Ficool

Chapter 41 - 41

ම්ම්ම්...ම්ම්ම්....මේ.කොල්ලා තවම නිදි නේ.....

එක අතකට ඒ කොල්ලට ඇත්තටම කන්න නැති එකෙක්ද දන්නෙ නෑ මහත්තයා .....

ම්ම්ම්....පෙනුමෙන් එහෙමමත් කියන්න බෑ....පොඩි එකෙක්...අනික ඉසෝලෙ යන උන් මේ කාලෙට කොහොමත් ඔහොම තමයි...ඒත් මේකව හිස් අතින් යවන්න හොද නෑ..අර පිටිපනට බෙදන්න තියන සලාකවලින් එකක් දානවා....මහනජන...මුදල් වලිම්ම...මහජන ආදාර....මොකද...අපිට මහ ලොකු ගානක් පාස්වෙනවද අයිසෙ....යන්තන් අර පාලමෙ වැඩේ හින්දා පොඩ්ඩක් ඉහ ගැහුවා....

මම අහන් උන්නා..අනෙ මේ ගොන් මදාවියා හිතන්නෙ මට කන්න බොන්න නෑ කියලා ..අනෙ යකො අපේ ගෙදර තුන් වේලටම කන්න තියනවා තව අමතර වේලුත් කන්න තියනවා...කඩෙන් කන්න කියලා අම්මයි තාත්‍තයි සල්ලිත් දෙනවා....

මම හොරා වගේ ඉදන් ඔක්කොම අහගත්තා .....මට මූ එක්ක යාලුවෙන්න තිබ්බා නම්....

මම ඇස් පියාගනම කල්පනා කෙරුවා ...මූහින්දයි ඔක්කොම දේවල් උනේ සංධීර්ගෙ සර්වාංගෙම පුරාවටම පිච්චුන පාරවල් තියෙන්නෙ මූ හින්දයි...මූ හින්දයි මට අම්මවයි බාප්පවයි නැති උනේ .. . මූ හින්දයි සංධීර් අදටත් හැංගිල් ඉන්නෙ.....

ඇත්තටම මූ හින්දා නෙවෙද එයා හැංගිලා ඉන්නෙ...එයා බය ඇති ආයම මූ ඇවිත් එයාව මරයි කියලා ....

නෑ නෑ සංධීර්.....මම ආය නම් ඔයාට මොකුත් වෙන්න දෙන්නෙ නෑ....

තවත් තත්පර ගානක් ඇස් පියාගන උන්න මම කැහැ කැහැ ඇස් ඇරියා...හැබැයි අනේ අපරාදෙ කියන්න බෑ මෙතන නම අර සමාජ සත්කාර තිබුන් නෑ...පපුවට අත තියන් කැහැපු මට වතුර එකක් දෙන්න බල්ලෙක් උන්නෙ නෑ....

ම්ම්ම්...ඉලන්දාරියා නැකිට්ටද ....

කැහැ කැහැ උන්න මගෙ දිහා බලන් උන්න ඇමති පුතා මගෙන් නැකිට්ටද ඇහුවා...මූ නම් මහ මෝඩ මූසලයෙක් කැස්ස දැක දැක වතුර උගුරක් දෙන්නෙ නෑනෙ.....ඔන්න මෙතන කවුරු හරි උන්නා නම් මට මූ කෘතිම සුවසෙනෙත් දෙන්න ගියා ..මෝඩ මූසලයා

කැහ්...කැහ්...ම්...මං..ම්ම්..මේ...ක්ක්...කොහෙද මහත්...තයා....

ඉන්නෙ නම්....මගෙ ඔෆිස් එකෙ...ඔය ලමයට පාරෙදි පොඩි කලන්තයක් ඇල්ලුව...මෙහෙ එන්නකො....මෙතනින් වාඩිවෙන්නකො...

කැහ්...කැහ්.....

