Ficool

Chapter 3 - 03

එයාගෙ මමා ගාව පුදුම තරම් සුවදයි....මට ඒක කියන්න තේරෙන්නෙත් නෑ....අනිත් එක ඒ වගේ සුවදක් මට කවදාවත් ඇවිල්ලත් නෑ....

නලුවෙක්නෙ....හුගක් ගනන් සෙන්ට් එකක් වෙන්න ඇති...අනිත් එක ටීවි එක අස්සට යනකොට සුවද ගහන්න එපැයිනෙ....නැත්තන් කොහොමද නලුවෙක් වෙන්නෙ...

එයාට නින්ද යනවද දන්නෙ නෑනෙ....යනවා ඇති නෙ....

කන්නෙත් අපි වගේ අතින්ද දන්නෙ නෑනෙ....වෙන්න ඇතිනේ ....

අපිට වගේ එයාලටත් ඔය හැම දේම වෙනවා ඇතිනෙ....

එක්කො නැතිව ඇතිනෙ....එයාලා නලුවොනෙ...නලුවො අතින් කන්නෙ නැතිව ඇති අප්පා...

ඔන්න මට හිතෙන දේවල්...මම හිතන්නෙ මට නෙවෙ ....මේ ලෝකෙ ඕනම ළමයෙක් මගෙ වයසෙදි හිතන්නෙ ඒ විදිහ ..නලුවෙක් කියන්නෙ හරි අමුතු කෙනෙක්...මිනිස්සුන්ට වඩා වෙනස් කෙනෙක්....උදාහරනයක් විදිහට ගත්තොතින් මම හිතනවා නලුවන්ට කවදාවත් කිඹුහුමක් යන්නෙ නැහැයි කියලා ....අනේ මන්දා...මට දැනෙන දේවල්...අනික....නලුවන්ට ඕන තරම් ගුටි කන්න පුලුවන් ....වෙඩි තිබ්බත් මැරෙන්නෙ නෑ. ..ඉතින්...අපිට එහෙම නෙවෙනේ...සනුකයා එක පාරක් ගැහුවම මාව විසික් වෙලා යනවා මට ආපිට නැගිටින්නත් බෑ...අනික මම අඩනවා...ඔය හින්දි පිච්චර් වල ඉන්න නලුවො එහෙම නෙවෙනෙ අනික ඒ මිනිස්සු පාරක නැටුවත් වටේ පිටේ ඉන්න ඔක්කොමල්ලම එකතු වෙනවා....

හොදම දේ ඒ හැමෝම බඩු මලු දාලානෙ නටන්නෙ.....අපේ ටීච දැන් දවස් කීයක ඉදන් අපිට නටන්න උගන්නනවද ...ඒත් සනුකයට බෑ තාම කැරකෙන්නෙ...අපි ඉස්සරහට කැරකෙනකොට සනුකයා පස්සට කැරකෙනවා...ඒත් නලුවන්ට හම්බෙන මිනිස්සු එහෙම නෑනෙ...බලන්ඩකො නටන ලස්සන....උන් එක පැත්තට නටනවා...."ඩිස්ක ඩිඩින්...ඩිස්ක ඩිඩින්...."ගානකොට උන් නටනවනේ...

ඉතින් එහෙම එකේ නලුවො කොහොමද අපි වගේ කියලා හිත්න්නෙ.....එයලගෙ මාමත් දැන් මෙතන නැටුවොතින් හැමෝම නටයි.....මටත් නටන්න වෙයිද දන්නෙ නැ..හරි වැඩේ තමා වෙන්නෙ....නලුවෙක් එක්ක මීට කලින් නටලත් නෑ....

මම හිමීට බෙල්ල හරවලා එයාගෙ සුවද ගහන මා දිහා බැලුවා...ඇස් දෙක විතරයි පේන්නෙ ඔලුබක්කා හෙල්මන්ට් එකක් දාගන...

බැට් මෑන් හින්දා වෙන්න ඇති...නැත්තන් මිනිස්සු අදුනගත්තම අස්සන් ගන්න එනවනෙ...අනික දැන් මේ ඉන්න ඇදුමත් එක්ක පියාඹන්නත් බෑනෙ ...අමේලිව අරගන යන්නත් බෑ...මාමම කිව්වනෙ අමේලි ඌරෙක් වගෙ මහතයි කියලා ...මම නම් ඔච්චර කන්නෙ නෑ අප්පා....මහත් උනොත් මාවත් අරන් යන්න බැරි වෙයි.....

