Ficool

Chapter 75 - 75

මයුර...කොල්ලා......කොල්ලා...නැගිටපන් උඹව පහට ඇහැරවන්න කිව්ව නේ ආ...

ම්ම්ම්හ්...

ආ...මේ කල්පනයා කෙල නාන් බුදි...ආ බොලව් දැන් තොපිව පහට ඇහැරවන්න කිව්වනෙ.....

මං මගෙ අත් දෙකෙම්ම ඔලුව වහගත්තා...ඒත් අප්පච්චි නෙවෙ නැවැත්තුවෙ...මගෙන් පටන්ගත්තු නම් පෝලිම අප්පච්චි ඉවර කෙරුවෙ රවිදුවගෙන් වෙනකොට මම තවත් ටිකක් කන් දෙක වහන් මගෙ මූන මේසෙට ඔබාගත්තා....

කල්පන...කල්පන....නැගිටපන් නැගිටපන්...පහට ඇහැරවන්න කිව්වෙ...බලපන් පහෙ කෑලිත් නෑ...උඹලට නමයට නේද විභහගෙ.....

..ඇ...හැරිලා ඉන්නෙ...ඇහරිලා...ඉන්නෙ...අප්පා.....

ඇහැරිලා වෙන්නෙ කොහෙද...බලපන් පොතෙන් එකයි කෙල....

යෝ....රොහාන්...පාඩම්...කරන ගමන් ඉන්නෙ.....රොහාන්....ගිරා...සංදේශෙඩ්ජි....ඌ මග යනකොට දැක්කෙ මොනාද...

මං දැක්ක ගිරවෙක් නෑ කල්පනයා...නැගිටපියව්...මයුර.....අනේ.අනේ...මුගෙ නමිනුත් සන්දේශයක් තියනවලු නේ...නැගිටපන් කොල්ලා...නැගිටපන්..හතටත් ලගයි...

ද්..දෙයියනේ.....

මගෙ කරමත කොහෙන් වාශ්ප උනාද හිතා ගන්න බැරි උනා...පහට ඇහැරවන්න කිව්ව්ට මොකද නින්දෙත් හොදම හරියෙ උන්න මට ඇහැරන්න හිතක් නොදෙනකොට මං අතේ තිබුන පෑනත් තවත් මිරිකන් ඇස් පියන් උන්නා වගේම අප්පච්චි හතට ලගයි කියනවා එක්කම මං ගිනි පෙරෙල්ලෙන් බැට කාපු එකා වගේ නැටලා වෙලාව බැලුවා

4.45...

තවම හතරයි හතලිස් පහයි.....

ඔව්..උඹලව පහට නැගිට්ටන්න නම් හතරෙ ඉදන් වත් සීනුව ගහන්ඩ ඕනා..කට හෝදන් ඕක බීපන්....

අදින් ඒලෙවල් පටන් ගන්නවා....සුදු ඇදුම් ඇදන් යන ලමයි මැද ඩෙනිමට සුදු ටීශර්ට් ඇදපු අපිත් ගිහින් විභාගෙ ලියනවා.....

උදාරයට නින්ද ගිහින්....රවිදුවටත් ඒ ටිකමයි....කල්පනයා නින්දෙන් නැගිටන් වැනි වැනි බාතෲම් එකට යනකොට මං මේසෙ උඩ තිබ්බ කිරි කෝපි හතර දිහා බලන් උන්නා...

මේ යන්නෙ ආයමත් අපේ ජීවිතවල හැරවුම් ලක්ශයක් ...පිලිගන්නවද....මට.දැන් 26යි කියලා...

හ්ම්....මගෙ නිම්න...මගෙ ජීවිතෙ මට ආය කෝටි ගානක් දීලා වත් ආපස්සට ගන්න බැරි කාලයක් අස්සෙ හැංගිලා ඉන්න අපිටම විතරක්....මේ මුලු ලෝකෙම්ම අපිටම විතරක් මතක මගෙ නිම්න.....

මගෙ පලවෙනි ආදරේ...

එයා නැතුව මං ජීවත් වෙන්න පටන් අරන් දැන් අවුරුද්දක්....මට දැන් විසි හයයි...තව අවුරුදු හතරෙන් මට තිහයි....

සුචිත්‍රම්මා කන් මිරික මිරික පාඩම්.ගත්තු සංදේශ කවි දැන් කන අල්ලන්නත් කලින් මතක තියෙනකොට සෙල්ලිපියකට හරවන්න පුලුවන් තරම් දිග රසාස්වාදයක් ඇනගන්නෙ නැතුව ලියාගන්න අපි හැමෝටම පුලුවන් උනා...

මෙච්චර කාලෙකට නිකම්මු වගේ උන්න අපේ ජීවිත එකම එක ඉර බැස්මකින් වෙනස් උනා....

කිව්වට විස්වාස කරනවද...එදා කැරකොප්පුවෙන් එලියට එනකොට එතන ආයම පුරුදු විදිහටම වෙනස් වෙලා තිබුනා...මිනියක් වැලලුවද කියලා හිතන්න බැරි තරමට වෙනස් වෙලා තිබුනා..... අර කොඩි වැල්...ගොක්කොල ආරුක්කු....මිනිකොල...මල්වඩම් ...මේ හැම දෙයක්ම හීනයක්...කවදාවත් කාටත් නොපෙනන හීනයක් හා සමානව නැති වෙලා තිබුනා ...

එයාගෙ බරත් උහුලන් ගෙයින් එලි බහිනකොට මුලු ගෙදරම වැහිලා තිබුනෙ මලගෙදරකට අරක් ගත්තු මලබතෙ සුවද.....මල්වඩම් වල සුවද .....මරනයේ සුවද ....මේ හැම දේම අතුරුදන් වෙලා අපි විතරක් විදවපු ඒ කටුක වේදනාව විතරක් හදවත් අස්සෙ ශේශ වෙලා තිබුනා....

පුතේ....

