Ficool

Chapter 12 - 12

නිතේන්...?? මොකක්..මම බැන්නෙ නිතේන් කියලා නේ???

කැහ්ම්...කැහ්ම්....ඒකත් හොදයි ඒයි....අපේ සිපින් ගෲප් එකට....ඔන්න ඒනම්...මම නම මාරු කරා......"නිතේන්💩"

ඩියෝන්...උඹ දැන් කනවද....

නෑ...මං පස්සෙ කනවා...ඉතුරු ටික අපේ මිනිහට ඔතන් යනවා...අනේ නිකන් යන්න ඒයි යන්න...මං දැක්කනෙ....ඩියෝන් දැක්කනෙ....

මොනවද....ඩියෝන් දැක්කෙ....???

දැක්කනෙ......ඩියෝන් බබා දැක්කනෙ....

කො..කො..කොහෙද ...කොහෙද ඔය ඇතිල්ලෙන්නෙ යනවකො ඩියෝන් හුරතල් වෙවි මායන් වෙන්නෙ මං උඹගෙ මිනිහා නෙවෙනෙ..

මන් දැක්කෙද....ඔය ඇස් කතා කරනවා....හුම් හුම්....අනේ යන්න ඒයි යන්න...මේ නිතේශ් ඔය විතේන් එක්ක යාලු නොවුනොත්....මං අපේ මිනිහගෙ දකුනු කන කපනවා....

එහෙමද ආස....උඹට ඕනා නම් දාගනින්....ආවා මෙතන ..වැඩ නැද්ද ඩියෝන් මායන් වෙන්නෙ...

තියනවා..තියනවා...මොකෝ වැඩ නැත්තෙ....

එහෙනම්...

මේ....නිතේශ් ....ඒයි අහන්නකො....

අහන් ඉන්නෙ...ඇයි ඩියොන් පැත්තට යමන්කො බන්....

විතේන් ගියත් හරි මම කෑ ගහලා තියෙන්නෙ විතේන් වෙනුවට නිතේන් ගාලා වෙනකොට කොච්චර වැඩ තිබුනත් මෙතනට ඇස් දෙක දාන් ඉදපු ශෙනෝන්ගෙ පොඩි ගඩාපියා පස්සත් උස්සන් මගෙ කැබින් එකට ආවා...කතා කරන වචනයක් පාසාම හුරතල් වෙන්න හදන ඩියෝන්ව මම බලෙන්ම මගෙ ශීට් එකෙ ඉන්දවලා ජනේලේ ගාවට ගිහින් ජනෙල් ගැට්ටෙ ඉදගත්තා වගේම මේකා කකුලක් පිට කකුලක් දාගත්තා ..හැබැයි ඉතින් අපින්දාන තාලෙට නම් නෙවෙ...අමු ලමිස්සි ආයම....

ඒයි....මේ අනේ....

මොකද.....

ඔයා අර ගෑනු සතා ගැන ආයම හිතන්න එපා නිතේශ් ....

මං හිතන් නෑ.....

නෑ කිව්වට අපි දන්නෙ නැද්ද....

..........

ඒක හරියන් නෑනෙ මචන්...නැද්ද ඒයි....

...........

බලපන් ....බොරුවට හූල්ලලා තේරුමක් නෑනෙ.....එක අතකට උඹට බැනලත් වැඩක් නෑ ඒයි...අපි කොච්චර කිව්වා උනත් උඹේ ඔලුවෙත් ප්‍රශ්න අම්බානෙට තියනවා කියලා අපි දන්නවා...ඒත් මචන් .....නෑ එක්කො මම කියන්න ඕන් නෑ...උඹ ඕන තරම් අඩපන්....ඒ උනත් පිස්සු විකාර නම් කරන්න ලෑස්ති වෙන්න එපා...උඹට ඒකි නැතිව ඉන්නම බෑ නම් ඒකිට දීපු ආදරේ අර විතේට දීපන්....

උඹය මැනයාවද ...සිංහලෙම්ම අහන්න...විතේන්ට ලව් කරන්න....

ඇයි....අයියෝ...පව්...උඹලට වැරදිලා තියෙයි...ඔන්න කොල්ලො....

ඩියෝන්...ඩියෝන්...මේ...පලයන් එලියට වද නොදි.....

හුම්..හුම්...දැන් වදයක් කිව්වට උඹ ලව් කරන්න ගත්තොත් බලපන්කො...

හා..හා...මේ යනවද .....ආවා මෙතන මගුල් තුලා කතා කරන්න පොඩි නම් පොඩි විදිහට ඉදු....

ඔය...දෙයක් කියන්න බෑනෙ...නාකි හාමුවගෙ බලු ගති එලියට එනවනෙ...

