එයාගෙන් ආයම රිපලයි එකක් ආවෙ නෑ...ඒත් එයා ඔන්ලයින් උන්නා. ....මං බලන් උන්නා..මොන හේතුවටද කියන්න දන්නෙ නෑ මං එයාලා දෙන්නා ජීවත් උන ගෙදර දිහා බලන් උන්නා....
උඹ හරි පව් විතේන්...මගෙ ආදරේ මටම අමතක කරගන්න බැරි වෙනකොට මම මෙහෙම විදවනවා නම්...හැම බැම්මක්ම බිදල ඒ කොල්ලා එක්ක ජීවත් උන උඹ කොහොම ඉවසන්නද....එක අතකට උඹට පිස්සු නොහැදුනා නම් තමයි පුදුමේ.....
දෛවය හරි නපුරුයි විතේන් උන් පන්න පන්න පලිගන්නෙම අවංක මිනිස්සුන්ගෙන්....උඹ උනත් කොච්චර හීන මවන්න ඇතිද...උඹ උනත් කොච්චර සතුටින් ඉන්න ඇතිද.....ඒත් ඒ හැම දේම එක තත්පරේකින් වෙනස් වෙනවා කියන්නෙ ...ඒකත් ආයම කවදාවත් හදා ගන්න බැරි විදිහට ....
උඹයි මායි හෙන පව් ....ඕනම දරදඩු මූනක් පිටිපස්සෙම අහන්න අමාරු කතාවක් තියනවා.. .ඒක ඇත්තක්...
අහසෙ පායපු හද එක්ක මම බැල්කනි එකේ තනිවෙනකොට බොටමව වඩා ගත්තු ශෙනෝන් යන්න ගිහින් පැය බාගයක් පහු උනා.....
එක අතකට උන්ට තියන හයියවත් වෙලාවකට මට නෑනෙ...විදුරුවට පිරෙන අරක්කු උගුරු ඇගම උනුසුම් කරන් පහලට යන කොට අවසානෙදි මට මත් ගතිය දැනෙන්න ගත්තා .....තාත්තා ගෙ මුනෙ කවදාවත් හිනාවක් තිබුණ් නෑ...එයා අම්මට ආදරේ දුන්නා ඒත් මං හිතන්නෙ ..අම්මා...ගෑනියෙක් ගෙ අතින් වෙන්න ඕන හැම දේම මගඇරියා.....අපේ පදිංචිය තිබුනෙ කොළඹ උනත් අම්මා මැනිකෙ පට්ටම මේ කොලඹත් රග පෑව....
ඒ අතින් මං හිතන්නෙ මේ ලෝකෙ අවාසනාවන්තම තාත්තා පුතා අපි දෙන්නා වෙන්න ඕනා....අවාසනාවන්තම පරම්පරාව අපි වෙන්න ඕනා.....මොකද අපි ජීවත් උනේම කොදු ඇට පේලිය නැතිව....
මගෙ ඵෝන් එක වයිබ්රේට් උනා....
මැසේජ් එකක්....විතේන් ගෙන්.....මං එහෙම්ම ඒක ඕපන් කරලා බැලුවා.. ...
"ඔයාට කොහොමද දැන් තවම පපුව රිදෙනවාද හුස්ම ගන්න අමාරුද අපි ඩොක්ටර් කෙනෙක් චැනල් කරමුද "
එක මැසේජ් එකක් අස්සෙ ප්‍රශ්න ගොඩක්....එකම එක නැවතීම් තිතක් නැතිව ..එකම එක ප්‍රශ්නාර්තයක් නැතිව එයා චේදක් අහලා තිබ්බා.....එයා මට කතා කෙරුවෙම අදීශ් කියලා. ...එයාගෙ මුන එවෙලේ අමුතු වෙල තිබුනා.....එයා මගෙන් දැක්කෙ එයාගෙ අදීශ් වද....
මිනිස්සු මැරුනත් මතක මරන්න බැරි වෙනකොට එයා තවම ඒ වේදනාවෙන් විදවදනවා....එයා අදීශ්ටත් ඔය විදිහටම කෑ ගහන්න ඇති.....එයා සදහටම නිදා ගත්තු අදීශ්ව හොලව හොලව කෑ ගහන්න ඇති....ඇස් අරින්න කියලා නොවදිනා වැදුම් වදින්න ඇති.....
මිනිහෙක්ගෙ හීන ලෝකෙ කකුල් ගාව කඩන් වැටුනම මම හිතනෙ නෑ එතනින් පස්සෙ ඒ මිනිහට ජීවත් වෙන්න හේතුවක් ඇති කියලා....
"අහලා බැලුවට ස්තූතියි ගොඩක්.මං හොදින් මිස්ටර් විතේන් "
මං එයාට රිප්ලයි එකක් යැව්වා.....
ඒ එක්කම ආයම මැසෙජ් එකක්....
"මේකෙ තේරුම මොකක්ද💩?"
"හිනා වෙන කැවුමක්.....තවම අවුරුදු නෙ.."
"මෙක කැවුමක්ද??"
"නෙවෙද?"
" මගෙ මෝඩයා....."
."?????"
