Ficool

Chapter 29 - 29

අම්මා.....අනේ...

මගෙ පුතා...අහකට....අහ...කට....පලයන්...

මම.යනකොට අම්මා උන්නෙ බිම ඉදගන වගෙ...යකා වැහුන මනුස්ස්සයගෙ අත පය තිබුන විදිහ මටවත් හිතා ගන්න බැරි උනා...අග්නී....දෙයියනේ අග්නි කෝ.....

බිම ඉදගන උන්න අම්මව වත්තම් කරන ගමන් මම අග්නිව හෙව්වා...අම්මෙ අග්නි කෝ..මගෙ අග්නි කෝ කියලා අහන්න බැරි අසරන කම මාව පහලටම ඇදලා දානකොට මම නිකමට කාමරේ බාල්කෙ දිහා බැලුවා....

මගෙ හුස්ම වැටෙන්න ගත්තා....හිතින් මම දෙයියන්ට පින් දුන්නා...

අග්නි....

මගෙ අග්නි ඉන්නවා.....එයා අර බාල්කෙට වෙලා ඉදන් ඉන්නවා.....යකා වැහුන මිනිහගෙන් අම්මව බේරගන්නම බැරි තැන අග්නි ඒකව පොලවෙ ගහලා තිබුනා...ඔය මනුස්සයට හොද සිහිය ආවම ගම හොලවයි දැන් ඉතින්....

අම්මා....

මගෙ පුතා....උඹලට එන්ඩ එපා කියනකොට මේකට රිංගුවෙ මොකද....

මං කොහොමද අම්මා ඇස් කන් පියාගන ඉන්නෙ...අම්මගෙ ඇගට මලගිය ඇත්තො නෙවෙ රාවනා වැහුනත් ඔට්ටු වෙන්නෙ යක්කු බව දැන දැන මට පුලුවන්ද අම්මා එලියෙන් ඉන්න....අම්මට මොකා මැනියො වෙද හාමිනේ කියලා කතා කෙරුවා උනත් අම්මා මට අම්මා මිසක් වෙන කව්ද...මට බෑ...මට මොනවා උනත් කමක් නෑ මට බෑ....

කෝ අතෑරපල්ලා මට මොකුත් උන් නෑ..මට නියපිටින් හීරිමක් උනෙ නෑ...හැබැයි මේකව පොලවෙ ගහපු හැටියට ඇට කටු නැතිව ඇති...ඒකටත් ඉවසීම නෑනෙ...

මම අම්මව අල්ලගන හතර වටේම බැලුවා....එකම එක සීරිමක් තැල්මක් තියනවද බලන්ඩ....අම්මගෙ ඇදන් උන්නා සාය දෙතැනකින් ඉරිලා හැට්ටෙ බොත්තම්.දෙක තුනක් කැඩිලා ඇරෙන්ඩ අම්මට සිරීමක් වත් තිබුන් නෑ.....

මම එහෙම්ම බිම උන්න එකාව බැලුවා....ඒකා ඉන්නවා....ඒකගෙ අඩු හතර තිබුනෙ හතර දිහාවකට....අම්මා නම නොකියා ඒකටත් ඉවසීමක් නෑ කියලා කියනකොට ඔක්කොම කරපු අග්නියා කකුල් දෙක කතුරු ඔන්චිල්ලාවක් වගෙ දෙපැත්තට වන වන ඉදගන උන්න පොල්පරාලෙ පහුරු ගාන්න ගත්තා හරියටම මං මොනවා කරන්නද කියලා අහන්ඩ වගෙ....

වෙද හාමිනෙ...

ඕකව අරන් වරෙල්ලා වෙදගෙදරට....ඉතුරු ටික ආවම කියන්නම්....මේ ගෙදර අයිතිකාර උන්ට කතා කරලා එන්ඩ කියාපන් මෙහෙට නෙවෙ උන්ටත් වෙද ගෙදරටම එන්ඩ කියපන්...

අම්මා උන්නෙ ඇස් හීනි කරගන වට පිටාව බලන ගමන්...මං දන්නවා මේ ගේ අනිවාර්යයෙන්ම අමනුස්ස විමානයක් වෙන්ඩ ඇති....යක්කු අමනුස්සයො විලාප තියන තැන් වලට වටේ ඉන්න උන් ඇදිලා එනවා ...පෙරේතයො ඇදිලා එනවා ..මුලු ගේම බලන් ඉන්නකොට මූකලානක් වෙනවා ..ඒ මිනිස්සුන්ට හම්බ උනෙ වේදනාත්මක මරන....හදිසි මරන....හිතේ ගැස්ම උපරිමේටම ආව මරන....මරන වේදනාව මරන බය...මේ දෙකම...

අම්මා එතන උන්න අනිත් මුරකාරයට වෙන්ඩ කරන්ඩ ඕනා ටික කියලා අර මනුස්සටව අරන් එන්ඩ කිව්වා ...ඒ මිනිහා උන්නෙ තෝන්තුවෙන් වගෙ...කියවන්නෙ බහු භූත...හිටපු ගමන් වටේටම කෙල ගහනවා ...මුලු කාමරේම සිනි ගදයි....ඒකා හති අරිනවා ...

මගෙ පුතා පලයල්ලා...උඹලා අතගහන්ඩ ඕන් නෑ .....

