මං අත් දෙකෙම්ම කන් දෙක වහගත්තා ...මං අත් දෙකෙම්ම කන් දෙක වහන් ඇස් දෙකත් පියා ගත්තා ....මෙ එකක් වත් මං හිතලා කරපු දේවල් නෙවෙ...මේ හැම දේම මට ඉබේ උන දේවල් වෙනකොට මං නිර්වාන්ගෙ පිටට මුන ගහගත්තා .....
අනේ...නිර්වා....න්...
එයාව තරහවට පුපුරන්න එනවා...අතේ තිබුන ෆුල් ෆේස් හෙල්මන්ට් එක කෙලිම්ම ගිහින් වැදුනෙ ජිප් එකෙ පිටිපස්සෙ වීදුරුවට වෙනකොට වීදුරුව ස්පයිඩර් මෑන්ගෙ මකුනු දැල ගැහුවා වගේ පුපුරලා යනකොට මං එයාව අත් දෙකෙම්ම මිරික ගත්තා .....
අනෙ....නිර්වාන් ...අපි යමුකො....අපි යමු නිර්වාන් ...එපා පැටලෙන්න...අනේ එපානෙ....
.නිර්වානයා....වරෙන් වරෙන් යන්න...කිව්වම අහලා වරෙන්...ඇමති තුමා....තමුනුත් ඔය ආව පාරෙම යන්න ගියා නම් මුගෙ ලේත් ඉතුරුයි මගෙ ලේත් ඉතුරුයි...තමුන්ගෙ ලේ නම් ඉතුරු උනා නැතා මටවත් මූටවත් අදාල නෑ ඒක නිසා ආව ගමන යන්න පුලුවන් ....
අයියගෙයි මල්ලිගෙයි දෙන්ගෙම තරහව එක වගේමයි...වෙලාවකට මට හිතෙනවා තමුනුත් අර හමුදාකාරයගෙ
ඇමති තුමා මේහ්...
ශෙනිරු...අනේ අපි යන් අයියෙ....අපි යමුකො...ඔය කවුරුත් කියන ඒවා අහන් ඉන්නෙ යමුකො....
ඇමති තුමා.....මුලු කැබිනට් එකේම ඉන්නෙ හරක්..ඒක මමවත් මූවත් නොදන්න දෙයක් නෙවෙ...හැබැයි බත් කන හරක් කියන්න මේ තරම් කාලෙකට අහල තිබ්බා මිසක් ඇහැට දැකලා තිබුන් නෑ....හැබැයි අද මං බත් කන හරකෙක් ලගටම දැක්කා...දැන් ඔය ඇමති තුමා කට ඇරලා කියන්න ගියෙ මූයි මායි දෙන්නම එක වගේ හන්දා... මූ මුගෙ අප්පච්චි ගෙ නෙවෙ කියලා එක එකා කියන්නා වගේ...මාත් තමුන්ගෙ කියලා කියන්න නම්.....ඇමති තුමා...මට කියන්න තියෙන්නෙ.....මගෙ අම්මා ලොකු අම්මා නෙවෙ.....දෙක....මගෙ අප්පච්චි ...ලොකු අප්පච්චි වගෙ කට පියන් ඉන්න එකෙකුත් නෙවෙ...හැබැයි.....ඇමති තුමා....ඔය කට පියන් ඉන්න මිනිස්සු කට අරින්න ගත්තොත් ....ඒකත් සෑහෙන්න අමාරු වෙයි ....
අනේ සෙනූ...
මේ පුතා...අපේ ශෙනිරුගෙ යාලුවෙක් ද.....බොහෝම ලගයි වගේ.....
ඔව්....ඇයි...බොහෝම ලගයි....මොකද..... ..උඹත් අහකට පලයන් සනාශ් උඹත්...මගුලටද මැදට පනින්නෙ....පලයන් පැත්තකට....
සෙනූ..අනේ
උඹට කියන සිංහල තේරෙන්නෙ නැද්ද සනාශ්...කිව්වම අහලා...ඕක දාගන පැත්තකට පල.....
මං බලාගන උන්නා...අපේ එකා ශෙනිරුව අත් දෙකෙම්ම අදිනවා..ඇද ඇද එන්න කියනවා....ඒත් ඌට උනෙත් මට උන දේමයි.....ඌට උනේ මට උන එකේ ඊටත් එහා දෙයක්.... නිර්වාන් වගේ බුම්බගන නැති උනත් අපේ එකාව කොයි වෙලෙත් හුරතල් කරන ශෙනිරුවව නිර්වාන් වගේම පුපුරන්න ගත්තා.....එයත් එයාගෙ තාත්තගෙ නෙවෙ ඇමතියගෙද මන්දා කියනවත් එක්කම ශෙනිරුවව ආවේස වෙල වගේ වෙවලන්න ගත්තා උන්ත නිර්වාන් වගෙ ඒක පිට කරන්න බඩු මුට්ටු පොඩි පට්ටම් කරන්නෙ නැතුව දත් මිටි කකා බනින්න ගත්තා ....එක පාරක් බැනුම් අහපු මම මීක් නැතුව එයා ගාව ඉන්නකොට උන් ගෙ මැදට පැනල ඩිපූටුයව ඇද්ද අපේ එකාව ඒකා බැනලා එලෙව්වා මදිවට තල්ලුත් කෙරුවා....
නිරූ.....අපි යමුකො නිරූ...
බැනුම් අහන් බය වෙලා උන්න මං එයාගෙ ටී ශර්ට් එකෙන් ඇද්දා.....එයා බලාගන ඉන්නවා...එයා බලාගන ඉන්නවා ඇරුනම වෙන කිසිම දෙයක් නොකියනකොට මට බය හිතුන.....ඇස්ලේටර් එක මිරිකන් උන්න අත එක පාරම තද කරලා ඇමතියව දැන් යට කරයි දැන් යටකරයි කියලම එක දිගට කියනකොට ඒ දෙන්නව ගානකටවත් නොගත්ත ඇමතිය ගිහින් ඒකගෙ ජීප් එකෙ පුපුරපු වීදුරුව දිහා බලලා ලාවට ඔලුව වැනුවා....වනලා බිම තිබ්බ ෆුල් ෆේස් හෙල්මන්ට් එක අරගන ඒකෙ තිබුන දූවිලි ඇගිලි තුඩු වලින් පිහදාලා අපි දෙන්නා ගාවට එනකොට මං නිර්වාන්ව මිරිකගත්තා...ඒත් ඒ මුජ්න දිහා නොබල ඉන්න බැරි කමට මං ආයම එයාගෙ උරහිස් උඩින් ඇස් දෙක එලියට දැම්මා...
ඇත්තමයි....ආය ඩීඑන්ඒ නම් ඕනෙත් නෑ...මේ මනුස්සයගෙ නියපොත්තක ඉදන් හැම දෙයක්ම....රෝම කූපයක් පාසාම මගෙ නිර්වාන් වගේමයි....කොටිම්ම ඇමතියා කියන්නෙ දැන් ඉන්න නිර්වාන්ගෙ පරිනත රූපයක් වෙනකොට ඒ ඇසුත් මේ ඇස් වගේම හීනි වෙලා තිබ්බා ....
නිර්වාන් ...හෙට මැච් එක...තමුන් නැශනල් ටීම් එකට සිලෙක්ට් වෙන්න ඕනා...ඒක අනිවාර්‍යයයි.....