"ගිහින් නිදා ගන්න වදයක් නොවි ඕක මොකක්ද කියලා අර බටු ඇටේගෙන් අහගන්න...ගුඩ් නයිට් බේබි හාමු"
මං ආය රිප්ලයි කරන්න ගියේ නෑ..මං කවදද උගෙ මෝඩයා උනේ අනික ආයම බේබි හාමුලු...එක එක වෙලාවට එක එක විදිහ මෙතන කොච්චර මැසෙජ් කරත් ආවම මූනක් බලන් නෑ...හෙනම අලි ඔලුවෙන් ඉන්නෙ....තවම වයස විසි පහලු...ඒ උනා හැසිරෙන්නෙ මහ තැන වගෙ.....ඔච්චර අහංකාර ලස්සන හින්දා වෙන්න ඇති ඕකා වෙලහට ඕකගෙම සුකුරුත්තන් උලාගන වෙන්න ඇති ඔහොම ලස්සන උනේ...
මං විතේන්ට බැන්නා.ඒ මැසේජ් බල බල බැන්නා....
සිරීට මොකටද ලොරියක්?
එතකොට මේ ඔක්කොම මට හිනාවෙන එක නවතීවි.....
මන් දන්නවා ලොරියක් ගන්නෙ කොහොම කියලා....
ඒ කොහොමද
මං නිවාඩු දවස් වල වැලිගොඩ දාලා සිරීට සල්ලෙ දෙන්නම් ලොරියක් ගන්න....
මං කියනවට එක දවසකට වැඩ අරන් බලන්නකො.....
හැබැයි ඊට පස්සෙ සුමනාවතිත් අපි ගැන බලාගන්න ඕනේ...
උඹට උයන්න පුලුවන්ද.....කඩේ යන්න පුලුවන්ද රෙදි මදින්න පුලුවන්ද ....එහෙනම්..උඹට මොනවද කරන්න පුලුවන් ....
මකුනු දැල් කඩත හැකි.....
උඹ මට කවදාවත් බරක් උනේ නෑ මගෙ පුතේ.....
(සැමීගෙ කතාව....)
එල්මෝ ජයවර්ධන මගෙ හිත ආයම හීනියට පහුරු ගෑවා..... සුමනාවතිත් අපිට සලකන්න ඕනෙ.....මොන මගුලටද....ඌ ඒ සලකන්න ඕනෙ කියන එකෙන් අදහස් කෙරුවෙ මොකක්ද.....බඩ උඩ නගින්න ඕනා කියන එකද
මං එහෙම්ම ඔලුව බිත්තියට තියා ගත්තා .....එලිවෙනකන් ඇස් ඇරන් ඉන්න කීවෙනි දවසද කියන්න මම දන්නෙ නෑ....ඒ උනත් මේ බැල්කනියෙ ඉදගන්න මගෙ හිත රෑට නඩු අහන උසාවියක් උනා...
කොච්චර කොළඹ පන්නෙට හැඩ හැගෙන්න හැදුවත් හිත ඇතුලෙන් තවම මැනිකෙට බය බේබි මහත්තයා උන මම හැමදාම වලව්ව ගැන හිතුවා....කුසියෙ තිබුන පරන බංකුව....මැද මිදුල ....වැඩ කරන මිනිස්සුන්ගෙ යට ගියපු ඇස්.....
සීයා තාත්තා අතින් අනාත උන ගෑනු.....ඌම බඩ කරලා ගැට අන්නාසි කවපු ගෑනු...උදේට රත්තරන් බොත්තම් අල්ලපු කෝට් බැයක් ඇදන් ඉස්කෝලෙට යන ඉස්කෝලෙ ලොකු මහත්තයගෙ උජාරුව...ඒක දන්නෙ අපි විතරයි...හතර පෝයටම සිල් ගන්න අත්තම්මගෙ පැටිකිරිය දන්නෙ අපි විතරයි ...අත්තම්ම වැදුවෙ කෙල්ලොම විතරයි .....කොල්ලෙක් වදාගන්න කම්ම ළමයි හැදුවත්....අත්තම්මට බැරි උනා සීයා තාත්තට කොල්ලෙක් දීගන්න.....
කොච්චර වලව් මානෙ ඉහට ගැහුවා උනත් හැම හාමුවෙක් ගාවම තිබුන අර සල්ලාල ගතිය සීයා තාත්තා ගාවත් තිබුනා...එහෙම උන් නැත්තෙ නෑ කියන් නෑ....සීයා තාත්තා අතින් අනාත උන් උන්නා ඉහේ කෙස් ගානට .....වලව්වෙ මැනිකෙ කෙරුවෙ හැමදාමත් කුනු වලට සුදු හුනු ගාපු එක ....බඩ වෙන බඩ වෙන ගෑනුන්ටන් ගැට අන්නාසි ගිල්ලවපු එක.....වැඩට ආව කුස්සි අම්මගෙ පැදුරු කඩමාල්ල යට හැම දාමත් ඇබරැල්ල ගැටයක් සියඹලා කරලක් හැංගෙන කොට එදාට වලව්ව අස්සෙ හැමදාම ගිනි පත්තු උනා....
කවදාවත් සීයා තාත්තගෙන් නඩු විභාග නොකෙරුවත් සීයා තාත්තට යටවෙච්ච ගෑනුන්ට උනේ මොනවද කියන්න දන්නෙ....අත්තම්ම්ගෙ අත් දෙකම තමයි...
සුදූ...සුදූ අඩලා යන්නම ගියා...සුදූ වෙනුවට නාකි හාමුවට පොඩීට බිලිවෙන්න වෙනකොට එකම කොල්ලා උන මම පුලුවන් තරම් අරක්කු පැලුනා.....
