Ficool

Chapter 8 - 08

මට ගොත ගැහෙන්න ගත්තා.....තල්මස් පවුලෙ වයසක තල්මහ මගෙන් පොල් ඔයන්නක් ගැන අහ අහ ලගට එනකොට මං දන්නෙ අඹ බයන්නක් විතරයි ගාපු මන් වෙව්ල වෙව්ල පස්සට ගාටන්න ගත්තා....

ඇයි බල අම්...මෙ...පොල් ගෙඩ්ඩක් ඔයාගන්ඩ එකෙක් නැති හැටියක් ..හිච්චා ගන් මේක...මේක ඔයපිය මට උයාගන්ඩ...දැන් වෙලාව කීයද....ගන් මේක....

අරුන්දා කෑ ගහනවා....මං දන්න පොල් ඔයන්නක් නෑ ගගා කොච්චර කිව්වත් මේක ඔයපිය ගගා බෙරිහන් දෙනවා....අනෙ යකො මං දන්නෙ අඹ බයන්න විතරයි කිව්වත් මුන්දෑ නෙවෙ අහන්නෙ.....මේක ඔයල දෙන්ඩ බල්ලෙක් නෑ කිය කිය කෑගහනවා....අනෙ අම්මා පල්...ල...මේකිට මගෙ සින්හල තේරෙන්නෙ නැද්ද දෙයියනෙ ...

උන්දෑ කෑ ගහනවා...කට නිකන් කැලනි බෝක්කුවක් වගේ එතකොටයි මං හරියටම දැක්කෙ අනෙ උන්දැගෙ ඉස්සරහා දත් ඇන්දෙත් දත් තියෙන්නෙත් එකක් ඇර එකක්...හරියටම මොට උන හිරමනයක් වගේ .....

ඇරපු කට තනිකරම නටරාජ් කෝනමානයක් වගේ පාතට වැක්කෙරිලා...

පොල් ගෙඩ්ඩ උස්සන් බෙරිහන් දෙන තල්මහගෙ මූන තනිකරම දෙබරු ඇනපු ගස්මුට්ටියක් වගෙ මදිවට මට හිතුනෙම උන්දෑ මේ දැන් නැගිටලා නින්දෙන් මායන් වෙන එකියෙක් කියලා වෙද්දි මං පස්සට ගාටන්න ගත්තා...

අ..අනේ....අත්තම්මෙ ඔහෙ ඔය හදන්නෙ මට මතුරපු පොල් ගහන්ඩ නේද..... ඇ...ඇ ඇත්තමයි අත්තම්මෙ අපි නුවර මිනිස්සු අපි ලව්වා ඔය පොල් ඔයනු නම් කරවන්න හම්බෙන්නෙ නෑ...ඇ...ඇ.....ඇරත් ඔහොම උයපිය....ව්..වරපිය ගාන්ඩ....අපි කව්ද...ල්..ලගට නම් එන්ඩ එප.....ඔය පොල් ගෙඩි..ය අරන්...අනේ යමපියකො අප්පා.....චිබු අත්තම්මෙ...චිබුකො....

ගොත ගගහා බෙරිහන් දිදී උන්න මං පස්සෙන් පස්සට ගියා යමපියගො ගෑවා..... .... උන්දැ නෙවෙ ඒවා මායිම් කෙරුවෙ....අනේ තල්මහගෙ අත්තම්මා තනිකරම බාබයිගා යකින්න වගේ...කොච්චර වාත් දික් කර කර ඉස්සරහට එන උන්දෑ තනිකරම ළමයි ගිලින බාබයිගා යකින්න වගේ...

අර අපෙ කානුවගෙ ලස්සන වසිලිස්සා පොතේ ඉන්න බාබයිගා යකින්න වගේ ....බාබයිගා යකින්න වංගෙඩියෙ නැගලා මෝල් ගහෙන් කොට කොට යනවා කියනකොට ඉන්න බාබයිගා යකින්න ළමයි හොයාගන යනවා වගේ ...

හුස්ම ගැනිල්ලෙ තරමට කොස් පරදන පපුව දැන් දැන් අර කානුවක් වගෙ කපාපු රේන්ද හිල් වැටුන හැට්‍ටෙන් දැන් දැන් එලියට පනී කියලා ඔක්කොටම වඩා බය හිතෙද්දි උන්දැගෙ අර කගෙඩියක් තරම් බඩේ තිබුනෙ බුරිය තනිකරම මරියානා අආගාදෙ තරම් කියලා මං හරියටම දැනුයි දැක්කෙ.....ඒක දැකපු මට ඊට වඩා බය හිතුනා....මගෙ ඇස් එලියට පනින්න ආවා...

බාබයිගා යකින්න වැහුන වයසක තල්මහ මගෙ දිහාවට අර පොල් ගෙඩ්ඩ දික් කරලා ගන් මේක කියනවත් එක්ක දන්න ගුරුකමක් නැති උනත් මං දෙකට නැවිලා වැලි අහුරක් ගත්තා.....

.ඇ..ඇත්තමයි අත්තම්මෙ.....ල්..ලගට නම්...එන්ඩ.....එපා.....ඇ..ඇයි යකො පවුලම හු..හුනියම් කාරයොනෙ...එ ...එහෙන්.....හැන්දා...

අපෙ....උන්ට...න්න්...නූල් පන්නලා...අනෙ..අනෙ...අත්තම්මෙ.....

ඇ..ඇයි...රෙද්ද...කඩන්..ඩ හදන්නෙ...හ්හ්....

මට කලිසමෙ චූ වෙන්න වගේ...මෝහිනිව අතේ තියන්න ළමයා වගෙ ...අනේ....නෑ...දෙයියො...නෑ...ලමයා අතේ තියන් ඉන්න මෝහිනි රෙද්ද කඩන්නා වගේ පොල් ගෙඩ්ඩ අතෙ තියන් උන්න අත්තම්මා පොල් ගහන එක පැත්තක තියලා පොල් ගෙඩ්ඩ කිහිල්ලෙ ගහන් අර ඇදන් උන්න චීත්තපට බුරුල් කරනවත් එක්කම මගෙ හුස්ම හිර වෙන්න ආවා....

පොල් ඔයපන් ඔයපන් ගගා ලගට ආව උන්දෑ අනිත් පාර පොල් ගෙඩ්ඩ කිහිල්ලෙ ගහන් දේවාලෙ කපුවා වගෙ ඇදන් උන්න රතු මල් වැටුන චීත්ත පට බුරුල් කරනවත් එක්කම මගෙ කට ඔහෙක් වෙල ගියා.... ඇස් දෙක මෙහෙක් වෙලා ගියා .....

අතේ ඉන්න ලමයව වඩාගත්තට පස්සෙ මෝහිනිත් කරන්නෙ රෙද්ද කඩන එක වෙනකොට මට දැන් තල්මහව බබයිගා යකින්න නෙවෙ මෝහිනි වගේ පේන්න ගන්නවත් එක්කම බයේ බඩ යන්න ආව මන්

මගෙ අතේ තිබුන වැලි අහුරට දන්න හර්ප ඔක්කොම මතුරලා උන්දැගෙ මුනට කෙලල ඇරියා....!!

හ්..හූචි කුච්චයියො....හූචිකුචයියො ....ත්...තෝත් නටාපිය..මාත් නටන්නම්....තොට...ප්..පොල්බෑවයි....ම්..මට පොල් ...බෑවයි....හාක්‍රොස්....ප්..පටාස්.....!!!

යකෝ...කැහ්.....කැහ්...මුගෙ...අප්පට...කැහ්....කැහ්.....රෙද්දත් කැඩි...ච්චි....කැහ්..කැහ්....මේ පොඩි පරයා....කැහ්..කැහ්......මුගෙ අප්පට මම....කැහ්...කැහ්.....

අනෙ...හ්.... අප්පච්චි කැඩුනා...නේද රෙද්ද....!!!සමාවෙයන්....හැන්දත්ත...ම්..මෙ.....හ්....

ඩහ් ගාන සද්දෙන් පොල් ගෙඩ්ඩ බිම වැටුනා....

ගහපු වැලි අහුර එක්ක උන්දැගෙ රෙද්දත් කඩාගන බිම වැටුනා...

හැදි අත්තම්මා මාව බඩ කරවන කුනුහර්ප තොගයක් එක්ක කැහැ කැහ අත් දෙකෙන් මූනම පිහ පිහ රෙද්ද හොයනකොට අමු හෙලුවෙන් උන්න අත්තම්ම ඉස්සරහා උන්න මට අපස්මාරෙට එන්න වගේ ආවා...

අනෙ අත්තම්මෙ උඹෙ ජංගිය කොයි????

මාව ගල් ගැහුනා...වැලි ඇහුර කාගන හෙලුවෙන් උන්න අත්තම්මගෙ තල්මස් සර්වාංගෙ දැකපු මාව ගල් ගැහුනා.....කොටින්ම වටපිට බලාගන්නවත් බැරි උනා...

අරුන්දට මං ගැහුවෙත් එසේ මෙසේ වැලි අහුරක් නෙවෙ වෙනකොට කැහැ කැහැම චීත්තෙ හොයාගන ඇදගන්න හදාපු උන්දැගෙ කකුල් මැද දැකපු මට ආය කෑ ගැහුනා...තනිකරම සුදු වෙච්ච පොල්මටුල්ලක් කකුල් මැද හිරකරන් වගේ...අනේ අප්පෙ ඒ මොනාකාර සතෙක්ද අත්තම්මෙ ඒ.....

අ..අනෙ...අ..අත්තම්මෙ...ඔ..ඕන්...ක්..

කකුල්...මැද....මොකෙක්ද.....සතෙක්...

ඉන්නවා....ඕක....අදින්ඩ එපා අත්තම්මෙ....

අනතමනත වෙලා උන්න මං ආයම කෑ ගැහුවා.....ඕක අදින්න එපා ගගා අත්තම්මගෙ අතේ එල්ලුනා..වයසට ගිහින් මුන්දට දැනෙන්නෙ නැද්ද අහ අහ මං මැරෙන්න හැදුවා අත්තම්මා මට හිටු කියල දෙහි කැපුවා

බොල පොඩි පරයා....තෝ මට වැලිත් ගහලා....මගෙ රෙදිත් කඩලා....තව....රෙදිඅදින්ඩත් එපා ගාන්නෙ.....තොට මං දැන් ...කැහ්...කැහ්.....

මං කෑ ගැහුවා.....ඕක අදින්න එපා ගගා බෙරිහන් දුන්නා...එහෙන් අත්තම්මා මට සාප කරනවා....මා එක්ක අඩව් අල්ලපු උන්දැගෙ කකුලක් වැදිලා අර බිම තිබ්බ පොල් ගෙඩ්ඩ මගෙ දිහාවට පෙරලීගන එනවත් එක්කම සල්ලි ගාන අහන්න ආව මං ඔක්කොම පැත්තක දාලා යකා ගැහුව එකා වගේ හූ හතක් තියාගනම අනිත් අතට දුවන්න හැරුනත් එක්කම මොන කරුමෙටද මන්දා මාව කාගෙ හරි ඇගේ හැප්පිලා පස්සට වීසි උනා මදිවට තල්මස් සාපෙ වැදිලා අර පොල් ගෙඩ්ඩත් පෑගිලා මාව උඩබෙලි අතට වැටුනා..... ඒ එක්කෙම තවත් තල්මහෙක්ද මොකෙක්ද මන්දා එකෙක් මගෙ මුනට එබුනා!!

අ..අනේ.....ස්...පීකර්...පප්පෙ.....හ්!!!

හත්තුක්කෙ...ආ ....බන් අත්තම්මෙ මොකො බන් ඔය රෙදි කඩාගන වැලි නාගන උඹට මක්කයි උනෙ අත්තෙම්මෙ....

ඇයි බල මහ එකෝ බලකො මේ පොඩි පරයට මං මේන් පොල්ගෙඩ්ඩ ඔයා දෙන්ඩ කිව්වම මේ පොඩි පරයා මගෙ මුනට වැලි කෙලලා ඇරියනෙ...මුගෙ අප්පට.....බලකො බල.....මගෙ ඉහෙ කනෙ ඉදන් වැලි....කැහ්...කැහ්...පිට උගුරෙත් ගියාද කොහෙද...ඔන්න ඕකව අල්ලා දීපිය මට හමන්නලා ගන්ඩ....

හා හා....තරහා ගන්ඩ එපා උඹට හොද නෑනෙ....කෝ දියල්ලා ඕක ඔයලා දෙන්ඩ....උඹලා දැන්දයි අත්තම්මෙ ඇහැරියෙ .....

ඔව් මහ එකා.....බේත් අහුරට නින්ද යනවා...ඕක ඔයපන්...

මං තවම උන්නෙ බිම වැටීගන.....මගෙ අඩු හතර හතර අහක...හූනියම් කරපු පොල් ගෙඩ්ඩ මගෙ කොන්ද යට.....

වම් කකුල වාමාර්වතව ඇඹරිලා...දකුනු කකුල දක්ශිනා වර්තව ඇඹරිලා....කට ඔහෙක් වෙලා...ඇස් මෙහෙක් වෙලා...

අත් දෙක අකලට හැදුන නියන් වැටකොලු වගෙ ඇබරිලා ගිහින් මදිවට පොල් ගෙඩ්ඩ හන්දා කොන්ද ගාවින් කනාටු වෙච්ච ලබ්බක් වගේ උඩට ඉස්සිලා.....ඒ ඔක්කොම තියනකොට අරකා අත්තම්මට උඹ බන් කියලා කතා කරනවා.....

උන්දැත් මූට කතා කර කර මට බනිනවා..මගෙ අප්පට කියනව..මුන්දා අපෙ අප්පච්චි ට නේද මේ අප්පා අප්පා ගගා බනින්නෙ...මේ පොඩි පරයා මට වැලි ගැහුවා බල ගාලා අදිනවා....එහෙන් අරකා හිනා වෙවි මං ඔයල දෙන්නම් ගානව.....

මේ ඔක්කොම මගුල් අස්සෙ සිවිලිමෙ ඉදන් බිම වැටුන හූනෙක් වගේ උන්න මං නැගිටගන්න බැරුව දැන් දාපු ගොම්බෙට්ට වගෙ තැරි ගැහිලා උන්නා අරුන්දා යන්න යනවත් එක්කම මාව හප්පපු එකා මගෙ මූනට එබුනා.....

