Ficool

Chapter 81 - 81

මයුරයා වරෙ...ය්ය්....ය්ය්...ආ....මේ මොන වේස වැඩක්ද මේ...බස්නායකයා බුජි නේත

ශ්ශ්...යකො...මෝඩයා වගෙ කෑ ගහන්න එපා එයාට මහන්සී...

ආ....යසයි සෙනෙ.....කුඩම්මට ආයමත් පාරක් හුලන්...ඒකිට සීනි අප්පව බැදගන්න වෙන්නෙ නෑ කියහන් සෙනෙ..

හෙමින් කල්පනයා හෙමින්...ඇහෙයි යකො...

මයුර ඇත්තටම අපෙ නංගිට මොකද වෙන්නෙ...ඒකි උඹ ගැන මාර විදිහට බලාපොරොත්තු තියන් ඉන්නෙ...අහන අහන හැම ප්‍රොපෝසල් එකටමබෑ කියනවා....අප්පච්චි බැරිම තැන කැමැත්ත දුන්නා උඹ දන්න කියන එකානෙ කියලා ...ඒකි උදෙම්ම නැගිටන් මාතෘ සායනෙත් බලනවා..මොකද උඹ වයස හන්දා ඒකි හිතන් ඉන්නෙ බැදපු ගමන් හනිමූන් බබෙක් හදාගන්න...

මං මගෙ යටි තොල හපාගත්තා....මගෙන් සමාව ඉල්ලපු...මට මහන්සී අනූ කියපු එයා මගෙන් ඉල්ලුවෙ එකම දෙයයි....ඉස්සර වගෙ එයාව තුරුල් කරගන්න එයාට ටිකක් නිදාගන්න දෙන්න කියනවෙක වෙනකොට මේ ඉන්නෙ මගෙ නිම්න...උන්ගෙ බුංජියමයි කියලා දැනගත්ත කල්පනයයි උදාරයයි මගෙ ආදරේ පටන් ගත්තු තැනම මාව දඩු කදෙ ගහන තැනට වැඩ කරනකොට මම මගෙ අත් දෙක එකතු කරලා වැද වැද පලයව්කො ගගා උන් ගාව වැද වැටුනා..මොකද නම විතරයි වෙනස්....

අනූ චූචි නිමන්ගෙ ඇයි දත කකියන්නෙ අහනකොටම මට් තේරුනා මිනිහගෙ නමයි වයසයි විතරයි ගිහින් තියෙන්නෙ කියලා ...

.හරි හරි.....මොනවා හරි කරගන්න දෙයක් කරන් වරෙල්ලා...අමතක කරන්ඩ එපා මයුරයා උඹට වෙඩිමක් තියනවා.....බබී එනවා යන්න.....

උදාරයා තවත් කියව කියව මට බඩු සෙට් කරන්න හදන කල්පනයව ඇද්දා .....අවසානෙදි හීන් සිරුවෙ දොර වැහුනා...

දැන් ඉතින් මේ කාමරේට ඉතුරු මායි මගෙ ආදරෙයි විතරයි ...එයා නිදි....

ඒ ඇස් පියවිලා.....වාත්තු කරලා වගෙ....ඒත් එ මූන හරි මහන්සිපාටයි...ලස්සන උනාට ඇස් අස්සෙ තිබුන හැගීම් තෙහෙට්ටු පාටයි...

පුටු ඇන්ද උඩින් කකුල් දෙක දාන් එලියට උන්න එයා මගෙ කකුල් උඩ ඉදන් අතුත් ගුලිකන් සැපට නිදි.....

මං ඒ මූන දිහා තත්පර ගානක් බලන් උන්නා...හාදුවක් තියන්නත් ආසයි ඒත් පුදුම ලෝමයි.... හැඩට තියන දිගැටි ඇහිබැම.....වක ගැහුන ඇහිපිහාටු ..ලා රෝසට හුරුවට තිබුනත් දැන් දැන් පාට මැකීගන යන තොල් වගේම එහෙන් මෙහෙන් රැල්ලක් වැටුන බෙල්ල...