බේබි හාමුලු...පකෙ....බේබි...හාමු....
මං හිනා උනා ...මං හිනා උන් නෑ...මං හිතන්නෙ හිනා වෙනකොට ඇස්වලින් කදුලු ආවා...අඩන්නෙ නෑ කියලා කිව්වත් උන් අපිව හැදුවෙ වේවැල කැඩෙනකන් ගහනකොට ගුටි කාල අඩාගන මුලු ගැන්වෙන්න මිසක් ආපිටට ඇයි මට ගහන්නෙ කියලා අහන්න නෙවෙ.....උන් අපිව හැදුවෙ හිටු කිව්වොත් හිටපු තැන නවතින්න මිසක් ඇයි අපිට මෙහෙම කරන්නෙ අහන්න නෙවෙ....පරවියන්ගෙ තටු කපන්නෙ කොහොමද උන් අපි හැමෝගෙම තටු කපලා දැම්මා.....
එයා අපේ කිරිකාරයගෙ පුතා.....
ඔය මොකක්ද ඔය කරන්නෙ....
වාක්‍ය රචනාව ලියනවා....
ඉතින් ඕක ගෙදරදි කරන්න තිබුනනෙ...
ඊයේ රෑ අපේ ගෙදර ලාම්පු තෙල් ඉවර උනා...ඉතින් ලාම්පුව වේලාසන නිව්වා.....

කටු අකුලේ මල් ඇහැරේ
රළු අහසේ තරු හිනැහෙ..
රළු අහසේ තරු හිනැහෙ...
කටු අකුලේ...මල් ඇහැරේ.....
තුඩින් තුඩේ රැව් නැගේ
කුරුලු ගී...ගායනා....
වලව්වෙ සුදු අප්පොට ගල් බන්ඩගෙ නිමල් ජීවිතේ කියා දෙනවා....ජීව්තේ දුක සුදු අප්පො ඉගන ගන්නවා...වලව්වෙ සදලු තලේට නොපෙනන මිනිස්සුන්ගෙ දුක ඇස් වලින් විතරක් නෙවෙ...හදවතිනුත් දකින්න නිමල් සුදු අප්පොට උගන්නනවා.....
ජීව්තේ කියන්නෙ වට පිටාව මිසක්....වලව්වෙ කුමාරි හාමිගෙ නීතිය නෙවෙ කියන එක නිමල් උගන්නවා....
ඉතින්..සුදු අප්පො හරි වාසනාවන්තයි...නිමල් කෙනෙක් හම්බවෙන්න.....අවුරුදු තිහකට පස්සෙ...මං නිමල්ගෙ හිතේ තිබුන හැගීම් මොනවද කියන්න විතේන්ට පින්සිද්ද වෙන්න අද දැනගත්තා ...
සුදු අප්පෝ....ඉතින් මම සුදු අප්පො නම්....කොහෙද නිමල්...???
වලාකුලු ඇවිත් සැරින් සැරේ හද වහගන යනකොට අරක්කු මත නිසා මගෙ ඇස් දෙක අඩවන් වේගන එනකොට මම ඇදන් උන්න ටී ශර්ට් එක ගැලෙව්වා....විතේනයා මහ වලත්තයා මම ඕක දැකලත් ඉවරයි...අතගාලත් ඉවරයි කිව්වා...ඌ මහ කුක්කු පෙරේතයෙක්ද කොහෙද ඊහ්ප්.....ඇගත් එක්ක හිරිවැටෙනවා...උන් කුක්කු වලට පෙරෙතයි....අර බොටමා .....ඌ ශෙනෝන්ට ඉන්න දෙන්නෙ නෑ...පොඩි ගඩාපියා.....ඒ උනාට.....උන් ආදරනීයයි.....මට වේදනයි....වගේම....ඊරිසියයි.....
මේක මගෙ නොලැබීම...
කෙලින් ඉන්න බැරි උනත් වැනි වැනි උන්න මම අඹ යාලුවො සින්දුව මුමුන මුමුන විතේන්ටත් බැනබැන ඇද රෙද්දක් නොදාපු ඇදේ හරස් අතට පෙරලුනා....
ගුඩ් නයිට්.....කුක්කු...පෙරේතයෝ...උඹ... මාව අල්ලගත්තෙ නැතිනම්....ම්ම්...ම්ම්....
මං එතනින් එහාට දෙඩෙව්වෙ මොනවද මන් දන්නෙ නෑ දෙපාරක් තුන් පාරක් මොල්ලිගොඩ මැනිකෙට මොන මොනවදො කියලා සුදූ එක්කත් කතා කරලා ඇස් පියා ගත්තා ....
අතෑරපන්....අනේ....අතෑරපන්කො....අනේ...අත්තම්මා...මාව අරන් යන්න දෙන්න එපා...අත්තම්මා...
අනේ....සුදු..අයියෙ.....සුදු..අයියෙ...අනේ.....මාව අතෑරපන්..හාමු මහත්තයා....වදින්නම්..මට උඹ එක්ක ඔට්ටුවෙන්න බෑ මහත්තයා ...අනේ මාව අතෑරපන්කො.... වදින්නම් හාමු මහත්තයා ...මාව ඇතෑරපන්කො....අනේ...සුදූ....සුදූ......