ආ හිච්චො ඔහෙ මක්කදයි අත්තම්මට වැලි ගැහුවෙ....උන්දෑ පොල් ගෙඩ්ඩක් ඔයල දෙන්ඩ කිව්වෙ...ඔහෙ උන්දැගෙ රෙදිත් කඩල වැලිත් ගහලා....උන්දැට පපුවෙ රුදාව ඔහෙ මක්කදයි ඔය කෙරුවෙ ම්ම්..

මගෙ කට ඔහෙක් වෙලා ගිය...මං දන්න පොල් ඔයන්නක් නෑ ගගා කොච්චර කිව්වත් මුන් ඔක්කොම මගෙ මුනට එබි එබි පොල් ඔයනු මගුලක් ගැන කියනවා මිසක මාව අහුලගන්න බලු බල්ලෙක් නැති වෙද්දි මං කටත් ඔහෙක් කරන් මගෙ මුනට එබුන කොල්ලා දිහා බලාගන උන්නා....

කොන්ඩා කාරයෙක්...හරියටම හැන්දා වගේ...හීන් වෙච්ච ඇස් තියන එකෙක්...හරියටම හැන්දා වගේම...ඒකා මගෙ දිහාවට නැවීගන උන්නා...ගැටගහපු කොන්ඩෙන් රෑන් රෑන් පහලට වැටෙනවා.....හැන්දගෙම පාට තියන මේ අලුත් එකත් හැන්දා වගේම ලාවට හිනා වෙනගමන් මගෙ දිහාව බලාගන ඉන්නකොට මං කෙදිරි ගෑවා.....

ඇයි යකො අහන මගුලක් මාව ඇහිදලා අහපල්ලකො...අර ලබ්බ ඇනෙන්වා මට රිදෙනවා..ඇරත් දැන් ඉතින් මට වදින්න ඕන ඔක්කොම හූනියන් වැදිලත් ඇති....

ම්ම්..ම්හුක්.....එ...එක...මගෙ කොන්ද....යට....අයියෙ...මාව...

අහුල ගනිල්ලකො...බලන් ඉන්නෙ.....රිදෙනවනෙ...මං උන්දැට කිව්වනෙ මං දන්නෙ අඹ බයන්න විතරයි කියල ....ඒකටනෙ උන්දා මට පොල් ගහන්න ආවෙ...අනේ වේදනාවයිනෙ...ඇහිදගනිල්ලකො අයියෙ....

ඇහිදින්න....??

(සිතිජ රිසිවන් හැන්නදිගෙ-30)

ඒකා මට අත දුන්නා... ඒ අතේ එල්ලීගන එහෙක් මෙහෙක් වෙලා ගියපු අඩු බඩු ටික එකතු කරගන හිටගත්ත මං කොන්ද අල්ලන් ඒකා දිහා බලාගන උන්නා....මේකත් හැන්දෙක්ද කොහෙද ....ඒකා රවනවා....මගෙ ඉහෙ ඉදන් පාදානෙතෙ වෙනකන් බලන් ඉන්නවා....දනිහ ගාව පැච් එකක් ගියපු ඩෙනිමට කලු පාට ටීශර්ට් එකක් ඇදන් උන්න මගෙ දිහා බලාගන උන්න බඹ හතක් විතර උස මේ හැන්ද මගෙ දිහා බලාගන ඇස් හීන් කරලා පොල් ගෙඩ්ඩ අහුලගන්න ගමන් මගෙ මුනට එබුනා....සැර උනා...බය උන පාරට මං පස්සට ගියා.....

අපෙ අත්තමට වැලිගහපු ඔහෙ කව්දැයි කිව්ව නම්....???

ස්..ස්පීකර් පප්පගෙ සුදු චූටියා.....

.......??ස් පී...කර්....ප...ප්පා.....???

මොන රෙද්දක්ද මන්දා ..අනෙ මං අද නැගිටෙ කොහෙන්ද දෙයියනෙ....මොන මගුලක් කෙරුවටද මට මෙහෙම උනෙ.....ඒකා..මගෙන් මං කව්ද අහනකොට මාලු බකට් එක දීලා ගිය එකාගෙ වචනත් ඔලුවෙ කැරකි කැරකි මාව පිස්සු වට්ට්වනකොට මං මගෙ නම වෙනුවට වෙන බහුබූතයක් කියෙව්වා.....ඒකා තවත් රවාගත්තා...

.අ...අනෙ...නෑ...නෑ.....නෑ...අයියෙ.....අපෙ අප්පච්චි ගෙ..ලොකු ළමයා....ස්..සිහත් අමාකර සෝලංග ආරච්චි.....අපි උඩරට මිනිස්සු අයියෙ....දික්වැල්ලෙ අලුත් ඕයිසීගෙ.....අ..අර අතන ගේ තියෙන්නෙ..අර තට්ටු දෙකේ ගෙදර....

හ්ම්...හ්ම්....අලුත් ඕඅයිසීගෙ ද...හ්ම්,එතකොට අර කියපු පප්පා මොකාදැයි.....

ක්..කවුරුත් නෑ අයියෙ....ඔයා මෙයාලගෙ කවුරු හරිද.....මේ අපෙ ස්කීපරයියලාගෙ.....?

......ඔයැයි...ලගෙ....

අ..ආහ්...නෑ...නෑ...අනෙ අපිට එපා....අපෙ නෙවෙ.....මං අර මනුස්සකමට අපේ කිව්වෙ....අපිට එපා අනේ....ඔයා මෙයාලගෙ කවුරුහරිද මට පනිවිඩයක් තියනවා අහගන්න.....?

අරකා මං ලව්වම පොල් ගෙඩ්ඩ අහුලවගන්නකොට හූනියම් කරපු පොල්ගෙඩිය ඒ අතට දෙනකොට මගෙ අත් වෙව්ලන්න ගත්තා වගේම ඌ රැව්වා මිසක් මට නෙවෙ උත්තර දුන්නෙ....

ඇගපතෙ ප්‍රමානෙ අනුව.....මූන කටේ පාට අනුව මගෙ හිත කිව්වෙ මේකත් හැන්දෙක් කියලම වෙද්දි ඇනුන පස්සත් අත ගගා මං ඒකගෙ අස්සෙන් ගෑටුවා....

ඕන් ඔය උදැල්ල ගත්තා නම්...උඩරට කිව්වා නේ...

ඔව් අයියෙ.....අපි නුවර අයනෙ...ඒ උනාට අපි මෙහෙ එන්න කලින් උන්නෙ බණ්ඩාරවෙල...

අපෙ අප්පච්චිට මාරුවෙන්න උනානෙ... අවංක කම හන්දනෙ අයියෙ මේ ඔක්කොම, අපෙ අම්මලා මැනිකෙලනෙ අයියෙ....පාරම්පරික වලව්කාරයො හොද වැදගත් මිනිස්සු...

ඒ ඒත් ඇයි අයියෙ උදැල්ල?ඔයා..හදන්නෙ....මට උදැල්ලෙන් කොටන්නද...ඉ..ඉතින් උන්දැත් මට අනන් මනන් කරන් ආවනෙ ඒකනෙ..මාත් වැලි ගැහුවෙ.....ඔ..ඕකට උදැල්ලෙන් කොටන්න ඕන නෑනෙ.....අනික...අපෙ අම්මා දැන් ඉන්න තත්වෙ එක්ක අඩවන්න හොද නෑ...එ..එක්කො...ඔයාලගෙ අත්තම්මට කියන්නකො මටත්...වැලි..ගහන්න කියලා....

උඩරට නේද අහපු ප්‍රශ්නෙට නම් පැනගන නුවර වරුනෙ කිව්ව මට උදැල්ල හොයලා විසේ යනකොට දැල් ගොඩක් අස්සෙ තිබුන කිඹුලා මාර්ක් උදැල්ල දිහා බලපු මං ඇයි අයියෙ උදැල්ල ඇහුවා...

අත්තමට වැලිගහපු තරහවට මූ මට උදලු පාර දෙන්න යනවදෝ?රෙද්ද කඩපු තරහවට ලැජ්ජාව වහගන්න මාව මරන්න හදනවදො.....

උදැල්ල අතේ තියන් පොල් ගෙඩ්ඩත් අතේ තියාගන මගෙ දිහා බලාගන උන්න අලුත් හැන්දගෙන් ඇයි උදැල්ල අහපු මං මගෙ දුක කියන්න ගත්තා...අත්තම්මට ඕනා නම් මටත් වැලි ගහන්න කියනවත් එක්කම ඇදන් උන්න අත් දිග ශර්ට් එකෙ අත් දෙක වැලමිටට නව නව මගෙ ලගට ආව ඒකා උදැල්ල මගෙන් උදුර ගත්තා එක්කම මං අතේ එල්ලුනා...

අ..අනේ...එපා.....අයියෙ.....එක්කො මාත් කලිසම ගලවලා අත්තම්මට පෙන්නනම්..මං එච්චර දැක්කෙ නෑ....අනේ එතකොට අපි දෙන්නම සමානයි අයියෙ...මරන්න එපා දෙයියො අපෙ අප්පච්චි ගෙ පන මම....

සුදු චූටි කිව්ව නේ නම.....

......?

මේක සුදු චූටියෙක් නෙවෙ තනිකරම ගොන් චූටියෙක්...උඩරට හුයියෙ ගෑවට පොල් ඔයන එක දන්නෙ නෑ...බහුබූත කියවනවා ඔහෙලා දොඩන්නෙ මෙව්වට ලෙලි ගහනවා කියලද

හ්..හු.....ම්...ඔව්නෙ....ද්..දොඩන්...

කෑල්ලක් එන්නෙ නෑ...ලෙලි ගහනවා කියලා විතරයි අයියෙ කියන්නෙ...දොඩන් කෑල්ලක් එන්නෙ නෑ....

මොන දොඩන්....මෙයැයි මටත් පිස්සු හදවනවා.... පොල් ඔයනව කියන්නෙ ලෙලිගහනවට

මන් හිනා උනා....අනෙ එතකොට අත්තම්මා මට කියලා තියෙන්නෙ පොල් ගෙඩ්ඩ ලෙලි ගහන්න.....කව්ද දන්නෙ...මං හිතුවෙ උන්දෑ හදන්නෙ මට පොල් ගහන්න හදනවා කියලනෙ...පුතා බය උනානෙ රත්තරනෙ....ඔවූ...වූ...පුතා බය උනා නේන්නම්.....👉👈

අලුත් හැන්දා පොල් ඔයනවා...මුහුදු කසිංජියටම පොල් උල මලකාලා හන්දා අලුත් හැන්දා දෙකට නැවීගන චස් චුස් ගගා ලා කොලපාට තඩි පොල් ගෙඩ්ඩ අර උදැල්ලෙ කොනට අනිනවා....

ඒකා අනින අනින වාරයක් පාසාම උදැල්ල පොල් ඉස්මෙන් තෙත් වෙනවා....එහෙන් අර බැදන් උන්න කොන්ඩෙන් ලෙහුන කෙස් ගස් එහෙන් මෙහෙන් මුනට වැටෙනවා.....වැලමිට ගාවට නවාපු ශර්ට් අත් වලින් නිරුවත් උන අත් දෙක පුරාවටම චීන අකුරු ටැටූ ගොඩක් තිබුනා...මොනා උනත් අලුත් හැන්දා ලස්සනයි .....ස්පීකර් හැන්දා වගේමයි....හැබැයි අර හැන්දා වගේ මනලමාල නම් නෑ අප්පා...

මෙ හැන්දා හොද උනොත් මට හීන් සැරේ මේකට අපෙ අම්මගෙ හුටපටෙ කියවලා මේක් අහවරක් කරගන්න පුලුවන් ඔව්වා හිරෙ විලංගුවෙ වැටෙන වැඩ...හැන්දෙක් නොවුනත් යාලුවෙක් හරි වෙන්න ඇතිනෙ.....යාලුවො කියන දේවල් කොහොමත් අහනවනෙ.....අනික අරකට ලැජ්ජා නැද්ද ළමයෙක් හම්බකරන්න ඉන්න බව දැන දැන ඔහොම හැසිරෙන්න....අපෙ අම්මත් වහ වැටීගන ඕකව අන්ෆ්‍රෙන්ඩ් කරන්න බෑම කිව්වනෙ...අනික අපෙ අම්මා ඵෝන් එක ලොක් කරන්...ලොක් එකට දාන් ඉන්නෙ මගෙ ශිශ්‍යත්ව ඉන්ඩෙක්ස් නම්බරෙ...මට ඕක මතකද ?කොහෙ කියලා ලොක් එක ඇරගන්නද....

අනික වෙලාවකට හැන්දා මටත් සුදූ කියනවා...ඒ කියන මිනිහම අම්මා දිහා බලනවා...ඒයි කියනවා....මගෙ සුදු චූටි කියනවා..ඒ කිය කිය අම්මගෙ ඇකට රිංගලා....මන් අහන්නෙ රෑට රෑට ඔන්ලයින් එන්න ගත්තම අප්පච්චි අම්මවත් එලවයි අපි දෙන්නවත් එක්කම.....අපි ගැනත් වෙලාවකට කිසිම තෘප්තියක් නෑ කියලා බනිනවනෙ....ඒ හන්දා වෙන්න ඇති ඔය අලුතෙන් එක්කෙක් හම්බකරවන්නෙ ...බලාගන්න බැරි යෑ...ඒකිත් මෙයාලට තෘප්තියක් ගෙනෙයිද කානුච්චියෙක් වෙයිද කියලා ....

ඇරත් අපේ අම්මට ඉන්නෙත් ලස්සන මිනිහෙක්.....මොකක්ද අම්මට තියන අහේනිය....මං අහන්නෙ ඔව්....මොකක්ද අහේනිය.....අපෙ අම්මා එහෙම කෙනෙක් නෙවෙ අප්පා....මුගෙ එක හිනාවෙන්නෙ මේ ඔක්කොම.....මං කියන දෙ කනට ගන්නෙම නෑනෙ.....

අනිත් කාරනාව දැන් මටත් වයස දහ අට හන්දා ගෘහමූලික කම ගන්න බැරි කමක් නෑ....

