Ficool

Chapter 70 - 70

...මයුර,දැන් මොකක්ද කරන්න ඕන...

මං උන්නෙ හරියටම ජනත් අයියගෙ කාමරේ....ආදරයක් හන්දා නිස්කාරනෙ මිලාන වෙච්ච මලක් වෙනුවෙන් ඒ රැහේම ගැට පිච්චි අහුරකට ඒ ආත්මෙ වෙනුවෙන් සාධාරනයක් කරන්න සැනසීමක් ගේන්න ඉඩ දුන්න මං උදාරයා එක්ක අනිත් පාර ආවෙ උපන්දින තෑග්ග අරන් යන්න.....

....මාස ගානක්...ජනත්ගෙ සුවද සදහටම මැරිලා ගිහින් මාස ගානක්.... මං උන්නෙ රවිදුවගෙ පලවෙනි අදරගේ කාමරෙ අස්සෙ.....

නිකන් නෙවෙ මලගමෙ උනුහුම යන්නත් කලියෙන් ඒ කාමරේට අයිති වාසිකම් කියන් ආව ජනාගෙ කුඩම්මගෙ වගේම තමන්ගෙ ලේ නොදිව්වත් තමන්ගෙ එකාට වඩා සිය දහස් ගුනයකින් ආදරේ දෙන ජනාගෙ තාත්තගෙ පුත්‍ර රත්නෙ දිහාව බලාගන...

ඒ බාල්කෙ.....

ඒ බාල්කෙ එහෙම්මයි....ඒත් එදා වගේ නෙවෙයි...එදාට අන්තයි.....මං හිතන්නෙ නිරපරාදෙ හුස්ම ඇරපු මනුස්සයෙව දරාගත්තු වරදට බාල්කෙ පවා තමන්වම මිනිමරුවෙක් කරගන ගානයි...

මට හුස්මක් පිට උනා.....තුන්මහක් පැනලා.....ඒත්....මට මේ හැම දේම අද ඊයෙ වගේ....උගෙම මලගම් දා ඌටෞගෙ ආදරෙ හම්බ උනා....

මට මගෙ ආදරේ ලැබිලා තිබුනා....උදාරයා කල්පනයගෙ උත්තරේ බලන් උන්නත් උගෙ උත්තරෙත් ආදරෙයි කියන එක දැනන් උන්නා.....

ඒත් ඒ හැම දේම අද ඊයෙ වගේ...මේ ගෙදර...මෙ ගෙදර ඒ දවස් දෙකට තුනට මොන තරම් මතක තිබ්බද....ඒත් අද....

ජනත් උඹව මරා ගත්තා අයියෙ!අපි පොරොන්දු උනා...මම පොරොන්දු උනා...උඹගෙ ආදරේට උගෙ උපන්දින තෑග්ග කලින්ම දෙනවා කියලා.....

මගෙ ඇස් ආය කෙවෙනවා...පරන මතක කැලති කැලති ඇවිදින් මාව අඩවන්න හදනවා....

නෑ මයුර....නෑ...උඹට ගහන්න තියෙන්නෙ තව හෙන විතරයි ඒක ඇත්ත ඒත් දැන් කරන්න තියෙන්නෙ අඩන එක නෙවෙ...නාඩා ඉදපන්...අනික අඩන්නත් උඹට කොහෙන්ද බන් ඔයතරමට කදුලු ???

මං ඇස් බැම්ම පහු කරන් කම්මුල් තෙමන්න හදන කදුලු නවත්තලා හුස්මක් ගත්තා...නිකන් නෙවෙ....අර අලවපු පැලැස්තර පහු කරන් ලේ වෑස්සෙන හදවත පුරවලම මං හුස්මක් ගත්තා.....

නිහඩයි ....ඒ වගේම අදුරුයි...මේ ගෙදරට අයිතිකියන ඇස් හයම තිබුනෙ පියවිලා...ටිකක් නෙවෙ...තදින්ම පියවිලා... ...එක කොනකට ගිනි අවුලලා ආව මමත් උදාරත් ඊලග පාර අතගැහුවෙ රවිදුවගෙ පොරොන්දු රකින්න වෙනකොට ජනත් අයියගෙ හිනා වෙනකොට වල ගැහුන කම්මුල් තිබුන පින්තූරෙ හොයන්නවත් බැරි උනා...

ඒ කියන්නෙ උඹලා අවුරුද්දක් යන්නත් කලින් එයාව උඹලගෙ ජීවිත වලිනුත් සදහටම අයින් කෙරුවා...ම්ම්ම්...ම්ම්ම්ම්...හ්ම්ම්....හරි.....ඒකට කාරි නෑ...ඒකට කාරි නෑ..මොකද...මලවුන්ගෙ අවුරුදු දා ලබන්ඩ කලින් ...මට පුලුවන් දාන මාන වෙනුවට හොද තෑග්ගක් දෙන්න...

හද පායලා....ඒ හද එලිය කෙලින්ම සිමෙන්ති පොලවට වැටිලා තිබුනා...වෙන කොහෙන්වත් නෙවෙ මමත් උදාරයත් ගෙට පැනපු උලු කැට ගාවින් වෙනකොට මගෙන් ඊලගට වෙන්න ඕනෙ මොනවද අහපු උදාරයට තිබුනෙ මගෙ නිවුන් හිත හන්දමද කොහෙද ඌ හොද හයිය කඹයක් හොයන් ආවා.....

තුන්මහ පහු වෙලා නේ?

ඔව්...ඒත් දාන මාන මොකුත් නෑ මයුර...

ම්න්.....කමක් නෑ....අපිට පුලුවන් අද දානයක් දෙන්න....

කඹේ බදින්නද??නැත්තන්....ස්වකැමැත්තෙම්ම බැදගන්න දෙමුද....මයුර මං කියන්නෙ ඌත් උගෙ මරනෙට කඹෙ බැදගත්තෙ උගෙ අත් වලින් නම්...අපි මොකටද ලේසි කරන්නෙ...

ඒක ඇත්ත...ඒ කුනට මොකට අතගානවද ..මේක ස්වකැමැත්තෙම්ම වෙන ප්‍රානගාතනයක් මිසක්....මිනිමැරුමක් නෙවෙනෙ..ඒක නිසා....ඕක තියපන්...ජුදාස් උනත් අවසානෙදි ස්වකැමැත්තෙම්ම මරනෙ වැලදගත්තා නම්....මුන්ට බැරි කමක් නෑනෙ....ම්ම්ම්

හ්ම්.....

උදාරයා ඔලුව වැනුවා..දැන් තියෙන්නෙ පිහිතල මුවහත් කරන්න....මොකටද දෙස්තියාපු දිව?නෑ මං හිතන්නෙ ඕන නෑ..සාප තියාපු, අපුලයි කියාපු කටකින් ඇති පලේ මොකක්ද...ඌම ඌව මරාගන්න කලින් උන් ඌව වචන වලින් මැරුවා....ඉතින්...එක්කො පුලුවන් උන්ට ජීවත් වෙන්න....නැත්තන් පුලුවන් උන්ට මරනෙ තෝරගන්න...මොක තෝරගත්තා උනත් කාරියක් නෑ.....මොකද ජීවිතේ තෝරගත්තා උනත්...කෝ උන්ට ආත්මයක්.....???.

චස්.....

මං උන්නෙ පිහිතලේ මුවහත් කර කර...මං අහගන උදාරයා ගිනිකූර ගහලා මිනි පහන අවුලනවා..හොයන්න බැරි උන ජනාගෙ පින්තූරෙ දූව්ලි ගොඩක් අස්සෙන් හොයාගත්තු ඌ ජනාගෙ මලකද තිබුන තැනම ආයම ජනාගෙ පින්තූරෙ තියලා පහන තිබ්බා.... ..

ඉතින් මලවුන්ට අවසර තියනවා උන්ගෙ වාඩුව උන්ට පිරිමහන්ඩත්.....ඒ දෑහින්ම බලාගන්ත්ඩත්.....

........ක්‍රී...ස්!

මුවහත්ද...

