අපි බුදුන් වැන්දා....එකට ප්‍රාර්තනා කලා....තමතමන් වෙනුවෙන් ප්‍රාර්තනා කරනවට වඩා අපි එකිනෙකා වෙනුවෙන් ප්‍රාර්තනා කෙරුවා...
දන්නෙ නෑ...බුදුන් අපෙ ප්‍රාර්තනා පිලිගනීවිද කියලා.....ඒත් මට විස්වාසයි උන්වහන්සේ කවදාවත් අනිත් උන් වගෙ අපිව අසම්මතයි කියල ලේබල් කරන්නෙ නෑ කියලා ....
.සැනසීමයි.....
ඒ මගෙන් හුස්මක් එක්ක පිටවුන වචන...කල්පනයගෙ ඇට්ටරකම් වාශ්පවෙලා තිබුනා.....ඌ තවමත් උදාර එක්ක පහන් අවුලනකොට කප්පරක් තරම් ප්‍රාර්තනා පතපු රවිදු හෙමින් සීරුවෙ මගෙ ලගට ඇවිදින් ඉදගත්තා...
එක පැත්තකින් නිම්න...අනිත් පැත්තෙන් රවිදු...මං දන්නවා...ඌ ඔය බර හුස්මවල් ගන්නෙ මොනව හරි කියන්න කියලා.....ඇත්තටම මයුරනිම්නය පුරාවටම මන් රවිදු කියන මනුස්සයා ගැන කතා කෙරුවෙම හරි අඩුවෙන්.....
උගෙ වටිනකමක් නැති හන්දාද...නෑ...ඇත්තටම මට ඌව විස්තර කරන්න මේ ලෝකෙ තියන පරිස්සම්ම වචන ඕන හන්දා....
මෙච්චර දවස් උගෙ මූනෙ තිබුන අර වේදනාත්මක වලාකුලු එහා මෙහා වෙලා තිබුනා....ඌ පුංචිම හරි සැනසීමක් හොයන් තිබුනා...ඇත්තටම රවිදුවා කියන්නෙ හරි ආදරනීය චරිතයක්...කල්පනයා තරම් දාංගලෙ නැති මාත් උදාරත් තරන් තද නැති ඌ රවිදුවා හරි මෘදු මනුස්සයෙක්....
මයුර....
ම්න්....
උඹට මොනවද දැනෙන්නෙ....මං අහන්නෙ මට දැනෙන සැනසීමම උඹට දැනෙනවද...පුදුම තරන් සැහැල්ලුවක්....නිකන් ගල් ටොන් එකකට යටවෙලා ඉදලා ගොඩ ආවා වගේ හැගීමක්.....
ම්න්....මට උඹට දැනුන සැනසීමම දැනුනා උඹ කිව්වා වගේම ඒ සැහැල්ලුවම මය දැනුනා රවිදු...
එහෙනම් ඒ ඇති.....ඒ හොදටම ඇති බන්....එයාලා යන්න ලගයි....උඹ දන්නවද...එයා දැන් දැන් මාව එයාගෙන් චුට්ට චුට්ට ඈත් කරනවා මයුර.....රැයක් එලිවෙනකන් දුන්න අර උනුසුම ඒ ආදරෙ අඩ රැයෙන් එයා මගෙන් උදුරනවා.....ඇයි ජනා මට මෙහෙම කරන්නෙ අහන්නත් බෑ...මොකද...එයාගෙ පැත්තෙන් එයා සධාරනයි...මොකද...උඹටත් මටත් දවසක් එනවා....ඇදේ හිස්තැනක් එක්ක ඇස් අරින්න වෙන....දවස ගානෙම මගෙ හිත බිදෙනවා..දවස පටන් ගන්නකොටත් මගෙ හිත බිදෙනවා...දවස අහවර වෙනකොටත් මගෙ හිත බිදෙනවා...මටවත්...උඹට වත් මිනිස්සුන්ගෙන් අහන්න බෑ...අහලා තේරුමකුත් නෑ ඇයි තවත් මනුස්ස හිතක් බිදින්නෙ කියලා..මොකද...මේ ලෝකෙ මොන දේ කැඩෙන බිදෙනකොට සද්දෙ ඇහුනත්...හදවතක් බිදෙනකොට ඇහැට දකින්නෙත් නෑ...කනට ඇහෙන්නෙත් නෑ මයුර....
ඒත්....කිව්වට පිලිගනින්...මෙච්චර දවසක් භාරගන්න බැරි යතාර්තෙ....එයා මගෙන් යන්න යනවා කියන ඇත්ත මෙතනට එන තත්පරේ වෙනකන් ප්‍රතික්ශේප කරපු මට....මේ බුදුන් ගාව වැටුන පමාවට වාශ්ප වෙලා ගියා....මං ඉල්ලුවෙ මෙච්චරයි දරාගන්න හයිය විතරයි බන්...ආපිට ඒ හිනාවෙනකොට වලගැහෙන කම්මුල් දකිනතාක්...මේ මතක එක්ක ජීවත් වෙන්න හයිය විතරයි....
මං හිතන්නෙ මේ නුවරගමනින් පස්සෙ.....මේ කතාව අහවර වෙයි මයුර....
මට කියන්න තියෙන්නෙ මෙච්චරයි .....එකතු කරගනින් පුලුවන් තරමක් ආදරනීය මතක විතරක් ..මොකද ආයමත් දවසක අපිට ඉරක් පායනකන්.....අපි ජීවත් වෙන්න ඕන ඒ මතක එක්ක.....
මං ලොකු හුස්මක් එක්ක නුවර අහස දිහාව බැලුවා....නිල් අහස අලුවෙලා...අර මන්දාරම එහෙම්මයි...හරියටම දුකෙන් වේදනාවෙන් බර උන මගෙ හදවත වගේ.....
ඇත්ත....රවිදුගෙන් පිට උන හැම වචනයක්ම ඇත්ත.....
මේනුවර ගමනින් පස්සෙ මයුරනිම්නයත් අහවරයි....මේ ආදරෙත් අහවරයි...මගෙ ඇද හිස් වෙන දවස මං දැන් නිට්ටවටම දන්නකොට මගෙ පපුවෙන් පිට උනේ හුස්ම වෙනුවට ගින්දර විතරක් වෙද්දි මං උගෙ අත උඩින් මගෙ අත තියලා ලාවට හිනා උනා...
අපිට බැරි නෑ රවිදු...අපිට බැරි නෑ.....මිනිස්සු මැරුනට මතක කාටද බන් මරන්න පුලුවන් ....?
හ්ම්...මතක කාටද මරන්න පුලුවන් මතකවලට නම් මිනිස්සු මරන්න පුලුවන් .....!
මයුර....උඹලා වැදලා ඉවරද....