මේ හැන්දට ඕනා ඔයා ඔයාලගෙ පැත්ත බලාගන්න..මට පුලුවන් අපේ එක්කෙනාට සැර කරලා හරි තේරුම් කරවන්න කියලා....මෙව්වා පවුල් ගිනිගන්න වැඩ....අත්තම්මා ආවම අත්තම්මට හීන් සීරුවට කියන්න ඕන අපෙ අම්මට සිතනිවන කතා බලන්න පුරුදු කරවන්න කියලා...නැත්තන් දොරමඩලාව...අප්පච්චි ට් කිව්වා නම් හරි දවසකට පැමිනිලි ලියන පොත අරන් එන්න කියලා ...ඔව්වා අස්සෙ අනියම් සම්බන්ද කොච්චර තියනවද...අම්මට ඇහෙන්න කියෙව්වම ඔව්වා හරියන්න පුලුවන් ...

බැරිවෙලාවත් මොන මගුලක් හරි වෙලා අපෙ අප්පච්චි අම්මව හැන්දටම දීලා දැම්මොත් මට පුලුවන්ද හැන්දට අප්පච්චි කියන්න...අනෙ මේ විගඩම්...ඇරත් ඕකා..මගෙනුත් ඇහුවා සෙල්ලම් කරන්නයි තව රන්ඩු වෙන්නයි පොඩි මල්ලියෙක් ඕනද කියලා ..... ඒ කියන්නෙ...ඒකියන්නෙ...මේකා හදන්නෙ....අපෙ...අම්මා.....

මගෙ ඇස් දෙක ලොකු උනා....පපුව නතර වෙන්න ආවා....අලුත් හැන්දා පොල් ඔයනකන් නියපොත්ත කන්න ගත්ත මගෙ ඇගිලි කුරිඥ්ඥ්න් වෙලා ගිහින් තිබුනා....

පොඩි මල්ලියෙක් ඕනද කියලා අහන්නෙ හැන්දට ඕනෙ අපෙ අම්මව අරන් යන්න....අරන් ගිහින් හැන්දෙක් හම්බකරවන්න...හරියන්නෙ නෑ....මේක නම් අත්තම්මට කියන්නම වෙනවා.....රෑ පානෙ අපෙ අප්පච්චි එක්ක ගියෙ අපෙ අප්පච්චි ඕන හන්දනෙ...දැන් මොකක්ද මේ නෛයියාඩගම...

හිටපන්කො...අත්තම්මා සමනලීගෙ තටු ගලවයි....අනික දහ අටයි කියන්නෙ මාත් වැඩිහිටියෙක් මට බැරි කමක් නෑ ඔව්වා සැර වැර කරලා හදාගන්න...හැබැයි මොකක් හරි උනොත් මං නම් මුදෙ පනිනවා...අපි නුවර මිනිස්සු .....මේ නමනින්දාවක්ද මේ...සත්තයි මං නම් පනින එක පනිනවා.....

මගෙ ඔලුව කුරුවල් වෙන්න ආවා....ඒ අස්සෙන් අපෙ අම්මා මාවයි කානුවයි අප්පච්චි ගාව දාල හැන්දා එක්ක ගිහින් මාලු බිස්නස් කරන එකක් මැවිලා පේනවා....අම්මා මාලො මාලො ගගා කෑගහනවා එහෙන් හැන්දා මාලු කපනවා.....

තව වෙලාවකට අම්මා අතෙ තේ හැන්දක් සයිස් පොඩි හැන්දෙක් ඉන්නවා මැවිලා පේනවා....ඒ තේ හැන්දා වෙන කවුරුත් නෙවෙ...හැන්දා අහපු අර පොඩි මල්ලි.....තේ හැන්දා අඩනවා...අපෙ අම්මා නලවනවා....පැත්තකින් මායි කානුවයි අඩ අඩ අම්මා දිහා බලන් ඉන්නවා.....මගෙ පපුව තෙල්දෙනියෙ සමුපකාරෙ ලයිට් එක වගේ ගැහි ගැහි නතරවෙනවා...

බලන් ඉදපන් හැන්දා මන් දෙයි උඹට අපෙ අම්මව...මං මේ අයිය එක්ක කතා කරගන්නම්කො...අනික අතතම්මත් ඉන්නවනෙ...ඔක්කොටම වැරදි අපෙ අප්පච්චි ...අම්මව මොකට මෙච්චර හැඩකරනවද .....පේනවනෙ ගමනක් ගිහින් එනකොට මටයි කානුවටයි ඇපල්ගෙඩි දෙකක් ගෙනත් දීලා ශේප් කරගන්නවා...දෝනියැන්දට හන්ග හන්ග විච්චූරන අරන් දෙනවා.....පේනවනෙ තෝඩු කියයි ...ගෙජ්ජි කියයි....ක්‍රොප් ටොප්ද අර ටොප්ද කියයි...ලිප්ස්ටික් කියයි....බවුන්ඩේශන්ද පවුන්ඩේශන්ද කියයි....ඔව්වා දෙනවා මදිවට මටයි කානුවටත් ඔව්වා උගන්නනවා....අපෙ කානුවා නම් කිව්වා ඌ උගෙ ගෑනිට හැමදාම ඇපල් ගෙනත් දෙනවා කියලා....

මෙ වෙන එව්වා බල බල මාත් අරන් දියන්කො අපෙ ගෑනිට ඔව්වා....මං නම් අරන් දෙයි ඕකිට....හිතුනොත් හැන්දට වගේ සරමක් අන්දවනවා....නැත්තන් අර පෝස්ට් එකෙ දැම්මා වගේ මන් අපෙ අප්පච්චි ට බෑනෙක් ගෙනත් දෙනවා...

චූට්ටකට නැති හුරතල් කොල්ලෙක්...මාත් එච්චර උස නැති එකේ අඩි හතරක නිට්ටෑවෙක් වගේ එකෙක් උනත් කමක් නෑ...අප්පච්චි ට කියන්න ඕන උස යන්න බාර් ගහන්නවත් එක්ක යන්න කියලා ....ටොපෙක් උනහම බොටමව ආරක්ශා කරගන්න එපැයිනෙ....

පේනවනෙ තේජකයගෙ බොටමිට දැන් වෙන්න යන හරිය.....අපෙ අම්මට හැන්දගෙන් තොර ලෝකයක් නැති උනොත් අපිවත් අමතක වෙයිද දන්නෙ නෑ

ඒකනෙ කවදාවත් නැතුව කානුවටත් ගැහුවෙ....එයා මෙහෙම වෙයි කියලා නම් අපි හිතුවෙ නෑ අප්පා....

හැන්දා හන්දා මටත් දැන් අර සම්බන්දතා කඩා වැටීමෙ මෙව්වා එකට මෙව්වා එකක් දාන්න වෙයිද මන්දා .....ඕකෙ ඉන්නෙ ගෑනු නම් හැන්දගෙ පලු යවලා මට කියයි පුතෙ ඔයා මල්ලිව බලාගන අප්පච්චි ට උදව් කරන් ඉන්න කියලා....ඒ අයට ලේසියි...අපිටනෙ අමාරු....

මට දැන් ඇඩෙන්න වගේ....අරකා ඔයපු පොල් ගෙඩ්ඩ දන්සලකට සම්බෝල හදන්න විතර තරම් ලොකු වෙනකොට අවානම ලෙල්ලත් ඇදපු ඒකා මුඩ්ඩත් ඇදලා වීසි කරලා කෙදි ටිකත් ගලවලා මා දිහා බලලා ලාවට හිනා වෙනකොට මට අර විහිලුවට සමලින්ගික වෙන්න හිතුන කාරනාව ඇත්තටම වෙන්න ඇතිනම් හිතුනා....

එයා හිනා උනා....තනිකරම නිල්වලා ගගේ කිඹුලගෙ ඔලුවෙන් හාර්ට් විසි වෙනවා වගෙ හාර්ට් ගොඩාක් මගෙ ඔලුවෙනුත් වීසි වෙලා යද්දි මං ඇස් පිල්ලමකුත් ගැහුවා....හැන්දා එක්ක හදපානෙ පැනලා යන අම්මා ගැනයි අපේ අනාගතෙ ගැනයි හිත හිත වේදනාවෙන් උන්න මන් පොල් ගෙඩ්ඩ කරකව කරකව කෙදි ගලවන අලුත් හැන්දා දිහා බලාගන හරි සීදේවි වගෙ හිනාවක් දුන්නා....

හැබැයි හැන්දා අපෙ අප්පච්චි ව තනිකඩ පියෙක් කෙරුවොත්...මං මේකා එක්ක යනවා...හැන්දා තනිකරම මාතර ගගෙ කිඹුලිගෙ පැටියා වගෙ ...

උගෙ බෙල්ලෙ ගෝමර නම් නෑ...හැබැයි රත්තරන් කඹ නම් තිබුනා.....ඊට පස්සෙමට බැරි යෑ හැදිගෑවිලා යන්න ඇටෑක් සෝ ගහන්න...හිතුනොත් මං පසනව සමනලයට දීලා...අප්පච්චි ව හැන්දගෙ අම්මට දෙනවා....හැන්දට පුලුවන් නම් අපෙ අම්මව උදුරගන්න ...ඇයි අපෙ අප්පච්චිට බැරි මහ පොලක්ටු හැන්දිව උදුරගන්න....

හිටපල්ලා...මේ සෝලංගආරච්චිලා කව්ද දන්නෙ නෑ උඹලා.....හැන්දන්ව හැදිගාවලා මිසක් අපිනම් බලයි පස්ස.....

හිච්චා....

ඕ...ඕ අයියෙ...ඇයි

ඔහෙ මනාපයි පොල්වතුරට.....

අරකා අර ලොකු පොල් ගෙඩ්ඩ පෙන්නලා මනාපද අහනවා.....මුන් ඔක්කොම එකයි.....ඔහෙක් ඔහෙක් ගාලනෙ කතා කරන්නෙ....අපෙ අම්මටත් තේරෙයි මැනිකෙට හැන්දා ඔහෙක් මෙහෙක් ගානකොට අපෙ අප්පච්චිගෙ අගේ...ඒ උනාට මෙයාට කියන්න ඕනා මට ඔහෙ කියන්න එපා කියලා .....

මට ඔහෙ කියන්න එපා අයියෙ...

පොල්වතුරට මනාපද අහපු එක මගෑරපු මන් කෙලින්ම ඒකා ගාවට ගිහින් මාලනී ෆෝන්සේකා මට මැඩම් කියන්න එපා විජේ කියලා කියන්න වගෙ මට ඔහෙ කියන්න එපා අයියෙ කියනකොට මන් බලාගන අලුත් හැන්දා ඇස් හීන් කරනවා...

ඕන් පටන් ගත්තා....මූත් අර හැන්දා වගේමයි හීන් කරන්න විතරයි දන්නෙ....

ඔහෙ කියන්න එපා නම් මොකක්ද ගොන් චූටිට කියන්න ඕන...

අයියා හරී....යට විහිලු කරනවා....නරකයා...මට ඔයා කියලා කතා කරන්න.....අපි නුවර මිනිස්සුනෙ අයියෙ.....ඔහෙ කියලා කතා කරන්නෙ නෑ...ඔයා කියන්න....මන් ඔව්වා බොන්න ආසයි

......

මගෙ යටි හිත දෙහි කපන්න ගත්තා.....මෙච්චර හොදින් කියලත් මූ මට ගොන් චූටියා කියනවනෙ....කමක් නෑ...උඹලගෙ හැන්දො මට කරන්න හදන අපරාදෙ හින්දා මන් උඹගෙ වචනත් ඉවසන්නම්කො...අනික අර වයසක තල්මහ අපෙ අප්පච්චි අප්පට කියලා බැන්නා....ඔව්වත් මට මතකයි මහත්තයො.....ඔව්වත් මතකයි....මාත් උන්දට තනිවෙන වෙලාවක් බලලා උන්දගෙ අප්පටත් අප්පාව මතක් කරවන්නම්කො...

හ්ම්...අත්තම්මගෙන් පිහිය ඉල්ලන් එනවයි.....

මන් ඔලුව වැනුවා...ගොන් චූටි කිව්වට මොකද එයා හදන්නෙ මට පොල් වතුර පොවන්න වෙනකොට මං හිනා වෙලා ඔලුව වැනුව.....හරි යහපත් අප්පා

අයියෙ කෝප්පෙකුත් ඉල්ලන් එන්නද...ඔව්වා බොන්න බෑනෙ හැලෙනවනෙ නැත්තන්

....(ගොන් චූටියා නොදරුවා....)

මන් දිව්වා.....අලුත් හැන්දා ශාර්ක් ටේල් එකේ මෝරා වගේ හිනාවක් දාලා මොනවදො මුමුනකොට මන් උඩ පැන පැන වගේ අර තල්මස් ලන්තෙ වගේ යාන්ගෙට හදලා තිබුන හැන්දන්ගෙ මාලිගාවෙ කුසිය පැත්තට දිව්වා.....

අත්තම්මා තාම කහිනවා...බලු වලියකදි බල්ලන්ට වැලි ගහන්නා වගෙ මං උන්දට වැලි අහුරෙන් කෙලපු කෙලිල්ලට මං හිතන්නෙ උන්දගෙ කොලබොක්කටම වැලි අහුර ගියා....

උන්දැ මැරුනොත් නම් අත්තමා නිවන් ගිහින් අපිට හුගක් ඈතයි කියන්න කලින් හැන්දල මාව හැදිගායි....කොටින්ම මුන් මාව දෙසිය පනහට පෙති ගහලා හැන්නදිග මැකරල් එකට යවයි...

අරුන්දැ එහෙට යනවා මෙහෙට යනවා...කුසියෙන් එකයි සුවද...තනිකරම ගොරකා තුනපහ සුවද...ඉස්කෝලයක් තරම් දිගට තිබුන කුසියෙ උන්න අත්තම්මා අහට්ට යනවා මෙහෙට්ට යනවා....හොදි ඒදපු තැන වලන් තුනහතරයි.....ඒවත් නාන බේසන් වගේ මැටි හට්ටි.....මගෙ අම්මෙ මෙවුන් කන්නෙ නෑ යකො නාහෙන් පාතට තියනවා...පේන්නෙ නැද්ද ඉතින් මුන්ගෙ තරම....හැන්දන්ව කැලනියෙ වොටර් වර්ල්ඩ් එකට විකුනලා තල්මස්සු කියාල ප්‍රදර්ශෙනෙට දැම්මත් පාඩු නෑ...මං දැක්කෙනෙ හැදි තාත්තගෙ තරම...තනිකරම තල්මහ....ඊටත් උස...

