.....නිම්න...
මං කෑ ගැහුවා...එයාගෙ හිනාව එයාගෙ රූපෙ .....මේඝ කියන්නෙ මගෙ නිම්නට කොයන්න දන්න මං අඩාගන් වගෙ ගිහින් එයාගෙ ඇගේ එල්ලුනා...වයස හතලිස් එකක් කියන එක පවා අමතක කරපු මං පුංචි එකෙක් හා සමානව ගිහින් එයාගෙ බෙල්ලෙ එල්ලුනා....
ම්..මගෙ නි...ම්න.....
.e...excuse ...me....මිස්ට...ර්
නිම්න...මම...මේ...මම නිම්න...උඹගෙ සුදු මල්ලි.....මම් උඹගෙ සුදු මල්ලි.....
ඇයි මෙ.....ඇයි මේ....අනෙ ඇයි දෙයියනෙ මේ...එයා මාව එයගෙන් අහක් කරන්නෙ....ඇයි මෙ එයා මාව නොදන්නවා වගෙ හැසිරෙන්නෙ.....කල්පන උදාරලා මේ හැමෝම ඉන්න තැන එයා මාව මෙහෙම අහක් කරන්නෙ ඇයි.....
සොරි.....මිස්ටර් අපි මීට කලින් කොහෙදි හරි හම්බවෙලා තියනවද ?
මාව අඩියක් දෙකක් පස්සට වීසි උනා බලාපොරොත්තු උනේ මෙහෙම කතාවක් වත් මෙහෙම හැසිරීමක් වත් නෙවෙ .....බලාපොරොත්තු උනෙ ආදරේ ඉස්මුරුත්තාවට එන වැලදගැනීමක් සිප ගැනීමක් වෙනකොට මගෙ හුස්ම පවා අදුනන එයා මාව නොදන්නම මනුස්සයෙක් ගානට කතා කරනකොට මං අඩි දෙකක් පස්සට ගියා ..
නිම්න...චූචි බුංජියො....මේ ඉන්නෙ උඹගෙ මයුරයා.....උඹට උඹගෙ ආදරේ අදුනන්න බැරිද නිම්න...
උඹ මේඝ නෙවෙ.....කුනාටු කියන නමින් ආවත් උඹයි මුගෙ නිම්න කියන්න මලවුන් පවා වලවල් වලින් නැගිටලා පවා උත්තර දේවි නිම්න....
නිම්න....ඇත්තටම කව්ද නිම්න...මට ඔයාලා මේ කියන කිසි දෙයක් තේරෙන්නෙ නෑ...අනික මිස්ටර් මං ඔයා වෙනුවෙන් විනාඩි පහලවක් දුන්නෙ තමුන් දිගින් දිගටම මම අනුන්ගෙ දෙයක් හොරකම් කරනවා කියලා මට චෝදනා කරපු හන්දා නැතුව මං මෙහෙම දෙයක් බලාපොරොත්තු උනෙ නෑ...
නි...ම්...න....
සොරි මිස්ටර් ...දැනටමත් ඔයාගෙ කාලෙන් විනාඩි පහක් ගෙවිලා ඉවරයි ...ඔයාට කතා කරන්න දෙයක් තියනවා නම්....මෙ විනාඩි දහය ඇතුලත කතා කරන්න....නැත්තන් කරුනාකරලා මට මගෙ වැඩේ කරගන්න දෙන්න..මොකද මට කාලෙ කියන එක හුගක් වටිනවා..
මන්දා .....මට තරහා ගන්නද...කැ ගහලා අඩන්නද කියලා .....එත් මගෙ ඇස්වලින් කදුලු විතරක් ඔහෙ ගලනකොට මේ අසීමාන්තික වේදනාවට මට සදහටම තිතක් තියන්න හිතුනා....
උඹට ඔය තරමට ම මාව අමතක නම්.....උඹ දිගටම ඔය පාරෙම යමන්...මං මගෙ ජීවිතෙන් නිම්න කියන චරිතෙ සදහටම මකලා දානවා කියලා කියන්න හිතුනා....
ආ එහෙමද නිම්න දැන්...
