Ficool

Chapter 17 - 16

කැතයො...ම්හුක්...පුතාව...පුතාව....කැතයො...පුතාව....මගෙ කැතයො....අම්මියෙ...අම්මියෙ...මේහ්...

පුතගෙ....පුතාගෙන කැතයා....පුතාව කැතයට දීපල්ලකො...පුතාව...පුතාව...කැතයට දීපල්ලකො.....අම්මියෙ...යෝහ්...ම්හ්...ම්හුක්.....පුතාගෙනෙ.....

යෝහ්.....සමනල් ඩේහ්....චූටි.....හ්හ්...අනේ...අනේ...

නිකා ඉදු තොට මාව මතකත් නෑ,දැන් නිකන් කැතයා කැතයා ගානවා...පුතාගෙ ගානවා....පුතාගෙ නෙවෙ ඇයි යකො.....පල පල බොරුව නොදා....බොරු කියන උන්ට අපිලගෙ සීලගෙ ආන්ඩුවෙන් මුසාවාදාගමගෙ කියලා වාසගමක් දෙනවා උඹට සමනල් මුසාවාදාගමගෙ කියල වැටෙයි ඈ.....මතකත් නෑ පල පල

මුසා කව්ද...මුසා නෑනෙ...සීලෙට....යෝ...හ් ම්හුක්....නෑ...නෙ.....මතක නෑ නෙමෙනෙ...පුතාට ඕ....මතක නෑ තිබුනනෙ.....අම්මියෙ...පුතාට තිබුනා නේ....පුතාට තිබුනනෙ...ඔවූ....පුතාට තිබුනා...ම්හුක්.....අනේ...පුතාට තිබුනනෙ ..ට හැමනෙන්න....හැ...භ්භ්.....භ්භ්....ම්හ්...භ්.....

ේහ්හ්..ඒහ්...සමනල් !! හප් ඔව්වා කියන්නෙ නෑ.... හප් චුප්!!!

ඔව්...ඔව්...පුතාට තිබිලා තියනවා(*පකක්)චූටියා.....බෙල්ල ...

ඌව්හ්....මල්ලි තමුසෙ මගෙ බෙල්ල කඩන්ඩ හදන්නෙ.....මතක තිබ්බා නම් කෝ අර කියපු රට ටොපිය ?කෝ පෙන්නපන්.....අනේ..අනෙ... උඹගෙ පොයිය.....කෝ ටොපිය.....මේ චූටි ආය ඔය වගේ කුනුහර්ප කියනවා නෙවෙ ආ....ඔව්වා හොද නෑ...

මොනාත....හොද නෑනෙ....කියන්නෙ කැතයියෙ ...අර අරකද...අර.....පුතාගෙ පසනා කියා දුන්නෙ.....සුදු පප්පත් කියන්නෙ....පසනගෙ තාත්තා....පුතාගෙ හැදි තාත්තා.....හැමිනෙ...භ්භ්භ්.....භ්භ්.....

කොල්ලො!

තත්පර ගානකට මාව රත් වෙලා ගියා...කොටින්ම මාව කොත්තු තැටියක් වගේ රත් උනා.....කොච්චර එපා කිව්වත් ඒකම කියන සමනලයගෙ කට මං මිරිකගනම අල්ලන් උන්නා.....

මගෙ වෙලාවටමද කොහෙද අප්පච්චි ගෙ හොරගෑනිගෙ කන් කරච්චලෙ හන්දයි අප්පච්චි වෙන කල්පනාවක උන්න හන්දයි අම්මා ගෙට ගියපු හන්දයි මං බේරුනා...ඇහුනා නම් සමනලයව ආපිට අප්පච්චි දළඹුවෙක් කරලා මාවත් අපෙ එක්කෙනාලගෙ ගෙදරට වීසි කරනවා.....අනික මේකත් අපෙ ඒයිට තාත්තලු...තාත්තා වෙන්නෙ කොහෙද මස්සිනා මිසක්ක.....අපි නුවර මිනිස්සු නෑකම් තිතට.

අනික මාව නම් එහෙට විසික් කරත් කමක් නෑ ඉතින්...ඒත් ඉතින් අපි නුවර මිනිස්සු ...නුවර මිනිස්සු කවදාවත් ආවට ගියාට අවාහ විවාහ කරගන්නෙ නෑ...නම්බු පිටින් යන්නෙ....හත් දොහක් මගුල් කාලා මිසක් නිකන් යනවද....නෑ....අම්මගෙ පුතා මගුල් කාලනෙ යන්නෙ...ඔව්..අම්මගෙ පුතා නම් මගුල් කාලමයිනෙ යන්නෙ....

නැත්තන් මොනරවිල මෙව්වා එකට මොකද වෙන්නෙ....යසට හිටි...අපෙ අප්පච්චි අම්මව උස්සන් ගියාට පහු පහු වෙනකොට සීයත්තා මූන ඔහෙක් කරන් මෙහෙක් කරන් හරි දෑවැද්ද දුන්නනෙ ....හැබැයි ඉතින් අපෙ අප්පච්චි නම් ඇද කඩන් වැටුන එකට ඇරියස් තාමත්...පේන්නෙ නැද්ද තාමත් ඇද කඩන් වැටුන එකට මැරෙන්න හදනවා...ඒ හන්දා අපෙ අප්පච්චි ට කියන්න ඕන මාව නම් කලුවර ඇදක් එක්ක එහාට බාර දෙන්න කියලා.....කඩන් වැටුනොත් හැදි පප්පත් අපෙ අප්පච්චි එක්ක් ඇරගන්න එයි ..මට වෙන්නෙත් අපෙ අම්මා අනේ තේජක නිකන් ඉන්නකො කියන්නා වගේ අනේ සමුද්‍ර නිකන් ඉන්නකො අනේ ගගා ඔය රන්ඩු සරුවල් බේරන්න...

මං රවාගත්තා....කුනුහර්ප පලන කානුවගෙ මූන බෙරි වෙලා යන්න රැව්වා උනත් මේකා කෙරුවෙ මට ඇහැක් වහලා රොඩ්ඩක් දාපු එක....මගෙ ඇගේ එල්ලුන එක....අනේ එක තත්පරෙන් මුගෙ හුරතල් රොඩ්ඩ එක්ක මගෙ රැවුම් ගෙරවුම් ඔක්කොම හේදිලා ගියා.....හරියටම ඉර එලිය දකින තත්පරේම සද පිනි කදුලු වාශ්ප වෙන්නා හා සමානව මගෙ තරහව මේ හුරතලෙ ගාව දිය උන එක.....

මගෙ චූට් මල්ලි කියන හැගීම එක්ක මං ඒ චූටි කම්මුල ගිලිලා යන්න මගෙ නාහෙ තදකරන් හාදුවක් තිබ්බා....උගෙ මූන පුරාවටම බේබි ක්‍රීම් එක්ක අම්මගෙ ක්‍රිම් සුවද කලවම් වෙලා තිබුන.....

මං හිතන්නෙ මාව අහු උනෙ දඩු අඩුවකට...අම්මගෙ උකුලෙ ඉදන් පැන්න සමනල පැටියා කෙලින්ම එල්ලුනෙ මගෙ බෙල්ලෙ ...ජම්මෙට වත් අයියෙ නොකියන කානුවා මාව දැක්ක ගමන් පුතාව කැතයට දියල්ල ගගා මගෙ ඇගේ එල්ලුනා...

ඒකට නිකන් මාව දැක්කම නිවන් දැක්කා වගේ...ඇබිති අඩු දෙකත් මගෙ ඉන වට ඔතාගන මගෙ බෙල්ලෙත් එල්ලීගන කුනුහර්පෙකුත් කියපු සමනල පැටියා අවසානෙදි ඒකගෙ සාක්කුවට අත දැම්මා...ඌම තට්ට තනියෙන් පුතාට තිබුනනෙ ගගා ඉදලා අවසානෙදි සාක්කුවට දාපු අත ආපිට එලියට ගත්තා....චූටි ඇගිලි පහම ඇතුල් පැත්තට නැවිලා..

ම්ම්...ආ.....කැතයටනෙ පුතුකියා ගෙනාවෙ....

මොනාද චූටි....

රට සූද එන ටොපිය.....චූචියට හම්බුනානෙ...පුතා චුට්ටක් කෑවනෙ....ඔව්නෙ..කැතයො.....චූ...ච්චියක් කෑවනෙ...හුගක් කෑවෙ නෑ අප්පා.....ඔ..වූ....හුගාක් කෑවෙ නෑ.....

මට දුක හිතුනා....අර චූටි ඇගිලි මල් පෙති දිගාරින්නා හා සමානව දිගෑරපු මම දැක්කෙ සුදු පාට ටොපි කොලේකින් එතුන බාගෙට සූප්පු කරපු ටොපියක්.....හුගක් කෑවෙ නෑ...හුගක් කෑවෙ නෑ ගගා කියපු සමනල්ගෙ රෝස පාට අල්ලක් තිබුන චූටි අතට මැදි උන ටොපිය දිහා බලාගන උන්න මම ඒ අල්ලට නැවුනා...ටොපිය කන්න නෙවෙ....

මගෙ චූටි මල්ලිගෙ ලදරු සුවද එන ඒ අත් පොඩිය ඉඹගන්න....

දයබාර ප්‍රේමිය...ප්‍රේමයට නම් මුහුනත් බෝමයි කියන්නෙ නිකන්ද මං අහන්නෙ ...එකම අම්මගෙ බඩ වැල කඩාගන ආව.....දොලොස් අවුරුදු වැඩිමල් උනත් ඒකගෙ නමට එරුන කිරිබිදක් ආපිට මමත් රහ බලපු මගෙ අප්පච්චිගෙ ධාතුවෙන් පන ගහපු මගෙ ඉතුරු බාගෙ මං වෙනුවෙන් අඩක් රහ බලපු ටොපිය ඔතාගන ඇවිදින් තිබුනා.....මගෙ හදවත වෙඩරු වලටත් එහායින් මෙලෙක් වෙලා ගියා.....

මං හිතන්නෙ අම්මාගෙ දෙතනින් එලි බැහැපු කිරි කදුලෙ තිබුනෙ කිරි විතරක්ම නෙවෙද කොහෙද ....

ඇත්ත.....කිරි විතරක්ම වෙන්නෙ කොහොමද....ලේ පවා කිරට හැරෙන්නෙ ආදරෙ හන්ද කියනවනෙ ...

ඔයා මේක කන්න...

අයි....

මං හිනා උනා ආදරෙ පිරුන හාදුවක් මගෙ චූටි මල්ලිගෙ අතට ගුලි කරපු මම අවසානෙදි ඒ ටොපිය අරගන කටට ඔබලා ඔලුව අතගෑවා....සමනල පැටියා අනිත් පාර ඇස් වලින් පවා හිනා වෙන ගමන් ටොපිය රහ කර කර මගෙ උරහෙ උඩ බෙල්ල තියාගන ඒකට මාව මග ඇරුන තත්පර වල හිගපිටවන්න ගන්න ගද්දි මාත් අප්පච්චි අපිව හුරතල් කරන්නා වගේම...ආදරේ පෙන්නනවා වගේම ඒ පිට අත ගගා තවමත් ගෙටවත් ගොඩ නොවුන අප්පච්චි දිහා බැලුවා.....

පව් මගෙ අප්පච්චි ට...කටට සැනසීමක් නෑ....කොච්චර ආදරෙ පිරුන මනුස්සයෙක් උනත් ඒ ආදරෙ නිදහසෙ අපි අතරෙ බෙදලා දෙන්න වෙලාවක් නෑ.....ඒත් ගෙට ගොඩ වෙන්නෙම අම්මගෙන් අපිව අහගන...අම්මට හාදුවක් තියාගන.....මාව මල්ලිව අවුස්සගන.....

සුදු මහත්තයා .....

ඕ....හ් ඇයි අම්මා

අප්පච්චි ගෙන් අහන්න තේ ඕනද කියල අම්මා තේ හදන්න යන්නෙ....සුදු මහත්තයටත් ඕනද?පව් අප්පච්චි ගෙ ඔලුව රිදෙනවා කිව්වා

අම්මියෙ...මටත් තේ ටිකක් දියල්ලකො අප්පා....

නැ නෑ...අප්පච්චි ට විතරයි ...කී සැරයක් තේ බිව්වද දැන් මේ ළමයා තේ වලින් ලොකු වෙන්න හදන්නෙ බයි කන්න ඕන...දවසට වත් බත් ඇටයක් බඩට වැටුනද මන් අහන්නෙ...ලැජ්ජාවෙ බෑ අර නිදුකි අක්කා හූ කිව්වා නේද අම්මා කුක්කු හොයන්න ගිහින්.....බයි කන්නෙ තේරුනාද ආය තේ නෑ....

අ..අනේහ්....අනේ...කැතයො...පුතාට තේ ටිකක්...තේ ටිකක් ඉල්ලා දීපියව්කො.....නටන මාමියේ....හ්....පුතාගෙ පසනට කියලා ගුට් ඉල්ලා දෙන්ඩ කලින් තේ දීපියෝ...නිදුකියව මට එපා...ම්හුක්....