මං අනිත් පැත්තට හැරුනා....ඩියෝන් කියපු එක මට අමුතු දෙයක් නෙවෙ... මොකද ඒකා මගෙ කරේ ගහන්න හදබ පලවෙනි කොල්ලත් විතේන් නෙවෙ..කෙල්ලො කොහොමත් අරහන් ඩියෝන් බැලුවෙම මට කොහෙන් හරි කොල්ලෙක් කරගස්සන්න වෙනකොට පන්ඩිත කතා වපුරපු ගඩාපියා මගෙන් බැනුම් අහන් පද්ද පද්ද එලියට ගියා...උස්සලා විසික් කරන්න හිතයි ඕකව එලියට .....

විතේන් යන්න ගියා උනත් එයාගෙ සුවද මගෙ කාමරේ තවමත් ඉතිරි වෙලා තියනකොට මං එහෙම්ම පාර දිහාම බලන් උන්නා.....

පොඩීට මොනවා උනාද දන්නෙ නෑ....තාත්තගෙ වචන එක්ක මට ආපිට කෝල් එකක් ගන්නවත් විදිහක් නැතිවෙනකොට මං පොඩීගෙන් කොයි මොහොතෙම හරි මැසේජ් එකක් එයි කියලා බලන් උන්නා.....

සුදූ වෙනුවෙන් ගෙදර මල බත වත් ඉදුනද දන්නෙ නෑ.....ලොකු අම්මලටත් කන බත් කට හිරවෙන් නැතිව උගුරෙන් පහලට යනවනෙ.....අත්තම්මා ....අච්චර දරුවො වදපු ගෑනිවෙලා දරු දුක නැති උනානෙ.....අනික ඉතින් අත්තම්මට දරු දුක තිබුනනම් .....දරුවෙක් වගෙ උන්න එතනව සීයා තාත්තා හපයක් කරලත් ඒකිගෙ පැත්තට වචනයක් නොකිය එකිවම ලිදට දාවිද....

පව්.....ඇගපත වත් තිබුන් නැති එතනා....වලව්වෙ ඉදුල් හෝදන්න ආවෙ ඉපදුන දා ඉදලා වලව්වටම කඹුරපු ඒකිගෙ අම්මා අප්පා ඇදට වැටුන හින්දනෙ....උන් ඇන්දත් අපෙ උන්ට වැරදි කෑවත් අපේ උන්‍ට වැරදි ....වලව්වෙ ඉදුල් කාලා හැදෙන උන් කියලා දෙස් තියන අත්තම්ම මැරුන දාකට මුලිම්ම පනුවො ගහන්නෙ ඔය කටට.....

මං දන්නෙ නෑ.....මට නම් මතක ඇති කාලෙක අත්තම්මා ගැන වත් සීයා තාත්තා ගැනවත් මට කිසිම හැගීමක් දැනුන් නෑ...එතනගෙ පැදුරු කඩමාල්ල යට තිබුන අඹරැල්ලා ගැටෙ අහු උන දා වගේම ඒකිගෙම කරුමෙට අත්තම්මා ඉස්සරහ වමනෙ උන දා අහිංසකි එරබදු කෝටුවක් කැඩෙන්න ගුටි කෑවා....

මට යන්තනමට මතකයි ඉරිච්ච හැට්ටෙන් අල්ලක් සයිස් තනක් එලියට පෙනුනා සීයා තාත්තගෙ ගොරහැඩි අතට තැලිලා පොඩිවෙලා ගිහින් තිබුන...

ඒකි අසරනයි.....ඒකි එදා පුදුමාකාර තරම් අසරන උනා.....වැඩි තේරුමක් නැති උනත්....වෙලා තියන දේ හොද දෙයක් නෙවෙ කියන එක එතනා ගුටි කන හැටි දොර මුල්ලට වෙලා වෙලා බයෙන් ගැහි ගැහි බලන් උන්නා.....පව් ..යන්තම් පහලවක් උනා විතරමද කොහෙද ...මට වඩා ඒකි දහයයි වැඩිමල් ....

එතනා අද ජීවත් උනා නම්.....ඒ දරුවා අද උන්නා නම් ..දරුවට විසි පහක්...හරියටම විතේන් ගෙ වයස ....

පවට පින දෙන්න බෑ.....ඕක ඉතින් සීයා තාත්තගෙ පලවෙනි කෙරුම නෙවෙනේ....ගැටයි කාලෙ අපි මොනවා දන්නවා කියලද ....උන් මැරෙන දාට අපායෙ දොරවල් පවා වහලා දාවි ...

කුරුදු වත්තෙ සන්ග්ලාස් දාපු ඩෙනිම් ගහපු නෝනලා වත්සුනු උලාගන උන්ගෙම ලෝකවල යන හැටි මං උඩ ඉදන් බලන් උන්නා...

නුවර මැනිකෙලාට වඩා මේ මිනිස්සු මොන තරම් නිදහස්ද.....අර කුල මේ කුල මොකුත් නෑ....හැමපැත්ටෙම්ම ඇහෙන්නෙ කච කචේ විතරක් උනත්....උන්ට ජීවිතෙ දුක සැප හැමදේම උහුලන්න පුලුවන් ...අපි වැටුනොත් වැටුනමයි....

