Ficool

Chapter 72 - 72

පුතෙ මයුර.....

මං උන්නෙ ගේ දිහාව බලාගන...රවිදුගෙ වේදනාවත්...නන්දනීගෙ ප්‍රාර්තනාවත් දරාගන්න හදවතිම්ම මගෙ ආදරෙ වියෝවත් දරාගන වෙනකොට මං නිම්නගෙ ගෙදර දිහාව බලාගන උන්නා... එක පැත්තකින් අජියගෙ ලොරිය...

මට මේ හැම දේම දමලා ගහලා ආයම නිම්න එක්ක හුස්ම ගත්තු ඒ අතීතෙට යන්න ඇතිනම්.....,

නොස්ටැල්ජියාවෙ වලාකුලු ඇවිදින් මගෙ හිත වහගන්නවා...මං දන්නවා....ඒ ආදරේ ඉහිරුන අතීතෙ කියන්නෙ එක්තරා මායාවක් විතරයි කියලා...ඒත්....ඒත් මං ඒ මායාව එක්ක අසීමාන්තිකව ප්‍රේම්ෙන් බැදිලා..කොටින්ම මට දැන් යතාර්ථය නීරසයි කියලා හිතෙන තරමට...යතාර්තෙ පිලිගන්න බැහැයි කියන තරමට මං අර අතීත මායාව අස්සෙ ගිලිලා උන්නා.....

මට ආයමත් එයා එක්ක අර දම්පාට අහසක් තිබුන හැන්දෑවට යන්න තිබුනා නම්...ආයමත් පාරක් මට උඹ එක්ක වැහිපොද වැටෙන වෙලාවෙ හබරල කොලේ යටින් උඹ එක්කම සමාන්තරව ඇවිදින්න තිබුනා නම්.....

නිම්න.....ආයමත් පාරක් උඹ මට ආදරෙයි කියනවා නම්...නිකන් නෙවෙ..මං ආදරෙයි කිව්වම උඹ මට ආයමත් පාරක් ආදරේ ඝනේ කියලා උඹ ගාව තියන සුන්දරම හිනාව මට දීලා ලැජ්ජාවට මූන රතු කරන් දුවන හැටි බලන්න තිබුන නම්.....

මං එහෙම්ම අහස දිහා බැලුවා....මුලු අහසම අංගාර පාට ගහලා.....හොදට ඉර පෑව්වත් මොකද...සමහර හදවත් කම්පා භූමි කම්පා වලට වඩා භයානක වෙනකොට පරිසර විපරියාස නිතරම වෙනවා...මුම්මාරියත් පිංමාරියත් උඹට සරුවෙන්න ඕන කියලා ඌට ප්‍රාර්තනා කරාට මොකද...උන් ගාව හයියට ඉන්න මගෙ අරටුව වැවුනා.....

මං මේ තාක් බලලා තියෙන්නෙ කෙටි චිත්‍රපටියක් ...මලවුන්ගෙ ලෝකෙන් ආව මලගිය ඇත්තො ටිකක් මට පෙන්නලා තියෙන්නෙ කෙටි චිත්‍ර පටියක්...මං ඇවිත් ඒ ප්‍රධාන චරිත අස්සෙ එහා මහා දෝලනෙ උන චරිතෙකට නමක් දෙන්න අමාරු...නලුවෙකුත් නොවුන.....රසිකයෙකුත් නොවුන අමුතුම මනුස්සයෙක් වෙනකොට මං හරි වේදනාවෙන් නිම්නගෙ කාමරෙ ජනෙල් පියන් දිහා බලාගන එයා ජීවත් උන කාලෙ මේ විදිහට ඔතනට වෙලා හිටන් ඉන්න ඇති...අර විදිහට වැව දිහා බලන් ඉන්න ඇති කිය කිය ආයම මගෙ හිතින් මං චිත්ත රූප මවන්න ගත්තා.....

ඇත්තටම මගෙ ආදරේ කියන්නෙ යතාර්තයක්ද....ෆැන්ටසියක්ද...නැතිනම්...යතාර්තයට එහා ගියපු උන්මාදයක්ද?...

නිම්න...උඹ ඇවිදින් මට උන්මාදයක්.....උඹගෙ ආදරේ ළඟ මං අසීමාන්තිකව රෝගාතුර උන ආතුරයෙක්.....මමම මගෙ ආදරේ වෙනුවෙන් මොන තරම් උපමා දුන්නද....

මං දන්නෙ මෙච්චරයි .....උඹගෙත් මගෙත් අදරේ ,ආගමක් නම්.....මයුරනිම්න කියන්නෙම ඒ ආදරෙ වදින ගාථාවක්.....

උඹගෙත් මගෙත් ආදරෙ නාටකයක් නම්....නිම්න....මං හිතන්නෙ....ඒ නාටකෙ තරම් සම්භාව්‍ය වෙන නාටක නැති වෙන්න තිබුනා....

