Ficool

Chapter 74 - 74

...නිම්න.....ප්..පුතෙ ...මේ අහපන්....නිම්න....මං..මං දන්නවා...මං දන්නවා...

.මොනවද...උඹ දන්නෙ මොනවද...?උඹ දන්නෙ....මො..න...ව...ද....ආ..

ජයවර්ධන ???

..මට ඔහොම කතා කරන්න එපා පුතෙ....ම්..මං උඹගෙ...අප්පච්චි ....මං...උ..උඹ්ගෙ ...අප්...පච්...චි.....

....ඇත්තට.....තව විහිලු කතාවක් කියන්නඩ බැරිද.....??

ඒකව වෙව්ලනවා...එක අතකුත් නැති ඒකාව කේශාන්තෙ ඉදන් පාදාන්තෙ වෙනකම්ම වෙව්ලනවා.....මගෙ කලු ගහපු මූනත් .....ලේ වලින් රත ගහපු ඇදුමත් දැකපු මග් අප්පච්චි කියන නරුමයා වෙව්ලන්න ගත්තා.....

ඔව්...ඌ අඩනවා...මම උඹගෙ අප්පච්චි නෙ කිය කිය අඩනවා.....නිකන් නෙවෙ.....එහෙම කතා කරන්ඩත් එපා කියනවා ..

මං මේවට මොනවද දෙන්ඩ ඕන උත්තර ....නෑ..මට දෙන්න කියලා දැන් කිසිම උත්තරයක් නෑ.....මං මොකටද උත්තර දෙන්නෙ...නෑ....මම නෙවෙ.....උඹයි අද උත්තර බදින්න ඕන.....උඹයි අද මගෙ හැම ප්‍රශෙනටම උත්තර බදින්න ඕන ජයවර්ධන ...උඹ මාව ජාතක කෙරුවෙත් හිතින් වෛර බැද බැද ...උඹගෙන් ජාතක උන මට උඹගෙම ජාන ගිහින් මමත් උඹවගේම මගෙ ජාතියෙ එකෙක් එක්ක ආදරෙ කරන්ඩ අවසර ඉල්ලුවට උඹ මට දුන්නෙ එකම දේ මරණය...

ඉතින් මං කොහොමද පිලිගන්නෙ උඹ මගෙ අප්පා බව....නෑ...නෑ.....

ජනෙල් පට්ටම උඩ ඉදන් උන්න මන් ජනෙල් පට්ටමෙන් බිමට පැන්නා....

සරස්...

සරස්...

සරස්....

ආයමත් තරප්පු පේලිය දිගේ අඩි සද්දයක් එනවා....

එකක් නෙවෙ...අඩි සද්ද දෙකක් මැදින් සලඹක සද්දෙකුත්.......

සරස්.....

සරස්....

සරස්...

ඇහෙනවද උඹට.....එයාලා එනවා....එයාලා එනවා....හෙමින්....හෙමින්.....පඩියෙන් පඩිය නැග නැග එයාලා උඩට එනවා...දැන් මොකද කියන්නෙ ම්ම්ම්....ඇහෙනවද ඒ සලඹෙ සද්දෙ ....සරස්.....සරස්..... සරස් ගානවා .. දැනෙනවද ඒ සුවද ....ඉවකරපන්...හොදට ඉව කරපන්....ම්ම්ම්ම්...ගැට පිච්ච සුවදයි ...

උඹ ආසයිලු එයා නටනවා බලන්ඩ.....නේ...

න්...නිම්න....ප්...අනෙ පුතේ.....

උඹමලු සමහරදාට එයාට මණිපූරි තෝරන්නෙ නේ.....මගෙ අම්මටවත් සාරියක් නොදුන්න උඹලු එයාගෙ ඇගට තියලා පාට තෝරන්නෙ .... හොදයි . උඹ හොද ආදරවන්තයෙක්....නැ.....පිස්සුද ...උඹ උඹට වත් අවංක නැති එකෙක්...මිනිමරුවෙක්.....බොරු කාරයෙක් ....වංචාකාරයෙක්...

ගෑනු රවට්ටන්නෙක්...

මේ අහපන්...නිම්න....මේ අහපන්කො පුතෙ...

උඹමලු සළඹවල් පවා ගෙනත් දුන්නෙ...උඹමලු ගැටපිච්ච අහුරු පිටින් ගිහින් දුන්නෙ....මටවත් ...මගෙ අක්කටවත් නොදුන්න ආදරේ.....මගෙ අම්මට නොදුන්න අවදානෙ.....මේ හැම දේම දුන්නෙ එයාටලු....ඉතින්.....ඇයි අපි හතර දෙනා විතරක් ...සම්මත බැදී අස්සට අසම්මත බැදීම් පටලවන්ඩ හදනවා කියපු උඹ බැදීම් අස්සට අනියම් බැදීමකුත් රිංගවලා තියනකොට ඇයි අපි හතර දෙනා විතරක් ....ම්ම්ම්....කතා කරපන්.....ඇයි....

එයා එනවා....උඹගෙ කසාද ගෑනි එක්ක කරට කර ,සමාන්තරව එයා මේ තරප්පුව නැගන් උඩට එනවා....නිකන් නෙවෙ අදත් උඹ ආසම එයාගෙ නැටුම බලන්ඩ...

ආසද ම්ම්ම්.....

නටනවා බලන්ඩ...

ඇයිමේ....අප්පච්චි උඹගෙ පපුව ගැහෙනවා හරි වේගෙන් ...උඹ බයද....උඹ බයද මගෙ අප්පච්චි ....ම්ම්ම්..උඹ බයද...ආ...ඇයි බය ...

උඹ ....බයද ...

ඇයි බයවෙන්නෙ ....මොකටද බය වෙන්නෙ...උඹගෙ පුතානෙ මේ ඉන්නෙ ම්ම්ම්...උඹ කිව්වනෙ උඹ මගෙ අප්පච්චි කියලා ...

ඇරත්....අපි ඔක්කොම උඹගෙ පවුලෙ උන්නෙ....

බයද....

ඇයි අප්පච්චි බය ... මේ ඇස් ඇරලා බලපන්....මම උඹගෙ පුතා....උඹ උඹගෙ අත්වලින්ම වඩාගත්තු උඹගෙ අත්වලිම්ම මරලා දාපු ....නැ...නෑ...උඹගෙ අත්වලින්ම පන පිටින්ම මේ ලෑලි පොලවෙ හංගපු මම නිම්න....යකො....උඹගෙ වාසගම....තියන මං නිම්න ජයවර්ධන...!!!

ඒකව ගොලු උනා...තරප්පු පේලියෙන් එන අඩි සද්දයක් අඩි සද්දයක් පාසාම ඒකව ගොලු වෙලා සට සට ගගා වෙව්ලනකොට අත් දෙක පිටිපස්සට බැදගත්තු මන් හිමින් අඩි තිය තිය....ඇයි බය ගගා ඇහෙන නෑහෙන ගානට කොදුර කොදුර ඒකා වටේ කැරකෙද්දි මිනිහා පස්සෙන් පස්සට ගියා...ඒ විතරක් නෙවෙ...මං මගෙ නම ඒකගෙන් ලැබුන වාසගම කියලම කෑ ගහනකොට මං බලාහන ඒකා අර තනි අතින් පපුවට ගහගන්නවා...ඔව්...උඹ තව ගහගනින්.....තව ගහගනින්....ඔහොම නෙවෙ....තව හයියෙන් ගහගනින්...හැබැයි...ඔය පපුවට මං බස්සන පිහිතලේ සීතල දැනෙනකොට උඹට ගහගන්න පපුවක් නැති වෙන්න ඕන....

උඹ කිව්වා උඹ මගෙ අප්පච්චි කියලා ...ඉතින් මේ බලපන් උඹ මට කරපු දේවල්.....

එ....එපා.....එ..එපා...එපා යකෝ....මං...මං...බයයි.....ම....න්...බයයි.. .පුතෙ....අනෙ...එපා....මට සමාවෙයන් ...මට සමාවෙයන් ...ප්..පුතේ.....මං....බ්..බයයි...

..බයියයි....ඇයි...ඒ....මේ බලපන් ....මේ....මගෙ මූන දිහා බලපන් ....ඇයි උඹ ඔය ඇස් වහන් කරගන්නෙ...මේ..අල්ලලා බලපන් ...උඹ මගෙ කොන්ඩෙන් ඇදන් ගිහින් තරප්පුවෙ ඇනපු පාර....වරෙන්...අල්ලලා බලපන් ....

.....එ..එ....එපා....අනෙ...නිම්න ...එපා...මං වැර....දී...මට තිබුනා...මට....තිබුනා පුතෙ .....එපා...

අතගාලා බලපන් ....මේ ලේවලයි.....උඹගෙ ලේ වලයි වෙනසක් තියනවද කියලා අතගාලා බලපන් අප්පච්චි ....