මෙතනින් එහාට කිසිම වැඩක් නොතිබුන මං එහෙම්ම පහල රිසෙප්ශන් එකේ ඉන්න ලමයට ගත්තා ....

අයෝනා මට කියන්න අද ස්ටාෆ් එක කියද කියලා .....කීයක් නිවාඩුද.....

...........

දෙකක් නිවාඩු.....දහ අටක් ඉන්නවා ...හුම්...හරි....උඩ දෙන්නයි විස්සයි....pedicure එකෙ ගෑනු ළමයා ඉන්නවද ...

...........

ආ එයාද නිවාඩු හා හා....හරි ඔහොම්ම ඔයා උඩට එන්නකො...

මං.ඵෝන් එක කට් කෙරුවා ....උන් මගෙ සුදු අක්කා වෙනුවෙ අඩුම ගානෙ පරිප්පු හොද්දක් එක්ක බතක් වත් දුන්නද දන්නෙ නෑ....දුන්නත් හිතේ තියන මාන්නෙට මිසක් ....ඒ ආත්මෙට පින් දීලා නම් නෙවෙ...

මිස්ටර් නිතේශ් ....

එන්න අයෝනා...

මං තවමත් උන්නෙ හිටගන වෙනකොට දොරට තට්ටු කරන සද්දෙ එක්ක මං අයෝනට කත කෙරුවා ...

සර්...

අයෝනා...මෙන්න කාර්ඩ් එක....ස්ටාෆ් එකේ ඉන්න ගානට එයාලා කන්නෙ මොනවද අහලා කෑම ගන්න....

සර් ඩියෝන්ලට 

ඒ දෙන්නට චිකන් දෙකක් ගන්න..මට යෝගට් කිරි එකක් විතරක් ගේන්න....

හරි සර් ...තව මොනවා හරි....

ම්ම්ම්..තව මොනවා හරි නේ...මෙතනට එන්න...

මං අයෝනව මන් ඉන්න තැනට ගත්තා ...අර පාරෙ අයිනෙ මිනිස්සු වගයක් ඉන්නවනෙ.

හිගන්නොද...

නෑ දරුවො...අර ඉන්නෙ...

ඉතින් ඒ හිගන්නොනෙ ..

අයෝනා....කවදාවත් එහෙම කියන්න එපා ....අපි දන්නෙ නෑනෙ එයාගෙ ඇත්ත කතාව මොකක්ද කියන එක.....එතන ඉන්න දෙතුන් දෙනාටත් අරගන්න ..තව කාව හරි එක්ක යන්න කොල්ලෙක් හරි කමක් නැ.....

හරි සර්...

අයෝනා යන්න ගියා...මට ඕනෙ කාගෙම හරි බඩක් පුරවන්න විතරයි .....දුන් දේ සුවදයි .හැබැයි ඒක වලව්වෙ හාමුලාට අකැපයි...තන්හාව විතරයි .....

මට උඹව බේරන්නත් බැරි උනා ...පොඩී වෙනුවෙන් දෙයක් කරගන්නත් බැරි උනා සුදූ....පිරිමියෙක් උනත් කොන්දක් නැති විදිහට උන් මාව ගෑනු මැද්දෙ හදලා තියෙන්නෙ ....

මන් අත් දෙක සාක්කුවෙ දාන් ඉන්නකොට සාක්කුවෙ තිබුන ඵෝන් එක වයිබ්‍රේට් උනා.....පොඩීද.....???

හිත හිත උන්නෙත් පොඩී ගැන වෙනකොට මගෙ හිත කිව්වෙ මැසේජ් එක පොඩීගෙන් වෙන්න ඇති කියලා උනත් මැසේජ් එක ඇවිත් තිබුනෙ අහංකාර විතේනයගෙන්....

මිස්ටර් නිතේශ් ...full black outfit එකක් ready කර ගන්න...අනිත් එක ඔය කනෙ එල්ලන් ඉන්න හැට්ට කටු සුකුරුත්තන් බෙරලියන්තු ගලවන් එන්න මට ඔනෙ මගෙ පාර්ට්නර් මගෙ ගාවින් තියාගන්න මිසක් backstage යවන්න නෙවෙ..මොඩල් මගෙ උනාට....අනිත් හැම දේම මගෙ උනාට මහන්සිය ඔයාගෙ, මේක international level පැජන්ට් එකක්...ඒක නිසා මිස්ටර් විතේන් ගාව ඉදගන්න පුලුවන් විදිහට මිස්ටර් නිතේශ් එන්න....

මගෙ කන් දෙක අස්සට කොච්චි එබුවා හා සමානව දුම් පිටවෙන්න ගත්තා ..මුගෙ මැසේජ් වලට තෝනිගල සෙල්ලිපිය ලෙෆ්ට් ....ඇයි යකො මේක තනිකරම අනදීමක් විතරනෙ.....අනික මන් කොහෙද හැට්ට කටු එල්ලන් උන්නෙ...අනික මගෙ කනේනෙ කරාබුව තියෙන්නෙ උඹේ කනෙ නෙවෙනෙ ..වැඩේමයි උඹ ගාවින් ඉදගන්න .