මට තේරෙන්නෙ නෑ නිම්න....වස්තුව...මගෙ සදාදරනීයම මලාවු ප්‍රේමය...මං උඹවත් උඹගෙ ආදරෙත් ඇයි මේ තරම් අතිශයෝක්තියෙන් වර්නනා කරන්නෙ කියලා...

පිටින් බලන කාට කොහොම පෙනුනත්...මං මේ අතිශයෝක්තිය අස්සෙ පුදුමාකාර විදිහට උඹගෙත් මගෙත් බැදීම සියුම්ව විදිනවා නිම්න...

මං හිතන්නෙ උඹගෙත් මගෙත් ආදරෙ හරියටම වයින් වගේ....උගුර පුච්චන් යනවා.....කටට තිත්‍තක් දැනෙනවා...ඒත් මෘදුයි...උඹගෙ ආදරේට ග්ලැසියරයක් පවා දියකරන්න පුලුවන් කියලා මං විශ්වාස කරනවා...

උඹ දන්නවද නිම්න....උඹ ඇවිදින් සිසිර ඍතුවක මට ලැබුන උනුසුම්ම කෝපි කෝප්පයක් හා සමානයි.....

.......වස්තුව.....මට හිතෙන්නෙ මං දැනටමත් උම්මන්තකයෙක් ද කොහෙද ...වෙලාවකට හොටු පෙරාගන අඩන මං වෙලාවකට කොහොමද මේ තරම්ම සාමකාමි වෙන්නෙ මගෙ නිම්න.....

මං හිතන්නෙ.....මං දැනටමත් උන්මන්තකයෙක් !

හ්ම්....මං හිතන්නෙ මං ආදරෙන් අසීමාන්තිකව ඔත්පල වෙලා.....

මයුර...

අප්පච්චි මට එයාව බලන්න පුලුවන්ද ....මං කියන්නෙ මට එයා එක්ක ටිකක් තනිවෙන්න පුලුවන්ද .....ආපහු උන්න තැනනින්ම තියනකන් එයාලා ඉන්නෙ සීතලේ.....මට ටිකක් එයා එක්ක තනිවෙන්න දෙන්න පුලුවන්ද .....

පුතෙ.....

.නෑ....නෑ....එයා මොන තරම් වෙනස් උනත් මගෙ හිත වෙනස් වෙලා නෑනෙ අප්පච්චි ....මගෙ ආදරේ තිබුනෙ රූපෙට නම්.....දවසක අතින් වත් අල්ලන්න බැරි මායාවකට හැරෙන මේ ලෝකෙත් නැති මනුස්සයෙක්ට ආදරේ කරන්නෙ නෑනෙ...අප්පච්චිගෙන් මං මේ ඉල්ලීමක් ඉල්ලන්නෙ....

අප්පච්චි ගෙ ඇස් රතු වෙලා...ඒ විතරක් නෙවෙ.....පනහ කිට්ටු වෙන්නත් කලින් එහෙන් මෙහෙන් කොන්ඩ ගහක් දෙකක් ඉදිලා.....අප්පච්චි ගෙත් මගෙත් අතර පරතරේ විසි ගානයි...ඒත් මේ දවසට දෙකට අප්පච්චි වයසට ගිහිල්ලා.....ඒ මුන වේලිලා ගිහිල්ලා....

අප්පච්චි මා දිහා බලන් ඉන්නවා.....නිකන් නෙවෙ ඒ මුන ඇතුලෙ මට තේරුම් ගන්න අමාරු හැගීම් ගොඩක් එකට එතිලා පැටලිලා තිබුනා.....

මයුර.....

අප්පච්චි ...

අප්පච්චි මාව උරහිස් දෙකෙම්ම තද කරලම අල්ලගත්තා....

උඹ දන්නවද...රැලි ගහන මහ මුහුද උනත් ඕනාවටත් වඩා වලාල වෙනකොට ඒක හරි භයානකයි මයුර...උඹ උනත් මගෙන් දෙයක් කෑ ගහලා කරලා..කටගහලා ඉල්ලනකොට මට තඹේකට මායිම් නොකර ඉන්න පුලුවන් පුතේ....හැබැයි උඹගෙ මේ හදිසි ඉවසීම....මට ඒක අල්ලන්නෙ නෑ මයුර.....

පුතෙ මට බයයි....මොන දේ උනත් මැරුන එකා මැරුනා....ඒත් ජීවත් වෙන එකා නොමැරි මැරෙනවා...උඹ ඕනමයි කිව්වා....ඒකගෙ අසරන කමයි අහිංසක කමයි උගෙ ආදරෙයි හන්දා අපි උඹලගෙ සතුටට ඉඩ දුන්නා ..හැබැයි මයුර...මටයි අම්මටයි ඉන්නෙ උඹ විතරයි පුතෙ...උඹට මොනවා හරි උනා කියන්නෙ උඹගෙ අම්මගෙ පපුව එතනම පැලෙයි...මටත් ඉතින් ඉහලට ගන්න හුස්ම ආයම පහත දාන්න වෙයිද කියන්න දන්නෙ නෑ මයුර....

