Ficool

Chapter 7 - 07

..ඔහෙට මොංගල්?නැන්දයි කියන්ඩ මේ මෙයැයිට ...මෙයැයි අපෙ සිගිතිගෙ වයස වගේනෙ.... නැන්දා කියන්න පිස්සුද.....ඒ හොද වැඩේ...සුදු චූටි මේ ස්කීපර් අයියා ගාව නැන්දා මාමා කතා නෑ....අක්කා අයියා විතරයි තේරුනයි මගෙ සුදු චූටිට...මේ ඒරියා එකටම ඉන්නෙ අයියා අක්කා විතරයි හරිය....අක්කෙ ඔහෙත් ඕන් ඔය බෙල්ට් එක දාගත්තා නම්

අනෙ අම්...මා.....ප ල්...ල..... හැන්දා අපෙඅම්මටත් ඔහෙ කිව නේද....??මට දුවන්න හිතුනා.....අම්මවත් ඇදන් ලොරියෙන් පනින්න හිතුනා...එක පැත්තකින් මට ඔහෙ මෙහෙක් ගගා කතා කරන දිග හැන්දා අපෙ අම්මා දිහා බල බල අපෙ අම්මට නැන්දෙ කියන්ඩ බෑ කිව්වා..... හැබැයි කැත නැතුව ඔහෙ කිව්වා....ලමයා හම්බෙන්න ඉන්න අම්මට ඔහෙ කියනවද.....??ඒ මනුස්සයගෙ හිත රිදෙන්නෙ නැද්ද. ..අනික අපෙ අම්මා නුවර මැනිකෙක් මැනිකෙක්ට ඔහෙ කියනවද...?අපෙ අත්තම්මලාට ඇහුනා නම් හැන්දට ඔහෙ පෙන්නයි. .....

අනික අම්මව පේන්නෙ අර තල්මහෙක් තරම් උන්න සිගිති ගෙ වයස වගේ කිව්වා...අපෙ අම්මා කොහෙද තල්මහගෙ වයස වෙන්නෙ....එතකොට අපෙ අම්මා දැන් මට වඩා වැඩිමල් අවුරුද්දයි...??මට දහ අටයි අම්මට දහනමයයි....මේ මොන පිස්සු කතාද මං අහන්නෙ...අනිත් පැත්තෙන් මේකා කෙලින්ම මට මගෙ සුදු චූටි කිව්වා...මගෙ...මගෙ සුදු චූටි....දැන් එතකොට මන් හැන්දගෙ ...හහ්.. ....අපෙ අප්පච්චි මාව හැදුවෙ මේ ඔහෙක් මෙහෙක් ගාන හැන්දට දෙන්නනෙ....

මේ හැන්ද දිගා මාව අඩු වයසෙන් නිවන් යවන්න හදන්නෙ.....ඉවසන දනා රුපු යුදයට ජයකොඩිය කියලා සුදු චූටි කියන එක ඉවසගන්න පුලුවන්...ඒත් මූට මොන මගුල වෙලාද හාන්දුරුවනෙ මට දැන් මගෙ සුදු චූටි කියන්නෙ...මං කවදා ඉදන්ද හැන්දගෙ උනේ....???මං කවදද හැන්දගෙ උනේ මං අහන්නෙ.....ඔව්...එය සිදු වූයෙ කවදාද මං අහන්නෙ...

ඒකත් අම්මා ඉන්න තැනම කිව්වෙ මොකද? අම්මා මොනා නොහිතයිද....දැන් ඉතින් අම්මා හිතයි මං ඊයෙ රෑ වට්ටක්ක තලිය දමාගන ඇඹරුවෙ හැන්දා හන්දා කියලා ...අනික මේ කාලෙට අම්ම ඉමෝසනල් වෙනවා වැඩී...‍අපෙ කානුවා හම්බෙන්න ඉන්නකොටත් එහෙමයි.....හරියට දුක හිතෙනවා..... චුට්ට ඇත්නම් අඩනවා.....මං වරදක පැටලිලා කියලා හිතයිද....

දැන් ඉතින් හැන්දා මට මං ඒකගෙ කියපු හන්දා අම්මා හිතයිද දන්නෙ නෑ මං හැන්දා එක්ක නොහොබිනා සම්බන්දයක් පටන් අරන් කියලා....අනේ අප්පච්චි අප්පච්චි ගෙ නෝනා සුදු මහත්තයව වැරදියට තේරුම් ගන්නනෙ හදන්නෙ.....එපා කියන්නකො අප්පච්චි සුදු මහත්තයා තාම ඉගන ගන්නවනෙ.....ඉගන ගත්තට පස්සෙ ඕනා නම් හිතලා බලන්න පුලුවන් ....ඒත් දැන් නම් එපාමයිනෙ.....

අම්මට කියන්න ඕන මගෙයි මේකයි අතර මොකුත් නෑ කියලා ...අම්මට දිවුරලා හරි කියන්න ඕනහැන්දා එක්ක මගෙ මොකුත් නෑ කියලා....අනික හැන්දෙක් එක්ක යන්න මම?

මගෙ හිත දැන් දාහක් කතා කියනවා.....අප්පච්චි තෝරපු, පපුව හරියෙන් ස්මොක් කරපු දනිහට අගලක් පහලින් තියන තට්ටු තට්ටු ගවුම ඇදන් උන්න අම්මා හැන්දගෙ කීම අහලා බෙල්ට් එක දාගන ෆයිල් එකට එබීගන ඉන්නවා.....ඒ උනාට අම්මා කියවන ෆයිල් එකක් නෑ.....ෆයිල් එකේකොන මිරිකනින්නවා මිසක...හැන්දා අක්කා කිව්වා විතරයි මේ මෙයාට මොකද උනෙ.....මෙයාට අප්පච්චි කියලනේ එව්වෙ තුන් දරු මවක් කියලා .....

මෙහෙම නම් කෝලම් කරන්න ගත්තොත් මමම අම්මට කියනවා හැන්දා මගෙ කියලා.....මෙයා එන්න එන්න ලස්සන වෙන එකෙන් අපිටමයි වදේ ....ෆයිල් එක මිරිකනවා...මේක නම් හරියන්නෙ නෑ තේජක....හැන්දා අම්මට අක්කෙ කිව්වා අම්මා වෙනස් උනා....අපිට කුඩම්නෙක් ගේන්න වෙයිදො....හැන්දා මගෙ කුඩප්පච්චි වෙයිදෝ....ඊට කලින් හැන්දා ජිවත් වෙන්න එපැයිනෙ

අම්මා දිහාව බලපු මං හැන්දා දිහා බැලුවා..... තනි අතින් ස්ටියරින් වීල් එක අල්ලන් උන්න හැන්දා අම්මට අක්කෙ කියලා දැන් අහක බලන් ඉන්නවා....

මේ ඔක්කොමත් දිහාව වපර ඇහෙන් බලපු මාව නිකන් ගිනිගන්නවා වගේ...

කොටින්ම ඇගිලි දෙක එකට එකට පූට්ටු කරන් ගිනිගන්න ස්පොන්ජ් බොබ් වගේ....

ඉස්සරහින් පැත්තෙන් පස්සෙන් හතර වටම තිබුනෙ මාලු වහන විතරක් වෙනකොට හැන්දා හෝන් ගගහා ඉබිගමනින් යනකොට පසනා චක්කරෙ ට ඇන ඇන උන්නා..ඒකා තාම ටැප් එක ඇරලා....මූට අද ගුටි නම් මිට් මිට් කන්න වෙනවා...ඇයි යකො තුන්වරක් පහ පහලවයිනෙ ඇයි මූට ඒක බැරි?මගෙ අම්මේ අපෙ අප්පච්චි මට චක්කරේ පාඩම් කරවපු විදිහට මට බඩ විතරයි ගියෙ නැත්තෙ...කොහොම පිලිවලට පාඩම් කරත් අප්පච්චි අහන්නෙම මැදින්....

ඒ අස්සෙන් අහක බලන් උන්න හැන්දා ආයම අපෙ අම්මා දිහා බලනවා.....

අනේ හැන්දො උඹ නම් හදන්නෙ අපෙ අප්පච්චි ගෙන් මැරුම් අන්න තමයි...යකො දරු පැටව් තුනක් ඉන්න අම්ම කෙනෙක්ට පාරෙ යන්න බෑනෙ....අනික අක්කෙ කියන්නෙ...???

හැන්දා අපෙ අම්මා දිහා බලනවත් එක්කම මං වෙඩිල්ල වගේ අපේ අම්මා දිහා බැලුවා...මෙව්වා විලිසංගෙ නැති වැඩ...අනෙ අම්මා...පල්...ල.....හැන්දට පිස්සුද හෙට අනිද්දා ළමයෙක් හම්බකරන්න ඉන්න අම්මා දිහා බලන්නෙ....අප්පච්චි ට කියන්න ඕනෙ නංගියා ආව ගමන් මට තවත් නංගියෙක් ඕනෙ කියලා ....

ඇරත් ඔය ක්ලැරන්ස් මහත්තයත් අහන්නෙ සෙල්ලම් කරන්නයි තව රන්ඩු වෙන්නයි තව මල්ලියෙක් ඕනෙදො කියලා...ඔය අහන්නෙ ළමයෙක් හම්බකරවන්නෙ අහන්නෙ...

ක්ලැරන්ස් ට පුලුවන් නම් අපෙ අප්පච්චි බැරි ඇයි මන් අහන්නෙ වයි?

මල්ලියෙක් නම් කොහොමත් එපා පේනවනෙ කානුවගෙන් තියන වදෙ...නංගියෙක් ගෙනාවොත් හොදයි....එතකොට ළමයි හතරයිනෙ...හැන්දට බෑ ළමයි හතරක් ඉන්න ගෑනියෙක් එක්ක පවුලක් වෙන්න....

අප්පච්චි ට කියන්න ඕන සමතමන්ඩලෙ තියන ඔය පවුල් ආරවුල් සම්බන්දව තියන පොත් ටිකක් ගෙදර ගෙනත් තියන්න කියලා .....එතකොට අම්මගෙ හිතත් නොමග යන එකක් නෑ...ඒත් මට අපෙ අම්මව හරි විස්වාසයි අප්පා...අරකා තමයි ගෑනු හොරා වෙන්න හදන්නෙ.....

කල්පනා කරන්න ඕන දේවල් ඕනාවටත් වඩාකල්පනා කරන්න ගත්ත මට මගෙ නියපොතු කැවිල්ලෙ වේගෙ හොයාගන්න බැරි උනා...නියපොතු කාලම මට තිබුනෙම කුරුමිනි අඩු නියපොතු වෙනකොට වම් අතේ කාපු මං දකුනු අත ගත්තා...

ආන් ආන් හැන්දා උරුම්පූට්ටු වෙනවා...ඉස්සරහට වෙනවා ආය අපේ තේජකගෙ නෝනා දිහා බලනවා.....ඒකා අපේ දිහා බලන වාරයක් ගානෙම මං අම්මව කවර් කෙරුවා...බලන්නෙ කොහෙද මං අපෙ අම්මගෙ මූන වැහෙන්න එහාට මෙහාට උනා....

ඉදගත්තට පස්සෙ දනිහෙන් පහලට වැක්කෙරෙන්න තිබුන ගවුමට අතකුත් තියාගන මං පුලුවන් තරන් අම්මව හැන්දගෙන් හැංගුවා වගේම ඒකා මොනවා හරි අහන්න කට අරිනවත් එක්කම මං සට පට ගාලා ඒකා අක්කෙ කියන්න කලින් හැන්දව නවත්තගත්තා...

ක්...කොහොම උනත් ඔයා මෙයාට අක්කෙ කියන එක නවත්තන්න ඔයාට ගානක් නැති උනාට අපෙ අප්පච්චි මේවට කොහොමත් කැමති වෙන එකක් නෑ අයියෙ....ඔයා දන්නවනෙ අපි නුවර මිනිස්සු.....උඩරට මිනිස්සු...

එහෙ මිනිස්සු නෑකම් හරියට තිතට කියනවා...ඔහොම හැමෝටම අක්කෙ අක්කෙ ගාන්නෙ නෑ අයියෙ.....අනික දරු පැටව් තුන්දෙක් ඉන්න අම්මට අක්කා කියන එක අම්මටත් හොද නෑ....ඇරත් මෙයත් මෙහෙම උන්නට හෙන වයසයි අයියෙ...කොන්ඩෙත් දැන් සුදු වේගන එන්නෙ.....එහෙම එකේ අක්කා කියන්න එපා ඒක හරි නෑනේ ...අපි....

ඕන් පටන් ගත්තා ඕන් පටන් ගත්තා අපිඥුවර හුයියෙ ගාන්ඩ.....මේ හිච්චට නම් නුවර උන සහලල...මේ නුවර ලබ්බ දැන් මට අරහන් මේකව මට මූදෙ ඔබන්න හිතෙනවා.....

අරකා මුමුනවා....මං ඒකට අපෙ අම්මට අක්කෙ කියන්න එපා කිව්වා විතරයි මොනවා හරි අහන්න හදාපු හැන්දා මට බැන බැනද කොහෙද අහක බලන් මුමුනන්න ගත්තා පසනා ආයම අඩන්න ගත්තා....

අ....අනේ...පප්පෙ....යන්ඩ බෑනෙ පප්පෙ....පප්පෙ....ඔහෙට ඇහෙන්නෙ නැතැයි...පසනට...යන්ඩ...බෑනෙ....

බල පසනා.....ඔය ඈඩියාව නවත්තකො....කොයි වෙලාවෙත් බෑ බෑ..... ගාගත්ත ගමන්.... ගෙදර ඉදන් මොන ඇටකිරිඥ්ඥාවක් කොරන්ඩද ...මොකො වැල්ලට යන්ඩද..... බොගෙ අප්පා වගේ ලෑල්ලට යන්ඩද...නැත්තන් අර බාප්පා වගේ මාලු කපන්ඩද....කෝ කෝ ඇඩිල්ල නවත්ත....අඩලම නහයෙන් හොටුත් එනවා..... නහයෙන් එකයි හොටු ඔහොම යන්ඩ පුලුවන්ද පන්තියට පප්පගෙ සරමෙන් නහය පිහදගන්...කොයි වෙලෙත් පප්පෙ හුප්පෙ ගානවා

මං බලාගන උන්නා..කිව්වත් වගේ පන්තියන්ඩ බෑ ගගා නාහෙන් අඩාපු පසනගෙ නාහෙන් එකයි හොටු....ඇරත් අර පවුලම තල්මස්සු උනාට මොකද... පසනා තනිකරෝම මලකඩ කාපු කවකට්ටක් වගේ....

