Ficool

Chapter 9 - 09

අ..අයියෙ.....අයියෙ ඔහොම ඉන්න.....

එයා යන්න හදනව.....පුරවලම තිබුන ආප්ප උරෙ මගෙ අතේ.....මෙච්චර ආප්ප ගොඩක්....බඩ දැවිල්ල ගනිවි කියලා කිරි ආප්පත්....ඒත් මේ මොකුත් නෙවෙ මගෙ මට දැන් වැදගත් උනේ.....

එයා කියපු වචන..... දෙවියනේ එයා මොනවද මේ කියන්නෙ....සීදේවිලු....සුදු චූටිලු....ආයම වෙලාවකට සුදූලු....අනේ දැන් මැනිකෙලු...ඒ ඔක්කොමත් හරි...මං එයාගෙ හිත හොරකම් කරන්ලු... ඊටත් හපන් ලගට ඇවිදින් හරි පරිස්සමට තියාපු නලල් හාදුව.....දලදා හාමුදුරුවන්ට ඔප්පු වෙන්න නලල් හාදුවකුත් තිබ්බා.....හරියටම හාදුවකින් උනත් තුවාල වෙයි කියලා බයේ වගේ එයා හරි පරිස්සමට මට හාදුවක් තිබ්බා ....

අනේ නලල් හාදුවක් ....මගෙ අම්මා අප්පච්චි ගෙන් අත්තම්මා සීයත්තගෙන් පස්සෙ මට නලලට හාදුවක් තියපු මුල්ම පිට කෙනා....කොයි තරම් නෑ පරම්පරාවක් උන්නත් මං මගෙ අතේ දුරින් තියන් ආස්‍රේ කරන්නෙම අල්ලක් තරම් මිනිස්සු ප්‍රමානයක් වෙනකොට ඒ රවුමට පිටින් උන්න මනුස්සයෙක් මගෙ නලලට හාදුවක් තිබ්බ පලවෙනි වතාව.....

මට නිකන් ඇඩෙන්න වගේ...සීදේවි උඹ මගෙ හිත හොරකන් කරන් මැනිකෙ කිව්වට වඩා මගෙ පපුව ගැස්සුනේම ඔහෙට මේ මුහුදු හුලග අගුනයි කියපු තැන....ඇත්ත මට සිහිය පතක් තිබුන් නෑ....සුදු චූටි ගේට්ටුව ගාවට එන්ඩ ඇහැක්ද අහපු වෙලේ මට මොනව උනාද මං වත් දන්නෙ නෑ...වෙලාව ගැන නිනව්වක් උනෙ නෑ....මට ඕන උන එකම දේ එලියට දුවාගන්න වෙන එක වෙද්දි මට කොහෙන් ඔය උඩුඇදුම් ගැන මතක් වෙන්නද.....

බයික් එක ස්ටාර්ට් කරපු එයා යන්න හදනවා.....ආප්ප උරේ මිරිකන් උන්න මං එයාගෙ පස්සෙ දුවන්න හැදුවා...අනේ අච්චර අහරෙ ඉදන් ආව මනුස්සයට ආප්පය වත් නොදී යවන්නෙ කොහොමද??

සමුද්‍ර අයියෙ.....

මං කෑගැහුවා.....හැන්දයියෙ....හැදිපප්පෙ.....

ස්කීපර් අයියෙ තල්මහ තලපතා කියන්න ඕන නම් දාහක් කියපු මං ජීවිතේ පලවෙනි පාර එයාට එයාගෙ නම කිව්වා.....සමුද්‍ර අයියේ කියලා කෑ ගහපු මං ආප්ප උරෙත් උස්සන් එයා පස්සෙ දිව්වා...අනේ ඒත් මට දුවාගන්න පුලුවන් උනේ අඩි දෙක තුනයි....මහ පාන්දර කියලා නොබල එයා පස්සෙ දුවපු මාව ආප්ප උරෙත් එක්කම මහපාරෙ මුනින් අතට වැටුනා

සුදු චූටි.....!!වැටුනා නේද....යෝහ්....කොල්ලා...

ඔ..ව්නෙ අ...අයියෙ....වැටුනනෙ...කොල්ලව වැටුනනෙ අයියෙ

 

කොල්ලා වැටුන් නෑ අයියෙ ...පැන්නා පැන්නා....ඔවු....කොල්ලා වැටු නෑනෙ....පැන්නනෙ.....!

දෙයි හාන්දුරුවන්ට ඔප්පුවෙන්ඩ හත්තුක්කෙ මැනිකෙ ඔහෙ වැටුනයි...??කෝ බලන්ඩ..අනෙ මැනිකෙ රුපියලක් සයිස් ලෙල්ල ගිහින්නෙ....මේකට විසේනෙ.....උඩටත් නෑ...පයටත් නෑ.....එන්ඩ කියපු ඩිංගට උඩටත් නැතුව පයටත් නැතුව ආවෙ ඇයි මැනිකෙ...ගල් ඇනෙනවනෙ...ගල් තැලුම් එන්ඩයි...ඔහෙලට මෙව්වා පුරුදු නෑ මයෙ නොදරුවාට විසෙ ගහල..

මං සමනලයව පරක් කරන විදිහටම තනියෙන් කියෙව්වා.....

මං හිනා උනා අඩන්න බැරි කමට වගේ හිනා උනා....බොරු කියන්නෙ මොකටද මට රිදුනා.....කට්ට මහපොලවෙ වැටුන වැටිල්ලට මට රිදුනා...ඒත් මං හිනා උනා... වැටුනෙ මුනින්නතට උනත් දනිස් අතපය මූනකට සමතලා වෙලා ගියත් මහපාරෙ වැටිලා ලෙලි ගියත් මං කරපු එකම දේ හිනා උන එක...

මට පව් කියලා හිතුනා මන් ගැන නෙවෙ එයා ගැන

මාව වැටුන වැටිල්ලත් එක්ක බයික් එකත් අතෑරලා මගෙ ගාවට දුවන් ආව එයා මගෙ කකුල් දිහා බල බල ආඩපාලි කියන එයා ගැන මට දුක හිතුනා.....එයා නිකන් හරියටම අපෙ අප්පච්චි වගේ.....යකාට වගෙ බැන්නත් මොකද මගෙ අප්පච්චි කියන්නෙත් මේ වගේ මනුස්සයෙක්....චුට්ට ඇත්නම් පුදුම විදිහට බය වෙන....

වැටෙනවත් එක්කම අතින් ඇතෑරුන උරෙන් එලි පැන්න ආප්ප සීසිකඩ ගිහින්...ඒගැන මට දුක හිතුනා.....එයා කිව්වා හරියටම හරි දනිස් දෙකේම රුපියලෙ දෙකේ සයිස් ලෙලි ගිහින්....පයටත් නැතිව ඇවිදින් කිය කිය ආඩපාලි කියපු එයා වද උනේ මගෙ කකුල් ගැන විතරක් වෙනකොට මං විතරක් අර සීසීකඩ ගියපු ආප්ප ගැන වද උනා.....

වැටුනත් මොකද අනේ මට ඕන උනේ ආපිට ඒ ඔක්කොම එකතු කරගන්න....විකාර හිතුවත් එකට එක කියන් ගියත් පාඩම් කරනවා කියපු සැනින් එයා තකහක්ම ගෙනත් දුන්න ආප්ප එකක් වත් කුනු කූඩෙකට දාන්න මට හිතක් දුන්නෙ නෑ...

ඔහෙ මක්කයි ඔය කරන්නෙ....

අපරාදෙනෙ....ඔයාගෙ සල්ලිනෙ පව්නෙ අයියෙ මෙව්වා නාස්ති කරන්න.....දුක් විදලනෙ හොයන්නෙ.....

කකුල් දෙක යකාට ගියදෙන් කියලා ආප්පෙන් ආප්පෙ අහුලපු මං දෙපැත්ත ගස ගස උරේට දානවත් එක්ක එයා මගෙ අතින් ආප්ප උරේ උදුරලා අරගත්තා...

මෝඩ වස්තරේ මගෙ...මේ පාර පුරාවටම නැති ලබ්බක් නෑ සීදේවි....බලු හුජ්ජ එකාකාරෙට.....බල්ලො රීපුවා එකාකාරෙට....මාලු පිලිහිඩ්ඩ එකාකාරට...මයෙ මැනිකෙ ඉස්කෝලේ ගිහින් ඉගන ගන්නෙ නැතුව මක්කයි කරන්නෙ...ආප්පයක් විහික් උනා කියලා මාව හිදෙනවයි ..ඔහෙට ඕනෙ මෙව්වා කාලා ආයම බඩ රිදවගන්ඩ...?නුවර ලබ්බට මොලෙ කලදක් නෑ

මං නෙවෙ උත්තරයක් දුන්නෙ.....පාර පුරාවටම නැති ලබ්බක් නෑය කියපු එයා කියන්න ඕන ඔක්කොම කියලා අවසානෙදි මගෙ මූන දිහාව බලාගන ඉදල නුවර ලබ්බට මොලේ කලදක් නෑ කිව්වා....ඒ විතරක් නෙවෙ මට මෝඩ වස්තරේ කිව්වා...නිකන් නෙවෙ එයා ඒක අවසානෙට එයාගෙ කියන කෑල්ලත් එකතු කෙරුවා...

සුදු චූටි....

අයියෙ....

අම්මලා නිදිදයි ?

හ්ම්....නිදි...අපෙ අම්මට හරි ඉක්මනට නින්ද යනවා අප්පච්චි ට මහන්සිනෙ...කානුවා කොහොමත් මැරිලා වගේ අයියෙ...ඌට නින්ද යනවා යකාට වගෙ

....එනවයි යන්න...

.....හා....

මන් දන්නෙ නෑ එයා කොහෙ එක්ක යයිද කියන්න...මං දන්නෙ නෑ එයා මට කොහෙට යන්න එනවද කියන්න...ඒත් මං හා කිව්වා.....නිදි ඇදුමෙන් උන්න මගෙ කලිසම අල්ලි දෙකක් තරම් ඇති...කොටින්ම මේක අමුඩයක් වගේ.....උඩටත් නෑ...පයටත් නෑ....කකුලෙ ලෙලිත් ගිහින් හිගන පැටියා වගේ ඒත් මං හා කිව්වා...

එයා හිනා උනා.....නිල් ඇස් හීන් වෙනවා...හා කිව්වත් හරි එයා හිනා උනා.....එයා කිව්වා හරි...මූදු හුලන් එකාකාරෙට.....රැල්ලත් එක්ක ගොඩට ගහන කසිංජිය එකාකාරෙට....මූදු හුලන් පාරත් එක්ක එන කරිජ්ජ බින්දු කසිංජිය වෙද්දි තොල කට පවා ලුනි රස ගත්තා....කසිංජිය බැදෙන හැම දෙයක්ම මලකෑවා.....පාර පුරාවටම තියන ලාම්පු ලුනෙන් බැදිලා තිබුනා.....ගස් කොලන් පවා ලුනෙන් බැදිලා තිබුනා...එතකොට මේ හැන්දගෙ ලෙන්ගතුකම.....?

සුදු චූටි....

අයියෙ....

මං යන තැනක් කොහෙදයි කිව්වෙත් නැතුව ඔහෙ මට හාය කියන්නෙ ඒතරම්ම මේ මාලුකාරයව විස්වාසදයි මැනිකෙ.....ම්ම්...?මේ කසිංජි හුලන් කෝඩෙ අස්සෙ මං ඔහෙව කොහෙ එක්කන් ගියත් මයෙ සීදේවිට මාව විස්වාසදැයි රත්තරනෙ!

හ්ම්.....

හ්ම් කියනවා ඇර මං මොනවා කියලා නම් උත්තර බදින්නද....මේ ඇස් දැකලත් තවම කී දොහද.....ඒත් මේ වචන....හැන්දගෙ ඇස් වලින් ගලන ස්නේහය තනිකරම කල්පකාලාන්තරේක ඉදන් මං වෙනුවෙන්ම පේවිලා ආවයි වගේ මට දැනෙනකොට මන කරපු එකම දේ බිම බලාගත්ත එක...ඔහෙ මගෙ හිත හොරකන් කරන් කියන එකේ තේරුම ආදරෙ නෙවෙද දෙයියනේ....!!

