Ficool

Chapter 26 - 26

නිර්වාන් ....එන්න ඇතුලට ....රාලහාමි ඕක නවත්තන්න....

මගෙ පපුවෙ ගලක් හිර කෙරුවා වගේ.....නිර්වාන්ගෙ පැමිනිල්ල ගාව මාත් අසරන වෙලා ගියා....එයා පැමිණිල්ල දැම්මෙ අප්පච්චිගෙ ආදරේ ඉල්ලා වෙනකොට අනේ සත්තයි මගෙත් ඇස් වලට කදුලු කැට මතු උනා.....

අපි කවදාවත් අපේ අම්මා අප්පච්චි ගෙන් මෙහම ආදරෙ හිගා කාලා නෑ දෙයියනේ...

නිර්වාන් එන්න ...එයාගෙ අප්පච්චි නිර්වාන් එන්න කියලා කිව්වෙ හරීම නිවුන කටහඩකින්....අර ඇමතියගෙ අහලකින්වත් තියන්න බෑ...ඌ නම් තනි කරම මදාවියෙක් ...ඌ නම් තනිකරම බෙල්ලෙ පාලුවට ඔලුව ආව එකෙක්...

නිරූ...මාත්...

එන්න.....

වට පිට බලපු මං මෙතන තනිවෙන්න වෙයි කියන බයට එයාගෙ අප්පච්චි පස්සෙ යන මම එයාගෙ ටීශර්ට් එකෙ කොනකින් ඇදලා ඇස් දෙක කැරකෙව්වා විතරයි එයා මට එන්න කිව්වා....

ඇති යාන්තන් නැත්තන් මාවත් කවුරු හරි අල්ලන් ගිහින් හිරේට එබුවොත් ....

එන්න ....වාඩිවෙන්න

.......

කොහෙද මේ යන්නෙ රෑ වෙලා....දැන් වෙලාව කීයද හතත් පහු වෙන්න එනවා..

ප්‍රැක්ටිස් ....

....මට තේරෙන්නෙ නෑ ඔය මගුල කවදද නවත්තන්නෙ කියලා .....

අප්පච්චි .....ඒක නෙවෙ ප්‍රශ්නෙ....මට ඒක ප්‍රශ්නයක් නෑ.....මට ඒකට වඩා තව ප්‍රශ්න තියනකොට මට මේවා ප්‍රශ්න නෙවෙ අප්පච්චි .....

කියන්න...මොනවද අහන්න ඕනෙ.....ඊට කලින් මට කියන්න දවල්ට කාලද.....

නෑනෙ....මාමේ...ස්...සර්.....කන්න හම්බුන් නෑනෙ.....එයාට....

මං මහ මොකෙක්ද මන්දා.....එයාගෙ අම්මා එක්කයි අර ඇමති නහරයා එක්ක තිබ්බ තරහවයි හින්දා එයාගෙ අප්පච්චි එයාගෙන් අහපු උත්තරේට මම මැදින් පැන්නා...නිකන් නෙවෙ...ඕ අයි සී මහත්තයට මාමෙ කියලත් කිය උනා...අනේ....ඉතින්...මාමෙ කිව්වම මොකද.....නිර්වාන් අප්පච්චි කියන එකේ...මම දැනට මාමා කියලා ....පස්සෙ....+අන්ඩි එකතු කරනවා....පහු කාලෙකදි " අ" යන්න ලොප් වෙලා මාමා+අන්ඩි=මාමන්ඩි වෙනවා....මෙව්වනෙ යකෝ සන්ධි ....ම්ම්ම්...චින්තකගෙ දරු පැටියට සන්ධි පාඩම නම් ලෙසටම පුලුවන් .....!

ඇයි එයාට කන්න බැරි උනේ..සීතා උයලා නැද්ද.....

ආ...උයන්න ඇති....අම්මා සීතා ගැන නේද ඔයා ඔය අහන්නෙ.....?

හ්ම්ම්...හ්ම්ම්ම්...

එයා උයලා ඇති ඒ උනාට ඉතින් කන්න දීලා නෑනෙ...මෙයාලගෙ අම්මා අර බාර් කාරි...අර ඇම්බැක්කි....ආන් ඒකිව එක්ක ආවනෙ....ඉතින් මෙයාට කන්න පුලුවන්ද .....?බෑනෙ...කන්නෙ කොහොමද ...හිත එක තැනක නෑනෙ.....දිරවයිද...ගහගන්න කෙසේ වෙතත් දෙපයින් ඉනවත් කන්න එපැයිනෙ.....ඔහොමද අනේ අම්මලා....ඒව්...අනේ...එව්ව්.....

ඇම්බැක්කි...කව්ද නිර්වාන් ඇම්බැක්කි ?

එයාම දාගත්තු නම් අප්පච්චි ඔය...එයාගෙම්ම අහන්න ඔය කියන දේවල් එයානෙ දැන් අයිතිකාරයා ...

මං හරි බරි ගැහුනා....ඕ අයි සී මාමා නම් හරි හොදයි වගෙ...අර මන්ත්‍රී දේවි වගේ නෙවෙ....ඇම්බැක්කි කිව්වම එයත් මාත් එක්කම කට ඇරලා හොද සද්දෙට ඇම්බැක්කි කිව්වා .....ඒ විතරක් නෙවෙ අපේ නිර්වානුත් මට බනින්නෙ නැතුව මගෙම්ම අහගන්න කිව්වා.....ඒ විතරක්ද...ඒ විතරක්ද.....එයානෙ දැන් අයිතිකාරයා කිව්වා.....

යෝ....නිර්වාන් ....යෝ...නිර්වාන් .....ම්හුක්....ලමයද දැන් අයිතිකාරයා...චින්තක....චින්තක...දරු පැටියට බෑන තියන ආතරේ බාන්ඩකෝ....චින්‍තක...ම්හුක්...

ආතරේ...මන්තිරේ.....සතලු තල එලිවෙලා...ජීවිතේ..මී පිරේ....තුසාරය යයි ගලා....ම්ම්ම්.....ම්හුක්...

කව්ද ලමයො ඇම්බැක්කි...

අර ටානියා....ටානියා නල්ල තම්බි...ඒකිව එක්කන් ආවනෙ.....ඉතින් කොහොමද මාමෙ කන්නෙ....ඈ.....මං ඔයාට දෙයක් කියන්...හැබැයි ඉතින් මේ කනින් අහලා....මේ කනින් එලියට දාන්න ඕනා...අපෙ සුතර්මා වගේ....හිතේ නම් තියා ගන්න එපාමයි...අනේ.....

හ්ම්.....

ලමයි උනාම ගහ මරාගනම හරියන්නෙ නෑනෙ....දැන් අපේ අප්පච්චි නම් මට කවදාවත් කියන්නෙ නෑනෙ අරක කරපන් මේක කරපන් කියලා ....අපේ අප්පච්චි කියන්නෙ ලමා කාලෙ ආය එන්නෙ නෑ කියලා....අහල නැද්ද මාමෙ බාල කාලෙ ආය එන්නෙ නෑ...වැරදුන තැන යලි හදන්න බැ කියලා .....අපේ ලොකුවා කවදා හරි පොලි මුදලාලියෙක් වෙයි මං නම් නලුවෙක් වෙනවා....අපේ අප්පච්චිලා ඔහොම බලකරන්නෙ නෑනෙ....මානසීක නිදහස නම් උපරිමයි....ඒත් ඉතින් නිර්වාන් එහෙම නෑනෙ...පව්නෙ...නැද්ද මං කියන්නෙ....

ඇම්බැක්කි උනත් එන්නෙ හොදකට නෙවේනෙ මාමෙ....ඔය එන්නෙ අපේ නිර්වාන්ගෙ ඇගේ එල්ලෙන්න...ගෑනු ලමයිනෙ අනෙ.....හැදියාවකට ඉන්න එපැයි....තිරිසන්නු වගේ අනේ...

ආ..අර බාර් කාරයගෙ කෙල්ල.....ඒ එක ජවුසමක්....

ආනේද කියන්නෙ මාමෙ...අනේද කියන්නෙ...ජවුසමක්දත් අහනවා.....ටියුසන් පන්තියේ.....කෙලවර බංකුවෙ...ජවුසන් ගැන්සියෙ...ආන් ඒ ගැන්සියෙ එකියක් ඔය...