උඹට පෙන්නන්න ඕනද?...ඉදා බලපන්

සීතල පිහිතලේ මුවහත කොයි තරම්ද කියනවා නම් හද එලිය ගේ ඇතුලට වැටෙන තැනදි හද එලියෙන් අහුරක් අරගත්තු මං පිහිතලේට දානකොට උදාරයා ඒ මුවහතට උගෙම ඇගිල්ල කපාගත්තා....මුවහත්....ඒ පිහිය මුවහත් කරපු කෙරිල්ලටම පිහියෙ හුලන් පාරට පවා කැපිලා යන්න තිබුනා...

නැගිටපන් වොට්සන් සෙල්ලම පටන් ගත්තා.....

මගෙ යටිහිත ශර්ලොක් හෝම්ස්ගෙ චරිතෙට අදින්න පටන් ගන්නකොට හරියටම එකේ කනිසමට ලන් උනා විතරයි මහ රෑ අල්ලපු දිව ගිලෙන පිපාසාවකින් නිදි මරගාතෙම කුසියට යන්ඩ ආව කුඩම්මා පිහියක් අතේ තියන් ජනාගෙ පින්තූරෙ ගාවට වෙලා හිටන් උන්න මාවත් උදාරයවත් දැකලා අහල ගම් හතම හෙලවෙන්න හූ තිබ්බා...

හූ තිබ්බා විතරක් නෙවෙ.....අනේ ගෑනිට සිහි නැති උනා...ඉතින් සහෘදය අටුවාටිකා නැතුව මට කෙටියෙන්ම කියනවා නම්...එතනි එහාට සිද්ද උනේම මමත් උදාරත් ප්‍රාර්තනා කරපු ප්‍රා‍ර්තනාව ඇස් පනාපිට යතාර්තයක් වෙච්ච එක වෙනකොට කුඩම්මගෙ මරලතෝනිය එක්ක මුලින්ම ඇස් ඇරුනෙ ජනාට මේ ලෝකෙට පය ගහන්න වරම් දුන්න ධාතුවෙ අයිතිකාරයට....!ඊටත් පස්සෙ කුඩම්මගෙ පුත්‍ර රත්නයට.....

.එහෙනම් අංකල්....අපි ආයම හම්බ උනා ම්ම්ම්...

උ..උඹලා....උඹලා මක්ක කරනවද යකො මේ මහ රෑ ගෙට පැනලා...තොපිට පිස්සුද....ආ යකො මිනිස්සු බුදියන් ඉන්නකොට ගෙවල් වලට පැනලා මැරිච්ච එවුන්ට පහන් තියන්නෙ තොපිට අමු කැවිලද...තොපෙ කවුරුත් දැන් මෙහෙ නෑ නැහැ බැහැපියව් හුත්තිගෙ පුතාල දෙන්නා....ගෙට පැන්නා මදිවට තව මුගෙ පින්තූරෙට පහනුත් අවුලලා කාලකන්නියා....

මං හිතන්නෙ අංකල් ඒ පින්තූරෙ ඒ විදිහටම තිබ්බොත් හොදයි මොකද මූ ඕක හොයාගත්තෙත් සෑහෙන අමාරුවෙන් ...ඕකෙ තිබුන දූවිලි කාන්දරාව පිහ දැම්මෙත් බොහෝම අමාරුවෙන් ...ඇරත්...තමන්ගෙ පුතාට අපිත් පහනක් පත්තු කෙරුවා කියලා වරදක් නෑනෙ අංකල් ම්ම්ම්ම්ම්ම්ම්ම්....ඒ....තමන්ගෙ පුතානෙ නේ....අනුන්ගෙ පුත්තුන්ට කට පුරා පුතා කිව්වට..උඹගෙ හිත දන්නවනෙ අනුන්ගෙ එකාගෙයි තමුන්ගෙ එකාගෙයි වෙනස නේ...ම්ම්ම්ම්ම්ම්...මං හිතන්නෙ උඹ දන්නවා....මලගෙයි උනුහුම යන්ඩත් කලින් උගෙ දේවල් වෙන එකෙක්ට දුන්නට උඹට ඇත්තට පයින් ගහන්ඩ බෑනෙ නේ....ඌ මොකා උනත් උඹට පුලුවන්ද උගෙ තාත්තා උඹ නෙවෙ කියන්න...

තුන්මහත් පහු වෙලාලු නේ....මලක් පහනක්...දානයක් එහෙම නෑනෙ....ආ...ආ....ඊට වඩා නරකද...උඹගෙ තනිකම් මකන්ඩ ගෙනාව අඹුවගෙ පදේට නට නට.....අනුන්ගෙන් එලි බැහැපු පුතෙක්ට තාත්තා කම් කර කර ඉදපුවාම....නේ....හ්ම්...හ්ම්...හ්ම්...කාරි...නෑ....කාරි....නෑ...කොරගන යමන්කො.....

ඒත් ..මේ.....අංකල්...මේ ඇත්තටම අහන්නෙ....ජනාව නිකන් වත් මතක් වෙන්නෙ නැද්ද උඹලට.....ඔය ඇස් ඉස්සරහනෙ උගෙ හුස්ම ගියෙත්. .... .අපරාදෙ උගෙ තියන අහිංසක කම....මන්වගේ උනා නම්.....රැයක් දවාලක් නැතුව මේ ගෙයි දෙක කරනවා....මේ ගෙවල් හතර කොන්ම මං පාලු කරනවා...අහල තියනවද අමනුස්ස බැල්ම වැටුන ගෙවල් වල බත් මුට්ටියට පවා වැලි වැටෙනවා කියලා ....

ජනා වෙනුවට මං මැරුනා නම්....ම්ම්ම්ම්...

ඇත්තටම ඌව මතක් වෙන්නෙ නැද්ද...බලෙන් අමතක කරන්ඩ හැදුවත්.....හිතෙ කොනක ඌ ඉන්නවා ඇතිනෙ....අනික ඒ ඉන්නෙ උඹගෙ පුතානෙ.....උඹගෙම පුතානෙ.....ම්ම්ම්ම්ම්ම්ම්ම්

මතක් වෙන්නෙ නැද්ද ම්ම්ම්??උඹගෙ අතින් මරාගත්තු උඹගෙ එකම පුතාව මතක් වෙන්නෙ නැද්ද...?උඹයි.....උඹගෙ....දෙවනි කසාදෙයි මරාගත්තු උඹගෙ එකම පුතාව මතක් වෙන්නෙ නැද්ද....?අඩුම ගානෙ හීනෙක වත් ...හීනෙක වත් ඌ නැද්ද අංකල්.....අප්පච්චි ....මාව මරාගන්න එපා...අප්පච්චි කිව්වලු නේ...

සෙල්ලම පටන් ගත්තා....හූ තියන් වැටුනට මොකද අවසිහිය ගන්නවත් කුඩම්මා අද වාසනාවන්ත උනෙ නැති උනා....මුවහත් තියාපු පිහිය උඩ මගෙ ඇගිලි තුඩු එහා මෙහා යද්දි මට සිද්ද උනා උදාරත් මාත් අමු කාලා නෑ කියලා ඔප්පු කරන්න...

මට සිද්ද උනා....උලු කැට ගලවන් ගෙට පැන්නෙ හේතුවක් නැතිව නෙවෙ කියලා පෙන්නන්න....මට සිද්ද උනා උදාරයා වරුවක් තිස්සෙ නැහිලාදූවිලි වලින් වහන් තිබුන ජනත්ගෙ හිනාව ආයම මතු කරන් පහන් ඇවිලුවෙ හේතුවක් නැතුව නෙවෙ කියන්න.....

ඉතින් හේතුව මොකක්ද.....??හේතුව තවම හිත යට....!!

තරහවෙත් වේදනාවෙත් තෙල් කටාරම යටි හිත අස්සෙ තවමත් යන්තමින් රත්වේගන එනකොට මං හිමීට හීමිට ලිපට පිඹින්න ගත්තා....මොකද ඒ කටාරම පැහෙන්න ඕන...ගොජ..ගොජ ගාලා නටන්න ඕන....එලියට පනින වචන වලතරම අනුව කටාරම රත්වෙනකොට

මං අවසාන වචනෙ ජනත්ගෙ අප්පච්චි ගෙ කන් පෙත්තට මිමිනුවා...ඒ මූන වෙනස් උනා...නෑ..මට වැරදුනා....ඒ මූන තවත් අප්‍රසන්න උනා...

වෙනසක් නෑ...එදා පිලිකුලමයි....එදා තරහවමයි...!

