යෙවීන්.....
....
කන ඇහුනද ආ....??
මම හොරා වගේ මකුනු දැලක් කඩන්න ගත්තා...මට මොකුත් ඇහුන් නෑනෙ ඉතින්.....මල්ශාලාවට යමුයි කියන එක ඇහුනා....කැම්ති දෙයක් කරන්න කියනවා ඇහුනා...අනිත් පැත්තෙන් කියපුවා ඇහුන් නෑ...ඉතින් කොහොමද මට ඔක්...කෝම.....ඇහුනයි කියලා චෝදනා කරන්නෙ.....ම්හුක්👉👈
ඇ....ඇයි....ස්ස්...සංධීර්....ඇයි...
ඇයි අහන්නෙ...මෙතන මොකද කරන්නෙ....
ප්ප්...පේන්නෙ....නැද්ද....ම්ම්...මකුනුදැල්...ක්ක්...කඩනවා...ඌ...ර්...රෙක් වගේ ජ්...ජීවත්...ව්...වෙන්න එපා....ස්ස්....සංධීර් ...
නෑ නෑ...මකුනු දැල් කඩන්න ඕන් නෑ....
ඇ...ඇයි ...ඕ..ඔයාගෙ...න්න්...නැන්දට...ල්ල්...ලමයෙක්වත්...හ්...හම්බෙන්න්ද.....ඔය ළමයි..හ්හ්..හම්බෙන්න ඉන්නකොටනෙ ඔව්වා....හොද ...න්න්...නෑ කියන්නෙ.....
සංධීර්ගෙ ඇහිබැම ඇකිලිලා....මකුනු දැල් කඩනවා කිව්වත් එයා නෙවෙ ඒක පිලිගත්තෙ.....එතන තිබුන මකුනුදැලකුත් නෑ...මම කඩන්න ගත්තට...සිවිලිම දිහා බලපු එයා ඉනට අත ගහන් මකුනු දැල් කඩන්න එපා කියනකොට මම මාව බේරගන්න ඉක්මනට වෙන කතාවක් ගොතලා යටි තොල පහලට පෙර්ලනකොට එයා මට මොනවා හරි කිය කිය බැනබැන කාමරේට ගියා...
අ...අනේ....ස්ස්...සං...ධී.....ර්
එන්නෙහෙම නෑ කාමරේ පලාතට....
දඩාස්!!!!
කොස්ස දාලා මම එයා පස්සෙන් දුවන්න හැදුවා....ඒත් ඒ එනවත් එක්කම කාමරේ පලාතට එන්න එපා කියපු එයා දඩාස් ගාලා දොරත් වැහුවා.....
..ඉස්සර නම් ඔහොම නෑ හැබැයි...මාව එයාගෙ කාමරේ ඇතුලටම එක්කන් ගියා....නෑනෙ.....එයා එහෙම කරෙත් නෑනෙ.....කොහෙද මට හරියට මතක නෑනෙ...
දොර ගාවට වෙලා නියපොත්තක් කකා උන්න මම කොස්ස දාපු තැනමදාලා ආපහු ගේ අස්සෙ කැරකෙන්න ගත්තා....
අවුරුදු ගානකට පස්සෙ හම්බ උනෙ...වචනයක් කතා කරන්න බෑනෙ...ඔය කිව්වට ගෑනියෙක් නෑ කියලා ගෑනු ඇති හැටක් විතර...අපේ බාප්පවනෙ ආස්‍රෙ කලේ....
ම්හ්...
මම එහෙම්ම ගිහින් සෝෆාවෙන් ඉදගත්තා ..කකුල් දෙකත් උඩට ගත්තා...සියපාරක් විතර ෆ්‍රිජ් එක ඇරලා බැලුවා...කූල් වතුර බෝතලයක් ඇරුනම වෙන මොකුත් නැති ෆ්‍රිජ් එක දිහා මම තවත් දහ පාරක් විතර එබිලා බැලුවා.
මොකද ඔය ෆ්‍රිජ් එක කන්න යන්නෙ...?
එයා ආවා...!!!!
මන්දාරම් කතාවෙ සද කින්නාරාවා...!!!