ඒකා ලා දුඹුරු පාටයි....මූදෙ නාලමද කොහෙද ඒකගෙ ඇගම අගුරු වෙලා මූන විතරක් යන්තමට මඩපාටට තිබුන.....

ඊයෙ වෙනකන් හොදට තිබිලා හැබැයි අද වෙනකොට මොන මගුල කරන්න ගිහින් හරි කඩාගත්තු ඉස්සරහා දොරපියන් සයිස් දත් දෙක නැති කට තනිකරම පිහාටු ගලවපු තාරපුකක් වගේ වෙනකොට ආයමත් පාරක් චක්කරෙ ගැන ගැන නාහෙන් අඩපු පසනා අඩෝම හැන්දගෙ උකුල ගාවට පහත් වෙලා සුරුස් ගාලා හොටු තලියක් අර අපූරු සරමෙ අතුල්ලල මගෙ දිහාව බලලා දත් නැතිකටෙන් හිනා උනා.....

මු නිකන් දෙනවක හාමිනෙ වගෙ...!!

ඊටත් කෝටු අතට බැදලා තිබුනෙත් බෙන්ටෙන් ඔරලෝසුවක්....ඕකට ගැහුවොත් එහෙම මහා උරග දැවැන්දතයා එයිද දන්නෙ ඈ....අප්පච්චිට කියන්න ඕන මටයි කානුවටත් එකක් ගෙනත් දෙන්න කියලා.....

පසනා හිනා උනා....වත්තක පොල් එකපාරම ගාන්න පුලුවන් තරම් ලොඹු ගැහුන....කලුවර ලීයෙන් හදාපු පලු දෙකේ අල්මාරියක් හිට ගස්සවන්න තරම් හිඩැසක් හිටපු උඩු තොල් ඉදමිලා බරි වෙලා ගියපු කටක් තිබුන පසනා මා එක්ක අහවරක් නැතුව හිනා වෙනකොට මට ඌ එක්ක බොරුවට හිනාවෙලා විසේ යන්න එද්දි මන් ඒකගෙ අතේ තිබ්බ බෙන්ටෙන් කවරෙ දාපු පොතෙන් ඒකගෙ සම්පුරන නම දැක්කා....

පසන් අරුනලු හැන්නදිගෙ!

මොනවා උනත් අරුනලු ලස්සන නමක්....මූ නිකන් වයසට ගියපු දෙනවක හාමිනෙ වගෙ උනාට.....

පසන් ඔයාගෙ කටට ඔය මොනා වෙලාද...කෝ දත් දෙක?ඊයෙත් හොදට තිබ්බනෙ ?අද ඒක නැත්තෙ මොකද මල්ලි

අම්මා අප්පච්චිට ද කොහෙද මැසේජ් කර කර ඵෝන් එක එක්ක ඔට්ටු වෙනවා....හැන්දත් අම්මා දිහා බලන එක නවත්තලා කැසට් එකෙ දාලා තිබුන සින්දුවෙ සද්දෙ තවත් චූට්ටක් විතර වැඩි කෙරුවා ....

මට පේන්නෙ හැන්දා ක්ලැරන්ස් පෑන් කෙනෙක් වගෙ...ඒ ගෙදර දාන්නෙම දෑස පියාගත්තම නැත්තන් මිල්ටන් ගෙ ජෝතිගෙ හැන්දා හැත්තෑව දසකෙද කොහෙද ...අහන්නෙම එහෙම සින්දු මං අහගන මට වහදාපු පාන් කව්වපු දවසෙත් මේකා ලාලා ලාලා ලාලා..ලාලා ගගා ඉස්සන් මගුරන් කිව්ව.....

සදගිලුනත් හිරු ගිලුනත්

මට කමක් නෑ...

තරු වැටුනත් මල් හැලුනත්

මට කමක් නෑ.....

ක්ලැරන්ස් මහත්තයා එහෙන් සද ගිලුනත් හිරු ගිලුනත් කමක් නෑ කියලා කියනවා...

ඇත්ත ඒ මහත්තයට නම් මොකද ඉතින් ....නාසාඑකට මිසක් වේදනාව....ඉරයි හදයි ගිලෙන එක වීඩියො කරලා බුදු බන පදයක් සවන වැකේවා සින්දුව දැම්මා නම් වීව්ස් ටිකක් ගන්න තිබ්බා...ඇයි අම්මෙ ඕන මගුලක් කරලා අවසානෙදි බුදු බන පමනක් සවන වැකේවා දාපු ගමන් නිකන් ඉන්න අපිටත් ඇඩෙනවා...හිතුනොත් මං ඕක අපේ කානුව අඩන වෙලාවට වීඩියො කරලා දානවා....

පසනා ඇඹරෙනවා....මං ඇහුවෙ දත ගැන විතරයි අරකා කට ඔහෙක් කරන් හිනා වෙවි හැන්දා දිහා බල බල ඉදලා හැන්දගෙ ඇග අස්සෙ මූන ගහගත්තා..හරියටම පස් යට ඔලුව ගහගත්ත පැස්බරෙක් වගේ.....

පප්පෙ.....

හ්ම්ම්ම්...

මේන් මෙයැයි අහනවා දත් දෙකට මක්කයි උනෙ කියලා ....සිගිති නැන්දගෙ අග්ගල කාලයි කියන්ඩයිද....

අරකා තනිකරම පනුවා වගෙ...හැන්දගෙ ඇගෙ ඇතිල්ලි ඇතිල්ලි මොනවදො කුටු කුටු ගානවා....පේනවද හුරතලෙ...අපෙ කානුවගෙ වත් නෑ..අනික ඔහොම ඇබරෙන්න ඕනද.....මේ මනුස්සයා මේකා හන්දාමේ ලොරිය ඇනගත්තොතින් ඔක්කොටම හපන්...

දත් ගැන අහපු ගමන් හැන්දාගාවට රිංගපු පසනා මොනාදො හුචු හුචු ගාලා අහවර වෙනවත් එක්කම හැන්දා මගෙ දිහා බැලුවා.....

මෙයැයි මේ අපේ සිගිතියා හදාපු අග්ගලයක් කාලා....ඒකිට පදම වැරදිලා ඒවා හොදයි බල්ලන්ට ගල්ගහන්ඩ....මාත් එව්වා කෑවෙ කොටලා. අක්කෙ හිච්චට දැන් කීයද...?

පසනගෙ දත් ලෙප්ට් වෙලා තියෙන්නෙ නිල් තල්මහගෙ පදම වැරදුන අග්ගලා කාලලු..හැන්දා කෑවෙත් කොටලලු...ඔක්කොමත් හොදයි මේකා ආයම අපෙ අම්මට අක්කෙ කියලා මගෙ වයස අම්මගෙන් ඇහුවනෙ.....මං මෙතන ඉන්නකොට මොකටද අම්මගෙන් වයස අහන්නෙ....මං කිව්වෙ මං කිව්වෙ....හැන්දා හදන්නෙම මොකක් හරි පොටක් පාදවන් අම්මව අල්ලගන්න...උඹට මං ඉන්නකොට මොකටද අම්මව...මගෙන් අහපන්කො සුදු චූටි ඔහෙගෙ වයස කියද කියලා ...

මන් රවාගත්තා...කොච්චර නැන්දෙ කියන්න කිව්වත් අම්මට අක්කෙ කියපු හැන්දා මගෙ වයස අම්මගෙන් අහනවත් එක්කම මං මැදින් පැන්නා....

දහ අටයි අයියෙ මේ සැප්තැම්බර් පස් වෙනිදට

..........??

තවම මාසයක් හමාරක් විතර වෙන්නෙ මල්ලි...

මේන් මේ උඩරට හිච්චට හොදටම මොංගල්..මං ඇහුවෙ මේන් මෙයැයිට හම්බෙන්ඩ ඉන්න හිච්චට වයස.....

හැන්දා මට ආයම බනිනවා...මොනගල් කියනවා.....

අරක අහලා තියෙන්නෙ නංගි බබාගෙ වයස!

මාව භ්‍රමනය වෙන්න ආවා...මට මොනගල් කිව්ව එකත් අහන් ඉන්න පුලුවන් හැන්දා අම්මට අක්කෙ කිව්වා මදිවට අම්මත් හැන්දට මල්ලි කියනවා එක්කම මං අම්මාව අලුවෙන බැල්මක් දැම්මා.....ඒ විතරක් නෙවෙ මං අම්මා දිහා බලාගන ආවේස උන කපුවා වගේ අම්මට කුටු කුටු ගගා බනින්න පටන් ගත්තා....

ඔයත් දැන් ගානට වැඩී අම්මෙ....ඔයාටත් ඕනෙ හැන්දා ලව්වා වහදාපු පාන් කාලා මොනවා හරි කරගන්නද.....මං අප්පච්චි ආව ගමන් මේක කියනවා....හරියන්නෙ නෑ..ඔයා මැනිකෙක් නේද අම්මෙ.....මෙව්වා අපිට ඔබිනවද.....ඔයා මේ හැන්දා හන්දා අප්පච්චි ට ද්‍රෝහි වෙන්න හදනවද.....?මේකා ඔයාගෙ ලොකු පුතා වගේ...එයාට මල්ලි කියන්න එපා අම්මෙ... ස්කීපර් අයියට පුතේ කියන්න මන් කැමති නෑ ඔව්වට...අනික මේ මනුස්සයා ආස්සරේට හොද කෙනෙක් නෙවෙ...

ඇත්තමයි අම්මෙ මං මූදෙ පනිනවා ඔයා මේකා එක්ක මොකක් හරි මගුලක් පටන් ගත්තොත්....

අක්කෙ ඕන් ඔය හිච්චා දොඩන්නෙ මොනාදැයි.....

ලොකු පුතේ කියන්නලු...සුදු මහත්තයා කැමති නෑලු මල්ලි කියනවට..නැත්තන් මූදෙ පනිනවා කියන්නෙ

මීට වැඩිය හොදා.....යි

මං හිතන්නෙ අම්මත් දැන් දැන් ද්‍රෝහි වෙනවද කොහෙද...අම්මව හැන්දගෙන් ඈත් කරවගන්න එක එක දේවල් කිව්ව මට සිද්ද උනේ වහ කන්න නෙවෙ දැන් නම් හැන්දා අතින් දෙන වහ බෝතලයක් හරි උගුරට හලාගන්න වෙන එක වෙද්දි මං හැන්දට එහෙම නෙවෙ අයියෙ අපෙ අම්මා ඇත්තටම නැන්දෙක්නෙ කියන්න හැරෙනවත් එක්කම හැන්දට කෝල් එකක් ආවා...

කිව්වට විස්වාස කරන්න මගෙ කන් බෙරත් හිල්වෙලා ගියාද මන්දා...ඒ තරම් සද්දෙ...

අමුක ඩුමුක

අමල් ඩුමල්...යෙප්පප්පා..යෙපප්පා....

කොච්චර ටෝන් එක අඩු කෙරුවත් මුලු ගමටම ඇහෙන ඒ...කාලෙ ආව එක්දාස් පන්සීයට තියන චයිනිස් ඵෝන් එකක්...

මගෙ කන් අඩි පුපුරන්න එනවා

ඵෝන් එක බෙරිහන් දෙනවා...

සද්දෙ වැඩි කමටද කොහෙද අරකෙ ස්පීකරුත් දෙදරනකොට මායි අම්මයි දෙන්නම ඇස් ලොකු කරන් හැන්දා දිහා බලාගන උන්නා....

ඉනට බැදන් උන්න තනි කලු පොකට් ගොඩක් තියන අර පර්ස් එකට අත දාපු හැන්දට වාහනේ එලවන ගමන් අර මගුල හොයාගන්න බැරි වෙද්දි අහවරක් නැතුවම අමල් ඩුමල් කෑගනවා..

හැන්දා අත දානවා ඵොන් එක හොයනවා...මට දැන් බයේ බෑ...වාහන එහෙන් එනවා මෙහෙන් එනවා.....හැන්දා තනි අතින් ඵෝන් එක හොයනවා...එක්කො මේ පසනවත් අහන්න ඕනා පප්පෙ මං වත් හොයලා දෙන්නද කියලා .....

වලවල් ඊට හපන්....අම්මට බබෙක් හම්බෙන්න කියපු හන්දාද කොහෙද හැන්දා එලෙව්වෙ හරි පරිස්සමින් ..ඒත් දැන් තත්වෙ වෙනස් හැන්දා ඔලුව ඔබාගන අර ලදරම හොයනවා...එහෙන් මගෙ පපුව ගිඩි ගිඩි ගානවා..අනේ හැන්දො ඔය රෙද්ද මේ පසනටවත් දීකෝ කියලා මගෙ යටි හිත බයේ කෑගනනවත් එක්කම අනේ සන්තො හැන්දා සුද්ද සිංහල කියන්න ගත්තා..

ටහුක්.....මේ හුත්ත නෑනෙ...සුදුචූට් මේන් මේ ලබ්බ කොහෙද බලන්ඩ...

මගෙ කන් දෙකත් එක්ක මොකක්ද වෙලා ගියා.....ඇයි දෙයියනෙ කට ළඟ පසනා ඉන්නකොට මොන රෙද්දටද මට අඩගහන්නෙ....අමුක ඩුමුක එහෙන් අඩනවා...මේ ඔක්කොම එක්ක මාලු වාහන එකා කාරෙට යන අස්සෙ ලොවක් ආදරේ කරන බීතෝවන්ගෙ මියුසික් එකක් අටවගත්ත චූන් පාන් කාරයෙක් කෙලගන යන්ඩහදනවා...ඌව අල්ලන්න උරුම්පූට්ටු වෙන උන් උගෙ පස්සෙ දුවනවා....

