නාඩගමට....තීථරේට නැතුවම බැරි....මං නන්දා!
ඔව්...මං නන්දා.....මට කෑ ගහන්න හිතුනා... නන්දට නටන්නෙ කව්ද කියන්න නොදැන හොදට තාල මාත්‍රා අල්ලන ජයවර්ධනයගෙ බෙල්ල මිරිකල මට කෑ ගහන්න හිතුනා....ඒත් මට තවත් ඉවසන්න තියනවා...මට තවත් ටිකක් ඉවසන්න තියනවා...මොකද නන්දට නටන කොල්ලො හතර දෙනාගෙ ගෑනු ලාලිත්‍ය සුකුමාල ඔමරියට වහවැටුන ගමෙ කොල්ලො කුරුට්ටො ඈත කෙරවලෙ ඉදන් හූ තියනකොට විසිල් ගහනකොට සම්මාධන් පෙට්ටියට සටසට ගාලා සල්ලි වැටුනා.. .කල්පනයා තවත් ඔමරි උනා.....
රැජිනට ඇන්දා...රජකුමරිට ඇන්දා....
ලෙන්චිනාට දික්තලාට කියනකොට දාන්න පුලුවන් උපරිම ඔමරියට නටපු කල්පනයා මං නන්දා කියලා ඇගිල්ලකුත් හපාගන උඩපනිනකොට චීත්තෙ කොනක් අල්ලන් වැනුන මං ජයවධනයගෙ මූන දිහා මේ වෙස්මූනු ඇස් වලින් බලාගන ඉදලා කෙලින්ම එලියට ගියා...
මයුරයා..මචන්....
වැඩෙ හොදට කෙරුණා...
චිත්ත පට ගලවලා වීසි කරාපු මං වෙස්මූන පිටින්ම මගෙ දිහාවට එන උදාරයට උත්තර බදිනකොට රවිදුගෙ ඵෝන් එකට වැලනොකැඩී කෝල් ආවා....
වෙනමොකටවත් නෙවෙ...මලගෙදර ගැන කියන්න....ජනත් රවිදු කියන්නෙ අයියලා මල්ලිලා ගෙ පුත්තුරු වෙනකොට ඒ මලගෙදර රවිදුවට අයිති නැද්ද...??
...අයිතියි.....හැම අතිම්ම අයිතියි ...ඒත් මොකාද ඒ කුනට කර දෙන්න යන්නෙ.... ..කතාවක් තියනවා මලකදකට උනත් අවමන් කරන්ඩ හොද නෑය කියලා...ඒත් උන් නම්බු ලබන්ඩත් නම්බු දීලා ජීවත් උන මිනිස්සුද.....??උන් නම්බු පිටින් උන්න මිනිස්සුද...
තමන්ගෙම ලේ මරාගත්තු ඌට මොන අවසන් ගරුත්වද....
ඒ හැම දේම රවිදුගෙ උත්තර....අම්මා අප්පච්චි ට ඇත්ත කියාගන්න බැරි උනත් වටින් ගොඩින් හරි ජනත්ගෙ මරනෙට එකම හේතුව ජනාගෙම අප්පච්චි කියාපු රවිදුවා ඒකගෙ මලගමට මගෙ බල්ලවත් යන්නෙ නෑ කියලා ඵෝන් එක කට් කරලා දානකොට මං අහගන ස්ටේජ් එක පැත්තෙන් සින්දුවක් ඇහෙනවා.....
අපිට තව පැයක් වගේ තියෙන්නෙ මයුර
...මොකද මෙව්වා රෑ දොලහා එක වෙනකන් තියන්නෙ නෑ.....උඹට තියෙන්නෙ උඹගෙ ආදරේ චරිතෙ රගපාන්න...මට තියෙන්නෙ උඹගෙ අප්පච්චි වෙන්ඩ.....රවිදුවට් තිබුනෙ නිම්නාට වේස් පෙරලන්න උනත් හදිසියේම කඩා පැන්න නිම්නගෙ අයිති කාරි ඒ චරිතෙ රවිදුවගෙන් උදුරනකොට ඌට සිද්ද උනා නන්දනී වෙන්න...
කල්පනයා...පුරුදු විදිහටම උදාරයගෙ අඹුව.....සුචිත්‍රම්මා....
"අප්පචි ...මට අප්පච්චිට දෙයක් කියන්න තියනවා...අප්පච්චි ....මේක...මං මේක හුගක් කල් ඉදන් අප්පච්චිට කියන්න උන්න කාරනාවක්...මන් අප්පච්චි ට වඩා ළඟ අම්මට උනාට...මේක මුලින්ම කියන්න ඕනෙ අප්පච්චි ට කියලා හිතුනා..."
අනෙ ඔය තියෙන්නෙ මගෙ නිම්නගෙ දෙබස.... මේ සංවාදෙ දැන් යන්නෙ මාත් උදාරයත් අතර.....තව පැයකට පස්සෙ තියෙන්නෙ නිම්නගෙ වේදනා කතා වස්තුව වෙනකොට අවසාන වතාවට් මට ඒ වචන ආයම කටට හුරු කරන්න ඕන උනා....
මට නිම්න වෙන්න ඕන උනා..කොටින්ම මෙ වචන වලට හුස්ම කවන්න ඕන උනා...මගෙ නිම්න කියපු කතාව හරි....සුදු මල්ලි...පොතක් අකුරු කරන එක කවදාවත් නිකම්ම කරන්න බෑ.....ලියන අකුරක්ගානෙම ලියන්නට සිද්ද වෙනවා අතුරු චරිත නැතත් කතාවෙ ප්‍රධාන චරිතෙ ඇදගන්න.....ඒ චරිතෙ අපේ හිතට තදින්ම බැදගන්න.....