කල්පන
නෑ...උදාර පොඩ්ඩක් ඉදින් ...මිස්ටර් මේඝ කල්හාර බස්නායක .....තව විනාඩි දහයද තියෙන්නෙ....ඔකෙ බොසා....මට විනාඩි පහක් ඇති...අවුරුදු දාසයක් තිස්සෙ මූ උඹ වෙනුවෙන් විදපු දුක සාරාංශ කරන්න...මොකද මට සිංහල වලට A+ තියෙන්නෙ.....අපිට කැබින් එක පෙන්නුවා නම් කොපි කතා හැම එකම පැත්තක දාලා තමුන්ට නොතේරෙන කතාව මං තේරුම් කරලා දෙන්නම්....
මං නෙවෙ කටක් ඇරියෙ...කල්පන කටවහපන් කිව්වෙ....මොකද උන්ට බනින්න කෑ ගහන්න අයිතියක් තිබුනා....ආදරෙ මගෙ විතරක් උනාට වේදනාව අදටත් අපි හැමෝගෙම වෙනකොට මං ගිහින් කැබින් එකෙන් ඉදන් ඔහෙ ඒ මූන දිහා බලන් ඉන්නකොට එයා කල්පනගෙ චෝදනා අහන්න පටන් ගත්තා ...
මට හතලිස් එකයි කියන්නෙ...එයාට කීයද ....හතලිස් නවයයි....?එයත් මං වගේම වයසට ගිහිල්ලා...

නිම්න ....
මිස්ටර් මං හිතන්නෙ ඔයාලට මෙතන මොකක් හරි ලොකු පැටලවිල්ලක් වෙලා තියනවා.....
ඇත්තට.....අපිට පැටලවිල්ලක් වෙලා තියනවද ....හරි බොසා උඹ කිය්න විදිහටම අපිට පටලැවිල්ලක් වෙලා ඇති....හරි....පුලුවන් නම් උඹගෙ හෘදසාක්ශියට එකගව මුගෙ ඇස් දිහා බල්පන්කො මිස්ටර් මේඝ...හරි...මූ අඩනවා...මූට මීට අවුරුදු දාසයකට කලින් අඩපු ඇඩිලිවලට මේ වෙනකන් අඩන්න කදුලු තිබුන් නෑ....
මේ අවුරුදු දාසයටම උගෙ හිතෙ ගින්දර මිසක් ඇස්වලට උනන්න කදුලු තිබ්බෙ නෑ.....හැබැයි මූ අද අඩනවා...නොදරුවෙක් වගෙ මූ අඩනව...හැබැයි...ඇයි උඹට මාව මතක නැද්ද අහන්නවත් දැන් වචන නෑ....
උඹ පොරොන්දු උනා .උඹ ඇවිදින් මූව හොයා ගන්නවා කියලා ...හැබැයි උඹ ඒ පොරොන්දුවත් කැඩුවා...උඹලා ඇවිදින් සාධාරනයක් තියා මිනි ඇදුමක් වත් නැතුව පොලවට දිරන්න උන්න මලකදන්....කොහෙන්දෝ ඉදන් අපේ ජීවිත වලට ආවා....
අපෙ නෙවෙ අපෙ නෙවෙ මුගෙ...මුගෙ ජිවිතේට ආවා...
උඹට් මතක නැති නම් මං දැන් උඹට කියන්නම්....මූ උඹ හින්දා නිස්කාරනේ වයසට ගියා....උඹ ඔය කියාපු හත් පාට ආදරේ ලබ්බ ගැන මූ මේ තාක් ගානක් නැතුව උන්නා නම් අද අපෙ රොහාන්ලා සීයලා ආච්චිලා අපි මුගෙ දරුවන්ට මාමලා.....
උඹ මූව කෑවා..
මං උඹට සොරි කියන්නෙවත් නෑ මිස්ටර් මේඝ...උඹ මූව පලවෙනි තත්ත්පරෙම්ම දන්නෙ නෑ කිව්වා .හැබැයි මූ තරම් ආදරේ දීපු එකෙක් මේ මිහිපිට ඉන්නව කියලා මං හිතන්නෙ නෑ...උඹලා ඉල්ලපු සාධාරනෙ දෙන්ඩ මු නොමැරි මැරුනා....මූ හුස්ම ගත්ත මලකදක් උනා...උඹගෙ මලකද ට කර ගහලා මූම උඹව සුසානෙට අරන් ගිහින් උඹවම ආය ප්‍රාර්තනා කෙරුවා ....
