Ficool

Chapter 9 - 09

බබා...ඇයි බබා කියන්නකො...ඩියෝන්...මොකද ඔච්චර මුරන්ඩු කම ඩියෝන්....

නෑ...නෑ.....මගෙ මෙතන කිසීම මුරන්ඩු කමක් නෑ

එහෙනම් මොකක්ද ඔයාගෙ ප්‍රශ්නෙ කියන්නකො

මට ඇති ප්‍රශ්නයක් නෑ.....කිව්වනෙ සැරයක් පාඩුවෙ ඉන්නෙ....

ඔයාට ප්‍රශ්නයක් නෑ කියන එක තමා මට තියන ලොකුම ප්‍රශ්නේ...අනෙ බබා...මම වලනුත් හේදුවනෙ ....අනික අද උදේ ඇදත් හැදුවෙ මම...කිලුටු රෙදි තැන් තැන්වල නොදා ඩස්ට්බින් එකටත් දැම්මනෙ ....වෙන වැරදි නෑනෙ ....

මං දන්නෙ නෑ ශෙනෝන් ඔයා පාඩුවෙ ඉන්න...පාඩුවෙ ඉන්න....කියන සිංහල තේරෙනවනෙ..දෙමල නෙවෙනෙ...පාඩුවෙ ඉන්න කියන්නෙ පාඩුවෙ ඉන්න කියන එක.....මෙතන වෙන ඒවා නම් ඔක්කොම මතකයි....

කුනු කුනු ගාන්නෙ හයියෙන් කියන්නකො...

මං කිව්වෙනේ පාඩුවෙ ඉන්න කියලා.....අහකට පලකො මට මේක බලන්න දීලා

ආ උඹ එහෙමද....හා බබා....වරෙන්කො...වරෙන්කෝ.....

මං එන්න හැරිලා ආයම දොර කොඩ ගාවදි බලන් උන්නා ...අරූට නොදැනුවත්ම උගෙ අතින් උන වැරද්ද හොයා ගන්න ඌ ගේ වටේ දුවනකොට බොටමා උගෙ අර පොඩි පස්සත් ගස්ස ගස්ස අඩි ගගහා එහා මෙහා ගියා...ඊට පස්සෙ ආයම අර කින්පුස්ද මොන මගුලද බලන්න ගත්තා ..

ඒවා හරි ආදරනීයයි...ඇත්ත.. .උන්ට පින තියනවා....අදරෙ විදින්න...වගේම ආදරේ කරන්න .....ඒ විතරක් නෙවෙ ඒ ආදරේ අයිති කර කරගන්නත් ...උන්ට ප්‍රශ්න ආවා...පිලිකුල් කෙරුවා ..සහෝදරයො ඈත් කෙරුවා...එක බත් පත කාපු උන් ගැරහුවා...ලොල්ලා...පොන්නයා...කොලුකාරයා....ගේ කුරුල්ලා....නගින් නැති එකා....කියන්න පුලුවන් උපරිම නම් කිව්වා...ඩියෝන්ට මූනටම පිම්පියා පවා කිව්වා...

.මට කියන්න...මනුස්සයෙට ඒ වගේ දෙයක් උහුලන්න පුලුවන්ද ....මිනිස්සු කවදාවත් මට මෙ වගේ වෙලා ඉපදෙන්න ඕනා කියලා මේ ලෝකෙට එන්නෙ නෑනෙ....මට කලු වෙලා එන්න ඕනෙ කියන්නෙත් නෑ...මට දුප්පත් වෙලා එන්න ඕනා කියන්නෙත් නෑ.....මේ ඔක්කොම මේ ලෝකෙට ආවට පස්සෙ එන පට්ටම් මිසක්....

එහෙම පට්ටමක් තෝරන් මේ ලෝකෙට එන්න තිබුනා නම්..මං ජීවිතේට වත් ඔය අනීතා කුමාරිහාමිගෙ බඩට එන්නෙ නෑ....

එන්නෙ නෑ කියන්නෙ කොහොමද ...එන්නෙ නෑ කියලා කියන්නෙ කොහොමද .....ළමයෙක් කවදාවත් තනි කැමැත්තට නෙවෙනේ එන්නෙ...අම්මා තාත්තා එකතු වෙලා ගෙන්නව ගත්තා මිසක්....අපිනෙ එයාලට අම්මා තාත්තා කියන නම දෙන්නෙ..

හොදට මතක තියා ගන්න.....අපි නිසා එයාලා අම්මා තාත්තා උනා මිසක් අපේ කැමැත්තට අපි ආවෙ නෑ....මෙන්න මේ වචන ටික මගෙ කට ඇතුලේ කීපාරක් නලියෑවද කියන්න මමවත් දැනන් උන්නෙ නෑ...

මම තවමත් උන්ගෙ දොරකොඩ ගාව...උන් දෙන්නා රන්ඩු වෙනවා...ශෙනෝන් ඩියෝන්ව වඩා ගත්තා .. . ඒ උනත් ඒ රන්ඩුව ඇතුලේ ආදරේ පිරිලා තිබුනා.....මිනිස්සු හැමදාම දැමෙ පිටින් පේන ලැම මිසක් ඇතුලෙ තිබුන ළය නොවෙනෙකොට ඉතින් කොහොමද උන් ආදරේ ආදරේ විදිහටම දකින්නෙ.....

