපිට බලලා ඊලග තත්පරේ මොනවද වෙන්නෙ කියලා අප්පච්චි ගෙන් අහන්නවත් මට ඕන කමක් තිබුන් නෑ...මේ හැම දේම කදුලු පිරුන ඇස්වලින් මං දැක්කෙ බොද වෙලා වෙනකොට මාව එහෙම්ම මගෙ කලු මැනික ගාව දනගැස්සුනා....

ස්...සුදු...ප්.පුතා....න්..නැගිටපන්...ම්...මේ....අයියා....ඇ...ඇයි.....උඹ....අයියව...බෙරගන්...න...පැන්නෙ.....න්..නැගිටපන්...න්..නැගිටපන්....කෝ....ස්..සාගරිකා....අනෙ.....න්..නැගිටපන්....අ..අයියා ගෙදර එනකන්...බලන්....ඉ..ඉන්නෙ..කව්ද....සුසංගතා.....බලන්....ඉ...ඉන්නවා..නැගිටපන්.....අනේ..නැගිටපන්....මගෙ...

පුතේ.....

ලියනගෙ ...හෙලෝ....ලියනගෙ...කැබ් දෙකක් එවනවා ගෙදරට

සුදු අක්කෙ ඔහෙව වැටුනා කොහෙ හරි ඇනුනද නෑනෙ...ඉස්පිරිතාලෙ එක්ක යන්ඩද....සුකුමලා ආට එක තියේ නේ....අක්කා දාන් යන්.....නිලමෙගෙත් ඔලුවපැලිලා...ටිකිරියගෙත් දනිහෙ ලෙල්ලක් නෑ...හරි හුත්තවල් තමයි වෙන්නෙ...පාඩුවෙ රස්සාව කරන් ඉන්න මිනිස්සුන්ට ඉන්ඩ දෙන්නෙ නෑනෙ.....

බොසා...අපෙ මහ එකා මේ සීන් එක වෙයි කියලා කිව්වෙ නැතැයි.....

අපරාදෙ මොකක් හරි ශේපක් දාගන්නකම් සද්ද වහලා ඉන්ඩ තිබුනේ...

කිරියා කියන්නෙ දැන් මට සල්ලි අරන් අරකව එලියට දාන්ඩ කියලද...අර කාමරෙ මගෙ යුනිෆෝම් එක ඇති

ලොකු බොසා...උ...උඹලා....වැරද්දක් තමා කරගත්තේ...අනෙ....අම්මෙ....හ්....පිට...උඹ නම් එසේ මෙසේ වැරද්දක් නෙවෙ කරගත්තෙ ලොකු බොසා...මේවට නම් වැඩ වරදියි....ආය....

අනෙ....අම්...මා....පල්....ල....මේ....බලපියකෝ.....කිරියා....මූ ගුටි කාලා...අපෙ සමනල්ගෙ මහ එකාට තව බයිනවා....අනේ...පප්පෙ මූට හමන්නපන් අප්පා.....සමනල් ඔහෙට තව මුකුලුවක් ගෙනත් දෙන්ඩද.....පසනා ගාව තව නෑනෙ...

එ..එපා...

මට ඇඩෙනවා..හතර වට කියවන කියවිලි මට ඇහෙනවා නෑහෙනවා උනත් ඒ වචනවල තේරුම වත් තේරුම් ගන්න බැරි තරමට මාව නන්නත්තාර වෙලා උන්නා.....

මගෙ ඇස් තනිකරම තිබුනෙ මගෙ කලු මැනික ගාව වෙනකොට මං පාර වැදුන කොන්ද අත ගගා ඌට නැගිටපන් කිව්වා....සුදු පුතා අයියා එනකන් බලන් ඉන්නෙ කව්ද අහ අහ ඌව බදාගත්තා..හුස්ම ගියපු ඒ මූන අඩ අඩ පුලුවන් තරම් ඉඹගත්තා....

සුදු මහත්තයා ....

.අ...අප්පච්චි ....මගෙ...මගෙ....සාගරිකා....අප්පච්චි අනෙ ඌ මාව බේරගන්න පැන්නා....ඌ මාවබේරගන්න හපන්න පැන්නා.....දැන්...මං බේරිලා...කෝ අප්පච්චි මගෙ සාගරිකා....

කෝ....අප්පච්චි මගෙ සාගරිකා...මාව බේරලා ඌ කොහෙද අප්පච්චි යන්න ගියේ ....මං එනකන් බලන් ඉන්න අසරනයා...අප්පච්චි ....මේ උඹගෙත් සුදු පුතා.....නැගිටින්න කියපන්කො...ඌ අප්පච්චි කියන දේ අහනවා.....අනෙ අප්පච්චි ....

මට ඇඩෙනවා...ඉකි ගැහෙනවා....සාගරිකා ගාව දනඔබාගන උන්න මගෙ ගාවට ඇවිදින් මගෙ උරහෙට අත තියාගත්තු අප්පච්චි ගෙ කකුල බදාගත්ත මං ඌ අප්පච්චි කියන දේ අහනවා කිය කිය මං මගෙ බල්ලට පන අරන් දෙන්න කියන්කොට අප්පච්චි මගෙ ගාවම දන ඔබාගත්තා.....

බදුල්ලෙන් එනකොට කොල්ලන්ටයි බල්ලන්ටයි එකට එන්න බෑ කියපු අප්පච්චි සාගරිකගෙ ඔලුවට අත තිබ්බා....

සුදු පුතා අප්පච්චි මේ.....මේ අයියා අඩනවා නැගිටපන්...

අප්පච්චි අනේ ඌට නැගිටින්න කියපන්කො.....අනේ කිරියා....අම්මෙ..මගෙ සාගරිකා...

සාගරිකා....අප්පුච්චියො....පුතාගෙ සාගරිකා...අනේ....අප්පුච්චියො.....පුතාගෙනෙ.....

කිරියා කොල්ලා...දන්න වෙට් කෙනෙක් නැද්ද....

හන්දියෙ වන්ශොට් ගාව එහා පැත්තෙ චාලි අයියා නම් ඉන්නවා බොසා...ඔකක් හරි කරගන්න පුලුවන් .....වන්ශොටාගෙන් නිලමෙටයි ටිකිරියටයි බේත් ටිකක් දාගන්ඩත් ඇහැක් හැබැයි මේ ගමන්ම ගියොත් නේ ස්කීපර් අයියා...

ම්න්...දැන්ම අරන් ගියොත් ගොඩදාගන්න චාන්ස් එකක් තිබ්නොත් මොකක් හරි කරගන්ඩ ඇහැක්.....සීදේවි ඔහෙටයි හිච්චටයි බෙහෙට් ටිකක් දාගත්තා නම් හරි....

සමනල් අඩනවා...මං තවමත් දන ඔබාගත්ත තැනමයි.....සාගරිකව අතට ගත්ත අප්පච්චි කිරියා දිහා බලලා වෙට් කෙනෙක් නැද්ද අහනකොට මං බලාගන සුකුමලා බල්ලව ගන්න දික් කරපු අතට වඩා තව අතක් ඉක්මන් උනා....

වෙන කාගෙවත් නෙවෙ සමුද්‍රගෙ.....මගෙ සුදු අයියගෙ ....එයා තාම මට සීදේවි කියනවා....අම්මා අප්පච්චි උන්නත් ගානක් නැතුවම මට සීදේවි කියනව....අප්පච්චිටත් උන්න තත්වෙ හන්දද මන්දා කවුරු මට දැන් මොක කියලා කතා කෙරුවත් ගානක් නෑ වගේ ඔහෙ සාගරිකා දිහා බලන් ඉදලා මගෙ දිහාත් බලලා මගෙ ඔලුවට අත තිබ්බා....

මල්ලිත් එක්ක ගිහින් බෙහෙත් ටිකක් දාගනින් සුදු මහත්තයා ...සුදු....තමුසෙවත් එක්ක යන්නද....

මට මොකුත් නෑ තේජක....

ශුවර්ද...තමුසෙට විස්වාසද විහාරා...මොකවත්ම උනේ නෑ කියලා ...ගෑනියෙ මගෙ ලමයා උඹ ගාව..... සක්කිලියා තල්ලු කෙරුවා කාලකන්නියා...මං තෝව....

තේ....ජක...අනෙ ඇති....පින් අයිති වෙයි....අනේ ඇති.....

ලොකු බොසා...අපෙ මහ එකා එනව කිව්වයි.....ආවොත් ඔහෙ එයැයිට මැසේජ් එක දෙනවයි....මං තාම ඉස්කෝලේ කිට පිටින්.....එයැයිගෙ වයිෆ් කේස් ...උන්දැ හිතෙ මං දඩාවතෙ යනවයි කියලා...පොලිසියෙ උනාට අපෙ මහ එකත් එයැයිගෙ කටට බයයි....ටම හිකෙන කටක් ඈ ලියනගේගෙ පවුලට තියෙන්නෙත්...සුදු අක්කෙ බොසා කිව්වා වගේ ඔහෙට මක්කවත් අමාරුවක් නෑනෙ....

සාගරිකා...අනේ උඹ ආපිට අයියා එක්ක ගෙදර එනවා නේද රත්තරනෙ .....අයියටයි සමනල්ටයිආය තනියෙන් එන්න බෑ බන්....නැගිටලා මා එක්ක ගෙදර වරෙන්....