වැඩක් නැ....මේ තේරුම් කිරිල්ලෙන් වෙන්නෙ අපෙ වචන නාස්ති වෙන එක.....මුගෙ හිත රිදෙන එක....උඹ කිසි තෙතමනයක් නැතුව කියනවා නම් උඹ මූව දන්නෙ නෑ කියලා ....
මිස්ටර් මේඝ කල්හාර .....ඔය පොත් ලිවිල්ල නවත්තපන්...මොකද ආදරේට නිග්‍රහ කරන මිනිස්සු ආදරේ ගැන ලියලා තේරුමක් නෑ.....මොකද කාලෙකට කලින් එහෙම ලියාපු එකෙක් බල්ලෙක්ට අන්ත විදිහට මැරිලා ගියා....
උඹ ආත්මාර්තකාමී මනුස්සයෙක් මේඝ...
කලකිරෙන්වා ..අපරාදෙ කියලා හිතෙනවා...මනුස්සයෙක් තරහෙන් අත අරින හැම දේම තාව කාලිකයි මිස්ටර් ....හැබැයි කලකිරිමෙන් අතාරින හැම දේම සදාකාලිකයි....
මුගෙ ඇස්වලට උඹ බිදුන බිලින්දෙක් ..උඹට දුන්න ආදරේ තරම කියන්නෙ මමවත් මගෙ මිනිහට එහෙම ආදරේ දීලා නෑ...හැගීම් තියන මිනිස්සු ආදරෙ පත්ලටම කිමිදුනාම උන් උන්ගෙ රහ හොයනවා....හැබැයි මූ...උඹට ආදරෙ දුන්නෙ පෙරහන් කඩදාසි තියලා...මූ විහින් ලාදුරු හදාගත්තා ....
උඹ නොදන්නවා ඇති කඩාගන වැටුන දුරුතු හදකට පන දෙන්න නැහුන මයුර කියන්නෙ අදටත් නොයිදුල් පිරිමියෙක්....
මිස්ටර් ...අදින් පස්සෙ..අපෙ එකා උඹව අතාරිනවා....අපිටත් මහන්සී.....එක පාරක් අදුනන්නෙ නෑ කිව්වම ඇති.....මූ අවුරුදු දාසයක් විදවපු විදවිල්ලට උඹ එකපාරක් ප්‍රතික්ශේප කෙරුවම ඇති....නිම්න කියන කැරැක්ටර් එක මුගෙ ජීවිතෙන්ම ක්ලෝස් වෙලා යන්න ඒ වචනෙ හොදටම ඇති...
මොකද දරාගන ඉන්න බැරිම තැන ගිනි කදු උනත් අවසානෙදි පුපුරලා යනවා....ඉතින් මටත් කියන්න තියෙන්නෙ මෙච්චරයි ..... ඌත් දැන් පිපිරුනා...
ඉස්සර වගෙ අඩලා කෑ ගහලා ඌ දුක පිට කරන්නෙ නෑ කියන එකම හරි භයානකයි මේඝ....උඹ දැනටත් කියනවා නම්....මතකයක් නෑය කියලා .මීටත් එහා මූට උඹ වෙනුවෙන් දෙන්න කාලයක් නෑ.....
මොන දේ උනත් ...මං මේක විතරක් කියන්නම් ...මූ තරම් ආදරෙ දුන්න පිරිමියෙක් මං දැකලා තිබ්බෙ නෑ....
එහෙනම් මුගෙ හත් පාට ආදරේට උඩු හුලගෙ ගහන් යන්න දීලා ඒ කතාවත් මෙතනින් පස්සෙ සදහටම මකලා දාන්නම්...
අමතක කරන්න එපා...මූ කියන්නෙ ස්ට්‍රේට් පොරක්... ඉහවහ ගිය ආදරෙ හන්දා අසම්මතෙ අත්දෙකෙම්ම වැලදගත්තු....