බබී...මෙන්න මෙතනින් නේද හැරෙන්නෙ....

මම උන්නෙ වෙනම ලෝකෙකෙ....එයාගෙ නලු කම ගැන හිත හිත වෙනමම ලෝකෙක පාවෙනකොට එයා මගෙ මුජ්න ගාවටම එයාගෙ මූන පහත් කෙරුවා ..මගෙ අම්මේ...අප්පා...සුවද...ඉඹල බලන්නත් හිතෙනවා...ගස්ලබු ක්‍රීම් ගානව ඇති අපේ අම්මා වගේ .....ඒත් ඉතින් ගස්ලබු මිනිස්සු ගාන්නෙ නෑනෙ.....ගෑනුනෙ ගාන්නෙ...වෙන දෙයක් වෙන්න ඇති...ඒ කොහොම උනත් එයා හරි සුවදයි.....සමහර විට අපේ සුදු බාප්පා වගේ පෙයාර් ඇන් ලව්ලි ගානවා ඇති ...ඔය ටීවි එකේ දාන්නෙ...පිරිමින් සදහාමයි කියලා...ඒකෙත් ඉන්නෙ නලුවෙක් නෙ ...

එයා අහනවා මේක නේද පාර කියලා ...ඔව්නෙ...මේ තියෙන්නෙ...යෙවීන් කේටරින් සර්වීස් කියලා ලොකුවට බෝර්ඩ් එකක් ගහලා තාත්තගෙ ටෙලි ඵෝන් නොම්බරෙත් දාලා...සුදු පාට කෝකියෙක් මොකක්දෝ අතේ තියන් ඉන්න පින්තූරෙකුත් එක්ක.....

මම ඔව් කියන්න ඔලුව හොලවනකොට එයා අර ලොකු බයික් එක බුරු බුරු සද්දෙත් එක්ක හරවලා අපේ ගෙදර ගාවටම නැවැත්තුවා....

ඔන්...න...හරී.....

එයා මාව බැස්සුවා...මම එයා දිහා බලලා අපේ ගේ දිහාව බලනකොට අපේ ගෙදර එකම කලබලයයි...ඒ ඇයි ...ගේ ඉස්සරහා තාත්තග් අලුතිම්ම ගත්තු වෑන් එකත් නවත්තලා තිබුනා...

ඇයි බබී....

...ද්ද්ද්...ද්...ද්...දන්න්.....නෙ...න්න්...නෑ...නේ...

මම බය උනා...බය උන පාරට මගෙ ඇසුත් ලොකු උනා...හොදම දේ කියන්නෙ කතා කරනකොට ගොත ගහන මම බය උනහම මට කොහොමත් කතා කරගන්න බැරි උනා.....වචන දත් වලින් එලියට එන්නෙම නැති තැන මම ඔලුව සෑහෙන්න වෙලාවක් ඇල කරන් ඉදලා ඇස් වහලා ගොත ගහලා ගොතගහලා වචන දෙක තුන එලියට දාලා එයාට යනවා වත් නොකියා බෑග් එකත් විසික් කරගන මම ඇතුලට දිව්වා ....

අනෙ ..අම්මා....හ්....අම්ම්....මාහ් ...

අම්මා නේද.....ඔව් මයි ...අම්මා...අනේ අම්මට මොකද.....

මම සපත්තු වතුර බෝතල් විසික් අරන් උඩට දිව්වා...ගෙ ඇතුලෙ එකම කාලගෝට්ටියයි අරුනි අක්කා එහෙට දුවනවා මෙහෙට දුවනවා....තාත්තා බඩු බෑග් එකක් උස්සන් පහලට එනවා...

දෙයියනේ.....අම්මා.....අම්මා....ඇයි දෙයියනේ මට කොල්ලව ගන්ඩ යන්ඩ මතක් නොකෙරුවෙ.....

දැන් කොල්ලා කොහොම හරි ආවනෙ ඉක්මනට මෙ බඩු ටික දාපන් නැත්තන් ලමයව ගෙදරම හම්බෙනවා...