අග්නි පොලවෙ ගහපු මනුස්සයව එකෙකෙට දෙන්නෙක්ට වත්තම් කරන්න බැරි වෙනකොට මටත් යකා ගහලා ඉන්නෙ තව ගෙදර ගියහමත් කන්න හම්බෙයි කියන එක අමතක කරලා මම ඒ මනුස්සයව අල්ලන්ඩ ගියා විතරයි අම්මා මාව නැවැත්තුවා ...

ම්ම්ම්ම්....හ්..

අම්මා මට ඉස්සර උනා...ආව උන් අහු මුලු ගානෙ ඉදන් බලන් ඉන්නකොට යක්කු වැහුන එකාව තුන් හතර දෙනෙක් අල්ලන් ගියා වගේම පඩි දෙකතුන බැහැන් එනකොට මට කෙදිරි ගෑවුනා මම එහෙම්ම ඇලපතට අත තියා ගත්තා...

" මොකද....අමාරුද....ම්ම්ම්..."

අග්....

"කරන්ඩ දෙයක් නෑ....හරකට කිව්වනෙ යන දොරකොඩ ඉන්ඩ එපා කියලා ...උඹ යමන්කො ගෙදර ..."

අග්නී.....

" දැන් මෙතන මගෙ නම ජප නොකර පල අහු මුලු ගානෙ පෙරේතයො පිරිලා අර දෙහි ගහෙ අත්තක් අත්තක් ගානෙම පෙරේතයො ...තවත් ඉන්නවා...."

මාව සීතල උනා...එයා මාව තල්ලු කෙරුවෙත් දෙහි ගහට.....අත්තක් අත්තක් ගානෙ පෙරේතයො පිරිලා කියනකොට මම මගෙ උරහිස ගැසුවා....මට බය හිතුනා පෙරේතයෙක් උරහිස උඩ ඉදන් ඇති කියලා .....පෙරේතයො වැහුන උන්ගෙ උරහිස් කැඩෙන්න තරම් වේදනාව ගන්නෙ ඒ හන්දා...උන් උරහිස් උඩ ඉදගන්නවා....

" උඹට වැහුන පෙරේතයෙක් නෑ....මාන්දම හැදිලා වගේ දගලන්නෙ නැතුව ඉදපන් පෙරේතයො වහන්ඩම බඩුව උඹ"

මිනිස්සු එකා දෙන්නා එකා දෙන්නා යන්න යනකොට තාමත් මුර කාරයගෙ කාමර කෑල්ල ගාව උන්න මාව මුරකරන අග්නි ආයම මට නෝක්කාඩු කියවන්න ගත්තා ....මම බයට මගෙ උරහිස් අකුලවනකොට එයා ආයම කියෙව්වා ....

මෙතන රිදෙනවා අග්නී ...

" තෝ ඔව්වා විහින් කරගන්නෙ...විහින්.....උඹ පලයන්කො ගෙදර .....මට මෙතන උඹට මොකුත් කරන්ඩ බෑනෙ ....උඹට කී පාරක් කිව්වද....කී පාරක් කිව්වද ගෙදර ඉදපන් කියලා ...උඹට සිංහල කියන දේ තේරුම් ගන්ඩ අමාරුද බන්?"

අනේ අග්නී ...පොඩ්ඩක් කට පියන් ඉන්ඩකො.....

" ම්න්..."

මම ආයම උරහිස ගැසුවා .. උරහිසට උඩින් ඇඩ් දෙක දලා පිටිපස්ස බැලුවා...ථි යාන්තම් අග්නි යකා ඇරෙන්ඩ වෙන යකෙක් නෑ...

" අර අතන ඉන්න ගෑනිට ගෙදර යන්ඩ කියපන් ඒකි ඇවිත් තියෙන්නෙ පුලුටු අල්ලලා....අර පේන්නෙ නැද්ද....ඒකිගෙ වටේ පෙරේතයො මායන් වෙනවා..හරියටම උඹලා බල්ලො රෑනකට කන්ඩ දෙනකොට මුලු බලු රොත්තම උඹලා වටෙ කැරකෙනවා වගේ...ඒකිගෙ අතේ තියන තෙල් හැන්දට උන් ඉව අල්ලනවා...ඔය හැන්ද විසික් කරන්ඩ කියපන් එවුන් හැන්ද ලේව කනවා ඕකිලාට බඩ එලිය යාවි....."

අග්නි ආයම කියෙව්වා....ඇත්ත එයා කියපු කතාව හරි.....එතන උන්න තා ගෑනියෙක් ඇවිත් තිබුනෙ හිල් හිල් තියන තෙල් හැන්දත් අතේ අරගන....මාලු බැද බැද ඉදපු ගමන්දෝ ඇවිත් තියෙන්නෙ....ඒකත් රෑ ගවුම පිටින් ඊට උඩින් චීත්තයක් පටලවන් මේ ගෑනිට පෙරේතයො විතරක් නෙවෙ දැන් කලු කුමාර දිශ්ටියත් ගහනවා ....

අග්නි මගෙ කොන්දට හිමීට ඇගිල්ලකින් ඇනලා අර ගෑනිව පෙන්නුවා ....ගිහින් කියන්ඩ කිව්වා...

"ගිහින් කියපන්...ගිහින් කියන්ඩ කියලා කිවේ අනෙ හුනේ පනෙ ගාලා හුරතල් වෙලා එන්ඩ නෙවෙ ගෙදර පල කියලා කෙටියෙන් කියපන්...අක්කෙ හුක්කෙ ගාලා එතනට ගිහින් සහෝදර කම් පාන්ඩ ගත්තොත් මට ඒකිගෙන් උඹව ගලව ගන්ඩ වෙන අඩව්වක් අල්කන්ඩ වෙයි..."