ඒකා මට එන්න කිව්වා...මගෙ දිහා බලලා ඒකගෙ මේසෙ ඉස්සරහ තිබුන පුටුවෙන් ඉදගන්න කියනකොට මම පොඩ්ඩක් කකුලකුත් ඇද්දෙව්වා...යෝහ්....තාත්තගෙ කොල්ලට යන්න තිබ්බෙ නාට්‍ය හා රංගකලාව කරන්න ..එහෙම උනානම් කොච්චර හොද තැනක ඉන්න ගියාද....

ඒත් ඉතින් මාව ඔය දෙබස් තියන ඒවාට සිංදුවලට ගන්නෙ නෑනෙ...පොඩි කාලෙ නම් ගත්තෙ නෑ....පහු පහුවෙනකොට ගන්නෙ නැති බව දන්න හන්දම මම ගියේ නෑ.....අනේ මන්දා....ගොත ගැහුවත් මට සනහර සිංදු කියා ගන්න පුලුවන් ....මටතවම මතකයි...හතර වසරෙදි සිංහල අලුත් අවුරුද්දට තිබුන කොන්සර්ට් එක්ට අම්මා සරමයි ශර්ට් එකයි ගෙනත් දුන්නත්.....අපේ ටීචර් මාව දැම්මෙ අන්තීම පේලියට....මම උන්නත් නෑ වගේ.....

ඉදි ආප්ප මිරිකලා...මිරිකලා....උදේ ඉදන් රෑ වෙනකන් ලිපේ දුම් කාපු අම්මට මාව හොයා ගන්න බැරිව ගියා.....තාත්තට මාව හොයා ගන්න බැරිව ගියා...

මම එදයින් එදා හිතා ගත්තා...මගෙ ජීවිතේ කිසිම තැනක ආයම ස්ටේජ් එකක් උඩට නගින් නෑය කියලා...

ඇවිල්ල ඇවිල්ලා සිංහල අවුරුද්ද ඇවිල්ලා...කිය කිය නටන්න තිබුනෙ.....

අඩුපාඩු තියනවා..නැත්තෙ නෑ....සර්ව සම්පුරන මිනිස්සු මේ ලෝකෙට ඉපදෙන්නෙ නෑනෙ...ළමයි කොන් කරපු එක...විහිලු කරපු එක දරාගන්න පුලුවන් ...ඒත් ...සමහර වෙලාවට ගුරුවරු ....

නැකිටලා ජේදයක් කියවන්න දුන්නම කියාගන්න බැරි වෙනකොට "සංජා ඉදගන්න....අද පීරියඩ් එක ඉවරවෙනවක්කම කියවයි"කියනකොට මුලු පන්තියේම ලමයි හිනා වෙනකොට මට දැනෙන්නම මම කාන්තාරෙක අතරමන් වෙලා වගෙ.....

අතීතෙට ගිහින් හිත රිදවගත්තු මම වර්තමානෙ උන්නෙ වෙනමම ලෙවල් එකක....

ඇත්ත මම ගොතයි ....

මට රිදෙනවා....

මාව තැලෙනවා...

හැබැයි ...තැලුන යකඩෙ තමයි මහත්තයො...මුවහත් වෙන්නෙ....ම්ම්ම්....අපි බලමු අශාන් සිල්වා....ඔයා මට නැති කෙරුවෙ සංධීර් එක්ක මගෙ හැම දේම....

ඔලුව චුට්ටක් වනල කනක් කසපු මම එහෙම්ම ගිහින් එයා ගාවින් ඉදන් මගෙ අස් දෙක බෝල කර ගත්තා... බෝල කර හෙන දුක හිතෙන විදිහට බලන් උන්නා...

බඩගිනිද...මොනවද උදේට් කෑවෙ.....