මං වට පිට බලබල ඇස් කරකව කරකව තියන ඕප දූප කියවනකොට මං බලාගන නිර්වාන් එයාගෙ අප්පච්චි දිහා බලලා ලාවට ඔලුව වැනුවා.....ඒ ටිකකිම්ම එයා උගුර පෑදුවා...පාදලා එයාගෙ අප්පච්චි දිහාවට හැරුනා.....

අප්පච්චි .....ඇයි අප්පච්චි මාව මගාරින්නෙ...?ඇයි අප්පච්චි මට මෙහෙම කරන්නෙ....ඔයා හදන්නෙ එහෙම කරන්නෙ නෑ කියන්න නම්...බොරු කියන්න මහන්සි වෙන්න එපා අප්පච්චි .....මේ ටික දවසට...මං ඉවසන් උන්නෙ පුදුම වේදනාවකින්...නෑ කියන්න එපා අප්පච්චි ....අවුරුදු ගානක්..මට මතක ඇති තාක් කල් ඉදම්ම.....මගෙ ඔලුව ඉඹලා ගියපු අප්පච්චි ට දැන් දැන් මම ළඟ උන්නත් ඔලුව ඉඹලා යන්න අමතක වෙනකොට මට හරියට රිදුනා අප්පච්චි ....

දවසක් බලන් උන්නා....අද අමතක වෙන්න ඇති...ඒත් හෙට එහෙම කරන එකක් ණය කියලා .....ඒත් දෙවනි දවසෙත් ඒකමයි....තුන්වෙනි...හතර වෙනි.....කොටිම්ම...මාසයක්...මා...සයක්.....යනකොට ...මං...කියන්නෙ...තව දුරටත් ...අප්පච්චිගෙ ...නෙවෙ....වගේ හැසිරෙන්න ගන්නකොට ...මට....මොන තරන්....වේදනාවයිද.....අප්පච්චි ...

ඇයි මට මෙහෙම කරන්නෙ...ඇයි.....අප්පච්චි ....මං නොකරපු වරදකට....මට රිදවන්නෙ...

නිර්වාන් ...නිර්....වාන්...

එපා ....මාව අල්ලන්න එපා...මගෙ ඇස්වලින් කදුලු වැටෙන්නම ඕනා උනාද අප්පච්චි ...මං...පව් කියලා හිතෙන්න....

එයා ආයම ඇඩුවා...මේ ඉන්නෙ අර නපුරු නිර්වාන්ද කියලා හිතන්නවත් බැරි තරමට එයා ආයම වෙනස් උනා....මට මහ වේදනාවක් දැනුනා....කොයි තරම් නපුරු කෙනෙක් නිර්වන්ගෙ ගාව හිතන්න බැරි තරම් සංවේදි පැත්තක් තිබුනා...හැබැයි....කාටත් ලේසියකට පෙන්නනෙ නැති...කවුරුත් ලේසියකට දකින්නෙ නැති...

ගල් හදවතක් උනත්....එයාට තිබුනෙ වේදනාවෙම්ම ගල් ගැහුන හදවතක් වෙනකොට මං මගෙ කුඩික්කි කට වහන් බලාගන උන්නා.....

නිර්වාන් .....මං උඹව මග ඇරියෙ නෑපුතේ.....මං උඹගෙ අප්පච්චි එහෙම එකේ මන් කොහොමද උඹව මග අරින්නෙ.....කවුරු මොනවා කිව්වා උනත්....මමයි උඹගෙ අප්පච්චි ...එතනින් එහා දෙයක් නෑ පුතේ .ඒත්....උඹගෙ අප්පච්චිත් මනුස්සයෙක් නිර්වාන් ....අප්පච්චිලාටත් දරාගන්න බැරි තැන් එනව....

මට...සමාවෙන්න අප්පච්චි ....ඉවසලා..ඉවසලා බැරිම තැන මං ආවෙ....මට බයයි....මේ විදිහට ගියෝතින් ...මගෙ ජීවිතෙ එක්කො පිස්සන්කොටුවෙන් ඉවර වෙයි....නැත්තන් එල්ලුම්ගහෙන් ඉවරවෙයි කියලා

නිර්වාන් !!

මට හරි මහන්සි අප්පච්චි ...අනුන්ගෙ මුන්ගෙ දේවල් වලට නැහිලා මට දැන් හරි මහන්සි අප්පච්චි .....මට හරි වේදනාවයි අප්පච්චි ....මට පුදුම තරම් වේදනාවයි.....මට දරන්න බැරි තරන් වෙදනාවයි....මාව එක්කො නහරයක් ගහල මැරිලා යයි අප්පච්චි ....අනේ....

මට ඇඩෙන්න ආවා....මට ඉකිගැහෙන්න ආවා....ඒ තරමට නපුරු නිර්වාන්ගෙ කටහඩ වෙව්ලනකොට අවසානෙදි එයා කියවලා කියවලා මේසෙට ඔලුව ගහගන්නකොට අනේ නිර්වාන් මං ඉන්නවනේ....කියල මට බදාගන්න හිතුනත්.....අප්පච්චි කෙනෙක් වෙනුවට කවදාවත් මගෙන් හම්බෙන ආදරේ සමකරන්න බැරි බව දන්න මම කට පියාගත්තා ...

මොකද ....අප්පච්චි කෙනෙක්ගෙ ආදරෙ....අම්මෙක්ගෙ ආදරෙ කවදාවත් පිටින් හොයන්න බැ...ඒ ආදරේ දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවා නම්..ඒ අම්මා අප්පච්චිට විතරමයි.....

නිර්වාන් ...කෝ.....නැගිටින්න...උඹට අප්පච්චි ඉන්නවා...උඹට කවුරු නැතත් අප්පච්චි ඉන්නවා.....කෝ....ඉතින් මගෙ පුතා නැගිටපන්කො.....ගහක් ගලක් වගේ ඉන්න උඹ ඔහොම වැටෙන්න එපා නිර්වාන් .....උඹව අප්පච්චි කවදාවත් අතාරින්නෙ නෑනෙ...කෝ...මේ කොල්ලත් බලන් ඉන්නවා....නැගිටපන්කො....අප්පච්චි අද රෑ වැඩ....කෝ...නැගිටපල්ලා.....

නිරූ....නැගිටින්නකො....

මං එයාව හෙලෙව්වා....සෑහෙන වෙලාවකට පස්සෙ එයා නැගිටලා කෙලින් වෙලා ඇස් දෙක පිහා ගත්තා ....ඒ ඇස් ගිනි කන රතු පාට වෙලා...ඇස් පිහදගත්තු එයා අනිත් පාර එහෙම්ම මගෙ දිහා බලලා ඇස් වලින් නැගිටින්න කියලා කියනවත් එක්කම මාත් නැගිට්ටා....නැගිටලා වෙලාව බැලුවා.....

නිර්වාන්ගෙ දුක අහ අහ උන්න මට මගෙ දුකට පුන් ගහගන්න හිතුනා... වෙලාව බලපු මට තරු විසි උනා.....!!!

අනේ....මුනිතාස අයියේ....හ්හ්....!!$

නොම්මබර දාහත...සලුපට අහසට....දැන් නම් මං බයයි ශාමා.....!!

අටත් පහු වෙලා...අද නම් මේ අපෙ සුතර්මා මේ පොලිසියටම ඇවිදින් දරු පැටව් දෙන්නා අතුරුදහන් වෙලා කියලා පොලිස් පොතෙ ලියන එක නම් සිකුරුයි පුතේ....සිකුරුයි.....

නිර්වාන් ....නමයට කාලයිනෙ වෙලාව....

ඉතින්....

ඉතින් කියන්නෙ...අද නම්....ලොකු නැන්දා...අරූවයි....ලෙඩ මාවයි...මරලා හංගයි....

ම්ම්ම්...එහෙම වෙලා තිබ්බොත් මං අප්පච්චි ට කියන්නම් සුදර්මව ඇරෙස්ට් කරන්න කියලා ....

යෝහ්...නිර්වාන් ....අනේ මාමෙ මේ බලන්නකො මූ කියන කතා....ම්හුක්.....මාව අද හමගහයි....ඉංග්‍රීසි අමතක වෙන්න ගහයි..