ශෙනෝන්....ඒ අතින් උඹ මාරම වාසනාවන්තයි ...ඩියෝන් වගේ එකෙක් හම්බෙන්න.....කාටත් ලැබෙන්න ඕනේ අතරමග නවතින් නැති ආදරයක් ....විරහවක් නම් කාටවත්ම දැනෙන්න එපා.....මොකද ඒක අමු වේදනාවක්...අමතක කරන්න කරන්න ආයම උඩට එන....

මම දොර වහලා දැම්මා...මොකද මට බෑ මගෙ ප්‍රශ්නෙ උන් පිට දාන්න....

මං හිමින් හිමින් පඩිපෙල නැග්ගා...තත්පර ගානකට නිවිලා තිබුන හැම ගින්නක්ම ආය ආයම ඇවිලෙන්න ගන්නකොට මගෙ ගෙදර දොර ලොක් එකේ පාස්වර්ඩ් එක ගහන්න බැරිව මගෙ ඇගිලි වෙව්ලුවා.....

මොකද...ඒ නම්බර් එක එයාගෙ උපන්දිනේ.....

අනේ මැනික මම උඹට ආදරේ කරපු තරම්.....

දොර අරින්න ඒකිගෙ උපන්දිනේ වෙච්ච පාස්වර්ඩ් එක ගහගන්න මගෙ ඇගිලි වෙව්ලනකොට මම මගෙ නලල එහෙම්ම දොරට තියා ගත්තා....

කවුරු කොහොම කිව්වා උනත් ආදරයක් මරන්න ලේසියකට බෑ....යන්න යන එකාට වඩා ඉතුරු එකා කොච්චර විදවනවද....මම හිතේවේදනාව එක්ක එයාගෙ උපන්දිනේ වෙච්ච පාස්වර්ඩ් එක ගහලා දොර අරිනකොට එයා උන්නා....

ඒ හිනාව.....හැඩ ඇහිබැම....දුඹුරු පාට ඇස් දෙක...උරහිස් ගානට තිබුන කොන්ඩෙ... මේ ඔක්කොම එක්ක මට තුරුල් වෙලා ගහපු ඵොටෝ එක දොර අරිනකොටම පේන බිත්තිය වහගන තිබුනා....බලන බලන තැන උන්නෙ එයා...

එයාගෙ මගෙ මතක මේ ගේ පුරාවටම තිබුනා....අපි එකට ජීවත් නොවුනත්...එයගෙ කියන දේවල් බාගයක් මේ ගෙදර තිබුනා...හැම තැනකම තිබුනෙ අපි දෙන්නගෙ ඵොටෝ වෙනකොට මගෙ පපුව වීදුරු කටුවකින් සූරනවා හා සමාන වේදනාවක් දැනුනා....

උඹ මටද මැනික හිනා වෙන්නෙ.....උඹලා මට හිනා වෙලා මදි....උඹලා මේ මෝඩයට හිනා වෙලා මදි.....සෙනාරි....උඹදන්නවද....මම තවම එතන....උඹ යන්නම් කියලා ගියපු තැන.....

එයාගෙ හිනා වෙලා උන්න ඵොටෝ එක ගාවට ගිහින් මම කතා කෙරුවා ..ඒත් උත්තර හම්බුන් නෑ...හැබැයි...එයා මට නෙවෙ...මුලු වලව් සංහතියටම හිනා උනාද කොහෙද .....

මං එහෙම්ම ඒ ඵොටෝ එක බිත්තියෙන් ගැලෙව්වා .....මොකද...පිස්සුවෙන් වගෙ ආදරේ දුන්න මිනිස්සු අවසානෙදි ආදරෙන් පිස්සු වැටෙනවා.....

මං මුලු ගෙදරම තිබුන එයාගෙ මගෙ ඵොටො ගැලෙව්වා...ගලවලා එකට ගොඩ ගැහුවා.....එයාගෙ සුවද තවමත් මේ ගෙදර්ස් තිබුනා...

අපි නිදා ගත්තු ඇද...ඒ උනත් ඒ ඇදෙ මම තනියම...තනිකරම ගිනි ගොඩක්....

දන්නවද ගෑනියෙක් ළඟින් තියන් රැයක් එලිවෙනක් පිරිමියෙක්ට නිදාගන්න කොච්චර අමාරුද කියන්න.....සෙනාරි මා එක්ක රැයවල් කීයක් උන්නද...ඒත් ඒ හැමදාකම ඒකි නැකිට්ටෙ කෙල්ලෙක් විදිහටමයි.....පිරිමින්‍ට බෑ ආදරේ කරන ගෑනි ඉස්සරහ හැගිම් හංගන්න...ඒ උනත්.....පිරිමින්ට පුලුවන් මොන දේ කරලා හරි ඒ හැගීම් පාලනෙ කර ගන්න .....

මම එහෙම්ම එයාගෙ සුවද තිබුන ඇද රෙද්ද ගැලෙව්වා....එයාගෙ කියන්න තිබුන හැම දේම එකම එක කෙස් ගහන් නැතිව යන්න මම ඒ ඔක්කොම අයින් කෙරුවා...