එ.....ආ....හ්....හ්හ්.....හ්හ්හ්හ්...අනෙ....හ්හ්.....ආ ..ආහ්...

ජයවර්ධනයා කෑ ගැහුවා ...ඇයි උඹ බය වෙන්නෙ අග අහ උන්න මම අනිත් පාර මගෙ නලල උඩින් ඒ අත උදුරගන තියාගන්නකොට එදා ඒ වේදනාත්මක පිපිරුමම ආයමත් නලලෙ ලකුනු උනා වගේම උගෙ අත තෙමාගන ලේ ගලන්න ගත්තා...

...මොකද.....බයද උඹට....ම්ම්.....රිදෙනවද උඹට ....හොදට අත ගාලා බලපන්.....හොදට අතගාලා බලපන්...මේ පිපිරුමෙ ගැඹුර කොයිතරන්ද කියලා..... නැත්තන් උඹට පිලිකුල්ද....මං උඹගෙ පුතා අනේ අප්පච්චි ...මං....මං....උඹගෙ පුතා ..අනේ..... අප්පච්චි ..එපා....එපා....මට රිදෙනවා.....මට...රිදෙනවා....මාව...අතෑරපන්.....

මතකද ම්ම්ම්...මම ඇඩුවෙ ඔහොම.....මගෙ ඇස් වලින් කදුලු ගැලුවෙ තලි තලි....කෝ....උඹට මාව දැනුන් නෑනෙ....

...න්..නිම්...එපා...එපා...මගෙ ලගට උඹ එන්න එපා....කිව්වම...අහලා නැවතියන්...නැවතියන්.....

...ඇයි.....උඹ මගෙන් පැනලා යන්නෙ ඇයි අප්පච්චි ...වරෙන්....බලපන්.....උඹ උඹගෙ පුතාට මොකක්ද කෙරුවෙ කියන එක හොදට බලපන්....ඇයි මේ.....උඹ මගෙ දුවනවා.....

බලපන්....උඹ වගේමයි මමත් එදා ඔය විදිහටම තට්ටම් වලින් ගෑටුවෙ.....

..එ..එපා....නිම්...නිම්න...එපා.....මහෙ ගාවට එන්ඩ එපා...සමාවෙයන් ...මට...සමාවෙයන් පුතේ..

ටකස්.....

ටකස්...

....මාව අතගාලා බලපන් අප්පච්චි .....උඹ මට මොනවද නොකෙරුවෙ...මගෙන් පැනලා යන්න එපා අප්පච්චි .....

..ටකස්...

ටකස්...

න්..අනේ...ප්..පුතෙ...මං..වැරදි....

උඹ වැරදිද....වැරදි උනාට කමක් නෑ....ඇසට....ඇස....දතට...දත ....මට දැන්...මේ තියන ලකුනක්...ලකුනක්...ගානෙම උඹගෙන් පලිගන්න ඕන.....උඹ දන්නවද....මේ දවස එනකන් මං බලන් උන්නා.....

උඹ දන්නවද....මේ දවස...මේ තත්පරේ වෙනකන් මං බලන් උන්නා....

ඇයි උඹ මගෙන් පැනල යන්නෙ.....

යන්ඩ එපා...උඹටමයි තෙහෙට්ටුව...

උඹ මේ ගේ පුරාවටම බඩ ගෑවත්.....මගෙන් බේරුමක් නෑ අප්පච්චි ....මගෙන් බේරුමක් නෑ....

උඹට අපි ගැන දුකක් දැනුන් නැද්ද ..

..අ..අනේ .. අනෙ...පුතේ මාව අතෑරපන් .....මාව අතෑරපන් මගෙ පුතෙ...

මට හිනහා ගියා...එදා වගේමයි....අදත් හරියට එදා වගේමයි වෙනසකට තියෙන්නෙ අද මගෙ තැන ඉන්නෙ ජයවර්ධන නරුමයා වෙනකොට ජයවරදනයගෙ තැන මං උන්නා...

මාව අතෑරපන්...මාව අතෑරපන් පුතෙ ගගා මම වගේම ඒකා මේ කාමරේ පුරාවටම මගෙන් බේරෙන්න තට්ටන් වලින් රීටුවා....

එදා වගේම ...හරියටම මං උගෙ ගාව අත් එකතු කරලා වැන්දා.....ඌ මනස්තාපනේ උනා...ඒත් මට නෙවෙ දැනුනෙ....මට නෙවෙ ඒ කිසි හැගීමක් දැනුනෙ....ඒකා කියන වචනයක් වචනයක් ගානෙම මං කෙරුවෙ වියරුවෙන් වගේ හිනා උන එක වෙද්දි මම තියන අඩියක් අඩියක් පාසාවට ලෑලි පොලව දෙදුරුම් කෑවා....මගෙ කටහඩට ජීවතුන් අතර ඉන්න උගෙ සර්වාංගෙම රෝම කූප කෙලින් උනා...කොටින්ම ඒකට ඇදි වතේම සුළු දිය පහ උනා...

කාරි නෑ.....මම විදපු වේදනාව..... පන පිටින් වලදානකොට මං මගෙ හුස්ම යන මොහොතෙ විදපු වේදනාවට ලෑලි පවා හූරපු හීරිල්ලට ඒ ලෑලිවල තවමත් හීරුම් පාර ඇති.....

ඒතරම් වේදනාවයි....කතා කරගන්න බැරි තරමට මගෙ දත් පවා අමු අමුවට ගැලවෙන්න ගහපූ ඌට අයිති දතට දතම විතරක් වෙනකොට මම මගෙ ලේ නෑවුන වගේම බලන්ඩ තියා අහන්ඩත් බය හිතෙන මූනෙන් ඒ මූනට මගෙ මූන ලන් කරන් තත්පර ගානක් බලාගන ඉදලා ඉදලා...මගෙ අල්ල ගත්තා හා සමානවම කොන්ඩ අහුරකින් අල්ලගන බිම දිගේ ඇදගන ගිහින් මාව ගගපු තරප්පු කනුවෙම ගහනවත් එක්කම ඒ ලගම තිබුන ජනෙල් පදාසයක්ම කුඩු පට්ටම් වෙලා ගියා...ජයවර්ධනයා යටි ගිරියෙන් කෑ ගැහුවා ....

ඔව්....මං මගෙ දෑත බදලම ඒ මුන කනුවෙ ගැහුවා.....මගෙ ඇගේම හයිය අරන් මං මූන කනුවෙ ගැහුවා...

මට තවම දැනෙනවා....මගෙ ඉහමොල පවා එදා හෙලවිලා කන් පවා අගුක් වැටුනා...අම්මෙ...කියලා කතා කරගන්න තියා හුස්ම ගන්න වත් මට හයියක් නැති උනා...ඒ තරමට මගෙ මරනෙ වේදනාත්මකයි....

ආ.....ආආ.....හ්.....ආ....ආ.....හ්හ්...අ..ආ...ආ...ආ....ආහ්හ්.... අනෙ...අ...ම්....මේ.....හ්.....!!

.....සෙල්ලම පටන් ගත්තා....හොදට බලපන් .....මේ නලලට.....මේ නලල දැන් සමානයි...කියපන්....උඹගෙත් ඉහ මොල හෙළ උනාද....හරියටම එදා මගෙ වගේම....ම්ම්ම්..කියපන්... කියපන්...ඉතින්.....මට වගේම උඹටත් කන් අගුල් වැටුනද...හුස්ම හිර වෙනවද.....ඔන්න ඔය වේදනාව මම වින්දා....ඔය වේදනාව...බය...දුක...එදත් මට දැනුනා....මං උඹගෙ කකුල් ගාව මගෙ ඔලුව තියලා වැන්දා....මගෙ ජීවිතෙ ඉල්ලුව....

මට ලැබුනද...ම්ම්ම්...

නෑ....

මට ලැබුනද.....

නෑ....

මට ලැබුනද ....නෑ..යකො...නෑ...මට ලැබුන් නෑ...මට ලැබුනෙ කෙල පාරවල්....උඹ මගෙ අඩපන මලකදට පවා කාරලා කෙල ගැහුවා.....

මතකද....

උඹට මතකද....ආ....මගෙ අප්පච්චි .....

....එ....එ.....අ...ආ...

මොනාද ම්ම්ම්...එ...එ...ගාන්නෙ...මොනාද...

බලපන් .....හොදට....බලපන්....මේ නලලෙන් ගලන...ලේමයි දැන් උඹගෙ නලලෙනුත් ගලන්නෙ.....එක පාට.....

...නිම්..න....අ...අනෙ.....අනෙ...පුතෙ.....ස්....සමාව.....දිය...න්....

...සමාව....???? සකේ...පමාව....!වේසයිනෙ ම්ම්ම්...මං සමාද දුන්නොත්...ඒක....මහා....වේසයිනෙ...

අප්පච්චි .....