එතනින් පස්සෙ..මගෙයි රවිදුගෙයි අතර පුදුම තරන් දරුණු නිහැඩියාවක් තිබුනා..හරියටම ඒ නිහැඩියාව අස්සෙ ඌත් මාත් මරනාසන්න වෙන තරමට ඔත්පල වෙලා ගියා..මොකද...කතාවෙ අවසානෙට දින ඌත් මාත් දැනගත්තා.....
සුදුම සුදුපාට ඇදගත්තු මිනිස්සු දහසක් දෙනා එහාට යනවා මෙහාට යනවා...දවසකට මෙ දලදාව ප්‍රාර්තනා කෝටි ගානකින් වැහෙනව ඇති...අපි නොහොතුවට දේවමන්ඩලේ කන් දැනටමත් බීරි වෙලා ඇති.....
හුලන් රැලි එනවා...සර සර ගාන සද්දෙත් එක්ක බෝකොල එහා මෙහා වැනෙනවා...සමහර කොල වැටෙනවා...අවුලපු මැටි පහන් වල කහ දල්ල එහා යනවා..මෙහා යනවා...සමහරක් දළු මැරිලා යනවා...මිනිස්සුන්ගෙ ප්‍රාර්තනා සුවද කරලා උඩු හුලගෙ පාකරන හදුන් කූරු දුමාරෙ නාස් පුඩුවල ඉවරයක් නැතිවම හැප්පෙනකොට මං සුදු පාට වැල්ල උඩ තිබුන මගෙ කොටු නියපොතු තියන කකුලත්...රවුම් නියපොතු ආව එයාගෙ කකුලත් දිහා බලන් ඉදලා එයාගෙ කකුල ගාවින්ම මගෙ කකුල තිබ්බා...
අනූ.....
සන්සාරෙ හැම තැනකම...මගෙත් උඹගෙත් අඩි සටහන් එකලග නවතින්න කියලා මං ප්‍රාර්තනා කරනවා නිම්න.....
...මගෙ...මයුර....
ඔයාට මොනවද බලන්න ඕනෙ.....මේකෙ බලන්න දේවල් තියනවා.....
ඉදගන උන්න තැනින් නැගිටපු මං ෆේඩ් පාට ඩෙනිමෙ පස්ස ගසාගන එයාට නැගිටින්න අත දුන්නා....අද දවසම නිම්නගෙ...එයා ආස මොනවද...කියන්නෙ මොනවද....මයුර උන මම එයාගෙ යටත් වැසි ගානට වැටිලා ඒ හැම ඉල්ලීමක්ම යතාර්තයක් කරන්න බැදිලා උන්නා...
මාව එක්ක යන්නකො.....
ම්න්.....
මෙතන උන්න වසානාවන්තම කපල් එක අපිට ඉස්සර උනා....රවිදුවා අපි හැමෝටම මැදි වෙනකොට මම මගෙ නිම්න එක පස්සෙන් ආවා...මෙතනින් එහාට තිබුනෙ මගෙ නිම්නගෙ ඇස් පුදුමෙන් ලොකු වෙන තැන් ....මගෙ කනට කර කර.. මුමුනන තැන් වෙනකොට එයාගෙ යටත් වැසියා උන මම එයාගෙ හැම ප්‍රශ්නෙටම උත්තර බැන්දා...
කෞතුකාගාරෙ ඇතුලෙ තියන සිංහල රාජකීය සලුප්ලි දකින එයාට ඒවල ගනන් මිමිවල ප්‍රශ්න නොසෑහෙන්න මතු උනා...අනූ මේ බලන්න...අනූ අර බලන්න....මේක කොහොමද මෙහෙම වෙන්නෙ...මේ දේවල් ඇත්තටම තිබුනනෙ ඉතින් ගගා එයා කියවනකොට මන් මගෙ සේවාදායකයගෙ හිත උපරිම සතුටු කරන්න මං ළඟ තියන හොදම උත්තර එලියට දාලා හෝරා ගානකට පස්සෙ උතුම්වූ දලදා බිමෙන් එලි බැස්සා.....
.මට හරි සතුටුයි මගෙ මයුර...
ඉතින්...මං හිතනවා මේක වෙන්න ඇති මනුස්සයෙක් ප්‍රාර්තනා කරන....බලාපොරොත්තු වෙන සතුට.....සැනසීම....තමන් හන්දා තව කෙනෙක් වේදනා විදිනවට වඩා.....තමන් හන්දා මනුස්ස ප්‍රානියෙක් සතුටු උනා කියන වචනෙ අහන එක තමයි මනුස්සයෙක් මේ ලෝකෙ අහන වාසනාවන්තම වචනය.....
ඒ අතින් මං හරි භාග්‍ය වන්ත උනා...මෙච්චර දුරක් ඇවිදින්...විදින්න ඕන උහුලන්න පුලුවන් හැම වේදනාවක්ම පරිමාවක් නැතුවම උහුලපු මං හන්දා මගෙ වස්තුව සතුටු උනා කියනකොට මගෙ මූනෙ හිනාවක් ඇදුනා.....
අනූ....
මට හරි සැනසීමයි මගෙ වස්තුව....
එයා නැවතුනා....එයා නෙවෙ...මගෙ අත් පටලන් උන්න එයාලා...එයාලා නැවතුනා.....නැවතිලා මගෙ දිහා බලාගන උන්නා...මගෙ හිනාව දිහා බලාගන උන්නා...
සුදු මල්ලි...මෙච්චර කල් උඹ මගෙන් හංගලා තියෙන්නෙ ලස්සනම හිනාවක්....!

මං ආයමත් හිනා උනා...මොකද....ජීවිතෙ ආය අඩන්න කදුලු මදිවෙන්න අඩාපු මම.....මුලු ජීවිත කාලෙටම අඩන්න ඕන කදුලු දවසින් අහවර වෙනකන් අඩාපු මම අද හිනා උනා..මොකද...අද අපේ අවසානය.....මයුරනිම්නක අවසානය.....!
මන්දා...මටම වෙලාවකට පුදුමයි මගෙ හිත මෙ දරාගන්න දරාගැනිල්ලට ....පුපුරලා යන්න ඔන්න මෙන්න තියන තැන්වලත් ගැහෙන හැටියට.....පුපුරාපු තැන් එකට පාස්සලා ගහපු පැලැස්තර පහු කරන් ලේ බින්දු එලියට විද්දනකොට නතර නොවී ගැහෙන එකට....
එයාගෙ මලකදට කරගහන්න තියන හෝරා ගාන පවා දැන දැනත් මම හිනා උනා....ආදරේ කියන්නෙ ආගමක් නම්....මයුරනිම්නයි එ ආගම වදින ගාථාව...ආදරෙ කියන්නෙ රෝගයක් නම්...මයුර කියන්නෙ සදාකාලික රෝගියෙක් වෙන තරමට මම නිම්නගෙ ආදරේ ඇතුලෙ ආතුර වෙලා උන්නා....