එයා ආයමත් අර පරන යකාටම ඇදගත්තා .....මෙච්චර වෙලාම ඇයි අප්පච්චි කොය කිය අහපු නිර්වාන් ඊලග තත්පරේදි ආයම හිතන්න බැරි විදිහට වෙනස් වෙනකොට මං ජීවිතේ පලවෙනි වතාවට දැක්ක එයාගෙ අප්පච්චිට එයා ගැන කේලම් කිව්වා....

කෑ නොගහා එන්න ගිහින් අරින්නම්

ම්ම්හුක්.....බැන්නොත් ඔයා කියන්න ආ....හාද

.....

නිර්වාන් දැන් මොකේද යන්නෙ....

.......

උඹ මේ රෑ පෝරුවෙ මහපාරෙන්ද ආවෙ නිර්වාන් .....දැන් අරුත් ආවද...කෝ ඕකා....

ආ ඩිපූටියද එලියේ එලියෙ මාමෙ....අපේ සැලාට බනිස් ගිල්ලනවා....රෑ බෝවෙලා මහපාරෙ යන එක කොච්චර නම් බයානකද....කොච්චර කිව්වත් අහන් නෑනෙ මේ ලමයි

මන් ආයම පෝර දැම්මා.....මාව බේරගන්න කිව්වත් ගානකට නොගෙන උන්න නිර්වානයා දිහා බලල මන් එයාගෙ අප්පච්චි ගෙ වචනවලට පෝර දානවත් එක්කම ඕ අයි සී මහත්තයා පුටුවෙන් නැගිට්ටා.....

ඩිපූටියා....අද උඹට ගෞරවයෙන් බුදු සරනයි...

මෝඩ කොල්ලා.....

ඇයි....ම්හුක්...ඇත්තනෙ....කියන්නෙ...

ඔය කට මිරිකනව මන්....

හා...මිරිකන්න...මිරිකන්න බැරි නම් කටේ දාගන හපාගන්න....

ම්න්...එහෙමද ආස....

ඔව්....ඇයි....

හැබැයි කටේ දාගන හපාගත්තට පස්සෙ මට තව තව ඒවා දාන්න ඕනා වෙයි ඒකට කමක් නැද්ද....ම්ම්ම්ම්ම්ම්ම්

යෝ....හ්..නිකන් ඉන්නකො.....නිරූ...චූචිට ලැජ්ජයිනෙ.....හ්...ම්හුක්.....

Oic මහත්තයගෙ කාමරේ උන්න අපි දෙන්නා එයාගෙ අප්පච්චි පස්සෙන් යනකොට කාටත් හොරාවට නිර්වාන් කියපු කතාවට මට බඩ රිදෙන්න ගත්තා ...ඒ විතරක් නෙවෙ...එයාගෙ අතපය වල තරම දැක්කම....මට නිකන් මොකක්ද වෙලා ගියා....නහර පෑදුන අත් වල හයිය වගේම...මස් පිඩු තද උන කකුල් දැකපු මට ඉබේම කෙල ගිලෙනකොට මං එයාව තල්ලු කෙරුවා .....

ශෙනිරු....

අ..ආ..ලොකු අප්පච්චි ....

ලොකු අප්පච්චි තමයි මං උඹලා දෙන්නට හැමදාම කියනව නෙ මහ පාරෙ එන්න එපාය කියලා ....අ...

ලගකදි නෙවෙනෙ කිව්වෙ....ඒ කිව්වෙ දැන් අවුරුද්දකට කලින්නෙ...නේද නිර්වානයා.....

ම්න්...

කොල්ලො....කට වහපන්...නිර්වාන් ....මං මේ කියන අන්තිම වතාව ආ...අප්පච්චි කටවහන් උන්නට හිතන්න එපා මන් මෙ ඇස් කන් පියාගන ඉන්නවා කියලා ආ....බලන් ඉදපල්ලකො...බලන් ඉදපල්ලකො....කාගෙ කාගෙත් කටවල් වැහෙන්නෙ මං කට ඇරපු දාට.....කට පියන් ඉන්නෙ කොන්ද පන නැති කමට කියල හිතන් උන්නට ඌරොත් එක්ක කාගන්න ගියොත් නැගිටින්න වෙන්නෙ ඌරු වලක ඉදන් නිර්වාන් ...කරුනාකරලා උඹට මං දාල තියන එකම නීතිය වත් පිලිපැදපන්....ශෙනිරු උඹටත් එක්ක මං මේ කියන්නෙ....දන්නවනෙ අප්පච්චි ගෙ හැටි ....විභහග කටේ තියන් උඹලට උසාවි උසාවි ගානෙ ලගින්න ඕනා නම් පැදපියව්...

මං හිතන්නෙ මට අර කලින් වචන ඉල්ලා අස්කරගන්න ඕනා වගේ...මෙ අප්පච්චිත් මෙහෙම උන්නට හෙන නපුරුයිද මන්දා අනේ...චින්තක.....දරු පැටියගෙ අනාගතේ ලෙප්ට් වෙන්න යන්නෙ අප්පච්චි ...

නිර්වාන්ගෙ අප්පච්චි බනින්න ගත්තා මහ පාරෙ ලයිසනුත් නැතුව ආවට එයාගෙ අප්පච්චි එතන උන්න රාලහාමිලාටත් ඇහෙන්න බනිනකොට ලොකුවවයි මාවයි බය කරන් ඉන්න අයියා මලෝ දෙන්නා මීයට පිම්බා වගේ බිම බලාගන ඉන්නකොට අපි දෙන්නා පිටිපස්සෙ ඉදන් කුටු කුටු ගාන්න ගත්තා ....

මේහම බැනල බැනලා එයාලගෙ තාත්තා අපිටත් බනීද ලොකූ....

නෑනෙ....එහෙම බැන්නොත් කියමු බලෙන් ඇදන් ආවා කියලා ..මට ගහපුවට...මගෙ කට මිරිකුවට...මාව ඇඩෙව්වට....උඹට ඔහොම වෙලා මදි සෙනූ.... උඹට ඔහොම වෙලා මදි....කමෝන් ....අංකල්.....යෙස් අංකල් යෙස්.....!!

මං අහගන උන්නා මං බලාගන උන්නා..නිර්වාන්ගෙ තාත්තා අනිත් හැම දේම පැත්තක දාල ඒ දෙන්නට බනිනකොට මං මීක් නොගා බලන් උන්නා....

නිර්වාන් ...මං උඹට මේක කියලා තියෙන්නෙ එක පාරක් දෙපාරක් නෙවෙ ආ...උඹගෙ අම්මගෙ පදේට නටලා හිරෙ විලංගුවෙ වැටෙන්නද ඕනෙ උඹට ආ....??

හිරෙව් විලංගුවෙ වැටෙන එක සැපයි අප්පච්චි .....මොකද මං ගෙදරක කියලා ජීවත් වෙන්නෙත් හිරේක තමයිනෙ...මටයි කියලා ජීවිතයක් මටයි කියලා හීනයක් නැති තැනක ජීවත් වෙනවා කියන්නෙ හිරේක ජීවත් වෙනවා වගේ තමයි අප්පච්චි ...ඒක සැපයි.....ඒක මීට වඩා සැපයි...

නිර්වාන් ...මං දැන් සැරයක් කිව්වා....මොන දේ කරන්නත් කලින් විභහගෙ කරපන්....උඹගෙ හීනෙමොක උනත් උඹගෙ පස්සෙන් මම ඉන්නවා මන් කිව්වනෙ මන් උඹව අතෑරලානෑ....කරුනාකරලා මෙච්චර කල් මං උගන්නපු එකේමේ ටික කොහොම හරි ඉගනගනින් නිර්වාන් ...ඊට පස්සෙ මන් බලාගන්නම්....

මට ඒ වචන විතරයි අප්පච්චි හයියකට තියෙන්නෙ..මට ඒ වචන විතරයි ...හැම දේටම තියෙන්නෙ...