තාත්තා .. එයා මාව දැකලා ලොක්කම්මට කෑ ගැහුවා..... ඒත් ලොක්කම්මා ඒක ගැන ලොකූවට ගනන් ගත්තෙ නෑ....ඒක ඉතින් අමුතු දේකුත් නෙවෙ හේතුවක් දන්නෙ නෑ...අපේ තාත්තගෙ අම්මා මට එච්චරම ආදරේ නෑ.....එච්චරම ආදරේ නෑ කියන්නෙ....එයා මට කොහොමත් ආදරේ නෑ...මම පොඩි උනත් මට ඒක දැනුනා...අම්මට මල්ලි බබා හම්බෙන්න ආව දා ඉදලා ලොක්කම්මා මට කොහොමත් කැමති නෑ කියන එක මට දැනුනා ...

තාත්තා එහෙන් දුවනකොට මං අම්මව හොයාගන උඩට දිව්වා ....එයා ඉන්නවා...අනේ අම්මා අඩනවනෙ....බඩ පැලෙයිද....මල්ලි බබා මෙතනම අම්මගෙ බඩ පලාගන එලියට ඒවිද....

අම්මා අඩන හැටි ....අම්මගෙ ලොකු බඩ දැකපු මට බයටම ඇඩුනා ....මට අම්මා ගාවට යන්න ඕනා උනත් ලොක්කම්මා මාව ඇදලා අරන් පැත්තකට කෙරුවා .....

හා හා කොල්ලො අම්මව ගෙනියන්ඩ යන්නෙ උඹව මෙතන හුරතල් කරන්ඩ බෑ....

එයා මාව ඇදලා ගත්තා...ඇදලා ගත්ත නෙවෙ.....ඇදලා අරන් පැත්තට විසික් කෙරුවා කිව්වා නම් හරි...ඒක අම්මත් දැක්කා...ඒත් අම්මා උන්නෙ හුගාක් අමාරුවෙන් හන්දා ලොක්කම්මට බනින්න අම්මට පන තිබුන් නැද්ද කොහෙද....අපේ තාත්තා වෙලාවකට අම්මට කාමරේට ආවම බනිනවත් එක්ක නයයි මුගටියයි වගේ කාගන්නවා කියලා ...ඒත් මට අදවෙනකන් නයා කව්ද මුගටියා මොකාද හිතා ගන්න බැරි උනා....සමහර විට නයා ලොක්කම්මා වෙන්න ඇති....අම්මා නයෙක් වගෙ කලු නෑනෙ .....

අ...අ.....අ..ම්...අ...ම්...අමේ...

මම කෑ ගැහුවා .... ලොක්කම්මා මගෙ පොඩි අත රිදෙන්නම මිරිකලා පැත්තට දානකොට මම මගෙ අත අත ගගා එහා මෙහා දුවන අයග් ඇගවල් වල හැප්පි හැප්පි විසි වෙවි ඉදලා අම්මව තාත්තා වගේම සුදු බාප්පා ඇදෙන් නැගිට්ටවනවා එක්කම මම කෑගැහුවා ....

දන්නවද ..එකම එක පුංචි වචනයක් උනත්...අකුරු තුනෙ නම උනත් කියන්න කලින් මම බෙල්ල ඇල කරන් උන්නා සෑහෙන්න වෙලා...එහෙන් ලොක්ම්මගෙ නපුරු කම්....අම්මගෙ කදුලු ....බඩ ඇතුලෙ ඉන්න මල්ලි බබා...තාත්තා දුවන හැටි...මේ ඔක්කොම එක්ක මම මා එක්කම සටන් කෙරුවා....කොට වෙලා තිබුන දිව හින්දා වචනයක් එලියට දාගන්න මම නොසෑහෙන්න දුක් වින්දා...අත අතගගා උන්න මම අම්මව අරන් එනවා එක්කම දූවල ගිහින් අම්මගෙ ඇගේ එල්ලිලා අම්මෙ කියනකොට ලොක්කම්මා ආයම ආවා උනත් අඩ අඩ උන්න අම්මා ලොක්කම්ම දිහා එකපාරයි බැලුවෙ ....එයා කට පියා ගත්තා ...

අම්මා.....මගෙ....පුතා...ට...මල්ලි...යෙක්....අරන්...එන්නම්....

ම්ම්..ම...ල්...ලියෙ....ක්..

ඔව්...