.එකසිය දෙවනි වතාවටත් ෆ්‍රිජ් එක දිහා බලන් ඉදලා දඩස් ගාලා දොර වහපු මම එයාගෙ කටහඩත් එක්ක හැරිලා බැලුවා....
ම්ම්ම්ම්ම්.....ලස්සන....
හඩුවෙක් කියලා කියන්නත් බෑ...
ගෙයි අම්බලම වගේ උනාට ලස්සනට ඇදලා කරලා යනවා...ඔක්කොමත් හොදයි නාකි ස්ටයිල් එකට කොන්ඩෙ පීරන එක තමයි අවුල....ඊටත් අර පැහුන ගස් එහෙමත් තැනින් තැන පේනවා...
ස්ස්..සංධීර්....
ම්න්..
ක්ක්..කොහෙද ය්ය්..යන්න...යන්නෙ....
ගමනක්....
මෙ...උනත් ත්ත්...තියාගන.....වි...විකාරද ලමයො..?
මම් ඉනට අත් දෙක තියාගත්තා...මෙච්චර වෙලාම සන්නිය හැදිලා වගේ වෙව්ලපු එයා කැහැ කැහැ ඉදල ගානක් නැතුවම ගමනක් යනවා කියනකොට මම සංධීර්ගෙත් මාමා වගෙ ලගට ගිහින් හිටගත්තා ...
හිටගන උඩ ඉදලා යටටම බැලුවා....ඇත්තටම එයා ...අනෙ මන්දා.....
වයසට ගියත් කඩවසම්...
ගුප්තයි...
කොච්චර උනත් නපුරුයි .....
මම යෙවීන් බව දැන දැන උනත්....එයාට අර මාව දැකපු මුල් විනාඩි ගානෙ තිබුන හැගීම නෑ.....
.මගෙ ඇබිත්තම ගගා පිස්සුවෙන් වගේ ඉඹ ගත්තෙ මෙයාමද හිතෙන තරමට එයා වෙනස්...
එයා වෙනස් වෙලා....ටිකක් නෙවෙ. ..නොසෑහෙන්න....

සංධීර්...
ම්න්....
ඇ...ඇයි....ඔයා....ලෙඩ ත්ත්...තියන්...ය්..යන්නෙ...
මම එයාගෙන් ඇයි ලෙඩ තියන් යන්නෙ කියලා අහනකොට එයා වොලට් එක දිගෑරන් මොකක් හරි හොයනකොට එයගෙ අයි ඩී එක බිමට වැටුනා වගේම මම ඒක අරගත්තා.....හැබැයි මට ඒක අතට ගන්න හම්බුනෙ එක තත්පරේකටයි...එයා ඒක මගෙ අතින් ඇදලා ගත්තා.....
ය්ය්...යෝහ්.....ම්ම්..මටත්.....අයිඩෙන්..
ටියක්...ත්තියනවා.....බ්බ්..බය...න්න්..නොවී....ඉන්න...
එයා කට කොනකින් හිනා උනා...නල්ල මලේ අයිඩෙන්ටිය....අනේ..උඹ සංධීර් නෙවෙ මොකා උනත් මම නම් ආය බත් අදින් නෑ උඹට...මේක මහ පුදුම සෝභනයක්නෙ....මං යනවා රොබින් කුරුල්ලගෙ ගෙදර .....ගිහින් උන් දෙන්නට බත් අදිනවා...ඉදපන්කො....මෙහෙම සෙකන්ඩ් වෙන්ඩ පුලුවන්ද....මහලොකුවට බදාගත්තෙ නම් කොහොමද...කූඩැල්ලව මෙට්ටෙ තියන්න බෑනෙ...නේ....
එයා එහාට යනවා මෙහාට යනවා.....මාව නෙවෙ ගනන් ගන්නෙ.....එයා හිතන් ඉන්නෙ එයා ශර්ලොක් හෝම්ස් කියලා...එයා ශර්ලොක් හෝස්ම් නම්..මම ඇවිත් අර බේකර් වීදියෙ ඉන්න හිගන කොලු රැලෙ එකෙක්ද???යෝ.....හ්...හරි පව්....හරිම පව්.....