Ok මිස්ටර් නිතේශ් .....

පුලුවන් තරම් බැනලා බැනලා මං අවසානෙදි හරී....යටහත් විදට එයාට රිප්ලයි එකක් යැව්වා.....උඹ අය මගෙ සැලෝන් එකට ආවොත්...මං උඹේ මූන විනාස කරනවා බලන් ඉදින්....

ආ තව දෙයක් මිස්ටර් නිතේශ් මට හවස හතට appointment එකක් දාන්න පුලුවන්ද ...

Sorry mr එවෙලෙට නම් අපි close ...

මහපට ඇගිල්ලෙ නියපොත්ත කටේ ගහන් උන්න මං උත්තර බැන්දා.....

උඹට හතට appointment දාන්න උඹ වෙන කාගෙන් හරි දාගනින්.....

ඒ උනාට vip එකයි vvip අය නැවතිලා ඉන්නෙ ඔය බිල්ඩින් එකේම නේද මිස්ටර් ....ඒක නිසා මට හතට appointment එකක් දාන්න...

Ok mr vithen ..

ඊහ්....ක්ක්..මගුලයි....ඩිලීට්...ඩිලීට් කරපන්....අනේ...නිතේශ් උඹ හරකෙක් නිතේශ් උඹ හරකෙක්....

මෙතනට වෙලා බැන බැන උන්න මං reply කෙරුවෙ ok කියල වගේම මට මැසේජ් එක ඩිලීට් කරන්න ඕනා උනා....ඒකත් delete for everyone වෙනුවට තිබුන හදිස්සියට මං delete කරලා තියෙන්නෙ delete for me එක වෙනකොට මට වීදුරුව කඩාගන පහලට පනින්න හිතුනා .....

Sorry mr vithen ...☑️

Mr vithen ☑️

මගුල මූ ඕෆ් ලයින් ගියා නේද ...විතේන් ...විතේන්....විතේන් ....ඊහ්ක්ක්ක්ක්ක්...

මං කොන්ඩෙන් ඇදගත්තා .....මට බෑ...උඹට ඕන විදිහට නෙවෙ මං ඉන්නෙ..මට ඕන විදිහට ...

මං කනේ තිබුන කරාබුව මාරුකලා වෙන එකක් දාගන ටෙම්පරි හෙයාර් ස්ප්‍රේ එකක් ගැහුවා ...දැන් වරෙන්කො හතට විතර ....

දත් මිටි කකා උන්න මන් එහෙම්ම ගේ කුරුල්ලො දෙන්නව හොයන් ගියා....

ශෙනෝන් කෙල්ලෙක්ට ෆේශල් එකක් දානවා ගඩාපියා අරකිව අමුවෙන් හමගහන්න බලන් මෙතන ඉදන් කුනු කුනු ගානවා...

ඩියොන්..

තෙඋඩිච්චි....ශෙනොඉන් ගාන් ආව හැටි ..ගුද මාර්ගෙ ආදායම් මාර්ගෙ කරන් ඉන්න පට්ට බැල්ලි මන් ගහනවාතොට වැලි.....අනේ කෙල්ලෙ බැනපිය මෙන්න මේකිට ..

මට හිස රදෙ වගේ.....දොර රෙද්දක් අස්සෙ හැංගිලා උන්න ඩියොඉන් අර කෙල්ලට බනින බැනිළි වලට අනුශ්ක උදාන ලෙෆ්ට් ...මට තේරෙන්නෙ නෑ ඇයි මුන් මෙච්චර ඊරිසියා කියලා ....

ඩියෝන්...

මං ඒකගෙ පිම්බුන පොඩි කම්මුල මිරිකුවා

නිකා ඉදුකො ඒයි...මාව ගිනි ගන්නවා වගෙ....

ඩියෝන් හවස හතට appointment එකක් තියනවා...

ආ ඒක අපිට නෙවෙ ...

මං දැන් එන්නෙ කින්දමන්ද කියලවත් කිව්වද ඩියෝන් ආ...??

ඔයා කියන්න ඕන් නෑ...විතේන් අයියා එන්නෙ....

මො..මො..මොක්....අයියා...අයි....කැහ්....මිස්ටර් විතේන් අයියා....

හුම්.....

මං උඹට මොනරෙක් දෙනවා...

මට බෑ කොත්තුවක් කන්නත් මදි....

දෙන්නෙක්....

බෑහ්....

තුනක්...

බැහ්....

එහෙනම් නිකන් ඉදු...

ඉන්නවා තමා....මේ...එයා මට එකට පහක් දුන්නා...මායි ශෙනෝනුයි ඒක අරන් ඉස්සො වඩ කන්න යනවා....

මට කට උත්තර නැති උනා...මුන් දෙන්නා මාව රුපියල් පන්දහකට විතේන්ට විකුනලා....ඉක්කේ යකො...රුපියල් පන්දහකට......????

