Ficool

Chapter 30 - 30

ම්හුක්....

මොකද....

නෑ ඕන් නෑ...මොකද කියලා අහන්න ඕන් නෑ නිරූ....පනිනවා කිව්වම කැරකිලා පනින්න කියන්නෙ...හරිම අගෙයි ආ...නිරූ....හරිම අගෙයි...

පනින් නෑ කියලා දන්නවා...

ආ..ඔයා කොහොමද හරියටම කියන්නෙ....නිකන් හරි මං සීරියස් වෙලා පැන්නොත්...

පැන්නොත් ඉතින් මොනවා කරන්නද...අනික උඹ කොහොමත් සීරියස් වෙන්නෙ නෑ..

ඇත්තමයි...ඇත්තමයි.....උඹ නම්...උඹ නම්...මහ...කමකට නැති එකෙක් නිර්වාන් ...කිසිම ආදරයක් නෑනෙ...කිසිම ආදරයක් නෑනෙ.....අහකට පලයන් නිර්වාන් ...අපේ චින්තකගෙ ලොකු කොල්ලට විතරයි හොද මනුස්සයෙක් හම්බෙලා තියෙන්නෙ....

මං ගැස්සුවා...කොච්චර අතාරින්න කිව්වා උනත් මාව අතාරින්නෙ නැතුව අත්දෙකෙම්ම තුරුල් කරන් උන්න නිර්වාන් පොඩ්ඩ බැරි වෙනකොට කියවන මැරෙන්න හදන මං දිහා බලන් උන්නා...බලාගන ඉදලා ඉදලා අවසානෙදි මගෙ ඔලුව අත ගෑවා....

සයාශ් ....

ම්ම්ම්....

උඹ මට මෙච්චර ආදරේ කරනකොට මාව දාලා පනින්නෙ කොහොමද ම්ම්ම්ම්

න්..නිරූ...

කවුරු මාව දාලා ගියත්.....මගෙ චූටි මාව දාල යන්නෙ නෑ කියන්න..මං දන්නවා....ඉතින්...එහෙම එකේ.....වෙන්නෙ නැති දේවල් ගැන හිතන්නෙ මොකටද මං...මග් චූටි මාව දාල යන්නෙ නෑ කියන්න...උඹටත් වඩා මං දන්නව...උඹ මගෙනෙ.....ම්ම්ම්ම් මගෙ නේද....

ම්හුක්.....නි..රූ...චූ...චි....

ම්ම්ම්...චූචි කාගෙද...?

එයා හරි අමුතුයි...පුලුවන් තරම් දගලන්න කෑගහන්න දීලා දීලා අවසානෙදි එකම වචනෙකින් මාව සැලන්ඩර් කරන්න පුලුවන් මගෙ නපුරු නිර්වාන් හරි අමුතුයි .....යකාට වගෙ තරහා යන....ආයම ආදරේ ඉල්ල ඉල්ල අඩා වැටෙන.....තත්පර ගානකින් ඒ මොකූත් නොවුන එකා වගේ ඉන්න දන්න මගෙ නිර්වාන් හරිම අමුතුයි.....

නිරූ.....

ම්න්...

එපා....මාව දාල...යන්න...හිතන්නවත්...එපා....මං බය උනා.....උඹ දන්නවද මගෙ නිර්වාන් ...මට හිතුනා..මාව....මාව...

එපා....දැන් ඇති..මං අහන්න කැමති නෑ...මං උඹව මරා ගන්නෙ නෑ.....මං කිව්වනෙ තමුසෙ මගෙ ....එච්චරයි දැන් ඔය කතාව නවත්තනවා ....

න්නි...ර්වා...න්...

සැරයක් කිව්වනෙ....ඇති....මං ඇති කියන්නෙ ඇති හන්දා සයාශ් ...ඇති...මං හිතන්නවත් බය දේවල් ආය ආය උඩට අදින්න එපා...කතාව මන් නවත්තන්නෙ තමුසෙට තවත් දිගට ඇදගන යන්න නෙවෙනෙ....මං එපා කිව්වොත්....එපා...ආය අදින්න එපා.....මං කිව්වනෙ....මං කරන්නෙ නෑ ආය...එච්චරයි

මං අහක බලාගත්තා .. .එයාට කරන්න හොදයි මං කියනකොට අහන් ඉන්න තමයි අමාරු....ඒ හිත විතරද රිදෙන්නෙ?එයාට විතරද දුක දැනෙන්නෙ.....??මං බය උන තරම මන්නෙ දන්නෙ...මහ පාරෙ පිස්සෙක් වගේ ආව හැටි මමනෙ දන්නෙ...පිස්සෙක් වගේ අඩ අඩ හෙව්වෙ ආදරේ නිසානෙ....එයාට ඒවා ගානක් නෑ....එයාට ඕන වෙලේට නවත්තපුවාම ඔක්කොම හරි...

මං නැගිට්ටා....මෙච්චර වෙලාම මාව තුරුල් කරන් උනත් චූටි චූටි හාදු ගොඩාක් දුන්නත් ආයමත් පුරුදු විදිහටම නපුරු කම් කරන්න පටන් ගන්න හදන නිර්වාන්ගෙ කකුල් උඩ ඉදන් උන්න මං නැගිට්ටා ...නැගිටලා හිටගත්තා ...ඒ එක්කම එයත් හිටගත්තා ...

නිර්වාන් ....ඔයාගෙ කාමරේට යන්න...අනිත් මිනිස්සු ගැන හිතන්න අමාරු නම් මං ගැනවත් හිතන්න නිර්වාන් ....

ම්න්...

මං එන්න හැරුනා...මං කියපු දේටත් ".ම්න්." කියලා උත්තර දුන්න එයා දිහා බලන් ඉදලා දුක හිතුන මම නොන්ඩි කොට කොටම සෙරෙප්පු දෙකක් වත් නැතුවම එන්න ආවා....

කොහෙ ඉදන්ද දුවන් ආවෙ....?

ඇයි අහන්නෙ...කොහෙ ඉදන් හරි මං ආවනෙ....

කොහෙ ඉදන්ද ආවෙ....?

කොහෙ හරි ඉදන් මං ආවනෙ....වෙන්න ඕන ඒකනෙ....ඔයාට ඕනම වෙලාවෙ මම ළඟ උන්නා නෙ....ඔයා දැන් වත් ඔය මුරන්ඩු කම් නොකර ඉන්න නිර්වාන් ....

කොහෙ..ඉදලද.....ආවෙ....

ඔයා කොච්චර ඕක ඇහුවත් මටත් දෙන්න තියෙන්නෙ ආව්.....හ්හ්...න්...නි...

මං උන්නෙ යකඩ පඩිපෙලේ....එයාට ඉස්සරහින් ...උස තැන් වලට බය මට නැග්ගා වගේ නෙවෙ..මෙ රෑ බහින්න යනකොට පඩියකින් පඩියක් බහින්න වරුවක් විතර වෙලා ගියා....මාව වැටෙන්න ගියෝතින් අල්ල ගන්න බලාගන උන්න නිර්වාන් මගෙ පිටිපස්සෙන් ඉදන් මම කොහෙ ඉදන්ද ආවෙ කොහෙ ඉදන්ද ආවෙ ගගා එකම දේ අහනකොට මමත් තියන මුරන්ඩු කමට එකම උත්තරෙ දුන්නා අනිත් පාර එයා මගෙ අත රිදෙන්නම මිරිකලා අල්ලගන පඩිපෙලෙ කියලා නොබලා එක පාරම මගෙ මූනට ලන් උනා....