අනේ අග්නී....

"පල පල ගිහින් කියලා වර..."

එය මාව එලෙව්වා...ඒකත් මහ නින්දිත විදිහට....තට්ටමට ගහපු පාරට මාව විසික් උනා....අවංකවම කියන්නෙ මට.අවුරුදු සීයක් ජීවත් වෙන්න පුලුවන් කමක් තිබුනොතින් අග්නියා ඒකෙන් දෙකෙන් පංගුවක්ම නැතිකරලා ඒකා ගහලම මාව මරලා දානවා.....

අග්නිගෙන් ගුටි කාපු මම තට්ටම අත ගගා ගෑනිට තෙල් හැන්ද විස් කරන්ඩ කිව්වා ....ඒත් ඒකි නෙවෙ මාව තඹේකට ගනන් ගත්තෙ. ..ඒකි මටත් සද්දයක් දාලා ගස්සන් අහක බලන් යන්ඩ ගියා මං අග්නි දිහා හැරිලා බැලුවා ..

අපිටත් ඕන් නැති පුකක් නෑනෙ අග්නි...ඒකිට මනුස්ස කමට හැන්ද විසික් කරන්ඩ කිව්වම හැන්ද විසික් කරලා අතින්ද ගන්නෙ කියලා ඇහුවා ...ශිහ්....

"උඹලගෙ ගෑනු මහ පන්ඩිත මගුල්..."

මටත් එක්ක ලැජ්ජයි අග්නි....ඒකි මා දිහා බලන් උන්නෙ මොකෙක්ද දිහා බලනවා වගෙ....මගුල...ඕන මගුලක්...හොද කරන්ඩ ගියහම නිකන් බැනුම් අහන්ඩ ඕනෙ....අපිටත් හොද වැඩෙ කොහෙවත් යන නයිට් ගවුම් අස්සෙ රින්ගන්ඩ යනවට...

මම නොන්ඩි ගගහා කේලම තවත් බර කරලා රටේ නැති ඒවත් කිය කිය එතනින් එන්ඩ ආවා හැබැයි අග්නියා නැවතුනා.....මං ආයම හැරිලා බැලුවා ...

මෙහෙ එනවා යන්ඩ...තවත් ඉන්නවා ...

"පොඩ්ඩක් හිටපන් මැනිකෙ...අද තුනේ කනිසම වදින්ඩ කලින් ඕකි වැට කඩුල්ල පනින් නැද්ද බලපන්කෝ.....ඒකි සද්දෙ දැම්මෙ වැරදි එකාට...."

අග්...අග්නී...එ...එපා....

අග්නියා කියෙව්වා ....ඒකා ඊට එහා....තෙල් හැන්ද අතේ තියන් ඕප දූප කියන ගෑනි දිහා බලන් උන්න අග්නියා ඊලග පාර ගෑනි ගාවට ලන් උනා...මට බය හිතුනා මේකා ගෑනිව පොලවෙ ගහයි කියලා ...ගෑනි ගාවට අඩියක් දෙකක් ලන් උන අග්නි අද තුනේ කනිසම පනින්ඩ කලින් වැට කඩුල්ල පනින් නැද්ද කියන ගමන් ඒකා අර තෙල් හැන්දට කාරලා කෙල ගැහුවා ...

"ආවා මෙතන ගස්සගන්"

ඇති අග්නි ඇති . .

"නෑ ඒකිට ගස්සන්න ඕන් නෑනෙ....."

අනෙ ඇති අග්නී...දැන් ඒකිගෙ හැන්දට කෙල ගැහුවනෙ....

" නෑ මන් කියන්නෙ එහෙම වටින් නෑනෙ...."

යෝහ්....අග්නී...උඹ යකෙක් අග්නි.....දොන්ත බිබික්ක්මක් වෙන්ඩ එපා අග්නී.....

"ආ...හක්.....අනවශ්‍ය තොරතුරක්.....යකාගෙයි දොන්ත බිබික්කමගෙයි අතර තියන සම්බන්දෙ මොක්කද...?

මම මගෙ අත් දෙකෙම්ම කොන්ඩෙ ඇදගත්තා ...මුර කාරයගේ කාමර කෑල්ලෙ ඉදලා නොන්ඩි ගගහා ත්‍රීවිල් එක ගාවට එනකම්ම අග්නි කෙරුවෙ මුරන්ඩු කම් කරපු එක...අග්නියා හිටපු ගමං වෙනස් වෙන විදිහ මටවත් හිතා ගන්න බැරි උනා ....ඒකා ආය ලොඩි එකෙක් වගෙ පිස්සු කියවන්ඩ ගන්නකොට මං ඒක නවත්තන්න හැදුවා ...ඒත් මගෙ කට රිදෙන එක විතරයි වෙන්නෙ...

"මැනිකෙ..."

ඇයි අප්පා ඇයි....

"උඹ දන්නවද ...දැන් මේ උඹ යන පාර දෙපැත්තෙ අහු මුලු ගානෙ ඉදන් පෙරේතයො කී දෙනෙක් උඹ දිහා...මේ මිනිස්සු දිහා බලන් ඉන්නවද කියලා ..."

අනේ අග්නී....