යකොඩො මූට ඔයතරම්ම යන්න හදිසි

නම් මොන රෙද්දටද මූ දැන් පාන් අරන් යන්නෙ....අනික මාත් දැන් ඔය මියුසික් එකට දුක් උනාට කව්ද දන්නෙ බීතෝවනුත් ආය ඉපදිලා පාන්කාරයා පස්සෙ දුවනවද කියලා ....

සුදු පප්පෙ පසනට බඩගිනීනෙ.....ජෑම්පාස් එකක් හරි රෝස් එකක් හරි පාන් බාගයක් හරි අරන් දෙනවයි.....ආන් අර හොදි දාපුවා තියෙන්නෙ..පප්පෙ අරන් දෙනවයි...

යෝහ්...ඩිංගක් ඉදුකො පසනා.....මේ මොකාද මැරෙන්ඩ හදන්නෙ බලන්ඩ...පාන් බාගයක් ඉල්ලනවා....උඹට පාන් බාගයක් නෙවෙ දෙකට නමලා බක්කරේක එබුවත් ඔය ඇට කෑලි වලට මස් ලියලනවද බලකො....

චූන් පාන් කාරයා යනවා දැක්කා විතරයි පසනගෙ කදුලු වාශ්ප උනා ඌ පාන් බාගයක් ඉල්ලුවා....

ඒ ඔක්කොමත් හරි අනෙ අම්මෙ අර රෙද්ද නැවතුනා..... දෙවියො මගෙ මූන දිහා බැලුවද කොහෙද ...මෙච්චර වෙලාම අඩාපු අමුක ඩුමුකයා ගෙ ඇඩිල්ල නැවතුනා විතරයි මට හුස්ම වැටුනා....මං කොහොමද අප්පා ඔතනට නැවෙන්නෙ...අනික මන් ඉන්නෙත් මෙතන..පසනට කියන්ඩ පුලුවන් නෙ...කමක් නෑ....ඔය මගුල නැවතුන වෙලේ වචනෙ දාලාමාරු වෙන්නඕන..නැත්තන් ආයමත් මට ඔය එක එක අස්සවල් වලට අත දාන්න කතා කරයි....ශිහ්....ඔව්වට අත දාලා අඩියෙ හිලක් වත් තිබ්බොතින්

ද්....දැන් ඕන නෑනේද අයියෙ.... එ..ඒක.....අනෙ අයියේ ආය වදිනවනේ එක.....දැන් ඉතින් ආය බලන්න වෙයි නේ අයියෙ...

මට දැන් ඇඩෙන්න වගේ....කේලම් කියන පොඩි එකෙක් වගේ අම්මා දිහා බැලුවත් මන් බලාගන වට්සැප් එකේ උන්න අම්මට අම්මගෙ තේජකයා එක උයන්නක් එක්ක හල් මයනු කෝටියක විතරමැසේජ් එකක් දාලා අම්මා ඒකෙ මයනු ගාන ගැනලා රන්ඩුවෙන්න පොටක් හොයනවා....

අනේ අම්මෙ අම්මට පේන්නෙ නැද්ද සුදුමහත්තයට හැන්දගෙ එක එක මගුල් වලට අත දාන්න වෙලා....

පසන් මල්ලි....ඔ..ඔයා බලන්නකො....

මන් දැන් කොදුරනවා.....පසනා නෙවෙ සිහියකින් උන්නෙ....ඌ තනිකරම උන්නෙ චූන් පාන් කරයගෙ වීදුරු රාක්ක වල තිබුන පාන් වල සිහියෙන් වෙනකොට අරකා එක පාරම මගෙ දිහා බලලා මට

කෑගැහුවා....

ඒයි මේක බලනවකො...

හ්...හා.....බලන්නම්..කෑගහන්නෙ ඇයි අනේ ඉතින්

මගෙ මූනත් එක්ක මොකක්ද වෙලා ගියා...ඔහෙක් මෙහෙක් ගාන හැන්දා අනිත් පාර අපෙ අප්පච්චි අම්මට ඒයි ගාලා කතා කරන්නා වගේ මටත් ඒයි ගානවා එක්කම මං ඉදන් උන්න තැනින් බාගෙට වගේ නැවතිලා හැන්දගෙ අර කලු මගුලට අතදැම්මා.....

කිව්වත් වගේමේ ලබ්බ කොහෙද දෙයියනේ.....මේක තනිකරම මහ බැන්කුව වගේනෙ.....සල්ලි විතරමනෙ.....අරින අරින පොකට් එකේ සල්ලි මිසක් අමුක ඩුමුකයෙක් හොයන්නත් බැරි උනා...

අමුක ඩුමුක අමල් ඩුමල්....

සුදු තියනවද....

න්..නෑ ඒයි....න්න්...නෑ...ස්..ස්පීකර් පප්පෙ....

මල වුත්තයි.....අනේහ්....අමාකර පැනපන් මූදට.....උඹ අයම නමක් දැම්මා...!

අනේ අප්පච්චි සුදු මහත්තයට අපලයක් දමන්දා....මේ හැන්දා දැන් ටිකකට කලින් මගෙ සුදු චූටිකිව්වා...මං ඒකත් ඉවසුවා...දැන් ඒයි කිව්වා...අනේ අම්මත් ඉන්න තැනම මූ මට සුදූ කියනවා අප්පච්චි ....

මට වහකන්න හිතුනා...අරකගෙ අර කලුමගුලට අත දාන් හොයලා හොයලත් චයිනීස් කට්ට නැති වෙනකොට හැන්දා සුදූ කියනකොට මට ඒයි කිය උනා මදිවට වෙච්ච වැරද්ද හදන්න ගියපු මං හැන්දට ස්පීකර් පප්පෙ කිව්වා...

අ..ආ...අයියෙ හම්බුනා....හොයා ගත්තා.....

(බ්‍රා...ස්)

හ්...හ්..අ...අ..භ්භ්.....භ්භ්.....අයි....භ්භ්...

අනේ දෙයියනේ සුදු මහත්තයා!!! මගෙ කොල්ලා

ටෞක...න්.....ඩ....ඒ කොහෙද ඩෝ පිස්සෙක් වගේ ඉස්සරහින් දාන්නෙ .....ඔහෙට මොලෙ නැද්ද අඩේ...??යකො බලලා දාකො...ස්..සුදුචූටි....අක්කෙ ඔහෙට කරදරයක් නෑනෙ අක්කෙ...පසනා...කෝ මගෙ කොල්ලා..බල පසනා.....

ප්..පප්පෙ පසනා බිම පප්පෙ...!පසනා බිම පප්පෙ...මේහ්...පසනා ඉන්නවා...

මන්දා මොන මගුලද එකපාරම උනේ කියලා...කන්දොස්කිරියාවෙ බැරි උන චයිනිස් කට්ට අතට අරන් අයියෙ හම්බුනා කියන්න විතරයි මට පුලුවන් උනේ...මාව හොම්බෙන් ගියා....

මන් හිතන්නෙ මගෙ කකුල් දෙක මේ වෙනකොටත් තියෙන්නෙ උඩ...මගෙ මේ ස්වරූපෙ මොකක්ද මන් දැන් ඉන්න පොසිශන් එක මොකක්ද කියලා හරියටම තේරුම් කරනවා නම් මැසෙන්ජර් ස්ටිකර් පැක් එකේ ඉන්නෙ මුනින් අතට වැටුන කිකිලි වගේ....ඒකිගෙ වගේම මගෙත් හොම්බ කට හැන්දගෙ කකුල්මැද....කකුල් දෙකයි පෙදෙයි උඩ!

අනේ අප්පච්චි මගෙ නහය කටට මොකක්ද මගුලක් තද වෙනවා....අප්පච්චි ගෙ සුදු මහත්තයගෙ නහයට මොකක්ද ඇනෙනවා අප්පච්චි .....කොල්ලගෙ නාස් පොල්ලත් හොචස් ගෑව වගේ අප්පච්චි ....

සුදුචූටි.....ඒහ් සුදු....ඒයි....

අ..අ.යියෙ ...ම්..මගෙ...න්..නහයට ඒක ඇනුනෙ...ඒක නම් මුරුක්කුවක් නෙවෙ අයියෙ.....

මට වහ කන්න තරම් ලැජ්ජාව...කකුල් දෙකත් උඩ දාන් කිකිලි වගෙ උන්න මාව කෙලින් කරවපු එයා අර ඉස්සරහින් දාපු එකාට කුනුහර්ප වපුරලා මායි අපෙ අම්මයි පසනයි හොදින්ද බලලා අවසානෙදි මගෙ දිහාව බලාගන ඉන්නවත් එක්කම මං මගෙ නාහෙත් අත ගගා ඒකගෙ කකුල් මැදත් බල බල ඒක ඇනුනනෙ අයියෙ ගානකොටම හැන්දා කට කොනින් හිනා උනා...

හ්ම්...ඒක මුරුක්කුවක් නෙවෙ...දක්ශිනාවර්තව කැරකුන වාලම්පුරියක් ..වාසනාව තමයි ආය.....සුදු චුටි ආසනැතයි ජීවිත කාලෙම වාසනාවන්තයෙක්ගෙ වෙන්ඩ...

න්..නැතයි...අයියෙ....අනේ...නැතයි.

මට එපා අයියෙ ඔය වාලම්පුරි

මාව රතු උනා.....අම්මා දිහාවත් බලන්න තරන් සිහියක් නැති මං ඉක්මනට අතේ තිබුන ඵෝන් එක එයාගෙ දිහාවට දික්කරලා මං බිම බලාගත්තා....බිම බලාගත්තා කියන්නෙ මං නෙවෙ ආය ඇහැක් ඇරියේ...

මූට නම් මොලෙ මොංගල්ද කොහෙද ... පුදුම වන්චරකමක්නෙ මේක...එහෙන් අම්මෙක්ට ඉන්ඩ දෙන්නෙ නෑ..මෙහෙන් ඉස්කෝලේ යන නොදරුවෙක්ට ඉන්ඩ දෙන්නෙ නෑ.....වරෙන්කො ආය සුදු චූටිගාන් මං කියන්නම්කො මුන්දට කන් දෙක ගොඩවෙන්න...ඔව්වට නම් ලෑස්ති වෙන්න එපා කියලා .....හරි වන්චරයිනෙ....

පප්පෙ.....ජෑම්පාස් එකකුත් අරන් දෙනවයි...

සුදු චූට් ආහ්.....

මෙච්චර වෙලාම බිම බලාගන මතුර මතුර උන්න මං ඔලුව ඉස්සුවා....අර චයිනිස් කට්ටට ඇන ඇන උන්න හැන්දා එක පාරම සුදු චූටි ආහ් ගානකොට මං ඔලුව ඉස්සුවා....ඒ අතේ තිබුනෙ ජෑම්බනිසක්.....අරකා අර දමාගන පප්පෙ ජෑම්පාස් ජෑම්පාස ගගා ඉල්ලා තියෙන්නෙ ජෑම් බනිසක් ....

මං අම්මා දිහා බැලුවා .. හරියටම අම්මෙ ගන්නද එපාද අහන්න වගේ...ඒත් අම්මා නෙවෙ වචනයක් කියන්නෙ අම්මා කරපු එකම දේ නම් හිනා උන එක වෙද්දි මන් ආයම හැන්දා දිහා බැලුවා...

සුදු චූටි ඔහෙ මේක ගන්නවද....

ජ්..ජෑම් පාශ්...ඔව්වා රහයි අයියෙ...ගන්ඩ...අපෙ පප්පා දෙන්නෙ....

ගන්නම් ගන්නම් අයියෙ...

කට පුරෝගත්ත පසනා අර දත් නැති කටෙන් ඕක ගන්ඩ අපෙ පප්පා අරන් දෙන්නෙ කියනකොට මං සීනි කැට ඉහාපු අර ජෑම් බනිස අතට ගත්තා...

අක්කේ මේන් කාලා බලන්ඩ මේවා දකුනෙ බඩු ..

හැන්දා අපෙ අම්මටත් ජබනිසක් දික් කෙරුවා....පාන් බාගෙකුත් ඉල්ලපු පසනා කොච්චි සම්බෝල ඔබාපු පාන් බාගෙ හෑස් හූස් ගගා කනකොට මං අතේ තිබුන ජෑම් බනිස දිහාව බලාගන උන්නා.....අනේ මට කානුවව මතක් උනා...පව් ඕකාට ගැහුවට මං ආදරෙයිනෙ...

අම්මෙ ආ..මේක සමනල්ට දෙන්න

මං අතේ තිබුන බනිස අම්මගෙ අතට දුන්නා ...

සුදු චූටි මක්කැයි ඔය ...කන්නෙ නැතයි...ඔව්වා රහයි කාලා බලන්ඩ එක දවසක් කෑවොත් ආය ආය කන්ඩ හිතෙයි...

මං හිනා උනා.....වෙන වෙලාවක නම් එක වචනයක් හරි කියලා ශේප් වෙන මං මෙවෙලෙ එක හිනාවක් දීලා අහක බලාගත්තා.....

පසනා ඕන් ඔක දෙකට කඩලා අර අයියට දියන්....

එපා...අයියෙ දැන් කන්න බෑ....ඔයා ඕකත් කන්න මල්ලි...

ආ හොද වැඩේ...මෙයැයි මෙච්චර ගිලලා පන්ති ගිහින් බුදියන්ඩ තමයි...අනික මෙයැයිව දැන් ඉස්සරහින් හලන්ඩ ඕන.....

කොච්චර කිව්වත් වැඩක් උනේ නෑ...හැන්දා පසනා ලව්වා අර ජෑම් බනිස දෙකට කැඩුවා....මගෙ ඇස් ලොකු උනා...ඇයි ....වෙනදා දකින ජෑම් බනිස නෙවෙ...ජෑම් බනිස පුරාවටම තිබුනෙ පොල්පැනි...කටක් කටක් ගානෙම තිබුනෙ පොල් පැනි වෙනකොට අකමැත්තෙන් ගත්තා උනත් පලවෙනි කටෙන්ම මගෙ ඇස් ලොකු උනා හැන්දා හිනා උනා.....