උඹ ගෙදරද උන්නෙ නැත්තන් වෙන කොහෙ හරිද... ම්ම්ම්...

ගෙදර නෙවෙ...කොහෙ උන්...නත්...මං උඹව බලන්න ආවනෙ...නිර්...අනේ.....හ්..මට...රිදෙනවා අයියෙ....

එයා මිරිකුවා...එයා හිතලම මට රිදෙව්වා.....තුවාල උන වැලමිට ගාවින් අල්ලන් ගෙදරද උන්නෙ නැත්තන් වෙන කොහෙ හරිද අහනකොට කට ගහන් ගියා උනත් තුවාලෙ තද උන මට රිදුනා...එයා ඒ එක්කම අතෑරියා ...හැබැයි අතෑරලා මගෙ නලලට එයාගෙ පිට අල්ල තිබ්බා...එයාගෙ අර රතු පාට ගැහුන ඉදිමිලා තිබුන නපුරු ඇස් වලින් එයා රවා ගත්තා...

ම්ම්...මට උන....න්...

ශ්ශ්....කතා කරන්න එපා...ඔය විදිහටම බහින්න..

.එයා මගෙ නලලට පිට අල්ල තිබ්බා...මෙච්චර දෙයක් උන...මූන ඉදිමිලා යන්න තරම් තුවාල උන එයා ගැන නෙවෙ..මගෙ ඇගේ තිබුන යන්තන් රස්නෙ ගැන බලපු එයා කිසිම තෙතමනයක් නැතුවම මට ඔය විදිහටම බහින්න කියන ගමන් මගෙ උරහිසට අත තියාගන්නකොට කොහොමත් බැනුම් අහන්න වෙන බව දන්න මං අනිත් පාර මීක් නොගා හෙමින් හෙමින් බැහැලා අවසානම පඩියෙදි එයා දිහා බැලුවා විතරයි නිර්වාන් මාව අතෑරියා.....ඒ ඇරෙන්න ඔයාට රිදෙනවද කියලවත් ඇහුවෙ නෑ...

චූටී.....සයාශ් ඔයා කොහෙද....චූටියා....

සයාශ්....සයාශ්...නිර්වානයා.....උඹ කොහෙද නිර්වාන්

ආනෙ සෙනූ අපේ එකත් නෑනෙ ...මේ යක්කු දෙන්න කොහෙ මගුලෙද ගියෙ.....චූටි....හ්හ්...නිර්වාන්.....

කොහෙද අඩේ ඉන්නෙ....වරෙව්කො...

බබී...ඔයා ඔහොම ඉන්න මන් බලන්නම්...දැන් කීයෙ ඉදන් කෑගහනවද ඔවුන් දෙන්නා කොහෙ හරි මුල්ලක මගුල් අහනවද කව්ද දන්නෙ....නිර්වාන් ....කොහෙ මගුලෙද උඹ ඉන්නෙ....

නිරූ.....අපෙ ලොකුයි...සෙනුයි හොයනවා....

මට ඇහෙනවා...බීරි නෑ

ඇයි නිර්වාන් ඔහොම...

........

එයා හරහටමයි....එයා කතා කරන්නෙ දැන් හරහටමයි....කතා කරන්නෙ....

ලොකූ...මං...මෙහෙ....

මං නිර්වාන්ව අතෑරියා .....එයා නිසානෙ මම උනත් තුවාල උනෙ නැතුව මං ආසාවට අතපය තුවාකරගත්තෙ නෑනෙ...දැන් එයා හදන්නෙ එයාගෙ දේවල් ඔක්කොම වහන් ඇහැට පේන්නෙ නැති මගෙ වැරද්ද ගැන නඩු විභග කරන්න...

එයා දිහාවත් නොබලපු මං අනිත් පාර මගෙ නම කිය කිය හතර අතෙ දුවන සනාශ් ගාවට නොන්ඩි කොටකොටම යනකොට අච්චර තුවාල තියන නිර්වාන් උද්දච්ච විදිහට මගෙ පස්සෙන් එනකොට අඩ අන්දකාරෙන් ලයිට් එලියට ආව අපි දෙන්නවම ශෙනිරු දැක්කා....

නිර්වානයා .....!! බබී මේපොඩි නිවුන්නා මෙහෙ...ආ හුත්තිගෙ පුතො තෝ මොන මගුලෙද ගියෙ....ආ නිර්වාන් ...?

චූටියා.....චූටී....පොඩි පගයා තෝ කොහෙද දිව්වෙ ආ බොල මෙහාට වර....

මම නෙවෙ මීක් කිව්වෙ.....ශෙනිරුවා නිර්වාන්ට එහෙන් බනිනකොට සනාශ් මට අනිත් පැත්තෙන් බැන්නා...මම නම් අහන බැනුමක් අහන් බිම බලන් උන්නත් නිර්වානයා නම් ඇගේ අමාරු තිබුනත් එව්වා එලියට නොදා අහන්කාර විදිහට ශෙනිරු දිහා ඇස් හීනී කරන් බලන් උන්නා....මූ නම් මහ යක්සයෙක්....නැත්තන් යකො ඇගපත නිල් වෙලා තියෙද්දිත් ඔහොම ඉන්නවද....?අම්මගෙම උද්දච්ච කම හතර අතින් විසි වෙනවා....අම්මගෙ විතරක් නෙවෙ..ඇමතියගෙත්....අහංකාර යකෙක් ...අමාරුවක් නෑ වගේ ඉන්න හැටි

හරිම අගයෙයි.....හරිම අගෙයි චින්තකගෙ දේහධාරි බාල බෑනනුවන්ගෙ ඉවසීමෙ ගුනේ නම්....හරිම අගෙයි...ප්‍රීතී ...ප්‍රීති...අමොර් ..අමොර්...

අයෝමය පුරුසයා.....

නිර්වාන්ගෙන් අහන්න ඕනෙ අයෝමය පුරුසයන්ගෙ වගේ එයාගෙත් පුකෙ සමනලයෙක් ඉන්නවද කියලා ...ඇයි උන් අර ඇග පුම්බන් පිටිපස්ස හැරෙනකොට තට්ටම සමනල තටු වගේ වෙන්නෙ

පිස්සට හැතැම්ම නෑ වගෙ සැලලිහිනියා තටු පුම්බන් මගෙ තාර පෙදෙ ගලවනකොට නිර්වාන් දිහා බලන් උන්න මං වෙන වෙන බහුබූත හිතුවා

....ඒ එක්කම අයෝමය පුරුසයා උගුරෙ රැල් බුරුල් කෙරුවා ...

උඹ බැනලා ඉවර නම් මං කතා කරන්නද ශෙනිරු....?

කතා කරන්න මොනවා ගැන කතා කරන්නද ආ නිර්වාන් ....උඹට මෙච්චර හරියක් වෙලා තියනකොටත් උඹ මොන මගුලෙද ගියෙ ආ....??උඹට මොනවද කිව්වෙ...??

අර අම්මා කියන එකීට මං සිංහලෙන් කිව්වා....සිංහලෙන් කිව්වා තොට අමාරුයි කියලා ...මෙ වෙනකන් මේ තත්තපරේ වෙනකන් නිකමට අරන් බැලුවෙ නෑ.....අඩුම ගානෙ ලොකු අප්පච්චිටවත් කියලා නෑ....නිකන් වත් අරන් ඇහුවෙ නෑ.....ඒ ලබ්බවල් පැත්තට දාපන් තොට කිව්වනෙ ඇදෙන් බහින්ඩ එපාය කියලා ...ආයකො....විසි හතර පැයක් යනකන් පරිස්සම් වෙන්න කිව්ව නේද තොට.... .....මට එන තරහට...මට එනතරහට....

