Ficool

Chapter 14 - 14

.පින්...මගෙ ලමයට හුගක් පින්...නිදි කරවන්න හැදුවත් මගෙ ඇස් නින්දත් එපා කියනවා මගෙ මන්දාරම්...සුදු මහත්තයා මන්දාරමක් හන්දා නන්නත්තාර වේගන එන්නෙ ...මගෙ ලමයො...ඇහෙනවද මාව ම්ම්ම්?

....ඔ...ඔව්....බේබි හාමු....

අනෙ අනෙ....ඇහෙනවා නම් ඇයි උත්තර බදින්න බැරි ?ආයම බේබි හාමුලු...මං මෙච්චර අදරෙන් කතා කරනවා...මගෙ ළමයා කියනවා....එක්කො මේ කොල්ලා අර සියපත්ට ආදරෙයි ගගා කෙරුවෙ බොරුද මන්දා....හරි කෙලියක් උනානෙ....මමම මතක් කරන්න ඕන....මං කිව්වෙ මේ ළමයා මට ආදරෙ නෑ...

දෙයියො බුදුන් පල්ලා...මන්හරි ආදරෙයි සුදුමහත්තයා.....

..........දන්නවද මට මන්දාරම්ගෙ මූන මැවිලා පේනවා.....අනිවාර්යයෙන්ම මේ වෙනකොට කනක් රතුවෙලා ඇති....ඔය හිනාව අහිංසක ඇස් දෙක....චුට්ට බැරිවෙනකොට කරබාගන්න හැටි...මේ හැම දේම මගෙ ඇස් ඉස්සරහා හරි ලස්සනට ඇදෙනවා මන්දාරම්...මගෙ කරුමෙට මේ කොලොඹ විසිදෙකටම ගඳපාන මලක් හොයාගන්න බැරි හැටියක්...මං උඹට පුදුමාකාර විදිහට ආදරෙයි මන්දාරම...

මිනිස්සුන්ට ඇබ්බැහි වෙන්න හොද නෑ කියල කොච්චරවත් අහලා තිබුනට....කියවලා තිබුනට....පපු කද වැහෙන්න ආදරෙ පුරවගත්ත මනුස්සයෙක් හම්බ උනහම ඇබ්බැහි නොවී කොහොමද මන්දාරම්...මගෙ ළමයා.....මන් හරි ආදරෙයි........මගෙ ලමයා කියල කියනකොටත් මගෙ පපුව පිරෙනවා.....ප්‍රේමනීය මන්දාරම මගෙ.....ආවඩා ආයුබෝවේවා උඹලට!

මං උන්නෙ බිම බලාගන.....සයිකල්හැඩල් එක මිරිකුන මිරිකිල්ලට මගෙ කරන්ගැට්ටි ගැහිලා තිබුන අතෙ නහර පවා ඉලිප්පුනා....පෙරැත්ත කරලා කරලා අවසානෙදි මං ලව්වා මන්දාරම් අදුර මැදින් කියවගත්ත මගෙ සුදුමහත්තයට නින්දත් එපා වෙලා ගිහිල්ලා.....

නිදාගන්න කියල දෙවංගියකට කිව්වත් මගෙ සියපත නොදරුවෙක් හා සමානව මුරන්ඩුකම් කරනවා....කටර් එකක් වගේ කියවගනම ඉන්නවා මදිවට උත්තර බැන්දෙ නෑය කියලා මා එක්ක අංකර අල්ලනවා...

අනේ හාමුදුරුවනෙ ඒ කියවන් යන වේගෙට බේබි හාමුට හුස්ම ගන්නවත් මතකද කියලා මගෙ හිත ලතවෙනවා මිසක ඔව්වට උත්තර බදින්න කොහෙද මට කල්පනාවක්....

බේබි හාමු මා එක්ක පැටලෙන්න හදනවා...වැවක් තරමට ආදරෙ හන්ගන් ඉන්න මට ආදරෙ නෑය ගගා මුරන්ඩු කම් කරනකොට අනෙ මටත් නොදැනිම මගෙ වචන එලි පැන්නා.....