මගෙ පුතා...මගෙ පුතා....ඔව්...ඌට මගෙ පුතා කියලා හිතලා පහනක් අවුලන්ඩ තිබුනා....ඌව මට පිලිගන්ඩ පුලුවන් තත්වෙක උන්නා නම්....ඒකා පුතෙක්ද....ඒකව පුතෙක් කියල පිලිගන්ඩ පුලුවන්ද??ආදරේ ඕනෙ ආදරේ ඕනෙ කියලා ඒකට සුදුසු දෙයක්ද එකා කරගත්තෙ. . ...කොල්ලෙක්....යකො මෙච්චර කල් ලොකු කෙරුවෙ ඌට කොල්ලෙක් ගේන්ඩද ..තුහ්....ලැජ්ජා කරනවා....නමනින්දා කරනවා....කෑලි කපලා ගගේ මූදෙ දැම්මත් පව් නෑ එහෙම උන්ව...ආදරේලු හෙව්වෙ...

ඇත්තට එහෙම ගගෙ මූදෙ දාන්නද උඹ ඌව හැදුවෙ.....අංකල් ඌට කවදාවත් ආදරේ දුන්නද... ඇයි ඌට එහෙම උනේ අහන්ඩවත් උඹ ඌට ලන් වෙලා බැලුවද....?නෑනෙ.....උඹට විතරද එතකොට ආදරේ ඕන වෙලා තිබුනෙ.....??උඹ කවදාවත් ජනාට ලන් උනාද...නෑනෙ....දන්න තරමට උඹ දෙවනි කසාදයක් කරගත්තෙ දරුවා වෙනුවෙන්ලු....මට අවසන් කරන්න වෙන්නෙ ලූ කියලා..මොකද උඹට ඕන උනෙ ලමයට අම්මෙක්ද...නැත්තන් උඹට ගෑනියෙක්ද කියන්න දන්නෙත් උඹගෙ හිතනෙ....එහෙම නේද මයුරයා...මගෙ කතාව හරිනෙ....ඒකට ආදරේ ඕනෙ කියලා ඒකා කරගත්තෙ සුදුසු දෙයක්ද අහනකොට මටත් අහන්ඩ වෙන්නෙ අම්මෙක් ඕන කියලා ලමයට ගෙනාවෙ අම්මෙක්ද....නැත්තන් මිනිමරුවෙක්ද කියලා....ළමයෙක් වදාපු ගෑනියෙක්ට පුලුවන්ද තව ළමයෙක් මැරෙනවා බලන් ඉන්ඩ...එහෙම වෙලාවට හරිනම් පැලෙන්ඩ ඕන පපුව....උඹ අම්මෙක්ද බන්...?

උඹ මොනවද යකො මගෙ අම්මට කියන්නෙ.....උඹ මොනාද මගෙ අම්මට කියන්නෙ...කොහෙවත් යන පොන්සියෙක් මැරුනා කියලා...තෝ මොනාද පරයො මගෙ අම්මට කියන්නෙ....ආ යකො....ගෙට පැන්නා මදිවට.....මගෙ අම්මට...තෝ....

..ඒ....ඒ...ඒ මේ මොකද මේ...මල්ලි නරකද කටයි පුකයි වහන් ගිහින් ඔලුවෙ ඉදන් පොරවගන ආපහු මොකුත් නොවුනා වගේ නිදාගත්තා නම්..මොකද උඹවගෙ මෙලෝ රහක් නැති පිස්සු හුත්තෙක් එක්ක කතා කරලා නිකන් වචන නාස්ති කරගන්ඩ බෑනෙ..අනික උඹගෙ තරමටද.....උඹ මූට ගහන්ඩත් යනවා..

..උඹට මුගෙ අතින් පාරක් කන්ඩ හයිය වත් තියනවද.....ම්ම්ම්...උඹ ගැට්ටෙ අමාරුවෙන් වගේ කෑ ගැහුවට ඒ උනාට මචන් මූ කියන්නෙ ඇත්තෙනෙ...ආ..උඹගෙ අම්මා ,උඹ මාමා...මාමා...ගගා කතා කරන මේ මිනිහ එක්ක එකතු වෙලා ජනා අවසන් ගමන් යන හැටි ඇස් දෙකෙම්ම බලන් උන්නනෙ...එහෙම බැලුවම එක පුතෙක්ව මැරෙනකන් බලන් උන්න උඹගෙ අම්මා අම්මෙක්ද....ම්ම්...උඹගෙ අම්මා අම්මෙක්ද....

එහෙම කියනවා නම් වැරදි..මොකද උඹ දන්නවද අම්මලාට පුලුවන් ලමයි ගොඩකට ආදරේ කරන්ඩ.....හැබැයි ඉතින් අම්මලාට විතරයි.....වැදුව පමාවට හැම ගෑනිටම අම්මා වෙන්ඩත් බෑනෙ.....

උඹට නිකන් දෝදු වගේ නම් මං උඹට විහිලු කතාවක් කියන්නම් කන ලන් කරපන්කො....අපෙ අම්මා මට විතරක් නෙවෙ...හොල්මනකුත් දරුකමට හදාගන්නවා....

උදාරයට සද්දයක් දාගන ගියා මදිවට ඌට දෙක තුනක් නෙලන්න හදපු කුඩම්මගෙ ඇටයව මං බෙල්ලෙ පිටිපස්සෙන් ඇදලා මගෙ ගාවට ගත්තා....ඌ අහනවා උගෙ අම්මට කොහොමද එහෙම කියන්නෙ කියලා.....ඇගේම හයිය කටට ගියපු බෝක්කු කටක් තිබ්බ එකාගෙ අහනවා එහෙම කියන්නෙ කොහොමද කියලා ...

එහෙම කියන්නෙ කොහොමද කියලා ඌ ඇහුවට අපි ඔය යස අගේට එහෙම කිව්වෙ....ම්ම්ම්....

අරක රවනවා..කුඩම්මා නම් උන්නෙ යනතමින් පියවි සිහියට එන ගමන් වෙනකොට ජනගෙ තාත්තා ඵෝන් එක අරන් 119ට අමතන්න හදනවා ඒ එක්කම මං උදාරයාදිහා බැලුවා....අනේ ....ඵෝන් එකම රාජසන්තක උනා...

උඹ මොකක්....මෙහෙට දීපන් මගෙ ඵෝන් එක...කිව්වම අහලා ඕක දීපන්...උඹලට අයිතියක් නැ ගෙට පැනලා අපිට මෙහම තර්ජ්නෙ කරන්ඩ ..මැරුන එකා මැරුනා තොපි කියන්නෙ අපිටත් ඌ එක්කම.මරෙන්ඩ කියලද....??ආ යකො....එකා විහින් මැරුනට අපි පලිද ?

හැම තැනමනෙ...ඉල්ලන් ටින්කිරි පුකෙ ගාගන්ඩ එපා අංකල්....කුඩම්මගෙ පුතාගෙ බෙල්ල තියෙන්නෙ අරූගෙ අතෙ. ..ඌ ඔය හිනා වෙලා උන්නට හිනා වෙලා ඉන්නෙ බොරුවට..මොකද උගෙ කොල්ලවත් උඹලගෙ පුතාව උඹලා මරා ගත්තා වගේ.....සරමෙ පිහින්ඩ ඕන උනත් කරුමෙට හිටපු එකෙක් මරාගත්තා ..ඌ ඉන්නෙ ඒ තරහවෙන්....නිකන් මෙතන පෙට්‍ටියෙන් දෙකෙන් ඉවරකරන් යන්න ආව වැඩෙ පෙට්ට් තුනෙන් ඉවර කරගන්න දගලන්න එපා...එකක් මේ සාලෙ පෙට්ටි තුනකට ඉඩ නෑ...අනික ආර්තිකෙ හැටියට පෙට්ටි තුනක් ගන්ඩ උඹලට සල්ලිත් නෑ...අනික කව්ද බන් පෙට්ටි තුනකට කරගහන්නෙ...ඒක හන්දා අපි ඔයා එක්ක සම්පූරනම නඩුවට බහිනකන් පොඩ්ඩක් වනකරගන්නෙ ඇතුව ඉන්න....මගෙ කොල්ලගෙ වචනවලින්ම කියනව නම්....කරන්ඩ ගිය වැඩේ හෙන වේසයි ආ...ඒ හන්දා මේක මං ගාව තිබ්බ දෙන් ..හරිද...