මට නෙවෙ උත්තරයක් දෙන්න මෙතන හිස්තැනක් තිබුනේ...කානුවගෙ කට තනිකරම වක්කඩක්.....අප්පච්චි ගෙන් තේ ඕනද කියලා අහපු අම්මට හා කියලා වත් මට උත්තර බදින්න බැරි උනා...සීලෙගෙ ආණ්ඩුවක් ආවොත් අනෙ....අම්ම ප ල් ල....මං මූව පන්සලකට දිලා දානවා ගාන්ටාරෙකට ගන්ඩ කියලා.....ඌව විතරක් නෙවෙ අපෙ අප්පච්චි ගෙ හොර ගෑනිවත් කුනුහර්පානා පට්ටම එක්කා අරාමෙකට වත් ගිහින් දානවා....ට whocana කන්දොස්කිරියාවක්නෙ තියෙන්නෙ ....ඇයි යකො....

චූටීහ්.....බැහැපන්....බැහැපිය....තේ...

උඹට තේ බිබී ඉදලා හරියනවද..ලොකු වෙන්නෙ නැද්ද ...ඇත්තද නිදුකි අක්කා හූ කිව්වා කියන්නෙ...ඊයා ලැජ්ජ නැද්ද චූටි තාම අම්මා කුක්කු හොයන්නෙ ලැජ්ජාවෙ බෑ එක වසරෙ නේද.....උඹට තේ බිව්වම හරියනවද?

හරියනවා....මට තේ ඕනෙනෙ...පුතාට ඕනෙ තේනෙ කැතයො....තේ ටිකක් දීපල්ලකො මහ එකාගෙ විහාරො....යො....හ්...තේ....සුදු පප්පෙ.....හ්හ්....මහ එකෝ....

මල්ලි!!

මං අරූගෙ කට මිරිකුවා....පසනව ආස්‍රෙ කරලා දවස් කීයද....කානුවගෙ කට තනිකරම කානු පප්පෙක්ට අන්ත වෙලා තිබුනා.....ගානක් නැතුවම ඌ අම්මට නම කිව්වා...අප්පච්චි ට මහ එකෝ කිව්වා....ගානක් නැතුවම කුනුහර්ප පැලුවා....ආයම අපෙ එක්කෙනාටත් අඩගැහුවා...මන් හූනා කිව්වා වගෙකියන්නම් මූයි අර වේස සුසංගතයි තමයි දවසක අපි දෙන්නගෙ මෙව්වා එක ගෙදරට මාට්ටු කරන්නෙ ඇයි යකො..

ම්හුක්.....කැ....ත...අප්පුච්චියො.....තේ ටිකක් දියල්ලකො ....ඌයි....යා....හ්....අනෙ.....

පප්පෙ...සු...දු...සුසංග...තා....කූකූ...බයි කෑවද...සුසංගතා බයි කෑවද...ඕහ්...සු...සංගතාට....බයි දීලා නෑ අප්පා.....ආදරෙයි කියන්ඩ......ආදරෙයි කියන්ඩ...

"සුදු පුතා.....සමනා.....ල්....සුදු පුතාගෙ...සමනාල්...බයි කෑවද අප්පා...සමනා....ල්...සුදු පුතාට ආදරේ සමනා...ල්ල්ල්...සුදු පුතාමගෙ ...ආදරෙයි...අප්පා....

ආදරෙයිනෙ .....පුතාට.....ආදරෙ....යිනෙ......ආදරෙයි...නේ..."

ආව විනාඩියෙ ඉදන් දහ වන්ගියක් ගෙටයි වාහනෙ ගාවට ආව අම්මගෙ ගමන නැවතුනා....තේ ඉල්ලල මගෙන් බැනුම් අහලා කම්මුලත් රිදෙන්න මිරිකව ගත්ත කානුවා තටු ගගහා මාලෝ...මාලෝ...ගගා බෙරිහන් දෙන සුසංගතාගෙන් මොන මොනාදො අහ අහ ඌ ලව්වා ආදරෙයි කියවලත් අහගන ගිහින් ආව ඇදුම පිටින්ම ඇන්තූරියම් පැල ගාව වැටිල සාගරිකා හාරපු බලු වලක් ඒකගෙ සෙල්ලම් ඩෝසරෙන් ආයම හාරන්න ගත්තා...

ඒ අල්ලපනල්ලෙ මන් එහෙම්ම කැබ් එකට ජැක ගහන් සාක්කුවට අත් දාගන උන්න අප්පච්චි ගාවට ගිහින් අප්පච්චි අම්මා තේ බොනවද අහනවා කියන ප්‍රශ්නෙ අහන්නත් කලින් මගෙ දිහා බලපු අප්පච්චි එයාගෙ කටට ඇගිල්ල තියලා පෙන්නලා ශ්ශ් ගෑවා...හරියටම කතා කරන්න එපා කියන්න වගේ...

මට පේන්නෙ ස්ටේශන් එකේ ප්‍රශ්නයක් වගේ...අනිවාර්යයෙන්ම අප්පච්චි ට ඔය මලගෙදරට ගියාට නැති උන කිරිඅම්මගෙ මූනවත් බලන්න බැරිව යන්න ඇති.....

මගෙ කොස්තාපල් මහත්තයට මං නැතුව හුගක් අමාරු උනාද.....??ඔහොම තමයි රත්තරන් අමාරු උනත් මා එක්ක ඔයාට ඉන්ඩම වෙනවා...වෙන්දකඩුව වගේ නෙවෙනෙ රත්තරන් මම...ඔයාට තේරෙනවනෙ....දකින තරම් ලේසි නෑ..ඒත් විනෝදයි....තේරෙනවනෙ...ඉතින් කියමුකො බලන්න ලියනගේගෙ හපන් කම ගැන ම්ම්.....මං නැති පැය ගානට මගෙ ලියනගෙ ගේ හපනෙක් උනාද...

මොකක්ද....හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී....??කව්ද අර කක්කුසියටත් රිබන් කපන එකා නේ...අලහපෙරුම...ඉතින්

මං අප්පච්චි ගාවට වෙලා බලාගන උන්නා....අප්පච්චි කොස්තාපල් කෑල්ල ගගා කිරියලාගෙ මහ එකාව අමාරුවෙ දානව.....ආදරෙ කතා කර කර ඒ මනුස්සයට ඉන්න හිටින්න තැන් නැති කරන්න හදනවා.....

මෙහෙන් බටර් පාර ගෑවට මොකද මං බලාගන අප්පච්චි ගෙ අත මිටමෙලවෙනවා.....හිටපු මන්ත්‍රීගෙ නම කියපු අප්පච්චි ඇස් හීන් කෙරුවා...ඒ හකුපාඩා එකට එක තද වෙනවා....

මන් දන්නෙ නෑ කිරියගෙ අප්පච්චි මොනවා කියනවද කියලා ඒත් අප්පච්චිගෙ මූනෙන් නම් මට මේලෝකෙ හොදක් පේන්නෙ නැතිවෙනකොට මට අම්මා ගාවට දූවලා ගිහින් කේලමක් කියන්න හිතුනා.....අනෙ අම්මෙ අප්පච්චි ආයමත් ඇමතියෙක්ට ගහන්න යන්නෙ කියල.....මට දූවලා ගිහින් සීයත්තට කතා කරලා අනේ සීයත්තෙ අප්පච්චි ආයම රන්ඩුවක පැටලෙන්න යනවා කියලා කියන්න හිතුනා...මේ කරන්නෙ රාජකාරිය .....මේ ඉන්නෙ ඕ අයි සී සෝලංගආරච්චි කියන කරුනු කාරනා නෙවෙ මේ ඉන්නෙ මගෙ අප්පච්චි කියන එක විතරක්ම වෙනකොට අනෙ ඇත්තටම මට අප්පච්චි ව මෙල්ල කරගන්න පුලුවන් කෙනෙක් ගාවට දුවන්න හිතුනා....

ලියනගෙ මහත්තයා ....කෝ උත්තර .....ඔය ස්ටේශන් එක ඇතුලෙ කොස්තාපල් පට්ටමට වඩා තව ඉහල පට්ටම් ඉන්න උන් ඉන්නවා..ඒත් මගෙ හිත ගත්ත එකම කෙනා උඹ විතරනෙ රත්තරන් ම්ම්...කෝ අපි කතා කරමුකො ආ...මොකො උනේ....තෙපර බාන්ඩ එපා.....මං කිව්වනෙ....මං වෙන්ඩකඩුව වගේ හාවෙක් නෙවෙ හරිද.....

කිරියගෙ මහ එකා පව් .....

ලියනගේ අංකල් ගැන දුක් වෙච්ච මට බය හිතුනා...අප්පච්චි කියන්නෙ තරහා ගියෝතින් ජනාදිපතිව හරි හිරේ දාන්න තරහා ගන්න මනුස්සයෙක් කියන්න මං හොදටම දන්න කාරනාවක් වෙද්දි අම්මා උනත් හරස් උනොත් අම්මව එක වචනෙන් සැරන්ඩර් කරන්න අප්පච්චි ට පුලුවන් උනා...එයා අහන්නෙ එකම දෙයයි....අම්මා කොච්චර කිව්වත් අනේ තේජක එපා පැටලෙන්න කිය කිය මන්තරෙ වගෙ මැතිරුවත් අප්පච්චි අහන්නෙ ඔයදේ මගෙ ලමයිට උනොත් තමුසෙ මොකද කරන්නෙ විහාරා කියලා ...ඔය වචනෙ ගාව අම්මත් අසරන වෙනකොට මට බය හිතුනා...අම්මත් හැමදාම ඔය වචනෙ ගාව නිරුත්තර උනා....මොන අපරාදයක් උනත් අප්පච්චි කෙලින්ම ඒක හිතට ගන්නෙ මට හරි මගෙ මල්ලිට හරි උනොත් එදාටත් කටවහන් යනවද කියන තැන ඉදන් වෙනකොට අප්පච්චි ගෙ තරහව ගාව අපි කාටවත් එයාගෙ තරහව නවත්තන්න බර්ලින් තාප්ප ගැහුවත් වැඩක් නැති උනා....

මං අප්පච්චි දිහා බලන් උන්නා...අප්පච්චි එහාට යනවා මෙහාට යනවා .ඇදන් උන්න ඩෙනිමෙ රොඩු බිදක් නැති උනත් තරහවටද කොහෙද කලවෙ පිහ දදා හා හුම් ගෑවා....ආයම කලු බෙල්ට් එක දාලා යට කරපු තනිම කලු අත් කොට පෝලෝ ටී ශර්ට් එක උඩට ඇදලා ගත්තා.....ආයම කසාද මුද්ද අනිත් ඇගිලි වලින් කැරකෙව්වා...

අප්පච්චි මේක නුවර නෙවෙ...

අනේ අප්පච්චි මේක නුවර නෙවෙ දෙයියනේ....මේක අපි දන්න ගම නෙවෙ.....

මගෙ යටි හිත මැරෙන්න හදනවා...මගෙ යටි හිත අප්පච්චි ගෙ වචන වලට මා එක්කම රන්ඩු කරන්න හදනවා...

අනෙ අප්පච්චි අපි ඉන්නෙ දකුනෙ මේ මිනිස්සු මාලුකපන්නා වගේ කපලා දායි කියලා අඩන්න හිතුනා....මුන්ට පොඩ්ඩ බැරිවෙන්න බෑ...මාලුකපන මන්න අදින්නෙ අප්පච්චි කියලා මට අඩන්න හිතුනා....

අප්පච්චි ගෙ තරහව දැක දැක ඉවසලා ඉවසලා බැරිම තැන පොඩි කාලෙ කරන්නා වගේ මං අප්පච්චි ගෙ අතෙ පොඩි ඇගිල්ල අල්ලගත්තා ,අල්ලගත්තා කියන්නෙ මං මගෙ මුලු අතින්ම අල්ලගත්තෙ අප්පච්චි ගෙ චූටි ඇගිල්ල විතරක් උනත් අප්පච්චි මගෙ දිහා බැලුවා...

කිව්වට විස්වාස කරන්න අවුරුදු ගානකට කලින් තිබුන බැල්මම අදත් ඒ ඇස් වල තිබුනා...එදා වගෙම මගෙ ඔලුව අතගාලා කොන්ඩෙ පොඩ්ඩක් අවුල් කරලා අප්පච්චි ආයම කිරියගෙ තාත්තා එක්ක කියෙව්ව.....සමහර විට අප්පච්චි උනත් මාව දකින්න ඇත්තෙ අවුරුදු ගානකට කලින් මගෙන් දැකපු නොදරුවව....

ඇවිදගන්න දන්නෙවත් නැති කාලෙ මට අප්පච්චි ගෙ චූටි ඇගිල්ල කියන්නෙ මේ ලෝකෙ තිබුන හයියම දේ....අඩියක් තියන වාරයක් ගානෙම පීප් පීප් ගාන සපත්තු අන්දවපු මං බැරි බැරි ගාතෙ අඩිය තියාගත්තෙ ඔය ඇගිල්ලෙ එල්ලීගන....අවුරුදු ගානක්.....මට දහ අටක් වෙලා....ඒත් අප්පච්චි අදටත් මගෙ කොන්ඩෙ අවුල් කරනවා...මං හිතන්නෙ මට නොතේරෙන කාලෙ ඉදම්ම අප්පච්චි ඔය දේ කරන්න ඇති....මාව ඉඹලා ඉඹලා කන්න ඇති ....