මගෙ වචන ඇහුනත් හරි...මෙච්චර වෙලාම ඇවිලුන ආකාසෙ නිවෙන්න ගත්තා...බේබිට මගෙ මූන මැවිලා පේනවලු...මගෙ හිනාව විතරක් නෙවෙ මේ වෙනකොටත් කනක් රත ගහලා ඇති කියලා කියපු කලාත්ම හාමු ගදපාන මලක් කොලොම්තොටෙන් හොයාගන්න බැරිව ගියා කියලා හරි වේදනාවෙන් වගේ මුමුනනකොට අනෙ මගෙ පපුකැනැත්ත රිදෙන්න ගත්තා...එතනින් එහාට පිට උන හැම වචනයක්ම මගෙ පපුව තදින්ම වැලදගත්තා....ඒ තරම් හැගීම් අහුරක් ඒ වචන අස්සෙ තිබුනා....

අදහපන් සොදුරිය,ප්‍රේමනීය සියපත ආදරෙයි කිය කිය මුමුනන වාරයක් පාසාම මං පනපිටින් තව්තිසාව දැක්කා!

මන්දාරම්.....

මෙච්චරවෙලාම මගෙ පපුව හිරිවට්ටපු සියපත්මහත්තයා අර වචන ගංගාවට හිතේ හැටියට ගලන්න දීලා දීලා අවසානෙදි හරි බරට හුස්මක් අරගන ආයමත් හරි මුදු විදිහට මන්දාරම් කියනකොට තවත් ඒ අහසට ප්‍රේමයෙන්ම වියරුවෙන්න දෙන්න බැරිකමට මං සන්තකේ තියන හැම ආදර අංශුවක්ම හූරලා අරන් සියපත් මහත්තයට උත්තර බැන්දා.....

සුදුමහත්තයා....

අර සින්දුවෙ....කොපුලෙ වැහිබිදුවක රස බලන්න තිබුනා කියල කොටසක් තියනවා.....අවසරද උඹගෙ සුදුමහත්තයට එහෙම වැහිබිදුවක් රහ බලන්න.....?

මට නෙවෙ හුස්ම වැටුනෙ....යටි තොල හැපෙන හැපිලිවලට වෙන් නොවුනා පුදුමයි...මං ලව්වා මන්දාරම් අදුරමැදින් කියවගත්ත බේබි හාමු මාව ඒ සින්ඩූවෙම්ම අසරන් කරන්න ගත්තා.....කොපුලක රැදෙන වැහිබිදුවක රහ බලන්න අවසර ඉල්ලනවත් එක්කම මට හීල්ලුනා...මේ වෙනකොටත් මගෙ කකුල් වල දූවිල්ල බැදිලා...පිටගම් යන නෑගම් යන හුලන් රැල්ල යන්නෙම බොරලු පාරත් අවුස්සාගන වෙනකොට නාඩි මැරුන තනකොල ගහ පවා ගුරුපාටින් නාවගන යනවා....එහෙව් අහසක් යට කොයින්ද කොපුලක ශේශ වෙන වැහි කදුලක්?

මෙහෙට...කොයින්ද.....වැහි.....සියපත්....

මං හරි හිමීට මිමිනුවා...මහත්තයට රෝමාන්තික වෙන්න හිතෙන්න ඇති.....වැහිබිදක් කොපුලක නැවතුනොත් අනෙ හාදු තිය තිය වැහි බිදේ රහ හොයනවට වඩා කරන්න දේවල් කොච්චරද.....ඒත් මං කොහොමද මේ දේවල් අහලා ඒ හිත රිදවන්නෙ.....ඒ හැම දේම හිතේ තියාගන මං හරි හිමීට මෙහෙට කොයින්ද වැහි කියලා ඇහුවා

.........ඇයි නුවර අහසට වහින් නැතුවද....?කොලඹ අහසටත් වහිනවා....පනපිටින් මගෙ සර්වාංගෙම මං උඹලට දන්දීලා හමාරයි මන්දාරම්...වේලුම් කාපු මහපොලවත් දවසක තෙමෙනවාමයි...ඉතින් එහෙව් දාකට මට ඔය කොපුල අල්ලගන්න මුරන්ඩු වැහි බිදකට හාදුවක් තියන්න අවසර තියෙනවද මන්දාරම්.....?සින්දුවක වචන මට හොද සිහියෙන් රහවිදින්න දෙනවද කියපන්.....?පැතලි ගැහුන කම්මුල් ...නාඹර උනත් ඝන රැවුල...මේ ඔක්කොම මැද උජාරුවට නැවතුන වැහිබිදකට හාදුවක් තියන්න මට දොලදුකක් දැනෙනවා මන්දාරම්....

මන්දා....බන් මන්දා....මගෙ හිත උඹට තදින්ම ඇබ්බැහිවෙලා මගෙ අහිංසක රසිකයො...