මගෙ කටකොනකින් හිනාවක් මතු උනා....ජනාගෙ තාත්තගෙ ඵෝන් එක උදුරගත්තු උදාරයා ඉපදුන දා ඉදන් ඌ කතාකරපු වචන වලින් වැඩිම වචන ගොඩක් කිව්වෙ අදමද මන්දා.....ජනගෙ තාත්තා කට පියාගත්තා. හැබැයි මට කියන්න බෑ මිනිහා සැලන්ඩර් උනා කියලා ..මොකද ඌ කට පියගත්තට උදාරයත් මාත් දිහා බලන් උන්න විදිහට මේ සෙල්ලම පටන් ගන්නත් කලින් ඌ මෙල්ල උනා කියලා ලිව්වොත්...ඇත්තෙම්ම කතාව නීරස වෙනවා.....

ජනාගෙ තාත්තගෙ කලු ගහපු මුස්පේන්තු මූන දිහා ටික වෙලාවක් බලන් උන්න මං මගෙ අතෙ ඉදන් දගලන මා එක්ක පොර අල්ලන්ඩ හදන කුඩම්මගෙ ඉලන්දාරියා හදන්නෙම මං ලව්වා ඇට තලා ගන්ඩ වෙනකොට මටත් ඕනාවට වඩා හාවා වෙන්න බැරි කමට මං ඒකගෙ නිලයක් ඇල්ලුවා..මොකද ඒකට මගෙයි උදාරයගෙයි වචන පුදුම තදේට වැදිලා තිබුනා....

අ....ආ....ආ..හ්....හ්හ්...අ....අම්...ආ....ආ...ආ....ආහ්හ්හ්හ්...

මගෙ කොල්ලව...මගෙ කොල්ලව අතෑරපන්...යකො.....මං මේ ගමටම ඇහෙන්ඩ කලින් මගෙ කොල්...ලව..අනේ....මගෙ කොල්ලව..අනේ...පුතේ....පුතේ...

ඇයි....උඹට රිදුනද...මන් ඇල්ලුවෙ මුගෙ නිලයක් විතරනෙ....උඹ මරනයක් වෙනකන් ඇස් දෙකන් බලන් උන්න එකියක් හන්දා මං හිතුවා උඹට හිත පපුව නෑ කියලා...ඒ කියන්නෙ උඹටත් රිදෙනවා...ඒ උනාට බන් එදා උඹට රිදුන් නෑනෙ....ම්ම්....උඹ අම්මා හන්දානෙ මූට රිදුනෙ....නේ. ..එතකොට එදා නොරිදුනෙ ඇයි ... ??ඌත් අම්මා නොකිව්වත් කට පුරා නැන්දෙ කිව්වනෙ. නේ...උඹලා උගෙ මුලු පඩියම හූරන් කෑවලු නේ.....පඩි ගන්න දාට විතරයිලු උදේට කිරි එකක් හරි මේස උඩ තියන්නෙ.....ආ...ආ ....කතා කරපන් කතා කරපන්...කතා කරපිය යකො ....බත් මුලක් හරි බැදලා දෙන්නෙ පඩිය ගෙට ගේන දාට විතරලුනෙ...?කතා කරපන්.....

මයුර...නවත්තපන් ...උඹ මේ නාඩගම නවත්තනවද...නැත්තන් මං උඹගෙ මහ එකාට කතා කරලා උඹවගෙ කෙරුවාව කියන්ඩද . 

මට හිනා ගියා. ..අරකගෙ නිලේ ඇල්ලුවත් හරි ඇදි වතේම හුජ්ජ නාගන බිම දිගාවුන පුතන්ඩිය ගැන දරු කැක්කුම ඉහට ගහපු කුඩම්මා මගෙ පුතෙ මගෙ පුතේ ගානකොට මගෙ තෙල් කටාරටම ගානට දර වැටිලා "වෛරයෙ තෙල් බින්දු" කටාරමෙන් එලි පනින්න ගත්තා... .

ජනාට ඇයි එහෙම කෙරුවෙ...ඇයි එහෙම කෙරුවෙ අහන වාරයක් ගානෙම මං කෙරුවෙ ගෑනිට අතක් තියන්ඩ බැරි කමට අරූගෙ අතක් පාගපු එක වෙනකොට ඒකගෙ වේදනව ඉස්සරහා තමුන්ගෙ පුතාගෙ වේදනාව ගාව වත් හිත මෙලෙක් නොවුන මහ එකා මගෙ අප්පච්චි ට කතා කරන්නද ඇහුවා විතරයි ස්කීපර් අජියව ආස්‍රෙ කරන මගෙ අප්පච්චි කියන්නෙත් අම්මා හන්දා පැන්ශන් ගිය මැරයෙක් කියන්න අහම්බෙ වගෙ දැනගත්තු මං කට කොනකින් හිනා වෙලා මිනිහා ගාවින් ඉදගත්තා....

අප්පච්චි ට කියන්න....මාව...?ම්ම්ම්ම්...ම්ම්.....ම්ම්.....ඇයි ඉල්ලන් කන්න හදන්නෙ....හරි...හරි උඹ කෝල් කරපන්කො...කෝල් කරලා එන්ඩ කියපන්කො...ඒත් මොනාද උඹ කියන්න ඉන්නෙ...උඹගෙ පුතා මෙහෙ ඇවිදින් මටයි මගෙ ගෑනිටයි මගෙ ගෑනිගෙ පුතාටයි වද දෙනවා කියන්ඩද.. හරි.....දැන් අපෙ මහා එකා ඇවිදින් මට කනට දෙකක් ගහලා ඇයි එහෙම කරන්ඩ හේතුව ඇහුවොත්...එතකොට මං මොකද කියන්නෙ....???ම්ම්ම්ම්ම්...උදාරයා...මෙයාට කියපන්....මං මොකද කියන්නෙ කියලා...

අරකා තාම හුජ්ජ ගොඩෙ....මං පාගපු අත අල්ලන් ඇඹරෙනවා.....ඒත් ඌට ඇඹරෙන්නවත් පනක් නෑ....අල්ලපු නිලේට ඒකව සම්පූරනම අඩපන වෙලා ගිහින් තියනකොට කුඩම්මා ඒකව ඇදගන කාමරේට යන්න හදනවා....

.අංකල්....මූ මොනා කියයි කියලද හිතන්නෙ....

උදාරයත් ආවා.....ඇවිදින් මිනිහට එහා පැත්තෙන් ඉදගත්තා...දැන් ඌ මැද.....මටයි ඌටයි මැදි වෙලා....ඌ ආවෙ නිකන් නෙවෙ....අර කඹෙත් අරගනම...අතේ තිබුන කඹේ ගෙනත් එතනම තිබුන ටිපෝ එකට දානකොට මම එහෙම්ම මුවහත් කරාපු පිහියත් එතනිම්ම තිබ්බා..මොකද මෙතන ඉදන් තියෙන්නෙ කටින් වචනවලින් ගෙනියන යුද්ධයක් විතරක් වෙනකොට අවසාන තීරනේ එයාගෙ ඉස්සරහා තියනවා.....

අංකල් ඒවි....ඇවිත් මූටත් කනට ගහලා මටත් කන පැලෙන්න දෙකක් ගහයි....හැබැයි ඉතින් හේතු ඇහුවම මූටත් මටත් දෙන්න තියෙන්නෙ කුඩම්මයි....අප්පයි එකතුවෙලා අපේ එකාව මරාගත්තා කියලා කියනකොට ...කොහොමද ඒක...ම්ම්ම්...

ඌ අඩ අඩම ...ජීවත් වෙන්න තව අවස්තාවක් ඉල්ලනකොට උඹම ඌට බෙල්ලට තොන්ඩුව හදලා දුන්නා කියලා කියපුවාම...ඒක කොහොමද .....නැත්තන් ඌ උගෙ අවසාන හුස්ම ටික යවාගන්න අර අත් කකුල් වන වන වන වන කදුලු පෙරනකොටත් උඹලා දෙන්නා උගෙ මලගම ඉස්තීර කරගන්න ඇස් පිල්ලම් නොගහා ආන් අර උලුවැස්සට හේත්තු වෙලා ඌ දිහා බලන් උන්නා කියලා කිව්වොත්....ඒක කොහොමද...උඹ බලන් උන්නා.....