කොටින්ම කියනව නම්...ඔයාට සිද්ද වෙනවා " ඔයා "කියන මනුස්සයව අමතක කරලා ඔයා හුස්ම පොවන්න හදන...ඔයාගෙ අතින් මවන්න හදන මනුස්සයා වෙන්න.....එයාට රිදෙනකොට ඔයාටත් රිදෙන්න ඕනා...කොටින්ම එයා අඩනකොට ඔයා අඩන්න ඕනා..එයා සතුටු වෙනකොට ඔයාගෙ මූනෙ හිනාවක් වගේම එයාගෙ දගකාර ගති ගාවදි ඔයාගෙ හිතත් ඒ විදිහට හැඩ ගැහෙන්න ඕන.....
සුදු මල්ලි...දනන්වද....අප්පච්චි ට මා එක්ක තිබුන එකම තරහව....එයාට බැරි උනා ඒ අකුරුවලට හුස්ම දෙන්න.....මම ලියන හැමදාකම මම ඇඩුවා...මගෙ ඇස් වලින් අනන්ත අප්‍රමාන විදිහට කදුලු වැටුනා....ගොත ගගහා...අඩන තැන් ලියනකොට මමත් ගොත ගැහුවා.....ඉතින්...මගෙ වචන අස්සෙ හුස්ම තිබුනා ....අප්පච්චි ගෙ අකුරු මැරිලා තිබුනා.....
සාධාරනයි.....තමන්ගෙම පුතා එක්ක ඊරිසියා කරන්න..පහු වෙනකොට ඒක වෛරෙකට පෙරලෙන්න විතරක් නෙවෙ ..මං ආදරෙන් බැදුන මගෙ ෆික්ශනල් කැරැක්ටර්ස් පවා වචනෙන් දූශනේ කරලා නැති කරන තරමට අප්පච්චි වියරු වැටුන එක සාදාරනයි...අවසානෙදි අප්පච්චි මගෙ මහන්සිය් මගෙ ඇස් පනා පිටම හොරා ගත්තා...හම මගෙ උනා...නම අප්පච්චි ගෙ උනා....
මං ඒ දෙබස දිහාව බලාගන උන්නට මොකද මගෙ හිත අස්සෙ නිම්නත් ඒ වචනත් හොල්මන් කරනකොට තත්පර ගානක් මං ඇස් පියාගත්තා...මොකද මට මයුරව අමතක කරන්න ඕන උනා.....මට සම්පූරනම මාව අමතක කරලා නිම්න වෙන්න ඕන උනා.....
අප්පච්චි ..මට අප්පච්චි එක්ක කතා කරන්න ඕන...
මං ඒ අකුරු උඩ ..වචනෙ උඩ ඇගිල්ල තිබ්බා...හැබැයි මයුර වෙනුවට නිම්න විදිහට ...ඔව් මං තව දුරටත් මයුරගෙන් ලෝකෙන් ඈතයි....මම සහමුලිම්ම දැන් නිම්න කෙනෙක්....ආදරේ වෙනුවෙන් හැගීම් වෙනස් කරගත්තු මයුර කියන මනුස්සයා නෙවෙ....උප්පත්තියෙන්ම දේදුනු හදවතක් එක්ක ඉපදුන මනුස්සයෙක්.....
මම...මාවම අදුනගත්තට පස්සෙ මුලින්ම මගෙ අප්පච්චි ට කියන දවස....තමන්ගෙන් හැගීම් වැඩිපුරම දුවන්නෙ ගෑනු ලමයිට නෙවෙ පිරිමි ලමයිට කියාපු තැන.....
චටාස්....මට ලැබෙන්නෙ කන පුරවලම අතුල් පාරක් එක්ක අම්මා අප්පා සිහිවෙන්න කුනුහර්පයක් ....
මං එහෙම්ම උදාර දිහා බැලුවා...නෑ...මේ ඉන්නෙ දැන් ජයවර්ධන.....
අප්පච්චි ...
එච්චරයි මට කියන්න ලැබුනෙ....කම්මුල පුපුරගන අතුල් පාරක් මගෙ කන හරහා යනකොට හිතන්න බැරි තරම් වේගෙකින් ඔරලෝසු කටුව කැරකිලා තිබුනා...
ඔව්...මේ යන්නෙ නිම්නගෙ කතා වස්තුව...නිම්නාගෙ කතා වස්තුව ...දරු කැක්කුම සහලවපු අම්මෙක්ගෙ වේදනාත්මක් ශෝකාලාපය....ගැටපිච්ච මලක මිලානත්වය....
"පාහර බල්ලා...තෝ ඔයකියන කතාවෙ තේරුම වත් දන්නවද . ..?? සංගීත්.....උඹ ඔය කියන කතාවෙ තේරුම දන්නවද.....ආ...කතා කරපන්....කතා කරපන් යකො...."
මං බලාගන මිනිස්සුන්හෙ ඇස් ලොකු වෙනවා.....මුලු වේදිකාවම.අන්දකාර වෙලා ගිහින් මාත් උදාරත් ඉන්න හරිය විතරක් කහ ලාම්පු එලියකින් කහ පාට වෙලා තියනකොට මන් මගෙ ඇස් කොන් වලින් ජයවර්ධනයා දිහා බැලුවා ...
නලියනවා....මිනිහා පටන් ගැන්මෙම නලියනවා.....
සැබෑ ජීවිතේ නිම්න...කතාවට සංගීත් වෙනකොට ...නිම්නා සංගීතා උනා...සුචිත්‍රා සුභද්‍රා උනා....ජයෙ විජෙ උනා...නන්දනී...ඇත්තටම නන්දනී.....ඒකට මොකද වෙන්නෙ....නෑ...නන්දනී නන්දනීමයි....එකම තැනක් හරි ඌව ඕනාවටත් වඩා කොනිත්තන්න ඕන වෙනකොට එ නම එහෙම්ම තිබ්බා....
චටාස් !!!
