Ficool

Chapter 14 - 13

හැන්දයියා මට අඩගැහුවා.....වරෙල්ලා අත ගහලා දෙවොල් පිහිටයි කිය්නඩ වරෙල්ලා කිව්වා....අනෙ එයාට මගෙ අත් ගැන ඒ තරම්ම විස්වාසද....?

නිදාගන නැගිටපු හන්දද නැත්තන් වෙන කාරනාවකට මන්දා එයාගෙ ඇස් ලාවට රත ගහලා තිබුනා...ඒ විතරක් නෙවෙ එයා ගාවින් හීන්වට අරක්කු සැරක් එනවා.....කතා කරන වචනයක් පාසාම මට එයාගෙ වචන වලින් අරක්කු සුවදක් දැනුනා.....මගෙ මූනට අරක්කු සැර වැදුනා....ඇස්වල රතට හේතුව නිදියපු හන්දට වඩා අරක්කු සැර කියන්න තේරුන මාව පුපුරන්න ආවා...

අනිත් පැත්තෙන් හැන්දගෙ ගෙදරින් ගාලු පුරෙ සිරි යනවා....ඒක තනිකරම සංගීත සාජ්ජයක්....අප්පුඩි සද්දෙ.....හිස් අරක්කු බෝතලේට වදින කාසිවල සද්දෙ....ඩොල්කි පාරෙ සද්දෙ...මේ එක්ක හැදි මාලිගාව තනිකරම සංගීතපුරයක් වෙලා....තනිකරම දොස්තර හොදහිතගෙ අර ගමන් මල්ල වගේ!බීපු උන් නටන නැටිලි වලට එවුන්ගෙ අත පය කොහෙ හරි ඇමිනෙයි කියලා බයේ බෑ.....

කිරියයි සුකුමලයි වැල්ලට බැස්සා...හැන්දා මං එනකන් ඉන්නවා....ඒත් මං උන්නෙ හැදි මාලිගාව දිහා බලාගන..වෙන කාටත් වඩා සිගිති තල්මහගෙ මිනිහා දිහා බලාගන

මන්දපෝශනෙ හැදුන කලපු ඉස්සෙක් වගේ උන්න සිගිතියගෙ මිනිහා සූර් වෙලා ඒකගෙ බෝන් ලී කකුල් අස්සෙ ගෙම්බෙක් ගහහන(බොංගො) පුලුවන් තරම් ගාලු පුරේට තාලෙ අල්ලනකොට මං බලාගන ඩබල් දාලා බුදියපු අපෙ කානුවයි පසනයි අරුන් මැද ඉදන් නටනවා....පසනා තනිකරම මයිකල් ජැක්සන්ට තිස්තුන් දාහෙන් වැදිලා වගේ...

ඉස්කෝලේ යන නිල් කොට කලිසම පිටින් විතරක් උන්න ඒකා උන්නෙ සිවිල් පිටද කොහෙද ඒකගෙ කලිසම පුකෙනුත් පහතට රූටනවා.....ඉන්දියන් කවකට්ටක් වගේ තියන බොඩියෙ ඇට මෙතන ඉදන් ගනින්න පුලුවන් ඒ තරමට පසනා ඇටකෝට්ටක්...

දතුත් නැති කටෙන් හිනා වෙවි ඒකා අප්පුඩි ගගහා යටිගිරියෙන් කෑගගහා කෙසේ වනම්දො ගාලු පුරේ සිරි ගානකොට නටන්න තියා තාම තාලෙට

අප්පුඩියක් ගහගන්න තේරෙන්නෙ නැති අපෙ කානුවා මං බලාගන උඩ පැනලා මහන්සියටද මන්දා එතන උන්න තවත් බොනපාට් කෙනෙක් ලව්වා මොනවදෝ පොවාගන එතන තිබුන ලීටර් දෙකෙ ස්ප්‍රයිට් බෝතලයක් උස්සගන ගිහින් නාගසලන් වෙච්ච මාලු කාරයෙක්ට ගිහින් දුන්නා...ගිහින් දීලා ආයම උඩපනින්ඩ ගත්තා....සිගිතියගෙ මිනිහා ගාවට ගිහින් අර ගෙම්බගෙ මූනට ගහන්ඩ ගත්තා....

මූ මෙතන ආවතේවකම් කරනවා.....මෙතන එකෙක් අරක්කු පෙව්වොත් ඒකත් බොනවා.....මූට අම්ම හදන කිරි එක පොවන්න සන්නි දහ අටත් නටලා තවත් මොකක් හරි නටලා කාවඩියකුත් නටන්න ඕන....

හිටපිය අද වරෙන්කො උඹ ගෙදර...මූට ගෙදරදි ඔතන තියන දේ මෙතනට දෙන්ඩ බෑ කැක්කුම් බැක්කුම් එනවා...මෙතන පුක කැඩුන කඩියා වගේ එක එකාට ස්ප්‍රයිට් බෝතල් අදිනවා.....හිටපිය මං උඹගෙ සමනල තටු ගලවනවා....හිටු මං අද උඹට බීපු කිරි එලියට එන්න ගහනවා

පොඩි පකයා...

ඒහ් සුදු චූටි ඔහෙ එන්නෙ නැතයි.....??මක්කදයි ඔහෙ ඔය මතුර මතුර කරන්නෙ...මෙහෙ එනෝ යන්ඩ....ඉනට අත්දෙකත් තියාගන මොනා මතුරනාදො මන්දා...මෙහෙ එනො වදෙ යන්ඩ...

කිව්වත් වගේ මං උන්නෙ පුපුර පුපුර....අරකා පසනා එක්ක තාල නැති බ්‍රේක් ඩාන්ස් දානකොට ඉනට අත් දෙකත් තියාගන පුලුවන් තරම් අපෙ කානුවට බනිනකොට අපෙ මිනිහා මාව අතින් ඇද්දා.....

ඇද්දා කියන්නෙ මාවත් අතින් අල්ලන් පාර පැනලා පාර පැන්නයින් පස්සෙ අල්ලන් උන්න මගෙ අත අතෑරලා යමින් ගමනම අර ඇදන් උන්න සරමෙ කොනක් කකුලෙන් අරන් කැහැපට කවාගත්තා.....

ගෙවල් පෝලිමයි.....පාරෙන් එහා පැත්තෙ වගේම මුහුදු කටේ තිබුනෙත් එක ළඟ එක ළඟ තිබුනෙත් ගෙවල්මයි....ඊටත් පිටිපස්සෙන් තිබුනෙ හෝ ගාන මහ මුහුද....

ආ පප්පෙ....

හ්ම්....

එයා ඉක්මන් අඩි තියනවා...යනවට වඩා දුවනවද මන්දා....දැන් මට ඔක්කොටම වඩා බීලා ඉන්න එකටත් තරහයි...සරම කැහපට කව කව ගිය හැන්දා වැලි වලට වැහිල තිබුන ගල්බැම්මත් පන්නන් වෙරලට පනිනවත් එක්කම මමත් අර මහ කිකිලි පස්සේ දුවන පොඩි කුකුල් පැටියා වගේ එයාට කතා කර කර එයාගෙ පස්සෙ දිව්වා...

මේහ්....ඔහෙ බිලද ඉන්නෙ ?ඈ ඒයි

අඩියට දෙකට එයාගෙ ගාවට දුවපු මන් වැලමිට ගාවින් අල්ලගන එයාගෙ මුනට එබුනා විතරක් නෙවෙ මං රවාගත්තා...

....ඔව්....ඉතින් ආය...ඔහෙ දැක්කෙ නැතැයි අපෙ අහ කොල්ලො සෙට් වෙලා...අඩියක් ගහන්නෙ නැති ජීවිතෙ ඉලාස්ටිය නැති ජොකා වගේ සුදු චූටි...පොඩ්ඩක් ගත්තා කියලා මක්ක වෙනවයි ආ....ය.....

ආ..ආ...හරි සෝක්.....කියන කැත විතරක් .....ඔහෙ දැක්ක නැතැයි ගාලා අහපු ලස්සන....ඇත්තමයි හැන්දයියෙ මං දැන් ඔයාගෙ සුදු චූටියනෙ....

ම්න්...ඉතින්...ඔහෙ කියන්ට හදන්නෙ බොන්ට එපාය කියලද....ට...ම...සිරි....සුදු චූටි ඔහෙට මොන්ගල් ය ආය..ටහිකෙ...ඔහෙ කියන්නෙ අඩියක් ගහන එක නවත්තන්ඩ කියලද.....ඒවා නම් වෙන්නෙ නෑ සුදු චූට් හරිය...

මොකො ආය මං බූලි ගහනන් බොනවා කියලද....දවසගානෙ අඩියක් ගහනවා කියලද....ඒ කියලා මන් බීගන කා එක්ක වත් ඇරගන්ඩ යනවා කියලාද.....නෑනෙ...සින්දුවක් කියාගන ඉන්නවා මිසක...ඔහෙ පැහෙන් නැතුව ඉන්ඩ...ආව මෙතන මං ඔහෙගෙ සුදුචූටි නේද අහගන....

අනෙ මෙ හැන්දයියෙ...ඔහෙට බෑ ඔහොම කියන්ඩ...මං තාම කතා කරලා ඉවර නෑ...අපි නුවර මිනිස්සු...ඔයාකාර බොන්නෙ නෑ අපේ අය.....ඔහෙ දන්නවනෙ අයියෙ ...අපෙ අප්පච්චි බැන්දෙ නුවරින්...ඔහෙ දැන් මා එක්ක මෙව්වා එකක් ඇති කරන් ඉන්නෙ...මාත් නුවර...නුවර මිනිස්සු ඔහොම නෑ අයියෙ....

මං මැරෙන්ඩ හැදුවා...මට පැහෙන්නෙ නැතුව ඉන්ඩ කියපු මගෙ හැන්දා මාව තඹේට මායිම් නොකර යන්ඩ යනකොට මං අර වැල්ල දිගෙ උඩ පැනපැන කෑගැහුවා...මං තනිකරම වතුරෙන් එලියට වීසි උන පුලුන් කාරල්ලෙක් වගේ....

පප්පෙ....මේහ්...කන ඇහෙනවද ඔහෙගෙ....ස්වල්ප පුකෙ ඇම්මක්ද තියෙන්නෙ ආය.....

මෙන්න මෙහෙ එනෝ වදෙ කට පියාන....ඔහෙ මා එක්ක අංකර අල්ලන්ඩ හදන්නෙ මේ අරක්කු දිදාලෙකට....පිස්සුය මේකට

දිදාලෙ තමයි පහු කාලෙකදි බැරල් වෙන්නෙ...මං දැක්කනෙ සිගිති අක්කගෙ මිනිහගෙ මූන....ඒකගෙ මූන පේලාවක් වෙලා.....මූන මිරිකුවොත් තව වඩි දහයක් තියන්ඩ පුලුවන් අරක්කු ගැලුමක් උගෙ මූනෙන් එනවා....

සිගිති අක්කා වගේ නෙවෙ පප්පෙ මම...මං ඔව්වා ගැන හොයලා බලනවා ඔහෙට තේරෙනවනෙ.....මගෙ පවුල ගැන මං බලනවා....මට ඔහෙ ගැන දැන් වගකීමක් තියෙනවා හරිද.....

මා එක්ක ඔය සෙල්ලම් බෑ....හිතෙ ඇති නටන්ඩ නේ .....මේක හරි පුකක් උනානෙ....පප්පෙ...පප්පෙ ඔහෙට මං මේ කියන ඒවා ඇහෙනවද.....ඇත්තමයි පප්පෙ මන් පයිනවා මූදෙ ඈ..මං දන්නෙ නැද්ද බොන මිනිස්සුන්ගෙ හැටි...පේනවනෙ අපෙ අම්මා

අප්පච්චිව හදාගන්න විදින දුක.....ඈ...ඔහෙට මං කියන එක ඇහෙනවද...

ඔයා තව ටික කාලෙකින් අපෙ මොනරවිලලාගෙ සහෝදරයො...දන්නවනෙ...මං ඔයාට කිව්වනෙ පප්පෙ....ඔහෙලා දකුනු මිනිස්සු....අපිඋඩරට මිනිස්සු.....ඒඋනාට අපේ පවුල අපේ මෙව්වා එක හන්දා එකතු උනාම දකුනු පවුලෙ හැදියාවයි උඩරට පවුලෙ හැදියාවයි කොහොමද කියලා හොදට තේරෙනවනෙ ඔහෙ ගෙ මේ අරක්කුවෙන්....පප්පෙ....නුවර වැසියො එක්ක දකුනෙ අයට ජීවත් ...යෝහ්.....හැන්දො...හ්

පප්පෙ.....කන් ඇහෙන්නෙ නෑ....අඩෝ....ඒහ්...ඩේ....හ්...අඩෝහ්....

ඒ...ඒහ්...අඩේහ් හැන්දා...ඔහෙ හිටු....

.....

පසනගෙ පප්පෙ...කැතයගෙ පප්පෙ.....හ්...කැතයගෙ ප ප් පේ හ්හ්

......

අනෙ ඇත්තමයි හැන්දයියෙ.....මට මේ වැල්ලෙ එරි එරි හයියෙන් එන්ඩ බෑ...ඔහෙ කගවේනා වගේ...හෙමින් යමපියව්කො අප්පා...පප්පෙ....හ්...හැබැයි තරහා ගියොත් දන්නවනෙ.....පයිනෙක පයිනවා....අර අතන ගල්වැටියකුත් තියනවා...ජබුන් ගාලා පයිනවා..හිරේ යන්ඩ වෙයි ආ...මං පයින්ඩ කලියෙන් වැල්ලෙ ලියලා පනින්නෙ...ම්හුක්...පප්පෙ.....හ්..

......සුදු පප්පෙ ...ඔහෙට ඇයි අපෙ මෙව්වා එක වෙනුවෙන් වත් නම්බුකාරව හැසිරෙන්ඩ බැරි ....ඔව් මන් අහන්නෙ වයි ...පප්පෙ....අපෙ පැත්තෙ ඔහොම නෑ

යෝ...හ්...මූ.....ට දාලා හමන්නඩ....කන්දොස්කිරියාව මේකගෙ...මේ කට තනිකරම ලෙල්ලම වගේ...කොච්චර වාත් දොඩන්නෙ නුවර ලබ්බමයි...පයින්ඩ ඕනා නම් අර තියෙන්නෙ පැනහල්ලකො මක්කටයි ඔය හැටි දොඩන්නෙ...කොච්චර වාත් මොනරෙක් ගැන දොඩනවා...මට අහුනෝතින් ඕකගෙ පිල් ගහලා ගන්නවා බයිටට...මෙන්න මෙහෙ එනෝ වදෙ ඔහෙ හදන්නෙ බෝට්ටුව ගියාට පස්සෙ රැල්ලට අත ගහන්ඩද...?මගෙ කනුත් ගොඩවෙනවා ....

හැන්ද නෙවෙ මාව තඹේට මායින් කරන්නෙ....එයාට ඕනෙ අර යන්ඩ හදන බෝට්ටුවට අත ගහන්ඩ ඒත් මට ඕනෙ දැන් අංකරයක් අල්ලන්ඩ...අපෙ පවුලෙ හැදියාවයි ඔහේලගෙ පවුලෙ හැදියාවයි ගගා දුවන මාව වැල්ලෙ එරුනා...නිකන් පොලවක යනවා වගේ නෙවෙ වැල්ලෙ දුවනකොට එරෙනවා...උපන්දා ඉදන් මේ මහ මුහුද එක්ක තඹ පාට වැල්ල පාගලා මේ මහ මුහුද කසිංජිය ආත්මෙම කොටසක් කරගත්ත මිනිස්සුන්ට මේ තෙත වැල්ලෙ එරිල්ල වගේ වගක් නැති උනත් මං නිකන් තනිකරම අත් දෙකෙන් පොල් කුඩ්ඩක් උස්සන් යන පුකත් චක්ක උන කළු කූඹියෙක් වගේ....

මාව එරෙනවා....ඒ මේ අත යනවා..බැනබැන යනවා මිසක මන් මේ යන්නෙ කොහෙද කියන්නවත් ගානක් නැති මම මේ තත්පරේදි උන්නෙ රැල්ල හොදටම ගහන රැලි බොක්කට කිට්‍ටුව වෙද්දි ආපිට මුහුදට ඇදුන රැල්ලක් වෙරලට ඇවිදින් හාදු තියන්න බලාගන ආවත් මොකද චෝ...ස්ස්ස් ගාලා මාවත් එක්ක නාවපු නෑවිල්ලට මගෙ ඉහින් කනින් ලුනු වතුර බින්දු බේරුනා...මගෙ කට ඔහෙ.....ක් වෙලා ගියා...