එක අතක් කම්මුලට තියන් නින්ද ගිහින් උන්න උදාරවත් පොතකින් මූන වහන් උන්න රවිදුවත් ඇහැරවපු මං මගෙ කිරි කෝපි එක අරන් හෙමින් හෙමින් කුසියට ගෑටුවා.... එ යනකොටත් මගෙ අම්මා වැඩ අල්ලලා තිබුනා...මගෙ අම්මගෙ ජීවිතෙන් දෙකෙන් පංගුවක්ම ගනු දෙනුව තිබුනෙ මේ ලිප් අස්සෙ වෙනකොට අප්පච්චි උදේට බදින බත් මුල්වලට දාන සම්බෝලෙට උම්මලකඩ කොටන ගමන් උන්නා.....

මං හිතන්නෙ...සුචිත්‍රම්මා මට ගහපු කනේ පාරවල් සාදාරනයි....මොන දේ කිව්වත් අර හැම වේදනාවක්ම හිනාවකින් වහන් කරන් මට උත්තර බදින අම්මා අප්පගෙ තිරෙන් එහා කතාව මේක වෙනකොට මතක එක්ක ජීවත් වෙන තනිකඩ පෙම්වන්තයා උන මමත් මගෙ හිතෙ දුක හංගන් හිනා උනා...

මොකද මගෙ අම්මා අප්පච්චි මේ ගෙනියන ජීවන අරගලෙ හැටියට මං විදින වේදනාවත් ඒ උඩට දැම්මොත් ඒ මිනිස්සුන්ගෙ තියන සැනසීමත් නැති වෙන හන්දා ... 

මගෙ හිතෙ දුක හැමදාමත් එහෙම්මයි ..කාලෙ වෙනස් උනා ඍතු වෙනස් උනා....මිනිස්සු වෙනස් උනා.....ජීවිතේට ආව ගිය උන් උන්නා... ඒත්.....හදිසියෙ ඇවිදින් ගියපු එයා දුන්න දුක තවමත් කට්ට අමු වෙනකොට මං එදා කැරකොප්පුවෙන් එලි බැස්ස දා ඉදන්...මේ මොහොත වෙනකම්ම කෙරුවෙ පොත් පත් එක්ක ජීවත් උන එක.....

ඉස්සර වැදල වැදලා...කට කැඩෙනකන් පාඩම් කරපන්කො කියලා හනස්සක් අතට ගත්තම පාඩම් කරන මම ජීවත් උනේම මේ පොත් අස්සෙ.....ඇද පැලදගන හන්දි හන්දි ගානෙ රස්තියාදුවෙ ගිහින් බඩගින්නට විතරක් ආව මම ගෙයින් එලි බැස්සෙ පන්තියකට යන්න විතරක්ම වෙනකොට මං මේලෝකෙන් හරි දුරස්තයි වගේ දැනුනා...

ඒ හැගීමම රවිදුත් වින්දා.... .අපි හතර දෙනාගෙන් වාසනාව තිබුනෙ කල්පනටත් උදාරටත් විතරක් වෙනකොට මොන හේතුවටද මන්දා උන් දෙන්නා අපි ඉස්සරහ හිතලමද කොහෙද පරිස්සම් උනා....සමහර මිනිස්සු අමු අමුවට දුක දෙනකොට සමහර මිනිස්සු අපේ හැගීම් රිදෙයි කියල හුස්ම පවා ගන්නෙ නැතුව හිටිය හැටි මමත් රවිදුවත් දැක්කා.....

මොනාද මේ ....

කිරිබත්.....

කිරි කෝපි එකෙන් උගුරක් බීපු මං පොඩි ලිපක තිබුන හට්ටියෙ පියන උස්සලා බැලුවා....බුබුලු දාන බතක්...

නිකන් එකක් නෙවෙලු කිරිබත් ....ඇත්තටම කිරිබත් කඩේට දාන්නෙ නැතිම තරම්..මොකද ඇගිල්ලක් රෝල්ස් එකක් 180ට ගියත්.....උන් රෝල්ස් එකක් ගන්නවා මිසක්කා අර කිරිබත් කැටයක් නොගන්න තරම්....

මට හුස්මක් පිට උනා....ඇයි කියන්න මගෙ හිත දැනටමත් දන්නවා.....මගෙ අම්මා අප්පච්චි පව්.....වේදනාවයි කියලා බිබි අඩ අඩ මම තවත් කාලකන්නි වෙන එක නෙවෙ හරිම දේ ඒකෙන් වෙන්නෙ ඒ අම්මා ගොඩ දාපු ජීවිතෙත් අපරාදෙ වෙන එක....

අඩලා වැලපුනා කියලා මට ආයම ඒ අතීතෙට යන්න කොහොමත්ම බෑ...මං මගෙ හීන අස්සෙදි මොන තරම් නිම්න එක්ක සතුටින් උන්නත්...මගෙ හීන අහවර වෙන තැන ඇස් පිහාටු තෙත් ගතියක් තිබුනා....

මං මගෙ මනෝ ලෝකෙන් කොහොම එයා ගාවට පියෑඹුවත් යතාර්තෙදි මමත් එයත් අතර තියන දුර සැතපුම් වලින් මනින්න බැරි උනා...

මොන දේ උනත්...වේදනා උනත්....මට ආයම ඒ අතීතෙට ජීවිතේ කවදාවත් යන්න බැරි උනත්....මං දන්නවා.....මං ඒ අතීතෙට...ඒ නොස්ටැල්ජියාවට පුදුමාකාර විදිහට ආදරෙයි....හැබැයි...එහෙමයි කියලා...

මේ මයුරගෙ ආපිට කඩා වැටීමක් නෑ...මොකද හදක් ආපිට නගින්න තියෙන්න ඕන හයිය අහසක්...නැත්තන් මට වෙන්නෙ මගෙ හද මගෙ වරදින් වට්ට ගන්න....

මුල්ම කාලෙදි මට හිතුනා මගෙ දෛවය මා එක්ක ඇරියස් වත්ද කියලා...ඒත් කාලෙ ගෙවෙන්න ගෙවෙන්න මං තේරුම් ගත්තා...වේදනාවක් විදිහට උනත්...මට ලැබුනෙත් ආපිට පුනරුප්පත්තියක් .....ඉතින් අවසානෙදි මං මගෙ අහේතුක උනත් අසීමාන්තික ප්‍රේමයෙන් සැනසීමක් හොයා ගත්තා හා සමානවම....වැරදියට තේරුම් ගත්තු දෛවයෙන් පවා සැනසීමක් හොයා ගත්තා...