ආ මේක...මේක ඇදගනිල්ලා

අ....අයියෙ...

සීතලයි...පාන්දර ජාමෙ එන හුලගත තෙතයි

එතකොට ඔයාට...ඔයාටත් සීතලයිනෙ....හුලන් සැරයිනෙ....අනික දැන් පාන්දරනෙ

සුදු චූටි මං මූදුකාරයා..උදේ ඉඩදන් රෑ වෙනකන් මං ඉන්නෙම මේ මූදෙ.....වලාලෙට වාරකනට ඕන ලබ්බකට මේ ශරීර කූඩුව ඔට්ටුයි...මේ මහ මුහුද උඩයි මෙයැයිගෙ ජීවිතේ තියෙන්නෙ....ඕන මගුලකට මේ සර්වාංගෙ ඔට්‍ටුයි එහෙම නොවුනා නම් ඔහෙගෙ ස්පීකර් පප්පව මෙ වෙනකොටත් මලකඩකාලා දිරල ගිහිල්ලා...

ඒත් මෙයැයිට එහෙම බෑනෙ...පපුවට මුදු හුලන් වැදුන ගමන්ම අසනීප වෙයි...ඔහෙට කැහි හෙම්බිරිස්සාව එයි...දැන දැනම් මං කොහොමැයි මගෙ මැනිකව අසනීප කරවන්නෙ සුදු චූටි...කෝ අත .....අනික...හරි....හත්තුක්කෙ මෙයැයි බෝනික්කෙක් වගේනෙ...කලිසම පේන්නෙත් නෑ...කො කකුල...

එපා අයියෙ මේ ඇති.....මෙහෙම හොදයි....

සීදේවි ඔහෙට ඇහැක්ද මේ අත අල්ලා බලන්ඩ....

මට ලැජ්ජ හිතුනා.....හිනා යන්න ආවා....මගෙ මූන රතු උනා....ඇත්ත එයා කිව්වත් වගේ සරමට උඩින් ඇදන් උන්න ටී ශර්ට් එක ගලවලා මට ඇන්දුව ගමන් මගෙ කලිසම හොයන්න නැති උනා...උස්සලා පෙන්නුවොත් මිසක දකින උන් හිතන්නෙ මන් ඉන්නෙ කලිමක් නැතුව කියලා වෙද්දි මට ලැජ්ජා හිතුනා.....

අනේ ඒ මදිවට එයා මට අර දාන් උන්න ලුමිනස් බූට් දෙකත් ගලවල දාන්න හැදුවා විතරයි මං එපා කිව්වා...මෙහෙම හොදයි කිව්වා...මගෙ මූන දිහා තත්පර ගානක් බලාගන උන්න එයා මගෙ දිහාවට අත දික් කරලා ඇහැක් නම් එයාගෙ අත අල්ලන්න පුලුවන්ද ඇහුවා...

තත්පර ගානක් ඒ අත දිහා බලන් උන්න මං මගෙ ඇගිලි තුඩුවලින් එ අත අතගෑවා.....මගෙ අම්මෙ ඒ අත තනිකරම කොස් ලෙල්ලක් වගෙ...ගොරෝසුයි...පුදුමාකාර විදිහට ගොරෝසුයි...එ අතින් පාරක් කෑවොත් මුන කටක් ගේන්ඩ වෙනවා...

මක්කයි ඔහෙට හිතෙන්නෙ....

ග්..ගොරෝසුයිනෙ අයියෙ හුගක්...මගෙ අම්මෙ ඇතුලෙ ඉරි ඉරි ඇදපු නෑඹිලියක් වගේ...

හ්ම්...මේන් මේ වගේමයි මගේ යටිපතුලුත්.....සුදු චූටි මේ අත් වලින් දැල් ඇදල...ඇදලා.....බෝට්ටු ඇදල රුවල් ඇදලා... මෙව්වා දැන් උම්මලකඩයක් වෙලා.....මේ මහමූදත් එක්ක පොරබදල බදලම අපි වගේ මූදු කාරයන්ට තියෙන්නෙ සුදු චූටිලාට වගේ සින්දු අතපය නෙවෙ ....ඔහෙලගෙ අතක් ගාවින් ඇල්පෙනෙති තුඩක් ගියත් හිල් වෙලා අහවරයි...ඒත් මේ අත්පය එහෙම නෑ සුදු චූටි....මගෙ මැනික දන්නෙ නෑ මේ ස්කීපර් අයියගෙ අත් පය යකඩ වගේ.....මේන් මේක දාගන්ඩ....

මගෙ ඇගිලි තවම තිබුනෙ ඒ ගොරෝසු අල්ල උඩ...එයා හරි.....එයාගෙ හැම වචනයක්ම ඇත්ත.....මට තිබුනෙම සිනිදු අතපය...උපන් දා ඉදම්ම මල් වගේ හදලා හන්දද කොහෙද මට තිබුනෙ හරි සිනිදු යටිපතුල් ...මට විතරක් නෙවෙ සමනල්‍ට පවා....සිනිදු වැඩි කමටද මන්දා විලුඹ ගාව තනිකරම බීට් රූට් ඉස්ම උලලා වගේ....

මේ මොනවා වෙලාද....එ හිල් හැදිලා තියෙන්නෙ....

තවමත් ඒ ගොරෝසු අත උඩ තිබුන මගෙ ඇගිලි වලට හිල් හිල් වගේ අහුවෙනවත් එක්කම මං ඒ මූන දිහා බලාගන මේ ඇයි අහනකොට එයා හිනා උනා....එයාගෙන් අහන්නෙ මොනවද එයා කරන්නෙම උත්තර බදිනන් කලින් අර නිල් ඇස් හීන් කරන් හිනාවෙන එක...

සුදු චූටි අගුලු මාලුවා දන්නවයි....

එයා මගෙන් අගුලු මාලුවව දන්නවද අහනවා.....අනෙ මං දන්න මාලු.....දන්නෙත් දෙතුන් දෙනයි.....ඒකත් කට ඔහෙක් වෙලා ගියපු පතාමැඩියයි.....පැතලි කාරල්ලයි.....හාල්මැස්සයි...ඌට වඩා අගලක් ලොකු වෙල්ල සූඩයයි...සාලයවයි....සූඩයවයි...තව දෙතුන් දෙනෙකුයි විතරයි ...නුවරට කොහෙන්ද ඔච්චර මාලු.....මාකට් එකට ගියොත් තියෙන්නෙ හුරුල්ලො.....අගුලුවා කිව්වට මං දන්න අගුලුවෙක් නෑ....මං ඔලුව කැසුවා.....අගුලුව මොකාද මොකාද කියල හිතපු මං අර ගොරෝසු අත පුරාවටම මගෙ ඇගිලි වලින් බලි කුරුටු ඇද ඇද ඇස් කැරකෙව්වා...

අර ඇන්ටනා දෙකක් තියෙන්නෙ...නෑ ඇන්ටා නෙවෙ රැවුලද මන්දා....කට නිකන් කරමූඩියක් වගේ නේද...අන්න ඌද.....කලු පාටයි.....අනේ මන්දා.....උගෙ කට මෙහෙම නේ තියෙන්නෙ...ඌද අගුලුවා.....ඌ නිකන් පැනි ආප්පයක් වගේද මන්දා...බඩ සුදුද ....?

මං මගෙ මට උල් කෙරුවා.....ආය පාතට වැක්කෙරුවා...මං දන්න අගුලුවෙක් නැති වෙද්දි ඔය කියන මාලුවව මවාගන්න මං දන්න හැම ජාතියම කියනකොට එයා ඔලුව දෙපැත්තට වැනුවා...

මෙයැයිගෙ කෝලම්....ඔහෙ හරි හුරතල් සුදු චූටි....

ඒකගෙ කට නම් කරමූඩියක් වගේ නෙමෙ.....එකට රැවුල තියනවා නම් තමා...මිරිසට උයන්නෙ....බඩපත සුදුපාටයි...උඩහරියම කලුපාටයි...අගුලුමාලුයි බතයි තිබ්බත් ඉස්ම යන්ඩ කතහැකි ආය.....මේ හිල් හැදුනෙ ආන් එවුන්‍ට බිලිකොකු ගහන්ඩ ගිහින්....කොකු වැල කරකවලා වීසි කරනකොට ඔක්කොම ඇවිදින් අතෙ ඇමිනුනා...මට ඔහොම උනාමයි...ඉදල හිටලා වරදිනවා...ඔය කොකු වැල් වීසි කරන එක සෙල්ලමක් නෙවෙ සුදු චූටි ඩිංග ඇත්නම් ඇගේ එතෙනවා..අතේ ඇමිනුනයින් බේරුනා...බෙල්ලෙ ඇමිනුනා නම් ටහිකිල යනවා....ඔහෙට මං හෙට අගුලු මාලු එවන්නම්.....අම්මට කියන්ඩ මිරිසට හදන්ඩයි කියලා...හොදට මිරිස් දාන්ඩ කියන්ඩ සුදට තිබ්බම කන්ඩ කැත හිතෙයි...බොරේට කායමට වගේ ඉව්වහම ආය අහන්ඩ ඕන නෑ....මං කන්ජියා අතේ හරි එවන්නම්...

අ..අ....අනේ....අනේ....අම්මෙ...එපා හැන්දයියෙ....ඔහෙ අර එවපු බකට් එකේ මාලු ගොඩයි අපෙ අම්මට නංගි බබා හන්දා ඔව්වා කපන්ඩ බෑ වමනෙ යනවනෙ....කානුවා හම්බෙන්ඩ ඉද්දි වගේ නෙවෙ ඔයාල අක්කා කිව්වට අපෙ අම්මා වයසයිනෙ දැන්....වමනෙ යනවා....

ඇරත් ඔයා ඔහොම කුනුකතා කියන්න හැන්නදිගයියෙ එපා කැතයි වගේනෙ...මං උනත් කියන්නෙ නෑ.....කිව්වට කමක් නෑ...කොල්ලොනෙ....චූටි චූටි එව්වා...වර පල වගේ කමක් නෑ...අකුරු දෙකයිනෙ...

අනික අපි නුවර මිනිස්සුනෙ අයියෙ ඔහොම එව්වා අහලත් නෑ...ඔච්චර ලොකු ඒවා එපා ඒයි හර්ත...

අතේ හිල්වලට හේතුව කියපු එයා අනිත් පාර හෙට අගුලුමාලු එවන්නම් කියනවත් එක්කම මං අත් දෙකම වන වන උඩ පැන්නා.....ඒ විතරක් නෙවෙ ඉස්සව සුදද කරනවට වඩා වමනෙ දාපු අම්මව මතක් උන මං එපා කිය කිය ඒ සීරුවටම අම්මට අක්කෙ කිව්වට අපෙ අම්මා වයසයි කියලත් කියලා ඔහොම කුනුහර්ප කියන්න එපා ..කිව්වට කමක් නෑ...චූටි චූටි ඒවා කියන්න කියනකොට එයා ඇස් හීන් කරගත්තා.....ඒ චුට්ටකින්ම මගෙ මූනට ලන් උනා.....මගෙ හුස්ම හිරවෙන්න ආවා.....අඩියක් පස්සට යන්න හැදුවත් මගෙ කකුල් නෙවෙ හෙල උනේ.....හුස්ම ගන්න හැදුවත් මගෙ හුස්ම නෙවෙ වැටුනෙ.....

කොටින්ම මේ නිල් ඇස්කාරයගෙන් කාන්දුවෙන කසිංජි සුවද මට නෙවෙ ඈත් වෙන්න දුන්නෙ.....මං බලාගන උන්නා..මහමුහුද තරමටම නිල්පාට....ඒ තරම්ම ගැඹුරු ඇස් දිලිසනව...හරියටම නිල් මුහුදට හද එලිය වැටිලා වගේ

හින්නි හින්නි කුනුහර්ප කාරි නැතයි ඒ කියන්නෙ...හහ් නුවර ලබ්බ! මං කිව්වෙ...ඔහෙ මහ මෝඩ වස්තරයක් සුදු චූටි.....කමක් නෑ...මගෙනෙ..මගෙ හුරතලේ ....සීදේවි ඔහෙ තත්පරෙන් තප්පරෙ මගෙ හිත හොරකම් කරලා කරලා අවසානෙදි මටයි කියන්න හිතක් නැත්තටම නැති කෙරුවා.....