සෙනූ.....එපා සෙනූ...ඔය ඇති...දැන් ඇති සෙනූ...

ඩිපූටියට තද වෙලා..නිර්වාන්ට තරහා යන එක අනන්තවත් දකින මං පලවෙනි පාරට ඩිපූටියට තරහ යන හැටි දැක්කා...වෙනසක් නෑ...එකම වල්ලෙ පොල්....නිර්වාන් ගාවට ආව ඩිපූටියා බැනගන බැනගන යනකොට අපේ එකා උගෙ අතේ එල්ලුනා...කොහොමත් ඊලගපාර බැනුම් අහන්න ඉන්නෙ මන් හින්දා මාව බේරගන්නත් කෙනෙක් නැති හින්දා ඒ කිසිම දේකට මං කට නොදා උන්නා.....

සෙනූ එපා සෙනූ ගාන්නෙ මොනවද සනාශ්...උඹත් දන්න දේවල් තියනවා නොදන්න දේවල් තියනවා...කරුනාකරලා පාඩුවෙ පැත්තකට වෙලා ඉදපන්...

දන්න දේවල් නොදන්න දේවල් තියනවා කියන්නෙ උඹ දැන් මේ ලෙඩ එකාට ඔහොම බැන්නා කියලා වැඩක් නැනෙ ශෙනිරු....උඹ මොන මගුල කිව්වත් දැන් නිරූ ඉන්නෙ උඹ ඔය දොඩවන දේසනාව අහන් නෙවෙ.....අපිට ෝන උනේ උන් දෙන්නව හොයා ගන්නනෙ...දැන් ඉන්නවනෙ....බනින එකක් හෙට බනිනවා...

උඹ....?? කාටද උඹ ඔය කතා කරන්නෙ....ආ??මටද දැන් උඹ කියන්නෙ ඔය?

උඹට තමයි....වෙන කාටද.....??

ආ..ඇත්තද....දැන් කතා විලාසෙ එහෙමද උඹගෙ

ඔව් ඇයි රිදෙනවද....දුකද....උඹට වගේ තමයි මටත් රිදෙනවා.....උඹට මට උඹ කියන්න හොදයි..හැබැයි මට උඹට උඹ කියන්න බෑ..අම්මට සිරි වෙන තියරි මේවා..අලිවෙඩි සංගමේ වත් මෙහෙම් තියරි නෑ...අමොර්...අමොර්....චූටියා...මේ බලපන්..අනේ නිකන් පලයන් ශෙනිරු යන්න....උඹ කියලා මේ... එකට එක බැලන්ස් උනානෙ...දැන් හරි....ආ....

ඒක ඊටත් හපන්...ඒක ඊටත් හපන්...හරිම අගෙයි.....හරිම අගෙයි.....ච්න්තකගෙ වැඩිමහල් පුතුනුවගෙ වාග් ප්‍රහාරයන් නම්.....හරිම අගෙයි...මූ තනිකරම වානිජ අංසෙන් පහර දෙන්නෙ...ම්ම්....දාස් කැපිටාල් එකනෙ ළඟ තියන් බුදියන්නෙ.....ප්‍රීතී...ප්‍රීතී...

අපි දෙන්නව මරන් කන්න හදපු ලොකුවයි ඩිපූටියයි ඊලග පාර උන් උන් කා ගන්න ගත්තා .....උන් උන් මරා ගත්තා....ලැබූ ජය සාමකාමිව සමරන ගමන් මං හිමින් සැරෙ උන් හැමෝගෙම්ම ඈත් වෙලා යන්න යනවත් එක්කම නිර්වානයා මට කෑ ගැහුවා...

කොහෙද ඔය යන්නෙ ආ....?

ක්..කොහෙවත් නෑ...එයාලා..දෙන්නා...රන්ඩු වෙනකොට ...බලන් ඉන්න එක...හොද මදිනෙ නිරූ...

ඇත්තට.....එහෙමද.....එතකොට මං අහපු ප්‍රශ්නෙට උත්තර ....

නිර්වාන් එකම දේ අහ අහ වදයක් වෙන්න එපා නිර්වාන් ....මම කොහොම හරි ආවනෙ බලන්න....අදාල නැති දේ ගැන හිතන්නෙ නැතුව අදාල දේ ගැන හිතන්නකො ඇයි නිර්වාන් නිකන් බොරුවට මං ආව තැන හොයන්නෙ...මං ගුබ්බෑයමක ඉදන් ආවෙ නෑනෙ...

ලොකුවා අරහෙන් ඩිපූටියට දමාගන බනිනකොට මාත් බනින්න ගත්තා ..සෙකන්ඩ් උනොත් අපිටමනෙ ලැජ්ජාව.....මං ආව තැන වැඩක් නෑනෙ....නේ.....එයාව බලන්න ආවනෙ.....එයාට ඒක ගැන හිතල සතුටු වෙන්න බෑ....මං ආව තැන

තමයි අහන්නෙ...ඇයි වදේ.....

මං අහන්නෙ මට දැනගන්න ඕන හින්දා..ගුබ්බෑයමක රිංගලා ආවත් කියන්න බැරි කමක් නෑනෙ....ඒ රිංගුවත් කියනවා සයාශ් ...

නිර්වාන් මට රැව්වා....ශෙනිරුවා වගේ නෙවෙ.....නිර්වාන් බනින්නෙ ඇහෙන් නැති ගානට....හැබැයි දත් මිටි කාගන....ඉදිමිලා තිබුන කට හන්දා හරියට කතා කරගන්න බැරි නිර්වාන් අත් වල ඇගිලි මිට මොලවන් ගුබ්බෑයමක රිංගලා ආවත් කියන්න බැරි කමක් නෑනෙ කියලා කියද්දි මට කට ගහන් ඕනා උනත් මට කලින් ඩිපූටියගෙ කට ඇරුනා.....

උඹගෙ කට වැඩී සනාශ් ..මං දැන් දවස් දෙක තුනක ඉදන් බලන් උන්නා...කට පියාගන අහන් උන්නා....උඹගෙ කටේ අඩුවක් නෑ...උඹට මං අද යන්න එපා කිව්වා....උඹ ඒත් ඇහුවෙ නෑ...උඹ මොකක්ද කෙරුවෙ එපා කියපු දේම කරපු එක....උන ගැනිලා උන්න මූවත් එක්ක අද ගිහින් තිබ්බා...

ඔව් මං ගියා...මං ගියා.....ලමිස්සියො නෙවෙනෙ ගෙට වෙලා ඉන්න....මමවත් අපෙ චූටියවත් කොටහලු වෙලා නෑනෙ ගෙට වෙලා ඉන්න....මොන මගුලක්ද මේ.....අනේ ශෙනිරු ...මේ...වැඩිය කියවන් එන්න එපා හරිද...මගුල..උන උන කියන්නෙ අපේ එකා බිබික්කමක්ද...ඇරත් ගියා කියලා නටන්නෙ මොකද....නටන්න දෙයක් උනේ නෑනෙ....නේ...මගුල...මොන මගුලක්ද මේ.....

......

යකො මුලින් මුලින් හිටපු එකා දැන් නෑනෙ.....මුලින් වචනයක් කියලා බැනපු නැති එකා දැන් නෑනෙ...දැන් දැන්නෙ මුන්ගෙ හරි මූනු එලියට එන්නෙ.....කොහෙ හරි යන්න ඇහුවත් එපා...එපා...එපා...එපා.....අනෙ ශෙනිරු

කට පියවපන් සනාශ් ..දැන් ඇති....