මං ආයම ගිහින් මගෙ සමුද්‍රගෙ ඇගට හේත්තු කරන් අත පය වගේම බෙල්ල කඩාවැටෙන සාගරිකගෙ බලු අත අල්ලගත්තා....අප්පච්චි ආයම කෙදිරි ගාන එකෙක්ට දෙකක් අනින්න හදනවා.....ඒත් මට නෙවෙ දැන් ඒ ගැන බලන්න උවමනාවක් තිබ්බෙ ...මොකද මන් දන්නවා...අප්පච්චි ත් සමුද්‍රත් ඉන්න තැන මාත් මගෙ අම්මත් සමනලුත් සීයට දාහක් ආරක්ශිතයි කියලා....

සුදු චූටි...

අයියෙ....කාට බැරි උනත්....මට පුලුවන් නේද නොමල ගෙදරකින් අබමිටක් හොයාගන්න...මට....පුලුවන් වෙයි...නේද.....අයියෙ.....මට...පු...ලුවන්...වෙයිනේද.....අයි....යේ

මං ඒ අත උඩ මගෙ ඔලුව ගහගත්තා.....පෙරේදා නාවපු පාර තවමත් සාගරිකා ගාවින් ශැම්පු සුවද එනවා.....තනිම කලු මයිල් යාන්ගෙටම සුදු මේස්දැම්මා වගේ තිබුන සුදු මයිල් තිබුන බලු කකුල් හතර ඔහෙ එල්ලෙනවා...

ප්‍රේමියනි...කවදාවත් නැතිව අමාකර උන මන් උඹලා ගාව වැද වැටෙනවා....පුලුවන් නම් ප්‍රාර්තනාවක් කරපල්ලා නොමල ගෙදරකින් මට අබ අහුරක් ලැබෙන්නයි කියලා.....!

ලියන ගේ ඔවුන් ඔක්කොමව ඇතුලට දානවා....මට නිදහසට කාරනා ඕන නෑ...දැන් මහ එකා එක්ක වඩියක් ගහන් ඉන්නෙ නැතෑ පුලුවන් නම් ලොකු මුට්ටියකුත් දීලා දානවා ඔක්කොටම එකතුවෙලා ඇතුල් වෙලා ඉදන් පෙරන්ඩ කියලා.....මචන් මේ සල්ලි...

අප්පු...ච්චියෝ....පුතාගෙ.....පුතා...ගෙ....කකුල....සිදෙනා.....අම්මි...යේ.....හ්....දනවා...යෝහ්...පුතාට...දනවා.....පුතාට....දන....වා....

හරි...හරි...හැදි පප්පාද සුදු පප්පද කව්ද එක්ක ගිහින් බෙයියන් දාගන එන්ඩ.....අර පුතාගෙ පසනත් ඉන්නෙ....කැතයත් ඉන්නෙ....ඉක්කෙ...ඉක්කෙ....පොඩි ලෙල්ලක්නෙ ගිහින් තියෙන්නෙ....අර පසනත් බලන් ඉන්නවා...කොල්ලො උනහම අඩන්නෙ නෑ....නේ පසනා.....පසනා අඩන්නෙත් නෑ...දැක්කනෙ...

ඔව්....සමනල් කොල්ලො උනාම අඩන්නෙ නෑ.....ඒ එඋනාට ටිකක් විතර අඩන්නත් පුලුවන් නේ...ඈ පප්පා තාත්තෙ....පුලුවන්නෙ...ඒත් ඔහෙ අඩන්න එපා සමනල්....පසනටත් දුක හිතෙනො....අපි බේත් දාන් ආවම අපෙ සයුරියගෙ කාමරේට යන්....ඒකිට මක්කද මගුලක් වෙලාලු.....

කිරියා මේන් සල්ලි.....

පිස්සුවක් ඇතෑ ආය.....අපෙ මහ එකා මගෙ කන පලයි ගෙදර ගිහින්....ස්කීපර් අයියා මේ බලකො අඩා නිලමෙගෙ මහ එකාගෙ නාඩගම්.....

මේ මේ පිස්සු නැතුව මේක ගන්නවා...මචන් මගෙ කොල්ලො දෙන්නව පරිස්සමින් එක්කන් යමන්....මදි උනොත් මදිපාඩුව දෙන්නම්...

ලොකු බොසා අපිට ලැජ්ජ කරනවා....කිරියා ගිහින් ලොරියෙ දොර ඇරපන්...සීදේවි ඔහෙත් මේ හිච්චා එක්ක නගින්ඩ ...

ස්කීපර් අයියා බලු කෑල්ලව ආටා එකේ දාගන්ඩද.....

හ්ම්....

අප්පච්චි ඔහෙගෙ මායියට කියනො මාත් අද රාජාකරි වැඩක් කියලා හරිය....

.......?

පප්පෙ පසනත් එන්නම් ඈතාත්තෙ...සමනල් පව්නෙ....පසන ආවොත් සමනල් අඩන එකක් නෑ.....වන්ශොටා ගාවට නෙ යන්නෙ.....

සමනල්ට අපි බඩ්ඩක් අරන් දෙමු තාත්තෙ.....අර පසනටට් තාත්තා අරන් දෙන්නෙ....බුරි බනිසක් අරන් දෙමු තාත්තෙ...පසනත් ආසයිනෙ...

චූටි එන්න....

මං සමනල්ව වඩාගත්තා....දනිහෙ ලෙල්ලක් ගියපු සමනල් කැකුමයි ගගා අඩ අඩ මගෙ ඇගේ එල්ලෙනකොට මන් බලාගන අප්පච්චි දික් කරපු සල්ලි වලට කවුරුත් අතක් තිබ්බෙ නෑ.....පසනත් මොන මොනාදෝ කියලා කියලා අනිත් පාර අපිටත් කලින් දූවලා ගිහින් ලොරියට නැග්ගා...කිරියයි සුකුමලයි සාගරිකව දාගන ගිහින් "සුකුමල් ඉදි ආප්ප කමු"කියලා ලියලාතිබුන ආටා එකට නගිද්දි මන් බලාගන මගෙ අම්මා ඇස් වල කදුලු පිහ පිහ මිදුල පුරාවටම එහා මෙහා යන අප්පච්චි ගෙ ස්ටේශන් එකේ වැඩකරන අය දිහ බලන් ඉන්නවා....

සුදු චූටි...

......

මැනික ඔහොම ඉන්ඩ එපා බන්.....පප්පට ආරන්චි උන ගමන්මයි කරන වැඩෙත් දාලා ආවෙ.....

ස්තූතියි අයියෙ.....

.......උඹ ඔහොම ගොලු වෙනකොට මට වාවන්නෙ නෑ අමාකර ...කොච්චර වාත් කට කියවන උඹ මෙහෙම එකපාරම වචන ගොලු කරගත්තම මට වාවන්නෙ නෑ රත්තරන් .....කියන්න දෙයක් නැත්තන් අඩුම ගානෙ නුවර ලබ්බවත් දොඩපන් අමාකර....පප්පා වෙනදා වගේ අද කට පියවපන් කියන්නෙ නෑ මා පුතාට....ඔහෙ ඔහොම ඉන්නකොට මට රිදෙනවා රත්තරනෙ ...

මං ඒ මුන දිහා බලන් උන්නා.....ඒ ඇස් රතු වෙලා....තුවාල උන ඔලුව අත ගගා එයා කියවනවා.....වෙනදට කොච්චර වාත් කියවන මගෙ කට වැහිලා ගිය එක එයාට වාවන්නෙ නෑ ගාපු මගෙ සුදු අයියගෙ ඇස් වලට මගෙ ඇස් පනාපිට කදුලු පටලයක් බැදිලා ගියා...

එයා හරි ....වෙනදට වචන දහයක් කියෙව්වොත් ඒකෙන් නමයක්ම කියවන්නෙ නුවර නම්බුව ගැන වෙද්දි එයාම මට අනන්තවත් සුදු චූටි කට වහකො කියලා මගෙ කට වහන්න හදනවා...ඒත් අද එහෙව් මනුස්සයම ඇස් වල කදුලු පුරවගන මගෙන් කියවපන් රත්තරනෙ කිය කිය මාව අතගානවා...

එ..ඒතරමට මට ආදරෙයිද අයියෙ.....ඒ තරමට...ම....උඹ මට ආදරෙයිද මගෙ සමුද්‍ර?

සුදු මහත්තයා ....පුතේ...

අ...අප්පුච්චියෙ....ම්හු...ක්....

අඩන්න කදුලු පුරවන් බලාගන ඉන්න ඇස් දිහා බලාගන උන්න මට එයාගෙන් මට ඒ තරම්ම ආදරෙයිද ඇහුවට ආපිට උත්තරයක් ගන්න බැරි උනා....සමුද්‍රට මාවයි මල්ලිවයි බාර දුන්න අප්පච්චි දික්වැල්ල පොලිසිය කියන ජිප් එකක් අපෙ ගෙදර ඉදන් යනවත් එක්කම ලොරිය ගාවට ඇවිදින් මට කතා කෙරුවා.....

කිව්වට විස්වාස කරන්න.....සමුද්‍රගෙ වගේම ඒ ඇස් වලත් කදුලු බැදිලා තිබුනා.....සුදු මහත්තයා පුතේ ගාන් ආව අප්පච්චි දැක්කා විතරයි සමනල් ආයම අඩන්න කට හදනකොට සමනල්ගෙ ලෙලි ගියපු දනත් ලේ බින්දුවලින් පාට වෙලා තිබුන මගෙ ටී ශර්ට් එකත් දැකපු අප්පච්චිගෙ පපුව පුපුරන්න ආවද කොහෙද .....