දොරකොඩ ගාව හිටන් හොරෙක් වගේ ඇස් කරකව කරකව උන්න මං රම්පා අහුරක් එක්ක කරපිංචා අහුරක් අරන් මැටිවලදක අඩියට අතුරපු අත්තම්මා දිහා බලාගන හොරගල් ඇහින්දා...

මුන්දෑ මට වලන් ගැට්ට කරේ හිටින්ඩ වත් ගහයිදො..කමක් නෑ...ගුට් කාලා සමාදාන වෙනවා.....

මං හොරා වගේ උගුර පෑදුවා...පාදලා එක අන්ඩක් විතරක් කුසියෙන් ඇතුලට තියලා අත්තම්මට කතා කෙරුවා...

අත්ත...ම්..මෙ.....

මං වෙව්ල වෙව්ල අත්තම්මට මිමිනුවා...උන්දෑ එක පාරින් මගෙ දිහාව බැලුවා...මං රෙද්ද කැඩුව හන්දදො මන්දා දේවාල කපුවා වගෙ ඇදන් උන්න චීත්තෙ උඩින් දැන් තද නිල් එකක් ඇදන්...රතු එක යට නිල් එක උඩ...ඊටත් මුන්දැගෙ ඇගෙ පාටටද මේ පාටවල්...තනිකරම කපුවව යටකරගත්ත කතගම දෙයියො වගේ.....

මොකදැයි ඒපාර...

අර අයියා පිහියක් ඉල්ලන් එන්න කිව්වා ....

වරෙල්ලා ....

මං ඇතුලට ගෑටුවා....අනේ එයා මා එක්ක තරහා නෑ වගේ..නැත්තන් මට ඇතුලට එන්න කියන්නෙ නෑනෙ....ඇතුලට ගියපු මං ඒදපු වලන් කන්ද ළඟ ජැක් එකක් ගහන් මැටි හට්ටි වලට ඇස් දැම්මා.....හැන්දා කිව්ව අද කක්කුට්ටො හදනවා කියලා ....කෝ නෑනෙ.....මේකෙත් මාලු....අරකෙත් මාලු....මුරුංගා කොල ගොඩක් අස්සෙ ඉස්සො....නිකන් නෙවෙ අර අපේ ගෙදරට එවලා තිබ්බා වගේ කිරි ඉස්සො....යකොඩෙ කෝ එලවලු...මැල්ලුම්....ඇතිලි පහ හයේම තිබ්බෙ මාලු විතරනෙ...

ආ...ඉදල්ලා....

අතට දුන්න පිහිය ගත්ත මං ආය ඔලුව කස කස අත්තම්මා දිහා බැලුවා...

ඒ පාර මක්කයි හිච්චා...

මේ....කෝප්පයක් දෙන්නකො අත්තම්මෙ....

කෝප්පයක්.....මක්කටයි කෝප්ප

පොල් මෙව්වා බොන්න.....අර අයියා අරන් එන්න කිව්වා

ඉද....

මං අරකව අහුකෙරුවා ..පොල් මෙව්වා බොන්න කිව්ව ගමන් අත්තම්මා මට මල් වැලක් ගිය කහපාට බෙලෙක් කෝප්පයක් දීලා ඉද කිව්වා...අපො ඉද කා පල වර ගන් මොනාද අනේ මේ බාසාව...අපෙ අත්තම්මා නම් ඔහොම නෑ...අපෙ අම්මට තේරෙයි වර පල ගානකොට ..

රෙදිත් කඩලා වැලිත් ගහලා උන්න හන්දා මං නෙවෙ වචනයක් කිව්වෙ..ඇරත් මාපු ගාන අහන්නයි..හැන්දගෙ කෙරුවාව කියන්නත් තියන හන්දා මං ඉවසගන එලියට දිව්ව

ටක්ස්....ටක්ස්....චූස්...

පාරවල් දෙකයි...පොල්ගෙඩ්ඩ මැදින් ඉරක් ගියා..පිහි තුඩින් මැදින් ඉර ගියපු පොල්ගෙඩ්ඩෙ බෑ දෙක වෙන් කරනවත් එක්කම මං යටින් අල්ලන් උන්න කෝප්පෙ පො වතුරෙන් පිරීගන ගියා.....

රහද....

හුම්...

පොල් කෑල්ල ඕනයි...

දෙන්නකො....

මං.වතුර උගුරු පහ හයයි...අලුත් හැන්දා උගුරු පහ හයයි ....ඒ මදිවට එයා මගෙන් පොල් කෑල්ලක් ඕනද අහනකොට මන් ඔලුව වනනවත් එක්කම එයා පොල් බෑව අල්ලන් උන්න මං පොල් කෑල්ලක් ලෑටි ගෑවා.....

හිච්චගෙ දත් දොරපියන් දෙකක් වගේ....

මං කාපු තැන බලලා අලුත් හැන්දා දොරපියන් දෙකක් වගේ කියලා හිනා වෙනවත් එක්කම මගෙ මූන ලැජ්ජාවට රතු වෙලා ගියා...

අයියෙ.....ඔයා මේ මෙයාලගෙ කවුරු හරිද.....

හ්ම්...මක්කයි දැන්...

කාරනාවක් කියන්න...එකක් නෙවෙ අයියෙ...දෙකක්ම...මෙහෙ ඉන්න අර ස්කීපර් අයියව දන්නවද

ම්ම්ම්....සමුද්‍රවද..

ආන් ඔව්....එයා තමා....

මක්කයි ඌ කරලා තියෙන්නෙ.....හිච්චට විහිලු කෙරුවද....

මට නෙවෙ අයියෙ අපෙ අම්මට....

අම්මට.....

හුම්....

මක්කද ඌ කෙරුවෙ...

එයා අපෙ අම්මගෙ පස්සෙ යනවා අයියෙ...බලන්නකො...දරුපැටව් තුනක් ඉන්න අම්මෙක් අයියෙ....

අම්මගෙ...ඔහෙ කියන්නෙ අපේ එකා ඔහෙගෙ අම්මගෙ පස්සෙන් යනවයි කියලා?????

අ..අනේ...අයියෙ ඇයි තරහා ගියෙ ..මං නෙවෙනෙ යන්නෙ.....අර හැන්දනෙ ....

හ්ම්...හ්ම්....ඉතින් ඉතින්...

චුට්ටක් ලගට එන්නකො මං කනට කරලා කියන්නම්...මෙව්වා මෙහෙම කියන්න හොද කාරනා නෙවෙ අයියෙ...අපි වැදගත් මිනිස්සු.....අපි කාගෙන් වත් කතා අහන් නෑ.....නුවර අය කතා අහන් තියනවා කියලා අයියා අහන් නෑනෙද.....පාත් වෙන්නකො මං කියන්නම්....

මං වටපිට බැලුවා...මෙව්වා මෙහෙම හැමෝටම ඇහෙන්න කියන්න බැරි දේවල් කියපු මං අවසානෙදි මගෙ අත් දෙක වකුටු කරන් අලුත් හැන්දගෙ කන් දෙක මුවා කරන් වෙච්ච දෙවල් අකුරක් නෑරම කියලා කියලා අවසානෙදි හැන්දගෙ මූන දිහා බැලුවා...හැන්දා ඉන්නවා...ඉනටත් අත් දෙකක් තියන් ...දැන්නම් එ මූන හැන්දක් නෙවෙ තනිකරම ගෑරුප්පුවක්.වගේ....

ලැජ්ජ ඇති.....ඒකලාගෙ කෙරුවාව මෙහෙම පිටින් අහන්න උනාම....ලැජ්ජා වෙන්න වෙනවා නේන්නම්.....

දැන් ඔහෙ දොඩන්නෙ අපෙ එකා දෙතුන් වතාවක් ඔහෙගෙ අම්මා දිහා බැලුවා කියලා ...

ආයෙත් අහලා...මං ඔහෙට බොරු දොඩන් කරන්නෙ මොකටද ආය...බැලුවා නේන්නම් අයියෙ...මායි අපෙ අම්මව මුවාකරගත්තෙ.....එකවතාවක් නම් කමක් නෑ අයියෙ ..අනික මං කොච්චර කිව්වද අක්කෙ කියන්න එපා කියලා ...ඒටිකට අපෙ අම්මවත් ඇඩ් කරන්....අනෙ අයියෙ මං කියන එක තේරෙනවනෙ....

මට පුලුවන් අපේ එක්කෙනාව සැරකරලා හදාගන්න ...අයියට බැරිද ස්පීකරයව පොඩ්ඩක් හදාගන්න.....අනික අපෙ අප්පච්චි ගෙන් පස්සෙ ගෙදර මෙව්වා එක තියෙන්නෙ මට....අයියට තේරෙනවනෙ.....අපි නුවර මිනිස්සු...අයියා අහලා තියනවද නුවර අය ඔහොම පිට ගියා කියලා ....

හ්ම්...එහෙම අහල නෑ...බෝතලේට පාවා දුන්නා මිසක....හ්ම්..හ්ම්...හිච්චා ඔච්චර දොඩන එකේ මං අපේ එකාට කියන්නම්කො අම්මලා පස්සෙ යන්න එපාය කියලා.....

අනේ ලොකු උදව්වක්...අනේ ලොකූ උදව්වක් අයියෙ .....හැන්දා අපෙ පවුල කැඩුවොත් අප්පච්චි යි මායි කානුවයි තනිවෙනවා...ඇරත් අපි කොහොමද අයියෙ කටක් ඇරලා අරයටත් අප්පච්චි කියන්නෙ....එහෙම බෑනෙ...අපිට ඔය හැමෝටම අප්පච්චි කියලා පුරුදු නෑ.....නෑකම් නම් නෑකම් හරියට කියනවා මිසක්....අයියට තේරෙනවනෙ...මෙක අපේ පවුලෙ මෙව්වා එක පිලිබදව මෙව්වා එකක්...ඇරත් අපෙ අප්පච්චි ගෙ අප්පච්චි ත් පොලිසියෙ හිටපු ඕඅයිසි කෙනෙක්.....අප්පච්චි ගෙ අම්මත් මැනිකෙ කෙනෙක් ...වීර මොනරවිල කියන්නෙ නික්ද අයියෙ....කලවම් නෙවෙ අයියෙ....නියම උඩරට....

හ්ම්...හ්ම්...අපි නොදන්න මොනරවිලලා.... හිච්චගෙ අප්පා එහෙම තුන්පොට්‍ටිය ඇදන් වෙන්ටෑ ඉන්නෙ...

ම්..මොකක්ද අයියෙ.....මොන පොට්ටිය

නෑ..නෑ....හිච්චගෙ අත්තලා මුත්තලා වලව්කාරයො නම් පිට පරිප්පු එහෙම හැදිගාන්ඩ ඇහැක් ඇති ගමකට නේද.....

මං මගෙ ඔලුව කැසුවා.....මූ මොන මගුල කියනවද මන්දා....ගෑනු ඉන්නකොට අපෙ අත්තලා මොකට පිට පරිප්පු හැදිගානවද....අපෙ අම්මට සනීප නැති උනාම නම් අප්පච්චි පරිප්පු හදනව...එ ඇරෙන්න මං දන්න පිට පරිප්පු මගුලක් නම් නෑ....

අයියෙ.....එහෙනම් කාරනාව හරිනේද...අර ස්කීපර් අයියට කියනවද අපෙ අම්මා එක්ක තියන ඇයි හොදැයිය නවත්තගන්න කියල....ඇරත් මාත් දැන් කසාද බදින වයසෙ වගේනෙ අයියෙ.....

කිරි රැවුලක් වත් මතුවෙලා නෑ හැබැයි

මන් මගෙ ඇස් කැරකෙව්වා...මාත් දැන් කසාද බදින වයසෙනෙ කිව්වා විතරයි අලුත් හැන්දා නොහිතපු වෙලාවක මගෙ මූන අතගාලා කිරි රැවුලක් වත් නෑ කියනවා එක්කම මට අපෙ කොස්සකින් ගහපු එක මතක් උනා...කොස්සෙන් ගැහුවම රැවුල වැවෙන්නෙ නෑ කියනවනෙ...

අනේ මූනෙ නැතුවට වෙන තැන්වල නම් වැවෙනවා අයියෙ කියන්න හිතුනත් අයියට විස්වාස නැති වෙලා පෙන්නන කිව්වොත් කියලා මං අපෙ කානුවට හිතින් දෙහි කප කප අලුත් හැන්ද දිහාව බලලා හිනා උනා...

න්...නෑ...නෑ...වැවෙනවා අයියෙ අද උදෙ කැපුවා..අනෙ අයියෙ එහෙනම් හරිනේ...

හ්ම්...අම්මගෙ ඵොටෝ එකක් තියනවද....ඔය හිච්චා අම්මා අම්මා කිව්වට මං දන්නෙ නෑනෙ අපෙ එකා කෙල හලන අම්මා කව්ද කියල...මං ඕකට කියන්නම්කො මොනවද මේ ලැජ්ජ නැති වැඩ කියලා...

වන් සෙකන්ඩ් අයියෙ.....මේතියනවා...

ඇති යන්තන් මේ අයියා නම් හොදයි වගේ .නැත්තන් අපේ අම්මව පෙන්නන්න කියන්නෙ නෑනෙ...අද හම්බෙයි ස්පීකරයට ස්පීකර් පේන්න...දඩි බිඩි ගාලා සාක්කුවට අත දාපු මං ඵෝන් එක අරගන ඊයෙ පෙරේදා පාර්ටියට ගිය වෙලේ අරගත්ත අම්මගෙ ලස්සන පින්තූරයක් තෝරලා අලුත් හැන්දට පෙන්නුවා...රතු සාරියට අත් නැති ජැකට් එකක් ඇදන් කොන්ඩෙත් කැරලි කරන් උන්න අම්මා තනිකරම නිළියක් වගේ කියලා එදා නම් හැමෝම කිව්වා...මං ඉක්මනට ඒ පින්තූරෙ අරන් අලුත් හැන්දා දිහාවට දික් කරා විතරයි මං බලාගන හැන්ද ඇස් හීන් කරගන්නවා...