මට හිනහ ගියා....මට උන්න හොදම යාලුවන්ගෙන් එකෙක්...කල්පන...උඹ ඇවිදින් මට සහෝදරයෙක්...මගෙ සබකෝලෙ මරපු උඹගෙ වචන මල්ලි මේ...උඹගෙ වචනෙන්...චූචි බුංජියා...බලපන්...උඹගෙ වචන මල්ලි.මේ...

මං හිනා උනා....වියරුවෙ තරම කොහොම උනත් හිත අස්සෙ වේදනාවට ඇස්වලින් කදුලු මෝදුවෙනකොට එදා උන්න රූපෙන්ම ලේ නාගන උන්න මං හිනා වෙවී මගෙන් සමාව ඉල්ලන ජයවර්ධන දිහා බැලුවා.....

.. සමාව.....නෑ...මට හිතෙන් නෑ... උඹ ඒකට සුදුසු නෑ.....අපරාදෙ...උඹ වගෙ එකෙක්ට ඒ වචනෙ ගැලපෙන්නෙ නෑ.....මේක තවම පටන් ගැන්ම විතරයි ...ඔය.....හොදට බලපන් ....උඹගෙයි මගෙයි ලේ එක සුවදයි ...එක පාටයි....ඇයි ඒ...උඹ මගෙ අප්පච්චි ....මං උඹගෙ පුතා හන්දා.....ඒත් උඹට බැරි උනා මං ගැන එහෙම හිතන්ඩ.....උඹට බැරි උනා..මං ගැන එහෙම හිතලා මාව අතාරින්ඩ....උඹ මාව අතෑරියද....ම්හුක්....නෑනෙ...නේ...ම්ම්

දන්නවද ...උඹ මගෙ කොන්ඩ කෙටියෙන් ඇදන් ගිහින් මේ කනුවෙ ගහපු ගැහිල්ලට කනුවටත් රිදුනා....උඹ දන්නවද ඒ කනුව පවා ඇඩුවා....බලපන්.....මගෙ නලල පැල්මෙ තරම.....මට හරියට රිදුනා අප්පච්චි ...මගෙ ඔලුවම හෙලවිල ගියා....මට මගෙ අම්මට කෑ ගහලා..අනේ...අම්මෙ.....මට රිදෙනවා කියන්න ඕන උනා...ඒත් මං දන්නෙ නෑ...මගෙ රත්තරන් එවෙලෙත් යන්න ගිහින් කියලා.....මට රිදෙනවා.කියන්න ඕන.උනා...ඒත්....මගෙ කට ඒ වෙනකොටත් අනු වැටුනා.....එච්චර රිදවලා...සමාව.....

සාධාරනද .....ම්ම්ම්...

නෑ!

දැන් ඉතින් මං කොහොම සමාව දෙන්නද ම්ම්ම්ම්..... සමාව නෑ...සුදුසු නෑ.....

න්...නිම්...මාව....මාව....මැරෙයි....පුතෙ...

.....දන්නවා....උඹව...කොහොමත් මං මරනවා.....උඹට බේරෙන්න ඕනා නම් දුවපන්.... .හැබැයි...මං උඹව එක පාර මරන් නෑ...උඹගෙ පව්...එකින් ..එක....එකින්...එකමතක් කරලා..මං එකටම උඹ ජීවත් වෙලා ඉන්නකොට ආත්මෙ උදුරනවා.....ඒක රහයි.....ඒක...හුගාක්...රහයි...එක

පාරම මරනයක් කියන්නෙ....මරනෙටත් අගෞරවයක්....නෑ...අප්පච්චි ...නෑ...

උඹ අද හතර දෙනෙක්ගෙ වේදනාවට උත්තර බදින්ඩ ඕනෙ.....

තේරුනාද මගෙ අප්පච්චි ට...ආ...තේරුනාද .....ම්ම්....

තේරුනාද....ඉතින්.....

හැබැයි...උඹට මං බේරෙන්න අවස්තාවක් දීලා බලනවා...

දුවපන්....

උඹට පුලුවන් උපරිම වේගෙන් දුවපන්....

මගෙ බේරියන්.....බේරිලා දුවපන්....

සලඹෙ සද්දෙ නෑහෙන දුරකට....

ගැටපිච්ච සුවද ..නොදැනන දුරක උඹ දුවපන්...

 ..ඒකා දුවපන්...අපෙන් බේරිලා දුවපන් කියපි මං හිනා උනා කෑ ගහලම හිනහා උනා....හිනාවෙන වාරයක් වාරයක් පාසාම මගෙ ඇනුම් කැපුම් පැලුම් තුවාල වලින් ගොජ ගොජ ගාලා ලේ හැලෙනකොට ...කැට කැට ලේ වැටෙනකොට එන්න එන්න සිනී කුයිලෙ ඉහට ගහනකොට නලල පදාසයක්ම වැහෙන්න ලේ පෙරාගත්තු ජයවර්ධනයා මගෙන් බේරිලා දුවන්න හදනකොට මන් කිසී කලබලයක් නැතිව අත් දෙකත් පිටිපස්සට බැදන් හිමින් හිමින් ඒ පස්සෙන් ගියා....

මට කලබලයක් නෑ.....මට කලබලයක් කියන නාමයක් නෑ....ඒකා දුවනවා....ඒකා හතිලාගන දුවනවා....හොදට තිබුන ගස් කොලන් පවා ඇඹරි ඇඹරි වැනෙනකොට අඹ අතු ඇවිදින් සටාන්...සටාන් ගගා ජනෙල් පියන් වල වදින්න ගත්තා.....

පුතෙ මට සමා වෙයන් ..අනෙ පුතෙ මං වැරදී මට සමා වෙයන් ගගා ලේ හල හල ජයවර්ධනයා එක හැල්මෙ දුවනවා ....ඒත් මම...එහෙම්මයි....

මගෙ වියරු හිනාව එහෙම්මයි ...

මොකද ....

ඌ කොච්චර දිව්වත්....

දුවන්නෙ එකම තැන..

කොච්චර හතිලාන් දිව්වත් ඌ ඉන්නෙ තවම මගෙ ළඟ වෙනකොට මේ නිර්දෝශි පලි ගැන්මට සොභාදහම පවා අත දෙනකොට ගෙයි වත්තෙ බලු රෑනක්ම මගා මූසල විදිහට උඩු බුරනකොට මන් මගෙන් ගැලවිලා දුවන්න හදන ඒකගෙ බෙල්ල පිටිපස්සෙන් ආයමත් අල්ලගත්තා ....

උඹට ගැලවිමක් නෑ.....උඹට

ගැලවීමක් නෑ අප්පච්චි ..මොකද ...සෙල්ලම පටන් ගත්තා.....අවසානෙ තිතක් මිසක් ...නෑ කමාවක්... විදලා බලපන් ම් වේදනාව ..පිහිතලයක් උඹව පසාරු කරනකොට දැනෙන සීතල.....!!!

ආ....ආ....ආ...ආහ්...නිම්....සු...චිත්‍රා.....

හ්හ්හ්.....හ්හ්.....ම්.මාව.....මාව.....බේරගනින් ..සුචිත්‍රා .....අනේ....ම්...මාව.....නිම....මාව.....අතෑරපන්.....

.

... මගෙ අතේ තිබුන පිහිතලේ....එ ඇග පසාර් කෙරුවා...මගෙ සර්වාංගෙ අල්ලන්න තැනක් නැතිවෙන්න මගෙ ඇතුලාන්තෙට කිදා බැස්සා හා සමානවම ඒ පිහිතලේ මාව ජාතක කරාපු නරුමයට කිදා බැස්සා....

ඒ ඇස් වලින් සට සට ගගා කදුලු හැලෙනවා....බස්සපු පිහිය ආපිට ගන්නකොට මගෙ කටින් පවා ලේ විසි උනා.....අදත් එහෙම්මයි....ඒ විදිහමයි ....කිදා බැහැපු පිහිතලේ මං උඩට අදිනකොට ඒ කට කොන්වලින් ලේ වැක්කෙරුනා වගේම මන් ඒකව මගෙ කාමරේට අල්ලා වීසි කෙරුවා....

ඒකා අඩනවා...මගෙ ප්‍රේමවන්තය උන මයුර ඇවිදින් දාඩිය දාගන අස් කරපු ගේ...එක තත්පරෙන් කන පිට ගැහුනා...ඇඹරෙන ගස් කොලන් එහා මෙහා වැබි වැනි කරලා තියෙන්නෙ අහස් ආගාධේ ආකාස කදුලු වලට යාතිකාවක් වෙනකොට අවුරුදු ගානකට කලින් මේ කාමරේම අවසන් හුස්ම ඇරපු මගෙ ලෙ නෑවුන අත් පාරවල් ආයම මෙ බිත්ති වලින්ම මතු වෙනකොට පිටපිට හෙන පුපුර පුපුර අහස් තලාව කදුලු හැලුවා....