ඒකා මගෙන් බඩගිනිද අහනවා....මොනවද උදේට කෑවෙ අහනවා....උදේට නෙවෙ මම තාත්තා ලව්වා දවලටත් කව්ව ගත්තා ඒ උනත් දැන් වාතවර්නෙ හැටියට අනුකම්පාව අරගන්න ඕනා නම් කාපු බීපුවා කියන්න බෑනෙ....නේ....

මම ඔලුව චුට්ටක් ඇලකෙරුවා....ඒකා උදේට කෑවෙ මොනවද අහනකොට ඊයෙ පෙරේදා ලංකාදීපෙ තිබුන කුරුම්බා ලොදේ ඉස්කෝලේ අරන් ගිය ගෑනු ලමයව මතක් උන මම උදේට කෑවෙ නෑ කුරුම්බා බිව්වා කියන්න කට හැදුවා...වැඩේ ගැස්සුනොත් කියනවා ගෑස් අමාරුව හින්දයි මහත්තයො කුරුම්බා බිව්වෙ කියලා ...

ක්ක්.....ක්ක්..කෑවෙ...න්නෑ මහත්තයා...ක්ක්..කුරුම්බා...බ්බ්..බිව්වෙ...

කුරුම්බා බිව්වෙ කියලා ගොතගහපු මම බිම බලා ගත්තා....කකුලක එක බාටයක් විතරක් තිබ්බ බාටෙ නැති කකුලෙ ඇගිලිවලින් ටයිල් පොලවෙ බලි කුරුටු අදින්න ගත්තා.....ඇස් දෙක දොහා බැලුවොත් හොර අහුවෙනවා...

ම්ම්ම්ම්...පොඩ්ඩක් ඉන්නකො...

මම ඔලුව ඉස්සුවා....එයා මට පොඩ්ඩක් ඉන්න කිව්වා...කන්න දෙන්නද දන්නෙ නෑ. ..... කියන්න ඕනා අපෙ ගෙදර ජන්ද ඔක්කොම මහත්තයලාට තමයි කියලා .....තාත්තත් කිව්වනෙ...කියපන් දෙන්නම් කිව්වා කියලා ...

.පොඩ්ඩක් ඉන්න කියනකොට මම ඔලුව හොලවලා ආයම පොඩ්ඩක් කහින්න ගත්තා විතරයි එයා මා දිහා බලලා ඒකගෙ මේසෙ උඩ පීරිසියකින් වහලා තිබුන වතුර විදුරුව මගෙ අතට දෙනකොට මම තනි අතින් ගන්නෙ නැතුව අත් දෙකෙම්ම අරන් එක හුස්මට බොන්න ගත්තා....

තනි අතින් අරන් කඩින් කඩ බිව්වම දුක හිතෙන් නෑ....අත් දෙකෙම්ම අල්ලන් ජීවිතේට වතුර නොදැකපු එකා වගෙ එක හුස්මට බොනකොට බලන් ඉන්න ඕන යකෙක්ට දුක හිතෙනවා.... අනික හත් දවසකින් කාලා නෑ කියලා හිතෙනවා... ...

මම එකම හුස්මට වතුර එක බීලා ස්තූතියි කියලත් කියලා පිට අල්ලෙන් කට පිහින්න හදනකොට මගෙ දිහා බලන් උන්න එයා ටිශූ එකක් දුන්නා.. 

.යෝ.....හ්...යෝහ්....දුක හිතිලා...පුතුකියත

👉👈.....

දයාරත්ත.....

මගෙ පැත්තට ටිශූ එකක් දුන්න ඇමති පුතා මේසෙ උඩ තිබුන බෙල් එක ගහලා කාට හරි කතා කෙරුවා දයාරත්න.... ම්ම්ම්ම්....දයා රත්න.....දයාරත්න......අපි එයාගෙ නමත් ඔලුවට ඇතුල් කර ගම්මු...

මහත්තයා .....

ගුණවර්ධන ගියාද?

ඔව් මහත්තයා....

මේ ලමයට කිරි තේ එකක් එක්ක කන්න මොනව හරි ගේනවා...බිස්කට් මොනවාහරි තියනවද.....

