Ficool

Chapter 42 - 42

නැවතියන් සංජාන...මම අද උඹව හම ගහනවා...

තාත්තා ගිරිය පලාගන බෙරිහන් දෙන ගමන් මට ගහන්න කෝටුවක් හෙව්වා...මෙච්චර කාලෙඅට අතක් උස්සලා නැති තාත්තා උන්නෙ මාරාවේස වෙලා වෙනකොට මම.සංධීර්ගෙ ඇගේ එල්ලුනත් ඒ නාකියා නෙවෙ මාව බේර ගත්තේ...ඒකා ඇහුන් නැති ගානට ඉන්නකොට හොරට නොන්ඩි ගහපු මට නොන්ඩිය හොද වෙලා ගේට්ටුව ගාවට දිව්වා..දුවලා බලන් උන්නා..හරියටම අපේ ජිමියට " ජිමී නාන්න යන්" කියනකොට මේ වරත්තුවා ගේට්ටුවෙන් එලියට ගිහින් ගේ දිහා බලන් ඉන්නවා වගෙ මමත් ගේට්ටුව ගාවට ගිහින් බලන් උන්නා....

.මෙහෙ වරෙන්....

අ...අනේ....ත්ත්...තාත්තෙ....

..උඹට මම ආය කියන්නෙ නෑ වරෙන් මෙහාට...හැබැයි මාව ගෙන්න ගන්න එපා උඹව හම ගහනවා කොල්ලො...වර....වර මෙහාට...

අනේ අකිල එපා...අනේ...එපා...

මේ ඕයි තමුසෙගෙ හුරතලෙ හින්දා තමයි දවසක මීටත් වඩා ලොකුදෙයක් වෙන්නෙ මගෙන් මැරුන් නොකා පැත්තට වෙනවා.....

කරුමෙට මිදුලෙ තිබුන හනස්ස ගත්තු තාත්තා මට ගහන්න එනකොට අම්මා තාත්තව නවත්තන්න හැදුවා උනත් තාත්තා අම්මටත් සංධීර් ඉන්නවා කියන එක වත් නොබලා බනිනකොට මම.ගුටිය කන්න බලාගන හොරා වගේ ගියා විතරයි පුක හරහා වැදුන හනසු පාරට මට සිල්වගෙ සුර සැප මතක් වෙලා ඇස්වලට කදුලු ඉනුවා....

ත්....ත්...තාත්තේ...හ්හ්...අනේ....එපා.....හ්...

ඇති...අකිල..ඇති...අනේ.....හ්...ඇතී...

චට....පට....චට...පට....

පාර පිට පාර වැදුනා..කවදාවත් නොගහපු තාත්තා මට එක පිට හනසු පාරවල් දෙනකොට මම දුවන්නෙ නැතුව එක තැන ගල් වෙලා උන්නා

.ඇති ඕක....

ඇති කියන්නෙ....ඇති කියන්නෙ ...අහකට වෙනවා අයිසෙ තමුසෙත්.....මූට මොකක් හරි උනානම් තමුසෙලා එකෙක්වත් නෑ....

තාත්තා ආයම ගහන්න අත උස්සනකොටම මෙච්චර වෙලා බලන් උන්න සංධීර් තාත්තගෙ අත ඇල්ලුවා....ඒකට තාත්තට තවත් මල පැන්නා.....

.අපි එකෙක් වත් නැතිවෙන්න පුලුවන් ඒක පැත්තකට දාමු..මේ ලමයට මීට කලින් ගහලා තියනවද??

.......

ගහලා නැත්තන්...ගහන්න එපා...හරි....ගහන්න එපා....මම කියන්නෙ එච්චරයි ...ගහන්න එපා....එය

ගහන්න එපා....ගහන්න එපා කියන්නෙ...මූ දැනගන්න ඕනා නේද....ආ....මූ දැනගන්න ඕනා...මූව මම අද හමගහනවා...

ගහන්නෙහෙම නෑ ආ...දරාගන්න බැරි උනොත්??ඒකට ඒකට මොකද කරන්නෙ.....

දරාගන්න.....ඌ කොහොම හරි දරාගනී...මොකද ඌ ගෑනියෙක්ද නෑනෙ....අනික මම ගහන්නෙ මගෙ එකාට...ඌ අහන්න ඕනා මම කියන දේ....

ඇත්තට....කස්ටඩි පේපර්ස් බලන්න පුලුවන්ද

......

තමුන්ගෙ එකා කියන කොල්ලගෙ කස්ටඩි පේපර්ස් බලන්න පුලුවන්ද ??