අම්මට සිරි...මේ නංගිගෙ නම කව්ද හිච්චො....

න්...න්...නංගි....එයා නංගියෙක් නෙවෙ අයියෙ....මෙයා අපෙ අම්මා....නංගියෙක් නෙවෙ....

මං ඉක්මනට ඵෝන් එක උදුරගත්තා...ඇයි යකො අරකා අක්කෙලු මූ නංගිලු..මොන මගුලක්ද මන්දා...දැන් නම් මට මුන් ඔක්කොටම ඇසිඩ් ගහන්න හිතෙනවා...මං මූට මගෙ ප්‍රශ්නෙ කිව්වෙ අරකව අපෙ අම්මගෙන් ගලවන්නනෙ...මූ දැන් අම්මාට නංගි කියන්නෙ ඇයි.....අනෙ අප්පච්චි එලෙස කෙලෙස....

මහ එකා ඔය පොලෙ ගෙනුකො බල ගාගන්ඩ...

අරුන්දගෙ කට නටරාජ් කෝනමානෙ වගේ කිව්වට මගෙ කටයි දැන් නටරාජ් කෝනමානයක් වෙලා තිබුනෙ...එක උඩ එක හිටපු බෙදුම් කට්ට වගේ කකුල් දෙකත් එකට පූට්ටු කරන් උන්න මන් රවාගන වගේ අලුත් හැන්දා දිහාව බලාගන ඉන්නකොට තල්මස් අත්තම්මා පොල් ගෙඩ්ඩ ඉල්ලුවා විතරයි අරකට කෝල් එකක් ආවා...හැබැයි හැන්දගෙ වගෙ අමුක ඩුමුක අමල් ඩුමල් නෙවෙ.....

මාර්ක් අන්තෝනිගෙයි මීහරකගෙයි මට උඩින් වහින්න සින්දුව....

හිච්චා මේන් මේක අපෙ අත්තම්මට දෙනවයි....

අයියෙ....තව කාරනාවක් තියනවා....

එන්නම්.....

හිතෙ ගිනි නිවාගන්න ආවට මොකද තල්මස් පරම්පරාව කෙරුවෙම මගෙ හිත අවුලපු එක වෙනකොට කානුවවයි මාලු බකට් එකයි ගේට්ටුව ගාවයි තියලා ආවෙ කියන එක මතක් උනත් ඒ ගැන් හිතනවට වඩා දැන් අම්මව හැන්දො දෙන්නෙක්ගෙන් පරිස්සම් කරගන්න වෙනවා කියන කාරනාවට හිත කැක්කුම් කරවගත්ත මං පොල් ගෙඩ්ඩ අරන් වැලි ගහලා රෙද්ද කඩාපු අත්තම්මා පස්සෙ ගියා...

හිච්චා මේන් මේක ගාපන්....ඔහෙට පොල් ගාන්ඩ දන්නවද....මෙයැයිගෙ දනිස් වල වාතෙබොල හිච්චො...වෙදනාවෙ තරම කියලා අහවරක් නෑ....

ප්..පොල් ගාන්ඩ...

මගෙ ඇස් උඩගියා...තල්මස් විමානෙට කන්න පොල් ගාන්න මම....බිම තිබ්බ හිරමනෙත් බේසමත් දිහා බලන් උන්න මං ගොත ගැහුවත් මොකද ඒ වෙනකොටත් තල්මස් අත්තම්මා ලිප ගාව ඉදන් චාස්.....චෝ....ස් ගගා පැහුන තෙලට මාලු දදා මාලු බදිනවා....

තනි තනි මාලු නෙවෙ.....මාලු අහුරු...මාලු අහුරුත් නෙවෙ...මාලු පපඩම්...!.වේලුන හාල්මැස්සගෙ අමු එක....අමු හාල්මැස්සන්ට ලූනු අමුමිරිස් කරපිංචා කපලා දාලා ඒකටම බිත්තර් සාරුයි පාන්පිටියි හාමු කරලා අරුන්දා ඒකෙන් අහුරු අහුරු අරන් මාලු පපඩම් බදිනවා...මගෙ අම්මෙ සුවදෙ බෑ....

අත්තම්මෙ...මේ ඇතිද...

මොනා කරන්නද...මං මගෙ අඩු දෙක් කොරවක්කෙක් වගෙ ඔහෙක් කරන් බෙල්ලත් නමාගන අත් දෙකටත් වඩා ලොකු පොල් බෑව අත් දෙකෙන් මිරිකන් ඩම දාලා හිරමනතලෙ ඇතිල්ලුවා...පුලුවන් තරම් හයියෙන් ඇතිල්ලුවා....ලොකු ලොකු කෑලි ඩොග් ඩොග් ගාග බේසමට වැටෙනකොට මට ඕන උනෙ මේ මගුලෙන් බේරෙන්න වෙනකොට පාලම් කොකා වගේ මං මගෙ බෙල්ල හරවලා මෙ ඇතිද ඇහුවා විතරයි බේසමෙ පොල් දැක්ක මට අරුන්දා ඇන්න ඇනිල්ලට පාලම් කොකා එක තත්පරෙන් කෝලම් පකා උනා මදිවට මං ඇඹරිලා ගියා.....

ඇයිබොල...මේ බලකෝ...මූ පොල් ඔක්කොම උලුප්පනවා නේද.....ඕක හරියට ගාකො බොල....හීන්වට ගාපිය ඔව්වා කන්ඩ දත් ගේන්ඩ වෙයි...හිච්චා...අල්ලපිය පොල් බෑව අත බුරුලට.....

උ..ඌව්හ්.....මේ මොන මගුලක්ද අත්තම්මෙ...ඔහෙ මට අයින්නෙ...ඇත්තමයි ගහනවා පොල් බෑයෙන්...ඔහෙට මාව පේන්නෙ ඔහෙගෙ හැන්දා වගේද...නැත්තන් පසනා වගේද.....අපෙ අප්පච්චි අපිව හැදුවෙ කාටවත් පොල් ගාන්ඩද... අපි නුවර මිනිස්සු අත්තම්මෙ.....ඇයි යකො...මන් ආවෙ...අ..ආ...අනෙ...අත්තම්මෙ...හිමීට ගාන්නම්.....ඇයි අනේ තෙල් හැන්ද ගත්තෙ....පුතා ගානවා...මේ ගානවා අත්තම්මෙ....ඔවු...පුතා හීනියට ගානවනෙ රත්තරනේ...මේ ගානවා අනේ.....අම්මෙ.....අත්තම්මෙ....හ් පුතා ගානවා...!

මට ඇනපු අත්තම්මට එකට එක කියන් ගිහින් මාලු බැද බැද උන්න උන්දා තෙල් හැන්ද අතට ගත්තා විතරයි මං ආයම පොල් බෑව ගාන්න ගත්තා...අත්තම්මා කියන්න වගෙ අත බුරුල් කර.කර ගාන්න හැදුවා...අනෙ මේ රෙද්දෙ බෑව අතෑරෙනවා...මං ආය අහුලනව...අත්තම්මා දිහා බලනවා..අඩන්න කට හද හද මං පොල් ගානවා..අපෙ අප්පච්චි මෙව්වා දන්නවා නම් මුන්දව මාසෙකට හිරේ දානවා.....ඇයි යකො අපෙ අප්පච්චි අපිව හැදුවෙ මුන්ට පොල් ගාන්නද...අපෙ අම්මට කියන්න ඕන හැන්දා එක්ක ගියොත් නම් මෙ මහ තල්මහගෙන් ගුටිකාලා විසේ යයි හේ හන්දා ඔය මගුල් නවත්තන්න කියලා....

ආත්තම්මෙ....ආ...මේන් වැඩක් මෙයැයි පොල් ගානවා....අත්තම්මෙ කොරෝනා කොයි?

මගෙ මූන තනිකරම පුක වෙලා...කොච්චර බුරුල් කරලා අල්ලන්න කිව්වත් මට වෙන්නෙම එක්කො තද වෙන එක...නැත්තන් අතෑරෙන එක වෙනකොට පුක් මූන දාන් උන්න මං අත්තම්මට හොරාවට අඩ අඩ පොල් ගෑවා ....ඒ එක්කම අලුත් හැන්දා ආවා....නිකන් නෙවෙ දෙයියනේ ඒකා ඇතුලට ආවෙම කොරොනා කොයි ගාගන වෙනකොට මගෙ අතින් පොල් බෑව ඇතෑරුනා...

කොරෝනලු...අත්තම්මෙ කොයි කොරෝනලු...යකො මේ ගෙයිඇතුලෙ කොරෝනා හැදුන එවුනුත් ඉන්නවද...

මට දැන් ආය හුස්ම නෑ වගේ....ඇයි යකො කන්දකාඩු යවලා නිරෝදානය වෙන්න ඕන උන් ගෙවල් වල ඉදන් අලකනවද...මොන මගුලක්ද මේ හැන්දො කරන්නෙ....අනික මේ වයසක උන්දා කහින්නෙ වැලි ගැහුවට නෙවෙ කොරෝනා හන්දද කොහෙද .

මගෙ අතින් පොල් බෑව අතෑරුනා විතරයි අත්තම්මට කුද ගහගන්ඩ කියලා මං වෙඩිල්ල වගේ නැගිටල කොරෝනාවත් ගානකට නොගෙන එතනම තිබුන පුටුවෙ ඉදන් කකුල් දෙකත් උඩට ගන්නවා එක්ක මට ආවෙස උනා....

ආ අයියෙ....හරි සෝක්...හරිම සෝක්...නිරෝදානය වෙන්න ඕන මිනිස්සු ගෙවල් වල තියන් ඔයාලා හදන්නෙ දඩකන්නද..අනික මෙ අත්තම්මත් ඉන්නකොට කොරෝනා කාරයෙක් ගෙදර තියන් ඉන්න ඔයාලට පිස්සුද අයියෙ ඇත්තමයි අපෙ අප්පච්චි දැනගත්තොත් දඩ ගෙවලා විසේ යයි....

අරත් ඇයි අනෙ ඔයාලට කොරෝනා තියනවා කියලා බෝඩ් එකක් වත් නොදැම්මෙ.....අපි වගේ නොදරුවොත් මෙව්වල ඇවිත් ලෙඩ වෙනවා....අනික ඉස්කෝල කටෙ තියන් මටත් දැන් කන්දකාඩු යන්න වෙනවා...මෙව්වා සෙල්ලම්ද අයියෙ....ඔයාලට කිසි බරපතලක් නෑ...

අනික අපි නුවර මිනිස්සු...අපෙ කවුරුත් කන්දකාඩු ගිහින් පරම්පරාවට ලැජ්ජා කරලා නෑ අයියෙ.....

මගෙ පපුව ගැහෙනවා..හුස්මක් වත් නොගෙන හැන්දටයි හැන්දිටයි එක දිගට බැනගන බැනගන ගියපු මගෙ පපුව සට සට ගාලා ගැහෙන්න ගත්තා...එහෙන් අලුත් හැන්දා...අනිත් පැත්තෙන් වයසක හැන්දි...උන් දෙන්නගෙම කටවල් තනිකරම හොට දිග කෝලාවෙක වගේ එහෙක් වෙලා තිබුනා...තෙල් හැන්ද අතෙ තියන් උන්න අත්තම්මා මා දිහා බලන් උන්නෙ මාව ජීවිතෙ දැකලා නෑ වගේ වෙද්දි අලුත් හැන්දා අත්තම්මා දිහාවට හැරුනා.....

මේන් මෙයැයි මොනාද අත්තම්මෙ දොඩන්නෙ....මොංගල්ද මන්දා...අත්තම්මට දැන් තේරෙනවනෙ අර නුවරින් කතා කරපු මගුලට මන් කැමති නොවුනෙ ඇයි කියලා....ඒකිගෙත් වැඩේම නුවර බිජ්ජ දොඩන එක.....ඇරත් මෙයැයි මේ කාටද කන්දකාඩු යන්ඩයි කියන්නෙ...

කව්ද බොල දන්නෙ....ඔන්න ඕක ගාපියකො බොල කොල්ලා.....

මියෑ...ව්ව්....

ආන්...මේ එන්නෙ මෙයැයි....අනේ..අනේ.....අත්තම්මෙ මෙයැයිව ඇදිලා ගිහින් මක්කයි මේ....කොරෝනා.....පූස්....පූස්...

පොලවෙ ගහපු ඇටගෙම්බෙක් වගේ මාව ආයම හිරමනෙ උඩට වැටුනා....කොරෝනා කිව්වෙ පූසෙක්ටද...මං හිතුවා හරි....හැන්දටන්ට සහලවලම පිස්සු....යකො බල්ලට ගොනෝරියා...පූසට කොරෝනා...තව ටික කාලෙකින් මහමාරියා කොලාරාත් එයි...

අත්තම්මගෙන් බැනුම් අහන් හැන්දගෙනුත් බැනුම් අහන් බලු සරි උන මං මීක්.නොගා ආයම අඩු බඩු නවාගන පොල් ගාන්න ගත්තා...අලුත් හැන්දා පුලුවන් තරම් අර කොරොනා කියලා නම තිබ්බ පූසව හුරතල් කරන්න ගත්තා....

එක්කො මූට කොරෝනා කියන එක් පාඩුනැ..ඒ පූසා.තනිකරම හොරොව්පතාන පැත්තෙ මැහි තෙල් වැදුන කැකිරි ගෙඩියක් වගේ...ඒකගෙ බඩ විතරයි..කකුල් තනිකරම සූර්‍යා ගිනිකූරු වගේ....පුකෙන් පොල් ලෙලිගහන්න පුලුවන් තරමට ඒකගෙ පුක කෙට්ටු වෙලා මදිවට මූනත් තනිකරම අලිවෙඩිල්ලක් වැදුන එකෙක් වගේ ඔහෙක් වෙලා තිබ්බ....

මෙයැයි ආයම කටුස්සො කාලද අත්තම්මෙ....

