......අවසානෙදි මේ අවුරුද්දෙත් තනියෙන්ම ඉටිපන්දම නිවපු මං එන්න නැගිට්ටා....
මොකද තේරුමක් නෑ ....
මන්දා...
මට දැන් මාවත් නීරස වෙන තරමට මේ බලා ඉදිල්ල ඇති වෙලා....
හැම දේම අතාරින්න හිතෙනවා...බැදීම් කියන්නෙ මොන දුකක්ද වේදනාවක්ද හිතෙනවා...කොටින්ම ඉවසලා බැරිම තැන මට මාවත් අතාරින්න හිතෙනවා....ඒත් මට පස්සෙ මෙහෙම දෙයක් මතක් වෙනවා....
අම්ම අප්පච්චිගෙ කකුල් අල්ලා වදින වාරයක් ගානෙම බුදු වේවා කියලා ප්‍රාර්තනා කරාට..මේ සංසාර කන්නෙ තවත් එක තැනක බුදුන්ගෙ දවසත් මම ඒ අම්මා අප්පච්චි ගෙම වෙලා ඉපදෙන්න ඇති බුදුන් දැක නිවන් දකින්න හිතාගෙන ඒ මනුස්ස පරාන දෙක බණත් අහන්න ඇති ඒත් මාව මතක් වෙලා මගින් හැරිලා ගෙදර එන්න ඇති...ඉතින් එදා පටන් අපි තවමත් මේ සංසාරෙ එකට වෙන්න ඇති....
ඉතින් මං කොහොම කියලා නම් නවතින්නද ....
මං නැගිට්ටා...එක අතකින් පස්සෙ තිබුන වැලි ගසා බසාදාගන එදා වගේම පුංචි මලක් නටුවත් එක්කම කඩාගන මුදුවක් හදාගන මම මටම දාගත්තා...
ඉතින් අවුරුදු දාසයක් තිස්සෙ මං විවාහක තනිකඩයෙක්!!!....
තට්ට තනියෙන් ඉදන් කප්පරක් තරන් දුක පිට කරාපු ඒ දුක අහන් උන්න මහ මුහුද දිහා බලාගන උන්න මං එන්න ලෑස්ති උනා.....ඒ එක්කම සාක්කුවෙ තිබුන මගෙ ඵෝන් එක ආයම වයිබ්‍රේට් වෙනවා කෝල් එනවා ඉවරයක් නෑ
උදාර...
කල්පනයගෙන් පස්සෙ උදාර....මං ඵෝන් එක ආන්ස්වර් කෙරුවා..මොකද...ජීවිතේ අතාරින්න හිතට දැනෙන හැගීම ප්‍රභල උනත් අම්මා අප්පච්චි කියන මනුස්ස පරාන දෙකත් සංසාරෙ ඉදන් මං හොයාගන තියන මේ කල්‍යාණ මිත්‍රයොත් මගෙ වම් අතත් දකුනතත් අල්ලන් මාව අදිනකොට මොන ප්‍රභල හේතුව හන්දා වත් මට මාවම මරාගන්න බැරි උනා...
දුකක් නහන්න දුකක්???
කටුවක් ඇනුන කකුලක කට්ට ආපිට ගන්න පිහිට වෙන්නෙ කට්ට උනත්...දුකක් නහන්න මාවම මරා ගත්තම හරිද ....
ඒ ආදරේ හිමි කරගන්න මං වාසනාවන්තයි නම්...අන්නතෙක්දි හරි මට මුන ගැහේවි ..ඒ නැති නම්...මං සදහටම තනි වේවි....
.හෙලෝ....
මං ඵෝන් එක ආන්ස්වර් කරලා උත්තර බැන්දා.....
මයුර උඹ කොහෙද ඉන්නෙ?
එලියෙ....ඇයි....
එලියෙ කියන්නෙ කොහෙද මයුර.....උඹට මොකක්ද වෙලා තියෙන්නෙ....අර අම්මයි අප්පච්චි ...පව් යකො ඒ මිනිස්සු බය වෙලා.....උඹ ඔහොම හැසිරෙන්නෙ ඒ මිනිස්සුන්ගෙ වයස ගැන වත් හිතලද මයුර....උඹ හිතන්නෙ උඹගෙ අම්මා අප්පච්චි තවම හතලිස් ගනන් වල මුල කියලද.....???
මං එයාලට ගන්නම්...
ගන්නම් නෙවෙ පල ගෙදර
ම්න්...යන්නම්....
බීප්බීප්....බීප්...
කෝල් කට් උනා...ඇත්ත....තව දුරටත් මගෙ අම්මා අප්පච්චි තරුන නෑ.....ඉස්සර වගේ නෙවෙ....අප්පච්චි ගෙ ඉහ නිකට මේ හැම දේම පැහිලා.....නලුවා වගේ උන්න අප්පච්චි ගෙ කොන්ඩෙ දැන් තැනින් තැන සුදු වෙනවා.....ලිප ගාව ඉදලමද මන්දා අප්පච්චි ට වඩා අම්මව වයසට ගිහිල්ලා.....