මිනිස්සුන්ට ආදරේ ලැබෙන්න පුලුවන් නොලැබෙන්නත් පුලුවන් ...ඒත්...ලැබුනා නොලැබුනා...කවදාවත් මනුස්සයෙක්ට බෑ ආදරේට ගරහන්න..මොකද හිමිවෙන්න හෝ අහිමිවෙන්න කලියෙන් අපි ආදරේ කරපු නිසා.....

එයගෙ කියන්න තිබුන හැම දේම එකට එකතු කරපු මම ඒ ඔක්කොම ටික ඇද රෙද්දට තියලා ගැටගැහුවා.....ගැටහලා එහෙම්ම ඒ හැම දේම ස්ටෝරූම් එකට දැම්මා.....

ඉතින්...උඹ මට නොලැබුනත්.....මට බෑ උඹව පාරට දාන්න...

මං දොර වහලා දැම්මා...එයාගෙ මගෙ ඵොටෝ වලින් වැහිලා තිබුන බිත්ති හිස් උනා....තනිකරම ගෙ අමු සොහොනක් හා සමාන උනා.....

හිටගන උන්න තැනම ඇදුම් ගලවපු මම ...එයාගෙම කදුලු උනපු...වැව රවුමෙදි වැස්සට තෙමුන.....අවසානම වැලදගැනීම එක්ක එයාගෙ සුවද ඉතිරි උන ඇදුම මම ගලවලා දැම්මා.....

මතක මතක මරන්න බැරි උනත් .....

මම අමුහෙලුවෙම්ම ගිහින් ඇදුම ඩස්ට්බින් එකට විසික් කරා...ඔය ඇදුමෙමයි මගෙ සුදූගෙ කදුලු තැවරුනේ....ඔය ඇදුමෙමයි මගෙ සුදු ගෙ සුවද තැවරුනෙ...ඉතින් එක දවසෙම මලගම් දෙකක් උහුලපු ඇදුම මහ මූසළ වෙනකොට මට ඒ ඇදුම හතර මායමක තියා ගන්න හිතුන් නැති වෙනකොට මම ඒක කුනු ගොඩට විසික් කෙරුවා....

හිස් මුදුනින් පටන් ගත්තු වතුර බින්දු මාව හෝදගන ගියා..... අඩන්න ඇස්වලට කදුලු තිබුන් නැති උනත් මගෙ හදවත ඉකි ගැහුවා...මුලු රටටම ඇහෙන්න.....ගෙන්දම් පොලව දෙදරන්න.....සෙංකඩ ගල අහස දෙදරවන්න මගෙ හදවත කෑ ගැහුවා...

ටස්.....

මගෙ අතින් හතර වෙනි බියර් කෑන් එකත් කැඩුනා....කොලොම් තොටට හද පායලා.....ඉතින් මේ හදම හන්තානටත් පායලා ඇති..... ඉතින් හන්තානට පායන හද හන්තානට ආදරෙ බෙදනකොට ...???

එක අතකට මොල්ලිගොඩ වලව්වෙ කුමාරිහාමිලාට වෙන්න තිබුනෙ ගුනාදරීට උන දේ...එහෙම උනා නම් ලෝකෙ නොදැක හරි අපුරුවට මිනිස්සුන්ගෙ හැගීම් තේරුම් ගන්න තිබුනා...

ගුනාදරීට ඇස් දෙකක් තිබුන් නෑ...ඒ උනත්...ගුනාදරිට හරි ලස්සන හදවතක් තිබුනා.....

බැල්කනියෙ මුල්ලක සීතල ටයිල් පොලවෙ ඉදන් උන්න මම හැගීම් මරල දාලා අහස දිහා බලන් උන්නා.....

සාක්කුවෙන් ඵෝන් එක එලියට ගත්තු මම අහසෙ පායපු හන්තාන හදේ ඵොටෝ එකක් අරන් ඒකම fb එකට දැම්ම...

කවුරුත් නැතිව,

උඹම උඹේ හිත සනසා ගත් දිනට

ඒ හිතම ඒ හේතුවටම

කිසි දින නැවත

නොවැටෙනු ඇත....

මිරිගුවක් සොයා ගිහින්

හිත ගිලන් උනා තමයි.....

හිමි නැතත් ඔයා ඉතින්

මම තවත් ඔබේ ලගයි.....

අවසානෙදි මම බියරි කෑන් එක අතින් පොඩි කරලා බිත්තියට ඔලුව තියා ගත්තා වගේම මගෙ ඵෝන් එක රිංග් උනා...

පොඩී...

මම ඵෝන් එක කනේ තියා ගත්තා ...

කියන්න පොඩී...

සුදූ....කැම් එක ඔන් කරන්න

මං එහෙම්ම වට්සැප් එකෙ කැම් එක ඔන් කෙරුවා ....එත්ස්නින් එහාට පොඩීගෙන් සද්දයක් නැති වෙනකොට මගෙ හදවත නතර උනා....

නිල්වෙන්න ගගපු බස්තම් පාරවල් වහලා දාලා.....අක්බඹරු කොන්ඩේ ඔක්කොම පිටිපස්සට කරලා...අඩපු ඇහි පිය තදින් පියවෙලා....