අ..අයියෙ....

මට ගොත ගැහුනා....මෙච්චර වෙලාම කචපච ගෑවත් මොකද මාව ආය ආයම ගොත ගැහෙන්න ගත්තා....සීදේවි තත්පරෙන් තත්පරේ ඔහෙ මගෙ හිත හොරකම් කරලා මටයි කියන්න හිතක් නැත්තටම නැති කෙරුවා කියනවත් එක්කම මට ගොත ගැහුනා...

මැනිකෙ මේ හැලයා ඔහෙට හරි ආදරෙයි සීදේවි!!

මේ සමුද්‍ර ඉන්ධීවර් මහ සාගරයක් තරමට ඔහෙට ආදරෙ කරන්න අවසර ඉල්ලනවා සුදු චූටි...මහ මුහුදට වාරකන ආවත් ...වලාල ආවත් කාරි නෑ..ඔය දෙකටම මං ඕනාවටත් වඩා ඔට්ටුයි ...මැනිකෙ මං සදහටම ආදරේ කරන්නම්...ඇහැක්ද මගෙ විතරක්ම වෙන්න.....!!දොහකට දෙකකට නෙවෙ.....හැමදාටම....මහ මුහුදට නිල් රැල්ල අයිති සදහටම වගේ....සීදේවි උඹට බැරිද මැනිකෙ සදහටම මගෙම වෙන්න?

සද සේ බැස නොයා

මගෙ ලොවෙ රැඳේ නම්

කඳුලෙ දුක දරා

ඔබෙ නමින් හිඳින්නම්

ඔබෙ දෑසෙ

රැදෙන්නම් මියෙන්නම්!

මගෙ ඇස් වලට කදුලු පිරෙන්න හැදුවා....මේ මූදු හුලන් මැද...කසිංජි රසමැද එයා මට ආදරෙයි කිව්වා...නලල් හාදුවක් තියලා අසනීපවෙයි කියපු එයා මට ආදරෙයි කිව්වා...දවසකට දෙකකට නෙවෙ සදහටම එයාගෙ වෙනවද ඇහුව.....මූදු හුලගන ඇවිදින් අර ගැටගහන් උන්න කොන්ඩෙ ලිහිල් කර කර ඒ මූන පුරාවටම කෙස් රොඩවල් වැටෙනවා...උත්තර නැතුව මං ඒ මූන දිහා බලාගන ඉන්නවා...මාව ගොලුවෙනවා....තොලකට පවා වේලිලා යනවා....අවසානෙදි එයා මගෙ මූන ඒ ගොරෝසු අත් දෙකෙම්ම අල්ලගත්තා.....

රිදෙනවද...ම්ම්

න්..නෑ...

රිදවන්නෙ නෑ මැනිකව.....බයයිද...

න්...නෑ...අයියෙ....

දැම්ම උත්තර ඕනෙ නෑ...දෙන උත්තරෙ මොක උනත් මං බාරගන්නවා...සුදු චූටි මං මාලුකාරයා ...නූගතා....මහමුහුද ගැන ඇස් වහන් කියන්න ඇහැක් උනත් සුදු චූටිලාට වගේ පොතෙ දැනුම නැ...ඒක මූදුකරේට සාමාන්‍යයි ...මැනිකෙට ලැජ්ජයි වගේ නම්...කාරි නෑ.....උත්තරෙ මක්ක උනත් මේ ආදරේ හැමදාම මෙයැයිගෙ හිත අස්සේ හරි පරෙස්සම් ...

බැරි වෙලාවත් උඹ උඹව මට සින්නක්කරේට දුන්නොත්.....අම්මපා මැනිකෙ මට අම්බරයක් හම්බුනා වගේ තමයි ආය...ඔහෙව මං මේ ඇස් අස්සෙ තියන් පරිස්සම් කරනව ...

හිතලා බලපන්....ඇහැක් නම් උඹගෙ හැලයව මාව කරගනින්.....දැන්ම උත්තර එපා....බලන් ඉන්නම් හදිසි නෑ.....වරෙන් මැනිකෙ ඔහෙ බඩගින්නෙ....

ලුමිනස් පාට බූට් දෙක.....හැන්නදිගේ මැකරල් කියලා ගහපු ගවුමක් තරම් දිග ටීශර්ට් එකත් ඇදන් උන්න මන් ගෙදර දිහාවත් හොරා වගෙ බලලා හීන් සීරුවෙ එයාගෙ පිටිපස්සෙන් ඉදගත්තා...

එයා මට ආදරෙයි කිව්වා.....අම්බරයක් කියන්නෙ මොකක්ද කියන්න මං දන්නෙ නෑ....ඒත් ඒ ඇස් දිලිසුනා...උඹව ලැබුනොතින් අම්බරයක් ලැබුනා වගේ තමයි...මාව උඹගෙ හැලය කරගන්නවද අහපු එයා උත්තර දෙන්න හදිස්සි වෙන්න එපා කියලා අනිත් පාර මාවත් එක්කන් යනකොට යන්නෙ කොහොද වත් නාහම මං ගිහින් සුපර්කප් එකේ පිටිපස්සෙ ඉදගත්තා....

හරිද.....

ඕ....

එයා හරිද අහනව....හරි කිව්වත් මොකද මෙ ලබ්බෙ පස්සෙ ශීට් එක නෑ.....මාලු පෙට්ටි බැදන් ගිහින්ද කොහෙද ශීට් එක ගලවලා...අනේ අප්පච්චි ආදරෙයි කියපු පලවෙනි තත්පරෙම මගෙ පුක රොටියක් වෙන්න යන්නෙ....

පාර පුරාවටම ලාම්පු එලි පත්තු වෙනවා...අන්දකාර්‍ර්ට ගියපු මුහුදෙත් තැනින් තැන කහ ලාම්පු පත්තු වෙනවා...අතරින් පතර ඇහෙන නෑහෙන ගානට බෝට්ටු සද්ද ආවත් මුහුදු රැල්ල ඇවිදින් ඒ හැම සද්දෙම ගිලගන්නවා...

එයා යනවා...ශීට් එක නැති පස්ස කෑල්ලෙ උන්න මන් ඩම දාලා බයික් එක මිරිකන් උන්නා...හුලන් පාර බදන හැන්දගෙ බාච්චු ශර්ට් එකත් එක්ක මං තනිකරම කැල්සියම් අඩුවෙලා විජලනෙ හැදුන පුත්තලම් හාල්මැස්සෙක් වගෙ...කොයිවෙලේ ගහන් යයිද කියන්න බෑ

ඉස්සරහින් එන හුලන් පාර ඔක්කොම ශර්ට් එකට බදනවා.....මාව පස්සට ඇදෙනවා...ඊටත් ඔක්කොටම හපන් මගෙ කකුල් දෙක....ඒ මගුල ඔක්කොටම වඩා බරයි...කකුල් දෙක දිහා බැලුවම මන් නිකන් තනිකරම කූඹිච්චි එකේ අර නලුව වගේ....මගෙ ඉරටු කකුල් වලට සපත්තු දෙක බර මදිවට යන යෑමට මාව පස්සටත් ලෙස්සනවා....වලකින් වැටෙන වැටෙන පාරට මට දෙයියො බුදුන් සිහිවෙනවා....අනෙ දෙයියනෙ මගෙ පුක රිදෙනවා..අනෙ හැන්දො මට ඕන ආප්පයක් නෑ.....අපිට ගෙදර යන් කියන්නත් හිතෙනවා....වලකින් වැටෙන වැටෙන පාර මගෙ කට ඔහෙක් වෙලා...ආයම මෙහෙක් වෙනවා....තව දුර ගියොත් නම් මගෙ ඇට සව් ඇට වෙලා කකුල් දිගේ බේරෙනවා....

සුදු චූටි ඔහෙව පස්සට ලෙස්සනවා අල්ලගන්ඩ.....මේන් මේක සිගිතියගෙ මිනිහගෙ....ඌ මේකෙ පස්ස ගලවලා පෙට්‍ටි බැන්දා ඒකෙන් ශීට් එක ගැලෙව්වා.... ..ඇරත් අපෙ සිගිතියා ගිහින් මෙකෙ සොකටුත් බැහැල....වැටුනොත් ඔහෙට පුකක් ගේන්ඩ වෙයි.....ඊටත් වලවල් එකාකාරෙට ..ළමයෙක් හම්බෙන්ඩ ඉන්න මායියෙක් ගියොත් ලමයා කටෙන් එනවා....ඔහෙ ඔය යකඩ කද බදාගන්නෙ නැතුව මෙයැයිව අල්ලගන්ඩ හරිය...

වලවල් වලට වැටිවැටි පුක තලාගන පස්සට ලෙස්ස ලෙස්ස උන්න මං ඩම දාලා ලැගජ් එක මිරිකන් ඉද්දි එහෙන් මට ආදරෙයි කියපු හැන්දා කියවනවා...මේක සිගිතියගෙ මිනිහගෙ කියපු හැන්දා සිගිතියා ගිහින්ම බයික් එකෙ සොකට් බැහැල කිව්වා විතරයි මං මගෙ අන්ඩක් උස්සන් හිරි වැටීගන එන තට්ටමත් පොඩ්ඩක් උස්සගත්තා .....

.යකොඩො සිගිතියා ගියා නම් මේකෙ සොකට් විතරක් බැහැලා ඉතුරු උනා මදැයි....සිගිතියා තනිකරම ලෝකෙ පලවෙනි නිල්තල්මහ වගේ...ඒකිට බයික් එකෙ යනවට වඩා බයික් එක කිහිල්ලෙ ගහන් යන එක ලෙසියිනෙ...ආය එකත් එකටම ඕකි ඉදගත්තම මෙකෙ ඉස්සරහා රෝදෙ ඉස්සෙන්න ඇති.....වරායක් ගහන්න පුලුවන් තරම් පස්සක් තියන සිගිතිය මේකෙ යනවා කියන්නෙ...මගෙ අම්මෙ බයික් එකට කතා කරන්න පුලුවන් නම් මේක අඩනවා...ඇයි අම්මෙ ඒකි තනිකරම මැමත් කෙනෙක්නෙ..මං හිතන්නෙ උන් ඔක්කොම ගිහින් තියෙන්නෙ මහ තල්මස් අත්තම්මා වගෙ වෙන්න ඇති...අනේ මන්දා අපේ එක්කෙනත් තව වයසට ගියහම ඔහොම වෙයිද කියලා .....හැන්දයියට දැම්ම කියන්න ඕන ඔයා නම් ඔච්චර මහත් වෙන්න එපා කියලා අපෙ අප්පච්චි වගේ පිට් එකෙ ඉන්න කියන්න ඕනා....අපෙ අප්පච්චි ට දැනුත් කෙල්ලො ලයින් වෙනවනෙ...ඇයි ඉතින් යකඩ උස්සන්න යනවනෙ...මං නම් එක දවසයි ගියෙ පහුදා අපෙ අම්මා මට වෙනිවැල් ගැය පෙව්වා....මගෙ අම්මෙ කකුල් දෙක නෑ වගේ...මෙයාටත් කියන්න ඕන අපෙ අප්පච්චි එක්කම ජිම් යන්න කියලා .....එක්කො එපා අපෙ අප්පච්චි මෙයා එක්ක ඇරියස් නෙ...

අනෙ මන්දා හැන්දයියා කරපු දේකුත් නෑ....අප්පච්චි ට කියන්න ඕන නිස්කාරනේ රන්ඩු කරන්නනම් හදන්න එපා කියලා .....මටත් තරහා යන්න ඉඩ තියනවා.....මාත් දැන් ලොකුයි තීරන ගන්න බැරිකමක් නෑනෙ....අනිම ගෘහමූලික මෙව්වා කම ගන්න පුලුවන් වයසෙනෙ....හ්ම්ම්..හ්ම්...බලමුකො.....