බැටකැරෝල්ස් තියනවා...මාරි තියනවා...

ම්ම්....ඒකත් එක්ක අර සලාක මල්ලකුත් ගේනවා....එකටම අර එක්සයිස් පොත් පැකට් එකකුත් දානවා...සීල් එක ගහලා නැත්තන් එකත් ගහනවා....

හරි මහත්තයා ....

.අපේ...අපො....මාරි නම් එපා.....අනික.මේ දවස් වලබිස්කට් ගනන් හින්දා සුකුරුත්තන් විස්කෝතුවක් කාපු කාලයක් මතක නෑ....බැටකැ‍රෝල්ස්.නම්....ගෙනාවත් කමක් නෑ...කිරි තේ කිව්වෙ මොනවද දන්නෙ නෑ..මං බොන්නෙ පැලවත්ත විතරයි...මිසිස් පෙරේරගෙ ඒවා දූවිලි වගේ...නැත්තන් ඇන්ලීන් චොකලට් එක උනත් කමක් නෑ...ඇන්කර් හදනවා නම්...ඒත් කමක් නෑ...හැබැයි ඇනකර් රෙඩ් කව් නම් හොදයි....නැත්තන් තාත්තගෙ කොල්ලට සෙම ඇවිස්සෙනවා.....ම්ම්....පොතුත් දෙන්න කිව්වා..වෙලහට පොතෙන් පොතටම ඒකගෙ පියානෝගෙ නම ගහයිද දන්නෙ නෑ අපෝ...

ඔය දෙනවා කියපු සලාකෙ එක්ක මගෙ ඵොටෝ එකකුත් ගනීද ජනහිත කාමී අශාන් සිල්වා කියලා ....ඵොටෝ එකක් ගත්තොත් ඇස් දෙක වපරේ කරගන්න ඕනා...ඇයි ඕක මුන් ලැට් වටේට පවා අලවනවනෙ..... . 

ඇමති පුතා..... අශාන් කාරයා දයාරත්නට කිරි තේ එකක් එක්ක බිස්කට් ගේන්නඅරක ගේන්න මේක ගේන්න කියනකොට හරී අහිංසක ව්දිහට කට පිහදදා උන්න මම එක එක් දේවල් හිතුවත් දයාරත්නව ස්කෑන් කරන්න ගත්තා...මේකගෙ අතක ඇගිල්ලක් නෑ.....අදක ඊයෙක උන දෙයක් නම් වෙන්න බෑ.....ම්ම්ම්.....ම්ම්ම්.....දයාරත්න ...දයාරත්න ....

ඔය ලමයගෙ අම්මා තාත්තා මොකද කරන්නෙ....

දයා රත්නයා දිහා කන්න වගේ බලන් උන්න මම ඒකගෙ රූපෙ අගලක් නෑරම හිතේ ඇදගන්නකොට ඒකා කාමරෙන් ගියාට පස්සෙ අශාන් මහත්තයා මගෙන් අම්මා තාත්තා මොකද කරන්නෙ ඇහුවා....

.

ත්ත්....තාත්තා...ය්ය්...යකඩ...ත්ත්...තලනවා...මහත්තයා....

.යකඩ තලනවා....

ම්ම්....

.එතකොට අම්මා...

අ..අම්ම්....මා.....ක්ක්...කෑම...කඩ්ඩේකට...උ..උය...න්න...ය්...යනවා.....

ම්ම්...මේ...දවස් වල බඩු ගනන් එකේ අමාරු ඇතිනේද....

ඔ...ඔව්...ම්ම්...මහත්තයා.....

මම තාත්තා යකඩ තලනවා කියලා අම්මා උයන්න යනවා කිව්වා...බොරු නෙවෙනේ.....අම්මා උයනවා තාත්තා ගරාජ් එකේ යකඩ තලනවා...ඒක අපේද කාගෙද ඇහුවෙ නෑනෙ.....