නොවුනොත් ? මං නොකෙරුවොත්...ඒකට මොකද කියන්නෙ.....
මුරන්ඩු කම් කරන්න එපා...මේක මගෙ හීනයක්...
ඉතින් යකො...මේක උඹගෙ හීනයක් නම් ඒක උඹගෙ ළමයි ලව්වාබලවපන්කො මොන රෙද්දටද මං ලව්වා උඹගෙ හීන බලවන්නෙ....ආ...
අනෙ....නිර්වාන් ...නිර්වා...න්...අනේ..සෙනූ...අයියෙ.....
මං එයාව අල්ල ගත්තා .....මේ තරහව හන්දා කවදා හරි මට ඉතුරු වෙන්නෙ කිසිම දෙයක් දරාගන්න බැරි නිර්වාන් කෙනෙක් වෙයි කියන බයට.මං එයාව බදාගත්තා ...කව්ද දන්නෙ...දරාගන්න බැරි තරහව ගාව...මොකක් හරි නරකක් උනොත්..අනේ...අනේ....එහෙම නම් වෙන්න එපා....එහෙමනම් වෙන්න එපා දෙයියනේ..අනේ....එහෙම වෙන්න එපා.....මේ යක්කු හන්දා මට මගෙ නිර්වාන් ලෙඩෙක් වෙනවා බලන්න බෑ.....
නිරූ....ඔයාගෙ චූටි පිටිපස්සෙ නිරූ....ඔහොම තරහ ගන්න එපානෙ මගෙ අයියෙ...
එයා දත් මිටි කාගන එයා ලගට ආව ඇමතියගෙ ඇමතියගෙ නැශනල් එකේ කොලර් එකෙන් අල්ලනවත් එක්කම මං එයාව පිටිපස්සෙන් තුරුල් කරගත්තා ....මං දන්නෙ නෑ..මේ මිනිහා එයාගෙ අප්පච්චි උනත්...උන්ට තියෙන්නෙ මහ ආත්මාර්තකාමී අදහස්....උන්ට තියෙන්නෙ මහ නපුරු ගති...උන් කවුරුත් මගෙ නිර්වාන්ට ආදරේ නෑ ..උන් කවුරුත් කරන්නෙ සල්ලි විසි කර කර මගෙ නිර්වාන්ව රූකඩයක් වගේ නටවන එක....
කොටිම්ම...මගෙ නිර්වාන් කියන්නෙ...රත්තරන් කූඩුවක හිරකරාපු පුද්ගලික සුරතලෙක් වගේ....
මං එයාව අත් දෙකෙම්ම තුරුල් කරගත්තා ...වෙව්ල වෙව්ල ඇමතියගෙ කොලර් එකෙන් අල්ලන් උන්න නිර්වාන් හිමින් හිමින් සන්සුන් වෙන්න ගත්තා විතරක් නෙවෙ අවසානෙදි මගෙ වචනත් එක්කම ඇමතියව අතෑරලා දැම්මා.....ඇමතියගෙ මුනෙ ලාවට හිනාවක් ඇදුනා...කොටිම්ම කට කොනින්....මගෙ නිර්වාන්මයි.....!
ම්හුක්...ඒ උනාට මගෙ නිර්වාන් හොදයි.....තරහා ගියාට මූ වගේ නෙවෙ.....
ඔය ළමයා කව්ද.....
ඇයි අහන්නෙ ඔයා...
අහන්න තහනම්ද ම්ම්ම්ම්ම්....ඔය ළමයා අර ලමයගෙ කවුරු හරිද.....
තහනම් තමයි...අපේ නිරූ කැමති නෑ නොදන්න ගෝතයො එක්ක කතා කරනවට....මට මගදිගටත් කිය කිය ආවෙ නොදන්න ගෝතයො එක්ක නම් කතාවට යන්න එපා ලමයො කියලා .....අනික මම අරලමයගෙ කවුරු උනත් ඔයාට මොකටද...?
මන් කොච්චි කරලක් වගෙ පුපුරන්න ගත්තා ...ඒ මූන බලන් ගෝතයා කිව්වා.....නිස්කාරනේ නිර්වාන්ගෙ ලේ පුච්චපු ඇමතියව දැකපු අඩි පහයි අගල් දෙක තුනක් උස "නිට්ටෑ පන්තියෙ" උන්න මට අනිත් පාර තරහා ගියා විතරක් නෙවෙ...තියන චන්ඩි කමට බයික් එකෙනුත් බැස්සා...බැහැලා අත් දෙකත් ඉනට ගහන් පස්සත් පොඩ්ඩක් තව පස්සට දාගත්තා...
ඇයි වදේ...මන් ඇවිත් ඇමතියගෙ බෑනානෙ...මටත් තරහා යනවා...කොච්චර කිව්වත් ඉතින් මේ ඉන්නෙ නිර්වාන්ගෙ අප්පච්චි නෙ...ඒ උනාට අපේ නිරූට මේ මිනිහව ඕන් නෑ.....
මොකටද කියලා අහන්නෙ.....සාමාන්‍යයෙන් මං දන්න මගෙ නිර්වාන්ට නම්....ඔච්චර ඉක්මනට තරහා නිවා ගන්න බෑ...එහෙම නේද නිර්වාන් ම්ම්ම්...
ඇමති තුමා....මං හිතන්නෙ වචන වැරදුනා...මං කවදාවත් තමුන්ගෙ නිර්වාන් උනෙ නෑ.....වෙන්නෙත් නෑ...ඇරත්...මගෙ ගාව ඉන්නෙ කව්ද...නැත්තෙ කව්ද හොයන්න තියන අයිතිය මොකක්ද ම්ම්ම්.....
ඒකනෙ...අයිතිය මොකක්ද...ඔයාට එහෙම එකක් නෑනෙ...අපේ නිරූටම අහනවනෙ....අනික...ඔයා මායි අපේ අයියයි ගැනයි අහන්නෙ අපි දෙන්නට සිස්සාදාරයක් වත් දෙන්නද?
කටර් එකක්....පොඩි හුරතලයක්නෙ....ම්ම්....දෙන්න බැරි කමක් නෑ ඉතින්
ආ..ආ...මේ...මේ.....සිංහවසයෝ...ඕවට නම් එන්න එපා...අපේ සුතර්මා කියලා තියෙන්නෙ...බාල අපරාද කාරයො හැමතැනම කියලා ...එහෙන් මෙහෙන් අතපත ගාන්න මිරිකන්න ආවොත් කෑ ගහන්න කියලා හරිතේ....
මං පස්සට පැන්නා....කටර් එකක් පොඩි හුරතලයක් කියපු නිර්වාන්ගෙ ඇමති තාත්තා මගෙ නිකටෙන් අල්ලන්න යනවත් එක්කම මම පස්සට පැන්නා ඒ එක්කම අපේ ලොකුවත් මාව උගෙ ගාවට ඇදලා ගත්තා ...ආවා මෙතන අල්ලගන...
ලැජ්ජ නැද්ද ඇමති තුමා පාරෙ යන ළමයි අල්ලන් කෙනෙහෙලි කම් කරන්නෙ...ඇරත් මේ නිරූට ඔයාගෙ හීන හැබෑ කරන්න කියන්නෙ...පුදුම ආත්මාර්තකාමියෙක් තමයි.....නේද සෙනූ....තිරිසන්නු වගේ අනේ...