අ....අනේ.....ස්....පී..කර්....ප....ප්...පේහ්..කැතයව....ත්..තෙමුනා...නෙ...තු....හ්...තු....හ්....

හත්තුක්කෙ....සුදු...චූටි....ඔහෙව තෙමුනයි.....මේ ඇච්චා කරගන්න දේවල්...ඔහෙ මක්කදයි ඔය රැලි බොක්කෙ ලැගන් කරන්නෙ...ඔහෙට සිහියක් නම් ඇත්තෙම නෑ වගේ...වර උඩහට....ඇයි බ...ල බලකෝ...මූ.....හැච හැච ගගා යනවා උඩබලන්නෙ අම්..මෙ...යන්නෙ....බලකො ඉහෙ කනේ ඉදන් වතුරනෙ....ඔහෙගෙ මැනයාව..පල උඩට....පල..පල.....

මං උන්නෙ නාගන....බැන බැන ආව මට කිව්වත් වගේ සිහියක් පතක් නැතිම වෙලා යද්දි රැල්ල නාපු මං අනිත් පාර එයාට කෑගහනකොට අඩියට දෙකට මගෙ ගාවට ආව හැන්දා මාව මගෙ අන්ඩකින් ඇදලා උඩහට තල්ලු කෙරුවෙ තනිකරම දැලෙන් බේරන වෙල්ල සූඩයෙක් ගානට වෙද්දි මං මගෙ තොල කට පවා ලුනු කායම් කරාපු ලුනු වතුර පිහ පිහ උනත් ආයම එයා එක්ක අංකරේට පැටලුනා...

ඔව් මට ඉතින් සිහිය තියෙයිද....ඔහේ හිතන්ඩ එපා මා එක්ක ලව් කරන්න ගන්නකොට ඔව්වට නම් මං ඉඩදෙයි කියලා ස්පීකර් අයියෙ හොදෙ .....

ස්වල්ප පුකේ අමාරුවද මං අහන්නෙ තියෙන්නෙ....දන්නෙ නැද්ද ඔව්වා අක්මාවට අහිතකරයි කියලා....ඔව්වා ඔහෙලගෙ අප්පච්චිලා කියලා දෙන්නෙ නැද්ද...කොහෙ කියල දෙන්ඩද අප්පලා පුතාලා එකටනෙ බොන්නෙ...මං බලාගන මහ උන් අස්සෙ පසනත් ඉන්නවා...ආ පප්පෙ ඔහෙට ඇත්තටම ඔයිට වඩා වගකීමක් නැද්ද මං අහන්නෙ...ඔහෙ පසනගෙ තාත්තා පප්පා නේද.....

ඇයි ..බො...ල කොල්ලා...හුස්මක් වත් ගන්කො...සුදු චූටි ඔහෙට මක්කද සීදේවි මේ වෙලා තියෙන්නෙ...හත්තුක්කෙ මං හිතාන උන්නෙ ඔහෙ හා පැටියා වගේ අහිංසකයා කියලා.....ඔහෙ තනිකර කුඩික්කියක්නෙ....

ආ..ආ..අනෙ ස්කීපර් අයියෙ....මගෙ අහිංසකකම එක්ක බලනකොට හාවා කියන්නෙ මොන පකෙක්ද.....ඔහෙ කතාවෙන් පිට පයින්ඩ හදන්ඩ එපා හර්ත....මට වැටහෙනවා ඔහෙගෙ මේ කපටි කම්....

හරි වදේ...හරි...ඔහෙ මක්කද දැන් මය ඔය නැහීගන දොඩන්නෙ...

දොඩන්නෙ කඩන්නෙ වඩන්නෙ මං දන්නෙ නෑ..මං කියන්නෙ ඔහෙට බොන්ඩ එපා කියලා....දන්නවනෙ අපෙ තාත්තා ඕ අයි සි.....

ඉතින් ඔහෙගෙ මහ එකා ඕ අයිසි මට මක්කද....??මට පුකද?

මක්කද කියන්නෙ පුකද කියන්නෙ??...අපෙ අප්පච්චි ඔහෙගෙත් අප්පච්චි නෙ.....ඇයි දැන් ඔහෙ මාව කසාද බදින්නෙ නැද්ද.....??ආ පප්පෙ....අපි ලව් කරන්නෙ බදින්ඩ නෙවෙද ආ....වෙරි බියුටිපුල් ආ.....???සෝ බිඅ යුටි පුල් ආ....

ඔහෙ කිව්වනෙ අපිටත් ළමයි ඉන්න කතාවක්...බදින්නෙ නැතුව ළමයි කොහෙන්ද...ආ....???ඔහෙ කෙබ්බ නේ තලන්නෙ??අනෙ අම්...මා.....ප...ල්...ල....හැන්දා ඔහෙ කෙබ්බෙක්නෙ.....

අනෙ ඇත්තමයි හැන්දයියෙ ඔහෙ හදන්නෙ මාව රවට්ටගන මගෙ අරකට වැඩේ දීලා මාරු වෙන්ඩනෙ...ආ...වචන වලින් මාව ගොනා කරන් ඔහෙ හදන්නෙ මාව කොහෙ හරි මේ ගල් දෙබොක්කාවක් අස්සට ඔබාගන මට වනචරකමක් කරල මාරු වෙන්ඩ නේ...දහ අට අවුරුද්දක් පරිස්සම් කරන් උන්න මගෙ අරකට වැඩේ දීලා පයින්ඩනෙ....?

නැත්තන් ඔයාට අපෙ අප්පච්චි ගෙන් වැඩක් නැතිවෙන්නෙ නෑනෙ....ඔහෙට අපෙ අප්පච්චි ගෙනුත් වැඩක් තියෙන්ඩ ඕන...හොමතගයු ...ඔහෙට අපෙ අප්පච්චි ගෙන් වැඩක් තියෙන්ඩම ඕනෙ...

අපි නුවර මිනිස්සු.....නෑ කම් හලන්නෙ නෑ.....ඔහෙට අපෙ අප්පච්චි ගෙ හිත දිනාගන්ඩ නම් ඔහොම මහ එකා මහ එකා කියන එකයි අපෙ අම්මට අක්ක කියන එකයි නවත්තන්ඩ....අනික අපෙ අම්මා අප්පච්චි ඔහෙට අය්යා අක්කා වෙන්නෙ නෑනෙ...ඔහෙ කොහොමද අපෙ අප්පච්චි ව ඔහෙට කැමති කරගන්නෙ...?ඇත්තමයි මාව රවට්ටලා අරකත් කෙලසලා ගියොත් මගෙ මිනිය තමයි ඔහෙට මෙ වැල්ලෙන් හම්බෙන්නෙ...පයින එක පයිනවා...දන්නවනෙ.....

හත්තුක්කෙ.....සීදේවි මගෙ ඉහ පුපුරන්ඩ වගේ...මෙයැයි මේ මොන පකක්ද අප්පා දොඩන්නෙ.....ඔහෙ කියන්නෙ ඔහේ කියන්නෙ මට ඔහෙවත් අරන් මහ එකාවත් දාගන්ඩ කියලද....හොද වැඩේ...ඔහෙට මොන්ගල් ය??ඔහෙගෙ මහ එකාගෙන් අහනවයි එහෙනම් මා එක්ක පවුල් කන්ඩ එනවදයි කියලා....හැබැයි ලේසි වෙන්නෙ නෑ මහ ලබ්බටත් ...ඒකත් ඔහෙ කියනවා ගිහින්....

ම්..මොකක්...වැටහුන් නෑ.....මට වැටහුන් නෑ....පප්පෙ...ඔහෙ මක්කද ඔය දෙඩ්ඩෙ...යෝහ්.....මොක්කද දෙඩ්ඩෙ කියපියකො....

මං ආයම දිව්වා....මූන කට මගෙ පිට අල්ලෙන් පිහ පිහ දුවපු මං අනිත් පාර හැන්දගෙ ඉස්සරහට පැනලා අත් දෙක දෙපැත්තට දිගෑරන් කකුල් දෙකත් කැලනි පාලමෙ මුක්කුවක් වගෙ පලල් කරගන ඇස් දෙකත් ඔහෙක් කරන් කටත් මෙහෙක් කරන් හැන්දා දිහාව රවාගන බලාගන උන්නා...

ස්කීපර් අයියෙ....මේන් මෙවුන්ට සුනංගුයිලු.....ඔහෙ එන්නෙ නැතැයි ....හත්තුක්කෙ....ආන් නිලමෙ එතනත් අපෙ එකාව නටෝනවා...මෙහෙම ගියොත් නම් හිකිලම යනවා ආ...ය....අර බල....කෝ.....ඉති.....න්න්න්...ඒ කිචිය හැමතැනම....මේ මොන නාඩගමක්ද මේ....අඩේ...අර බල.....පි...යකෝ සුකුමලා.....නිලමෙගෙ කෝලම....පඩික්කමක් වගේ මුගෙ කට

සුදු චූටි හැබෑටම මක්කද මේ ඔහෙට වෙලා තියෙන්නෙ...මැනිකෙ සෙල්ලම් කරන්නෙ නැතුව අහකට වෙයල්ලා.....ඔහෙට මගෙ බීම හදන්‍ඩ බෑ රත්තරනෙ.....මක්කද ඔය නහින්නෙ.....මොකො මං ආය සූර් වෙන්ඩ බොන එකෙක්ද නෑනෙ....කෝ අහකට මක්කද මේ දගකම....පන්නෙ සුනංගු කරන්ඩ හොදනෑ මැනිකෙ සෙක්කල් බෝට්ටුනෙ යන්නෙ.....දැන් තව ටිකෙන් කෝස් මාලු ගිය උන් එනවා....ඔව්වා ආවම ඔහෙගෙ පප්පට හුස්මක් කටක් නෑ වැඩනෙ...කෝ මයෙ අම්මා අහකට වෙයල්ලකො පනෙ.....

මං දැන් රවනවා...අරහෙන් කිරියා කෑ ගහනවා.....හැන්දා අහකට වෙන්ඩ ගානවා....අරක කරන්ඩ ඕන මේක කරන්ඩ ඕන ගගා මගෙ සුදු අයියා මාව එහාට කරන්න හදනවා...එයාට මේවැල්ලෙ ඕන තරම් ඉඩ තිබුනා....මාව තල්ලු කරන් යන්න ඕන තරම් ඉඩ තිබුනා...ඒත් එයා මගෙ මලකරච්චලේ අහන් ඉදලා ඉදලා අප්පච්චි කානුවව හුරතල් කරන්නා වගේ මාව හුරතල් කරනවත් එක්කම මං එයාගෙ වැලමිට ගාවින් අල්ලගත්තා...

.ජරාව බොන්ඩ එපා සමුද්‍ර....ඔහෙ දන්නෙ නැද්ද ඔව්වා ඇටෑක් කරන්නෙ ලිවර් එකට කියලා...ඔහෙට විහිලුද.....මං මේ විහිලු කතා කියනවා නෙවෙනෙ...

ඇගපත අමාරුව කියලා ඔව්වා බොන්ඩ එපා අයියෙ.....අරක්කු ටිකක් බිව්වෙනෑ කියලා පිරිමි කම යන්නෙ නෑනෙ.....ඔහෙ දවසකට ඉස්පිරිතාලෙ ගිහින් බලන්ඩ ....මං නරකට කියනවා නෙවෙනෙ අයියෙ...

ඇයි ඔහෙ දන්නෙ නැද්ද මං ගසනකොට බයිට් එකට ගන්නෙ පීකුදු කියලා ...එතකොට ඔය කියන අරක්කුවට මොන පීකුද්දටද ඇටෑක් කරන්ඩ ඕන කියලා හොයා ගන්ඩ බෑනෙ...

මගෙ මෝඩ හත්වලාම...මැරෙන බව දැන දැන දැන ජීවත් වෙන එවුන්ට ඔව්වා කියලා වැඩක් නෑ ...ඉන්න ටිකෙ ඉන්ඩ ඕන ආය.....මොකො මැරුනයි පස්සෙ මේවා කරන්ඩ පුලුවන්ද .....??

සීදේවී වරෙල්ලා අරුන් බලන් ඉන්නවා....මයෙ කාවාටි පැටියා එක්ක මං පස්සෙ රන්ඩු කරන්නම්...රස්සාවට යන වෙලේ රන්ඩු සරුවල් මුනිච්චි කරන්ඩ නරකයි අමාකර....මුන් යන්නෙ එක අතකින් මරනෙත් අතේ අරන්...එහෙව් මිනිස්සුන්ගෙ හිත ගස්සවන්නෙ නැතුව යවන්ඩ අත ගහපන් උඹටත් මේ පින තියෙනවා අමාකර....මයෙ හිච්චා කීකරු වෙයන්...

එයාලට මොකුත් වෙන්නෙ නෑ අයියෙ...උඩ ඉන්න තිස්තුන් කෝටියම මෙ අප්පච්චිලාව බලාගන්නවා...එහෙම කියන්න එපා...ඇයි ඔයාට කියන්න බැරි මරනෙ අතේ අරන් යනවා වෙනුවට වාසනාව අරන් යනවා කියලා ..එහෙම කියන්න එපා සමුද්‍ර...මැරෙන එක දැන දැන ජීවත් වෙන එක ඇත්ත ..ඒත් මිනිස්සු කවදාවත් ආදරෙ කරන මිනිස්සු දාලා යන්න කැමති නෑ අයියෙ....තේරුනාද ඔයාට....

ම්ම් තේරුනා....මේක පන්ඩිත රෙද්දක්....දැන් වත් එනවයි .....යන්ඩ..සුනංගුව හොද නෑ සීදේවි....

මං හිනා උනා.....ඔලුව වැනුවා...එක "අමන්දි දුව" කියලා ලියලා තිබුන බෝට්ටුව දෙපැත්තෙ මහ මුහුදට යන්න බලාගන උන්න අප්පච්චි ලා බලාගන උන්නෙ මගෙ හැන්දා එනකන් වෙද්දි මං එයාට සමාන්තරව එයාගෙ වේගෙන්ම ඇවිදිගන ගියා....

නිල්වන් මහ මුහුද කිරි සුදුපාට පෙන කැටි පුරවගත්ත රැලි ගහනවා....ගොඩට එන හැම රැල්ලක්ම තම්බපන්නියට ආදර හාදු තියනකොට දැල්පන්නත් රෑ බතත් වතුරත් ජම්පරුත් පටවගත්ත බෝට්ටුව දියඹට ඇදෙන්න බලාගන ඉන්නවා.....මේ වැල්ල පුරාවටම බෝට්ටු විමානයයි....ඒ හැම බෝට්ටුවකම නමක් තිබුනා.....කාගෙ හරි නමක් එක්ක දුව පුතා කියලා තිබුනා....සදුනි දුව....දනීසා දුව.....එසානි දුව...අමන්දා දුව....අරුන පුතා..සයුරි දුව....සාමින්දි දුව.....මං හිතන්නෙ බෝට්ටු අයිති මුදලාලිලාගෙ දරුවන්ගෙ නම් වෙන්න ඇති....මොකාට උනත් වටින්නෙ දරුවොනෙ....මං හිතන්නෙ මහ මුහුද මැද මහන්සියක් දැනෙන හැමතැනම ඒ නම් දකින කොට ඒ අප්පච්චි ලාගෙ හිතවල විඩාව ඉබේම නිවෙනවා ඇති.

මාරියාව ගහන අන්දකාර රැයවල ගොඩබිම ඇස් පේනමානෙක නැති උනත් අඹු දරුවො මතක් උනහම උන් මාරියාවටත් හමන්නලා මාරයටත් හමන්නලා පන්නෙ අරන් ආපිට ගොඩට එන්න දතකනවා ඇති....අනෙ උඩ ඉන්න තිස් තුන් කෝටියක් දෙවියනෙ.....ඔය ආශිර්වාද කදම්බෙ හෙලාපන් හැම රෑකම කලුවර උන මහ මුහුදට...දෙන්ට එපා ඒ ඇස්වලට නිදිමත.....ගනින් විගහට අතට පයට දැනෙන ඒ වේදනාව...මේ මුලු ලෝකෙම ඉන්න හැම අප්පච්චි ගෙම උරහිස් දරුබරින් බරවෙලා තියෙන්නෙ දෙවියනෙ....

මට හුස්මක් පිට උනා.....