දොර රෙද්ද අස්සෙ උන්න ගඩාපියා මට ඒකගෙ ඵෝන් එක පෙන්නුවා.....ඒකගෙ එකවුන්ට් එකට රුපියල් පන්දහක් වැටුන මැසේජ් එකක්...ඒ ටිකට මුන්ට වඩා දැන් අහංකාරයව අල්ලලා ගිහින්....නෑ...නෑ.....පුතේ....වෙන්න බෑ....

හරි..මං මොනරු හයක් දෙනවා....

වැඩක් නෑ...අපි දෙන්නා ඔයාව දහදහකට වික්කා....මේ...එයා ශෙනෝන්ටත් පන්දහක් දුන්නා....මං කිව්වනෙ...අනික අපි සිපින් කරන්න ගෘප් එකකුත් හදා ගත්තු එකේ අපිට ඔය දෙන්නගෙ කැන්ඩි ඕනා...ඒක නිසා ඔයා ඉන්න.....වද දෙන්න එපා...

ඩියෝන්......

මට ඇහෙන් නෑ...මං බීරි...

මං හැරිලා එන්න ආවා.....ඒ එනවා එක්කම මගෙ ඵෝන් එක ආයම වයිබ්‍රේට් උනා .....

සුදූගෙ පාලොස් දිහේ දානෙන් පස්සෙ තියන නැකතින් මාව බන්දනවා සුදු අයියෙ...

මම එක තැන ගල් ගැහුනා....පාලොස් දොහෙන් පස්සෙ .....ඉලව්ව අරින්නෙත් නැතිවම.......සුදු වෙනුවට පොඩීව...පෝරගෙට යවන්න උන් දවස් හිටන් නියම කරගන.....

සුදූ...උඹගෙ මලකද වැලලුවා නම්....අඩුම ගානෙ දිරන්නවත් කාලයක් නැතිවෙන්න ගියා ..උඹගෙ මරනෙ සුවද යන්නත් කලින් උන් පොඩීව වලව්වට සින්නකරෙට ලිව්වා ...

මට සමාවෙයන් සුදූ...මට උඹව වත් පොඩීව වත් බේරන්න හයියක් නෑ....උඹම දන්නවා වලව්වෙ නම්බුවට උසාවි නඩුකාර හාමුදුරුවො පවා බයයි කියලා ....අපිට විරුද්ද වෙන්න පුලුවන් කම තිබ්බත් අපි වෙනුවෙන් කෙල බිදකින් වත් උදව්වක් දෙන උන්ට වෙන්නෙ අපි වෙනුවෙන් හුස්ම අතාරින්න සුදු....එක්කො දෙවියො අපිව මැව්වෙම ණයක් ගෙවන්න විතරමද මන්දා....ජීවිතෙ විදින්න තිබ්බට වඩා තිබුනෙම විදවන්න වෙන එක.....

ශීට් එකට ආව මම එහෙම්ම ඔලුව ගහගත්තා ....මට තේරෙන්නෙ නෑ...මොනවත්න්කර ගන්න ඕන කමක් තිබුනා උනත් මොනවත්ම කරගන්න බැරි වෙනකොට දැනෙන වේදනාව කියලා නිම කරන්න බැරි වෙනකොට පපුව හූරන වේදනාව එක්ක මම මේසෙට ඔලුව ගැහුවා....එහෙන් අප්පච්චි එන්න්න් එපා එපා ගානවා....මොකද මොල්ලිගොඩ වලව්වෙ ඊලග බිල්ල වෙන කවුරුත්ම නෙවෙනේ .. නිතේශ් සෙයෝන්ව.....ඉතින්.....මේ අවුරුදු තිහටම මගෙ පැත්තට උන්නෙ අප්පච්චි විතරක්ම වෙනකොට මට ඉතුරු ඒ මනුස්සයවත් මරාගන්න බැරි කමට මම අසරනව කරබාගන උන්නා.....

මේ ජිවිතේම මහ කරුමයක් ....යාල් දේවියට ගිහින් බෙල්ල තියන්න හිතෙනවා එකපාරින් මේ කරුම ඔක්කොම ගෙවෙන්න කියලා .....

ටික්....ටික්.....ටික්....ටික්....

අතේ බැදන් ඉන්න ඔරලෝසුවෙ සද්දෙ එක්ක මල ඉර බැගැන් යනකොට තැඹිලි පාට ඉර එලිය මගෙ කැබින් එක වහගන උන්නා.....අයෝනට දුන්න බැංකු කාර්ඩ් එක ආපිට මගෙ මේසෙ උඩ නවතිනකොට ඒ ගොල්ලො කාපු හැම බත් ඇටයක් ගානෙම වලව්වෙන් බැටකාලා හුස්ම අතැරපු සුදු අක්කා වෙනුවෙන් පින් දුන්නා...

උඹටත් කඩලගොට්ටක් කන්න....වෙරලු ගෙඩියක් ....අම්මා අතින් රස බත් කටක් කන්න දොලදුක එන්න ඇති.....හවසට දලදාවට ගිහින් මලක් පහනක් පූජා කරලා පන ගැහෙන පුංචි එකා වෙනුවෙන් සෙත් ඉල්ලන්න ආසා හිතෙන්න ඇති.....