මං එහෙම්ම සාක්කුවට අත දාලා අම්මගෙ බෙහෙත් තුන්ඩුව දිහා බැලුවා....වයසත් එක්ක ලැබෙන අන්වශ්‍ය වරප්‍රසාද...කටට රහට කාපු අම්මට දැන් කන්නත් නෑ....සහලවම සීනි....තුවාලයක් හැදුනොතින් ලේසියකට හොද වෙන්නෙ නෑ....සමහරු සීනි වලට මහත් වෙනවා සමහරු දර ඉපල් වෙනවා.....
මන්දා...මොන හේතුවටද මන්දා මගෙ ජීවිතෙ ඇතුලෙ මට මගෙ ඉරනම යතාර්තෙ කියන දේ සැන්ටි නොකර අමුවට ගහන්න දුන්නා...විලවුන් ජාති...ආලෙපන ජාති දාහක් ගෑවත් මහ පොලවට් දිරන කය මොන වගේද කියන්න මං මගෙ නිම්නගෙන් දැක්කා....
විරූපියි....
අපුලයි...
කලකිරෙනවා.....
භයානකයි....
ආදරෙයි....ඔව් මං ඒ මනුස්සයට මේ මොහොතෙත් ආදරෙයි...ඒත් මට පිලිගන්න වෙනවා...ඒ මලකද අවසානෙදි ඇස් ඇරුනා..කට ඇරුනා...සිනි ගඳ ගැහුවා...ඉහද පනුවො වැහුවා....සිහිය නැති කම හන්දා ආදරේ ඉස්පොල්ලෙ ගිහින් උන්න හන්දා මං ඒත් බදාගත්තා ...හාදු තිබ්බා...
ඒත් පහු පහු වෙනකොට යතාර්තෙ කියන්නෙ මේකයි කියන්න වයසත් එක්ක මං තේරුම් ගත්තා... .....
මං එහෙම්ම අම්මට කොල් එකක් ගත්තා...වයසත් එක්ක විහිලු කරන්න කාලයක් වත් ලෙඩ වත් නෙවෙ දැන් ඒ දෙන්නට තියෙන්නෙ.....
හෙලෝ අම්මා.....
මං හිතුවා හරි.....අම්ම ගත්ත ගමන් කෙරුවෙ සුභ උපන්දිනයක් වත් නොකියම මට කෑ ගහපු එක...කවදද සැනසීමක් දෙන්නෙ කියලා අහපු එක.....
මං කොහොම නම් කියන්නද මමවත් තවම සැනසීම හොයාගන නෙවෙ ඉන්නෙ අම්මෙ කියලා ...
මං අහන් උන්නා...දෙන්නා මාරුවෙන් මාරුවටකෑ ගහනවා....අවසානෙදි ගේන්න ඕනෙ මොනවද අහනකොට මට මොනවත් එපා කියලා එයාගෙ සුදු පුතාගෙ අඩු පාඩු කිව්වා.....
හ්ම්...මගෙ අම්මා ආයම අවුරුදු දෙක තුනක වයස තෙත් හොම්බෙක්ගෙ අම්මෙක්....
..ගේන්නම්...දැන් ඕකා කීයක් සෙල්ලම්බඩු කඩා ගත්තද ....බල්ලට සෙල්ලම් බඩු ගන්නනෙ මං ඉන්නෙ.....
මං නෝක්කාඩු කිව්වා.....මොකද අම්මගෙ අප්පච්චි ගෙ ලෝකෙ දැන් ඒ ළමයා.....සදාරනයි....සුදු පුතේ කිව්වත් මොන ලෝකෙන් හරි දුවන් එන...ඉවරයක් නැතුවම ආදර හාදු තියන ඒකා විසි හතර පැයම අම්මගෙ අප්පච්චි ගෙ තනි රකිනකොට රෑට රෑ වෙලා ගෙදර එන මං නිකන් දැන් බෝඩිං කාරයෙක් උනා....
ඒත් කාරි නෑ....ඌ හරි මගෙ අම්මා අප්පච්චි ගෙ මූනට සතුටක් ගේනවා ඒ ඇති.....
මං එන්න ආවා.....මුලින්ම ෆාමසියට....අම්මගෙ බෙහෙත් ලිස්ට් එක...අප්පච්චි ගෙ බෙහෙත් ලිස්ට් එක...දැන් තියෙන්නෙ සුදු පුතාගෙ පනු බේත් එකයි එච්චරයි ..මොකද....දුකින් උනත් කියන්න ඕන...සුරංග කියන්නෙත් දැන් දිව්‍ය ලෝකෙට ගිය පුරු පුරුවෙක්...
මේ ටිකට කීයද....
බලු කෑම එකයි...මේ පනු බෙගෙත් එකටයි...විටමින් ටිකයි...මේ ටිකටදාහත් දාස් දෙසියයි.....
...සෙල්ලම් නෑ...අම්මගෙ කොල්ලට විසි දහයි.....අම්ම අප්පච්චි දෙන්නගෙන බෙහෙත් වලට වත් ඔච්චර ගියෙ නෑ..මූට හැම වෙලේම ගිල්ලනවා...බුරා ගන්නවත් බෑ දොන්තයට දැන්.....