පිලී පුසුඹයි....පැට්‍රල් පුසුඹයි...මහමුහුදට අරක් ගත්ත ඒ ආත්මීය කසිංජි පුසුඹයි මේ මුලු දික්වැල්ලම වහගන තිබුනා....

නිල් අකාස ගැබ ලා නිල්පාටයි...ඉර නිවාඩු යන කොටහා පැස්ටල් රෝසපාටයි.....තවත් තැනක් තැඹිලි පාටයි...ඒ විතරක් නෙවෙ අවරගිර යාන්ගෙම දම්පාටයි!

මං මගෙ සමුද්‍ර දිහා බැලුවා.....මං දැනුයි හරියටම දැක්කෙ...එයා ගෙදරින් ඇවිදින් තිබුනෙ සෙරෙප්පු දෙකක් වත් නැතුව.....ගොඩට ගහන කිරිපාට පෙනපිඩු පිරුන කසිංජි රැල්ලය එයාගෙ කකුල්හේදිලා තිබුනා...ඒ කකුල් වතුර පාරට දිලිසුනා...එයා විතරක් නෙවෙ රස්සාවට යන්ඩ බලාගන ඉන්න කිසිම අප්පච්චි කෙනෙක්ගෙ කකුල් වල සෙරෙප්පු තිබුන්නෑ...

මෙච්චර කල් මං හැමදාම දැක්කෙ බන්ඩාරවෙල හීතල එක්ක ඩේලියා මල් පිපෙන හැටි විතරයි.....මං හැමදාම දැක්කෙ සදපිනිකැට තනතුඩු උඩ දිලිසෙන හැටි විතරයි ...පාත්තකියකින් ගලවගත්ත අලුත්ම කැරට් අල වල දිලිසෙන තැඹිලිපාට විතරයි ...මගෙ ඇස් මානෙන් මේ මහ මුහුදත් ධිවර මිනිස්සුත් මේ කසිංජි සුවදත් තිබුනෙ එසේ මෙසේ දුරක නෙවෙ වෙද්දි මේ හැම දේම මගෙ ජීවිතෙ ඉස් ඉස්සරෝම සිද්ද වෙන මංගල අත්දැකීම් වෙද්දි මගෙ සුදු අයියා...එහෙමත් නැත්තන් මගෙ අම්බරෙ..මට මේ අරුම පුදුම ජීව්තේ ගැන අකුරු කරවන ආදරනියම ධීවර කොල්ල මහ මුහූදට යන්න බලාගන උන්න අප්පච්චි ලා එක්ක මොනවදො මන්දා හරි හරියට කියවන ගමන් උන්නා...එයා හිනා වෙනවා...ඒ ඇස් හීන් වෙනවා...මගෙ ඇස් පනා පිට පන තියන නිල්මහ මුහුද හරි ලස්සනට හිනා වෙනවා.....

වචන අදින....වචන කඩන....කචබච ගාලා කියවන මේ අපූරු මිනිස්සු ඉන්න දකුනු ලක කියන්නෙත් එක්තරා ආකාරෙක හරි සුන්දර දිව්‍ය විමානයක් කියන්න හවහට බහින ඉරේ පාට අහස් ආගාදෙ පාට කරනහැටියෙම්ම කියන්න පුලුවන් උනා....

.එයා කියවනවා....වෙලාවකට හිනා වෙනවා...දිවෙ කටෙ නොගෑවි කුනුහර්ප පලන මගෙ හැන්දා කියන්නෙ තනිකරම ආදර ආගාදයක්!!ආදරෙන් පොහොනි උන ආදර සමුදුරක්....ආල සමුද්‍රයක්...තනිකරම මං ඒ ඇස් අස්සෙන් දකින්නෙම අප්පච්චි කෙනෙක්ගෙ ස්නේහවන්තකමක් විතරක්ම වෙනකොට මං මේ ආදරෙ පිරුන ධීවර කොල්ලගෙ මදහසකින් පවා මගෙ හිත්විල් බැමි කඩාගන යන්න තරම් සන්තෝසෙකින් පිරිලා ගියා...ඇත්ත උඹ අමු අමුවටම අප්පච්චි කෙනෙක් මිසක් මට මේ වෙනකන් උඹගෙන් සරාගෙ කලවම් කරාපු රෝමාන්තිකයෙක් හොයාගන්න බැරි උනා සමුද්‍ර....

පාට ගියපු සීතල කබා.....දෙකට කපාපු චීත්තයක් තුන්මුලහකට හිටින්ඩ නවාගන ඒවයින් ජටා බැදන් ඒ උඩට පාට ගියපු තොප්පි දාන් උන්න පිලී සුවද පිරුන අප්පච්චි ලා හැමෝම බෝට්ටුව දෙපැත්තෙ හිටගත්තා...ජැටිය හරියෙ උන්න මනුස්සයා අශ්වබල කීයක්ද කියන්න නොදන්න යමහා කියලා ගහපු ඇන්ජිම අදින්න බලාගන ඉද්දි මගෙ අම්බරේ අනිත්පාර අර හැමෝම ඉස්සරහා මට සුදු චූටි කියලා කතා කරනවත් එක්කම අනිත් පැත්තෙ උන්න සුකුමලයි කිරියයි හිනා උනා....අනෙ එයා ගානක් නැතුවම මට සුදු චූටි කියලා කෑ ගැහුවා....

.ඒහ්...මගෙ සුදු චූටි එනවයි....

මං දන්නෙ නෑ....මොනවද කරන්නෙ...කියන්නෙ මොනවත් දන්නෙ නෑ...ඒත් මං එයා ගාවින් ගිහින් හිටගන්නවා එක්කම එයා මාව හරවන්න ඕන පැති වලට හරවලා මගෙ අත අර බෝට්ටුවට තිබ්බා...

ඕන් දැන් හරි...මැනිකෙ කකුල පරෙස්සමින් රත්තරනෙ.....කකුල යයි...බලාගන...

පප්පෙ...මං දන්නෙ නෑනෙ මොනාද කියන්නෙ...

.

හහ්....පැටියට කියන්ඩ ඕනයි....?

හ්ම්...ඔව්නෙ....මොනාද අර කියන්නෙ කෑ ගහලා.....

ඕ...ඩි....හෙ..ලෙ...යි හෙ ලෙ යි යා!!

මං හිනා උනා....කියන්නෙ මොනාද කියන්න දන්නෙ නෑකිව්වා විතරයි මගෙ දිහා බලලා හිනා උන එයා මට කියන්න ඕන ටික කියලා අර කාටත් ඇහෙන්ඩ කෑහුවා.....

ඕන් එහෙනම් දෙවොල් පිහිටයි..පන්නෙ සරුකරන්ඩ ඇහැක් වෙයල්ලා!!!හා....කිරියා කියපන් පුතා.....

ඕඩි....හෙලෙ....යි...හෙලෙයි....යා!

එයා කෑගැහුවා....දෙවොල් පිහිටයි පන්නෙ සරුකරගන වරෙල්ලා කියලා කියනවත් එක්කම අර හැමෝම දෙවොල් පිහිටයි කියලා ඕඩි හෙලෙයි කියනවත් එක්කම මගෙ සර්වාංගෙම හීතල වෙලා ගියා...

ඒක හීතල වීමක් නෙවෙ...ඒක තනිකරම මට වචන වලට පෙරලන්න බැරි හැගීමක් එක්ක මගෙ සර්වාංගෙ පුරාවටම ගිය ....මගෙ ඇස් වලට අහේතුකවම කදුලු පිරුනා....අහේතුකවමත් නෙවෙ.....මගෙ හිතට මහබරක් දැනුනා...එයාමයි කිව්වෙ පන්නෙට අතගහන අත් පවා අස්වැන්නට බලපානව කියලා...එතකොට මගෙ අත් දෙක...

සුදු අයියෙ....උඹට මාව ඒ තරම්ම විස්වාසද?මගෙ අම්මා අප්පච්චි අදටත් විස්වාස කරනවා මං අප්පච්චි ට වාසනාව ගෙනාව කියලා ....ඉතින් උඹත් මට ඒ තැන දෙනවද මගෙ සුදු අයියෙ.....

මගෙ පස්සෙන් උන්න එයා අර කට්ටිය එක්ක එකම තාලෙට ඕඩි හෙලෙයි කිය කිය එකම වෙලාවක බෝට්ටුව මහ මුහුදට තල්ලු කරනකොට මාත් කෑ ගැහුවා.....

ඕ....ඩි....හෙලෙයි....හෙලෙයියා....

හෙලෙයි...හෙලෙයි....හෙලෙයි.....හෙලෙයි......

ඇන්ජිම ස්ටාර්ට් උනා.....රැලි බොක්ක හරියෙදි රැල්ලක් එනවත් එක්කම බෝට්ටුව මහමුහුදට දානකොට මාව මගකින් අහක් කරපු එයා ආපිට ආවෙ බාගෙට තෙමීගන වෙද්දි ගොඩ උන්න මං අරබෝට්ටුව දියඹට ඇදෙන හැටි බලාගන උන්නා....

අනේ මහ මුහුද ඔය අප්පච්චි ලාහැමෝවම රැකපන්....ආපිට ගොඩට එනකොට උන්ව අස්වැන්නෙන් පුරවලා එවාපන්

උන් උඹගෙ පිහිටෙන් ජීවිත ගැටගහන්නෙ උඹටත් ආවඩලා...එහෙව් උන්ගෙ හුස්ම උදුරන් බිම් පතුලෙ හංගන්ඩ එපා...චන්ඩ වෙලා මාරියාව ගහන්ඩ එපා...අපි වගෙ කොල්ලො උන්ගෙ අප්පච්චි ආපිට ගොඩට එනකන් බලාගන ඉන්නවා...

බෝට්ටුව යන්න ගියා...පෙට්‍රල් සුවද මුහුදු සුවද එක්ක මුහුකරාගන උඩු හුලන් රැල්ල එක්ක අතර දිග්බාගෙම වහන් යන්න යනකොට මන් බලාගන උන්නා...

සුදුචූටි....

අයියෙ...එයාලා ගියා.....මට දුකයිනෙ.....

මක්කද ඒ පැටියට දුක....?....එවුන් ගිහින් ආයම රෑ වෙනකොට ගොඩ එනවා සීදේවි....

රෑ...???

ඔය යන්නෙ සෙක්කල් බොට්ටුනෙ.....ඔව්වා ආපහු රෑට එනවා...මයෙ කාවාටි පැටියා රෑ මාලු අහලා නැතුවයි...

මං නෑ කියන්න ඔලුව වැනුවා.....එයා හිනාඋනා....හිනා වෙලා මගෙ ඔලුව අත ගෑවා....මගෙ අප්පච්චි වගේ ඔලුව චුට්ටක් පහුරු ගෑවා

නිල් යාංගෙට තියෙන්නෙ එකම මහ මුහුද උනත් පන්නජාති කීයක් නම් තියනවද සුදු චූටි....මගෙ හිච්චා දන්නෙ නෑ....ඔය බෝට්ටු ගිහින් අරන් එන මාලු කෙලින්ම අයිස් ගහල නුවර පටවනවා....මයෙ කොල්ලා මයෙ අතින් ඉස් ඉස්සරෝම කාපු මාලුව මතකයි...

එයා මගෙන් අහනවා එයාගෙ අතින් මුලින්ම කාපු මාලු මතක් නැද්ද කියල.....හරි සෝක් මට අමතක වෙයි ඕවා....වහදාපු පාන් එක්ක කැව්වෙ....

මෙච්චර වෙලාම මහ මුහුද දිහාව බලාගන උන්න මන් අනිත් පාර එයා දිහා බැලුවා.....ම්හුක්...මේහැන්දගෙ ලස්සන....වහ දාපු පාන් කැව්වට මොකද හැන්දා හරි ලස්සනයිනෙ.....

ගමේ ලස්සනම බෑනා අපෙ අප්පච්චි ගෙ වේවි.....අපො අපො....අපෙ අප්පච්චි ගෙ පැත්තෙ උන්ට නම් කොහොමත් ඊරිසියා හිතෙවි.....උන් අපෙ අම්මා එක්කත් ඊරිසියයි...ඇයි ඉතින් උන්ගෙ ගෑනු තනිකරම පුස් කාපු ලබ්බවල් වගෙ දිරාගන ගියාට අපෙ අම්මා ලස්සනට ඉන්නවනෙ.....අනික අපෙ අම්මගෙ ඇටපෑදිලා නෑ.....ඇයි ඉතින් අපෙ අප්පච්චි අප්පච්චි ට නැතත් අපිට හොදට කන්න දෙනවනෙ.....

ඇරත් අපෙ අම්මව අප්පච්චි ලස්සනට තියන් ඉන්නවටත් උන්ට තරහයිනෙ.....උන්ට නම් ස්වල්ප පුකේ අමාරු නෙවෙ තියෙන්නෙ....උන් මගෙ හැන්දව දැක්කොත් කොහොමත් පැලෙයි...පලියව්...පැලියව්...අනේ පැලිලා පලයව්!

ඔවුන් මගෙ හැන්දට ඊරිසියා කරලා මගෙන් උදුරගන්න හදයිද දන්නෙ නෑ.....හිටපියව්කො මන් ඔක්කොටම හමන්නනවා.....නැත්තන් අද රෑට විස්වමාතාවට කියනවා මගෙ හැන්දව මටම විතරක් දෙන්න කියලා ....හිතෙ ඇති...වරෙව්කො හැදිගාවලා අරින්නම්...

ම්හුක්...මගෙ ආදර පැටියනෙ.... මං ඉතින් එයාගෙ කාවාටි පැටියනෙ...කාවාටියා ලස්සන පැටියෙක් වෙන්න ඇති....නැත්ත මට එහෙම කියන්නෙ නෑනෙ...ඒ උනාට උඹ මට වහදාපුවා කැව්වා...මීයා වගේ උන්නට මන් වෙලාව එනකන් උනෙ හැන්දො...හිටපන්....හැන්ද මගෙ අතට ගන්නකන්....අපෙ අම්මත් එහෙමනෙ.....අප්පච්චි ව අල්ලන් හැන්ද අතට ගන්නකන් මීයා වගේ උන්නා කියනවනෙ...

මන් ඉතින් අම්මගෙම පුතානෙ....මට අමතක වෙයි.....

මගෙ කට තනිකරම කට ඇදේ ගියපු පතා මැඩියා වගේ.....ඇස් දෙකත් ඔහෙක් කරන් උන්න මං හොරා වගේ හැන්දා ගාවට ලන් වෙලා ඒකව කෙනිත්තුවා....උඹ මට වහදාපු පාන් ගිල්ලල දැන් අහනවා මට කවාපු මාලු රහද කියලා...ඔව්..ඔව්...මට අමතක නෑ...ඔවූ....පුතාට අමතක නෑනෙ රත්තරනෙ...පුතා එලිවෙනකන් වමනෙ දදා බයෙ දැගලුවා පුතාට කොහොමත් අමතක නෑ රත්තරනෙ....

ඌ...ව්හ්....කොල්ලා...මක්කයි හිච්චො ඔහෙ මෙයැයිව කොනිති ගහන්නෙ...

කොනිති ගහන්නෙද....ඇයි ඔහෙ මට වහදාපු පාන් කැව්වෙ පප්පෙ.....ඈ.....ඔහෙ දන්නවද මාව එහෙම ලේසියකට මරන්ඩ පුලුවන් එකෙක් නෙවෙ...ඔහෙ මට දැන් බොරුවට සීදේවි....මූදේවි.....මගෙ මැනිකෙ අනේ පනෙ තනෙ වැනේ ගෑවට ඔහෙ මේ අත් වලින් නේද මට වහදාපු පාන් කැව්වෙ....ඉතින් මට අමතක වෙයිද....අපො නෑ....අපෝ..නෑ.....පප්පෙ...කාවාටි පැටියට

හොදට මතකයි...ඔහෙ දන්නවද මාව එදා රෑ මැරෙන්න ආවා...පපුව හිර කෙරුවා....

අනෙ අනිච්චෙ...දුකේ.....කිව්වලු ඔහෙ මොකද වහදාපුවා කවලා මාව මරාගන්ඩ හැදුවෙ.....මං ඔහෙට මොන පකක්ද පප්පෙ කෙරුවෙ....

වහදාපු පාන්...මක්කදයි සුදු චූටි ඔහෙ ඔය දොඩන්නෙ....මං කොහෙද හත්වලාමෙ ඔහෙ මරාගන්ඩ හැදුවෙ...මේන් මෙයැයිට ආපහු මොන්ගලෙ ගහලා...