හිතන්න පුලුවන් විකාරත් හිත හිත වලවල් වලින් වැටි වැටි....එහෙක් මෙහෙක් වෙවී පස්සට ලෙස්ස ලෙස්ස කූඩැල්ලා වගේ එල්ලීගන ආව මං හැන්දා මට එයාව අල්ලගන්න කියනවත් එක්කම මං හැන්දව අල්ලගන්න ලෑස්තිඋනා විතරයි හැන්දා කුනුහර්ප ලොරියක් හලාගන පෙර දැනුම් දීමකින් තොරවම බ්‍රේක් පාරක් ගැහුවා මාව ඉස්සරහට විසි වෙලා ගියා..... බය උන පාරට හැන්ව මිරිකලම අල්ලගත්ත මගෙ මුන හැන්දගෙ පිටෙ ඇනිලා නහය ඔහෙක් වෙලා ගියා වගේම කටත් මෙහෙක් වෙලා මූනත් හොකරෙට පිච්චුන තැටි පාන් බාගයක් වගෙ චක්කන් වෙලා ගියා....

අ..අ..නෙ...අයි.....යෙ...හ්හ්.....

ට....හමන්නලා ගන්...ඩ.....ගෙරි බල්ලා.....කට ළඟ තියලා පැන්නා නේ....වැටුනා නම් දත් ගේන්ඩ වෙනවා...ඒ හොද වැඩේ....එහෙන් බල්ලා....මෙහෙන් මෙයැයි.....ඔහෙ අදත් කැඩුව නෙද මගෙ සරම් ගැටෙ.....අම්මපා සුදු චූටි ඔහෙ මක්කැයි මගෙ සරමම කඩන්නෙ.....

හිතලා කැඩුවෙ නෑ අයියෙ ...අනෙ අහු උනෙ ඕකනෙ...

ඒ අල්ලපු ඇල්ලිට ඔහෙට සරම් ගැටේම අහු උන එක හොදයි...වෙන අහක් අහු උනා නම් බඩු අතෙ තමයි ආය....

මට දුවන්න හිතුනා....වැටෙකෙයියා පදුරක් අස්සෙ උන්න බල්ලෙකුත් නොකියම පාරට පැන්න වෙලේක අර ගැස්සිලා ගියපු පාරට මං අදත් අල්ලන් තිබුනෙ හැන්දගෙ සරම වෙද්දි මේ වෙනකොටත් ගැටේ ලෙහිලා තිබ්බා....

අනේ මන්දා මේ මගුල නම් හරියන්නෙ නෑ....හැන්දයියට කියන්න ඕන මේ සරුම් කෙරුවාව හරියන්නෙ නෑ කියලා ..ඒත් එයා අදින්නෙම මේවනෙ.....

මෙහෙම අල්ලගන්ඩ..ඔහෙට මාව අතෑරෙයි ...වැටුනොත් හත්දොහක් පත්තුබදින්ඩ වෙයි ආය..ළපටි කොදු තාම.....

සරම් ගැටේ කැඩෙනවත් එක්කම මං අනිත් පාර එයාගෙ ඉන දෙපැත්තෙන් අල්ලගත්තා....ඒත් ඒ ටික වෙලාවකින්ම අනේ එයාම මගෙ අත අරගන එයාගෙ බඩ වටේ ඔතාගත්තා.....ඔහෙව වැටුනොත් හත් දොහක් පත්තු බදී කියන ගමන් අනිත් පාර එයා මාව එයාගෙ ඇගට තවත් තදකරගත්තා.....

මෙච්චර වෙලාම පස්සට ලෙස්ස ලෙස්ස උන්න මං දැන් උන්නෙ එයාගෙ ඇගේ ඇලීගන වගේ...අත් දෙකෙන්ම එයාව බදාගන මදිවට මං උන්නෙ මගෙ කම්මුල එයාගෙ පිටට හේත්තු කරගන....බයික් එක ඉස්සරහට ඇදෙන වේගෙයි...මහ මුහුදෙන් එන හුලන් රැල්ලයි එයයි මායි මේ මහ පාන්දර දැනෙන අර අලුත් ආදර හැගීමුයි අමුතුම සුසංයෝගයක් මවනකොට මොකුත්ම නොකියපු මං පපුව පුරවලම හුස්මක් ගත්තා.....කොටින්ම මට ඇසුත් පිය උනා.....

මේක මහ අමුතු හැගීමක්....කන්ද උඩරටින් ආව මගෙන් ආදරෙ ඉල්ලන දකුනෙ ඈයෙක්!

පායපු හදෙ කිරිපාට එලිය මහමුහුදම අයිති කරගන....

සුදු චූටි...

ම්ම්..

මැනිකෙ නින්ද යයි...නින්ද යන්ඩ එනවනම් කියන්ඩ නින්ද ගිහින් ඔහෙට මාව ඇතෑරුනොත් එහෙම...කෝ එක්කො මං අල්ලගන්නම්....හුලන් සනීපෙට නින්ද යනවනෙ....

මං නෙවෙ ආය උත්තර බැන්දේ....එයාගෙ පිටට හේත්තු වේගනඇස් පියන් උන්න මට එයා ආයම කතා කරල හුලගෙ සනීපෙට නින්ද ගිහින් මට එයාව අතෑරෙයි කිව්වා...ඒ විතරක් නෙවෙ අනේ එයා මගෙ අත් දෙක උඩින් අර ගොරෝසු අත තිබ්බා...මට එකපාරම අප්පච්චි මතක් උනා....

අනේ අප්පච්චි මං හිතන්නෙ මේ හැන්දත් මගෙ අප්පච්චි වගේමයි .....වාහනෙ යනකොට නින්ද ගියත් අප්පච්චි කරන්නෙ බෙල්ල ඇමැට්ටි වෙයි කියලා සැරින් සැරේම අත තියන එක හැන්දත් කරන්නෙ වැටෙයි කියලා අත තියන එක....අප්පච්චි මේ හැන්දා අප්පච්චි වගේම මනුස්සයෙක් නේද අප්පච්චි ?

සුදු චූටි...සීදේවි ඔහෙට නින්දගියයි මැනිකේ....

න්...නෑ අයියෙ...

කෝ බලන්ඩ එහෙනම් බහිමු

මං ඇස් ඇරියා.....ඔහෙට නින්ද ගියාද අහනවත් එක්කම මං ඇස් ඇරියා.....ලයිට් එලි විමානයයි....බෝට්ටු විමානයයි...ඒවත් සාමාන්‍ය බෝට්ටු නෙවෙ අරබහුදින යාත්‍රා ...ටෝලර් බෝට්ටු...මහ බෝට්ටු...ජැටිය කියන්නෙ මේකට වෙන්න ඇති.....තනිකරම පොඩි වරායක් වගේ.....කොන්ක්‍රීට් පාර දෙපැත්තෙම තිබුනෙ එක ළඟ එක ළඟ නැංගුරම් දාපු මහ බෝට්ටු.....තනිකරම ලෙල්ලමේ වගේ...

විසි හතර පැය මාලු පිලිහිඩි කුයිලෙ ගහන පොඩි වරායක්...පාන්දර උනත් මොකද කචබචෙ එකාකාරෙට...සමහරක් බෝට්ටු රස්සාවට යන්ඩ යනකොට සමහරක් මාස දෙක තුනක් මූදෙ ඉදලා ආපිට ගොඩ එනවා...

එහෙන් අයිස් ලොරි....අනිත් පැත්තෙන් පාන්දර ජාමෙ නොබලා ආව මුදලාලිලා...කේවල් කරන උන්.....මං බලාගන උන්නා....උන් හැමෝම මගෙ හැන්දා වගෙ ..බූට්ස් දාලා පොකට් ගොඩක් තියන පර්ස් එකක් ඉනට බැදලා.....

ස්කීපර් අයියා...කේස් එකක්.....

ඇයි මොකද...

මං උන්නෙ ඇසුත් ලොකු කරගන....මේ හැම දේම මට අලුත්....කුට්ටි මාලු වෙනුවට බඩ ගාවින් පිම්බුන මහ විසාල අලුත් මාලු අලුත්වට පිට බල බල උන්න මගෙ කටත් ඇරුනා...ඒ එක්කම කොහෙන්ද ඉදන් අර එදා බිල්පොත් දෙකක් දීලා ගිය කංජියද මොකාද ආවා...අනෙ මන්දා මට මූට කංජියා ගාන වාරයක් පාසාම මතක් වෙන්නෙ කංජිපානි ඉම්‍රාන්ව...

ඇදන් උන්න සරමත් පැත්තකින් උස්සන් ආව කංජියා හැන්දාගෙ කනට ලන් වෙලා මොන මොනවදො මුනුනවත් එක්කම හැන්දගෙ මූන වෙනස් උනා...එකපාරම කෑ ගැහුවා....

හැමනෙනවා දාලා...කෝ දැන්....පනපිටින්ද?

ඔව් අයියා....අරුන් කොහොමත් අපි එක්ක ඇරියස්...කිව්වට අහන්නෙ නෑ...මං දැන් සැරයක් දෙසැරයක් කිව්වා...ඒකා ලෙඩා ලෙඩා ගගා හංග හංග ඉන්නවා....මැරෙනකන් ඉදලා මස් කරන්ඩ හදන්නෙ.....

ඇරියස් මට අදාල නෑ හරිය කුලියට ගත්තෙ මගෙ බෝට්ටුවනෙ...බය හැක නැතුව ගෙනල්ලා...හමන්නලා ගන්ඩ කලින් දාන්ඩ කියපිය ආපිට....ලෙඩා උනත් අදාල නෑනෙ...කෝ ස්කීපර් කාරයා ....

ආන් ඇතුලෙ...

වරන්කො යන්ඩ....සුදු චූටි ඔහෙ එනවයි....

ක්..කොහෙද අයියෙ...

මංදන්නෙ නෑ මේ යන්නෙ කොහෙද කියලා.....මගෙන් ඇහුවෙ සුදු චූටි ඔහෙ එනවදයි කියන එක විතරයි ....ගොරෝසු අතට මගෙ අත මිරිකිලා යනවත් එක්කම එයා මාවත් ඇදගන ගොඩ ආව බෝට්ටු විමානෙට දිව්වා....

දෙවි පිහිටයි බුදු සරනයි

මාතර මෑනි පිහිටයි

ජේසු පිහිටයි

සදුනි දුව

තිලින පුතා

බෝට්ටු කදන් පුරාවටම එක එක නම් ලියවෙලා තිබුනා....බුදුසරන දෙවි පිහිට ඉල්ලා තිබුනා...ආයම ජේසුපිහිටයි මාතර මෑනි පිහිටයි ඔය ඔක්කොම අස්සෙ මං බලාගන සමුද්‍ර කියලා තිබුන බෝට්ටු පහ හයක්ම එක ළඟ එකලග තිබුනා.....එයා මාව ඇදගන යන්නෙ ඇයි...එයාට තරහා ගිහින් තියෙන්නෙ ඇයි...මේ හැමදේටම හේතු හොයනවට හේති හිතනවටත් වඩා අර නම දැක්ක පමනින් මගෙ හදවතට එකපාරම මොක්කද වෙලා ගියා...

"සමුද්‍ර....."

කංජියා ඕකව වඩලා දියන් වැටෙයි ලමයට පුරුදු නෑ....

එ..ඒහ්....

සුදු චූටියා ඔහෙ අයියගෙ අත අල්ලගන්ඩ

මාව නිකන් උස්සලා පොලවෙ ගැහුවා වගේ උනා...මාවත් ඇදන් ආව එයා එකපාර වැල් ඉනිමගක් දිගේ නැගලා අර බෝට්ටුවට ගොඩ උනා විතරක් නෙවෙ කංජියට මාව වඩලා දියන් කිව්වා..මට වෙන්නෙ මොනවද කියලා බලන්නවත් ඉඩක් නැති උනා කංජියා කියන එකා මාව ගත්තෙ තනිකරම බඩපත ගාවින් දැල් වලට කැඩිලා ගියපු සාලයෙක් දැලෙන් එලියට අදින්නා ගානට වෙනකොට බෝට්ටුවට ගොඩ උන හැන්දා අනිත් පැත්තෙන් මාව ඇදල ගත්තා....

මට නිකන් කැරකිල්ල වගේ...එහෙන් මෙහෙන් විසික් උනේ තනිකරම නානගෙ කඩේ තැටියට වදින ප්ලේන් රොටිය වගේ වෙද්දි මං එයාව මිරිකලා අල්ලගත්තා...මගෙ කකුල් වෙව්ලනවා....මහ බෝට්ටුවක් නවත්තන්න තරම් ජැටිය කොහොම ගැඹුරු ඇත්ද කියන්න මගෙ හිත කොදුරනකොට පීනන්න මෙලෝ මගුලක් නොදන්න මට ලාවට වගේ එහා මෙහා වෙන බෝට්ටුව පැද්දෙන්න ගන්නවා එක්කම කකුල් වෙව්ලන්න ගත්තා....