අතුල් පාර කාපු මං අඩියක් දෙකක් පස්සට වීසි උනා.....සෙනග සූ...හ්....ගෑවා...ඉහලට ඇද්දා...මගෙ ඇස්වල කදුලු පිරුනා.....ජයවර්ධනයා නලියනවා.....ඔව් උඹ නලියන්න ඕන...මොකද උඹ අපි හතර දෙනා කව්ද කියන්න හොදටම දන්නවා....උඹ අනිත් කාට

"...අප්පච්චි ....මං...මං දන්නවා...මං දන්නවා...මෙක වැරදියි....ඒත් අප්පච්චි මේ ඉන්නෙ මම....මට දැනෙන දේ....මට තවත් මේක හංගන්න ඉන්න බැරි හන්දයි....අනෙ අප්පච්චි මේක...මේක...."
මොකද උඹටත් උඹගෙ අක්කට වගේ දැන් උඹගෙ ජාතියෙ එකෙක් එක්ක යන්ඩ ඕන උනාද... .ආ...කතාරකපන්.....උඹගෙ අක්කට ඕනෙත් ගෑනියෙක්ලු...එතකොට උඹට ඕනෙ මිනිහෙක්ද ..කතාකරපන්...කතා කරපන් පර බල්ලා...තොපිට වියහියදම් කරලා ඉගැන්නුවෙ ඔව්වටද....සුභද්‍රා ....!සුභද්‍රා!!
අනේ...අනේ විජේ...ඇයි මේ.....ඇයි මේ....අනෙ විජෙ මගෙ දරුවව අතෑරපන් මේ මොකද දෙයියනේ...
පරට්‍ට බැල්ලි.....අහපිය.....අහපිය තොගෙ දෝනියැන්දා වගේම මූට මොල් ගස් කොටන්න ඕන වෙලා මුන්ට ලෙඩ...මාන්සීක ලෙඩ්ඩු දෙන්නෙක්ද උඹ වැදුවෙ...ආ සුභද්‍රා...කතා කරපන්....
අනේ...අප්පච්චි ..එහෙම...එහෙම කියන්න එපා අප්පච්චි ...මං කිව්වෙ...මං කිව්වෙ...මට දැනුන දේ...මං කිව්වෙ අප්පච්චි ....මං කිව්වෙ මට දැනුනෙ දේ අප්පච්චි ..අනේ...
මුලු හෝල් එකම මීයට පිම්බා...මීක් නෑ...මීක් සද්දයක් නෑ...මිනිස්සුන්ගෙ වේදනාව අවසානෙදි අනන්තයක් නැති වෛරෙකට පෙරලෙන තැනක් එනවා...මං අනන්තවත් ඕක අහලා තියනවා...හාමුදුරුවො එවාපු පිට පත තනිකරම තිබුනෙ සභ්‍ය භාශාවෙන් උනත්...මේ හැම සංසිද්දියක්ම ඇත්ත ලෝකෙ ඇස් පනාපිට දැකපු....වර්තමානෙන් අතීතෙට ගිහින් ඇස් වලින්ම දැකපු මටවත්...උදාරටවත් කාටවත් ඉවසීමෙන් කරන්න බැරි උනා...
උදාරයාගෙ අතුල් පාරවල් ඇත්ත උනා...මගෙ වේදනාව දෙගුන තෙගුන උනා..සභ්‍ය පිටපත කෙලින්ම අසභ්‍ය වචනවලට පෙරලෙනකොට දේදුනු හිත්වලට මේ ලෝකෙ...අනිත් රටවල් කෙසේ වෙතත් මේ සුන්දර සිරිබරිනිය අස්සෙ කතා කරන ...උන්ව අදුන්නන අමු වචනෙම්ම අදුන්නනකොට මං බලාගන ජයවර්ධනයා දාඩිය පිහනවා...
ඔව්...උඹ දාඩිය පිහපන්....උඹ හොදට දාඩිය පිහපන්.....හැම දේම වෙනස් උනා...සාමකාමීව පටන් ගත්තු නිම්න කතාවස්තුවට පැත්තකින් ගිනි ඇවිලෙන්න ගත්තා....
මේ වෙනකොටත් මගෙ ආදරේ අර ගෙදර ලෑලි පොලව යට නිදි කියන දේ මතක් වෙනකොට ...තවත් පැත්තකින් ජනත්ගෙ අපරාදෙ අතුරු කතාවක් විදිහට දිගෑරෙන්න ගත්තා...
මිනිස්සුන්ට සු ගාන්න දැන් මතක නෑ....ආයම නිම්නගෙ ගෙදරට එනවා....ජයවර්ධනයා කියපු කරපු අකුරක් නෑරම ආය ආය ජීවමාන වෙනකොට නිම්න උන මං මගෙ අත්වලට දුන්න වේදනාව මේ මහ සෙනග ඉස්සරහම රගපාන ගමන් උන්නා...
පොල් ලෙලො ගහනවා .පෑන අල්ලගන්න...ලස්සනම ආදර කතා අකුරු කරන්න බැරි වෙන්න මගෙ අත් වලින් සිය ගනන් අප්පා කියන නරුමයා පොල් ලෙලි ගස්සපු හැටි පෙන්නනකොට අරූ පුටුවෙන් නැගිටින්න හැදුවා විතරයි ලොකු සාධු ඒකව මොන මොනව හරි කියලා ආපිට ඉන්දෙව්වා...
මං අඩනවා...හරියටම මගෙ නිම්න එදා ඇඩුවා වගේම මං අඩනවා...අනේ අප්පච්චි මට වේදනාවයි ගගා මං මගෙ අත් තුරුලුකරගන්නවා.....මේ වේදනාව මට ඇත්තටම දැනුනා ...මගෙඇස් වලින් දැකපු තුවාල කැලැල් ආය ආයම මට මට මතක් වෙනකොට මට මේ කරන්නෙ රගපෑමක් කියන එකත් අමතකම වෙලා යනකොට සර්ව සම්පුරනම නිම්න උන මං කෑ ගහලා ඇඩුවා...