ආ..ආඅ මොර්....අමොර්...මතක සත්තිය හීන වෙලා...මං හිතන්නෙ මාලු කෑල්ලගෙ මතකෙ මලකඩ කාලා ඇති....ඔහෙ දැන් නියන් කාක්ක වගේ කට ඇරන් බලන් ඉන්නෙ....පප්පෙ ඔහෙමනෙ කිව්වෙ ඔය වහදාපු පාන් එකෙන් දියන් කියලා...මං අහන්නෙ වහදාපු පාන් උඩට මාලු කවපු එක මට අමතක වෙයි කියලද....ලොවෙත් නෑ පප්පෙ...ලොවෙත් නෑ....ලොවි ගහෙත් නෑ...ගාල්ලෙත් නෑ..ගාලුකොටුවෙත් නෑ

සුදු චූටි....ඔහෙට ඇත්තටම පිස්සුය???හත්තු...ක්කෙ...මේන් මෙයැයි මක්කද දොඩන්නෙ අඩා....

අඩා පඩා නෙවෙ පප්පෙ ඔහෙගෙ මේ අතින්මයි මට වහදාපුව කැව්වෙ මැරිලා පල කියලා ....මට අමතක නෑ හර්ත...

හත්වලාමෙ...මගෙ මෝඩ වස්තරෙ...ඔහෙ හිතන්නෙ මං ඔහෙට වහදාපුවා කියලද...ට...හිකෙ....හොද වැඩෙ....සුදු චූටි....වහදාපු පාන් කිව්වෙ වහ දාපුව නෙවෙ හත්වලාමෙ....වහල තිබ්බ එක.....ඔහෙ නම් මෝඩ හත් ඉලව්වක් මැනිකෙ.....මගෙ නොදරුවා මේකා.....මන් කොහොමැයි මැනිකෙ එහෙම හිතන්නෙ වත්....මේක මගෙ මෝඩ හත්වලාම....සුදු චූටි උඹ හරි හුරුතල් මැනිකෙ.....මට උඹව කටෙ ඔබාගන්ඩ හිතෙනවා...මැනිකෙ ඔහෙව පප්පා ගිලින්ඩයි...හව්....ගාලා.....?නුවර ලබ්බ මගෙ

ප...ප්පෙ.....ම්හුක්....අනේ පැංචො....ඔහෙ කියන්නෙ මට ඒ දුන්නෙ වහල තිබ්බ පාන් කියලද...අනේ...ඇත්තමයි ඔහෙ කෙබ්බ නේ තලන්නෙ පප්පෙ....

හැන්දා හිනා වෙනවා...මට මෝඩ හත්වලාම කිය කිය මගෙ කම්මුල් මිරික මිරික කන්ඩ හදනවා....අනිත් පැත්තෙන් මගෙ මූන තිත්ත කැකිරි පන්තියෙ පූසා වගෙ වෙලා...එයා කියනවා මට කැව්වෙ වහලා තිබ්බ පාන් කියලා ....ලැජ්ජ උන මං කක්කුට්ටා වගේ පැත්තට පැත්තට යනවත් එක්කම එයා මාව ඇදලා ලගට ගත්තා.....

මෝඩ වස්තරෙ.....වහදානවා කියන්නෙ වහල දානවට...මැනිකෙ ඔහෙ අදරෑටත් පාඩම් කරනවයි.....??

එයා මගෙ ඔලුව අතගෑවා....අද රෑටත් පාඩම් කරනවයි අහනකොට මං හුම් ගෑවා.....හුම් ගාන ගමන් තනි අන්ඩෙන් හිටගන එයාගෙ සරම් ගැටේ ගාව කූරු ගෑවා....ඇස් කැරකෙව්වා...බුක් බුක් ගාලා ඇහිපිල්ලම් ගැහුවා....මට සමීපම මිනිස්සු අහුරෙන් පිටතට මං හරි සාමකාමි නිවුන පාඩුවෙ ඉන්න මනුස්සයෙක් උනත් මගෙයි කියන අයිතිය එක්ක මගෙ හර්ද වස්තුවෙ සදාකාලිකවම පැලපදියම් උන මිනිස්සු ගාවදි මේ අමාකර කියන්නෙ හුරතලයත් ආදරෙත් සිමාවන් ඉක්මවන මනුස්සයෙක් වෙද්දි මං මගෙ මේ ආදර පැටියා ගාව මගෙ ඇතුලාන්තෙ ජීවත් වෙන අර අරුම පුදුම පුංචි ජීවියට පන ගහන්න දුන්නා....

මං හිනා උනා....කොහෙන් කොහෙන් හරි කොනිති ගැහුවා.....වැල්ල පුරාවටම බලි කුරුටු ඇන්දා....එයාගෙ සම්පූරනම අවදානෙ මගෙ ගාව තියාගන්න මං ආදර කෝලම් කෙරුවා.....

හිනාව මේකගෙ.....ඔහෙ මහ කෝලමක් අප්පා...හ්ම්...පප්පා උන්නොතින් සීදේවිට මං ඉදි ආප්ප මුලක් ගෙනත් දෙන්ඩ ඔහෙ කනවයි....??සෙක්කල් මාලු තම්බලා පොල්මැල්ලුමක් එක්ක....ඔහෙට කන්ඩ ඇහැක් ආය ඇගිලි සූප්පු කර අර.....රෑට බඩගින්නෙ ඉන්ඩ හොද නෑ සුදුචූටි.....බඩෙ දැවිල්ල එනවා...උගුරෙ දැවිල්ල එනවා....

මං ඔලුව හෙල්ලුවා...අනෙ එයා ගෙනෙත් දෙන්නෙ මොනද මට එපා කියන්න හිතක් නැති වෙනකොට මං මගෙ ඔලුව වැනුව...

අයියෙ...දෙයක් අහන්නම් සමුද්‍ර...?

ඕන දෙයක්...මයෙ හිච්චට අහන්ඩ ඕන මක්කද.....ඔහෙ දොඩන්ඩ...උඹගෙ අයිය අහන් ඉන්නම්.....

මෙච්චර වෙලාම තනි අන්ඩෙන් හිටන් උන්න මං හරි කෙලින් හිටගත්තා...මහ මුහුදට පිටුපාන් උන්න හන්දද කොහෙද මගෙ ඉහකෙයා ඔක්කොම් මූනත් පහු කරගන උඩුගම්බලා පීනන්ඩ යනවා...එයාගෙ තඹපාට කරාපු කොන්ඩෙ පස්සට ඇදෙනවා.....එයා කිව්ව දොඩන්න ඕන මොනවද අයිය අහන් ඉන්නම් කියලා ..ඒකත් නිකන් නෙවෙ උඹගෙ අයියා කියනකොට ඒ පුංචි වචන් මගෙ ආදර මර්මස්තානෙ හතර දිග්බාගෙම හිරිවට්‍ටන් ගියා....

උඹමයි කිව්වෙ පන්නෙකට යනකොට වාසනාව අවාසනාව ගැන බලනවා කියලා ...එහෙව් කියපු උඹට මගෙ අත් ගැන ඒතරමය විස්වාස හිතුනද ඉන්දීවර්??මේ අත් ගැන උඹට මහ හුගක් විස්වාස හිතුනද මගෙ අම්බරෙ....??

මං එයා දිහා බලාගන උන්නා...මං දන්නවා එයා ආසයි මං අම්බරේ කියනවට.....හැම වෙලාවෙම කියන පප්පෙ වගේ නෙවෙ....හදවතම මිරිකලා අල්ලගන්න ආදර වචනයක් හැමෝටම තියනව...

..........මැනිකෙ...උඹ ඇවිදින් මේ මාලුකාරයට තනිකරම ප්‍රදීපාගාරයක් වගේ අමාකර.....කට්ට කලුවර මහමුදක නැවියෙක්ගෙ එකම සැනසීම ප්‍රදීපාගාරයක් ....මයෙ අම්මත් මට ඒ වගේ....සුදු චූටි මට මේ ළපටි අත් මහ හුගක් විස්වාසයි අමාකර.....මං ඔහෙගෙ මේ හුරුතලේට.....මේ හිනාවට හරි ආදරෙයි සීදේවි...මේ හිනාව මට තනිකරම වාලම්පුරියක් වගෙ....ඉතින් මට උඹගෙ අත් වාසනාවන්තයි කියන්න දැනෙන්නෙ නැද්ද කියල්ලකො....

මට ඇඩෙන්න වගෙ.....එයාගෙ ඇස් ඒ හිනාව තනිකරම කන්ද කපාගන එන චන්දන රැල් වගෙ....මට ඒ පපුවට ඔලුව තියාගන්න හිතුනා....හතර වටම ඕඩි හෙලෙයියා කියනකොට මං කොහෙ කියලා පපුවට තුරුල් වෙන්ඩද...මට එක තත්පරේකට එයා ගාවින් එන අර කසිංජි සුවද උරාගන්න හිතුනා...අනේ එත් කොහොමද...මේ වටපිටාවෙ ඇස් කීයක් නම් තියනවද...මං මගෙ අත එයාගෙ අත උඩින් තිබ්බා.... මං ඒ අත උඩින් මගෙ අත තියනකොට එයා අගෙ අතෙ පිට අල්ල අතගෑව...මගෙ දිහා බාලගන හිනා උනා.....

සීදේවි...දන්නවයි....මට උඹ එක්ක ගෙවෙන එක මොහොතත් ඇති කල්ප කාලාන්තරෙකට එ මතක මතක් කරන් මගෙ හිත සතුටින් තියාගන්ඩ.....මැනිකෙ.....මං උඹට මහ හුගාක් ආදරෙයි .....මගෙ ආදරෙ වැඩිම වෙන තැන්වලදි මං උඹට හුගාක් නම් කියල කතා කරයි.....මයෙ හිච්චා මනාපදැයි කියාපල්ලකො...

මනාපයිනෙ පප්පෙ.....හිච්චා මනාපයි නේන්නම්!

.....හ්ම්....පප්පා ඔහෙට "අමා" කියන්ඩද...ඔහෙ හරි හුරුතල් අමාකර....නොදරුවෙක් වගේ...උඹ මට දරුවෙක් වගේ....අමා...උඹ තවම ඉගනගන්නවා...ළපටි හිතක් තියෙන්නෙ....ඒත් දවසක් ඒවි මට උඹගෙ දරුවෙක්ගෙන් එහාට යන්න හිතෙන...අන්න ඒ දවස කවදා උනත් මං උඹව අප්පච්චි වගේ බලාගන්නම් ඔහෙට තේරුනාද.....

මට ලැජ්ජා හිතුනා....මගෙ බඩත් එක්ක මොකක්ද වෙලා ගියා..එයා අහනව අමා කියන්නද කියලා.....කටින් උත්තරයක් නොදුන්න මම ඔලුව වනනකොට එයා හිනා වෙලා මගෙ නාහෙය තට්ටුවක් දැම්මා....අනෙ ඊටපස්සෙ එයා කියපු කතාවත් එක්ක මගෙ ලැජ්ජාව මැරිලා ගියා.....එයාගෙ වචන අස්සෙ හැම් වෙලාවෙම පරිස්සම තිබුනා....මං හිතන්නෙ මගෙ අප්පච්චි කවදා හරි දවසක හිතෙ සැනසීමෙන් මෙ ආදරපැටියා ගෙ ගැබුරු අත්වලට මාව ගුලි කරයි කියලා....

උඹ හරි මහ පුදුම මනුස්සයෙක් අයියෙ....ආදරෙ හුගක් තියන උඹ නම් අම්බරයකමයි සමුද්‍ර....ඔහෙ මගෙ අම්බරෙ....

ඔහෙ මෙයැයිගෙ හිච්චි අමා!!

*

*

*

සුදු චූටි....ඔහෙට අර පෙනවයි ආන් ලිහිනි ගහනවා...ආන්...ආන්...අර....අර.....

ඒ මුහුදු ලිහිනිද

හ්ම්....ඔවුන් ඔයාකාර එහට්ට මෙහට්‍ට ගහනවා කියන්නෙ අස්වැන්න සරුයි කියන එක...

මං උන්නෙ මුහුදු වතුර නාගන.....පීනන්ඩ දන්නෙ නැති මම එන එන රැල්ලට බිම ඉදගත්තා...එයා නෙවෙ මොකුත් කිව්වෙ....මට වැලි නාන්ඩ දීලා බලාගන උන්නා.....මෙච්චර වෙලාම ගොඩ තිබුන හැම බෝට්ටුවක්ම ආපිට මහ මුහුදට ඇදෙනකොට එයා හැම බෝට්ටුවක් ගාවටම ගියා....අනේ මේ මිනිස්සු පුදුමාකාර එකමුතුයි...හරිහමන් රැල්ලක් නැතිව තෙප්පම මුහුදට දාගන්න බැරිව ලත වෙන තෙප්පම් කාරයො ගාවට සමහරක් දිව්වා...

රැල්ලත් එක්ක ආපිට තෙප්පම මුනින් අතට ගහනකොට උන් වැලි කාගන හින වේගන ආපිට මුහුදට යන හැටි මං බලාගන උන්නා...

සුදු චූටි....පප්පා ටිකක් අරහෙට යනවා ඔහෙ කිරියලා එක්ක ඉන්නවයි....අර අතන ඉරුම් වගයක් බදිනො මගෙ දැල් කුට්ටමත් ගස්සවගන්ඩ ඕන...

මං ඔලුව වැනුවා....තැනින් තැන ගහලා තිබුන වාඩි වල ඉරුම් බදින මිනිස්සු පෙන්නපු එයා එහාට ගිහින් එනකන්.මට කිරියලා එක්ක ඉන්න කියද්දි මං තවත් රැල්ලල් එද්දි බිම ඉදගත්තා.....

ඒහ්....කිරියා....කොල්ලව බලාගන්...

හරිය....ඔහෙගෙ පන්නෙ මහන්ඩ තියනො කිව්වානේ....

රෑවෙලා වර..... කෝස් ශොට් එක පටවලා ගහන්ඩ ගන්නවා...ඔහෙට ඉස්කෝලෙ නැතුවයි හෙට.....?

තියෙ....ඔහෙ දන්නෝනෙ ආ....ය....මේ කිරියා අට වෙන්ඩ කලින් මන් ඇතුලෙ....

සුකුමලා ඔහෙත් එනෝද.....නැත්තන් අපෙ මහ එකාගෙ අහ යනෝද.....??

මට සිතිජ අයියලේ අහ යන්ඩ වෙනෝ ස්කීපර් අයියා.....සුද්දො වගයක් එනෝ උන්ව ගන්ඩ එයාපොර්ට් හයර් එකක් තියෙ.....

හ්ම්...හ්ම්...හරි...හරි...සුකුමලා මේකව බලාගන්...ඔය බොක්කට යයි.....මේ...බලකො...බොල මේකගෙ....ඔලුවෙ ඉදන් වැලිනෙ....සුදු චූටි....ඕක නවත්තපිය කොල්ලා...හත්තුක්කෙ...මේ බල....කෝ ඔහොම නෙවෙ මූදෙ නාන්නෙ වදේ...

කමක් නෑ....මට බාල්දියක් වත් නෑ.....මං මෙහෙම නානවා.....

ට...ම.....හිකෙ නිලමෙ....නැගිටු....ඔහෙට නාන්ඩ ඕනද....සුකුමලා මේ බලකො නිලමෙගෙ කෙරුවාව...මූට පිස්සු බොල තනිකරම.....මෙහෙ එනෝ ඔහෙව වතුරෙ ඔබලාගන්ඩ...සුකුමලා අල්ලගන් මේකව...දෙපාරක් ඔබලා ගමු

අ....අනේ.....අනෙ අම්මෙ බෑ....මට පීනන්ඩ බෑ කල්පයියෙ....අතෑරපන්....අතෑරපියකො...අනෙ....අප්පෙ....මුන් මාව මූදෙ දාන්ඩ යන්නෙ.....කිරියා...අනෙ...කැරියො.....පප්පෙ.....හ්...කැහ්...කැහ්...පප්පෙ...

මුන්....දෙන්නා....මාව..මූදෙ ඔබන්ඩ....යනවා...