උඹේ සුදුම සුදු මූනෙ වල ගැහෙන කම්මුල් රවුම් වෙලා ....කකුල් ඉදිමෙනකොට පුංචි එකාගෙ තාත්තගෙ අත් වාරුවෙන් හිමින් අඩිය තියන්න.....අංගුලිමාල පිරිත කියවන්න...කිරි අම්මලාට දානයක් දෙන්න...අම්මෙක් විදිහට උඹ අහස උසට හීන මවන්න ඇති සුදූ.....

ඒත්...උඹට උනේ මොකක්ද ...අවුරුදු කාපුවා දිරවන්න කලින් හුස්ම අරින්න.....

තැඹිලි පාට අහස දම්පාට වෙනකොට උදෙම්ම පිරිත් දාලා වැඩ පටන් ගන්න සැලුන් එක අවසානෙදි නිදහසෙ හුස්ම අල්ලන්න ගත්තා .....වැඩට ආව කෙල්ලො කොල්ලො අම්මගෙන් බත් කටක් කන්න බලන් ගෙවල් වලට දුවනකොට දවස් ගානක් තිස්සෙ කොහෙ හරි එක්කන් යන්න ගගා නහයෙන් අඩපු ඩියෝන්ව එක්කන් ශෙනෝන් යන්න යනකොට මමයි මගෙ මතකයි විතරක් ඉතිරි උනා...

හයයි හතලිස් පහයි තව ටිකෙන් එයා ඒවි .....

අත්තම්මලා මහ පුදුම ගෑනු...හතර පෝයටම සිල් ගන්නවා.....බුදු හාමුදුරුවන්ට ගල් පෙරලන්න එදා දේව දත්ත උන්න වගේ අපිට පව් පුරවන්න වලව්වෙ මැනිකෙ උන්නා....වත්තෙ පොල් කැඩෙන ගාන නූලට හොයන....ගෙට ගන්න වී ගෝනිවල ජුරුණි ගාන තිතට මනින අත්තම්මා වලව්වෙ යතුරු කැරැල්ල ඉනෙ ගහන් වලව්ව මිදුලෙ ඇවිදිනකොට පාරෙ යන මනුස්සයෙක් වැරදිලා වලව්ව දිහා බැලුවෙ නැ...

උන් අපෙ හුස්ම ඇරෙන්න මුලු ආත්මෙම උරා බිව්වා

ඊලග අත්මයක් මං නන් ප්‍රාර්තනා කරන්නෙ නෑ...වැරදිලාවත් ඉපදීමක් තිබ්බොත් වලව්වක් ආයම ප්‍රාර්තනා කරන්නෙ නෑ.....

මේ ජිවිතේම මට තෙහෙට්ටුයි ....කවුරුත් කියන දෙයක් රස කරන් අහන් ඉන්නවා මිසක් ..මං ජීවිතේ මේ වෙනකන් කිසිම දෙයක් විදලා නෑ...

මිස්ටර් නිතේශ් .....

මෙච්චර වෙලාම ඔලුව ගහන් කල්පනා කර කර උන්න මට එයාගෙ කටහඩ ඇහෙනකොට මන් ඇස් ඇරලා බැලුවා..

එයා දොරකොඩ ගාව හිටන් බලන් උන්නා වගේම මං නැකිටලා එලියට ආවා .....මැසේජ් වල තියන කිසිම දෙයක් නෑ....අඩුම ගානෙ හිනාවක් වත්...මං එයාගෙන් හිනාවක් බලාපොරොත්තු උනෙත් නෑ.....

එන්න මිස්ටර් විතේන් ....ක්ලීනප් එක විතරද ..

අයිබ්‍රොස් චුට්ටක් හදාගන්න ඕනා...හීනි කරන්න නෙවෙ මට මේ ලයින් එක...

හරි මිස්ටර් විතේන් මුලින් අයිබ්‍රෝව්ස් ශේප් කරලා ක්ලීනප් එක දාන්නම්

ඔයාට කැමති විදිහක්....

ඒ මූන මැලවිලා තිබුනා....බෙල්ලෙ තිබුන ලොකට් නෙක්ලස් එක ඇර ඇර එයා දෙපාරක් තුන්පාරක්ම බලපු එයා ලොකු හුස්මක් අරගත්තා .....

මං දැක්කා...ඒකෙ උන්නෙ අදීශ් ....

මිනිස්සු කොච්චර කාව අමතක කරන්න හැදුවත් මතක තමයි හිත පාරවන්නෙ කියන්නද කොහෙද එයාගෙ ඇස් රතු වෙලා තිබ්බා.....

එයා අද උන්නා නම් ඔයාගෙ වයස....

තත්පර ගානකට පස්සෙ එයා මට කතාකෙරුවා .....ඒ කටහඩ බැරැන්ඩි වෙලා තිබුනා ...