උඹට අද මොනවද කොල්ලා...

සිංහල....

හ්ම්...

කිරි කෝපි එකෙ අවසානම උගුරත් බීපු මං කෝප්පෙ එවෙලෙම හෝදල පිහලා රාක්කෙන් දැම්මා...අවුරුද්දක්....මගෙ ඇද යට හිස්.....අල්මාරියෙ ගුලි උන ඇදුම් තවත් නෑ...දොර රෙද්දෙන් අත පිහිලි...අම්මා ලවා බත් බෙදා ගැනිලි මේ මොකුත් නෑ....

අප්පච්චි ...දෙයක් අහන්න ඕන....

මොනවද අහපන්....උඹ ඉතින් අහන දේකට මං උත්තර නොදි ඉදලා නෑනෙ....

සුදු පුතා කොහෙද ඔය පොල්කට්ට අරන් රිංගන්නෙ..දුවපන් දුවපන් එලියට ...මදැයි දැන් අම්මා එක්ක ඉව්වා...හිහින් දොයියපන් අප්පච්චි ඉන්නවනෙ...මෙහෙට දීපිය කට්ට....ඉස්සරහා දත් ඔක්කොම කඩාගන පොල් කටු හපලම...තියනවනෙ මෙහෙ සල්ලි පනු ගාය ගැහුවම අරන් යන්ඩ...දුවපිය ඕක දාලා...

මට විනාඩි ගානකට නවතින්න උනා...මොකද....පැටියා කාලෙ ඉදම්ම අම්මගෙ පස්ස පාරෙ දුවන...අම්මා නිදියන වෙලාවට නිදියන...අම්මා ඇහැරෙන වෙලාවට ඇහැරිලා කුසියෙ ඉද තනි රකින අම්මගෙ සුදු පුතා ගාපු පොල්කට්ටක් උස්සන් පෝරනේට රිංගනවා එක්කම අම්මා ඒකව එලියට දැම්මා....

ගිහින් බුදියපන් කිව්වා...ඇත්ත...තවම එලිය වැටෙන්න හිතල වත් නෑ...ඌ ඉන්න ඕන පුටුවෙ...ගුලි වෙලා කටත් ඇරන් නිදියගන...ඒත් වදාපු අම්මට වඩා හදාපු අම්මලාට පන අරින මේ අපූරු තෙත හොම්බො කියන්නෙ එහෙම ලේසියකට තමන් ආදරේ කරන මිනිස්සු තනි නොකරන ජාතියක් වෙද්දි මං අම්මගෙයි පුතාගෙ කතාද දිහා බලාගන උන්නා...මොකද අම්මා බනින වාරයක් ගානෙම ඌත් මොන මොනවදෝ කියෙව්වා ...

ඇත්තටම අම්මගෙ සුදු පුතා උගෙ බාසාවෙන් මොනවදො හව් හව් ගගා කියවලා අවසානෙදි අම්බේ.....හ්හ් ගාලා ඈනුමක් ඇරල එලියට දිව්වා....

හ්ම්....ඌට අම්මා එක්ක කතා කරලා පුරුද්දටමද කොහෙද ඌ කතා කරන වචන වලින් පැහැදිලිම වචනෙ අම්මා කියන කියන එක වෙද්දි පොල් කට්ටට බැන්නා උනත් මොකද පුතන්ඩියව එලියට දානකොට මං බලාගන ඒකගෙ බලු කටට අම්මා විස්කෝතුවක් දුන්නා.....

මොනවද උඹට අහන්න තියනවා කිව්වෙ...

අප්පච්චි ...අප්පච්චි ආස මං මොනවා කරනවටද.....

මොනවා කරනවටද අහන්නෙ.....

මං ආහන්නෙ...අම්මා අප්පච්චිගෙ ආසාවක් තියනවද මං මේ රස්සාව කරනවා නම් හොදයි කියලා...

ඇයි දැන් අපි එහෙම කිව්වම උඹ ඒකම කරනවද මයුර.....?

ඔව්...මට දැන් ඕනෙ අප්පච්චි අම්මා සතුටින් සැනසීමෙන් ඉන්නවා දකින්න....

එතකොට....ඒක හරිද.....මායි උඹගෙ අම්මයි සතුටින් සැනසීමෙන් උන්නම හරිද නිම්...මයුර.....

අප්පච්චි .....

ඔව් මට පැටලුනා....උඹට වගේම ඒ වේදනාව උඹගෙ අම්මටත් මටත් පොදුයි මයුර....උඹ ඔය හංග හංග හූල්ල හූල්ල අපෙන් වහන් කරන වේදනාව අපිටත් දැනෙනව මයුර.....උඹ කොහොමද පුතෙ අපෙන් වහන් කරන්නෙ...උඹට අමතක උනාද....උඹව හැදුවෙ මම.....උඹ හැදුනෙ මගෙන් ...ඇගෙ දුවන්නෙ මගෙ ලේ ...එතකොට බඩ පිරෙව්වෙ අම්මගෙ ලේ...උඹ කියන්නෙ...අම්මගෙත් අප්පච්චි ගෙත් ඇගේම කොටස් වෙනකොට ....උඹ කොහොමද තනියෙන් විදව විදව අපේ සැනසීම හොයන්නෙ....

මං තත්පර ගානක් දෙන්න උත්තරයක් නැතුව ගොලු උනා...මං බලාපොරොත්තු උනේ අප්පච්චිගෙන් සාම්ප්‍රදායික උත්තරයක් ....මං බලාපොරොත්තු උනේ වෙන අප්පච්චි ලා අම්මලා වගේ...පුතෙ උඹ අරහෙම වෙයන් මෙහම වෙයන් කියන එයාලගෙ ආසාව උනත්...මට ලැබුනෙ ඊට හාත් පසින් වෙන උත්තරයක් වෙනකොට මගෙ අප්පච්චි මගෙ ලගට ඇවිදින් මගෙ උරහිසට අත තියලා උරහිස මිරිකගත්තා ....

උඹ මොකක් හිතුවෙ....