නෑ..අප්පච්චි ...එහෙම නෙවෙ...මං හොදින්...මං හොදින්....මං ඇත්තටම හොදින් අප්පච්චි ...එයා නැති තැන මට දැන් කෑ ගහලා කරලා ඉල්ලන්න දෙයක් නැති හන්දයි කට පියන් ඉන්නෙ අප්පච්චි ...අනික.....අඩලයි...වැලපිලයි මට දැන් හරි මහන්සී.....මට කියාවලම කටට පන නෑ වගේ අප්පච්චි ....හෙටින් හැම දේම අහවරයි කිව්වා....

හැම දේම හෙටින් අහවර උනහම මට එක දෙයයි ඕන බඩ පිරෙන්ඩ කාලා මීක් සද්දයක් නැතුව කොහෙට වැටිලා නිදාගන්න....

අප්පච්චි ..දන්නවද.....මට වෙලාවකට පිස්සු වෙ උපරිමේටම එනවා...ඒත්....මම නොමැරි ඉන්න හිත හදාගන්නෙ අම්මා අප්පච්චි හන්දා...

මට එයා එක්ක ටිකක් කතා කරන්න ඕන.....

මං එච්චරයි කිව්වෙ...අප්පච්චි ගෙ රතු උන ඇස් දෙක දිහාව බලන් උන්න මං එච්චරයි කිව්වෙ...මං හිතන්නෙ මේ කතාවෙ තියෙන්නෙ දැන් එක හිඩැසයි....වන්දි ගෙවන්න ඕන උන් නිහඩවම වන්දි ගෙව්වා...ලැජ්ජා වෙන්න ඕන උන් මිනිස්සු දාහක් අස්සෙ ලැජ්ජා උනා.....ඉතින් අවසානම හිස් තැන....ඒ ජයවර්ධන ..... මගෙ ආදරෙ මට ලැබෙන්නත් කලින් මහ පොලවට පස් කරාපු ජයවර්ධන...

මං ලොරියට නැග්ගා ..වෙලාවකට මගෙ පපුව ගැහෙනවද කියන්නවත් හොයාගන්න බෑ...ගැන් හතරක් පිරෙන්න දාන්නෙ මාලු උනාට....මෙතන අයිස් ලාච්චු හතරක ඇස් පියන් උන්නෙ නිරපරාදෙ ඇස් පියාගත්තු මං ආදරේ කරපු මිනිස්සු වෙද්දි මං හරි අමාරුවෙන් මගෙ නිම්න උන්න ලාච්චුවට අත තිබ්බා....

නිම්න වෙලාවකට මට උඹ එක්ක හරි තරහයි නිම්න...උඹ ඇවිදින් ආදරේ දීලා...ආදරෙ අරගන උඹට සැනසීමත් අරන් යන්න යනවා...මට...මට ඉතුරු මොනවද නිම්න...වේදනාවත්...දුකත් කදුලත් විතරයි ....

රත්තරන් ..මං උඹට වෛරකරන්නද...මාව මේ තරම් පිස්සෙක් කෙරුවට??උඹ මාව උඹගෙ ආදරෙ අස්සෙ අනාත කෙරුවා නිම්න....උත්තර දියන්... උඹට මං වෛර කරන්නද.....ආදරෙ උනත් වහක් නිම්න මාත්‍රාව ඉක්මවල ගත්තම.....එහෙම බැලුවම මට උඹ ගැන වෙලාවකට දැනෙන වෛරය කියන්නෙත් ඔවර්ඩෝස් ප්‍රේමයක්ද නිම්න.....

ආ.....වස්තුව....උත්තර දියන් උඹගෙ සුදු මල්ලි උඹ දිහා එක පාර බලාගන්න බැරුව මෙතන ලත වෙනවා නිම්න....

ඔය චෝදනා දිදි හූල්ලනෙ මගෙ යටි හිත....ඇහෙනවද මගෙ පපුව හරියට පෝසිලෙන් වලින් හදලා වගේ ඉරි තැලි තැලි වේදනාව කාන්දු වෙන සද්දෙ?

මගෙ ඇගිලි වෙව්ලනවා...අයිස් කැට ගොඩක් එක්ක සීතල පෙට්ටිය අස්සෙ ඇස් පියන් ඉන්නෙ මගෙ සදාතනික ආදරේ කියන්න දන්න මගෙ අතපය වෙව්ලනවා.....ඒත් මං ඒ මූන බලන්නම ඕන....මං ඒ මූන දිහා බලන්නම ඕන...මං මගෙ කොල්ලව තුරුල් කරගන්නම ඕන.....