ඔය හිනහව මේ තාක් කල් හංහලා...අද එලි දාන්නෙ ඇයි මගෙ මයුර...
මට උඹගෙන් වේදනාවෙන් සමුගන්න බැරි හන්දා...අහේතුකවම ආදරේ කරන මට.....උඹව රිදවන්න බැරි හන්දා....උඹව රිදව...රිදව...මං කොහොමද උඹගෙ මරන දැන්වීමට සමාදානයෙ සැතපේවා කියල ලියන්නෙ මගෙ නිම්න....
මමත් එයත් උන්නෙ නුවර වැව රවුමෙ.....මෙ යන්නෙ හැන්දෑ යාමෙ.....ඒ අත් පටලවන් කකුල් කඩිත්තුව අල්ලනකන් මම මේ මුලු සෙංකඩගල පුරාවටම ඇවිද්දා.....රහ බලන්න ඕනයි කියල හිතුනෙ මොනවද.....ඒ හැම දෙයක්ම රහ බැලුවා...ඒ ඇස් වලට සතුට ගේන්න පුලුවන් කොහොමද....මං ඒ හැම විදිහටම සතුට අරන් ආවා.....
අවසානෙදි ...
මගෙම අත් වලින් මං මගෙ පලවෙනි වගේම අවසානම ආදරේ මරන දැන්වීමට ගන්න ඕන පින්තූරෙත් ගත්තා...
මං හිතන්නෙ මාව මවාපු මහබඹා පවා අසරන වෙනවා ඇති....මගෙ දෛවය ලියාපු එකා පවා අසරන වෙනවා ඇති... මේ දරාගන්න දරා ගැනිල්ලෙ තරම කියනවා නම්...මට බයයි මගෙ අතින් ඒ පෙට්ටියට උඩට පලවෙනි පස් පිඩැල්ල වැටෙන මොහොතෙ මගෙ හදවත පුපුරලා මගෙ මරනෙත් එදාම සිද්ද වේවි කියලා.....
"වස්තු හිනා වෙන්න....ලාවට හිනා වෙන්න ..මෙහෙ බලන්න.."කිය කිය මගෙ ඇගිලි වෙව්ලන උගුර හිරවෙන මොහොතක මං මගෙ ආදරේ අයිතිකාරයගෙ මලගමෙ පින්තූර ගත්තා.....
මං කියන්නෙ මේ ලෝකෙ කිසිම ප්‍රේමවන්තයෙක්ට මට දැනුන වේදනාව දැනෙන්න එපාය කියලා.....මං කියන්නෙ මේ ලෝකෙ මොනම මනුස්සයෙක්ට වත් මට උහුලන්න වෙන ගින්න උහුලන්න ලැබෙන්න එපාය කියලා...
මොකද ආදරෙ කියන්නෙම භාවනාවක්...එකිනෙකා මත්තෙන් සැනහෙන හැගීමක්....හේතු පදනම් රහිතවම හදවත් දෙකක් එකට බැදීමක්....ඉතින් මං මගෙ ආදරේ ඇතුලෙ ලබාපු සැනසීම අල්පමාත්‍රයක් තරම් වත් නැති වෙනකොට මම විදපු වේදනාව හලපු කදුලු...පිටකරාපු සෝ සුසුම් වචනවලට නිම කරන්න බැරි වෙනකොට ...මං මට ලැබුන ඉරනම මේ ලෝකෙ කිසිම මනුස්ස ප්‍රානියෙක්ට ලැබෙන්න එපාය කිව්වා....
මගෙ මයුර ආපහු විභගෙ ලියන්න....මට දුන්න පොරොන්දු වගේම...ඒ හිතුත් සනසවන්න...
.....
මිනිස්සු වේදනා විදිනවා...ආයම සතුටු වෙනවා....ජීවිතේ කියන්නෙ දරාගැනීම එක්ක ගලාගන යාමක් මගෙ මයුර...ඒකනෙ අර ගලන ගගකි ජිවිතේ කියල කියන්නෙ.....
....
මිනිස්සු හිනා වෙනවා...අඩනවා....වේදනා විදිනවා...ආයම සැනසෙනවා...ආදරෙත් විරහවත් විදිනව...එක එක කාලපරාස ඇතුලෙ මනුස්ස හදවතකට මූන දෙන්න වෙන ඍතු නොසෑහෙන්න තියනවා සුදු මල්ලි.....
මට කොච්චර ආදරේද...
මං එයාගෙ කතාවට තිතක් තිබ්බා.....මාව සනහවන්න හදන නිම්නගෙ අර බරසාර කතාවට මං තිතක් තියලා මං කොතනකදි වත් නාහපු ප්‍රශ්නයක් එයාගෙන් අහනකොට මං බලාගන හුලන් රැලි ඇවිදින් බෝගම්බරෙ දිය රැලි අදිනවා....
.....ඔයා මගෙන් බලාපොරොත්තු වෙන්නෙ මොනතරම්ද...මං ඒ තරම්ම ඔය එක්ක ආදරෙන් බැදිලා ඉන්නෙ මයුර...මට වචන නෑ....සමහර විට මගෙ ආදරෙ සමාන කරන්න මේ ලෝකෙ ආගාධ නැතිව ඇති...මොකද...මුල් දවස් වල මං හිතුවා මගෙ ආදරේ ගැඹුර මරියානා ආගාධෙ වගේ කියලා...ඒත් රත්තරන් පහු පහු වෙනකොට ...මං උඹ එක්ක තව තව බැදෙනකොට මට හිතුනා...මං මගෙ ආදරේ...අපෙ ආදර් ගණුදෙනුව මරියානා ආගාධෙට සමාන කරලා නිගා කෙරුවදෝ කියලා ...
.මට මගෙ ආදරේ ඉලක්කන් වලින් කියන්න අමාරුයි...ප්‍රතිශත වලට ගන්න අමාරුයි...මං දන්න භාශා හැම එකකිම්ම වචන කරන්න ගියත්...උඹත් මාත් අතර මේ තියන ප්‍රේමාන්විත ගණුදෙනුව ....මං හිතන්නෙ නෑ මගෙ මයුර මට කවදාවත් විස්තර කරන්න පුලුවන් වෙයි කියලා ...
ඇරත්.....මලත් මොකද....සුදු මල්ලි උඹ දන්නවද...මං තමයි මේ ලෝකෙ ඉන්න වාසනාවන්තම මනුස්සයා....ප්‍රේමවන්තයා..සහ...සැමියා....ඔව්..මට මාව උඹගෙ සැමියා කියන්නත් පුලුවන් ..මොකද...ඉර බහින දවසක උඹ මාව විවාහ කරගත්තා....මම මවාපු සහ...මම මේ ලෝකෙ කාටත් ලැබෙන්න ඕනයි කියලා ප්‍රාර්තනා කරන ගමන් අකුරු කරාපු.....හුස්ම කවාපු....ෆැනටසි ලෝකයක් අස්සෙ ජීවත් කරපු ඒ පිරිමි පපුව මගෙ ඇස් ඉස්සරහා ඉන්නවා කියන්නෙ..... මං මැරුනත් හරි භාග්‍ය වන්තයි කියන එක...