ම්ම්....දැන් තේ එකක් ගෙනෙයි...ඒක බීලා දයාරත්න එක්ක යවන්නම්..ඔය ළමයා යන්න...යනකොට....අමතක..නොකර...මෙන්න මේකත් අරන් යන්න...

යෝහ් ආයම ජන්දෙ කාර්ඩ් එකක්...මූ

මේ වා බන්ඩල් ගනන් දුන්නත් වැඩක් නෑ අපේ අම්මා ලිප අවුලන්නෙත් මේවායින්.. ඉරක් ගහගන්න රූලක් නැති වෙනකොට ඉරගහන්නෙත් මේවලින් මං බලාගන තාත්තා අද ග්‍රීස් මෙව්වා කරන්නත් මේ කාර්ඩ් එකක් දෙකට නවලා අරන් තිබ්බා.....

අම්මටයි තාත්තටයි කියන්න....උදෙම්ම ගිහින්....සිල්වා මහත්තයට ජන්දෙ දෙන්න කියලා ....අලියට නෙවෙ පොහොට්ටුවට අංකෙ දහය....හොදට බලන් යන්න කියන්න හොදද...

අ...අපේ...ත්ත්...තාත්තා...කිව්වා...මෙ..පාර..ද්දෙන්නෙ ස්ස්...සිල්වා මහත්තයට....ත්ත්...තමයි...කියලා....ම්ම්..මාත්..දෙන්නෙ....ඒකට...ත්ත්...තමයි....

ආ...හොදයිනෙ...

.මහත්තයා ....

ඔතනින් තියන්න....

අපි උස්සලම දෙන්නෙ සිල්වට කියලා ගොත ගහලා කියපු මම දයාරත්නයා බැටකැරෝල්ස් එක්ක ගෙනාව කිරි තේ එක දිහා බැලුවා...

ම්ම්..කහට පාට සුවද...හරි හරියට...

පෝසිලේන් එලේ කෝප්පද කොහෙද ...පේන්නෙ නැද්ද සුදු...

බොන්න.....

ස්ස්..ස්තූතියි මහත්තයා.....

මම ස්තූතියි කරලා කිරි තේ එකට බිස්කට් එකක් එබුවා....එයා ෆයිල් එකක් බලන්න ගත්තා.....සිල්වා පදනම කියලා ගහපු රෙදි බෑග් එකකට සලාකමල්ලක් එක්ක සිල්වාපදනමේ සීල් එකෙ හතර වටටම ගහපු පොත් පැකට් එකකුත් දාපු උරයක් මට එහාපැත්තෙ පුටුවෙන් තියනකොට මම අර දයාරත්න මහත්තයටත් ඔලුව පාත් කෙරුවා ...ඇයි ඉතින් ඇමතිට වඩා හෙන්චයියා ලොකුයිනෙ...

යනකොට මූගෙ කකුල් දෙක අල්ලලා වැදලා යන්න ඕනා...එතකොට අනාගතේදි මගෙ අතින් අකටයුත්තක් උනත් පව් නෑනෙ...ඇයි මම වැදලා තියනවනෙ...

.හෙලෝ...හෙලෝ ඩැඩී.....කොහෙද ඉන්නෙ...??

......

හෙට තියන රැස්වීමට මිනිස්සු අදින්න බස් කීයක් යවන්න ඕනද...කොහාට කොහාටද... ?

බිස්කට් එකක් කටේ ඔබාගත්තු මම කන දික් කෙරුවා ...ඒව්.....අදින්නලු....හරක් අදිනවා වගෙ....අතන ගිහින් මා ප්‍රියාදර සහෝදර සහෝදරියනී....ගාලා ආදරෙන් කතා කෙරුවත් මෙතන මුන් කතා කරන්නෙ කොහොමද ....