ඵෝන් එක වත් ගෙනාවා නම්....මෙයාට ඇහෙන්න ප්‍රනීත්ට වත් කතා කරන්න තිබ්බා.. ඉස්සර වගේ නෙවෙ මටත් කුටු කුටු ගාන්න එකෙක් ඉන්නවා කියල කියන්නවත්...
යෙවීන්....
ඔ...ඔව්...ම්ම්..මාස්ටර් ....
.....??
න්න්..නෑ...ඉතින්....ඔ..ඔයා හිතන්.. ඉ..ඉන්නෙ...එහෙමනෙ...ඒකයි...ප්ප්..පුදුම...ල්ල්..ලොකු....ල්ල්..ලයින්....එකක්...නෙ...අල්...ලන්නෙ.....
....පැහිලා....
න්න්...නෑ...ඉදිලා...ද්ද්...දෙකට.....න්න්..නැවිලා...බ්...බර වෙලා...අතු.....න්...නංගිටයි...ම්ම්...මටයි.....ග්..ගෙඩි....
දැන් යන්න ...
මම මූන අකුලගත්තා නංගිටයි මටයි ගෙඩි දෙකක් ඇතේ කියන්න නොදුන්න මම ඇහිබැම දෙක ඇන්ටනා දෙකක් කරන් එයා දිහා බලන් උන්නා...බලන් ඉදින්කො සංධීර් මම ආය එයිද කියලා...හතර මායිමෙ පස් පාගන් නෑ....
.ය්ය්...යනවා...ත්ත...තමයි....
ගිහින් දාන්නද....
ඔ..ඕන්....නෑ....ආව...විදිහටම...ක්ක්...කකුල් දෙකෙන් යන්නම්...ම්ම්..මහත්තයෝ.....
මම ගලවලා දාපු ටී ශර්ට් එක ආයම ඇදගන අතු ගාලා කොල කෑලි පුරවලා තිබුන ඩසට්බින් එකට එකක් කකුලෙන් ඇන්නා...එයා මගෙ දිහා බැලුවා....
..ස්...සමා වෙන්න...ඔ..ඔයාට....ඕක ..අස්කර...ග්ග්..ගන්න පුලුවන්නෙ.....
ආවා මෙතන...හිතේ ඇති...මාව එලවගන .....අඩුම ගානෙ කැද ටිකක් දෙන්නවත් මම විතරයි නේද ඉන්නෙ.....එව්වා මතක නෑ...අර කොහෙදෝ එකියෙක් මහත්තයා ගෑවනෙ....ඒක තමයි ඔය තදියම ...ඒකිටම කියන්න තියෙන්නෙ මහත්තයට ඇවිත් කන්න බොන්න උයා දීපිය කියලා ...
මොකද කුටු කුටු ගාන්නෙ ම්ම්ම්....
.ම්...ම..මම??
ම්න්...
ප්ප්..පිස්සු...
.....??
ආ..ආ...න්න්..නෑ...නෑ...මම...ආවර්තිතා....ව්...වගුව...ක්ක්..කට...ප්පාඩම්..ක්ක්..කරනවා හ්හ්..හයිඩ්‍රජන් ...හ්..හීලිය..ම්..ල්..ලිතියම්....බ්බ්..
බෙරලියම්...බෝරෝන්....ම්න්.....ආර්ට්ස් වලට..එව්වත් එනවද....ම්ම්ම්...ඔයිට වඩා...හොදට බොරු කියන්න ඉගන ගන්න....මොකද ...ඇත්ත බොරුව කරන්නත් බොරුව ඇත්ත කරන්නත්...හිතන තරම් ලේසි නෑ ඇබිත්තම...දැන් යන්න...ම්න්...
ඊව්.....කෑගහන පූසගෙ ඉස්ටිකර් බන්ඩල් එකක්ම මගෙ ඔලුව උඩට වැටුනා .....එක්කො වෙන බොරුවක් කියන්න ඕනා...කිව්වෙ වෙන බොරුවක්...ඉතින් මාව අහු නොවී තියේවිද නැනෙ...
බොරු කියපු මාව එයා උරහිසෙන් අල්ලගන දොර ගාවට එක්ක ඇවිත් දැන් යන්න කියලා දොරෙනුත් එලියට දැම්මා....දාලා දොර වැහුවා.....