මගෙ ආදරේ වයසට ගිහින්....ඒත්...හිත් වල ආදරේ තවමත් තරුනයි .....

මං එහෙම්ම එයාගෙ නලලට හාදුවක් තිබ්බා...නලලට වගේම කට කොනට...නාහෙට නිකටට....ඒත් මං අර මලානික රෝස පාට කට මග ඇරියා විතරයි මිනිහා කට උල් කෙරුවා .....

ඒ කියන්නෙ නිදි නෑ නාකි කෝලම.....

මොකද ම්ම්ම්

කෝ...කටත.....

කටත...මොකද දොන්තෙ ආ.....

ඇයි උඹ කුඩම්මට දෙන්නද පරිස්සම් කරන්නෙ දීපන්...

බෑ....

දීපිය ....දීපන් අනූ...යෝ...දීපියව්කො...කට පාලුයිනෙ.....අවුරුදු හතලිස් නවයක් මේක තාම නොයිදුල් නෙ...යෝ...අනූ....චූචි බුන්ජියට....චූචි බුංජියට ...හරි වේසයි අනූ උඹ දැන් හරිම වේ....භ්භ්භ්භ්න්හ්.....භ්භ්...භ්භ්...භ්භ්...භ්භ්...ම්ම්ම්...හ්...අ....භ්භ්.....භ්.............භ්.....

මදිද තව ඕනෙද ම්ම්ම්.....

ඔව්.....මදි...මට තව මදි...මට...භ්......

මං එයාට හාදුවක් තිබ්බා.....පරන තැටියම ආය ආයම කරකවන්න හදනකොට මං එයා අර උල්කරන් උන්න කටට හුරතල් වගේම පුංචි හාදුවක් කෙටියෙන් තියල ඉවර කරන්න හැදුවත් මට බැරි උනා....කොකද එයා මාව තුරුල් කරගත්තා...මං එයාව තුරුල් කරගත්තා....අවුරුදු දාසයකට පස්සෙ ....මං එයාව සිපගත්තා ...මන්දා මගෙ ඇස්වලින් ආයම ආයම කදුලු වැටුනා..මගෙ ඇස් ආයම රතු උනා...මට ඉකි ගැහෙන්න ආවා....ඒත් මගෙ උඩු තොල් යටි තොල් මගෙ නිම්න දැනටමත් සින්නකර කරන් තිබුනා....

අනූ....

ම්ම්ම්....

ආදරෙයි මං....

දන්නවා වස්තුව

නෑ....මට උඹ මට ආදරේ කරනවටත් වඩා ආදරෙ දෙන්න ඕන උඹට ...මගෙ ආදරේ හිස්තැන් ගොඩක් තිබුනා...මගෙ ආදරේ දුර්වල තැන් හුගක් තිබුනා ..ඒත් එ හැම හිස්තැනක්ම හැන දුර්වල තැනක්ම උඹ හරි අපූරුවට වහගත්තා සුදු මල්ලි.....

මගෙ ආදරෙ ඇතුලෙ කඩතොලු තිබුනා....පැල්මල් අනන්ත තිබුනා.....ඒත් උඹ ආය ආයම ඒ පැල්මවල් සිදුරු උඹගෙ ආදරෙන් වහගත්තා ....

විසි පහක්...උඹට වයස විසි පහයි අනූ....අවුරුදු විසිපහට ඔච්චර කැපකිරීමක් ...කොලු වයසෙ හොදම හරිය.....උඹට තිබුනා මාව අතාරින්න....උඹට තිබුනා වෙන කාව හරි හොයා ගන්න...ආදරෙ මහ හුගක්ම ගැඹුරට තියන තැන්වල පිරිමි ආත්ම සමහර කලුවර රැයවල් වල සෘගාරෙට බුලත් අත් දෙනවා.....එන්න කියනවා නිරුවත් සර්වාංගෙ ඇතුලින් ගොජ ගොජ ගාන ආදරේ රතියකට හරවන් ආදරෙ ඇතුලෙ නොවිදි රසයන් විදින්න අඩගහනවා...