"අනේ අග්නි නෙවෙ...උඹව බය කරන්ඩ හිතාගන නෙවෙ ශිවන් ...පෙරේතයො වාන්නෙම අපිරිසිදු තැන් වලට...පෙරේතයො වහන්නෙම අපිරිසිදු දුර්වල තැනට....උන්ට ඕනෙ උඹලගෙ සරීර කූඩුවට වහන්ඩ....උන්ට කියලා ඉන්ඩ තැනක් හදා ගන්ඩ....ඒකයි පෙරේතයො වැහුනම උන් ගාව අපුල ගද...ඒකයි උන් අන්දකාරෙට ආස....ඒකයි උන් වතුරට බය...පෙරේතයෙක් වහපු උන්ගෙ කකුලක අතක පයක කොහෙ හරි තුවාලයක් තිබ්බොත් ලේසියකට හොද වෙන්නෙ නෑ...ඇයි ඒ...උන් කරන්නෙ තුවාලෙ සාරෙ උරන එක...සෙම් සොටු කැහි පිත්ත...මල මුතා ...ඔන්න ඔව්වට වහ වැටුන උන් උඹලව ලෙඩ කරවනවා...

උඹලගෙ සමහරක් ගනන් ගන්නෙ නෑ...සමහරක් මන්ත්‍ර ගුරුකම් සාත්තරේ විස්වාස කරන් නෑ....ඒකට පලි උඹලගෙම උන් මැනිකෙ....සාත්තරේ හරියටම පිහිටවපු එකා ඔය එක එක ඇස් බැන්දුම් මායාවන් කර කර බොරු ප්‍රාතිහාර්‍ය පාන්ඩ යන් නෑ...ඒකා ඒ මන්තරේ වහන් කරන් රකිනවා මිසක්කා...

උඹලගෙ මිනිස්සු බොරු කපුවන්ට රැවටිලා....අවසානෙදි සාත්තරේ විහිලුවකට අරන් ශිවන්....

 

ගුරුකම්...කෙම්...යක්කු ප්‍රේත කුම්භාන්ඩ ගැන කියවෙන්නෙ අදක ඊයෙක නෙවෙ ...බලපන් උඹලගෙ ජාතක පොත...පෙරලපන්...බලපන් උඹලගෙ බඹ කතා....බලපන්....

උඹ අහලා තියනවා නල දමයන්ති කතාව.....එක දවසක් කකුල් හෝදන්නෙ නැතිව ඇදට ගියපු නල කුමාරයට මොකදැයි වෙන්නෙ බලපන් .....ඔව්වා විහිලු නෙවෙ ....උඹලාගෙ ඇස් වලට නොපෙනුනාට...උඹලගෙ ඇගේ ගෑවි නොගෑවි අමනුස්ස ආත්ම යනවා ....නැත්තන් මොකටද උඹලා ඔය පිරිත් කියන්නෙ...."

එයා මං බය වෙයි කියලා අතකින් අල්ල ගත්තා ....එතන ඉදන් ත්‍රීවිල් එක පේන දුර වෙනකම්ම එයා මගෙ තනියට උන්නා....මට කියලා දුන්නා.....අවසානෙදි කතාවක උන්න අම්මා මං එන දිහාට හැරෙනවා එක්කම අග්නි යන්ඩ ගියා ...

මගෙ පුතා.....උඹලට කොහොමද බලන්ඩ පෙන්නපල්ලා....

මම අම්මා ගාවට එන්ඩත් කලියෙන් එයා මගෙ ටී ශර්ට් එක උස්සලා බැලුවා.....එතන නිල් වෙලා....ලේ කැටි ගැහිලා වගේ තිබ්බා....මෙතන වැරද්ද මගෙ...අග්නිගෙ නෙවෙ ...ඉතින් කොහොමද එයාට බනින්නෙ...ඒ දෙන්නම එකතු වෙලා මට බැන්නොත් මිසක්...

නිල් වෙලා..මේක තැව්ව්ම හරි උඹලට කිව්වනෙ දොරකොඩින් අහකට පලයන් කියලා අහන් නෑනෙ ..

අම්මා....

ම්ම්ම්ම්

අර මනුස්සයට මොකද අම්මා කරන්නෙ....

මොනවා කරන්ඩද...ඒකව ගස් බදින්ඩ වෙනවා....ඒකව යක්කු වහගන...ඒකව කනත්තෙ උනුත් වහගන එකෙක් කියලා නෑ...ඒකගෙ සරීර කූඩුව මලපේරෙත ගුහාවක් වෙලා....මේකලා රෑ එලිවෙනකන් බිබී බජව් දානවලු....අහල පහල උන් කිව්වෙ....කොයි වෙලේක වත් කෙලින් කටින් නෑලු.....

අම්මා අත් දෙක පිටිපස්සට බැදගන ගෙ දිහා බලන් උන්නා...

මේ ගෙදර මුරකර්න්ඩ දීලා හරියන් නෑ...මෙක එහෙම්ම ජරාජීර්න වෙලා යන්ඩ දෙන්ඩ ඕනා...මේක උන්ගෙ ගෙදර වෙන.උන් ආවම උන්ට බලන් ඉන්ඩ බෑ...නැත්තන් සාරිය ඉල්ල ඉල්ල විලාප ගහයිද.....