මං ඒ ඇස් දිහා බලාගන උන්නා....දැන් මා එක්ක කතා කරලා ඇයි සුදු මහත්තයා කියල අහයි කියලා මං බලාගන උන්නා....

ඒත් අප්පච්චි ට ඊට වඩා වැඩ තිබුනා...අප්පච්චි ට මගෙ කදුලු බැදුන ඇස් ඒ තරහව ගාව මග ඇරුනා.....

ඉතින් රත්තරන් .....මේ අහපන්කො මගෙ කොස්තාපල් පන.....මෙහෙමයි...ඔන්න මගෙ කොස්තාපල් කද ගාව අඹ ගොඩක් තියනවා හරිද...එතකොට මං එනවා...මං ඇවිදින් ඔය අඹ ගොඩ ගන්නවා....අරගන ඔයාට සල්ලි දෙනවා...ඔයා මොකද කරන්නෙ....ම්ම්ම්....ඔයා ගෙ දිහාවට මං සල්ලි දික් කෙරුවොත් ඔයා මොකද කරන්නෙ?

ආන්න රයිට්...ඔයා සල්ලි එක ගන්නවා....

ඔයා ගාව තියන අඹ ගොඩ මන් ගන්නවා...මං දුන්න සල්ලි එක ඔයා ගන්නවා....මං දෙවනි පාරත් කිව්වා හොදද....මං දෙවනි පාරටත් ඔයාට තේරුම් ගන්න පුලුවන් වෙන්න කිව්වා....එතකොට ඔයම කිව්වා ලියනගෙ සල්ලි ගන්නවා කියලා එහෙම නේ....??

අයිසෙ....ඉතින් ඒකට නේනනම් බඩු විකුනනවා කියන්නෙ.....බඩු දුන්නද.....සල්ලි ගත්තද....අන්න ඒකටයි බිස්නස් කියන්නෙ....කන පලාගන්නෙ නැතුව ඕකව ඇතුලට දාපන් ලියනගේ....අම්මගෙ රෙද්දක් කියනවා....

අයිසෙ ඌ හිටපු ප්‍රාදේශිය සභාමන්ත්‍රි මිසක් දැන් ප්‍රාදේශීය සභා මන්ත්‍රී නෙවෙනෙ....ඇරත් ඌ මන්ත්‍රී උනත් මට මොකද ම්ම්ම්.....?? ඌ දැනුත් ඉන්නෙ මන්ත්‍රී පුටුවෙ උනත් මං කරන්නෙ ඒ දේමයි ලියනගේ.....

දැන් එතකොට උඹලා කියන්නෙ ඌ මන්ත්‍රී හන්දා ඕන දෙයක් කරන්න පුලුවන් කියලා....අයිසෙ තමුසෙලා කියන්නෙ ඌ දැන් මන්ත්‍රී කියලා තමුසෙලාට ඇරියත් උස්සගන ඉන්න ඕන....ඒක හරි හුත්තක්නෙ අයිසෙ....

එහෙනම් ඉතින් මොනව හරි මගුලක් වෙලා ගෑනිව ඉල්ලුවොත් උඹ ගෑනිවත් දියන්කො ලියනගෙ මන්ත්‍රීනෙ කියලා....උඹට මගෙ කොල්ලගෙ වයසෙ කොල්ලෙක් ඉන්නවා ඕකට උගන්නනෙ නැතුව අරකගෙ පොට් එකට යන්ඩ කියපන්...අපරාදෙ අයිසෙ තමුසෙ මගෙන් කුනු බැනුම් අහ අහ හම්බකරන්නෙ....මගුලටද උගන්නන්නෙ අම්මගෙ රෙද්ද හුත්තක් කියනවා ගොත ගගහා.....

අයිසෙ මේ..මේ....මේ.....හ්....මේ අහනවා ලියනගෙ ...මැනික මේ අහනවකො....මේ අහනවාකො ගොත ගහන්නෙ....ඇයි තමුසෙ ගොත ගහන්නෙ උඹව කවුරු හරි අල්ලන්ද ඉන්නෙ ආ?එක්කො ඉස්පීකර් දාගනද ඉන්නෙ...දාගන උන්නත් මට වැඩක් නෑ ඇහුනදෙන්.....වැඩිම උනොත් මට ආයම මාරුවක් දෙයි . .අයිසෙ මං ඇව්දින් දියවන්නාවෙ එකෙක්ගෙත් සෙම බහින්න ගහලා මාරුවක් ගත්ත එකෙක්....එහෙම එකේ මූ මොකෙක්ද අයිසෙ මූ ආ...??

මට යටි තොල හැපුනා...මං කිව්වා වගේම....මං හිතුවා වගේම අප්පච්චි ලියනගේගෙ නලලටම ඇනයක් බැස්සුවා.....මන්ත්‍රී කියලා අච්චු නොකර ඉන්නද අහලා ගෑනිවත් දියන්කො කියල්ල කියනකොට මට කිරියගෙ තාත්තගෙ මූනෙ ස්වරූපෙ මැවිලා පේන්න ගත්තා...කිරියවත් පොට් එකට යවපන් කියනකොට මට අප්පච්චි කෙනෙක්ගෙ හිතට එන ආවේගෙ දැනුනා...අනිත් පැත්තෙන් මට මගෙ අප්පච්චි ගෙ තරහවෙ තරම පෙනුනා... .

කොස්තාපල් මහත්තයා ඔවුන් ලව්වා ඇතුලට දානවද නැත්තන් මං ඇවිත් දම්මන්නද....මට දාන්නත් දම්මන්නත් පුලුවන් ....

ඒත් නැත්තන් වඩියත් එක්කම අහු උන එකෙ මං ඇවිත් ආපහු වඩිය දීලා මන්ත්‍රී තුමා තව පාරක් පෙරමු කියලා වඩිය එක්කම ඇතුලට දාන්න පුලුවන් ....මොකක්ද ලේසි....දැන් ඔය ස්ටේශන් එකේ එකෙක් නැද්ද කොන්ද පන තියන.....එකෙක්ට දාන්න බැරිද . හරි හරි....මාව ගෙන්නගත්තොත් මං තමුසෙලාවත් එක්ක මන් ඇතුලට දානවා ...

මං බිම බලාගත්තා...මට අප්පච්චි දිහා බලන්නත් බයයි.....මම එන්නද ආවොත් මං උඹලවත් එක්කම ඇතුලට දානවා කියපු අප්පච්චි අනිත් පාර කැබ් එකෙ දොර ඇරලා සිගරට් පෙට්ටිය අරන් අම්මා එනවද බලලා සිගරට් එකක් අවුලගත්තා.....ආපිට අප්පච්චි දිහා බලාගන උන්න මගෙ දිහා බලලා අතේ තිබුන සිගරට් එක ආපිට බිම දාල පෑගුවා....හරියටම අම්ම ඉන්න තත්වෙ එක්ක අම්ම ඉන්න තැන සිගරට් අවුලන්න හොද නෑ වගෙ අප්පච්චි එකපාරම මාව දැකලා සිගරට් එක බිම දාලා පාගල ආපිට ලියනගේ එක්ක ඇරගන්න ගත්තා.....

අයිසෙ ...අයිසෙ මේ අහනව ලියනගේ තමුසෙලා මගෙන් වෙන්ඩකඩුවව හොයන්ඩ එපා හරි....මං කීපාරක් කිව්වද ඕයි.....ආය ආය එකම ලබ්බ එකම ලබ්බ කියනවා...මොකක්ද අයිසෙ සර් වෙන්දකඩුව මහත්තයා ඉන්නකොට ගාලා පරන පිත්තම පටන් ගන්නෙ.....

මං ඇවිත් ගනයෙක් අහු උනොත් ගනයගෙනුත් වැඩ ගන්න මිනිහා.....ඔන්න ඕකව ඇතුලට දානව අයිසෙ මගෙ ලේ කෝප කරන්නෙ නැතුව.....මලගෙදරකට ගිහින් ආව මං ලව්වා මරනයක් වෙන තැනට වැඩ කරන්න එපා ලියනගේ මහත්තයා ...වැරද්ද නම් අයිසෙ අම්මා තාත්තා උනත් වැරද්දට දඩුවම් දෙනවා....

තමුසෙලා කොහොමද ඕයි මෙහෙම වැඩ කරන්නෙ..අයිසෙ තමුසෙ අවුරුදු කීයක් තිස්සෙ දැන් කොස්තාපල් කම කරනවද.....???

තමුසෙලාට ඕන හැමදාම කාට හරි කොන්ද නව නව ලොකු මහත්තයා කියන්ඩද...අයිසෙ මේ අහනවා ලියනගේ තමුසෙ දන්නවා මිනිහා වැරදි කියලා .....තමුසෙ දන්නවා වැඩේ නීතිවිරෝධී කියලා...තමුසෙ විතරක් නෙවෙ මුලු දික්වැල්ල ස්ටේශන් එකම දන්නවනෙ...තමුසෙලා උගෙ වැරදි අහුවෙන වාරයක් වාරයක් ගානෙම ඒ වැරද්ද වහන්න ඌ කරපු හොද හිලව් කරන්න එපා අයිසෙ ....ලියනගෙ ජනතා මනාපෙ අරන් උන් පත්වෙන්නෙ රටට කරන්න මිසක් රටට අරින්ඩ නෙවෙ ඕයි.....

උගෙ අතින් මිනියක් මැරුනත් ඌ හිගන්නෙක්ට කන්න දුන්න එක මතක් කර කර අරකට මේක හිලව් කරන්ඩ එපා ....ඇයි ඕයි උන් කැම්පේන් කරගන වියදම් කරන් මන්ත්‍රීකම ගන්නෙ තමුසෙලාට අපිට රටට සේවය කරන්ඩ තමයි නැතුව වෙන ඇම්මට නෙවෙනෙ...ඒ හන්දා කරන ජඩවැඩක් ගානෙම ඌ කරපු හොද කිය කිය හුනු ගාන්ඩ ලෑස්තිවෙන්න එපා ඕයි....පොඩ්ඩක් කොන්ද කෙලින් තියන් වැඩ කරනවා...අවුරුදු ගානක් තිස්සෙ එක එකා ඇවිත් ඇවිත් කෙල කෙල යන ආන්ඩුවක ජීවත් වෙවි තමුසෙලා අපි මැරිලා ගිහින් කරන්නෙත් තමුසෙලාගෙ අපෙ ලමයිව තව කාලකන්නි කරන්න හදන එක නෙවෙද .

අයිසෙ මගෙ ළමයි දෙන්නම මේ රටට නය කාරයො හදපු මටවත් වදපු මගෙ ගෑනිටවත් නය නැති මගෙ ළමයි රටට ණය කාරයො...මගෙ ගෑනි බඩෙන්....ඇතුලෙ ඉන්න එකාගෙ අප්පච්චි මං උනත් මන් දන්නෙ නෑ කොල්ලෙක්ද කෙල්ලෙක්ද කියලා ඒත් මගෙ ළමයා උපන්ගෙයිම මේ පකෙ ලන්කාවට ණය කාරයෙක් කියන්න මං දන්නවා .....ඒකට මොකද මොකක් හරි උනොත් හැමනෙන්න දාලා දෙදාස් පන්සීයෙ ජාතකෙ හෑල්ල ගානවා.....ඇයි ඕයි මේ වගේ ලබ්බවල් අපි දිගින් දිගටම කරන්නෙ....ඕකා හිටපු මන්ත්‍රීද...දැන් එකාද ඉස්සරහට වෙන්න ඉන්න එකාද අදාල නෑ...ඔන්න ඔය හුත්තව ඇතුලට දාපන් අයිසෙ...අයිසෙ පුරුදු වෙනවා හම්බකරන් කන තැනට අවංක වෙන්ඩ....තමුසෙලාට ඕයි ඕක එදාවේල හම්බකරගන්න වඩිට පෙරන එකෙක් අහු උනා නන් උගෙ ඇට සව් ඇට කරලනෙ...

ලියනගෙ තමුසෙලාගෙ හැන්ද වෙනස් කරගන්නවා අයිසෙ ඔක්කොටම කලින්...බෙදන එක හරියට බෙදපන්....එකෙක්ට බත් හැන්දෙන් බෙදලා අනිකට ගෑරුප්පුවෙන් බෙදන සීන් එපා හරි.....අයිසෙ මං ඇවිත් සෝලංගආරච්චි අන්න ඒකත් මතක තියාගන්නවා...දාන්න බැරි නම් ඉන්දලා තියපන් මං ඇවිත් උඹලටත් එක්කම දම්මලා යන්නම්....

මං හිතන්නෙ මෙච්චර වෙලාම බයෙන් උන්න මගෙ හිතට එකපාරම හයියක් ආවද මන්දා ...

අනෙ අප්පච්චි මේක නුවර නෙවෙ කියලා යටි හිතින් අඩපු මට අවසානෙදි මගෙ අප්පච්චි ගෙ තරහව ඇතුලෙන් ඒ කතාව කොච්චර සාදාරනද හිතුනා.....