ඒ මූන නිල් වෙනවා උඹ බලන් උන්නා...එහෙම නේ...කොහොමද එක....තමන්ගෙ එකම පුතා.....උඹ නිකමට හිතපන්...මේ මුලු ලෝකෙටම උඹව අප්පච්චි කෙනෙක් කරපු එකම පුතා.....ඌ මේලෝකෙය නාවනම්....ම්ම්ම්ම්..එතකොට.... ඇත්තටම ඌ මේ ලෝකෙට නාවා නම්...ජාතක කරපු උඹම ඌට පොන්න ලේබලෙ ඇලෙව්වට ජනාගෙ අප්පච්චි ....ඌ මේලොකෙට ඉපදිලා උඹට අප්පච්චි කම දෙනගමන්.....රටෙ මිනිස්සු උඹට අලවන්න බලන් උන්න "වඳ "ලේබලේ ගලවල දැම්මා.....හොදට මතක තියාගනින්.....උඹලා මොන දේ කිව්වත්....දරුවො කියන ජාතිය මේ ලෝකෙට නාවොත්.....තොපි ඔක්කොම වඳ බඩු....එහෙමනෙ...හැබැයි උඹ ඌව මරාගත්තා....මගෙ පුතේ කිව්ව කටින් උඹ ඌට මැරියන් කිව්වා ..උඹ ඌව මරාගත්තා....වදාපු උඹම ඌව මරාගත්තා....

නවත්තපන් යකො ඔය බොරු කතාව....කිව්වම අහලා නවත්තපන් ....නවත්තපියව්.....

කිව්වම අහල තොපි දෙන්නම නවත්තපියව්.....

ඇයි ඇයි මේ....ආ...තාම පටන් ගත්තා විතරනෙ ..... ඇයි මේ...උඹ කෑ ගහන්නෙ අපි බොරු කියනව හන්දද ...නැත්තන් මායි මූයි කියන්නෙ උඹයි උඹගෙ මායියයි විතරක් දන්න දෙයක් අපි දෙන්නා දැනගත්තෙ කොහොමද කියලා බය උන හන්දද ..... .ඉදගනින්.....උඹට තවම මේ පටන් ගැන්ම විතරයි...

මට හිනා ගියා...මට හයියෙම්ම හිනා ගියා...ඒත් ඒ හිනාව පුදුමාකාර මූසල කමකින් පිරිලා තිබුනා....පැත්තකින් තිබුන ජනාගෙ පින්තූරෙ ගාවින් අවුලපු පහනෙ දල්ල එහා මෙහා වෙනකොට කොහෙන්දෝ ආව කලු සමනලයෙකුත් එහා මෙහා පියාබද්දි මං ජනාගෙ පින්තූරෙ දිහා බලාගන තවත් හිතා උනා......වෙන මොකටවත් නෙවෙ...ජනාව මරාගත්තු අළුගෝසුවට දැන්මම මගෙයි උදාරයගෙයි මේ වචන වලින් ගෙනියන යුද්දෙ පලවෙනි වටෙම්ම දරාගන්න බැරිඋන හන්දා....

මං හිනා උනා...ජනාගෙ මහ එකා උදාරයටයි මටයි කෑගහගනම නැගිටිනකොට උදාරයා ආයම ඒකව ඇදල සෙටියෙන් වාඩි කරවනකොට මං ඒ මූන දිහා බැලුවා...අර කලු සමනලයා එහාට යනවා ..මෙහාට යනවා.......

ඇත්තටම මට හිනා යන්නෙ නෑ....හිනාවක් විදිහට මගෙ වියරුව එලියට එනකොට මං බලාගන ජනත්ගෙ කාමරේ දොර රෙද්ද ලාවට එහා මෙහා වෙනවා......ඒ ඇද මෙට්ටටෙ පවා තැන් තැන් වල එබෙනවා.....ඒ විතරක් නෙවෙ.....ඊලග තත්පරේදි මං බලාගන ඒ ඇද රෙදි එහා මෙහා වෙනවා....

ජනත්....

දෙවියනේ....ජනත් ඇවිදිල්ලා.....

බල්ලන්ගෙ උඩ බිරුම් මැද .....ජනත් ඇවිදින්....

උඹට ඇහෙනවද.....බල්ලො උඩු බුරනවා....

උඹ දන්නවද .....බල්ලො උඩ බුරන්නෙ ඇයි කියලා....

නවත්තපන්....කිව්වම අහල නවත්තපන්..... තොපෙ ඔය කතා නවත්තපියව්....තොපි හිතුවද මං බය වෙයි කියලා....ආ....

උඹ දැනටමත් ඉන්නෙ බය වෙලා...උඹ දැනටමත් ඉන්නෙ බය වෙලා...මොකද.....ගෙට උඩින් කෑරලෙක් කෑගහන්නවත්.....බස්සො අඩන්නවත් හොද නෑ.....හැබැයි...දැන් ඒ දෙකම ඇහුනා මදිවට බල්ලොත් උඩු බුරනවා.....ඒ විතරක්ද...අර බලපන් අර බිත්තියෙ වහපු කලු සමනලයා...

උඹල ඌව මරා ගත්තා....ඉතින් බය නැද්ද...උඹට නිකන් වත් ඌව මතක් වෙන්නෙ නැද්ද....ඉපදුන ගමන්ම.....මගෙ පුතා කියලා කිරි සුවද ගහන නොදරුවව තුරුල් කරගන අප්පච්චි කෙනෙක් උන උඹම ඌව මරාගත්තා....උඹට වේදනාවක් දැනෙන්නෙ නැද්ද ම්ම්ම්...

ඕ...ඕක...නව...ත්තපන්.....

ඇයි.....ම්ම්...ඇයි නවත්තන්න ඕන...ඌ උඹට කට පුරාවටම අප්පච්චි කියනවා....උඹ සලකන්නෙ මොන විදිහට උනත්...ඌ ගෙයින් පිට වෙනකොට උඹගෙ මේ කකුල් අල්ලල වදිනවා...

මතක් කරපන්...දලදා හාමුදුරුවන්ගෙ පිහිටයි මගෙ පුතෙ කියලා ඔලුව අත ගාපු.....

උඹ එහෙම කිව්වද.....ම්ම්ම්ම්....නෑ....උඹ කවදාවත් මගෙ පුතාට තුරුනුවන්ගෙ සරනයි කියලා කිව්වද.....

නෑ....නේ....

මතක් කරපන්....හොදට මතක් කරපන්....උඹව අප්පෙක් කරපු එකාව උඹ වචනවලින් කී වතාවක් නම් මැරුවද කියලා...දවසට කී වතාවක් උඹ ඌව අමු අමුවෙ මැරුවද මතක් කරපන්....

උඹ උගෙ ඇස් වලට පෙනි පෙනි...අර පින් බතාව කී පාරක් හුරතල් කෙරුවද මතක් කරපන්....

උඹට මතකද.....ඌ පලවෙනි පඩි පැකට් එක ගෙනාව දවස....උඹට මතකද....ම්ම්ම්...වෙන එකෙක් නම් පලවෙනි පඩි පැකට් එක අරන් යන්නෙ යාලුවන්ට බොන්ඩ අරන් දෙන්ඩ...ඒත් ඌ.....උඹට උගෙ හිනාවෙනකොට වල ගැහෙන කම්මුල් මතකද.....

හොදට මතක් කරපන්....ඒ කම්මුල් ආයම කවදාවත් වල ගැහුනද.....

හොදට මතක් කරපන්....ඌ උඹට පලවෙනි පඩියෙම්ම ගෙනාව සරම...පඩි පැකට් එකම උඹගෙ අත්වලට මිටමොලවලා " අප්පච්චි මට අද පඩි ලැබුනා" කියනකොට ...අනේ ඒ අහිංසක ඇස් වල තිබුන හිනාව....උඹ දැක්කද....ම්ම්ම්ම්

උඹ දැක්කද.....

නෑ.....උඹ දැක්කෙ නෑ....

උඹ දැක්කෙ නෑ...දවස ගානෙම උඹ සාප තිබ්බ මිසක....

පිලිකුල් කෙරුව මිසක...උඹ උඹගෙ දරුවගෙ මූනෙ හිනාව දැක්කෙ නෑ...