ඉන්න....තැනකින් මට වෙන විනාසෙවත් බලන් මුන්ට වස් වද්දපන් සුදු අක්කෙ....අනේ....සුදූ.....
සුදූ...සුදූ.........!!!!!
එපාහ්....!!!
ප්...පොඩි....පොඩී.....
අරක්කු මතෙත් එක්කම නින්ද ගියපු මට තුන්මුනින් දාඩිය දාගන ඇහැරුනා...උඩට බැනියමක් නැති මාව දාඩියෙන් පෙගිලා යනකොට මම අත පත ගාලා වතුර එක හෙව්වා.... වතුර බෝතලේ වෙනුවට අහු උනේ වතුර ජෝගුව අතට ගත්තු මම වතුර නාගන පිට උගුරේ යවාගන එක දිගට බීගන බීගන ගියා ...
පොඩී....
ඔලුව දෙපැත්තෙන් දැනුන වේදනාව එක්ක ලාච්චුවෙන් ගත්ත පෙනඩෝල් දෙකක් බීපු මම වෙලාව බැලුවා...
පහට කාලයි.....
තව පැය ගානකින් ඉර පායයි....
අනිත් මිනිස්සුන්ට.....ඒත්..අපිට....මට...මට නම් කවදාවත් ආය ඉර පායන එකක් නෑ.... මට ආය කවදාවත්ම ඉර පායන එකක් නෑ.......
කාරිය කෙරෙන වෙලාවෙ මේකි මල කදක්වගෙ ඉදලා...
අනේ පිච්චිට හොදටෝම වද දීලා...ආන් ඔය වෙලාවෙ හපාපු පාරක් තමා ඕන් ඔය පිච්චිගෙ බෙල්ලෙ තියෙන්නෙ...
අනේ උත්තමයො අපිව ගෙන්නුවා නඩුකාර ගෙට.....ඇහිල්ලක් බැලිල්ලක් නෑ දුන් තීන්දුව තමා මේ....
අපිව පිටුවහල් කොලා කොලන්න කෝරලෙන් අටකලන් කෝරලේට.....
කෙටි හාමිගෙ මූනෙ දුක පිරිලා....හතිරියන්රාලට පිච්චිට හාමුවගෙන් වෙච්ච අවනඩුව කියනකොට මට සීයා තාත්තව මතක් උනා...
අත්තම්මගෙ නඩු විසඳීම තනිකරම කැකිල්ලෙ රජ්ජුරුවන්ගෙ වගේ....නඩුත් බඩුත් දෙකම හාමුදුරුවන්ගෙ වෙනකොට හැම තැනින්ම තැලුනෙ අර තැලුන ගෑනි වෙනකොට ඒ හැම ගෑනියෙක්ම පිච්චි හා සාමානයි කියන එක මගෙ පපුවට වද දුන්නා .....හාමුවට යටවෙන හැම ගෑනිම ඉන්නෙ මලකදක් ගානට කියන එක මම නොදැන උන්නා නෙවෙ ..හැගීමක් නැති මිනිහෙක්ට යට වෙන එක කරන්න පුලුවන්ද .....
මගෙ පොඩීටත් වෙන්නෙ ඔය ටිකම තමා...මගෙ පොඩීටත් වෙන්නෙ මලකදක් හ සමාන වෙන්න තමා.....
.මම ඇද විට්ටමට ඔලුව ගහන් ඔහේ කල්පනා කෙරුවා.....මෙච්චර වෙලාම අන්දකාර වෙලා තිබුන අහස දැන් දැන් පාට වේගන එනකොට මට ඇරෙන්න හැමෝටම ඉර පෑව්වා...වෙරි මතේම ඇවිත් නිදා ගත්තා මිසක් බැල්කනි එකේ දොර වහලා නොතිබුනකොට කාලයක් යනකන් ආදරේ කරපු හිත් දෙකකට හෙවන දුන්න අද පාලුවට ගියපු විතේන්ගෙ කැදැල්ල මගෙ ඇදට පෙනුනා...
අදීශ් උන්නා නම්....අද පහල ඉන්න ගේ කුරුල්ලො දෙන්නා වගේ උන් දෙන්නට ඉන්න තිබ්බා...මොනවා කරන්නද දෙයක් වෙන්න තියනවා නම්...සක්කරයගෙ පුතා වයිමටවත් ඒක නවත්තන්න බෑනෙ...
බඩ දනවා.....
ආව්හ්.....
සැන්ටින් නොකර අමුවෙන් ගහපු ගල් වල ආනිසන්ස උදෙම්ම පල දෙන්න පටන් අරන් තියනකොට මම ෆ්‍රිජ් එකේ දොර ඇරන් යෝගට් එකක් හෙව්වා...වතුර බෝතලයක්...වේලිලා ගියපු දෙහිබෑවක් එක්ක කරකුට්ටන් උන කරපිංචා අත්තක් සන්තකේටම තිබුන ෆ්‍රිජ් එක මට හිනා උනාද කොහෙද .....
මං එහෙම්ම කබඩ් ඇර ඇර බැලුවා....හිතේ ගින්දර බඩේ ගින්දර නැති කරලා දානකොට කන්න කිසිම දෙයක් නැති ගෙදර මම ආයම කොර වෙන බඩ අල්ලන් මම ඇදේ ඉදගන ඵෝන් එක අතට ගත්තා .....