සිහත්.....සුදු මහත්තයා ...රිදෙනවද...ඇයි බන් ඉස්සරහට පැන්නෙ.....අප්පච්චි ට පෙන්නපන්.....

ම්..මං..හොදින් ....අප්...පච්චි.....

මහ මිනිහෙක් වෙන්න හදන්න එපා සුදු මහත්තයා ....උඹ මෙහෙම ඉන්නකොට මටයි රිදෙන්නෙ.....කෝ බන් උඹගෙ වක්කඩ වගෙ කට....සමනල්....මගෙ පුතාට රිදෙනවද.....

.අප්පුච්චියො...පුතාට සිදෙනානෙ...

මෙයැයිගෙ කකුල මං අත ගාන්ඩද සමනල්ගෙ මහ එකෝ...ඈ සමනල්ගෙ අප්පුච්චෙ...අපෙ පප්පා තාත්තා එනගමන් බඩුවකුත් අරන් දෙයි එතකොට මෙයැයිට රිදෙන එක අඩුවෙයි...මාත් අඩනකොට අපෙ තාත්තා පසනටත් මොනා හරි බඩුවක් අරන් දෙනවනෙ....අපි ඔහෙටත් බඩුවක් ගේන්නම්...

පසනා කියනවා....අනිත් පැත්තෙන් මගෙ අතයි සමනල්ගෙ අතයි අල්ලන් උන්න අප්පච්චි කියවනවා.... අප්පච්චි ට දුක හිතෙනවලු....ඒ වචන ටික කියනවත් එක්කම මං සමුද්‍ර දිහා බැලුවා....ඒ වචන ටිකම මීට තත්පරේකට උඩදි මගෙ සුදුඅයියත් කිව්වා....දැන් ඒ ටිකම මගෙ අප්පච්චි ත් කියනවා.....මං හිතන්නෙ මේ ජීවිතෙ ඇතුලෙ මට අප්පච්චි ලා දෙන්නෙක් ඉන්නවා...

මන් එන්නම්....අප්පච්චි ....සාගරිකා එක්කම ආපිට මං එන්නම්.....මං අප්පච්චි ගාවට පැන්නෙ නැත්තන් ඒ පාර අප්පච්චි ට වදිනවා....එහෙම උනොත්....මට මීටත් වඩා රිදෙයි...මං....නොදරුවෙක් නෙවෙ....අප්පච්චි .....අම්මා කිව්ව...චූටි කාලෙ මගෙ කකුල් වල කැලලක් වත් එන්න නොදි අප්පච්චි මාව බලාගත්තා කියලා ...එහෙම...මනුස්සයා වෙනුවෙන් කැලලක් ඇති උනාට....මට රිදෙන්නෙ නෑ අප්පච්චි ...

..උඹට පිස්සු සිහත්.....ඔච්චර ඉක්මනට ලොකු වෙන්න එපා....මට ලෝබයි.....පරිස්සමින් ගිහින් වරෙන්...සමනල් මගෙ පුතා හොද ලමයෙක්නෙ.....බෙයියන් දාගන එන්ඩ.....

මං අප්පච්චිගෙ අත උඩින් මගෙ අත තිබ්බා...මෙච්චර වෙලාම ගලක් වෙලා.උන්න අප්පච්චි අවසානම තත්පරේදි දියවෙලා ගියා...එයාව බේරගන්න ඉස්සරහට පැනපු වේදනාව අප්පච්චි ව රිදවනකොට මං ඒ හිත හදන්න ඒ අත අතගාලා වචන දෙක තුනක් කියනවත් එක්කම සමුද්‍ර වාහනෙ ස්ටාර්ට් කෙරුවා .....

.

සුදු චූටි...

හ්ම්....

ගෙදර පහු උනා...පසනා සමනල්ව කතාවට අල්ලගන...මං දැනුයි හරියටම දැක්කෙ...ඌ එන්නෙ පයට සෙරෙප්පු කබලක් වත් නැතුව..උඩටත් මොකුත්ම නැතුව...ඉන්න විදිහ මොක උනත් පසනට ගානක් නෑ.... ඌ කරන එකම දේ නම් මොන මොනවා හරි බහු බූතයක් කියන ගමන් සමනල්ගෙ දනිහට කටින් පිඹ පිඹ ඔහෙට දැන් රිදෙන්නෙ නෑනෙ සමනල් ගගා සමනල්ගෙ මුන දිහා බලන එක....

එ අතර තුර මෙච්චර සැරින් සැරේම මගෙ දිහා බලපු මගෙ සුදු අයියා මට කතා කෙරුවා.....මගෙ කලු මැනිකගෙ නොදරු කාලෙ මතක අතරෙ අතරමන් වෙලා උන්න මගෙ ඇස්වලින් ඒ තෙත හොම්බ වෙනුවෙන් ගලාගන ගියපු කදුලක් මගෙ ඇස් දාරවලින් බිමට පැනලා කම්මුල් හෝදන් ඇවිදින් යටි තොල උඩ මැරිලා ගියා...නිකන් නෙවෙ හැගීම් වල ලුනුරස මගෙ කටට දැනෙන්න දීලා....

මං එයා දිහා බැලුවා...බලලා වෙනදා වගේ නැතිව හ්ම් ගෑවා...මහ මුහුද රැල්ල ගහනවා...වෙනද වගේම අහවරක් නැතුවම වෙරල ඉමට ඇවිදින් හාදු තිය තිය ආදරවදනුත් මහ මුහුදෙ හැංගිලා තියන කයි කතන්දරත් කියනවා....වෙනදා වගේම නිම් වලල්ල දම්පාට වෙලා රෑ අහසට ඕන කරන පාට එකතු කරනවා....සාගරිකාව අරගත්තු කිරියලාගෙ ආට එක ඉගිල්ලීගන වගෙ යද්දි එයා මගෙ ඔලුවට අත තිබ්බා .....

ඔහෙට උත්තර ඕනයි....

එයා මගෙන් අහනව උත්තර ඕනද කියලා ....ඔව්...මට උත්තර ඕනා...අප්‍රමාන වේදනාවකින් උන්න මට සැනසෙන්න ඕන...මං ඔලුව වැනුවා...මගෙ තොල අට වෙලිලා ගිහින් තිබුන මොහොතක මන් ඔලුව වැනුවා....

සුදු චූටි...ඔහෙ ආදරෙ තරම අහනවා.....මේ සමුද්‍රගෙ ආදරෙ ගැන කියනවා නම්....මගෙ ආදරෙ ගැඹුර කොයි තරම්ද කියනවා නම්...අමාකර ලගම උන්නත් මතක් වෙන්නෙ උඹව!

හුලන් රැල්ලෙ වේගෙ මනින්න මිනුම් නැති තැන්වල මහ මුහ මුහුදෙන් ඉපදෙන ඇස් මානෙනුත් උඩට ගහන චන්ඩ මාරියාවෙන් ජීවිත බේරන එකයි කුඹගහෙයි රුවලෙයි රාජකාරිය...මැනිකෙ මොන දේශ දීපන්කරේ උන්නත් මොන මාරියාව ගැහුවත් උඹලා රකින එකයි මගෙ ආදරෙ තරම.....

සීදේවි....කිය කිය ඉන්න අහට වඩා....දැනෙන දේවල් එක්ක් අදරෙ කරන්ඩයි මං මනාප.....සුදු චූටි උඹවම මට දියන් ....මං උඹට කිය කොය ඉන්නෙ නැතුව දැනෙන්න ආදරේ කරන්නම්....

උඹට මේ ආදරෙගැන තව දැනගන්න ඕනා නම් මට කියපන්...මං කියන්නම්...

මං ඒ මූන දිහා බලාගන උන්නා....සත්සමුදුරම ප්‍රේමයෙන් නැහැවෙන වෙලාවක මං ඒ ආදර ඇස් දිහා බලාගන මාව සනසවන මගෙ සුදු අයියා නම් වෙච්ච ආදර ඇදුරා දිහා බලාගන උන්නා...එයා මට ආදරෙ කරන තරම කියනවා....වෙනස්ම කතා ගොඩක් එක්ක එකම මනුස්සයෙක් මට දාහක් විදි වලට ආදරෙ කරන හැටි මං ලෝබ කමෙන් අහන් උන්නා.....

දන්නවයි සුදු චූටි,අම්බරේ.....ලෝකාන්තිමෙ මේ සංසාර චක්කරෙ ඇතුලෙ ඉන්න හැම මනුස්ස පරානෙකටම පොදු කතාවක් උනත්....අන්තීම හුස්ම එක්ක ඒක එකාගෙන් එක එකාට පුද්ගලික කාරනාවක් වෙනවා....අන්තීම හුස්ම පොද යන්න යනවත් එක්කම ඒකගෙ ලෝකෙ අන්තීම වෙනවා...අහවර වෙනවා.....

මැනිකෙ...මගෙ නුවර නිලමෙ...ඇහුනයි....මේ මූදු කාරයගෙ ලෝකාන්තිමෙ වෙන දා වෙනකන් මං උඹලට ආදරෙ කරනවා....

අම්බරේමන් ඔහෙට පන ඇරලා මයෙ අම්මෙ....

...සමුද්‍ර...

මගෙ යටිතොල් වෙව්ලුවා.....ආදරේ බරම තැන් වල මගෙ ඇස් වලට පවා ඉකිගැහුනා .....ඒ තරමට මේ ආදර පරානෙගෙ ආදරෙ සැර මට උහුලන්න බැරි උනා ....ඒ තරමටම මේ ප්‍රේම ගීතිකාවල තනු මට උහුලන්න බැරි උනා ...