මම.මූට තාත්තා උනේ අවුරුදු දහයක ඉදන්...ඒක මදිද 

මම ඌව අදුනන්නෙ අවුරුදු දහයකට කලින් ඉදන්...එතකොට මොකද කියන්නෙ?? ඕනාවට වඩා....බර දෙන්න ලෑස්තිවෙන්න එපා.....සදහටම ගොලුවෙක් කරගන්න ඕනා නම් ගහලා...ආය ජීවිතේට දකින්න බැරිවෙන්න අතුරුදහන් කරගන්න ඕනා නම්...ආය ගහන්න පුලුවන් ...තේරුනාද...දැන් ඇති....ආය ආය මටත් කියන්න තියන්න එපා...

මම උන්නෙ ගල් ගැහිලා....තාතගෙ අතේ තිබුන හනස්ස ඇදලා ගත්තු සංධීර් ඒක දෙකට මැදින් කඩලා දානකොට තාත්තා මා දිහා බලන් උන්නා.....කස්ටිය පේපර්ස් ...අම්මා තාත්තගෙ දුර්වලම තැන...පොලිස් පොතේ ලියවිලා තිබුනට...මම එතනින් එහා දන්නෙ නෑ...තාත්තා අවුරුදු දහයක් මට තාත්තා උනා කියනකොට සංදීර් තාත්තගෙ කට වහලම දාන තරමෙ උත්තරයක් දුන්නා.....

පස්ස පුපුරු ගහනවා..මට සංධීර්ට බනින්නත් බෑ.....තාත්තට බනින්නත් බෑ....මොකද තාත්තා ඔය කෑ ගහන්නෙ හිතේ බයට. වේදනාවට...දුකට...මටමොකක් හරි වෙලා කියන බයට...සංධීර් කෑ ගහන්නෙ මට කම්පනේ දරාගන්න බැරිව මට කතා කරගන්න බැරිවෙයි කියන බයට.....

එහෙම බැලුවම මෙතනින් කවුරුත් වැරදි නෑ...වැරදි එකම එකා මමයි.....

පලයන් ගෙට...

තාත්තා මා දිහා බලලා පලයන් ගෙට කියනකොට අච්චර ගුටි කාලත් ලැජ්ජා නැති මම අර හාගත මල්ල අතට ගන්න නැවුනා විතරයි ආයම තත්ටමට පාරක් වැදුනා...

ඕක තියලා පල ගෙට.....

ස්ස්....සංධීර් ....

.මෙච්චර වෙලාම තාත්තට ගහන්න එපා ගගා බැන්න සංධීරුත් අනිත් පාර මට ගැහුවා බඩු මල්ලක් හින්දා පුල පුපුරන්න ගුටි කාපු මම මේ පාර නම් ඇත්තටම පොඩ්ඩක් කොර ගැහුවා....ඇයි තට්ටම් හෙලවෙනකොට රිදෙනවා.....

.මහත්තයා .....තමුන් මගෙ කොල්ලව දන්නෙ අවුරුදු දහයකට කලින් වෙන්න පුලුවන් ....

මගෙ වචන මම වෙනස් කරන්නෙ නෑ....මම කිව්වානෙ මම ලමයව ගෙනියන් නෑ...හැබැයි....ගහන්න එපා....ගහන්න එපා කියන්නෙ....ගහන්න එපා හින්දා.....එයාට දරන්න පුලුවන් දේවල් තියනවා බැරි දේ තියනවා....හැමදාම ගහනවා නම්...එක එයාට අවුලක් නෑ ....මොකද ඒක එයාට පුරුදුයි ගහන් නැතුව ඉදලා ගැහුවම....ඒක ලොකු ශොක් එකක්...ඒකයි මම කියන්න උත්සහා කරන්නෙ...කරුනාකරලා කියන දේ කරන්න....

.......

ඌයි....යා..හ්.....

කන්නාඩිය ගාවට ගිහින් කලිසම පහත් කරලා බැලුවා.....යෝ....රතු වෙලා අප්පා....දැන් ඉදගන්නෙවත් කොහොමද ....එහෙන් තාත්තයි සංදීරුයි කාගන්නවා සංධීර්ට බනින්නත් බෑ කටවහපන් කියලා ඇයි ඉතින් තාත්තගෙ වයසට වත් කිට්ටු වෙන්න ඇතිනෙ....ම්හුක්..බාප්පගෙ අගේ දැන් තමා තේරෙන්නෙ ...බාප්පගෙ කොල්ලටනෙ මෙහෙම ගහන්නෙ..... 

තට්ටම දිහා බලන් උන්න මම හොරා වගේ කාමරෙන් එලියට ඇවිත් බෙල්ල දැම්මා.....තාමත් කියවනවා...ඒ කොහොම උනත් අද සංධීර්ව යවන්න හොද නෑ ගියෝතින් තාත්තා ආයම බනින්න ගනී....ඔයකිව්වට කව්ද අප්පා දන්නෙ ගිය ගමන් ආය ගහයිද කියලා ....