මන් බෙරිහන් දුන්නා....මාව බලාගන්ඩ කියලා පප්පා යන්න යනවත් එක්කම එන එන රැල්ලක් ගානෙම පැස්බරා වැලි අස්සෙ ඔලුව ගහන්න වගේ රැල්ලට ඔලුව ඔබ ඔබ උන්න කිරියයි සුකුමලයි මාව බොම්බිලි කරෝල කූරියා වගේ ඇදලා ගන්නවත් එක්කම පීනන්ඩ දන්නෙ නැති මන් කෑගැහුවා...උඩ පැන්නා.....මගෙ අතපයගැසුවා....මගෙ කකුල් දෙක තෙත වැල්ලෙ එරීගන යනකොට රැල්ල ලන් වෙද්දි මගෙ ඇස් ඔහෙක් වෙලා උඩ ගියා මදිවට මට හුස්ම ගන්ඩත් අමතක උනමං කිරියගෙ සරමෙ එල්ලුනා...

ටම...හිකිලා.....මූ..මගෙ සරමකැඩුවා.....නේද....මේ බල....කෝ....බ...ල...

අ....අ..අනේ...හ්....එපා....එපා...යකො....මට නාන්න....ඕනනෑ.....අනේ....හමන්..

නන්ඩ.....මගෙ පපුව....රිදෙනවා.....

කිව්වත් වගෙ මගෙ පපුව හිරකරන්ඩ ගත්තා....මහ මුහුදෙ වතුර පෑගෙනවත් එක්ක නුපුරුදු මට දැනුනෙම මාව ගිලෙන්න යනවා හා සමාන හැගීමක් වෙද්දි මගෙ හුස්ම හිරකරන්න ගත්තා...මුලින් මුලින් වලලුකර ගාව තෙමීගන ගියපු කරිජි කද අනිත් පාර දනත් පහු කරන් යද්දි මට හුස්ම හිර උනා....වතුර කද ඉනත් පහු උනා.....බුරියත් පහු උනා....තනිකරම මට දැනුනෙ මහ මුහුද මගෙ ඇස් මට්ටමෙනුත් උඩහට යන්න එනවා වගේ හැගීමක්...මුහුදු රැල්ලෙන් එහා වතුර කද පැද්දෙනවා....පැද්දි පැද්දි මාව පහු කරන් යන්න හදනවා....ඇස් ඔහෙක් වෙලා උන්න මට තනිකරම කලන්තෙට වගේ එද්දි අනෙ මං අරුන් දෙන්නව අල්ලන්ඩ පුලුවන් කොහෙන්ද මන් ඒ හැමපැත්තෙම්ම අල්ලගත්තා....

අ..අනේ.....හ්.....ම්....මාව...ගිලෙන්ඩ....වගේ....හ්....අල්ල...අල්ලගනිල...කො...අල්ල....ගනියො....අනේ...පප්පෙ.....ස්....පීකර්....ප..ප්පෙ..හ්.....

අඩේ...කොල්ලා....ඉදෝකින්...බොල...මූට.මක්කද වෙලා තියෙන්නෙ...නහින්නෙ නැතුව හිටුකො..... ගිලෙන්නෙ.නෑ අඩා....තාම ඇටේ ගානටවත් වතුර නෑ.....ඔය සරුම් ගැටේ අතෑරු...හත්තුක්කෙ...නිලමෙ මගෙ ඇටේ...ඔහෙ අල්ලන් ඉන්නෙ මගෙ ඇටෙන් යකො.....ට....හි.....ක්...

අ..අනේ....සුකුමල්ලයියෙ.....ක්..කැඩුනනෙ....සරම!

සරම් දෙකයි...මගෙ අතින් සුකුමලාගෙයි කිරියගෙයි දෙන්නගෙම සරුන් දෙක කැඩිලා යනවත් එක්කම උන් දෙන්නම මාව අතෑරියා.....මං මගෙ කකුල් දෙකෙන් හිටන් උන්නා...කිව්වත් වගේ මට මහ හුගක් වගෙ පෙනුනට මගෙ ඉනේ ගානට වත් වතුර තිබ්බෙ නැද්ද කොහෙද ...

නිලමෙ..අඩෙ...අම්...මා...පා....ඔහෙට නම් මේආත්මෙට නාන්ඩ වෙන්නෙ නෑ.....ඔහෙ මගෙ ඇටේගලෝලා අතට ගන්නවා තව ටිකෙන් මලවුත්තයි ආය.....මොකො ඔහෙගෙ මහ එකා ඇවිදින් මට ඇටයක් දෙන්ඩයි....

ස්..සමාවෙන්න....නිලමෙ....බය උනානෙ....අයියෙ.....

ඔහෙට පීනන්ඩ ඇහැක්ද නිලමෙ....

බැහැක්...මං දන්නෙ නෑ....

හත්තුක්කෙ....ඔහෙ අර උඩහ ඉද්දි ඇලකට වත් ගිහින් නැද්ද...???

නැහැ.....මගෙ ඔලුවෙ සුල්ලි දෙකක් තියනවනෙ...අප්පච්චි යන්ඩ දෙන්නෙ නෑ.....

පිස්සුද අඩා.....ඔහෙගෙ ඔලුවෙ නෙවෙ...සුල්ලිය පුකෙ ආවත් කමක් නෑහරිය...පීනන්ඩ ඉගනගනින් නිලමෙ.....හැමදාම වැලි නාන්ඩද.....අපිටත් එක්ක.ලැජ්ජයි බොල....ඒකට මොකද ඔහෙ ස්කීපර් අයියගෙ සුදු චූටියා නේද...

අරුන් දෙන්නා මට දමාගන දෙහි කපන්ඩ ගත්තා.....කිරියා තනිකරම ඕන්ගියෙක් වගේ...(ඕන්ගි මාලු වර්ගයක්)ඔහෙට පීනන්ඩ ඇහැක්ද බැහැක්ද ගානකොට ඔලුවෙ සුල්ලි දෙකක් තියන හන්දා ගෙදරින් මට වතුරට බහින්ඩ දෙන්නෙ නෑ කිව්වා විතරයි අරුන් දෙන්නා මට මෝරු කොටන්නා වගේ ඇන අන බනින්ඩ ගත්තා...බෙල පුරාවටම යකඩ සරුවාල පටලවන් උන්න සුකුමලා තනිකරම අව්වට දිලිසෙන සූඩයෙක් වගෙස්....අරූගෙ කට තනිකරම ඕන්ගියෙක් වගේ....මාව වටකරන් බනින කොට අන් අතට වතුර අහුරු අහුරු අරන් ඇගේ හලාගන කලපු කක්කුට්ටා වගේ ඇස් දෙක කරකව කරකව උන්නා....

අනේ මුන් නම් කියයි.....මූදෙ ගිහි මැරුනොත් අපෙ අම්මටයි අප්පච්චි ටයිනෙ ලමයෙක් නැතිවෙන්නෙ.....අනික අගෙ හැන්දට.....එයැයිට පුලුවන්ද ආය මන් වගේ සීදේවියෙක් හොයාගන්ඩ...

තවත් වතුර අහුරක් අතට ගත්ත මං ඒක ඇගේ හලාගන අව්වට කොරපොතු දිලිසෙන්නා වගෙ දිලිසි දිලිසි ඉන්න සුකුමලා දිහා බැලුවා

හුම්...දැන් මොකද කරන්න ඕනෙ සුකුමල්ලයියෙ...අත් දෙකෙන් වතුර අරන් ඔලුවෙ හලාගන්ඩද.....

හයි....යො...සන්තා.....නම්....මෑ....නියනෙ...මෑනියනෙ....මෑ...නියනෙ....මේ බලකො කිරියා....මේ නිලමෙයා අහන කතා...

මූට පුරුදු නෑ සුකුමලා....ඒ නිලමෙ....අතින් නහය වහගන්.....දැන් ජබොක් ගාලා එබිය ..එබිලා උඩහට වර....

අතින් නහය වැහුවම කොහොමද හුස්ම ගන්නෙ....ඔහෙට පිස්සුය..කිරියයියෙ....මට කෝප්පයක් දියල්ලකො...

අඩා...මේ....මොකද.....බොල මූ.....හුස්මක් ගන්...හොදට පපුව පුරෝලා....

හුම්....හා...රි...දැන්....

නහය වහගන්...ඔන්න....ජබොක් ගාලා එබිය...දනිස් වලින් නැවිලා.....ඕන්...ඔහොම...

මන් හුස්මක් ගත්තා....කිව්වා වගේම පපුව විතරක් නෙවෙ බඩත් පුම්බගනම මන් හුස්මක් අරගන ජබොක් ගාලා දෙකට නැමුනා විතරයි මගෙ නාහෙ මටම ඇතෑරිලා මෙච්චර වෙලාම පොලවෙ තිබුන කකුල් දෙක උඩට ඇවිදින් මගෙ ඔලුව යට ගියා...තනිකරම පිම්බුන කටු පේත්තයෙක් වගේ.....

අ..අ..අනෙ.....කැහ්...කැහ්......කැහ්....අ...අනෙ...

හරි...හරි.....අම්මෙ....චූටියා....ඔය නාගත්තෙ....මහපොලව කකුලෙන් බදාගනින් නිලමෙ...ඔහෙට පාන්ඩුවද අඩෙ...කකුල්.උඩට ආවම ඔහෙගෙ ඔලුව යට යනවා....ඇරත් මේ...මේ...බලහන්...ඕන්න ඔහොම රැල්ලක් එනකොට රැල්ලත් එක්ක උඩ පැනු.....එතකොට රැල්ලට ගිලෙන් නෑ හරිය....ඔන්න රැල්ලක් එනවා...රැල්ලට පුක හරව....ඔන්න...ඔන්න...දැන් උඩපැනු...

හරිනෙ...දැක්කනෙ...නිලමෙ ඔහෙගෙ හුස්ම තියෙනෝ නේ.....

ඔ...ඔව්....ඔව්....ති...යෙනෝ....

දැන් එහෙනම් ඔහෙ බය නැතුව නාන්ඩ...මායි මූයි ඉන්නො.....

.ඇතියන්තන්.....මන් වැලි කාගන හුස්ම කාගන අවසානෙදි උඩ පැන පැන කරිජ්ජ නාගත්තා.....කිරියා කියා දුන්න විදිට රැල්ලක් එන එන ගානෙ උඩ පැන්නා...කිරියගෙ ඇගෙ එල්ලුනා...සුකුමලාට වතුර ගැහුවා...

එඒහ්...නිලමෙ....ඔහෙ තනිකර හිච්චෙක් වගේනෙ.....මූව අපෙ ස්කීපර් අයියා පැටියා කමටද කොහෙද ඇති කරන්නෙ.....ඔය මදෑ.....දැන් ඇති දැන් ගොඩට එනො.....ඔහෙට පුරුදු නෑ නෙ...වැඩියෙන් ඉදලා අගුනෙ වෙයි....

අනෙ කිරියෙ.....තව එක පාරක්.....

නෑ..නෑ.....පල...පල.....සුකුමලා මේකව ගන්.....ඔහෙට හෙට ඉස්කෝලෙනෙ.....

අනෙ...

නිලමෙ ඔහෙලා කවදාවත් කරිජ්ජවත් මිරිජ්ජෙ වත් ගිලුන එවුන් නෙවෙ.....ටැප් වතුරට විතරක් හුරු උන උන්.....අගුන වෙයි.....නැගු...නැගු....උඩට නැගු ...ඔහෙව අපිට බලාගන්ඩ දීලා ගියෙ...අනික ඔහෙ කිරිපාටයි....අගුරු වෙයි ඔහෙ දන්නෙ නැතැයි මූදු වතුරට කලු වෙනවා.....ස්කීපර් අයියා අනිත් පාර ඔහෙට කලු චූටි කියයි...

වතුරට දානකොට මරලතෝනි ගැහුව මට අනිත්න්පාර වතුරෙන් උඩට එන්න හිතුන් නෑ.....මුලු දවාලම ඉර ගිනියමට පිච්චුන වතුර කද ඇල්වේගන එනකොට ඇගට සනීපයක් ගෙනාවා.....අරුන් දෙන්නා වතුරෙ නට නට උන්න මාව අනිත් පාර ගොඩහට තල්ලු කෙරුවා...අම්න් ගොඩට ආවා.....

මහ මුහුද රැල්ල ගහනවා.....මුලු දවාලම රිදීපාටට ඇවිලිලා ඇවිලිලා අවසානෙදි ඉර බහින යාමෙදි නිවීගන යන මුහුද හරි සාමකාමිව රැල්ල ගහනකොට මං තඹපාට වැල්ලෙන් ඉදගත්තා...

මං බලාගන උන්නා...රැල්ලක් ගහල ආපිට මහමුහුදට ඇදෙන වාරයක් වාරයක් පාසාම අර තෙත වැල්ලෙ පුංචි පුංචි සිදුරු සිය දහස් ගානකින් දිය බුබුලු මතු උනා...

නිලමෙ....

හ්ම්...

ඔහෙ පෙනහැටි දැකලා තියනවයි...

පෙනහැටි.....නෑ.....ඒ මොක්කුද කිරියා???

එනෝ මෙහට පෙන්නනම්.....

ලුනු වතුරට පෙගුන වතුර කොන්ඩෙ අතින් ගස ගස උන්න කිරියා මගෙ ගාවට ඇවිත් පෙනහැට් දැකලා තියනවද අහනකොට මං ඔලුව වනලා නෑ කියනවත් එක්කම ඒකා මට අඩ ගැහුවා.....රැල්ලක් ගහනකන් බලන් උන්න කිරියා මගෙ දිහා බලලා ලගට අඩ ගැහුවා...

මේහෙ එනො.....නිලමෙ ඔහෙට මෙ බුබුලු පේනවයි...

ම්ම්ම්...

ආන් ඒවා අස්සෙ තමා ඉන්නෙ....ඔන්න රැල්ලක් එනවා.....ඕක.ගියාට පස්සෙ මෙන්න මෙහම අත් දෙක බොකුට්ට ගහන් අර බුබුලු ගහන වැල්ල හාරගන පස් අහුරක්.අතට ගන්ඩ තියෙන්නෙ....ඔන්න....ඕන්....මේ....

ඉන්නෙ.....

එ...ඒ..හැ...හෑයි....යා.....කුරුමිනි.....ඉ...ඊහ්....ක්....

ආ.....ඔහෙට කැතද....?ඔහෙ දන්නෙ නෑ මේවා රහයි...

අර කිව්වත් වගේ අත් දෙක බොකුට්ට කරගත්ත කිරියා පස් අහුරටක් අතට ගත්තා විතරයි ඒ තෙත පස නලියන්ඩ ගත්තා...කුරුමිනි.....වතුරට පෙගුන අලුපාටත් සුදුපාටත් ගත්ත අඩු ගොඩක් තිබුන කුරුමිනි ගොඩක් ඒ අත උඩ දගලනකොට මං පස්සට පැන්නා.....

එ..ඒ...හ්....මේවුද පෙනහට්ටි කියන්නෙ...

හට්ටි නෙවෙ...පෙන හැටි....අත අල්ලනො.....මුන් හපන්නෙ නෑ නිලමෙ...මේ...පේනවද....

එ..එව්...කිචියි...කිචියි....මූව ගනිල්ලකො.....ඔහෙ කියන්නෙ.මුන්ව කනවා කියලද කිරියො...??

ආයෙත්...අහලා.....මෙවුන්ව අරන් ගිහින් තම්බලා.....ලුනුකුඩු ගම්බිරිස් කුඩු....දෙහි චුට්ටක් ඉහලා ගත්තා නම් ආය...පංකාදු පහයි ආ....හැබැයි නිලමෙ ටහිකෙන....ම....සැරයි ආ...පුරුදු නැති සැර උහුලන්නෙ නැති උන් කෑවොත් ඇස් ඉදිමිලා එන්නෙ....

ඔහෙලා මුන්ව කනවද.....

ආයෙත්...කනවා ඉතින්...ඔය රාකට්ටක් ගහනකොට එහෙම ලොකුවට කන්නෙ නෑ....සුද්දො කනවා...

එහෙමද....

හ්ම්...මුන්ගෙ ඒත් කන්ඩ දෙයකුත් නැ නිලමෙ.....මුන්ගෙන් කරි හදනවා...ඉස්සො වගේ තමයි....

ටම...හිකෙ.....සමනල්....මං ඔහෙට කිව්වෙ....කැතයා මෙහෙ එන්ඩ ඇති කියලා අපෙ පප්පා එක්ක....කප්පයියෙ ඔහෙ කැතයට පෙනහැටි අල්ලනෝද...

ගිනෝරියා ඉදා..ඉදා....කූකූ....කූකූ...මේ

පසනා තෝ කොහෙද මේ හිච්කත් එක්ක

තනි පංගලමෙ වැල්ලෙ මායන් වෙන්නෙ....