මයුර.....මගෙ සුදු මල්ලි...උඹ මාව නුවරට ගෙනාවා.....මගෙ සමහර පොත් අස්සෙ..නුවර කියන්නෙම මම දෑහින් නොදෑ ස්වර්න විමානයක් කරාපු තැනක්....ඉතින් සමහර තැන්වල අතිශයෝක්තියෙන් ලියවුනා...මොකද මේ ආදරේ පිරුන නුවර රොබොරෝසියා කාලෙට තියන ලස්සන මිසක්ක....ඒ රොබොරෝසියා සුවද අස්සෙන් තියන වේදනාත්මක පැත්ත මට මගෙ ෆැන්ටසි අස්සෙ මවන්න හිතන්න අමාරු වෙද්දි ජීවිතෙන් අඩක්ම කදුලු වල.රහ බලපු මන් සමහර තැන් අතිශයෝක්තියෙන් රස කෙරුවා...
මට බැරි උනා...පින් කියන දෙ අහවර උනා...නුවර කියන්නෙ මට සදහටම හීනයක් වෙනකොට උඹ මාව ඈතින් ඉදන් හරි අත් එකතු කරල සැරියුත් මුගලන් අග්‍රස්තානයොත් එක්ක වැඩ වසන ඒ උත්තම කසාවත වන්දනාමාන කරන්න ගෙනාවට මගෙ රත්තරන් .....උඹට ජාති ජාතිත් පින් මගෙ මයුර...
මයුර ....
මහන්සි නැද්ද .....මං අහලා තියනවා ලියන මනුස්සයෙක් එක්ක ආදරෙන් පැටලෙන එක හරි භයානකයි කියලා...කවියො එක්ක නිදිවදින එක රති මන්ඩපේට නොසෑහෙන්න අගුනයි කියලා ....උඹ කවියෙක් හන්දා රතිය කියන විශය කාරනාව අපි පැත්තකින් තියලා..ලියන්නෙක් විදිහට....ඇත්තටම වස්තු උඹගෙ ආදර දැලට අහු උන එකම සෑහෙන්න භයානකයි කියන්න.මට දැන් දැනෙනවා.....
පිස්සු කොල්ලා මගෙ....ආදරෙයි ....මං ඔයාට හුගාක් ආදරෙයි.....මං උඹට නොසෑහෙන්න ආදරෙයි.....ආදරයක් කවදාවත් සාරාංශ කරන්න බැරි හේතුව මේකයි...ඔයා මට කොයිතරම් ආදරේද කියන එක විචාරාත්මකව මිසක්..කවදාවත් බෑ සාරංශ කරන්න...
.....මට තේරුනා...
එයාගෙයි මගෙයි අත් තවත් චුට්ටක් එකට පැටලුනා.....මගෙ උරහිස් දෙක ආයම බර උනා...මේ ගෙවන්නෙ මාත් මගෙ ආදරෙත් එකට ජීවත් වෙන අවසාන හෝරා ගාන...අලුපාට අහස පැස්ටල් පාට ගහන් එනවා.....පැස්ටල් පාට පහු කරන් ආයමත් රෑ කලුවර එනවා...බුම්මානන් කරන් උන්නට මොකද බෝගම්බරේට උඩහින් හද පායලා බෝගම්බරෙ නම කිරි මුහුදට හරවානවා....
අහස් ආගාධේ පුරාවටම අරවින්ද කැට ආයමත් ගිනි ගන්න පටන් ගන්නවා....ප්‍රේමාන්විත රාත්තිරියක් අස්සෙදි....තවත් හිත් දෙකකට බිත්ති හතරක් අස්සෙ ඇද රෙදි තලන්න....වෙරලු මල් සුවදට හිතු මනාපෙට දෙපැරැන්ද තෙමන්න වගේම අධ්‍යාත්මික ලෝකට නිවනක් නැතුව ගැහෙන්න දෙනගමන් ලෞකික ලෝකෙ හෙම්බත් වෙනකන් රතිය විදින්න පුලුවන් වෙනකොට තවත් හිත් හතරක් ..ආදරෙත් විරහවත් එක නූලක අමුනන් මේ ගිනිගන්න අරවින්ද පොකුරු පායපු අහස දිහා බලාගන ගෙවෙන මිනිත්තුවක් ගානෙ හූල්ලාවි...
.....හෙටින් පාටන ඉරත් එක්ක.....මයුර අනුශ්ක කියන මම..දින නියමයක් තොරවම තනි වෙනවා....මෙච්චර කල් බිත්තිය අයින සින්නක්කර කරගත්තු.....ඉහල යන උගුරු ගැටේට නිවනක් නොදී හාදු තියාපු මගෙ ප්‍රතම ප්‍රේමය මගෙන් යන්න යනවා...
මයුර....උඹ හොදින්ද.....
මගෙ ආදරෙ බර දෙවුර දරාගන මං මගෙන්ම අහනවා....මට ඇඩෙන්න එනවා.....
මට දෙවියන්ගෙන් අහන්න ඕන ඇයි "පිරිමියෙක්"කියන් නම කියනකොට දැඩි හිතක් තියෙන්න ඕන කියන නියමෙ දුන්නෙ කියලා....
මට දෙවියන්ගෙන් අහන්න ඕන....ආදරෙ මැව්ව නම්.....ඇයි....එක ජාතියෙ මල්වට ඒ ආදරේ විදින්න තහනම් කෙරුවෙ කියලා ...
මට දෙවියන්ගෙන් අහන්න ඕන...ගෑනු ඇගක් අසෙන් හැල්මෙ දුවාපු ධාතුවක් ලේ කැටියක් වෙලා දරුවෙක් උනේ උන්ගෙ කැමැත්තෙන් වෙනකොට ...උන් හන්දා ඉපදුන එකාගෙ සිතුම් පැතුම් ඇදින්නට පස්සෙ උන්ගෙ නෙවෙ කියලා අහක් කරන්නෙ මරලා.දාන්නෙ කොහොමද කියලා....
මට දෙවියන්ගෙන් අහන්න ඕන....දේදුනු හිත් ඔය තරම්ම අප්‍රසන්න නම්...මක්කටද දේදුන්නකට ඔය තරම් ලස්සන හත්පාටක් දුන්නෙ කියලා....
ටික්.....
ටික්...
ටික්.....
අත් ඔරලෝසුවෙ කටුව කැරකෙනවා....ටික්...ටික් ගගා මිනිත්තු තත්පර කරනවා.....දලදාව වදින්න ආව එවුන් එකා දෙන්නා...එකා දෙන්නා දලදා වීදිය හිස් කරනකොට ගල් බංකු උඩ ඉදන් වැව දිහා බලන් ආදරෙ රහ තැන් ගැන කතා කරපු එවුන් අවසානෙදි අපි හැමෝවම මේ වැව රවුමෙ තනිකරලා යනකොට ...වටකුරු හද අහසට නැග්ගා....