මගෙන් හුස්මක් පිට උනා...අඩන ඇස් අස්සෙන් ආදරෙ වෙනුවෙන් ඉපදුන හිනාවකින් එහා දිහා බලන් ඉන්න මොහොතෙ එයා ස්ටියරින් වීල් එක තනිඅතින් අල්ලන් අනිත් අතින් මගෙ ඇස් වලින් පහලට රූටන කදුලු කැටෙ එයාගෙ ඇගිලි තුඩට අරන් ඒ කදුලු වලට පවා හාදු තිබ්බා...

.මේ කදුලු පවා මගෙ අමාකර....

සුදුඅයියේ...උඹත් මගෙ අප්පච්චි වගේමයි ..එකම මනුස්සයෙක්ට ක්‍රම දාහකට හරි ආදරේ දෙන්න පුලුවන් ආදරේට ණය නැති මිනිස්සුන්ට විතරයි ....දන්නවද.....

සුදු අයියෙ .. ප්‍රේමෙට ණය නැති මිනිස්සු ගාව මිනිස්සු හැමදාම නිවුන...හරියටම තේජක ගව විහාරා නිවෙනවා වගේම....සමුද්‍ර ගාව මේ අමාකර නිවෙනවා මගෙ අයියෙ.....කවදාවත් අමතක නොවෙන මනුස්සයෙක් වෙයන් සමුද්‍ර ...

මං උඹට හුගක් ආදරෙයි අයියෙ දැන් දැන් මට හැම වෙලාවෙම මතක් වෙන්නෙ ඔයාව...

මේ ඇස් අස්සෙන් මන් මගෙ නිවන හොයාගත්තා....මේ වචන අස්සෙනුත් මං නිවන හොයාගත්තා.....උඹගෙ ආදරෙනුත් මං නිවන හොයාගත්තා....සමුද්‍ර....සුදු අයියෙ ....මං කෙටියෙන් මෙහෙම කියන්නම්.....උඹගෙන් මං නිවෙනවා!අයියෙ.....අවසරද...මරන දොර වෙනතාක්ම උඹගෙන් විතරක්ම නිවෙන්න.....මැරීගන ආදරෙ දෙන තැන්වල මිනිස්සු එකම හිතක් මත්තෙ නහිනවා.. හරියටම මාත් දැන් උඹ මත්තෙ නහිනවා වගෙ....

මගෙ සීදේවි ....සුදු චූටි....නිවන හොයාගත්තෙ මගෙන් නම්....මං නොදී කොහොමද කියපන්කො රත්තරම අවසර.....මං ඔහෙට මහ සාගරේටත් වඩා වැඩියෙන් ආදරෙයි අමාකර!

වේදනාවෙ අංකුර හදවත පල පල උඩට මතු උනත් මොකද ආදර හැගීම් හුවමාරුවෙදි මං මගෙ මනුස්සයගෙ ආදරෙන් අප්‍රමානිකව නිවුනා....

සමනල් ඉන්නවද...පසනා ඉන්නවද...මේ මොකවත් ගැන නොහිතපු එයාගෙත් මගෙත් කතා බහ නොසෑහෙන්න ගැඹුරට ඇදීගන ඇදීගන යනමොහොතක මං මගෙ ගාව තියන ආදරෙ බරම වැඩි වචන ඉපදෙන පපුවෙ බරම පැත්ත අල්ලගන එයා වෙනුවෙන් හුගාක් කතා කියලා කියල කට වහනවත් එක්කම එයා මට සාගරේටත් වඩා ආදරෙයි කියනකොට ඒ ආදරේ ගැඹුර අර නිල්මහා සාගරේ ඇස්වලින් පවා වාන් දැම්මා.... .

සත්සමුදුරකත් හද එලියකත් ප්‍රේම කතාවෙ රහ බලන ප්‍රේමනීය මානවිය....,

වර්තමාන කාලෙන් ඔබ්බට වෙන්නෙ මොනවදැයි නොහිතම පපුවෙ බරම පැත්තෙ උපන් ප්‍රේම විල ප්‍රේමයෙන් පුරවන මේ අපූරු ආදරවන්තයා වෙනුවෙන් මං අප්‍රමානව පේ වී ප්‍රේම කරමි....!!

උපනුපන් ජාති ජාතිත් මේ මහ සමුදුරටම අයිතිවෙන්ඩයි නියත විවරන ඉල්ලමි....

*

*

*

"ඒහ්...නිලෙම්...මේන් මේ පරයා මැරිලා නෑ...මේන් මෙයැයිට කලන්තයක් අල්ලා..හුජ්ජ ගිහින් තියෙන්නෙ මේකා බය වෙලාලු....ඔහෙලා බෙහෙත් දාන් එන්ඩ...මායි සුකුමලයි මෙයැයිට ෆාමසි බේත් ගේන්ඩ යනවා.....මේකට හොදට කන්ඩ දෙන්ඩ කිව්වා...ඔහෙ පස් කෑවා මේන් මේකා මැරිලා නෑලු නිලමෙ ඇයි....බල....අම්...මෙ....මේ පක....යා..... ඉතින් බල...කො...කාරි නෑ..කාරි නෑ.....ටිකිරියයි ඔහෙයි බේත් දාගන එන්ඩ හරිය...මේන් මේකා දැන් කන්ඩ මායන් වෙනවා...ආය ඉතින් මෙතන මගෙ ඇටේ දෙන්ඩයි සූප්පු කරපන් කියලා...නෑනෙ...හරි ජවුසන් තමයි මේ උඩරට පවුල නටන්නෙ ...."

අ..අනේ.....ප...ප..ප්පෙ...තාත්තෙ...

පසනෝ...දයියා...පුතාට....දනවා...අප්පු...ච්චියෝ.....අම්මියෙ.....හ්...ඇති...අප්පා....

පසනෝ....අනේ....කැතයො....එපා...අත්ත....ම්මෙ....පුතාව....අර.....න්...යමපියො...අනේ....අප්පුච්චියො....පප්පෙ.....සුදු....ප...ප්පෙ.....ඌයි...යා...ඌ.....හ්....හැමනෙනවා...පප්පෙ...හ්....අ..අනේ...පසනෝ.....හ්..හැදි.....තා...ත්...තේ....හ්හ්....

ආ..ආ..හරි සෝක්....දොට්ට මාමෙ ඔහෙ සමනල්ට රිදෝනවද මන්දා...තාත්තෙ....මේන් මෙයැයි සමනල්ව රිද්දෝනවා.....ටම....හැමනෙ....භ්භ්....භ්භ්.....භ්භ්....භ්භ්....භ්භ්...අතෑරපල්ලා....භ්භ්.....සමනල්ට....අරකා...අයිනවා...භ්භ්භ්භ්භ්....

ප්....පසන්.....මල්...ලී...!!ඔහෙට මොකදැයි වෙලා තියෙන්නෙ හැබෑටම ආ?

...සුදු පුතා....පප්පා ළඟ.....පප්පා ළඟ....තව චූට්ටයි....මයෙ හිච්චට බෙයියා දාලා ඉවරයි....මාපුතාට රිදෙන්නෙ නෑ....කෝ...පප්පව අල්ලගනිල්ලකො....ආන් අර පසනත් බලාගන ඉන්නවා...

මට දාඩිය දැම්මා....පැලුන තැනට බේත් චුට්ටක් දාගත්ත මං පසනගෙ කට මිරිකගත්තු මං ඒකගෙ කට අතෑරියෙ එලියට ඇවිල්ලා....අරහෙ කානුවා දොස්තරයගෙ කන් අඩි පලන්න හදනකොට පසනව ඇදගන ආව මට ආයමත් පරන නුවර වන්නම ආවේස උනා.....

එක පැත්තකින් කිරියගෙන් අපෙ ඒයිගෙ ඵෝන් එකට මං වෙනුවෙන් ආව මැසේජ් එකෙන් මට පියානෝගෙ පුතානොට හරක් රැල දැක්කම පුදුම සත්තියක් එනව වගේම පුදූම සත්තියක් ආවා ....ඔව් අම්මෙ....පුතාට ඒ මැසේජ් එක දැක්කම පුදූම සත්තියක්නෙ ආවෙ.....

ඇති යන්තන් සාගරිකා මැරිලා නෑලු...පඩංගුවා බය වෙලාලු...අනේ අනේ මූට බයටමලු චූ වෙලා තියෙන්නෙ.....කාරි නෑ ඌ කලන්තෙ දාලා හරි බේරුනානෙ.....නැත්තන් මට වෙන්නෙ මිනිහා මැරුන ගෑනි වගේ හූල්ල හූල්ල ඉන්ඩ

සාගරිකා ගැන කල්පනා කරපු මං දොස්තර මහත්තයට හමන්නන්න හදන ඉන්දියන් බෙදුම් කට්‍ට දිහා කටත් ඔහෙක් කරන් ඇසුත් මෙහෙක් කරගන රවාගන බලාගන උන්නා..මේකගෙ කකුල් එහෙම් පිටින්ම දූවිල්ලෙන් වැහිලා ගිහිල්ලා...කොන්ඩෙත් ඒ මේ අත වෙලා...පසනා තනිකරම මා දැලකට පැටලුන බඩපත පැලුන සාවාලයෙක් වගේ....