චූටියා වරෙන් යන්න...අපිටත් පුදුම පුකේ අමාරුවක්නෙ තිබ්බෙ ...දැන් සනීපයි...මුන් එක්ක අපිට පෑහෙන්න බෑ....වරෙන් යන්නෙ.....ශෙනිරු මට උඹ එක්ක ආයම ගනුදෙනුවක් නෑ...මෙතනින් පස්සෙ මට උඹවත්..උඹව මටත් ඕන් නැ.....උඹ උඹට හරියන ලමාතැනියෙක් හොයා ගනින්....මමත්.....මම...මට...මෙ...

ඔව්...කියපන්....මැරෙන්න බලන් කියපන්....මම මට හරියන ලමා තැනියෙක් හොයාගන....උඹටත් උඹට ඕනෙ එකෙක් එක්ක යන්න දෙන්න කියන්න නම් හදන්නෙ..උඹ මේක මතක තියාගනින්...මං උඹව උස්සනවා...ලමා තැනියෙක් ගෙනාවොත් මං උඹව හොර එක විදිහට හරි තියා ගන්නවා...උඹට පිට යන්න දෙන්නෙ නෑ...ඒකත් දැනන් ජීවත් වෙයන්...හරි...කෑලි කපලා ගගේ මූදෙ දාල හිරේ ගියත්...උඹව දෙයි කියලා හිතන්න එපා.....

මං ශේප් එකේ නිර්වාන් දිහා බැලුවා....අරූ නම් කෑලි කපලා ගගේ මූදෙ දානවා...මූ නම් මාව නන්දසේන වගෙේ මෝරුන්ට කන්න දායි...පුත්තලමෙ ගෝවා වැවුනා කිව්වත් විස්වාස කරන්න පුලුවන් ...මූ මට් යහතින් ඉන්න අරි කියන එක නම් විස්වාස කරන්න නම් බෑමයි.....

ලගට එන්න....

නිර්වාන් ....මම

ලගට එන්න.....

අහන්නකො ....මං ගියා...ඒ නිසානෙ

...

ලගට.....

හරි...අනේ...එනවා....මට උනනෙ.....අනික ඔයාගෙත් කට ඉදිමිලානෙ...උන් රන්ඩු උනාට අපි....භ්භ්භ්....

මං උඹට යන්න එපා කියලා කිව්වද...නැද්ද.....ම්ම්ම්

නි...රු....මේ....

ම්ම්ම්ම්....

එයා මාව අතෑරියා.....යන්න කිව්වද එපාද අහපු එයා මට මොකුත් කියන්න නොදී අනිත් පාර අතෑරියා..හරියටම උඹට ඕනෙ මොකක්ද ඒක කරපන් චූටි..මට වැඩක් නෑ කියලා කියන්න වගේ...

නිර්වා...න්..අනේ...නවතින්නකො...

අහන්නකො.....

ශෙනිරු මෙන්න මෙයාගෙ කකුල් අතපය වල බෙහෙත් දම්මලා ආපහු ගිහින් අරින්න....

නිර්වාන් අනේ....අහන්නකො..

ඇයි මා එක්ක නවතින්න ඕනෙද...?ඕනෙ නම් කියනවා..නැත්තන් යනවා

අනේ මේ චූටියා වරෙන් යන්න මොකට මෙච්චර බලු වෙනවද උඹ මේ මනුස්සයා හන්දා මෙ කකුල් කඩාගන බලු හති හලාගන පාරවල් දිගේ දිව්වා මේ අයියටයි මල්ලිටයි වගේ වගක් නෑ....හිතන් ඇති අපි සෙල්ලම්බඩු කියලා ...වරෙන් යන්න ඔය මොක්කුන්ගෙ වත් බයික් ලබ්බවල් වල නැග නැග යන්න ඕනෙත් නෑ කකුල් තියනවනෙ....මෙච්චර කල් බබී බබී ගාන් ආව උන්ට මං මේ කියන්නෙ...අදින් පස්සෙ.....මෙහෙ ඇති බබියෙක් නෑ ආ...

මං නිර්වාන් දිහා බලාගන උන්නා.. ..."එනවා නම් එනවා..නැතිනම් යනවා..."ඒ වචන වල තිබුන සැර....මොකටද ...මොකටද...කිව්වත් වගේ මොකටද..පිස්සෙක් පිහාට්ටෙක් වගේ පාර පුරාවටම දුවන් ආවට වෙන්න ඇති ඌ මට මේ සලකන්නෙ....

මගෙ ගාව උන්න ලොකුවා ඩිපූටියගෙ තරහවත් මේ වෙලාවෙ නිර්වාන් පිටින් යවනකොට කකුලට සෙරෙප්පු කබලක් වත් නැති දනහිස්වල ලෙලි ගියපු මම කොර ගගහා කොර ගගහා නිර්වාන් ගාවට ගියා....

පරිස්සමින් ඉන්න....ආයමත් ඔය වගේ දේවල් කරන්න එපා නිර්වාන් ...මොකද....ඔයාට කරදරයක් කියන හැම පාරකම මට මහ මග දුවන් එන්න හයිය නෑ...මට මහන්සී..මට රිදෙනවා...එච්චර දුර දුවා ගන්න බැරි උනත්...මං වැටි වැටි හරි ආවෙ උඹ හින්දා...උඹට තියන ආදරෙ හින්දා.....

මගෙ ඇස්වල කදුලු පිරුනා.....නිර්වාන් බලාගන ඉන්නවා..නපුරු කම ඉහවහ ගියපු නිර්වාන් අර ඉදිමුන කට තද කරන් බලාගන ඉන්නකොට මං එහෙම්ම එයාගෙ මූන හරි හිමීට අත ගෑවා....එයාගෙ තුවාල පෑරේවි කියලා හරි පරිස්සමින් මං ඒ මූන මගෙ ඇගිලි තුඩු වලින් අත ගෑවා.....

ඔය තරම්ම මගෙ පපුව රිදවන්න එපා නිර්වාන් ....මට...රිදෙනවා...ඔය තරම්ම...මගෙ ආදරේ ....ඒ..ඒ...නි...නි.....ර්...නිර්වාන්....ව්...වැටෙයි....වැටෙයි...අනේ....චූ.....චි..ව...

මොන k ඩ්‍රාමා එකද ඊයෙ පෙරේදා බැලුවෙ ම්ම්ම්ම්ම්.. ඔක්කොමත් හොදයි වැරදිත් කරලා තමුසෙ අඩන්න ගත්තම තමයි මට බලන් ඉන්න බැරි...

නිර්වානයා ඕකව වැටෙයි උඹගෙ කකුලත් බෑ මෙහෙ දිය ඕකව

ඕන් නැ...

මට කියන්න ආව ටික කියවන්න බැරි උනා.....මට තවත් අඩන්න බැරි උනා..මගෙ කදුලු මගෙ හැගීම් ඇත්ත උනත් නපුරු නිර්වාන් මට ඊලගට කියන්න ඕන දේ කියන්න නොදි අච්චර අඩුබඩු කඩාගන උන්නත් මාව තනි අතෙන් උස්සලා එයාගෙ උරහිසට ගන්නකොට මන් දැගලුවා....බඩගාවින් දෙකට නැවීගන උන්න මගෙ අත් දෙක ඔලුව තිබ්බෙ එක පැත්තක....පස්ස කකුල් දෙක තිබ්බෙ තව දිහාවක....මං අත පය බිග්බෙන් ඔරලෝසුවක් බට්ටාව වගේ එහා මෙහා පැද්දෙව්වා.....