මේ අපෙ සිගිතියා කිව්වා මුගෙ ඔලුවෙ මැක්කො උන්නා කියල...කල්පයියෙ මූව මූදට වීසි කරකො...මේ ජඩයා වැලි නානවනෙ....ගොනෝරියා....ඉදා...ඉදා.....කූකූ.....

මං උන්නෙ උරහිස් අකුලගන...කිරියගෙ අතේ උන්න අර අමුතු කුරුමිනි ජාතිය ආයමත් බිමට දානවත් එක්කම එක තත්පරේට වැල්ලට රිංගගන්නවා එක්කම මෙච්චර වෙලාම.ගෙදර උන්න පසනයි අපෙ කානුවයි දෙන්නම වැල්ලට දුවන් ආවා.....උන් දෙන්නගෙම පස්සෙන් අර කැකිරාව පැත්තෙ අව්වට කර උන ලබ්බක් වගේ උන්න සිගිතියගෙ ගොනෝරියත් උන්නා....

මං දැනුයි හරියටම දැක්කෙ...ඒකගෙ කටෙ දතුත් නෑ.....ගොනෝරියා වයසයි...තනිකරම ඇවිදින ඇටසැකිල්ල වගේ...තට්ටම් දෙක කොච්චර කෙට්ටුද කියනවා නම් උටෙ පුක් කටු දෙක එක මූට්ටු වෙලා.තනිකරම සමපාදි ත්‍රිකෝනෙක මුදුන වගේ එකට පූට්ටුවෙලා....මුගෙ පුකෙන් වත්තක උනත් පොල් ලෙලි ගහන්ඩ පුලුවන් .....ඇකිලුන ගොරක ගෙඩියක් වගේ තිබුන උගෙ රඹුටම ඒකා දුවනකොට වමටයි දකුනටයි වීසි වෙන හැට්යට මට හිතුනෙම ඕකා හයියෙන් දිව්වොත් ඇටේ ගැලවිලා වීසිවෙයි කියලා ...

අනිත් පැත්තෙන් පසනා....ඒකා තාම අර ඉස්කෝල කලිසම පිට්න්.....උකුල් ඇටෙන් පහලට රූටන රීටිල්ලට කොයි වෙලේ හරි කලිසම ගැලවිලා වැටෙනවා...

කිරියො...අපෙ පප්පා තාත්තා කොයි...එයැයි මෙ කැතයා එක්කනේ ආවෙ.....බඩගිනි අප්පා....චූන් පානගෙන් බනිසක් වත් අරෝගන්ඩ තාත්තා නෑනෙ...

හුම්.....ගොනෝරියා පුතා වරෙල්ලා නාවන්ඩ.....

මං ඔලුවත් ගස ගස බලාගන උන්නා...මට පසනා පව් කියලා හිතුනා....ඌ අපිත් අපෙ අම්මගෙන් අප්පච්චි කෝ කියලා අහන්න වගෙ කිරියගෙන් මගෙ සුදු අයියා කෝ අහනකොට මං ඒකගෙ ඔලුව චුට්ටක් අතගෑවා මූ මගෙ දිහා බලලා හිනා උනා...

ඔහෙ මූදෙ නෑවයි....

ම්ම්ම්....

කැතයො...ඔහෙත් නෑවද...

නෑ...නෑ.....මං නෑවෙ නෑ...ගෙදර යන්...ගෙදර යන්..මං නෑවෙ නෑ....නාන්ඩ ඕනා නම් ගෙදර යන්

නෑ...නෑ....ඔහෙ නාලා...ඔහෙ ...නාලා...පුතවත්....පුතාවත්.....අනේ....අනේ....කැතයො....පුතාවත්

අනෙ....මාවත් වතුරට වීසි කරපියො....පුතාවත් කවුරු හරි මූදෙ දාපියව්කො...පසනො...පුතාවත්....අනෙ...පප්පෙ....හ්

චූටි....එනව ගෙදර යන්ඩ...මං නෑවෙ නෑ.මෝඩයො.....තමුසෙට පිස්සුද මල්ලි වැලි කන්නෙ....නැගිටනවකො....සමනල්....එනවකො.....

මාවත්.....මාවත්.....පුතාවත්.....පුතාවත්...මූදෙ දාපියො....අනේ...පුතාව වීසි කරපල්ලකො.....අමාකරයො....කැතයො.....අර ගොනෝරියව වගේ මාවත් වීසි කරපල්ලකො....

හිච්චට වතුර පාගන්ඩ ඕනයි...

අනේ...ඕනෙයිනෙ.....ඕනෙය්නෙ....හිච්චො.....පුතාට ඕනෙයිනෙ....පුතාට ඕනනෙ රත්තනෙ....අනේ පුතාවත් වීසි කරපල්ලකො.....

ගොනෝරියව වඩාගත්ත කිරියා ඌව උස්සලා මූදට වීසි කෙරුවා...එකපාරක් දෙපාරක් නෙවෙ....තුන් හතර පාරක්ම

ඒකා බල්ලව වීසි කෙරුවා...ගොනෝරියා මුහුදට හුරු එකා...ඌත් රැල්ලත් එක්ක ආය ආයම ගොඩට පීනන් එනකොට බිම වැටීගන වැලි අහුරු අහුරු අරන් ඔලුවෙ දාගන මැරෙන්ඩ හදපු කානුවව නැගිට්ටපු සුකුමලා ඌව අතින් අල්ලන් රැල්ලක් දෙකක් පාගවගන එක්කන් ආවා....

සුකුමල යන්ඩ....නිලමෙ ඔහෙත් යන්...ස්කීපර් අයියා දැන් එන්නෙ කෝස් වල්ලම ගොඩහ ආවට පස්සෙ...මගෙ මේ කොන්දෙ කැක්කුමක් අල්ල බොල...ටහිකෙන වේදනාවක් ඈ...වන්ශොටාගෙන් බේත් ගත්තා අඩුවක් නෑ...පසනා වර වර.....ඔය බල්ලව ගන්....

සමනල් එන්න යන්.....

අයියෙ...පුතාව වඩාගනිල්ලකො...කැතයො.....

කකුල් දෙක දෙකට කැඩෙන්න එන්නෙ...

එයාලා ගෙදර යන් කියනවා...ඒත් මගෙ ඇස් සුදු අයියව හොයනවා.....මාව බලාගන්න කියපු එයා වාඩියක් අස්සෙ ඉදන් ඉරුම් බදිනවා කියපු කිරියා මට තට්ටුවක් දානකොට මං මගෙ ඉස්සරහට අත් දික් කරන් ආව සමනලයව වඩාගත්තා.....පසනා කොන්ද කැක්කුමයි කියපු කිරියා දිහා බල බල බල්ලව අල්ලගත්තා...

කාගෙද කොන්දෙ කැක්කුම...ඔහෙගෙද කල්පයියෙ.....

හ්ම්.....ඔව්....ඇයි ඔහෙ මට බේත් අරන් දෙන්ඩයි.....

ඇයි මේ කැතයා ඉන්නෙ....මෙයැයි අද දවාලෙ අපෙ අහ ඇවිත් පප්පගෙත් තෙල් ගෑවා...නිකන් නෙවෙ මෙයැයි උන්නෙ පප්පගෙ පුක උඩ නැගන්.....නෙ සමනල්.....මෙයැයි ඔහෙගෙත් ගායි නේ සමනල්.....ඔහෙත් මෙයැයිට කියලා ගාගන්ඩ.....අපෙ සිගිතියගෙත් රිදෙනෝ කිව්වා...ඔහෙට ඇහැක්නෙ.සිගිතියගෙත් තෙල් ගාන්ඩ...නෙ සමනල්...

ඔවූ....ඇහැක්.....ඔහෙගෙත් කැතයා ගායි...අපෙ කැතයා පප්පගෙ...ප්....භ්භ්භ්.....බ්භ්....

සමනල්.....!!!!

*

*

*

*

මං උන්නෙ ඉස්සරහ පඩිය උඩ ඉදගන...අන්තිම මොහොතෙ ආව පසනා කානුවා එක්ක එකතුවෙලා මගෙ ආත්ම මෙවුවා එක බල්ලටම දානකොට මට ආපිට ගිහින් මූදෙ පනින්ඩ හිතුනා.....

සුදු මහත්තයා ...දැම්ම කනවද.....මේ අර ලමයා ඉදිආප්ප හුගක් එවලා...

පස්සෙ කන්නම්....

තවම මැසේජ් එකක් නෑ....එයා තවම ඇවිත් නැද්ද.....නැත්තන් ගෙදර ඇවිදින් බොනවද.....හැදිමාලිගාව පැත්තෙන් තවමත් අහවරක් නැතිව සංගීත් බජව්ව ඇහෙනකොට බිම ඉදගන උන්න මං මගෙ ඔලුව කනුවට හේත්තු කරගන මගෙ ඵෝන් එක දිහා බලාගන උන්නා...

"අයියෙ ඔයා ගෙදර ආවද....?"

ගෙදර ආව වෙලේ ඉදන් දාපු මැසේජ් එක තවම බලලා නෑ....කෝල් එකක් අරන් බලන්න හිතුනත් එයා කිව්වා වගෙ අර මොන මාලුද ආවම වැඩගොඩයි කියපු හන්දා කරදර කරන්නත් හිතුන් නැති මං එයාලගෙ ගෙවල් පැත්තෙන් ඇහෙන මේ ඉරිදා ගිය ඉරිදා වාගෙ නොවන්න අහන ගමන් තවත් මැසේජ් එකක් කෙටුවා....

"ඔයා වැඩ කිව්වනේද.....පරිස්සමින් වැඩ ටික කරගන්න.....නොකා ඉන්න එපා මොනවා හරි කන්න....බුදු සරනයි අයියෙ..."

සුදු පුතා කෝ කට අරින්ඩකො ලමයො.....අප්පච්චිත් දැන් එනවා...ආවම යන්ඩ ඕන....සමනල් කිව්වම අහල කට අරින්නකො....අපි දන්නෙ නෑ අප්පච්චි දාලා ගියෝතින් ආ....

.....ම්හුක්....ඇතිනෙ අම්මියෙ...පුතාට ඇතිනෙ....අප්පිච්චි දාලා ගියාට කමක් නෑනෙ...පුතාට පසනා ඉන්නවනෙ අම්මියෙ....ඔවුනෙ...පුතාට පසනා ඉන්නවනෙ....පුතාගෙ පප්පත් ඉන්නන්නෙ අම්මියෙ....පුතාව දාලා යන්ඩ කියන්ඩකො....

යො....සමනල් කට අරින්ඩකො...අර අයියත් හව් හව් ගාලා කනවා...

සාගරිකා.....

සාගරිකත් කනවා...කෝ මගෙ පුතත් කන්ඩ....

එතෝට...සුසංගතා....චූටි පුතා....

.චූට්පුතත් කනව....කෝ ආ.....

එතකොට....පුතාගෙ පසනා.....පුතාගෙ පසනා අම්මියෙ.....පුතාගෙ...පසනා..

කොල්ලො....කටඇරපන් සමනල් මං හනස්ස ගන්ඩ කලින්....අප්පච්චි ආදෙන්කො කියන්ඩ පුතාලගෙ ලියාපදින්චිය හැදිගෙදරට හදන්ඩ කියලා....මල්ලිව ගේන්ඩ ගිය අයියව හොයන්ඩ තව උන් ඕනෙ....ආ ගානව ගුට් නොකා.....බඩ ගිනි උනාම ආය කන්ඩ දෙයක් තියනවද...

ම්හුක්....ඔව්නෙ....ඔය තියෙන්නෙ...මේ තියෙන්නෙ.....අම්මියෙ....කුක්කු....තිකා....ක්....මෙව්වා එපානෙ....මේ කුක්කු....තිකාක්...මෙව්වා...දෙන්ඩකො.....

සුදු පුතා....චීක්කෙ.....අත...අත ගන්ඩ කිව්වානෙ....කොහෙද ඔය අත දාන්නෙ...සුදු මහත්තයා ඔය හනස්ස ගේන්ඩ.....ඉස්කෝලේ යනවනෙ....කෝ ආගාන්ඩ....සුදු පුතා හොද ලමයනෙ...අප්පච්චි ආවම දැන් යනවනෙ.....කෝ....ආ...

කැතයා....

අයියට කැතයා කියන්නෙ නෑපව්...සුදු පුතාට අයියා කොච්චර ආදරේද.....පව්....අයියනේ ඔක්කොම ගෙදර වැඩ කරන්නෙ.....අපි දන්නෙනෑ අයියා වෙන මල්ලියෙක් හොයාගත්තොත්.....

ම්හුක්...ඒ උනාට...කැතය පුතාගෙනෙ අම්මියෙ.....පුතාගෙ අයියනෙ .....

කෝ....ආ....අම්මගෙ පුතා කනවනෙ.....

එපා....අයියෙ....කවන්ඩකො....කානුවට කවන්ඩකො...

මං උන්නෙ සුකුමල් අම්මට ගෙනාව දුන්න ඉදිආප්ප මුලෙ තිබුන ඉදිආප්පෙ අත ගගා....අටටත් කිට්ටුයි....එයාගෙන් තවම මැසේජ් එකක් තියා මගෙ මැසේජ් එක බලලත් නෑ...එහෙන් අම්මලා මේ රෑ කුරුනෑගල යන්න ලෑස්ති වෙලා.....කානුවා එහෙන් කන්ඩබෑ ගගා නැහිලා අවසානෙදි මන් ලව්වා කව්වගන්ඩ ආවා...

කෝ ආගාන්ඩ....

ආ...

සුදු මහත්තයා ...අම්මලා එනකන් තනියෙන් ඉන්ඩ පුලුවන්ද .....

පුලුවන් ....

හෙට ආදාහෙන් පස්සේ එනවා.....උදේටයි දවල්ටයි කන්ඩ සල්ලි දීලා යන්නම්...අප්පච්චි කොස්තාපල් අංකල්ට කියල...ඒ ලමයා එයි සුදු මහත්තයා එක්ක ඉස්කොලෙ යන්ඩ.....නැත්තන් ඔයා එනවද යන්න.....

ඔයාලා යන්න මන් ඉන්නම්.....චූට් ආ ගාන්ඩ...

ආ.....

මන් ඉදිආප්පෙන් ඉදිආප්පෙ අරන් සමනල්ට කැව්වා....ඌට වතුර ඕන කියද්දි වතුරත් පෙව්වා....එහෙන් සුසංගතා සින්දු කියනවා....ඒත්මට නෙවෙ දැන් ගානක් තිබ්බෙ... අප්පච්චි එන ඒමට එන්නෙ කුරුනෑගල යන්න බලාගන...පොල් ගාලා තියන්න වතුර බෝතලයක් හිල් කරන්න කිව්වට ඔය මොකුත් කරන්න වෙලා නෑ.....

චූටි කෝ ආ ගාන්න....

ඇතිනෙ...

ජෝ බොන්ඩ එහෙනම්.....

සමනල්ව ලැහැස්ති කරපු අම්මා අප්පච්චි ගෙ ඇදුනුත් ලැහැස්ති කරලා ඇදගන්න උඩට ගියා...වෙලාව අටහ මාරයි.....එයාලගෙ ගෙදර දිහාවෙන් ඇහුන සංගීත සාජ්ජෙ යන්තමින් අහවරයි.....ඒත් මන් අහගන සැරින් සැරේම ඒ පැත්තට මොකක් හරි වාහනයක් යනවා.....

"ඉස්සන්...මගුරන්....අහ..අහ.....කැතයො....මාලෝ...මා...මා....ලෝ......ආ...අක්කෙ......අක්කට පුලුවන්ද.......අරිගතො....අරිගතො...අක්කෙ....සමනා.....ල්...සුදු පුතා මගෙ.....ඔවූ...සමනල්...සුදු පුතා...මගෙ....අම්මියෙ........චූටි පුතා බත් කෑවද.......සාගරිකා....පප්පෙ...පප්පෙ.....ජාරව බොන්ඩ එපා....තේජක.......හමන්නඩ...දාල.....සාගරිකා....පඩත්තර බ ල් ලා.....මාලෝ.....හූ...හූ....."

සුසංගතා කියොගනම ඉන්නවා...ඌ දැන් පප්පා කියන්ඩත් පුරුදු වෙලා...ඇහෙන හැම මගුලම අකුරක් වත් අඩු නැතිව කියනවා මදිවට මූ දැන් ජපන් කියන්ඩත් පුරුදු වෙලා...

මන් ආයම එයාගෙ මැසේජ් බැලුවා.....ආයම බැලුවා....ආයමත් බැලුවා.....කියන්න පුලුවන් උපරිම කියෙව්වා.....බැරිම තැන මන් ආයම මැසේජ් එකක් දැම්මා...