මයුර හිතට හයිය ගනින් මයුර....හැමදේම අවසානයි.....ඉතින් අවසානම මොහොතෙ උඹ මැරිලා කොහොමද....

මගෙ යටි හිතයි උඩු හිතයි අත් වාරු පා වාරු නැති මට හැලි ගනන් ග්ලූස්කෝස් පොවනකොට අනේ මන් අර ඉබ්බව අහක් කරලා යකඩ පියන ඇරියා....

.....මගෙ...රත්...තරනේ...

අනේ මාව දනගැස්සුනා....ඉදිමිලා පුපුරන්න ඔන්න මෙන්න තිබුන බාගෙට ඇරුන ඇසුත්....පුපුරපු නලලත්...දත් වැටෙන්න කාපු පාරෙ සැරට ඉදිමුන තඩිස්සි උන මූනත් දැකලා මාව එයාගෙ පෙට්ටිය ගාව දන ගැස්සුනා....

ව්....වස්තුව...මගෙ...රත්තරනෙ...මයෙ අම්මෙ...උඹ...හොදින්ද...පන...

වෙව්ලනවා...මගෙ කටහඩ...මගෙ අතපය....කොටින්ම මට වාරු නෑ...එත් මං පෙට්ටි දාරෙ එල්ලිලා එයාගෙන් හොදින් ද අහනවා...මට එයාව එලියට ගන්න ඕන...අරන් කලින් වගේ තුරුල් කරගන්න ඕන..මොන සිනි ගද ආවත් මට ඒ මූනට හාදු තියන්න ඕන වෙනකොට මං එයාව හරි අමාරුවෙන් එලියට ගත්තා.....

අනේ උඹව ගල් වෙනවා....

නිම්න....අනේ මැනිකෙ උඹට සීතලයි....

මන්දා...හරිම විදිහට ගත්තොතින් මං නීතියට පිටින් ගිහින්....ඝාතකයගෙ ඇගිලි සලකුනු විතරක් ඉතිරි වෙන්න ඕන තැනක මම මගෙ ඇගිලි සලකුනු ලෝබ නැතුව ඉතුරු කෙරුවා....

නීතිය....නීතිය...මොන නීතිය...අනේ යකො මේ ඉන්නෙ මගෙ පන...මේ ඉන්නෙ මගෙ ආදරේ....මේ ඉන්නෙ මහෙ හැම දේම...ඔය මොන නීතියටත් වඩා ආදරේ නීතිය ලොකුයි යකො.....

මගෙ යටි හිත ආයම පෙරලි කරනවා...අඩන්න තව කදුලු නෑ...කදුලු නෑ කිව්වට මොකද....ආයමත් විසුවියස් කන්ද සක්‍රිය වෙලා මගෙ කම්මුල් ගිනි තියනවා....උහුලන්න අමාරු සිනි ගදත් මගෙ ආදරේ නාමෙන් දරාගන් .....පුපුරන්න එන එයාගෙ විරූපි මලකද මං තුරුල් කරගන ලොරියෙ බිත්තියට පිට දීලා එහෙම්ම ඉදගත්තා...

පන නෑ...හුස්ම ගිය එයාගෙන් ඉතුරු සීතලක් විතරක්ම වෙද්දි අනේ මං එයාවත් හේත්තු කරලා අවසානෙදි ඒ ඔලුව මම මගෙ උරහිසට තියා ගත්තා...

හරියටම එයා මගෙ උරහිසට බර උනා වගේම....

වස්තු...අද උඹගෙ අනූට කතා කරන්නෙ නැද්ද මගෙ වස්තු.....

අද උඹගෙ සුදු මල්ලි එක්ක වචනයක් වත් කතා කරන්නෙ නැද්ද.....

උඹ මා එක්ක තරහා වෙලාද මගෙ නිම්න....

දන්නවද රත්තරන් ....හැම දේම හෙටින් ඉවරයි .....

.උඹ යන්න ගියා බන්.....මාව දාලා යන්න ගියා.....

ආදරේට අත්පොත් තියලා...අවසන් රෑ අවසන් හද එලිය යට තුරුල් කරන් ඉදලා අනේ උඹ මට මල්පොකුරකුත් දීලා යන්න ගිහින් නිම්න....

දන්නවද ..එක පැත්තකින්...උඹගෙ සාධාරනේ ඉශ්ඨ වෙනකොට අනිත් පැත්තෙ කැරකොප්පුවෙ වල් කැපෙනවා.....

මගෙ...නිම්න....වස්තු...මමයි..

රත්තරන් ...උඹගෙ පෙට්‍ටිය තේරුවෙ...උඹගෙ සුදු මල්ලියි බන් උඹගෙ මිනො ඇදුම තේරුවෙ....ඇයි නිම්න.....මේ ලෝකෙ මොන ප්‍රේමවන්තයටද බන් මෙහෙම පරික්ශාවක් තිබුනෙ.....