එදා සුවදමයි...එදා ඒ දැනුන මගෙ ලේ සුවදමයි... මලගිය ඇත්තෙක් උනත්....අනේ අප්පච්චි .....මාව අතෑරපන්...මාව අතෑරපන් ගගා අඩපු මාවම ආයම මේ කාමරෙ පුරාවටම මැවි මැවි පේනකොට මං දෙවනි පාරට ඒකට පිහිතලෙ බැස්සුවා....කපන්ඩ අතක් නැති උනත් මොකද...මගෙ දකුනු අතට දුන්න පරිමාවක් නැති වේදනාවම මං ඒ අල්ල නැති අතටමේ පිහි තලෙම්ම දෙනකොට ඒකා හූ තිබ්බා....

විලාප තිබ්බා...එලියෙ ඉදන් උඩු බුරන බල්ලන්ටත් වඩා හයියෙන් ඒකා හූ තිබ්බා.....

ලේ වැදුන සීතල පිහිතලෙ කිස් කිස්...කිස් ගානවා...ඒ දකුනු අතේ උඩ මස හීනියට ලියාපු මැල්ලුමක් හා සමානව රේනු රේනු අතෙන් එල්ලෙනකොට මං ඒකගෙ අතට මට දුන්න දෙතිස් වදේම දීලා ආපිට නැගිට්ටා....

ඇති...

මොකද...තව මල ගිය ඇත්තො තුන් නමක්ම එහෙම්ම ඉතුරුයි.....

සරස්....

...ජයේ...

.....න්...න්....

....ජයේ....ඇයි..මේ...

....ස්...ස්.....

අප්පච්චි .....

..නි...මගෙ..දු.....

මුලු කාමරෙන් එකයි....ගැටපිච්ච සුවද...නිරපරාදෙ මලගම් ගියපු මලගිය ඇත්තො තුන් දෙනෙක්ම වැටීගන උන්න ජයවර්ධනයව වට කරගත්තා...නන්දනී එදා වගේමයි.....ඒගැට පිච්ච අහුර එහෙම්මයි.....කකුලෙ බැදපු සලඹ එහෙම්ම වෙනකොට මගෙ අම්මා...මගෙ අක්කත් එහෙම්මයි.....

වහිනවා...වහිනවා .වහිනවා....

ගම් නියන් ගම් යට වෙන්න..ඇලවේලි උතුරන්ඩ ....වාන් දාන වැව් බැමි වෙල වන කඩාගන යන තරම්.සැරෙන් වහිනකොට කසාද ගෑනිත්.....තමන්ගෙ දුවත් ඉන්නකොටම ඒකා වෙනුවෙන් නොවිදිනා දුක් වින්ද ඒකගෙ සම ආදරේ ජයේ කියලා කතා කෙරුවා...මං බලාගන උන්නා.....

...ඇයි ජයෙ මට මෙහෙම කෙරුවෙ.....

..න්..නන්..ද...නී...ම්..මාව...බ්....බේ...ර....

....උඹ වෙනුවෙන් මං මොනවද නොකලේ....උඹ වෙනුවෙන් මං මොනවද නෑහුවෙ.....

ඇයි.....උඹ මට එහෙම වේදනාවක් දුන්නෙ....

යන්න ගියපු..මට...ඇයි.....ජයේ...උඹ...එහෙම....කෙරුවෙ...

උඹම....අරන් දුන්න...සාරිය ලෙයින් තෙත් කෙරුවෙ ඇයි.....

...එයා අහනවා...ඇයි...ඇයි එහෙම කෙරුවෙ ගගා එයා අහනවා....අනිත් පැත්තෙම් ඒකා අත් එකතු කරනවා....ඒත් වැඩක් නෑ.....

නන්දනී එක පැත්තකින් හේතු අහනකොට අනිත් පැත්තෙන් මගෙ අම්ම කතා කරනවා...

අනිත් පැත්තෙන් මගෙ අක්කා කතා කරනවා.....නලල පුපුරවන්...පිහිපාර කාපු ඒකා බිම බඩ ගගා...බිම බඩගගා ..ඇද යටට රිංගන්න හදනවත් එක්කම එකගෙ කකුල් කෙටියෙන් ඇදලා ගත්තු නන්දනී කෑ ගැහුවා.....

මගෙ අම්මාකෑ ගැහුවා.....මගෙ අක්කා විලාප තිබ්බා.....මේ ගේ තනිකරම අමු සොහොනක් උනා....මං වගේමයි...මං වගෙමයි...උන් අහනවා...ඇයි....ඇයි...අපිට මෙහෙම කෙරුවෙ ඇයි අහනවා...

...ඇයි කියපන් ජයේ...මගෙ දරුවව අතාරින්ඩ කියන වාරයක් ගානෙම උඹ මගෙ කෙල්ලව මරාවගත්තෙ ඇ‍යි කියපන්...මගෙ කොල්ලව අතාරින්ඩ කිව්වත් ඒකවත් උඹ මරාගන....කතා කරපන්...මගෙන් උන අඩුපාඩුව මොකක්ද කියපන්...උත්තර දියන්...මේ බලපන්....මයෙ දරුවන්ගෙ වේදනාව....මේ බලපන්....උඹ මාව කපපු කැපිලි....උත්තර දියන් .....උත්තර දියන්.....

අප්පච්චි .....ආදරෙ කරන එක වරදක්ද...ආ...අප්පච්චි ....ආදරේ කරන එක වරදක්ද...උඹ මාව මේ ගේ පුරාවටම මගෙ කොන්ඩෙන් ඇදන් ගියා...උඹ මගෙ අත් අනිත් අතට කඩලා දැම්මා....මෙ බලපන්...මගෙ අත් දිහා....මෙ බලපන් අප්පච්චි ...මගෙ අත් දිහා...උඹ.මේ අත් දර කරඩනවා වගෙ කඩලා.දැම්මා.....ආදරේ වරදක් නම්...ඇයි....ඇයි උඹ ඒ ආදරෙ අකුරු කෙරුවෙ....ඇයි...උඹ ඒ ආදරේ අකුරු අස්සට හැගීම් එබ්බුවෙ .....

නෑ....උඹ එහෙම කෙරුවෙ නෑ...උඹ හොරකම් කෙරුවා.....උඹ මගෙ මල්ලිගෙ වචන හොරකම් කෙරුවා .....උඹ අපිව මරාගත්තා .....උඹට අයිතියක් තිබුනද....කතා කරපන්...උඹ මාව ඇදන් ගියා....උඹ මාව මේගේ පුරාවටම ඇදන් ගියා....බලපන් මගෙ දනිස් වල කෑලි නෑ.....මගෙ අත් කඩනකොට මන් මැරෙන්න හැදුවා.....

ඒවා උඹට දැනුනද....උඹට දරු කැක්කුමක් දැනුනද....නෑ.....හෙට ඉර පායනකොට මේ හැම දේම අහවරයි .....

උඹ ආසයිලුනේ මේ ගැට පිච්ච් කුමරි නටනවා බලන්ඩ...

උඹමලුනේද මේ ඔක්කොම ගිහින් දෙන්නෙත්...

මතක් කරපන්....උඹ කවදද මගෙ අම්මට ඇදුමක් දුන්නෙ...වංච කාරයා...උඹ ආදරේ ලබන්න තියා....ජීවත් වෙන්න වත් සුදුසු නැති වංචා කාරයා......

බලපන් අප්පච්චි ....බලපන්...උඹ අපිට කරපු අපරාදෙ ....අනෙ උඹ මං කෙල්ලෙක් නොබලා කොහොමද ඔහොම මට රිදෙව්වෙ...

මේ හැම දේම අදින් අහවරයි....හෙට පායන ඉරත් එක්ක අහවරයි....උඹ ආසයිනෙ උඹගෙ....අවංක ආදරේ නටනවා බලන්න....හා....බලපන්....උඹගෙ අවසානම හුස්ම යනකටොත් එයා නටාවි....උඹට තියෙන්නෙ .. ...නැටුමත් බලලා හුස්ම යවන්න....

නන්දනී....

.මගෙ අක්කගෙ ඇස් වලින් හෝ ගාලා කදුලු වැටෙනවා....ඒකි ඉකි ගහනවා...මුලු ගෙයි පුරාවටම කොන්ඩෙන් ඇදන් ගිය යෑමට අනේ ඒ දනිස් වල ලෙලි ගිහින් තිබුනා මදිවට ඒකා මගෙ අක්කගෙ අත් අනිත් අතට කඩලා තිබුනා.....

ඒකා අඩනවා... වදිනවා...ඒත් කාගෙන් කියල නම් අනුකම්පාවක්ද....අවසානෙදි නන්දනී ආවා.....ඒ ඇස් රතු වෙලා...ආදරෙත් වෛරයත් අතර තියෙන්නෙ කෙස් ගහක වෙනසක් වෙනකොට ඒ ඇස් වල ආදරේ මැරිලා ගිහින් අවසානෙදි වෛරයක් විතරක් ඉතිරි වෙලා තිබුනා.....