දොල් මාසෙට පායන හදට දොලොස් නමක් තිබ්බත් මොකද....මට තිබුනෙ එකම නමක් වෙනකොට අහසින් මහපොලවට කඩා වැටුන දුරුතු හදවල් දරාගන උන්න මම හා පැටියෙක් නිදි කරවන හද දිහා බලන් ඉද්දි මගෙ එක උරහිසක් ලිහිල් උනා.....
අනූ...
ඕ අම්මෙ....ඇයි...වස්තුවට බඩගිනිද....
මං හිතන්නෙ මගෙ ආදරේ අන්තීම හෝරා ගානෙ ආදරෙ වාන්දොරටු කඩන්න යන්න පටන් ගත්තා ...මං මගෙ ළඟ තියන අවසානම ආදරෙ බින්දුවත් නිම්නට හූරලා දුන්නා....අප්පෙගෙ ආදරයක් නොවින්ද....ඒ ආදරෙ පාටවත් නොදන්න මගෙ ලාබාල ප්‍රේමවන්තයා ගාව මං රගපෑවෙම අප්පච්චි කෙනෙක් ගානට වෙනකොට ඈනුමක් ගිහින් ඇස් වල කදුලු පටල බැදෙනකොට මං මගෙ වොලට් වොලට් එක අරන් ඒ අත් වලට තිබ්බා....
ඔයාට ආස මොනවද...ඇති තරම් අරන් කන්න...හැබැයි කොහෙ දිව්වත් මගෙ ඇස් මානෙන් එපා දුරට යන්න...තේරුනාද මගෙ පුංචි වස්තුවට....
එයා හිනා උනා...අහිංසක කම උතුරන වෙලාවක එයා හිනා වෙලා මගෙ අතේ තිබුන වොලට් එක තුරුල් කරන් උඩ පැන පැන වගේ දලදා වීදියෙ දුවනකොට මෙවෙලෙ අයිස් ගැන් එක අස්සෙ හීතලට ගල් වෙන වචනවලට විස්තර කරන්න වේදනා විදල හුස්ම ඇරපු මට මගෙ ආදරේගෙ මලකද මතක් උනා...
අනූ...චූචි බුංජියගෙ අතක් පන නෑනෙ අනූ ගාගා හුරතල් වෙනකොට මං එයාට තරවටු කෙරුවෙම අවදානෙ ඉල්ලනවා කියලා ....ඒත්....පිටු අස්සෙ ආදරෙ පුරවගත්තු පිරිමි පපු මවාපු ..හුස්ම ගන්න අකුරු ලියාපු ඒ දකුනු අත අසිමාන්තිකව වේදනා විදල තිබුනා...ඇගිලි තලලා තිබුනා....පුරුක් වෙන් වෙන්න කපලා දාලා තිබුනා....කව්ද....ඒ....තමන් ජාතක කරාපු තාත්තා...
අනූ....චූචි බුංජියගෙ දතක් කැක්කුමයි....අනූ චූචි බුංජියගෙ ඔලුව කැක්කුමයි කියනකොට මං ගනන් නොගෙන තවත් ඇවිස්සුවා.....ඒත් මං මේ ඇස් වලින්ම දැක්කා....අනූ ඔලුව රිදෙනවා කියාපු මගෙ පලවෙනි ආදරේ ප්‍රානය නිරුද්ද මලකදෙ නලල පුපුරලා තියනවා...ඒ නලල පුරාවටම ඉරි තැලුම් විතරක් නෙවෙ.....නලල වැදුන බිත්ති පවා වේදනාවෙන් ගම් හතක් හෙලවෙන්න විලාප තියාපු සද්දෙ මගෙ කන් වලට ඇහුනා....
මට.ඒ සර්වාංගෙ අල්ලන්න.දිහාවක් නැති උනා....
ඊයම් පාට සීතල පිහි තලෙ මගෙ දුරුතු හදෙ පපුව පලලා තිබුනා....
රත්තරන් ...මගෙ පන....අහසට පායන්නත් කලියෙන් මහපොලවට වැටුන මගෙ දුරුතු හද.....මම උඹට ආදරෙයි කියන කටින්ම...උඹට නිවන්සුවය ඉල්ලන්න වෙන එක.....මං කොහොම කියලා නම් දරාගන්නද.....?

සුදු මල්ලි....මගෙ මයුර...ඇයි වස්තුව මේ...අඩනවද???
නෑ....
මයුර...මෙ ඇස් අඩනවා...
මගෙ අනිත් උරහෙත් හිස් උනා...මං හිතන්නෙ එයාට මගෙ ඇස් වලින් එලි බහින ශේශ කදුලු වල සුවදත් උරහෙ ගැස්සෙන තාලෙත් දැනුනා.....
ම්න්...මං අඩනවා...හොරාවෙන්...හොරාව ගෙවෙනවා....උඹ එක්ක මං මෙතන ආදරෙන් ගිලුනත්.....උඹ තවත් කොනක සීතල ග්ලැසියරයක් මැද ගල් වෙනවා.....ඒකයි ඇත්ත.....මගෙ පලවෙනිම ආදරෙ...උඹගෙ සුදු මල්ලිගෙ පලවෙනිම ආදරේ උඹ...උඹ දන්නවද.....මෙච්චරත් ඉවසන් ආවට උඹගෙ සුදු මල්ලිට රිදෙනවා...රිදෙන්නෙයි....විදවන්නෙයි මම....තව හෝරා කීයද...
රත්තරන් ...උඹගෙ සමුගැන්මට...ඇයි නුවරම...?දන්නවද නිම්න....මං....බලන් උන්නෙ උඹව මේ අත් වලින් හරහට ගන්න...එත්....මට සිද්ද උනෙ...මගෙ එක උරහෙකට උඹගෙ බර දරන්න....
ආදරෙයි කියන කටින්ම නිවන් සුව කියන්න...වස්තු.....මගෙ සුසානෙට තියන දුර බලලා වත් ඉක්මනට වරෙන් නිම්න....
පැයෙන් පැය ගෙවෙනවා....මං උඹට දෙන ආදරෙ තව තවත් වැඩි කරනවා.....උඹගෙ පොත් අස්සෙ ලියලා නැද්ද.....මාත්‍රාව ඉහ වහ ගියෝතින්...ආදරෙත් වහක් කියලා...
සුදු...මල්ලි...
අයියෙ...මට....රිදෙනවා.....උඹ යන්න යන....වා...
මයුරයා.....ම්..මයුරයා....
මට ඇඩුනා...හිදුන වැවක් වගෙ තිබුන මගෙ ඇස් වල රොන් මඩ අස්සෙ තිබුන කදුලු උල්පත් බලන් ඉන්නකොට පන ගහන්න ගත්තා...