යන්නම් යන්නම් ගගා කිව්වත් යටි හිත මගෙ නිර්වාන් ගැන බය වෙනකොට නපුරු නිර්වාන් මාව උස්සලා ගද්දි බොරුවට මං දැගලුවත් එයා එක්ක ඉන්න ඕන මම හිත යටින් පස්වනක් ප්‍රීතියෙන් පිනා ගියා.....

නිර්වාන් ....උඹට ඔය පොඩි නිවුන්නව ගන්න බෑ කිව්වම අහලා ඕකව බස්සපන්...නැත්තන් මට දියන්.....

ඇයි උඹට කැක්කුමද...උගෙ මිනිහනෙ ඌව උස්සන් යන්නෙ....ඔයා යන්න නිරූ අපේ එකාව බේත් දාලා තියාගන්න මං අපේ සුධාට මොනවා හරි කියන්නම්...මූ මහිලා සංගමේ රැස්වීමකට ගියාවත් කියන්න බැරි යෑ....

ම්න්....

මං උන්නෙ නිර්වාන්ගෙ කර උඩ....හෙඩ් පොපිට් අයියයි මායි ලාවට සමාදාන වේගන....නොවීගන වගේ ලයින් එකක් අල්ලන් යනකොට එක හෙලාම ඩිපූටියව ප්‍රතික්ශේප කරපු අපේ සැලා දිහා ඇස් කොන් වලින් බල බල ඩිපුටියා මාව ඉල්ලුවා....අරූ ආයම පරල උනා.....

අනේ මුගෙත් බොරුවනෙ...එපා නම් පලයන්කො...බොරුවට නහින්න හදන්නෙ...ඈ....එපා නම් යන්න ඕනා...දැන් මූ කී පාරක් නම් යනවා යනවා යනවා කිව්වද.....යන්න එපැයිනෙ.....

චින්තකගෙ වැඩිමල් දරුවගෙ මුසාව නම් බෝමයි ඈ....

කැක්කුමද....නැද්ද කියල නම් අහන්නෙ සනාශ්...ඔව් මට කැක්කුමයි...මොකද..මේ ඉන්නෙ නිර්වාන්ගෙ වස්තුවනෙ...එතකොට පොඩි නිවුන්නා ගැන මටත් අයිතියක් තියනවනෙ...හැබැයි...ඔයාට...මං ගැන වද වෙන්න නම්...මං හිතන්නෙ...එහෙම අයිතියක් නෑ..මොකද ..මට අයිතිවාසිකම් කියන්න එකෙක් වත් නෑනෙ....නේ....මට ආදරේ කරන්නවත් මොකෙක් වත් නෑනෙ...ඉතින් මොකටද....අනුන්ගෙ දේවල්.....

ආ..ආ...එහෙමද ශෙනිරු ..හිතන් ඉන්නෙ..එහෙමද.....එතකොට මම...මම මොකාද...ආ ශෙනිරු...මම නෙවෙද උඹගෙ බබී....අනුන්ගෙ දේවල්...අනුන්ගෙ වෙන්නෙ කොහොමද සෙ...නූ....ආ..අනුන්...ගෙ...

මම්නෙ.... උඹගෙ...බබී.....ආ...මම.....නෙවෙද...ඇයි...සෙනූ....මට.....මෙහෙම...කර....න්..නේ....

ආ...හරි...හරි...මමයි වැරදි..මායි..මූයි තමයි ඔක්කොම වැරදි කෙරුවෙ..මගෙ බබීවත්..අර පොඩි නිවුන්නා වත් මොකූත් කෙරුවෙ නෑ.....කෝ..කෝ....එන්න එන්න.....හරි...හරි...අඩන්න එපා....ඉක්කෙ....අර චූටියත් බලන් ඉන්නවනෙ...කෝ...කෝ...සෙනූ බැන්නට ආදරෙයිනෙ...කෝ ඉතින්.....මෙහෙ එන්න...මෙහෙ එන්න...පුපුරන්න කලින් නිශ්ක්‍රිය කරලා දාන්න..කෝ..කෝ සෙනූගෙ බබී...කෝ....

මගෙ ඇස් දෙක නලලට ගියා....තවමත් නිර්වාන්ගෙ කර උඩ උන්න මම මේ නාට්ටිය කටත් ඇරන් බලන් උන්නා.....කියන්න ඕනා ඔක්කොම කියුම් නටන්න ඕනා හැම වන්නමක්ම නටලා මැරෙන්න හදාපු සැලා ඇයි එහෙම කරන්නෙ කියලා අහලා උගෙ පෙට්ටි කට ඇදකරන් අඩන්න ගත්තා විතරයි සැර ගියපු සෝඩා බෝතලයක් වගේ තරහව නිවාගත්තු ඩිපූටියා අපි දෙන්නා ඉස්සරහම කැත නැතුව අරකව තුරුල් කරගන්නකොට පුපුරන්න ඔන්න මෙන්න තිබුන අලි වෙඩිල්ලක් ඉබේම නිවිලා ගියා....

අමොර්...අමොර්....මෙව්වනෙ...ආදරේ ප්‍රතිමූර්ති...මේවනෙ ප්‍රේම වෘතාන්ත...හරිම අගෙයි...හරිම අගෙයි...චිනතක වෙලාව බලලා ඝන පිහිටවලා නම් තබාපු පලවෙනි දරු පැටියා....රහසින්වත් පව් නොකරපු තැනත්තා.....පිච්චමල්බිසව්තමෝ !හරිම අගෙයි.....හැසීරිම් රටාව නම්...ප්‍රීතී.....ප්‍රීති.....

නිර්වානයා....

ම්න්...

කොල්ලො දෙන්නව මං ගිහින් දාන්නම්...උඹට අමාරුයිනෙ.....

එයා උන්න දෙන්.....

එයා උන්න දෙන් කියන්නෙ..අර බලපන් පොඩි නිවුන්නගෙ මූන....ගමකට ගහන්න කට තිබ්බට බෙහෙත් දානකොට මූ ගමම හොලවනවා....පව් බන් .....අර මූන...ඌට අඩලමද කොහෙද නින්ද යන්න එන්නෙ

මගෙ ගාව ඉඩ තියනවා....

නිර්වාන් ...

මගෙ එකා මගෙ ගාව නිදියපු දෙන්.....

මුරන්ඩු කම් කරන්න එපා නිර්වාන් ...උඹට රෙස්ට් කරන්න කිව්වා....බලපන් කොච්චර ලේ ගිහින්ද.....අනික ලොකු එකාව ගෙනිහින් දිලා ඒ මිනිස්සු කෝ අනිකා කියලා අහනවනෙ....

මට අදාල නෑ...මගෙ එකා මගෙ ගාව ඉදී...මං ඌව යවන් නෑ....

තවමත් උඹගෙ හිතුවක්කාර කම ගිහින් නෑ....