මම මිදුල දිහා බලාගන නියපොත්තක් කන්න ගත්තා ඒ අස්සෙන් කුසියෙන් සුවදකුත් එනවා...සංධීර්ට කියන්න ඕනා කාලා යන්න ඉන්න කියලා ...මේ තියන වතාවරනෙ එක්ක සංධීර්ට කන්න ඉන්න කිව්වොත් තාත්තා බත් මුට්ටිය මගෙ ඔලුවෙ ගහයි ....

මට සමාවෙන්න අම්මෙ....මට සමාවෙන්න සංධීර්.....

ටික වෙලාවක් බලන් උන්න මම හිනින් හිමින් කුසියට ගාටන්න ගත්තා හරියටම හපුතල් කන්ද නගින හරක් බාන වගේ....කන්ද දැකලා බඩ යන්න එන කරත්ත කාරයා වගේ.... ...බිත්ති අල්ලන් ඉද හිටක කැහැ කැහැ ගියපු මම උම්මලකඩ කොටන අම්මා ගාවා ගිහින් හේත්තු උනා....

එයාගෙ නහය බර වෙලා...අම්මා අඩනවනෙ.....වෙනදා නම් හේත්තු උනාම රතු පාට උම්මලකඩ කෑල්ලක් කටේ ඔබන අම්මා අද මාව ගනන් නොගෙන උන්නා....

අ...අම්මෙ....

.....

අම්..ම්මේ....ත්ත්...තරහා....ව්ව්...වෙන්න...එපා...නෙ.....ත්ත්...තාත්තත්...ග්ග්..ගැහුවා....හොදටම.....අම්...මත්....ක්ක්..කතා...කරන්නෙ...නෑ...නෙ....

මම අම්මගෙ පිටිපස්සෙන් හිටන් බඩ වටේ අත දාලා අත් දෙක පටලවන් උරහිස උඩට ඔලුව ගහගත්තා ...අම්මා නෙවෙ මීක් ගාන්නෙ....ඒත් ඉතින් තරහා වෙලා උන්නත් පොඩි උම්මල කඩකෑල්ලක් කට්ටත් දුන්නා.....පව්.....මට තිබුනා කියන්න.....

මම ටික වෙලාවක් එහෙම්ම උන්නා...අම්මා මොකුත් නොකිය ඉදලා මට කරපින්චා කොලයක් දෙකක් අරන් දෙන්න කියනකොට මම ගැනලා කොල තුනක් අතට දුන්නා...

ඇයි ලමයො...

ඉ..ඉතින්....කොලයක්...ද්..දෙකක්.....එ...එක්කො...ක්ක්..කියන්න...ඕනා...හ්..හුගක්...ද්..දුන්නමත්...බයි..නවා.....අම්මෙ...ස්ස්...සංධීර්...ක්ක්..කිව්වා....ක්ක්..කැම...එකක්...ඔනේ...ක්ක්..කියලා....

මම් නෙවෙ වැඩිය කපටි.....කරපිංචා කොලේ අස්සට ඔබලා බතක් ගැනමතක් නොකරපු සංධීර්වත් අල්ලලා කෑම එකක් ඉල්ලුවා කියනකොට අම්මා මොකුත් නොකිය මැටි හට්ටියෙ තිබුන පොලොස් එක දිහ බල්ල පොල් කටු හැන්දට ඉස්ම ටිකක් ගත්තා.....

ලුනු ඇතිද බලන්න....

...ම්ම්ම්.....අ..අම්මෙ ...

ම්ම්..

ක්ක්..කෑම...එක....අරන්...යන්න ක්ක් කියන එක...එච්චර...හ්..හොද නෑනෙ....ක්...කාලා යන්න..ක්ක්..කියමුනෙ....

අම්මගෙ අතේ තිබුන පොල්කටු හැන්ද අතට අරන් ආයම මැටි හට්ටියට ඔබපු මම ඇගට පතට නොදැනෙන්න ඊලග වචන ටිකත් කියලා අම්මගෙ උත්තරයක් වත් නැතුව අතට ගත්තු ඇබිත්තන් පොලොස් කෑල්ල කටෙ ඔබාගන ගෙයි ඇතුලෙන් නොයා වටෙන් ගියා....හේ ඇතුලෙන් මිදුලට ළඟ වැඩීනෙ...වටෙන් යනකොට කටේ තියන පොලොස් කෑල්ල ගිලින්න පුලුවන් .....කකා බිබී ඉන්නකොට තාත්තා හිතනවනෙ මූට ගැහුවට රිදිලා නැ කියලා .....

බඩු මල්ල....අපරාදෙ .....