අනෙ මන්දා අපෙ ඒයි මේකව හුරතල් කරලා කරලා දැන් හොදටෝම නැහැදිලා.....මන්දා අපෙ නුවර මෙව්වා එකට මක්ක වෙයිද කියලා.....හෙට අනිද්දා දිහාට සීයත්තයි අත්තම්මයි එනවා...මේකා එතකොටත් ඇවිදින් ඔය හැමිනෙන කතා කිව්වොත් මොනරවිල මැනිකෙට මොනරු පේනෙයි ....ඇයි ඉතින් නුවර මිනිස්සු ඔයාකාර කුනුහර්ප කියනවද.....මටත් හැමනිලාම යයි එහෙම උනොත් ...අපේ එක්කෙනාට කියන්න ඕනා මෙව්වා දැන් ඉදම්ම හදාගත්තෙ නැත්තන් පස්සට අමාරුවෙයි කියලා.....ඔව් ඔව්..පස්සට සෑහෙන්න අමාරුවෙයි .....

..

පසන් මල්ලි.....ඔයාගෙ කතා විලාසෙ නම් අන්තීමයි....ඔහොමද ඩොක්ටර් කෙනෙක්ට කතා කරන්නෙ කිසි වැදගත් කමක් නෑ ....ඔයාගෙ කට නම් අන්තිමයි.....නුවර මිනිස්සු නම් කවදාවත් ඔහොම අසෝබන විදිහට කෑ ගහන්නෙ නෑ මල්ලි...මටත් එක්ක ලැජ්ජහෙ බෑ....ආයම මෙතනට බේත් ටිකක් ගන්න ආවොත් මුනවත් දෙන්නෙ කොහොමද ....??ඔයා ගානට වැඩී මල්ලියො හොදද ....

ආ.....හොද වැඩේ.....අරමක්කයි මගෙ විලාසෙ අන්තීම...ටම...සිරි....අපෙ තාත්තගෙ නිලමෙට මාන්දමද මන්දා...ඇයි අඩෙ මේ බලකො මෙයැයි දොඩන විකාර.....ඇරත් අහවල් දේටයි ඔහෙ එයැයිට මූන දෙන්නෙ????අපෙ තාත්තා හැමදාම මාවයි සයුරියවයි එක්කන් එන්නෙත් මෙහෙට්ට..අපිවත් මූන දෙන්නෙ නැ....අපෙ තාත්තා සල්ලි විතරයි දෙන්නෙ.....අපෙ තාත්තා වත් මූන දෙන්නෙ නෑ.....සිගිතියා අත්තම්මා උන් ඔක්කොම එන්නෙ වන්ශොටා ගාවට ඒ කවුරුත් මූන දුන්නෙ නෑ...ඔහෙ අරමක්කටැයි මූන දෙන්නෙ...මේන් මෙයැයිට මොන්ගලේද කොහෙද

ඇරත් ඔහෙ උඩ බලන්ද උන්නෙ.....ඒකා අපෙ සමනල්ගෙ කකුල ඇපිල්ලුව....අපෙ අත්තම්මා මෙයැයිගෙ රෙදිවත් ඔය තරම් හයියෙන් අපුලන්නෙ නෑ...ඔහෙට මක්ක වෙලාද මන්දා...පිස්සු අප්පා.....ඒ මදිවට පසනට චූබරකුත් අල්ලන් එන්නෙ අප්පා...ම්හුක්....ඒ අස්සෙන් අපෙ සිගිතියා මට අන්දපු ජන්ගිය හන්දා පිප්පි බෝලෙත් තදවෙලා ඌට හුස්ම ගන්නත් බෑ....

පසනා ....මගෙ කොල්ලා ඉන්නවයි

අනෙ තාත්තෙ...පසනට චූ බරයි මේක හිරයිනෙ ...ටිකිරියො ඔහෙට චූ බර නෑ.....

බරයි....නේ ත්...තාත්තෙ ...ටිකිරියටත් බරයිනෙ.....

පප්පෙ ටිකිරියටත් චුබරලු....බඩුව අරන් දීලා ගෙදට්ට යන්කො තාත්තෙ.....පසනගෙ කලිසම හන්දා මූට හුස්ම ගන්ඩ බෑනෙ....

හ්ම්....යන්...සුදු චූටි ඔහෙටත් මක්කවත් බරද ...බර නම් කියන්ඩ මේ පස්සෙ එකක් තියෙ....

ප්..පිස්සුද...ඔහෙට....අපි එහෙම ආවට ගියාට තැන් තැන්වල චූ කර කර යන්නෙ නෑ අයියෙ ...බොක්ක පිපිරුනත් ගෙදර එනවා මිසක්....අපි ඔහොම අය නෙවෙ...මේ පසන් මල්ලියා ඔහෙ අපෙ මල්ලිවත් නරක් කරනවා තැන් තැන්වල ඔව්ව කරන්න අහල ගෙදර යන් හලො පිස්සු ඔහෙට

පසනගෙ කට තනිකරම කොලඹ බෝ ගහ යට විකුනන්න තියන නමක් ගමක් නැති මල් කපන කතුරක් වගේ...දත් නැති කට එහෙට්ට යනවා...මෙහෙට්ට යනවා...ඒ අස්සෙන් ඇස් දෙකත් ඔහෙක් වෙනවා මෙහෙක් වෙනවා...මටත් බැනපු පසනා අවසානෙදි ඌට චූ බරක් එනව කියලා ඇදන් උන්න කලිසම ඉස්සරහින් ඇද ඇද උගෙ ජනපද බෝල දෙකටත් හුස්ම ගන්න බෑ ගගා නහිනකොට මං බලාගන් බේත් දාන් ආව අපෙ කානුවා ස්පීකර් පප්පගෙ බෙල්ල බදාගන ඉන්නවා....

පප්පෙ පසනා ටිකිරියව වඩාගන්ඩද?

පසනට ඇහැක්ද මේකව වඩන්ඩ ...

ඇහැක් පප්පෙ.....දියල්ලකො පව් අප්පා..අරූට නම් දෙකක් කෙලින්ඩම ඕන නේ තාත්තෙ...ටිකිරියා ඔහෙව පසනා වඩන්ඩද...පප්පෙ ආන් අර ඉස්සරහා පරිප්පු වඩ තියෙනො තුවාලත් වෙලා ඉන්න එකේ අරන් දියල්ලකො...පසනට බඩත් ගිනි අප්පා.....මේන් මෙයැයිලාගෙ මහ එකා බඩුවක් අරන් එන්නම් කිව්වා ඒකටත් මගෙ බඩ්ඩ අමතක වෙලාලුනෙ...පව් වයසක මිනිස්සුනෙ අමතකෙ.....

මං නෙවෙ වචනයක් කිව්වෙ....දොඩම් ඇට දෙකක් එකටපූට්ටු කරලා වගේ උසක් තිබුන පසනා පප්පා අතෙ උන්න කානුවව ඉල්ලනවා වඩා ගන්ඩ...මූටමොකද මේ කානුවව වඩන්ඩ තියන රුදාව...කමක් නෑ ඕකට වඩන්ඩ පුලුවන්ද බෑනෙ.....බැරි කතාම තමයි මේ සාවාලයා කියන්නෙ...අනික මූඅපෙ අප්පච්චි ට වයසලු මහ එකාලු....දෙන්ඩ හිතයි මූව පත්තරයක් වෙන්ඩ.....

ප...ප්පෙ..පුතාව පසනට දියල්ලකො.....

මං ඇස් කැරකෙව්වා..කැවුමක් වගේ උල් වෙලා තිබුන මගෙ කට අනිත්පාර වාමාවර්තව ඔහෙක් වේගන එනකොට අපේ එකත් අර බෙදුම් කට්ට දිහාවට කෝනමානයක් නැමෙන්න වගේ නැමීගන පුතාව දෙන්ඩ කියනකොට හැන්දත් අත් දෙකෙම්ම අරකට මේකව.දුන්නා...

දැන් වැටියව්කො....

සුදු චූටි ඔහෙටත් පරිප්පු වඩ ඕනයි...

මගෙ යටි හිත අරුන්දෙන්නට දෙහි කපන වෙලාවක මගෙ ඔලුව අතගාපු මගෙ සුදු අයියා පරිප්පුන්වඩ ඕනද ඇහුවා...

ඕනකියලත් බෑ..එපා කියලත් බෑ....අවසානෙදි මං තීරනයක් ගත්තා.....ඔව් නොකියා ඔලුව හෙල්ලුවා....ඒ එක්කම අඩු දෙකත් බිම වද්ද වද්ද බැරි බැරි ගාතෙ කානුවව වඩාගන උන්න පසනා ඌ එක්කම පඩිය පල්ලෙන් බිමට වැටුනා ...ඉබේටම මට කට තද උනා...

පුදුමයි සමනල පැටියා ඇඩුවෙ නෑ....

ඇස් වලින් ගලපු කදුලු පාරවල් වල තෙත තවමත් කම්මුල් වල තිබුනත් සමනල පැටියා ඇඩුවෙ නෑ...ඒකට ඒකා කරපු එකම දේ නම් වැටුන පසනා එක්ක හිනා උන එක....

පසනත් කෙරුවෙ ටිකිරියා ඔහෙට රිදුනයි ගගා අර කකුලට පිඹපු එක

මොන දේ උනත් මං දන්නවා....මගෙ සමුද්‍රට තාත්තෙ තාත්තෙ ගගා යන මේ කටකාර කොලු පැටියා මට අයිති එ පපුව අයිති කරන් තුරුල් වෙවි එයාගෙන් ආදරෙ ඉගන ගන තියන බව

.පසනා....ඌ වචනයෙ පරිසමාප්තියෙන්ම හොද යාලුවෙක්!