මං උන්නෙ බලෙන් බෙහෙත් දාපු අඩු හතර උස්සගන....ඩිපූටියා කිව්වත් වගේ ගමකට ගහන්න කට තිබ්බත් බෙහෙත් දානකොට ගමක් හෙළ වෙන්න කෑ ගහන මම සර්ජිකල් ස්ප්‍රීට් වැටුන දනහිස් පොල්කට්ට පුලුන් කැටුයෙන් අතුල්ලනකොට කෑ ගැහුවා... නිර්වාන්ගෙනුත් බැනුම් අහන් එයා කරන්න ගිය දේටත් හරියටම අඩාගන්න බැරිව උන්න මං ඒ ඔක්කොම අල්ලල අඩලා අවසානෙදි නිර්වාන් නැවතිලා උන්න කාමරෙ තිබුන සෝෆාවෙ අඩු හතර උස්සන් කෙදිරි ගගා උන්නා.....මගෙ ගාව උන්න ලොකුවා සැරින් සැරේම මගෙ තුවාල වලට පිඹින්න ගත්තා .... 

බබී...එන්න යමු.....

ල්..ලොකූ....න්..නැන්දට....මොනවද...කියන්නෙ.....

උඹ නැවතුනා කියන්නම්...

එ..එතකොට .....

එයා කියන දෙයක් කියයි සයාශ් ඔයා නිදාගන්න...නිර්වානයා ....උඹට මං මේ අවසාන පාරට කියන්නෙ...බහුබූත හිතන්නෙ නැතුව...කරුනාකරලා ඇදේ ඉදපන්...හරි....හැම ප්‍රශ්නෙටම උත්තර හොයන්න මිනිස්සු මැරුනා නම් අද මේ ලෝකෙ කවුරුත් ඉතුරු වෙන්නෙ නැති වෙන්න තිබ්බා.....කවුරු නැතත් අපි ඉන්නවා...තව ටිකෙන් උඹව බලන්න ආයම ඩොක්ටර් එයි...ඔය ඔලුව පොඩ්ඩක් පරිස්සම් කරලා තියාගනින්..අර කාලකන්නියා ඔලුවටමයි ගහලා තියෙන්නෙ.....

ඌ ගැහුවා වගේ නෙවෙ...පොඩ්ඩක් එහා මෙහා.....

දැන් ඇති....එයාට නින්ද යන්න යන්නෙ උඹ දැන් කෑගහලා ඇහැරවනවා ලමයව....

ඔව් උඹට අපි කියනකොට අහන් ඉන්න අමාරුයි....එන්න බබී යන්න....මූට කිව්වට තේරුමක් නෑ....

නිරූ අපි යනවා...අපේ චූටියව බලාගන්න නිරූ ....කොගෙවත් යවන්න එපා...ඕකා නින්දෙන් බය වෙනවා.....

ම්න්....

මං උන්නෙ ඇස් දෙක බාගෙට ඇරගන...වැස්සක් වැහැල පෑව්වා ...වගේ...මෙච්චර වෙලාම කියවපු සැලා වගේම ඩිපූටියා යන්න යනකොට මායි නිර්වානුයි තනි උනා.....එයාගෙ අතින් ගැලවුන සේලයින් කටුව ආයම ඇමිනුවා...ගැලවුන බැන්ඩේජ් ආයම බැන්දා.....ලේ ගෑවුන ඇදුම් ඔක්කොම ඩිපූටියගෙ උදව්වෙන් මාරු කරගත්තා ...හැබැයි.....ඒ ඇදුම් මාරු කරනකොට මං එ ඇග පුරාවටම තවම නිල් පාටට හැරුන් නැති උනත්...රතු පාට ගහලා තිබුන ඉදිමුම් පාරවල් දැක්කා...

චූටි...නිදි නැත්තන් එන්න...

එයා උන්නෙ ජනේලෙන් එලිය බලාගන ...හැබැයි මා දිහා නොබලා උනත්...එයාට කියන්න පුලුවන් උනා මම ඉන්නෙ එයා දිහා බලාගන කියලා ....සෝෆාවෙ දිගෑරිලා උන්න මං හිමින් හිමින් එයා ගාවට ගියා ...මං ඇදන් උන්නෙත් එයා ඇදන් ඉන්නවා වගේම ඉරි ඉරි පිජාමා සූට් එකක් වෙනකොට මම හරි හිමින් එයා ගාවට ගැටුවා.....

නිරූ.....

මං එයාගෙ ඇදට නැග්ගා...එක පැත්තකින් සේලයින් බට එල්ලුනා...මම එයා දිගා බැලුවා ....ඔලුව වටේම ඔතන් උන්න මගෙ නිර්වාන්ගෙ මූන දැන් තවත් ටිකක් ඉදිමුම් ගතිය තිබ්බා...මට දුක හිතුනා...අම්මා ආවෙ නෑලු බලන්න.....

නිරූ...අප්පච්චිවත්...හෙට.....

දන්නෙ නෑ ... අනුන්ගෙ දරුවො වෙනුවෙන් වෙන් කරපු කාලෙ අපරාදෙ හිතෙනවා ඇති....

අනෙ....එපානෙ...නිරූ....ඔහොම හිතන්න...අප්පච්චිට හදිසි වැඩක්ද දන්නෙ නෑනෙ....චූටිටත් ලෙඩක් හැදුනම අප්පච්චි ළඟ නෑනෙ නිරූ ....

නිදාගන්න ඔය තුවාල වලට ඇග රිදෙයි....ඇහැරන් ඉන්න එපා.....

එයැ මගෙ කතාව මගින් නවත්තන්න හැදුවා ...මාව නිදි කරවන්න හැදුවා ....ඒත් එයාගෙ කල්පනාව තිබුනෙ හුගාක් දුර ඈතක වෙනකොට වේදනාව හංගන් පාරෙ යන වාහන දිහා බලන් උන්න නිර්වාන් රිදෙන ඔලුව තවත් රිදව රිදව කල්පනා කරනකොට මං එයාගෙ ශර්ට් එකේ බොත්තම්.ගලවන්න ගත්තා ...

මං බොත්තම් ගැලෙව්වා ...එකක් නෑරම ගැලෙව්වා..එයා නෙවෙ වචනයක් කිව්වෙ...එයා නෙවෙ ඇයි ඇදුම ගලවන්නෙ කියලවත් ඇහුවෙ...එයා කෙරුවෙ ඔහේ මලකදක් වහේ පාර දිහා බලන් උන්න එක වෙනකොට අවසානම බොත්තමත් ගලවපු මට එක පාරම හුස්ම හිර වෙන්න ආවා...

න්..නිරූ.....

එයාව ඉදිමිලා...

හැදුන ඇගපතක් තිබුන නිර්වාන්ව තවත් ඉදිමිලා තිබ්බා...

ඇයි...නිරූ...මේ...මට...කියන්න...කව්ද...අයියෙ...මේ....

ශ්ශ්.....ඇයි මේ.....ම්ම්ම්.....ඇයි අඩන්නෙ චූටි.....

අඩන්නෙ...ඇයි...අහන්නෙ.....අඩන්නෙ ඇයි...අහන්නෙ...අනේ...නිරූ....

මට එයාව අත ගාන්න ඕනෙ...ඒත්...රතු උන පාරවල් ...එක්ක මට තවත් එයාව අල්ලන්න බය හිතුනා..... ....

චූටි.....

එයා ඇදෙන් බැස්සා ....බොත්තම් ගලවපු ශර්ට් එකෙ පලු දෙක දෙපැත්තට යනකොට සික්ස් පැක් මතු උන පපුවෙ ඉදුම් පාරවල් ඉලිප්පිලාම පේද්දි එයා ගිහින් ලොකුම ලොකු විදුරුව ගාව හිටන් රෑ පානෙ යන වාහන දිහා බලන් උන්නා.....