ඇයි යකො මේ මෙහම???
යන්න කියන එක වෙනයි.....යනකන් බලන් ඉන්න එක වෙනයි....
මේක මාව එලියටම විසිකරල දැම්මා වගේනෙ.
අමුතුයි....අමුතුයි....අමුතුයි....
නොසෑහෙන්න අමතුයි...
දොරගාව උන්න මම තවත් චුට්ටක් ඒ දිහා බලන් ඉදලා අනුන්ගෙ ගෙවල් අස් කරලා පඩිත් නැතුව ගෙදර එන්න ආව.....
.එව්....තාප්පෙ පුරාවටම සිල්වා...
හැම තාප්පයක් ගානෙම පොහොට්ටුවක් පිපිලා...බෙල්ලෙ සාටකයක් දාන් උන්න සිල්වා මහින්ද මාත්තියා යුද්දෙන් දිනපු දවසෙ භූමි නමස් කාරෙ කරපු පික්කුවක් දාගන පැත්තකින් උන්දත් හිනා වෙලා ඉන්න පික්කුවක් ඔබලා තිබුනා.
ඇමති පුටුවක් ගන්න නහින හැටි .....
.මේ ඔක්කෝම රට හදන්නෙ කියල හිතෙනකොට වාවන්නෙ නෑ දෙයියනේ.....
මේකගෙ දත් වල සුදු ඒක නම් ඵොටෝශොප් වෙන්න ඇතිනේ.....ඔච්චර සුදු නෑ...මම එදා දැක්කනෙ...කහ ගැහිලා...
ගෙදර යන්න ආව මම සිල්වගෙ විරිත්තන් ඉන්න මූන දිහා බලාගන පිලිකුල් භාවනාව කරන්න ගත්තා....හේතුවක් නැතුව උනත් මම ඒ මිනිහගෙ මූන දිහා සෑහෙන්න වෙලා බලන් උන්නා....ඒ හිනාව....එ ඇස්.....
මුලින් මුලින් හේතුවක් නැතුව උනත් බලන් උන්නෙ ඒ ඇස් දෙක දිහා බලන් ඉන්නකොට අපැහැදිලි මතක ලාවට ලාවට ඔලුව අස්සෙන් පනගහන්න ගත්තා....
මූ තමයි....
එදා උසාවියෙදි සංධීර් ගාවදි මම ලමයද අහලා සංධීර්ට පරිස්සම් වෙන්න කිව්වෙ මූ තමයි...
මූම තමයි.....අනිවාර්යයෙන්ම මූම වෙන්න ඇති සංදීර්ට ගිනිතියන්න ඇත්තෙ....
සිල්වා....උඹ තමයි....උඹ හින්දයි මේ ඔක්කොම....උඹ එදා එහෙම නොකලා නම්.....සංධීර් අතුරුදහන් වෙන්නෙත් නෑ....මගෙ අම්මව....මට නැති වෙන්නෙත් නෑ...මගෙ අම්මට මාව නැති වෙන්නෙත් නෑ...
කට්ට අව්වෙ ඉදන් සිල්වගෙ මූන දිහා බලන් උන්න මම එකින් එක එකින් එක දේවල් ගලපගන්න ගත්තා.....මටත් නොදැනිම මගෙ ඔලුව ලාවට හෙළ උනා වගේම මම එක අතකින් මගෙ කන පිහා ගත්තා .....එදා රෑ ...එදා රෑ...සංධීර්ගෙ මුලු ගේම ඇවිලිලා යන හැටි මම බලන් උන්න හැටි මතක් වෙනකොට මම තවත් චුට්ටක් ඔලුව වැනුවා....අම්මට මාව නැති උනේ සංධීර්ට අපි වෙනුවෙන් කතා කරන්න එන්න බැරි උන හන්දා කියන එක මතක් වෙනකොට මම තවත් චුට්ටක් ඔලුව වැනුවා.....අත් දෙකෙම්ම කන් දෙක පිහ දැම්මා....
....උ...උඹයි.....එ...උඹ.....යි...උ...ඹ්ඹ්...බ...හ්හ්...හින්දයි....උඹ....හ්හ්...හි...න්දයි.....උඹ....හ්හ්...හින්දයි....