මිස්ටර් විතේන් මං ඔයාට බොන්න දෙයක් ගේන්නද...

එපා...

කෙටිම කෙටි තනි කෙලින් උත්තරයක් ...මං දන්නවා...මං අත්දැක්කා...විරහවට පුලුවන් අවුරුද්දක් හරි මිනිස්සුන්ව බඩගින්නෙ ඉන්දවන්න.....එයා කිව්වා එයා උන්නා නම් අද මගෙ වයසෙ කියලා ...

සමහර විට ඩියෝන් කිව්ව වගෙ විතේනුත් මීට අදීඅහ් ගාව හරි ආදරනීය චරිතයක්වෙන්න ඇති ....මේ තරම් දරදඩු වෙන්න නැතිව ඇති...වේදනාව මිනිස්සුන්ව තලලා තලලා අවසානෙදි ගල් හිත් කරන මිනිස්සු කරනවා ...

විතේන් ඇස් පියා ගන්න ...

නූල දත් වලින් හපා ගත්තු මං එයාගෙ මූන හදලා ඇස් පියා ගන්න කියනකොට එයා ඇස් පියා ගත්තා...

මගෙ දත් වලට නූලෙ එක කොනක් හපෙනකොට අනිත් පැත්තෙ කොන් දෙක එහා මෙහා කර කර මම එයාගෙ ලයින් එක හදන්න ගත්තා ....

ඇස් කොන්වලින් කදුලු බින්දුවක් පහලට රූට්ටනකොට මම මගෙ ඇගිලි තුඩකින් ඒ කදුලු බින්දුව පිහදැම්මා වගේම එයා ඇස් දෙක ඇරියා. .

සොරි මිස්ටර් විතේන් ....රිදුනනම්....

රිදුනා...හැබැයි...ඒතනට නෙවෙ..මෙතනට ....

එයා පපුවට එක අතක් තියන් රිදුනා එතනට නෙවෙ මෙතනට කියනකොට මම එයාගෙ රතු උන ඇහිබැමට ක්‍රීම් චුට්ටක් ගාලා ඇගිල්ලකින් පිරිමැද්ද.....ඒ රතුවෙලා.....

මිස්ටර් නිතේශ් දන්නවද මිනිහෙක්ට කොච්චර රිදුනත්....රිදෙන තැන්වල ඉන්න හිතෙන එක තරම් තවත් කරුමයක් මේ ලෝකෙ කොහෙවත් නෑ ....

මවපු හැම හීනෙම ඇස් ඉස්සරහා බොද වෙනකොට ....කරපු හැම ප්‍රාර්තනාවක්ම ඇස් ඉස්සරහා නැතිවෙනකොට ...මිනිස්සුන්ට වෙන දෙ...හිතන්න හරි අමාරු මිස්ටර් නිතේශ් .....

ඔක්කොමත් හොදයි....අවුරුදු ගානක් පරිස්සම් කරපු කෙනෙක්...මේ ලෝකෙ නැත්තටම නැති වෙනකොට ...හැමදාමත්ම මතකයක් විතරක්ම වෙනකොට ඒක....අන්න...ඒක දරන්න හරි අමාරුයි .....එහෙම් නේද.....

වචනයි...මතකයි කියන්නෙම වේදනාවක් ...

රිදෙනම දේ....කවදාවත් එන්නෙ නැති බව දැන දැන ආයම කොහෙන් හරි එයි කියලා බලන් ඉන්න එක...

හිරු මැකීයයි නීල අහසෙ

සේද මීදුම් මායිමේ.....

නිමා වී යයි මේ වසන්තෙ ..

යළිත් නොම එයි ජීවිතේ...

ගිනි කදු පුපුරා ලෝදිය ගලනා තරම්

රිදුම් දෙයි ආදරේ...

නෙතු සලා හමුවෙලා...

සුසුමකින් වෙන් උනා...

මං කටපියන් උන්නා මොකද මට උත්තර දෙන්න උත්තර නැති උනා එයා කියපු හැම වචනයක් ම ගියෙ මගෙ හදවතට වෙනකොට මම එයාට මොකුත් නොකියා උන්නා..මට ඒ වේදනාව දනුනා....එයා ආයම ඇස් පියාගන ශීට් එකට හේත්තු වෙනකොට මං ඒ මූනට එබිලා අනිත් පැත්තත් නූලෙන් හෙමින් හෙමින් ඇද්දා ...

මිස්ටර් විතේන් බලන්න...

රතූන ඇස් දෙකෙන් එයා කන්නාඩිය දිහා බලන් ඉද්දි මම ආයම ටුවිසර් එක අරන් එයා ඉස්සරහින් හිටන් මූනට එබිලා ඉතිරි වෙච්ච ගහක් දෙකක් ගෙලෙව්වා වගේම මගෙ කෙලින් වෙන්න හදපු මාව එක පාර වැටෙන්න ගියා....වැටෙන්න යනවා එක්කම ගහක් ගලක් වගෙ උන්න එයා මාව ඇදලා අල්ල ගත්තා වගේම ඊලග තත්පරේ මම උන්නෙ එයාගෙ උකුල උඩ වෙනකොට එයාගෙ එක අතක් තවමත් මගෙ ඉන වටේ එතිලා තිබුනා...