මන් එයාගෙ අත අර මගෙ අතට තවත් ටිකක් කිටි කිටියට තද කරගත්තා.....ඒත්..පන තිබුනෙ මගෙ ඇගිලි වලට විතරයි....එයාව වැටෙනවා...ඇග මස පසාරු කරාපු පිහි පාරට හිල් හැදිලා....ඉරිලා ගිහිල්ලා...

මාව ගමනක් වත් එක්ක පලයන්කො අනූ.....ගගා මගෙ අවදානෙ සූරා කාපු.මගෙ ආදරේ අනේ අද සද්ද නැතුව අහන් ඉන්නවා...එයාගෙ අත ගැලවෙනවා....මගෙ උරහිසෙන් ඒ ඔලුව පහලට වැටෙනවා මං බලාගන උන්නා...මං හරි වෙදනාවෙන් දරාගන උන්නා...මං කියන වචනයක් වත් නෑහෙන එයා පන නැතුව ඔහෙ කඩා වැටෙනකොට අනේ මං එයාව සියවතාවක් විතර කෙලින් කරලා..කරලා..අවසානෙදි දරාගන්න බැරි වේදනාවට මගෙ ඔලුව මං දඩාන් ගාන සද්දෙත් එක්ක බිත්තියට ගහගත්තා...කෑ ගැහුවා ....එයාට බැන්නා.....

ඇයි මට මෙහෙම අසාධාරනයක් කෙරුවෙ නිම්න....ඇයි උඹ මාව.මේ වගේ ආගාධෙකට ඇදලා දැම්මෙ නිම්න ගගා මං කෑ ගැහුවා...ඒත් එයාව ආයම කිටි කිටියට තුරුල් කරන් බැන්නට සමාව ගත්තා....

බනින්නෙ.නෑ රත්තරන් ..ආය බනින්නෙ නෑ...මගෙ පන...අනේ...මට වේදනාවට උඹට සැරකරන්නෙ නිම්න ගගා මං ඒ පන නැති මල කද තුරුල් කරගන අවසානෙදි සමාව ඉල්ල ඉල්ල පිස්සුවෙන් වගේ ඇඩුවා....

මං ආය බනින්නෙ...නෑ..අනේ...මං උඹට ආය බනින්නෙ නෑ...මාව දලා ගියාට මං ආය බනින්නෙ නෑ...රත්තරනේ...අනේ...නිම්න...

උඹ මට කෙරුවෙ මහ අසාධාරනයක්.....

ආදරේ දරන්න බැරි තරමට ආදරේ දීලා දීලා...මගෙනුත් ආදරෙ අරගන යන්න ගියපු උඹ මට කෙරුවෙ අසාදාරනයක් නිම්න....ඒත්...මං කොහොමද බන් තරහ ගන්නෙ....

මගෙ ආදරේට පරිමාවක් නැති වෙනකොට මං කොහොමද දෙයියනේ....උඹ එක්ක තරහ ගන්නෙ...

සමාවෙයන්.....

මට සමාවෙයන් මගෙ වස්තුව....

මට සමාවෙයන් මගෙ නිම්න.....උඹ මාව වට්ටන්න ඕන අන්තීම බින්දුවට වැට්‍ටුවත්...මං කොහොමද තරහා ගන්නෙ උඹ එක්ක...

.....මගෙ මයුර...

...න්..නිම්න...ර්..රත්...රත්තර...න්...ඒ ඔයාද....ආ...මැනිකෙ...එ...ඒ...උඹද...

මාව ගැස්සිලා ගියා...එයාව බදාගන බැනපුවට සමාව ඉල්ල ඉල්ල හිටපු මට ඇහුන කටහඩත් එක්ක මාව ගැස්සිලා ගියා.....ඒ ඇහුනෙ එයාගෙ කටහඩ...මගෙ කන් වලටත් වඩා ඒ කටහඩ මගෙ හදවත අදුනනකොට මං වට පිට බැලුවා....

න්..නිම්න.....ම්..මගෙ පන...

ඔව්...අනේ දෙවියනේ....එයා ඉන්නවා....එයා ඉන්නවා.....මගෙ පන කදුලු පුරවගන එයාව දාල තිබුන පෙට්‍ටිය උඩ ඉදගන ඉන්නවා...ප්‍රානය නිරුද්ධ උන මගෙ ආදරෙත්.....මලගිය ඇත්තෙක් උන මගෙ ආදරෙත් ආයම මගෙ ඇස් පනා පිට ඉන්නකොට අනේ මං ගිහින් එයාව ඇදලා අරන් තුරුල් කරගත්තා....