ඔය පොඩි එකා දෙඩුවෙ ඕකා ආය කටුස්සො පස්සෙ දිව්වයි කියලා...ආන් පසනා ඕකව දොස්තර ගාවට අරන් යන්ඩ පොරෙ....ජූල් කිරිබත් තියනවා ඔහෙ කනවයි...හුගක් නෑ.....ඩිංගිත්තක් ඇති....මේන් මේ හිච්චටත් කටක් දෙකක් කවපන්.....

ජූල් තියනවයි...

ජූල්....ඒ මොන හරුපයක්ද.....පොල් ගානවට වඩා පොල් ලෑටි ගන්න ගත්ත මන් අනිත් පාර මගෙ කනත් දික් කරන් තල්මස් සන්වාදෙට කන් දීගන උන්නා....ජූල් තියනවලු....සීනි ඕන නම් තව දාගනින් කියලා කියනකොට මං අහගන අරකා මොන මොනවද කිය කිය ඇවිත් මගෙ ඉස්සරහින් ඉදගත්තා.....නිකන් නෙවෙ පොඩු බේසන් පොඩ්ඩක් එක්ක....

හිච්චා කනවයි.....ජූල් ....අලුත් බඩු මෙව්වා...

ජ්..ජූල්.....

මන්දා..මූ මොන මල ජූලියක් කියනවද කියලා....අරකා දමාගන අනිනවා.....කන්වද අහනවා....තනිකරම දුඹුරුපාට තලපයක් වගේ....අනනවා කනවා....මගෙනුත් දෙන්න අහනවා....ඒක දැකපු මං එපා කියන්න උරහිස් ඇකිලුවා...

ආගපන්...මෙයැයිට රහ කෑම කන්ඩ පින් නෑ....කෝ කට ඇරපන්....

අත්තම්මෙ....අත්....ත...සුදු චූටි.....

මං හිතන්නෙ මගෙ කට තනිකරම දැන් කටුස්සො ගිලපු කොරෝනා වගේ ඇති...එපා කියන්න කියන්න මහ හැන්දා මගෙ කටට අර දුඹුරු තලපෙ ඔබනවත් එක්කම දොරකොඩින් තව එකෙක් මතු උනා...

ඇදන් උන්න සරමත් පැත්තකින් උස්සගන...අයිස් වල..මාලු කපනකොට දාන ලුමිනස් පාට බූට්ස් දෙකකුත් දාගන....ඒ මදිවට ඇදන් උන්න ශර්ට් එකේ බොත්තම් ඔක්කොම ඇරගන....නිකන් නෙවෙ අර අමුක ඩුමුක අමල් ඩුමල් ගාපු චයීනිස් කට්ටෙන් ගමටම ඇහෙන්න සින්දුවකුත් දාගන...

හැන්දගෙ කට තද උනා.....මන් බලාගන් ඉන්නකොට අර චයිනිස් කට්ට අල්ලන් උන්න අතට තවත් ඒ ඵෝන් එක මිරිකුනා.....

ජීවිතෙට ජූල්ද මොනාද කාලා නැතිමන් හැන්ද දිහාව බලාගන කාපු තනකොල ආපිට වමෑරලා කන හරක වගේ අර තලපෙ මේ හක්කෙන් අර හක්කට මාරු කරනවත් එක්කම හැන්දා ඇතුලට ආවා....ඇවිත් කෙලින්ම මගෙ මූනට එබුනා.....එබුනා කියන්නෙ මගෙ ඇස් දිහා බලාගන අරුන් ඔක්කොම බලාගන ඉන්නකොට මගෙ යටි තොල මහපට ඇගිල්ලෙන් පිහදෑවා....

අ...අනෙ...අයියෙ.....එ..එයානෙ....බලෙන්....කැව්වෙ....චූටියා...එපා...කි..ව්වා...පප්පෙ.....

ඔහෙ කටවටම ගාන්...සුදු චූටියා නොදරුවා මගෙ.....

මට එකපාරම අර තලපෙ ග්ල්ප් ගාලා ගිලිලා ගියා..ආය ඒකෙ තියෙන්නෙ මොනාද....නැත්තෙ මොනාදවත් හොයන්න බැරි උනා.....සුදු චූටියා නොදරුවා මගෙ කියනකොට මගෙ ඇස් පිල්ලන් පවා නැවතුනා.....

රහයිද...

එ..ඒ..මොනාද....හැදි පප්පෙ....ජ්..ජූල්....කියන්නෙ.....

මට දැන් ගොතේ....අරුන් දෙන්නා ඉන්නවා කියල නෑ...ස්පීකරයා මුමුනවා....රහද අහනවා....රහයි කියන්නත් නෑ කියන්නත් ඒ තලිය මොනාද කියන්න නොදන්න මන් ගොතගගහා ඒ මොනාද හැදි පප්පෙ අහනකොට ඒකා මගෙ නාහෙ මිරිකුවා....

ජූල් ...දිවුල් ,පොල් කිරෙන් අනාපු දිවුල් කිරියි රතුහාලෙ බතුයි සීනියි.....දැන් හරිද පප්පගෙ පොඩි පප්පට....

හ්..හරි.....අ..අයියෙ....

පොඩි එකා....උඹ උදේට කාලයි....

නෑ.....

බත්ම කනවයි....නැත්තන් පාන් තියනවා...

ඊයෙ හොදි නැතැයි....

මේන් තියෙන්නෙ...මහ එකා උඹත් මලයා එක්ක කනවැයි.....

මන් හිතෙන්නෙ මන් දැන් ජීවත් වෙලා පලක් නෑ....තල්මස් අත්තම්මා හැන්දො දෙන්නටම කතා කෙරුවෙ මහ එකා පොඩි එකා කියලා වෙනකොට මුන් දෙන්නම අපෙ අම්මට අක්කෙ නංගි කියලා වෙද්දි මන් උදව් ඉල්ලුවෙ වැරදි හැන්දගෙන් බව දැනුනට මට මූදෙ පනින්න හිතුනා...

අයියත් එකයි....මල්ලිත් එකයි...මුන් දෙන්ටම ඕනෙ දරුපැටව් ඉන්න අම්මලාව...අරු මට සුදු චූටි ගගා අම්මව ඉල්ලනවා...අනිකා මට ගොන් චූටි ගගා අම්මව අල්ලගන්න හදනවා....අනෙ අප්පච්චි ....අපෙ අම්මට දැන් හැන්දො දෙන්නයි.....

සුදු චූටි ඔහෙ කනවයි....

එ..එපා....මට බඩගිනි නෑ....

මැයියැට ලැජ්ජාව...මෙන්න මෙහෙ එනවා ඔහෙට කවන්නද...

එපා...මං යන්නම් අයියෙ අපෙ අම්මා බලන් ඇති...

අරුන් දෙන්නම ඉදගත්තා....ආය මේසෙකින්වත්....පුටුවකින් වත් කොහෙන් වත් නෙවෙ කෙලින්ම බිම....අච්චර හොද ඇදන් උන්න අලුත් හැන්දත් බිම සරම ඇදන් උන්න ස්පීකර් හැන්දත් බිම....ආය පිගන් වලට බෙදිලි...පාන් කැපිලි මොකුත් නැ....ඊයෙ හොදි තියනවද අහපු පමාවට කතරගම දෙයියො වැහුන අත්තම්මා එහා කොනෙ ඉදන් මෙහා කොනට විසිල් එකයි බල්ටියයි ගහල මුලු කුසියම සුවද කරවගන හොද්ද රත් කරන් තල්මස්සු දෙන්නා මැදින් දරනුවක් තියලා ඒ උඩ දුම් දාන මැටි වලදක් තිබ්බා....

කුසියෙන් එකයි සුවද...කෙලත් ගිලෙනවා....අම්මා බලන් ඇති යන්න ඕනා කිව්වත් මොකද වලන් කර පුරාවටම රත් වෙලා තිබුනෙ හොද්දෙ හොදම හරිය වෙනකොට අරුන් දෙන්නා මං උලුප්ප උපුප්ප ගාපු පොලුත් එක්ක පාන් කන්න ගන්නකොට මං යන්න හැදුවා....

සුදු චූටි....

හැන්දා මගෙ අතින් අල්ලගත්තා...අනිත් හැන්දත් මගෙ දිහා බැලුවා....එහෙන් අත්තම්මා චාස් චෝස් ගගා මාලු බදිනවා....තව පැත්තකින් අර චයීස් කට්ටෙන් සින්දුවක් යනවා...නිකන් නෙවෙ මේරියන්ස් නලින් පෙරේරගෙ සුන්දරයි අහින්සකයි සින්දුව....

එයා මගෙ අතින් අල්ලගත්තා ...නිකන් නෙවෙ...තද කරලා...කසිංජි සුවදත්...ලාවට වගේ පිලිහිඩි කුයිලෙත් ලාවට වගේ හැන්දා ගාවින් ගලාගන ආවත් මොකද මං නෙවෙ වචනයක් කිව්වෙ...මොකද ඒ ඇස් මගෙ දිහා බලාගන උන්න බලන් ඉදිල්ල එක්ක අතෑරපන් කියන්න වත් නෙවෙ මගෙ කට ඇරුනෙ.....

මං හරියටම දැනුයි දැක්කෙ.....එයාට තිබුනෙ මහ මුහුද වගේ නිල්පාට ඇස් දෙකක්....රැලිගහන නිල් මුහුද වගේ ඇස් දෙකක්....ඒ ඇස් මොනවද මන්දා කියනවා.....හිනා වෙනවා...මගෙ අත අල්ලන් උන්න අතෙ ඇගිලි මගෙ අත පිරිමදිනවා......මීට කලින් දත්මිටි කාගන වගේ උන්න හැන්දා මා එක්ක ඇස් වලින් හිනා වෙනවා.....යන්න හදපු මාව නවත්තගත්ත එයා තෙල් වාටියෙන් කෑල්ලක් කඩාගන මං බලාගන ඉන්නකොටම ඒ පාන් කෑල්ල අර කර උන හොදි තිබුන වලන් දාරෙ වටේම අතුල්ලගන ගිහින් මේවා කෙලවල්ලො කියන ගමන් තෙල් වාටි කෑල්ල උඩට මාලු චුට්ටක් තියලා ඒ උඩට මං උලුප්පපු පො චුට්ටකුත් තියලා මගෙ කටට ලන් කරන ගමන් නිල් මුහුද වගෙ තියන ඇස් හීන් වෙන තරමට හිනා වෙලා මොනවදො මිමිනුවා....!

ආ හැලයගෙන් පාන් කෑල්ලක් මගෙ සීදේවිට!!

සුන්දරයි අහිංසකයි..

ඔබ හරි ලෙන්ගතුයි

දවසින් දවසට මම

වැඩි වැඩියෙන් ආදරෙයි

මගෙ හිතෙ පිරී තියන හැගුම්

කෝටියයි....

මම තවම එයින් ඔබට කිව්වෙ

බාගයයි...!

_______________________

සමනල් ...චූටි ඩස්පෑන් එක අරන් එනවා....

අනේ....හ්...ම්හුක්...එපා වෙනවා...ලමයට සෙල්ලම් කරන්න දීපල්ලකො අමාකරයො...කැතයො..

උඹට අප්පච්චි ආවම ගුටි කන්න ආසාවක් තියනව නම් මාරු වෙයන් උඹ කුනුහර්ප පලලා ඇවිත්ලුනෙ...

නෑනෙ...පුතා පැලුවෙ නෑනෙ...ඔව්...පුතා පැලුවෙ නෑනෙ අමාකරයො....කිව්වා විතරනෙ....අම්මියෙ.....පුතාට තේ ටිකක් දියල්ලකො...මාන්සිනෙ....පුතාට වැඩ කරලා මාන්සීනෙ අම්මියෙ... සීනි දාලා තේ ටිකක් හදා දියල්ලකො අප්පා.....මාන්සීනෙ...

සමනල්....චූටි මට ගෙනල්ල දීලා පලකො කානුවො....උඹ කුනුහර්ප කියන්නයි මං ගුටි කන්නයි අරන් දීලා පලකො....

මං උන්නෙ ගිනිකසෙන් බැටකාපු එකා වගේ....මාලු බකට් එකට සතපහක් වත් එපාමයි කියපු හැන්දා මගෙ සීදේවි කම පැත්‍තක දාලා මාව එලවගත්තා.....මං ගෙදර ආවා.....

මාලු බකට් එක දැකපු අම්මගෙ ඇස් නලලට ගියා.....සුදු මහත්තයා මෙච්චර මාලු නිකන් දෙන්න ඒ ලමයට පිස්සුද අහපු අම්මා එක්ක මං පුලුවන් තරම් ඇටෑක් ශෝ ගැහුවා...

ආය ආයමත් හැන්දව අන්ෆ්‍රෙන්ඩ් කරන්න ගගා මහපොලවෙ වැලි කාපු මට හැන්දටත් දෙස් තිය තිය හැන්දා එවපු තලපත්ම ගිලපු මට බත් ඇට නහයෙන් එන තරමට බත් කටකුත් පිට උගුරෙ ගියා.....වෙනමොකටවත් නෙවෙ හැන්දා හන්දම සැරින් සැරේම අම්මගෙ ඇකේ කරක් ගහපු මං හැන්දා ගාවම තිබුන ඇක දැකලා මට බත් පිට උගුරෙ ගියා....

SITHIJA RISIVAN HANNADIGE...හැන්දගෙ එකකුස උපන් අයියා.....මං හැන්දගෙ කෙරුවාව කනට කරපු හැන්දගෙ අයියා...අපෙ අම්මට නංගි කියපු හැන්දගෙ අයියත් අම්මගෙ ඇකෙ උන්නා....

අප්පච්චි කියපු හෝටල් කාරයා....එතන ඉදන් මේ වෙනකම්ම මගෙ කටට සැනසීමක් තිබුන් නෑ...කට කඩාගන උන් දෙන්නව අන්ෆ්‍රෙන්ඩ් කරන්න කියපු මට අවසානෙදි ඉතුරු උනෙ කෙල හිදුන කටක් වෙනකොට මෙ වෙනකොට මං අපෙ අම්මා එක්ක තරහා වෙලා උන්නා...

කොටින්ම හැන්දො දෙන්නා අපෙ අම්මගෙ පින්තූරවලට හාර්ට් දදා ලස්සනයි ගගා කමෙන්ට් කරන්න ගත්තත් එක්ක මේ වෙනකොට මං දහ වතාවක් මූදෙ පනින්න ගිහින් හැරිලා ආවා...