ඒත් උඹ...උඹ ඒ හැමදේම දරා ගත්තා අනූ.....එකම බැල්මක වත් උඹගෙ වෙනසක් තිබුන් නෑ...උඹ ඇඩුවා....උඹ වැලපුනා....උඹට මාව නැති කරගන්න බෑ කියන වේදනාව මිසක්...උඹට මගෙ ඇග උඩ නගින්න බෑ කියන වේදනාව මං කවදාවත් දැක්කෙ නෑ අනු....

රැයක් එලිවෙනකනුත් උඹ මාව ඒ විදිහටම තුරුල් කරන් උන්නා...හාදුවක් අස්සෙන් උඹ ආදරේ තරම පෙන්නුවා ...

මං උන්නෙ උඹගෙ ආත්මෙ ගැඹුරුම තැන අනූ....ඒත්...රැයක් එලිවෙනකොට හීනයක් දැක්කා හා සමානව මං මල් පොකුරක සුවද විතරක් තියලා ගියා....

අනූට මතක...අනුත් මගෙන් ඇහුවා ...නොරිකො දෙවොන්දෙරා ගෙන් ඉල්ලුවා වගෙ ඇදුම් වලට මගෙ සුවද කවලා යන්න පුලුවන්ද කියලා ....

.

මට කියපන් අනූ.....සුවදක් විතරක් ඉතිරි උන මගෙ ඇදුමක් තියන් උඹ උඹගෙ හදවත ග්ලැසියරයක් කරන් ජීවත් උනෙ කොහොමද කියලා ...

අනූ.....මට උඹට ආදරේ කරන්න දෙනවද ...මට උඹව බලාගන්න දෙනවද ...මං හන්දා උඹ විදෙව්වා ....උඹ ළඟ ඉන්න පොරොන්දු දුන්න මං උඹව දාලා ගියා ....දාසය අවුරුද්දක් ...බලා හිදීම නීරස වෙනකනුත් උඹ බලන් උන්නා....

උඹ හරි අවංක මනුස්සයෙක් මගෙ මයුර...ඇත්ත උඹ ඇවිදින් මතක වලට හරි අපූරුවට ආදරෙ කරපු මනුස්සයෙක් මගෙ මයුර....

කාල විපරියාස ...ඍතු විපරියාස දාස් ගානක් ආවත් ..උඹ අදටත් මං වෙනුවෙන් තිබ්බ ආදරෙ ප්‍රවේසමට රකිනවා මයුර.....

ඉතින්....සුදු මල්ලි...මගෙ පන.....මගෙ ආදරෙ...මගෙ ජීවිතෙ....මගෙ හැමදේම .....මං ඇහුවෙ හත් පාට ආදරයක් වැරදිද කියලා විතරයි ...උඹ ඇවිදින් මලානිකව උන්න මාව පාට කරවල හුස්ම පිඹපු මනුස්සයෙක් ....වැටුන හදකට ආයම අහසට යන්න පාර කියාපු මනුස්සයෙක්....

කියපන් මගෙ සුදු මල්ලි....මේ පාර මට වැඩියෙන් ආදරෙ කරන්න දෙනවා නේද .....

මං හිනා උනා....නොකියා නොකියා උන්නට මොකද කවුරුත් නොදැක්ක්ට මගෙ උරහිස් උඩ අවුරුදු දාසයක් එයාගෙ මලකදෙ බර තිබුනා...මගෙ උරහිස් ඇට මස ඉරාගන එලියට ඇවිදින් තිබුනා ...එයා නැති ජීවිතෙ ඇතුලෙ මගෙ හදවතට වඩා එයාව දරාගත්තු උරහිස වේදනා වින්දා.....

එයා මගෙන් මට ඉහලින් යන්න අහනවා...එයා කලිනුත් ඕක ඇහුවා ....එයා කලිනුත් මගෙන් මගෙ තැන ඉල්ලුවා ...