අප්පච්චි ගෙ කතාව හරි....අප්පච්චි ගෙ කතාව සීයට දාහක් හරි...පුතෙක් විදිහට මට මගෙ අප්පච්චි ගැන බයක් හිතුනා උනත් අනිත් පැත්තෙන් බැලුවොත් ඕ අයි සී මහත්තයගෙ තරහව සර්ව සාධාරනයි ...

ඒත් අවාසනාවට මං ඇවිදින් මගෙ අම්මා අප්පච්චි ට මගෙ එකම මල්ලිට විතරක් නෙවෙ මගෙයි කියන තිරිසන් සත්තු දෙන්නට පවා අසීමාන්තිකව ආදරෙ කරන මනුස්සයෙක් වෙනකොට මට විදින්න ලැබුන පපුව ගැස්සෙන අත්දැකීම් එක්ක අර ලැබුන හයිය ආයමත් පෑල දොරෙන් පැනල යන්න හැදුවා.....

ඕයි මේ අහනවා ඌට ස්කාගාර ලයිසන් එකක් තිබුනා නම් තමයි බය වෙන්න ඕන...මෙලෝ රෙද්දක් නැතුව ගෙයක් අස්සෙ පෙර පෙර පැකට් පැකට් විකුනනකොට මොන පකටද ඕයි ඇතුලට දාන්න බයවෙන්නෙ...ඔන්න ඕකව දානවා ඕයි....තමුසෙත් අප්පච්චි කෙනෙක් නේද අයිසෙ ලියනගෙ බලනවා තමුසෙ ඔය කොස්තාපල් පට්‍ටම අහකට දාලා බලනවා ඔය කුදලන් ආව උන් අස්සෙ තමුසෙගෙ කොල්ලගෙ වයසෙ කීයක් ඉන්නවද කියලා ....

පොඩ්ඩක් බලනවා...අර කිරියද මොකාද කියන තමුසෙගෙ කොල්ලා වගේ කීයක් පැකට් ඉනෙ ගහන් ගිහින් බෙදනවද කියලා ...

මට තමුසෙට බන කියන්න බැ ඕයි බන කියන්ඩ ඕන නම් මං සාසනෙට යනවනෙ...තමුසෙලාට බය නම් ....තියනවලා මන්ම ඇවිත් දාන්නම්...ශරීර ඇපේට වෙන වෙන උන් ගෙන්නවලා මායන් වෙන සීන් මා එක්ක බෑ කියලා ඔය ඉන්න උන්ට කියපන්...ඇමතියටත් එච්චරයි ආය....තොපි එකෙක්ට වත් වැඩක් කරන්ඩ පනක් නෑනෙ .....එක දවසයි මං උන්නෙ නැත්තෙ ...මං වැඩබාරගන්නකොටම තමුසෙලාට කිව්වා මං වැඩකරන්න ගන්නෙ හතරවටම සුද්ද කරන්.....

අයිසෙ තමුසෙලා පගාව ගන්නවද ???එහෙමවත් අහන්ඩ...හරි හරි ඔය ගොත ගැහිල්ල එපා...නවත්තගනින් බන්....

අප්පච්චි ....

මං මිමිනුවා...මෙච්චර වෙලාම ජැක ගහන් උන්න අප්පච්චි අනිත්පාර ලියනගෙ අංකල්ටත් බැන බැන මගෙන් තවත් දුර යනකොට මට සුදු අයියගෙ ගෙදර දුවන්න හිතුනා...

අනේ අයියෙ ඔය කියන මන්ත්‍රී කාරයා මොන ජාතියෙ මොකෙක්ද අහන්න හිතුනා..ලියනගේ අංකල් ඔය තරම්ම පස්ස ගහන්න තරම් ඌ කෙරුමෙක්ද මගෙ අයියෙ කියලා මට එයාගෙන් අහන්න හිතුනා....

 යකාගෙ හැටි දන්නෙ විමානෙ ඉන්න අපි විතරක්ම වෙනකොට තරුගහපු නිල ඇදුම අදින අප්පච්චි ගෙ තරම දන්න මට මේ පාර මාරුවක් ලැබුනොත් ජම්මෙට වත් මේ දකුන දාලා යන්න බැරි හේතුවකුත් මගෙ හදවත අල්ලන් තියනකොට අනෙ සත්තයි මට දුවන්න හිතුනා....

අප්පච්චි ඔය ඇති අප්පච්චි ....

මං දෙවනි පාරටත් මිමිනුවා...ඒත් අප්පච්චි ට නෙවෙ මං කියන ඒවා ඇහෙන්නෙ...ඒ වෙනුවට අප්පච්චි කරන්නෙ දිගින් දිගටම ලියනගේ අංකල් එක්ක ඇරගන්නකොට මන් බලාගන බඩට අතකුත් තියාගන එලියට ආව අම්මා තේ ඉල්ලල නාහෙන් අඩලා ඊලග තත්පරෙ සෙල්ලම් ඩෝසරෙන් වැලි හාරන සමනල් ගාවට ගිහින් දෙපැත්තෙ අඩු දෙක තියන ප්ලාස්ටික් කප් එක දික් කරලා සමනලයා හිනා වෙවී කියවන මොනවාට හරි හිනාවෙවී උත්තර බැද බැද ඒකව හුරතල් කරනවා...දූවිලි නාපු සමනල්ගෙ චූටි අත අම්මගෙ බඩ උඩ එහා මෙහා යනකොට අම්මා හම්බෙන්න ඉන්න චූටි නංගි ගැන ද කොහෙද සමනල්ට කියලා දෙන හැටි මං බලාගන උන්නා.....

එහෙන් අප්පච්චි ගෙ කටහඩට එන්න එන්න තද වෙනවා.....අනිත් පැත්තෙන් අම්මා වැලි නාපු සමනල්ව හුරතල් කර කර ඌ එක්ක වැලි හාරනවා...මේ ඔක්කොම එක්ක අප්පච්චි ගෙ තරහවෙ අවසානෙ කොහෙන් කෙලවර වෙයිද නොදැන උන්න මගෙ ඔලුව ගිනිගන්න කම්මලක් වේගන එද්දි සුසංගතා පිස්සෙක් වගේ කියවන එක මට ඉවසන්නම බැරි උනා ...මට අද උගෙ පිහාටු ගලවන්න තරම් ආවේගයක් ආවා.....

"සුදු අයියෙ.....හ්....සුදු ...ආයියෙ ....

ඇතුලට එන්ඩ හමන්නන්ඩ....සුදු අයියෙ ....මා...ලෝ....නිලමේ.....නි....ලමෙ...සීදේවි...ජරාව බොන්ඩ එපා තේජක...මාලූ....සමනා....ල්....සුදු පුතා සමනාල්.....සාගරිකා.....පඩත්තර 

බ ල් ලා.....සුදු අයියෙ....ඇතුලට එන්ඩ සුදු අයියේ...තේජක...ජරාව බොන්ඩ එපා තේජක...තේජක......

කටවහපන් යක්සයො....අප්පච්චි ට තරහා ගිහින් තොගෙ කට හන්දා මටයි තොටයි වෙන්නෙත් කූඩුවකට යන්න.....කටවහපිය.....රෙද්දක් කියනවා...ඇයි බොල... මට මූව මූදට විහි කරන්ඩ ඇත්තම්...කිව්වම අහලා කටවහන් බන් ...කටවහපන් කො....පින්සිද්ද වෙයි...කටවහන් පාඩුවෙ හිටපන්...

" ක්‍රෑ...ස්ස්ස්ස්"

දඩාස්...!!

සුදු මහත්තයා ??

මං හිතන්නෙ උනේ කියන්න සුසංගතාට තියා අම්මටත් හිතාගන්න බැරිව යන්න ඇති...වෙනදට සුසංගතා කියන දේකට දහයක් කියන මට අද තරහා ගියා. ..වෙනදට උගෙ කුනුහර්ප හිනාවෙවි අහන් උන්න මාව අද රත් උනා.....මං ඒකගෙ කූඩුව දෙදරන්න අතින් ගහනවා එකම කුරුල්ලා පවා බයවෙලා ගියා විතරක් නෙවෙ මල්ලි ගාව උන්න අම්මා පවා එකපාරම මගෙ දිහා බැලුවා, වචනයක් වත් නොකියපු මං අම්මා දිහාවට බැල්මක් වත් නොදී ආපිට ජිප් එකගාවට දිව්වා ....අප්පච්චි තවම කෝල් එකේ....අප්පච්චිගෙ ඇස් තනිකරම ගොරකා ලෙලි වගෙ...

අයිසෙ....අයිසෙ....මට ඔය වෙන්දකඩුව වගෙ පොකට් එක පුරවන් පුරුදු නෑ ලියනගේ.....තමුසෙ මට මොනවා කිව්වත් මගෙ තීරනෙ වෙනසක් නෑ....තමුසෙ ඔහොම නෙවෙ සර්ව රාත්‍රික පිරිතක් කිව්වත් මට අදාල නෑ .....

මේ සෝලංගාඅරච්චිට බර අතු ඕන තරම් සද්දෙ දැම්මා...මොකො මේක උන්ට ගිය රටද...ලැජ්ජා වෙයන් දෙන ගාන අතට අරන් අත පිහදගමු සර් කියලා මටම කියන තැනට උඹ දෙකට නැවුනට...හරි හරි ඔහොම ඉන්නවකො මං එන්නම්....ආවට පස්සෙ මං බලාගන්නම් බීප්...බීප්.....බීප්...

සුදු මහත්තයා ...සිහත්???මොකක්ද අයිසෙ තමුසෙ ඒ කෙරුවෙ.....???මොකක්ද උඹ ඒ කෙරුවෙ.....

අප්පච්චි .....එපා අප්පච්චි ....ව්..වදින්නම්....අප්පච්චි ....අනෙ....එපා....

මගෙ ඇහි දාර කෙවෙනවා....සුසංගතාගෙ කූඩුව දෙදරවන් යන්න ගහපු පාරට මගෙ අත පවා පුපුරු ගහනකොට තවම පුපුරන අප්පච්චි කිරියගෙ අප්පච්චිට තවත් මොන මොනවදො කියලා බනිනවත් එක්කම පලු දාන්න ගුටි කන්න බලාගනම මම අර ඵෝන් එක උදුරලා අරන් කෝල් එක කට් කරලා දැම්මා...

අප්පච්චි ගෙ සුදු මූන රතුවෙලා...තරහවෙ තරම ට අප්පච්චි බලපු බැලිල්ලට මං හිතුවෙම මට ගහයිම කියලා වෙද්දි ලබන්න පුලුවන් නරකම අත්දැකීම් විදපු මං අඩන්න හදන ඇස් වලට අඩන අවසර දෙන ගමන් තරහවෙන් පුපුර පුපුර මගෙ දිහා බලාගන මගෙ කන් බෙර පැලිලා යන තරම් වේගෙකින් ගහන්න පුලුවන් ආවෙගෙකින් වෙව්ල වෙව්ල උන්න අප්පච්චි ව බදාගත්තා ....මං මගෙ අත් දෙකෙම්ම අප්පච්චිව කිටි කිටියට බදාගත්තා...

මන් හුගක් ආදරෙයි මගෙ අප්පච්චි ....සුදු මහත්තයා අප්පච්චිට ගොඩක් ආදරෙයි අප්පච්චි .....ම්...මට.....අප්පච්චිව....ඕ....න.....අප්....පච්චි...මටයි මල්ලිටයි අම්මටයි අප්පච්චිව හුගක් ඕන අප්පච්චි ...

මට ඇඩුනා....දකුනට මාරුවෙන ලොකුම හේතුවත් ඇමති කෙනෙක් වෙද්දි සීයත්තා මාව අම්මව මල්ලිව හංගන් තියාගන උන්න හැටිත් මගෙ අප්පච්චි දෙතුන් දවසක් අතුරුදන් වෙලා ගෙදර ආව හැටිත් මතක් උන මට මගෙ පිරිම් හතර කුටීර වේදනාවටත් බයටත් පුපුරලා යන්න ආවා.....

දෙතුන් දවසක් අතුරුදහන් උන දවස් වල මගෙ හුස්ම වැටුන හැටි උඩ ඉන්න දෙයියො වත් දන්නෙ නැතුව ඇති...මගෙ අම්මා අඩපු කදුලු වලට මහ මුහුද පවා පරාද වෙන්න ඇති.....අප්පච්චි ගෙ උනුහුමට පුරුදු උන සමනල්ට රෑට නින්දක් නැතිව ගියපු හැටි දෙවියො වත් දන්නෙ නැතිවෙද්දි මං මගෙ අත් දෙකෙම්ම අප්පච්චි බදාගන අනේ ඇති අප්පච්චි කිය කිය මගෙ වේදනාව අකුරු කෙරුවා...

මට දැනෙනවා අප්පච්චි ගෙ හුස්ම බර වෙනවා.....පපු කද ගැහෙන වේගෙ එන්න එන්න වැඩි වෙනවා...