මාල හතක් දාලා පෝරුවෙ නගින්න උන්න සුදු අක්කා පිට නැති මිනි ඇදුම ඇදන් ඒ මාල හතමඇදන් අත්වලට මේස් දාන් හරි සැනසීමෙන් නිදන් උන්නා...තනි කලුවර ලීයෙන් හදපු මිනිපෙට්ටියෙ දිස්නෙ වත් ජීවත් වෙලා උන්න අපේ ඇස්වල තිබුන් නැති කොට මං ඒ දිහා බලන් උන්නා...

ලා කහපාට ඔසරිය එක්ක අතට මල් බොකේ එකක් හිරවෙලා තිබුනා....ඒකිගෙ තනියට උන්නෙ දෙපැත්තෙ තිබුන ඇත් දල දෙක වගේම මිනී පහන වෙනකොට මං බලාගන කලු සමනලයෙක් සුදූගේ ආත්මෙ අරන් යන්නද කොහෙද කැරකෙනවා.....

සමනලයො...අරන් යනවා නම් අරන් යමන් මගෙ සුදූව මේ අමනුස්ස විමානෙන් තවත් ඈතට...

හැගිම් බැදීම් ගාව කොයිතරම් මිනිස්සු අසරන වෙනවද කියනවා නම්...ගල් කරන් උන්න පිරිමි හිත සහෝදර කැක්කුමෙන් ආයම පෑරුනා...එකම කොල්ලා උන මට උන් දුන්න ආදරේ ගැන මට කවදාවත් වචන වලට පෙරලන්න හැදුවොත් හැදුවොත් මට ලියන්න පොත් මදිවේවි...මැනිකෙලාගෙ මාන්නෙ නොතිබුනේ අපේ ලේවල විතරක්ම වෙනකොට තවත් මලක් උන් අකාලෙම පොඩි කරලා දාලා තිබුනා.....

සුදූ...සුදු අයියේ.....

පොඩී එහා පැත්තෙ ඉදන් කතා කරනකොට කතා කරගන්න වචන හොයා ගන්න බැරි උන මම කිරිසිහින බොද උන අම්මෙක්ගෙ මලකද දිහා ගල් වෙලා බලන් උන්නා.....අනේ ඒකි මොන තරම් හීන මවන්න ඇතිද...හිනා වෙන්න ..ආදරේ කරන්න...

මොනවා කරන්නද....දෛවය අපිට දඩුවම් දුන්නෙම වලව්හාමුලා කරලා වෙනකොට ආදරේ අපිට අකැප උනා.....

සුදු උඹ ජීවත් උනා නම්...උන් මරා ගත්තු නොදරුවා ජීවත් උනා නම්.....උඹ හරි ලස්සනට පුංචි එකා නලවන්න කවි කියන්න ගියා...ගැහෙන දරු ගැබ අටින් පිරිමදින ගමන් හීන මවන්න ගියා....එහෙනම් උඹටත් තිබුනා මෝරපු කුස දිහා බලන්

සුදු ඇත්පොව්වෙක්

සුදු පියුම හොඩින් ගෙන

කියන සිංදුවෙ තාලේ අල්ලන්න....මේක අපේ කරුමෙ රත්තරන් ...

සදහටම පිය උන ඇස් දෙක දිහා තවත් බලන්න අමාරුම වෙනකොට මම කෝල් එක කට් කරල ඕෆ් කෙරුවා....

උඹට නිවන් සුව මගෙ සුදූ...

ගැට අන්නාසියක්.උගුරෙන් පහලට යනකොට ....බස්තම් පාර ඇග පුරාවටම වදිනකොට මැනිකෙගෙ නොසරුප් වදන් පපුවම පල්නකොට උහුලලා උහුලලා බැරිම තැන දරුවා වෙනුවෙන් හුස්ම අල්ලන්න හිත හදාගත්තට වින්නඹු අම්මා අතදාලා පොඩි කරපු දරු ගැබ ගෑනු ඇග තෙමනකොට උඹගෙ හයියත් ඒ එක්කම දිය වෙන්න ඇති සුදු මැනිකෙ....

ගිණි පිට් ගිණිලවා

පණපිටින් ඒකිගෙ ආත්මෙම

දැලි අළු මුසුකරාද

නුවර වැවෙ දියකදට....

ගැටාන්නාසියෙ ඇබුළක

දිය කරල දරුපෙම

හේදුවාද වලව්වම

අඩු කුලේ රුහිරු ගද නොදැනෙන්න...

පරාලයත් අඩන්නැති

ඒකිගෙ දරු දුක දරාන

යන්තමට හරි උබට දැනුනද

ගෙයි පහන නිවන්න කලියෙන් කටින්

පිඹලාම...

අම්මෙ නම්බුව බේරුවද..??

අපිව මරාගන උඹලගෙ හුස්ම වැටුනද..??

වැඩිය ඕන් නෑ රෑට රෑට හීන අස්සෙ අපිව නොදැනි නින්ද ලැබුනාද....???

(shenun හුස්ම අතෑරිය වලව්වෙ සුදු මැනික වෙනුවෙන් මේ දීපු ආදරේට ස්තූතියි ශෙනුන් මල්ලි...)