ගෙයි වටෙන් ආව මම තවමත් මිදුලෙ තිබුන යුද්ද ටැංකි දෙක දිහා බලන් උන්නා....සංධීර් තනිකර උතුරු කොරියාවෙ කිම් නම්ජූන් වගේ...

.

කිම් නම්ජූන්.....??? නැනෙ...ඒ බටස ආර්මි එකේ ලීඩර්නෙ .. යෝහ්.....ඔක්කොම පැටලෙනවා....ඒ කොහොම උනත් සංධීර් උතුරු කොරියාවෙ ජනාදිපති වගේ....තාත්තා පුටින් වගේ....දෙකම තකට තක....ඔතනට අපේ බාප්පවත් හේත්තු කෙරුවා නම්...ම්ම්..යසයි...පුතේ...යසයි.....

දෙන්නට දෙන්නා මුන දිහා බලන් තපුල්ල ගන්නවා විතරයි ...තාත්තා එහෙන් මෙහෙන් බනිනකොට පෙරකදෝරුවා නීතිය අතට ගත්තා. ..මේ ඔක්කොටම මැදි උන මම කෙහෙල් ගහට හොට පැටලුන කොට්ටෝරුවා වගේ බලන් උන්නා...

ඒ කොහොම උනත් මම අවසානෙදි තාත්තගෙන් වගේම සංධීර්ගෙනුත් ගුටි කෑවා.....ම්ම්ම්ම්...

ස්ස්....සංධීර් ...

ම්න්.....

මම තපුල්ල තපුල්ල උන්න තාත්තා ගාවටයි සංධීර් ගාවටයි ගිහින් හිත කඩාගන යන තරන් සන්වේදී කටහඩකින් කතා කෙරුවා ...

අ....අම්මා...ක්ක්..කිව්වා...ක්ක්...කෑම...ක්ක්...කාලා ..යන්න...ඉන්න ක්ක්..කියලා....

සංධීර් ඇස් හීනි කෙරුවා හරියටම මෙච්චර හරියක් උනාට පස්සෙත් බත් කන්න ඉන්න කියනවද අහන්න වගේ....ඒ උනාට මම ඉක්මනට හිනා උනා...හරියටම අර මැඩගස්කර් එකේ ඉන්න වඳුරා වගේ.....වේදනාව අතරින් වේදනාව අතරින්...නිකන් නෙවෙ.....

.ඔ..ඔයා...ප්ප්..පිට...කෙනෙක්...න්න්..නෙවෙනේ....ස්ස්....සංධීර් 

ඒක ඇත්ත...පිට කෙනෙක් නෙවෙනේ...

මං දන්නවා....මම පිට කෙනෙක් නෙවෙ කියලා

.යෝහ්...අපේ තාත්තා නම්...

කන්න එන්න කිව්වා කියලා බොරු කියපු මම තවත් ඒ බොරුව ඩෙකරේශන් කරන්න ගිහින් ආයම ..මම වැඩේ අනාගත්තා....තාත්තා නිකන් ගහගන්න වගේ පිට කෙනෙක් නෙවේ කියනකොට සංධීරුත් ඒක ගානකට නොගෙන එයත් ඒක දන්නවා කිව්වා....

මම බලන් උන්නා ඒ දෙන්නා දෙන්නට දෙන්නා ඇස් වලින් කා ගන්නවා... තාත්තා ගස්සගන ගිහින් සෝෆාවෙ ඉදගන්නකොට මම සංධීර් දිහා බලලා ඇතුලට යමු කියන්න කට අරින්න හදනවා එක්කම සංධීරුත් ඇතුලට ගියා තාත්තා සෝෆාවෙ එහා කෙරවලේ...සංධීර් මෙහා කෙරවලේ.....මමයි බඩු මල්ලයි මිදුල මැද වෙනකොට ටික වෙලාවක් උන්න මම ඒකත් කර ගහන්ම ඇතුලට ගාටලා යුද්ද ටැංකි දෙක මැද ජොනී බට්ටෙක් වගේ ඉදගත්තා .....බඩු මල්ලත් බිම තිබ්බා...ජිමිත් ඇවිත් අපි ඉස්සරහින් ඉදගත්තා .....

තාත්තා අහක බලාගන...සංධීරුත් අහක බලාගන.....දෙන්නගෙන් අහන්න දේකුත් නෑ..ඉදන් උන්නත් මගෙ තට්ටන් රිදෙනවා....සංධීර්ගෙ හිත හදන්න කලින් මම තාත්තා දිහාවට හැරිලා ඇගිල්ලකින් ඇන්නා....

ත්ත්...තාත්තෙ.....

...

ප්ප්..පැනඩෝල් ප්ප්..පෙත්තක් වත් ද්ද්..දෙන්නද...