අප්පච්චි .....මං ඇත්තටම බලාපොරොත්තු උනේ.....

මොනවද .....මොනවද උඹ බලාපොරොත්තු උනේ...

අප්පච්චි ඇත්තටම මං අප්පච්චිගෙන් බලාපොරොත්තු උනෙ සාම්ප්‍රාදායික උත්තරයක් ...මං හිතුවෙ අප්පච්චි මට උඹ මෙහෙම කෙනෙක් වෙයන් කියයි කියලා ...ටයි එකක් බැදන් හොද ශීට් එකක ඉදන් ආඩම්බරේට ඉදගන කරන රස්සාවක් ....

නෑ...මමවත් අම්මවත් එහෙම උඹගෙන් මොනවත් බලාපොරොත්තු වෙන්නෙ නෑ මයුර....උඹගෙ අම්මා අප්පච්චි කියන්නෙ සම්ප්‍රදාය මරපු උන් ...ඉතින් කොහොමද උඹට සම්ප්‍රධායික උත්තර ලැබෙන්නෙ.....උඹගෙ සතුට සැනසීම මොකක්ද කියන එක විතරක් අපිට දකින්න දියන් ඒ ඇති....ම්ම්ම්.....යමන් ගිහින් පාඩම් කරපන්.....

මගෙ ඇස්වලට දැන් ඉස්සර වගෙ හිතු පමාවට කදුලු උනන්නෙත් නෑ...ඒත් මගෙ ඇස් අප්පච්චි ගෙ උත්තර වලට කෙවෙන්න ගත්තා....මගෙ සතුට සැනසීම විතරක් පෙන්නපන් කියපු අප්පච්චි මාව ආපිට සාලෙට තල්ලු කරනකොට මං අප්පච්චිගෙ අත අල්ලගත්තා ...

එහෙනම් දෙයක් ඉල්ලන්න දෙනවද අප්පච්චි .....?

උඹ ඉල්ලන දෙයක් මං කවදාවත් නොදී ඉදලා නෑ...

අප්පච්චි ....අප්පච්චිට බැරිද මට අප්පච්චිගෙ කඩේ දෙන්න...

මයුර..

නෑ...නෑ...දෙයියො බුදුන් පල්ලයි මං කවදාවත් කාබාසිනියා කරන්නෙ නෑ.....මට කල් දෙන්න....මං ...මං...අනිවාර්යයෙන්ම ඒක ..අප්පච්චි මන්දා මං අප්පච්චිට

ඔච්චර ගොත ගහන්න ඕන නෑ....අරූ ගිහින් තියෙන්නෙ මගෙ කොල්ලව ගොතකරලා...ආවදෙන්කො චූචි බුංජියනෙ රොහාන් ගාන්...මං ඕකට ගහන එක ගහනවා...උඹට ඕනෙ ඒක නම් ගනින්....නම තියෙන්නෙ උඹගෙ....උඹට මගෙ අත්දෙක ගැන දුක හිතුනද.....

ස්තූතියි ...අප්පච්චි ...ස්තූතියි ගොඩක් .....!

*

*

*

මගෙ පුතාට තුරුනුවන්ගෙ සරනයි...උඹට උතුරන්න හරියන්න ඕන මයුර....උඹට විතරක් නෙවෙ.....අමාරු හැම තැනකම උඹ එක්ක උන්ටත් කවදාවත් වරදින්න එපා උන්ටත් මගෙ පුතාට වගේම හරියන්ඩ ඕනෙ.... ..

අම්මා අතින් හදපු කිරිබතෙන් අප්පච්චි අතින් කටක් කාපු මං මගෙ අත්වලින්ම බුදු පහන තිබ්බා.....මේ විභහගෙ අවසානෙ කියන්නෙ මං මගෙ අප්පච්චිගෙ අත්වලට වගේම අම්මට සදහටම නිවාඩු දෙන එක විතරක්ම වෙනකොට එලි බහින්න කලින් ඒ කකුල් ගාව වැදපු මම ආයම නැවතුනා...

ඇයි.....

නිම්නට කියලා එන්නම්....

මං ආපහු මගෙ කාමරේට දිව්වා ...මෙච්චරයි....මට ඒ මූන මතක හිටින්න ඉතුරු දාස් ගානක් වියදම් කරලා එයාගෙ හැඩ රුව කියලා අන්දවගත්තු සායම් කවාපු පින්තූරයක් වෙනකොට මල් මාලයක් දාන් උන්න ඒ හිනාව දිහා මං බලාගන උන්නා...

.සායම් කවාපු චිත්‍රයක් උනත් ඒ හිනාව ඒ විදිහමයි.....ඒ ඇස් වල අහිංසක කම එහෙම්මයි...

මගෙ දුරුතු හඳ...උඹ මේ වෙනකොටත් මේ ලෝකෙ කොහෙදි හරි ජීවත් වෙනවා ඇති....උඹට අලුත් අප්පච්චි කෙනෙක් ඇති.....මොන දේ උනත් ඒ අප්පච්චි උඹට ආදරේ දෙන අප්පච්චි කෙනෙක් නම් මට සැනසීමයි මගෙ නිම්න.....

තත්පර ගානක් එයා දිහා බලන් උන්න මං අවුරුද්දක් විතර තිබුන මල්මාලෙ අයින් කෙරුවා ...මොකද මගෙ හිත එයා මේලෝකෙ කොහෙ හරි මොන රූපෙන් හරි ජීවත් වෙනවා කියලා පිලිගත්තු නිසා....අවසානෙදි එයා එක්ක හිනහ උන මං....මගෙ අම්මා අප්පච්චි ට වැන්දා වගෙ මටත් වඩා වැඩිමල් මගෙ ආදරේට දනගහලා වැන්දා...

ස්තූතියි මට හැදෙන්න අවස්තාවක් දුන්නට උඹගෙ සුදු මල්ලි විභහගෙ ලියන්න යනවා නිම්න.....