ලස්සනයි අක්කෙ...

ලස්සනයි නංගි...

උන්දෙන්නගෙන් කමෙන්‍ට් එකක් වැටෙන වැටෙන පාර මං අම්මා එක්ක අඩව් ඇල්ලුවා...කානුවව එක්කන් ගෙදරින් යන්න හැදුවා...අපෙ ම්මා නෙවෙ ගනන් ගත්තෙ.....ඒ වෙනුවට අම්මා කෙරුවෙ එයාගෙ අල්මාරිය අස් කරපු එක....කානුවා හම්බෙන්න ඉන්නකොට ඇදපු ගවුම් තෝරපු එක...වෙනදට අප්පච්චි ට සියවතාවක් ගන්න අම්මා අද ඇදුම් තෝරනවා මිසක අප්පච්චි කැවද වත් ඇහුවෙ නැති වෙද්දි මං ගිනිපුක් ගාය හැදුන එක වගෙ සියවතාවක් අත්තම්මට කතා කර කර කවදද එනෙන් අහනකොට මං බලාගන අපෙ අම්මා තනියෙන් හිනා වෙනවා.....

අමාකරයො තේ බොන්ඩ එන්ඩලු....

මට ඕන තෙයක් නෑ කියපන්.....තේ බොන්න අහනවා...තේ තමයි දැන් අපිට බොන්න වෙලා.තියෙන්නෙ ..උඹ කකා බිබී ඉදපන්...

අම්මියෙ....කැතයට ඕන තෙයක් නෑලු අම්මියෙ.....

මං තනිකරම දිස්ටි වැටුන එකා වගෙ.....සමනලයා.අප්පච්චි ගෙ ස්ටේශන් එකට ගිහින් පලපු කුනුහර්ප වල වතගොත අවුස්සන්න ගත්තොත් රජ කෑමක් කන්න වෙන බව දන්න මං අප්පච්චි ගෙන් බේරෙන්න තියන උවමනාවට දිස්ටි වැටුන එකා වගේ මුලු මිදුලම අතුගෑවා....වතුර දැම්මා...මුලු ගේම අතුගෑවා...කොටින්ම අප්පච්චි ගෙ සපත්තු පවා මුන බලන තරමට පොලිශ් කරපු මං යුනිෆෝම් එක පවා අයන් කෙරුවා...මිදුලට කොලයක් වැටෙන්නෙ කොයි වෙලේද දූවල ගිහින් කොලෙ ඇහින්දා...

සුසංගතාටත් සියවතාවක් විතර ලගට ගිහින් කුනුහර්ප කියන්න එපා ගගා හතර අතම දුවපු මන් හුලන් පාරට වැටුන බෝගන්විලා මල් අහුල අහුල සාක්කුවෙ ඔබාගත්තා ....

සුදු මහත්තයා ....මේ තේ එක ආ...

නැතුවට කමක් නෑ...

මොකක්ද සුදුමහත්තයා මේ වෙලා තියෙන්නෙ...ඔයාට පිස්සුද ලමයො....

නෑ...නෑ...දැන් ඉතින් අපි කුඩම්මා අතින් හදන තේත් බොන්න පුරුදු වෙන්න එපැයිනෙ.....නැතුවට කමක් නෑ....

මන්දන්නෙ නෑ මේ ලමයට මොනවා වෙලාද කියලා...මුරන්ඩු කම් නොකර මෙ තේ එක බොන්න සිහත්....

එහෙනම් අරුන් දෙන්නව අන්ෆ්‍රෙන්ඩ් කරන්න.....

ඇයි...ඒ ලමයි මොනවා කෙරුවටද...

ඔයාට දැන් අපිට වඩා ඒ මිනිස්සු ලොකු උනාද අම්මෙ....අම්මා දන්නවා උන් දෙන්නා.අම්මට ලන් වෙන්නෙ ඇයි කියලා ....කොහෙවත් ඉන්න මිනිස්සු හන්දා පවුල කඩාගන්න එපා අම්මෙ... එකෙක් අම්මට අක්කෙලු....අනිකා නංගිලු...අනික අම්මම දන්නවා උන්.දෙන්නා අම්මගෙ ළමයි වගේ කියලා ...

දන්න හින්දනෙ සුදු මහත්තයා මං ලමයො කියල කතා කරන්නෙ.....

ඒ උනාට එහෙමවත් ඕන නෑ....ඇරත් අම්මට ඇහුනනෙ...හැන්නදිගයියා මට සුදු චූටි කිව්වා...

.හ්ම්..ඔව්...ඉතින්....මට ඇහුනා.....සුදු චූටි කියනවා විතරක් නෙවෙ ඔය සුදූ කියපුවා.....ඒයි අනෙ ගාපුවත් ඔක්කොම අම්මට ඇහුනා.....

අ...අනේ...අම්මෙ...මං කිව්වනෙ අපි අතර එහෙම මොකුත් නෑ....

හ්ම්....ඉතින් මොකුත් නැත්තන් සුදු මහත්තයා ඒ ලමයට කියන්නකො සුදු මහත්තයට සුදු චූටි..සුදු කියන එක නවත්තන්න කියලා එතකොට අම්මත් ඔයාගෙ ඔය හැන්නදිගයියවද කාවද අයින් කරන්නම්..

අ..අ..ආ....එ.....ඇයි....මං එහෙම කියන්නෙ ඇයි.....හේතුව මොකක්ද.....ඒ අයියා මනුස්ස කමටනෙ මට එහෙම කියන්නෙ....

ම්ම්....අම්මත් ඇඩ් කරන් ඉන්නෙ මනුස්ස කමට...තේ එක බොන්න සුදු මහත්තයා අර ත්‍රීපෝශ හැදුවා...අප්පච්චි ඇවිත් ඔක්කොම කයි ආ.....

අනේ අම්මෙ.....හැන්දව අතාරින්නකො...අම්මට ඒ.මනුස්සකම් ඕන නෑ....අම්මගෙ මනුස්සකම් හන්දා අවසානෙදි අපිට කුඩම්මෙක් ගෙන්න වෙයි....හැබැයි අම්මෙ මේ පාර නම් මං ඇත්තටම මූදෙ පනිනවා අම්මෙ....

සමනල් අම්මට කියපන් අයියා මූදෙ පනින්න ගියා කියලා...

හුම්....හා....බායි.....

බායි නෙවෙ ගිහින් කියපිය.....

අම්මියෙ...අමාකරයා.කැතයා මූදෙ පයිනවලු..පුතත් පයින්ඩ යන්නද අම්මියෙ.....අම්මියෙ...

මං නිකන් නාවන්ඩ අඩගහනකොට එහා වත්තට දුවලා ගේ දිහාව බලන් ඉන්න සාගරිකා වගෙ...අම්මත් එක්ක ආය අයම ඇරගන තරහත් වෙලා මෙ පාර නම් මූදෙ පනිනවාමයි කියලා ගේට්ටුවෙනුත් එලියට ගියපුමන් කානුවව යවලා බාලගන උන්නා.....අම්මා අඩාගන එයි කියලා මං බලාගන උන්නා....ඒත් අම්මා නෙවෙ ආවෙ.....අම්මා වෙනුවට සමනලයා....නිකන් නෙවෙ "අයියා"කියලා ලියලා තිබුන තේ මග් එකත් උස්සන්....

අමාකරයො .....මේ ආ... අම්මියා කිව්වනෙ තේ බීලා මූදෙ පයින්ඩ කියලා.....මේ ආ.....අම්මියා කිව්වනෙ තේ බීලා පයින්ඩ කියලා....

මට දැන් තරහව දුක ඔක්කොම.....මූදෙ පනින්න යනවා කිව්වම කානුවගෙ අතෙ තේ එක එවපු අම්මා මට තේ බීලා මූදෙ පනින්න කියන්කොට ශොපින් උරයක් කාලා රීගන්න බැරිව තටම තටම දුවන බල්ලෙක් වගේ මූන දෙක කරගත්‍ත මං අඩි හප්ප හප්ප තේ එකත් අරන් ආපහු ගෙට ආවා...

අනේ අම්මෙ ඔවාට මාව විහිලුවක්ද අම්මෙ....ඒ අයියා මගෙ අතිනුත් ඇල්ලුවා....ඕකා ඔයාව රවට්‍ටනවා...ඔයාට එහෙ ගිහින් පොල් ඔය ඔය ඉන්න වෙයි....අනික අම්මව ඕනා නම් මට සුදූ කියන්නෙ නෑනෙ....ඕකව අන්ෆ්‍රෙන්ඩ් කරන්න අම්මෙ....මං අප්පච්චි ට කියනවා....

හ්ම්...මාත් කියන්නම්...සුදු කියපුවා....

අනේ අම්මෙ....

ඕක බොන්න ළමයා....

මූදෙ පනින්න ගියපු මං අවසානෙදි කක්කුට්ටා වගෙ පැත්තට පැත්තට ගිහින් අර තේ එක බොන්න ගත්තා ...අම්මව දකින වාරයක් වාරයක් පාසා අම්මෙ.අම්මෙ.ගගා.අරකව අන්ෆ්‍රෙන්ඩ් කරන්නකො ගගා මායන් උනා....අවසානෙදි අම්මට මගෙ කරදරෙ ඉවසන්න බැරිවද කොහෙද කානුවව වඩාගන ඌව හෝදවන්න ගියා...

අම්මෙ...අන්ෆ්‍රෙන්ඩ් කරන්නකො...

අම්මෙ...

අම්මෙ.....

අම්මෙ....අන්ෆ්‍රෙන්ඩ් කරන්නකො...

අම්මෙ....

අම්...මේ...

. ________________________________

සුදූ.....සුදු මහත්තයා කොල්ලා...

ආ...කෑල්ල....කෑල්ල බත් කාලද ඉන්නෙ....සුසංගතා බත් කාලද.ඉන්නෙ....සුදු මහත්තයා අප්පච්චි ආවා....

."ආ තේජක....සුදු චූටී....

මූදෙ පයිනවා ඇත්තමයි අම්මෙ....අම්මෙ....සමනා.....ල්...සුදු පුතා...සමනාල්....අමාකරයා කැතයා....ජරාව බොන්ඩ එපා තේජක....ජරාව බොන්ඩ එපා..."

නෑ නෑ...ජරාව බොන්නෙ නෑ..කව්ද මූදෙ පනින්ඩ ගියෙ....ම්ම්ම්...කෝ බලන්ඩ නේ බත් කාලා නෑනෙ...ආ චූටි මහත්තයා බත්කාලා නෑනෙ...

"තේජක..."

ම්ම්ම්....කෝ උඹලගෙ අමකරයා කැතයා....ආ චූටි මහත්තයා ...අමාකරයෝ ගාපන් බලන්ඩ....

"ජරාව බොන්ඩ එපා තේජක....."

නෑ..නෑ බොන්නෙ නෑ.බන්.....විහාරා....සුදූ....

තේජක....ඔයා ආවද....

මහන්සි සුදූ...කෝ ඕයි ළමයි දෙන්නා.....නිදිද...

සුදු මහත්තයා පාඩම් කරනවා....

පොඩි ගස්බල්ලා...කෝ ඕකා...මගෙ සායම යවලා බුදිද ඕකා

අනේ....තේජක...ඔහොම කතා කරන්න එපා තෙජක...ලමයා මෙච්චර වෙලාම ඇහැරන් උන්නා.... නින්ද ගියා.....ඇගත් යන්තමට රස්නෙයි මේ හුලගටද මන්ද.....

පෙන්ඩෝල් දුන්නෙ නැද්ද...

දුන්නා....

ඕකට නටලා වෙන්න ඇති ...බත් ටිකක් බෙදනවකො සුදු මං නාගන එන්නම්....

වෙලාව එකොලහ පහු උනා විතරයි.....මං උන්නෙ පොතට එබීගන...අප්පච්චි ගෙ වාහනෙ සද්දෙ...අප්පච්චි හොරගෑනි එක්ක අම්මා එක්ක කතා කරන ඔක්කොම දොර ගාවට වෙලා අහන් උන්න මං අප්පච්චි නාගන්න උඩට එන සද්දෙ ඇහෙනවත් එක්කම මෙසෙ ගවට දුවලා පොතට එබුනා...

හිතෙ තියන හොරකම හන්දද මන්දා වෙනදට අප්පච්චි එනකොට ඉස්සරහට දුවන මං අද කට්‍ට අස්සට රිංගන ඉබ්බා වගෙ කාමරෙ ඇතුලෙ රිංගන් උන්නා...

සුදු මහත්තයා ....පාඩම් කරනවද.....

අ....ප්පච්චි ....අප්පච්චි ආවද.....

හ්ම්.....පාඩම් කරනවා කියලා කියන්ඩ එපැයිනෙ අප්පච්චි මුරුක්කුවක් වත් ගේනවනෙ....අම්මා තෙ හදලා දුන්නෙ නැද්ද.....

දුන්නා....

මුලින් මුලින් බයෙන් බයෙන් වගේ උන්නත් මොකද ලගටම ඇවිත් මගෙ ඔලුව අතගාලා පාඩම් කරනවා කිව්වා නම් මගින් මොනවා හරි අරන් එනවනෙ කියපු අප්පච්චි ගෙ මුන දැකපු මට දුක හිතුනා...අප්පච්චි ගෙ මූනෙ මහන්සිපාට පිරිලා.....එ ඇස් රතු වෙලා....කොච්චර නපුරු උනත්....යකාට වගේ තරහා ගියත් අප්පච්චි කියන්නෙ ආදරෙ වෑස්සෙන පිරිමියෙක් බව දන්න මට දුක හිතුනා...

කොස්තාපල් ගෙ පුතා සුදුමහත්තයා ගෙ වයසෙ....විජිතෙමලු....සුදුමහත්තයට ඒ ළමයා එක්ක පන්ති යන්න පුලුවන් කියලා කොස්තාපල් කිව්වා...මිනිහා අන්ඩයලු.....ඔව්වා ඔහොමතමයි....අන්ඩයෙක් ඉන්ඩත් එපැයි.....මිනිහෙගෙ නම්බරෙ දුන්නා.....අප්පච්චි පස්සෙ දෙන්නම්.....දැන් මහන්සී සුදු මහත්තයා කාලද...