උඹ ඇවිදින් ප්‍රේමසූත්‍රයක් මයෙ රත්තරන්

......ඔයාකාර මාව අසරන කරන්න එපා බේබි හාමු...ඔය වචන මං වගේ එකෙක්ට හරි බරයි.....මට දෙන්න පුලුවන් බරම වචනෙ පින් දෙන එක විතරයි.....ඔයාකාර පින්දීලා මාව අද හෙටම සෝවාන් වෙයි හාමු...

මං මිමිනුවා.....ඒ තරමටම සියපත් හාමුගෙ වචන මගෙ පපුව බර කෙරුවා.....

එහෙන් කන්න දුවපු පියුම් හාමු...මෙහෙන් මගෙ සියපත් හාමු.....

මට සින්දුවක් කියන්න හිතෙනවා.....නිදියන්නත් ඕන....ඒත් තුන් හිත පුරාවටම මන්දාරමක් සක්මන් කරනකොට මං කොහොමද කියපන් ඇහිපියන් වහන් නිදියන්නෙ මන්දාරම්....??අනන්ගයත් වෙලාවකට මගුල් අහනවා....කවිහිත තෙහෙට්ටු කරනවා....ආදරෙ නාමෙන් මං දැන් පිස්සෙක් වෙනවා මන්දාරම්....

ම්...මට....සමාවෙයන්.....

බැරිම තැන මං සමාව ඉල්ලුවා....ආදරෙ උහුලන්න බැරි තැන ආදර දෝශාරෝපනවලට අහු උන මං හරි හිමීට සමාව ඉල්ලුවා....කහ ගැහුන පැනිපාට ගවුම් කමිස ඇදපු පොඩි උන් හූ තියනවා...දහයෙ කනිසම එන්නෙම ඇබිති බඩවල් වලට මක්කවත් වැටෙන්න උනත් කාටක මහපොලව එක්ක....වනෙ වනසත්තු එක්ක ඔට්ටු වෙන එවුන්ගෙ මහ එවුන්ට තවත් වේලක් ඒ බඩවල් පුරවන්න කොහෙන්ද ඔයාකාර වත්කමක්....

අනෙ එවුන් බඩගින්න අමතක් වෙන්න සෙල්ලම් කරනවා...තිබහක් ආවොතින් ඇබිති අත් පුරවලා කියුල පිරුන වතුර අහුරු අරන් බඩ පුරවගන්නවා.....

මේ ජීවිතේ කියන්නෙම මහ පුදුමාකාර දෙයක්....ආසදේවල් හිතේ හිරකරන් ලැබුන දේවල් වලින් ජීවත් වෙන්න සිද්ද වෙන මේ ජීවිතේ මහ පුදුමාකාරයි.....

වැහිබිදක් නොදකින මහපොලව දවස ගානෙම මැරිමැරි යනවා...ඒ හාසමානව මේ කැලෑගමෙ ජීවිතත් දවස ගානෙ එක එක හේතු වලට මලගම් යනවා....ජීවිත් වෙන්න ආසාව කොයිතරම් තිබුනා උනත් මට කියාපන් දවසගානෙම ජීවත් වෙන්න ඔට්ටු වෙන එකට වඩා එකපාරම හුස්ම යන එක සැනසීමයි නේද....?

සමාව...ඇයි මගෙ ලමය සමාව ඉල්ලන්නෙ.....ම්ම්?

හාමුට මං හින්දා නින්දක් නෑ....

හ්ම්...ඒක හැබෑව.....උඹ හින්දයි....උඹගෙ ආදරෙ හින්දයි මේ හාමුට දැන් නින්දත් අකැපයි මගෙ මන්දාරම්...මට වචනත් හිගයි....මං පුදුමාකාර විදිහට මේ මන්දාරමට ලෙන්ගතුයි.....කොලඹ අහසට විතරක් නෙවෙ හද පායන්නෙ....අනුරපුරටත් පායනවා.....ඒ හදම හන්තානටත් පායනවා....ඒ හදම සෙන්කඩගලටත් පායනවා.....

මන්දාරම් කවියො කවිලිව්වෙම හන්තානට පායන පුරහදට විතරක්ම උනාට....මේ ආකාසෙට පායපු කැලෑහද වෙනුවෙන් අනන්ත අප්‍රාමාන කවි අහුරු මයෙ පපු මැද්දෑවෙ පිපෙනවා රත්තරන්.....උඹලා ඇවිදින් මන්දාරම් පුරහදක් ...කැලෑමල් සුවද කාන්දු කරන උඹ දිහා මට කල්පකාලාන්තරේකට උනත් ඇහිපිය නොගහා බලන් ඉන්න පුලුවන් මන්දාරම්...