ජයේ.....ආසයි නේ.....උඹ ගෙනාපු සාරිය ඇදන්....උඹම මගෙ කකුලට බදින සලඹෙ සද්දෙ අහන් නටනවා බලන්න.....

....න්....න්..නන්ද....නී....ම්..මාව...බේරගනින්....අනේ...මාව...මරන්න..නොදී....බේරගනින්.....මට.....බැරි...උනා....මට නොලැබුන...දේ...උන්ට ලැබෙනවා....බලන්න...මාව...බේ..රගනින්....නන්දනී....

...මේ...උඹවෙනුවෙන් නටන අවසානම නැටුම....මේ උඹ දුන්න සාරිය....උඹම පටලවපු මල්...උඹ මාව අවසන් ගමන් යැව්වෙ...මෙහෙම....ඉතින් බලපන්....මේ නැටුමෙ අවසානෙ....උඹ ඉන්නවද කියන්න.....!

 මගෙ අක්කා මා දිහා බැලුවා....බලලා කදුලු පිටින්ම හිනා උනා....ඒ ඇස් වල දුක බෙරෙනවා.....වේදනාව බේරෙනවා.....ලෙලි ගියපු දනහිස් වලින් ලේ බින්දු වෑස්සෙනකොට ඒ මූනෙ තැලුම් පාරවල් දම්ගැහිලා තිබුනා.....

....මේක මෙතනින් ඉවර කරමු මගෙ මල්ලි.....මේ වගේ ජීවිතයක් ඉතිරි කරනවා කියන්නෙ...මේ ලෝකෙන් හේතු නැතුවම තව ජීවිත ගානක් නැති වෙන්න පුලුවන් ....උඹවත් මම වත්...මගෙ අම්මා වත්....නන්දනී වත් වරදි නෑ මල්ලි....අදින් පස්සෙ....අපි හැමෝම නිදහස්...

නිම්නා....

රත්තරන් .....යන්න කලින්...දෙයක් ඉල්ලනම්.....උඹගෙ ආදරෙට...උඹව පන වගේ බලාගන්න අර පොඩි කොල්ලට කියපන්...අවසානම පස්මිට දාන වෙලාවට ප්‍රාර්තනා කරන්න කියලා.....ඉපදෙන හැම සංසාරෙම නේ අම්මගෙම කුසේ ඉපදෙන්ඩත්.....ලෝකෙ මොන කෙරවලේ උන්නත්...උන්ව අපිට ආය මුනගැහෙන්නත් කියලා....උන් ඒ තරන් හරි ආදරනීය මිනිස්සු ජාතියක් මගෙ මල්ලි....උඹ හරි පින්කාරයි.....උඹට ලැබුන ආදරෙ උඹව මරනෙනුත් පන ගස්සන ආදරයක් මල්ලි...

වරෙන්.....මේ ගින්න අදින් නිවලා දාලා....අපි ආයම යන්න යමු.....!!

නැටුම පටන් ගත්තා...අහස් ආගාධෙ අඩන ඇඩිලි වලට මහපොලවට උහුලන්න බැරි තරම් කදුලු වැටෙනකොට ඒ කදුලින් මහ පොලව පවා හෙම්බත් වෙලා ගියා....සට පට ගාන ජනෙල් පියන් ඉවසන් ඉදලා...ඉදලා අවසානෙදි පුපිරපු තැන ජනෙල් රාමු වලට පවා මේ වේදනා දරාගන්න බැරි උනා....

ගැට පිච්ච කුමාරි නටනවා....ඒත් සින්දුවෙ තේරුමට වඩා ඒ භාව කිව්වෙම මලක මරනෙ විලපෙ වග්ම ආදරෙ නාමෙන් විදපු දුක් වෙනාදනා ගැන වෙනකොට මන් බලාගන නිම්නා එයාව ඇදන් ගියා හා සමානවම ජයවර්ධනව මේ ගෙයි පුරාවටම ඇදන් ගියා ...පඩි පෙල දිහේ ඇදගන ගියා හැප්පෙන්න පොන කොහෙද ඒකව ඒ හැමතැනකම හැපුනා ...ලෙලි ගියපු දනිස්වලින් ගලන ලේ...තරප්පු පේලිය පුරාවටම හැලුනා.....

ඒකා විලාප දෙනවා....ඒකා හූ තියනවා.....නිම්නගෙ අත් කැඩුනෙ කොහොමද...ඒ හා සමානවම ඒ අත් වල වැලමිටි හන්දි දෙකට මැදින් කඩලා යනකොට ඒකා කලිසම් තෙමාගත්තා.....නොවදිනා වැදුම් වැන්දා....උඩ ඉන්න කෝටි තිස් තුන දෙකෙන් වැඩි කරන් ඒකා දෙයියො වැන්දා...

ඒත් කතාවක් තියනවා නිර්දෝශී මනුස්ස ඇස්වලින් වැටෙන කදුලු තරම් තව සාපයක් නෑ කියලා ....ඒකා මේ ගේ වටේම බඩ ගෑවා....උගෙ ජීවිතෙ බේරගන්න නොවදිනා වැදුම් වැන්දා ....ඒකා දෙයියො වදිනකොට දෙයියො පවා අහක බලපු වෙලාවක මගෙ අතෙ තිබුන පිහිතලේ මගෙ සර්වාංගෙ ලේ රහ හොයාපු පිහිතලේ බැස්ස පාරවල් ගානට සමාන වෙන්න ඒ ලේ රහ බලනකොට "අනූ....චූචි බුංජියගෙ දතක් කැක්කුමයි" ගගා...හුරතලේ අස්සෙන් නොකියා වේදනාව කියපු මගෙ දත් අමු අමුවට විසි උනා හා සමානව එලියට විසි උනා....

ස්....ස්....සු...

ඒකා වෙව්ලනවා....හිටගන්න පන කියන දේ නාමයක් නැතිවෙනකොට මලගිය ප්‍රානකාරයන්ගෙ අතින් විස්තර කරන්න බැරි තරම් වේදනාත්මක දෙතිස් වදයක් වින්ද ජයවර්ධනයා මගෙ අම්මා දිහාබලන් මුමුනන්න ගත්තා ..

ඒත් බෑ.....ඒත් බෑ...ඒකට කතා කරනවා තියා...කට ඇරගන්නවත් බැරි තරමට රක්ත වර්ණ ලේ කැටි කටින් එලි වැටුනා වගේම මෙච්චර වෙලා නටාපු නන්දනීගෙ මනිපූරිය තෙත් වෙන්න ගත්තා....ඒ මනිපූරියට සම්පූරනම උනු ලේ වල රත අරක් ගත්තා වගේම අර ගැටපිච්ච මල් ඇස් පනා පිට මැරිල ගියා.....ඒ මල් එදා වගේම සීසී කඩ විසිවෙලා ගියා....එදා වගේම ලේ වලින් නෑවුනා....

නන්දනී නටනවා....මේ යන්නෙ අවසානම තත්පරේ වෙනකොට මිනිස් සර්වාංගයක් වෙනුවට ලේ ගලන මස් වැදැල්ලක් විදිහට මාව වලදාපු තැන ලේ බැහැපු ඇස් ඇරගන්නවත් බැරිව හුස්මක් කටක් ගන්නත් බැරිව ජයවර්ධනයා හිටන් ඉන්නකොට ඈත අහසෙ කන් අඩි පවා පුපුරලා යන හෙනයක් පිපිරුවා..ඒ එක්කම ඊට වඩා සද්දෙන් ඔලු කටුවක් පිපිරුවා .....මැරුන ගැටපිච්ච අහුරක හිනහවත් එක්ක මගෙ අතෙ තිබුන පිහිතලෙ ඒ හදවතට දශමයක් පහලින් කිදා බැස්සා...

....සියල්ල අවසානයි!!.....

හත්පාට ආදරයක් අස්සෙ හුස්ම අරන් ඒආදරේටත් නිගා දුන්න වංචාකාරයෙක්ගෙ අවසානම හුස්ම.....

තමන්ගෙ ලේ වලින් ජාතක උන නරුම අප්පෙක්ගෙ අවසන් හුස්ම.....

කසාද පොරොන්දු රකින්න බැරි අධම සැමියෙක්ගෙ අවසන් හුස්ම...

ලෑලි පොලවක්‍ යට ඉදන් වා තලේට මුහු උන වගයි....!

*

*

*

*

Mayura pov.....

මයුර.....මගෙ පුතෙ.....මේ කෝපි එකවත් බීලා හිටපන්කො...උඹ ඊයෙ ඉදන් බඩගින්නෙ.....

අප්පච්චි .....මේ කොඩි වැල් ඇද්ද...