ස්...ස්දු...පප්පෙ...ම්..මට...කලන්තෙට වගේනෙ...බ් බයයිනෙ...මේක...හෙලවෙනවා...අනේ...ප්.....පප්පෙ ....

ඒහ්.....සුදු චූටි....කෙලියා....කොල්ලට කැරකිවිල්ල ද....ආ හරි හරි පප්පා ලග...පප්පා ලග....ඔහෙට බයද මැනිකෙ...වරෙන් එහෙනම් පප්පා තුරුල් කරගන්න....මදැයි..හින්නි එවුන් ඔක්කොගෙම පප්පා මමනෙ දැන්....

ඇත්තටම මට කලන්තෙ වගේ...එක ළඟ එකලග ගාල් කරලා තියන බෝට්ටු රෑන.....මාලු කුයිල....මාව උස්සලා ගත්තු ගැනිල්ල...තද කලු ගැහුන මුහුදු වතුර...එහෙන් මෙහෙන් පැද්දෙන බෝට්ටුව මේඔක්කොම ජීවිතෙ පලවෙනිම අත්දැකීම් වෙනකොට මගෙ කකුල් වෙව්ලන්න ගත්තා.....ඉන්නෙත් මුහුදෙ නේද දැනෙනකොට මගෙ හුස්මත් හිර වෙන්න ආවා.....කොටින්ම මට තුන්මුනින් දාඩිය දාගන කලන්තෙට වගේ එනවත් එක්කම මං එයාගෙ ඇගේ එල්ලුනා...මට පප්පෙ කිය උනා....එයා එහෙම්ම මාව තුරුල් කරගත්තා.....

ස්කීපර් අයියා....

දියන්...

සුදු චූටි....

.....

මැනිකෙ මුන ඩිංගක් උස්සහල්ලා...

...

සීදේවි මූන ටිකක් තෙමන්ඩ දියල්ලකො...මේක ගිලෙන්නෙ නෑ.....කෝ ඉතින්....මේ නොදරුවා තනිකරම කාවාටියෙක් වගේනෙ....ම්ම්...කෝ වරෙල්ලා මූන ඩිංගක් හේදුවහම ඔය ගතිය ඇරිලා යයි.....

මොන...මං උන්නෙ එයාව කිටිකිටියට බදාගන....කොහෙ හරි ගිහින් හැප්පිලා මහ මුහුදට වැටෙයි කියන බයට ඒඇගේ එල්ලීගන...එයා මට මූන උස්සන්න කියනවා....වතුර ටිකකින් මූන තෙමුවම ඔය ගතිය ඇරෙයි කියනවා...එයාගෙම ඇදුමක් ඇදන් කූඩැල්ලා වගේ එල්ලීගන උන්න මන් අවසානෙදි බයෙන් බයෙන් වගේ මූන ඉස්සුවා...අනේ....ඒ වෙනකොටත් එයා උන්නෙ මගෙ මූන දිහා බලාගන.....එක අතක වතුර පුරවපු කොලේ ගැලවුන ලීටර් එකහමාරෙ ස්ප්‍රයිට් බොතලයක්....

එයා හිනා උනා...එක අතකින් මගෙ ඔලුව අතගෑවා...මගෙ නොදරුවා කියන ගමන් බය වෙලා උන්න මාව පරක් කරන්න හැදුව....අවසානෙදි මං මගෙ වචන ගැටගහගත්තා...

මගෙ නොදරුවා....හිච්චා බය උනයි...මගෙ අතින් අතෑරෙයි කියල හිතුවැයි....

ම්ම්ම්....බ්..බය හිතෙනවා..මට පුරුදු නෑ ... අයි..යෙ...

සුදු චූටි ඔහෙ හිතනවයි මේ අත්වලට මගෙ මැනිකෙව අතෑරෙයි කියලා....මගෙ අත් ගැන මටත් වඩා මට විස්වාසයි අමාකර.....සීදේවි මගෙ අත් උඩ උඹ හැමදාම පරිස්සම් තේරුනයි ඔහෙට ...

අ....ඇත්තටම ...ද....??

ම්න්...සත්තයි....ඔහෙ මෙයැයිගෙ පනනෙ!සුදුචූටි මං මහ මුහුදක් නම් ඔහෙ ඇවිදින් මගෙ අහස වගේ!

"මනමාලයි ආදරෙත් ඔබ තරම්"

කෝ වරෙල්ලා...කාවාටි පැටියා වගේ එල්ලීගන ඉන්නවා.....ඔහෙ හදන්නෙ ආයම සරමට කෙලින්ඩ...

අ..ආ..ආ...නෑ...නෑ.....ක්..කෙලින්නෙ නේ නෑ අයියෙ.....ඔවූ...අමාකරයා කෙලින්නෙ නෑනෙ...

අමාකරයා විකාර වහංගතෙ මගෙ!

එයා මගෙ මූන හේදුවා...වතුර අල්ලක් අරන් මගෙ ඔලුවෙත් ගෑවා...මෙච්චර වෙලාම තිබුන කලන්ත ගතිය ටිකින් ටික පෑලදොරින් පැනලා ගියත් මං එයාගෙ සරම මිරිකන් උන්නා වගේම මගෙ අත දිහා බලපු එයා මට කාවාටියද මොකාද කියලා සරමට කෙලින්න නේද හදන්නෙ අහනවත් එක්කම මං ඉක්මනට අත අහකට අරන් අත් දෙක වන වන අමාකරයා කෙලින්නෙ නෑනෙ කියනවත් එක්කම එයා ආයම හිනා උනා...

සුදු චූටි බලාගන ඔය බේරපු නැති දැල් පෑගෙයි ඔව්වයි මුරුක්කු අනන් මනන් තියනවා.....කංජියා ස්කීපරයට කතා කරපන්...

හරි අයියා....

එයා මාවත් එක්කන් බෝට්ටුව ඇතුලට යන්න හදනවා...බලාගන කියනවා..අරවා මේවා පෑගෙයි කියනවා...ඒත් දැන් මගෙ ඔලුවෙ කැරකෙන්නෙ කාවාටියා කියන්නෙ මොකෙක්ද කියන කාරනාව.....කාවාටියා කියන වචනෙ මතක් වෙන වාරයක් ගානෙම මට මතක් වෙන්නෙ පාන්වාටියක්....ඒකත් කක්කුටු අඩු හතරක් ආව තෙල් වාටියක්.....

කාවාටියා කියන්නෙ මොකෙක්ද හැන්දො කියල අහන්නත් හිතයි...ඒත් එයා උන්නෙ ආයම යකාට ඇදගන වෙනකොට මන් මොකුත් නොකියා අර බාච්චු බූට්ස් දෙකත් දාගන එයා පස්සෙ ගියා...

සුදු චූටි බලාගන ඇස් කටේ දාන් බහින්නෙ නැතුව බලාගන බහින්ඩ...

හ්..හා...ඇස් කටේ නෑ අනේ.....ඇස් කටේ දාන්නෙ කොහොමද....

ඒක ඊටත් හපන්.....හැන්දා නම් අපෙ අප්පච්චි ගෙම අච්චුව....අපෙ අප්පච්චි ත් මෙහෙම්මයි....මොකක් හරි උන ගමන් ඇස් කටේ දාන්ද ඉන්නෙ අහවා.....ඔය කියන විදිහට ඇස් කටේ දාගන්න පුලුවන් නම් මොනා කරන්න බැරිද....ඇරත් මේ අල්ලි දෙකේ පඩිපෙලකින් මාව වැටෙනවද....

මන් උන්නෙ සාමාන්‍ය මනුස්සයෙගෙ පලලට හදාපු පටු පඩිපෙලක..මට ඉස්සරහින් කංජියා...කංජියට ඉස්සරහින් හැන්දා....බය හින්දම මං පස්ස ගැහුවා.....පඩිපෙල වැටිලා තියෙන්නෙ බෝට්ටුවෙ ඇතුලට වෙද්දි තියන අඩියක් පාසම ස්පිකරයා මුදුනා වෙන්න් හැදුවා මටටිකක් තරහත් ගියා...

එකාතකට මේ හැන්දගෙත් හරි පරිස්සම.....අරක මේක කියනවා...කැමැත්ත දෙන්න කලින් මෙහෙම නම් හා කිව්වම මට හුස්ම ගන්නවත් බැරි වෙයිනෙ ....හුස්ම ගත්තත් කියයි සුජු චූචි බලාගන මැනිකෙ කියලා.....ඇයි අඩෙ පඩි කීයද තියෙන්නෙ...හැන්දා හදන්නෙ මගෙ අප්පා වෙන්ඩ.....ඕනාවට වඩා නීති දායිදො මන්දා....කමක් නෑ...හිතලා බලලා උත්තර දෙන්න කිව්වනෙ....දැම්ම කොහොමත් හා කියන්න හොද නෑ...අහන්ඩ කලින් ඉම්බා නම්.....හා කිව්වොත් මොනා කරයිද...

සුජූ චූචි මට ඔහෙ එක්ක නිදහසේ කතා කරන්න ඕනෙ මැනිකෙ...සීදේවි එනවද මගෙ බෝට්ටුවට කියලා මාව රූම් වත් එක්ක යන්න හැදුවොත්...

අනේ අම්මෙ ඒ මොන ලැජ්ජා නැති වැඩක්ද....විලිසංගෙ නැති වැඩ ඔව්වා...කසාද බදින්ඩ කලින් ඔව්වයි අස්සෙ රිංගන්න...අපි නුවර මිනිස්සු.....වැදගත්කමට හැදුන උන්...අපෙ අම්මා උනත් අප්පච්චි එක්ක පැනලා ගියෙ නම්බු ඇතුව...

ස්කීපර් අයියට කියන්න ඕන ඔව්වට නම් ලෑස්ති වෙන්න එපා කියලා...ඉස්කොලේ ගිහින් අහවර වෙනකන් අතින් විතරක් අල්ලමු ....ඒත් බැරි නම් හිතින් විතරක් පෙම් කෙල කෙල දුරින් ඉද ඔබ දෙසබලන්නම් කියලා.....

ඊටත් එදා ඒක මගෙ නාහෙත් ඇනුනා...ස්පීකර් අයියම කිව්වා ඒක දක්ශිනවර්තව කැරකුන වාලම්පුරියක් කියලා.....ඒකෙ තරම මට නාහෙම්ම දැනුනා.....ඒ උනාට රූම් යන්න කලින් මට ඕක පෙන්නයිද දන්නෙනෑ...

අපො අපො.....රෑට මැසේජ් කෙරිල්ලත් වහාම නවත්තන්න ඕන.....ඔව්වා ඔලුවට ගිහින් මන් විබාගෙ අනා ගනී.....මෙයාට කියන්න ඕන රෑදහයෙන් පස්සෙ නම් මැනිකෙ මැනිකෙ ගාන් එන්න එපා කියලා...

අර කතාවකුත් තියනවනෙ මහ රෑ වෙන්න වෙන්න හිත අයාලෙ යනවා කියලා .....අපෙ අප්පච්චි ත් අපෙ අම්මට "නොකියා "ගල්බාගෙන් කොටලා තියෙන්නම මහ පාන්දර.....දැක්කනෙ අපෙ අම්මා යන්න ගියා..මෙයත් මට රෑ රෑ මැසේජ් කරලා මටත් මෙයා එක්ක යන්නම හිතුනොත්.....ඇරත් මගෙ හිත නම්ම ගන්න එයාගෙ අරක එව්වොත්....

මගෙ එකත් බලන්න ඕන කිව්වොත්...චික්කෙ...ඔව්වට නම් ලෑස්ති වෙන්නඑපා කියන්න ඕනා...නෛයියාඩගම් ....මන් ඇවිත් මොනරවිල පරම්පරාවෙ මුනුබුරා....

මගෙ මුලු මූනම රතුවෙන්න ගත්තා...එක එක මගුල් හිත අස්සෙන් හිතන වාරයක් වාරයක් ගානෙම මගෙ ඔලුව කුරුවල් වෙන්න ගත්තා.....ඇරත් මටදැන් ස්පීකරයගෙ අරක වාලම්පුරියක් වගේ පේන්න ගත්ත විතරයි බඩත් එක්ක කොරවෙලා ගියා මන් ඇස් වහගත්තා....