මිනිස්සු වැඩිපුරම පරිස්සම් කෙරුවෙ තමුන්ට ඉන්න වටිනම කෙනාව.....ඉතින් මට සමාවෙන්න ඔයාව පරිස්සම් කරගන්න බැරි උන එකට......
ඉතින් අවසරයි නුඹේ මතකෙන් සදහටම සමු ගන්න....
අවසානම ප්රාර්තනය...
සුභම සුභ උපන්දිනයක් අදීශ්....

ඒ එයාගෙ.....ඊයේ රෑ දාපු පෝස්ට් එකට හා සමානවම මේ වචන පපුව පෑරෙව්වා...මෙච්චර කල් තිබුන එයාගෙ රිලේශන් ශිප් ස්ටේටස් එක සින්ගල් වෙලා ගියා.....
කදුලු බින්දු දෙක තුනක් එක්ක එයා ඒ පෝස්ට් එක අප්ලෝඩ් කරලා..ඒත් මට ඒකට දාන්න ඕනෙ මොකක්ද කියන්න හිතා ගන්න බැරි උනා...
"ඩිප්‍රෙශන් හැදුනා කොල්ලට" මට ආය ආයම ශෙනෝන්ගෙ වචන් ඇහුනා....ඩිප්‍රෙශන් හැදෙන්න තරම් කොච්චර ආදරේ කරන්න ඇතිද....ශෙනෝන් කිව්ව කතාව ඇත්ත...ස්ට්‍රේට් ලව් වලට වඩා ගේ ලව් මාරම ස්ට්‍රෝන්ග්....ඒක ඇත්ත....උන් මොනවා උනත් කාගන උන්නා මිසක් අතෑරියෙ නෑනෙ...
මම ඒ ඵොටෝ එක දිහා සෑහෙන්න වෙලා බලන් උන්න වගේන මගෙ ඵෝන් එකට කෝල් එකක් ආවා...ඩියෝන් ගෙන්...
හෙලෝ....
මම ආන්ස්වර් කරලා කනේ තියා ගත්තා ....
ඔයා නැකිට්ටද ඒයි...
ම්ම්ම්ම් ඇයි....
මං ලැවරියා හැදුවා...කන්න එනවද....
ම්ම්ම්ම්....
එහෙනම් එන්න හොදේ ...(බබා...මගෙ ටවල් එකෙ කොහෙද..........)
මං කෝල් එක කට් කෙරුවා .. පොඩි බොටමා ලැවරියා හැදුවලු.....ඒ අස්සෙන් ශෙනෝන් කෑ ගහනවා අරක කෝ මේක කො ගගා....
මං එහෙම්ම ඵෝන් එක චාර්ජ් වෙන්න ගහලා බාතෲම් එකට ගියා.....
සීතල වතුර බින්දු සර්වාංගෙම තෙමනකොට සැලුන් කාරයගෙ ඉවර උන ශැම්පු බෝතලේට මම වතුර කලවම් කෙරුවා ...මට අනිත් මිනිස්සු ගැන බැලුවට මං ගැන බලන්න බැරි උනා...ඇස් යට කලු වෙලා......මූන ගන්න දෙයක් නැති වෙලා තිබුනා.....
මම නෑවා....වතුර බින්දු මගෙ හැම දුකක්ම හෝදන් යනකොට මම නෑවා....
තෙත කොන්ඩෙ මැශින් එකෙන් අල්ල ගත්තු මම මගෙ කලු වෙච්ච ඇස් දෙක මිනිස්සුන්ගෙන් හංගන්න කන්නාඩි දෙකක් දාගත්තා .....

එහාට යන්නකො ඩියොන්....
ඇයියෙ ..ඇයියෙ...මං මොකටද කොහෙවත් යන්නෙ....
ඇයි බබා කියන දේ අහලා පැත්තකට වෙන්නකො....
ඔව්..ඔව්....මම දැන් පැත්තට වෙන්නනෙ ඕනේ....බලන් ඉදපන් ශෙනෝන් මම උඹේ බුරුසුවෙන් කොමඩ් එක මැදලා තුවායෙන් එහා ගෙදර ඉන්න වින්ටගෙ බල්ලව පිහනවා...අනේ.....ඒයි...බැනපිය මෙන්න මූට....තොපිද යකො බඩු..අපිනෙ බඩු.....
දෙයියන්ගෙ නාමෙට ඩියෝන් ඕක නවත්තනවා කන පලාගන්නෙ නැතුව.....
හා ඉතින්.......එන්න ඒයි ගෙට ඇයි ඔය මග.....මට දුකත් හිතුනා....පේනවද අර යකා බනිනවා....
තවමත් මම උන්නෙ උන්ගෙ දොරකොඩ ගාව වෙනකොට මම ඉන්නෙ ගේ කුරුල්ලන්ගෙ ගෙදරද...නැති නම් මිහිපිට අපායකද කියන එක මට හිතා ගන්න බැරි උනා....තනි කලු යුනිෆෝම් එක ඇදන් උන්න බොටමා තත්පරේට වචන කෝටියක් කියෙව්වා වගේම ඌ මගෙ ගාවට ඇව්ත් මහ අමුතු ඇක්ශන් එකක් දැම්මා.... ඒ මදිවට කන් දෙක පුපුරන්න දාලා තිබුන වීඩියෝ එකෙ යන කෑලිත් කියවන්න ගියපු බොටමට ශෙනෝන් කෑ ගැහුවා...මගෙ බඩේ දැවිල්ල දෙක උනා...