මට මෙහෙම කරන්න එපා කියලා මුලු ලෝකෙම්ම ඉල්ලුවා...
මං මගෙ කොන්ඩෙන් ඇදගත්තා. ....මුනටම අවමාන කරනකොට ....දෙනෝදහක් මැද ලැජ්ජා කරනකොට මමත් උඹලා වගේ සාමාන්‍ය මනුස්සයෙක් ..වෙනසකට තියෙන්නෙ මගෙ හැගීම් වෙනස් උන එක විතරයි කිය කිය මන් ඒ හැමෝම ඉස්සරහා කියනකොට අනේ...කතාවෙ වේදනාත්මක කොටස පටන් ගත්තා...
අප්පච්චි ...අනේ..අප්පච්චි ....එපා....අප්පච්චි ...මල්ලි...මල්ලි අම්මවයි මාවයි හොයයි අප්පච්චි ....අනේ...අප්පච්චි .....මාව අතෑරපන්...අප්පච්චි ...
අනේ...විජෙ...අතෑරපන්...මගෙ දරුවා.....උඹට වටින් නෑ...උඹට වටින් නෑ....අතෑරපන්.....මගෙ දරුවව අතෑරපන් .....
අනේ....අම්මා...ආව්...ආ...ව්.....හ්....අප්.....පච්චි...අනේ.....මට.....ආ...ව්ව්හ්...අම්.....මා...හ්.....ම...ල්ලි...අනෙ....උඹ....එන්...ඩ..එපා....ම...ල්ලි....හ්....
නිම්නා ආවා...නිම්නගෙ ආදරේ...අමු අමුවට මිහිදන් උන ආදරෙ වෙනුවෙන් මං තරමටම වේදනා විදින කෙල්ල නිම්නගෙ චරිතෙට ආවත්...මට ඒ ඇස් වල මහ අමුත්තක් වගේම....අම්මට උන්න කල්පනයගෙ මුනෙත් අමුත්තක් තේරුනා.....ඔව්...ඒ මුනවල් වෙනස් වෙලා....ඒ ඇස් සම්පූරනම වෙනස් වෙලා මදිවට කල්පනයගෙ ඇවිදිම ....හිටගැන්ම පවා වෙනස් වෙලා...රවිදුගෙ ලතාව සම්පූරනම වෙනස් වෙලා මදිවට ඒ තොල් බලාගන ඉන්නකොට වේලිලා ගියා...පඪු පාට ගැහුවා....නිම්නාට උන්න අක්කගෙ කොලු ගමන හොයන්න බැරි තරමට වෙනස් උනා ........
කොටින්ම කල්පනයා උදාරයට බැන්නෙම කසාද ගෑනියෙක්ගෙ අම්මෙක්ගෙ තියන ගති එකම එක අංශුවකින් වත් වෙනස් නොවී වෙනකොට ජයේ වෙනුවට විජේ කියලා කෑ ගැහුවත් මං බලාගන උදාරයව අඩි දෙක තුනක් පස්සට වීසි උනා.....
...අනූ....මං උදව්..වෙන්නද ..සුදු මල්ලි...මගෙ පනට දැන් මහන්සී හුගක්....
...න්..නිම්න...
මාව නිකන් කරකවල අතෑරියා..... නොහිතපු තැනකදි සිද්ද උන චරිත විපරියාස වල තාත්වීක භව ඕනාවටත් වඩා තියනකොට එයාගෙ කට හඩ ඇහුන මාව වෙව්ලා ගියා...මගෙ කන් පෙති පවා ලාවට හෙළ උනා...මගෙ ඇස් වල පෙනීම පවා තත්පර ගානකට එහා මෙහා වෙලා යද්දි....පිට කොන්ද...කොදු නාරටිය දිගේම ගියපු සීතල එක්ක එකපාරම සර්වාංගෙට දැනුන ගැස්ම එක්ක..."මම මගෙ අක්කා දිහා බැලුවා....!"

..මම නිම්න....!!
අනේක වද වේදනා කාන්දරාවක් උහුලලා පනපිටින් ..පන අදිනකොට ලෑලි පොලව යට හැංගුන මමයි ඒ නිම්න.....මගෙ කතාව මට වඩා වෙන කව්ද දන්නෙ...මගෙ වේදනාව..මට වඩා වෙන කව්ද දන්නෙ.....
මගෙ සුදු මල්ලි....උඹගෙ ආදරේ තරම කොයි තරම්ද කියනවා නම්.....මට රිංගන්න පුලුවන් තරමට පවා උඹ ගාව ඉඩ තිබුනා මයුර....
මම බලාගන උන්නා..මමවත් නොදැකපු මගෙ අම්මගෙ...මගෙ අක්කගෙ....මරනෙ නාටකයක් විදිහට උනත් අමු අමුවට මං බලන් උන්නා....
මගෙ...පුතේ...
අම්මා කෑ ගහනවා...සාහසික විදිහට ....අමානූශීය විදිහට අම්මව අක්කව මරලා දාන හැටි මගෙ ආදරේ උන මයුරගෙ සර්වාංගෙට ඇතුල් වෙලා මං වේදනාවෙන් බලන් ඉන්නකොට මං බලාගන මගෙ අප්පා කියන මට ජාතකේ දුන්න නරුමයා යන්න හදනවා...
නෑ...උඹ යන්නෙ නෑ. ..
උඹට යන්න හයියක් නෑ.....උඹට කොහොමත් බේරුමක් නෑ....
අනෙ මගෙ රත්තරන් අම්මා....මට එන්න නම් ඒපා මගෙ පුතෙ කිය කිය මරන වේදනාවෙන් උනත් කෑ ගහනකොට ඔතන ඉන්නෙ මගෙ අම්ම බව නොදන්න උදාර මගෙ අම්මා අයිති කරගත්තු උගෙ කල්පනගෙ සර්වාංගෙ එක්ක නාටකේට පන දෙනකොට කල්පනගෙ ඇස් අස්සෙන් වැටෙන්නෙ මගෙ රත්තන් අම්මගෙ කදුලු බව දන්න මං මගෙ කොටස එනකන් වේදනාවෙන් පපුව මිරිකගත්තා...