කදුළු කැට ඔහේ වැටෙනකොට හෙට අලුවෙන්න ....හෙට වැලලෙන්න ඉන්න සුදූ මාව නොමරා මරනකොට මම ඔලුව බිත්තයට හේතතු කරන් අහස දිහා බලන් උනා....

තප්පර දෙක තුනක්.....හතර පහක්...මම ඔහේ ඉන්න ඇති...අඩුම මට මගෙම හුස්ම වැටෙන එකවත් හොයන්න බැරි වෙනකොට දොරට තට්ටු කරන සද්දෙ එක්ක මාව ගැස්සිලා ගියා.....

කව්ද.....?? මෙවෙලෙ...

මං එහෙම්ම බිත්ති ඔරලෝසුව දිහා බැලුවා...වෙලාව දොලහටත් කිට්ටුයි...පාරෙ යන බල්ලෙක් පායපු හදට උඩ බුරනකොට මට එක පාරටම සුදූව මතක් උනා වගේම දොර ඇරෙන සද්දෙ ඇහුනා...

නිතේශ් ....නිතේශ් .....

අර යක්සයා....මෙ රෑ කොහෙ මායන් වෙනවද මන්දා....වෙච්ච දේවල් එක්ක පොඩ්ඩ ඇත්නම් ගැහෙන පපුවට අත තියන් මම හුස්ම අල්ලනකොට පහල තට්ටුවෙ ගේ කුරුලේක් ඉහලට පියාඹන් ඇවිත් උන්නා....

මේ ඉන්නෙ....මොකද පකො සද්දෙ නැත්තෙ කතා කරකො....

ශෙනෝන්ගෙ කට ගැන දන්න මම ඔහේ උන්නා...

අනෙ..අම්මෙ...මෙ සතා....උඹ මේ ඔක්කොම බිව්වද නිතේශ් ...පිස්සෙක් වෙන්න එපා නිතේශ් පිස්සෙක් වෙන්න එපා....ගිය එවුන් වෙනුවෙනුයි...මැරුන උන් වෙනුවෙනුයි නැහිලා උඹ උඹවම මරා ගන්නෙ ඇයි නිතේශ් .....

මචන් ...මන්..සුදූව දැක්කා....මං..මගෙ...සුදූව දැක්කා බන්...අනේ...බන්...එකි...මාල හත..එක්ක.....

මම අත් දෙකෙම්ම නල්ල තද කරගන්නකොට ශෙනෝන් මගෙ පිය දිහේ හෙමින් අත ගෑවා...ඌ වචනයක් කතා කෙරුවෙ නෑ.....අවසානෙදි මමම ඔලුව ඉස්සුවා...ඌ මෙච්චර වෙලාම බලන් ඉදලා තිබුනෙ මාදිහා....

උඹ ආවෙ....

මම කදුළු අස්සෙම්ම ඌ ආව හේතුව ඇහුවා.....

උඹ ගාව බැලුම් තියනවද...

බැලුම්....මං ගාව කොහෙද බැලුම්...

එහෙනම් මට තියනවා නම් කොන්ඩම් දෙක තුනක් දියන්කො.....

පෛයිත්තියන්ද බන්

ගෙනාව එකක් වත් නැද්ද....

ගෙනාව එකක් වත් නැද්ද අහන්නෙ මං කොන්ඩම් දාගන කෙහෙල් ගස් වලට කොටන්නද 

.හරි...එහෙනම්...කේක් කෑල්ලක්.....

පින් සිද්ද වෙයි ශෙනෝන්...මං ඉන්නෙ අමාරුවෙන්....උඹ අහන ලබ්බවල් මට තේරෙන්නෙ නෑ..උඹට ඕන එකක් අරන් යමන්...යන ගමන් දොරේ පාස්වර්ඩ් එක මාරු කරන් යමන්.....

යක්කු ගස් නගින වෙලාවෙ ආව ශෙනෝන් බැලුම් ඉල්ලලා අවසානෙදි කොන්ඩමුත් ඉල්ලලා...ඒ මොකුත් නැතිවෙනකොට කේක් ඉල්ලුවා..මුන් අර වනචර මගුල් බලලා කේක් දාලා ගහන්න හදනවද මන්දා අරූව කූඹි කයි....

මේ....ඒ.....හ්හ්...

මම උන්නෙ තවමත් බැල්කනියෙ වෙනකොට මින මොනවදෝ පෙරල පෙරල හියපු ශෙනෝන් ආයම කෑගැහුවා.....

මේ මෙතන තිබ්බ අච්චු පාන් රාත්තලයි බකට් ඉටිපන්දමයි පර්මනට් මාර්කර් එකයි මම ගන්නවා ඈ.....

මම ඒත් කතා කෙරුවෙ නෑ...දොර වැහෙන සද්දෙ එක්ක මම ආයම තනිවෙනකොට මම ඕෆ් කරපු ඵෝන් එක ආයම ඔන් කරා.....සෑහෙන වෙලාවකට පස්සෙ දාපු පෝස්ට් එකට විතේන්ගෙන් රියැක්ට් එකක් ඇවිත් තිබුනා ..තවත් උන් මොන මොනවදෝ දාලා තිබ්බා...

මං එහෙම්ම ඵෝන් එක පැත්තට දැම්මා.....