මං මගෙ ආදරේට නොදෙන දෙයක් තියනවද ...මං මේ නිම්න කියන මනුස්සයගෙ ආත්මෙට ඇබ්බැහි වෙලා තියන තරම කොයිතරම්ද කියන්න මමවත් නොදන්නකොට මං කොහොම නම් බෑ කියන්නද...

උඹට පුලුවන් මගෙ වස්තු ..

එයා මගෙ ඇස් දිහා බලන් උන්නා....දිලිසෙන කදුලුකැට ඇගිලි තුඩුවලින් පිහදැම්මා...

අවසානෙදි ඇදලා අරන් මාව තුරුලු කරගත්තා ....

ආදරෙයි සුදු මල්ලිට...

ආදරෙයි මගෙ අනූට

ආදරෙයි මගෙ පනට!!

අනුශ්ක කලුතොටආරච්චි .

ඒ මගෙ අත්සන...වැල්වටාරම් මොකුත් නෑ....කෙලින්ම නම...ඔච්චරයි ..රෙජිස්ටර් පොතෙ මං හත් පාට ආදරේකට සාක්ශි දුන්නා ...

ජීවිතෙ හැමදාමත් සතුටින් ඉන්න ප්‍රාර්තනා කරනවා...කිසිම තැනක වේදනාවක් දැනෙන්න එපා කියලා ....

මම මගෙ ළඟ අවුරුදු ගානක් වැඩකරපු කොල්ලගෙ ඔලුව අත ගෑවා....ඒ ඇස්වල කදුලු වැක්කෙරෙනවා...

සර්....අම්මට අප්පච්චිට ...හැම කෙනාටම උන්නෙ සර් විතරයි ...මාව තේරුම් ගත්තෙ සර් විතරයි ...වදාපු අම්මා අප්පම ලෙඩෙක් කියලා ගෙයින් දොට්ට දැම්මම ඇරිලා තිබුන හැම දොරක්ම වැහිලා යනකොට මේ දොර විතරක් ලෝබ කමක් නැතුව ඇරලා ජීවත් වෙන්න ජීවිතෙ අත්තිවාරම් බදින්න ගඩොලෙන් ගඩොලට උදව් දුන්න සර්ට හතරවම් දෙවි හතර දෙනාගෙම්ම පිහිටයි සර්...

පිස්සු කොල්ලා.....

මං හිනා වෙලා කොල්ලගෙ කම්මුලට හිමින් තට්ටුවක් දාලා ආයමත් පාරක් සතුටින් ඉන්න කියලා එන්න හැරුනා ...

එයා ඉන්නවා....

මගෙ වස්තුව මං එනකන් බලන් ඉන්නවා.....ඉතින් තවත් වසන්තෙකට මල් පිපෙන්න දොර ඇරපු මං ගිහින් එයාගෙ අතින් අල්ලගන්නකොට එයා මට එයාගෙ ඵෝන් එක පෙන්නනවා

මොනාද වස්තු.....

බලන්න....නුවරට රොබරෝසියා පිපිලා.....එදා වගේම අදත් අර රතු කැට මල් පිපෙනවා කියලා චූටි මල්ලි කියනවා....එ විතරක් නෙවෙ....උඩරට මැනිකෙව අරන් යන ඩ්‍රයිවරුත් පුදුම ලස්සනයි කියලා කියන්නෙ ...

ව් ..ව්ස්තු මේ....

මගෙ ඇස් තෙත් උනා....රවිදුවා....අපෙ කොට මගුල....

එයාගෙ මල්ලි කියන්නෙ....

දෙයියනෙ ජනා...ජනත් අයියා.....

වස්තු මේ....අපෙ.....

සයුරු කල්හාර බස්නායක ....රවිදුවගෙ ජනා...අපිට සිද්ද උනා අපෙ අම්මව තව එකෙක් එක්ක බෙදා ගන්න...