න්..නිම්න....මගෙ ඇද...හිස්වෙන්න යන්නෙ අයියෙ...මට...සමාවෙයන්...මගෙ අතින් හිත් බිදුනා නම්...රත්..තරන්...යන්න එපා කියන්නවත්.....මට වරම් නෑ...නිම්න....ආදරේ පුරවන් ආව මේ නුවරම රෑ වෙනකොට මලගමක් උනේ කොහොමද නිම්න...
අනෙ මයුරයා.....රත්තරන් නාඩා ඉදින්...සෙනේ..අනේ...රවිදුවව බලපන් සෙනේ.....එපා බන්...අනේ...එපා..බන්.....අඩන්න එපා යකො....නිම්න....ගොලුවෙක් නොවී මගෙ කොල්ලව නලවපන් අයියෙ...
මන්දා...මගෙ හදවත මුරන්ඩු උනා...යන්න එපා යන්න එපා කියලා කියන්න අයිති නැති උනත් මට ඒක දරාගන්න අමාරුම වෙනකොට මං කෑ ගහලා ඇඩුවා....මගෙ ඇද හිස් වෙන බව මතක් වෙනකොට .....මගෙ ශබ්දකෝශෙන් නිම්න මගෙ වස්තු...බුංජියො කියන නම් ලගට තිතක් වැටෙන බව දැනෙනකොට මං ඇඩුවා මදිවට පිස්සෙක් වගේ ඒ කකුල් ගාව දන ඔබාගත්තා..
ඔව්....කිව්වට විස්වාස කරන්න.... අර හයිය හිතක් තියන ප්‍රේමවන්තයා උන මයුර අවසාන මොහොතෙ කෑලි කෑලිවලට බිදිලා ගියා...
ඉකියක් උනත් හිරකරන් ඉදලා අවසානෙදි උගුර පලාගන එලි බහිනවා වගේ විදින්න ඕන හැම වේදනාවක්ම විදපු මයුර කියන මගෙ ඉවසීම එයාගෙ මලකදෙ බර උහුලන්න හෝරා ගානක් තියලා කුඩු සුන් වෙලා ගියා....
.ය්.....යන්න එපා...අයියෙ....මගෙ...නිම්න...ය්..යන්න.
..එපා...දාලා යන්න නම්...ඇයි....පන....මෙහෙම ආදරෙ දුන්නෙ.....කල්පනයා....අහපන්...උඹ කාටද ආය චූචි බුංජියො කියන්නෙ අහපන්....මගෙ අම්මා අප්පච්චි උඹට හරි ආදරෙයි රත්තරන් ...ය්...යන්න එපා..අනෙ....එපා...බන්...යන්න...එපා.....
මට....ප්‍රතම වසන්තෙක සුවදට වඩා.....දුරුතු හදේ විරහව දැනෙනවා...
මං ඒ කකුල් බදාගත්තා.....මං හිතන්නෙ කාටත් බැරි උනා....කාටවත්ම බැරි උනා.....මගෙ වේදනාව දරාගන්න කාටවත්ම බැරි උනා....
එයා මාව නැගිට්ටවන්න හදනවා....කල්පනයා මාව නැගිට්ටවන්න හදනවා...එක මොහොතකදි මට හිතුනා වලාකුලු බැම්මෙන් පහලට පනින්න...නැත්තන් මගෙ ඔලුව හත් කඩකකට පුරුපුරලා යන්න බැම්මෙ ගහගන්න.....
මොන තරම් හිත හයිය කරගත්තත් වේදනාවෙ උච්චෙ මම සාම්ප්‍රදායික ප්‍ර්‍රෙමවන්තයෙක් හා සමානව මගෙ මරනෙ ප්‍රාර්තනා කර කර කදුලු හැලුවා....
..මයුර.....මගෙ රත්තරන් ...මගෙ පන....සුදු මල්ලි....
....
ඔහොම අඩන්න එපා පන...මණ් උඹට පොරොන්දු දුන්නෙ....ආයම එනවා කියලා .....මං දුන්න පොරොන්දු බිදින මනුස්සයෙක් නෙවෙ මගෙ මයුර.....
ස්..සීනි නැති කෝපි...එකක්....ඉල්ලුවට...උඹ....අරන්...
තියෙන්නෙ...මගෙ...ප්..පපුව...නිම්..න....බැරි වෙලාවත්.....මගෙ පන යන්න එනවා වගෙ දැනුනොත්..අනේ..කාටත් කියපන්...මාවත් උබ ගාවින්ම වලදාන්න....
මට...රිදෙනවා...මට....රිදෙනවා...නිම්න...හුගක්....මගෙ...උරහිස්....කැඩෙන්න.තරම්....රිදෙනවා...නිම්න...නිවන්..සුව කියලා...ප්‍රාර්තනා කරන්න...කලින් මාව ගොලුවෙනව නම්..අනේ ඒක හොදයි නිම්න...
සුදු මල්ලි...මං උඹට ජීවත් වෙන්න බලාපොරොත්තුවක් දුන්නා....වස්තුව....මගෙ ආදරේ මා එක්කම මලගම් යන්නෙ කොහොමද මයුර.....
.....
උඹගෙ ඔය ඇස් පුපුරයි රත්තරන්
සෑහෙන වෙලාවකට පස්සෙ....මම.මෙල්ල උනා....තනිකරම කුලප්පු උන බයිසන් හරකෙක් හා සමානව මගෙ හැගීම්..අගෙ වෙදනා මා එක්ක යුද්ද කරනකොට ඒ හැගීම් මාව නොමර මැරුවා..මගෙ ඇටකටු පොඩි පට්‍ටම් වෙන වේගෙන් මාව පොලවෙ ගැහුවා...අවසානෙදි අතපයක් හොල්ලගන්නවත් බැරිව අසිමාන්තික ප්‍රේමයෙන් බැදුන මම ප්‍රේමයෙන්ම ආතුර වෙලා...විරහවෙන් බැටකාලා මරනාසන්න වෙලා.ආයමත් ගල් බංකුව උඩ ඉදගන්නකොට මං අහගන වීදියෙ ඈතම කොනක බල්ලෙක් මහ වේදනාත්මක විදිහට උඩු බුරනවා.....
සුදු මල්ලි.....
මට උඹගෙ ආදරෙ ඇතුලෙ උඩුගම් බලා පීනන්න හරි අමාරුයි.....සැරින් සැරේම එන විරහවෙ දියසුලි උඹගෙ මයුරව ගංපතුලට ඇදන් ගිහින් හුස්ම හිරකරනවා...ඇස් කකියනවා...හිත කකියනවා....අවසානෙදි හිතට කතා කරන්න බැරි වචන මගෙ ඇස් වලින් වාං දානවා.....උඹ එනකොට මං පිස්සෙක් වෙයිද නිම්න??