අම්මෙ ....

එපා සුදු මහත්තයා....සුදු මහත්තයා කන්ඩ.....

මේවා රහයි..

අම්මා හිනා උනා.....හැන්දා අර ආව කෝල් එකට ගහගන්ඩ වගේ උත්තර බදිනකොට පොල්පැනි බනිසට වහ වැටුන මාත් අවසානෙදි එපා එපා කියල ඉදලා අවසානෙදි පසනා වගේම කටට දෙකට හව් හව් ගාලා හපන්න ගත්තා වගේම මං අහගන හැන්දගෙ කෝල් එකෙ උන්න එකත් හැන්දා වගේම කචපච ගානවා...ඌ ඔය කියන ලබ්බ ඵෝන් එකෙන් කියන්නෙ අපරාදෙ ...ඉන්න තැන ඉදන් කෑගැහුවා නම් හරි....

හ්ම්....මං කොල්ලව බස්සන් එන්නම්....ඔහෙ දැක්කෙ නැද්ද ඕකා පස්සෙන් එනවා....හ්ම් හ්ම්....එන්නම්...

මේ කතාව මොනා සම්බන්දවද කියන්න මන් දන්නෙ නෑ...හැබැයි හැන්දා පසනව බස්සන් එතනට එන්නම් කියනකොට මෙච්චර වෙලාම සතුටින් පොල් පැනි බනිස් ගිල ගිල උන්න පසනගෙ මූන දෙක උනා...ඒකගෙ කෑම එහෙම්ම ඇනහිටියා...

පප්පෙ....බාප්පයි?

හ්ම්.....බප්පා තමයි ආන් බාප්පා එක්ක ගොනෝරියා ගිහින්ලු....

ගොනෝරියා ???පප්පෙ මං බාප්පා එක්ක නවතින්ඩයිද...බාප්පයි ගොනෝරියයි මායි....ආ පප්පෙ මං ඉන්නවනෙ.....

අඩෙ....බල පස....නා තොට පිස්සුද...මේන් මේ හිච්චට මොන්ගල්ද මන්දා සල්ලි දීලා පන්ති නොයා ඉන්ඩ....උඹ බාප්පා එක්ක නැවතිලා මාලු කපන්ඩයි?ගුටි නොකා පන්ති පල බල... 

මගෙ කන්දෙකත් එක්ක හෙලවිලා ගියා...

ගොනෝරියා.....මොකක්ද ඒ කිව්වෙ...ගොනෝරියා කියල නේ????අතේ තිබුන බනිස් කෑල්ල මගෙ අත වෙව්ලන්න ගත්තා...බාප්පට ගොනෝරියා කියලද ඒ කිව්වෙ....මට ඉබේටම හැන්දා දිහා බැලුනා....බාප්පට ගොනෝරියා කියන්නෙ තල්මස් පවුලටම ගොනෝරියා ඇතිනෙ....එතකොට මේ පසනට අනෙ මූ මෙච්චර කෙට්ටු මේ හන්දද දන්නෙත් නෑ

මං කටට අත තියාගත්තා..අනේ යකො වහ දාපු පාන් කැව්වට හපන්නෙ ..මුන්ට ලින්ගික රෝගනෙ.....එතකොට බාප්පට කියන්නෙ...මේ හැන්දට.....අනේ මාව ඒකගෙ කකුල් මැදටත් වැටුනා.....මායි සමනලුයි ඊයෙ මේකා ලව්වා බතුත් කවාගත්තා. අනේ දෙයියනෙ මායි අපෙ කානුවයි මොන මගුල කෙරුවටද...අනික මේකා මාව දැල් ගිඩ උඩ යටකරගත්තා...කඩල කැව්වා...ලින්ගික රෝග බෝවෙන ක්‍රම කොච්චර නම් තියනවද...

මට දැන් ඇඩෙන්න වගෙ....මට ගොනෝරියා හැදිලා හැන්ගිලා ඉන්නවා මැවිලා පෙනුනා....

හැන්දා අතින් කවාගත්ත ...බත් කට දිරවලා තිබ්බත් මොකද දැන් නම් මට උගුරට ඇගිල්ල ගහලා ආපිට වමනෙ දාන්න හිතුනා...

පප්පෙ.....

හා හාබැහු බැහු...මේ අයියලාට යන්ඩ වෙලා යනවා...පප්පා එක්ක යන්ඩ එන්නම් හොද කොල්ලා වගේ පරිස්සමින් යමන් .....

පසනා බැස්සා.....මා දිහාවත් බලලා අපෙ අම්මා දිහාවත් බලලා හිනා වෙලා යන්න යනකොට මං හූල්ලගන වගෙ හැන්දා දිහා බලන් උන්නා....එක්කො මේ මිනිස්සුන්ට මොලේ නැතුවද.....ඇයි දෙයියනේ ඔව්වට බෙහෙත් ගන්න එපැයි....

හැන්නදිගයියෙ ..... .ග්...ග්..ගොනෝරියා කියලද කිව්වෙ..

හ්ම්....ගොනෝරියා තමයි...

මට දැන් හුස්මහිරවෙන්න වගේ.....ඉදල ඉදල කල්පනා කරලා කරලා බබා හම්බෙන්න ඉන්න අම්මටත් නෑහෙන්න මං ගොත ගගහා ගොනෝරියද අහනකොට හැන්දා ගානක් නැතුවම හ්ම් ගොනෝරියා තමයි කියන කොට මගෙ යටි බඩ කොරවෙන්න ගත්තා....මගෙ අතේ තිබුන සීරුම් තුවාලෙ දැකපු මට සිහි නැතිවෙන්න ආවා...ඔව්වා ආසාදනේ වෙනව දෙයියනෙ.....මං අපේ එකාට කිව්වා...කොච්චර වාත් නටන මාමියෙ ගගා මායන් උනා දැන් හරිනෙ සමනල් පුකේ අමාරුව...අනේ හැන්දො අපි ඉවරයි හැන්දො ඇරෙන්න වෙන මොනා කියන්නද....

ඔව්වා ඔහොම තියාගන්න ඕන එව්වා නෙවෙ අයියෙ....අයියා දන්නෙ නැද්ද....

මොනාද....

ඔය ගොනෝරියා...ඔව්වට බෙහෙත් තියනවනෙ...

?????

අනික ඔයාලා කිසි පරිස්සමක් නැතුව ඔහොම ගියහම අනිත් අයත් කරදරේ වැටෙනවනෙ අයියෙ....

??????

අනික මායි අපේ සමනලුයි ඉස්කෝලේ යන පොඩි උන්..අනික අර පසන් මල්ලි.....ඔයා තාම තරුනයි...තරුන ජීවිත අපරාදෙ අයියෙ ගොනෝරියා විහිලුවක් නෙවෙ හැන්දයියෙ .....ඔව්වට බේත් තියනවා....

ඔලුවත් එක්ක විකාරයි වගේ අඩේ...මේ හිච්චා මොනා දොඩනවද මන්දා.....තනිකර මොන්ගල්...

අරකා මට බැන්නා.....මෙච්චර හොදින් කියලත් හැන්දා මට කිව්වෙ මොනගල් කියලා කතාව විතරක්ම වෙද්දි පසනව දාලා එකම වේගෙන් ආව දිග හැන්දා මටත් රවාගන එක පෙලට තිබුන මාලු මාලු ලෑලි ගොඩෙන් එක ලෑල්ලක් ලගට වාහනේ ස්ලෝ කෙරුවා

අඩේ.....

ආ ඔය ඉන්නෙ....මොකැයි ඔය පුක්මූන දාන්..ඕකට කාරල්ලෙක්වත් දීපිය බල...

ඔව් සුද්දයියා මේකා ඇවිල්ලනෙ.....බලකො මූ කාගන්ඩ හදනවනෙ...බිස්නස් කරන්ඩයි බලු වලි බේරෙන්ඩයි ගියාම ඔව්වා අහවර වෙන්නෙ මන්නා පාරවල් වලින්....

ඇත්ත කතාව කිව්වොත් මං දැන් ඉන්නෙ ඇත්තටම මොනගල් වෙලා....වාහනේ ස්ලෝ කරනවත් එක්කම අඩේ ගලා කෑගැහුවෙ තනිකරම පසනා වගේම වියලිකාලාප කවකට්ටක්....අඩේ ගාපු ගැම්මයි උගෙ සරීර කදයි දැකපු මට එකපාරටම මතක් උනෙ අර වස්ති එකේ ඉන්න අඩේ...ගාගන ඉස්සරහට පනිඅ කෙට්ටු ඩයල් එකම විතරක් වෙද්දි වහ දාපු පානුත් කාලා මදිවට ගොනෝරියත් ආසාදනේ කරන් උන්න මං අර "සාවාලයෙක්" වගේ ඉන්න කෙට්ටු ඩෑල් එකගෙ සරීර කූඩුව ස්කෑන් කරන්න ගත්තා....

උගුරු ගැටේ හොදටම කැපිලා පේන කෙට්ටු බෙල්ල පිරෙන්ඩම තිබුනෙ රත්තරන් කඹ වලි වෙනකොට එතනම පවුම් දහයකට වඩා තිබුනා....අබරපු රත්තරන් කඹ පිරෙන්ඩම තිබුනෙ ධර්ම චක්‍රෙ එක්ක නැංගුරම් වෙද්දි මං කරපු එකම දේ ඒකගෙ කෙට්ටු බෙල්ල දරාගන ඉන්න රත්තරන් වල වටිනාකම හොයපු එක ...

මගෙ අම්මේ....යකොඩො අර නැංගුරමෙ ලොකු....මූව ඕක එක්ක මූදට දැම්මත් ඔය නැංගුරම ගිහින් මුදුපතුලෙ ඇමිනිලා මූව උඩ පාවෙනවා..

ඊටත් යකො බෙල්ල වගේද අත...අත අව්වට වේලුන මෑකරල වගේ උනත් අතේ තිබුන බ්‍රේස්ලට් එක දැකපු මට ඉබේටම කෙල හිර උනා....එකක්ද දෙකක්ද තුනක්ද...ගොනෝරියා හැදිලා උන්නත් මොකද මූව කෝටිගානක් වටිනවා දෙයියො....

ඒකා කියවනවා....අතපය ඔහෙක් මෙහෙක් කර කර අතේ තිබුන සල්ලි මිටියෙන් අනිත් අතට තට්ටුවක් දාදා අඩේ... ගගා ගහගන්ඩ වගේ හැන්දත් එක්ක කතා කරන කෙට්ටු ගොනෝරියා කාරයා දිහාව මං ඇහිපිල්ලමක් වත් නොගහම බලාගන උන්නා...

මාලු කහපාට දැල් දැල් ආම් කට් එකට තද නිල්පාට කලිසමක් ඇදන් උන්න ඒකාත් හැන්දා වගේම පොකට් ගොඩක් පිරුන කලු පර්ස් එකක් ඉනේ බැදගන උන්නා ....

.

සුද්දයියා....මෙයැයි කව්ද....

මේ හිච්චයි අර අක්කයි අලුත් ඊඅයිසෙගෙ පව්ල....

අඩේ....හ්....අලුත් ඕඅයිසි මහත්තයගෙද...හොදයි හොදයි.....

ඒකා හොදයි කිව්වා...ඉතින් හොදයි කියන්නෙ අපි කොහොමත් හොදයි නේන්නම් කියන්න වගෙ මං හැන්දා දිහා බැලුවා...

මෙයැයි මගෙ මස්සිනා..අපෙ සිගිතියගෙ වාහෙ.....අර ඉන්නෙ ගොනෝරියා සිගිතියගෙ හුරතලා....මේකා මස්සිනා පස්සෙ ඇවිල්ලා...දැන් ඉතින් මූවත් කුදලන් යන්ඩ වෙනවා...ඔහෙලට අවුලක් නැනෙ.....

මගෙ කට තනිකරම පතාමැඩියෙක්ගෙ ඔහෙක් වෙලා ගියා....සාවාලයෙක් තරම් පැතලියට ඉන්න මිනිහා සිගිතියගෙ වාහෙ කියනවත් එක්කම මට මතක් උනෙම එෆ් බී එකේ තිබුන අර හැන්දෙන් ගලවන මීම් එක වෙනකොට මාලු ලෑල්ලෙ පැත්තක ඉදන් ඌ වගේම කෙට්ටුවට උන්න ගොනෝරියව දැකලා ඊට එහා එපා උනා...

යකො බල්ලට දාන්න නමක් තිබුනෙම නැද්ද...ගොනෝරියා කියන්නෙ ලෙඩක්නෙ...මං කිව්වෙ තල්මස් පවුලටම පිස්සු....ගොනෝරියා විතරද දන්නෙ නෑ ඉන්නෙ...උපදන්ශ සුදු බින්දුම ඒඩ්ස් එහෙම නැද්ද දන්නෙ නෑ....

ඊටත් නිල්තල්හමගෙ මිනිහගෙ චූටි.....අනේ ඌ නිකන් සල්ලි කාරල්ලෙක් වගෙ ඇගේ මස් කලදක් වත් තිබ්බා නම් පුලුන් කාරල්ලෙක් වත් කියන්ඩ තිබ්බා...මූ නිකන් තනිකරම අලු දලා මැදලා හෝදන හොට දිග සාවාලයෙක් වගේ....තනිකරම පැතලියි....

මගෙ අම්මො මේ මිනිහව බාගෙට මැරෙනවා ඇති....තල්මහ යටකරගන්නවා ඇති නේ...පව් ගල් රෝලට අහු උනා වගේ ඇති....

මොනා කරන්නද බරවාහන පදවන්නෙම කෙට්ටු රියදුරෝ කියනවනෙ...මූත් පැතලි සාවාළය වගේ උන්නට ඉස්සෙක් වගෙ ඇද පුරාවටම එහා මෙහාට පයිනවා ඇති....නැත්තන් කොහොමද මෙච්චර පැතලි එකා අර තල්මහ ලව්වා ළමයෙක් හම්බ කරවන්නෙ.....