රොවිනා....දැන් දරුවව මෙතන හම්බෙනකන් හොයන්ඩ හම්බෙන්නෙ නෑ..අලි බබ්බු ආවම හුරතල් කරගන්ඩ බැරිද ....

මම ඉක්මනට පැත්තකට උනා...ඒ උනත් මම සුදු බාප්පගෙ අතේ එල්ලුනා...මටත් යන්න ඕනා...අම්මා අඩනව..කොන්දට අත තියා ගන්නවා...පඩි පෙල ගාවදි අම්මට බැහැගන්න බැරි වෙනකොට තාත්තා අම්මව හරහට ගත්තා...මම සුදු බාප්පගෙ ඇගෙ එල්ලුනා .....

පරිස්සමින් පරිස්සමින් ...ලොකු පුතා...පරිස්සමින් ....කෝ ඔය කොට්ටෙ .....ඉස් ඉස්සරෝම එකානෙ....දෙයියනේ කියලා .. ..පරිස්සමින් .....පරිස්සමින් ....

අම්මව හරහට අරන් ආව තාත්තගෙ වටේ කැරකි කැරකි ලොක්කම්මා කොට්ටා ඉල්ල ඉල්ල මොන මොනවදෝ කිව්වා...ඉස් ඉස්සරෝම එකානෙ...මට නම් ඔව්වා තේරුනෙනෙත් නෑ..මං කෙරුවෙ සුදු බාප්පගෙ අතේ ඉදන් අඩන අම්මා දිහා බල බල ආයම හිනා වේගන ඉන්න ලොක්කම්ම දිහා බලපු එක...අම්මා අඩනවා...ඒත් ලොක්කම්ම හිනා වෙනවා.....ලොක්කම්මා මහ නපුරුයි.....ඇත්තමයි.....මල්ලි බබෙක් ගේනවට මාත් ආසයි...ඒත් අම්මා අඩනකොට දුකයි ...පාරෙ යනකොට බඩ පැලුනොතින්.....අම්මට පව්නෙ...

මගෙ ඔලුවෙ ප්‍රශ්න කෝටියයි...ලොක්කම්මා අම්මා ගාව ඉදගන මොන මොනවදෝ කිය කිය ඔලුව අත ගානකොට තාත්තා අම්ම දිහ බල බල වාහනේ එලෙව්වා ....සුදු බාප්පා උන්නෙ තාත්තා ගාව වෙනකොට මම සැරින් සැරේම අම්මා දිහා බැලුවා ...පිටිපස්සෙ සීට් එකේ උන්න අරුනි එක්කා අම්මගෙ ඔලුව අතගැවා.....බය වෙන්ඩ එපා කිව්වා....පලවෙනි එකනෙ ඔහොම තමයි කිව්වා.....

පලවෙනි එකනෙ ..ඒ කියන්නෙ...ඒ කියන්නෙ මොනවද...

අනේ මන්දා...සමහර විට යෙවීන්ට මල්ලි බබෙක් ගේන පලවෙනි පාර නෙ ....මම ශීට් එකේ ඉදන් එබි එබි අම්මා දිහා බැලුවා...ලොක්කම්මා හන්දා මට අම්මව පේන්නෙත් නෑ...

ල්ල්...ලොක්ක්..කම්මෙ.....අම්..මව....ප්ප්...ප්ප්...පේන්නෙ...න්න්..නෑනෙ.....

ඇයි අම්මගෙ මොනවා බලන්ඩද...දැකලා නැද්ද මීට කලින්

අම්මා.....

මේ මෙහෙන් මේ කෙලීට අමාරුයි.....මේ කොල්ලා අම්මව බලන්ඩ හදනවා..

ඉතින් කොල්ලා අම්මව බලපුවාම ඇති වැරද්ද මොකක්ද අම්මා...ආ?

නෙහාන්...උඹ කටපියවපන්....මේක මේ පොඩි දේටත් කියවන වෙලාවක්ද....ගෙදරින් එනකොට පහන වත් අවුලන්ඩ බැරි උනානෙ...අරුනි....පහන තිබ්බද....

නෑ....