පන්සීයයි බත් පැකට් එකයි...ඉවර වෙනකන් යන්න බෑ....ම්ම්ම්...ඔව්...නැත්ත න් පන්සීයයි බත් පැකට් එකයි අරන් යයි.....වතුර බෝතල්...ම්ම්ම්...ඒවා ගන්න පුලුවන් ....

.......

.හා...ඩැඩීට පුලුවන් නම්..මට දෙකක් වගේ දාන්න පුලුවන්ද ...අතෙ සල්ලි නෑ...

පොකට් මනීද දන්නෙ නෑනෙ ඔය ඉල්ලන්නෙ...දෙකක් කිව්වට...දෙදාහක් නම් නෙවෙ වෙන්න ඇති....ලක්ශ දෙකක්.....??.දෙයියනේ...ලක්ශ දෙකක්.....

මම කන එක නවත්තලා එකා සොහා බැලුවා....අනේ.මට මූට දෙකක් ඇනගන්න ඇත්නම්....මුන්ට කුට්ටි පිටින් සල්ලි තියනවා...අපිට...

අපේ...සිල්වා මහත්තයා...අවංක කෙනෙක් පුතේ....

පාරිමේන්තුවටත් අවශ්‍ය ඒ වගෙ කෙනෙක් පුතේ...

මම හිතින් ඒකා දිහා බලාගන උන්ගෙ දලදේශීය ආදායම හියන්න ගත්තා.....ඒ එක්කම ඒකා මට දුන්න සලාක මල්ල දිහා බැලුවා.....මෙච්චර නේන්නම්...මීට එහා අපිට මොනවත් දෙනවද...නෑනෙ ....ආය මුන්ගෙ ඔෆිස් එකකට වත් එන්න පුලුවන්ද බෑනෙ... මුන්ව දැක්කම ඈත ඉදන් බලන් ඉන්න වෙයි....ආය උදව්වක් වත්න ඉල්ලන්න බැරිවෙයි ....

..ඉවරද ...

..ඔව්...ඉවරයි.....ස්ස්....ස්තූයි...

ම්ම්...දයාරත්නට කියන්නම් ගිහින් දාන්න කියලා.....

....

දයාරත්න දයාරත්න.....

එනවා මහත්තයා....

මම යන්න පුටුවෙන් නැගිට්ටා....එක සෙරෙප්පුවක් තියනවා අනිත් එක නෑ.....නොන්ඩි ගගහා වගේ ඇවිදපු මම දිහා එයා බලලා අර බෑග් එක ගන්න කිව්වා.....අනෙ ඉතින් මමත් ඒ උත්තමයට නොසෑහෙන්න පින් දීලා කොන්දත් නමලා බාගෙට වැදල බෑග් එක ගන්නකොටම මෙ යකා කිව්වා ඵොටෝ එකක් ගන්නයි කියලා ....

දයාරත්න ....

මහත්තයා ...

ආ....

දැන් ඉතින් හරිනෙ....අන්ත අසරන කම තවත් උලුප්පලා පෙන්න මම හිතලම මගෙන්ක්ක්ටු ගැහුන උරහිසක් පේන නොපෙනන ගානට එලියට එන්න බැනියම් කරත් හදාගන ඵොටෝ එක වදිනවත් එක්කම කටත් පොඩ්ඩක් ඇද කරලා ඇස් දෙක වපරෙ කෙරුවා ....ඇයි යකො මූ මේක සිල්වා පදනමේ පේජ් එකේ දැම්මොත්....තාත්තා මාව මරයි....මරලා බේරුවොත් ඇති....

තාත්තා විතරක්ද....ඇයි සංධීර්....ආ...ආ...සංධීර්...එයා මොකටද මාව එලවගත්තනෙ...මාව එලවගත්තු මිනිහට පුලුවන්ද මට බනින්න බෑනෙ...අම්මා නම් මොකුත් කියන එකක් නෑ...තාත්තා නම් මට බඩුවෙන් බඩුව පෙන්න පෙන්න ගහයි..ගහලා කයි ඉතින් .....එහෙමනෙ...අපරාදෙ කියයි.....