අ..ආනෙ....අනේ...ක.....ක්...කංජි පප්පෙ....හ්.....

යෝහ් මේ හිච්....ට කංජියගෙ සරම බිම නේද....අමාකර.....හිච්චො.....ඔහෙගෙ වැඩේම හොම්බෙන් යන එක...

අ...නෙ....වාලම්පුරි....අයියෙ.....

මන් හිතන්නෙ මට රූම් පෙනුනා...වාලම්පුරි දාහක් විතර මගෙ ඔලුව වටේ කැරකෙන්න ගත්තා....ස්පීකර් අයියගෙ වාලම්පුරිය හිත හිත ආව මට එක පාරමඇස් වැහෙනවත් අර පඩිය අමතක උනා....දෙයියන්ට ඔප්පු වෙන්ඩ මාව හොම්බෙන්න් ගියා.....ගහගන යන එකා පිදුරු ගහෙත් එල්ලෙනවනෙ කියන්නා වගේ වැටෙන්න ගියපු මට අහු උනෙ කංජියව වෙනකොට අනේ කන්ජිපානි ඉම්‍රානයගෙ සරමත් එක්කමමාව දපනෙ දැම්මා.....

ස්පීකර් අයියාඅගෙ මූනට එබුනා...මන් තනිකරම උඩ බෙලි අත හැරුන මඩ කක්කුට්ටෙක් වගේ....වැටුන වැටිල්ලට මුනින් අතට වැටුන මාව උඩ බෙලි අතටත් පෙරලිලා මගෙ අඩු හතරම උඩ ආවා...වම් කකුලත් දකුනු කකුලත් තනිකරම දෙබඩි මෑකරල් දෙකක් වගෙ එකට ඇබරිලා තියනකොට දකුනු අත හොරොව් පතාන පැත්තෙ අලි ගහපු අලිවැට වගෙ එහෙක් වෙලා...වම් අත මෙහෙක් වෙලා තිබුනා.....ඒ අස්සෙන් මගෙ කටට ලේ රහ දැනෙනවා.....

මන් හිතන්නෙ මගෙ දතක් අනිවාර්යයෙන්ම ලෙප්ට්වෙලා....අනේ අප්පච්චි එහෙම නම් වෙන්න එපා.....කක්කුටු අන්ඩක් වත් හපාගන්න තියන දත් ඇන්ද...

සුදු චූටි.....

ස්....ස්පීකර්...අයියෙ....

ඔහෙ මගෙ සරම කැඩුවට කාරි නෑ...අනුන්ගෙ සරම් කඩන්නෙ නැතුව....කෝ නැගිටපල්ලා...

ක්..කාරි...නැද්ද අයියෙ.....

පොලවෙගහපු මඩ කක්කුට්ටා වගේ උන්න මං ඇඹරිලා ගියපු අඩු බඩු ටිකත් එකතු කරන් එයාගෙ අතේ එල්ලීගන කෙලින් උනා.....එයා මට කාරි නෑ කිව්වා...අනුන්ගෙ සරම් කඩන්න එපා කිව්වා.....ඒ උනාට ඔව්වා කටවචනෙට විතරද දන්නෙ නෑනෙ...

මක්කයි ඔහෙ අහන්නෙ හිච්චො....

අයියා කිව්වෙ....අනුන්ගෙ කඩන්ඩඑපා...අයියගෙ කැඩුවට කාරි නෑ කියලා ...කැඩුවට කාරි නැද්ද අයියෙ.....

ඒ...හොද වැඩේ....දැන් හිච්චා හිතාන ඉන්නෙ හිතෙන හිතෙ ගානෙ මගෙ සරම කඩන්ඩද....

අ..අනෙ...අනේ....නෑ....හැන්දයියෙ.....මගෙ අතින් තව කී පාරක් කැඩෙයිද දන්නෙ නෑනෙ.... ඊට කලින් මෙව්වා වැදගත් විදිහට අහන්ඩ එපැයි.....අපි නු...ව...භ්භ්

හෝව් ..හෝව්....ඕන් පටන් ගත්තා නුවර ලබ්බ දොඩන්ඩ ඉහ රදෙ ඔය ලබ්බ අහලා...කංජියා අරකට ස්කීපර් කාරයට එන්ඩයි කියපන්.....

එයා මගෙ කට වැහුවා....කියන්ඩ හදපු දේ මගින් නවත්තපු එයා මගෙ කට වහලා මටත් චුට්ටක් සැරවෙලා කංජියා දිහාට්ට හැරිලා ස්කීපර් කාරයට එන්ඩ කිව්වා...එතකොට තව ස්කීපර් ලා හුගක් ඉන්නවා....ඔව් ඉතින් අප්පච්චි කිව්වෙ ස්කීපර් කියන්නෙ මහ බෝට්ටු එලවන උන්ටනෙ...එතකොට අපෙ එක්කෙනා දැන් මෙව්වා එලවන්නෙ නැද්ද දන්නෙ නෑ....

තත්පර්‍රෙකට දෙකකට මගෙ කට වහපු එයා මගෙ කට උඩින් ගොරෝසු අත අහකට ගත්තා ....කොටින්ම මේ විනාඩියෙ ඉදන් එයා හැසිරුනේ මම කියන කෙනෙක් මෙතන නැති ගානට වෙනකොට කංජියා එකපාරම අතුරුදහන් උනා...

ස්කීපර් අයියා..

සූන්දියා (සුනන්ද)මක්කයි මේ ඔහෙලා කරයි කියන කාරනාව...ම්ම්

ස්කීපර් අයියා....ඒකා මැරෙන්ඩ ඔන්න මෙන්න...ආය ඔහෙට අමුතුවෙන් දොඩන්ඩ ඕන නෑනෙ.....

මැරෙන්ඩ ඔන්න මෙන්න නෙවෙ....දැන් මැරුනත් කතා අහවරයි දාපන් ආපිට මූදට.....

ආය පිස්සුවක් ඇතෑ.....අයියා දොඩන්නෙ ගහටත් නෑ බඩටත් නැති කතාවක්නෙ....මැරෙන්ඩෛ ඉන්න එකාව මස් කෙරුවම මක්කයි වෙන්නෙ....

කංජියා....මූට කියලා දියන්....මට එකවතාවයි හොදින් කියන්ඩ පුලුවන් ආය....දෙවනි වතාව ඉතින් කතා බතා නෑ....මූට කියපන් කංජියා....

ඒ සූන්දියා අයියා කියනවනෙ....ඕකව දාපන්...ඇරත් උඹල රස්සා කරන්නෙ අයියගෙ බෝට්ටුවෙ....දැල්පන්න බෝට්ටු ඔක්කොම අයියගෙ ..උඹලගෙ මුදලාලි මේක කුලියට ගත්ත කතාව ඇත්ත....ඒත් කෙල උනොත් කෙලවෙන්නෙ අයියට.....ඕකව ඇතෑරපන් .....

කංජි අයියා....මේක ගානට අපි ගේම ගහගන්නම්.....කුනුවෙලා යන එක මස් කරලා කීයක් හරි අතට ගත්තම මැරෙනවයි ආය....ගානක් අයියටත් දෙන්නම්...කිලෝ සීය පන්නලා ආය....කරෝලවලට සුපිරි බඩු ස්පීකර් අයියෙ...

කංජි අයියා අපි ඔක්කොම එකට බෝතලෙ ගහන උන්....ස්පීකර් අයියට කියහන්කො...පංගුවත් අඩු එකේ ගේමක් ගහන් ගොඩ යන්න හදනවා මිසක් රජවෙන්ඩ හදනවා නෙවෙනෙ ආය.....ගානට මස් කරන්නම්

මං බලාගන උන්නා....බොරු කියන්න ඕන නෑ....මට දැන් බය හිතෙන්න ගත්තා අපි හතර දෙනාම අඩ අන්දකාර උන බෝට්ටුවක් ඇතුලෙ....එයා කංජියා සූන්දියා ගානවා...සතා මොකාද කියන්න දන්නෙ නෑ ඒත් දිගින් දිගටම හැන්දා කිව්වෙම ඕකව මූදට දාන්ඩ කියලා වෙනකොට සූන්දියද බූන්ජියද කියන එකා දිගින් දිගටම අයියෙ හුයියෙ ගගා කරන්ඩ කියපු එක වෙද්දි ඉන්ට අත්දෙක තියන් ඇස් හීනි කරන් උන්න හැන්දා එකපාරම අරකගෙ මූන හරහා පාරක් දමලා ඇරියා විතරයි මගෙ හුස්ම හිරවෙන්න ආවා....

අප්පට හැමනෙන්ඩ දාලා.....කංජියා මේකට දෙක තුනක් හමන්නපිය.....සැරයක් දෙසැරයක් කිව්වා මුන්ට තේරෙන්නෙ නෑනෙ...තොපි ගානට මස් කරන්ඩ මං හිරේ විලංගුවෙ යන්ඩ....අර මැඩගස්කර් ගිය උන්ගෙ බෝට්ටුදැල්පන්න පිටින් පිච්චුවා...යකො මං උන්ගෙ පවුලුත් බලන්ඩ ඕන...තොපෙ මුදලාලියට කියපිය ආය මේ ස්කීපර් අයියගෙන් මොකුත් නෑ කියලා...හරි..මේකව ගන් කංජියා....

ඒ..ඒහ්....ස්කීපර් අයියා....කංජියා ඇතෑරපන් ....ඔය නම් තොපි ඇරගන්ඩ තමයි ස්කීපර් අයියා මෙව්වා ඇයි හොදයි කම් නැතිවෙන වැඩ ආ...

සුන්දියා මේහ්.....ඔහෙට කිව්වම අහපන් හරිය....යකො තොපෙ වැඩ වලින් කෙලවෙන්නෙ අයියටනෙ...තොපිට ඔය තරමට අහේනියනෙ.....

ස්කීපර් අයියා නැවතියන් ....ට යකො තොපි තොපේ වරිගෙ උන්ටම බඩේ පාර දෙන්නෙ.....කිව්වම...අහලා...නැවතියන්

....

ටෞක.....න්ඩ දාලා....සුන්දියා...

අනෙ...අනේ...අයියෙ...හ් අනේ අයියෙ....හ්....අනෙ කංජි ප...ප්....අනේහ්...

සුදු චූටියා අහකට පල හිච්චො...

මාව තල්ලු වෙලා ගියා....කොටින්ම මගෙ ඇස් නලලට ගියා.....වචනෙන් දෙකෙන් අහවර කරගන්න තිබුන ගනුදෙනුව එකපාරම කුනුහර්ප වැලක් පිරුන ගුටිමුරේකට යනකොට අර සුන්දියද බූන්ජියද කියන ස්කිපර් කාරයා මගෙ හැන්දගෙ බෙල්ලෙ එල්ලුනා....ඌ තනිකරම හොට දිග මෝරෙක් වගේ....කට්ට කලු සූන්දියා වරිගෙ උන්ටම බඩේ පාර ගහනව කියාගන හැන්දගෙ බෙල්ලෙ එල්ලුන විතරයි ඒ තතපරෙන් දග දග ගාලා ගුටිමුරයක් පත්තු වෙන්න ගත්තා මං බෙරිහන් දුන්නා...

අනෙ ගහගන්ඩ එපා අයියෙ ....ඇත්තමයි මං වන් වන් නයින් ගහනවා...මගෙ ස්පීකරයව.....අතෑර...පියකො...සූන්දියො අපෙ අප්පච්චි දික්වැල්ලෙ ඔඕ අයිසි මං උඹව දූසන නඩුවකට හිරේ....යවනවා....කිව්වම අහලා අතෑරකො...

ඒඒ සුදුචූටි....සුදු චූටි...ඒක අහවරයි ඒක අහවරයි ....

කංජි අයියෙ අතෑරපන්....වරෙන් යකො....ගහන්ඩ වරෙන්.....වරෙන් යකො.....හමන්නලා ගන්ඩ වරෙන්....සූන්දියා අපි නුවර මිනිස්සු.....වරෙන්.....

ඒ ස්පීකර් අයියා මේන් මේකව ගනිල්ලා මූ තනිකරම ඉස්සෙක් වගෙ ...හත්තුක්කෙ මුගෙ කටෙ සද්දෙ කනුත් කැක්කුමයි....