නෑ....අනේ දෙයියනෙ....අනෙ...දෙයියනෙ.....මාව මේ තරමටම අසරන කරන්න එපා දෙයියනේ...

මට බැරි උනා....

මට බැරි උනා..... ඉස්සර වගේ මට එයාව ඇදලා අරන් තුරුල් කරගන්න බැරු උනා....එයාව පහු කරන් මගෙ අත් දෙක අනිත් පැත්තෙන් මතු උනා....

න්...නිම්න....ඇයිඒ....ඇයි....වස්තු.....ඇයි කියපන්.....

අනේ ඇයි කියපන්...මට..මට උඹව අල්ලන්න බෑ නිම්න.....

මට උඹව ආයම බදාගන්න නෑ නිම්න...මට උඹ....ව...අනෙ....ඇයි.....??

....අනූ.....

රිදෙනවා.....මට උඹගෙ කටහඩත් දැන් රිදවනවා...ආදරේමේ තරම්ම...වේදනාවක්ද....වස්තු...මට ...

අල්ලන්න...බෑ.....මට...උඹව තුරුල් කරගන්න බෑ.....

උඹ දන්නෙ නෑ....උඹ නැතුව ගෙවෙන තත්පරේ පවා මට කල්පයක් නිම්න....

එයා බලාගන ඉන්නවා...එක පැත්තෙකින් දැන් දැන් වැහැරෙන්න ගන්න එයා...අනිත් පැත්තෙන් එයාගෙ ආත්මෙ....ආත්ම ශරීර දෙකකට මැදි උන මං අසරන කමෙ උපරිමේටම වැටිලා ආයම හෙමීට මුමුනන්න ගත්තා ...මොකද මං ඇඩුව කියලා මට එයාව අල්ලන්න පුලුවන් කමක් නෑ...ඒත් මං බලන් ඉන්නවා...ඒත් මං ආය ආයමත් නොවෙන දෙයක් ගැන බලාපොරොත්තු පොදි බදිනවා...එයාගෙ වචන පවා අඩු වෙලා.....එයාගෙ කතා බහ හැම දේම අඩුවෙලා....

මං එහෙම්ම ඒ කදුලු පිරුන ඇස් දිහා බලන් ඉදලා ලාවට හිනා උනා...

යන්නන්වත් නොකියා යනකොට ...උඹට හිතුන් නැද්ද රත්තරන් ....මං අර නුවර දෙක කරයි කියලා...හරි උජාරුවට ලියුමක් ලියල ගියා විතරද...උඹ මට හාදුවක් වත් තිබ්බෙ නැද්ද මගෙ නිම්න.....

මං දන්නවා...උඹට උත්තර නෑ....කමක් නෑ රත්තරන් ...මගෙ දෛවය මේක නම්...මං බාර ගන්නම්...මොකද....මට වඩා වේදනා විදින්නෙ උඹ හන්දා.....

ඒත් අවසානම පාරට....මං දෙයක් ඉල්ලන්නම්...මගෙ නිම්න...උඹ නැතුව....උඹ එක්ක ජීවත් වෙන එක හරි අමාරුයි නිම්න.....ආදරයක් අරගත්තු හිතක් බිදිලා...බිදිලා මදිවට....මකුනු දැල් බදින්නෙ නැති වෙන්න නොදී මං පරිස්සම් කරන්න ඕන...

දන්නවද...මටත් දැන් හරි මහන්සී නිම්න ...උඹ වෙනුවෙන් මං හැමදේම කරලා තියෙන්නෙ...මගෙ අවසානම ඉල්ලීම.....උඹ එනකන් මට ඉල්ලන්න පුලුවන් අවසානම ඉල්ලීම බෑ නොකියා උඹගෙ සුදු මල්ලිට දියන් වස්තු...

මං එයා දිහා කදුලු පුරවගන බලා ගන උන්නා...අවසානම ඉල්ලීම දියන් කියනකොට අනෙ එයා ඇස්වල කදුලු පුරවන් ඔලුව වැනුවා ....

අපිට අපිවම ආයමත් හම්බවෙනකන්...ඔයාට පුලුවන්ද අවසාන වතාවට මගෙ උරහිස උඩින් ඔලුව තියාගන මගෙ අතට අතපටලවගන්න.....මොකද එහෙම ඉදන් මට කියන්න ඕන මෙ අසංයත ආදරේ මෙට්‍රික ටොන් බර ගානක් බරයි කියලා ලොකු හුස්මක් අරන්....ඔයාව නිදහස් කරලා....මාත් නිදහස් වෙන්න....

මොකද ...හෙට දවසින්.....හැම දේම අහවරයි මගෙ නිම්න.... සැනසීමෙන් උඹට යන්න දෙන්නත්....සැනසීමෙන් උඹව ගිහින් අරින්නත් මගෙ හිත හැදෙන්න වචනයක් මට දීලා පලයන් නිම්න....