කටවහපිය

මම මොන මගුලට පෙනඩෝල් දෙන්න ඇහුවද මන්දා....කට පියන් ඉන්න බැරි කමට පෙනඩෝල් දෙන්න අහලා මම ආයම බැනුම් ඇහුවා....කමක් නෑ...කටවහපිය කියලා විතරනෙ කිව්වෙ...තාත්තගෙන් බැනුම් අහපු මම සංධීර් දිහා බලලා බිම තිබුන බඩු මල්ල දිහා බැලුවා කන දෙයක් වත් තිබ්බොත් හොදයි ශේප් කරගන්න...

.මම් හිමින් සැරේ මල්ල කූරු ගෑවා.....ඔය තියෙන්නෙ..මරු කතරට දියපොදක් ඉසින්නා වගෙ විස්කෝතු පැකට් එකක්....මාරි එකක්.....ඒත් කමක් නෑ...ඔයාට මාරි විස්කෝතුවක් දුන්නොත් කතා කරනවද කියලා වත් අහලා බලමු....

ස්ස් ....ස්ස්...සංධීර්....ඔයාට...බ්බ්..බි...බ්බ්...

........

යා....හ් මට බිස්කට් කියනන් දුන්නෙ නෑ..මට බිස්කට් කියන්න තියා ඉතුරු ටික සම්පූරන කරන්න දුන්නෙ නෑ....එයා මගෙ අතේ තිබුන බිස්කට් පැකට් එකම උදුරලා ගත්තා...ඔය කිව්වට බඩගිනි ඇති...මහන්තත්ත කමනෙ වෙනමොනවද...ඇයි අඑඅ මහත්තයා කියපු ගෑනි කන්න දුන්නෙ නැද්ද දන්නෙ නෑ...අයියෝ...පව් ඉතින් ඒකි කතා කෙරුවා විතරයි පුක කඩාගත්තු කඩියා වගේ දිව්වෙ නිකන් නෙවෙ.....විදලා ගියේ විදලා.....

මම බලන් උන්නා මම විතරක් නෙවෙ....මගෙ අතේ තිබුන බිස්කට් එක උදුරගන ඒකෙ කවරෙ ගලවන සංධීර් දිහා තාත්තත් බලන් උන්නා....සමහර විට තාත්තටත් මහන්සි ඇති යුද්ද කරලා...හැබැයි ඊට පස්සෙ කරපු දේ එක්ක මටයි තාත්තටයි දෙන්නටම කට උත්තර නැති උනා....

ඉදා...කූකූ..කූ...කූ.....

ස්ස්.....ස...ංධී...ර්‍ර....

හාගතේද?

අප.....රා..දෙ...!

කරස්.....කරස්....කර ...ස්....

ජිමියගෙ කට කතුර වගේ ....ඒකා විස්කෝතු ඔක්කොම ගිලිනවා.....බිස්කට් පැකට් එක කඩපු සංධීර් ඒක එහෙම් පිටිම්ම බල්ලට හැලුවා....ඒ විතරක් නෙවෙ...හාගතේද කියලා තාත්තා බලන් ඉන්නකොට මගෙ මූනටම ඇහුවා.....බඩු මල්ලත් එහා ගෙදරට දුන්නා...ඒකත් එයාම....මූ නම් මොන නහර කාරයෙක්ද මන්දා....

සංධීර් තව බෙදාගන්න ...

එපා..මේ ඇති ...

කෝ ආගාපන්.....

ච්ච් ...චූටි....කටක්...ත්ත්....තාත්තෙ....

අපි හතර දෙනාම උන්නෙ කෑම මේසේ....පුක පුපුරන්න ගහපු තාත්තා ඊලග පාර මට කවන්න ගත්තා මට එහා පැත්තෙන් සංධීර් ඉන්නකොට අනිත් පැත්තෙන් තාත්තා උන්නා....ඊටත් එහා පැත්තෙ අම්මා උන්නා.. සංධීර් උන්නෙ බත් එකටත් රවාගන...මම උන්නෙ හරියට ඉදගන්න බැරිව.....එක තට්ටමකට බර දෙන්නත් බෑ...දෙකටම බර දෙන්නත් බෑ...මම සැරින් සැරේ පැත්තෙන් පැත්ත උස්ස ගත්තා...

.මොකද උඹ නලියන්නෙ....

ඇයි අකිල ඔය ලමයට කවන එක වත් කවන්නකො බනින් නැතුව.....

ර් රිදෙනවනෙ ...ත්ත්...තාත්තෙ .....ඒකනෙ....ම්ම්ම්හ්හ්.....මට....ඇති....අප්...පා.....

අනපු බත් කට කටට දාන්න කලින් තාත්තා නලියන මං දිහා බලාගන ආයම කෑ ගැහුවා...අත් දෙක් තුවාලෙ එහෙන්....පස්ස එහෙන් ...අනිත් පැත්තෙ සංධීර් ...මට බතුත් එපා කියලා දුවන්න හිතුනා ....