මොන දේ උනත්.....ඌයි දැන් මගෙ ගෙදර හැපි පිල් එක...කීයට හරි මං එනකන් මග රැකන් ඉන්න ඌයි මගෙ සතුටු පෙත්ත....ඉස්සර උන්න එකාට නම් මට අයියා වෙන්න පුලුවන් උනා...ඒත්....අවුරුදු හතලිස් එකක මට පුලුවන්ද අයියා කියන්න.....එක අම්මයි ඌට අප්පච්චි ලා දෙන්නයි....
මං එහෙම්ම මගෙ පෝන් එකෙ බැක් කවර් එක දිහා බැලුවා....
මේ ඉන්නෙ...මගෙ අම්ම අප්පච්චි ගෙ සතුට ....වගේම...දිරාගන යන මගෙ හිතට එක හාදුවකින් හරි සැනසීමක් ගේන ඒ අපූරු තෙත හොම්බ.....
උඹත් හරි ඉක්මනට ලොකු වෙලා..ඒත්..එයා...තවමත් නෑ....දෙයක් කියන්නම්...උඹට තවත් අප්පච්චි කෙනෙක් ඉන්නවා...එයා ආවමත් ඔය විදිහටම ආදරේ දීපන් " පෙප්සි"
මං එන්න ආවා...හුන්ඩුවක් සයිස් බොඩු ගොඩකට කුට්ටියක් වියදම් කරපු මං එලියට ආවා.....
හැබැයි...එක තැනක ආයම මගෙ ඇස් නැවතුනා.....
..බුක් ශොප් එක.....
මීට අවුරුදු ගානකට කලින් කල්පනයයි මමයි පෙම්වත්තු වෙන්න ගිහින් එයා අතින් ඔලුව පලාගත්තු බුක් ශොප් එක....
ඒ හැම දේම එදා වගේමයි...වෙනසකට තියෙන්නෙ අර උන්න කෙල්ලො දැන් වයසයි...ඒ වෙනුවට වෙන උන් ඇවිදින් ඒ පුරප්පාඩු පුරනවා....
හැබැයි....ඊටත් වඩා තවත් වැදගත් දෙයක් තිබුනා....
මගෙ කොල්ලගෙ මහන්සිය හොරා කාපු ..මගෙ කොල්ලගෙ ජීවිතේම නැති බංගස්තාන කරාපු ජයවර්ධන කියන මිනිහගෙ පොත් වෙනුවට.....වෙන පොත් පේලියක් තිබුනා...
ඒ..නිම්න කලුතොටආරච්චි නමින්....
එයා එක්ක හැම දේම නැති වේවි කියන බයට මං මේ අකුරු ඒ අස්සෙ තිබ්බ කතාව රැකගන්න් නොකෙරුවෙ මොනවද....යතාර්තයත් ඇස් බැන්දුමත් අතර තිබුනෙ කෙස් ගහක පරතරයක් වෙනකොට ඒ හැම කතාවක්ම මගෙ අකුරින් කී තැනක නම් මං ලිව්වද...රැයවල් කීයක් මං නිදි මැරුවද.....
අවසානෙදි මං උඹට දුන්න එ පොරොන්දුවත් රැක්කා නිම්න...
ඒත් උඹගෙ පොරොන්දු ...???
.
ඒවට මොකද උනේ නිම්න...???
මං සෑහෙන්න වෙලාවක් වීදුරුවෙන් එපිට තියන එයාගෙ නම තිබුන පොත් පේලිය දිහා බලාගන උන්නා...ඉස්සර වගේ නෙවෙ...ඒත් සම්පූර්නම ත් නෙවෙ.....මිනිස්සුන්ට දැන් නේ හත් පාට ටික ටික සාමාන්‍ය වේගන එනවා...ඉදහිටක සමාජමාද්‍ය ඇතුලෙ හැසිරෙන් තවමත් ගල් යුගේ ඉන්නෙ මොලෙ පරිනත නොවුන සමහරක් පරන රාමුවේම ඉදන් ගල් ගැහුවට මේ වෙනකොට සමහරක් ඒ රාමුව කඩාගන එලියට ඇවිදින් උන්නා....සමානනීය චිත්‍ර පට පවා සමහරක් වෙලාවට එලි දැම්මා....
සමහරක් අදටත් හත් පාට පාපයක් පිලිකුලක් විදිහට හන්වඩු ගහනකොට සමහරක් ජීවත් වෙන කාලපරාසෙ ඇතුලෙ විදවනවට වඩා ජීවිතේ විදින්න ගත්තා....කොටින්ම ගහක මල් පිපිලා සින්දුවට මිනිස්සු වැඩියෙනුත් ආදරේ දෙන්න ගත්තා....
හැංගි හැංගි කියවපු හත් පාට මල් එලි පිට පෙන්න ගත්තා.....
-හත්පාට-
එයාගෙ පොත දිහාව බලන් උන්න මං එහෙම්ම ඇතුලට ආවා...
පොත් පිරිලා...
අකුරු වැහි වැහලා....
නහ මුහුදෙ ගැඹුර කියන නිල් ඇස් තිබුන ....නිල් ආකාසෙට අරක් ගත්තු නිල් පාට ඇස් තිබුන...තද දුඹුරු පාට ඇස් තියන ...එකි මෙකී නොකි..හැම ජාතියකම ඇස් තිබුන මනුස්ස පරාන හුස්ම ගන්න පිටු තිබුන පොත් පිරිලා.....