ටිකිරියා ඔහෙ අඩන්නෙ නෑනෙ...පසනත් වැටුනා මේ...

නැ...පසනත් වැටිලා...පුතත් වැටිලා.....

*

*

*

.

සුදු අයියෙ....

වෙනදා යන ප්ලේ ලිස්ට් එකමයි.....වෙලාවකට ක්ලැරන්ස් මහත්තයා ...වෙලාවකට මේරියන්ස් එකේ නලින් මහත්තයගෙ සින්දු අහුර කියන්නෙම සුදු අයියගෙ ආසම සින්දු වෙනකොට අදත් සුන්දරයි අහිංසකයි යනවා....

හීන්වට කපාපු පොල් කෑලි ...බැදපු කූනිස්සො....බැදපු මිරිස් කරල්.....උම්මලකඩ කෑලි එක්ක තම්බපු කඩල ගොට්ටක රහ බලපු පසනයි කානු පැටියයයි හාස් ගානවා හූස් ගානවා...මගෙ ඇගිලි තුඩු වලට හිර උන ඔස්සො වඩෙන් කටක් කාපු මට ඉතුරු ටික එයාට කවාගන්න ඕන වෙද්දි මං ඇහෙන නෑහෙන ගානට සුදු අයියෙ කියනවත් එක්කම තනිඅතින් ස්ටියරින් වීල් එක අල්ලන් උන්න එයා අර සින්දුවත් මුමුන මුනුනම මා දිහා බැලුවා....

ඒ ඇස් ආයම හිනා වෙනවා.....ආදරෙන් පිරෙනවා... කසිංජි රසෙ උහුලාගන යන මුහුදු හුලන් රැල්ල එයාගෙ මලකඩ පාට කොන්ඩෙත් හුලන් රැල්ල එක්ක අරන් යන්න හදනවා...

ඒ ආදරෙ මටම විතරක් උරුම බව දැන දැනම මට අර හුලන් රැල්ලත් එක්ක ඊරිසියා හිතුනා...

ඒ හුලන් රැල්ල මම උනා නම් හිතුනා...එහෙම උනා නම් මට තිබුනා හිතුමනාපෙට ඒ කම්මුල් වලට හාදු තියාගන යන්න...එයාගෙ සුවද මගෙ අත්වල පටලගන්න....

ආ ගාන්න.....

"ආ..."

"සුන්දරයි අහිංසකයි...

ඔබ හරිම ලෙන්ගතුයි....ම්ම්....සුදු මැනික...."

සුදු චූටි ඔහෙලග අප්පච්චි තාම ගෙදර වගේ....කිරියලගෙ ආට එකත් මෙහෙ....

ඔයා ඇතුලට එන්නෙ නැද්ද ...

මං ගාව පිලී ගදඩ මන්දා මැනිකෙ....මං උන්නෙ වැල්ලෙ බැහැගන....මැසේජ් එක ආව පමාවට ඉන්නෙ කොහෙද කර කර ඉන්නෙ මක්කද කියන්නවත් නොබලමයි මං ආවෙ...ඔහෙ දැක්කනෙ පැටියා පප්පා අතේ එවෙලෙත් ඇංකරෙ තියනව....

පිලීගද නෙවෙ මොන දේ තිබුනත් ඔයා එන්නම ඕන සමුද්‍ර....අප්පච්චි මම....අපෙ මුලු පවුලම අසරන උනෙ වෙලාවෙත් උඹ ගද සුවද ගැන වද උනාද ...අපෙ අන්මා අප්පච්චි වද උනාද .....මනුස්ස කම් ගුන සුවදින් මිසක් බාහිර සුවදින් මනින මනුස්සයො ඔය ගෙදර නෑ මගෙ අයියෙ....තේ එකක්වත් නොබි යන්න එපා...

මං ඒ අත අල්ලගත්තා ...ගෙදර ගාවින් නවත්තනවා එක්කම පසනා එක්ක සමනලටා ගෙදර දිව්වෙම සාගරිකට කෑගහන් වෙනකොට මාව දාපු එයා යන්න හදයි කියන බයට මං ඒ අත් දෙකම අල්ලගත්තා....අවසානෙදි එයා ලාවට ඔලුව හෙලෙව්වා.....

මචන් ඉදගනින්...

නෑ බොසා මෙහෙම හොදයි ..

ඉදගනින් ඉදගනින් බන් ....සුදූ තේ එපා මේ වෙලෙ තේ බොන්ඩ බෑ....කිරියා මොනාද බොන්නෙ...තේමද ඕනෙ....

අර සුදු අත්වලින් තේ නෙවෙ වහ දුන්නත් බොනවා ආය.....නැද්ද සුකුමලා...

ඇත්තට ..එහෙනම් ලියනගේට කියන්ඩ වෙයි හිරේට බත් අදින්ඩ ලෑස්ති වෙන්ඩයි කියලා.....

අම්මෙ....

හ්ම්...

අපෙ අප්පච්චි අරයට මචන්ලුනෙ....

ඇයි සුදු මහත්තයට දැම්මම බෑනා පුතා කියලා කියවගන්න ඕනද ...

ම්..මොකක්ද අම්මෙ...ඇ..ඈ.....මොකක්ද ඔයා කිව්වෙ ඈ...

මම උන්නෙ අම්මා එක්ක කුසියෙ....බෑ බැකිය කිය ඇතුලට ආව අපෙ එක්කෙනා ඉදගන්න අදි මදි කර කර තැන් තැන්වල ජැක් ගහන්න ගිහින් අවසානෙදි සිද්ද උනෙ අපෙ අප්පච්චි ගාවම ඉදගන්න වෙනකොට මට හීනියට වගේ පපුවෙ ඇම්මකුත් අල්ලන් ආවා මදිවට අප්පච්චි සමුද්‍රට මචන් මචන් කියල කතා කරනකොට මට තේරුනා මගෙ වම් කොටස පන නැති වේගන යනවා...

ම්හුක්.....අප්පච්චි ඔය පුතාගෙ හැන්දනෙ අප්පච්චි ...මචන් නෙවෙනෙ.....

කිරියා සුකුමලා....මාමන්ඩියයි බෑනයි විතරක් නෙවෙ දෙමස්සිනො කපල් එකත් සාලෙ ඉදගන ඉන්නකොට මං අම්මා එක්ක කුසියට වෙලා පුක කැඩුන කඩියා වගේ යෞවනෙ පොපියන චමත්කාරෙ වීදුරු වලට වක්කර වක්කර එහා මෙහා දිව්වා...සැරින් සැරේම සමුද්‍රගෙ කෝප්පෙට හොර හොරාවට උගුර උගුර වැඩි කරනකොට මං බලාගන මගෙ දිහා බලාගන හැන්දක් පෙන්නලා එයාටද ඇහුවා මට දුවන්න හිතුනා.....

අම්මෙ....මේ අනේ...

ම්ම්ම්....

අම්මගෙ මූන තවම තෙත පාටයි.....ලසන්න ඇස් අඩලම තඩිස්සි වෙලා තිබුනා ...චොකලට් කේක් රේල් එක කප කප උන්න අම්මා කෑල්ලක් කපලා මගෙ කටට තියානකොට මං කට ඇරියා....

ඔයාට හැන්දා ගැන මොනවද හිතෙන්නෙ ..

මොනවද හිතෙන්නෙ අහන්නෙ...ම්ම්..මට.....නම්.....සමුද්‍ර....ගැන...

නෑ.....නෑ...අම්මෙ මේ...මං අහන්නෙ එහෙම කතාවක් නෙවෙ ඈ.....ඔයාට එයා දරුවෙක් වගේනෙ....නැතුව වෙන දෙයක් නෙවෙ ඇයි අනෙ.....ඔයාට හෙට අනිද්දා නංගි බබත් හම්බෙනවා.....

මං ඉක්මන් උනා.....සමුද්‍ර ගැන මොනවද හිතෙන්නෙ අහනවත් එක්කම කේක් කපන එක පැත්තක දාපු අම්මා අපෙ මනුස්සයා දිහා බලාගන ලාවට හිනා වෙනවා එක්කම මට අර පුරුදු ට්‍රැකම පනින්න ගත්තා.....

ඉතින්???.මට දරුවෙක් වගේ තමයි ඒ ළමයා...සුදු මහත්තයා මොකද ඉතින් නහින්නෙ....ඒ ළමයා සුදු මහත්තයගෙ යාලුවෙක්නෙ....ඒ ඇරෙන්න වෙන මොකුත් නෑනෙ නේ.....ම්ම්ම්.....ඒ ලමයා හොදයි....හොද යාලුවෙක් ...හොද පුතෙක්...

ය්..යාලුවා....එ..එහෙනම් ඔයා මොකටද එයාට බෑනා පුතා කිව්වෙ....අනෙ අම්මෙ මේ....ඔයා දැන දැන මොකුත් දන්නෙ නෑ වගේ රගපාන්න එපා හරිද අනෙ...ඇරත් අම්මට අපේ මෙව්වා එක නවත්තන්න කියන්නත් බෑ අම්මත් අප්පච්චි එක්ක යාලු උනෙ මේ වගෙ වයසකින්නෙ....

දැන් අම්මගෙ අඩිපාරෙම යන පුතාද මේ....අනික අම්මාබෑනා පුතා කිව්වෙ නිකන්...සුදු මහත්තයා පොල් පැලේට හැරෙන හැටි මේඅම්මට නොතේරෙනවා නෙවෙනෙ....දවසකට හැන්දා මගෙ කියනවා...දවසකට හැන්දව දන්නෙ නෑ වගේ රගපානවා...උඹ ඔය කාටද බන් බොරු කරන්නෙ...