උඹ ඕකෙම එල්ලිගන ඉදපන්...කොයි වෙලේද කිව්වෙ

මට දුක හිතුනා ..කදුලු පුරවගත්තු මම ඉදන් උන්න ශීට් එකේ කොනටම ගියා....සුදු බාප්පා මට සැරකරපු ලොක්කම්මට බැන්නා..ඒ උනත්...මගෙ හිත රිදිලා ඉවරනෙ ....අම්මා අඩන එක බලනවට වඩා ලොක්කමට ඕන කම තිබුනෙ මොකුත් නොදන්න මොකුත් නොතේරන මාව අම්මගෙන් ඈත් කරන්න කියන එක මට දැනෙනකොට මං අත් දෙකෙම්ම මූන වහගන්නකොට මං අහගන සුදු බාප්පා ආයම කුටු කුටුගෑවා ....

යෙවීන්....

.....

ඔයා ඉන්න මා එක්ක....

අපි ආවා....මල්ලි බබාව අරගන එන්න යන ඉස්පිරිතාලෙ ගාවින් වෑන් එක නවත්තනවා එක්ක අම්මව ඇතුලට අරන් යනකොට අම්මා පස්සෙ දුවන්න ගියපු මාව සුදු බාප්පා නවත්ත ගත්තා ....

ඇ...ඇ...ඇයි....බ්...බ්..ප්...ප්..පි...යෙ...

අම්ම එනකන් අපි දෙන්න මෙතන ඉමු....

සුදු බාප්පි එන්නෙ නෑ...එනවා නම් මෙයාට ඔය හොටු පෙරන එක නවත්තන්ඩ කියන්ඩ ....

එයා එන්නෙත් නෑ මන් එන්නෙ නෑ උඹ ලොකු අම්මා එක්ක පලයන් ....උඹට හරියනම මුට්ටියනෙ...

මට තේරෙන්නෙ නෑ....මට මේ මෙලෝම දෙයක් තේරෙන්නෙ නෑ...මට තේරුන එකම දේ අරුනි අක්කයි ලොක්කම්මයි මට රිදවනවා කියන එක විතරක් වෙනකොට යන්න ගියපු මාව සුදු බාප්පා නවත්ත ගත්තා .....එයා මාව ලගට අරගත්තා වගේම එයා යන්නෙ නැද්ද අහන්න ආව අරුනි අක්කටත් බැන්නා....

ඔයාට මොනව හරි අරන් දෙන්නද...

මං ඔලුව වැනුවා ...මට බඩගින්නක් තිබුන් නෑ....මගෙ හිත ඇතුලෙ වැඩ කෙරුවෙ මල්ලි බබා ගැන විතරක් වෙනකොට මට බඩගින්නක් ෆ්හැනුන් නෑ

..ගෙවන ඉස්පිරිතාලෙ කොරිඩෝවෙ දිගටම මල් පෝච්චි තියලා තිබුනා ....මං උන්නෙ ඒ දිහා බලාගන අම්මා ගැන වගේම මල්ලි බබා ගැන හිත හිත....එයා මං වගෙ වෙයි නේද .....??මන් සියපාරක් හිතුවා ....ඒත් මං ආයම ඒ ගැන නොහිතා උන්නා.....මම ඊලග පාර මල්ලි බබා මම වගේ නොවෙන්න කියලා හිතුවා ...එයාටත් යෙවීන්ට වගෙ දිව ගිලිලා තිබුනොත් ....?එයාටත් මට වගේම ලොක්කම්මා නපුරු කම් කරාවි ....එයාටත් අරුනි අක්කා නපුරු කම් කරාවි....ඉස්කෝලෙ හැමෝම ගොතයා කියාවි..

ඇරත්...අම්මා ගාව ඉන්නකොට මල්ලි බබත් මං වගේද කියන වචන දෙක තුන හරි අමාරුවෙන් ගොත ගහලා එලියට දාපු වෙලෙ ලොක්කම්මා මොකක් දෝ කිව්වා ....මට මතක නෑ....

නෑ...මතක නෑ නෙවෙ ....ලොක්කම්මගෙ ගොත නැති වචන ගොත මාව රිදෙව්වා .....එයා කියපු දේ මට මතකයි.....එයා කිව්වෙ "හොදට හිටි උඹ වගෙ ගොත ගහන්ඩ ගත්තොත් කියලා "...මට රිදුනා.....එයාගෙ වචන වෙලාවකට හරි බරයි....චූටි පපුවට වේදනයි....සුදු බාප්පා පව ලොක්කම්මට බනිනවා මං අහන් ඉදලා තියනවා ..."සහගහන කතා කියන්ඩ් එපා අම්මෙ නොදරුවට" කියන වචනෙ සුදු බාප්පා කියන එක මන් අනන්තවත් හැංගිලා අහන් ඉදලා තියනවා ...