ඔය ඇති මයුර....ඔය ඇති.....දෙයියන්ගෙ නාමෙට ඔය ඇති බන්...උඹ මුලු රටටම දාන්න තරම් කොඩි ඇදලා මයුර....

එයාව ගේන්නෙ කීයටද අප්පච්චි .....හතරක් තියන්න මේ ඉඩ ඇතිද....මට නිම්නව නම් එලියෙ තියන්ඩ බෑ අප්පච්චි ...එක්කො අම්මවයි අක්කවයි මගෙ නිම්නවයි ඇතුලෙන් තියමු...එතකොට නන්දනී....??එක්කො අක්කවයි නිම්නවයි එක තැන තියමුද අප්පච්චි ..

උදාර....පුතෙ මෙහෙ වරෙන්....අනෙ මේක මූට පොවපල්ලා යකො.....

මං උන්නෙ කොඩි වැල් කප කප.....ඒත් මං මේ ජීව්ත් වෙන්නෙ තවමත් මටවත් හිතාගන්න බැරි ලෝකයක් අස්සෙ වෙනකොට මං මගෙ පලවෙනිම ආදරේ..මගෙ වස්තුවගෙ....මගෙ නිම්නගෙ.....මගෙ කඩාවැටුන දුරුතු හදේ මලකද එනකන් මග බලන් උන්නා....

නාඩගම නැටුවා.....නිම්නගෙ කතාවට පන දුන්නා....එදා රෑ ඒ ස්ටේජ් එකේම නිම්නගෙ හුස්ම යන තැන මටත් කලන්තෙ දැම්මා වගේම ගංවතුරකට ආවඩන තරම් මහ ධාරානිපාත වැස්සෙ නිම්නගෙ ගෙදරට ගිය අපිට ගෙයක් වෙනුවට දකින්න ලැබුනෙ අමු සොහොනක් .....පිරිමි මගෙ පපුව පවා ගැස්සුනා....මගෙ නිම්න්ව වල දැම්මා හා සමානව ලෑලි පොලව් යටින් ආපිට ගොඩ ගත්තු ජයවර්ධනයගෙ මලකද දැකපු මට ඉහලට ගත්තු හුස්ම පහතට දාන හැටි පවා අමතක වෙන තරමට මගෙ පපුව ගැස්සුනා.....

ඒ ඔලු කට්ට දෙකට මැදින් වෙන් වෙලා තිබුනා....වෙ සැර කොයි තරම්ද කියනවා නම් ඒකගෙ පොඩි මොලේ පවා එලියට විසිවෙලා තියනකොට කානු කටක් කැපුවා හා සමාන පිහිපාරවල් තිබුනා...

ඒ මරනෙ වචනයෙ පරිසමාප්තියෙන්ම භයංකාරයි.....ඒ ඇස් පවා පුපුරලා තිබුනා....මනුස්ස රූපයක්ද අමු මස්වැදල්ලක් ද හොයන්න බැරි තරමට ලේ වලින් නෑ විලා තිබුනා....

අවසානෙදි ඒ මලගිය ඇත්තො උන් උන්ගෙ පලිය මගෙ අත්වල ලේ නොගා පිරිමහන් මගෙනුත් වහන් වෙලා යන්න ගිහින් තියනකොට අද මේ මෙතන මේ ඉටිකොල කපන වැඩිම විරහ වේදනාව විදින නිම්නගෙ සුදු මල්ලි උන මං ...මමම තෝරපු මිනි ඇදුම ඇදන්....මමම තෝරපු පෙට්ටියක සැතපිලා අවසාන වතාවට වරුවකට මගෙ ගෙදර නිදියන්ඩ එන මගෙ පන වෙනුවෙන් බලන් ඉන්නවා.....

මයුර....මචන්...

ඒ හැමදේම අවසානයි....මේ බලපන් ....මං රටටම ඇති වෙන්න ඉටි කොල කපලලු.....මට කියපන්.....අර බැනර් ගහලා ඇතිද....නැත්තන් තව ඕනෙද .....එයා ලස්සනටම හිනා වෙලා ඉන්න එකක් මට ඕනෙ.....

මයුර මේ අහපන්කො.....ඒ හැම දේම හරි බන්.....අපි ඔක්කොම ආය ආය බැලුවා ...උඹ ගිහින් බලන්ඩ කියන කියන වතාවෙ බැලුවා ....බැනර්....මිනිකොල....ඒවිතරක් නෙවෙ බන් අර පිට්ටනියෙ ගොක් ආරුක්කුවත් ආය ගිහින් බැලුවා හොද එකා වගෙ මේක බීලා ගිහින් නාගනින්...මොනවා හරි කාපන්....

හ්ම්....තව පැය කීයක් තියනවද එයාව ගේන්න.....

මයුරයා...අනෙ යමන්කො බන්.....

හ්ම්....යන්නම්...

මං අවසානෙදි මගෙ අතේ තිබුන කතුර ඉටිකොල ගොඩට අතෑරලා උදාරයා අතෙ තිබුන කෝපි එක එක උගුරට බිව්වා...උගුරෙන් පහලට යන කෝපි උගුරක් උගුරක් ගානෙම මගෙ ඇලිලා තිබුන බොකු බඩවැල් ආයම පිම්බීගන යනකොට මගෙ පනව ගේන්ඩ ළඟ බව දන්න මන් එහෙම්ම ගෙට ආවා....

මුලු පලාතම කරවල සුවදයි ....ඒ සුවද ගහන්නෙ මගෙ ආදරේ මලගමෙ මලබත.....!!

හැමදේම වෙනස් වෙලා...වෙනදට අමුඩෙයි පුකයි වගෙ ඉන්න සතුටු සුරංගයයි අම්මගෙ සුදු පුතයි ඔහේ බලාගත්ත අත බලාගන ඉන්නකොට මං බලාගන අප්පච්චි බණට වඩින හාමුදුරුවන්ගෙ පුටු පේලියට සුදු රෙදි එලනවා....මරනෙට එන මිනිස්සු මිනිය නැති උනත් මොකද ඇති පදන් නෙස්කෙෆෙ ගහනවා...

මාව නිකන් මැරෙන්ඩ වගේ වස්තු.....

මේ හැමදේමත් දිහා බලාගන නානකාමරේට ආව මං සින්ක් එක මිරිකන් හකු බැහැලා ඇස් යට ගිහින් මූන පුරාවටම රැවුල වැවුන මගෙ මූන දිහා හරි වේදනාවෙන් බලාගන කොහේ හරි ඉදන් මා දිහා බලාගන ඇති කියලා හිතුන මගෙ පනට මං වේදනාව කියලා ඇදිවත පිටින්ම වතුර මල යට හිටගත්තා ..

උඹ අදින් පස්සෙ යන්නම යනවා මගෙ නිම්න....

සීනි නැති කෝපි එකක් ඉල්ලපු උඹ අද මගෙ කරපිටින්ම යන්නම යනවා රත්තරන් ....

උඹ නැති හෙටක්...උඹ නැති හෙටක මට ජීවිතෙ හරි අමාරුයි මගෙ නිම්න...

අනූ..මගෙ මයුර....මගෙ සුදු මල්ලි.....ඔය වචවලින් මට ආයම කතා කරන්නෙ කව්ද මගෙ නිම්න.....

නිම්න.....

.මගෙ පලවෙනිම ආදරෙ.....මගෙ සදාතනික වස්තුව ...මගෙ පන.....මගෙ හැමදේම .....,

උඹ දන්නවද ....ජීවිතෙ කියන්නෙ මොකක්ද ඇහුවොත්....මම පෙන්නන්නෙ මගෙ අම්මා අප්පච්චිව....ආදරෙ මොකක්ද ඇහුවොත් ....රත්තරන් මන් පෙන්නන්නෙ උඹව.....

උඹගෙ සුදු මල්ලි උඹගෙ මලගමට ලෑස්ති වෙනව මගෙ නිම්න.....උඹගෙ පන උඹගෙ මල කදට කරගන්න බලන් ඉන්නවා මගෙ නිම්න....

අනෙ මං උඹට හරි ආදරෙයි මගෙ නිම්න....!

මයුර.....මචන් ...වරෙන් ඉදගනින්.....අපි එයාට යන්න දෙන්න ඕන මයුර....අපි අපෙ බුංජියට යන්න දෙන්න ඕනනෙ රත්තරන් ...අනෙ ඌටත් මහන්සි ඇති ඔහොම තැන් තැන් වල ගල් වෙලා ....

කල්පන ....මගෙ.....වස්තුව අද වෙනදටත් වඩා ලස්සනයි නේද කියපන්.....එයා ඇත්තටම හදක්.....නිකන් නෙවෙ දුරුතු හදක් කල්පන...