කිසිම දෙයක් නොකියපු මම කියපු එකම දේ අප්පච්චි මන් ආදරෙයි කියපු එකත් මට අප්පච්චි ව ඕන කියපු එකත් විතරක්ම වෙද්දි මගෙඇස්වලින් ඉපදුන වේදනා දියර දොරෙ බුදුන්ගෙ උරහිස් වගේම පපු පදාසෙ තෙමලා දැම්මා.....අවසානෙදි ඒ රලු අත ඇවිදින් මගෙ ඉහ මුදුනෙ නැවතුනා...

සුදු මහත්තයා ...අප්පච්චි ගන්න පඩියට ණය නැති බව උඹ දන්නවනෙ ම්ම්ම්...අප්පච්චි ගෙ කොල්ලා බය උනාද...

කෝ ඔලුව උස්සපන් ...කෝ ඉතින් ඉක්කෙ බන් උඹ අඩනවද...මට මොකුත් වෙන්නෙ නෑ කෝ ඔලුව උස්සපන් සුදු මහත්තයා ....

තත්පර ගානක් ඇතුලත හිරෝශිමාවක් හා සමාන තරහවෙ ලාවා ගග ගල ගල තිබුන අප්පච්චිගෙ පපුව නිවිලා ගියා...මගෙ ඔලුව අත ගගා ඇඩිල්ල නවත්තන්න කිව්වා....අවසානෙදි අඩන ඇස් පිටින්ම මං අප්පච්චි දිහා බැලුවා....

අප්පච්චි ...

වැරද්ද නම් වැරද්දමයි සුදු මහත්තයා ...බය නොවී ඉදපන්...උඹගෙ අප්පච්චි මෙතනට ආවෙ කාටත් ගොටු අල්ලා වත් ..කාගෙවත් සපත්තු ලෙව කාලවත් නෙවෙනෙ ..උඹලව ලස්සන කරන හැම සතේම මං හොයන්නෙ සාදාරනව සිහත්.....

මන්ත්‍රී ට එක හැන්දයි...අනිත් උන්ට එක හැන්දකුයි බෑ ....එහෙනම් ඉතින් හැමෝටම පෙරන්නයි පව් කරන්නයි නීතියක් එන්න ඕන....හිරගෙවල් එක්ක පොලිසි වැහිලා යන්න ඕන...

මට තේර්‍ර්නවා අප්පච්චි ...ඒත් ...එත් මේක නුවර නෙවෙ අප්පච්චි ...මට...මල්ලිට අම්මට අප්පච්චි නැතුව බැ...අනෙ අප්පච්චි අමතක කරන්න එපා අපි හතරක් අප්පච්චි වෙනුවෙන් බලන් ඉන්නවා....

මට ඉකිගැහෙන්න ආවා...අඩන එක පිරිමි කමට ලැජ්ජාවක් කියලා මං අහගන කව්ද මන්දා එකෙක් දුකට අඩන පිරිමියෙක්ට කියනවා...අඩන ඇස් වලට අඩන්න දෙන එක කොහොමද ලැජ්ජාවක් වෙන්නෙ කියන එක මගෙන්ම අහපු මන් මගෙ ජීවිතෙ මට ඉන්න වැදගත්ම මනුස්සයා ගාව මගෙ කදුලු කැට දිය කරලා දැම්මා...

අප්පච්චි .....අප්පච්චි උඹ දන්නෙ නෑ තුන් දවසක් මං කොහොමද ජීවත් උනෙ කියලා....සමනල්ට නින්ද ගියෙ නෑ...අම්මගෙ ඇස් අඩලම පුපුරන්න ආවා.....වචන වැරදුනත් දෙන්නට දෙන්නා තාමත් නෝක්කාඩු කියාගන්න සීයත්තා නොගියපු තැනක් නෑ අප්පච්චි ....අත්තම්ම පහන් පැලට තියාපු පහන නිවෙන්න දුන්නෙ නෑ....

රස්සාවට උනත් ඔය හැටි සාදාරන වෙන්න යන්න එපා අප්පච්චි ....අනුන්ගෙ දරුවන්ට අනාගතයක් හදන්න ගිහින් අප්පච්චිගෙ ලමයිට අප්පච්චි කෙනෙක් නැති කරන්න එපා ඒක අසාදාරනයි....අම්මට අප්පච්චි නැති එක මිනිත්තුවක් ගෙවාගන්න බෑ....මට දහ අට උනත් මගෙ හැම දේම අප්පච්චි ...එහෙම කරන්න එපා....

ලියනගෙ අංකල් ඔය තරම් පස්ස ගහන්නෙ උන් ගෙ තරම දන්න හින්දා....

හ්ම්.......කෝ අඩන එක නවත්තපන්කො....

මට...බ් ...බයයි...මට උඹව නැති කරගන්න හරි බයයි අප්පච්චි ...

හරි හරි.....කෝ අඩන එක නවත්තපන්කො සුදු මහත්තයා ....අප්පච්චි ට මහන්සී...කෝ අඩන එක නවත්තපන්....මොනරි දැක්කොත් මගෙ පිල් ගලවයි.....අඩන්න එපා අඩනකොට උඹ කැතයි ..අනික....මං බයයි උඹව අඩවන්න....

මං කියවගනම උන්නා.....වැල් වටාරම් හෑලි තොගයක්ම කියවන් ගිහින් අවසානෙදි මං උඹව නැති කරගන්න බයයි අප්පච්චි කියනකොට අප්පච්චි ඒ ඇගිලි වලින් මගෙ කදුලු පාරවල් පිහලා අඩනකොට මං කැතයි කිව්වා වගේම අඩනකොට බයයි කිව්වා...

ඒ ඇයි අප්පච්චි ...

උඹ චූටි කාලෙ අඩනකොට හුස්ම අල්ලගන්න බැරිව යනවා....මොන යකා උනත් පවුල ලමයි ගාව සැලන්ඩර් බන්...උඹගෙ අප්පච්චි මේ වගේම දුම්මල වරම අතට ගත්ත කපුවා වගෙ ආවේසල වෙලා ඉදන් ගෙදර ආවත් ගෙට් ගොඩ වෙනකොට උඹව දැක්කම මන් තරම් දියවෙන පිරිමියෙක් මේ ලෝකෙ කොහෙවත් නෑ සුදු මහත්තයා ....

ඇබිත්තකට නැති ඇදුම් පොඩ්ඩක් අන්දලා මුලු මූනටම පියරු ගාලා....නලල මැදම මොට්ටුවක් තියලා සූප්පු පොඩ්ඩක් උරව උරව අම්මා එක්ක මග බලන් ඉන්න උඹව දකින එක තත්පරෙ ඇති මගෙ ලෝකෙම උඹ ගාව නතර වෙන්න....

සිහත් උඹ අප්පච්චි ගෙ හැටි දන්නවා....තරහවෙ තරම දන්නවා...ඒත් උඹ අඩනකොට හුස්ම අල්ලගන්න බැරි වෙද්දි මං තරම් අසරන මිනිහෙක් මේ ලෝකෙ කොහෙවත් නෑ....දුම්මල වරම අතට ගත්ත එකා වගෙ ආවේස වෙන මට එ පිරිමි කමට මොනා වෙනවද කියන්න මං දන්නෙ නෑ....උඹව පොඩි කාලෙ මං අඩවන්න බයයි....උඹ හින්දා මං දවස් කීයක් පරක්කු වෙලා යන්න ඇතිද...උඹ හොදට දන්නවා මං යන්න යනවෙලාව...

ඇදගන එනකොටම උඹ අඩන්න කට හදනවා.....අඩයි කියන බයටම මං උඹ නිදියනකන් ඉන්නවා....එතකොට මමත් ලියනගේ වගේ මට ඉහල ඕයිසීගෙන් බැනුම් අහන මනුස්සයෙක්...

උඹගෙ බය සාදාරනයි ...උඹගෙ ආදරේ තරමට දැනෙන බය සාදාරනයි....ඒත් සුදු මහත්තයා ....දැන් වත් සිස්ටම් චේන්ජ් වෙන්න ඕන ....හැමදාම බර අතු බේරිලා පොඩි අතුම කප්පාදු උනොත් ඒක හොද දෙයක් නෙවෙ ....උඹට ඉන්නෙ සර්වසාධාරන් අප්පච්චි කෙනෙක්....මේ රට ඇතුලෙ උඹලා තැලෙනකොට අප්පච්චිලාට මැරුනත් සැනසීමක් නැතිවෙයි ... ආ ඉදා බඩුවක් තියනවා....

මටදුක හිතුනා...අප්පච්චි මගෙ ඔලුව අත ගගා මගෙ ලදරු කාලෙන් අවුන්සෙකුත් එලියට දාලා අවසානෙදි මගෙ හිතත් හදලා සාක්කුවට අත දාලා මගෙ දිහවට ටොපියක් දික් කෙරුවා....හරියටම සමනල් අරගන ආවා වගේම එකක්....

කොහෙන්ද අප්පච්චි මේ.....

නිදුකිලගෙ තාත්තා ඇවිදින් උන්නා....පව් මනුස්සයා අරාබියටම දියවෙලා බන්....මොකුත් ගෙනාවෙ නෑ කියලා කිව්වා...

අපිට එහෙම මොකුත් ඉල්ලන්න බෑනෙ අප්පච්චි ...ගෙනාවෙ නෑ කිව්වත් අපි කොහොමද අප්පච්චි ටොපියක් වත් බලාපොරොත්තු වෙන්නෙ නේද....මොකද අපිත් ඒ මිනිස්සු රට ඉන්නකොට උඹලා කෑවද බිව්වද වත් අහන්නෙ නෑනෙ....පව්....නිදුකි තවම අර නුවර කොල්ලා එක්ක යාලුලුද අප්පච්චි ...ඒකි නම් විබාගෙ ඉවර උන ගමන් ඕකව බදීද දන්නෙ නෑනෙ....එ උනාට සිරිමෙවන් අංකල් පව් නේ අප්පච්චි ...

මගෙ ඇඩිලි අහවරයි ....අප්පච්චි දුන්න ටොපිය අයිති වෙන්නෙ මගෙ වයස්ම උන අම්මගෙ පැත්තෙ අරයගෙ මෙයාගෙ කිය කිය නෑකම් කියන නිදුකිගෙ අප්පච්චිට වෙද්දි මන් කරස් ගාන සද්දෙන් ටොපිය කඩලා බාගයක් මගෙ කටෙ ඔබන් ඉතුරු බාගෙ අප්පච්චි ගෙ කටේ ඔබ ඔබ කියවනකොට අපෙ නුවර සීයත්තගෙ බෑනට මොකක්ට හරි දුක හිතෙන්න ගත්තා ....

.හ්ම්....ඒක ඇත්ත.....හැබැයි මිනිහා හොද බෝතලයක් නම් ගෙනත් තිබ්බා...අපරාදෙ කොහෙද උඹලගෙ අම්මට එහෙ ගිහිනුත් නුවර නම්බුව රකින්න ඕන උනානෙ....පුදුම කරුමයක් මේ වලව් පිත්තම නම්....මූඩිය විතරයි අරින්න හම්බුනෙ ...

ඇත්තමයි ඔය ගෑනිට ළමයෙක් හම්බෙන්න නොහිටියා නම් තමයි වැඩෙ වෙන්නෙ...රතු කොඩි වැටෙන කාලෙට ඒ ගෑනිට මගෙ හුස්ම ගන්න සද්දෙටත් තරහා යනවා...දැන් ළමයෙක් දුන්නා ඒක ඊටත් හපන්...එක්කො මේක මෙ ගැබ්බර කාලෙට එන විපර්‍යාසයක්ද මංදා බන් පුදුම කන්කරච්චලයක් තියෙන්නෙ.....කන් ගොඩ වෙන්න එනවා.....ඔය මගුල මං යාලුවෙලා උන්න කාලෙත් අහන් උන්නා ...බැන්දම හරියයිනෙ කියලා හිතලා හිත හදාගත්තා....දැන් ඒක වැඩි උනාද මන්දා...

අවුරුදු ගානක් තිස්සෙ මොනර පඩංගුව අහලා අහලම මට දැන් ඔලුවත් කැක්කුමයි...අපෙ නුවර කියලා පටන් ගන්නවා අපරාදෙ අතට ගත්තු දේ...තෝ මොකද රවන් ඉන්නෙ....ඇයි ගිහින් දෝනිට කියන්ඩද....ඔව් ඉතින් අර මහ හාමුවගෙම ගති තමයි තොටත් ගිහින් තියෙන්නෙ....යම යම ගිහින් තේ එකක් වත් ඉල්ලන් වරෙන්....

අනෙ අප්පච්චි මේ...ඔයා කාට බැන්නත් අපෙ නුවර සීයත්තලාට නම් බනින්ඩ එපා හරිද....අනික අප්පච්චි සතුටු වෙන්න වලව්වකින් කසාදයක් කරගන්න හම්බුන එකට....අනික මලගෙවල් වල යන්නෙ දුක් වෙන්නයි දුක බෙදාගන්නයි මිසක් බොන්න නෙවෙ....අපෙ සීයත්තා දැක්කා නම් තමයි....

සුදුමහත්තයා පල....පල...අනිත් පාර උඹත් පටන් ගත්තද...ඔය ඇවිත් උන්නෙ මහ හාමු...යකො ලමයි තුනක් දීලත් මහ එකාගෙ රැස් නම් අඩුවක් නෑ.....මොකො උඹලගෙ අම්මව එඩින්බරෝ ආදීපාදිටනෙ දෙන්න උන්නෙ...කොහෙන් ගියත් මොකක් හරි ඇදයක් කියනවා...ඇරගන්නම තමයි එන්නෙ....