"....අපි ආයම දවසක හමු වෙනතාක්.....මගෙ පලමු වගේම අවසාන ප්‍රේමයෙ අයිතිකාරයා...ආදරනිය සුදුමල්ලි...උඹගෙ වස්තු උන මම.....මේ හදවත අස්සෙ හැමදාමත් උඹත් එක්ක ජීවත් වෙනවා.....ප්‍රවේසමෙන්"

*

*

*

*

හද පායලා......පන්සලේ ගාන්ඨාරෙ වදිනවා ඉවරයක් නෑ...බෝධි පූජාව පටන් ගන්න හදන්නෙ....

හැම දේම හෙටින් අහවරයි....හෙටින් අහවරයි.....ඊයෙ දවසෙ කන් බෙර පැලිලා ලේ එනකම්ම කනට ඇහුන වචනේ අවසානෙදි යතාර්තයක් උනා...ඉතින්...ජයවර්ධන.....මේ ගෙවෙන්නෙ උඹගෙ අවසානම හෝරාව....

මිනිස්සු එනවා...එනවා...එනවා.....වැල නොකැඩි මිනිස්සු එනවා...මං දන්නෙ නෑ...අහල ගම් හතෙම්ම මිනිස්සු එනවා.....මේ දවස දෙක ඇතුලත මගෙ අප්පච්චි පුදුමාකාර විදිහට නැහෙනකොට මම....උදාර....කල්පන...රවිදු....අපි හතර දෙනා එලිවෙනකම්ම කෙරුවෙ නාඩගම පුරුදු උන එක....

නාඩගම්....ජාතක කතා වස්තු....මේ හැම දේම පෙන්නනෙ පන්සලෙ අර හදන්න තියන ඉතුරු අඩ සම්පූරනම කරගන්න ආදාර එකතු කරගන්න කියලා උනත්.....කතාවෙ ඇතුල් පැත්ත සෑහෙන්න වෙනස් උනා....

මයුරයා.....මේන් මේ චීත්තෙ ගැටේ පොඩ්ඩක් තදකරපන්....මං නන්දා ගාලා මෙක වනනකොට බොඩි කප් වැටුනොත් තමා අම්මටම සිරි වෙන්නෙ.....සෙනෙ.....මේ ඔයාගෙ ඔය බොඩි කප් එක හරිද බලන්න....එව්...මේක පිට්ටු ගොට්ටක් වගෙ...අනෙ...මගෙ හිරිමල් චුම්චුවට....මේවා ලොකු වැඩී දෙයියනේ....

මම උන්නෙ තවමත් පැත්තක් බලාගන....එයා යන්න ගියා...මගෙ අවසානම ඉල්ලීමට එයා කැමැත්ත දුන්නත් මොකද....වෙනදා වගෙ මට ඒ බර උරහිසට දැනෙන්නෙ නැති උනා.....වෙනදා වගේ.....එයාගෙ අත් මට හරි හයියට අල්ලන්න බැරි උනා....මගෙ හදවතෙ හැමදාමත් ජීවත් වෙනවා කියාපු මගෙ පන යන්න ගියා...

පාට හතරින් චීත්තර හතරයි.....හැට්ටා හතරයි ....වෙස් මූනු හතරයි....හවරි හතරයි....අද රෑ....ජයවර්ධනයගෙ හුස්ම අරින හෝරාව වෙනකම්ම...මෙ වේදිකාවෙ ඉන්න එකම පාත්‍ර වර්ගයො අපි හතර විතරක් වෙනකොට නිම්නගෙ....ජනත්ගෙ ...නන්දනීගේ...

නිම්නගෙ...සුචිත්‍රම්මගෙ කතා වස්තුව ලියවුන ස්ක්‍රිප්ට් එක මෙසෙ උඩ තිබ්බා....

මයුරයා.....තවම රොහාන් නෑනෙ.....අරක ඉවර වෙන්නත් ලගයි.....කෝල් එකක් දාලා බලපන්...

.උදාරයා උගෙ චීත්තෙ හද හද ඇවිදින් තවමත් නිම්නගෙ ගෙදරින් නාව

අප්පච්චි ට කෝල් එකක් ගන්න කියනකොට මන් සාක්කුවෙන් ඵෝන් එක ගත්තා....එයා තවම එහෙ...මගෙ නිම්නලාව හිටපු විදිහටම ආයම වලාදාන අප්පච්චි තවම එහෙ.....

උඹ ඔය කාටද ගන්නෙ....මටද.....

අප්පච්චි ...

අන්න...මෑන් අතත් එල්ලන් වැඩම කරලා...

ඔයා කියන්නෙ අරකද රොහාන්....

උඹ කල්පනයද.....මොකද උඹගෙ ඔය එකක් උඩ එකක් පාත.....?