මිනිස්සු උනාම දවසක හැම දේම දලා යනවා කියන එක හිතට අරන් ජීවත් වෙන්ඩ ඕනා..හෙලුවෙන් එලියට ආව අපිට යන්ඩ වෙන්නෙ උඩ පලුව විතරක් තියන ඇදුමක් ඇදගන්....

කපු පුලුන් පුරවපු කොට්ටාවල ඔලුව තිබ්බට අවසන් ගමන් යනකොට ඔලුව තියන්ඩ වෙන්නෙ ලී කුඩු පුරවපු කොට්ටෙක....ම්ම්ම්....සැප පහසු මෙට්ටෙක උන්නට ලෑලි ගොඩකට ආයම ලීන්කුඩු පුරව්පු ඇගේ ගානට තියන පෙට්ටියක යන්ඩ වෙන්නෙ...ඕන් ඔහොමයි මගෙ පුතා කාරනාව ....අල්ලන් ඉන්න හැම දේම දවසක අතෑරෙනවා...අතෑරෙනවා නෙවෙ අතාරින්ඩ සිද්ද වෙනවා ..මේ පේනවනෙ....මේක අමනුස්ස විමානෙ. ...ආන අතන තියන බොඩේ රතු වෙච්ච ගහ ගාව බලපන්.....

අම්මා නිතරම උන්නෙ ඇස් හීනි කරගන....අම්මට කුන්ඩලනී ශක්තිය තිබුන් නැති උනත් අම්මට පුලුවන් කමක් තිබුනා යක්කු පෙරේතයො දකින්ඩ...ඒකයි අග්නි හැම වෙලේකම අම්මා ඉන්න වෙලාවට මාව දාලා යන්නෙ .. එක එක දේවල් හුගාක් කියපු අම්මා ගෙයි දකුනු පැත්තෙ තිබුන ‍රතුපාට කද තිබුන ෆාම්ස් ගහ පෙන්නුවා...

ඇයි අම්මා ...

ඒන් එතන පෙරේතයො ඉන්නවා දුසිමක් විතර...ගේ දිහා බලාගන.....ඉතින් මෙව්වා කුලියට වත් මුරකරන්ඩ දෙන්ඩවත් පුලුවන්ද ....අමනුස්ස විමාන වෙච්ච තැන් තියනවා මයෙ පුතා....එව්වා උන්ටම සින්නක්කර කරලා අපිට අත පිහිදගන පැත්තකට වෙන්ඩ වෙන...ඇරත් බලපන්...මෙතනින් ඉස්සරහා තවත් පාලු බංගලාවක්...ම්ම්....එතනින් පැන්නුවම තෙල් මෝලක් කොප්පරා මෝලක්....පාර පැන්නුවම කැරකොප්පුව....එකක් නෙවෙ දෙකක්.....

මම කල්පනා කෙරුවා...ඇත්ත.....මේ ගෙදර තියෙන්නෙත් මහ මූකලාන් පාටට වෙනකොට මම බලන් උන්නා...කැරකොප්පුව තියෙන්නෙත් හූවක දුර...එකක් නෙවෙ..දෙකක්...අම්මා කිව්ව කතාව හරි ...වම්පැත්තෙනුත් එකයි...දකුනෙනුත් එකයි.....

අම්මා අර වතුර වල...

කරන්ඩ තියන එකම දේ ඒක පස් දම්මලා වහන එක.....මරලා දාලා ඔබලා තියෙන්නෙ වතුර වලට...උන් ඒක අරක් අරගන ඉන්නෙ...උන් විතරක් නෙවෙ...වතුර වල යක්ක විමානයක්....

අම්මා තොයිලයක් නටනවැයි....

ම්හ්....නෑ....මේවා තොයිල කරලා හරි ගස්සල වැඩක් නෑ...ඇරත් උන්ගෙ සහෝදර සහෝදරයන්ට මේවට කැප වෙන්ඩ වෙලා නෑ.....තනි ජීවත.....කා එක්කවත් ඇයි හොදැයියක් නැති මිනිස්සු.....එහෙව් එකේ.....කවුරු එන්ඩද.....ඒවා උන්ටම දීලා දානවා මිසක්කා....මගෙ පුතා....මේ සාත්තරේ වැඩකට ඇති දෙකටමිසකකා නැති දේකට හරියන් වියදම් කරලා පව් පුරෝ ගන්ඩ හොද නෑ...

එතකොට අම්මා අර මනුස්සයා ...

ඒකට තෙල් මතුරන්ඩ වෙනවා....මලපෙරේත ගොට්ටක් දෙන්ඩ වෙනවා ...

එතකොට...

කතා ඇති නැගපන් ගෙදර යන්ඩ...අප්පච්චි කොලුවා එක්ක....බෙගෙත් අබරපු උන් මොනවා කරලද දන්නෙ නෑ....උඹ මේ පිම්මටම ලමයා ගාවට යන්වා නෙවෙ...ගිහින් නාගනින්...

මම අම්මගෙන් ආයම මොනවා හරි අහන්න ගියා...ඒ උනත් මට ආය වචනයක් කියන්න නොදුන්න අම්මා මාව ත්‍රීවිල් එකට තල්ලු කෙරුවා ...

මගෙ පුතා...ඔහොම්ම පලයන්...ඔහොම්ම ගිහින් නාපන්...

මම අම්මා එක්ක ආවා...හැබැයි වැට කඩුල්ල පැනලා අඩි දෙක තුනක් එන්ඩ හම්බුන් නෑ...අම්මා මාව නාන්ඩ එලෙව්වා...