අප්පච්චි .....මං ගිහින් එන්නම්...

අප්පච්චි ...

අප්පච්චි ....

අප්පච්චි ...

උඹට කවදාවත් ඔය වචනෙ ආය අහන්ඩ පුලුවන්ද .ම්ම්ම්ම්ම්....උත්තර දියන්....උත්තර දියන්...මට.උත්තර දියන් යකො.....

ඌ උඹට අප්පච්චි කිව්වා.....ඒත්....උඹ,උඹ ඌට කතා කෙරුවෙම කාලකන්නියා....කමකට නැති එකා කිය කිය විතරක් නෙවෙ....කුඩම්මගෙ එකාව ලොකු කරන් පහු වෙනකොට කරුමෙට ඉපදුන එකා කිව්වා...කුඩම්මගෙ එකා උඹට අප්පච්චි කියනවද.....ම්ම්ම්.....උඹට කවුරුත් දැන් අප්පච්චි කියනවද.....??????

ජ්...ජනත්...මගෙ.....ද...රුවා.....ඕක නවත්තපන්....ඕක නවත්තපන්...නැත්තන්....මං ..උ...ඹ...ව...

මයුර...යා....හ්.. ..අතැරපන්....කාලකන්නියා...එකෙක්.මරාගත්තා මදිවට.....

ඇයි....උඹ මාව මරන්ඩද ...මරපන්....පුලුවන් නම්....කැහ්....කැහ්...මරපන්.....ඇනපන්...ඉතින්...කපපන්.....උඹ මාව මරලා...මගෙ බෙල්ලෙන් වැටෙන පලවෙනි ලේ බින්දුවෙ උනුහුම යන්ඩත් කලින් මගෙ අප්පච්චි උඹව කීතු කරයි...

මයුරයා.....ටෞක..න්...ඩ.....කැපිලා...මේක තදකරගනින්....

න්..නෑ...අවුලක් නෑ.....

උඹට අවුල් නැති උනාට....යකො මට අවුල්...මේක තියාගන්.....එකෙක් මරාගත්තා මදිවට උඹට මූවත් මරාගන්න ඕනද....ඔව්...උඹට උඹගෙ එකාව මරාගත්තා නම්....අනුන්ගෙ එවුන් මරන්ඩ අමාරු නෑනෙ...ඇයි....ආ...ඇයි උඹ...මොකද....මූට පිහිය තිබ්බා වගේ මටත් තියන්ඩ ඕනද ..තියලා බලපන්.....උඹගෙ ඇගිලි දහය ඉතුරුවෙයිද බලන්ඩ....කපනවා.....දැනගනින්....හැබැයි ඇගිලි නෙවෙ...බෙල්ලම!

මං බෙල්ල.....අල්ලගත්තා....මං හිතන්නෙ අරූට මගෙ වචනවල රස්නෙ දරාගන්න බැරි උනා....ඌට මගෙ ඊයම් බරු වගේ වචන උහුලගන්ඩම බැරි උනා විතරක් නෙවෙ ඒකට මාව මරන්ඩ තරම් කේන්තියක් ආවා වගේම ටිපෝ එක උඩ තිබුන මුවහත් කරාපු පිහිය අරගන මගෙ බෙල්ලට තද කෙරුවා විතරයි පැන්පු ගමන් උදාරයා ඒකගෙ අත අනිත් අතට ඇබරුවා.....ඒත් ඒ වෙනකොටත් මගෙ උඩුහම කැපිලා තිබුනා.....

උඹල පලයල්ල...වෙච්ච ..දේවල් උනා....ඌ මැරුනා...ඌ ...යන්න ගියා.....මට තවත් තොපෙ කතා අහන්න ඕන නෑ...යමල්ලා....තොපි එකෙක් වත් ආපහු මගෙ මුනට මුලිච්චි නොවී පලයල්ලා.....

එතකොට හරිද....ඌ මැරුනා...නෑ...නෑ....උඹලා ඌව මරාගත්තා.......උඹ හිතන්නෙ කතාව.මෙතනින් අහවරයි කියලද...නෑ...අපො....නෑ...ඇයි උඹගෙ මායියා ඌට කරාපු වෙනස් කම් අහන්නෙ නැද්ද....

"අම්මා නැති අසරනයා...අම්ම නැති අසරනයට අම්මෙක් ඕනා....."

යකො මොන පරයද තොට ඔය විසබීජෙ ඔලුවට දැම්මෙ....අම්මා නැති අසරනයා නෙවෙ තොපි එකතු වෙලා අපේ එකාව අසරන කෙරුවා.....අම්මෙක් කියන්නෙ එක අම්මයි.....අම්මා මැරුනම තව ගේන අම්මට පුලුවන්ද අම්මෙක් වෙන්ඩ....බෑ යකො...ලොවෙත් බෑ...අර පූරුවෙ පිනකට එහෙම අම්මෙක් හම්බ උනත් මොන කුඩම්මද හොද උනෙ....අම්මා නැති අසරනයට අම්මෙක් කෙසේවෙතත්....තොට ගෑනියෙක් ගෙනාවා.....

ඕක එහෙම හදපිය...අම්මා නැති දරුවා...නෑ යකො...ගෑනි නැතො.මිනිහා කියලා හදාපිය...තොපි අපේ එකාව මරාගත්තා...

මතක් කරපන්..මතක් කරපන්...අර අම්මන්ඩි ඒකට දුන්න වද....ඒකට ආදරයක් තිබුනද....නෑ...නෑ....ඌට තොපි ආදරයක් දුන්නෙ නෑ....

හොදට මතක් කරපන්...කවදද උඹ උඹගෙ පුතාව අවසාන වතාවට තුරුල් කරගත්තෙ....

අවසාන වතාවට ආදරෙයි කිව්වෙ....

උඹ කවදාවත් ආදරෙයි කිව්වෙ නෑ....උඹගෙ ලෝකෙම අර මායියා....ඌ තට්ට තනියෙන් රෑ එලි වෙනකන් ඇඩුවා....ඌ උඹගෙන් උගෙ අප්පච්චිව ඉල්ලුවා....වැඩක් නෑ.....වැඩක් නෑ.....ඒ වෙනකොටත් උගෙ අප්පච්චි අලුත් මායියගෙ රහට වහ වැටිලා....උඹට උඹගෙ දරුව අමතක උනා....හැබැයි උඹට උඹවත් ජාතකේ නොදුන්න එකා ලොකු උනා....

ඌ උඹලා හැමෝගෙම්ම ආදරේ ඉල්ලුව...දවස ගෙවුනා...අවුරුදු ගෙවුනා.....උගෙ කොට්ටෙ කදුලු වලින්ම එන්න එන්න බර උනා.....උගෙ අර වල ගැහෙන කම්මුල් වල හිනාව දවසින් දවස....දවසින් දවස මැරෙන්න ගත්තා....

දවස් ගෙවුනා...අවුරුදු ගෙවුනා....ඌ උඹගෙ ලෝකෙ අස්සෙ පිටස්තරයෙක් උනා...

උඹගෙ ලෝකෙ ඌට දොරවල් වැහුනා.....

හැබැයි ඌගෙ ලෝකෙ අස්සෙ....උඹයි අප්පච්චි ....යකො....උඹයි උගෙ මුල් තැන්.....ඌ ඔය කකුල් අල්ලනකොට පරිස්සමින් ගිහින් වරෙන් පුතෙ කියන්ඩ උඹගෙ කටෙ හොරි උනාට....උගෙ කටෙ උඹට හැමදාම තුරුනුවන්ගෙ සරනයි අප්පච්චි කියන වචනෙ තිබ්බා....මතක් කරපන්....අඩන්නෙ නැතුව මතක් කරපන්...හොදට මතක් කරපන්.....උඹ ඇඩුවා කියලා වැඩක් නෑ...

.උඹලා උඹලගෙ ජීවිත ඇතුලෙ ජනත් කියන් අහිංසක මනුස්සයව පිටස්තරෙක් කෙරුවා.....

ඒ වේදනාව....හිතපන්...දරාගන්න පුලුවන්ද ම්ම්ම්...

දරාගන්න හයිය තියනවද....