සුවදයි...
මන් හැමදාම හිතුවෙ එහෙම..අලුත් පොත් හරි සුවදයි....මං පොත් වල සුවදට හරි ආසයි....පොත් වලට ප්‍රේම කරන මිනිස්සු කිව්වෙ එහෙම...ඒත් කාලයක් යනකොට මට දැනුනා ඒ එන්නෙ අලුත් පිටුවල වත් ....අකුරු වල කාබන් සුවදවත් නෙවෙ...කොහෙන්දො ලෝකෙක ඉදන් ඇවිදින් හදවත හරි හිමීට අත ගාලා...අපිටත් හොරාවට හිත අස්සට රිංගන් අපි එක්කම ජීවත් වෙන්න හදන මේ පොත්වල ඉන්න මිනිස්සුන්ගෙ සුවද කියලා...
ඔව්...ඇත්තටම මේ පොත් අස්සෙන් එන්නෙ ඒ සුවද.....
මං එහෙම්ම හත් පාට පොත ගත්තා....පොතෙ කැපකිරීම එයා ලියලා තිබුනෙම මෙහෙම
"ප්‍රේමයෙ අධ්‍යාත්මය හරි හැටි නොදුටු...ප්‍රේමයෙන් ඇවිලෙන...ඒත් අදටත් ප්‍රේමය අත් නොහල ප්‍රේමනීය මිනිසුන් වෙනුවෙන් ගෞරවාන්විතව!
එන්න අපි ප්‍රේමය උගනිමු!"
මට මහ සැනසීමක් දැනුනා...මේ ඉන්නෙ මං මගෙ ජීවිතේ ආදර්ව් කරපු පිරිමියා...මේ ඉන්නෙ මාව තුරුලු කරන් ආදරේට අත් පොත් ගස්සපු පිරිමියා...පිරිමි පපුවක් අස්සෙ උනත් දාරක ස්නේහයක් දලු ලානවා කියලා හීන් නූලෙන් උගන්නපු පිරිමියා....ආදරෙත් රාගයත් එකතු උන තැන සෘගාර මොන තරම් රසද කියන්න අකුරු වලින් ඉගැන්නපු....ඒත් ආදරෙ වෙනුවන් ඒ මැදට මං පෙරහන් කඩදහියක් තියලා ආදරේ කරපු පිරිමියා....
.අදටත් ඒ වචන උනුසුම්.....
අදටත් එ වචන අස්සෙ ආදරෙ උතුරුනවා...
ආදරේට දෙන්න පුලුවන් උපරිම ගරුත්වය එක්ක අකුරු අමුනපු ඒ ආදරවන්තයා....
ඉතින්.....අහිමිවීම කොහොම උනත් උඹව හිමි වීමම භාග්‍යක් නිම්න...
.
අතෙ තිබුන හත් පාට පොත ආයම තිබ්බ තැනින් තියපු මං එහෙම්ම එයාගෙම වෙන පොතක් අතට ගන්න හැදුවා...හැබැයි අලුත් නමක් ඇවිදින් මට හරස් උනා...නිම්න ගාවින්ම තවත් අලුත් පොත් පේලියක්....
මේඝ.....
මේඝ කල්හාර බස්නායක!
අලුත් ලියන්නෙක්...ද ..?
අලුත් උනත් පරන උනත් මොකද...ඒ පොත අරන් කියවපන් කියලා මගෙ හිතට වැඩිපුරම අල්ලස් දෙන්න කරුණක් තිබුනා....ඒ..පොතෙ නම...පාට....
" දේදුනු හැන්දෑව-
නිකන් නෙවෙ....හත් පාට කොඩියක් එක්කම....
කව්ද මේ අලුත් දේදුන්න...
නිම්නගෙ පොත අතට ගන්න ගියපු මං අර දේදුණු හැන්දෑව කියන පොත අතට ගත්තා....
කැපකිරීම-
ප්‍රේමය විදින....සහ විදවන.....සෑම ප්‍රේමනීයම හදවතකට ආදරනීය ආරාධනාවයි!එන්න අපි ප්‍රේමය තුළ හුස්ම ගනිමු!
මං විගහට මගෙ නිම්නගෙ පොත අතට ගත්තා....
ඒ කැපකිරිමත්....මේ කැපකිරීමත්...
දෙයියනෙ සමානයි...
මං ඉක්මනට දේදුනු හැන්දෑව පොතෙ පිටුවක් දෙකක් කියවන්න ගත්තා....
" අරුන්දති....දන්නවද ප්‍රේමය කියන්නෙම පාරමිතාවක්...දරාගැනීමත්.....බලා හිදීමත්...ඉවසීමත් පදමට මුහු උන පූජනීයතම පාරමිතාවක්...ඉවසිලි වන්තයි....වහා නොකිපෙන සුළුයි.....".
මං ආයම නිම්නගෙ පොත පෙරලුවා....
මං දන්නෙ නෑ...අදටත් ආදරේට හරිම නිර්වචනයක් තියනවද කියලා...හැබැයි...මට එක දෙයක් ස්තීරවම කියන්න පුලුවන් ...ආදරෙ කියන්නෙ පාරමිතාවක්...ප්‍රේමපාරමිතාව ගැන අහලා තියනවද ...ප්‍රේමය වනාහි ඉවසිලි වන්තය...ත්‍යාග වන්තය....වහා නොකිපෙන සුළුය...