සිල්වගෙ විරිත්තන් ඉන්න මූන දැක්ක මට ආවෙ දරාගන්න බැරි තරම් තරහක් වෙනකොට මම අර පෝස්ටර් ටික ඉරලා දාන්න හැදුවා....ඉරලා...කීතු....කීතු කරන්න හැදුවා.....කානුවට එහා පැත්තෙන් තිබුන තාප්පෙ පුරාවටම උන්න සිල්වට මට ගිනි තියන්න හිතුනා...මඩ ගහන්න හිතුනා...මට ඒකගෙ බෙල්ල මිරිකලා මරලා දාන්න හිතුනා....
ඇමතියා...ජරා....ඇමතියා...ජඩයා....ජඩ බල්ලා....
මගෙ ඇග අස්සෙ උන්න නපුරු යෙවීන් කෑ ගහන්න ගත්තා...ක එක්කවත් කතා බහක් නොකෙරුවා උනත්...පන්තියේමපැත්ත ගහලා අහිසක කමට උන්නා උනත්....තරහා යන වෙලාවට යකෙක්ට වගේ තරහා යන මම කානුව උඩින් පැනල සිල්වගෙ පෝස්ටර් ඉරන්න හදනවාත් එක්කම මගෙ ගාවින් සුදු පාට වාහනයක් නැවැත්තුවා....
මම උන්නෙ ඔලුව වන වන...හිතේ තරහව කොයි තරම්ද ඒ තරමටම මම ඔලුව වැනුවා....අත් දෙකෙම්ම කන් දෙක පිහදැම්මා...මට සිල්වව පෙනුනෙ මාව කන්න ආව යකෙක් විදිහට වෙනකොට මට ඒ හිනාව නැති කරලා දාන්න ඕනා උනත් මට ඒක කරගන්න තරන් වත් බැරි තරමට වෙව්ලනකොට මගෙ ගාවින් නවත්තපු වාහනෙන් ආව කවුරු හරි මගෙ ගාවට දුවන් ආවා...
ලමයො.....
....
ලමයො...
මහත්තයා..මේකට මීමැස් මොරේ වගේ...
මොකක් උනත්....දාගනින් මේ ලමයව....
කාගෙද කින්ද මන්ද නොදැන??
උඹට වත් ..මටවත් ඒකෙන් වැඩක් නෑනෙ.....සමජ සත්කාර විදිහට ඩැඩිගෙ නම යනවනෙ...
මේ කොල්ලය තව ඔලුව හොලවන්න ගැහෙන්න දීලා...ගනින් වීඩියෝ එකක්...
මම උන්නෙ තරහව පාලනේ කරගන්න බැරිව....
ලමයෝ...ලමයෝ...ලමයෝ ගගා මාව වත්තම් අරන් උන්න ටයිකෝට් කාරයා මගෙ මූනට වතුර ගානකොට මං බලාගන එකෙක් ඵෝන් එකක් අල්ලන් ඉන්නවා .....
..ඇ...ඇයි....එ එහෙ...ම....එ...හෙම....
ලමයා කතා කරනවා...ලමයා කතා කරනවා...ඔය මගුල අල්ලපන් මෙතනට.....
ම්..මහත්තයා...කැප්...ශන්...එක.....
කැප්ශන් එකට කලින් මෙක ගනින්..ලයිව් දාන්න එපා...
මම උන්නෙ තරහව එක්ක ආව වේදනාවෙන් වෙනකොට අරුන් කියන මෙලෝ දෙයක් මට තේරුමක් නැති උනා...අපැහැදිලි මූන....අපැහැදිලි කටහඩවල් එක්ක මම මාව අල්ලන් උන්න එකාගෙ බෙල්ලෙ එල්ලුනා.....
තරහවෙ අවසානෙ දරාගන්න බැරි කම වෙනකොට මම මාව අල්ලන් ඉන්න එකා කව්ද නොදැන මම මාව දාලා යන්න එපා කියන ගමන් ඒ මනුස්සයගෙ පපුවට හේත්තු වෙනකොට ඒ මනුස්සයා මාව අත් දෙකෙම්ම තුරුල් කරගත්තා .....