දෙවියන්ගෙ නාමෙට මයුර!!
එයා කෑ ගැහුවා.....මගෙ නිම්න මට කෑ ගැහුවා....
නැත්තන්...යන්තන් හරි නිච්චියකින් මගෙ පලවෙනිම ආදරෙ වලදාපු තැන මේකයි කියලා මං කැරකොප්පුවෙ තනිරකීද නිම්න.....මං උඹගෙ ආදරෙන් හුස්ම ගන්නවා මදිවට..පතුලක් නොපෙනෙන ආදරෙට වැටිලා දැන් පිස්සෙක් පිහාට්ටෙක් ගානට නන්නත්තර වෙලා නිම්න.....
පින්සිද්ද වෙයි....ඔය කතාව....ඇති....වස්තුව...
අන් එයා දිහා බැලුවා...අප්පච්චිගෙම ඇස් තිබුන මගෙ ඇස් රතු වෙලා තිබුනා....ඉදිමිලා තිබුනා....
උඹ මෙතන ඉදන් බුදුන් වැන්දද නිම්න...
ඔව්....
මොනවද ඉල්ලුවෙ....
......ඉපදෙන හැම තැනකම.....උඹව මගෙ කරන්න කියලා....අසීරුම කඨෝර කාර්තු ගෙවන්න මගෙ අත අල්ල ගත්තු මේ ආදරේ නමින් මගෙ වස්සානෙ ලියන්න කියලා.....පටාචාරාවක් වත්....කිසාගෝතමියක් වත් නොවී...අනේ උඹගෙ හිත ඒ තරම් දුකක් නොදී සනසවන්න කියලා....
....මං උඹ වෙනුවෙන් වියදම් කරපු නොයිදුල් හැම ප්‍රේමනීය හැගීමක්ම අගුල් දානව නිම්න...ඒවා අයිති උඹට.....ඒවා සදහටම අයිති උඹට.....මේ ගෙවෙන්නෙ අවසාන හෝරා ගාන...මාව ආදරෙන් වැලදගනින්.....මට ආදර මතක ඉතිරි කරාපන්.....මේ ඇස් රැලි වැටිලා...පෙනීම නැති වෙලා...මරන ඇදට වැටුනත්....මං උඹ වෙනුවෙන් බලන් ඉන්නම්....
නිම්න.....මගෙ ආදරනීයම වස්තුව....මං උඹට මගෙ මුලු හදවතිම්ම ආදරෙයි නිම්න.....
මගෙ ඇස් වලින් ගිනියම් උන කදුලු කැට පේලියක් කඩා වැටෙනකොට මං ඒ නලලට හාදුවක් තිබ්බා...ඉතින්....මේ යන්නෙ මලගිය ඇත්තෙක් එක්ක අසීමාන්තිකව ප්‍රේමයෙන් වෙලුන මයුර උන මගෙ ආදර කතාවෙ අවසාන හෝරාවයි.....

.....නිම්න....
නුවර වැවට හද එලිය වැටිලා....තව අඩ හොරාවකින් අපි ආපහු යනවා.....ගෙදර නෙවෙ...මගෙ ජීවිතෙ අවසාන් නින්ද නිදාගන්න සැප පහසු හෝටල් කාමරේකට.....
කඩචෝරු පස්සෙ ගියපු මගෙ ලාබාල ප්‍රේමවන්තයගෙ දිව රෝසපාට පොල්ටොපි හන්දා ගිනියම් වෙලා තියන වෙලවක මං බලාගන ඒ ඇස් කිරිමූද දිහා බලන් ඉන්නවා.....
අන් උන්නෙ නිම්නගෙ උරහිසට මගෙ ඔලුව තියාගන....අඩහෝරාවකට විනාඩි පහකට මෙහායින් ආයමත් වතාවක් නිම්නයන් දෙකක බර දරාපු මගෙ උරහිස් නිදහස් වෙනකොට මං ඒ උරහිසට මගෙ ඔලුව තියා ගත්තා....
අපේ අත් එකට පැටලුනා...බොහෝම තදින් අපි අපිවම අල්ලගත්තා.....
නිම්නගෙන් මං දෙයක් ඉල්ලන්නද....
මොනවද.....
මට ,සුවද ගහන...සදාතනික මතක මිටක් ගෙනත් දෙනවද...මොකද මමත් ආසයි ඔයාගෙ අතින් මල්පොකුරක් ලැබෙනවට....
ඔයා මගෙන් ඉල්ලන්නෙ forget me not මල් අහුරක්ද.....?
ම්න්...මතක ඇතුව ඒ අස්සට ඔයාගෙයි මගෙයි ආදර මතකත් එකතු කරන්න...!
*
*
*
රවිදුවා....ඔය කෑව ඇතිද...අරූ කෑවෙත් නෑ.....ඔහොම මුරන්ඩු කම් කරන්න එපා රවිදු....කාලා පලයන්...උඹලා බත් කටක් වත් කාලා නෑ
ඇති කල්පන...පිරියක් නෑ...
මන් උන්නෙ අපේ කාමරේ... බාත්‍රොබ් එක පිටින්...එලියෙන් ඇහෙන්නෙ කල්පනයගෙ කරදරේ.....රවිදුගෙ කතාව ඇත්ත....කොහෙ කියලා පිරිය තියෙන්නද...
විරහවෙ වේදනාව තව තවත් උලුප්පන්න ඕන වෙලවක් උනත් සනත් නන්දසිරි මහත්තයගෙ කටහඩ ඇවිදින් ඇහෙන නෑහෙන ගානට මට වසන්ත සුවද බලෙන්ම කවන්න.හදනකොට නුවර පුරාවටම දුව ඇවිදපු මගෙ ලාබාල.ප්‍රේමවන්තයට අනේ තදින්ම.නින්ද ගිහින් තිබුනා...
එක අතක්....කකුල් දෙකමත් මගෙ ඇගෙ දාගත්තු එයාට නින්ද ගිහින් තිබුනෙ මගෙ අත උඩ වෙනකොට මගෙ මලගිය ඇත්තා අනිත් අත උඩ ඔලුව තියාගන තනි සුදු සිවිලිම දිහා බලන් උන්නා

අනූ...
ම්න්....
නිදාගන්නෙ නැද්ද...
මගෙ අත උඩ ඔලුව තියන් උඩබෙලි අතට උන්න එයා මගෙ පැත්ත හැරුනා....ආදරෙ පිරුනු හිත් දෙකකට මැදි උන මං මගෙ පපුවෙ වම් ඉඩම්.කට්ටියත්...දකුනු ඉඩම් කට්ටියත් මගෙ ආදරේ වෙනුවෙන් බෙදලා දීලා සැනසීමක් නැති රෑ ගැන කල්පනා කරනකොට එයා මගෙ දිහාවට හැරිලා මගෙ ඔලුව අතගාන්න ගත්තා...