වස්ති එකෙ සැලෝන්....බොටමට ඒකෙ උන්න සැන්ඩ්රක්කිව වැහිලා...ශෙනෝන්ගෙ මූන පුපුරන්න වගේ.....මොනවා උනත් ඒකෙ මුල හරියෙ තියන වලව් කෑල්ල නම්....ඇත්තම තමා...උන් විහිලුවෙන් හරි ඒක ගහලා තියනවා....අඩු කුලේ පර හැත්ත....ඒක ඇත්තටම මගෙ ඔලුවටම වැදුනා....
නිතේශ් වරෙන් බන්....ඩියෝන් මුලු මුලු ගානෙ අඩ අඩ ඉන්නෙ නැතිව කන්න එනවා.....
මම කෑම මේසෙන් ගිහින් වාඩි උනා වගේම බොටමා හැදුවා කියපු ලැවරියා දිහා බැලුවා.....
කාපන් බන් අපේ බබා හදලා තියෙන්නෙ..
මේවා...මේ ඉදි ආප්පනෙ බන්...
ඇයි ඔය එහා පැත්තෙ පැනි පොල් තියෙන්නෙ අනන් කාපන්.....මං පහලින් ඉදි ආප්ප ගෙනාවා එයා පැනි පොල් හැදුවා කොල්ලා දස්සයා.....මේ...අපෙ අම්මා පැනි පොල් රස බලන වෙලාවයි...!!!!
මං මගෙ පිගානට බෙදපු සයිවර් කඩෙ කහපාට ඉදිආප්ප දිහා බැලුවා...ඊට එහා පැත්තෙ පොල් කියලා කිව්වට කොහු බත් පාට පැනි පොල් දිහා බැලුවා ...අරු ලැවරියා හැදුවා කියලා කරලා තියෙන්නෙ ඉදි ආප්ප වලට පැනි පොල් හදලා ....
කැහ්...කැහ්. ....කැහ්....
මොකද ඒයි. ..හෙමින් කන්නකො...
ඒකනෙ බන් හිමින් කාපන්කො...අපි උදුරන් කන් නෑ...නේද බබා...
මට තෝ එක්ක කතාවක් නෑ නේද ඒයි....
කන්න ගත්තු ඉදිආප්පෙ මට පිට උගුරෙ ගියා..උගෙ පැනි පොල් එකේ ගම්මිරිස් විමානයයි...ඇටයක් දෙකක් වෙනුවට මූ ගම්මිරිස් ගෝනියක් තලලා දාලා....මෙච්චර වෙලාම මුල්ලක අඩ අඩ උන්න බොටම ඒකගෙ රතු වෙච්ච චූටි මූනත් පිහ පිහ මගෙ පිටට ගහනකොට ශෙනෝන් මොනවා හරි කිව්වා වගේම මු ගස්සගන මගෙ ගාව ඉදගත්තා ....
රසයිනේද නිතේශ් ...ආ ඒයි.....
ම්..ම්ම්..කැහ්..කැහ්....ඔව්...තව..ගම්මිරි..චූට්ටක්...ආවා..නම්...
ඒකනේ...මං කිව්වා ...මං කිව්වා මේ හොර මිනිහට..අහන් නෑනෙ...
නිකන් ඉදින් බන් මේ ගොනා ඕකත් සීරියස් ගන්නවා....මගෙ ගොන් වහන්සෙ...එනවා මෙතනට කවන්න.....
හුම්....
උන්ගෙ පවුල් අවුල් වලට ජීවිතේට වත් කටදාන්න යන්න හොද නෑ..මේ මරාගන මේ හොද වෙනවා.....ඒ රන්ඩු දිහා බලන් ඉන්න හිතෙනවා.....මගෙ ගාව උන්න බොටමා ශෙනෝන් ගාව ඉදගත්තා වගේම ඒකගෙ හිත රිදවන්න බැරි කමට මම කැහැ කැහැ නිකන් ඉදි ආප්පදෙක තුනක් ගිල්ලා.....
ශෙනෝන් ....
කියපන්.....
නිකන් ඉදි ආප්ප දෙක තුනක් ගිලපු මම සීනි නැති කසාය වගේ තේ එක ඇස් දෙක පියාගන එක උගුරට ගහල ඇරියා...මොනවා උනත් අරූගෙ හිත රිදවන්න බෑනෙ....
මෙන්න මේ ඉමෝජි එක හිනා වෙන කැවුමක් නෙවෙද බන්....💩
පාන්ද උඹට...
ඒකනේ..ඒයි පාන්ද...පරිප්පුද.....මේක කොහෙද කැවුමක් වෙන්නෙ...
ඇත්තටම එහෙම නෙවෙද ....
පිස්සුද යකො...ඕක කොහෙද හිනා වෙන කැවුමක් වෙන්නෙ....
ඕක ඇවිත් හිනා වෙන බෙට්ටක් ඒයි
ඊහ්ක්ක්.....අඩේ....බන්...
ඇයි....උඹ මොකද කෙරුවෙ....
මචන් ...මං ඊයේ රෑ මේක විතේන්ට...මේක යැව්වනෙ....
අනෙ අම්මේ...ඒයි.....රට හරකා.....ලැජ්ජහේ බෑ....ඔහොමද නිතේශ් කස්ටමර්ට සලකන්නෙ...