හරිද....ගත්තද....
ශොට් එක නම් නියමෙටම ආවා අශාන් මහත්තයා....ආය් ෆුල් මාවර්ලස්.....
තාත්විකයි.....!!!
අනිවාර්යයෙන්ම .....
මහත්තයා මේ කොල්ලට මොකද කරන්නෙ....
..දාල යන්න බෑ...කාර්‍යාලෙට අරන් යන්.....
සිල්වා මහත්තයගෙ?
නෑ...මගෙ....මොකද.....මේකට හොද සිහිය ආවම තව දේවල් කරගන්න පුලුවන් වෙයි.....
තව දේවල්.....?
අනිවාර්යයෙන්ම .....ජන්දෙ අද හෙටින් ඉවර උනාට...මිනිස්සුන්ට කලගුන සලකන එක එකපාර නැවැත්තුවොත් ....මට මොකද වෙන්නෙ....??
මම උන්නෙ හේ බාගන....මාව උස්සගත්තු ඒ මනුස්සය මොන මොනවදෝ වැල්වටාරම් කියන ගමන් ෆර්ෆියුම් සුවද නෑවුන හයි එසි වාහනේකට නගිනකොට මගෙ කකුලෙ තිබුන සෙරෙප්පුව මටත් නොදැනිම බිම වැටුනා වගේම හේබාගන උන්න මම අවසිහියෙම්ම ඒ මනුස්සයගෙ ඇග උඩට කඩන් වැටුනා.....
...
....
.....
අශාන් මහත්තයා.....මම ඇතුලට එන්නද.....?
එන්න....
මෙ කැප්ශන් එක කොහොමද ...
අපේ රටේ අනාගතෙ.....
අද හෙට පිපෙන මල් කැකුලු මෙසේ පරවීමට දිය හැකිද....
මොනවද මේ ...??
අ..අපි හිතුවෙ...මේ නිවුස් එක....බඩගින්න උහුලන්න් බැරි අන්ත අසරන ලමයෙක්ගෙ පිටින් යවන්න....
ඉතින්...?
ඉතින්..කියන්නෙ.....මහත්තයා.....අපිනර කලින් පාර කෙරුවා වගෙම...
අනිවාර්යයෙන්ම ...මවාපාන්න .....මොකද .....අයිසේ...අපි මේ මිනිස්සු ඉස්සරහා මවලා පාන සංවර්ධනේ කරන්න ගියා නම්...කෝ කියනවකො අපිට ආය හදන්න රටක්...දානවා...බඩගින්න ඉවසන්න බැරිව වැටුන එකෙක් විදිහට...අවසානෙදි අහනවා...තව දුරටත් ඒ වගෙ පාලනයක් ඕනෙද ඔය වගේ මොකක් හරි වැල් බයිලාවක් ගහලා දුක පොඩ්ඩක් මාකට් කරලා ගන්නවා....
හරි මහත්තයා ...
මම උන්නෙ ඔලුව පුපුරන්න තරම් කැක්කුමෙන්...ඇස් දෙක ඇරලා බලන්නවත් බැරි තරම් මගෙ ඔලුව පුපුරන්න කැක්කුම් කරනකොට මම අමාරුවෙන්.... හරීම අමාරුවෙන් ඇස් ඇරියා...ඇරියා කිව්වත් මට ඇස් දෙක සම්පූරනම ඇරගන්න බැරි උනා.....
ඩැඩී...දැන් නම් බෑ...දැන් නම් කොහොමත් බෑ....දැන් හෙට ඉස්කෝලෙට පොත් දෙන්න යනවත් එක්කනෙ....
......
ඔව්..ඔව්....සිල්වා පදනම කියල හැම එකටම ගැහුවා...
.....
නෑ. ප්ලාස්ටික් බේසම්....
බාගෙට ඇරපුඇස් දෙක ආයම මගෙ පිය වෙන්න ආවත් ඇහුන කටහඩත් එක්ක මම හිමීට හිමීට ඇස් ඇරියා....
සිල්වා කාරයා....