අතෑරපන්....අම්මා ගහයි බැට් එකෙන්....අතෑරපිය කංජි අයියෙ....

ඒ...සුදු චූටි.....හිච්චා....සීදෙවි ..මේක නම් සීදේවියෙක්මයි....ඒක අහවරයි.....ඔහෙ කුනුහර්පත් දොඩනවා ඒ පාර...

..මේ මම...පිස්සුද ඔහෙට....මං කියපු කුනුහර්පයක් නෑ...ඔයාට ඇහුනා වැරදි....අපි එහෙම කුනුහර්ප කියන අය නෙවෙ ඔයා දන්නවනෙ අපි නු....

ඒ...එ..ඇති... ඇති ඔන්න පටන් ගන්න යන්නෙ....සූන්දියා පෙන්නපන්.....

ඩෑස් දෙකයි වලිය අහවරයි ....කනේ පාරවල් දෙකක් එක්ක ඔහෙක් වෙලා ගියපු සූන්දියා පුග්ගිනි කාරයා වගෙ පුප්පනකොට හැන්දව අතෑරපන් ගගා උඩ පැන පැන තට්ට තනියෙන් අත පය එහෙක් මෙහෙක් කර කර උන්න මන් සූන්දියට එකක් අනින්ඩ යනවත් එක්කම කංජියා මාව ඇදලා අරන් කිහිල්ලෙ ගහගත්තා .....අත් දෙක එහෙන් එල්ලෙනකොට කකුල් දෙක මෙහෙන් එල්ලුනා...

බෝතල් දැලියා වගේ එල්ලීගන උන්නත් මොකද පාරෙන් දෙකෙන් වලිය අහවර උනත් මං බෙරිහන් දිදි නහින්ඩ ගන්නවත් එක්කම කංජියා මාව හැන්දට දුන්න විතරයි මගෙ කටේ සැර චූට්ට චූට්ට අඩුවෙලා ගියා විතරක් නෙවෙ නුවර මාන්නෙ රෙද්ද පල්ලෙන් බේරෙනවා කියලා දැනුන මං ඉක්නමනටම මගෙ ජාමෙ බෙරගන්න හැදුවත් හැන්දා මාව නවත්තලා සූන්දියට පෙන්නන කියනවා එක්කම මාව පුපුරන්න ආවා...මගෙ මූන තරහට රතු වෙලා යනවත් එක්කම මං දෙතුන් වතාවක්ම අර බාච්චු ශර්ට් එකෙ කොන ඇදගන උඩ පැන්නා

මට නුවර මිනිස්සු කියන්ඩ දීපන් ස්පීකර් අයියෙ ...මට අපි වැදගත් මිනිස්සු කියන එක කියන්ඩ දීපන් .....

හී.... දෙයියා...කැස් ...බෑවෙක්........!!!

මං මගෙ කටට අත තියාගත්තා... තනියෙන් පුපුරන එක පැත්තක දාපු මං අනිත් පාර එයාගෙ පස්සෙ ඇතුලට ගියා වගේම දැකපු දෙ එක්ක මගෙ අත ඉබේටම කට ගාවට ආවා.....උඩු බෙලි අතට පෙරලලා උන්නෙ නාන බේසමකටත් වඩා විසාල කැස්බෑවෙක් ...තවමත් අතපය හතරම ගහන පන කැස්බෑවෙක්.....

සූන්දියා....උඹගෙ ඇහෙ කොහෙ හරි දෝසයක්ද කිය....මුගෙ ඇගිල්ලෙ මුද්දක් තියනවා...හොදට ඇස්කන් කට පුක ඇරලා බල ...මොකක්ද ඇගිල්ලෙ තියෙන්නෙ කියලා .....කංජියා පෙරලපන් මූව...පෙරලලා බලපන් මූ පන අදින එකෙක්ද කියලා...

මං බලාගන උන්නා....කොටින්ම මට අහේතුවකට වගේ එයාගෙ වැලමිට මිරිකුනා....ඇත්තටම අහේතුවකට නෙවෙ මට බය හිතුනා.....පන ගියපු මාලු රහ කරකර කෑවත් මොකද සූන්දියා කියන එකා මෙ මස්කරන්න හදන්නෙ පනගහන සතෙක් නේද දකිනකොට අනෙ මට දුක හිතුනා...ඒකව මරන්න නම් එපා අයියෙ කියලා කියාගන්න ඕන උනත් ඒ වෙනුවට මට එයාගෙ අත මිරිකුනා.....

මේකව යන්තමට කැපිලා විතරයි ස්කීපර් අයියා...මැරෙන පාටක් ගෑවිලාවත් නෑ.....සූන්දියා උඹලත් කරන්නෙම ධාතු වැඩනෙ ...

කංජියා අරකව පෙරලුවා ...අනෙ දෙයියනේ කිව්වට මාව විස්වාස කරන්න අර රවුම් ඇස්වලින් කදුලු බේරෙනවා...උඩුබෙලි අතට පෙරලලා තියෙද්දි ඒකා උගෙ අත් වලින් පුලුවන් තරම් පපුවට ගහගත්තා වගේම මුනින් අතට පෙරලපු ගමන් ඒකා උගෙ ඔලුව බිම ගහන්න ගත්තා ...ඌට දැනෙනවද කොහෙද ...

මන්දා මගෙ ජීවිතේට කැස්බෑ මස් කාලානෑ....රහද කියන්න දන්නෙ නෑ.. දිව්‍යලෝකෙ රස ගේනවා කිව්වත් මට එපාමයි දෙයියනෙ...ඒ ඇස්වලින් පෙරෙන කදුලු දැක දැක කොහොම මස්කරනවද...

කංජියා....

ස්කීපර් අයියා...

හිච්චව ගෙදරට ගිහින් දාපන්...ඉස්සරහා නානගෙ කඩෙන් කිරි ආප්ප මුලක් අරන් දියන්...මෙයැයි පාඩන් කරනවලු බඩ දැවිල්ල එයි පොඩි බඩවල්....

අනෙ අයියෙ.. 

එයා මාව යවන්න හදන්නෙ....ගෙදරට හොරෙන් ආවත් මොකද මට දැන් යන්න හිතෙන් නෑ...එකක් මේකව මරයි කියලා ...අනික අර සූන්දියද බූන්ජියද කියන එකා ආයම රන්ඩුවට පැටලෙයි කියලා ...අනෙ අයියෙ කියන ගමන් මන් ඒ අත මිරිකගත්තා විතරයි එයා මගෙ දිහා බැලුවා ....මගෙ ඔලුව අතගෑවා...හරියටම අකීකරු වෙන්න එපා කියන්න වගෙ මගෙ කම්මුල පිරිමැද්දා .....

සීදේවි....මන් ඔහෙව උස්සන් ආවෙත් හොරෙන් මැනිකෙ.. කංජියා මට විස්වාසයි....මගෙ සුදු චූටිව හීරිමක් වත් නොකර ඌ ගිහින් දායි....ම්ම්ම්....ගිහින් කාලා පාඩම් කරන්න.....

එයා මට යන්න කියනවා කංජියා විස්වාසයි කියනවා ....හීරිමක් වත් නොකර ගිහින් දායි කියනවා...ඒත් මගෙ ඇස් අර කදුලුපෙරන කැස්බෑවා දිහා බලන් ඉන්නවා ....

අයියෙ....මේකව මරන්න එපා අයියෙ....මුන් හුගක් ගනන්ද....අප්පච්චි දීපි සල්ලි වගයක් තියනවා.....මේකට මං ඒක දෙන්නම්....මෙකව යවපන් සමුද්‍ර....උඹගෙ නමේ තේරුමත් මහ මුහුද කියන එක....ගන්ඩ ඕන ටික අරන් රකින්ඩ නියම ටික රැකපන්...උඹල මුහුදෙන් රැකෙනවා නම්....උඹලා අතින් මහ මුහුදත් රැකපන් සමුද්‍ර ....මං කොල්ලෙක්....කොල්ලෙක්ට හීරුම ක් වෙන එක මහ දෙයක් නෙවෙ....ඒත් මට මෙහෙම තැන් බලන් ඉන්න අමාරුයි.....

මට ඇඩෙන්න ආවා...අරකා අහවරක් නැතුව ඔලුව බිම ගහනවා...ඔය ගහගන්න ගහගැනිල්ලට ඒකව මරන්න කලින් ඔලුව පුපුරලා මැරෙනවා...මං කියපු වචනයක් වචනයක් පාසාම අහන් උන්න එයා අනිත් පාර මොකුත් නොකියම මගෙ අත කංජියගෙ අතට මිටමෙලෙව්වා.....

 _________________________

සුදු චූටි....

මගෙ මූනෙ කිසි හිනාවක් තිබුන් නෑ...නානගෙ කඩෙන් ආප්ප උරයක් අරන් දුන්න කංජියා එයා කිව්වා වගේම මාව හීරුමක් වත් නොකර ගෙනත් බස්සනකොට මං මගෙ කකුලෙ තිබුන ලුමිනස් බූට් දෙක ගලවලා කංජියා අතට දීලා එන්න හැරුනා...ඒ එක්කම කංජියා මට කතා කෙරුවා ...

කංජි අයියෙ...

ඔහෙ හිතන්නෙ ස්කීපර් අයියා ඕකව මරයි කියලද...

.......

ජම්මෙට වත් නෑ සුදු චූටි....අපි මාලු කාරයො.....මහ මුහුද කියන්නෙ අපෙ ඉල්ලම...කදුගනන් මාලු දෙන මහමුහුදෙ මැනික් කැට කියන්නෙ ඕකුන්ට ....අහිංසකයා...සුදු චූටිදැක්කයි ඒකා පපුවට ගහගන්නවා.....ආයම.ඔලුව බිම ඇනගන්නවා....ඒ ඒකගෙ මරන බයට...ඉබ්බා වගේ නෙවෙ කැස් බෑවා.....ඒකට දැනුමම කරන්නෙ අඩ අඩ පපුවට ගහගන්න එක...ආයම ඔලුව ඇනගන්න එක...ඕකුන් මරන එක තහනම්....හොරාවට මස් කරන උන් නැතුව නෙවෙ...

සුදු චූටි.....කාලයක් තියනවා මේ වැල්ලකරේට හද එලිය උතුරන්ඩ තියන දාට කැස්බෑවො අහුරු ගනන් ඇවිදින් මේ වැල්ලෙ බිත්තර දාලා හංගලා යන.....මේ ඇස් අනන්ත අප්‍රමාන ඕක දැකලා තියනවා...ගන්න එකාට ඒකත් ඇති සුදු චූටි...උපන්දා ඉදන් අපි මේ මහ රැල්ලත් එක්ක ගනුදෙනු කරන උන්...ඔහෙ ඇඩුවෙ ස්කීපර් අයියා ඒකව මරයි කියලද...ලොවෙත් නෑ...අයියගෙ ඔය අත් දෙකෙම්ම කීයක් නම් ආපිට මූදට හරවලා ඇතිද.....ඒ හන්දමයි අයියට ඔහ හැටි හරියන්නෙත්....සුදු චූටි කිව්ව වගේම....අපි මූදෙන් ගන්න උන් වගේම මූදටත් දෙන උන් සුදු චූටි....

මේ මහ මුහුද කියන්නෙම ධීවරයන්ගෙ ආත්මය!!අපෙන් සීයට පනහයි.....එහෙන් අපිට පනහයි එහෙමයි අපි ගේම ගහන්නෙ සුදු චූටි...

මං බලාගන උන්නා....කංජියා කියවගන ඉන්නව.....නොදන්න කතා ගොඩාරියකට පස්සෙ එයා මගෙ ඇස් වල කදුලු වේලවන කතාවක් කිව්වා.....අවසානෙදි අර ආප්ප උරෙන් තුන් හතරක් අත දාලා ගත්ත මන් ඉතුරු ඔක්කොම කංජියා අතට තිබ්බා...

මං කිව්වා කියලා එයාට පරිස්සමින් ඉන්න කියනවද අයියෙ....

 _____________________

ආ ඕයි මෙ එලිවෙන්ඩත් කලින් පොඩි ගස් බල්ලා ගම්මැද්දෙ ගියාද සුදු.....