රෑ වෙලා...දැන් නම්...දොලහත් පහු වෙන්න එනවා ඇති.....එයා මොනවා හරි කියන්න හදනවා ...මට මෙවෙලෙ ඇයි නිරූ කියලවත් අහන්න හිතක් තිබුන් නෑ ..මොකද මට බය හිතුනා එයා මග නවතීවි කියලා ...

කවදා හරි....දවසක.....දැනගත්තොත්.....තවත් පවුලක් කැඩෙන්න එකම හේතුව තමුන්ගෙ අම්මා කියලා උඹ එදාට ගන්න තීරනෙ මොකක්ද චූටි....

අම්මව අතාරිනවා .....

මට එක පාරම අම්මව අතාරිනවා කියලා කියවුනා.....නෑ...මං ආස නෑ...කොච්චර ආදරේ උනත්....හේතු පිට හේතු දාහක් තිබ්බත්.....අනියම කියන්නෙ...අනියමමයි...කොයි තරම් දගලලා කෑගහලා උන්නත් ජීවිතේ ගැඹුරුම තැන්වලදි හරි සංවේදි චරිතයක් වෙන මම නිර්වාන්ගෙ අත තදකරලම අල්ලගත්තා ....

නිරූ...දන්නවද....

එපා....චූටි....මට අහන්න පුලුවන් තැනක නෙවෙ මං ඉන්නෙ....මට හරි මහන්සි වස්තුවෙ....

මගෙ පපුවත් එක්ක මොකක්ද වෙලා ගියා..මාව ලගට ගත්තු එයා එයාගෙ ඉසාරහට මාව අරන් බද වටේම අත් දෙක ඔතාගන උරහිසට එයාගෙ ඔලුව තියාගන මට හරි මහන්සී වස්තුවෙ කියනකොට මෙ ඉන්න නිර්වාන්ට නපුරු වෙන්න පුලුවන්ද හිතුනා.....

නිරූ....ඔයාට මහන්සී.....

ම්ම්ම්.....මහන්සී...අද රෑ එලිවෙන්නෙ නැතිනම් හිතෙනවා චූටි.....

......

ඇයි මං එපා කියපු දේ නාහා....හවුස් හදන තැනට ගියෙ....ම්ම්ම්...දන්නවද.....චූටි.....උඹ...සම්බන්දව...ගත්තොත්...මං හරි.....toxic character එකක්....මන් දෙයක්...එපාය කිව්වොත්....ඒ දේ කරන්න එපා ....මොකද .....උඹට සීරිමක් හරි උනොත්...මං හරි බයයි...උඹ මලක් නෙවෙ....උඹ බබෙකුත් නෙවෙ....සීනි බෝලයක් නෙවෙ...ඒත්...මිනිස්සු ආදරෙ කරනකොට ...ඇත්තටම ආදරේ කරනකොට ....පරිස්සම් කරනවා වැඩි සයාශ් .....මං අද සමාව දෙන්නම්....ඊලග පාර....සමාව නොදි....ඇස්වලට කදුලු එන විදිහට මාව තරහා ගස්සගන්නෙ නැතුව ඉන්න....තේරුනාද.....ම්ම්ම්ම්

එයා මගෙ ඔලුව අත ගෑවා...මගෙ බෙල්ල ගාවට පුංචි හාදුවක් තිබ්බා...සැලලිහිනියව අරන් ගියපු ඩිපූටියා මග දිගට ඌට මොන අතවරෙ කෙරුවද කියන්න දන්නෙ නැති වෙනකොට එලියෙ ඇවිලුන ලයිට් එක දිහා බලාගන උන්න මං ලයිට් එලියට ඇදිලා ඇවිදින් ඒ එලියෙම්ම පිච්චිලා යන පුංචි පුංචි මෙරුවො දිහා බලාගන උන්නා....

නිර්වාන්ගෙ අම්මත් මෙරුවෙක් වගෙ...කවදා හරි දවසක අනියමෙම්ම මැරිලා යන්න බලන් ඉන්න.....

නිරූ....ඔයාට මහන්සි .....සෙනූ කිව්වනෙ....

උඹට එයා සෙනූ නෙවෙනෙ.....ම්ම්ම්ම්ම්

න්..නිර්වාන් ...මොකක්ද අනේ....

එපා...ඇයි කියලා අහලා මගෙ කට රිදවන්න එපා....ඌට සෙනූ වෙන්න පුලුවන් එකෙක්ට විතරයි....ඒ තමුසෙට නෙවෙ චූටි...ඌට නම කියනවා....

මන් රවාගත්තා ....මේ යකාට වෙස් පෙරලෙන ඉක්මන....මට මහන්සී වස්තුවෙ අරකද මේකද ගගා උන්න නිර්වානයට සැලාගෙ මිනිහට මම සෙනූ කිව්ව විතරයි ආයම වෙස් පෙරලිලා ගියා...

ඇදට නගින්න....

මොකක්...එයා මට ඇදට නගින්න කිව්වා....එතකොට අද රෑට අපි දෙන්නා එකටද දොයියන්නෙ....

අනේ අප්පච්චි ....දරුපැටියගෙ යටි බඩ කොර වෙනවනෙ...

ම්හුක්....හදිසියේ...යම් කිසි දෙයක් සිත්ත වෙයිත.....👉👈....

නැතුව යයිනෙ..මගෙත් දනිස් කැඩිලනෙ....නවාගන්නෙ වත් කොහොමද ...නිකන් කරන්න බෑනෙ...කීයක් ජාති තියනවද කරන්න....

ම්හුක්...යෝ....සිත වල් වැදීගන එන්නෙ.....හ්

යෝ....චින්තක.....දෙවනි දරු පැටියගෙ බඩ කැලතෙනවනෙ...

හෙඩි පිපෙට් අයියා එහෙම කරන එකක් නෑනෙ...එහෙම කලොත් විදුහල්මාතාවට හොද නෑනෙ....

ඒත් ඒක හදිසියේ වත් උනොත්!

සුතු ගවුමේ...ඇයි.....මඩ ගැවුනෙ.....

ම්හුක්.....අනේ..සුතර්මා .....දරුපැටියා වැරදි...වැඩක් කරන්න හතනවතෝ....මන්තා.....!

මං හොරා වගේ නිර්වාන් දිහා බැලුව.....නිර්වාන් දිහා බලපු මට මූන දිහා වෙනුවට බැලුනෙ වෙන තැනක් වෙනකොට ඉදිමිලා තිබුන ඇගේ තිබුන චොකලට් පාට රවුම් දෙක දැක්කා විතරයි ඇගත් හිරි වැටුනා..

අර....චුච්චි!

ම්හුක්...අනේ....ඕනනෙ...

මං බිම.බලාගත්තා ....ආයම එයා දිහා බැලුවා..නෑ...ඕන් නෑ...මූ කොයි වෙලෙත් වෙස් පෙරලගන්නවා .....මොකටද.....මට ඕන චුච්චියක් නෑ...

නැ මට සෝෆාව හොදයි....

ඇදට නගින්න කියපු වෙලේ ඉදන් යටි බඩ පුරාවටම සමනල්ලු පියෑඹුවත් තියන මුරන්ඩු කමට මං සෝෆාව දිහා බලාගන සෝෆාව හොදයි කිව්වා.....

ඇදට නගින්න...

ඔයාගෙ ඇගත් තලාගන මාවත් තියන් නිදාගන්න බැනෙ.....

උඹ නගිනවද....නැත්තම්.....

අනේ...

නැගපන්!

න්..නිරූ....මේ...අනේ....

ලගට එනවා.....

න්..නෑ...ඇග තැලෙනවනෙ.....