....මයුරයා.....අවසානම එකට උඹ මොකක්ද ලිව්වෙ.....මං කල්පනා කරන්නෙ....ඇයි බන් අපි මේ ඉන්දියාවෙ උන්න එවුන් උන්ගෙ රජකාලෙ කරාපුවා ගැන වැල්වටාරම් ලියන්නෙ කියලා ...සමහර විට පහු කාලෙක ඕන වෙයි....මේ මොන වේස කමක්ද.....කැරට් ගනන් යෑම අතරෙයි....අසෝක රජ්ජුරුවො අතරයි මොකක් හරි සම්බන්දයක් තියනවා කියලා හිතෙන් නැද්ද උඹට...

කල්පන....ඔය මොකද ...

ඇත්තනෙ සෙනෙ.....මං අහන්නෙ....

ඇති ඔය....

ඔයාට ඇති උනාට කල්පියට මදිනෙ සෙනෙ...මෙතන ඉන්නෙ.....නෑ මෙතන මොකෙක් වත් නෑ වරෙන් රවිදුවා ගෙදර යන්න...සෙනෙ....ලෙට්ස් බ්‍රේකප්....

එලම!පරිස්සමින් ගෙදර යමන් එහෙනම් ...

තව එකයි.....එතනින් පස්සෙ මේකත් ඉවරයි....ගිය අවුරුද්දෙ එක යුද්ධයක් තිබුනා...මේ අවුරුද්දෙත් යුද්ධයක් කෙරුවා ....මෙතනින් පස්සෙ ඒ දේවලුත් අහවරයි.....උඹ මොනවද කරන්න ඉන්නෙ මයුර...

මමයි උදාරයයි උන්නෙ අපෙ ඉස්කෝලේ ගේට්ටුව ඉස්සරහා....කල්පනයා මේ අවුරුද්දට කීවෙනි වතාවට මේ සම්බන්දෙ නැවැත්තුවද කියන්න දන්නෙ ඌම විතරක් වෙනකොට ඌටයි රවිදුවටයි යන්න ඇරලා අපි පස්ස ගැහුවා...

ළමයි රොත්තයි.....අපිට වඩා බාල පොඩි එවුන් පැය ගානක් ලියලා ආපිට යන්නෙත් ඇවිදින් තිබ්බ ප්‍රශ්න ගැන සාකච්චා කර කර වෙනකොට මමයි උදාරයයි ඒ යන ලමයිට යන්න ඉඩ දීලා ගහක් ගාව නැවතුනා.....

කොල්ලො තව උන්ගෙ උරහිස් වලට අත දාන් උන්ගෙ ප්‍රශ්න ගැනයි කොපියක් වත් ගහගන්න බැරිව ගිය එක ගැනයි උන්ව බලන්ඩ දාලා උන්න මිස්ල ගැනයි කිය කිය යනකොට මං උදාරගෙ ප්‍රශ්නෙට උත්තර දෙන්න මේ කාලගෝට්ටිය නතරවෙනකන් උන්නා....

"....කව්ද රසින්තයා අපිට වැටිලා උන්න මැඩම්.....එහෙටත් යනවා මෙහෙටත් යනවා...තනිකරම උකුසු ඇස් දෙකක් තියෙන්නෙ...."

"කව්ද....උඹ කියන්නෙ අර ලා රෝස ඔසරිය ඇදන් උන්න මැඩම්ද??"

"ඔව්.....කව්ද ඒ??

"පූජනී මැඩම්...කලින් ආනන්දෙ ඉදලා තියෙන්නෙ.....හිට්ලර් වගෙලු..

අපෙ අයියා කිව්වෙ...එයා වැටෙනවා කියන්නෙ ඇප නෑ කියලා මට නම් කියලමයි අපෙ එකා එව්වෙ....."

පූජනී.....කව්ද බන් ඒ....අපේ එකේ උන්න මැඩම් නෙවෙනෙ....

අනෙ මන්දා ...අපෙ එකෙ උන්නෙ සාරියක් ඇදපු වයසක මැඩම් කෙනෙක්නෙ....පූජනී කියන්නෙ කෙල්ලෙක් වෙන්න ඇති.....

ම්න්....

උඹ මොකද කරන්න ඉන්නෙ කියපන්...මන්දා අප්පච්චි දැන් එහෙන් බර බරේ දානවා මට එන්න කියලා ....ඕක අහපු වෙලෙ ඉදලා කල්පන මා එක්ක ඇරගන්නවා .....

ඇයි උඹ වෙනස් වෙයි කියලා බයලුද...

අනෙ නෑ ඕකට මගෙ ඇගේ එල්ලෙන්න බැරි කමට..අවදානෙ.....මං දැන් කිව්වා ...එහෙනම් අපි දෙන්නම එකට කෝස් එක කරමු...මං අප්පච්චිට කියන්නම් දෙන්නටම එක තැනක් බලන්න කියලා ....මෑන් ඒකටත් චර චුරු ගානවා.....වෙලාවකට හා කියනවා....ඉස්සර වගෙ නෙවෙ මයුර අම්මට නංගිට මට තුන්දෙනෙක්ට වියදම් හොයන්න තනි මනුස්සයෙක්ට බෑ....අප්පච්චි පව්.....දන්න දා ඉදන් රටවල ...

රටටම නාකි වෙලා...අවුරුදු බරගානක් දෝහා දැන් ආය එමිරේට්ස් .....එන්න කිව්වට එන්නෙත් නෑ....ඒත් අම්මට උනත් දැන් වියදම් හැටියට අප්පච්චිට එන්න කියලා කියන්නත් බෑ...දැන් ඉතින් අප්පච්චිට නිවාඩු දෙන්න කාලෙ හරි මයුර.....

ම්න්....එතකොට රවිදුවා ...

උන්ගෙ අප්පච්චිගෙ පෝස්ට් එකෙ හැටියට දුම්රිය දෙපාර්තමේන්තුවේ ජොබක් සෙට් කරයි....අනික දැන් කොහෙද මයුර ඉගන ගන්න දේටම අදාල ජොබ් තියෙන්නෙ...මිනිස්සුන්ට ඕන රස්සා ....මොකද මිනිස්සුන්ට ඕනෙ බන් දැන් වේලක් හරි කාලා හුස්ම ගන්න...දවසින් දවස හැමදේම ගනන් යනවා .....ඌත් උන්ගෙ අප්පච්චි කියන දේ කරාවි....අපිට තවත් නිකම්මු වෙන්න බෑ මයුරයා ...එහෙම උනොත්....අවංකවම අපි සුචිත්‍රම්මට පවා කරන්නෙ අගෞරවයක් ....