මං එහෙම්ම සුදු බාප්පා දිහා බැලුවා .....කන්න අරන් දෙන්න අහපු බාප්පා ඊලග පාර ඵෝන් එකට එබීගන ඉන්නකොට මං එයාගෙ කකුලට අතින් තට්ටු කෙරුවා එයා මගෙ දිහා බැලුවා ....

ම්ම්ම්....ඇයි....බඩගිනිද ....

...

එයා ආයමත් මගෙන් බඩගිනිද අහනකොට මං වචන ඉතිරි කර ගන්න ඕනා හන්දා නෑ කියලා ඔලුව හෙල්ලුවා ...

එහෙනම් මොකද ...ම්ම්ම්

ස්..ස්..සුදු...බ්බ්...බ්බ්..බ්බා..ප්...පෙ...ම්ම්..මල්...ල්ලි...බබා..ත්...යෙ..යෙ...වීන්...ව්වගෙ....ගොත ගහයි...ද්...ද්...ද....?

මං පපුව පිරෙන්න හුස්මක් ගත්තා ....මෙච්චර දිග වචන ගොඩක් එක දිගට පැටලි පැටලි කියලා අවසානෙදි මං මගෙ ඇස් දෙක ලොකූ කරන් බලන් ඉන්නකොට එයා අතේ තිබුන ඵෝන් එක සාක්කුවට ඔබාගන මාව අරන් කකුල් දෙක උඩින් ඉන්දව ගත්තා ....

යෙවීන්ගෙ මල්ලි බබා යෙවීන් වගේ වෙන්නෙ නැතුව කවුරු වගේ වෙන්නද ....

දෙයියනේ.....

මට හිනාවක් ආවා...සුදු බාප්පා කිව්වා මගෙ මල්ලි බබා මං වගේ වෙයි කියලා ...හැබැයි ඒත් ඒ හිනාව තිබ්බ්ව් හරියටම තත්පරයයි දෙකයි.....එයත් මං වගේ ගොත උනෝතින් ...බාප්පා කිව්වෙ මං වගේ වෙයි කියලා මිසක් ...මං වගෙ ගොත නැතිවෙයි කිව්වෙ නෑනේ...

අනේ ජේසූ....යෙවීන්ව ඇහෙනව නේද ...

මට ආයම එච්චර දිග ප්‍රශ්නයක් බාප්පගෙන් අහන්න බැරි හන්දා මං කෙරුවෙ ඉස්පිරිතාලෙ වත්තෙ එක තැනක තියලා තිබුන ජේසුගෙ ස්ටැචු එක දිහා බලන් හිතින්.....ඊට ඉස්සරහ තියන මහපාර පැන්නම තියෙන්නෙ සෙන් ජෝසප් පල්ලියෙ ඉන්න ජේසුට මගෙ හිතෙන් කතා කරපු එක....

මට කියන්න ඕනා උනා එයාගෙ දිව නම් කොට කරන්න එපා කියලා ...මට කියන්න ඕනා උනා එයාටත් සනුකයා වගේ යාලුවො දෙන්න එපා කියලා.....එයාගෙත් දිව ගිලිලා තිබුනොතින් එයාටත් වෙනෙ හැමදාම නත්තල් නාට්ටියෙ ගස් වලට ඉන්න වෙයි කියලා එයාගෙ දිව නම් ගිල්ලවන්න එපා කියලා කිව්වා .....මොකද එයාට මට වගේ යාලුවෙක් හම්බුන් නැති උනෝතින් ...මට වගේ සුවද ගහන අලුත් මාමා කෙනෙක් හම්බ නොවුනොතින්.....