මාව ඇදපු ලොකුවා අනිත් පාර ඇමතියට බනින්න ගත්තා ...උගෙ පෙට්ටි කට එහාට මෙහාට වෙනකොට සටන වයිපිලාට බාර දුන්න සුවාමි පුරුසයො දෙන්නා උන්ගෙ දඩුමොනරුන්ට හේත්තු වේගන බලන් ඉන්නකොට ගිරව් දෙන්නා වගේ කියවන අපි දෙන්නා දිහා බලන් උන්න ඇමතියා සුහද කොකා එකේ ගොන් ඇමතියා වගේ අපි දෙන්නා දිහා බලන් උන්නා.....
ඒකනෙ...අනික....ඔයාට වටින් නෑ....ඔයාට නම් කොහොමත් වටින් නෑ ඇමති තුමො...නිරූ ලව්වා ඔයාගෙ හීනෙ බලාගන්න...ඇරත් ඔයා කියන්නෙ මේ ළමයා හැමදාම එක එකාට ඇන ඇන ඉන්න කියලද...එයා රටේ නම ගිය හොද ඩොට්ට කෙනෙක් වෙන්න ඉන්නෙ.....ආ.....
ඇත්තට....හොදයිනෙ....කව්ද දන්නෙ ම්ම්ම්..මං හිතන්නෙ.....නිර්වාන්ගෙ අම්ම නොදන්න හුගක් දේවල් මේ පොඩි කටර් එක දන්නවා වගේ...එහෙම නේද නිර්වාන් ....
ආ...ඔයා නිර්වාන්ගෙන් අහන්නෙ මොනාද...මගෙන් අහන්නකො...අනික....එයාගෙ අම්මා මොනාද එයා ගැන දන්නෙ...ආ.....ඒකට අපේ චින්තකගෙ වයිෆ්...අපිට මෙහෙ හචිමක් ගියත් එයාට එහෙ දැනෙනවා...අන්න එහෙමයි අම්මලා...ඇරත්.....මොන අම්මද අනේ ලමයට ඔහොම සතෙක්ට වගේ අනදෙන්නෙ....ආ....
ඒක....තමයි...සතෙක්ට...ආ..ආව්හ්...සෙනූ...
වරෙන් මෙහාට...ඌ බලාගනී උගෙ මිනිහා ගැන....උඹ වරෙන් .....
මං අඩියක් ඉස්සරහට ආවා....අපේ නිරූ නෙවෙ මට කට පියවපන් වත් කිව්වෙ...මෙච්චර වෙලා සයිඩ් එකන් පෝර දදා උන්න අපෙ එකාව ඩිපූටියා ඇවිදින් පැත්තකට ඇදන් යනකොට ආදරේ නාමෙන් ඇස්ඩ් උනත් හලාගන්න ලෑස්ති වෙලා උන්න මං ඇමති මාමන්ඩියා එක්ක වාග් ප්‍රහාරෙකට ලැස්ති උනා...
සතෙක්ට වගේ....ඇත්තද නිර්වාන් මේ කියන්නෙ.....
මං නිර්වාන් දිහා බලනකොට එයා අහක බලාගන කට කොනකින් හිනා වෙලා ලාවට ඔලුව හෙලෙව්වා..හරියටම උඹ මොනාද බන් දන්නෙ අහන්න වගේ....
ඇත්තද ඇත්තද අහන්නෙ....ඔයා මන්ත්‍රී නෝනගෙම්ම අහගන්නකො...ඇරත් ඔයාලා දෙන්නා කතා නොකරන මිනිස්සු නෙවෙනෙ අනේ...ඔය කිව්වට කාමරෙත් වරදවා හැසිරෙනව ඇති....
සයාශ්...
ම්හුක්.....ඇත්තනෙ...නිරූ...ඉතින්...ඔයා හිතන්නෙ....
මට හිතන්න දෙයක් නෑ.....මං පිදුරු කාපු එකෙක් නෙවෙ සයාශ් ....ඔය මනුස්සයා අර මනුස්සයා එක්ක නාඩගම් නටනවා ඇති කියන්න මං දන්නවා...ඒ නටපු නාඩගමක් තමයි මාත්...මේ පේන්නෙ නැද්ද....රූකඩෙ වගේ එහාට මෙහාට වැනෙනවා.....
නිර්වාන් උඹ ඔය මොනවද කියන්නෙ ආ....උඹ අම්මට කතා කරන්නෙ ඔහොමද...
නිරූ....
පැත්තකට වෙන්න.....
මේ අහන්නකො නිරූ...i can handle this situation ...
Piss off!

නි...නි....ඇත්තද....උඹ මට එහෙම කතා කෙරුවා නිර්වාන් ...එහෙමයි නේ...ම්ම්ම්..හරි...අපි බලාගමු...
මාව....තරහා අවුසන්නෙ නැතුව.....එක විනාඩි පහකට පැත්තකට වෙයන් සයාශ් ...එක විනාඩි පහයි...මං ආය කියන්නෙ නෑ....කරුනාකරලා මැදින් අයින් වෙයන්...
මන් රවාගත්තා ....මෙච්චර වෙලාම නිර්වාන්ගෙ පැත්තට කතා කරපු මාව එයා අනිත්පාර යකා වැහුන එකෙක් වගේ එලවනකොට මමත් පුපුර පුපුර පැත්තකට උනා.....
හරිම අගෙයි...ආ...හරිම අගෙයි අනාගත සැමියෝ උඹගෙ වාග් ප්‍රහාරෙ නම්.....මෙච්චර වෙලා විහිලුවෙන් විහිලුවෙන් හරි ඇමති ගෝතයට බැනන් ආව මාව පැත්තකට දාලා මෝඩයා වගෙ ලේ පුච්චගන්න උඹ නම් හරිම අගෙයි...යසයි...බෑනෝ.....ප්‍රීතී...ප්‍රීතී...
අනේ චින්තක...මූට කොහිල කටු පිටින් ගිල්ලලා මදි....කොහිල ගාලක් උඩින් කලිසම නැතුව දුවවන්න ඔනෙ....
මං පස්සට උනා..අනුන්ගෙ ගිනි නිවන්න ගියපු ලොකු එකා මොනවට හරි කදුලු පුරවන් බිම බලන් ඉන්නකොට මං බලාගන අනිත් නහරයත් උගෙ හෙල්මන්ට් එක උරුක් කරන් ගහන්න බලන් ඉන්නකොට මං හිමීට සැලා ගාවට කිට්ටු වෙලා උගෙ ඉලේකට ඇගිල්ලෙන් ඇන්නා....
ඇයි උඹ අඩන්නෙ....
මොකුත් නෑ...
කියපන් කියපන්...අරුත් මාව බලු බල්ලෙක් ගානට දාලා එලෙව්වා...වේදනාවයි ලොකූ...වේදනාවයි....මෙහෙම උන්නට වේදනාවයි ඈ.....
.....
මොකද උනේ කියපන්.....