දයාරත්න මෙ ලමයව ගෙදර ගිහින් දාන්න.....

එච්චරයි කිව්වෙ...එකට ආයම කෝල් එකක් එනකොට පැය ගානක් යනකන් ඇමති පුතෙක් ගාව උන්න මම දොන්ත බිබික්කම වගේ ඇස් දෙකත් බෝල කරන් නොන්ඩි ගගහා එනකොට තනි සෙරෙප්පුවෙන් එන්න හදපු හින්දා දුක හිතිලදෝ කොහෙද...රටට පිපෙන්න ඉන්න මල් කැකුලු තලන්න හොද නෑ කියන තේමාව යටතෙ මට ආපහු අඩගහල වෙව්ස් සෙරෙප්පු දෙකක් දුන්නා....අපේ..අප්පො...වේව්ස්...තාත්තට කියන්න ඕනා ඇමති පුතා දුන්නෙ ලැට් එකට නම් දාන්න එපාය කියලා .... කොච්චර ගානක් දීලා ගත්තා උනත් තාත්තා ඒක ලැට් එකට දානවා...හරියටම අම්මා වග්වෙ...අම්මත් තාත්තගෙ කාර් එක මොන තරම් හොදට හැදුවා උනත් අම්මත් කැතක් නැතුවම ඒක උඩ මිරිස් වට්ටි කොත්තමල්ලි වට්ටි...ඉඩ නැති උනාම මගෙ ජොක්කුත් වනනවා.....

නගින්න ලමයො....

වේව්ස් බාටදෙක දාගන බඩු කද බැදන් ඒසි කාමරෙන් ආපහු එලි බැහැපු මට සුශු වෑන් එකේ දොර ඇරලා දීපු දයාරත්න ඉදගන්න දරුවො කියනකොට වටපිටාව දැකපු මට නිකම්ම ඉන්දවුනා.....

වටින් ගොඩින් අන්දකාර වැටෙන්න එනවා..මං පැය කීයක්.අරූ එක්ක කුක්කු බීලද...අද නම් තාත්තා මට ගොත කියලා බලන්නෙ නැතුව ගොතේ යන්නම ගහනවා....යෝ.....හ්හ් මාවමරයි දෙයියනෙ.....ඇයි මම නිකන් වත් කිව්වෙ නෑනෙ හදිස්සියෙ අසනීපවෙලා රජ සැප විදිනගමන් ඉන්නෙ කලබල වෙන්න.එපා කියලා වත්.....ම්හුක් .....

අංකල් ...ම්ම්...මාව...ම්..ගින්...බ්බ්...බස්සවන්න....

කොච්චර කොහොම උනත් ගෙවල් ලන්වෙනකොට මම උන්නෙ හෙන ටෙන්ශන් එකේ.....ඒ අස්සෙන් අජිත් මුතුකුමාරන මේ කදුලු යාලුවේ ගගා නහයෙන් අඩනකොට මට නිකම්ම ඇඩෙන්න ආවා...

ඔයාට යන්න පුලුවන්ද ලමයො...

ප්ප්..පුලුවන් ...අංකල් ...අ..අපෙ...ප්ප්...පාර...හ්හ්..හෙන...ප්...ප්..පටුයි....ව්ව්...වාහන...ග්ග්..ගන්නත්...බ්බ්....බෑ.....

ම්ම්ම්...එහෙනම් මෙතනින් දාන්නම්...

හ්හ්....හා..අනෙ ප්ප්...පින්...අයිති....වෙ...යි...

මං දොහොත් මුදුන් දීලා දයාරත්නට පින් දීලා හොරා වගෙ ගෙදරට බඩගාන්න ගත්තා ...