තේජක.....මොනාද තේජක ඔය කියන්නෙ.....ඔයා ලමයිට බනිනවා...ළමයි කියන්නෙත් ඔය කතානෙ....

ආදරේට ගෑනියෙ....ආදරේටනෙ....ඇයි ඕයි මං වැඩට යන්ඩත් හදනවා...එකෙක් තාම බුදි....අනිකා එලිවෙන්ඩ කලින් ගම්මැද්දෙ ගිහින්...මාත් ආසයිනෙ ඕයි යන්ඩ කලින් ගෑනි ළමයි මූන බලලා යන්ඩ...තමුසෙ වගේ මං උන්ගෙ අස්සෙ ඉන්නවද....මං යනකොටත් බුදි...එනකොටත් බුදි....

හරි හරි අනෙ...තරහා ගන්න නෙවෙ...ආදරෙයි කියන්න දන්නවා...ඒ උනාට පව්නෙ එහෙම කියන්න.....ආ තේ එක....

හා...හා...නැලවිල්ල ඇති....සුදු මේ ආප්ප කොහෙන්ද ....තමුසෙ ආප්ප පුච්චන්ඩ දන්නෙ නෑනෙ.....

සුදුමහත්තයා ගෙනල්ලද කොහෙද ..ළමයා එලිවෙනකන් පාඩම් කරලා පව්...

මන් උන්නෙ පහලට බහින්න තව පඩි දෙකකට උඩහින් හිටගන බිත්තියට හේත්තු වේගන...අප්පච්චි වැඩට යන්න ලැහැස්ති වෙලා...අම්මගෙ කටහඩ....අප්පච්චි කටහඩ මුලු කුසියම බදු අරන් තියනකොට වෙනදට නිදි පැදුරෙම්ම අම්මෙ චේ.....හ්.....ගාන මට අද තේ අමතක වෙලා තිබුනා...

කොටින්ම මට අද කන්න බොන්නත් බඩහින්න නැති උනා...ඇස් ඇරුන පමාවට මැසෙන්ජර් එකට ගියපු මං මුලින්ම දැක්කෙ එයාගෙන් ඇවිදින් තිබුන මැසේජ් එක...

Good morning seedevi!

සීදේවි මැනිකෙ තාම ඔහෙ අවදි උන් නැතැයි...

සුදු චූටි මන් යනවා.....ගිහින් ඇවිත් කියන්නම්...ඔහෙ පරෙස්සමින් ඉන්ඩ...

මැනිකෙ මන් ඔහෙට ආදරෙයි හරිය.....

මට නිකන් කුචි කුචො සොෆ්ට් වගේ.....එයා මගෙන් අවදි උනෙ නැද්ද අහලා....මෙයාගෙ සාහිත්‍ය අනෙ....මට පරිස්සමින් ඉන්න කියලා මදිවට වීඩියො එකකුත් එවලා....අනේ අර කැස්බෑවා....එයාලා ඒකව මූදට දාන එකක් ...

මට දැන් ලෝබයි වගේ....මැසේජ් ටික දැක්කත් උත්තර බදින්න ලෝබයි වගේ.....ලෝබයි නෙවෙ මට නිකන් ලැජ්ජයි වගෙ...අර ගහගන්න බාසාවෙන්ම මැනිකෙ මන් ඔහෙට ආදරෙයි කියලා තියන කෑල්ලම මන් දැන් සියවතාවක් විතර කියෙව්වා මදිවට එයාගෙ එකවුන්ට් එකට ගිහින් ඵොටෝ එකකුත් සේව් කරන් ඒකටත් හොරාවට උම්මි දෙක තුනක් දුන්නා...

අනේ..මට කිචී වගේනෙ....!!

ම්හුක්.....ආදරෙ උනාට කමක් නෑ....දැම්ම හා කියන්න හොද නෑ.....අගේ නැතුව යනවා...

නියපොත්තකුත් හප හප ආයම අර මැසේජ් එක.කියවලා.සියවෙනි පාරටත් බඩේ සමනල්ලු පියාඹන මොහොතක අම්මටයි අප්පච්චිටයි මගෙ හොරෙ අහුවෙයි කියන බයට එකේ ඉදන් දහය වෙනකන් හිතින් හැනපු මන් මොකුත් නොදන්න එකා වගේ කුසියට ආවා...

අප්පච්චි තේ බොනවා...කුසියෙන් එකයි සුවද.....ගානට කර උන තැටි පාන් රාත්තල් දෙකක් විතර සාමාන්‍ය ගානට කපලා පන් වට්ටියක දාලා.....සුදුපාට පෝර්සිලේන් බෝල් එකක් පිරෙන්ඩ රතුම රතු පොල්සම්බෝලයක් දිලිසෙනකොට ඊයෙ හදාපු කක්කුටු හොද්ද දුම දදා පාන් එක ගාව තිබ්බා.....

අම්මෙ සුවද අනෙ...

කානුවගෙ කිඹුලා තාම මේසෙ උඩ...මූ බුදිද කොහෙද .....

සුදු මහත්තයා මාලුපාන් ගත්තා...පාන් තියනවා කැමති එකක් කන්ඩ....

ඔලුව වනපු මං මොකුත් නොකියම අප්පච්චි ඉස්සරහින් වාඩි වෙලා පිගානක් අතට ගත්තා...මට ඕන මාලුපානක් නෑ...මට ඕනෙ කක්කුටු අන්ඩක් ලොව ලොව පාන් කන්න....අපරාදෙ අම්මා වලද හොදලද දන්නෙ නෑ.....හෝදලා නැත්තන් එයා වගේ මටත් ඇතිලියෙ කන්න තිබ්බා ..තෙල් වාටිය ඇතිලෙ ගාන් කනකොට රහයි අප්පා...

අම්මෙ.....

ම්ම්ම්....

ඇතිලිය හේදුවද.....

හේදුවෙ නෑ ඒකෙ බල්ලට බත් ඇනුවා ...

යෝහ් ..අනේ.....ඒකෙනෙ අප්පා හොදම හරිය තියෙන්නෙ...

මගෙ මූන ඔහෙක් වෙලා ගියා.....කුරුමානම් අල්ලලා අල්ලලා ඇතිලිය කෝ අහද්දි ඒකෙ සාගරිකට බත් අනලා කිව්වා විතරයි පාන් කෑල්ල බල්ලට දීලා මට උගෙ බත් එක කන්න හිතුනා....මොනා කරන්නද.....සාගරිකට හිතින් දෙහි කපපු මන් හොදි චුට්ටක් දාගන අනිත් පාර තෙල් වාටිය ලොවන්ඩ ගත්තා....

ආ විහාරා...

හ්ම්ම්...

ආ ඕයි මන් මුන්ට ළඟදි නේ රෙදි අරන් දුන්නෙ.. ....

ඔව්...ඇයි.....

මෙ මූ කැලනි හිගන්න වගේ බාච්චුවක් ඇදන් මොකද...සුදු මහත්තයා ...

අ..අප්පච්චි ....

මොකක්ද බන් ඔය බාච්චුව...මූට සම්පකාරෙ රෙද්දක් හම්බෙලා වගේ...බලන්ඩ කෙලින් වෙයන්...මොනාද ඔය ලියලා තියෙන්නෙ...

මන් හිතන්නෙ මට දෙයියො බුදුන් සිහි උනා.....කක්කුටු හොද්දෙ ඔබාගත්ත පාන් කෑල්ල ලොව ලොව උන්න මන් උන්නෙ ප්‍රෙම ලෝකෙ ගිලි ගිලි වෙනකොට මෙච්චර වෙලාම මීක් නොගා උන්න අප්පච්චි එක පාරම අම්මට කතා කරලා රෙදි ගැන කියවද්දි මට දෙලෝ රත් උනා...බාච්චුවලු....අනෙ අම්මා පල්...ල....මන් තාම ඇදන් උන්නෙ මගෙ හැන්දගෙ ටීශර්ට් එක වෙද්දි අප්පච්චි ඒකෙ ඉස්සරහම තිබ්බ අකුරු කියවන්න ගත්තා මට හැන්දව සිහි උනා....

අනෙ හැන්දයියෙ අපි ඉවරයි හැන්දයියෙ !

හැන්න....මොකක්...හැන්නදිගෙ මැකරල්ස්....

මට දුවන්න හිතුනා.....කෙලින් වෙයන් කියපු අප්පච්චි ගානට තිතට හැන්දගෙ මැකරල් එක කියනවත් එක්ක්කම මන් පිගාන දික් කරලා කක්කුටු අන්ඩක් ඉල්ලුව විතරයි දොර දිහාවෙන් කානුවගෙ සිරික්කියත් ඇහුනා.....

අප්පච්චි මට කක්කුටු අන්ඩක් දාන්න....

අම්මියෙ........ ඉන්නවත...පුතා ආවනෙ.....අම්මියෙ....පුතාට අලුත් යාලුවෙක් හම්බුනා..මේ....අයි අයි....අප්පිච්චි මේ....අමාකරයො කැතයො.....මේ....පුතාගෙ පසනා.....මේ....අම්මියෙ මෙ....අයි අයි....පුතාගෙනෙ අම්මියෙ පසනා. ..අප්පච්චි මේ.....පුතාගෙ යාලුවා...අප්පච්චි මේ...පුතාගෙ පසනා...

දෙයියන්ට ඔප්පු වෙන්ඩ පසනා....කානුවා දෑතින් බදාගන ඇවිදින් උන්නෙ පසනව වෙනකොට මාව හැදිගෑවිලා යන්න ආවා... කානුවා පසනව ඇදන් අප්පච්චි ගාවට ආවා....මට තවත් දාඩිය දාන්න ගත්තා.....එහෙන් සුසංගතා කෑ ගහනවා....අමාකරයා කැතයා ගානව...ඕකව මං දැන් මූදට වීසි කරනවා.....ඌට මං විතරයි කැත...පොඩි http

අප්පච්චි මේ...අයි අයි...

ආ....පොඩි ගස් බල්ලට තවත් ගස්බල්ලෙක් හම්බෙලා නේ.....අයි අයි ....හරි ශෝක්නෙ....අලියෙක් පඩයක් ඇරලා වගේ ඉස්සරහම දතුත් නෑ බොලෙ...කෝ බලන්ඩ...කව්ද පුතේ නම...

පසනා....

පසනා විතරද....

නෑ.....

එහෙනම්...ඔක්කොම කියන්ඩ බලන්ඩ.....මොකක්ද

පසන්....අරුනලු හැන්නදිගෙ....

හැ න් න දි ගෙ...?????

අ...අ...අයි....අයි.....අප්පච්චි මට.....තවත්....කක්කුටු අන්ඩක් ද්...දාන්න...

"සීදේ....වී..........ආ.....සීදේ.....වී.....අමාකරයා.....සීදේ....වී...."

හරියටම...හරි...අනෙ අප්පච්චි මට ඔය පිගානම දාන්න.....!

අයි....අයි.....පසනා.....පුතාගෙ.....😂😂😂😂😂😂

ආතරෙයි හර්තෙ....හ්.....ඔහෙලා පරිස්සමින් ඉන්ඩ ඕනා හරිය...!

ආ...තවත් කාරනාවක්...කතාවෙ සමහර තැන්වල සුද්ද සිංහල භාවිතා වේවි....නොදරු පැංචො ඉන්නව නම්...පුතෙ මේ අක්කා කුනුහර්පත් අදාල තැන්වලදි ලියනවා...පස්සෙ කතාවෙ ss අරන් බුකීගත කරලා අර අක්කගෙ කතා මෙහෙමයි....අරහෙමයි කියන්න එපා.....මොකද මට ඔහොම උනා ..... සම්පූරනම කතාවෙම නෙවෙ අදාල තැන්වල.....අනික වැල්ලට කුනුහර්ප කියන්නෙ සාමාන්‍ය දෙයක්....අමුඩෙයි පුකයි වගෙ තමයි...අපහසු අය ඉන්නවා නම්.....ඔයාලට පුලුවන් නොකියව ඉන්න හොදද.....!බලෙන් කියවන්න කියන්නෙ නෑ....කැමති අයට හැන්දා එක්ක ඉන්න පුලුවන් .....අකමැති අයටව හැන්දව දාලා යන්න පුලුවන් ....

ඔහෙලට මෙයැයි කිචියි !

More Chapters