.උඹලා ඌට බෙල්ලට ගැටේ දාලා දුන්නට...ඊට කලින් ඌ මැරිලා...උඹ ඌව දරු කමින් අහක් කරපු දාම ඌ මැරුනා.බන්....

කරුමෙට ඉපදුනා කියපු දාම ඌ මැරුනා....

ඌ වැරදිද...

නෑ.....ඌ වැරදි නෑ.....

ඌ හෙව්වෙ ආදරේ...ඌට ඕන උනෙ උගෙ ජීවිතේ බෙදාගන්න කෙනෙක්.....උඹලගෙ ලෝකවල උඹලා තනිවෙද්දි...ඌට ඕන උනෙත් උඹලා වගේම සැනසීමෙන් හුස්ම ගන්න....ජීවිතෙ බෙද්සගන්න...

පඩි දවසට විතරක් බත් එකක් දෙන...පඩි දවස ලන්වෙනකොට විතරක් කෑවද බිව්වද අහන කපටි ගෑනියෙක්ට ඌ හම්බකරන සතේ ඉදම්ම දුන්නත් කවදාවත් ඇහුවද උගෙ පඩියට තොපි මොකද කරන්නෙ කියලා....

උත්තර දියන්....උඹගෙ පුතාගෙ නිල අල්ලනකොට උඹව මැරෙන්ඩ ආවා....ඒත් උඹ මෙ පුතාව නොමර මැරුවා....උඹට කවදාවත් පව් කියලා හිතුන් නැද්ද...පොල් වෙනුවෙට පොල් කුඩ්ඩෙන් හදන සම්බෝලයක් එක්ක ඌට බත් පත බදිනකොට උඹගෙ පපුව ඇවුලුන් නැද්ද...ම්ම්ම්ම්ම්ම්

උඹලා හැමෝම කිරි බීලා උගෙ කෝප්පෙට විතරක් කහට හදන කොට උඹගෙ පපුව ඇදුම් කෑවෙ නැද්ද....

.....උඹ උඹගෙ පිනට ගිලින පුතන්ඩියා ගැන හොද කිය කිය බිම් කරුවල මහ පොලවට වැටෙන්ඩ කලින් ගෙයින් පිට වෙන.....බිම් කරුවල වැටිලා උඹලත් ගිලල බුදියන්ඩ ලැහැස්ති වෙනකොට ගෙට ගොඩ වෙන ඌ ගැන කේලන් කියනකොට උඹට පව් කියලා හිතුන් නැද්ද.....

උඹ අම්මෙක්ද.....කියපන්.....

උඹ අම්මෙක්ද යකො.....???

නෑ..උඹට කිරි එරුනක එකත් පවක්.....උඹ අම්මා නමටත් ලැජ්ජාවක්....උඹ බලන් උන්නා.....පුතෙක් වදාපු උඹ බලන් උන්නා....ඌ පන අදින එක උඹ බලන් උන්නා...ඌ හුස්ම යවන්ඩ විදපු දුක ඌ බලන් උන්නා..... අනේ....උගෙ ඇස් වලින් කදුලු වැටෙනකොට මරනෙ වේදනාව දරන්ඩ බැරිව දගලනකොට උඹලගෙ පකෙ නම්බුව රකින්ඩ ආදරේ හොයාපු වරදට ඌ අවසනෙදි ඇස් පියවනවා උඹ බලන් උන්නා...

උදාරයා කෑ ගහනවා.....එහාටත් යනකොට පුටුවකට පයින් අනිනවා.....මෙහාටත් යනකොට පුටුවකට පයින් අනිවා...මේ ඉන්නෙ ජනාගෙ අප්පච්චි නොවුනා නම්...දෙවියො බුදුන් පල්ලයි....ඌ මූව ගහලම මරනවා.....මේ ගෑනිව ගහලා මරනවා.....

මගෙ බෙල්ල දිගේ තවමත් ලේබින්දු වෑස්සෙනවා...අවසානෙදි මං තදකරන් ඉදලමද කොහෙදෝ අර වෑස්සුන ලේ බින්දුව දෙක තුන එහෙම්ම ගල් ගැහෙනකොට අනේ මං ඒ ඇස් දෙක දැක්කා....

එයා ඉන්නවා....මගෙ පන ආයම නාවත්....එයාගෙ ගෙදරට එයා ඇවිදින් උන්නා....ඒ ඇස් අඩනවා...හිනා වෙනකොට වල ගැහෙන කම්මුල් වල හිනාව හේදිලා ගිහින් තියනකොට මං බලාගන බාල්කෙ උඩ ඉදන් ඉන්න එයා බාල්කෙ අත්වලින් මිරිකගන කදුලු පෙරනවා....මං එහෙම්ම ජනාගෙ අප්පච්චි දිහා බැලුවා....

හෝරා ගානක් ගෙවිලා....උදාරයගෙ කට වෙලිලා ගිහින් ...මගෙ කටේ කෙල හිදිලා තිබුනා...මාරාන්තික වාග් ප්‍රාහාර ගොඩකට පස්සෙ ජනාගෙ මහ එකාට අඩන්න කදුලු ගේන්න උනා...කුඩම්මට අඩන්න වචන ගේන්න උනා...

ඒකා අඩනවා....ඒකි අඩනවා....මෙච්චර කල් වෙච්ච දේවල් එකින් එක...එකින් එක මතක් කරනකොට කුඩම්මා එක කොනක ඉදන් පපුව මිරිකන් උන්නා වගේම ජනාගෙ අප්පච්චි මෙතන ඉදන් ඒකගෙ කෙස් අහුරු අහුරු ගලවගන්න ගමන් මගෙ පුතා...මගෙ කොල්ලා ගගා ඉකිගහන්න ගත්තා....

ඒත් ඒවා දැන් පලක් තියනවද....උගෙ පව්ල ඇතුලෙම ඌව පිටස්තරයෙක් කරාපු මහ එකා මගෙ පුතා ගගා දැන් ඇඩුවට වැඩක් තියනවද ...

නෑ...දැන් වැඩක් නෑ....

ජීවත් වෙනකාලෙදි මලක් නොලැබුන මිනිස්සුන්ට මලාට පස්සෙ මොකටද මල් වඩම්....

ජීවිතේට හොදක් නාහපු මනුස්සයෙක්ගෙ මලගමට මොකටද ගුණ කතා.....

මං එහෙම්ම ජනත්ගෙ අප්පච්චි දිහා බැලුවා....ඌ සමාව ඉල්ලනවා...ජනාගෙ පින්තුරේ ගාවට ගිහින් උන් වැරදි කියනවා...ඒත් මේක ලේසියට සමාව දෙන්න ඕන කාරනාවක් නෙවෙයි ...මොකටද.....

ආදරෙයි කියන වචනෙටයි.....සමාව කියන වචනෙටයි....ස්තූතියි කියන වචනෙටයි මෙ ලෝකෙ ඉහලම වටිනාකමක් තියනවා...මන් හිතන්නෙ ඒ වචනවලට දෙන්න මිලක් නෑ...හැබැයි සමාව දෙන්න ඕන තැනට.....ඕන නැති තැනට මොකටද කියන්න නොදැන වියදම් කරනවා කියන්නෙම ඒ වචනෙ බාල්දු කරනවා කියන එක....

මන් ජනාගෙ අප්පච්චි ගෙන් ජනත්ව ආපිට උදුරගත්තා....උදුරන් ආයම මේසෙ උඩින් තිබ්බා....මොකද.....ජනත් වගෙ පුතෙක්ව ලබාගන්න මේ මිනිහට පින නෑ...

ඇඩුවා කියලා...උඹ මරාගත්තු පුතා ආය එනවද....ම්ම්ම්ම්....නෑ.....උඹ සමාව ගත්තා කියලා උඹ කරපු වැරද්ද ආය හදන්න පුලුවන්ද .....ම්ම්ම්ම්...ඒත් බෑ....

ඒක හන්දා උඹ අඩලා තේරුමක් නෑ.....උඹ වගේ අප්පච්චි කෙනෙක් ට ඌවගේ පුතෙක් ලබන්ඩ උඹ සුදුසුත් නෑ.....

අඩන එක නවත්තපන්....මොකද උඹලගෙ කදුලු විහිලු විතරයි....