ඇමතියයි පුතුකියයි ඇරු සොයිසලා වගේ ඇරගන්නකොට මන් බලාගන හමුදාකාරයගෙ පුතා අවශ්‍ය තැන නෙලන්න බලන් කුරුමානම් අල්ලනවා....ඒ අස්සෙ හොරෙන් හොරෙන් කදුලු පිහන සැලා ලාවට වගේ මූනත් අත ගගා මා දිහා හොරාවට බලන්කොට මං ආයම ඌව කූරු ගෑවා....
මොකක්ද උනේ කියපන්කො...
ගැහුවනෙ.....
ආ..ආ..ආ...කව්ද මෙ ඩිපූටියා....
ම්න්න්න්...
කොහෙට....
කටට.....
ඇයි....
කියවන් යනවා කියලා ...රිදුනනෙ චූටි.....
ආ...ආ...හරිම අගෙයි...ඉතින් උඹ ගුටිකාන් උන්නා....ඇයි යකො අතපය දිගෑරලා ගහන්න එපැයිනෙ...යසයි....අප්පච්චි ගෙ ලොකු පුතාගෙ දහිරිය නම් ආ.....ඉද්දකින් පෙට්ටියා...නිර්වානයා මට එහෙම අතක් උස්සපු දාට තමයි ඌ මං කව්ද දැනගන්නෙ.....
අනේ නිකන් ඉදු....මං අහගන අඥෙ ඥිර්වාන්...හුඥේ ඥිර්වාන් ගානවා....
ආ..ඇහුනද...හි..හි.....හැප්පි...හැප්පි...හෑපි...හරි නරකයි!..හරි දුකයි...මං ගාමිනි!
පෙට්ටිකටට පාරක් කාපු සැලා පැත්තකට වෙලා අඩ අඩ ඉන්නකොට උගෙ දුක අහන්න ගියපු මං පීචන් වෙලා පැත්තකට වෙනකොට ඇමතියා කාටහරි කතා කෙරුවා .....
සිරිවර්ධන.....
ඇමති තුමා...
ඕක ගෙනාවනම්....
මොකක්ද ඒ .....ඕක ගෙනාවනම් කියන්නෙ...මොනවද...පැත්තකට එලවපු මං ආයම හොරෙක් වගෙ ලන් උනා.....
නිර්වාන් ...මේක ඔයාට....මේක.....ශෙනිරු ඔයාට...
මට එපා...සොරි ...මට ඔව්වා බාර අරන් අපේ අම්මා අප්පච්චි ගෙන් නිස්කාරනේ බැනුම් අහන්න ඕන් නෑ ඇමති තුමා.....මට ඕන් නෑ.....
ශෙනිරු මං මේවා දෙන්නෙ හිත හොදින්.....
ඔච්චර ඔය හිත හොද කරගන්න එපා ඇමති තුමා මොකද හිත හොද එකා හැමදාම බඩින්.....එහෙම වෙලා වෙන්න ඇති ලොකු අම්මත් ....නැ එක්කො ඕන් නැ...නිස්කාරනෙ මට පව් පිරෙනවා...මට කියන්නෙ තියෙන්නෙ මෙච්චරයි ඇමති තුමා...මු තරුවක් නෙවෙ....අහසින් මහ පොලවට කඩන් වැටෙනකොටත් අනුන්ගෙ ප්‍රාර්තනා ඉශ්ට කරන්ඩ...මූත් මනුස්සයෙක්...මු පව්.....මූ නොසෑහෙන්න පව්....කරුනාකරලා ඔයයි ලොකු අම්මයි එකතු වෙලා මූව පාවිච්චි කරන එක නවත්තන්න ඇමති තුමා.....
ඔච්චර අමාරුවෙන් මට ඇමති තුමා....ඇමති තුමා.ගාන වෙලෙ...කෙලිම්ම ලොකු අප්පච්චි කිව්වා නම් ඉවරනෙ ශෙනිරු ...
මං දන්න තරමින් අපේ අප්පච්චිට ඉන්නෙ එක අයියයි...ඒ මුගෙ අප්පච්චි විතරයි ...ඒක නිසා.....මට ඔය අලුතෙන් හම්බෙන අප්පච්චිලාගෙන් වැඩක් නෑ...බොහොම ස්තූතියි මං වෙනුවෙන් පනමක් වියදම් කෙරුවට..මේව්වා මේ මහ ජනබදු මුදල් එහෙම නෙවෙනෙ නේ...
ගල්වුස් දෙකක්...තනි නිල් පාට රබර් ග්ලවුස් දෙකක්...
ඇමතියා ශෙනිරුට දික් කෙරුවෙ හෙට අරන් යන්න ගල්වුස් දෙකක් වෙනකොට ඩිපූටියා ගත්තු කටටම ඒක එපා කියලා පැත්තකට කරනකොට මං නිර්වාන් දිහා බැලුවා...මොකද ...ඊලග පාර ඇමතියා හැරෙන්නෙ එයා දිහාවට....
නිර්වාන් ....
මට තමුන්ගෙන් නූල්පටක දෙයක් ඕන.නෑ ඇමති තුමා....
ඒත් මේක මගෙ යුතුකම...එහෙම නෙ...අප්පච්චිලා එහෙමයිනෙ...ම්ම්ම්
මොනවද.....ම්ම්ම්..මොන යුතුකම්ද.....තමුන්ට ඔය තරම් යුතුකම් ඉශ්ට කරන්න ආස නම්....අරගෑනිවයි...පොඩි කෙල්ලො දෙන්නවයි දාලා එනවකො අපේ අම්මා ගාවට....
නිර්වාන් ....
ශ්ශ්.....වැඩි සද්ද එපා ඇමති තුමා...මං අදටත් .....මේ මොහොතෙත් මගෙ මුනට වෛරකරනවා.....කන්නාඩියකින් මගෙ මූන දකින වාරයක් ගානෙම මට හිතෙන්නෙ මෙ ඉන්නෙ මම නෙවෙ කියලා ....මේ ඉන්නෙ නිර්වාන් නෙවෙ..මෙතන ඉන්නෙ..අම්මගෙ අනියම් සැමියා උන උඹ කියලා ...මං කොච්චර උඹට වෛර කෙරුවත්....මං කොච්චර උඹ මගෙ කවුරුත් නෙවෙ කියලා කෑ ගැහුවත්...ඒ ඇත්ත මට කවදාවත් බොරු කරන්න බෑ කියන ඇත්තට මං වෛර කරනවා යකො...මන්මටම වෛර කරනවා..මං...උඹ හන්දා මටම වෛර කරනවා....
උඹ අම්මා ගැන කියනවා.....උඹ මං ගැන අයිතිය කියනවා...එහෙනම් කියපියව් ...ඇයි බැරි තොපි දෙන්නගෙන් එකෙක්ට වත් මට ආදරේ කරන්න....අර අම්මා කියන මනුස්සයා මගෙන් දකින්නෙ උඹව....අප්පයි කියාගන සැරින් සැරේම....සැරින් සැරේම මගෙ මූන ඉස්සරහට ඇවිත් ඇවිත් මගෙ ලේ කෝප කරන උඹ කරන්නෙ උඹට අත ඇරුන හීනෙට මාව තල්ලු කරන එක....මං රූකඩයක් නෙවෙ...මං රූක්ඩයක් නෙවෙ යකො.....!!
නිර්...වාන්..අනේ....නිර්
චූටි නැවතියන්....
අනේ නිරූ...