යෝ....හ්....තාත්තට ආවේස වෙලා නේද යෙවීන්.....උඹ අද ඉවරයි ....අත් දෙකෙත් තුවාල තියන එකේ අත්වලට ගැහුවෙ නැතත් අදනම් පුකෙ පලුදාන්න ගහයි....යෝහ්...මෙච්චර කාලෙකට නොකාපු මට අද නම් කන්නම වෙයි.....

මං තමුසෙට කිව්වා...ඕකව ඔය එක එක මගුල් වල බත් දිදී යවන්ඩ එපා කියලා ... 

.අම්මා අඩනවා ...තාත්තා අම්මව මරන්න හදනවා ....මං ගේට්ටු කනු ගාව තිබුන ෆාම්ස් පදුරෙ අතු අස්සෙ හැංගුනා.....

අනෙ...අකිල...ලමයගෙ සෙරෙප්පුව...ක්....හම්බුනා...කියන්නෙ

පොඩ්ඩක් ඉදපන්....දැන් මැරෙන්නෙ නැතුව .....මං උඹට හැමදාම කියනවනෙ....කතා කරලා කෑ ගහගන්ඩත් බැරි එකා.....මගුලෙ ගියා කැද අරන්...ඕකත් ආවදෙන්කො....

ස්ස්...සංධීර් ....තාත්තා සංධීර්ටත් අමතනවා....තාත්තා අම්මට බනින බැනු එක්ක ඇත්තටම මට හීන් දාඩිය දාන් එනකොටඅපේ ගෙවල් පැත්තට තවත් වාහනයක් ආවා.....

සංධීර්ගෙ....නේද....

මම තවත් අස්සට රිංගුවා..හොද වෙලාවට ලයිට් ගහන් නැතුව ආවෙ....

මම බලන් උන්නා....කාගන ආව සංදීර් ගේ ගාවින් වාහනේ නවත්තලා යනවත් එක්කම තාත්තා මාරයා වැහිලා වගේ ඉස්සරහට එන්කොට අම්මා තාත්තගෙ අතේ එල්ලුනා....

අනේ..අකිල....

අයිසෙ...මගෙ කොල්ලා තාම ගෙදර ආවෙ නෑ.....

මං...මං...එයාව බැලුවා..අඩුම ගානෙ යාලුවෙක් වත් නැද්ද....

අනේ....අර නපුරු සන්දීර් නේද...තාත්තා ගාව බයවෙලා ඉන්නෙ.....යෝහ්...යෙවීන්....යෙවීන්.....

යෙවීන්.....

තාත්තා සංධීර් එක්ක මරාගන්න හදනකොට මම හිමින් හිමින් නොන්ඩි ගගහා ගාටන්න ගත්‍තා...

ත්...ත්....

අනේ...මගෙ..පුතා.....

මම හොරා වගේ නොන්ඩි කොට කොට තාත්තෙ ගානකොට අඩ අඩ උන්න අම්මා මගෙ ගාවට දුවන් ආවා උනත් තාත්තා අම්මව අල්ලගත්තා ....අල්ලගන අම්මට මීක් ගාන්න එපා කියලා පැත්තට කරලා මගෙ ගාවට එනකොට මම අතේ තිබුන සිල්වා පදනම කියල ගහපු බඩු මල්ල උස්සලා....හරි අහිංසක විදිහට හිනා උනා... 

උඹ කොහෙද ගියෙ ....?? ආ.....

ත්ත්....තාත්තෙ මේ.....ම්ම්..මේ බ්බ්..බඩු....ම්...මල්ලක්.....හ්හ්...හම්බු....නා....

බඩු මලු.....දාපිය ඕක පැත්තකට...

ත්...තා....ත්තෙ...අ..අනේ.....

ස්ස්....සංධී....ර්....ස්ස්.....

🙂ජොබී නිදහාස්.....

ආයම එන්නම්....ඈ....

මේ ළමයා බුජි...ඔය ලමයිනුත් බුජියන්න.....

මම

.ferdeesha ❤️❤️😘👉👈

More Chapters