ඒ උනත් විනාඩි දහයයි..හරියටම විනාඩි දහයයි..ආයමත් කෝල් එකක් ශෙනෝන්ගෙන්.....

මූ අච්චුපාන් එක්ක බකට් ඉටිපන්දම් එබුවද දන්නෙ නෑ අරූට එසේ මෙසේ පිස්සුවක් නෙවෙනෙ තියෙන්නෙ...උගෙ නම ඩියෝන් නෙවෙලු..ඌට පීට් කියන්නලු.....අරූට වේගාස් කියන්නලු...ඌට සහලවලම තායි පිස්සුව...හිටපු ගමන් අර පොඩි බොටමා මට තන්කුන් ද කන්කුන්ද කිව්වා.....

ඒඋනත්.....උන් මට වඩා සතුටින් ...එහෙම බැලුවම...උන්ට නෙවෙ මටයි පිස්සු.....

මං ඵෝන් එක ආන්ස්වර් කෙරුවා ....

කියපන්.....

නිතේශ් වරෙන්කො පොඩ්ඩක්....

මොකටද....

අනේ වරෙන්කො මචන්

යක්කු ගස් නගින වෙලෙ වද දෙන්නෙ ඇයි බන්.....

අනේ මචන්.....ප්ලීස් ලොකු හදිස්සියක් ...

මම ඵෝන් එක කට් කෙරුවා ...මූ ඉටිපන්දම ගහල තමයි...

ඵෝන් එක එහෙම්ම ඇද උඩට විසික් කරපු මම පඩිපෙල් බඩ නොගා ලිෆ්ට් එකට දිව්වා.....

ටැඩෑ.....න්න්න්න්න්.....!!!

මොන මගු....

Happy anniversary ....

දොර අරිනවත් එක්කම ශෙනෝන් මාව ඇදලා ගන්නකොට මගෙ කකුලෙ චූටි ඇගිල්ල බිත්ති කොනක වැදුනා වගේම මට එක පාරම භාශා දෙසිය හැට ගානක් කිය උනා විතරක් නෙවෙ happy anniversary කියන එක ලියලා තිබුන හැටියට මට එක පාරටම මේ ඉන්නෙ කොතමද පවා අමතක උනා....

පුම්බපු කොන්ඩම් ගොඩක පර්මනට් මාර්කර් එකකින් හැපි ඇනිවර්සරි කියලා ලියලා තිබ්බා වගේම මගෙන්ම හොරකන් කරන් ගියපු අච්චු පාන් රාත්තලට බකට් ඉටිපන්දම ගහලා තිබ්බා.....

අද මුන්ගෙ ඇනිවර්සරි එකද...

අද අපේ ඇනිවර්සරි එක බන්....මට අමතක උනා ඩෝ...අපරාදෙ වලන් පට්ටලයක්ම හේදුවෙ...මගෙ හූචිකුචයියට ඒකයි පොඩ්ඩක් ඩොන් ගිහින් උන්නෙ....

බබා...

එනවා...

තවමත් හිට ගන උන්න මගෙ මූන එල්ලෙන කොන්ඩම් දැකලා බෙරි වෙලා තිබ්බා...ඒවා නිකන් පතෝල වගේ...ශිහ්.....

නිතේශ් ...එන්න ඉදගන්න ඒයි...ඇයි හිටගන...වෙගාස් ගියා කෝපි හදන්න...පාන් බාගයක් කාලා කෝපි එකක් බීලා යන්....කේක් නම් නෑ...ඔයා අපිට සැලරි දුන්නෙත් නෑනෙ.....තෑගි ඕන නෑ...ඔන්ලයින් මගෙ එකවුන්ට් එකට කීයක් හරිදාන්න...බින්දු හතරේ ගානක්..හොදටම ඇති...

කන්කරච්චලයක් ...

මගෙ ඔලුවෙ කැක්කුම තවත් වැඩි උනුනා....දනිහට පොඩ්ඩක් උඩින් තියන ලුමිනස් පාට හූඩියක් විතරක් ඇදන් මේස් දෙකක් දාන් උන්න ඩියෝන් අරූට වේගාස් කිව්වා වගේම මට ඒයි කිව්වා...ඒක බොටමගෙ හැටි....මාව අතින් ඇදලා ඉන්දන ගමන් හුස්මක් නොගෙනම පච පච ගානකොට මම ඒකගෙ පොඩියට තියන සිනිදු අත උඩින් අත තිබ්බා...

Happy anniversary ඩියෝන් ....හැමදාමත් මේ ආදරේ මේ විදිහටම තියෙන්න කියලා ප්‍රාර්තනා කරනවා...මට උන දේ..උඹලට නෙවෙ...හතුරෙක්ට වත් වෙන්න එපා....

උන් හිනා වෙනකොට මම හිනා නොවී උන්නත්...අඩන්නෙ නැතුව ඉන්න හිත හදාගත්තා ....ඉතින්...ඉන් උන්ගෙ ආදරෙ විදිනවා...ලෝකෙටම බම්බු ගහන්න කියලා න් උන්ගෙ ආදරෙ විදිනවා...

ඔයාටත් ....ඉක්මනටම හොද කෙනෙක්....මොන දේ උනත් දාලා යන්නෙ නැති කෙනෙක් .....මොන දේ නැති උනත්....ආදරෙ විතරක්ම හම්බෙන්න කියලා...මාත් ප්‍රාර්තනා කරනවා තන්කුන්.....