මට කියපන් අර ගුරුපාර පුරාවටම තවමත් මගෙ මතක තියනවද...ලැවැන්ඩර් පාට අහසක් යට ගදපාන සුවද එතීගන හීන් හුලන් පිටගම් යන යාමෙක මට ආසයි මන්දාරම් ඔය කරගැට දාපු හයිය අතට මගෙ අතපටලන් නැවතුමක් නැතිව හත් ගව්වක් හරි ඇවිදන් යන්න....

උඹලග ඉන්න හැමමොහොතෙම හත් අවුරුද්දත් මට තත්පරයක් වගේ...කරුමෙ රත්තරන්....උඹ මගෙ ළඟ නැති තත්පරෙත් හත් අවුරුදු වගේ.....

මන්දාරම්.....අනෙ මට උඹව දකින්ඩ ඕනා!!....වෙන මොකුත්ම එපා...මට උඹට තුරුල් වෙන්න ඕන මන්දාරම්...

"අනෙ...මයෙ අම්මෙ..."

ම්....ම්..මන්දාර....ම්

මගෙ උගුරු ගැටෙත් එක්කම හිරවෙලා ගියා.....බේබි හාමුගෙ කියවල්ලට හිස්තැන් තිත් කමා නැතිව තිබිලා තිබිලා අවසානෙදි මට තුරුල් වෙන්න ඕන...මාව දකින්න ඕනා කිව්ව විතරයි මගෙ උගුරකට වේලුම් කාලා ගියා....මෙච්චර බර වචන ගොඩකට පස්සෙ දෙන්න ඕන මොන උත්තරේද හිතාගන්න බැරිව මං මගෙ සියපත් හාමුට පපුව ගලවලා අතට අරන් කතා කෙරුවා....

මං තුරුලු කරගන්නම් සියපත්....මේ උරහෙ උඩ...පපු මැද්දෑවෙ උඹ වෙනුවෙන් ඕන තරම් ඉඩ තියනවා.....තරහ වෙන්ඩ එපා මගෙ හාමු කැලෑමල් පුසුඹ ඇරුනාම මං ගාවින් ඔය ඉහල පැලැන්තියෙ සැන් සුවදවල් නම් එන්නෙ නැතිවෙයි...

...........ඉහල පැලැන්තියෙ පුසුඹවල් නාවට කාරි නෑ මන්දාරම්....දාහක් ජාති සුවදවල් මාව වහගත්තා උනත් මගෙ නාඩි වැටෙන්නෙ කැලෑමල් සුවදට විතරයි ......මට ලියන්න .....සතියකට එකවතාවක් හරි කමක් නෑ...උඹගෙ නමින් මට ලියමනක් එවාපන් මන්දාරම්....

දහයෙ කනිසම වෙන්න තව වෙලා තියනවා...වෙන්දට නම් අතට හම්බෙන ලියුම් අහුර අරගන කියවන් යනකොට උඹ වගෙ අහිංසකයෙක් දහයෙ කනිසම වෙනුවෙන් පේ වෙලා ඉන්නවා කියන්නවත් දැනන් උන්නෙ නෑ.....ඒත්....දැන් එහෙම නෑ මන්දාරම්.....මට මුලු රටක් අහන් උන්නත් ඒ ගැන වගක් නෑ.....රෑ දෙපැය පුරාවටම මට මතක් වෙන එකම දේ අර පුංචි රේඩියෝව තුරුලු කරගන මගෙ මන්දාරම මාව අහන් ඉන්න එක විතරයි....

මට කියන්න...සුදුමහත්තයගෙන් ඉල්ලන්න සින්දුවක් එහෙම නැද්ද....මට පුලුවන් දහයෙ කනිසමේදි ලියමනක් කියවන විදිහටම මගෙ ලමයගෙ වචන ටික ආපිට කියවලා සින්දුවක් දෙන්න....කියන්න....මොකක්ද ඕන.....ම්ම්...

මට ලැජ්ජා හිතුනා.....මෙච්චර වෙලාම වචන හිරකරගන උන්න මට සියපත් හාමුගෙ ටොන් ගනන් බර ආදර කතා අහන් උන්න මට ඊලග තත්පරේදිම මුලු මූනම වහගන ලැජ්ජා වලාපටක් ඇවිදින් නවතිනකොට මං නියපොත්තක් හපන්න ගත්තා...