යා.....හ්හ්....ආ.....හ්හ්...ආ...හ්හ්...ආ...හ්හ්හ්.....

මම නාන්‍ඩ යන්ඩ හැරුනා...හැබැයි ඉස්සරහට තියපු අඩිය මට ආපිට පස්සට ගන්න උනා.....වෙනමොකටවත් නෙවෙ යටගිරියෙන් කෑ ගහන සද්දෙ එක්ක මම ආපිට හැරිලා බැලුවා ...

වෙන කවුරුත් නෙවෙ අර මුරකාරයා...රෙකව ගෙනල්ලා ගස් බැදලා .....යක්කු.වහන් උන්න මනුස්සයා උගුරෙන් ලතෝනි ගහනවා....ඒකා මේ විනාඩි ගානට වැලි පොලව හාලා තිබුනා .....කකුලට කකුල් අතුල්ලන් මිනිහා ලතෝනි ගැහුවා.....මැරෙන්ඩ හැදුවා.....උගුරෙන් හූ තිබ්බා ...

කියපු දේවල් හරියටම තේරුමක් නෑ....හරියටම ඒකගෙ උගුරෙ සෙම පැටලිලා වගෙ...

අප්පු....ච්චියේ.....අප්පුච්චියේ...පුතා....ව...පුතාව...

හාහ...සුදු මහත්තයා ඔහෙ යන්නෙ නෑ අප්පච්චි ජෝ නාලා එයි .....ඇයි කොල්ලො පලයන්කො තැන් තැන් වල හිටගන පැල වෙවි ඉන්නෙ.....

මම උන්නෙ ගහේ බැදලා උන්න මනුස්සයගෙ සිහියෙන් වෙනකොට මට ලාවට ඇහුනා මගෙ පොඩි එකා අප්පුච්චියෙ ගගා දුවන් එනවා...මම හැරිලා බැලුවා...පොල්කට්ටකුත් උස්සන් එයා දුවනවට වඩා පැන පැන වගෙ මගෙ ගාවට එන්කොට අම්මා මාව එලෙව්වා ....

කොලුවො...ඕන් ඔය වේවැල ගත්තා නම්.....

නාන්ඩ යන්ඩ හදපු මම මග දුරක් ගිහින් ආයම නැවතුනා....අම්මා කසාය උනුලර කර උන්න කොල්ලට වේවැල ගත්තා නම් කිව්වා ...දැන් ඉතින් ගහේ ඉන්න එකාට අද වේවැල් කසාය තමයි ..යක්කු වේ වැලට බයලු....ඒ කෙසේ වෙවතත් අරකට හොද සිහිය ආවම ගුටි කාපුවට වෙනම කසාය බොන්ඩ වෙයි....මම බලන් උන්නා....පහල ගෙදර අමන්දිලාගෙ මල්ලි...ඌව හදන්ඩ බෑ කියලා මොනවම හරි ඉගන ගන්ඩ කියලා උන්ගෙ අම්මා මල්ලිව වෙදගෙදරට දැම්මා.....ඒකා වහලේ ගහලා තිබුන වේවැල අරගන අම්මා ගාවට ගියා 

" දැන් තොට කිව්වෙ නාන්ඩ කියල නේද ආ....නාපන් ගිහින් පලයන් මැරුම් නොකා"

මම හැරිලා බැලුවා....හැරිලා බැලුවා කිව්වට වඩා මට හැරිලා බලන්ඩ සිද්ද උනා....අග්නි.....ආයමත් මාව කන්ඩ හැදුවා ..

අනෙ වේවැලෙන් ගහන්ඩනෙ යන්නෙ...

"ඇයි උඹ මීට කලින් වේවැලෙන් ගහනවා දැකලා නැද්ද...බලපන් උඹේ මූනෙ තෙල් පෑදිලා ...පලයන් ..."

අනේ අග්නී..

"දැන්... මම... තොට....."

එයා වටපිට බැලුවා ...වචනෙන් වචනෙ ඇද ඇද වටපිට බැලුවා...වෙන මොකටත් නෙවෙ එයත් කෝටු කෑල්ලක් හෙව්වා ...ඒකට කෝටුවක් හම්බුනොත් මට පලු දානකම්ම ගහයි කියන බයටම මං ගේ ඇතුලෙ බාතෲම් එකට නොයා එලියෙ තිබුන සිමෙ සිමෙන්ති ගල්වලින් වටකරලා හදපු තැනට දිව්වා .....

මං දන්නවා ....අම්මා තව ටිකකින් ඒකට ගහාවි.....ඇයි ආව හේතුව අහලා යන්න බැහැයි කිව්වොත් මුරන්ඩු කම් කෙරුවොත් ගහාවි.....මට ඒ මිනිහා පව් කියලා හිතුනා....මොකද ඇගට වහපු යන්ඩ යන්නෙ ඇගේ වේදනාව ඉතිරි කරලා...

ආවේස වෙන එකත් එක අතකට වේදනාවක් ...ආවේස වෙලා නටනකොට ඇත්තු හත් දෙනෙක්ගෙ හයිය තිබ්බා උනත් හොද සිහිය ආවම ඇගට වේදනයි.....ඒක මං දකිනවා .....

"මැනිකෙ...."