.මම ඉන්න තත්වෙ එක්ක අඩනව ඇර හිනා වෙන්න හිත හදාගන්න බැරි උනත් මේ පිස්සු බොටමා කියන කතා එක්ක මට කදුලු මැදම හිනාවක් ගියා වගේ ශෙනෝන් ට්‍රේ එකක් උස්සන් ආවා.....

අපි කෝපි බොන්නයි යන්නෙ.....

ලුමිනස් හූඩිය ඇදන් උන්න ඩියොන් අරූගෙ ඇගෙ එල්ලිලා බෙරිහන් දෙනකොට මම උන් දෙන්නගෙ මලකෝලම් බලන් උන්නා වගේම බකට් ඉටිපන්දම නිවපු උන් දෙන්නා කේක් වෙනුවට පාන් කෑල්ලක් ගිල්ලවගන්න හැටි දැකලා යටි තොල හපා ගත්තා ....

Happy anniversary pete baby...

Happy anniversary vegas අම්පම්චි.....

මාව....තායිලන්තෙට ගිහින් දාන්න අයියෝ...

නිකා ඉන්නවකො බබා.....අර නිතේශුත් බලන් ඉන්නවා....

මට අමුතුවෙන් දකින්න බලන්න ඕන නෑ...මං අවුරුදු ගානක් විකාර දැක්කා....

නිතේශ් ඔන්න ඔහෙන් පාන් කෑල්ලක්.කඩන් කෝපි එකෙ ඔබාගන කාපන් බන්.....

ශෙනොන් අරුගෙ කොන්ඩෙ අවුල් කරන ගමන් මට පාන් කන කියනකොට මම කෝපි එක විතරක් අතට ගත්තා ...කෝපි එකේ මෙලෝ සුවදක් නෑ...තුනපහ සුවදක් එන්නෙ....

කැහ්...කැහ්...කැහ්.....

කැහ්...කෑ.....හ්හ්හ්හ්.....

ශෙනෝන් හදපු කෝපි එකෙන් තුනපහ සුවදක් එනකොට මම ඒක කටට ගන්න ගිහින් ආයම ඒ දිහා බලන් උන්නා වගේම බොටම උගුරම කෝප්පෙ ගහන් කෝපි උගුරක් බිව්වා...හැබැයි ඌ බඩ පපුව අල්ලන් කැස්සා....

ශෙ ..ශෙනෝ...ශෙ...

බබා...ඇයි...හෙමින් බොන්නකො අනෙ....

මේ...කෝ...කෝ...

ඇයි...තව කෝපි ඕනෙද....

කැහ්...කැහ්.....මේ..මොන මගුලක්ද මිනිහො මේ හැදුවෙ....

හරිස්චන්ද්‍ර කෝපිනෙ බබා...අර පොඩි බෝතලේ තිබ්බේ...

අනේ....නිතේශ් මාව ...කැහ්...කැහ්...මරපියකෝ.....

අනේ ඇයි බබා....

උඹ මහ අමනයෙක් ශෙනෝන් ..කැහ්..ඒ කලු කුඩු....මිනිහෝ...කැහ්....

අතට ගත්තු කලු කුඩු එක පැත්තක තියලා මන් හෙනින් සීරුවෙ නැකිටින කොට මං බලාගන අච්චු පාන් රාත්තල උඩි.....න් යනවා.....

ශෙ....ශෙ..නෝ..මම....අද....

නි...තේ....

දොරේ පාර්ස්වර්ඩ් එක කියපන්.....

අපේ...ඇනි..වර්...සරි...ඩේට්..ආයි...ඩියෝන්...ආයි....

ඇනිවර්සරි දවසෙත් අම්බානෙට ගුටි කනකොට මම එන්න එනකොට අරූ අයම දොරේ පාර්ස්වර්ඩ් එක කියලා උන්ගෙ ඇනිවර්සරි ඩේට් එක කිව්වා..දැන් ඒකද පාර්ස් වර්ඩ් එක.....

සුදූ...තව පැය කීයද...

ඉතින්....වෙනසක් නැතිවම අදත් ගෙන්දගම් පොලවට ඉරපායලා තියනකොට වැහුන සැලුන් එක ආයම ඇරියා....අවුරුදු නිවාඩුවට වහපු සැලුන් එක ආයමත් ඇරෙනකොට පාලු ගතිය යන්නම ස්ටාෆ් එක අය් වැඩ කරම හැටි මම මගෙ කැබින් එකේ ඉදන් බලන් උන්නා.....

තනි කලු යුනිෆෝම් ඇදගත්තු කෙල්ලො කොල්ලො දුසිමක් විතර.....සම්පූරනම පහත තට්ටුව සාමාන්‍ය ,වගේම සමාන්‍ය දනවත් අයට වෙනකොට දෙවනි එක vip vvip උනා....දෙවනි තට්ටුවටම උන්නෙ මායි ගේ කුරුල්ලො දෙන්නයි...ගෙදරදි මොන නම කියෙව්වා උනත්....මෙතනදි එ ඔක්කොම වෙනස් වෙනකොට මම වැඩ කරන අය දිහා කැම් එකෙන් බලන් උන්නා.....එයාලා හිනා වෙනවා...කතා කරනවා...