මට නිකන් සතුටටම පන නෑ වගෙ....ඇත්තමයි දෙයියනෙ නුවරට රොබරොසියා පිපිලා.....තනි සුදු යුනිෆෝම් එක පිටින් උන්න රවිදුවා ගාව උන්න ජනාව එ හිනාව ..ඒ වල ගැහෙන කම්මුල් දැකපු මට ආසාව වැඩි කමට කෑ ගැස්සුනා වගේම මගෙ ඵෝන් එකට මැසේජ් එකක් ආවා...ඒකත් ඉතින් උගෙම්ම තමයි....

මයුරයා....වසන්තෙ එක්කම රොබරෝසියා පිපෙන හැටි බලන්න නුවරට වරෙන්....!මං මගෙ ආදරේ එක්ක උඹලා එනකන් බලන් ඉන්නවා.....මට මගෙ ජීවිතෙ ආයම හම්බ උනා...හරියටම උඹට වගේම ...

පව්....

මට පව් කියලා කිය උනා...මැසේජ් එක කෙටියි...මං හිතන්නෙ උගෙ සතුටට ඌට අද වචන නෑ.....

අනූ....

කියන්න වස්තු...

කෝපි එකක් හදලා දෙනවද ....

ම්ම්...සීනි නැතුවද

නෑ.....සීනි ඇතුව.....මගෙ ජීවිතෙ දැන් නිරස නෑ මයුර...සීනි බිදක් නැති තිත්තම කෝපි එකකට වඩා තිත්තට පැනි රහ හාමු උනහම ඒක හරි රහයි මගෙ මයුර....

වස්තුවක් උඹ!

මං ඒ කම්මුල් මගෙ පිට අල්ලෙන් අතගාලා කාර් එකේ දොර ඇරලා දුන්නා....

කොහෙටද යන්න ඔනෙ...

කොහෙටවත්ම එපා..මට අම්ම අප්පච්චි බලන්න යන්න ඕන...රොහාන් තවමත් මට ආදරෙයිද බලන්න ඕන...කමනිගෙ බත් කට එදා වගේම රහද බලන්න ඕනෙ...

එයාට මගෙ ගෙදර යන්න ඕනලු....මං එහෙම්ම සීට් බෙල්ට් එක දාගන මගෙ වස්තුව දිහා බැලුවා ....

ඒ ආදරේ ඒ රහ තවම එහෙමයි.....වෙනසකට තියෙන්නෙ මගෙ අම්මා අප්පච්චි දැන් වයසයි නිම්න...එදා වගේම අදත් ඒ ඇස් උඹ එනකන් බලන් ඉන්නවා....ගිහින් බලපන් අප්පගෙ මේසෙ උඩ තවමත් රෝසපාට පොල්ටොපි බෝතලයක් තියනවා ....මිනිස්සු ආත්ම වලට ඇබ්බැහි උනා කියන්නෙ ගැලවීමක් නෑ මගෙ නිම්න.....

........

එයා මගෙ දිහාව බලාගන උන්නා.....ලෝබ කමක් හිතිලද කොහෙදො ඩ්‍රයිව් කරන් බව දැන දැනම මගෙ අත් ගොබේට හේත්තු උනා.....

මාරවිල පාර අවුරුදු ගානක ඉදන් මේ වගේමයි....සිල්වර් ටවුන් පාර තවමත් අර අන්දකාර ගතියමයි...එදා වගේම මහ වැව පිරෙන්න පිපෙන මල්කාන්දරව එහෙම්ම වෙනකොට මගෙ අත් ගොබේට හේත්තු උන එයා හරි බර හුස්මක් අරන් පාතට දැම්මා....

සුදු මල්ලි ....අපි සින්දුවක් අහමු

වහිනවා.....එයා මගෙන් සින්දුවක් අහමුද අහනවා....

කොහෙන් ආව වැස්සක්ද කියන්න දන්නෙ නෑ වහිනවා....

අකාසෙන් මහපොලවට වැටෙන ආකාස කදුලු වීදුරුවට වැටිලා මැරිලා යනවා.....

එදා වගේමයි.....මීට අවුරුදු ගානකට උඩින් වගේමයි...කලු පාටත් අලු පාටත් එකට මුහු උන ආකාසෙ අඩනවා....හැබැයි සතුටු කදුලු.....