ගොනෝරියා කෝ නැගපන්....නැගපන්...සුදු චූටි ඔහෙ බල්ලන්ට බය නෑනෙ....මූ හපන්නෙ නෑ.....

න්..නෑ.අයියෙ ලොකුවට බයක් නෑ...හ්..හපන්නෙ නැත්තන් කමක් නෑ...

එහෙනම් එච්චරයි ....ලලන්තයා ලෑල්ලට කතා කරලා බලපන් තලපත් කැපුවද කියලා ...කැපුවා නම් මට කෝල් එකක් ගන්ඩ කියපන් හරි...

එලම සුද්දා...ආ මාලො...හ්හ්....ලාබයි...ලාබයි....

සින්ගිස්සා...පොකිරිස්සා....කිරි ඉස්සා...ලාබයි...ලාබයි...කලපු ඉස්සා....මුහුදු ඉස්සා.....ලාබයි........හොද්දට පරවා.....මිරිසට හුරුල්ලා.....මාලො...මාලො...මාලෝ.....හ්

සාවාලයා වගේ උන්නට කට යකො.....මේ කටින්ම හිතාගන්න පුලුවන් මේකගෙ වැඩ.....අර තල්මහව ආම්බාන් කරනවා කියන්නෙ ඉතින් පුදුමයක්ද.....

මැදක වගේ ඉදන් උන්න මං අම්මා ගාවට කිට්ටු උනා..අඩේ අඩේ ගගා ගහගන්ඩ වගෙ කතා කරන සිගිතියගෙ සිගිති මිනිහා ගිරිය පුප්පන් මාලො මාලො ගගා ගමටම ඇහෙන්ඩ කෑගහනකොට මාලු ලෑල්ලෙ උඩ ඉදන් උන්න ගොනෝරියා නම් වෙච්ච හැන්දගෙ බල්ලා පුරුදු කාරයා වගේ ඇවිත් ශීට් එකෙන් ඉදගත්තා...මූ තනිකරම ඉලපතක් වගේ...කොටින්ම කැකිරාව පැත්තෙ අව්වට කහ ගැහිලා ඇකිලුන ගස් ලබ්බක් වගේ...

යකො මුලු මූදෙම මාලු හැන්දලාගෙ වගේ ඒත් බල්ලා තනිකරම කානාටු වෙච්ච ගස්ලබ්බක් වගේ...මූට කන්ඩ දෙන්නෙ නැද්ද දන්නෙ නෑ...ඒඑත් එහෙම කියන්ඩ බෑ.....සමහර කෙට්ටු උන් කන තරම් වෙන මොකෙක්ක් වත් කන්නෙ නෑ..වෙලහට මූත් අපේ සමනලයා වගේ ඇති කොච්චර කෑවත් ඔච්චර තමයි.....

දුව මා වගේ...නේද නෑ...

අම්මා වාගෙ.....කලු පාට දූ කාගෙදො...

හැන්දා ආයම චූන් උනා...අපෙ අම්මා දිහාවත් බල බල පරිස්සමට වාහනේ එලවනකොට මං ජලබීතිකාවට බෙහෙත් විද්දම බෙල්ලට දාන කහපාට කරපටියක් දාගන කකුල් දෙකත් මී කතුරක් වගෙ එකට පූට්ටු කරන් ශීට් එකට හේත්තු වෙලා උන්න ගොනෝරියා දිහා වපරෙට බලන් උන්නා....කව්ද.දන්නෙ හැව් ගාලා ඇල්ලුවොත් එහෙම....මගෙ බුර්‍රිය වටේට බේත් විසි එකක් විදි....

ඒත් මොනා උනත් ගොනෝරියා අහිංසකයා...ඌ නිදා වැටෙනවා...හැන්දා ක්ලැරන්ස් මහත්තයා ගෙ දුව මා වගේනේ ද නෑ අම්මා වගේ කිය කිය ලොරිය එලවනව....වාහනෙ එලෙව්වත් අපි උන්නා කියලත් නෑ.....හැන්දා හැන්දගෙ ආතල් එක ගන්නවා...වෙලාවකට..අගෙ දිහාවත් බලනවා..එතකොට මං හැන්දව දැක්කෙ නෑ වගේ අහක බලාගන්නවා...මේ මොන විගඩමක්ද මේ

සෙල්ලම් කරන්නයි....තව රන්ඩු වෙන්නයි.....

පොඩි මල්ලියෙක්...ඕනෙදෝ....

අ..අනේ...දැන්ම එපා....අයියෙ.....

ඒ මොන මගුලක්ද ක්ලැරන්ස් මාමෙ ඒ උනේ.....??

මට ආය හේදෙන්න නම්බුවක් නැති උනා.....ඒක ඊටත් හපන්....සෙල්ලම් කරන්නයි තව රන්ඩු වෙන්නයි පොඩි මල්ලියෙක් ඕනදො අහපු හැන්දා ඒක කිව්වෙම කෙලින්ම මා.දිහාව බලාගන වෙනකොට මට දැන්ම එපා අයියෙ කියවුනා...හැන්දා හා කියන්න වහේ ලාවට ඔලුව වනලා හිනා වෙවි අහක බලාගත්තා විතරයි මං ඉක්මනටම බබා හම්බෙන්න දොස්තර හම්බෙන්න යන අම්මා දිහා බැලුවා..ඇති යන්තන් අම්මට නින්ද ගිහිල්ලා...මේ කාලෙට නිදිමත එනවලුනෙ හරියට....

සුදු චූටි....

හ්..හැන්දයියෙ.....

අහක බලන් හිනා උන හැන්දා මගෙ දිහා බලලා කුටු කුටු ගෑවා....ඒ එක්කම මාත් කුටු කුටු ගෑවා...

දැන්ම එපා නම්...පස්සෙ හදමුද....

ප්...පස්සෙ...පස්සෙ මොනවද අයියෙ....

පොඩි මල්ලියෙක්...!

*

*

*

අක්කෙ ඔන්න මේ ස්කීපර් අයියා කිව්වා වගේම පරිස්සමෙන් ගෙනත් බෑවා, සුදු චූටි ආන් ආරෝග්‍යා එක...ඔහෙත් එහෙනම් පරිස්සමින් ගිහින් එන්ඩ හරිය...

ගොඩක් ස්තූතියි අයියෙ....ඔහෙත් පරෙස්සමින් යන්ඩ හරිය...

ඇති යන්තන් අපි ආවා....හැන්දට බැන බැන උනත් වීල් එකක් නැති වෙලාවෙ ආවෙ හැන්දගෙ වාහනෙ.....පාලම හැදුවට පස්සෙ මෙච්චර කල් එගොඩ කරපු තොටියට ස්තූතියි නොකියන එක බලු වැඩක්....මොනා උනත් මටයි අම්මටයි ජෑම් බනිසුත් අරන් දුන්නා....රේස් ගහන්නෙ නැතුව අම්මව පරිස්සමින් එක්කන් ආවා..ඔහෙ ඔහෙ ගෑවට හැන්දට ස්තූතියි නොකිව්වොත් හොද නැති හන්දම මාත් හැන්දට ඔහෙ කියලම ස්තූතියි කියනකොට අපෙ අම්මා නම් හැන්දට බුදු සරනයි ලමයො කියනකොටම මං ඉක්මනට අම්මගෙ

අතින් අල්ලගන යන්න හැරුනා අපෙ අම්මත් කානුවා වගේ හැන්දට වහ වැටුනොත් ඒක ඊටත් හපන්.....අප්පච්චි ට තොයිල් නටන්න වෙයි හැන්දගෙන් අම්මව ගලවන්න.....පේනවනෙ අපෙ කානුවා

බුදු සරනයි ලමයො...

බුදු සරනයි,සුදු චූටි....ඔහෙ අදත් එනවයි ආවොතින් ඊයෙ වගේ බත් කටක් කව්වල යවන්ඩ ඇහැක් ආය....ඔහෙලගෙ හිච්චයි ඔහෙයි කක්කුටු අඩු සූප්පු කරන්ඩ මනාපයි කියලා ආන් අපෙ සිගිතියා කිව්වා.....ඕන් අදත් ගෙදර කක්කුටු හොදි හදනවා ඉදි ආප්ප එක්ක...චූටියා එනවනම් බුරිය උල් වෙන්ඩ කව්වන්නම්..හිච්චවත් එක්කම්ම ආවත් කාරි නෑ ආය

එ...එපා...අයියෙ...අපෙ අම්මා තුන් වේලටම උයනවා....අපි එහෙම පිටින් කන අය නෙවෙ....අනික මට ඔවුන් සැරයි....

මේ හැන්දා නම් මොකෙක්ද මන්ද...අවසානම මොහොත බලලා මාව අලු වෙන්ඩම බෝම්බෙ දාලා ඒක යන්ඩ ගියා.....

හිටපන් බලාගන මං එයි මේන් කියලා උඹගෙ අන්ඩ ලොවන්ඩ....කෑවා තමයි ඕක ආය ආය කියන්ඩ ඕනද.....අපි එහෙම ගෙවල් ගානෙ ගිහින් කව්වන් එන මිනිස්සු නෙවෙ...අනික දැන් අම්මට මං මූන දෙන්නෙ කොහොමද ...මේ මනුස්සයා මොනා නොහිතයිද.....?

මං තවමත් උන්නෙ අහක බලාගන.....හැන්දා මට බුරිය උල්වෙන්න කව්වන්නම් කියලා යන්න ගියා....අම්මා මොනා හිතනවා ඇතිද කියලා හිතාගන්න බැරිව..ඒ මූන දිහා බලාගන්නත් බැරුව උන්න මං අවසානෙදි අම්මා දිහා බලනකොට මං බලාගන එයා අත් දෙකත් පපුවට බැදන් බලාගන ඉන්නවා...

අ..අ...අනේ අපි අතරෙ තාම එහෙම මොකුත් නෑ අම්මෙ.....

තා...ම....?ඒකියන්නෙ පස්සට තියෙයිද...හැන්දයියගෙ කකුටු අඩු රහ වැටිලා හන්දද සුදු මහත්තයා ඊයෙ අම්මගෙ වට්ටක්ක තලිය අතගගා උන්නෙ...?

ප්..පස්සට....කක්කුටු අඩු.....මොනාද අනේ කියවන්නෙ...මොන පිස්සු කියවනවද මන්දා මෙයා...මගෙ හිතෙ එහෙම දෙයක් නෑ.....මනස්ගාත හිතන්ඩ එපා එන්න යන්න වෙලා යනවනෙ...අනික මං මේ එහෙම කවාගත්තෙ නෑ...ඔයා විකාර නම් හිතන්න ලෑස්ති වෙන්න එපා අනෙ හොදද ..මං තවම ඉගන ගන්නවා...ඇහුනනෙ අප්පච්චි මට කිව්වා...විබාගෙ ඉවර උනාමඕන දෙයක් කියලා..මගෙ හිතෙ ඔව්වට වෙලාවක් නෑ...ඇත්තමයි අම්මෙ අගෙ ඔලුවට විසබීජ නම්.දාන්න එපා හැන්දා ගැන....

ඔච්චරම කියවන්න මං දැන් මොනවත් කිව්වද සුදු මහත්තයා ?මං මෙච්චර දේවල් කිව්වෙ නෑනෙ.....

න්...න්.නෑ...ඉතින්...ඔයා වැරදියට තේරුම් ගත්තොත් මගෙ මෙව්වා එකට හොද නෑනෙ..අනේ අම්මෙ මායි මල්ලියි හැන්දගෙන් කව්වන් ආවා කියලා අප්පච්චි ට කියන්න නම් එපා අම්මෙ....ඇහුනනෙ ඊයෙත් හැන්දලාට බනිනවා....කට වක්කඩෙ උනාට හැන්දයියා හොද මිනිහෙක්.....ඒ උනාට ඔයාට ඇයි හොදැයි ඕන නෑ.....අපේ කානුවත් හැන්දට මැරීගන...

හ්ම්...හ්ම්......හ්ම්...

ඇයි දැන් හහ්ම්...අනෙ ඇත්තමයි තේජකගෙ නෝනෙ මං පයිනවා මූදෙ!

 ____________________

හඩන හිනැහෙන නෙත් නුඹේ ....

උරහිසෙ තිබුනා...ඇත්තමයි

නුඹ අහසක්...වගේමයි හිතුනා....!

මං උන්නෙ ආත්මගෙ මං ආසම සින්දුව එක්ක අතරමන් වෙලා...ගැබ්බර අම්මලා පෝලිමයි.....ප්‍රසව හා නාරිවේදි වෛද්‍ය හිරාන් බාලාසුරිය

මං ඔය නම දැන් සියවතාවක් කියෙව්වා....තරුන වීඕජි කෙනෙක්ලු....හරි යහපත් ලු ගගා අතරින් පතරින් ඇහෙන කසකුසුව එක්ක අම්මා ගාව ඉදන් කන් දෙකට කිරිවැල් ඇබ දෙක අටවන් උන්න මං දැන් කරන්න පුලුවන් හැම මගුලම කෙරුවා.....පලතුරු වලට කොටන ගේම් ගැහුවා....පාට වතුර බෝතල් පුරවන එක කෙරුවා...අනේ කරන්න පුලුවන් හැම මගුලමකෙරුවා....විනාඩියකට බුකියට යනවා...ආය එනවා...වට්සැප් යනවා....ස්ටේටස් බලනවා ආය එනවා....

දැන් දැන් මේ කෙරුවාවත් එපා වේගන සින්දු අහලත් එපාවේගන එනකොට බුකියෙ උඩ පහලට යනගමන් හදිස්සියේම හම්බ උන අඩයාලමෙ කතාකුයි පූචගෙ පච කතාවලින් එකකුයි කියවපු මම අවසානෙදි සජෙස් වෙන එකවුන්ට් වලට ඇගිල්ලෙන් ඇන ඇන උන්ගෙ වත ගොත හෙව්වා...

සමහරු ෆ්‍රොෆයිල් ලොක් කරන් රික්වෙස්ට් එවනවා හැබැයි යතුර අමතක වෙලා...එතකොට මං කරන එකම දේ ඇහෙ පොට යවාගන අර හිච්චි පික්කුව දිහා ඇහේ පොට යවාගන බලලා බලලා අවසානෙදි ඇක්සෙප්ට් කරලා සෙට් නෑ වගේ නම් ආය අන්ෆ්‍රෙන්ඩ් කරන එක....