යෙ යෙ.....

ම්ම්...එන්න මෙතනට...

........

මේක තනිකර යුද්දයක්...කට ඇරපන්...කාපන්...ගිලපන් ගගා උන්න තාත්තගෙන් ගේම ඉල්ලන්නද කොහෙද සංධීර් මට එයා කතා කරන විදිහට යේ යේ ගානකොට කොහොමත් ඇටෑක් එකට උන්න තාත්තා මා දිහා බැලුවා බලලා මාව අලුවෙලා යන්න රැව්වා .හරියටම උඹ ගියොත් නම් පුතේ ඉවරයි කියන්න වගේ කෝල් එකක් වත් එන්නෙ නෑනෙ කාගෙන් වත් නැගිටලා යන්න.....බාප්පගෙ ලමයට හරියට හිංසා පීඩා කරනවා....

තාත්තයි සංධීරුයි අනිත් පාර තරගෙට බත් අනනවා .. .ඒ දෙන්නම ගිලින්නෙ ලොකු කටවල්.....මට හොදටම විස්වාසයි. අම්මලා දෙන්නා හින්දා නෙවෙ මට හුනු වටයක් අස්සෙ හිටගන්න වෙන්නෙ තාත්තයි සංධීරුයි හින්දා ඒ දෙන්නගෙන් එකෙක් වත් මගෙ අත් දෙක අතාරින එකක් නෑ..දෙන්නම මාව් දෙපැත්තට අදී ..මාව නිකන් පුවක් ගහක් දෙකට මැදින් ඉරෙනවා වගේ ඉරිලා යාවි...

කෝ....ආගපන්

යෙ..යෙ...ආගාන්න...

.අනේ . .....තාත්තයි සංධීරුයි දෙන්නම එක පාර....තරගෙට බත් අනපු දෙන්නම එක පාර දෙපැත්තෙ ඉදන් ආගන්න කියනකොට මම වම් තට්ටම උස්සන් දකුනු තට්‍ටම යටකරගත්තු මට ඇඩෙන්න එනකොට මම අම්මා දිහා බලලා කෙදිරි ගෑවා.....

.අ...අම්මෙ...අ..අනේ.....

එන්න අම්මා ගාවට.....

ඇති යාන්තන් .....බාප්පගෙ කොල්ලා නිදහස්....

අමම්ගෙ වස්තුව පරිස්සමින් ....

මම හිනා උනා.....අද ලස්සන දවසක්.....පුංචි උන්ට කියනවා වගේ ඉරපායලා...මල් පිපිලා..... සමනල්ලු මල් වලින් පැනි බොන්න එනවා.....අහසෙ වලාකුලු පාවෙනවා...ඔය වගේ තියෙන්න ඕන හැම එකම තිබුනා.....අම්මගෙ හිනාව...අම්මගෙ හාදුව වගේම කොච්චර උනත් ගැහුවා උනත් නින්ද යනකන් ඉදලා කාමරෙට රිංගුව තාත්තා මම නිදි කියලා හිතාගන තට්ටම් වලට ගාපු තෙල් එක්ක මම අම්මා තාත්තගෙ ආදරේ මේ හුස්ම ගන්න තත්පරෙ වෙනකම්ම උතුරන්න වින්දා ...

සුදු පරවි වගේ ඉස්කෝලේ පුරාවටම උන ලනමයිගෙ කෑ කෝ සද්ද බද්ද එක්ක...උගන්න එන ගුරුවරු පන්තියෙන් යන්නෙ යක්කු වැහුන උන් ගානට උනා....වෙලාවකට ළමයි හතලිහක් පනහක් තනි මනුස්සයෙක්ට පාලනේ කරනවා කියන එකත් වෙනමම යුද්දයක් 

ඔරලෝසු කටු කැරකෙනවා පීරියඩ් එකෙන් පිරීයඩ් එක ගෙවිලා යනවා...වෙ අතරින් පතර මට සංධීර්ව මතක් උනත්...ඊටත් වඩා මට අම්මවයි බාප්පවයි මතක් උනා....

මට අද පන්ති යන්න බෑ....

මගෙ හිත එක දිගටම කිව්වෙ අද පන්ති කට් කරපන් කියලා ....වෙනමොකටවත් නෙවෙ..මාව ඇදිනුවෙ නැති උනත් මට අම්මයි බාප්පයි ගාව ඉන්න ආස හිතුනා ..අම්මා නොදන්නවා උනාට මම අද එලිවෙනකන් ඇගිලි ගැන්නා....තාත්තා නොදන්නවා උනාට මම පැයෙන් පැය බලන් උන්නා....සංධීර් නොදන්නවා උනාට මම බාප්පව බලන්න යන්න හීනෙන් පවා ඇගිලි ගැන්නා 

1.25...