ස්..සමාවෙන්න මිස්ටර් විතේන්....

පරිස්සමින් ....

එයාගෙන් සමාවගත්තු මම ඊලග පාර නැකිටින්න හැදුවා උනත් එයා මට නැකිටින්න නොදුන්න වගේම ඒ ඇස් මගෙ ඇස් වලපැටලිලා තිබුනා....

ඔහොම ඉදන් හදන්න ඔයාට මහන්සී.....

නෑ..මං නැකිටින්නම්....

බේබි..හාමු...මං දෙයක් කියන්නෙ එක පාරයි....මට මහන්සී වගේම මං දන්නවා ඔයාටත් මහන්සී...මගෙ කකුල් දෙක උඩ උන්නා කියලා මං මැරෙන්නෙ නෑ.....

මට නැකිටගන්න ඕනා උනා...මට එයාට බැනගන්න ඕනා උනා...ඒ උනත් මට හිත් වේදනාව කියන එක අන්තෙටම දැනෙනකොට මම එයාගෙ ඇහිබැමට ටුවිසර් එක් ලන් කරා උනත් එයා නෙවෙ ඇස් පිල්ලමක් ගැහුවෙ. ...එයා මගෙන් අදීශ්ව දකිනවද කියන්න මම දන්නෙ නෑ....ඒත් වචනයක් වත් නොකියම එයා මාව එක අතකින් අල්ලන් මගෙ ඇස් දිහා බලන් උන්නා...

මිස්ටර් නිතේශ් ...මට මහන්සී එය එනකන් බලන් ඉදලා.....මට දැන් ආයම ජීවත් වෙන්න ඕනෙ....

මෙච්චර වෙලා මගෙ දිහා බලන් උන්න එයා එයාට මහන්සි ආයම ජීවත් වෙන්න ඕනා කියන ගමන් මාව එයාගෙ කකුල් උඩින් බස්සවලා හිටගත්තා හිටගන නිකන් උන්නෙ නෑ...මගෙ කන් දෙකේම තිබුන අර කරාබු දෙක ඇහිල්ලක් බැලිල්ලක් නැතිව ගලවලා දැම්මා...ගලවලා ඒක මගෙ අතට ගුලි කෙරුවා ...

තුවාල වෙයි...දාන්න ඕනෙම නම් මේක දාගන්න.....

එහෙම කියපු එයා එයාගෙ කනේ තිබුන මැග්නට් එක ගලවලා මගෙ කනට දැම්මා.....

මං ඔයාව හෙට උදේට පහට ගන්න එන්නම්...මට මහන්සි අද හුගක් ...ඔය හෙයාර් කලර් එක රිමූ කරගන්න...මං යනවා ගුඩ් නයිට් ....ඔයාට අසනීපයක් උනොත් මට...නෑ...එක්කො ඕන් නෑ....පරිස්සමින් ඉන්න...මං යනවා....මං ගන්න එන්නම්...මේක මගෙ බිල් එක....

මිස්ටර් විතේන් නවතින්න ...මෙච්චර ගන් නෑ....

මගෙ අතට මොනරෙක් තිබ්බ එයා යනන් ගියා වගේම මම ඒ පස්සෙන් දිව්වා...

ඕක ඇහිබැමට නෙවෙ...එක තත්පරයක් හරි මං වෙනුවෙන් බලන් උන්නට මිස්ටර් නිතේශ් ....ඔයාගෙ කාලෙ වෙනුවෙන් මම දුන්නෙ රුපියල් දාහක්....ඒක ඇත්තටම මහ අමන වැඩක්......මෙහෙට දෙන්න ඕක...ඒ වෙනුවට මේක තියා ගන්න...දැන් ගෙදර ගිහින් නිදා ගන්න.. ..ගුඩ් නයිට් ....

වි....විතේ....න්.....

අතේ තිබුන සල්ලි එක ආයම දෙන්න එයාගෙ පස්සෙන් දුවපු මට එයා ඊලග පාර දුන්නෙ වෙනස්ම උත්තරයක් වෙනකොට අතේ තිබුන සල්ලි එක ඉල්ලන් මගෙ කම්මුලට හාදුවක් දීපු එයා මගෙ හුස්ම හිරකරවලා යන්න ගියා වගේම ආයම එයාගෙ කාර් එක ගාවදි හැරිලා බැලුවා ....

සුදු අප්පො...උඩට යන්න...ඔයාට මහන්සී...මං හෙට එන්නම්.....ගුඩ් නයිට් ....

🙂ඔයාලටත් මහන්සීනේත....උඩට යන්න.....

🙂මේ ළමයා බුජි.....

🙂ආය හෙට එන්නම්....

කතාව කියවන ඔයාල හැමෝටම ස්තූතියි ....

Ferdeesha ❤️💚😘 ...

More Chapters