මගෙ හිත අස්සෙ හුගාක් දෙවල් කැරකුනා .....අම්මව ගෙනල්ලාහුගාක් වෙලා යන්න ගියා....මෙ වෙනකොට මම අහසෙ ගියපු ආසියාන්තරා ගොඩක් ගැන්නා...අවසානෙදි සාක්කුවට අත දානකොට අමේලිගෙ නලු මාමා දුන්න ටොපියෙ රත්තරන් පාට කොලේ මගෙ සාක්කුවෙ තිබිලා අහුවෙනකොට මම ඒක එලියට අරගන සමනලයෙක් හදන්න ගත්තා ....දෙපැත්තට හරව හරව හීනියට නව නව උන්න මම සැරින් සැරේම අම්මට මල්ලි බබා හම්බුනා කියන පනිවිඩෙත් අරන් තාත්තා එනකන් මම ඇගිළි ගැන ගැන උන්න වගේම ඒ ටිකකිම්ම මම දැක්කා අරුනි අක්කා අපේ පැත්තට දුවගන එනවා....

මම හිතන්නෙ මල්ලි බබා එලියට ඇවිත්ද කොහෙද .....

ස්ස්..සුදු...බ්බ්...බාප්පෙ....අ....අර...අර...අරු..නි අක්...ක්..කා.....

මම අරුනි අක්කව පෙන්නවා එක්කම සුදු බාප්පා මාවත් අතින් අල්ලගන එයා එන ඉස්සරහට ආවා ගියා උනත් එයාගෙ මූනෙ හිනාවක් නම් තිබුන් නෑ...සමහර විට මල්ලි බබා එන්න තව වෙලා යනවා කියනවද...බඩ ලොකු උනාට රෝස කැලේ ඉදලා ගෙන්නත් එපැයිනෙ අම්මගෙ බඩ ඇතුලෙ රෝස මල් හුගක් ඇති...නැත්තන් මොකටද රෝසකැලෙන් ගෙනවෝ දඩින් බිඩින් ඩෝන් ගාලා අපි වැටෙන්නෙ ....ඒකනෙ බබාලා හරි රෝස පාට.....

අරුනි...අක්කට බබා හම්බුනාද ....

මාවත් අතින් අල්ලන් ගියපු බාප්පා අරුනි අක්කගෙ මූන දිහා බලලා බබා හම්බුනාද අහනකොට ඒයා මගෙ දිහා බලලා ආයම සුදු බාප්පා දිහා බැලුවා .....

අපිට ලොකු බාප්පගෙන් කියල කවදාවත් බබෙක් බලන්ඩ වෙන්නෙ නෑ.....

අරුනි ...කියන දේ කෙලින් කියනවා ලොකු අම්මා වගේ වට්ටි අම්මෙක් නොවී...

මම බලන් උන්නා..අරුනි අක්කා මා දිහාත් බලලා බාප්පා දිහාත් බලලා මහා අමුතු කතාවක් කියනකොට බාප්පා අරුනි අක්කගෙ අත් ගොබෙන් අල්ලන් හෙලෙව්වා .....හොලවලා වට්ටි අම්මෙක් වෙන්නත් එපා කිව්වා.....

නැන්දට සිහිය නෑ....බබා....

ඉතින්...බබාට මොකද...

බ්බ්...බ්බ්..බබාට....ම්..ම්..මොකද....අ...රුනි...අක්ක්...ක්ක්...කේ....

මාත් ඇහුවා...මාත් ඇහුවා.....බබාට මොකද කියලා .....

බබා නැති වෙලා.....

මගෙ ඇස් දෙක ලොකු උනා...හුස්මත් හිර වෙන්න ආවා.....ලාවට වනන ඔලුව මම තදිම්ම වනන්න ගත්තා...අරුනි අක්කා කිව්වා බබා නැති වෙලා කියලා .....මල්ලි බබාව හොරු අරන් ගිහින්ලු...නැති වෙලාලු...මම ඔලුවත් පැත්තට වන වන කෑ ගහන්න මගෙ ඇගේම හයිය එකතු කෙරුවා ...අත් දෙකත් කොර කරන් වගෙ ඇගිලි නව නව දිගාරින ගමන් මම ගොත ගගගා කෑ ගැහුවා...

න්...න්..නෑ....මගෙ...ම්ම්..මගෙ...ම්ම්...මල්ලි...බ්..බ්..බබා.....න්න්...අම්..මා...ග්ග්...ගාව....මගෙ...මල්..ලි...බබා....!!!

...

*

*

*

*

🥺ආය කොටසකින් එන්නාම්....

අග්ගියා එක්ක එනකන් පයිස්සමින් ඉන්න ඔය ළමයි....

ජොබියා බුජි...ඔය ලමයුනුත් බුජියන්ඩ....

මම

.Ferdeesha ❤️💚😘 .....

More Chapters