මගෙ ඇස් දෙකමටත් නොදැනිම පිය උනා.....යටට අදින කලිසම පිටින් විතරක් උන්න මගෙ පිට කොන්දේ නාරටිය දිගේ එයාගෙ සීතල ඇගිලි යනකොට මගෙ ඇස් දෙක ඉබේම පිය උනා...

" කෝ බලන්ඩ හැරියන්....."

එයා මට එයගෙ පැත්තට හැරෙන්ඩ කිව්වා.....වෙන මොකටවත් නෙවෙ....මගෙ ඇලපතේ පාර බලන්ඩ.....මම එහෙම්ම හැරුනා.....

"......"

ඒකට කමක්...නෑ...අග්නි ...ඔයා ..හිතලා ..

" වහපන් කට පන්ඩිතයා....මොනවද උඹ කියන්ඩ හදන්නෙ.....ඒකට කමක් නෑ මම හිතලා නෙවෙ හප්පන් ගියේ කියලද....ආ.....???"

අනෙ.....අග් ...නී....හ්...අග්.....

" ඇයි .....ම්ම්ම්....ඇයි....අග්නි තමා...හිතුවද මම උඹ කරපු වැරදි නිකන් අතාරි කියලා...ම්ම්ම් එක පාරක් ආදරෙන් මැනික කිව්ව ගමන් උඹ කරපු අකීකරු කම් වලට සමාව දේවි කියලද ...ආ....හ්හ්?

ආව් ..හ් ...අනේ..අග්....මට....මගෙ.....ආව්හ්....භ්හ්..භ්හ්.....භ්...

මම මැරෙන්ඩ හැදුවා...ඒ ඇස් දෙක බලන් ඉන්නකොට නපුරු උනා.....ආදරෙන් මැනික කියල කතා කරපු එයාම මාව මරන්ඩ හැදුවා....මාව බිත්තියට තද කරපු එයා හිතලමද කොහෙද මගෙ ඇලපත තදින් ඇල්ලුවා....

" උඹ නිකන් හිතපන් ...ශිවන්....ඒ උන්නෙ මම නෙවේ කියලා....ම්ම්ම්....."

අග් ....අග්නී...අනේ.....හ්...එපා...එතන..කැ....ක්..කුමයි .....අනේ...හ්...මට.....වේදනාවයි.....අග්...නීහ්....

වේදනාවටම මම එයගෙ ඇගේ එල්ලුනා....බැන බැනම එයා කෙරුවෙ වැදුන තැන තදින් පහලට අත ගානකොට මම අර පිරුන මස් ගොබ තිබුන අත්වල එල්ලුනා.....

" වේදනයි ...වේදනයි ..උඹ මොනවද වේදනාව ගැන දන්නෙ .....ආ ශිවන්...කියපන්.....උඹ වැදුනෙ මගෙ උරහිසක අංශු මාත්‍රයක් විතරයි ...හිතපන්.....ඒ ගිය වේගෙට මාව හරියටම වැදුන නම්....ම්ම්..."

අනේ.....හෙ....මින්....අග් ..නී.....

" හෙමින්....හෙමින්...උඹට හෙමින් අත ගාලා ආදරෙන් කියල දුන්නට වැඩක් නෑ....උඹම හිතපන්....එවෙලේ මම වෙනුවට උඹගෙ අම්මා එලවපු එකෙක් උන්නා නම්.... ඒහෙම උනා නම්මොකද වෙන්නෙ....ආ...එහෙම උනා නම්.....මොකද වෙන්නෙ....කතා කරපන්...නැත්තන් මම මේ ඉල ඇට ගලවනවා..."

අනේ....අග් ..නී.....

බැරිම තැන මම ඒ ඇගට ඔලුව ගහගත්තා ....එයා මාව රිදව රිදව අට ගගා වෙන එකෙක් උන්නා නම් මොකද වෙන්නෙ අහනකොට මම උත්තරේ දැන දැනම උත්තර නොබැද උන්නා....වෙන දේකට නෙවෙ .....උත්තර දුන්නොත් මට ඊට වඩා අඩන්ඩ වෙන හින්දා....යන යකා යන්නෙ බෙල්ල කඩාගන කියලා කිව්වොතින් මගෙ බෙල්ල එයත් කඩන හින්දා ...

"මගෙ ශිවන් ....."

.....

"කෝ.....මූන උස්සපන්.....මට උඹේ ඔලුව පේන්නෙත් කුරුම් බැට්ටයක් වගෙ...."..

එයා කතා කෙරුවා ...මාව මරන්ඩ හදපු එයා ඊළඟ පාර ආයම ආදරෙන් කතා කෙරුවා ...එයාගෙ මුන තිබුනෙ මටත් වඩා සෑහෙන්ඩ උසින් වෙනකොට මම එයාගෙ බඩට ඔලුව හේත්තු කරන් අදුලු හලනකොට එයා මගෙ ගානට එනකොට බඩට හේත්තු කරන් උන්න මගෙ ඔලුව එයාගෙ පපුව ළඟ නැවතුනා .....

"ශිවන් ...මගෙ මැනික...කෝ.....උඹ තවත් අඩනවනෙ මේ බලපන්කො මැනිකෙ...දොරකොඩ හරස් කටන් ඉන්ඩ එපා කියන්ඩ හේතුව උඹ දන්නවනෙ ...හිතපන්කො වෙන එකෙක් උන්නා නම් උඹෙ බොටුව කඩාගන නෙ යන්නෙ....උඹගෙ මුරන්ඩු කම් හින්දා අප්පච්චි කෙනෙක් නැතිවෙන්නෙ අර අසරනයට ....මට .....අපි දෙන්නටම උඹව නැති කරන්ඩ එපා මගෙ ශිවන් .....".