තව විනාඩි පහයි...

1:26....27...28.....29.....1:30!!

ට්‍රී....ංං.....ට්‍රීං.....ට්‍රිං...

මම නැගිට්ටා ...වෙනකාටත් වඩා මට අද ඉස්කෝලෙන් දුවා ගන්න තදියම් උනා... බෙල් එක ගහන පරක්කුවට මම බෑග් එකත් කරේ දාගත්තා .. ඉස්කෝලෙ ප්‍රෙයාස් කියන කෙල්ලො නඩේ ගීතිකාව තවත් දිගට අදිනකොට අවංකවම මට ඔෆිස් එකට ගිහින් ඒකිලාට මයික් එකෙම්ම අනින්න හිතුනා ..දැන් ඇති යකො මට අම්මා බලන්න හදිස්සි කියලා කෑ ගහන්න හිතුනා...

ඔය කලු පාට බෑග් එක දාන් ඉන්න.මල්ලි.....ඔය බෑග් එක කාට හරි වාඩිවෙලා ඉන්න කෙනෙක්ට දෙන්න....

බබා හම්බෙන්න ඉන්න අම්මට කවුරු හරි ශීට් එකක් දෙන්න....

මාරු නැද්ද.....මාරු නැද්ද... මාරු ගන්න...

ඔය නැගපු අය සල්ලි ගන්ඩ...

ඉතුරු සල්ලි බහිනකොට දෙන්නම්....

ඔය පොල්ල අල්ලන් ඉස්සරහට යන්ඩලාකො....

පස්සට.....පස්සට....

මිස් කොහෙන්ද නැග්ගෙ.....කොහෙන්ද බහින්නෙ... 

මල කන්කරච්ච්ලයයි....රෝස බස් එකේ කොන්දා නහින්ඩ හදනවා....කට සැනසීමකුත් නෑ.....අපේ කනට සැනසීමකුත් නෑ...එහෙට මෙහෙට තැලිලා මූන කට චප්ප වෙලා මදිවට මම හිටන් උන්නෙත් තනිකකුලෙන් වගේම ෆුට්බෝර්ඩ් එකේ වෙද්දි මගෙ ගාව උන්න කොන්වන්ට් බෙකේ එකේ කෙල්ල ඒකිගෙ කොන්ඩ කරලක් පස්සට ගස්සලා දාපු පාර ඒ මගුල මගෙ ඇහෙත් වැදුනා

න්න්..නංගි . ප්ප්..පොඩ්ඩක්...ඔලුව ගන්නකො....

මට ඉවසන්නම බැරි තැන....බැරිම තැන.....ඒකිගෙ ඔලුව ගන්න කිව්වා..කට කපලා මදිවට උනුත් හැච හැච ගානවා ඒ අස්සෙ පන්තියෙ උගන්නපු පාඩන් බස් එකෙදි කියවනවා...ලොකු කමට....අනිත් උන්ට ඇහෙන්න....ඒකත් මේ ඉන්ග්ලිශ් මීඩියම් හින්දද කොහෙද....

ඉන්ග්ලිශ් මීඩියම් උන් ඉන්නෙ වෙනම ලයින් එකක....අනේ අම්මේම කැටයම්...අපෙ ඉස්කෝලෙත් එහෙමනෙ.....පුදුමාකාර ලොකු කමක්.....එව්ව්ව්.....එව්...එව්ව්.......

මාකට් එක ගාව බහින්ඩ...මාකට් එක ගාවබහින්ඩ....මාකට් එක ගාව.....

.කොන්දා ආයම කෑ ගහනවා..මෙච්චර වෙලාම තැලි තැලි ආව මම අවසානෙදි මාකට් එක ගාවින් බැහැගන තැලුන ඇදුම හදාගත්තා ෆාමසියෙ කන්නාඩියෙන් බලාගන කොන්ඩෙත් හදාගත්තා.....මගෙ මුනත් හරව හරව බැලුවා...ඇයි ඉතින් අම්මා ගාවටනෙ යන්න යන්නෙ...මට ඕන පන්තියක් නෑ....

එලවලු මාකට් එක මාලු මාකට් එක දෙකම තිබුනෙ එකගාව වෙනකොට අයිශා එක ගවින් බැහපු මම පීටර් එකේ ළමයි එක්කම හෙමින් හෙමින් ඉස්සරහට ආවා ...