එකවුන්ට් එකක් බලනවා උඩට පහලට යනවා මීම් එකක් ශෙයා කරනවා...නෑයන්ගෙ පෝස්‍ට් නම් නොදැක්කා වගේ යනවා.....එහෙම නැත්තන් නෑදෑයන් එපාවූවන්ගෙ සංගමේ පෝස්‍ට් එකක් ශෙයාකරලා අප්පච්චි ගෙ ලොකු අක්කලාට පේන්න දානවා...

ආය උඩට යනවා වීඩියෝ එකක් බලනවා....

අපි මුස්ලිම් බල්ලා අල්ලන්ඩ බෑ....මේ බලන්ඩ මගෙත් එක්ක උර්තල් මේ මේ...මේ...උර්තල් උර්තල්...මේ....අල්ලන්ඩ එපා අපි මුස්ලිම් නෙ ඔද නේනෙ....උර්තල් ....

දැන් මේ වීඩියො එක මං දකින සියවෙනි පාර...ඒ ඔක්කොමත් මගුල් අස්සෙ මගෙ ඔලුව ඇතුලෙ දැන් උර්තල් මේ..මේ..මේ ගනවා..මං ඵොන් එක පැත්තකට දැම්මා...ආය ගත්තා.... බුකියට ගියා....උර්තල් හැමතැනම...ආයම එකවුන්ට් පේලිය්ක් සජෙස් වෙනවා.....

මං බලාගන බලාගන යනවා....අම්මටම සිරි ....ප්‍රොෆයිල් එකෙන් එකයි මූන.....නිල්තල්මහ...

සිගිති සුලක්ඛනා භාශිනි හැන්නදිගෙ

යකොඩො...නම...සිගිති සුලඛ්ඛනා භාශිනි හැන්නදිගෙ.....

මං ගියා තල්මහගෙ ඇකට...යකො හැන්දො විමානයයිනෙ...කොටිම්ම හැදිගෑවිලා යන තරමට හැන්දො....

ඵොටො බලන්නත් කලින්..පෝස්ට් බලන්නත් කලින් මං කරපු එකම දේනම් හැදි විමානෙ අස්සෙ කානුවගෙ නටන මාමව හොයපු එක....

මේ ඉන්නෙ..මේ ඉන්නෙ.....ස්පීකර් කාරයා මේ ඉන්නෙ...

SAMUDRA INDHEEWAR HANNAIGE

මං හිතන්නෙ මගෙ කටත් ඇරුනා...කොයිවෙලාවෙත් සරම ගහන් උන්න හැන්දාව මන් කලිසමකින් දැක්ක පලවෙනි පාර.....

ඔරුවක් උඩනැගගන රුවලක ලනුවක් අල්ලන් සගක් දාගන උන්න හැන්දා අවංකවම ලස්සන වෙනකොට මං හැන්දා දිහාව බලාගන උන්නා.....

ම්හුක්...අප්පච්චි ...ස්පීකර් අයියට බයින්ඩ එපා අප්පච්චි ....ඔහෙ ඔහෙ ගෑවට වහදාපු පාන් දුන්නට හැන්දා හොදයිනෙ.....

අතේ ඇගිලිවල දිග අනේ...අර කකුලෙ පච්චෙ.....මෙර් මුලු වැල්ලෙම ගෑනු හැන්දගෙ වෙන්න ඇති අප්පා.....හැන්දත් ඔහොම ගිහින් සිගිතියා වගෙ තල්මහෙක් බදී...මෙහෙ බාගෙට බාගෙකගෙ ගෑනි තල්මහ මිනිහා පියාමැස්සා වගේනෙ...

ප්‍රොෆයිල් එක බලාගන උන්න මං හීන් සීරුවට පාතට ගෑටුවා.....

සුදු මහත්තයා අම්මා ඇතුලට යනවා.....

හුම්...

අම්මා ඇතුලට යනවලු.....හැන්දගෙ ඇකෙ උන්න මට නෙවෙ දැන් ඔව්වට කන් දෙන්න වෙලාවක් තිබුනෙ...

හැන්දගෙ එකවුන්ට් එක තනිකරම ඉන්දියන් සාගරෙ වගෙ...යකො මාලු ඇඩ්...සැමන් ඇඩ් විතරනෙ. ....

හැන්නදිගෙ මැකරල්ස්....හැන්දගෙ මහ හැන්දටබාර් එකක් තියනවලු....මං හිතන්නෙ මාලු කෙරුවාව බැහැලම කරන්නෙ හැන්දා වෙන්න ඇති...මං තවත් පහලට ගියා...උඩ හරියම තනිකරම මාලු ලෙල්ලම වගේ වෙද්දි පහල කොටසම තනිකරම තිබුනෙ කාවඩි වලින් වැහිලා....

දකුනෙ අපෙ පනත් හරි...කාවඩිත් හරි මහත්තයො...

මේක කලාවක් නෙවෙ ආගමක් මහත්තයො.....

මේන් හැදගෙ ගෙදරත් කාවඩි ගහනවා.....

මේ ළඟදි ඇදනුන් උන්න සරමනෙ....

පහලට පහලට ගාටපු මං දැක්කෙ ගෙදර නටන එකක් වෙනකොට මං ඒකට හාර්ට් එකක් දැම්මා.....කොහොම හරි මේවෙනකොට මගෙ අතින් හාර්ට් පෝලිමක් ගියා...මගෙ ගාව ඔය අර මුස්පේන්තු ලයික් එක ඔබන සිරිත නැනෙ.....

මං තවත් පහලට ආවා...මට ඉබේටම ඉදන් උන්න ලී පුටුව මිරිකුනා....දෙයියනෙ හැන්දා...!!

"ස්කන්ධය දිරනවා...ආතල් ඉතුරු වෙනවා හරිය"

"ස්කන්දය සීය පන්නපු කාලෙ"

මගෙ අම්මෙ...හැන්දගෙ ලොකු....ස්කන්දය සීය පන්නපු කාලෙ කියන්නෙ...මේකා තල්මස් තාත්තෙක්නෙ....අනේ අප්පච්චි ඒත් හැන්දා ලස්සනයිනෙ.....

අපේඑකා....

බොසා

සුද්දා...

ස්කීපර් අයියා...

එලම බ්‍රෝ....

පහරක් ආය....

CUDDA

මගෙ මුනත් රතු වෙලා කට කොනින් පටන් ගත්ත හිනාව මටත් නොදැනිම මූන පුරාවටම ඇදීගන යනවත් එක්කම මගෙ ඵෝන් එකත් ටින් ටින් ටින් ටින් ගෑවා...

SAMUDRA INDHEEWAR HANNADIGE SENT YOU A FRIEND REQUEST

SAMUDRA INDHEEWAR HANNADIGE COMMENTED ON YOUR STATUS

SAMUDRA INDHEEWAR HANNAIGE COMMENTED ON YOUR STATUS

SAMUDRA INDHEEWAR HANNAIGE COMMENTED ON YOUR STATUS

හරියටම හරි..මාව රත් වෙලාගියා....අනේ දෙයියනේ හැන්දා....හැන්දා කොහොමද දන්නෙ මාව....රික්වෙස්ට් එකක් මදිවට කමෙන්ට් එකකුත් තියනවා දැකපු මාව දෙලෝ රත් වෙලා යද්දි මෙලෝ සිහියක් නැතුව මේ හාර්ට් දදා යන්නෙ වෝල් එකේ නෙවෙ හැන්දගෙ ඇකේ බව මතක් උන මට මෙතන උන්න අම්මලා කාටත් වඩා මට විලිරුදාව ආවා...

අනේ අප්පච්චි සුදු මහත්තයා වරදක් තමා කරගත්තා අප්පච්චි .....

මෙච්චර වෙලාම හැන්දගෙ ඇකෙන් වාශ්ප වෙලා මං කෙලින්ම මගෙ එකේ හැන්දා කමෙන්ට් දාපු පෝස්ට් එක හෙව්වා...අනේ මාව ඉදගන උනන් පුටුවෙන් නැගිට්ටුනා...

අනේ තේජක....nuwara wesiya ඉවරයි තේජක....!

"❤️ ම්න් අවදානෙන්"

❤️ තනිය මකන්නද කුකුලගෙ?

🥰ඔහෙගෙ හැලයා මෙහෙ!

මට දුවන්න හිතුනා.....දූවලා ගිහින් මූදෙ පනින්න්න් හිතුනා....මගෙ තනිය මකන්නද අහලා මදිවට අවදානෙන් දාපු හැන්දා මට හාර්ට් දෙකක් දාලා ...

බලන් හිටපන් මං උඹව ඇක්සැප්ට් කරයි මේන් කියලා ...

හිටුකො...හිටුකො.....මාත් දාන්නම්..දාලා ඇවිත් මගෙ ප්‍රොෆයිල් එක ලොක් කරගන්නවා.....එතකොට උඹ දායි🤌මේකක්...හිටුකො...මේව්වා අපෙ කවුරු හරි දැක්කොත් ඇත්ත හිතයි අප්පා...මේ ඔක්කොම මං මුගෙ කක්කුටු අඩු ලොවපු හන්දනෙ.....

දාලා තිබුන කමෙන්ට් ටික සට සට ගාලා ඩිලීට් කරපු මන් අඩියට දෙකට හැන්දගෙ ඇකට දිව්වා..මං හිතන්නේ මට අද මැරෙනවා නම් මැරෙන්න හේතු දාහක් තිබුනා...

අනේ හැන්දගෙ ඇකට ගියපු මට යන එනමන් නැති උනා.....කොටින්ම මාව හැදිගෑවිලාම ගියා....අනේ හැන්දගෙ ඇකෙ mutual friends ගොඩෙ ඕයිසීගෙ දෝනි පැටියා විහාරා සමනලි සෝලාංගාරච්චි....

VIHARA SAMANALI SOLANGAARACHCHI

අනෙ හැන්දො...ඕඅයිසි මායියා හන්දා උඹයි මායි දෙන්නවම දැන් හැදි ගෑවෙනවා හැන්දො...

 _____________________

සුදු මහත්තයා ...ලමයො...ඉතින් දරුවො ඒ ළමයා රික්වෙස්ට් එකක් එවලා තිබුන හන්දා මනුස්සකමටනෙ මං accept කෙරුවෙ...අනික අප්පච්චි ඔය තරම් නහින්න හැදුවට මට ඒ ලමයගෙ ඇති වැරද්දක් පේන්න නෑ සිහත්...පව්...

ඔයා දැන් ගානට වැඩී අම්මෙ.....ඇත්තටම ඔයාට දැන් අපෙ අප්පච්චි ව එපා වේගන නේද එන්නෙ....

සුදුමහත්තයා ???

අපි නුවර මිනිස්සු අම්මෙ.....මැනිකෙලා ඔහොම පිට යන්නනෙ නෑ....අප්පච්චි පව්නෙ...අනික ඔයාට ගෙදරි කරදරයි කිව්වම පන්නන් ගිය මනුස්සයා නේ අම්මෙ ඔය.....

මේ ලමයට මොනවා වෙලා මේ..මොනවද ඔය කියවන විකාර සුදු මහත්තයා

එපා ඕකව ඒකා හොද එකෙක් නෙවෙ....අන්ෆ්‍රෙන්ඩ් කරන්න..ඇත්තමයි අම්මෙ නමනින්දාවක් උනොත් නම් මන් මූදෙ පයිනවා ඈ...එහෙන් අර කානුවා..මෙහෙන් මෙයා....ඕකා නූලක් පන්නලා....ඔයාට තේර්‍ර්න්නෙ නෑ අම්මෙ....ඔයාට තේරෙන්නෙ නෑ...

......ඔයාට මූදෙ පනින්න තරම් මං කරපු වරද මොකක්ද සුදු මහත්තයා ....ආ.....??අනික නූල් පන්නලා ළමයි තුනකගෙ අම්මගෙන් මොනවා ගන්නද.....

මං උන්නෙ පුපුර පුපුර.....ආරෝග්‍යා එකෙන් ආවත් හරි මං නෙවෙ අම්මා එක්ක කතා කෙරුවෙ..හැන්දාවෙලාවකට නරකයා...වෙලාවකට හොද එකා.....ඒ උනාට අම්මට වටින් නෑ ඔහොම කරන්න...දාගන ආව පලියට ඔහොම ඇඩ් කරගන්නවද.....අනික මං වත් තවම ඇක්සැප්ට් කෙරුවෙනෑ....

මං මැරෙන්න හැදුවා...පුපුරන්න හැදුවා.... හැන්දව අන්ෆ්‍රෙන්ඩ් කරන්න කිය කිය කටකඩාගන කියෙව්වත් අම්මත් කානුවා වගෙම හැන්දට වහ වැටීගන ළමයි තුනක් ඉන්න අම්මෙක්ගෙන් මොනවා ගන්නද අහනකොට පොලිසිය ඉස්සරහින් බැස්සමන් අම්මා දිහා බැලුවා.....අම්මා මගෙන් උත්තර ඉල්ල්නවා...අනේ මට අපේ අම්මව විස්වාසයි අප්පා....අරකා තමයි කැඩුවොත් අපේ පවුල කඩන්නෙ.