එයා ඇහෙන නෑහෙන ගානට සින්දුවක් දාලා..එලියෙන් වහින වැස්සයි.....සමනල් සිහිනෙ ගැන කියන තවත් කල්හාර කෙනෙකුයි ඇවිදින් මගෙ ආදරෙ මාත්‍රාව මට නොදැනෙන්න තවත් වැඩි කරනකොට තනි අතින් ඩ්‍රයුව් කරන ගමන් උන්න මන් එහෙම්ම මගෙ ඔලුව හරවලා එඩ් හිස් මුදුනට හාදුවක් තිබ්බා....

වස්තුට මතකද මීට අවුරුදු ගානකට කලින්....මේ වගේම වැස්සක අපි හබරල කොලයක් යට උන්නා....

මාව බේරුවා...අනූව තෙමුනා....

උඹ මට මුලින්ම ආදරෙයි කිව්වා....

ඔව්....ආදරේ වර්ගෙ කියලා!!!

විස්වාස කරන්න බැරි මහ අමුතු කතාවක්...

ඒත් ඒ කතාවට මන් ආදරෙයි සුදු මල්ලි

...වේදනාව ටොන් ගනන් උනත්..නිර්මල හිතක් තිබුන තරුන කොල්ලෙක්ගෙ ප්‍රේමය මං හරි බරට වින්දා.....පින් උඹට...

මගෙනෙ නේද

හැමදාමත්....!

අවුරුදු දාසයකට පස්සෙ මහ අමුතු වැස්සක් වහිනවා.....දවසට වාහන දාහයක් ගියත් මේ වාහනෙ සද්දෙත් මේ හෝන් එකත් හොදටම අදුනන මගෙ සුදු පුතා මං කාර් එක ගේට්ටුවෙන් ඇතුලට දානවත් එක්කම දූවගන එලියට ආවා.....වැස්ස ....සහලවම වැස්ස මගෙ කොල්ලට දුවන් එන්න බෑ...ඒ හන්දා ඒකා හිනා වෙවී උඩ බුරනවා...

අනූ....අර....

ආ....මට කියන්න බැරි උනා....මං අප්පච්චි කෙනෙක් උනා....

....ඔයා...

අයියා මල්ලි කියන්න වයස වැඩීනෙ...ඉතින් මං අප්පච්චි .....

මාත් අප්පච්චි කියන්නද...

එයා හිනා වෙනවා...මාත් අප්පච්චි කියන්නද අහලා හිමීට මුමුනනවා....මං හිතන්නෙ අවුරුදු ගානකට පස්සෙ මෙ වහින වැහි අර පෙරහන් කඩදාසි වැහි වතුර එක්ක අරන් යන්න හදනවා....

ඔය තරම්ම ආස නම් කියන්න.....හැබැයි....

ඇදට විතරක්ද?

තේරුනා නේ ම්ම්ම්ම්ම්.....?

අනූ....

කියන්න වස්තු....

බහින්න කලින් දෙයක් අහන්නද....

අහන්න....

අපිට බැරිද අර පෙරහන් කඩදාසිය අහක් කරන්න.....

මං හිනා උනා....මං හිතන්නෙ...මේ රෑ හරි ආදරනීය වේවි.....මට අලුත් මනුස්සයෙක් විදිහට හෙට නැකිටින්න පුලුවන් වේවි.....

මං.එහෙම්ම ඒ අතට මගෙ අත පටලවගත්තා ...

........මං හිතන්නෙ මහ වැහි වහින්නෙ පෙරහන් කඩදාසි ගහගන යන්නද කොහෙද .....අවුරුදු දාසයක් ඔය තිබ්බා මදිද...අපි අහක් කරමු....දැන් තියෙන්නෙ කදුලු බොනවා වෙනුවට ආදරේ රස බලන්න...

මගෙ අනූ....

ආදරෙයි හොදද...!

ඔව්....ආතරෙයි හොදත....MMMMMWAH

More Chapters