මයුර වරෙන් ...උඹට මහන්සී...මිස්ටර් මං විනාඩි දෙකක් ඉතුරුත් කරලා දුන්නා....තැන්කිව්...දැන් ඉතින් පුලුවන් ඔය කරන් ආව වැඩෙ දිගටම කරන් යන්න....අනිත් දේ...පොතක් ගැන අපි කතා කරන්න ආවනෙ....ඒ පොත අයිති මූ පන වගේ ආදරෙ කරපු උගෙ කොල්ලට....සමහර විට ඌට ආයම ඉපදෙන්න බැරිව යන්න ඇති.....
හැබැයි පොරොන්දු තියෙන්නෙ නම් රකින්න...කමක් නෑ...දානයක් දීලා පින් දීලා අපි ඒකත් අදින් සදහටම ඉවර කරන්නම්....
මෙන්න මේකත් මතක තියාගනින් මේඝ මුගෙ ජීවිතේටත් මුගෙ ආදරෙ ඉල්ලන් ඕන තරම් ගෑනු ඇවිත් මුගෙ වටෙ කැරකුනා හිත වෙනස් කර ගන්න දාන්න ඕන හැම දහන් ගැටේම දැම්මා....ඒත් මූ මේ ලෝකෙ ඉන්නවද නැද්ද කියන්නවත් නොදැන උගෙ ආදරේ ප්‍රවේසම් කෙරුවා ....
එහෙම එක හිතක් මත්තෙ පේවෙන මිනිස්සු අඩුයි ....
කමක් නෑ....උත්තරේ ඕක නම්....එච්චරයි
චූචි බුංජියෙක් කියලා එකෙක් උන්නා...හැබැයි මං අද හරියටම දැනගත්තා ඌ තනිකරම වේස බුංජියෙක් කියලා ....
වරෙන් මයුරයා යන්න...උඹ අපෙ කුඩම්මට වචනෙ දීපන්....26යි 41මහ දෙයක් නෙවෙ....නැද්ද සෙනේ.....ලබන අවුරුද්දෙ වත් අපිට මාමාලා වෙන්න බැරියෑ නේ සෙනෙ
කල්පනයගෙ විහිලු ස්වරූපෙට මොනවා උනාද මන්දා ....කෑ ගැහිලි අඩා වැටිලි බඩු පොඩි කෙරිලි මේ මොකුත් නෑ....විනාඩි ගානක් ඇතුලත ඌ අවුරුදු දාසයක වේදනාව සම්පූරනම එක විනාඩි ගානෙන් කියලා ඉවරකනකොට මං පුටුවෙන් නැගිට්ටා නැගිටලා ගිහින් ඒ ඇස්වලට හුස්මක දුරින් නැවතුනා....
මිස්ටර් බස්නායක .....නිම්න කියන්නෙ ඔයා නෙවෙනම්.....සමාවෙන්න...මං වැරදි වැටහීමක....
හැබැයි...නිම්න මේඝ කියන්නෙ දෙන්නෙක් උනත්..නිම්නට කියන්න තියන දෙයක් මං මේඝට කියලා යන්නම්.....ඕනම කතාවක් කරවිල කොහඹ කායන් තිත්තට පටන් ගත්තට ඒ කතාව තිත්තෙම්ම අහවර වෙන්න ඕන නෑ....හැබැයි මගෙ කතාව අදින් අහවරයි ....තිත්තෙන්ම පටන් ගත්තා....තිත්තෙම්ම අහවර උනා.....
බීපු කදුලු වල තරමට මගෙ පිත පැලිලා.....කාපු දුක්වල තරමට මගෙ සංවේදි නාල මැරිලා....හැබැයි....අදින් පස්සෙ මං මේ චැප්ටර් එක සදහටම ක්ලෝස් කරලා දානව.....
නිම්න කියන චරිතෙ මං සදහටම මකලා දානවා...මොකද ..මගෙ අම්මා තාත්තා ජීවත් වෙන්න තියන අවුරුදු ගාන අහවර වෙන්න කලින් මං ඒ මිනිස්සුන්ට සතුටක් දෙන්න ඕන....මං හිතන්නෙ කල්පන කියපු කතාව හරි...උන් ලබන අවුරුද්දෙ වත් මගෙ ලමයෙක්ට මාමාලා වෙන්න ඕන.....ඒ කෙල්ල මං වෙනුවෙන් බලන් ඉන්නවා...