ම්හු.....ක්.....යෝ...අම්මේ...පුතාට ලැජ්ජයිනෙ.....අපි නුවර අයනෙ අම්මෙ...ඔහොම ආවට ගියාට මෙව්වා ගැන කියන්නෙ නෑනෙ....

ඒක ඇත්ත...මොනවා උනත් නුවර කම රකින්න ඕනා.....හැබැයි උඹගෙ සුදු අයියා එහෙන් මෙහෙන් දගලනකොට සිගරට් පෙට්ටියක් නම් බිම වැටුනා සුදු මහත්තයා ආ...

මොකක්....අපෙ එක්කෙනාගෙන්.....???හිටපන්කො...හිටපන්කො...මේ මිනිහව හන් හදන්න වෙන්නෙ නෑ අම්මෙ.....අපෙ අප්පච්චි එක්ක බජනෙට වැටුනොත් නම් අපෙ නම්බුව හේදිලා යනවා ..පේනවනෙ සීයත්තා තාම අප්පච්චි ට බයිනවා...ඒ උනාට අම්මෙ ඔයාලා අපිට නම් කඩන් වැටෙන ඇදක් දෙන්න එපා අම්මෙ

ඇදක්...ඒ මොකටද දැම්ම ඇදක්...

අ..ආ...න්න්..නෑ ඇදක්....මං ඇදක් ගැන මොනවා හරි කතාවක් කිව්වද විහාරා....ඈ....සිගරට් ගැනනෙ කතා කර කර උන්නෙ...ඔය මිනිහා මං කියන දේ අහන්නෙ නෑ අම්මෙ.....

ඒක මිසක්....මාට් බැලුවා ඇයි ඇදක් කියලා....ඔය ජරාව බීම නන් හරියන්නෙ නෑ ...පේනවනෙ මං තාම අප්පච්චිට තාම කට කඩාගන කියනවා.....මේක තකට තක වෙයිද දන්නෙ නෑ සුදු මහත්තයා .....එහෙම උනොත් උඹටයි මටයි මූදෙ පනින්න වෙන්නෙ...පේනවනෙ අප්පච්චි අම්මට ලැජ්ජා කරන තරම.....මොනා උනත් අපිට නම්බුව වටිනවා....

ඒකනෙ අම්මෙ...නිකන්ද මොනරවිලලා කියන්නෙ...අපිට අත්තම්මා ලව්වා අරක්කු ගුලිය ගෙන්නගන්න බැරිවෙයිද අම්මෙ...?

අප්පච්චි ලා අරහෙ කතාව...මායි අම්මයි මෙහෙට වෙලා බෑනලා මාමන්ඩිලාට අරක්කු පෙති ගිල්ලවන්න කතාව වෙද්දි අම්මත් එක්ක ඕනාවට වඩා comfortable වෙන්න ගිහින් මටත් නොදැනි ඕන නැති කතා දෙක තුනකුත් කියලා හරි අමාරුවෙන් ජාමෙ බේරගත්තු මං අහගන ගොලු බේත් බීලා උන්න සුසංගතා ලෙඩින් ඉන්න සාගරිකට අද නම්බු නාම දීලා කතා කරනවා..

"සාගරිකා.....පුතේ......හලූ...හා.....ලූ...සාගරිකා.....පුතෙ..."

සුදු මහත්තයා ....

ම්ම්...

සුදු මහත්තයා ඇත්තටම ඔය ලමය එක්ක මොකක් හරි තියනවද...

......

ඕන දෙයක් එක්ක විහිලු කරපන් අමාකර ආදරෙ එක්ක නැතුව....මං දන්න තරමින් මගෙ පුතාට මෙ වෙනකන් කවුරුත් ඉදල නෑ....ඒ වගේම මගෙ පුතා වෙන කා ගැනවත් මෙහෙම වද වෙලත් නෑ...සුදු මහත්තයා ඇහුවා මොනවද සමුද්‍ර ගැන දැනෙන්නෙ කියලා ...කව්ද කින්ද මන්ද නොබලා උඹලව අප්පච්චි ව රකින්න ආව ඒ මනුස්සයව අම්මා දැක්කෙ දෙවියෙක් වගේ සුදු මහත්තයා ...උඹ දන්නව අප්පච්චි කියන්නෙ මගෙ පන කියලා....

උඹ දන්නෙ නෑ සිහත් මගෙ පන යන්න ආවා....එක තත්පරේකින් මගෙ ලෝකෙම අන්දකාර වෙලා යයි කියලා මට බය හිතුනා....

මං අම්ම දිහා බැලුවා....මෙච්චර වෙලාම විහිලුකරපු අම්මගෙ ඇස් වලට ආයම කදුලු බැදිලා...අම්මව වැටුනා...නෑ....ඒකාඅ අම්මව තල්ලු කෙරුවා....මං අම්මගෙ අත් දෙකම අල්ලගත්තා....

.ඔයාට රිදෙනවද අම්මෙ.....උන් අම්මව වැට්ටුවා....අප්පච්චි ගාවට දුවන්න මිසක්...මට අම්ම දිහා බලන්න බැරි උනා...

හ්ම්.....රිදෙනවා ....ඇග නෙවෙ...අම්මගෙ හිත.....අම්මා හුගක් ආදරෙයි .....අම්මට ඕනෙ කා ගාව හරි මගෙ ලමයි සතුටින් ඉන්නවා දකින්න.....අම්මට ඕන අම්මට ලැබුනා වගේම ආදරයක් මගෙ හැම ලමයටම ලැබෙන්න...

මගෙ ඇස් වලට කදුලු මෝදු උනා...සාම්ප්‍රදායික අම්මෙක්ගෙ රාමුවෙන් පැනපු අම්මා නිකමට ඇහුවෙ නෑ උඹට කෙල්ලෙක් නැතුවටද කොල්ලෙක් එක්ක පැටලුනෙ කියලා .....අම්මා ආදරෙ ඇතුලට ලින්ග නිමිත්ත ගෑව්වෙම නැතිව මගෙ සුදු අයියා ගැන කතා කරනකොට මගෙ ඇස් අඩන්න හැදුවා....

ඒ ඉන්නෙ කොල්ලෙක් කියලා අම්මට ගානක් නැද්ද අම්මෙ...?

ඔයාට ඕනෙ ඕක නවත්තපන් කියලා උඹගෙ ආදරෙ බිදින්නද සිහත්....එහෙම කරන්න තිබුනා...අම්මටත් ඒ ගැන අද්දැකීම් නොතිබුනා නම්.....මට මේක කියපන්....උඹ එයාට ආදරෙයිද සිහත්.....

හුගක් .....මට ඒ ආදරෙ විස්තර කරන්න දන්නෙ නෑ අම්මෙ.....ඒත්...මං හුගක් ආදරෙයි....අම්මා ඇහුවා සමුද්‍ර ගැන හිතෙන්නෙ කොහොමද කියලා ....මට තනි වචනෙකින් කියන්න පුලුවන් ...මන් මගෙ අප්පච්චි ගෙ පිටපතක් ඔය මනුස්සයා අස්සෙන් දකිනවා අම්මෙ.....අම්මගෙ පුතාට ඒ මනුස්සයගෙ අල්පමාත්‍රීක බැල්මකින් කල්පයක් නිවෙන්න පුලුවන් ....

....

එහෙනම් මං කොහොමද සිහත් ඒ ආදරෙ කඩන්නෙ...මන් උඹට කියන්නෙ නෑ පුතෙ අරහෙ යන්න එපා...මෙහෙ යන්න එපා කියල...මොකද...ආදරේ නම්බුව රකින මිනිස්සු කවදාවත් මලක පෙති තලන්නෙ නෑ....මං උඹට අමුතුවෙන් කියන්න ඕන නෑ....උඹගෙ අප්පච්චි හැමදාම මාව පරිස්සම් කෙරුවා....ආදරෙ නැති වෙයි කියන බයටයි...විරහව දරාගන්න බැරි කමටයි පැදුරට නොකියා ආවට....කසාදෙට අත්සන් කරනකන් අම්මා අප්පච්චි ගාව් පරිස්සම් ....සමුද්‍රගෙන් උඹ අප්පච්චි දකිනවා නම්.....මේ අම්ම කවදාවත් බය වෙන්නෙ නෑ ..මොකද උඹගෙ අප්පච්චි ව මං ජාති ජාතිත් ප්‍රාර්තනා කරන කිලිටි නැති මනුස්සයෙක් හන්දා....

සතුටින් ඉදපන් සුදු මහත්තයා ...අම්මා ආදරෙයි මගෙ පුතාට.....ආදරෙයි.....ජීවිතෙයි....ඉගනීමයි බැලන්ස් කරපන්...නැත්තන් අප්පච්චි ගෙ දාඩිය මහසියට උඹට ණය කාරයෙක් වෙයි...

කවදාවත් නෑ අම්මෙ....

.මන් හිතන්නෙ මගෙන් සැනසුම් සුසුමක් පිට උනා.....අම්මගෙ වචන මට හයියක් වෙනකොට මගෙ ඔලුව අතගාපු අම්මා අවසානෙදි මට සතුට ප්‍රාර්තනා කරනකොට මං ආදරෙ පිරුන ඇස් වලින් මගෙ අප්පච්චි ගාව ඉදන් උන්න දෙවනි අප්පච්චි දිහා බැලුවා...