උඹ දන්නවද අංකල්....කොල්ලෙක්ගෙ කොලු කමේ අවසානෙ.....ඌ අප්පච්චි කෙනෙක් වෙන තැනලු...උඹට මතකද ....උඹ ඌව දැකපු මුල්ම තත්පරේ....ම්ම්ම්ම්

අනේ...මගෙ....රත්තරන් .....පුතේ.....අප්පච්චි ට ...බැරි...උනා.....උඹව තේරුම් ගන්න....

උඹට මතකද.....මගෙ පුතා කියලා ඌව තුරුල් කරගත්තු පලවෙනි.....මොහොත....

ඌ උඹට මුලින්ම අප්පච්චි කියපු දවස....

ඒ වගේම.....ඌ උඹට අවසානෙටම අප්පච්චි කියලා කතා කරපු දවස....

....උඹලගෙ ලෝකෙ ඇතුලෙ උඹලා ඌව පිටස්තරයෙක් කෙරුවා....ඒ වේදනාවෙ තරම උඹලට හිතන්න පුලුවන්ද ...අවසානෙදි ඌ ඌට කියලා ආදරයක් හොයන්න ගත්තා....

දන්නවද.....ඒකත් උඹලට වැරද්දක් උනා.....උඹලට අනුව ලැජ්ජාවක් උනා....පිලිකුලක් උනා...මොකද උඹගෙ පුතා...උඹට ලේලියෙක් නෙවෙ...තවත් පුතෙක්ව ගේන්න හදලා තිබ්බෙ....

උඹ දන්නවද.....උඹල හන්දා ඌට උගෙ ආදරේ වත් කියාගන්ඩ බැරි උනා...උඹලා ඌව මරාගත්තා.....ඌ දුක් විදින හැටි බලන් උන්නා....උගෙ මරනමංචකේ වේදනාව ජාතක කරපු උඹම බලන් උන්නා....

උඹගෙ හිත එක දශමෙකින් වත් රිදුන් නැද්ද....අවසානම මොහොතේ වත් උගෙ තොන්ඩුව කපන්න හිතුන් නැද්ද.....

උඹ දන්නවද....මං අද මගෙ අප්පච්චි ට පින් දෙනවා....සම්මතේ රකින්ඩ තමන්ගෙ එකා බිලිදෙන අප්පච්චි කෙනෙක්‍ට වඩා....සම්මතේ බිලිදීලා තමන්ගෙ එකා රකින මගෙ අප්පච්චි බුදු වෙන්න ඕන....

උඹ අප්පච්චි කියන නමටත් කැලලක්....උඹ අප්පච්චි කෙනෙක් වෙන්න සුදුසුන්වත් නැති එකෙක්....

උඹ ඒ ඇස් අඩවලා...හිත රිදවලා මරාගත්තා.....

මින් එහා මං මොනවත් කියන්නෙ නෑ...මොකද.....තේරුමක් නෑ....

හැබැයි...අවසානෙදි මං උඹට දෙයක් කියන්නම්....උඹල.උගෙන් උදුර ගත්තු ජීවිතෙයි...සතුටයි.....මරනෙන් පස්සෙ හරි පුංචි දේවදූතයෙක් ඌට ආපිට ගෙනත් දුන්නා.....

උන් දෙන්නා හිනා උනා...උඹගෙ පුතා හිනා උනා....ඇස්වල කදුලු නැතුවම හිනා උනා.....උන් ආදරේ කෙරුවා.....උඹගෙ පුතා...තවත් පිටස්තරයෙක් නෙවෙ.....

හැබැයි....ඒක මායාවක්....

යතාර්තෙදි උඹගෙ දරුවා උඹ අතින් මැරුම් කෑවා...

උඹව අප්පච්චි තනතුරට තියාපු දරුවව උඹ මරාගත්තා...

.ජනත්....මගෙ....රත්තරනේ....අනේ....මට....උඹව.....තේරුම්....ගන්න.....බැරි උනා....මං...රටේ ලෝකෙ උන් ගැන හිතුවා.....මං...මගෙ පුතාව...අසරන....කෙරුවා......මගෙ..පුතෙ....මං උඹ මැරෙන හැටි බලන් උන්නා......අනෙ.....මන් උඹට.....නොකියපු කතාවක් නෑ....

මන් නිහඩ උනා....මෙතනින් අපෙ කතා අහවරයි....උදාරයත් අහවර උනා...හෝරා දෙක තුනක් ඇතුලත ජනත් විදවපු හැම වේදනාවක්ම වචන කරපු මං අවසානෙදි උදාරයා ගාවින් හිටගන්නකොට ඌව මරාගත්තු ඝාතකයන්ට උන්ගෙ හෘද සාක්කියෙන් බේරුමක් නැති උනා....ඉවරයක් නැතුවම නඩු අහන පපුව උන්ව අමු අමුවෙම වැරදි කාරයො කරනකොට ජනාගෙ අප්පච්චි අඩලා වැලපිලා ඒකගෙ කොන්ඩෙ සහමුලිම්ම උගුල්ලන් අවසානෙදි සිහි විකල්ලෙන් වගේ මගෙ දිහාව බැලුව.....

මං..සමාව...ගන්ඩ....මගෙ පුතාගෙන් සමාව...ගන්ඩ....මොනවද...කරන්ඩ...ඕනෙ...මගෙ...මං..මගෙ.....කොල්ලව....මරාගත්තා.....මං.මගෙ..දරුවව.....මරාගත්තා....අයියො..මගෙ...පුතෙ...මං උඹව...මරාගත්තා....මගෙ...පුතේ.....මං.උඹව...මරාගත්තා ....

මං නෙවෙ වචනයක් කිව්වෙ....මගෙත් උදාරයගෙත් කකුල් ගාව වැටීගන මොනද කරන්න ඕනෙ...මොනවද කරන්න ඕනෙ අහනකොට මං එහෙම්ම බෙල්ල හරවලා ජනත් දිහා බැලුවා...එයා තවම බාල්කෙ උඩ.....පවුල අස්සෙම පිටස්තරයෙකු උන ඒ අහිංසක මනුස්සයව මරාගත්තු මුන්ට මොන තුන් ලෝකෙන්වත් සමාවක්.තියෙයිද....

.උඹට වෙච්ච වැරද්ද හදන්න ඕනද...

ඔ..ඔව්....මට...මගෙ....දරුවට...මගෙ...අතින්....උන...වැරද්දට...සමාව...ගන්ඩ...

ඕනෙ...මට...බැරි...උනා...ජනත්...මට..බැරි උනා..පුතෙ..එක...දවසක් උඹව ආදරෙන්..බලාගන්න...මට.....බැරි උනා.....මං මොකක්ද කරන්ඩ ඕන කියාපල්ලා.....මං....මං...ඕනම..දඩුවමකට...ලෑස්තියි......මම...ඕනම..දඩුවමක්ට...ලෑස්ති...මගෙ...පුතේ...මං උඹට නොකියපු කතාවක් නෑ....මං...උඹට..නොදුන්න...වේදනාවක් නෑ.....

අරූ මනස්තාපනෙ වෙන්න ගත්තා...තමන්ම තමන්ගෙ දරුවට කියපු කතා වලට ඌම ඌට ගහගන්නකොට මං එහෙම්ම මිනිහා ගාවට කිට්ටු උනා....

උඹ ඕන දඩුවමකට යටත් ද....උඹයි උඹගෙ මායියයි දෙන්නම....ම්ම්ම්

ඕන..දඩුවමක්....ඕ...න..දඩුවමක්.....

මං ඇස් හීනි කෙරුවා....ඕනම දඩුවමකට යටයි කියනකොට මගෙ ඇස් හීනි උනා.....ඒක උන්ගෙ තෝරගැනීම

....ම්ම්ම්.....තීර්නයක් ගනින්...උඹලට පුලුවන් ජීවත් වෙන්නත්....ජීවිතේ අතාරින්නත්...හැබැයි....ජීවත් වෙන්න තෝරගන්නවා නම්....කොන්දේසි දෙකයි....ඇප දෙකයි....!

.......අහිංසක හිතක් අමු අමුවෙ මරාපු දිවත්...

උඹම ජාතකෙ දුන්න දරුවගෙ පණ ටික යන හැටි බලන් උන්න ඇසුත්....

ඉතින්....උඹට පුලුවන් ජීවිතේද.....මරනෙද...තීරනේ උඹගෙ අතෙ.....!

🥺......

More Chapters