හරි...හරි....ඔය කොහේවත් නොයා දැන් ගෙදර යන්න..මං බලාගන්නම් .....ශෙනිරු උඹගෙත් අඩු දෙක මන් කඩනවා කොයි වෙලේ හරි පරිස්සම් වෙලා හිටපන් අප්පච්චි ගහන ගැහිලි නෙවෙ මං ගහන්නෙ ආ....

හා ලොකු අප්පච්චි ...මං අඩු දෙක පරිස්සම් කර ගන්නම්...

ශෙනිරුවා ....!!

*

*

*

නිරූ...

ම්ම්ම්....

බයයිනෙ....

මං බොරූවට හුරතල් උනා....ගමේ ඉන්න කාලෙ ගස් ගල් කටු ගාල් අස්සෙ රිංගලා අඩු කඩාගන ඉගුරු කෝටු පේර කෝටු කැඩෙනකන් ගුටි කාගන දඩාවතේ කරක් ගහපු මම නපුරු නිර්වාන්ගෙ ආදරේ ලබා ගන්න බොරූවට බයයි කිව්වා...

මම උන්නෙ එයාගෙ බද වටේ අත් දෙක ඔතාගන ඒ විතරක් නෙවෙ...එයගෙ පිටටත් හේත්තු වෙගන වෙනකොට අපේ ගෙවල් වලට එන අතුරු පාරෙ හන්දමද කොහෙදො ඩිපූටියා සැලාට ලර්නස් එකක් දාගන උන්නා....සයිකලේ වත් හරියටම පැදගන්න බැරි මට බයික් කියන්නෙ හීනයක් වෙනකොට අරූ නම් කකුල ගහන්න උස මදි උනත් සිග්සැග් එකට නයා වගේ පාර පුරාවටම කපන්න ගත්තා ....

ආ..ආඅ..බබී හිමින්....හිමින්.....

අනේ සෙනූ...හයියෙන් මිරිකෙනවනේ....

හයියෙන් මිරිකන දේවල් පස්සෙ කාලෙක මිරිකන්න....මේක හිමීට අල්ලන්න....

ඊයා අනේ...හෑ....යියා....

ආ...ආ.ආ...හරිම අගෙයි.....හරිම අගෙයි......මිලිටරි කාරයගෙ පුත්‍ර රත්නෙයි චින්තකගෙ වැඩිමහල් මල් කැකුලයි පාර පුරා පොපියන හැටි හරිම අගෙයි...යෞවනයේ පොපියන චමත්කාරය ....ආ...ප්‍රීති....ප්‍රීතී.....

යෝ...අර බලන්නකො අනේ...අර බලන්නකො...ලැජ්ජහේ ...බෑ.....තිරිසන්නු වගේ අනෙ...

නිර්වාන්ගෙ උරහිස උඩින් ඇස් දෙක දාන් ඇම්බැක්කෙ වත් නැති කැටයම් පාන ඩිපූටියා වගේම සැලා දිහා බලන් උන්න මං මට ඉදගත්තොත් ඉදගත්තු තැනින් නැගිටින්න නොදෙන නිර්වාන් ගාව ඉදන් හුචු හුචු ගාන්න ගත්තා ...

දගලන්නෙ මොකද සයාශ් ....එක විදිහකට ඉන්න බැරිද ගායද...?

දැගලුවෙ නෑ අනේ...මං කිව්වා විතරනෙ...මොනවද අනේ ගායද අහන්නෙ..මහ හොද නැ නිරූ...ඔයා...බලන්නකො අනේ සෙනූ අපේ සැලාට ආදරේ තරම....බයික් එකත් පදින්න දෙනවා මට තමා දෙන්නෙ නැත්තෙ

මොනවද...

පදින්න....

පදින්න ඔච්චරම ආසද ම්ම්ම්

ඔව්නෙ....

ම්ම්...තවම ඉගනගන්නවනෙ.....අපි ඉවර උනාම ඇති තරම් පදිමු....

ම්ම්ම්.....ඔය කිව්වට ඔයාට අමතක වෙනවනෙ....

නෑ....පදින්න දෙන්නම්...හැබැයි හොදට පදින්න ඕනා....

හොදට පදින්න නම් ඉතින් හුගක් පුරුදු වෙන්න එපැයිනෙ.....එහෙනම් හැමදාම.....හැමදාම පුලුවන්ද ඈ නිරූ ඈ....හෙඩ් පිපෙට් අයියෙ.. ... චූචිට හැමදාම පදින්න දෙනවද 

ම්ම්ම් අනිවාර්යයෙන්ම .....everyday ....

Everyday ...නම් එපා අනේ....

Everyday means everyday bae...දැන් බහින්න....

ඒ මොකක්ද එයා කිව්වෙ ....everyday means everyday ...අනේ මන්දා....මේ නිරූ වෙලාවකට මොනවා මුමුනවද කියලා ....

අනුන්ගෙ මගුල් වලට හොට දාන්න ගියපු මම අනිත් ආර ගායද කියලත් බැනුම් අහන් ආයම මීයා වගේ ඉන්නකොට එයාට මං ගැන දුක හිතිලදෝ කොහෙද මට හැමදාම පදින්න දෙන්නම් කියලා අවසානෙදි අපේ ගේ ඉස්සරහින් බයික් එක නැවැත්තුවා...

හැබැයි බයික් එකෙන් බැහැපු මට තරු නෙවෙ තරු මන්දාකිනි සෞරග්‍රහ මන්ඩලේම පෙනුනා.. .

අනේ...නිරූ අපේ සුතර්මා .....අද නම් කහ කහ දුවන්න ගහයි .... ..දුව දුව කහන්න ගහයි නිර්වාන්....

බොරු කියන්න ඕන් නෑ....මගෙ උන දෙපිටින් ගියා....හොරොව්පතානෙ ඉන්න වන් ශොට්ගෙන් බේත් අරන් උලුවැස්ස පහු කරන්න කලියෙන් ඉහින් බහින හැම ලෙඩක්ම කරකුට්ටන් වෙලා යනවා වගේ චින්තකගෙ අක්කගෙ අතේ තිබුන බූවල්ල දැකපු මට ගහන්න කලින් ඇගපත කහන්න ගත්තා ....කරුමේ...කරුමේ.....උයන්නෙත් ගෑස්වලින් නම් අරමක්කටැයි සුතර්මා බූවල්ලක්...අනේ අප්පච්චි ...මේක නම් අපි දෙන්නටම ගහන්න තකහනියේම ගෙනාව එකක්ද මන්දා.....

බයික් එකෙන් බැහැපු මාව දැකපු ලොකු නැන්දා දේවාලෙ ආවෙස උන කපුවා වගේ අපි දෙන්නා දිහාවට එනකොට ආදර ලර්නස් එකේ පදින්න ඉගන ගන්න ගමන් උන්න අපේ සැලත් ඒ එක්කම ගේට්‍ටුව ගාවින් නැවැත්තුවා ...මට නම් ටිකක් හරි සතුටු වෙන්න තිබ්බා...මං ආවෙ

පිටිපස්සෙ ඉදන් ආව හන්දා.....මූට...අනේ..අද මුගෙ පෙට්ටි කට කැඩෙනකම්ම ගහයි...හෙල්මන්ට් එකක් වත් නැතුවනෙ මූ ලර්නස් ගියෙ ...

අනේ.....ලොකූ....උබට නම් අද ගෞරවයෙන් බුදු සරනයි.....!මට දුකයි...මං ගාමිණී.....!

ආ...ලොකු නැන්දේ...මොකද මේ පාරෙ කරන්නෙ..... මග බලනා.....ළඟ ඉදිනා....ඔය නෙතු මගේ...ආ...ආහ්ව්...අනේ...හ්.....ස්...ස්...සෙ

මගබලනා....මග බලනා...ආ යකො තොපි මේ තුනට ගිය ගමනනේද ආ...දැන් වෙලාව බලපියව්.....අනික...මේ උස මගුලකත් නැගන් තොට පොලවට අඩිය ගහන්නවත් කකුල දිගද....ආ බොල .....දුවන්න එපා ලොකුවා...අද නම් හම ගහනවා තොපි දෙන්නව....

අනෙ..අනේ....හ්...ලොකු නැන්...ආ..ව්හ්....

ඔතනටම ගහන්න එපා..එකම...තැනට..ගහනකොට...