අපරාදෙ උඹලගෙ අම්මව ගිහින් දෙන්න තිබුනෙ...නිශ්පාදනෙ අන්තිමයි කියලා...කොහෙද පන්නන් ගියදාම ඇසුරුම ඉවත් කෙරුවනෙ...උඹටත් මං කියන්නෙ කොහෙන් ගියත් නුවරින් නම් එපා කියලා ....පේනවනෙ කොච්චර වත් නම්බුව...පුදුම වදයක්....

තේජක....

ඔන්න කියනකොටම නුවර මැනිකෙ එනවා....

සුදු තේ එකක් හදනවකො.....ඔලුව රිදෙනවා...

ඔලුව කැක්කුම නාවොත් තමයි පුදුමෙ....අන්න අප්පච්චියි අම්මයි මට දැනුත් අරන් දොස් කිව්වා.....මොකක්ද තේජක මලගෙවල් අස්සෙත් අර සිරිමෙවන් අයියලා එක්ක බෝතල් වටේ කැරකෙන්නෙ.....ලැජ්ජා නැද්ද ඔයාට.....මන්දා ආන් අපෙ අම්මටත් ඔයා එක්ක කේන්ති ගිහින් ලොකුඅම්මත් ඇහුවලු තේජක ලමයා බොනවදයි කියලා ඔයා හොදාකාරවම දන්නවා අපි නුවර....

අපොම්..අපො.....අපෝ.....ඔන්න පටගත්තා වලව් වැනුම....අනෙ ඇත්තමයි දැන්නම් විහාරා මට තමුසෙව ඩිවෝර්ස් කරලා මුන් දෙන්නවත් එක්ක මේ දැන් වලව්වට විසි කරලා එන්න හිතෙනවා....මේක පුදුමාකාර වදයක් ඕයි....ඔය නුවර පරිඇටෙන් එහා දෙයක් ඇත්තෙම්ම නැද්ද....

මගෙ කට දැන් තනිකරම වෙල්ලසූඩයෙක් ගානයි... අප්පච්චිත් තනිකරම මගෙ හැන්දා වගේම අම්මට නුවර ගැන මතක් කර කර බනින්න ගන්නකොට මෙච්චර වෙලාම අප්පච්චි ගාව් ඉදන් පන උනත් දෙන්න බලන් දන්ගෙඩියට බෙල්ලතියන්න හරි ලෑතිපිට මද්දුමබන්ඩාර වගේ උන්න මං ශ්‍රී වික්‍රමසිංහ රාජසිංහ පන්තියට මාරු වීමක් අරගන අප්පච්චි ව පාව දුන්නා....

අනේද කියන්නෙ අම්මෙ....අනේද කියන්නෙ.....අප්පච්චි ඔයා ගානට වැඩී දැන්.....සීයත්තා මතින් තොරයි කියන්න අප්පච්චි දන්නවනෙ....

අපො මං නොදන්නෙ මොකද...අපි නොදන්න මොනරතැන්න තමයි කියන්න වෙන්නෙ.....තමුසෙලාගෙ තාත්තා මතින් නම් කොහොමත් චොරයි....තමුසෙ නොදන්නවා උනාට තමුසෙට මූව හම්බුන සතුටට මිනිහට මගෙ වැඩ ගැන සතුටු හිතිලද කොහෙද එදා රෑමා එක්ක අඩියක් ගැහුවනෙ.....එක මූඩියයි මොනරගෙ පිල් බිම...එහෙම මිනිහගෙ නම්බුවද ඕයි කියවන්නෙ...යනවා යනවා ඔය එෆ් එම් එක නම් අරින්න එපා.....පුදුම හිසරදේ....

අනික තමුසෙ ඔය නුවර වැනුම මුන් නැතිතැන කියනවා...තමුසෙලාගෙ අඩිපාරෙ ගියොත් මට මොකද වෙන්නෙ.....

තේජක....!!!

සුදු ඔය කියවිල්ල නවත්තලා තේ එකක් වත් හදනව ඕයි...මට ස්ටේශන් එකට යන්න වෙනවා.....මහන්සී ඒයි...

අනේ....ඔයා ආවා විතරනෙ.....

හ්ම්....මොනවා කරන්නද.....නොයා බැනෙ...තමුසෙගෙ ඇසුත් යට ගිහින් ඕයි...දවසට කලු වෙලා...ඉති තමුසෙලගෙ මහ තැන මා එක්ක ඇරගන්න එන එක අහන්න දෙයක් නෙවෙද කියනාවකො...තමුසෙ දුක් විදිනවා කියලා හිතනවද දන්නෙ නෑ...

ඇඩුවනෙ..ඒකයි...අනික අප්පච්චි කවදාවත් එහෙම හිතන්නෙ නෑ තේජක.....ඔයාට අප්පච්චි බනිනවා වගෙ දැනුනට අප්පච්චි ඔයා ගැන ආඩම්බරයි තේජක...අප්පච්චි ඔයා නැති තැන හරි ආඩම්බරේට අපෙ තේජක කියනවා....ඔයාගෙ කන් වලට නෑහුනාට කවදාවත් ඔයාට මගෙ අප්පච්චි අපෙ බෑනා කියන්නෙ නෑ මගෙ පුතා කියනවා මිසක්...

ආඩම්බරද.....පුදුමයි....වහී අද... මහ තැනට එහෙනම් දැන් වෙන්න ඇති බෑනව පුතා වගෙ පේන්නෙ...හරි හරි මාත් ඇරගත්තට තනුසෙගෙ අප්පච්චි ට පිට එකෙක්ට වගෙ සලකන්නෙ නෑනෙ විහාරා.....වලව් කස්තිරම් නැත්තන් පෙරාපු රත්තරන් . .

අනික ඇඩුවනෙ කියන්නෙ....තමුසෙට පිස්සු සුදු...ආදරෙ බව ඇත්ත ...ඒත් ඒ මනුස්සයා දුක් විදලා මැරුන් නෑ....සැප විදලා මැරුනෙ...අනික මැරුන එකා හන්දා ජීවත් වෙන උනුත් මැරෙන්න ඕනද.....තමුසෙට දුකයි ඒත් ඔහොම අඩ අඩ නිදි මරන්නෙ හොදද කියනවා ....මහ පිස්සු ගෑනියෙක්නෙ බලන් ගියහම....

තේජක...

ආදරෙයි ඕයි....ආදරෙටනෙ බනින්නෙ.....මං තමුසෙගෙ නින්ද....බඩගින්න ගැන වද වෙන්නෙ අදක ඊයෙක නෙවෙ කියන්න තමුසෙ දන්නවනෙ සුදු .....පව්...මට තමුසෙව හැමදාම හොදම කාලෙ මග ඇරෙනවා...

...ඒ උනාට ඔයාට පුලුවන් විනාඩියෙදි මං ගැන ළමයි ගැන හොයනවා . .ඒමදිද මට.....එක විනාඩියක් ඇති කල්පයක් නිවෙන්න ...තේ එකක් හදන්නද...

පන්ඩිත දෝනියැන්දා.....තමුසෙ ඔය පන්ඩිත කතා ඉස්සරත් කියනවා....ඒක වෙන්න ඇති මං මෙච්චර ආදරෙ.....හ්ම්...තේ එකක් හදන්න ..සීනි නැති උනත් ආදරේ දාලා...තේ එක බීලාආපිට යන්න ඕන ....

මෙච්චර වෙලාම කටත් වන්ඩු බිබික්කමක් කරගන උන්න මං අනිත් පාර අම්මා අප්පච්ච්ගෙ මැදින් හිටන් උන්න මන් අඩියක් පස්සට ගත්තා...දර්ශන පථෙ ඇතුලෙ ඉදන් දකිනවා වගේ නෙවෙ....පිට පැන්නමයි මං හැමදාමත් මගෙ අම්මා අප්පච්චිගෙ ආදරෙ දැක්කෙ.....

මං බලාගන උන්නා....මෙච්චර වෙලාම යකාට ඇදන් උන්න අප්පච්චි ගෙ මූනෙ හරි ලස්සන හිනාවක් ඇදෙනවා...ඔය හිනාව ගේන්න පුලුවන් කෙනෙක් උන්නා නම් ඒ මගෙ අම්මා විතරක්ම වෙනකොට තේ එකක් හදන් එන්න කිව්වත් අප්පච්චි කෙරුවෙ කැබ් එකට හේත්තු වේගන අම්මව ලගට ඇදලා අරන් එයාලගෙ ආදර ලෝකෙට ගිලුන එක.....

මං හරි ආසයි මගෙ අප්පච්චි අම්මව හුරතල් කරනවා බලන්න...ආදරෙන් හාදු තියනවා බලන්න....ඔලුව අතගාලා තමුසෙට මං එදා වගේම තවමත් ගොඩක් ආදරෙයි විහාරා කිව්වම අම්මගෙ ඇස් අස්සෙ හීන් කදුලු පටලයක් බැදෙනවා දකින්න....නලලෙන් පටන් ගන්න හාදුව කම්මුල් වලින් නැවතෙන හැටි බලන්නත් හොර හොරාවට වට පිට බලලා අම්මගෙ දෙතොලට හාදුවක් දෙන හැටි දකින්නත් මූනත් රතු කරගන්න අම්මා අප්පච්චි ගෙ පපුවට හීන් සැරේ පාරක් ගහනවා දකින්නත් මං හරිආස උනා...

මේ තාක් වෙනකන් මං අම්මා අප්පච්චි තුරුල් වෙන හැටි හාදු තියන හැටි ආදරෙ කරන හැටි දකිනවා.....අද වෙනකන් වත් මට ලැජ්ජාවක් දැනුන් නෑ.....හැමදාම මං අම්මා අප්පච්චිගෙන් ආදරෙ කරන්න ඉගනගන්නවා මිසක්...

මට එකපාරම එයාව මතක් උනා....

සමුද්‍ර...මගෙ සුදු අයියෙ....

අම්මා අප්පච්චි ගෙ ආදර චිත්‍රපටිය පැත්තක ඉදන් බලන් උන්න මට එකපාරම මගෙ අප්පච්චි ගෙ ක්ලෝන් එකක් හාසමාන සත්සමුදුරක් තරම් ආදරෙ දෙන මගෙ ආදරපරානෙ මතක් උනා....

මට එයා වෙනුවෙන් මැසේජ් එකක් දාන්න හිතුනා.....

එයා වැඩ ඇති...කරන්න වැඩ දාහක් ඇති....ඒත් මට එයා වෙනුවෙන් මගෙ අම්මා අප්පච්චි වෙනුවෙන් ආදරෙ පිරුන වචනයක් ලියලා යවන්නා වගේ සුදු අයියෙ කියලා හරි ලියන්න හිතුනා...

මහන්සි වෙනවා ඔයා හුගක්....

හ්ම්...එහෙම නොවි බෑ විහාරා....මං කැමති නෑ හොරට වැඩ කරලා ගන්න පඩියෙන් තමුසෙලාට වස් වද්දන්න....මං මහ නපුරු මනුස්සයෙක්...ඒත් මට ඉන්න තියෙන්නෙත් පොඩි කාලයයි .....ඒක විනාඩියද...දෙකද දන්නෙ නෑ.....ඒ කාලෙ ඇතුලත මං හරි ආදරෙයි.....වෙලාවකට මට දුකයි...මං ගෙදර එනකොට මගෙ ළමයි නිදි ...සමහර දාට මං යනකොටත් උන් නිදි . .....කමක් නෑ....උන්ගෙ අප්පච්චි උන්ට ආදරෙයි කියන එක උන් දන්නවනෙ.....

මටදුක හිතුනා....අප්පච්චි අම්මගෙ කෙස් කැරැල්ලක් ඇගිල්ල වටේ ඔතාගන්න ගමන් එලි නොදාන හිත් වේදනාව එලියට දාන අප්පච්චි ගෙ මූනයි ඒ ඇසුයි දැකලා මට හිත රිදුනා... ඒ එක්කම සාක්කුවෙ තිබුන ඵෝන් එක එලියට ඇදලා ගත්ත මං ගැලරියෙ තිබුන එයාගෙ පින්තූරෙදිහා

බලාගන ඉදලා ඉදලා මැසේජ් එකක් දැම්මා.....

සුදු අයියෙ වැඩද....?ගෙදරද....නිදිද....කොහෙ උන්නත් කමක් නෑ පරිස්සමින් බුදු සරනයි

උත්තර එයිද ....නැද්ද.....අඩුම ගානෙ බලයිද නැද්ද කියන්න වත් මං දන්නෙ නෑ.....හැබැයි මට හරි නිදහසක් දැනුනා....එයා ගැන මගෙ හිතේ තිබුන ආදරෙ තවත් වැඩි උනා වගේ දැනුනා....

ඉගුරු දාන්නද .....

අරූටත් එකක් හදනව පව් ඒකා දැන් මැරෙන්ඩ හැදුවා තේ ඉල්ලල මහ එකා වගේමයි තේම ඉල්ලනවා....මහ මොනරව මුනිච්චිවෙලාද කොහෙද ....