මිස්ටර් මේඝ කල්හාර ...දුන්න විනාඩි පහලවට බොහෝම ස්තූතියි ...
යන්නම්...මතක නැති මිනිස්සුන්ට මුල ඉදන් මං උඹගෙ ආදරේ කිය කිය බලෙන් මතක් කර කර කාලෙ කනවට වඩා හොදයි අලුත්ම පිටුවක් පෙරලන එක....
ස්තූතියි ඔයාගෙ වටිනම කාලයට...
මං එන්න හැරුනා නිකන් නෙවෙ එයාගෙ උරහිසට තට්ටුවක් දාලා උදාරයගෙ නංගි මන් එනකන් බලන් ඉන්නවා කියලා මං එන්න හැරුනා.....උඹට මාව මතක නැත්තන් හා කමක් නෑ කියපු මං ඇස්වල කදුලු පිහදාන් එන්න ආවා...
මයුර අනුශ්ක කලුතොටආරච්චි ...
...නෑ....මට එන්න බැරි උනා...මට දොරකොඩදි නවතින්න සිද්ද උනා.....මාව දන්නෙවත් නෑ කියපු එයා අනිත් පාර මට මගෙ සම්පූරනම නම කියනකොටම මං මූන දිහා හැරිලා බැලුවා ...එයා ඇවිදින් කල්පනවත් උදාරවත් එලියෙන් තියලා දොර වැහුවා
දැන් එයයි මමයි විතරයි ....
"මාව දාලා වෙන් කෙනෙක් එක්ක ජීවත් වෙන්න හිත හදාගන්න පුලුවන්ද අනූ.....?"

අදහන්න මාව නිකන් ගිනි ගත්තා වගෙ...අවුරුදු දාසයකින්..
.හරියටම අවුරුදු දාසයකින් මං එයාගෙ කටින් මගෙ නම ඇහුවා ....කලුම කලු කොන්ඩෙන් දැන් අතරින් පතර සුදු ගස් මතු වෙලා....
මගෙ නිම්න වයසට යනවා.....
න්..නිම්...න...ඒ කියන්නෙ උඹට මත...කයි...
එයා හිනා උනා....හැබැයි ඒ හිනාව අස්සෙ පුදුමාකාර වේදනාවක් ලියවිලා තිබ්බා.....මාව අතින් අල්ලගත්තු එයා එයාගෙ ශීට් එකෙන් වාඩි කරවලා එයාගෙ අලුත්ම පොත මගෙ අතට දුන්නා....
කියවන්න....මුලත්...අවසානයත්...
මගෙ ඇගිලි වෙව්ලනවා...මගෙ ඉස්සරහ උන්න නිම්න ....නැත්තන් මේඝ මගෙ හුරතල් නිම්නට අහිංසක නිම්නට හාත් පසිම්ම වෙනස් පරිනත පිරිමියෙක් වෙනකොට එයා මගෙ අතට පොත දීලා මගෙ මූන හරි හිමීට පිරිමැද්දා ...
මං එනකම්ම බලන් ඉදලා වයසට ගිහිල්ලා...
නිම්න...
කියවන්න....
මං පෙරළුවා.....කැපකිරීම කාටද ලියලා තියෙන්නෙ බලන්න මං පෙරලුවා ....
...FORGET ME NOT මල් අහුරක වේදනාත්මක කදුළු තැවරූ ,හර්ද වස්තුවෙ අන්තීම ආදර බිදත්
හූරා අතට ගෙන කඩාවැටුන සඳකට පොවා පන පෙවූ ඒ උතුම්
මනුස්ස ප්‍රානයට ආදරයෙන්...
මගෙ ඇස් කෙවෙන්න ගත්තා ...පොතෙ කැපකිරීමම ලියලා තියෙන්නෙ මට....නමක් ගමක් නැති උනත් මේ වචනවල තනි අයිතිය එන්න ඕන මටම විතරයි කියනකොට මං ඒ අකුරු මගෙ මුනට තදකරගත්තා ....FORGET ME NOT....ඔව්....එයාට මතක තිබිලා....එයා ඒ ගැන ලියලා .....