මං කටට අත තියා ගත්තා....එහෙම් පිටින්ම සමානයි..ඒ වචන හැසිරවීම...හැගීම් උලුප්පන ස්වාභාවය...මේ හැම දේම සීයට දාහක් සමානයි.....
මේඝ....උඹ කව්ද....උඹ කව්ද කියපන් මේඝ....ලැජ්ජාවක් නැතුව අමු අමුවට මගෙ නිම්නගෙ වචන උඹගෙ කරන් ලියන උඹ කව්ද....
මේඝ කල්හාර බස්නායාක
මං දෙවනි තුන්වෙනි පාරටත් නම බැලුවා නම්බරයක් නෑ....කතෘ සම්බන්ධව මෙලෝ මගුලක් නෑ....පබ්ලිශර් .....මේක සුරස ෆාස්ට් පබ්ලිශර්ස්ලා ගහල තියෙන්නෙ....
යකො මේක එහෙම් පිටින්ම කොපියක්නෙ....
මං පොත් දෙකම අතට අරගන එහෙම්ම කවුන්ටර් එක ලගට ගියා....
මිස්.....මේමේ පොතෙ ඕතර්ගෙ කන්ටෑක් නම්බර් එකක් නැද්ද...
කව්ද මේඝ සර්ගෙද....
ඔව්....ඔය කියන මේඝ සර්ගෙ තමයි...මේක එහෙන් පිටින්ම ගල් කොපියක්නෙ මිස්....
සර්..ඒක නම්....
කෙල්ලව ගැස්සුනා...තවම අවුරුදු විස්සක් වත් නැති පොඩි කෙල්ලෙක්...කුඩම්මටත් වඩා පොඩියි.....මිස් නෙවෙ දුවෙ කියන්න වෙන්නෙ...කුඩම්මට උනත් දැන් නංගි කියනවට වඩා අපිට වෙලා තියෙන්නෙ දුවෙ කියන්න...ඒකිට විසි හයයි අපිට හතලිස් එකයි...කටක් ඇරලා කොහොම නංගි කියන්නද??
මිස් ගාව මෙයාගෙ කන්ටෑක්ට් නම්බර් එකක් තියෙන්වද...
නෑ සර්.....සර් පබ්ලිශර්ට කෝල් කලෝතින් නම් මොකක් හරි දැනගන්න පුලුවන් වෙයි හැබැයි
ම්න්...හරි..මට මේ පොත් දෙකම දෙන්නකො...
කෙල්ලගෙන් පොත් දෙකම ගත්තු මං කෙලින්ම ගෙදර ආවා....කැෆෙ එක ගැනවත් රෙස්ටුරන්ට් එක ගැනවත් මට බයක් වෙන්න තිබුන් නෑ...මොකද මං නැති පුරප්පාඩුව හැම වෙලේම කල්පනත් උදාරත් පිරෙව්වා....
අප්පච්චි ඉන්නවා....ඉස්තෝප්පුවෙ තිබුන හාන්සි පුටුවට වෙලා ඔහේ පාර දිහාව බලාගන මාත් එක්කම වයසට යන අප්පච්චි ඉන්නවා...අම්මා....හැබැයි අම්මා නෑ...අනිවාර්යයෙන්ම අම්මයි පුතයි කුසියෙ වෙන්න ඇති.....
කොල්ලා..කොහෙද බන් උඹ මෙච්චර වෙලා උන්නෙ.....
බඩු ටික අරන් එනගමන් බුක්ශොප් එකට ගියා..අප්පච්චි මේන් මේ පොත් දෙක පොඩ්ඩක් කියවලා බලන්ඩ...
මොකක්ද මෙ... ...කන්නඩි දෙක නැතුව මට පේන්නෙ නෑ කොල්ලා....මේ එකක්...නම් අපෙ කොල්ලගෙ නේද ...අනික කාගෙද...?
පොත් දෙක දීලා ඇතුලට ගියපු මං අප්පච්චිගෙ කන්නඩි කුට්ටම අරන් ආපිට ඉස්තෝප්පුවට ආවා....
කන්නඩි කුට්ටම දාගත්තු අප්පච්චි මේඝගෙ පොත අතට අරන් කියවනකොට මන් නිමන්ගෙ පොතත් අතට දුන්නා..මොකද මට ඕනා උන මගෙ ඇහෙ දෝසදයක්ද බලාගන්න....
කව්ද කොල්ලා මේ..මේඝ කියන්නෙ....
අප්පච්චි ...අප්පච්චි ටත් මට දැනුන දේමද දැනෙන්නෙ.....
මේකෙ.....සමහර තැන් එක සමානයිනෙ...මේකා අලුත් එකෙක්ද ...කොල්ලගෙ කතාවනෙ මූත් ලියලා තියෙන්නෙ.....කමනී...කමනී...සුදූ
මෙහෙ එනවා ටිකක්....
අප්පච්චි කන්නසි කුට්ටම යටින් මගෙ දිහා බලාගන දෙකම එකයි කියලා අනිත් පාර අම්මට කෑ ගැහුවා ...එන්න කිව්වෙ අම්මට ඒ උනාට දුවගන ආවෙ අම්මගෙ බහිරවයා.....