ඔව් අප්පච්චි .....

අප්පච්චි ට උත්තර බැන්ද මන් ඔලුව වැනුවා...කොස්තාපල් අංකල්ගෙ පුතා මගෙ වයසෙ කිව්ව අප්පච්චි නම්බර් එක පස්සෙ දෙන්නම් කියලා යන්න යනවත් එක්කම මං අප්පච්චිගෙ අතින් අල්ලගත්තා ....

අප්පච්චි ...

.....??

සමාවෙන්න....

සමාවෙන්න...මොකටද....ඇයි උඹ මොකක්ද කෙරුවෙ...

අප්පච්චි මල්ලිටයි අරූටයි ගහන්න එපා.....මමයි කුනුහර්පෙ කිව්වෙ...එක අහන් ඉදලයි මල්ලි පුරුදු උනේ...

මන්.බිම බලාගත්තා ..අප්පච්චි ගෙන් බෙරෙන්න කොච්චර ගෙදර වැඩ කෙරුවත්.....අරක කෙරුවත් මේක කෙරුවත් මට මගෙ හිතින් ගැලවීමක් නැති උනා....ඇරත් අප්පච්චිගෙ අදරේ ගාව....වචන ගාව මට මං ගැන ලැජ්ජාවක් ඇති උනා.....යන්න හදපු අප්පච්චි අනිත් පාර මගෙ දිහා බලලා ඔලුව අතගෑවා....

හ්ම්.....මන් ඌට ගහන්නෙ නෑ සුදු මහත්තයා ...උඹට බනින්නෙත් නෑ...මන් ඔය වයසෙ කුනුහර්ප නෑවා...ඔව්වා වයස එක්ක හරියනවා....අනික අප්පච්චි ට එවෙලෙ ලැජ්ජා හිතුනට මේ පැත්තෙ හැටි කුනුහර්ප වපුරන එක....ඒ උනාට උඹ ආය ඔව්වා අරුන්ට ඇහෙන්ඩ කියන්න එපා...උන්ට තේරුමක් නෑ....මට සතුටුයි උඹ වැරද්ද පිලිගත්ත එකට....

........

හ්ම්.....පහලට වරෙන් අප්පච්චි බත් කටක් කවන්නම් උඹට බඩ දැවිල්ල එයි පාන්දර වෙනකන් ඇහැරන් ඉන්න ගියහම.....

බඩගිනි නෑ අප්පච්චි ...අම්මා බෝතලේට තේ දායි..

හ්ම්..හ්ම්....

________________________

වෙලාව මහ පාන්දර එකහමාරයි...අප්පච්චි ලා කාමරෙ ටේබල් ලෑම්ප් එකයි...මගෙ කාමරේ ලෑම්ප් එකයි ඇරුනම අනිත් ලයිට් නිවිලා මුලු ගෙදරම අන්දකාර වෙලා ගියා.....පාරෙන් එන ලයිට් එලිය හද එලිය....මහ මුහුදෙ රැලි බිදෙන සද්දෙ.....අතරින් පතර ඇහෙන බෝට්ටු සද්දෙ මගෙ තනියට මා එක්ක නවතිනකොට මෙච්චර වෙලාම පාඩම් කරපු මම අවසානෙදි ඵෝන් එක චුට්ටකට අතට අරගන බැල්කනි එකට ආවා... .....

හදපායලා....හද එලිය මුලු මුහුදම අයිතිකරගන.....අතරින් පතර ගියපු ලොරියක් දෙකක් ඇරුනම පාරත් පාලුවට ගිහින් තිබුනා.....

තවම හැන්දගෙ රික්වෙස්ට් එක තියනවා...ගන්නවද නැද්ද.....ගන්නවද....නැද්ද....ඵොඉන් එක අතේ තියාගන සිය දහස් වතාවක් හිතපු මං අවසානෙදි හැන්දව accept කෙරුව විතරයි මට මැසේජ් එකක් ආවා.....දෙයියනෙ හැන්දා....!!

Hi

මේකා නිසාචරයෙක්ද මන්දා....තාම නිදි නෑ.....කොහෙ නිදියන්නද....වෙලහට කාගෙ ගෙදරක හරි බජව්වක් වෙන්න ඇති....මුන් හැමදාම පාට්නෙ....තත්පර ගානක් බලාගන උන්න මං හැන්දට රිප්ලයි එකක් දැම්මා...

හායිම්!

"සුදු චූටි නින්ද යන්නෙ නැතැයි.....මෙවෙලෙ ඇහැරගන මොකදැයි ඔහෙ කරන්නෙ....."

තත්පරයක් යන්න හම්බුන් නෑ.....හැන්දා ආයම මැසේජ් එකක් එව්ව....ඔහෙක් මෙහෙක් මොකද කරන්නෙ අහලා...

පාඩම් කරනවා අයියෙ....

මනුස්සකමටනෙ කියලා මාත් ආය රිප්ලයි එකක් දැම්මා...ඒ ටිකකින් ආය වැදුනා....යකො හැන්දා ගිය ආත්මෙ ටයිප්‍ රයිටරයක්ද මන්දා...

"ඔහෙ කාලයි ඉන්නෙ..."

ඔව් අයියෙ රෑට කෑවා...

මගෙන් කාලද අහනවා...ඇයි කවන්නද අහන්න හිතුනත් මාලු එවපු මනුස්සයගෙන් ඔහොම අහන්න බැරි හන්දා මං රෑට කෑව කියලා යැව්වා....

විනාඩියක්...දෙකක්.....තුනක් ගියා....හනැයි ආපිට මට රිප්ලයි ආවෙ නෑ....එක්කො නින්ද ගියාද....නින්ද යන්න ඇති.....පව් ඕකා උදේ ඉදන් මාලු එක්ක ඔට්ටුවෙල මහන්සි ඇති ..ඔය මිනිස්සුන්ට කනවා වගේ තමයි ඕන මගුලකට මහන්සි වෙලා වැඩකරන්න පුලුවන් ....නිදිඇති....

දැන් උත්තරයක් එයි...දැන් උත්තරයක් එයි කියලා බලන් උන්න මන් තවත් පැයකාලක් විතර බලන් ඉදලා හැන්දා නිදි ඇති කියලා හිතගන ආපහු කාමරේට ඇවිදින් පොත අතට අරන් පිටුව පෙරලුවා විතරයි ටින් ගාන සද්දෙන් මැසේජ් එකක් ආවා...

හැන්දගෙන්....

"සුදු චූටි...ගේට්‍ටුව ගාවට එනවයි....??""

ගේට්‍ටුව ගාවට එන්නලු...මෙ පානදර....මේ පාන්දර මොකටද...වෙලහට ගේට්‍ටුව ගාවද දන්නෙ නෑ....මේ මනුස්සයා මායන් වෙනවා.....

මැසේජ් එක කියපවපු මන් හොර අඩි තිය තිය එලියට ඇවිදින් අප්පච්චි ලාගෙ කාමරෙ දිහා බැලුවා....දොර අඩවන් කරලා...අප්පච්චි ගෙ අත උඩ නින්ද ගියපු අම්මත්....අප්පච්චි ගෙ ඇග උඩ නින්ද ගියපු කානුවත් තදින්ම නින්ද ගිහින් උන්න අප්පච්චිත් දිහා බලපු මන් එක පිම්මට එලියට දුවලා සාලයො ගිලල නිදාගන උන්න සාගරිකත් නිදාගන උන්නත් ඇන්ටනාව දාගන ඉන්න සුසංගතා දිහාවත් බලලා එතනින් හින් සීරුවට මාරු උනා...

"ආ අමාකරයො....මූදෙ පනින්ඩ යනවද....අමාකරයො.....අමාකරයා කැතයා...."

මං නෙවෙ හුස්ම ගත්තෙ... මෙ යකා තාම ඇහැරලා.....කටට කුනුහර්ප ලෝඩ් එකක් ආවත් මූ හන්දා කානුවත් කුනුහර්ප පුරුදු වෙන හන්දා එකේ ඉදන් දහය වෙනකන් ගැන්න මං ඔව් මං මූදෙ පනින්න යනවා කියලා ගේට්‍ටුව ගාවට දුවලා ගේට්ටුවෙනුත් එලියට ආවා...

හැන්දා ඉන්නවා...අර පුරුදු කිටමයි....සුපර් කප් එකකින් ඇවිත් තිබුන හැන්දා සරමට අර ලුමිනස් බූට් දාගන උන්නා.....මේ රෑ බූට් දාන් මොනා කරනවද මන්දා....

අයියෙ....මේ රෑ.....

කාටත් ඇහෙයි කියලා බය උන මං බයික් හැඩල් එකට බරවෙලා මගෙ මූන දිහාව ..මගෙ ඉහෙ ඉදන් පහල දිහා ඇහිපිල්ලමක් වත් නොගහා බලාගන ඉන්න හැන්දගෙන් ඇයි මේ රෑ අහනවත් එක්කම හැන්දා හිනා උනා....එ ඇස් හිනා වෙනවා...රෑ කියලා නෑ එ ඇස් දිලිසෙනවා....නිදිමත් ගෑවිලා වත් නැති අර නිල් ඇස් මගෙ මූන දිහා බලාගන හිනා වෙනවා... මං දෙවනි පාරට ඇයි ඇහුවත් කටුන් උත්තරයක් නොදුන්න හැන්දා අනිත් පාර

හිනා වෙලා හැඩල් එකෙ එල්ලන් උන්න පාර්සල් උරයක් මගෙ දිහාවට දික් කෙරුවා....

අයි....යෙ...මෙක....

ජැටියට ගියා මැනිකෙ....බෝට්‍ටුවක් දියඹට දානවා...පාඩම් කරනවා කිව්ව හන්දා අරන් ආවෙ...බඩගින්නෙනෙ... පාන්දර ජාමෙ ඇහැරන් උන්නම බඩ දැවිල්ලගන්නවා.....

ආ...මෙතන ආප්ප ඇති....උනුයි මෙව්වා....කිරි ආප්පත් තියෙයි.....සුදු චූටි කිරි ආප්ප කාලා තියෙයි....

ආප්පලු...පාඩම් කරනවා කියපු හන්දලු අරන් ආවෙ...මට දුක හිතුනා....බැනගත්තට මොකද මගෙ අප්පච්චි වගේම හැන්දත් මට පාන්දර වෙනකන් ඇහැරන් ඉන්නකොට බඩ දැවිල්ල ගනී කියනවත් එක්කම මට දුක හිතුනා....

මේක...දෙන්නමද.....ආවෙ...අයියෙ....

හ්ම්...ඕක කන්ඩ...අපි මූදුකාරයො....සුදු චූටිලා වගේ ඉහලට ඉගන ගත්ත උන් නෙවෙ සුදු චූටි....ඕක කාලා කරන්න....බඩ දැවිල්ල එයි.කියලා මං කිරි ආප්ප වැඩියෙන් ගත්තා....

එයා ආපහු බයික් එක හරවනවා....ආපිට යන්න හදනවා....බයික් එක හරවගත්තන් ආපිට මගෙ ලගට ඇවිදින් අපි මූදු කාරයො සුදු චූටිලා වගේ ඉහලට ඉගනගත්ත උන් නෙවෙ කියනකොට අනෙ..මං බලාගන හැන්දගෙ මූනෙන් කොයිම වෙලාවකවත් නොදැකපු හරි අංහිසක හිනාවක් මතු උනා මදිවය හැන්දා මගෙ ඔලුව අතෑගාවා...මට යන්න කිව්වා....අවසානෙදි මං යන්න හැරුනා...ඒත් ගේට්‍ටුව ගාවට යනවත් එක්කම හැන්දා ආපහු මට කතා කෙරුවා.....

..ඒහ් සීදේවි...ඔහෙ මගෙ හිත හොරකම් කරගන මැනිකෙ!

.මට එකපාරම කෙල ගිලුනා.....කෙල හිර උනා...සීදේවි කියලා.කතා කරපු හැන්දා මගෙ ඇස් දිහා බලාගන ඔහෙ මගෙ හිත හොරකම් කරගන කියනවත් එක්කම.මගෙ අතෙ තිබුන ආප්ප මල්ල බිමට අතෑරුන වගෙම බයික්.එකෙන් බැහැපු හැන්දා අඩියට දෙකට මගෙ ගාවට ඇවිදින් ආප්ප මල්ල අහුලන් එලෝ මෙලෝ නැතුව උන්න මගෙ අතට දීලා මගෙ ඇස් දිහාව එක එල්ලෙම බලාගන ඉන්නවත් එක්කම මාව ගේට්ටුවට හේත්තු උනා.....නොහිතපු වෙලාවක හිතට බර මොක්ක්දො කියාපු හැන්දා අනිත් පාර බයවෙලා ගල් ගැහිලා උන්න මගෙ මූන ගාවට පහත් වෙලා එකපාරම මගෙ නලලට හාදුවක් තිබ්බා.....දෙවියනෙ හාදුවක්...ඔව්...ඒක නලල් හාදුවක්...කාගෙන්වත් නෙවෙ හැන්දගෙන්.....

අච්චර වර වචන ගොඩක්.කියපු එයා මට හිතන්නවත් බැරි වෙලාවක හාදුවක් තිබ්බා

බය විල්ල කෙසේ වෙතත් මට අර ආප්ප උරෙ කිටිකියට මිරිකුනා මදිවට ඇසුත් පියවිලා යද්දි අනේ හැන්දා ගාවින් එන කසිංජි සුවද මට ළඟ ලගටම දැනුනා.....

තත්පර ගානක අවසානෙදි මං ඇස් ඇරියා...ඒ වෙනකොටත් එයා මාව දාලා බයික් එකට නැගලා යන්නත් ලෑස්ති වෙලා උන්නා....

සුදු චූටි....ඔහොම උඩට මොකුත් නැතුව එලියට යන්න එපා මැනිකෙ....මූදු හුලන් එකාකාරෙට...ඔහෙට පුරුදු නෑ මෙව්වා තාම..පපුවට වැදුනොත් අසනීපවෙයි....!

සිත මා සොරාගන ගියෙ ඇයිද

ඩැෆඩිල් මලේ...!!

..

🥺🥺❤️❤️❤️

More Chapters