නිකන් ඉන්න අනෙ කොහෙන් ගියත් අප්පච්චිමයි.....

නිල් මහ මුහුද මක්කදො කිය කිය රැලි ගහනවා....තඹ පාට වෙරලට ඇවිදින් හාදුතියන වාරයක් වාරයක් පාසාම රැල්ල බිදි බිදි උඩුග බලාගන පියාඹන් යන හීන් හුලගට මුහුදු රසෙ වගේම මුහුදු පුසුඹත් එකතු කරනකොට මං බලාගන නිම්වල්ල දිහාවට මුහුදු ලිහිනි අහුරක් පියාඹන් යනවා...

අතරින් පතර ඇහෙන ඕඩි හෙලෙයියාවත්.....පෙට්‍ර්ල් සුවදත් වගේම ලගපාත ගෙදරකින් එන තැම්බුම් මාලු සුවද කියන්නෙ දකුනුකරේ ආත්මෙ හා සමාන වෙද්දි අම්මා අප්පච්චි ගෙ ආදරෙ දිහා ආදරෙන් බලාගන උන්න මං මගෙ ප්‍රේම වන්තයා වෙනුවෙන් ආදර වදනක් එක්ක බුදුන්ගෙ සරන ලැබෙන්න කියලා ප්‍රාර්තනාවක් යවලා අර නිල් අහස් ගර්භය දිහා බලාගන හුස්මක් ගත්තා...ඒ ටිකකින්ම මගෙ ඵෝන් එක වයිබ්‍රේට් උනා...

."පප්පා ආපහු ජැටියට ආවා ....මා පුතාගෙ නම ලියපු බෝට්ටුවෙ වැඩ දෙකතුනක් තියෙ සීදේවි...

සුදු චූටි ඔහෙලගෙ මහ එවුන් ආවයි....ආවෙනැත්තන් තනි පංගලමෙ ඉන්ඩ එපා හරිය.....ආන් අපෙ අහ මුකුලු බදිනෝ ගිහින් ඉල්ලගන්ඩ.....

පප්පා වැඩ ....ආ ගමන් ඔහෙටකියන්නම් රත්තරනෙ...පරිස්සමින් ඉන්ඩ ඕන හරිය මයෙ සුදු චූටිටත් බුදු සරනයි..."

"සීදේවි....ඔහෙට ආදරෙයි පනෙ"

මං හිතන්නෙ මගෙ ඇස් අස්සෙ තරු මන්දාකිනි කෝටි ප්‍රකෝටියක් දිලිසෙන්න ඇති...හිත දෙගිඩියාවෙන් ඉන්න මොහොතක එයාගෙන් ආව මේ වචන අහුර කියන්නෙම මගෙ ආදර පැලෑටිය පුරාවටම තවත් දලු අහුරක් එකතු කරන කාරනාවක් වෙද්දි සත්තයි මගෙ මූන පුරාවටම හිනාවක් ඉහිරිලා ගියා....

මා පුතාගෙ නම ලියපු බෝට්ටුව....දෙයියනෙ සමුද්‍ර මං උඹගෙ කොල්ලද නැත්තන් මං උඹගෙ දරුවද.....??ඒ කොහොම උනත් උඹගෙන් හිරිමල් වෙන්න කලින් මට උඹගෙන් ලැබෙන පීතෲ ස්නේහ කියන්නෙත් මහ මෙරක් තරම් බන්....

මගෙ ඇස් තෙත් උනා....මූන පුරාවටම හිනා රැල්ලක් ඇදිලා ගියාට මොකද අනෙ මගෙ ඇස් තෙත් උනා..

මං ඔහෙට ආදරෙයි පනෙ කියන අකුරු මගෙ ඇහැ ගැටුනෙ ඩිජිටල් තිරයක් ඇතුලෙන් උනත් ,

දයාබර මානවිය ඩිජිටල් තිරේ පලාගන මට මගෙ ආදර පරානෙගෙ ආදර් හැගීම් දැනෙන්න ගත්තා.....මාතෲක ස්නේහය...පීතෲක ස්නේහය ඇතිපදම් විදින මට භද්‍ර යෞවන ආදරේ අකුරු කරවන මේ අපූරු කසිංජි කොල්ලගෙ ආදරෙ තරම මට ඩිජිටල් තිර පලාගන පවා දැනෙන්න ගත්තා...

දයාබර හිතවත....ප්‍රේමයෙ සියුම්ම තැන් වගේම බරම තැන් එකම මනුස්ස පරානෙකගෙන් විදින්න තියන එක තරම් වාසනාවක් මේ මිහිපිට තවත් තියේදැයි මා නොදනිමි..

නමුදු ශරීර ගනුදෙනුවලට පෙරාතුව ආත්ම ගනුදෙනු කරන්නට උපන්ගෙයි හපන් ආදරනීයම මනුස්ස ප්‍රානියෙක්, කාබනින් ළියැවුන කහපිටු හෝ සුදු පිටු ඇතුලත පනගහන ෆැන්ටසි වැටකඩුල්ල පන්නා රියැලිටියකින් සොයා ගත් මා අප්‍රමාන වාසනාවන්තයෙකුයැයි ආඩම්බර්‍ර්න් කියමි...!!

ප්‍රේමනීය සමුද්‍ර.....උඹගෙ ආදරෙ තරම මහ සාගරේ ගැඹුරට අනන්තයි මගෙ වස්තුවෙ....!!!

සුදු මහත්තයා ...

.....

කොල්ලා.....

...

සුදු මහත්තයා ...

අ..අප්පච්චි .....

උඹ මොකො නිකන් තනමල්විලෙන් ඉඩමක් හම්බුනා වගේ තනියෙන් හිනාවෙන්නෙ...මාන්දමද....?

අ..අප්පච්චි ....

අප්පච්චි තමයි...මන් දැන් බලාගන නියපොතු කකා තනියෙන් හිනාවෙනවා...කියපන්....මොකෙක්ද සෙට් උනේ...කොහෙ එකියක්ද....උඹට බලන්න යන්න ඕනා නම් කියපන් මං කිව්වනෙ...පුතාගෙ කොටු පනින්න අප්පච්චි ත් එනවා කියලා ...

එ..ඒ...අප්පච්චි ...මට කවුරුත් නෑ...පිස්...සුද මන්දා....

මං ඉක්මනට මගෙ මූනෙ තියන හිනාව හංගගත්තා.....කාගෙන් මොනවා හැන්ගුවත් උපන්ගෙයි ඉදන් මගෙ හැගීම් දන්න අප්පච්චි ගෙන් මට හිනාවත් හිනාව අස්සෙන් පැතිරිලා තියන හැගීමුත් හංගන්න බැරි වෙද්දි මං අප්පච්චි දිහාවට හැරුනා...

අප්පච්චි ....

හ්ම්....මොකද ...

අප්පච්චි මට දෙයක් ඉගන ගන්න ඕන....

කාගෙන් වත් නෙවෙ අප්පච්චි ගෙන්

මොනවද...අහපන්....දන්න දෙයක් නම්...මං උඹට මුශ්ටිය වත් නොතියම උගන්නන්නම්....

මන් අප්පච්චි දිහා බලාගන උන්නා.....දන්න දෙයක් නම් මුශ්ටියවත් නොතියා උගන්නනම් කියනකොට මට මතක් උනේ මුස්ලිම් පාර...කාවඩි සංගීතෙ....

මුස්ලිම් පාර කියන්නෙම මගෙ කුලුදුල්ම ආදරේ සූතිකාගාරෙ වෙද්දි කාවඩි සංගිතේ කියන්නෙම මගෙ ප්‍රේමයෙ නැලවිලි තනුව උනා.....

සුදු අයියා...හරි අහම්බෙන් හම්බුන නිල් ඇස් තියන කාවඩි නැට්ටුක්කාරයා ඇවිදින් මගෙ හතර කුටීර්‍ර් දොරගුල් ඇරපු එකම ප්‍රේමවන්තයා වෙද්දි මන් එ මනුස්සයා වෙනුවෙන් මගෙ හදවත දෙවොලක් කරන් සුවද දුම් ඇල්ලුවා.....

අප්පච්චි මට අප්පච්චිගෙන් ආදර්‍ර් ගැන ඉගන ගන්න ඕන....

ආදරෙ ගැන.....ඒ කියන්නෙ උඹට කවුරු හරි ඉන්නවා...

.......නෑ.....හැබැයි මට ඉගනගන්න ඕන.....මට ඕන අප්පච්චි අම්මව රිදවන්නෙ නැතිව ආදරෙ දෙනවා වගේ ආදරෙ කරන්න....

එහෙනම් මුලින්ම ඉගනගනින් හිස්තැන් නොතියා ආදර්‍ර් කරන්න...

අප්පච්චි ...

උඹට ආදරෙ කරන්න ඕනා නම්...සිහත් කෙස් ගහක තරම් වත් හිස්තැනක් නොතියා ආදරෙ දීපන්...මිනිහෙක්ගෙ පලවෙනි ප්‍රේමය නෙවෙයි.....අවසාන ප්‍ර්‍රෙමයයි නොමැරෙන ප්‍රේමයයි වෙන එක තරම් වාසනාවක් නෑ....ඔතනින් නොමැරෙන ප්‍රේමෙට හිමිවීමක් නෑ...හැබැයි...මතක වල මියැදීමකුත් නෑ....ඒත් මනුස්සයෙක්ගෙ හදවතක් ඇතුලෙ දෙසක් නාහම රැදිලා ඉන්න පුලුවන් ප්‍රේමයක් කියන්නෙ ඒක ගැන කියලා වැඩක් නෑ.....

වෙන කවුරුත් එපා...උඹගෙ අප්පච්චි ව ගනින්...මන් ඇවිදින් උඹගෙ අම්මගෙ පලවෙනිත් අවසානමත්.....ඒ වගේම අහිමිවීමකින් තොරවත් නොමැරන ප්‍ර්‍රෙමය වෙලා හමාරයි ...ඔය ගෑනි මගෙ හුස්ම සිහත්.....

සුදු මහත්තයා ....ආදරෙ කරනකොට සීමාව පන්නපන් මං කියන්නෙ ආදර්‍ර් සීමාව මිසක් ශරීර ගනුදෙනු නෙවෙ.....ආදර සීමාව පන්නපන් කමක් නෑ මාත්‍රාව වැඩි කරපන්....හැබැයි පුතෙ.....උඹ මතක තියාගනින්....උඹ එහෙම ආදරෙ කරන්න ඕන දෑත බදලා ආත්මෙ වැලදගන්න මනුස්සයෙක්ට...

අතින් අල්ලන් ඉන්නවා වගේ නෙවෙ සුදු මහත්තයා හිතින් අල්ලන් ඉන්න එක.....

දෑතින් වැලදගන්නවා වගේ නෙවෙ ආත්මෙන් වැලදගන්න එක....

උඹ අප්පච්චි ගෙ කපාපු පලුව...මං කියන්නෙ ආදර්‍ර්කරපන් ආය මේ ලෝකෙ ඉන්න එකම පිරිමියා උඹ විතරමයි කියලා දැනෙන ගානට....මේ ලෝකෙ තව පිරිමි උන්නත් උඹ තමයි එකම පිරිමියා කියන ගානට ආදරෙ කරපන්.....

මනුස්සයෙක්ගෙ ඇස් දෙකක් ඇතුලෙ සදහටම නවතින්න පුලුවන් රූපයක් ලැබෙනව කියන්නෙ ඒ ආදරෙ උරුම කරගන්න එකා තරම් වාසනාවන්තයෙක් නෑ කියන එක....උඹගෙ අම්ම මගෙ ඇස් අල්ලගත්තා....ඒ රූපෙ මගෙ හිතෙ කොටලාගියා....වැහුන ඇහිපිල්ලමක් ගානෙම අදටත් ඔය ගෑනි එදා වගේම ඉන්නවා....ආදරෙ කරපන්.....අතකින් අල්ලන් පොඩ්ඩක්.කොහෙ හරි යමන්...හැබැයි ගෙදරින් ආවෙ කෙල්ලෙක් නම්....කෙල්ලව කෙල්ල විදිහට යවපන්....ගෑනි කරන්නෙ නැතුව.....

දාහට පන්සීයට තියන කාමරයක් අස්සෙ දාහක් දෙනා ලැගපු ඇදක නගින එක නෙවෙ බන් ආදරෙ කියන්නෙ....ආදරෙ කරපන් කරුමයක් පඩිසන් දීලා අතෑරුනත් නම්බු පිටින් තව අතකට ගුලිකරන්න පුලුවන් වෙන්න.....

සුදු මහත්තයා මලක් උනත් ඉබේම පිපෙනකොට මිසක්...බලෙන් පෙති දිගෑරියාම මලට රිදෙනවා.....මල අඩනවා...උඹත් එහෙම හිතපන්...මං උබගෙ අම්මව ඉස්සුවෙ බැරිම තැන.....ඒත් ඒ උස්සනකනුත් උඹගෙ අම්ම මගෙ ගාව පරිස්සම් උනා .....එච්චරයි මං කියන්නෙ ආදරෙකරනකොට හිඩැස් තියන්න එපා....