අග්නී .....

"මං උඹට නොසෑහෙන්ඩ ආදරෙයි මගෙ මැනිකෙ .....අපිට උඹව නැති කරන්ඩ එපා"

එයා මාව අත ගෑවා..මෙච්චර වෙලාම තරහෙන් උන්න එයා ඊල පාර එයා එතනම තිබුන රෙදි අපුල්ලන ගල උඩ ඉදගන මාවඑයාගෙ උකුල උඩ හරහට ඉන්දවගත්තා . ඉන්දවගන නිල් වෙච්ච තැන උඩ ඉදන් පහලට අත ගෑවා .....අත ගගා එයාලට මාව නැති කරන්න එපා කිව්වා ...එයාගෙ ඇස් දෙක වෙනස් උනා ..... ඒ ඇස් වලට කදුලු පිරිලා තිබුනා.....මට දුක හිතුනා ....නෑ මට වේදනාවක් දැනුනා .....

මගෙ අග්නී.....

"එපා මැනිකෙ....උඹට බරපතලක් නෑ..."

අනෙ අග්නි.....අඩන්න එපා මගෙ අග්නි ...

"උඹගෙ ඇස් ඉස්සරහා උඹගෙ ගෑනිගෙ පන යනකොට උඹට වේදනාවක් දැනුනද ශිවන් ....?"

එයා මගෙන් අහනවා සාරන්‍යගෙ පන යනකොට මට වේදනවක් දැනුනද කියලා ...මට එයාගෙන් සමාව ඉල්ලන්නවත් හිත හදාගන්ඩ බැරි උනා ...එයාගෙ ඇස්වල වේදනාව පිරෙන්න තිබුනා...

අග්නී ....

"ඒක මහ වේදනාවක් ශිවන් ....පනට වඩා ආදරේ කරන උන් ඇස් පනාපිට හුස්ම අරිනකොට ඒක යකෙක්ට උනත් දරන්ඩ අමාරුයි මගෙ ශිවන් ...."

අග්නී.....

"නාගනින් මැනික...අම්මා තනියම....."

එයා මාව තුරුල් කරගත්තා ....අත් දෙකෙම්ම.....මගෙ පපුවෙ මහා ගින්දරක් ඇවිලුනා...එයා මට නාගන්න කිව්වා ...ඒත් මට නානවට එයාට තුරුල් වෙන්න ඕන උනා ...

මගෙ රත්තරන් අග්නී.....

"....."

මං එයාගෙ ඔලුව අත ගෑවා.....එයා ඔහේ උන්නා.....මං ඒ නලලට හාදුවක් තිබ්බා....ඒත් එයා ඔහෙ උන්නා.....මන් එයාගෙ කම්මුලකට හාදුවක් තිබ්බා ....ඒත් එයා නිකන් උන්නා.....මං ඒ මූනම අත් දෙකෙම්ම අල්ලගත්තා .....

"මට පොරොන්දු වෙයන් මගෙ ශිවන් ...ප්‍රවේසම් වෙනවා කියලා ...."

මන් පොරොන්දු.....භ ...බ්බ්...

මට ඉතිරි වචනෙ සම්පූරන කරන්න හම්බුන් නෑ එයා මගෙ මුලු මූනම අත් දෙකෙම්ම අල්ලගන මගෙ තොල් වලට පහත් උනා...සීතලම සීතල අග්නිගෙන් උනුසුම් හාදුවක් ...මං තුරුල් උනා.... එයාගෙ අත් දෙකම එයාගෙ බෙල්ල වටේ ඔතාගන්නකොට එයා මාව තවත් ඇගට තද කරගත්තා ...හුස්මක් ගන්නවත් නිදහසක් නොදුන්න හාදුව විනාඩි ගානක් ඈතට ඇදුනා අවසානෙදි එයා මට හුස්මක් ගන්න ඉඩක් දීලා කම්මුලට හාදුවක් තිබ්බා....

"නාගනින් මැනික....අම්මා තනියෙන්....අරකව තනියෙන් මෙල්ල කරගන්ඩ බෑ.....ඒකගෙ ඇගෙ යක්කු විමානයයි ..."

එයා මට නාන්න කියලා මාව උකුලෙන් බැස්සෙව්වා .....

මගෙ අග්නි ....එයා යන්න ගියා ..මට රිදවපු මාව අඩවපු අවසානෙදි මාව තුරුල් කරන් මට හාදු තියපු මගෙ ආදරනීයම යක්ශ ආත්මය යන්න ගියා ...මං ශවර් එක ඇරියා....හිස් මුදුනට වැටුන වතුර පාර නාස් පොල්ල තෙමාගන පහලට යන්නත් කලියෙන් දේවාලෙ පැත්තෙන් හූ තියන සද්දයක් ඇහුනා ...

අද කෙම්මුරක් ....

🙂ජැක්කනෙ...ඩොබී නිදාහා ...ස්!!!

🤓ආය කොටසකින් එන්නාම්....

මුව කායයියා ඔලුවෙ ඉදන් පොරවන්බුජි ඔයලමයිනුත් බුජියන්ඩ🙈...

ගුත් නයිත් . ..තූ යූ 

මම

.ferdeesha 😘😘

More Chapters