අපෙ කොටා එක්කො උන්ගෙ අප්පච්චි වගෙ කෝච්චි ඩ්‍රයිවර් කෙනෙක් වත් වෙයි...මොන දේ උනත්....උගෙත් හිත සුව වෙන්න ඕන මයුරයා ....ඌ හරි මෙලෙක් මනුස්සයෙක් .....උඹට තරම් වත් දරා ගන්න බෑ...දැන් උඹ මොකක්ද කරන්න ඉන්නෙ කියපන්...?මං කනට දෙකක් ගහලා හරි අරූව අරන් යනවා

සාක්කුවට අත් දෙක දාගන උන්න මං උදාර කියන කතාව මීක් නැතුව අහන් උන්නා....මන් හිතන්නෙ.....අපෙ තවත් එක සමුගැන්මක් ලගයි.....

අවුරුදු ගානක් පරන යාලු කම....අවුරුදු ගානක් එකට අත් අල්ලන් ආව මේ තනි කෙලින් පාර ඇවිදින් නතර වෙලා තියෙන්නෙ හතරමං හන්දියක් ගාව...

ඉතින්...මිනිස්සු හැමෝටම තම තම් අයිති තැන්...තමන් අයිති ලෝක තියනව...

තව ටික දවසකින් අපි හැමෝම හතර අහකට බෙදේවි....ඉස්සර වගෙ හම්බෙන්න කතා කරන්න බැරි වේවි...

තවත් චුට්ට කාලයක් ගියහම මැසේජ් වලට රිප්ලයි එන්න පරක්කු වේවි.....

සමහර දාට ඒත් නැති වේවි....

සමහර දාට කෝල් එකක් ගන්න බැරි වේවි....

ඒත්.....අපෙ හිත් අස්සෙ...අපි හැමදාමත් හරි ආදරෙන් ජීවත් වේවි.....

අවසානෙදි මුලු ඉස්කෝල වත්තම හිස් වෙලා ගියා....මෙච්චර වෙලාම ඇහුන කච බච නැවතිලා ගියා...හැමෝගෙම හැරවුම් පාරවල් ගැන කියපු උදාර මගෙ දිහා බලන් ඉන්නවා....

ඒ කියන්නෙ උඹලා දෙන්නා යනවා....ඒක හොදයි...අරූව අරන් යමන්....මට කොහොමත් ඌව පරිස්සම් කරන්න අමාරුයි...

උදාර හිනා උනා....කල්පනයව මට පරිස්සම් කරන්න බෑ කියනකොට ඌ ලාවට හිනා උනා...

මයුර....කල්පනට තියෙන්නෙ මා එක්ක එන්න බැරි කමක් නෙවෙ .....ඌට තියෙන්නෙ උඹව තනිකරන්න බැරි කමක්....ඌ මටත් වඩා වදවෙන්නෙ උඹ ගැන...රවිදුවා ගැන..

පිස්සුද ....මං ඌට කතා කරන්නම්...උදාර....දවසක අපිට හැරෙන්න පාරක් කොතනකම හරි එනවා...යාලුකම කියලා ඌ මගෙ හිත බිදෙයි කියලා බයෙ මගෙ මත්තෙ නැහිලා ඌට උගෙ ජීවිතෙ හිස් තැන් වලින් පිරුන නිකම්ම නිකන් නීරස හෙටක් ඉතුරු වෙනවා නම්.....මගෙ යාලු කමෙන් වැඩක් නෑ....

මචන් ....අපි හතර දෙනා හතර අහකට බෙදුනත්...වෙනදා තරම් කතා බතා බැරි උනත්.....උඹලගෙ හිත් වල මං ඉන්න තාක්....මගෙ හිතෙ උඹලා ඉන්න තාක්....මේ යාලු කම හැමදාම එහෙම්ම තියේවි උදාර.....

උඹ උඹගෙ නංගි ඉන්නවා ....ම්ම්ම්...පොඩි එකි තව ලොකු වෙනවා ....අයියෙක් කියන්නෙත් අප්පච්චි කෙනෙක්.....අනික .....උඹට කල්පනට කියලා ජීවිතයක් ඕනා...උඹලා කවදා හරි පිලිවලක් වෙන්න ඕනා...මං කියන්නෙ මේ ලන්කාව ඇතුලෙ නම්...ජීවිතේට ජීවිතෙ විදින්න වෙන්නෙ නෑ...දවසක....උඹලා අපිව මැජික් එකක් නොවෙන මිනිස්සු ජීවත් වෙන රටකට යන්න ට්‍රයි එකක් දීපන්....

රවිදුවත් අනිවාර්යයෙන්ම ගේම ගහයි.....මං දන්නවා...

එතකොට උඹ?? උඹට මොකද වෙන්නෙ මයුර.....යනවා කියලා අපි කාටත් එක පාර යන්න බෑ මයුර....ගොඩ යනවා නම් හතරම එකට.....මචන් වාහනයක් උනත් බැලන්ස් වෙන්න රෝද හතරක් ඕන....උඹ නැතුව අපිට බැලන්ස් එකක් නෑ..

මං අප්පච්චිගෙ කඩෙ ගන්නවා...

අප්පච්චි ගෙ??

ම්න්.....මට ටිකක් කල් දියන් ....මට ඔය බත් කඩෙ වාහනයක් මස් කරනවා වගෙ මස් කරලා කනපිට ගහලා ආයම හදන්න ඕන....මුල් කාලෙ මං ෆේල් වෙයි...ඒක මං දන්නවා මොකද මට එක පාර ප්‍රාතිහාර්‍ය කරන්ඩ බෑනෙ....මිනිස්සුන්ට කල් දෙන්න ඕන...හැමදාම ඇස්වලට දැකපු බත්කඩේ වෙනසට හුරුවෙන්න.....