මං දන්නෙ නෑ...මගෙ ඇස්පිල්ලම් ගැහෙනවද නැද්ද කියන්න....එයාටම අරන් දුන්න සුදු ඇදුම එයාගෙම මලගෙදරට අදින්න තරම් මේ ලෝකෙන් අවසානාවන්තම ප්‍රේමවන්තයා උන මං හර්ස් එකෙන් එයාව බානකොටත් ඇස් පිල්ලම් නොගහා බලන් උන්නා.....ඇත් දල ...රතු බුමුතුරුනෙ පිත්තල පහන්....මල් වඩම්....මේ හැම දෙයක්ම හරි ලස්සනට හදලා ඒ මැද තියාපු පෙට්ටිය අරින හැටිත් මං ඇස්පිල්ලමක් වත් නොගහම බලන් උන්නා වගේම නිම්නගෙ මූන දැකපු මගෙ අම්මට කෑ ගැහිලා අඩලා කලන්තෙ හැදුනත් ඒ මූන දිහාව බලන් උන්න මට ගින්දරටත් වඩා උනුසුම් හුස්මක් පිට වෙනවා එක්කම මාව බිත්තියට හේත්තු උනා.....

මගෙ රන්කදට නින්ද ගිහින් හොදටෝම.....

මයුරයා වරෙන්....

කල්පනයා ආයම කතා කරනවා....පාන්සුකුලෙ දෙන්ඩ යන්නෙ....ඒත් මට නෙවෙ නිනව්වක් තිබුනෙ....මරනෙට ආව මිනිස්සු ඇස් පිල්ලමක් වත් නොගහම බලන් ඉන්නකොට පටාචාරටත් වඩා උන්මන්තකයෙක් උන මම සිය වෙනි වතාවටත් ඒ මැලවුන සීතල මූන ඉඹලා මං ආදරෙයි රත්තරන් කියලා කනට කෙදිරුවා .....

මගෙ බඩ පපුව ගිනි ගන්නවා ...දුක කියලා අඩන්නවත් වචන නැතුව ගොලු වෙන තරමට මාව අසරන වෙලා යද්දි හාමුදුරුවන්ගෙ බණ මැදින් අප්පච්චි මාව බලෙන් වගෙ ඇදලා අරන් ඉන්දවගත්තා ..

ඉතින් මගෙ හඳ යන්න යන්නෙ....

අහම්බෙන් වගෙ මගෙ ජීවිතේට ආව ආදරනීයම මලගිය ඇත්තො හැමෝම එක්ක එයා එයාගෙ සැනසීම හොයන් යන්න යන්නෙ......

මගෙ ඇගිලි පහුකරන් වතුර වැටෙනවා ...ඒ හා සමාන්තරව අම්මා අප්පච්චි ගෙ ඇස් වලින් වගේම මටයි කියලා උන්න සහෝදර ඇස් වලිනුත් කදුලු වැටෙනවා....

මගෙ රත්තරන් යන්න හදන්නෙ ....

මගෙ යටි හිත සැරින් සැරේම ඔය වචනෙ සියපාරක් විතර මුමුනලා...අවසානෙදි එයා මගෙන් සදහටම යන්න යන තත්පරේ මේකයි කියලා මොලේට පනිවිඩේ දෙනකොට අවසානම වතාවට මං ඒ සීතල උරහිසත් මූනත් අතර මැද මගෙ මූන ඔබා ගත්තා ....

මන් දන්නවා.....ඔයාට මාව පේනවා....ඔයා මගෙ දිහා බලන් ඉන්නවා ....මාව ඇහෙනවා නම්...රත්තරන් එක පාරක් මට පේන්ඩ වරෙන් වස්තු.....උඹගෙ සුදු මල්ලිට උඹව බලන්ඩ ඕනා.....

මන් ඒ උරහෙට මූන ඔබාගන හරි වේදනාවෙන් කෙදිරුවා....ඒ වෙනකොටත් අක්කගෙ...

අම්මගෙ....වගේම ගැටපිච්ච කුමාරිගෙ පෙට්ටි වැහිලා තියනකොට මන් ඒ සීතල සරුවාංගෙ අත් දෙකෙම්ම තුරුල් කරගත්තා ...

...දින වකවානු ....කවදා උනත් කාරි නෑ....ආයමත් එනවයි කියලා දුන්න පොරොන්දු රැකපන් මගෙ සුදු අයියෙ....ආයම රොබොරෝසියා පිපෙන වසන්තෙක.....මේ අත් පටලන් නුවරට යන්ඩ වරෙන්...මන් පොරොන්දු වෙනවා....ආය කවදාවත් මගෙ දුරුතු හදට අහසෙන් වැටෙන්ඩ දෙන්නෙ නෑය කියලා ...

හත්පාට ආදරයක් කියන්නෙත් ආදරයක්මයි මගෙ නිම්න.....උඹගෙ ආදරේ අස්සෙ මන් ජීවත් උනා...උඹගෙ සතුට අස්සෙ මං සතුටු උනා ...

ඉතින්...උඹත් මමත් කියන්නෙ මේ සංසාරෙ ආයමත් දවසක අනිවාර්යයෙන්ම හම්බවෙන්න ඕනම මිනිස්සු.....මේ වෙන්වීම තාවකාලිකයි මගෙ නිම්න...

උඹ එනකන් ...උඹගෙ ආදරේ මට ආයමත් මුන ගැහෙන තාක් මං බලන් ඉන්නවා.....

මේ හදවත ඇදුම් කනවා...වේදනා විදලා විදලා ඉරුනු තැන්වලට පැලැස්තර ඇලෙව්වත් වේදනාව ලීක් වෙනවා ...ඒත් සත්තයි ...උඹ එනතාක් මේ හදවත තනිකඩ වේවි....උඹගෙ ආදර මතක ඇවිදින් මකුනුදැල් බැන්දා වගෙ වෙලා ගනීවි...

ඉතින් රත්තරන් ...මයුරගෙ හැමදේම .....ආයමත් දවසක.....අපි අපිටම හමුවෙනතාක්.....

මගෙ පන උඹට සුභ ගමන් නිම්න!!!

අවසානම හාදුව ඒනලලට තියාපු මං එයාට සුභ ගමන් කියලා ගිනි ගන්න හිතත් එක්ක ආපිට කෙලින් උනා...හැබැයි කෙලින් උන තත්පරේදිම මගෙ ඇස් ගැස්සිලා ගියා.....

කදුළු පිරුන ඇස් දෙකක්...අහිංසක හිනාවක් එක්ක මගෙ මලාවු ප්‍රේමය...

මලකදෙ ඉහ ගාව ඉදන් මගෙ දිහා බලන් ඉන්නවා....

සුදු මල්ලි....මං යන්න යන්නෙ...

ස්තූතියි .....දුන්න හැම දේටම ....

ස්තූතියි මට දුන්න ආදරේට....

ස්තූතියි මාව ඔය හිතෙ දරාගත්තට.....වචන වලට පෙරලන්න අමාරුම තැනට වෙනකන් ගැඹුරුම ආදරයක් දුන්නට...

මයුර .....මේ වෙන්වීම.....උඹ කිව්වත් වගේම තාවකාලිකයි ....දින වකවානු නැති උනත්.....මේ හිත් එකතු වෙන එක අනිවාර්‍යයි .....නිම්නගෙ ඉපදීමක් තිබුනොතින් .....ඒ උපත උඹ වෙනුවෙන්මයි....

මොකද නිම්නයක අයිතිකාරයා මේ මයුරමයි....මයුර විතරමයි...ඉතින්.....පරිමාවක් ගනින්න බැරි තරම් ආදරෙත්.....ස්නේහයත් දුන්න මගෙ කුලුදුල්ම ප්‍රේමවන්තයා.....ආදරනීයම මයුර ....

ස්තූතියි ....උඹගෙ වචන අවසන් තත්පරේ වෙනකම්ම රැක්කට...

ඒ.....

"මගෙ ආදරේ මන් උඹට දෙන්නෙ පෙරහන් කඩදාසියක පෙරලා නිම්න"....

පරිස්සමින් .....මන් දැකපු හිත හයියම ප්‍රේමය නම්.

....

ඒ උඹයි මගෙ මයුර...

ආදරෙයි!

ආදරෙයි !!

හැමදාමත් කියන්න බැරි තරමට ආදරෙයි !!!

.... ඔය පැත්තෙන් වහන්ඩ!!!

පියන් හතර හතර පැත්තෙන් වැහිලා ගියා.....

අවසානම පාරට මට ආදරෙයි කියාපු මගෙ පනව හතර පැත්තෙන් වැහිලා යනකොට දවස් ගානක ඉදන් කැක්කුම් අල්ලපු මගෙ දකුනු උරහිසට එයාගෙ බර දැනෙනවත් එක්කම ඒ මග දිගට සුදු පාවඩ එලුනා....

මගෙ අම්මා අඩනවා...නිම්නා ගෙ ආදරේ අඩනවා...පෙට්ටියට කරගහපු කල්පනයගෙ උදාරගෙ....රවිදුවගෙ ඇස්වලින් කදුලු කැට් හෝ ගාලා කඩන් වැටනෙකොට මං සුදු පාවඩේ පාගන් මගෙ ආදරේ කරගහන් ඉස්සරහට අඩිය තිබ්බා......