කෝ අම්මා....අම්මට එන්ඩ කියපන්...සුදු පුතා අම්මව එක්ක වරෙන්...
ඒකා ආයම දිව්වා...නිකන් නෙවෙ ඌට අලුතෙම්ම ගෙනාව රබර් තාරාවවත් දත් වලින් හපාගනම ආපිට අම්මා ගාවට දිව්වා...
*
*
*
දැන් අම්මා කියන්නෙත් එකම කතාව....අප්පච්චි කියන්නෙත් ඒකමයි....උඹලා දෙන්නා කියන්නෙත් ඒකමයි.....ඒ කියන්නෙ මේක මගෙ ඇහෙ දෝසයක් නෙවෙ කියලනෙ...
ඔව් මයුරයා...මේක ගිහින් අන්දයෙක්ට දියන් ඌත් කියයි මේ මේඝ හොරා අපෙ චූචි බුංජියව කොපි කරලා කියලා ..මූ මේක කොපි පේස්ට් කරලනෙ....ආ බන්...සෙනේ ඔයාටත් ඒකම නේ හිතෙන්නෙ .....
ඇත්ත මයුර....මේක සම්පූරනම එකයි.....කතාව කියන්නෙ...මනුස්සයෙක්ට රයිටින් ස්ටයිල් එකක් ඒ විදිහටම කොපි කරන්න බෑ ඒත් මෑන් ඒකත් ටක්කෙටම කරලා තියනවා මූ එසෙ මෙසෙ බාන්ඩයක් නෙවෙ....මේක අපි එකම දවසේ කියෙව්වා නම් උඹලා කියන හන්දා අපිටත් ඒ වගෙ පෙනුනා කියන්න පුලුවන් ඒත්....අපි මේ හැම පොතක්ම සති දෙකක් තිස්සෙ කියවනවනෙ....මේක නිම්නගෙම කොපියක් රවිදුවා උනත් කියන්නෙ එකම කතාව.....ඌ මේක උගෙ යාලුවෙක්ට දෙන්නෙකටත් පෙන්නලා....
අපෙ කුඩම්මත් කියන්න එකම කතාව...
දැන් ඔය පොත් ගහන තැනින් මොකද කියන්නෙ කොල්ලා....උඹලා දැන් සතියක් තිස්සෙ ඕකට කෝල් කෙරුවා .....හම්බෙන්ඩ ගියා...තවවත් උත්තරයක් දුන්නෙ නැද්ද....
මේ යන්නෙ වස්න්ත කාලෙ කාලෙ සදුදාවක තවත් උදේ වරුවක්...හරියටම සති එකහමාරක්....ඔව් හරියටම සති එකහමාරක් අපි මේ මේඝ පස්සෙ පන්නවා....සිය දහස් වතාවක් අපි පබ්ලිශර්ට කතා කෙරුවා...ඕතර්ගෙ නම්බර් එක ඉල්ලුවා ..මොකද අපිට ඕනෙ මේක සුහදව කතා බහ කරගන්න...කොටින්ම හත් පාටයි මේ දේදුනු හැන්දෑවයි හාත්පසිම්ම එකයි කියන්න....
එක පොතක් නම් අපිට අතාරින්න තිබ්බා...ඒත් මම කොහොම නම් අතාරින්නද...මේ මගෙ නිම්නගෙ මහන්සිය....මුලු ජීවිත කාලෙ පුරාවටම එක එකා ඇවිදින් එයාගෙ මහන්සිය උදුරගත්තා ....
මං උන්නෙ වෙඩින් එකකට යන්න ලැහැස්ති වෙලා නිකන් නෙවෙයි කිව්වට විස්වාස කරන්න මම උන්නෙ මගෙ ලගම වැඩ කරන කොල්ලෙක්ගෙ පාට හතේ ආදරේකට සාක්ශි කාරයෙක් විදිහට අත්සන් කරන්න ලැහැස්ති වෙලා....
මෙච්චර කල් උන්ගෙ බඩ වියත රැක්කට
උන් ගෙ අනාගතෙ හදාගන්න මම දොර ඇරියට උන් මට දෙන්න පුලුවන් ඉහලම නම්බුව මගෙන් ආශිර්වාදෙ විතරක් ඉල්ලනකොට මම උන්නෙ එ ආදරෙ චිරාත් කාලයක් සරුසාර වෙන්න කියලා සාක්කි දෙන්න හිතාගන වෙනකොට යන්න ඔන්න මෙන්න තියලත් මම මගෙ නිම්නගෙ මහන්සියට වෙන අසාධාරනෙ ගැන කම්පා උනා...
උන් අපිව මගාරිනවා.....දවස් කීයක් නම් හම්බෙන්න ගියාද ...කතාවෙ ඔරිජිනල් කොපි කීයක් නම් පෙන්නුවද කෝ සාධාරනයක් ?