අනෙ...අම්මෙ..දුවපන්...අම්මෙ....අක්කව.අරන් දුවපන්...අම්මෙ.....අනෙ...මං එනකන් බලන් ඉන්ඩ...එපා.....අක්කව ඇදගන වත් දුවපන්කො...
අප්පච්චි ...අනේ...අප්පච්චි ...සමාවෙයන්...මාව මරන්ඩ එපා....මං කවදාවත් ...මං...ක්..කවදාවත් ....ආ....හ්හ්!!!!!අම්.....මා.....හ්
එපා....!!
මං වේදිකාවෙන් මෙහා ඉදන් කන්දෙක වහගන යටි ගිරියෙන් නෑ ගැහුවා....
පසාරු උනා...මගෙ අක්කගෙ හදවත අනේ..මං ඉස්සරහම පසාරු උනා.....කරන්නෙ රගපෑමක් උනත්...මං දකින්නෙ අමු අමුවෙ ඇත්තක් වෙනකොට මගෙ අම්මා ලේ නාගන බිම වැටිගන අක්කගෙ පන ඉතුරු කරපන් ජයේ කියපු විදිහටම කතාවට දීපි නමින් අක්කගෙ පන ඉතුරු කරපන් ගගා අත් වැද වැද ඉල්ලනකොට මේ නරුමයා නව මහක් මාවත් අක්කවත් හරි පරිස්සමින් උහුලපු ඒ පින්වන්ත කුසට පයින් අනිනවා...සාප තියනවා....
සාපකාරයො වදාපු මගෙ අම්මට සාප ඉල්ල ඉල්ල මරන වරේන්තු දෙනකොට අනේ මගෙ අක්කා පිහිපාර කාලා ගැහෙනවා....
මගෙ...පුතේ...අනෙ...මගෙ....රත්....තරන්...පුතේ...උඹ.....නෑ...විදින්....ඉදින්...මගෙ...රත්තරනේ.....
නෑවිදින් ඉන්ඩ.....ඇයි.... එතකොට ඒකට ඒකා කැමති එකා එක්ක හැමනි හැමනි ඉන්ඩ...නෑ...නෑ...උඹලගෙ කෙරුවාවල් අහවරයි.....උඹලගෙ හැම කෙරුවාවක්ම අහවරයි.....
ඇයි....උඹ....අපිට මෙහෙම...කරන්නෙ...අප්ප..ච්චි....
එහෙම කරන්නෙද....එහෙම...කරන්නෙ....යකො...මට ...නොලැබුන..දේ...උඹලට...දෙන්න...මට පිස්සුද...නෑ...නෑ.....
උඹගෙ වැරද්ද...උඹගෙ වැරද්ද...මේ වගේ පව්කාර මානසීකෙ ලෙඩ්ඩු බෝ කරපු උඹගෙ වැරද්ද.....ඇති.....මේ හොදටම ඇති...උඹලා වගේ එවුන් කරන්න මේ ලෙඩේ බෝ කරන එක....මං ආස කෙල්ලෙක්ට....තෝ කෙල්ලෙක් එක්ක ගිහින් මොක කරන්ඩද ....ආ...කියපිය ....කතා කරපිය ...අරූට ඕනෙත් කොල්ලෙක්ලු....තොපි.මොනා කරන්ඩද...තොපිට කරන්ඩ දේවල් ඉතුරුද...
අනෙ...අප්..පච්චි ....ම්...මල්ලි...එනවා...ඇති.....ම්..මල්ලි.....බය...වෙයි...අප්පච්චි ...ව්....වදින්නම්....
මගෙ දරුවව....අතෑරපන්...මිනිහො...අනෙ...දෙයියනේ...අපිට.....උදව්....කරන්ඩ...වත්....කැහ්.....කැහ්.....මගෙ...දරු...වා....
අනේ මගෙ රත්තන් අම්මෙ....මගෙ රත්තරන් අම්මෙ.....හ්....මගෙ අක්කෙ..අනේ...යන්න එපා...මගෙ අක්කෙ....අනෙ ..යන්න .එපා....අක්කෙ...අයන්න...එපා...රත්තරන් ..අක්කෙ...අනේ.....එපා...එපා...යකො...එපා..මගෙ අම්මා.....මගෙ අම්මව..මරන්ඩ...එපා...අනේ..එපා..
දෙයියනෙ....
මන් බලාගන උන්නා...මගෙ අම්මගෙ...මගෙ අහිංසක අක්කගෙ පන කෙන්ද යන හැටි...ඒ වෙලාවෙ ඒ මූනු වල....එ ඇස්වල තියන දුක කදුලු වේදනාව ඒ හැම දේම දිහා මයුරට වහන් වෙලා උන්න මං හැමදේම බලන් උන්නා.....
ඇදන් යනවා...නරුමයා මගෙ අම්මා අක්කව කපලා කොටලා අවසානෙදි අවසානම හුස්ම පොද යන හැටිත් හිනා වෙවි බලන් ඉදලා සත්තු ගානට කකුල් වලින් ඇදන් ගිහින් වලදාන හැටි මං මෙතන ඉදන් බලන් ඉන්න ගමන් ඒ එක්කම් ස්ටේජ් එක ඉස්සරහම ඉන්න මේ අපරාධ කාරයා දිහා බැලුවා....දාඩිය.දාලා...වෙව්ලනවා...
මිනිහා නැගිටිනවා..අනිත් මිනිස්සු හැමෝම අඩනකොට ඌ විතරක් භූමිතෙල් ගහපුගැරඩියා වගේ දගලනකොට මන් දත්මිටි කාගන වෙව්ල වෙව්ල බලන් උන්නා...