එව්...ඔන්න ඉතින්.....මහ වේසයි ආ....කොල්ලගෙ යාලුවනෙ නොබල කියපු කතාව....මේවා බොරු කුක්කු රොහාන්...බොරු කුක්කු.....

බොරු උනත් ඇත්ත උනත් දෙක සමානව තියාගන්නිකො...එකක් උඩ...අනික පහල...මට පේන්නෙ උඹ උදාරයා එක්ක වෙන නාඩගමක් පෙන්නල වගෙ.....ලාවට වගේ වෙරලු මල් සුවදකුත් එනවා....

එව්ව්.....යකො...මට මෝනින් සික්නස් වගේ....මන්දා අපෙ කමනියම ඉහ ගහන් ඉන්නවා...සෙනෙ...වරෙන් සෙනෙ..අපි වහන් වෙමු..මේ රොහානයා වල් කතා කියනවා.....

.අප්පච්චි ...

කල්පනයව අවුස්සපු ඇවිස්සිල්ලට ඌ උදාරයවත් ඇදගනම වාශ්ප වෙනකොට කතාවයි....හිනාවයි මැරුන රවිදු බිත්තියට ඔලුව තියාගන උගෙ වෙස් මූන දිහා බලන් උන්නා....මං එහෙම්ම අප්පච්චි දිහා බැලුවා....

හ්ම්....

අප්පච්චි ....හැම දේම...හරි නේද අප්පච්චි

හ්ම්...තව චුට්ට වෙලාවයි...ඕක අහවර උනහම....මිනිස්සු ඒවි....අරකා පොල්තෙල් පහන පත්තු කරන්න ඒවි...මයුර.....මගෙ පුතෙ.....උඹට අද රැයින් පස්සෙ හොදට නින්ද යයි....ඉදා...ඇදගනින්....උඹලගෙ නාඩගම පටන් ගනින්....උඹගෙ හැම දේටම අප්පච්චි ඉන්නවා....මේ සෙල්ලම...අදින් ඉවරයි.....ඌව බාරගන්න බලන් හුගක් උන් ගෙදර ඉන්නවා...උඹට තියෙන්නෙ....නිම්න කතා වස්‍තුව රගපාන්න විතරයි මයුර....

මයුර.....රවිදු......මචන්.....අදින් පස්සෙ...හැමදේම අහවරයි...

හැමදේම පටන් ගත්තා...තියන්න ඕන හැම පුදපූජාවකට පස්සෙ නාඩගම පටන් ගත්තා....බෙර සද්ද මැද ආරාධිත අමුත්තො ඇවිදින් මල් වැල් ඔතාපු පොල්තෙල් පහන අවුලලා පිලිගැනීම් කතා අරක මේක...හැම දේකම අවසානෙදි මම තිරෙන් පිටිපස්සෙ ඉදන් මගෙ වෙස්මූන අස්සෙන් හරි ඉවසීමෙන්

ඉස්සරහම පුටු.පේලියෙ ඉදන් ඉන්න ජයවර්ධනයා දිහා බලාගන ඉන්නකොට නන්දට නටන්න උන්න උදාරයා මගෙත් රවිදුවගෙත් උරහිසට අත තියලා හිත හදන්න හදනකොටම කල්පනයා ඇවිදින් අපිව එක පොදියට බදාගත්තා...

ඔව්...අපි අපිවම වැලදගත්තා...මරු කටට පනින්න උනත් එක පයින් එන යාලුකමට එහා බැම්මක් තිබුන අපි අපිව වැලදගත්තා...ඉතින්...මේ යන්නෙ මයුරනිම්න කතාවස්තුවෙ අවසන් අඩියවෙනකොට නන්දට නටන්න උන්න අපි හතර දෙනා හොද හුස්මක් අරගත්තා....

මෙ හැම දේම....උඹලගෙ ආදරේ වෙනුවෙන්.....!!

මෙ හැම දේම...නිරපරාදෙ ඇස් පියාගත්තු අම්මෙක් වෙනුවෙන්.....!!

මෙ හැමදේම.....ආදරේ ලබන්න...ආදරෙ කරන්න අයිතිය තියන අපි වගේම ඇස් ඉස්මස්....හැගීම් තියන සාමාන්‍ය මිනිස්සු උන හත්පාට හදවත් වෙනුවෙන්!!

මෙ හැම දේම ආදරෙ නාමෙන් තමන්ට තමන් නැති කරන් ඇස් පියාගත්තු ගැටපිච්ච මලක්.වෙනුවෙන් වගේම...අදටත් කොන් කරන එවුන් වෙනුවෙන්.....!!!

ඉතින්...මයුරයා.....රවිදුවා...මේ...හැමදේම...උඹලා වෙනුවෙන්!

උඹලගෙ ආදරේට සාධාරනයක් වෙනුවෙන්!!!

හත්පාට හැම හදවතක් වෙනුවෙන්!!!

🥺.......LVE U

More Chapters