මගෙ ඇස් දෙක කෙලිම්ම නැවතුනෙ සුදුපාට බිත්තියෙ තිබුන සිල්වගෙ ඵොටෝ එක ගාව වෙනකොට මම හිමීට ඵොටෝ එක දිගේ හිමීට හිමීට පහලට එනකොට මම ඒ මූන දැක්කා....
මගෙ ඇගේ ලේ ආයම....ආයම රත් වෙන්න ගත්තා ....සිල්වාගෙ පුතන්ඩියා . ... ..

එදා මගෙ ගාවට ඇවිදින් කියවපු එකා...
මම බලන් උන්නා... ඵෝන් එක කනේ ගහන් ඩැඩී ඩැඩී ගගා කියවපු ඇමති පුතන්ඩියා මෙසෙ උඩ තිබුන බෙල් එක ගැහුවා ....
ටිං..ටිං.....
ඇස් දෙක ඇරුනත් ඇරුන් නැති එකා වගේ මම ආයම ඇස් වහගන්නකොට දොරක් ඇරෙන සද්දයක් ආවා.....කවුරු හරි එකෙක් ඇතුලට ආවා....
මහත්තයා....
ගුණවර්ධන...
මහත්තයා ....
.මෙන්න කාර්ඩ් එක....මේක අරන් යනවා කාගිල්ස් එකට හරි....ඔය මොකක් හරි ෆුඩ් සිටි එකකට...ගිහින් ගන්නවා..මාස දෙකක තුනකට ඇති වෙන්න හාල්...සීනි තේකොල පරිප්පු.....පිටි...ඔය....තියන මොනවා මොනවාහරි...
හරි...මහත්තයා ...
අරන්....තව ගන්නවා ...ඔය බිස්කට් ..චොකලට් ...ම්ම්ම්
හරි මහත්තයා ...
.මට කියනවා ඔය පොඩි ගැටිස්සියො මොනවටද ආස කියලා ?
ආස කියන්නෙ.....
ඔය ක්‍රීම් සුකුරුත්තන් අයිසෙ...
ආ....ෆෙයාර් ඇන්ඩ්...ලව්ලී.....වගේ....
ම්ම්ම්...ම්ම්
හොරා වගෙ ඇස් පියාගන උන්න මම හිමීන් සැරේ ඇස් දෙක ඇරියා....ඇමතියගෙ හෙංචයියෙක්....ඇමති පුතා අරූට මාස දෙක තුනකට ඇතිවෙන්න බඩු ගන්න කියලා කෙල්ලො ආස කරන දේවල් ඇහුවා....මූ දුප්පත් පවුලකින් කෙල්ලෙක් කරගහගන්නවත්ද???වෙන්න බෑ...මුන් කවදාවත් ඔය වගේ දේවල් කරන් නෑ...මුන් බදින්නෙ ලොකු අතු මිසක්කා...
තව සැන්ට් කුප්පි.....
ම්ම්..බලනවා.. බලනවකො...බලලා අරගන අර කෙල්ලෙගෙ ගෙදර යනවා....
අර....කෙල්ල...කිව්වෙ...මහත්තය....කොයි.....
කොයි කෙල්ලද අහන්නෙ...හෙට අනිද්දට වාතයක් වෙයි කියලා හිතන එකීගෙ...ඔය ටික දීලා....වැඩේ ක්ලෝස් කරලා දානවා...වෙන්න ඕන විදිහ මම කියන්න ඕන් නෑනෙ තමුසෙට...මේ පාර නම් වැඩේ කාගන්න බෑ..හරි...එක පාරකුත් එක ජඩයෙක් හින්දා ඇතුලට ගියා...මෙපාර ඒ දේ වෙනන් දෙන්න බෑ....එනගමන් එහෙම්ම අර මාලිකාට කෝල් එකක් දාලා කියනවා..මං අරසිලෙක්ට් කරපු කෙල්ලව රෑට මගෙ ප්ලැට් එකට එවන්න කියලා ...දැන් යනවා.....
🙂ජෝබිත සුදු වෑන් සවරියක් සෙට් වෙයිත මන්දා.....
🙂ආය එන්නම් ඈ.....
..🤭🤭
....
..මේලමයා බුජි....ඔය ලමයිනුත් බුජියන්න.....
මම
.
Ferdeesha ❤️💚😘 .....