ඒ හැමෝගෙම මුනවල් වල සතුටක් තිබුනත් මගෙ මූනෙ හිනාව මැරිලා තිබ්බා ..හොරෙන් හොරෙන් සියපාරක් විතර කෝල් ගත්තු පොඩී මට වලව්වෙ වග තුග කිව්වා....වලව්කාරයො විතරලු...පොඩි අක්කව තීන්දු කරන්න උන්න රන්දෙනිගල හාමුලත් ඉන්නවලු ...උන්ට තවමත් මගුලෙ වංශෙමයි අර කෙල්ලගෙ ජීවිතෙ එතනින් ඉවරයි ....

මං මගෙ ශීට් එක අනිත් පැත්තට හරවන් ලොකුම ලොකු වීදුරුවෙන් එහා පැත්ත පාර දිහා බලන් උන්නා....

සුදූ.....මගෙ හිත බින්දෙම සුදූ වෙනකොට එයාගෙ අවසානම දවස අද කියන එක මාව නොමර මැරුවා...

නිතේශ් ...නිතේශ් ....

පාර දිහා බලන් ඉන්නකොට මගෙ පිටිපස්සෙන් ඇවිත් උන්නෙ ශෙනෝන් වෙනකොට මං හැරිලා බැලුවා

මේ...විතේන්ගෙ ගෙ අක්කා දැන් එනව කියලා reception එකට කියලා

ඉතින්..

ඉතින් කියන්නෙ...

ඌ නහයෙන් අඩනකොට පහල කාර් එකක් නවත්තන සද්දෙ එක්ක මම ආයම

ජනේලෙන් එලියට ඇස් දෙක දැම්මා...

ආවා...ආවා.....අනෙ...අම්මෙ...ආවා...අනේ...නිතේශ් ...

කාර් එකෙන් එකටම බැස්සෙ ගෑනු කෙනෙක්...මං හිතන්නෙ එයාද කොහෙද ආන්‍යා...දනිහටත් උඩ සායක් ඇදන් බැහපු ආන්‍යා දිහා මං බලන් ඉන්නකොට අරූ මැරෙන්න හැදුවා...

ඒ එක්කම බැස්සෙ ඔය කියන විතේන් ....තනිම කලු outfit එකක් ඇදන් උන්න විතේන් ඵෝටො වලටත් වඩා කඩවසම් වෙනකොට මම ශෙනෝන් දිහා බැලුවෙ මූ ඇත්තටම දේදුන්නක් ද විස්වාස කරගන්න බැරිව.....

අනේ නිතේශ් ....ඒකිව උඹ ගනින්කෝ.....

ශෙනෝන් ...මං කිව්වනෙ....මට කරන්න බෑ...

එහෙනම්..අද ඇටෙත් එක්කම තලාගන ගෙදර යන්න වෙන්නෙ.....

උඹ මොකටද නහින්නෙ මේක.මගෙ තැන මිසක්.....

ඔය මනුස්සයා ආවම බලපන්....ඇහිබැමෙ එක කෙස් ගහක් වැඩියෙන් ගැල උනත් ඌ නඩුවක් ෆයිල් කරනවා....

පිස්සු....

පිස්සු හම්බෙයි උඹට...එහෙනම් උඹ මාව පනපිටින් දකින අවසානම දවස අද වෙයි...මගෙ පීට්ව බලාගනින් තන්කුන්...

බහිබූත කියවපු ශෙනෝන් නහයෙන් අඩ අඩ යනකොට කාර් එකෙන් බැහැපු විතේන් කොහෙවත්ම නොබලා එයාගෙ අක්කට ඔරලෝසුව පෙන්න පෙන්න මොනවද කිව්වා...

වෙලාව නම් වෙලාව කිව්වද කොහෙද ....එහෙනම් ඉතින් අක්කව ගෙදර තියන් හම ගහගනින් ඉවරයිනෙ කතාව.....

අත්වලිනුත් මොන මොනවද කියපු ආන්‍යා සැලෝන් එකට එන්න එනකොට ගවනර් පාර්ට් එකෙන් උන්න විතේන් කාර් එකට නගින්න හැරුනා වගේම එක පාර මං උන්න දිහා බැලුවා ...නොහිතපු වෙලාවක බලපු නිසාම මටත් වෙන දිහාවක් බලන්න කාලය නැති උනා වගේම එයාගෙ ඇස් දෙක මගෙ ඇස් ගාව තිබ්බා.....

තත්පරයක් ...

දෙකක්....

ඊලග තත්තපරේදි...කඩල කන්න කියපු එකා මාව දන්නෙත් නෑ වගෙ කාර් එකට නැගලා යන්න ගියා

ඌ හිනා උනෙත් නෑ...

මං හිනා උනෙත් නෑ....

ඉතින් මට පාන්ද...??

ඔන්න උයාලගෙ විතේන් පුතා ආවා....

😩හුහ්.....ඔන්න දුන්න ඈ.....

ආයම කොටසකින් එන්නම්....

කතාව කියවන හැමෝටම ස්තූතියි ගොඩාක්

මම ferdeesha 😘😘😘❤️

More Chapters