...මයුර....පුතේ....උඹට බර නම් අහකට වෙයන්.....

මයුරයා...උඹට අමාරුනම් වෙන කාට හරි දියන්...

මම නෙවෙ කටක් හෙල්ලුවෙ....මේ පපුවෙ දරාගැනීම කියන්නෙ මොන දරාගැනීමක්ද කියන්න වචන නැති වෙනකොට සුසානෙට එයව දරන් යන්න තිබුනෙ හූවක දුරයි.....

මගෙ උගුර පුපුරන්න එනවා....

හිරකරගත්තත්....එලි පනින්නෙ නැති ඉකිය මගෙ උගුර පලන්ම හදනවා.....

ඇස් වල කදුලු නාලිකා වලට ඇදිරි නීති වැටිලා උනත් මගෙ ඇස් වල සුද මැරිලා ගිහින් ගොරකා ලෙලි වෙලා තියනකොට මගෙ කකුල් පවා පැටලෙන්න ආවා.....

ආයම එයාව අරන් දුවන්න හිතුනා.....

මේ ලෝකෙ කාටත්වත්ම හොයා ගන්න බැරි තැනක එයා එක්ක හැංගෙන්න හිතුනා....

සුදු පාවඩෙ පෑගෙනවා....මය දැනෙන්නෙ මගෙ පපුවෙ පතුරු යනවා වගෙ වෙනකොට සුසානෙ ලන් වෙන්න ලන් වෙන්න පෙට්ටිය තව තව එන්න එන්න බර වැඩි උනා...මලාවු ආත්ම තවත් සිය ගානක් ඇවිදින් අලුත් මලගිය ඇත්තන්ව භාරගන්න ලෑස්ති වෙනකොට මන් නිකමට මගෙ බෙල්ල හරවලා එයා දිහා බැලුවා.....

මට නොදැනෙන මගෙ අතක එල්ලිලා....එයා මා එක්කම එයාගෙ අඩි පහේ වලට යනවා...මේකෙන් මට තවත් රිදෙනවා...

.නිම්න.....උඹ නැතුව ජීවත් වෙන එක මේ හදවතට හරි අමාරුයි නිම්න...

නිම්න....උඹ කියන්නෙම කල්පාන්තෙක දැකපු හීනයක් මගෙ නිම්න.....

ස්තූතියි ....අනේකවාරමගෙ ජීවිතේට ආවට.....

ස්තූතියි ....රාමුවෙන් එහා ලෝකයක් මට පෙන්නලා දුන්නට...

ස්තූතියි ....නිකමෙක් උන මාව මනුස්සයෙක් කරලා....උඹගෙ කරගත්තට....නම මයුර උනාට මොකද.....උඹ නැතිව මේ මොනරගෙ පිල් මැරිලා නිම්න....

...මේ සංසාර සාගරෙ අපි ආයම හමුවෙමු නිම්න...ඉතින්....එතකන්.....මගෙ හීන වල අපි ආයම හම්බවෙමු....හම්බ වෙලා වැලදගමු...හිනා වෙමු.....හිනා වෙලා....එලි වෙන යාමෙ ආයම වෙන්වෙමු......උඹව ලැබීමත්...ලැබිලා නොලැබීමත්....කෙටි උනත් මේ ආදර කාර්තුවෙ ආදරේ නමින් හැම වේදනා කුසලනයක්ම රස බලපු මට.....දරාගත්තු මට.....මේ වේදනාවත්.....දරාගන්න බැරි කමක් නෑ....මගෙ නිම්න....ඉතින්....දවසක වෙන් වෙන බව දන්නවා.....දැනගන මන් ආදරෙන් වෙලුනා...අසීමාන්තිකව හත් පාටක අතරමන් උනා....!..ඉතින්....මේ මගෙ කුලුදුල් ආදරේ ශෝකාන්තයක් නොවන ශෝකාන්තයයි නිම්න.....!

ඉතින්...අවසානම පස් මිටට පස්සෙ....මන් ආයම අතීතෙට යනවා....ගිහින්.....ප්‍රධානම පරිච්චේදෙ මකලා....උඹගෙ අම්මට ආදරනීයම පිරිමි පරානයක් මුනගස්සලා.....ඒ අතීතෙන් සදහටම එලියට ඇවිදින්.....උඹ එනකන් මන් තනියම වයසට යනවා....!

මෙච්චර වෙලාම තට්ට තනියෙන් හිතාපු මන්

අවසානෙදි ඒ පෙට්ටියෙ කොන තවත් තදින් අල්ලගත්තා.....

පුදුමයි....පුදුමෙනුත් පුදුමයි...මගෙ ඇස් අද නිවාඩු අරන් තිබුනා...හෝ ගාලා අඩන්න ඕන තැන්වල මගෙ ඇස් අද කදුලු අහවර කරලා බලන් උන්නා...

මේ යන්නෙ සුසානෙට උනත්....එයත් මා එක්ක සමාන්තරව මගෙ දිහා බලාගන යනවා උනත්....මගෙ ඇස් වලින් එකම කදුලක් නොහෙලාම මගෙ ඇස් සදහටම නිවාඩු අරන් තිබුනා...

ඉතින්...මේ අහේතුක අසීමාන්තීක ප්‍රේමය.....නොහිතන පාරකදි හමුවෙලා...එක මංසලකදි එයත් මමත් වෙන් වෙන් පාරවල් වල ගමන් ගන්නකොට...සංසාරෙ කොතනකදි හරි හමුවෙන බලාපොරොත්තුවෙන් මතක එක්ක ජීවත් වෙන්න හිත හදාගන්න ගමන් මේ වේදනාත්මක පෙම්වතාගෙ චරිතෙන් නික්මිලා සැනසීමක් හොයා ගත්තා...සහ....සැනසීමක් හොයල දුන්නා.....!!!

*

*

*

සරස්...

සුභ ගමන් මගෙ දුරුතු හද....ඉතින්....ඊලග පාර මගෙ අහසින් කවදාවත් කඩා වැටෙන්න නොදී පරිස්සම් කරන ආදර ඍතුවෙදි හමුවෙනකන්.....උඹට සුභ ගමන් නිම්න!!

මල ඉර බැහැගන යන්න ගියා.....සුසානෙ වෙනකන් ආව එවුන් යන්න ගියා....පලවෙනි පස් මිටත්.....අවසානම පස් මිටත් අරන් මගෙ ආදරේ වහන් කරලා දාපු මන් ඉටිපන්දම් පෝලිමක් අවුලලා රතු රෝසමලක් කන්ද උඩින් තිබ්බා....

හීනියට එන හුලන් රැල්ල සර බර ගගා එහා මෙහා වැනෙනකොට කල්පනයත්.....රවිදුවත් බලාගත්තු අත බලන් උන්නා...මෙච්චර වෙලාම ගිලෙන්න බලන් උන්න ඉර බටහිර අහසින් මහ මුහුදට පැනලා ගිලිලා යනකොට මන් ඔරලෝසුව අතට අරන් සුචිත්‍රම්මගෙ කන්ද දිහා බැලුවා....

...ස්තූතියි මගෙ අම්මෙ...මාව මනුස්සයෙක් කෙරුවට.....මට වටින ආදරයක් දුන්නට.....ආයම ජීවිතේ හැරවුම් ලක්ශෙකට කැන්දන් ආවට....

ප්‍රාර්තනා කරන්නෙ මෙච්චරයි ....ආදරනීයම පිරිමියෙක් ලැබුන දාට....ආයමත් අක්කට වගේම.....මගෙ නිම්නටත්...ඔය කුසේ ඉඩක් දෙන්න....පුලුවන් නම්.....තව පාරකට එ විලිරුදාව විදල.....තවත් ජත් පාටකට ඉපදෙන්න ඉඩ දෙන්න.......මොකද.....මන් වගේම තවත් හිතක් වසත් සුවද එනකන් බලන් ඉන්නවා...!!!

ආයමත් දවසක හම්බවෙනකන්...සුභ ගමන් මගෙ අම්මෙ...ස්තූතියි !

මයුර හරිද.....

මන් හිනා උනා...මන් හරි සැනසීමෙන් හිනා උනා....එදා වගේම අදත් උදාරයා මගෙ උරහිසට අත තියනකොට මන් අවසානෙදි කැලැන්ඩරෙ පිටු අවුරුදු ගානකට පස්සට ඇදන්... ගියා....

1989!!.....

ඉතින්.....මං මේ අතීතෙ වෙනස් කරනවා.....ආදරනීයම පිරිමි පරානෙකට දාව මගෙ ආදරේ ජාතක කරපන් මගෙ අම්මෙ!!!.....

වසත් සුවද එක්ක එනකන්...සුභ ගමන්!!!

More Chapters