සයාශ් ...එපා...එයාට එයගෙ තරහව පිට කරගන්න බැරි උනොත් උගෙ පපුව පිපිරිලා මැරේවි.....
මං එයා ගාවට දුවන්න හැදුවා....
එයා වියරු වැටුනා.....වචනෙන් වචනෙ දත් කූරු හප හප කතා කරපු එයා ඊලග තත්පරේදි එක පාරම පිපිරිලා ගියා...ඇයි තොපිට බැරි උනෙ මට ආදරෙ කරන්න...ඇයි තොපිට බැරි උනෙ මට ආදරේ කරන්න අහ අහ එයා කෙරුවෙම ඇමතියට ගහන්න බැරි කමට හෙල්මට් එක අරන් දෑත බද බද ජීප් එකේ වීදුරු වලට ගහපු එක....එයා කෑගැහුවා.....ඇයි මට මෙහෙම කරන්නෙ ඇහුව....ඔය තරම්ම උවමනා නම් අම්මා ගාවට වරෙන් කිව්වා ...
මට මහ වේදනාවක් දැනුනා...නපුරුම නපුරු නිර්වාන් ගෙ දුර්වලම තැන නොලැබෙන ආදරේ නේද කියන එක එයාගෙ හැසිරිමෙන් දැනෙනකොට මම වේදනාවෙන් බලන් උන්නා..මොකද ශෙනිරු ගෙ යකඩ වගේ අත් මාව තදිම්ම මිරිකන් මට යන්න නොදී මාව හරස් කරගත්තු හන්දා....
ශෙනිරු මාව අතැරපන්.....අනේ උගෙ පපුව පැලෙයි යකො....මාව අතෑරපන් ....ඇයි තොපි එකෙක්ටවත් ඌව නවත්තන්න බැරි...එහෙන් අම්මා කියන ගෑනි මරන් කන්න හදනවා...මෙහෙන් අප්පච්චි කියාගන බලෙන් තැන ගන්න එම එකා ඌව කන්න හදනවා...කරුනාකරලා මාව අතෑරපන් යකො.....කිව්වම අහලා අතැරපන්
අ..ආව්හ්...!
මන් කෑගැහුවා....කොයි වෙලෙත් සුතර්මා ගගා දොන්තෙට කතා කරන හුරතල් වෙවි ආදරෙ හොය හොය දුවන සයාශ් වෙනුවට මෙතන උන්නෙ කවුරුත් නොදකින සයාශ් කෙනෙක් වෙනකොට මං මාවමිරිකන් උන්න ශෙනිරුවගෙ මූන මැදටම අත මිටමොලවලා පාරක් ඇනපු මං අනිත් පාර පිස්සුවෙන් වගේ කෑගහන නිර්වාන් ගාවට දිව්වා .....
ඇයි ඇයි කියපන්.....
බේබි....නිර්වාන් බේබි...අනේ බේබි ඕක නවත්තන්නකෝ....
සිරිවර්ධන ඕන් නෑ.....ඔය කුඩු කරපු දෙන්
ඔව්....ඌ තව කුඩු කරපු දෙන්....ඊටපස්සෙ උඹට පුලුවන්නෙ ගවර්මන්ට් එකෙන් ගහගන්න සල්ලි වලිම්ම ඔව්වා හදන්න එහෙමනෙනේ...
දෙයියනේ චූටි....
කටවහන් පැත්තට පලයන් ලොකූ.....මහලොකු අප්පච්චිලලු.....මහ ලොකු අප්පච්චි කෙනෙක්ලු...තමුන් මේකගෙ අප්ප නම්...මුලිම්ම ඉගන ගන්නවා ආදරේ කරන්න.....අපිටත් අප්පලා ඉන්නවා....හැබැයි උඹලා වගෙ සල්ලි කදන් නෙවෙ....අටවත් පාස් නැති ඉංග්‍රීසි අකුරක් බැරි...හැබැයි හම්බකරන හැම රුපියලක් උඩම දාඩිය බින්දුවල ලුනු රස තියන...නැතුව උඹලා වගේ අපෙ බදුවලින් සැප විදින උන් නෙවෙ ඇමති තුමා...උඹ මුගෙ අප්පලු....එහෙනම්මූ ආස මොනාටද කියපන්...උඹ දන්නවද....
නෑ.....උඹ දන්නෙ නෑ...
මු ආස නැත්තෙ මොනාද කියපන්.....
ඒත් උඹ දන්නෙ නෑ.....
ඉතින් කොහොමද බන් අප්පා වෙන්නෙ...ආ.....??.හරි කෙරුමක්ද...ග්ලවුස් දෙකක් ගෙනත් දීලා කොහොම හරි නැශනල් ටීම් යමන් කියන්නෙ....ඇයි...ඇයි....ඌ ඉල්ලන ආදරේ ඌ හොයන ආදරේ ඌට නොදී ..උගෙන් උඹලගෙ හීන හැබෑ කරවගන්න හදන්නෙ.....ඇයි කියපන්....ඌ පව් නැද්ද...
මට හති වගේ....මං බයක් හැකක් නැතුවම ඇමතියට උඹ කිව්වා...මං බයක් හැකක් නැතුවම ඇගිල්ල උරුක් කෙරුවා ...මෙ හැම දේටම මුල මගෙ ආදරේ වෙනකොට මං ආදරේ ඉස්සරහා යකෙක් උනා.....හැම සිංහයෙක් ඉස්සරහිම්ම ධේනුවක් ඉන්නවා වගේ මං මගෙ නිර්වාන් වෙනුවෙන් ඇමතියා ගාව හිටන් ඇගිල්ල දික් කර කර කෑ ගැහුවා ....මගෙ පපුවට හරි බරයි...මහන්සී....වේදනාවයි...ඒත් ඒ හැම දේටම වඩා මට මගෙ නිර්වාන් ලොකු වෙනකොට මං කෑගැහුවා ...ඇමතියා ඇස් හීනි කරන් බලාගන උන්නා...
නිර්වාන් ....ඔය ඇති!
මොනවද...මොනවද ඇති කියන්නෙ...ඔන්න ඕකයි උගෙ හැසිරීම...ඔන්න ඕකයි උඹලා ඌට දීලා තියන එකම දේ...දරා ගන්න බැරි තැන අතට අහුවෙන හැම දේම පොඩි පට්‍ටම් කරන උගෙ තරහව අහුවෙන හැම එකාගෙම්ම පිට දාන එකෙක් කරපු එකයි උඹලා දෙන්නා ඌට දීපු ලොකුම තෑග්ග ඇමති තුමා.....උඹලට හෙන ගහන්න ඕනෙ...අවංකවම.....මේ කොල්ලට කරපු අපරාදෙට.....පලයන්....පලයන් උඹ.....උඹ හන්දා මටත් පව් පිරෙනවා....
මං ඇමතියව තල්ලුත් කෙරුවා .....මාව මැරුවත් කමක් නෑ කියලා මං ඇමතියව තල්ලු කරලා පිස්සුවෙන් වගේ කෑ ගහන නිර්වාන් ගාවට දිව්වා....
නිරූ....නිරූ...අනේ නිරූ....නිර්වාන් .....මේ බලපන් නිර්වාන් .....
ඇයි කියලා අහපන්...වටේම උන් මම උගෙ මම උගෙ කියලා කියනකොට....මට කොච්චර රිදුනද කියලා ඌ දන්නවද අහපන්....