තමුසෙව මං බලෙන් තුරුල් කරගන්නද....නැත්තන්...කැමැත්තෙන් ඇවිත් තුරුල් වෙනවද....

මං නිර්වාන් දිගා ඇටි කෙහෙල් කාපු උගුඩුව වගේ බලන් උන්නා.....බැනුම් අහන් ඇදට නැග්ග මං ඇදේ ගැට්‍ටට යනකොට නිර්වාන් මට ලගට එන්න කිව්වා....

ඇදට නැගපු වෙලෙ ඉදන් මට නිකන් චූබරයි චූබර්‍යි වගෙ....බඩ අස්සෙ සමනල්ලු රෑන් රෑන් පියාඹනවා වගේ....එයාගෙ ඇගේ ගෑවුනත් මට තිස්තුන්දාහෙන් කරන්ට් වදිනවා වගේ වෙනකොට ලගට ඇවිත් තුරුල් උනෙ නැතිනම් බලෙන් තුරුල් කරගන්නවා කියනවා එක්කම මාව සිහිමුර්ජා වෙන්න ආවා...

මං හොරා වගේ නිර්වාන් දිහා බැලුවා...එයා ඉන්නවා...නිකන් නෙවෙ....අවසානෙදි උඩට ඇදන් උන්න ශර්ට් එකත් අර සේලයින් බෝතලේ පටලවන් ගලවලා දැම්මා.....

අම්මේහ්...කද!

අනේ...මුනිතාස අයියෙ...එයා...ඇදුනුත් ගලවනවා...

අද නම්....මංගල යහන් ගත වීම වෙයිතෝ....මන්තා....

අද නම්....ආතරේ...මන්තිරේ....සදලු තල නෙවෙ එලිවෙනවා කියන්න වෙන්නෙ.....

අද....කියන්න වෙන්නෙ....

නිය රටා...මවනවා...අපතරේ.....වූ...කතා....

ම්හුක්....සරාගයේ...

රැයේ...හ්....

ආ...ආ...ආ.හරිම...අගෙයි...හරිම අගෙයි...ආ.....චින්තකගෙ දෙවනි දරු පැටියගෙ ලිංගික ප්‍රබෝධය නම්...හරිම අගෙයි....ආ....ප්‍රීතී ...ප්‍රීති ආය...!

මං උඹව කන්නෙ නෑචූටි....මට ඕනෙ තුරුල් කර ගන්න විතරයි...මට හරි මහන්සී චූටි.....හෙට දවස ගැන හිතලම මට හරි මහන්සී සයාශ් .....

අනේ....එපා නිර්වාන් ඔහොම කතා කරන්න....මට..මට පුලුවන් ....චූචිට පුලුවන් නෙ....තුරුල්.කර ගන්න...අනේ....චූචිට පුලුවන්නෙ.....

මෙච්චර වෙලාම බැ බෑ ගගා උන්න මං ඒ සැනින්ම එයාගෙ ගාවට පෙරලුනා.....එයාව තුරුල් කරගන්නම් කියනකොට මගෙ දිහා බලන් ලාවට හිනා උන නිර්වාන් මට එයාව තුරුල් කරගන්න නොදී මාව එයාගෙ ඇගට තුරුල් කරගත්තා ....මෙච්චර වෙලාම.ලැජ්ජාවෙන් පියාඹපු සමනල්ලු තටු ගහන එක නවත්තලා.දැම්මා...

සයාශ් .....

ම්ම්ම්ම්...

මං උන්නෙ හුස්මහිර කරන්....

දෙයක් අහන්නම්....මට අවංක උත්තරයක් දෙනවද සයාශ් ...

මොකක්ද නිරූ.....

මම මිමිනුවා ....නිර්වාන් ගෙ හුස්ම වල උනුසුම ඇවිත් මගෙ මුන තෙමන් යනකොට එයාට තුරුල් වෙලා ඉදන් මොකක්ද නිරූ අහන ගමන් මං මිමිනුවා.....

දවසක.....මේ ලෝකෙ....ඉන්න නපුරුම මිනිහ.....නරකම....මිනිහා.....උඹගෙ නිරූ උනොත්....එදාටත්....උඹ මේ විදිහටම මට ආදරේ කරනවද මගෙ සයාශ් .....?

නපුරුම.....නරකම...

මන් තත්පර ගානක් සද්ද නැතුව උන්නා....

එයා ඇහුවෙ හරි බැරෑරුම් ප්‍රශ්නයක්..තත්පර ගානක් එයාගෙ පපුව ගාව මුන තියන් උන්න මං මගෙ මූන ඉස්සුවා....

නිර්වාන් ....දන්නවද...මේ හැම මනුස්සයෙක්ම...ටෙම්පරියට ආව මිනිස්සු.... කවදාවත් ..කිසිම කෙනෙක්...නවතින්න ආව උන් නෑ නිර්වාන් ....උඹ....නරක...කෙනෙක් උනත්....නපුරු කෙනෙක් උනත්.....ජීවත් වෙන ටික කාලෙ.ඇතුලත....නපුරු උනත්...මං මගෙ ඇස් වලට දකින ආදරනීයම මනුස්සයා උඹ නම්...උඹ විතරක්ම නම්.......එතනින් එහා මොනවද නිර්වාන් ....

පන්ඩිත වෙලා...

මං...ආදරෙයි නිරූ...මං....උඹට....හරි...ආදරෙයි.....

කවදාවත් ....ඒක අඩු කරගන්න එපා සයාශ් ....උඹගෙ නිර්වාන් මේ ලෝකෙ ඉන්න නරකම...නපුරුම.මිනිහා උනත් ඔය ආදරේ මගෙන් ගන්න එපා.....එහෙම උනෝතින් ...

එහෙම වෙන්නෙ නෑනෙ...චූචි ප්‍රොම්ස් වෙනවනෙ....

මන් එයාට එහෙම වෙන්නෙ නෑනෙ කියනගමන් පොරොන්දු වෙනවා කියනකොට එයා මගෙ යටි තොල හරි හිමීට එයාගෙ මහපට ඇගිල්ලෙන් පිරිමැද්දා .....

හාදුවක් තියන්නද ම්ම්ම්ම්.....

ම්.....

එයා ඇහුවා හාදුවක් තියන්නද කියලා ....ආයමත් අප්පච්චි ගෙ ආදරේ දැනෙන ආදරනියම හාදුවක් මගෙ නලලෙන් තියපු නිර්වාන් එහෙම්ම මගෙ තොල්වලට බර උනා...නපුරු නිර්වාන් ගෙ හාදු වල ආදරේ නම් උතුරනවා...අත් දෙකෙම්ම පපුවට තුරුල් කරගන හරි හිමීට හාදුවෙ රස බලන්න ගත්තු එයා ඒ හාදුව ඉවර කෙරුවෙ මගෙ බෙල්ලටත් හාදුවක් තියලා වෙනකොට අවසානෙදි මගෙ ඔලුවත් අත ගෑවා....

නිදා ගන්න.....උඹ ලග ඉන්නවා නම්....හෙට දවස මොකක් උනත්..මොන තරම් නරක දවසක් උනත් මට කමක් නෑ...මන් උඹට නොසෑහෙන්න ආදරේ කරනවා මගෙ ලමයො.....!!!!!

ගුත් මෝනිම්....

ජොබී....බුජි...

දරුපැටියව ඇහැරවන්නෙ නැතුව කතාව කියවලා හිමින් යන්න....

කියවන ඔයාට ආතරෙයි ලමයො!!

Nedeesha .....!

More Chapters