ඒ ඇස් එදා වගේමයි.....අහිංසක පාටයි....ඒත් වේදනාව මහපරිමානෙන් හංගන් හිනා වෙනවා...
ආදරෙයි ඔයාට....
මං නෙවෙ වචනයක් කිව්වෙ.....මගෙ නලලට හාදුවක් තියපු එයා මට ආදරෙයි කියනකොට උහුලන්න අමාරු උනත් කටුන් පිට නොදාන ඔලුව කැක්කුමකින් වේදනා විදින මම නිම්නගෙ නලලට නලල තියාගත්තා.....

අපි අනිවාර්යයෙන්ම ආයම එකතු වෙන්නම ඕන මිනිස්සු මගෙ නිම්න.....පරිස්සමින් .....කොහෙ උනත්...මගෙ ඇස් මානෙට එනකන්....පරිස්සමින් ...මං ප්‍රාර්තනා කරනවා.....මේ ලෝකෙ ඉන්න ආදරෙ පිරුනම අප්පච්චි කෙනෙක්ට උඹ ජාතක වෙන්න කියලා...උඹ ප්‍රාර්තනා කරන සතුට උඹට උතුරන්න ලැබෙන්න කියලා .....මං උඹට හරි ආදරෙයි මගෙ පලවෙනි ආදරේ!පුලුවන් නම්....මාව තුරුල් කරගනින්...මාව තුරුල් කරන් මගෙ ලග ඉදින්.....අනේ...එහෙම වෙන්න එපා කියලා මං ප්‍රාර්තනා කෙරුවත්...
එහෙම වෙලා තියන වේදනාව දරාගන්න මට උදව් දියන්...රත්තරන් ...
සුදු මල්ලිට විඩාවයි...මං ආදරෙයි....මං.ආදරෙයි හුගාක්.....ස්තූතියි ...ඒ වගේම සමාවෙන්න!අපි ආයම....අනිවාර්යයෙන්ම ...හම්බවෙමු.....
...ඔච්චරයි මට ඇහුනෙ....එයාගෙ දිගැටි ඇගිලි තුඩු මගෙ හිසකෙස් අස්සෙන් යනකොට නිම්නයක්.තුරුල් කරන් උන්න මං ,නිම්නෙකට තුරුලු වෙනකොට ආදරෙ පිරුන හාදුවක් මගෙ නලලත්...යටි තොලත් අල්ලගත්තු මොහොතෙ කදුලු හලලම පුපුරු ගහන ඇස් දෙක වැහිලා ගියා...!!
*
*
*
ම්...මයුර.....
...
මයුර.....
මයුරයා...මගෙ...එකා...
ම්ම්.....
මයුරයා....න්..නැගිටපන්....කොල්ලා.....අනෙ උඹට සහලවලම උන.මයුර....එහෙන්...රවිදුවට.....
මං උන්නෙ ඇස් පියන් අරින්නවත් අමාරු නින්දක....එහෙන් ඉහෙ ඇම්ම.....පුපුරු ගහන ඇස් දෙක මදිවට මං උන්නෙ ලෝදිය ජාලාවක වෙද්දි උහුලන්න අමාරු සීතලක් මගෙ නලල අතගාන් යනවා එක්ක මං ගැස්සිලා ඇහැරුනා....ඒ විතරක් නෙවෙ මට ඇහැරුනේම එයාගෙ නම කෑ ගැස්සිලා
නිම්න!!
....මයුර....උඹට...උන...
ඒ උන්නෙ කල්පන.....පැත්තකින් උදාර...මගෙ ඇද....
...අනේ බුදුහාමුදුරුවනේ ..මගෙ...ඇද...හිස්....
..මගෙ අත් දෙක හිස්.....මගෙ පපුව හිස්...කොටින්ම....ඇදෙන් දැනෙන උනුහුම වෙනුවට තිබුනෙ තනිකරම සීතලක් වෙනකොට නිදි පැදුරෙන් මං.මුලු සෙංක්ඩගලම හෙලෙව්වා.....මං.මගෙ අප්පච්චි ට කෑ ගැහුවා.....දෑතිම්ම ඔලුව බදාගන කෑ ගැහුවා.....මං මගෙ ඉස කෙස් අහුරු පිටින් උදුරගත්තා.....වෙන්වීමෙ විරහව හෙනයක් වගෙ මගෙ පපුවෙ පුපුරලා යනකොට මං උන්මන්තකයෙක් උනා
..අනේ...මගෙ...අප්පච්චි ...මං....
තනිවෙලා...අප්පච්චි ...මං....
තනිවෙලා....මගෙ...අප්පච්චි ...අනේ...උන්...මාව....අසරන....කරලා...ගිහින්....
අප්පච්චි .....

මගෙ ඇස් ආය ආයම පුපුරු ගැහුව මදිවට හදවතෙ පිපිරුම් වලට අලවපු පැලැස්තර එක මොහොතින් ගැලවිලා ගියා.....
ලේ විද්දනවා.....මගෙ හදවතෙන් ලේ විද්දනව...නහර වැල් බලාගන ඉන්නකොට ගැලවිලා යනකොට මයුර කියන්නෙ උන්මන්තකයෙක් වෙලා වේදනාවෙන් කෑ ගැහුවා...දරාගන්න බැරිව පපුවට ගහගත්තා....නිම්න.....නිම්න....ගගා ඉකි ගැහුවා.....මගෙ හයිය දියාරු වෙලාගියා.....
එයා නැතිව ජීවත් වෙන පලවෙනිම.මොහොතෙ.මාව මැරිලා.ගියා!!!
ජීවිතෙ පලවෙනි වතාවට සෙංකඩගලට ආව මගෙ පලවෙනි ආදරේ.....මේ නුවරම මාව තට්ට තනියෙන් දාල යන්න ගිහින් තියනකොට මන් නොදරුවෙක් ගානට අම්මට අප්පච්චි ට දුක කිය කිය කෑ ගහනකොට එයා නිදියපු කොට්ටෙ උඩ නිල්පාට මල් පොකුරක් තිබුනා.....
Forget me not...
මගෙ ජීවිතෙ මට ලැබුන මුල්ම මල්පොකුර පුරාවටම විරහ කදුලු වැටෙනකොට මං එයාගෙ අකුරු වලින් ලියාපු කොල කෑල්ල දැක්කා.....
...මගෙ ප්‍රතම ආදරේ මයුරට,නිම්නගෙ සුදු මල්ලිට...ආදරේ පරිසමාප්තිය උන හයියම ප්‍රේමවන්තයට...වස්සානයෙ දවසක...ඔය පපුවෙ උණුහුමට ගුලිවෙන්න එනකන්....ප්‍රවේසමෙන්.....!ආදරෙයි සදහටම...
ඉතින් සමුගන්න අවසර...,
මං උඹගෙ සදාතනික වස්තුව
"නිම්න"
🥺....