ඇත්තටම ඔයාගෙ හිතෙ හැන්දා ගැන කිසිම අදාහසක් නෑනේ අම්මෙ...ඈ.....මන් ඇක්සැප් කරන්න කලින් ඇයි ඔයා හැන්දව ගත්තෙ....ඔයා දන්නවා අප්පච්චි ට හැන්දව අරහන් වේගන එන්නෙ කියලා.....ඇ අම්මෙ....අම්මා හැන්දට එහෙම විශේශයක් ණෑනේද

ඉතින් අප්පච්චි ට අරහන් උනාට අම්මටත් අරහන් වෙන්න ඕන නෑනෙ සුදුමහත්තයා ..මෙන්න මෙහෙ එන්න ලමයො මල්ලිව එක්ක එනඩ...විකාර කියවනවා....අප්පච්චි ගෙ රාජකාරි එක්ක අපෙ ජීවිත පටලවගන්න ඕන නෑනෙ....අපි ආවා විතරයි මිනිස්සු එක්ක ගහමරාගන තරහ වෙලා හරියනවද සුදුමහත්තයා ...ඒලමයා මට කරපුවරදක් නෑ....ඔය උන්න දෙන් මං අයින් කරන්නෑ..ආය අහන්න එපා...මේක මහ එකා වගේමයි

මං බලාගන උන්නා....කොච්චර කිව්වත් හැන්දගෙ හොද විතරක්ම දැකපු අම්මා හැන්දව අයින් කරන්නෙනෑ මයි කියලා ගස්ස්වන් පද්දවන් යන්න යනවත් එක්කම කානුවගෙම ගති තිබුනත් දත කාගන ඒගති හන්ගන් උන්න මං අවසානෙදි අඩි හප්පලා කෑගැහුවා.....

අනෙ අම්මෙ.....හැන්දා අම්මට නූලක් පන්නල අම්මෙ....අනික හැන්දා මට හැන්දගෙ සුදුචූටි කියලත් කිව්වනෙ...ඕකව අයින් කරපල්ලකො.....ඕකා පුතාගෙ හැන්දනෙ අම්මෙ.....

අනේ අම්මෙ...හැන්දා මගෙනෙ...!!!අනේ විහාරෝ මගෙ හැන්දව අතෑරපියෝ...!

 ______________________

මොකද උඹ පුක් මුන දාගන.....ආ සුදු ඇයි ඕයි මේ මොකද මූ මේ මුන පුක කරන්... සුදු මහත්තයා ...අප්පච්චි දිහා බලපන්...ඇයි වී ඕ ජි උඹගෙත් මුත්‍රා එකක් ටෙස් කරලාබැලුවද...???අප්පච්චි කෙනෙක් වෙන්න යනවා මදිවට මන් සීයෙකුත් වෙන්න යනවා කිව්වද...?

නිකන් ඉන්න තේජක මොනවද ඔය ලමයට කියවන්නෙ.....සුදු මහත්තයා මල්ලිට අඩගහන්න යන්න....

අනෙ ඔව් විහාර ඔන්න ඕකව අරන් යනවා ඕයි ....ශිහ් මගෙ රෙදි නෑ දැන්...මූ කුනුහර්ප පුරුදු වෙලා විහාරා එක දවසට මූ කුනුහර්ප පුරුදු වෙලා...ශිහ්කේ මගෙ රෙදි නෑ ඕයි....

මං නෙවෙ කටක් හෙලෙව්වෙ...කරගන්න දෙයක් නැති කමට හැන්දා මගෙනෙ කියලා කෑ ගහපු මන් අප්පච්චි කියන දේටවත් අම්මා කියන දේටවත් කන් නොදී මං පුටුවෙන් නැගිට්ටා....අප්පච්චි අරකට හිටු කියලා දෙහි කපනවා....

අප්පච්චි අම්මා එක්ක තනිවෙනකොට මන්

පැමිනිලි ලියන තැන ඉදන් පැමිනිලි ලියන කානුවා ගාවට ගියා...ඒකා ගිලිනවා...යකො මූ ගාව තියන කඩචෝරු ගොඩ....

මූ පොලිසිය අල්ලෙ තියන් නටෝනවා...අර බලකො අරක ලට පුරෝගන ගිලිනවා

තව මොනාත...මේ ඇතිද....ආ මාමියෙ....මේ ඇතිද .....පුතාට තවචුට්ටක් කවන්නකො...

හ්ම්...පුතා ආසද මෙහැලප වලට....

ඔව්නෙ...අනේ ඔව්නෙ....පුතා ආසයිනෙ.....ආසයිනෙ ....

හා....එහෙනම් අප්පච්චි අතෙ තව එවන්නම්කො හොදද....කෝ බලන්ඩ මොනාද දැන් ලිව්වෙ....

අනෙ අමාකරයවත් ලියමුකො...අනේ මාමියෙ අමාකරයා කැතයවත් ලියමුකො.....සාගරිකවත් ලියමුකො...සුංසංගතාවයි....ඔක්කොම ලියමුකො....

සමනල්.....

මං අරකට කතාකෙරුවා...පැමිනිලි ලියන තැන උන්න සමනලයා මැදට පොල්පැනි දාපු හැලපයක් ගිල ගිල කකුල් දෙකත් වන වන රතු පැනක් තියන් කොලයක් පිරෙන්ඩ පැමිනිලි ලියනවා...අකුරක් ලියනවා අර මනුස්සයා ලව්වා කව්ව ගන්නවා....ආය අකුරක් ලියනවා..මාවත් පාවා දෙනවා...දෙන්ඩ ඕන මූට.....

අමාකරයො මේ...පුතා මෙව්වා ලියනවා...පුතා කුඩුවෙත් උන්නා..අයි...අයි....පුතා කූඩුවෙත් උන්නනෙ.....ම්හුක්.....අනේ නටන මාමියවත් දාමුකො....අනේ නටන මාමවයි අමාකරයවයි කූඩෙට දාලා වහමුකො......

සමනල් එන්න ගෙදර යන්...

බෑ..පුතා ඉන්නවා...ඔව්...පුතා හිරේ ඉන්නවා නෙ අමාකරයො...අනේ....අප්පිච්චියෙ...පුතාව කූඩෙට දාපල්ලකො.....අනේ කොස්තාපල් මාමියේහ් ..පුතාට යන්ඩ බෑනෙ....අමාකරයා එපානෙ..අනෙ අමාකරයා පුතාට අයිනවනෙ.....අපිට එපානෙ...පුතාව කූඩෙට දාලා වහපියො....

සමනල්.....සමනල්!!! විකාර කරන්න එපා මල්ලි ගෙදර යන්න එනවකො...

බෑ...පුතා මෙහෙ ඉන්නවා...පුතා හිරේට ආසයිනෙ....මෙහෙ මෙව්වත් තියනවනෙ..අනේ....අප්පිච්චි පුතාව තියාගන්නකො....අනේ අප්පිච්චි අමාකරයා කැතයා...අමාකරයා කැතයනෙ.....මාව කූඩෙට දාපියො...

සමනල්.....!සමනල්ල්ල්ල්ල්ල්ල්!!!

මට කරකියාගන්න දෙයක් නැති උනා...මුලු පොලිසියම අල්ලෙ තියන් ඒකගෙ ඒකගෙ පදේට නටවපු කානුවා අර මිනිස්සු..පොලිසියට ආව මිනිස්සු ඔක්කොම බලාගන ඉන්නකොට අමාකරයා කැතයා මාවත් කූඩෙට දාපියො ගාගන අත් දෙකත් උස්සන් අප්පච්චි ගාවට දුවනකොට මන් ඒකගෙ පැමිනිලි ලියපු කොලෙත් අරන් ආපහු උගෙ පස්සෙ දිව්වා.....

 ______________________

ඈ....හ්....අප්...අප්....අපිච්චියේ....හ් පුතාව තියාගනිල්ලකො.....

මේ මොන කරදයක්ද සමනල්....කට වහපන්කො කානුවො....උඹට හිරේ යන්ඩ ලැජ්ජා නැද්ද මල්ලි ආ...

න්.න්.නැ... හෑ...ම..ම්..මට...ලැජ්ජා....නෑ....

කටවහපන්....හැබැයි ඇත්තමයි සමනල් මං උඹව ආපිට අර කුනු කානුවට වීසි කරලා එනවා......ලැජ්ජ..නැද්ද චූටි හිරේ ලගින්ඩ අහන්නෙ....අප්පච්චි මොනාද කිව්වෙ.....හිරේ යන්නෙ වැරදි කරපුවාම කියලානෙ.....උඹට පිස්සුද....ඔය ඇඩිල්ල නවත්තපන් ඇත්තමයි ඕක නැවැත්තුවෙ නැත්තන් උඹගෙ පිට පුපුරන්න ගහල මන් හිරේ යනවා ඈ.....

හ්...හ්..හ....පිට...පුපුරවපන්කො...අමාකරයො.....පුතාවත්...අර...අරන්...යමල්ලකො....එහෙ....ට්..ටිපිටිප් ...තියනවා..අනේ.....අප්පිච්චි ....පුතාව හිරේ දාපියො...

මල කන්දොස්කිරියාවයි....කඩචෝරු මලු දෙක තුනක් එක්ක සමනලයව කුදලන් ආව මග දිගටම කන්දොස්කිරියාවෙ බැරි උනා...වීල් එකට නග්ග ගත්ත වෙලේ ඉදම්ම කානුවා මැරෙන්න හැදුවා....ඒකව හිරේ අරන් යන්න කිය කිය මගෙ කොන්ඩෙ ඇදලකෑවා...

ගිය වෙලාවෙ ඉදන් අප්පච්චි ගෙ ස්ටේශන් එකේ උන්න හැම මනුස්සයෙක්ම මූට කඩචෝරු අරන් දීලා තිබ්බා ගෙදරින් අරන් ඇවිත් තිබුන බත් මුල්වලින් කවලා තිබ්බා....මූව අතින් අල්ලන් හැමතැනම ගිහින් තිබ්බා.....ඉල්ලන්නෙ මොනවද අරන් දීලා තිබ්බා....අර කතාවට කියනවනෙ දකුනෙ එකා බඩෙ බත් එක හරි දෙන එකා කියලා ....

මේකගෙ කතාවටයි හුරතලේටයි ලැබුන ආදර සැලකුම් එක්ක සමනල් හිතාගන උන්නෙම පොලිසියට ගියහම කඩචෝරු හම්බවෙනවා කියන එක වෙනකොට අම්මා මම කොච්චර තේරුම් කරන්න හැදුවත් ඌ නෙවෙ තේරුම් ගත්තෙ. ...අප්පච්චි එක්ක වැඩ කරන අය සමනලයට දීපු සැලකුම්....ආදර වචන එක්ක උගෙ හිත තිබ්බෙම පොලිසියෙ ලැගන් ඉන්න වෙනකොට ඒකා ගෙදරට එනකම්ම ඇඩුවා....මාව කුඩේ දාලා වහපියො ගගා මැරෙන්න හැදුවා...

අමාකරයා කැතයා ගගා අරමුලු පොලිසියටම ඇහෙන්න කෑ ගහනකොට සත්තයි මට එවෙලෙ නම් මූව කොහෙට හරි වීසි කරලා හිරෙ යන්න හිතුනා...මූ අප්පච්චි ගෙ සායම යවලා.....නුවර අත්තම්මගෙ සායම එහෙන් පිටින්ම යවලා.....කොටින්ම අපිට කියලා නම්බුවක් ඉතුරු කරලම නැති වෙනකොට මේකා කාටද මන්දා ඇයි යකො එක්ක තවත් කුනුහර්පයක් කියලා කෑ ගහලා අප්පච්චි ට යනඑනමන් නැතිවෙලා මේකගෙ කට අප්පච්චි පුච්චන්න හදලා....

දවසයි....දකුනට ඇවිත් දවසයි කානුවා කුනුහර්ප පුරුදුවෙලා !!!

සමනල් ඔය ඇඩිල්ල නවත්තන්න...ලැජ්ජ නැද්ද සුදු පුතා ඔහොම අඩන්න.....ඔයා අද ගිහින් නෝටි කතා කියලා අප්පච්චි ට තරහා ගිහින් ඉන්නෙ....අපි දන්නෙ නෑ අප්පච්චි අද ගෙදර ඇවිත් කට පුච්චනවා කියලා කිව්වා....මොනාද ඔයා ඔය නෝටි කතා පුරුදු වෙලා තියෙන්නෙ.....අම්මා කියලා තියනවනෙ ඔව්වා හොද නෑ බුදු සාදු තරහා වෙනවා කියලා ..ආ....අපි දන්නෙ නෑ අප්පච්චි අද ඇවිදින් කට පුච්චන එක පුච්චනවා කිව්වා...සුදු මහත්තයා ආන් අර කුරුල්ලව වෙන කොහෙන් හරි එල්ලන්න.....අප්පච්චි අද මුන් දෙන්නවම හමගහනවා කිව්වා...මොන ලැජ්ජාවක්ද මේ ළමයා කරලා තියෙන්නෙ.....

මං උන්නෙ අඩන කානුවව වඩාගන....අප්පච්චි ගෙ කැබින් එකෙන් එලියට ආව අම්මගෙ මූන තිබුනෙ හොදටම සවුත්තු වෙලා වෙද්දි ගේ ඉස්සරහින් බැහැපු අම්මා වහල තිබුන ගේට්ටු පියන අරින ගමන් සමනලයට දෙහි කපන්න ගත්තා ....

ම්හුක්...අමාකරයො....පුතාට බයිනානෙ....

බනිනවනෙ.....මල්ලිව බස්සන්න...ඔයා තමයි හුරතල් කරන්නෙ....හුරතලේ....හුරතලේ තමයි ඔය ඔක්කොටම හෙනෙට හිටලා තියෙන්නෙ...

සමනලයගෙ ගෑස් බැහැල.....කොච්චර ඇඩුවත් වෙනදා වගෙ මල්ලිව නැලෙව්වෙ නැති අම්මා මං වඩාගන උන්න කොල්ලව බස්සවන්න කියනවා එක්කම මං ලමයව බැස්සුවා ...අනෙ ඒ එක්කම අම්මා කොල්ලට ගැහුවා

අනෙ එපා අම්මෙ ගහන්ඩ!!එපා....ගහන්ඩ.....

අ..ආහ්.....අ.

අම්මියෙ....හ්..අනෙ...අනෙ....අමාකරයො....එපා..

අයියෙ.....අයි...

අම්මෙ....!!

.සුදු මහත්තයා අහකට වෙනවා.....ළමයි කුනුකතා කියනවද ආ.....ළමයි නරක කතා කියනවද ...??සිහත් කිව්වම අහලා අහකට වෙනවා

අහකට වෙන්ඩ කියන්නෙ මල්ලි තේරුම දැනන්ද කියෙව්වෙ...මල්ලිට ඇහුන දේනෙ කිව්වෙ ඔයාට පිස්සුද ගහන්නෙ??