චික්කෙ...මං මහ රට හරකෙක්ම තමා අරූ කිව්වා වගෙම
මං දන්නෙ නෑ මම මේක මටම කියා ගන්න කී වෙනි පාරද කියලා ...උන්ගෙ උත්තර එක්ක හිර උන ඉදිආප්ප කොන්ක්‍රීට් වෙනකොට සැලෝන් එකට ආව මම සිය පාරක් ඊයෙ රෑ යවපු මැසේජ් එක දිහා බැලුවා....
මාව මැරුනා නම් ඊට වඩා හොදයි...
නිතේශ් ...නිතේශ් ....
ඇයි...මොකද...
අන්න...අන්න...උඹේ හිනා වෙන බෙට්ට ඇවිත් .....
මොනවද මෝඩයා කියන්නෙ කාට හරි ඇහෙයි....මොකද ආවෙ.....
කාටත් ඇහුන් නෑ...විතේන් බන්...විතේ..න්න්න්න්.....විතේන් ....
අත් දෙකෙම්ම නලල මිරිකන් ලැජ්ජාවෙන් මිරිකි මිරිකි උන්න මගෙ කැබින් එකට කඩාගන අව ශෙනොන් මැරෙන්න හදනකොට මාව සීට් එක උඩ දිය වෙලා වැක්කෙරෙන්න ආවා...හිනා වෙන කැවුම මතක් වෙලා......
ඉතින් ආවා නම්....appointment එක දාලා තියන section එකට යවපන්....
කැහ්..කැහ්.....එහෙනම්...ඉතින් ඒ උඹ තමා...
ඒ මොකො.....
මෑන් appointment දාලා නෑ....හැබැයි ඉල්ලුවෙ vip නෙවෙ.....vvip.....එකියනෙ...නිතේශ් සෙයෝන්ව....උඹව...උඹව...උඹව...
Appointment නැතිව මාව ඉල්ලන්න බෑනෙ.....උඹලා කරපන්...අනික මට ඒ මනුස්සයගෙ මූන බලන්නත් මොකක්ද වගේ.....
ඒයි....මේ.....නිතේශ් ...අන්න....ඔයාගෙ කස්ටමර් උඩට ඇවිත් ඔයා එනකන් බලන් ඉන්නවා.....
මෙතනින් ගැලවෙන්න මගක් හොය හොය උන්න මාව තවත් හිර උනා...අඩුපාඩුවට උන්න අනිත් එකත් පස්සත් දික්කරන් කැබින් එකට එනකොට දොරට තට්ටුවෙන සද්දයක් එක්ක මම උන් දෙන්නගෙ මැද්දෙන් ඇස් දෙක දැම්මා...

Good morning mr.නිතේශ් ..
ග්..ග්..ගුඩ් මෝර්නින්...මිස්ටර් විතේන් ....
මට ඔයාව ගන්න පුලුවන් නේද.....
ම්ම්..මාව.....
ම්ම්...ඇයි ශෙනොන් කිව්වෙ නැද්ද....මට ඕනෙ vvip එකක් කියලා .....
ආ...එයා කැමති මිස්ටර් විතේන්...අපේ බොස්...හුගාක් කැමතියි...
මට පොඩි ඇටයගෙ දත් ගලවන්න හිතුනා...මුලු කැබින් එකම එයාගෙ ෆර්ෆියුම් සුවදින් පිරිලා යනකොට එයා කෙලින්ම මගෙ ඉස්සරහින් ඉද ගත්තා වගේම ශෙනෝන්ගෙ ගඩාපියා මාව අහුකරලා කට කනට යවලා හිනා උනා වගේම උන් දෙන්නම එලියට දිව්වා....
ඉතින්....බේබි හාමු......මට පොඩි හෙයාර් කට් එකයි....cleanup එකයි....පුලුවන් නේද...
ඔයාට ඒක vip එකෙන් ගන්න පුලුවන් මිස්ටර් විතේන් මට දැන් costumer කෙනෙක් එනවා කිව්වා.....සොරි...
..ඇත්තට...මුසාවාදා වේරමනී සික්ඛාපදන් සමාධිආමි.....බොරු කියන්න හොද නෑ කියලා මේ උඩරට හාමු දන්නෙ නැද්ද....මං දන්න විදිහට...ඔයාට අද appointment නෑ...ඔක්කොම ගිහින් තියෙන්නෙ vip එකයි...පහලටයි....එහෙම බැලුවම....ඔයාට ඉන්න එකම costumer මම...
මට මැරෙන්න හිතුනා ...මට ජනේලෙ කඩාගන පහලට පනින්න හිතුනා....මගෙ මූන දිහා බලන් කට කොනකින් හිනා උන එයා ශීට් එකෙන් නැකිටිනකොට මාත් නැකිට්ට වගේම මගෙ වට්සැප් එකට මැසේජ් එකක් ආවා...නිකන් නෙවෙ..ගෲප් එකවුන්ට් එකකින්...
මොකක්....."niven"?????
අපි ඔයාව සිප් කරනවා ඒයි.....fighting !!!💩💩
මම දත්මිටි කෑවා....කෑවෙ නෑ මට කැවුනා.....බොටමා නිතේශ් විතේන් කියන නම් දෙක එකතු කරලා නිවේන් කියල ශිපින් ගෲප් එකක් හදලා...ඒ ඔක්කොමත් හරි මට ඉවසන්නම අමාරු උනේ..එකේ විතේනුත් ඉන්නව දැක්කමයි.....මූ මේ හදිස්සියට මේ මනුස්සයගෙ වට්සැප් නම්බර් එකත් ඉල්ලලා..මං ඕකගෙ සැලරි එකම කපනවා....වරකො තෝ පඩි වැඩි කරන්නකො ඒයි ගාන්....වැඩි කරනවා මම....ගෙයි පඩියක්....