කරවල වෙලෙන්දා කරවල ගොඩකට යට වෙලා ඉන්නකොට අල වගේද ගෝවා...අල වගේද ගෝවා ගගා එලවලු වෙලෙන්දෙක් කෑ ගැහුවා ඇට නැති බේබි නාරන් කියලා රතු අකුරෙන් සුදු පාට ඉටි කොලේක ලියවලා අටවන් උන්න කොල්ලගෙ මූනෙ තනිකරම හොරෙක් වෙනකොට මූ තෝරලා දෙන නාරන් මල්ල වෙනුවට කිරලා බෑග් එකට දානකොට වෙන එව්වා එබුවා හරි හමන් එකෙක්ට අහු උනොත් ඇට ලෙප්ට් කරන් තමයි යන්න වෙන්නෙ...

කතුරු මුරුංගා කීයද?

ගන්න නෝනෙ අලුත්වා....

ඇට නැති බේබි නාරමක් දිහා බලන් ආව මම අහම්බෙන් වගෙ ඒ මූන දැක්කා....

අ...ම්...මා...

අනෙ අම්මා නේන්නම්...මට දුවලා ගිහින් ඇගෙ එල්ලෙන්න හිතුනා....ඒත් එයා බලයි මේ මොකද කියලා ....එක දවසක් කෑව පලියට මෙහෙම එල්ලෙන්න එන්නෙ ඇයි කියල් බලයි...අනේ මට කියාගන්න තිබ්බා නම්...මම යෙවීන් කියලා.......

මිනිස්සු එහෙ යනවා මෙහෙ යානවා...පලා මිටි දිහා බලල බල උන්න අම්මා එහෙම්ම වේවැල් කූඩෙ අරන් මාකට් එක ඇතුලට යනකොට පන්තියට නොයා මමත් අම්මට නොදැනෙන්න පස්සෙන් ගියා.. අනේ මට එලවලු කූඩෙ වත් ඉල්ලගන්න තිබ්බා නම් ....

අම්මා අල ළූනු තෝර තෝර ගන්නවා...හිගක් නෙවෙ...මට පේන්නෙ පොඩි පොඩි අඩුපාඩු වෙන්න ඇති.....ඒ අස්සෙන් මුරුක්කුත් ගත්තා බාප්පා කාරයටද දන්නෙ නෑ...

මම අම්මා දිහා බලාගන අම්මට නොතේරෙන්න අම්මගෙ පස්සෙන් යනකොට අද ජන්ද රැස්වීමට දේශාභිමානී සිංදුකන පැලෙන්න දාලා තිබුනා.....හෙළ ජාතික අභිමානේ.......

යෝහ්...මට අම්ම අහන දේවල් වත් ඇහෙන් නෑ....හෙල ජාතික අභිමානෙ යනවා.....

ගොරකා....ගොරකා දෙසියපනහකුත් දාන්න...

අම්මා ගොරකා ගන්නවා.....මම දැන් උන්නෙ අම්මට අඩි දෙකක් පස්සෙන් වෙනකොට අම්මා ඉල්ලන දේවල් අර හැම කන්කරච්චලයක් අස්සෙම ඇහෙනකොට තවත් කව්ද මන්දා ගෑනු කෙනෙක් ඒ වෙලෙන්දගෙම්ම ගොරකා ඉල්ලනකොට මට ඉස්සරහින් උන්න අම්ම අඩියක් පස්සට ආවා .....

ආ....මෙයානෙ මේ...

....

රෙහාන්...සල්ලි දෙන්න.....

මටත් නොදැනිම මගෙ අත මිටිමෙලවුනා....රෙහාන් සල්ලි දෙන්න....මල යක්ශනී....අම්මවයි තාත්තවයි උදුරගත්තු සාපකාර යකින්නි....මම ඔලුව චුට්ටක් වැනුවා....ඒකිට පිටිපස්සෙන් උන්න තාත්තව දැකලා මට ඊටවත් වඩා තරහා ගියා...

තවත් මගෙ අම්මව රිදවනවා...

මම බලන් උන්නා.. හිතේ තියන තරහවට මටත් නොදැනිම මගෙ අතට වැටකොලු කරලක් අහු උනා වගේම අරකි අම්මට මොනවා හරි කිව්වොත් අනිවාර්යයෙන්ම ගහනවා කියලා හිතාගන උන්න මම ඇගිලි මිරිකන් බලන් උන්නා වගේම

අඩියක් පිටිපස්සට ආව අම්මා බිම බලාගන එලවලු තෝරන්න යනකොට අරකි ඇවිදින් ආයම අම්මා ගාව හිටගත්තා ....

අනිද්දට යෙවීන්ගෙ දානෙ....ආවෙ නැතිවට කමක් නෑ මල්ලිව එවන්න බත් එකක් අරන් යන්න.....

....😏ජොබී නිදහා...ස්ස්ස්...

ආයම එන්නා...ම්

මම

Ferdeesha ❤️💚😘 ....

More Chapters