කතා දෙකක් අහවරයි....අහස පොලව නූහූලන කතා දෙකක් අහවර වෙනකොට දැන් තියෙන්නෙ මගෙ මරනෙ වෙද්දි ඇස්වල කදුලු පිහාගන මම ස්ටේජ් එකට ආවා...හැබැයි එච්චරයි .....මට බැරි උනා..මගෙ වේදනාව වත්...මගෙ මරනෙ වත් හරියට පෙන්නන්න......මිනිස්සු හූල්ල හූල්ල කදුලු පිහිනකොට මගෙ අප්පා අප්පා කියන එකා මලමිනියක් ගානට සුදුමැලි වෙලා එක පාරටම පුටුවෙන් නැගිට්ටා...
මං හිතනෙන් මින් එහා මට මගෙ වේදනාව මේ මිනිස්සුන්ට පෙන්නන බැරි වේව්.....ඒකා යන්න යන්නෙ....
"උඹ ආවද ....බලපන් දැන් වෙලාව කියද....උඹ කීයටද ගෙදරින් ගියෙ...කීයටද ගෙදර එන්නෙ...."
"අප්...පපච්චි..."
"ඇත්ත කතා කරපන්....මොකෙක් එක්ක ලැගලද ගෙදර එන්නෙ...."
එක තත්පරයයි ....එකපාරම සුලි කුනාටුවක් ගහන්න හදපු මහමුහුද බලෙන් වගෙ නිහඩ උනා....ඔව්...ඒ කුනාටුව බලෙන්ම නිහඩ කෙරෙව්වා.....රොහාන් අප්පච්චි ...ජීවිතෙ කිසිම දවසක විදින්න නොලැබුන අප්පච්චි ගෙ ආදරේ දුන්න මං දකින එකම අප්පච්චි උන මගෙ සුදු මල්ලිගෙ අප්පච්චි ....වෙනසක් නැතුවම මාව තුරුල් කරගත්තු අප්පච්චි...එයා ඇවිදින් මාව ජාතක කරපු අලුගෝසුවව මිරිකලා වගෙ ඉන්දවනකොට ආයම නාටකෙ පටන් අරගත්තා විතරක් නෙවෙ මම මයුර කියලා හිතාගන ඇස්වලින් උඹ කරපන් පුතෙ කියනකොට මරන වේදනාව සැබවින්ම අත්වින්ද මං මගෙ මරනීය ශෝකාලාපෙන් රසිකයන්ගෙ හෘදවස්තු කුඩුපට්ටම් කරලා දැම්මා....
අප්පච්චි ....අනේ එපා අප්පච්චි ...
එදා වගේමයි...උදාර මාව බෙල්ල පිටිපස්සෙන් ඇදන් යනකොට මං විලාප තිබ්බා.....
මේ වෙනකොටත් මගෙ අම්මා අක්කා මලගම් ගිහින් කියන්න නොදන්න මං අම්මට අඩ ගගහා විලාප තිබ්බා රගපෑමක්....බලාගන ඉන්න මිනිස්සුන්ට අනුව මේක සම්මාන පිට සම්මාන ගන්න ඕන රගපෑමක් ....ඒත් මේ එලි බහින්නෙ මගෙ වේදනාව
මේ එලි බහින්නෙ මගෙ සැබෑම වේදානව.....එදා තට්ටම් වලින් රූටපු විදිහටම මං රීටුවා.....එදා අත් වැන්ද විදිහටම මං අත් වැන්දා.....එදා විදිහටම මගෙ සර්වාංගෙ පසාරු කරන් පිහිතල බහින වේදනාව මං මේ මිනිස්සු ඉස්සරහා ජීවමාන කරනකොට මගෙ සුදු මල්ලිගෙ පපුව හත් අටකට පලන්න හදන මගෙ නලලෙ පිපිරුම වෙනවත් එක්කම අප්පච්චි කියන් නරුමයා එලියට යන්න හියා...
මයුර....අරූ යනවා...
රගපාන මැදම උදාර මගෙ කනට මුමුනකොට තවමත් මරන වේදනාව අමු අමුවට විදින මන් මිනිහා දුවන්නෙ කොහෙද බව දැන දැන මිනිහට දුවන්න දීලා පටන් ගත්තු වැඩේ අහවර කරනකම්ම ඉවසන් උන්නා...
මං කෑ ගහනවා....අඩනවා ලේ පෙරාගන වැටි වැටි දුවනවා..... මුලු ගේම ලේ විමානයක් වෙනකොට වියරු වැටුන අප්පච්චි මාව පඩිපෙල දිගෙ ඇදගන යනවා...උඹ ජීවත් උන එකම පාපයක් ....උඹව ජාතක කරපු එකම පාපයක් ගාන අප්පච්චි මට දුන්න දෙතිස් වදේම මං අමු අමුවෙ ආයම පෙන්නනකොට සමහරුන්ට අඩන්න කදුලු නැති උනා වගේම මෙතනින් පැනලා දුවපු ඒ අපරාදකාරයට ගෙදරට දුවන්න ඇති තරම් ඉඩ දුන්න මං අවසානෙදි මගෙ සුදු මල්ලිගෙ ඇගෙන් අහක් උනා...
Nimna pov....
.....මං ගෙදර ආවා...මං දන්නවා එයාට හිතාගන්නවත් බැරි වේවි.....මෙච්චරත් මං වෙනුවෙන් දරා ගත්තු එයාගෙ අත්වල මට බෑ ලෙ තැවරෙනවා බලන්න.....මොකද මගෙ මයුර කියන්නෙ ඒතරම් හොද හිතක් තියන මනුස්සයෙක් වෙද්දි මං කොහොමද ඒ අත් වල ලේ තවරන්නෙ.
ක්‍රීස්.......