මං කෑගැහුවා ...මට දුක හිතුනා...අවුස්සගන්න ඕන උනහම එහෙන් මෙහෙන් ඇන්නට අම්මා ගැහුවෙම මල්ලිගෙ කටට වෙද්දි අනේ අරූ එල්ලි එල්ලි අයියෙ අයියෙ ගගා අඩනකොට මට දුක හිතුනා .....මං කොල්ලව වඩාගන අම්මා ගහන්න හදපු අත අල්ලගත්තා...

එපා...දැන් ඇති ...ඔයාට දුක නැද්ද ...රිදෙනවනෙ....වැරද්දක් කෙරුවා ඒකට ගහලම කියලා දෙන්න ඕන නෑනෙ...ඔයත් අප්පච්චි වෙන්න හදන්න එපා අම්මෙ....අනික ඔයාට දැන් තරහ යනවා දුක හිතෙනවා වැඩී කියලා ඒකට මල්ලිව අල්ලගන්න එපා....නරක දෙයක් කෙරුව නම් ලගට අරන් කියලා දෙන්න.....ඔය තරම්ම ගහන්න මල්ලි කියපු කතාව මොකක්ද.....

කතාව මොකක්ද ??අප්පච්චි ට කේන්ති ගිහින් ඉන්නෙ සිහත්....මේ ලමය අප්පච්චි ගෙ දෙවනියා නම අහපු වෙලේ අර කුරුල්ලා කියපු කුනුහර්පෙ කියලා .....මොන ලැජ්ජ නැති කතාවක් ද සිහත්.....??ලමයිගෙ වචන වලින් තමයි ගෙදර හැටි මනිනෙ....

මට කෙල ගිලුනා....ගුටි කාපු සමනල් මගෙ බෙල්ල බදාගන උරහිසට මූන ඔබාගන ඉකිගහනකොට මට අම්මගෙ උත්තරෙත් එක්ක කෙල ගිලුනා...

..සුසංගතාට මමයි ඕක කිව්වෙ ....ඒක අහගනයි මල්ලි කිව්වෙ මෙතන වැරදි මල්ලිවත් සුසංගතාවත් නෙවෙ තනිකරම මම වෙද්දි ඉක්මන් අඩි තිය තිය ගෙට යන අම්මා දිහා බලපු මන් මල්ලිවත් වඩාගනම කෑ ගැහුවා ...

අම්මෙ....මමයි ඒක සුසංගතා ට කිව්වෙ ...අප්පච්චි ආවම කියන්න මල්ලි වත් සුසංගාවත් නෙවෙ වැරදි මමයි කියලා ...

............

අම්මා යන්න ගියා .....මගෙ දිහාව රවාගන බලන් උන්න අම්මා යන්න යනවත් එක්කම මං වඩාගන උන්න සමනල්ව බැස්සුවා 

චූටි ....කෝ අයියා දිහා බලන්න.....සමනල්...

එ...එපා.....සිදුනා...පුතාට එපා...කාරුත් එපා ...ගැහුවා...ඈ....

මේ අහන්නකො....ඒක නරක වචනයක් ඒවා කියන්නෙ නෑ හොදද....මගෙ චූටි හොදයිනෙ.....ආ...මගෙ සුදු මල්ලියා හොදයිනෙ..

හ්..හැ...ඔ..ඔව්....හ්..හො...හොදයි ...

ආය කරන් නෑ කියන්න...

අ..ආය....ක්..කලන්නෙ. ....නෑ...

හොද ලමයා ...කෝ එන්න අයියා වඩාගන්නම්...

ඒහ්....මල්ලෙ.....හ්...මේහ්...මල්ලෙහ්.....ඒඔහෙට ඇහෙන්නෙ නැතුවයි....

අඩපු සමනල්වත් වඩාගන මං ගෙට එන්න හැරුනා විතරයි ....ගේට්ටුව ගාවින් නවත්තපු බයික් කාරයෙක් මට කෑ ගැහුවා....

ඇයි....

ඔහෙද අපෙ ස්කීපර් අයියගෙ සුදු චූටියා කියන්නෙ....

ම්..මොකක්....කාගෙ....??

ඇහුන් නැතුවයි...මේන් මේක ස්කීපර් අයියා අයියගෙ සුදු චූටියගෙ ගෙදට්ට දෙන්ඩයි කිව්වා....තලපත් තලපත්....අලුත් බඩුමල්ලෙ...ඕන් තව අස්සෙ හිච්චට කිරි ඉස්සො දාලා තිබ්බයි කිව්වා.....බල්ලට සාලයො එව්වා...තවත් මොනාද මොනාද දැම්මා ඕන්.... එහෙනම් මලයා අපි ගියා

මොකක්...ඒහ්....අයියෙ....අයියෙ හෝව්.....සමනල් බහිනවකො....

උඩට මොකුත් නැතුව යටට සරමක් විතරක් ඇදන් උන්න මාලු පෙට්ටියක් බැදපු නයින්ටියෙ ආව පොර හාල් දාන සයිස් ලොකු රතු පාට බාල්දියක් ගෙේට්ටුව ගාවින් බාලා යන්ඩ යනවත් එක්කම මං සමනලයවත් ඇදන් ගේට්ටුව ගාවට දිව්වා...

යකොඩො .....මාලු!!!

හී.....අමාකරයො මේ...මේහ්....අයි...අයි....අමාකරයො මේ...කක්කුට්ටෙක්...මේ...

මං කටට අත තියාගත්තා...යකො මාසෙකට විතර මාලු....හාල් දාන උස බාල්දියෙන් එකයි මාලු...තලපත් තලපත් කිව්වට මං දන්න එකම තලපතා අර දෙමල නලුවා විජේ තලපතා විතරක් වෙද්දි බාල්දිය ටනැමුනන සමනලයා තනිම කලු කක්කුට්ටා දැකලා උඩපැන්නා...යකොබාල්දියෙන් එකක් මාලු එවන්නෙ මොකාද...ඇරත් මේක ට සල්ලි අප්පච්චි ගෙ පඩියම දෙන්න වෙයි.....

අරකා සල්ලි ඇහුවෙත් නෑ ගනන් කිව්වෙත් නෑ....හැන්දා එක්කො මේක නිකන් දුන්නද ??නැත්තන් මූ අපෙ අම්මා ඇඩ් උන හන්දා මෙව්වා එව්වද....අනික පිනට කන්ඩ..අනෙ හැන්දො උඹ හැරෙනකොට මං දන්නවා....මාලු දීලා උඹ හදන්නෙ අම්මා ගන්ඩද...උඹට මං මාලු පෙන්නන්නන්....හිතෙ ඇති මාලු එවලා ගොනා කරවන්න

චූටි අම්මට එන්න කියනවකො....මං ඉක්මනට හැන්දගෙ ගෙදර ගිහින් එන්නම්...

අනෙ අමාකරයො පුතත්

උඹ හිටපන් මුදුනා නොවි...හැන්දා කිව්වොත් අම්මලා පුතාලට දැන් වෙන මොකුත් නෑ. .පේනවනෙ දැන් ඉතින් මාලුත් එවන්ඩ පට න් අරන්....හැන්ද එක්ක යන්ඩ ලෑස්ති වෙලා ඉදින් උඹත්...හිටපන්කො මං අද හැන්දව හැදිගාවලා එන්නම්....ඊලගට උඹ ලෑස්ති වෙයන්

.හා....දැන්ද අමාකරයො ඔව්....පුතා යන්ඩ ඕනෙ දැන්ද..

දඩාස්...

තහඩු ගේට්ටුව වහපු වැහිල්ලට දඩාස් ගානකොට බාල්දි ගනන් පිනට මාලු එවපු හැන්දව හැදිගාන්න බලන් මං අඩියට දෙකට ඒකගෙ ගෙදරට දිව්වා ...

හැන්නදිගයියෙ....

හැන්දදිගයියේ...

ගෙදර කව්දෝ...ස්කීපරයියෙ . ...

සිගිති අක්කෙ.....

ඊයෙ තිබුන වාහන එකක් වත් නෑ ...කොච්චර කතා කෙරුවත් බලු බලෙක් නෑ...දිග හැන්දට කතා කරන්න පුලුවන් ඔක්කොම නම් වලින් කතා කරපු මං අනිත් පාර සිගිති තල්මහටත් කතා කෙරුවා ඒත් නෑ...එක්කො මුලු තල්මස් පරම්පරාවම මාලු බිස්නස් ගිහින්...

හැන්නද්ගයියෙ 

කව්දැයි කව්දැයි ඔය පුක කඩාගන නහින්නෙ...ගෙදර කවුරුත් නෑ...

මං ආයමත් කතා කෙරුවා ...අර දෙමලිච්චො වගෙ එකම දිගට හැන්නදිගයියෙ ගගා බෙරිහන් දෙනවත් එක්කම කවුරු හරි කෙනෙක් මට ගෙදර කවුරුත් නෑ කිව්වා...

ගෙදර කවුරුත් නැත්තන් ඔය කතා කරන්නෙ ගේ වෙන්ඩ ඇති....

හැන්.....

මොකාද බොලව් ඔය මැරෙන්ඩ හදන්නෙ ...කව්දැයි ඔය ආ....

අ...අනෙ අත්තම්මෙ....හැන්නදිගයියා කොයි?

ගෙදරක් කවුරුත් නෑ කිව්වත් ඔය කතා කරපු එකාව ගෙන්න ගන්න ඕනාවට ආයම පාරක් මං හැක් ගැවා විතරයි ඒ බස්තමක් ඇන ඇන එක අතකින් අමු පොල්ගෙඩියක් අරගන කව්දැයි ඔය ගාගන වයසට ගියපු අත්තම්මෙක් එලියට ආවා...

උන්දැව දැකපු මගෙ ඇස් ලොකු උනා....

ඇත්තටම උන්දෑ වයසට ගියපු තල්මහෙක්!!මගෙ අම්මෙ හැන්දගෙ අත්තම්මගෙ සයිස් එක.....මාව පෑගුවොත් චප්පන් වෙනවා...

තද දුඹුරු පාටට ඩිංගිත්තක් සුදු මුහුකරපුවාම එන මඩපාට අත්තම්මෙක්....සිගිතියා වගෙ එකහමාරක් සයිස් තල්මස් අත්තම්මෙක්....

රේන්ද වැටුන සුදු පාට හැට්ටයක් ඇදන් උන්න උන්දැගෙ කරේ කැපිල්ලෙ තරමද....නැත්තන් උන්දැගෙ පපුවෙ තරම දරන්න බැරි කමද කොහෙද මන්දා මං මුලින්ම දැක්කෙ කොස් පරාද තඩි පපුව වෙනකොට මාව අඩියක් පස්සට ගියා....

හැට්ටෙ අවසානෙත් චීත්තපටෙ පටන් ගැම්මෙත් දුර කොලඹ මීගමු හයිවෙ පාර තරම් දිග වෙනකොට රෙද්දෙන් ආරපු අර ලොකු බඩ දැක්කම මට නම් හිතුනෙම හැන්දගෙ තල්මස් අත්ත්තම්මව දැන් පුපුරයි දැන් පුපුරයි වෙද්දි ටයිටනික් නැව් දෙකක් එකපාර පාර්ක් කරන්න පුලුවන් තරන් පස්සක් උන්දැට තිබුනා මට හැන්දව හොයන් ආව කාරනාවත් අමතක වෙලා ගියා .

ගෙදර කවුරුත් නෑ ...ඔය හිච්චා මොකාදැයි. .ලෑල්ලෙ වැඩ කරන එකෙක්??

මිට කලින් දැකලා තියනවා කියලා මට නිච්චි නෑ....

හැන්දගෙ අත්තම්මා ඇස් හීන් කරගන මගෙ මූන දිහා බලාගන ඉදලා ඉදලා.අන් හැන්දගෙ ලෑල්ලෙ මාලු කපන එකෙක්ද.....අහලා නිච්චියක් නෑ කිව්වා....

අ ..අනෙ නෑ අත්තම්මෙ....අ..අපි නුවර අය...ළඟදි ආවෙ.....මේ එහා පැත්තෙ ගෙදර.....දික්වැල්ලෙ අලුත් ඕ අයි සීගෙ ලොකු ළමයා.....

ආ....ඒකත් එහෙමයි...ගෙදර ළමයි කවුරුත් නෑ හිච්චො....

හ්...හා...ඒකට කමක් නෑ අත්තම්මෙ....මං අයියා බලන්ඩ ආවෙ...සුදු චූටියා ආවා කියන්ඩකො....අනේ....අත්තම්මෙ...ල්...ලගට...එනෙන්..ඇයි...?අතේ පොල් ගෙඩ්ඩකුත් තියනවා...මං හොරෙ නෙවෙ අත්ත...ම්...මේහ්....

අයියො පොල් ගහන්ඩද හදන්නෙ.....?මුන් පවුල් පිටින් හූනියන් කාරයොනෙ.....අනේ හැන්දයියෙ ...අත්තම්මා...පොල්...ගහන්ඩ යන්නෙ.....

මං අඩියක් පස්සට ගියා...හැන්දව හොයන් ආව මට බස්තම ගගහා ලගට ආව අත්තම්මව දැකල බය උනා මදිවට ඕ අයිසීගෙ පුතා කිව්වා විතරයි අතේ තිබුන පොලෙත් මගෙ ඉස්සරහට එනවත් එක්කම මං බෙරිහන් දෙන්නගත්තා....අවසානෙදි වයස තල්මහා මගෙ ඉස්සරහින් නවතිනකොට මගෙ ඇස් එලියට පනින්න ආවා 

ඔය හිච්ච්ට පොල් ඔයන්න ඇහැක්....

ම්...මොකක්ද.....ද්..දෙයියො....ඇහුවෙ...

පොල් ඔයන්ඩ ඇහැක්ද හිච්චො.....?

..අ....අ..අනෙ....රත්තරන් අත්තම්මෙ...පොල් ඔයන්ඩ...නම්..බැහැක්...අඹ...බයන්න...නම්...ඇහැක්.....!

👉👈🌊🌊🌊

More Chapters