උඹ හරි වාසනාවන්තයි මගෙ සමුද්‍ර.....මේ වගේ ආදරෙ කරන දෙවනි අම්මෙක් ලැබෙන්න උඹ හරි වාසනාවන්තයි ....තවත් අවුරුදු ගානකට මගෙ අප්පච්චි නමින් මල්පල දරන්න වාසනාවක් ගැහැනියක් උන මගෙ අම්මා එයාගෙ පලවෙනි දරුවව ඒ අත්වලින් තව අතකට පරිස්සමට ගුලි කරන්න තරම් අදරනීය ගැහැනියක් වෙනකොට උඹ හරි වාසනාවන්තයි අයියෙ.....

ඇත්ත උඹ මිලකරන්නම බැරි අම්ඹරයක්....

ආපුතේ....

සුදු අක්කා මහන්සි වෙලා නේ සුකුමලා...

ඒකනෙ.....හැබැයි ඕනාවට වඩා ඕනත් නැද්ද මන්දා.....මේ ඉන්නෙ නිලමෙගෙ අම්මා මිසක් ඔහෙගෙ අක්කානෙවෙනෙ කිරියා....

ඇත්තද...එහෙනම් නොබි තියපන්....මූව නම් හරියන්නෙම නෑ...ලියනගේට කියන්ඩ වෙනවා මූට කසාදයක් කරවන්ඩ කියලා....

කිරියා ආ...

ඔය පොඩි කෑල්ලක් බලලා දෙන්ඩ නිලමෙ.....අපෙ සුකූට ඩෝන් ගියානෙ කවදාවත් නැතුව...සුකු ආ.....

කාපන් මට එපා....

ගන්න සුකුමල් අයියෙ...

එපා නිලමෙ...මං මුගෙන් කන්නම්

මට ඉස්සරහින් බීම අල්ලන් යන අම්මා කිරියටයි සුකුමලාට බීම අල්ලනකොට අපෙ අම්මට සුදු අක්කා ගගා පැනි හලන කිරියා අප්පච්චි ගෙනුත් අහගන අවසානෙදි සුකුමලාගෙනුත් අහගත්තා ...හැබැයි සුකුමලාට නම් අද පොඩ්ඩක් ඩෝන් ගිහින්ද මන්දා....අර මොකත...අර.....කිරියා අපෙ අම්මට සුදු අක්කා කියනකොට සුකුවව කොදිච්චි වෙන්නෙ ඇයි....

පසන් ආ.....

ටිකිරියටත් දෙනවයි.....

ඔව්...ඔව්...ටිකිරියටත් දෙනවා....

අම්මියෙ තේ නෑ.....මේවද තියෙන්නෙ....

ඔව්...තේ නෑ...අම්මාතේහැදුවෙනෑ...

ම්හුක්....තේ ටිකක් දියල්ලකො කවුරු හරි.....

මේ පසනුත් බොන්නෙ ඔව්වා.....නේ පසන්....මේ සමනල්ට පෙන්නන පුතෙ

ඒකනෙ...ටිකිරියා මාත් බොන්නෙ මෙව්වා....කීන් සෝඩා...ආ මේක්න් බොනවයි ..මං අපෙ තාත්තගෙ එකෙන් බොන්නම්....

ම්හුක්....

නෑ නෑ....සමනල්ට තියනවා...ඕක පසන් බොන්න...

කානුවටයි උගෙ අනිත් කානුවටයි කේක් එක්ක බීම දුන්න මායි අම්මයි අවසානෙදි නැවතුනෙ අපේ ඒයි ගාව වගේම අම්මගෙ ඒයි ගාවින් වෙනකොට මීට ටික වෙලාවකට් කලින්.දෙන්නාඑක්කම එලියට ගිහින් ආපිට ඉදගන උන්න බෑනා මාමන්ඩියගෙ මූනු දිහාබැලුව අම්මාමගෙ දිහා බැලුවා....

ම්ම්...මොකක් හරි අලුගුත්තේරු වැඩක් කරලා වගේ...මොනරිට ඉවවැටුනා කියන්නෙ බඩු හරි ..

තේජක....

සුදු....

අම්මා අප්පච්චි ට කතා කරනවා එක්කම මං හැන්දා දිහා බැලුවා...හැන්දගෙ ඇස් දෙක සිවිලිමෙ...අමෝර්...අමෝර්...කුස්තූර ගනිනවා....

හිටපන්කො...හිටපන්කො...මචන් කිව්ව පමාවට උඹ දැන් අපෙ මහ තැන එක්ක එලියට යන්නත් පුරුදු වෙලානෙ...

කේක් බන්දේසිය අල්ලන් උන්න මං මගෙ පුකත් පස්සට දාගන මොනර පෙදේ පොඩ්ඩක් ගැස්සුවා.....

සුදු....මොන සුදූ...මොකක්ද තේජක මේකෙ තේරුම....ගෙදරට ආව ළමයි එක්ක එලියට ගිහින් බිබි එන්ඩලැජ්ජා නැද්ද තේජක....වෙච්ච දේවල් මදිවටද තේජක...ළමයි ඉන්නවා කියලා ගානක් වත් නැද්ද තේජක

එකයි ඕයි බිව්වෙ...එකයි...අනික ළමයි කියන්නෙ මං බිව්වෙ මූ එක්ක විතරයි ...අනික ළමයි ඉන්නවා ගානක් නැද්ද අහන්නෙ තමුසෙට පේන්නෙ නැද්ද මූයි අරුයි තාම පොඩි උන් කියලා ..උන් ලොකු උනහම උන්වත් මං එලියට එක්ක යන්නම් මොකද හදිස්සිය....

දෙයියනෙ තේජක....

අනෙද කියන්නෙ...අනේද කියන්නෙ අම්මේ.....අප්පච්චි ට කොච්චර කිව්වත් අහන්නෙ නෑ...මායි මල්ලියි ඉන්නවා කියලා ගානක් වත් නෑ.....අම්මා කට කඩාගන කොච්චර කිව්වත් වැඩක් නෑ...අනික අයියෙ ඔයා...අපෙ අප්පච්චි ඔයාට මචන් කිව්ව පලියට මෙයා එක්ක බොන්න යන්න වටින්නෙ නෑ ඔයාට...ඔයාට ජරාව බොන්න පුරුදු වෙන්නද ඕනෙ අයියෙ ආ...මනුස්සයෙක් මචන් කිව්ව පලියට කරේ යන්නඑපා...අප්පච්චි ඔයාටත් ලැජ්ජානෑ..අම්මා පව්....කොච්චර කිව්වත් අහන් නෑ...නේද අම්මෙ...

කියන කට බිම උලාගන්නව මීට වඩා හොදයි තේජක....අනික ඔය ළමයත් ළමයත් නැට්ට වගේ මේ මනුස්සයා පස්සෙ ගිහින් පුරුදු වෙන්ඩද හදන්නෙ....

මායි අම්මයි අතේ තිබුන බන්දේසි දෙක එතනම තිබුන කෙට් මේසෙ උඩින් තිබ්බෙ එකම වෙලාවක....පස්ස පස්සට දාගත්ට්ගෙත් එකම වෙලාවක....ඉනට අත් දෙක තියාගන අඩි හැප්පුවෙත් එකම වෙලාවක වෙනකොට මං බලාගන තෙමුද්‍ර කපල් එකගෙ ඇස් ඔහෙක් වේගෙන ගිහින් කටවලුත් මෙහෙක් වේගන එනවා..කොටින්ම බෑනයි මාමන්ඩියයි අපි දෙන්නාදිහා බලාගන උන්නෙ යකො සිගරට් එකක් මිසක් වෙන මොකුත් බිව්වෙ නෑ කියන්න වගේ කටත් ඇරගන වෙනකොට මායි අම්මයි නැකැත් බලල එකම වෙලාවෙ නුවරපට්ටම දිගෑරියා විතරයි තේජකයි සමුද්‍රයයි එකපාරම ඉදන් උනන් තැනින් නැගිට්ටා.....

තේජක ඔයා හැදෙන්නෙ නැද්ද....අම්මයි අප්පච්චි ඔයාගෙ වැඩ හන්දා බනින්නෙ මට..මමයි බැනුම් අහන්නෙ...අපි නුවර මිනිස්සු තේජක...

අනේද කියන්නෙ.....අපි එපැයි ලැජ්ජා වෙන්න.....අයියෙ අපි නුවර මිනිස්සු

ඔන්න පටන් ගත්තා...ඔන්න පටන් ගත්තා නුවර ලබ්බ දොඩන්ඩ .....අනෙ මොනරට හැමනෙන්න දාලා...මගෙ කන කැක්කුමයි මාමෙ....!!

ටම හරියටම හරි නැගිටු නැගිටු කොල්ලා...ඔන්න නුවර පඩංගු කස්තිරම පටන් ගත්තා...මේ නුවර අම්මන්ඩි ගෙන් තියන වදේ යකො.....මගෙ ඉහරදෙ....!!

තේජක...කන ඇහෙනවද.....

ඔය කොහෙද යන්නෙ සමුද්‍ර...අපි ඉවර නෑ....

ඇත්තමයි පනිනවා මූදෙ තේජක මම....

පැනපන් අරූවත් අරගනම....මචන් අඩියක් ගහමුද රෑ වෙලා....

එහෙමයි බොසා...!

....

හෙහෙ.....පුතා ආවා...ආය...ගියා.....

ම්හුක්....යෝහ්...ආතරෙයි ඈ...

ජොබී නිදහාස්...!!

More Chapters