"අයියෙ අපෙ අම්මලා අද කුරුනෑගල යනවා....අපිට මලගෙයක් වෙලා.....මන් ගෙදර තනියෙන්"

මෙච්චර වෙලාම ඩිලිවරි වෙච්ච මැසේජ් අනිත් පාර sent කියල විතරක් වැටුනා...වැල්ල පාරෙ රෑ කියලා නොබලා මාලු ෆීසර් ලොරිඑකා කාරෙට යනකොට අප්පච්චි ගෙ ජිප් එකෙ සද්දෙ ඇහෙනවත් එක්කම කානුවා ඉස්සරහට දිව්වා සුසංගතා පරට්ටයා අත්තටු ගගහා බෙරිහන දෙන්න ගත්තා.....

අප්පිච්චී.......

"අප්පිච්චි...ආවා.....ජරාව බොන්ඩ එපා තේජක....ජරාව බොන්ඩ එපා....ආ තේජක....."

බොසා....හොර ගෑනි මොකො කෑ ගහන්නෙ....මන් බොන ජරාවක් නෑ මායියෙ...කෝ අම්මා ම්ම්ම්...කෝ උඹලගෙ අම්මා....

අප්පිච්චි....වඩා.....

ටහුඩු .....පොඩි ගස්බල්ලගෙ ලස්සන....මුගෙ සුවද.....මුගෙ සුවද.....කෝ බලන්ඩ....ට සිරි....කෑල්ලක් දාගන්ඩත් පුලුවන් දැන්....කෝ උම්මා එකක් දෙන්ඩ .....

"තේජක....ඒයි.....මාලෝ....සාගරිකා...කූකූ...අප්පච්චි ඇවිල්ලා...ජරාව බොන්ඩ එපා තේජක...."

ජරාව බොන්නෙ නෑ බන්...ජරාව බොන්නෙ නෑ.....උඹගෙ ඔය කරච්ච්ලෙ අහලම මට දැන් බොන්ඩ බෑ...කෝ බලන්ඩ මූන....

"අප්පිචී...චූටි පුතා සුසංගතා....පකද බලන්නෙ.....පකද.....බලන්නෙ.....පකය.....පකයා...අරිගතො පකයා.....සමනා.....ල්...කැතයා....."

ඒ...ඒ ...ඒහ්....සුසංගතා.....කුනුහර්ප කියන්නෙ නෑ.....කව්ද ඔව්වා උගන්නන්නෙආ....ගිහින් දානවා ආයම නුවරට....අර මොනර වලව්වට ගිහින් දාන්ඩද....මොකාද ඔව්වා උගන්නන්නෙ...."

"කැතයා.....කැතයා...අමාකරකැතයා......"

ඇත්තට උඹට ඔව්වා උගන්නනෙ මගෙ කොල්ලද.....හිටපන්කො...

සුදු මහත්තයා .....විහාරා....

අප්පච්චි ....

කෝ බන් මගෙ ගෑනි.....

ලෑස්ති වෙන්න ගියා අප්පච්චි ....අප්පච්චි කනවද බෙදල දෙන්න...

හ්ම්.....කාලා නානවද....නාලා කනවද...බඩත් ගිනි...සුදු මහත්තයා කෑවද.....

කන්න බෑ අප්පච්චි බඩගිනි නෑ....

මොකද උඹ පුක්මූන දාන්....මගෙ ලේලි බූටවත් තිබ්බද....

ප්...පිස්සුද අප්පච්චි ඔහෙට .....

හුම්...හුම්....හාරි...හාරි....ඔය කාලෙ අපිටත් ඔය වගෙ හරීයට බඩගිනි නැති උනා....බත් උයලා...මාලු තෙලෙන් මිරසට හදලා...බෝංචි තියනවා...රතු අල තියනවා...පපඩම්....මේ ඉදි ආප්පත් තියනවා....ට සිරි...මෙච්චර දේවල් තියෙද්දිනෙ මගෙ මහ ගස්බල්ලට කන්ඩ බැරි... සුදු මහත්තයා මොකො කේස් එක....උඹට කැල්ලට විරුද්දව ඇන්‍ට්‍රියක් දාන්න ඕනා නම් කියපන්.....

එහෙම දෙයක් නෑ අප්පච්චි ....

නෑ...නෑ...උඹගෙ පුක්මූන අල්ලන්නෙ නෑ...කෝ අපෙ පවුල කෑවද...

නෑ....කන්න බෑලු....වමනෙ යනවලු....

අප්පච්චි මෙ බත් ඇතිද...

තව හැන්දක් දාපන්....

තේජක ඔයා ආවද....

හ්ම්....සුදු මොකො මේ අපෙ පලවෙනි ශොට් එක මූන පුක කරන්....මූට අපෙ ලේලි බූටක් තියලද?

පිස්සුද අනේ...මගෙ කොල්ලා තවම පොඩි එකා ඔලුව නරක් නොකර ඉන්ඩ...

පොඩි උනාට මූ ට්‍රැක්ටරෙ පදිනවනෙ....නේ බන්.....

තේජක....

මන් උන්නෙ බත් බෙද බෙද.....අප්පච්චි ගෙට ආවා විතරයි වෙනදා වගේම අම්මව ඇහුවා.....වෙන මොකුත්ම නාහා අප්පච්චි සැර්න් සැරේම ඇහුවෙ ඇයි උඹ මූන එල්ලගන කියලා...ඔය ඉන්නෙ මට දොලොස් අවුරුද්දක් යනකන් පපුව උඩ තියාන නිදිකරවපු මගෙ රත්තරන් අප්පච්චි .....දොලොස් අවුරුදු මගෙ පපුවෙ සද්දෙ ඒපපුවෙන් දරාගන උන්න අප්පච්චි .....මගෙන් මොකුත් නාහ උනත් ඒ ඇස් වලට තේර්‍ර්න්නෙ නැතුවද....

තමුසෙ මේ රෑ නෑවද....

දාඩියයි අනේ...

ඔය ඔලුවෙ වතුරනෙ...ඇයි අර මැශින් එක තියෙන්නෙ.....අල්ලගන්ඩ එපැයි.....

ඒක වැඩකරන්නෙ නෑ තේජක...

ඇයි කිව්වෙ නැත්තෙ.....ගේනවනෙ

නිකන් ඉන්න අනේ....උපන් දා ඉදන් ඔව්වලින්ද මං කොන්ඩෙ වේලුවෙ...සල්ලි අපරාදෙ...

ඉතින් ඕයි....මිනිහා ඉන්නෙ ඒකටනේන්නම්...තමුසෙගෙ අම්මා අප්පා කෙරුවෙ ඒකාලෙ පුලුවන් විදිහට.....ඉතින් තමුසෙව මං ඉස්සුවා....දැන් මං දැනගන්න එපැයිනෙ ඒ ගෙදර හුරතලේට හැදුන කෙල්ලව මගෙ ගාවත් සැපෙන් තියන්න.....මෙහෙ එනවා මෙහෙ එනවා ඔය කොන්ඩෙ පිහන්න....

කාලා ඉන්න අනේ මං පිහදාගන්නම්...කන්න....කො...ළමයා ඉන්න තැන කෝලම්කරන්ඩ එපා අප්පච්චි පිස්සු මේ මනුස්සයට

ඉතින් මගෙ ගෑනිනෙ...මං මූට පෙන්නනවා....එතකොට ඌත් ඉගනගනි....ඇරත් මං උම්මා එකක් දුන්නා මිසක් ගැහුවද...නෑනෙ.....නේ සුදු මහත්තයා ඔව් කියපන්....අප්පච්චි අම්මට උම්මා එකක් දුන්නම උඹට ලැජ්ජද....

......

ඔය උත්තර නෑ.....සුදූ මූට බූටක් වැදිලා...තමුසෙගෙ ලේලි කොල්ලට බූටක් තියලා.....

කන්නකො අනේ...කීයටද යන්නෙ.....

වෙනදට මං කෑගැහුවා.....අප්පච්චි කියන කතාවලට ගොත හැහුවා...ඒත් අද නෑ...අප්පච්චිට බත් එක බෙදලා දීපු මං අප්පච්චි අම්මව අල්ලන් කෝලම් කරන හැටි ඉඹින හැටි බලන් උන්නා.... කියන දේකට ලාවට හිනා උනා...ඒ ඇරෙම්ම මං ඔහෙ උන්නා...මට පාලුයි...අනෙ මට හරි පාලුයි දෙයියනෙ....අයියෙ මං මහ බොලද කොල්ලෙක් උඹ වැඩ බව දැන දැන මාව මැලවෙනවා සමුද්‍ර...

සුදු මහත්තයා ....

අප්පච්චි ...

කෝ ආගාපන්.....

එපා අප්පච්චි කන්ඩ බෑ....

කටක් කාපන් බන්....කෙල්ලොද හොයගන්ඩ බැරි...ඔව්වා ගනන් ගන්ඩ එපා...වෙන එකක් ලයින් කරමු....උඹලා මේ අදක ඊයෙක හම්බුන උන් හන්දා උපන්දා ඉදන් පැයෙ දෙකෙන් දෙකට නිදිමරාගන කිරි පොවාපු අම්මටයි වඩාගන බත් ගුලි කවාපු මටයි රිදවන්ඩ එපා සිහත්...බඩගින්නෙ ඉන්න එක නම් උත්තරෙ මේ ලෝකෙ ඔක්කොම බඩගින්නෙ ඉන්නවනෙ...කෝ ආගාපන්.....ආගපන්...

මන් කට ඇරියා....අප්පච්චි හිතන්නෙ මං බූටක් කාලා කියලා....මං වහවැටිලා තියන්නෙ කෙල්ලෙක්ට නෙවෙ හැන්දෙක්ට බව දන්න අම්ම විතරක් අප්පච්චි ට හොරෙන් හොදි බෙදන මේස හැන්ද පෙන්නලා ඇස් වලින් ඇයි අහනකො මන් මොකුත් නෑ කියන්න ඔලුව වැනුවා.....

*

*

*

සුදු පුතා අයියට සාදු කියන්න...

කැතයො සාදූ.....

සාදු....

සුදු මහත්තයා දොරවල් ඔක්කොම.හොදට වහගනින්....මන් කොස්තාපල්ගෙ ලමයට කිව්වා උදේට උඹව ගන්න එන්න කියලා ...අපි දවල් වෙද්දි එනවා...මගෙ කොල්ලා පරිස්සමින් ඉදපන් ආ....

තෙරුවන් සරනයි අප්පච්චි අම්මා එක්ක පරිස්සමින් ගිහින් එන්ඩ.....

හ්ම්...තෙරුවන් සරනයි.....පරිස්සමින් ඉදින්...සුදූ ඇහුනද,ඒයි මට මූව දාලා යන්ඩත් බෑවගේ ඕයි....මූ එන්නෙ නෑනෙ.....මොනව හරි උනොත් කියපන් මං එනවා ආ.....මලගෙවල් වගේද උඹ.....

න්..නෑ.අප්පච්චි මන් දොරවහන් ඉන්නම්.....මෙහෙ මිනිස්සු එහෙම නෑ අප්පච්චි ....මට බයක් නෑ....

මෙහෙ මිනිස්සු එහෙම නෑ...ඒ උනාට මං උඹගෙ අප්පච්චි නෙ....මටත් පපුවක් තියනවනෙ...පල පල ගෙට පල.....තවත් ඉන්නවා බලාගන....සාගරිකව ඇතුලට ගනින්...

සුදු මහත්තයා පරිස්සමින් ...

පරිස්සමින් අම්මා....චූටි බායි.....

දඩාස්....!!!

ගේට්‍ටුව වැහුනා...රෑ දහයෙ කනිසමත් පහුවේගන යද්දි සියපාරකට වඩා මගෙ ඉහ මුදුන ඉඹපු අප්පච්චි නිදාවැටෙන කානුවව උකුලෙ තියාගන උන්න අම්මවත් එක්ක කුරුනෑගලට යන්න යනකොට එයාලගෙ ගේ දිහාව බලපු මං එන්න ආවා....

*

*

*

*

රෑ එකොලහ මාරයි...පොත දිහා බලාගන උන්න මං අනිත් පිටුව පෙරලුවා...එයා ඇහුව මැනිකෙ අද පාඩම් කරනවද කියලා ...එහෙම අහපු එයාට මගෙ මැසේජ් එක වත් බලන්න තියා ඔන්ලයින් එන්නවත් වෙලාවක් නැති වෙලා...මට එයා එක්ක රන්ඩු වෙන්න හිතකුත් නෑ...මොකද මේ වගේ පාලු දවස් මගෙ අම්මටත් තිබුනා...සමනල් ලැබෙන්න කලින් මගෙ අප්පච්චි රැ වැඩ වැටුන හැම දවසකම මාව ළඟ තියාගන අප්පච්චි ගෙන් කෝල් එකක් එනකන් බලන් උන්නා...

අද මං දැනන් ඉන්නවා වගේම අප්පච්චි ත් ඉහට උඩින් වැඩ කියන්න මගෙ අම්මත් දැනන් උන්නා...ඒත් සමහර තැන්වලදි හැගීම් හන්දා....ආදරෙ හන්දා මේ හිතමුරන්ඩු වෙනව....ඇත්ත දැන දැනම රිදවගන්න බලනවා...පාඩුවෙ තියන ඇස් වලට කදුලු ගේන්න හදනවා...

පාඩම් පොත වහපු මං මේසෙ කොනක තිබුන ඩයරියත් අරගන මං නැගිට්ටා....නැගිටලා එහෙම්ම බැල්කනි එකට ගියා.....

අහස්විල පුරාවටම අරවින්ද පොකුරු පායලා.....චන්දන රේන්ද කිරි මුට්ටියක් හා සාමනව හෝ ගාන මහමුහුදට වැටිලා අර අන්දකාර මහ මුහුදෙ එක තීරුවක් රිදීපාටින් සායම් කරලා තිබුනා...

මං එහෙම්ම පාර දිහාව බැලුවා....උදේ පාන්දරට මාලුන්ගෙන් පිරෙන මාලු ලෑලි හිස් වෙලා තිබුනත් මොකද පාර පුරාවටම ඇවිලෙන කහ ලාම්පු එලිය ලෑලි උඩ වැතිරිලා තනිකඩ ලෑලිවල පාලුව මක මක උන් උන් මොන මොනවදෝ කියවගන්නවා...කසිංජි සුවද සුලැගිල්ලෙ පටලවගත්ත මුහුදු හුලග සූරිය ගස් වැටකෙයියා පදුරු නලවගන උඩුගම්බලා පියාඹන් යද්දි නුවරට....නුවර එලියට...බදුල්ලට....බන්ඩාර වෙලට යන ෆ්‍රිසර් ලොරි අතරින් පතර යන්න යනකොට මගෙ ඇස් එයාගෙ නම ලියපු ලොරියක් හෙව්වා...ඒ චුට්ටකින්ම මගෙ ඵෝන් එක වයිබ්‍රේට් උනා...අනෙ මං දඩි බිඩි ගාල ඵෝන් එක අතට ගත්තා....

කිරියගෙන්...

"නිලමෙ.....ඔහෙලගෙ අක්කගෙ කසාද මනුසයා.... මහ තැන, අපෙ අම්මගෙ කසාද මනුස්සයට කියලා ඔහෙව ඉස්කෝලේ එක්ක යන්ඩ කියලා...ඔහෙ ලෑස්ති වෙලා ඉන්ඩො...මං එනෝ...වීල් එකේ එන්නෙ.....එහෙනම් ගුඩුන්...ඔහෙත් රෑට රෑවෙලා රථ පදිනෝ නම්....රියදුරු දෑතට බුදු සරනයි නිලමෙ!!"

මූට පිස්සු....මං දැන්.මූ එක්ක අර සර්වපිත්තල යකඩ දම්වැල් එල්ලෙන තුන් සකරියේද යන්නෙ...අපරාදෙ අප්පච්චි ට කියන්න තිබ්බෙ මට ටොක්සොයිඩ් එකක් වත් දීලා යන්න.කියලා ...ඒලෙන් බහිනකොට මට පිටගැස්මට එයි....

හරි කල්ප....බුදුසරනයි !

මං අපිට එයාට රිප්ලයි එකක් දාලා බැල්කනි එක උඩ ඉදගන මහ මුහුද දිහා බලාගන එහෙම්ම මගෙ ඩයරිය දිගෑරගත්තා.....මට මොනවා හරි ලියන්න ඕන....මොනවද.....මොනව ගැනද....?