ඔච්චරම අයිතිය කියන් එනවා නම්...ඇයි අහපන් අපිට එක පවුලක් වගෙ ජීවත් වෙන්න...ඇයි අහපන්...උන්ට අම්මා අප්පච්චිලා වගේ මට ආදරේ කරන්න.....
ඇයි...ඇයි අහපන්.....ඇයි අහපන්....උන් දෙන්නට හැබෑ කරගන්න බැරි හීන මගෙන් බලන්නෙ ඇයි අහපන් සයාශ් ...මාව මගෙ පවුලෙම්ම තනිවෙලා ඉවරයි.....උඹලා මාව කෑවා...අම්මෙක් උන්නට නමට....මේතාක් වෙනකන් උන්න අප්පච්චි පවාදැන් දැන් වෙනස් වෙනකොට මට රිදෙනවා සයාශ් ...මට රිදෙනවා යකො....මට....රිදෙනවා...චූටි...මාව...
ඔහොම...මගාරින්නඑපා...කියපන්....චූටි...වෙනදට ඔලුව ඉඹලා යන අප්පච්චි ට දැන් දැන් මගෙ මුන බලන්නත් අමතක වෙනකොට මට හරියට රිදෙනවා චුටි.....ඒ.ඔක්කොම....ඒ.ඔක්කොම උඹ හන්දා....
නි....නිර්වාන් ...!!
එ ඔක්කොම.....උඹ හන්දා...
නිර්වාන් ...දැන් ඔය ඇති.....උඹව මැරෙයි....
මාව මැරෙන්නෙ නැ.....තොපි මාව මරා ගත්තොත් මිසක්...උඹට කවදාවත් මගෙ අප්පච්චි වෙන්න බෑ...උඹට..කවදාවත් මගෙ අප්පච්චි වෙන්න හිතන්නත් බෑ...කරුනාකරලා මගෙ පාරෙන් අයින් වෙයන්....
නිරූ...අනේ....අතාරින්න ..නිරූ....
සයාශ් ...නැගපන් බයික් එකට.....
මං එයාව ඇද්දා.....ඒ ඔක්කොටම හේතුව උඹයි උඹයි ගගා උන්න නිර්වාන් අනිත් බාර ඇමතියව ඇදලා ගන්නකොට මං එයාව ඇද්දා...කෑ ගැහුවා....ඒත් එයා කෙරුවෙ ආපිට මට කෑගහපු එක වෙනකොට මන් එයාගෙ හෙල්මන්ට් එකත් අරන් බයිල් එකට නගිනකොට එයා අර ගල්වුස් දෙක උදුරන් එන්න ආවා...හැබැයි....ඒ ඇවිත් එයා ඒ ග්ලවුස් දෙක බිමට දැම්මා.....
නිර්වාන් ...මං ඕක ගෙනාවෙ ආසාවෙන් ....
අදාල නෑ...මං ආස දේ මට කවදාවත් නොදුන්න උඹලගෙ ආසාවල් රකින්නෙ මොකටද .....
කරුනාකරලා ගනින් ඕක....
එයා බයික් එකට නැග්ගා...නැගල මගෙ අතේ තිබ්බ හෙල්මට් එක දාගත්තා ....එහෙන් ඇමතියා කෑ ගහනවා ...
නිර්වාන් ...උඹ කොච්චර පිලිගන්න අකමැති උනත්...උඹ මගෙ කියන්න උඹ දන්නවා....ඒ ඇත්ත උඹ දන්නවා...
ඔව්...එ ඇත්තට මම වෛර කරන තරම උඹත් දන්නවා...කරුනාකරලා .....මගෙ ජීව්තේට ඇගිලි නොගහා පාඩුවෙ ඉදපන්....මොකද ...මගෙ ඇගෙ තියෙන්නෙ...එක පැත්තකින් වත් හොද ජාන නෙවෙ....තියෙන්නෙම....දෙයක් ඕනා කිව්වොත්..මරලා හරි අයිති කරගන්න තරම් මහ නරුම ගති...ඒ ඔක්කොටම හේතුව උඹලා...ඒ හැම දේටම පලි උඹලා....උඹ ආවෙ අම්මගෙ කේලම් අහලනම්...මම කියපු කරපුවත් අකුරක් නෑරම අම්මගෙ කනේ තියපන්...ලෝකෙට කොහොම උනත්...උඹගෙ කසාද ගෑනිත් දැනුවත් ව හෝ නොදැනුවත්ව උනත්...උඹලා දෙන්න පවුල් කන උන් දෙන්නෙක්නෙ...නටන නාඩගමක් නටපන්...හැබැයි...මගෙ ජීවිතේට ඇගිලි නොගහා.....කරුනාකරලා ඒකත් අර අනෝමා මන්ත්‍රී නෝනට කියපන් ඇමති තුමා...කොහොමත් ...මං වැඩි කල් මේ මගුල් නටන්නෙ නෑ.....ඒකත් කියපන්....
ඇමති තුමා...මෙන්න මේක හොදට මතක තියා ගනින්...මං ඇවිත් හරි අහිංසකව උන්න කොල්ලෙක්.....කොටිම්ම ඇස් ලොකු කරල බැලුවත් අඩාගන අප්පච්චි ගාවට දුවන තරන් අහිංසක එකෙක්...හැබැයි....දැන් උ නෑ....දැන් ඒ අහිංසක කොල්ලා නෑ....මං දන්නවා...වැඩි කල් නොයා එක්කො මං හිරේ ඉදී.....නැත්තන් අඩි හයක් පොලවෙන් පහල ඉදී....ජීවත් වෙන්න පිනක් තිබ්බොත්....කවදාවත් මම මගෙන් උඹගෙ හීන වලට පන ගහන්න ඉඩක් දෙන්නෙ නෑ ඇමති තුමා....මට ඇතිවෙලා.....
මට දැන් ඇති වෙලා තියෙන්නෙ....අනියම් සම්බන්දෙක ලමයෙක් වෙලා මට දැන් හොදටම ඇතිවෙලා තියෙන්නෙ ....
නිර්වාන් .....!
නිර්වාන් ...!!
නිර්වාන් .....!!!
නිර්වානයා ....කොහෙද මේ යන්නෙ.....
Police station එකට....
පොලිසියට ....ඒ ඇයි....
ඇන්ට්‍රි එකක් දාන්න.....
කාටද...
මටම විරුද්දව...
මන් උන්නෙ නිර්වාන්ගෙ පිටට හේත්තු වෙලා...වරුවක් තිස්සෙ කෑ ගහපු එයා බිමට දාපු ගලව්ස් දෙක ඇමතියා ඉස්සරහ පිටම බයික් එකේ රෝදවලට යට කරගන එන්න එනකොට අපි දිහා බලගන උන්න ඇමතියව මං සයිඩ් කන්නාඩි වලින් දැක්කා...මුලින් මුලින් අතුරු පාරෙ රේස් එකේ ආව නිර්වාන් අවසානෙදි මාව වැටෙයි කියලද කොහෙද හිමින් යනකොට මං එහෙම්ම එයගෙ පිටට මගෙ මූන තියා ගත්තා ....