කසනවනේ.....අනේ ශ්...ශ්....ආව්හ්...අප්...පා..අනේ...අප්පච්චි ...හ්....කවුරු හරි වන්...වන්...නයින්... වත් ගහපියව්කෝ....ඌයි....හ්හ්හ්හ්හ්..

අන්ද්වේ.....හ්....

මගෙ අත් දෙකම කටට ගියා.....සැලාගෙ පෙට්ටි කටපුරවලම හිනාවකින් සරසවන් සින්දුවකුත් මුමුන මුමුන බැහැපු පාර ඌට කකුල් දෙක පොලවට තියලා හිටගන්නවත් බැරි උනා... සත්‍ය ප්‍රේමයේ බුරුංග රාජයෝ ඉස්සරහා සටපට සත්ත පඩි වෙන්න පුක පුපුරන්න බූවලු පාර එක දෙක වදිනකොට මං නිර්වානයටවත් යනවා නොකියා තාප්ප අයිනෙන් බඩගාන්න හැදුවා විතරයි මගෙ පුකට හෙන ගැහුවා වගෙ උනා...උන දෙපිටින් ගියා....

අ..අනේ....සුතර්මා ....දරුපැටියට....උන.....නේහ්....

උන..උන...පලයව්...දනගහපියව් .....

දනගහපියව් ....කීයෙ ඉදන්ද...ආ..කියෙ ඉදන්ද....මගෙ ඇස් ගෙවෙන්ඩ එනවා....ආ යකො...ආ යකො....කීයට ගිය පාරද....

අ..අනේ...හ්..අප්පච්චි ...මේ....සුතර්මා ....ඌව්....හ්...අනේ..ලොකු...නැන්දෙ.....හ්...උත්තර ..බදින්න...වත්....කැහ්...කැහ්....මට.....උන....නේ...උන....තියෙනකොට ...ගහන්නෙ.....ආව්හ්හ්....

අරූට මට පාර පිට පාර වැදුනා...දුවාගන්නත් බෑ...දිව්වොත් ඊට වඩා වදින හන්දා අපි දෙන්නා පෙම්වත්තු ඉදිරියෙ නොම්බර නැති වෙලා සලුපට ගැලවිල ශාමට බය හිතෙන්න ගුටි කනකොට අපි දෙන්නගෙ වේදනාව දැනිලදෝ කොහෙද ඩිපූටියා ලොකු නැන්දා ගාවට ආවා...

අනේ ඩිපූටියෝ.....උඹ ඔය ඉල්ලන් කන්න යන්නෙ....අපේ ලොකු නැන්දා ගහන්න ගත්තම ලොකු මාමටත් අල්ලන් ගහලයි නවත්තන්නෙ....

බූවලු පාර කාගන කහ කහ උන්න මන්

සැබෑ ආදර්‍ර් නාමෙන් සටන් බිමට එන ඩිපූටුයව ආපහු හරවලා යවන්න හැදුවා.....අපිට අත් දැකීම් තියනවා.....වැරද්දක් කෙරුවොත් බේරන්න එන එකාවත් දනගස්සනවා කියන්න අපි ඇස් පනාපිට දැකලා තියනවා...චූටි අයියා පොඩි කාලෙ හොරාවට ගගේ නාන්න ගිහින් හනසු කැඩෙනකන් ගහලා ඌව බේර්ගන්න ආව ලොකු මාමටත් හනස්සෙන් ගහපු එකෙක් ලොකු නැන්දා.....

අනේ...ඩිපූටි...උඹටත් සට පට සත්තපඩි වෙන්න යන්නෙ.....

මං අත් දෙක වන වන එන්න එපා කියනකොට ලොකු නැන්දා සැලාගෙ පිහාටු ගැලවෙන ගැහුවා...මුලින් මුලින් කාගන උන්නෞඋ අවසානෙදි අඩන්න ඔන්න මෙන්න උන්නා.....

ආ බොල කීපරක් ගත්තද....තොගෙ ඔය බඩකඩිත්තුවට කී පාරක් ගත්තද...එකෙක් උස්සන්නෙ නෑ....දනගහපිය...

අනේ..ලොකු....නැ.....න්..ඇහු....න්....අප්..අප්...අප්පච්චි ....අනේ...

ආන්ටි....මේ...එයාලා දෙන්නා උන්නෙ අපි දෙ....ආව්හ්....අනෙ...අම්මෙහ්.....

හරි...සකල සතම බොදු බැතියෙන්....වැදුනා....වැදුනා.....හ්.....

ඩිපූටියටත් වැදුනා....

ලොකු..නැන්දේ එපා...එයාට ගහන්න.....එයා....ව්ව්....ඌව්...

මං කෑ ගැහුවා...ඩිපූටියගෙ තාත්තා නපුරු ඇති කියලා මතක් උන මං කෑගැහුවා ..හැබැයි ඊලග පාර ආයමත් උන ගැනිලා උන්න මට වදිනකොට ඩිපූටියා මදිවට විදුහල්මාතාවගෙ කීකරු පුතත් ආවා.....අනෙ දෙයියනේ.....මුන් දෙන්නට වෙන්නෙත් අද අපි දෙන්නා ගාවින් දනගහන්න වෙනකොට මං ලොකුවව ඇදන් දනගහන්න දිව්වා...අවුරුදු දහ අට වෙන්න ඇවිදුනුත් තාමත් අපිට ගහන ලොකු නැන්දට ගහන වෙලාවට මොකාවද අහුවෙන්නෙ කියන්න ගානක් නැති උනා....

ආන්ටි සයාශ්ට උන...

චටාස්....

උන....උන....ඌට උන නම් ගෙදර ඉන්න.ඕනා....ඌට උන නම්

..ගෙදර...ගෙදර ...පලයන්...දනගහපන් ...ඔක්කොම ඔක්කොම දනගහපියව් .....මගෙ පපුවෙ ගිනි පත්තු වෙනවා...එකෙක් ගෙදර නෑ....එකෙක්.ගෙදර නෑ...තොපිට මොකක් හරි උනොත්ම මොනාද කියන්නෙ....මහ එකාගෙ පපුව පලාගන්නද හදන්නෙ...කියෙ ඉදන්ද....කීය ඉදන්ද ...කී පාරක්.ගත්තා කියලද....මගෙ කකුල් පන නෑ....

හිතට සැනසීමක් නෑ.....ගියෙ කොහෙද ...ගියෙ කොහෙද .....ගගා ඇස් ගෙවෙනකන් බලන් ඉන්නවා.....අම්මා අප්පා ළඟ නැතුව උනත්...තොපි දෙන්නගෙම අම්මා වගෙ නේද මං තොපිව හදන්නෙ...කතා කරපියව්...

කම්ම බ කියලා බුදියෑවොත් ඇහැරවලා කව්වනවා....අම්මා අප්පා ළඟ නෑකියලා තොපිට මං වෙනසක් කරනවද....අද වෙන දේවල් එක්ක ගෙයින් එලි බහින ලමයිගෙ මලකදන් කානුයට බෝක්කු යට තිබිලා අහුලන්නෙ...කතා කරපියව් ....තොපි දෙන්නට ඕනෙ අපිවත් මරාගන්නද...ආ...

මං බිම බලාගත්තා.....පාර පිට පාර වැදුන තට්ටම දෙදුරුම් කෑවා උනත් පහු පහු වෙනකොට ලොකු නැන්දගෙ කටින් පනින වචන එක්ක මගෙ හිත පෑර්‍ර්න්න ගත්තා ...නිර්වාන්ගෙ අප්පච්චි එයාට අපි ඉස්සරහා බැන්නා....ලොකු නැන්දා අපි දෙන්නට එයාල ඉස්සරහා ගැහුවා.....අපේ පැත්තෙන් හිතනකොට අපිට කවුරුත් ඉස්සරහා ගහන එක බනින එක ලැජ්ජාවක් උනත් දරු දුක කියන දේ...දරු සෙනෙහස කියන දේ උපරිම තියන අම්මා තාත්තලාට එක වේදනාවක් ...

මං නෙවෙ ඔලුව ඉස්සුවෙ ...අපිව බේරගන්න මැදට පැනපු නිර්වාන් වගේම ශෙනිරුත් මීක් නැතුව දනගහන් ඉන්නකොට බාගෙට ඇරපු ගේට්ටුව ගාවින් බයික් එකක හෝන් සද්දයක් ඇහුනා....