ඇයි.....මාව....බලන්...න....නාවෙ...ව...ස්තු...
මගෙ කදුලු ඇවිදින් අර කැපකිරීම පොගවන්න ගත්තා...එයා මොකුත් නොකියම ඒ පොතෙ අවසානම පිටුව පෙරලුවා ...
...ඉතින්...දාසය අවුරුද්දක් තිස්සෙ මං මේ දකින පැටළුනු නූල් බෝලයක් බදු හීනයෙ අවසන් රැය මෙය වේවායි මං ප්‍රාර්තනා කරනවා....
දාසය වසරක් .....හැම රෑකම මගෙ හීනෙට ඇවිදින් වස්තුව කියන උඹ කව්ද.....
දාසය අවුරුද්දක් මගෙ හීනෙට ඇවිදින් ආදරයක් ඇතුලෙ තියන නිර්මලත්වය ගැන මට අකුරු කරන උඹ කව්ද ...
මට මහන්සී...රට පුරාවටම ඔය ඇස් ඔය හිනහව හොයලා මට මහන්සී....
දාසය අවුරුද්දට...අසම්මත ප්‍රේම කතා දාසයක්.....දවසින් දවස හීන වලට ඇවිදින් මගෙ ඇස් බලන් මට "වස්තුව" කිය කිය යන උඹ වෙනුවෙන් මං ලියනවා මදිද?
මේ යන්නෙ දාසය වෙනි අවුරුද්ද ..එදා වගේම ඊලග පරිච්චේදෙත් අරන් උඹ ආයමත් මගෙ හීනෙකට ඇවිත්....ගැඹුරක් නොදන්න මහ මුහුදෙ ගැඹුරුම තැනක යදම් ලූ මතක උඹ ඒ හීනෙදි එකම සුවදකින් නිදහස් කරනවා....
ඒ මතක ,පැටලුන නූල් බෝලයක් හා සමානව මගෙ හිතටත් හිසටත් දුන්න හැම වේදනාවකින්ම නිදහස් කරනවා...ඒ සුවද මං කාගෙ කවුද කියන්න අවසානෙදි මට තේරුම් කරනවා
සදාකාලික ආදරේ සුවද ...FORGET ME NOT නිල් පැහැති පුංචි මල් අහුරක් ළඟ ප්‍රේමයෙන් හෙම්බත් උන හදවතක් නින්දෙනුත් ඉකි ගහනවා ....
වෙනකවුරුත් නෙවෙ....කඩාවැටුන හදකට හුස්ම පොවපු මගෙ ආදරේ අයිතිකාරයා...
අවසානෙදි දාසය වසරකට පසුව මං මගෙ හීනවලට එබෙන එ ඇස් හොයා ගන්නවා...මගෙ හීන ඒ රැයෙන් පස්සෙ නවතිනවා....හීනෙන් මට වස්තුව කියන එයා හීනෙට එබෙන එක නවත්තනවා....යතාර්තෙදි වැලද ගන්න කාලෙ හරි කියනවා....
ඉතින් දාසය අවුරුද්දකට පස්සෙ මගෙ හීන සදහටම නවතිනව....
මොකද මට හුස්මක දුරින් ඒ හීන යතාර්තයක් වෙලා මේ දැන් මගෙ දිහා එදා වගේම ආදරෙන් බලන් ඉන්නවා....
කදුලු පුරවගන්නවා....
"නිම්න මේ උඹයි වස්තු"
කියන ගමන් මාව තදින් වැලදගන්නවා.....!
හ්ම්.....මේක මහ අමුතු කතාවක්...
ෆැන්ටසියත්...යතාර්තයත් එක නූලක ගැටගහපු තේරුම් ගන්න බැරි මහ අමුතු කතාවක්....!
.... සීනි නැති කෝපි එකක් එක්ක හත්පාට ආදරේක ඇති වැරද්ද මොකක්ද අහන ගමන් පටන් ගත්තු මහ අමුතු කතාවක් ....