උඹට බැරි කමක් නෑ...මෙච්චර දේවල් ඉවසපු උඹට බැරි දෙයක් නෑ මයුර.....අපි දුරස් වේවි...උඹ එන්න කිව්ව ගමන් එන්න බැරි වේවි.....ඒත් මචන් ...ඕන දෙයක් ...පන ඇරෙන්න ඕන දෙයක් ඉල්ලපන් නොදී ඉන්නෙ නෑ...මට පන දෙනවා කියන්ඩ නම් බෑ මයුරයා අරූට ඇහුනොත් මට උඹව පාවා දෙයි.....මොන දේ උනත්...උඹලට නම් උතුරන්න හරියන්න ඕනා බන්.....

 **************************

පරිස්සමින් ගිහින් වරෙල්ලා.....

පරිස්සමින් ඉදපන් .....කවදාවත් අමතක වෙන්නෙ නෑ....කවදාවත් අමතක කරන්නෙත් නෑ මයුර...මං උඹට ආදරෙයි .....මගෙ බුංජියව හම්බ උනොත් එයාට කියපන් මේ කල්පියා බලන් ඉන්නවා කියලා ...රවිදුවා එක්ක පරිස්සමින් ඉදපන්...උඹට හිත අවුල් කොයි රෑක උනත් මට ගනින් මයුර...

තට්ට තනියෙන් බීලා වේසකම් කරන්ඩ නම්.....යාහ්....මට ඇඩෙන්න එන්නෙ....මේ මොන....අනෙ බන්...පරිස්සමින් ඉදපල්ලා...ආදරෙයි යකො.....ආදරෙයි පැලෙන්ඩ....මේ හිතෙ හැමදාම මයින්ද මාත්තියා එක...සෙනෙ දෙක....උඹලා තුන...

රවිදුවා.....කොට මගුල....පරිස්සමින් .....අපරාදෙ එක්කො අපි උඹලා එක්ක ආවෙ....ඇයි බන් ....මට මේ මෙච්චර රිදෙන්නෙ....මොන මගුල උනත්...පරිස්සමින් ඉදපල්ලා ....ආදරෙයි එච්චරයි කියන්න තියෙන්නෙ.....!

පරිස්සමින් .....

සුභ ගමන්!

ආදරෙයි ...උඹලා දෙන්නටම ....

....මේ යන්නෙ විසි හත් වෙනි අවුරුද්දෙ අවසානම කාර්තුව....

එයා නැතුව ජීවත් වෙන දෙවනි අවුරුද්ද.....

මගෙ ජීවිතේ ...පලවෙනිම ටර්නින් පොයින්ට් එකෙන් ඉහ උඩින්ම මං පාස් උනා.....

නෑ....ඒක මගෙ විතරක් නෙවෙ ...අපි හතර දෙනාගෙම ...ඔව්...අපි හතර දෙනාම කාලෙකට කලින් පෝලිමට ලයිට් කනු දාපු රිසාල්ට් ශීට් එක අවසානෙදි ඉංග්‍රිසි හෝඩියෙ පලවෙනි අකුරෙන් වැහිලා ගියදා මගෙ අහිංසක අම්මා අප්පච්චි මාව වඩා නොගත්ත ටික විතරක් උනා.....

නිකම්මු විදිහට ආතක් පාතක් නැතුව ගෙවල් වලට හිසරද උන අපෙ ජීවිත කාර්තු අටක් අස්සෙ බලාගන ඉන්නකොට වෙනස් වෙලා ගියා වගේම රවිදුවට පිට පිට විභහගවලට ලියන්න සිද්ද උනා.....

ඒක උගෙ තේරිම.....අවසානෙදි ඌට උගෙ අම්මා අප්පච්චි ගෙ හිතට සහනයක් දෙන්න පුලුවන් තැනට ඌ ඌවම ගොඩ නගා ගන්නකොට මගෙ දකුනු අතවගෙ උන්න උන් දෙන්නටත් උන්ගෙ ඉරනම වාසනාව ගෙනල්ලා තිබුනා....

ඉතින් මගෙ වස්තුව නැතුව මං ජීවත් වෙන දෙවනි අවුරුද්ද...එයා නැතුව එයා එක්ක මං හුස්ම ගන්න දෙවනි අවුරුද්ද....අදටත් මං එයා ඉදගත්තු ඒ පුටුව දිහා බලන් ඉන්නවා.....අදටත් මං කවුරුම හරි කෙනෙක් ඇවිත් සීනි නැති කෝපි එකක් ඉල්ලන් ඒවි කියලා බලන් ඉන්නවා ...

නෑ...මම හිතන්නෙ.....මගෙ වාසනාව තව මගෙන් දුරයි...

ඉතින්....අවසානෙදි තවත් සමු ගැම්මක..

සමු දිමක දවස උදා උනා....නිල වශයෙන් අපි හැමෝගෙම වෙන් වීම් සටහන් වෙන දවස උදා උනා.....ඉතින්....මේ හතරමන් හන්දියෙන් ...අපි හතරට බෙදෙනවා....!

මමත් රවිදුත්..අපි අතර උන්න වාසනාවන්තම කුරුලු ජෝඩුවත් උන්නෙ කටුනායක ...

සීතල දෙසැම්බරේ ..සීතල මැද උනුසුම්ම වැලදගැනීමක් දුන්න උන් දෙන්නා අර වීදුරු දොරෙන් ඇතුල් වෙලා අත වනලා පේන්නෙ නැතිවෙලා යනකම්ම බලන් උන්න රවිදුවත් මමත් පැය ගානකට පස්සෙ කටුනායකින් එලි බහිනකොට ඉහට උඩින් එමිරේට්ස් එකක් කෑ ගහගන අහස් ආගාධෙට පියෑඹුවා ...

සුභ ගමන්....!!

රවිදු.....උඹව ගිහින් දාන්නද නැත්තන් අද ඉදලා හෙට යනවද ?

මාව ගිහින් දාපන් මයුරයා...මං හෙට අප්පච්චි එක්ක බදුලු යනවා අප්පච්චි බදුල්ලට ට්‍රාන්සර් වෙනවා ....එක්සෑම් වගයක් තියනවා ඒවට ලෑස්ති වෙන්න ඕන...

ම්න්...වරෙන් ...උඹ බඩ පිරෙන්න කෑවනෙ....

ඔව් මේ කමනි තව ඔතලත් දුන්නා ....