අලි මදිවට කොටි කිව්වලු....අද දවසට වත් ගෙදර නාව චූටි අයියත් අද උගෙම කරුමෙට දහම් කරුනු සාකච්චා කරන්න ගිහින් ගෙදර ආවෙ මරුම වෙලාවෙ වෙද්දි අපිව දැකපු මෑන්ට ගුරු කම දෙපිටින් යන්න ආවා.....බීපු මද්‍යපානෙ සැර වාශ්ප වෙලා.ගියා.....

අම්මා....මේ.ගේට්ටුව...අරි.....නෑ.....එක්කො...මං....පස්සෙ .....ම....න්....මේ

ආරව්.....උඹත් එන වෙලාවද මේක.....

අද නම් අපි කාගෙත් වෙලාව හොද නැ...මෙතනට අඩු ලොකු මාමා විතරයි

බැහැපන් බැහැපන් ඕකෙන්...උඹලා හිතන්න එපා කර දඩු උස්වෙලා සල්ලි ඇතගෑවට මහ උන් කියලා ...තාම අපි ජීවත් වෙනවා.....

නෑ..නෑ...එහෙම...හිත...න්නෙ නැ...ආ..

මගෙ ගෝලයෙකුත් ඉන්නවා...මේ ඉන්නෙ..මගෙ..අනාගත....ඩොක්ටර් ...

පුතා...

අනේ....චූටි අයියේ....උඹ හදන්නෙ ගෝලයා ඉස්සරහ පච වෙන්න.....

හොරා වගෙ උන්න මං ඊලග පාර චූටි අයියා දිහා බලලා ඇතුලට යමන් ඇතුලට යමන් කියනකොට ඌත් ලාවට වගේ වැනි වැනි ගෙට ගියා ලොකු නැන්දා අතේ තිබුන බූවල්ල විසි කෙරුවා ....

නැගිටපල්ලා ....

ලොකු..නැන්...

ලොකූ....කට වහන් ගෙට පලයන් කන්ඩ හදලා ඇති කාලා බීලා බුදියපල්ලා....උඹලට මෙව්වා තේරෙන්ඩ අපි නැතුව යන්ඩ ඕනා...ඔය ළමයි දෙන්නත් මහ රෑ ඔව්වල නැගන් වටෙ නොයා ගෙවල් වලට ගියොත් හොදයි ....

ලොකු නැන්දා ගෙට ගියා ....වැදුන පාරවල් රිදුනා...ඊටත් වඩා ලොකු නැන්දගෙ වචන රිදුනා ...

පරිස්සමින් ගෙදර යන්න...ගෙදර ගිහින් ...පුලුවන් නන් පරිස්සමින් ගෙදර ආවා කියලා මැසේජ් එකක් දාන්න නිර්වාන් ...

මං හින්දා ගුටිත් කාලා දනත් ගහපු නිර්වාන් යන්න ලෑස්ති වෙනකොට මම මිමිනුවා....සැලලිහිනයගෙ ඩිපූටියා මෙ වෙනකඩ අන්දකාරෙ ඉදන් ගුටි කාපු ඌව සියවතාවක් ඉම්බත් නිර්වාන්ගෙන් එකම හාදුවක් වත් හම්බුන් නැති මං එයාට පරිස්සමින් ඉන්න කියලා කියනවත් එක්කම හැම වේදනාවකටමට සාක්කියක් විදිහට මැගෙ ඇස් වලින් කදුලු එලියට අවා.....

චූටි.....දන්නවද...හැම කදුලු බින්දුවකම දෙපැත්තක් තියනවා.....

හෙල්මට් එක දාගත්තු එයා මගෙ කදුලු පිහින්නෙවත් නැතුව මගෙන් ප්‍රශ්නයක් අහනකොට මං ඔලුව උස්සලා හද පායපු අහස දිහා බැලුවා...හද පායලා....හද වටේම තරු ගොඩක් පායලා තිබ්බා.....

මට පාලු හිතේවි නිර්වාන් ....පරිස්සමින් ගිහින් ...එන්න....අම්මා කියන ඒවා...හිතන්න එපා...දිනුවත්....පැරදුනත්.....ඔයා මට ඔයාමයි...

ජීවිතෙ කියන්නෙ...දිනන එකම නෙවෙ නිර්වාන් ....මං ඕන තරම් පැරදිලා තියනවා.....හැබැයි...දිනලා නැතුවමත් නෙවෙ....පුලුවන් නම්...පැරදිලා....ඒ වේදනාවත් දරාගන්න හුරුවෙන්න නිර්වාන් ...කාගෙවත් හීන වලට....ඔයාගෙ ඇගේ ලේ පුච්චනකොට ...මට රිදෙනවා නිර්වාන් ...

එහෙම වෙන්නෙ...මං ඇත්තටම ආදරෙ හින්දා ....මං දන්නවා....වයස දහ අටක් උන අපේ කතා කාට හරිඇහුනොත් උන් හිනා වේවි....ඒත්...මගෙ මට්ටමින්...මං උඹට හරි ආදරෙයි අයියෙ....

හෙට දවසම.....උඹ නෑ කියන්නෙ.මට පාලු දැනේවි ...ආපහු එනකන් මං බලන් ඉන්නවා ....

ම්න්.....

යන්න හදපු එයා දිහා බලන් මුමුනපු මං එයාගෙන් මීට වඩා කිසිම දෙයක් ලැබෙන්නෙ නැති බව දන්න හන්දම ඩිපූටියා ගාව හුරතල් වෙලා යන්න යන සනාශ් දිහා බලන් ඉදලා එන්න ආවා....හැබැයි ඉස්සරහට ගියපු මාව ආපහු පස්සට ඇදිලා ආවා....

ඒ එයා....මගෙ නපුරු නිර්වාන් .....මං කියන වචනයක් ගානෙම හූමිටි තිබ්බා ඇරුනම වචනයකින් වත් උත්තරයක් නොබැන්ද නපුරු නිර්වාන් ....

එයා මාව ඇදලා ගත්තා .....හැබැයි එයාගෙ පැත්තට හරවගත්තෙත් නෑ....කෙලිම්ම මාව පිටිපස්සෙන් තුරුල් කරන් මගෙ උරහිස උඩ නිකට තියාගත්තා ....

චන්ඩි පැටියා ...

නිරූ...

ශ්ශ්....එක විනාඩියකට මෙහෙම ඉන්න දෙන්න.....

මං මීක් නොගා උන්නා.....එක විනාඩියකයට එහෙම ඉන්න දෙන්න කියපු එයා ඊලග පාර හිමින් හිමින් කතා කරන්න ගන්නකොට මං එයාගෙ පැත්තට හැරුනා.....

පරිස්සමින් ඉන්න ....හෙට හවුස් හදන්න ගනීවි.... හෙට සමහර විට පොඩි පොඩි තරග පටන් ගනීවි....ඒ.උනාට ඔයාට යන්න බෑ.....තේරුනානෙ.....ම්ම්ම්...

මං දෙයක් කියන්නෙ එක පාරයි....යන්න එපා කියලා කියන්නෙ එපා හින්දා.....සයාශ් ....මං නැහැයි කියලා මුරන්ඩු කම් කරලා...මන් එපා කියපු දේවල් කරලා මගෙ කනට ආරංචි වෙන්න ඉඩ තියන්න එපා තේරුනාද .....

මං යන්නෙ නෑනෙ නිරූ....

ම්න්....යන්න දැන් ගිහින් කන්න...කාල නිදාගන්න.....වෙලාව දැන් නවයයි හතලිස් පහයි...එකොලහෙන් පස්සෙ ඔන්ලයින් ඉන්න බෑ.....ඉන්න බෑ කියන්නෙ...බෑ කියන එක...ඉදලා මට අහුවෙන්නත් එපා....

හෙට ඉස්කොලේ ඇරුනට පස්සෙ කෙලිම්ම ගෙදර ...තැන් තැන් වල ඉන්න එපා...තේරුනාද ....

තේරුනා ...

ම්න්...පරිස්සමින් ඉන්න තේරුනාද....

තේරුනා ....