සීයට කෝටි වාරයක් මං අවසානෙදි මේ අමුතු කතාව ගැන රතු අකුරෙන් අවවාදයක් එක්ක අවසන් කරනවා...
මලාවු හදවතකට පවා ප්‍රේම කරන්න තරම් හිත හයිය මිනිස්සු කියන්නෙ මහ භයානක මිනිස්සු කියලා ..මොකද උන්ගෙ ප්‍රේමය මහ ගැඹුරුයි....ඒ ප්‍රේමය ඇතුලෙ තව තව ගිලීමක් මිසක් ගොඩ ඒමක් කවදාකවත් නෑ කියලා ....
ඉතින්...දාසය අවුරුද්දකට පස්සෙ මං එ පපුවට මූන තියාගන්නවා...අමුතුකතාවක් මහ අමුතුවට ඉවර වෙනවා.....
ස්තූතියි දරාගත්තට....ආදරේක අසීමාන්තික වේදනාවත්...ප්‍රේමය අසීමාන්තික බලාහිදීමත්....!
වස්තු.....
මං ඒ මූන දිහා බැලුවා ....යටි තොල් වෙව්ලනවා...මං බලන් ඉදලා එයාමාව හැම තැනම හොයලා...මට වගෙ හැමදේම එක පෙලට මතක නැති එයා හීන අස්සෙන් ඇවිත් වස්තුව කිය කිය ගියපු මාව හොයලා.. .
කමක් නෑ අවසානෙදි උඹට මාවත් මට උඹවත් හම්බ උනා....මං මගෙ පපුවෙන් අවුරුදු දාසයක බර හෑල්ලු කරගන්නවා...
තුරුල් කරගන්න පුලුවන්ද අනූ.....එදා වගේම ....උඹට බලන් ඉදලා මහන්සී.....මට හොයලා මහන්සී.....අනූගෙ චූචි නිම්නට හුගක් මහන්සී... උත්තර බදින්න තරම් වත්...බැනුම් අහන්න තරම් වත් පනක් නෑ...සමාව විතරක් ඉල්ලන්නම්...
මට සමාවෙන්න....මගෙ මයුර.....
එයා මාව තුරුල් කරගන්න පුලුවන්ද අහනවා..තැනින් තැන ඉසකෙයක් දෙකක් ඉදුන එයා අර තිස් ගනන් වල මුල උන්න අවදානෙ ඉල්ල ඉල්ල රන්ඩු උන මගෙ ආදරනීයම නිම්න වෙනගමන් මගෙ පපුවට ඔලුව තියාගන්නවා....සමාව ඉල්ලනවා....ඉතින්...මං එයාව අත් දෙකෙම්ම තුරුලු කරගන්නවා...මේ සැනසීම මට ඇති.....සදහටම නිවෙන්න මේ සැනසීම මට ඇති
ඇත්ත.....උඹටයි මටයි දෙන්නටම මහන්සි....මං ආදරෙයි මගෙ නිම්න....
මාත්....ආදරෙයි හුගාක් ...
මේඝ කියන්නද...නිම්න කියන්න ම්ම්ම්ම්...
ම්හුක්...චූචි නිම්න කියන්න අනූ...චූචි බුංජියට චූචි නිම්න කියන්න...
ම්ම්...ඇත්තට...චූචි නිම්න නෙවෙ උඹ ඇවිදින් දැන් නාකි නිම්න!
යෝ....අනූහ්.....තාම වේසයි ඈ...!චූචි නිම්නගෙ දකුනු හක්කෙ දත කැක්කුමක් අල්ලන් එන්නෙ ඇයි අනූ...
වයසට යනකොට දත් හැලෙනවනෙ ඒකයි...
යෝ ඇත්තමයි අනූ මං.අපෙ අම්මට කියනවා ඈ...!
කියපන්....කියලා කරපන්කො...
අම්...භ්භ්භ්භ්.....භ්භ්....ම්ම්ම්ම්ම්ම්....හ්ක්ක්...යෝ...උම්මියක් දුන්නා නේත...
ආදරෙයි රත්තරන්ට...මම දැන් ජීවත් වෙනවා!
👉👈💐🌻🤭🤭🤭