හැන්දෑ අහස හෙමින් හෙමින් වහන් වෙලා යනකොට පන්ති ආව මම වගේම ලොකුවා අවසානෙදි හෙම්බත් වෙලා උන්නා...එයා කිව්වා අපි යන්නෙ පොලිසියට කියලා ....ඇන්ට්‍රියක් දාන්න කිව්වා...නිකන් නෙවෙ එයාටම විරුද්දව කියනකොට මට දෙන්න උත්තර නැතිව ගියා...
මං ඔහේ උන්නා.....විහිලු කරන කටවල් දෙක වැහිලා ගියා ...ගුටි කාගන උන්න සනාශ් අරූගෙන් යාරයක් විතර පිටිපස්සෙන් ඉදන් ඉන්නකොට පොලිසිය ගාවින් එයා බයික් එක ස්ලෝ කරලා නැවැත්තුවා ...
බහින්න....
මං බැස්සා .....වෙලාව දැන් හතටත් කිට්ටුයි ...එයාගෙ මූන සුදු මැලි වෙලා ගිහින් ...මහපාරෙ දෙපැත්තෙම කහපාට ලාම්පු එලි පත්තු වෙනකොට මං ඒ එලිවලින් මූන පාට උන නිර්වාන් දිහා බලන් ඉදලා එයාගෙ මූනට අත තියන්න ගියා ...හැබැයි ඒකට එයාට ආව කෝල් එක හරස් උනා.....
කව්ද නිරූ....
එයාගෙ ඵෝන් එක රින්ග් වෙනවා....ඒත් එයා නෙවෙ ආන්ස්වර් කෙරුවෙ...මං එහෙම්ම ඩිස්ප්ලේ එකට එබුනා...
Amma
අම්මා.....නිකම්ම නිකන් අම්මා...ඉමෝජියක් වත් නැතුව ...මගෙ එකෙ ලොකුවගෙ එකෙ අම්මා අප්පච්චිට කොච්චර ඉමෝජි දාන් ඉන්නවද ....ඒ අපෙ ආදරේ තරම....ඒත් නිර්වාන් ....
නිරූ...
ම්ම්ම්....
ආන්ස්වර් කරන්න....
.ඕන් නෑ ....
එයා ඵෝන් එක ඕෆ් කෙරුවා ...ඕෆ් කරලා තත්පර ගානක් ඔහෙ උන්නා....තරහා වෙලා උන්න ලොකුවව ආපිට යාලු කරගන්න ඩිපූටියා රටේම නැති කතා කියවනකොර මගෙ නිර්වාන් විතරක් බිම බලන් ඉදලා ඉදලා අවසානෙදි මගෙ මූන දිහා බැලුවා ...
කොහෙන්ද ඉගන ගත්තෙ
මොනාද
බනින්න රන්ඩු කරන්න...
ම්හුක්....බනින්නෙ කියන්නෙ....ඔයාට වද දෙන කොට මට රිදෙනවනෙ නිරූ.....චූටි ආස නෑනෙ.....ළමයා ආස නෑනෙ ඉතින් .
ම්න්.....
එයා ආයම බිම බලාගත්තා ....
නිරූ...
ම්ම්...
ඔයාගෙ ඔලුව රිදෙනවද ....
ම්න්....
හුගක්....
ම්න්....
රිදෙන්නෙ නැතුව තියෙයිද අනේ...අර මිනිහා නිකාන් මගෙ මනුස්සයව කෑ ගැස්සුවා...කෝ.....ඔලුව උස්සලා මගෙ දිහා බලන්න දරුවො...
එයාටම විරුද්දව ඇන්ට්‍රි එකක් දාන්න ආව නිර්වාන් බිම බලන් ඉදලා ඉදලා මදිහා බලනකොට මම එයාගෙ ඔලුව අත ගෑවා.....හැබැයි මට අත ගාන්න හම්බුනෙ දෙපාරයි...එයාමගෙ අත අහක් කෙරුවා ....ඒ කරපු එයා එක පාරම මාව ලගට ඇදලා ගත්තා...
නි...නිරූ...
මං මහ නපුරු මනුස්සයෙක් .....
නෑනෙ...නිරූ....
මෙච්චර මාව....උඹට දරාගන්න පුලුවන්ද සයාශ් .....
නිර්වාන් .....අනෙ ඇයි මගෙ අයියෙ මේ.....
මට.මොකක්ද උනා...එයා එකපාරම නිකන් ඒක මහ අමුතුවට කියනකොට මට බය හිතුන....එයා මාව අතාරින්න හදනවදෝ හිතුනා...
නෑ..සයාශ්
නෑ....නෑ කියන්නෙ මොනාද.....ඇත්ත කියපන්....ඇත්ත කියපන් නිර්වාන් උඹට ඕනෙ දැන් මේක නවත්තන්න නේ.....
........
ආ..හරි...හරි ...උඹ එහෙමයි නේ...ආ...උඹ එහෙමයි නේ....මේ නිර්වාන් ..මේ.....උඹ මා එක්ක නටාගන නම් එන්න එපා...අම්මා මන්ත්‍රී කියලා බලන්නෙනෑ...මාව දාලා යන්න හැදුවොත් දානවා ගේ ඉස්සරහට අලි වෙඩි...ඇත්තමයි ආ....නිර්වාන් මට තරහා යනවා ආ නොසෑහෙන්න ....ඇයි යකො මේක හරි මගුලක් උනානෙ.....
........
ඇත්ත කියපන්....ඇත්ත කියපන්....මාව
මාව දාලා යනවද කවදා හරි?
අනේ බෑනෙ.....මට ඕනනෙ...මොනාද බූරුවො මේ අහන්නෙ..ඇත්තමයි...මං දැන් උඹට විරුද්දව පැමිනිල්ලක් දානවා නිර්වාන් මාව දාලා යන්න යනවා කියලා ....ම්හුක්....මගෙනෙ...අනේ..
මගෙනෙ.....මගෙනෙ...යකෝ....
මං උඩ පැන්නා.....නපුරු නිර්වාන් නපුරු කතා අහනකොට මං නිකන් ඉල්ලන සෙල්ලම් බඩුව අරන් නොදුන්න පොඩි එකෙක් වගේ නහයෙන් අඩ අඩ උඩපනින්න ගත්තා ...එයාව දාලා යනවද අහනකොට මං මැරෙන්න හැදුවා ...
කවදාවත් දාල යන්නෙ නැද්ද ....
නෑ.....කිව්වනෙ....එලෙව්වත් යන්නෙ නෑ.....ගැහුවත් යන්නෙ නෑ.....
ම්ම්ම්ම්ම්....
ඇයි විශ්වාස නැද්ද....මං දාලා යන්නෙනෑ නිර්වාන් ...මං රිදවන්නෙත් නෑ....අනේ චූටි ගොඩක් ආදරෙයිනෙ අයියෙ...
ලගට එන්න.....
ම්හුක්...චූටි ආදරෙයිනෙ...
තව.චුට්ටක් ලගට එන්න.....
ආය එහෙම අහන්න එපානෙ....
ම්න්.....ආය අහන් නෑ...හැබැයි....පපුව රිදව රිදව කෑ ගහන්න එපා තේරුනාද...
ම්හුක්..ඔය කොහෙද අත ගාන්නෙ.....
...