දැන් යන්න.....

ම්ම්ම්ම්ම්ම්...

එයා මට යන්න කිව්වා.....ආයමත් හාදුවක් ගැන බලාපොරොත්තු වෙන් ලගට ආව මගෙ බලාපොරොත්තු ඒ නපුරු කම ගාව දියවෙලාම යනකොට මං හූ මිටි තියලා යන්න ලෑස්ති උනා...

තුරුල් වෙන්න ඕනෙ නැද්ද ....තව එකපාරක් ම්ම්ම්

න්..න්..නිරූ.....

එයා මාව ආයම ඇදලා ගත්තා ...දැන් යන්න.කියපු එයා මගෙ මූනෙ ඇදෙන හැගීම් බලන් ඉදලා ඉදලා එකපාරම මාව ඇදලා අරන් තුරුල් කරගත්තා .....ඒ තුරුල් කරන් එයා පපුව පිරෙන්නම ලොකු හුස්මක් ගත්තා ...

" සයාශ් ....

මං උඹට හරි ආදරෙයි ලමයො..."

"ලමයො මන් ගෙදර ආවා..."

මං උන්නෙ පිස්සු පූසා වගේ.....යන්න යන මොහොතේ ඇදලා අරන් තුරුල් කරගන මං උඹට හරි ආදරෙයි ලමයො කියපු මගෙ නපුරු නිර්වාන් ගෙදර ගිහිනුත් මම කිව්වා වගේම මට ආපිට මැසේජ් එකක් එවනකොට ගුටි කාලා උන්න මං ලොකු නැන්දා ලව්වම බත් කවාගන නිර්වාන් එවපු මැසේජ් එක සිය වතාවක් විතර කියෙව්වා ...

යෝ...ළමයා කියලා ...

ලමයාලු....

අනේ...ලමයොලුනෙ....

ඇදට පැනල ඔලුවෙ ඉදන් පොරව ගත්තු මං සිය පාරක් ව්තර නිර්වාන් එව්ව මැසේජ් එක කියව.කියව පුලූවන් තරම් ඵෝන් එකට උම්මා දුන්නා ....ඒ අස්සෙන් මං බලාගන සැලලිහිනියගෙ ගුඩ් නයිට් මැසෙජ් එලෙන් බාගටක්ම "ම්"අකුරෙන් වැහිලා ගිහින් තිබ්බා.....උගෙ උම්මා ඒකෙ දිග යකො.....

"ලමයො මං ගෙදර ආවා "

මං පිස්සා වගෙ ආයමත් ඒ මැසේජ් එක කියෙව්වා ..කියෙව්වා විතරක් නෙවෙ මං මගෙ වට්සැප් එකට ස්ටේටස් එකකුත් දැම්මා....

හී....නිර්වාන් බැලුවා .නිර්වාන් බැලුවා ....නිර්වාන් බැලුවෝ....හ්.....

යකො චූටියා දගලන් නැතුව බුදියපියකො යකො...

ඉතින් උඹ බුදියපන්කො ම්ගෙ ඇස්දෙකෙන් නෙවෙනෙ උඹ බුදියන්නෙ...මෙච්චර වෙලාම කොටලා කොටලා තොටත් කරමතෙ ඉහට ගහන්නෙ දැන් තමා නේ...

පුකවල් රත් වෙන්න ගුටි කාලා උන්න අපි දෙන්නා උඩබෙලි අතට නිදාගන්න බැරි කමට මුනින් අතට නිදාගන ඉන්නකොට මෙච්චර වෙලාම කොටපු ලොකුවා උගෙ ඵෝන් එක පැත්තට දාලා මට බනිනකොට මාත් ඌට බැන්නා...එ ඒක්කම මගෙ අතේ තිබුන ඵෝන් එක දෙදිරුවා ....

.එකොලහයි වෙලාව...ඩේටා ඕෆ් කරලා නිදාගන්න...good night ...

අනේ.....නිර්වාන් ....තව විනාඩි පහක්.....✔️✔️

තමුසෙට සිංහල බැරිද?එකොලහ කියන්නෙ එකොලහ ....නිදා ගන්න කියන්න නිදාගන්න...දෙවනි පාර කියන්න ඉඩ තියන්න එපා...නිදියපන් ...උන නේද?

යෝ..බනින්නෙ.....ඉතින් ම්හුක්.....ගුඩ් නයිට් අනේ...ආතරෙයි හෙඩ් පිපෙට් අයියේ ✔️

ඒ....ඕෆ් ලයින් ගිහින් ඇයි යකො....ම්හුක්...දැන් ඉතින් බුදියපන්කො...මු නම් පොලොන්නරු යුගයෙ එකෙක්ද මන්දා...වෙන උන් ඒකට මල් කඩන කැඩිලි බලන්න ඕනා.....

මහ නරකයි උඹ....

කදුලයි පවසන්නේ.....සැගවූ. ..ඒ ....ආදරේ ....

අඩේ...සයාශයා ග්‍රවුන්ඩ් එකට යන්නෙ නැද්ද ...

මට උන ගැනිලා ඉන්නෙ....උඹලා යමල්ලා....

මං උන්නෙ කෙටි තාප්පෙන් පහල බලාගන ...ග්වුන්ඩ් එක පැත්ත පලාත තහනම් වෙච්ච මං තට්ට තනියම පන්තියෙ ඉදන් ඔහේ කල්පනා කෙරුවා ..මාව නිකන් හෝන්දුමාන්දු වෙලා වගේ.....

අලුත් ඉරක් පායලා .....පාට පාට මල් පිපිලා පුංචි පුංචි සමනල්ලු ඇවිත් ඒ මල් වලට රහස් කියලා මල් පැනි බීලා ගියා....

වෙනදා වගේමයි.....අලුත් දවසක් පටන් අරන් තිබුනත් මගෙ ලෝකෙම නිකන් හිස්වෙලා ගිහින් තිබුනා වගෙ උනා...එයා නැතුව පැය කීයක් ඉන්නද...

අනෙ නිර්වාන් චූටිට පාලුයිනෙ අයියෙ....

මගෙ යටි හිත නහයෙන් ඇඩුවා.....වෙනදට දකින නපුරු ඇස් නැතුව ඉස්කෝලෙම පාලු වෙලා ගිහින් වගේ දැනෙනකොට මට කෑ ගහන්න හිතුනා....

මං කම්මුලට අත ගහන් නිල්පාට අහස දිහා බලාගන මගෙ නපුරු නිර්වාන් ගැන කලපනා කරන්න ගන්නකොට

මට එයා උදෙම්ම එවල තිබ්බ මැසේජ් එක මතක් උනා....

"චූටි ඔන්ලයින් එන්න...".

ඊටෙ රෑ එකොලහට එයාගෙන් බැනුම් අහන් ඩේටා ඕෆ් කරපු මං ආයම ඩේටා ඔන් කෙරුවෙ නින්දෙන් දැකපු එයගෙ මැසේජ් එක එක්ක වෙනකොට වට්සැප් එකට ගියපු මම එයාගෙ මැසෙජ් එක දැක්කා .....

එකම එක මැසේජ් එකයි.....නිරූගෙ නමින් එකම එක මැසේජ් එකයි...

"මං එනකන් පරිස්සමින් මගෙ ලමයො..."

නපුරු නිර්වාන් ...මගෙ නපුරුම නපුරු නිර්වාන් .....මන් එනකන් පරිස්සමින් මගෙ ලමයො.....ඒ මැසේජ් එක අස්සෙ නපුරු නිර්වාන් ගෙ ආදරේ පිරිලා තිබුනා...!!

එපා වෙනවා.....අනේ නිර්වාන් ....අනේ....නිර්වාන් ...දැන් ඔය ඇතිනෙ.....චූචියට පාලුයිනෙ.....හ්...

මං තනීයම කියෙව්වා ...හවුස් මීට පටන් ගත්තු හින්දා පන්ති කාමර හැම එකක්ම හිස් වෙලා ගියත් ගොලු හදවතේ උන්න දම්මි සුගතලා නම් අහු මුලු ගානෙ පෙම් කෙල කෙල උන්නා....ග්‍රවුන්ඩ් එක පැත්ත පලාත තහනම් කරපු මට යන්න එන්න තැනක් නැතුව එහා මෙහා වෙවී ඉන්නකොට මං බලාගන අපේ සැලලිහිනියා කොල්ලො දෙතුන් දෙනෙක් එක්ක මොනවදෝ යකඩ බාර් වගයක් උස්සන් යනවා....