මයුරයා උඹ යන්න ඕනනෙ උඹ යමන් මං තව පාරක් මේකට කෝල් කරල කල්පන එක්ක යන්නම්..මේකෙ සාධාරනයක් තියෙන්න ඕන...මොකක්ද ඔය මේඝ කියන එකාට ඔය තරම් උත්තර දෙන්න බැරිද....ඌ ඕතර් කෙනෙක් නම් ඌ හරි හෝ වැරදි හෝ අපි එක්ක කතා කරන්ඩ බැරි මොකද ....උඹ යමන්කො....උඹ යමන්කො...අර ළමයි බලන් ඇති...
ම්න්....

තවත් විනාඩි දෙකක් තුනක් උන්ගෙ කතාවලට කන් දුන්න මම එහෙම්ම කාර් එකට නැග්ගා....හැබැයි ඒ එක්කම කෝල් එකක් ආවා...
පබ්ලිශින් ඩිපාර්ට්මන්ට් එකෙන්....
උදාර....
කෝල් එකවත් මං ආන්ස්වර් නොකරම උදාරට කතා කෙරුවා ඌ අඩියට දෙකට කාර් එක ගාවට දුවගන ආවා..
ආන්ස්වර් කරපන්....උන්ම ගන්නවා කියන්නෙ.....අනිවාර්යයෙන්ම අපිට උත්තරයක් ලැබේවි....
උදාරගෙ ස්තීර වචන මට අලුත් බලාපොරොත්තුවක් ගේනකොට මං ඉක්මනට ඵෝන් එක ආන්ස්වර් කෙරුවා .
හෙලෝ....
හෙලො මිස්ටර් අනුශ්ක කලුතොටආරච්චි
ඔව්....
සර් අර පොතක් එක සමානයි කිව්වෙ...
ඔව්...සමානයි නෙවෙයි ඒක අමු කොපියක්
...ඒකට අදවත් ඔය මේඝ කියන මනුස්සයා උත්තරයක් දුන්නද..?මෙච්චර කල් නම්බු දුන්නා...කතා කරන්න පුලුවන් උපරිම නම්බුව දීලා කතා කෙරුවා ...ඒත් එයාගෙන් කිසි උත්තරයක් නෑනෙ...
සර්...මිස්ටර් මේඝ අද එයාගෙ අලුත් පොතට සමරු දෙන්න මාරවිලට ආවා....සර්ට කියන්න කිව්වා විනාඩි පහලවක් දෙන්නම් ඇවිත් හම්බවෙන්න කියලා ....
එහෙමද...හරි මිස් ගොඩක් ස්‍තූතියි .....මං දැන් එන්නම්..
බීප් බීප්බීප්
කෝල් එක කට් උනා...අවසානෙදි පොත් හොරාගෙන් උත්තරයක් ඇවිල්ලා තිබුනා!
කල්පන....
..උදාර නැගපන් .....මිනිහා කොපි කරනවා මදිවට ලැජ්ජා නැතුව සමරු සටහන් දෙන්නත් ඇවිල්ලලු.....
මයුරයා අර වෙඩින් එක...ඒකට මොකද වෙන්නෙ.....
මූ විනාඩි පහලවයිලු දුන්නෙ...ඒකට තව පැයක් තියනවා වරෙල්ලා යන්න..උන්දට හොද සමරුවක් මං දෙන්නම්..වරෙල්ලා යන්න....ඒජන්ත උත්තමයා විනාඩි පහලවලු දුන්නෙ
මේඝයා හිටපන් අපි එනවා.....උඹ කෙරුවෙ එසේ මෙසේ හොරකමක් නම් නෙවෙ....අපෙ චූචි බුංජියගෙ මහන්සිය...සෙනෙ පලයන් පස්සට මට ඉස්සරහ ඕනෙ....මට පෙසර් වගෙ සෙනෙ...මට පෙසර් වගෙ පාගපන් මයුරයා....පාගපිය ලෑල්ලටම මූ විනාඩි පහලවලු දුන්නෙ....හිටපන් බුංජියා එදා අපේ ඔලුවට වට්ටපු ජාතියෙන් පොත් දෙකක් මන් මුගෙ ඔලුවට අතාරිනවා....පාගපිය මයුරයා....පාගපිය.....මේඝයා....උඹ මහ වේසයි...උඹ නම් පුදුම වේසයි!!
කල්පනයා කෑ ගහනවා.....එදා මගෙයි උගෙයි ඔලුවට වට්ටපු පොත වගෙ පොත් දෙකක් මේඝයගෙ ඔලුවට වට්ටනවා කිය කිය ඒකා බෙරිහන් දෙනකොට කාර් එක රේස් කරපු මං ලෑල්ලට පෑගුවා
මයුර සෙනග වගෙ නේ...
අමොර්..අමෝර් කොපියගෙන් අත්සන් ගන්න ඇවිල්ලා...කොපියා....අනුන්ගෙ පොත් තමුන්ගෙ වගෙ ලියන කොපියා....වරෙන් ම්යුරයා යන්න....
උදාරගෙ කතාව හරි....ඇතුලෙ සැලකිය යුතු ප්‍රමානෙක සෙනග උන්නා.....පැත්තකින් තිබුන තනි සුදු ලක්සරි කාර් එක දිහා ඇස් හීනි කරන් බලාගන උන්න මං ඇදන් උන්න ෆුල් සූට් එකෙ බ්ලේසර් එක ගලවලා අතට ගන්න ගමන් ඇතුලට ආවා....