ම්ම්ම්ම්.."නිවේන්...."නරක නෑ..නේද සුදු අප්පො....
මිස්ටර් ...විතේන්....මං...මං...එන්නම්...මට...
හරි..හරි...කලබල නොවී එන්න...මං ඉන්නම්.....
මගෙ කන් දෙක ගින්දර වගේ රතු වෙගන යනකොට ඵෝන් එක දිහා බලන් උන්න විතේන් එලියට ගියා වගේම මම අරූට සෙත් කවියක් ටයිප් කරල විතේන් ගාවට ගියා ...
මිස්ටර් විතේන් කොහොමද හෙයාර් කට් එක....
ඔයාගෙ විදිහ...
මගෙ.....
ම්ම්ම්...ඒ විදිහ....ඒ විදිහ මට මැච් වෙනවනෙ...නේ....
මං ට්‍රයි කරල බලන්නම්.....
අනිවාර්යයෙන්ම ..ඔයාට ට්‍රයි කරන්න පුලුවන් .....
මූ මාව උස්සන් ආව ගුනේ හින්දා මම ඉවසනව මිසක් මට මේ අහංකාර ලයින් තමා අල්ලන්නම බැරි.....
පුපුර පුපුර උන්න මම ආයම වචනයක් නොකියම එයාගෙ කොන්ඩෙ කැපුව වගෙම ඩ්රයරෙකෙන් ටිකක් ඇල්ලුවා...මේ විනාඩි ගාම ඇතුලත එයා කතා කෙරුවෙත් නෑ වගේම මම කතා කෙරුවෙ නෑ.....ඒත් සැරින් සැරේ එයගෙ වගේම මගෙ ඇස් කන්නාඩියෙන් එකට හම්බ උන වගෙම මම ලැජ්ජාවට ඒ ඇස් මග ඇරියත් එයා නම් ගානක් නැතිව බලන් උන්නා.....

මිස්ටර් විතේන් ....
ම්ම්ම්.....වරදක් නෑ....
වරදක් නැ කියන්නෙ.....ඔයාට මේක එච්චර හොද නැද්ද .
මං එහෙම කිව්වෙ නෑනෙ මං කිව්වෙ වැරැද්ද නෑ කියන එක ....
ඔයාට කියන්න තිබුනනෙ එකපාරින්ම හොදයි කියලා ..ඒත් ඔයා..
ඇයි මේ බේබි හාමුට තරහා ගිහින්....අතට ගන්න හැම දේම එක පාර කටේ දාගත්තම අගයක් නෑ බබා....ඒක නිසා පොඩ්ඩක් අගේ කරන්න ඕනෙ....
මිස්ටර් විතේන් මං හිතන්නෙ....
මං පහලට පේ කරන් යන්නම්..මට දැන් ඔයා එක්ක කතා කරන්න වෙලාවක් නෑ ..අනික ඔයා හෙට පහ වෙනකොට රෙඩි වෙලා ඉන්න මං ඔයාව ගන්න එන්නම්....මොකද මේක මගෙ වැඩක් එතකොට ඔයාගෙ වගකීම තියෙන්නෙ මගෙ අතෙ..ටූල්ස් ටික විතරක් ගන්න....අනිත් අයිටම්ස් මං දෙන්නම්..එහෙනම් පරිස්සමින් ඉන්න බෙබි හාමු...මතක් කරලා ඇදුමක් දෙකක් වැඩියෙන් ගන්න ....මොකද හෙට ගියාට තියෙන්නෙ අනිද්දා ....
මිස්ටර් විතේන්...
සොරි මට තත්පරයක් වත් ලේට් වෙන්න බෑ...
මට කතා කරන්න ඕන උනත් කතා කරගන්න වත් ඉඩක් දුන්නෙ නෑ.....මගෙ මුනට අබ අහුරක් දැම්මොත් පුපුරන සයිස් එකට ආවා....මූ ආවෙ බොරුවට.....කපන්න කොන්ඩයක් තිබුනෙත් නෑ.....ක්ලීනප් එකක් ඕන කිව්ව්වට දැම්මෙත් නෑ...අහන්කාර කමට ඉදල ඉදලා අනදීගන යන්න ගියා....අඩුම ගානෙ යන තැන කිව්වෙත් නෑ...මූව අපෙ වල්ව්වට ගිහින් දාන්න ඕන් මැනිකගෙ ඔසරිය ඔලුවෙන් ගලවන්න....
නිතේන්...උඹ ආය ආවොත් ගානවා මං තට්ටෙ ....
💩තට්ටෙ ගානවා කියන්නෙ....
💩ගොඩක් දෙනෙක් මේක zhanyi ද ඇහුවා ...නෑ අනෙ මේක yizhan
හෙච්ස් උජේට යෞවන ආසියෑන් එක්ක එන්නම්...
මේ ළමයා බුජි.....🤭🤭
කතාව කියවන.හැමෝටම ස්තූතියි ගොඩාක්
මම
Ferdeesha ❤️💚😘 ....