එපා වෙනවා අප්පා....

මං ආයම කන් කෙදිරි ගෑවා....එයා නැති පාලුව ඕනාවටත් වඩා දැනෙනකොට මම ඉදන් උන්න පුටුවෙන් නැගිටිනවා එක්කම හයේ හතේ වගෙ පොඩි කොල්ලෙක් දූවගන වගේ අපේ පන්තියට ආවා.....

අයියෙ....අයියේ...මේ.....හ් සැලලිහිනියගෙ මල්ලි කියන්න ඔයාද...

ඇයි මල්ලි...මගෙ තටු දෙකක් එහෙම පේනවද උඹට.....සැලලිහිනියා ගෙ මල්ලි කියන්නෙ...දෙන්නෙ උඹට .....

තටු නම් මං දන්නෙ නෑ...කියපු එකනෙ මාත් කිව්වෙ....ඇයි වදෙ....අන්න නාට්ටි කරන සර් සැලලිහිනියගෙ මල්ලිව හොය හොය ග්‍රවුන්ඩ් එක පීරනවා.....

ඒ මොකටද.....මාව හොයන්නෙ...

ඒක ඉතින් මං දන්නෙ කොහොමද ...දන්නවනම් මං කියනවනෙ....ඒවා...මන් දන්නෙ නෑ...ඔන්න මං දෙන්න කිව්ව පනිවිඩේ කිව්වා...අපි කැපුනා....

ශිහ්.....අරූ හන්දා දැන් ඔක්කොමල්ලා මට කතා කරන්නෙත් සැලලිහිනියගෙ මල්ලි කියලා.....

සැලලිහිනියගෙ මල්ලිව නාට්ටි කරන සර් ග්‍රවුන්ඩ් එක පීර පීර හොයනවා කියපු නිසාම නපුරු නිර්වානයා හින්දා තට්ට තනියම පන්තියෙ උන්න මං අවසානෙදි පන්තියෙන් එලියට ඇවිත් ඩ්‍රාමා උගන්නන අයාන් සර්ගෙ රූම් එක පැත්තට ගාටන්න ගත්තා ....

ග්‍රවුන්ඩ් එක පුරාවටම ළමයි පිරිලා ...

අනේ....මටත් යන්න ඕන අනේ.....ඔන්න ඔහෙ මාත් යනවා.

ඇයි වදේ....මේක හරි මගුලක්නෙ...එයත් නෑ..මං තනියම මෙහෙම ඉන්නද....ඇරත් මං ග්‍ර්වුන්ඩ් එකේ උන්නා කියලා මොකා.කියන්නද...අපේ එකා නම් කියන්නෙ නෑ....ඉතින් එතනින් එහා කවුරු කියන්නද....සර්ව හම්බෙලා මං කෙලිම්ම අපේ හවුස් එක හදන තැනට යනවා....කෙල්ලෙක් වගේ පන්තියෙ ඉන්න පුලුවන්ද ...පිස්සු....

කෑ.කෝ ගගහා එහාමෙහා දුවන ළමයි දිහා බලාගනම මන් අයාන් සර්ගෙ පන්ති කාමරේට ආවා....

එයා ඉන්නවා....කා එක්ක හරි මොන වහරි කිය කිය සර් කාරයා ඉන්නවා.....මේකනෙ යකො කෑල්ල...තනිකරම නලු බට්ටෙක්නෙ...ඩ්‍රාමා සර් එක්ක බලනකොට අපේ චූටි අයියා මොන හාල් කෑල්ලක්ද හිතෙනවා....

ආ පොඩි නිවුන්නා...ආවද.....

සර්...මට එන්න කිව්වෙ....

එන්න කිව්වෙ රගපාන්න...වෙන මොකටද....

මං ෆුල් හොල්මන් උනා...ස්ක්‍රිප්ට් එකක් කියලා කියන්න පුලුවන් සුදුපාට හාෆ් ශීට් පොතක් අතේ තියන් උන්න අයාන් සර් මට රගපාන්න එන්න කිව්වෙ කියනකොට මොකුත් නොතේරෙන මං සර් ගාවට ගිහින් හිටගත්තා .....

ඇත්තටම ඇයි සර් එන්න කිව්වෙ...

ආයමත් අහනවා....දැන් මං හේතුව කිව්වෙ...කොල්ලට සින්දු කියන්න පුලුවන්ද ...

.පුලුවන් සර්.....

සින්දුවක් කියමුද බලන්න...

මෙතන...

නැතුව ඉතින්...සැලලිහිනියට නම් කියන්න පුලුවන් කියන්න උගෙ සංදේශ කාව්යෙම්ම හිතා ගන්න පුලුවන් උඹලා නිවුන්නුනෙ....බලන්ඩ හොදට කට ඇරලා...කට සද්දෙට සිංදුවක් කියමු බලන්ඩ...

අයාන් සර් මට සින්දුවක් කියන්න කිව්වා.....යකෝ...දැන් ඉතින් දන්න සින්දුත් අමතක වෙනවනෙ...කියන්න සින්දු මතකත් නෑ...

සර්....

මොකද...කියන්න බැරිද...

සර්...සින්දුවක් නෑනෙ.....

සින්දු නැත්තෙ මොකද බන් ඔය ඕන තරම් සින්දු තියෙන්නෙ...

ඔව්...ඉතින්...මට දැන් මොකුත් මතක නෑනෙ.....එක්කො....මං සෙන්කඩගල නුවරට වහින වැස්ස කියන්නද සර්....

උඹට ඕනෙ අර ග්වුන්ඩ් එකේ උන් ලව්ව වැහි නැටුම නටවන්නද....වෙන එකක් කියපන් ඒ මගුල කිව්වොත් වහිනවා...

මං ඔලුව කැසුවා...කියන්න සින්දුවක් නැතුව යනකොට ඩොල්කිය ගත්තු අයාන් සර් ඒකට තට්ටු දාන ගමන් මා දිහා බලන් ඉදලා මං එනකොට සර් එක්ක කතා කර කර උන්න මේ වෙනකොට අපිට පිටිපස්ස හරවන් උන්න කලු ලෙදර් ජැකට් එකක්. දාන් කොන්ඩයක් බැදන් උන්න කව්ද බෝයි වගේ උන්න කොල්ලට කතා කෙරුවා .....

ශාක්‍ය ...ඔය ගිටාර් එක ගන්න...කොල්ලා..දන්න මොකක් හරි කියපන් මට ඕනෙ කට සද්දෙයි තාලෙයි බලන්න...

ශාක්‍ය .....අයාන් සර් අර කොල්ලට ශාක්‍ය ගිටාර් එක ගන්න කියනවත් එක්කම කව්ද බෝයි වගේ උන්න කොල්ලා අපි දිහාවට හැරුනා...මගෙ ඇස් දෙක කටට ගියා....

අනේ මුනිතාස අයියෙ.....මාව බ්‍රමනය වෙනවනේ....

මේ ඉන්නෙ ....මේ ඉන්නෙ.....අර....අනේ...මූ නලුවෙක්නෙ...!!

මගෙ ඇස් දෙක නලලට ගියා...කට දනිහට ඇරුනා...මගෙ ඉස්සරහා උන්නෙ මන් ආසම කරන වේදිකා නාට්‍ය නලුවෙක් වෙනකොට මම කට ඇරන් බලාගන උන්නා....

(ශාඛ්‍ය ආශිංසන)

නිවුන්නා....කෝ කෝ.....වෙලා නැ.....ඉක්මන් කරපන් ....උඹට නැද්ද දැන්

ම්...මට තියනවා...සර්.....

එහෙනම් කියපන් ඉතින්...මොකක්ද සින්දුව....

මඩේ ලගින තාරාවන්....!!

....

😌ගුම් මෝනිම්.....!

ආයම කොටසකින්.එන්නම්

.

පයිස්සමින්....

ආතරෙයි.....!

මන්.ජොබී....

Nedeesha .....

More Chapters