යකඩ ගේට්ටු පලු දෙක ඇරෙනවා...වැහෙනවා...මං ඉන්න මගෙ ගේ ඉස්සරහා .. දැනටමත් උඩ තට්ටුවෙ එක කාමරේක ලයිට් ඇවිලෙනකොට මගෙ තනියට මගෙ අම්මා..අක්කා වගේම අප්පච්චි හන්දා නොවිදිනා දුක් විදපු....විදින්න පුලුවන් උපරිම අවමාන ලබපු ඒ නරුමයගෙ මුල්ම ආදරෙත් අපි ගාවම හිටන් ඉද්දි පාරෙ උන්න අයාලෙ යන බල්ලො රෑන් රෑන් උඩුබුරන්න පටන් ගත්තා...
ඇත්ත ...උන්ගෙ ඇස් වලට මලගිය ඇත්තන්ව පේනවා....උන්ගෙ නාස් පුඩුවලට මලාවුන්ගෙ ඉව දැනෙනවා....අම්මා නන්දනී එක්ක ගේට්ටු පියන් ඇරියත් මම වගේම අක්කා උපන්දා ඉදම්ම අපි දෙන්නා හැදුන වැඩුන ගේ දිහා බලන් උන්නා...
කව්ද දන්නෙ...මෙ ගේ ඇතුලෙම අපේ අවසාන හුස්ම යයිද කියලා ...
මල්ලි.....
මගෙ අක්කා මගෙ උරහිසට අත තිබ්බා...ඒ ඇස් අඩනවා....තවමත් අඩනවා.....ඒ ඇස් වලින් තවම කදුලු වැටෙනවා....
අපි හිතුවා ඔයාවත් බේරෙයි කියලා ...ඒත්.....ඒත් ඌ උඹව වත් ඉතුරු කරලා නෑ මල්ලි....මගෙ ඇස් පනාපිටම අම්මව මරලා දැම්මා....පන යන වෙලාවෙ ඌ මගෙ මූනට කෙල ගැහුවා...එක පාරක් නෙවෙ...එක පාරක් නෙවෙ...තුන් පාරක්.....ඇයි....මල්ලි.....අපිට එහෙම කෙරුවෙ....අනේ මට තවම රිදෙනවා මල්ලි...මට තවම රිදෙනවා...
මගෙ මරනෙ සදාරනයි...මට ආදරයක් තිබුනා.....මට ආදරයක් තිබුනා...අනේ..මගෙ රත්තරනේ...උඹට මැරෙන්ඩ හේතුවක් වත් තිබුනද .....
මං නිම්නා දිහා බලාගන උන්නා....එයා ආදරේ කරපු හන්දා එයාගෙ මරනෙ සාධාරනයි කියපු මගෙ අක්කා මං මැරුන හේතුව මොකක්ද ගගා අඩන්න ගත්තා...
අක්කගෙ මරනෙ සාදාරනයි?? කව්ද කියන්නෙ....මගෙ අක්කගෙ මරනෙ කොහොමද සාදාරන වෙන්නෙ.... ආදරේ කරපු පලියට කොහොමද ඒකට ජීවිතෙන් වන්දි ගෙවන්න වෙන්නෙ ....
නෑ...මේ මරන එකක් වත් සාදාරන නෑ.....මේ මරන එකක් වත් සාධාරන නෑ අක්කෙ...උඹවත් මමවත් අම්මා වත් මැරෙන්ඩ අපි කරපු වැරද්ද මොකක්ද...මෙ ලෝකෙ එතකොට අපි වගේ උන්ට ඉඩක් නැද්ද.. .ආ නිම්නා...උත්තර දියන්.. . .ඌට ලියන්න විතරද හොද... ඌට තහනම් ගස්වල ගෙඩි මොන තරම් රහද කියලා කියලා ඌට රහ කරල ආදර් කවලා ලියන්න පුලුවන් නම්....අපි ආදරෙ කරපුවම ඇති වැරද්ද මොකක්ද නිම්නා....
.එතකොට ඌ.....එතකොට ඌ මගෙයි උඹගෙයි අම්මට පෙන්නපු වෙස් මූන....උගෙ ආදරේටයි මගෙ අම්මටයි ඌ කරාපු වංචාව....එහෙක උනහම...ජීවත් වෙන්න ඕන කව්ද...නැත්තෙ මොකාද කියපන් නිම්නා....
මට කියපන්.....එහෙම උනහම උඹලා අපිද මැරෙන්න ඕන....නැත්තන්....ඌද.....නෑ නිම්නා....නෑ....කොටින්ම නෑ....මට සමාවෙයන්..මට සමාවෙයන් මගෙ අක්කෙ..... මට සමාවෙයන්....උඹගෙ මල්ලි ඕනාවට වඩා අහිංසක උනා.....මිනිස්සුන්ට බයෙ හැංගුනා.....ඒකට එකම හේතුව අපි කාටවත් හව්හරනක් නැති හන්දා...ඒත් ..තව දුරටත් එහෙම නෑ....තව දුරටත් මෙ මල්ලි එහෙම නැ මගෙ අක්කෙ.....ඌ මේ නය පියවන්නම ඕන නිම්නා...ඌ මේ ණය අනිවාර්යයෙන්ම පියවන්නම ඕනා....මගෙ සුදු මල්ලි කියන්නෙම මං ඇවිදින් බිදුන බිලින්දෙක් කියලා ....
.ඉතින් කෝ නිම්නා මට බිදෙන්න තව ඉඩක්....නෑ....නෑ...ඒ හැම දේම අහවරයි නිම්නා....
ඌ මේ ණය අනිවාර්යයෙන්ම පියවන්නම ඕන නිම්නා...
මං කෑ ගැහුවා....බල්ලො ඉවරයක් නැතුවම උඩු බුරන මහ රෑ මැද්දෑවෙ මං මාරාවේසෙන් කෑ ගැහුවා...තව දුරටත් ඒ නිම්න නෑ..... ඒ අහිංසක නිම්න යන්නම යනකොට මලාවු මම ඇස් ගිනි ගින්දර කරගන වේදනවෙන් කෑ ගැහුවා...එ විලාපෙට ගහ කොල පවා ඇඹරිලා ගියා විතරක් නෙවෙ මගෙ ඇස් වලින් මහපොලාවට වැටෙන වල කදුලු වල අග්නියෙන් තනකොල පවා ගිනිගන්නකොට මගෙ මුන අංගාර වලාකුලු වලින් වැහිලා ගියා ...