මහමුහුදෙ රැලි වෙරලට ඇවිදින් බිදි බිදි යනකොට එයා කියපු සෙක්කල් බෝට්ටු වල සද්දෙ අහන් උන්න මන් අවසානෙදි මගෙ අතේ තිබුන පෑන පොත උඩින් තිබ්බා.....

මන්දා මිනිස්සුන්ට හැගීම් නැතුව හදවත උනහමත් ලියාගන්න වචන නැතුව යනවා...

හැගීම් වැඩිවෙලා හදවත උතුරන්න ගන්නකොටත් ලියාගන්න ඕන මොන වචනෙද කියන්න දන්නෙ නැතිව වචන නැතිවෙනවා!

තත්පර ගානක් කල්පනා කරපු මං අවසානෙදි කාබන් පුසුඹ පහු කරාගන කසිංජිය එක්ක ආදරෙ මුහු කරාපු එයාගෙ නම පිටුවෙ හරි මැද්දෙ ලිව්වා....

 "සමුද්‍ර"

_

_____________________

ම්හු...ක්...මගෙ....ඔලුව.....ආ...හ්.....

හරියටම පහෙ කනිසම වෙනකොටම එලාර්ම් එක වැදුනා..ඒකත් නිකන් නෙවෙ....අර සැම්සුන් එලාම් එක....ඒක ඇහෙන වාරයක් ගානෙ මොකද මන්දා මගෙ බඩ රිදෙනවා....ටින් ටි ටින් ටින්ටින්.....ගගා වදින එලාර්ම් එක වහපු මගෙ මූන කොට්ටෙ තද කරගනම මං මුලින්ම කෙරුවෙ එයාගෙන් මැසේජ් එකක් ඇවිදින්ද බලපු එක...

නෑ.....අඩුම ගානෙ ඩිලිවරි වෙලා වත් නෑ.....අනෙ අයියෙ උඹ හොදින්ද කියපන්...උඹ මට නොකියා මූදු ගියාද කියපන්.....සමුද්‍ර මට හරියට රිදෙනව බන්...උඹ මගෙ පලවෙනි ආදරෙ....චුට්ට බැරිවෙනකොට මට රිදෙනවා...

මට නිකන් ඇඩෙන්න වගෙ...ඇඩෙන්න වගෙ නෙවෙ මට ඇඩුනා...එයා කියපු කතා...මාරියාව මතක් වෙන වාරයක් ගානෙම මගෙ පපුව අමු අමුවටම විදුරු කටුවලින් හාරන්නා හා සමාන වේදනාවක් දැනෙද්දි මං එහෙම්ම බාතෲම් එකට දුවලා වතුර මල යට ඉදගත්තා ....

වෙලාව හරියටම පහයි හතලිස් පහයි...මං ඇදගත්‍තා....අලුතෙන්ම මස්සපු යුනිෆෝම් එක...ටයි එක.....මූන පේන තරමට මැදපු සපත්තු දෙක...ඔරලෝසුව බැදපු මං ෆර්ෆියුම් තහනම්ද නොදන්න නිසා කානුවගෙ ක්‍රීම් එකයි කොලෝන් එකයි නානකොට මං අහගන කවුරු හරි ඉස්සරහ දොරට ගහනවා.....

කිරියා....යකො හයටත් නැතිව කිරියා මේ උදෙම්ම ඇවිත්ද...සමහර විට අප්පච්චි කොස්තාපල් අංකල්ට කිව්වද දන්නෙ නෑ මොනවා හරි ගිහින් දෙන්න කියල වත්....

ආයමත් වතාවක් උඩට එන්න බැරි හන්දම මන් බෑග් එකත් එල්ලන් තවත් පාරක් කන්නාඩියෙන් මගෙ මැලවුන මූන දිහාවත් බලල කොන්ඩෙත් හදාගන පහලට ඇවිදින් එන ඒමටම දොර ඇරියා....

මැනිකෙ....සීදේවි !

මං හිතන්නෙ මගෙ පපුව නැවතුනා...උරහිසෙ තිබුන බෑග් එක මටත් නොදැනිම වැටෙද්දි රැයක් පුරා අඩලා හෙම්බත් වෙලා උන්න මං ඉස් ඉස්සරෝම දැක්කෙ මහෙ අම්බරේව වෙනකොට අනෙ මං කිසිම දෙයක් නොහිතා එකපාරම එයාගෙ ඇගට පැන්නා.....

ස්...සුදු අයියෙ....සමුද්‍ර....අනෙ මං උඹට හුගක් ආදරෙ කරන්න අරන් මගෙ අම්බරේ.....!!අයියෙ...මං උඹට හුගක් ආදරෙ කරන්න පටන් අරන් ඉන්ධීවර් .....

මයෙ....අම්...මෙ.....උඹාලා මට ආදරෙයිද මැනිකෙ.....??

මට ඇඩුනා....මෙච්චර දවසක් නොකියා නොකියා උන්න මං එයාගෙ උරහිස උඩ මූන තද කරන් මං උඹට හුගක් ආදරෙ කරන්න පටන් අරන් කියනකොට අනෙ එයාට වචන පැටලුනා..එයාට ඇඩෙන්න ආව.....මං එයාව තවත් ටිකක්.කිටි කිටියට බදාගන්නකොට මං අහගන එයා මොනවදෝ මුමුනවා...

සීදේවි...මයෙ අම්මෙ....කෝ....කාවාට් පැටියො බැස්සා නම්...පප්පා ගාව ගදයිනෙ රත්තරනෙ....මේන් බලාපල්ලකො...ඔහෙවත් දැන් ගදගහනවනෙ...අමා....කෝ....

ම්හුක්...බෑ....ඔහෙ මොක කිව්වත් බහින් නෑ....මං බලන් උන්නනෙ පප්පෙ...

අනේ මැනිකෙ...ඔහෙගෙ පප්ප දැනුයි හැචරියෙ ඉදන් ආවෙ....ඊයෙ රෑ ඉදන් මේ වෙනකන් වැඩ පනෙ.....ඵෝන් එකත් ඕෆ් ඒලා.....පප්පට වතුර ටිකක් බොන්ඩවත් වෙලාවක් තිබුන් නෑ සුදුචූටි...

අනේ .....

මං එයාගෙ ඇගෙන් බැස්සා...මට දුක හිතුනා....වතුර ටිකක් වත් බොන්න වෙලාවක් තිබුන් නෑ කියද්දි මන් එයාගෙ ඉහෙ ඉදන් පය වෙනකන් බැලුවා...පව්...එයා ඊයෙ ඇදුමෙන් මයි....ඇස් රතු වෙලා.....අතෙ ශොපින් බෑග් දෙකයි...වෙනදා වගේම ඉනෙ බදින පොකට් මේස් එකයි කකුල් වල රබර් බූට් දෙකයි....

හුගක් මහන්සිද අයියෙ....මෙ ඇස් රතු වෙලා....

නිදිමැරුවම ඇස් රතු වෙනවා සුදු චූටි....ඔහෙට මං ඊයෙ රැ ඉදිආප්ප ගෙනත් දෙන්නම් කිව්වා...අනේ මැනිකෙ මං වැඩනෙ...මයෙ කොල්ලා බඩගින්නෙයි පාඩන් කෙරුවෙ....පව් මගෙ නොදරුවා ...මං දැන් රත්තරනෙ ඔහෙගෙ මැසේජ් දැක්කෙ.....පප්පගෙ හිච්ච තනියෙන්ද දොයියෑවෙ...

හු.....ම්ම්.....

එයා මගෙ ඔලුව අතගෑවා....තනියෙන්ද දොයියවෙ අහනගමන් එයා මගෙ දිහාවට අතෙ තිබුන ශොපින් බෑග් එක දික් කෙරුවා....

හුරුතලෙ...ආ...මේන්..

ගෙට එන්ඩකො...ඇයි දොරකොඩ ඉන්නෙ....

වෙලා යනවනෙ සීදේවි...

තාම හයයිනෙ...මේකෙ මොනාද පප්පෙ තියෙන්නෙ.....?

මං කිරියට එන්ඩ එපාය කිව්වා....මේක කන්ඩ සයිවර් කඩෙන් ගත්තෙ තෝසයි වඩයි තියනවා......මං ගිහින් පසනව කූද්දලා ඒකව ලෑස්ති කරවන් එන්නම් සුදු චූටි...ඕකව කූද්දඩ ඕනෙ මං මැනිකෙ...

දැන් ඕකව කූද්දලා වරුවක් යනකන් වඩන් ඉන්ඩ ඕන තාත්තෙ තාත්තෙ අද යන්ඩ බෑ ගානවා...ඌව අන්දන්නෙ කවන්නෙ මම සුදු චූටි....මගෙ හිච්ච කනවයි මං අරකව එක්ක එන්නම්....

ම්හ්...හුක්.....

මක්කද ඉතින්...ම්ම්ම්....මක්කදයි මේ කාවාටියා කියන්නෙ...

........මටත් පසනා වගේ කවන්නකො

නොදරුවෙක්නෙ.....

...ම්හ්...හුක්.....පප්පෙ.....

පප්පට ආදරේද...

ම්ම්....

කොච්චරක්...

මෙච්චරක්....මන් හුගක් ආදරෙයි අයියෙ...

මං උඹව මගෙ පන වගේ බලාගන්නවා මයෙ අම්මෙ...මාව විස්වාස කරපන් අමාකර .....බලපන් රත්තරනෙ...උඹගෙ පප්පට අදින් පස්සෙ අනිත් හැමදාටම වඩා හරියයි....මං උඹට කිව්වා...උඹ ඇවිදින් මට තනිකරම අම්බරයක් රත්තරන් ...මගෙ හිච්චා කනවයි....පප්පා ඉක්මනට එන්නම්.....බඩ පිරෙන්ඩ ඔක්කොම කන්ඩ.....බඩගින්නෙ යන්ඩ එපා....මගෙ කොල්ලා තාම හැදෙනවනෙ...උඹ මටත් දරුවෙක් වගේ අමාකර...බඩ පිරෙන්ඩ කන්ඩ....පප්පා ආදරෙයි මගෙ පනට.....

මට ලෝබ හිතුනා....පසනා එක්ක ඇබිත්තකට ඊරිසියා හිතුනා...ඊයෙ රෑ ඉදන් එයා නැතිව තනියෙන් උන්න මට මේ ආදර ගුහාවෙන් එලියට එන්න බැරි තරමට මගෙ ධීවර ප්‍රේමෙට බැදිලා තියෙද්දි මගෙ ඔලුව අත ගාපු එයා මට සියවතාවකට වඩා බඩ පිරෙන්න කන්න කියලා කියලා උඹත් මට දරුවෙ වගේ කියන ගමන් අනේ මගෙ ඉහ මුදුන තත්පර ගානක් ඉඹගන ඉදලා ඔලුව ඉස්සුවා...රැයක් පුරාවටම මැලවිලා උන්න මාවා ඒ ආදරෙත් එක්ක පන ගහන හැටි මටම දැනෙද්දි මං එයා එක්ක හිනා උනා.....

එයා යන්න ගියා....මගට ගිහිනුත් සීදේවි ඔක්කොම කනෝ කියලා යනවත් එක්කම අනෙ මං එයා ගෙනාපු තෝසෙ මුල ලෙහාගත්තා....දැනුයි මට බඩගිනි....දැනුයි මට බඩට බඩගිනි....රැයක් පුරාවටම හිත් ගින්දරෙන් පිච්චුන මට දැනුයි බඩගිනි වෙද්දි එයා කිව්වා වගේම මන් මොකුත්ම ඉතුරු නොකර කාලා අත හෝදගන ඉවර වෙනවත් එක්කම අප්පච්චිගෙන් කෝල් එකක් ආවා වගේම කතාව අහවර වෙල කෝල් එක කට් වෙලා

එ චුට්ටකින්ම එයා ආවා...

සුදු චූටි....

මේ එනවෝ....

තව පාරක් වතුර බීප් මං කටත් හෝදන් බෑග් එක දාගන්නවත් එක්කම එයා ඇතුලට ආව...එයාව දැකපු මට ඇස්පිල්ලම් ගහන එක පවා නැවතුනා...

දෙවියනෙ.....මේක තනිකරම ග්‍රීසියෙ දේවමන්ඩලෙන් අතෑරුන දේව ප්‍රතිමාවක්!!

සීදේවි ඔහෙ ලේස්ති වෙලා අහවරයි??පැටියා ඔහෙ බඩපිරෙන්ඩ කෑවයිනේ...ආය දහයාමාර වෙනකන් කන්ඩ දෙන්නෙ නෑ...

මට නෙවෙ උත්තර ආවෙ...මං.කොහෙ උත්තර දෙන්නද.....මගෙ වචන එයා උදුරගන තියනකොට...

එයා මගෙන් බඩ පිරෙන්න කෑවද අහ අහ අප්පච්චි කානුවව ඉස්කෝලේ එක්ක යනකොට උගෙ පොත් බෑග් එක ගන්නව වගෙ එයත් මගෙ උරහිස උඩ තිබුන බෑග් එක ගන්නකොට ඇස් පිල්ලම වත් නොගහා බලන් උන්න මං එයාගෙ අතින් අල්ලගත්තා...

අයියෙ....

ම්ම්ම්....මක්කද.....

මං මෙහෙට අලුත්....ඉස් ඉස්සරෝම ඉස්කෝලේ යන පලවෙනි දවස.....අම්මයි අප්පච්චි නෑ.....ගෙයින් එලි බහින හැමදාම මං අම්මා අප්පච්චි වැදලා යන්නෙ....මට උඹගාවින් මගෙ අප්පච්චිගෙ සුවද ආදරෙ දැනෙනවා අයියෙ....උඹ ගාව ඉන්න හැම තත්පරේකම මන් ආරක්ශිතයි කියන හැගීම මට දැනෙනව අයියෙ....

වල්ලමකට අත ගහලා දෙවොල් පිහිටයි කියනව වගේ.....මගෙ ඔලුව අතගාලා තෙරුවන් සරනයි කියනවද සුදු අයියෙ.....

මයෙ.....අම්මෙ...අනේ....උඹලා මාව අඩවන්නද හදන්නෙ සීදේවි.....මැනිකෙ උඹ දන්නවද රත්තරන් උඹගෙ වචනවලට මේ ඇස් වලට මේ හිනාවට පුලුවන් මගෙ මහන්සිය මරලා දාන්න....උඹට මගෙන් අප්පච්චි දැනෙනවා නම්...මන් උඹව අප්පච්චි වගේම රකින්නම් සීදේවි ...අප්පච්චිලා ගාව හැමදාම තිබුනෙ හුස්මකින් වත් කිලිටි නොවුන ආදරයක්....මගෙ අම්බරෙ....මං මයෙ අම්මට මගෙ හුස්මකින් වත් කිලිටි නොවුන ආදරයක් දෙන්නම්...

මං එයා දිහා බලාගන උන්නා.....එකොලොස් අවුරුදු ඉස්කෝලේ ගියත් දික්වැල්ලට අව මගෙ ඉස් ඉසරෝම ඉස්කෝල ගමන අද වෙද්දි හැමදාම ගෙයින් එලි බහිනකොට අම්මා අප්පච්චි ය වදින මං එයාගෙනුත් වදින්නද අහනකොට එයා තත්පර ගානක්.මගෙ මූන දිහා බලන් ඉදලා එකපාරම ඇස් දෙක පිහදැම්මා.....එයාගෙන් වත් කිලිටි නොවුන ආදරයක් දෙන්නම් කියනවත් එක්කම එයාගෙ කකුල් ගාව දන ඔබාගත්ත මන් අප්පච්චි ට වදින ගාතව කියලා ඒ කකුල් අල්ල වදිනවත් එක්කම මගෙ ඔලුවට අත තියලා තෙරුවන් සරනයි කියාපු මගෙ ආදර පරානෙ මගෙ ඉහ මුදුනට නහය තියලා තත්පර ගානක් ඉහලට ඇදන් බරම බර ආදර හාදුවක් තිබ්බා...

තෙරුවන් සරනයි මයෙ කොල්ලට....හොදට ඉගනගන ලොකු මහත්තයෙක් නොවුනත්...හිත හොද මනුස්සයෙක් වෙයන් අමා.....හිත හොද මනුස්සයා හැමදාම ලොකු මහත්තයෙක්!

🥺🥺...අමා....ම්හුක්....ජැන්.ඉතින් ඔයත් බත් ටිකක් කාලා බුජියන්න ජොබි.....!!

More Chapters