*

*

*

ම්න්...උඹත් හෙට යනවනෙ....පරිස්සමින් ගිහින් වැඩටික කර ගනින්....මට ගියහම කෝල් එකක් ගනින්....ඒ බැරිනම් මැසේජ් එකක් වත් දාපන්...

ප්‍රවේසමෙන් ....මට උඹට කියන්න තියෙන්නෙත් එච්චරයි ...මයුර.....උඹට මතකද...උඹ මට කිව්වා මගෙ....

මුම්මාරිය පින්මාරිය උතුරන්න සරු වෙන්න ඕනෙ කියලා ...

ම්න්...

මම උඹටත් ඒ විදිහටම ප්‍රාර්තනා කරනවා....තවමත් පැහැවන තුවාල උඹගෙත් මගෙත් ඉක්මනට සනීප වෙන්න කියලා ....ප්‍රවේසමෙන් ඉදින් මයුර...මොන දේ උනත් ....හිතේ හංගන් ඉන්න එපා.....මට කියපන්...

ම්න්....පරිස්සමින් ගිහින් වරෙන් ..

ආදරෙයි ...

ම්න්...ආදරෙයි ...!

එක දවසෙ සමුදීම් තුනයි....ඌත් යන්න ගියා....හැබැයි මම හැමෝටම මම දුන්න පොරොන්දු ඉශ්ට කෙරුවා ...ඌ මගෙන් මීට අවුරුදු දෙකකට උඩ දි ඉල්ලීමක් කෙරුවා .....උගෙ ආදරේ නැති උනත්.....රොබොරෝසියා පිපෙන නුවරට එක්ක යමන් කිව්වා.... අවසානෙදි මං උගෙ පොරොන්දුත් රැක්කා....

සමුදෙන්න ඕන හැමෝටම සමුදුන්න මං ගේට්ටුවෙන් එලියෙ ඉදන් සිගරට් එකේ අවසානම උගුරත් ඉහලට ඇදලා ගෙට ගොඩ උනා....අම්මා අප්පච්චි නිදි.....අම්මගෙ පොඩි පුතයි උගෙත් අසම්මත ආදරේ උන සුරංගයයිත් බුදි.....ඒත් මමයි මගෙ සිතුවිලියි විතරක් අවදි වෙලා ඉන්නකොට කාමරේට ආව මං වෙනදා වගේම මුලු දවසෙම උන දේවල් මගෙ බෙඩ්සයිඩ් කබඩ් එක උඩ උන්න සායම් වලින් පන ගත්තු මගෙ වස්තුවට කිව්වා ...

අවුරුදු දෙකක්.....මගෙ මතක එක්ක ජීවත් වෙන මම මගෙ හැමදේම ...දවස ඇතුලත උන හැම දේම එයාට කියලා හාදුවක් තිබ්බා.....කරන්න තියෙන්නෙ මොනවද ....මට කරන්න හිතෙන්නෙ මොනවද මම ඒ හැම දේම එයා එක්ක කතා කෙරුවා ...මේ අවුරුදු දෙක ඇතුලත මං අප්පච්චිගෙන් ගත්තු මිනිස්සුන්ගෙ කටට හුරු උන නමක් තිබුන අර නිකම්ම නිකන් බත් කඩෙ දශමෙන් දශමෙ වෙනස් කෙරුවා ....කිව්වත් වගෙ මං.ෆේල් වෙන තැන් හුගක් තිබුනා...

වැටෙන්න පුලුවන් උපරිමේට වැටුන මට දරා ගැන්ම කියන්නෙම පුදුමයක් නොවෙනකොට මං ඒ හැම දේම දරාගන හිනාවකින් උත්තර බැන්දා.....

වස්තු...කල්පනයා ගියා...ම්ම්ම්..උදාරයත් ගියා...රවිදුවත් ගියා.....අවසානෙදි සුදු මල්ලි විතරක් ඒ හැමෝම යන දිහාව බලන් ඉන්නවා..

ඔයා කවද්ද එන්නෙ නිම්න.....

දන්නවද ...මට පාලුයි.....ඔයාව හුගාක් මතක් වෙනවා....ඉන්න තැන කොතන උනත්....කාලා බීලා ප්‍රවෙසමෙන් ඉන්න...මං උඹට හරි ආදරෙයි නිම්න....

සුදුමල්ලිට හුගාක් මහන්සී....ඔයා දන්නවනෙ ....උදෙම්ම ගෙදරින් යන මං දැන් එන්නෙ මහ රෑට.....ඔයාට හිතෙන්නෙ නැද්ද වස්තු....අපි ඔය තියන බිල්ඩින් එක තව ටිකක් වෙනස් කෙරුවා නම්.කියලා හිතෙන්නෙ නැද්ද.....

ම්ම්...ඔයාට මතකද ඔයා ඉදගත්තු තැන....මට හිතෙනවා එතන කාටවත් එන්න නොදි ප්‍රවෙසම් කරන්න...මොකද මට බයයි එතන තිය්න මතකවල පාට අවර්ණ වෙයි කියලා .....

ඒ විතරක් නෙවෙ.....ඔයාට තව රහසක් කියන්න ඕන....හැබැයි ඔයයි මායි විතරයි මේක දන්නෙ හොදද....මට නින්ද යන්න කලින් මන් කියන්නම්....ඒ තරමට මට මහන්සී නිම්න....උඹ ආව ගමන් මං කරන්නෙ ඔය අත උඩ ඔලුව තියන් නිදා ගන්න එක....

ගුඩ් නයිට් මගෙ පන....ආයමත් හෙට හම්බවෙමු ...මන් හැමදාමත් ආදරෙයි ඔයාට...

ඔයාට කියන්නම් කියපු රහස මොකක්ද දන්නවද ...

මයුර හෝටලය...කියන නම මන් අයින් කෙරුවා ...හෙට ඉදන් එතන නම.... lovely writer ...වෙනස්.....නමට හාත්පසිම්ම වෙනස් දෙයක් ඇතුලෙ වෙන්නෙ....ඒත් මං කල් ඉල්ලුවනෙ.....

මන් කොහොමත් සම්ප්‍රදායෙන් පිට පැන්න මිනිහෙක්නෙ....!

🌻💐.......!!

More Chapters