ඉතින්...මෙ...නිම්නෙක වියරුවයි....
අහිංසක හිතක් අංගුලි මාල කෙරුවෙම මේ මුලු ලෝකෙම.උන් වෙනකොට අහිංසක මම අංගුලි මාලට එහා උනා...
මගෙ වේදනාවෙත්....වෛරයෙත් එකතුව දරාගන්න බැරි ගහකොල පවා මගෙන් මූන හංගන වෙලාවක අහස් ආගාදෙ පුරාවටම පිපුන අරවින්ද පොකුරු පවා වෙනදටත් වඩා අද ගිනිගත්තා....
ඉතින්...මේ යන්නෙ අහිංසක හිත් සදහටම මරල දාපු වේදනාවෙ අවසානම පලිය වෙද්දි මං නිම්නවත් දාලා අඩියෙන් අඩිය....අඩියෙන් අඩිය ගෙට තිබ්බා.....
සරස්...
සරස්...
සරස්....
සරස්.....
සරස්.....
සරස්....
මගෙ සෙරෙප්පු කුට්ටම් තරප්පුවට වදින....වදින....වාරයක් ගානෙම සරස් ගෑවා...නිකන් නෙවෙ....මේ අඩි සද්දෙට මලගිය ප්‍රානින්ගෙ ඇගවල් වල පව හිරිගඩු පිපෙනවා ඇති...ලස්සනම දෙයක් ලියන්න කල්පනා කරන හැම.මොහොතකම මම උන්නෙම අත් දෙක පිටිපස්සට බැදගන එහා මෙහා සක්මන් කර කර වෙනකොට මම අදත් මගෙ අත් දෙක පිටිපස්සට බැදගන හිමින් හිමින් තරප්පුව නගිනකොට මුලු ගෙදරම ලයිට් ඇවිලෙන්න ගත්තා....
නිකන් නෙවෙ...ගැස්සි ගැස්සි....
ඔව්....එව්වා ගැස්සෙනවා...මලගිය ආත්ම හතරක් අරක් ගත්ත මෙ ගෙදර ලයිට් නිවි නිව් පත්තුවෙනකොට මං අහගන මගෙ කාමරෙ දිහාවෙන් සදදයක් එනවා...
වෙලහට මාව ආපිට ගොඩ ගන්න හදනවා ඇති....
සරස් ...
සරස්...
සරස්.....
සරස්...
මගෙ ඇස් රතුවෙනවා...තව තව රතු වෙනවා....මේ තරප්පු පේලියෙදින මගෙ ඔලුව හත් අටක පැලෙන්න ගහපු ඒකා මාව හොයනවා.....
සරස්...
සරස්...
සරස්.....
සර්ස්....
මෙ තරප්පු පේලියෙම වැටි වැටි දිව්ව මාව කෑලි වලට කපපු ඌම දැන් ගොඩ ගන්න හදනවා...ඇත්ත හංගන්න හදනවා...අවසානම පඩිය නගින්න කලින් මං මගෙ අත දික් කරලා පිහිය ගත්තා ...නිකන් නෙවෙ.....එදා මගෙ පපුවට සීතල දැනුන ඒ පිහියම වෙද්දි ක්‍රීස් ගාන සද්දෙන් හරි හිමීට දොර ඇරපු මං වෙව්ල වෙව්ල තනි අතින් ලෑලි එක්ක ඕට්ටු වෙන අප්පච්චි දිහා බලාගන කට කොනින් හිනා උනා....
....අප්පච්චි ...

.....න්.....න්.....න්...
නිම්න....අප්පච්චිගෙ.....පුතා....ගෙ....නම....නි ම් න .....
ප්...ප්..නිම්.....න...ප්...පු...තෙ..
....ඉතින්...මොනවද මේ හොයන්නෙ ම්ම්ම්.....තනි අතින්.....මාවද...උදව්වක් ඕනෙද .......කියන්න....මං මේ අත් වලින් අප්පච්චිට හැම දාස කමක්ම කෙරුවනෙ...
වෙව්ලනවා.....ජනෙල් පියන් සට.....සට...සට....සට....ගගා එකට එක වදිනකොට ..කහ ලාම්පු සර සර ගගා ගැස්සෙන්න ගත්තා...
රතෙ රත ගහපු මගෙ ඇස් දෙකත් ...අංගාර පාට ගහපු මූනත් වගේම මගෙ සීතල කටහඩත් එක්ක මගෙ ඉස්සරහා උන්න නිර්දෝශී මගෙ මරනෙට වගකියන්න ඕන කරන ඝාතකයා වෙව්ල වෙව්ල ගොතගහනකොට මං ගිහින් කෙලින්ම ජනෙල් පට්ටම උඩ ඉදගන මගෙ පරන පුරුද්ද විදිහටම හිමීට හුරුවමක් බාන්න ගත්තා ...ජ
....ඉතින්....මගෙන්....උදව්වක්....ඕනෙද....නැද්ද....ඕ නෙ ද නැ ද් ද ?
....මගෙ....පුතෙ.....අනෙ....නිම්....න
...ශ්ශ්ශ්....උඹට උදව්වක්....ඕනෙද .....නැද්ද කියපන් යකො.....නිස්කාරනෙ මාව මරා ගත්තු උඹ මේ ලෑලි පොලවට දාලා වැහුවෙ පන යන්ඩත් කලින්....කියපන්....උඹට මන් මාව ආපිට ගොඩ ගන්ඩ උදව්වක් කරන්ඩ ඕනෙද....නැද්ද?
😒