ආදරෙ ගැන ඉගනගන්න ඕනා නම් දවසකට බලපන් පොලිස් පොතයි.....අංගොඩ වාට්ටුවෙ සවාරියකුයි...සිහත් මිනිස්සුන්ට ආදරෙ නැති උනහම පිස්සු හැදෙනව...ඔය කියන්නා වගේ අංගොඩ පිස්සො නෑ මගෙ පුතෙ...ඉන්නෙ ආදර්‍ර් දීලා දීලා අවසානෙදි

සර්වාංගෙ හිස් කරගත්ත උන්....ආදරෙ කරපන් ආපිට ආත්මෙත් හදවතත් අමු අමුවෙ උගුල්ල ගන්නෙ නැති මනුස්සයෙක් විදිහට .....

සීනිබෝල වදන් ඕන නෑ...උඹ දිහා බලන එක බැල්මක පවා ආදර්‍රෙ තියනවා නම්...අන්න උඹට ගැලපෙන කෙනා....

මං හිනා.උනා...පපුව පුරවලම හුස්මක් අරන් අප්පච්චි ට ස්තූතියි කියන්න යනවත් එක්කම මගෙ දැහැන බිදිලා ගියා...

පසනා...වෙන කවුරුත් නෙවෙ.....දිරාපු බෙදුම් කට්ටක් ඇවිදින්නා වගේ දෙපැත්තට දෙපැත්තට එන පසනා උගෙ කටු බොඩියත් එලියෙ දාගන පිගානක් උස්සන් අපෙ දිහාවට එනවා...

නිකන් නෙවෙ මූ සින්දුවකුත් කියනවා.....

මෙච්චර වෙලාම තිබුන අර හැම සාමකාමි හැගීමක්ම අරකගෙ ටින්බෙලෙක්ක කට හන්දානැතිවෙලා යනකොට මං ,උකුල් ඇටෙන් පහලට වැටෙන කලිසමත් එක අතකින් උස්සන් පයටත් සෙරෙප්පු කුට්ටමක් නැතිව එන පසනගෙ ස්වරූපෙ තනිකරම මන්දපෝශනෙ හැදුන යට හීන් උන හුරුල්ලෙක් හා සමාන වෙද්දි මං මේකගෙ දත් නැති බෝක්කු කට දිහා බලාගන ඉදලා අප්පච්චි දිහා බැලුවා.....

වෙනසක් නෑ....අප්පච්චිත් දිරාපු බෙදුම් කට්ටට වහවැටිලා වගේ ඒකගෙ හුරුලු මූන දිහා බලාගන ඉන්නවා...

සුදු මහත්තයා අර කුනුහර්ප පප්පා නේද ...

ඔව් අප්පච්චි ....අපෙ එකාගෙ හොර මිනිහා වගේ මූව තමයි අරු ඉල්ල ඉල්ල නහින්න හදන්නෙ....මෙහෙම ගියොත් අපේ එකාව මූට දෙන්න වෙනවා....

එන පාට් එක බලපන්....මුගෙ ඇගේ හයිය කටට ගිහින්ද කොහෙද ...

ඒකගෙ අප්පච්චි නෑලු අප්පච්චි ...

නෑලු...

හ්ම් මූදෙ ගිලිලලු අප්පච්චි .....උන්ගෙ අර පප්පා කියන කෙනා මටත් කිව්වෙ...පප්පා කියන්නෙ අර ඔය මේ...අර මේ...ඔය .....අර මෙ...

ඔය අර මේ මේ ....හතිද උඹට...වැල්වටාරම් නොකියා කියපන් උඹගෙයි අපෙ මහ මොනරිගෙයි ඇකෙ ඉන්නෙ...උඹලව ක්ලීනික් අරන් ගිය හැන්නදිගෙ කාරයද...?

මගෙ කන්දෙකත් එක්ක රත් වෙලා කටයි ඇසුයි ඔහෙක් වෙලා මෙහෙක් වෙලා ගියා...අප්පච්චි දන්නවා....අපෙ ඇකේ ඉන්නවා කියන එකත් අප්පච්චි ට මතකයි කියන්නෙ.....

ම්හුක්...අනේ අප්පච්චි පුතාට ලැජ්ජයිනෙ එකපාරම එයා පුතාගෙ හැන්දයියා කියන්න...එහෙම කියන්නෙ කොහොමද එයා මහ මොනරිගෙ වෙන්න බෑනා කියන්නෙ කොහොමද අප්පච්චි ....

අ..ආ...ඔව්..ඔව්...ඒ අයියා තමයි කිව්වෙ....පසනලගෙ අප්පච්චි නෑලු....

හ්ම්....පව් කොල්ලට....

යා...යා...දිස් බෝයි....ඕ....මා..මා...

සදක් වෙලා මනරම්...පහන් කල

ඇලෙන් දොලෙන්...සිසිල අරන්....

අපට සැදුන අපේ ලෝකයෙ...

ආ කැතයො.....ටම.....හැමනිලා තියෙන්න.....සමනල් ඔහෙලා ආවයි... ඇයි...බල...මට ඔහෙ නැතුව එපා වෙලා උන්නෙ අප්පා....

ආ මහ එකත් ඉන්නෙ...නැ..නෑ....එහෙම කියන්ඩ එපා කිව්වනෙ...ඔහෙලා දැන්දයි අඩෙ ආවෙ....?

ඔව් අඩේ....දැන්නෙ ආවෙ...ඔහෙ දැන්ද දැක්කෙ අපිව.....ම්ම්...පසනා....කොහෙද මේ....යන්නෙ.....ඔය මොනාද පසනා වහන් ඉන්නෙ....පසනා අපිට බඩුවක් වත් ගෙනාවද....

මෙහෙ තමා ආය...අපෙ අත්තම්මා මේන් මුකුලු හැදුවා.....අපෙ පප්පා කිව්වනෙ කැතයලාටත් දෙන්ඩයි කියලා...ඔහෙට මතකනෙ අපෙ සුදු පප්පව.... අපෙ පප්පා තාත්තා....ආන් එයැයි මෙයැයිට ආදරෙයිනෙ.....පප්පා දැන් කතා කරල්ලා කිව්වනෙ ඔහෙලා නෑ කැතයා බඩගිනෙ ඇත්තෙ මෙව්වා ගිහින් දෙන්ඩයි කියලා.....

ඇත්තට...පප්පා හරි ශෝක්නෙ...මං දන්නෙ නෑනෙ පසනලාගෙ පප්පා තාත්තා අපෙ කැතයටත් ආදරෙයි කියල....

ආයෙත් අපෙ සුදු පප්පා ශෝක් තමයි.... පප්පා එහෙම කාටත් කිය ආදරෙ කරන මිනිහෙක් නෙවෙ....කෝ ඒයි අපෙ සමනල්.... මට හරි පාලුයි අප්පා...අපෙ ගෙදර හෙනට වැඩ....අනික මට සයුරියව බලන්ඩ දෙන්නෙත් නෑ....ඔහෙට බැරිද අපෙ අත්තම්මයි සිගිතියවයි හිරෙ දාන්ඩ?

ගෙදර වැඩ...ඒ මොකො...පසනගෙනුත් වැඩ ගන්නවද...ඒ හන්දද අත්තම්මව හිරේ දාන්ඩ කියන්නෙ...

නෑ අප්පා...ඔහෙට කියන්ඩ මට උන් කියන මෙලෝ පකක් තේර්‍ර්න්නෙ නෑ සමනල්ගෙ අප්පුච්චෙ ..උන් අපෙ සයුරියව කාමරේකට දාලා වහන් ඉන්නව...ඒකිට මොකක්ද මගුලක් වෙලාලු...මටතේරෙන්නෙ නෑ...මේන් මෙයැයි දන්නවා..මෙයැයි අද දවල්ට කෑවෙ අපෙ පප්පා තාත්තගෙන්නෙ...කිරියලත් උන්නා...උන් හැමෝම දැක්කා අපෙ සයුරියව කාබරෙ දාලා වහන් ඉන්නවා...ඒකිව අරගන දෙන්ඩ ඔහෙට ඇහැක්ද....???

"සමනා...ල්ල්.....මාලෝ....ජරාව බොන්ඩ එපා තේජක...සුදු අයි...යෙ...ඇතුලට එන්ඩ සුදු....අයි...යෙ..."

ටම...හැමනිලා..... ආන් යකො අරකා ඉන්නවා...ඒහ් සුසංගතා....අර බල...කෝ... ඉතින්....මූ ජරාව බොන්ඩ එපාලු...ඌ ඔය කියන්නෙ ශොට් එක ගන්ඩ එපා කියලද ..ඔහෙත් නහයෙ පාතට තියනවද තේජක.....?ඒහ් මේන් මේක අල්ලගන්ඩකො මං අරක එක්ක කතා කරලා එන්නම්...අපෙ සුදු අක්කා ඇතුලෙයි....

ඔව්...ඔව්.....සුදු අක්කා ඇතුලෙ...

ඔහෙ මට බඩුවක් ගෙනාවෙ නෑ සාලිය කුමාරයො....

සාලිය කුමාරයා කව්ද බන් ඒ.....?බඩුවක් නම් ගේනඩ අමතක උනානෙ පසනා...

ඔහෙට තමයි.....අපෙ කිරියා ඔහෙට කියන්නෙ සාලිය කුමාරයා කියලා...මේන් මෙයැයි නිලමෙ...මගෙ සමනල් ටිකිරි කුමාරයා....අපෙ සුදු අක්කා අසෝකමාලා.....අසෝක මාලට මාලයක් තියනවද.....????අනේ මන්දා....ආ..කාරි නෑ...කාරි නෑ....ඔහෙට බඩුව අමතක උනාද.....එහෙනම් ඉතින් පස්සෙ වත් ඔහෙ මට බඩ්ඩක් ගෙනත් දෙන්ඩ...සමනා...ල්...ඔහෙ කෝ......ටිකිරියා....මේ පසනා ආවා....

මං නෙවෙ වචනයක් කිව්වෙ....මට කියන්න තියා තව උන්නොත් පසනා හන්දා මගෙ ඇදුම් ගැලවිලා යයිකියන බය මාව ඉහෙ ඉදන් රත් කරනකොට පසනා වක්කඩ කැඩුවා වගේ කියවන් කියවන් ගියපු පසනා ඒකගෙ අතෙ තිබුන පිගානත් අප්පච්චි අතට දීලා අවසානෙදි කානුවව හොයන් යනවත් එක්ක මාව හිටිපිලිමෙ වගේ හිටපු තැන හිටගැස්සිලා යද්දි මගෙ දිහාත් බලපු අප්පච්චි අනිත් පාර පසනා උස්සන් ආව පිගාන දිහා බලලා ඌ අර කියපු මගෙ ජීවිතෙ පලවෙනි පාරට අහපු දැකපු මුකුලුවක් අතට ගත්තා....

පසනාගෙ ආක්කා ගෙට වෙලාද.....

ඔ...ඔව්...අප්පච්චි ....

හ්ම්...මං දන්නෙ නෑනෙ උඹට දැන් මෙහෙ කවන්ඩත් උන් ඉන්නවා කියලා....ඔය හැන්ද හදන්නෙ ගෑනිවයි පුතාවයි දෙන්නවම අල්ලන් අවසානෙදි මාව අල්ලෙ නටවන්ඩ වෙන්න ඇති....එව්වා හදෙ කියපන් හම්බුන වෙලාවක....

අ.....ම්..මොකක්ද අප්පච්චි ....එයාලා....එහෙම නෑ අප්පච්චි එයා....අ...නේ අප්පච්චි ...

බ්‍රා...ස්ස්ස්ස්ස්!!!

ඕ අයිසි මහත්තයා....!!!!

අප්පච්චි අතේ තිබුන මුකුලුව මගෙ අතට ගන්න දික් කරපු අත මගෙ කන් උඩ නැවතුනා....හැන්දා හදන්නෙ මාවයි අම්මවයි උන්ගෙ පැත්තට නම්ම ගන්න කියපු අප්පච්චි ගෙ මූනෙ තරහවක් වෙනුවට ඇදිලා තිබුනෙ ලාවටවගේ හිනාවක් උනත් හිනා වේගනම මගෙ දිහාවට දික් කරපු මුකුලුව අප්පච්චි අතින් බිම වැටුනා...දූවිලි කාගන ආව ජිප් එක ගේට්ටුව ඉස්සරහින් බ්‍රේක් කරපු පාරට පාරටත්‍ රිදෙන මොහොතක වාහනෙන් බැහැපු හයයි හතර්‍ර් උන් මගෙ අප්පච්චි ගෙ නම කියාගන ඉස්සරහට එනවත් එක්කම මං අප්පච්චි ව අත් දෙකෙම්ම බදාගත්තා .....

අනෙ.....අප්පච්චි .....!!!

ටම...හිකිලා...සමනල්....ආන් ඔහෙලගෙ සාලිය කුමාරයා....

අනේ අම්මියේ......අප්පි...ච්චි...

....ආයම දවසක එනකන් පයිස්සමින් ඉන්ඩ ඕනා අපිලගෙ රත්තරන්ලා.....

ආතරෙයි....

උම්මා....!!

More Chapters