එයාව දාල යනවද අහනකොට නහයෙන් අඩාපු මාව ලගට ගත්තු නිර්වාන් අනිත් පාර මගෙ පපුව අත ගෑවා....එයා කිව්ව පපුව රිදව රිදව කෑ ගහන්න එපාය....කියලා ...මං දන්නෙ නෑ...කෙලිම්ම කියන්නෙත් නෑ.....කෙලිම්ම ඉඹින්නෙත් නෑ....
නිර්වාන් ගාව තියෙන්නෙම මහ අහංකාර ආදරයක් ....
නිර්වාන් ගාව තියෙන්නෙම මහ නපුරු ආදරයක්.....
කොච්චර නහයෙන් ඇඩුවා උනත්.....අනේ දෙයියනෙ මං මේ නපුරට වහ වැටිලනෙ...
නිරූ...
ම්ම්ම්....
අපි කාටද විරුද්දවද අනේ ඇන්ට්‍රියක් දාන්නෙ.....
උඹට විරුද්දව..
ම..මට....එ.ඇයි..ආ...ආ...හරිම අගෙයි....හෙඩ් පිපෙට් අයියෙ...හරිම අගෙයි....ආ...ප්‍රතම ප්‍රේමෙට ආදරේ දක්වන අයුරු නම්....බොහෝම.අගෙයි....ප්‍රීතී...ප්‍රීතී...
හැප්පි...හැප්පී...හෑ...පී.....!
හුරතලේ තියන....
ම්හුක්.....නිකන් ඉන්න ඒයි...ඔයා මාව අවුස්සනව...
අවුස්සන්න උඹ කුනු ගොඩක්ද...
ඔව්...ඇයි වදෙ.....
ම්න් මගෙ කුනුගොඩ
යෝ....නිර්වා.....න්...ම්හුක්...
ආය ඔච්චර කෑ ගහන්න එපා තේරුනාද...
ම්ම්ම්...මට දුක හිතුනනෙ....
ඒ උනාට එපා.....
මට රිදුනනෙ.....
ඒත් කමක් නෑ එපා....
ඔයාට රිදෙනකොට මට බලන් ඉන්න බෑනෙ....
ඒත් කමක් නෑඑපා...
මං කැමති නෑනෙ.....
උඹට මොකක් හරි උනොත් මට කව්ද ඉන්නෙ ලමයො...
අනේ....එයා ළමයා කිව්වා.....කෑ ගහන්න එපා එපා කිය කිය කියවපු එයා ගාව කන් කෙදිරි ගාපු මට අනිත් පාර ළමයා කියලා කියනවත් එක්කම අනෙ මන් දෙපාරක් නොහිතම එයාගෙ ඇගේ එල්ලුනා...
අනෙ...මං ආදරෙයිනෙ නිරූ...
දන්නවා ඒක.....ඒ හින්දනෙ මන් පරිස්සම් කරන්නෙ....
කාවද....
ලමයව.....මගෙ...
ම්හු....ක්
කෝ...කෙලින් වෙන්න...
අනේ...නිරූ....තා.....චුට්ටාක්.....
ආවම තුරුල් කරගන්නම්....කෝ....කෙලින් වෙන්න
ම්හුක්.....හෙට ගියහම මට පාලුයිනෙ....
මං කතා කරන්නම්...
ඔය ඇත්තමද.....
ම්න්....
ගන්නවමද ඒයි....
ම්ම්ම්ම්
යෝහ්...හරි හොදයි අනේ අපේ සුතර්මගෙ බැනා....
මෝඩ හුරතලේ මගෙ ....එන්න යන්න.....
එයා හිනා උනා....මෙච්චර වෙලාම තරහෙන් උන්න එයා මාවත් එක්කන් පොලිසියට යනකොට මං බලගන අපෙ එකාට ඩිපූටියා බනිස් ගෙඩියක් අරන් දීලා ඌව සමාදාන කරන් උන්නා....හරිම ආතරනීයයි.....!
ආතරනීය වස්සානෙ....
නිර්වාන් බේබි....මෙහෙ....ලොකු මහත්තයා ඇතුලෙ කතා කරන්න ඕනෙද .....
ම්න්.....
මං උන්නෙ එයා ගාව.....එයා ඇතුලට එනවත් එක්කම එයාව දැකපු එක්කෙනෙක් නිර්වාන් බේබි ලොකු මහත්තයට කතා කරන්නද අහනකොට නිර්වාන්ගෙ මුන ආයම අමුතු උනා...එයා ගිහින් කෙලිම්ම පැමිණිලි ලියන තැන ඉදගත්තා ...
මේ ලමයා....
පැමිනිල්ලක් දාන්න....
නිර්වාන් ....ඇයි මේ.....
පැමිණිල්ල ලියන තැන උන්න කෙනා රතු පෑන අරන් පැමිණිලි පොතෙ දිනෙ දානවත් එක්කම ගොරෝසු කටහඩක් ඇහුනා....
එහෙනම් මෙයයි නිර්වාන් පන ඇරන් ඉන්න අප්පච්චි ....
නිර්වාන් ....ඇයි මේ....ඇයි.....
අප්පච්චි කියන්නද.....නැත්තන් .....ලොකු මහත්තයා කියලා කතා කරන්නද ?
ලොකු මහත්තයා උනාට මං අප්පච්චි නෙ....ඇයි මෙහෙ ආවෙ කියලා මං අහන්නෙ...
පැමිනිල්ලක් දාන්න....
පැමිනිල්ලක් ...කාටද ....
මට විරුද්දව ..වගේම අප්පච්චිට විරුද්දව...
මාව හොල්මන් වෙලා ගියා....එයා ඇන්ට්‍රි එක දාන්න යන්නෙ ඇමතියට කියලා හිතුවට ඒක එහෙම නෙවෙ වෙද්දි මාව තක් බීර් වෙලා ගියා....ඒ විතරක් නෙවෙ...එයාගෙ අප්පච්චි වත්....
නිර්වාන් ...මොනවද මේ කියන්නෙ....
රාලහාමි.....මගෙ පැමිනිල්ල ලියාගන්න.....
නිර්වාන් .....ලමයො....
රාලහාමි ....මට...මට....කියන්න....ඕනෙ....මෙච්චරයි ...මගෙ....පැමිනිල්ලට.....ලොයන්න....ඕනෙ.....මෙච්චරයි ....පුලුවන් ...
නම්...මගෙ...අප්පච්චිට.....මාව...මග අරින...එක....නවත්තන්න....කියන්න.....
පුලුවන් ..නම්. ....මාව අතාරින....එක...නවත්තන්න කියන්න....පුලුවන් ...නම්....මට....මගෙ කලින්....අප්පච්චිව...දෙන්න කියන්න...
නිර්වාන් ...පුතෙ
අප්පච්චි ...මට.....අනුන්ගෙ ...ළමයෙක්....වෙලා....හරි....මහන්සී....අප්පච්චි ...මාව මග අරින්න එපා කියලා පොලිස් පොතෙ ලිව්වොත්. . ...මාව.....ආයම ....කලින්...
වගේ ...බලාගන්නවද අප්පච්චි
🥺ගුම් මෝනිම් තූයු...
ජොබී.බුජි.....
ආයම වික්කා එක්ක එන්නාම්.....
පයිස්සමින් .....
ආතරෙයි ....
මම
JobbY🥺 .....
Nedeesha ...