අනෙ ඒ පොත හරි ලස්සනයි...
අනෙ මන්දා...පොත මහ අමුතුයි.....
කතාව පුරාවටම තියෙන්නෙ දුක උනත් ඒ දෙන්නා අවසානෙදි එකතු වෙනවා....
"දුරුතු සඳ" නම සරල උනත් කතාව පුදුමාකාර විදිහට සංකීර්නයි මහ වේදනාවයි...
මටත් උදාරටත් ඒ වගේම කල්පනටත් ඇතුලට ආව තත්පරේම ඇහුනෙ ඔය කසකුසුව...පොත ගැන රහ ගුණ....අමුතුයි වේදනාවයි ඒත් පුදුම රහයි ගගා මහ ඉහලින් කරන වර්නනා වෙනකොට පෝලිමෙ උන්නොත් දුන්න විනාඩි පහලව ඉවර වෙයි කියන හේතුවට මම "මේඝ "කියන එයාගෙ උදව්වට ආවා කියලා හිතපු ගෑනු ලමයෙක්ට කතා කෙරුවා ....
මිස්ටර් අනුශ්ක එහෙම නේ...
ඔව්...මිස්ටර් මේඝ මට දුන්නෙ විනාඩි පහලවයි...පෝලිමෙ උන්නොත් මට අදත් එයාව මිස් වෙනවා...
සර් මෙහෙම්ම ඉස්සරහට යන්න එයා ඉන්නවා...හැබැයි සර්ට විතරයි ....මෙතන ඉන්න සෙනගත් එක්ක අපි 12 වෙද්දි ඔක්කොම ඉවර කරලා යන්න ඕනෙ...
හරි ,ගොඩක් ස්තූතියි ....විනාඩි පහලව විතරයි ..
මන් කෙල්ලට ස්තූතියි කියලා ලැබුන විශේශ වරප්‍රසාදෙත් එක්ක එතන උන්න හැමෝවම පහු කරන් ඉස්සරහටම ගියා...ඒ මේසෙ වහගන...
ඒ තරමට මිනිහගෙ අලුත් පොත රහ ඇති.....උඹ මේ පාරත් හොරකම් කරලා තියෙන්නෙ මගෙ නිම්නව මන්....බලපන් ඔය දුරුතුසඳ මං උඹේ ඇස් පනා පිට බිම දාල පොඩි පට්ටම් කරනවා.
හිතට දැනුන තරහවත් එක්කම නිම්නගෙ පොතත් පපුවට තුරුලු කරන් උන්න මම මේසෙ වහන් උන්න කෙල්ලන්ව එහා මේ කරන් ඉස්සරහට ගියා..
Excuses me ...චූට්ටක් ඉඩ දෙනවද ...
මලකට වහ ගත්තු බඹර කූඩයක් හා සමාන කෙල්ලො රොත්ත අස්සෙන් මන් හරි අමාරුවෙන් මේඝව හොයන් ගියා....
එයා ඉන්නවා..
මම දැක්කා.....
මගෙ පපුවට එකපාරම හෙන හතක් ගැහුවා හා සමාන හැගීමක් එක්ක මාව සුදු මැලි වෙලා ගියා....
මං සුචිත්‍රම්මා ගෙ ඇස් අස්සෙන් දැකපු අඩ රූපෙ...
ඒ කකුල්.....
ඒ විලාසෙ.....
දෙයියනෙ..
මේ ඉන්නෙ...
මේ ඉන්නෙ...


මගෙ අතෙ තිබුන පොත් මටත් නොදැනිම අතෑරුනා ...
ඒ මූන....
ඒ හිනාව....
ඒ ඇස්
මේ හැම දේම ..
මේඝ.....
නිම්නගෙ පුනරුප්පත්තිය ...!!
විස්වාස කරනවද දාසය අවුරුද්දකට කලින් සදහටම හිදුන මගෙ කදුලු උල්පත් එකපාරම සක්‍රිය උනා කියලා
ඔව්...අවුරුදු දාසයකට පස්සෙ මගෙ ඇස් අඩන්න පටන් ගත්තා ....මහ නියයක් ඇවිදින් ඉරිතලා ගියපු මහ පොලව දියබත් කරන්න වහින්නා හා සමාන කදුලු වැස්සක් මගෙ ඇස්වලින් කඩා වැටෙන්න පටන් ගත්තා
එයා ඉන්නවා....එයාගෙ පාඨක ප්‍රජාව වෙනුවෙන් සුන්දරම හිනාවක් එක්ක ආදරනීය සමරුවක් දෙන ගමන් එයා ඉන්නවා...


මේ.....ප්‍රතම වසන්තයයි.....
දෙවියනෙ....මේ ඉන්නෙ.....
මේඝ කල්හාර බස්නායක.....
මගෙ වස්තුව ...නිම්න...මේ උඹයි මගෙ නිම්න....
මේඝ කියන්නෙ.....
මීට දාසය අවුරුද්දකට කලින් අහසින් කඩන් වැටුන මගෙ දුරුතු හද ඒ උඹයි නිම්න!!!!!
ඉතින්....දාසය වසරකට පසු..මයුර නම් ප්‍රේමවන්තයට වසත් සුවද දැනුන වගයි!!!
💐❤👉👈.......