....ලමයො...

ම්න්...

කෝ ඉතින්....අද රෑ වෙනකම්ම මෙතන ඉන්නද කල්පනාව.....කියන්න ඉතින්....

........මේ ගම පුරාවටම තියන දේවල් කියන්න ගියෝතින් අඩන්න කදුලු මදිවෙයි සියපත් හාමු...උදෙ ඇහැ ඇරුන වෙලාවෙ ඉදන් ආපිට පැදුරු කඩමාල්ලට වැටෙනකම්ම තියෙන්නෙ ඇස්වලට කදුලු උනන දේවල්...දහයෙ කනිසමට මේ කදුලු කතා බර වැඩී නේද හාමු...ගමක් එකතුවෙලා වෙසගනක් කිය කිය හන්වඩු ගහන ගෑනු පරානයක් හදි ගැහුනා...මගෙ පපුව දැන් ඇදුන් කනවා...කතාව මොන තරම් නීරහ උනත් වෙසගනකගෙ හිතක් අස්සෙත් හැගීම් තියනවා නේද හාමු.....?

....හ්ම්....නැත්තෙ මොකද...නූහුලන අසම්මත සාදාරනීකරනය කරනවා නෙවෙ...ඒත්...කලුපැල්ලමක් එක්ක හුස්ම ගන්න එවුන්ගෙ අස්සෙ එකම එක ශුද්ධවූ දෙයක් වත් තියනව මගෙ ලමයො.....වෙසගනකගෙ උනට් නාඩි වැටෙනවා...විලාසිනියකගෙ ප්‍රේමය !

මගෙන් හුස්මක් වැටුනා...එක පැත්තෙන් සමනා...තව පැත්තකින් දොස්තර කම අරන් එන්න ගියාට මලකදක් උන ජූලියෙන් මැරුන සහෝදරයා....අනිත් පැත්තෙන් සුද්දි....

මං අහන්නෙ උන් වෙනුන් කවිකතා ලියවෙන්න ඉඩක් නැද්ද...??

මගෙ පපුව එන්න එන්න බර වෙනවා....හේන් පැලේ ඉදන් මේ වෙනකන් හදි ගැහුන එවුන්ගෙ කතා අහුරක් සියපත් හාමු ගාව දිගෑරපු මං අවසානෙදි වලාකුලක් වත් නැතුව පාලුවට ගියපු ආකාහෙ දිහා බැලුවා....

එක අතකට ඔව්වා දහයෙ කනිසමට වැඩක් නෑ සියපත් හාමු...ආදරෙ කරන උන්ට විරහව විදින උන්ට මෙව්ව වැඩක් නැතුව යයි....

.එතකොට මේක ආදරයක් නෙවෙද මන්දාරම්...ආදරයක් ඇතිවෙන්න ඕන ගෑනු හිතකත් පිරිමි හිතකත් විතරද....ඇයි ආදරේට මූනවල් ගොඩක් තියනවා කියන්න මගෙ ළමයා දන්නෙ නැද්ද.....එතකොට මගෙ ලමයට මොනවද ඕන...පේනවද මේ කොල්ලා ඒක දැන් දහවතාවක් විතර මගෑරියා....මේක හරි කෙලියක් උනානෙ අප්පා.....ඇයි ලමයො එකම දේ දහ වතාවක් අස්සන්නෙ..මගෙ කටත් රිදෙනවා අප්පා.....කොහෙද ඉතින් මගෙ කට රිදුනට මේ ලමයට ගානක් තියනවද...

එ...ඒ....කනෙ..

මොකක්....??

න්..නෑ..හාමු...

ඔය...ඔය පේනවනෙ....පේනවනෙ...දැන් එකට එකම කියනවා....ඔයාට වඩා මං අවුරුදු දහයක් වැඩිමල් හොදද ලමයො.....මං කියන දේ අහන්න පුරුදු වෙන්න....ඔයාට මන්දෙයක් කියනකොට ඒක එකපාර අහන්න නැත්තන් මට හුගක් තරහා යන්න පුලුවන්.....

හ්...හා හාමු...

හාහාමු....මාව දැන් හාවෙක් වහේ පේනවද...හා හාමු කියන්නෙ...මන් දැන් ගනන් කරන් උන්නෙ....මට සුදුමහත්තයා කිව්වෙ එකපාරයි...එන්න එන්න ආදරෙ අඩුවෙනවා.....කව්ද දන්නෙ වෙන සුදුමහත්තයෙක් හරි ඔය කොහෙ හරි යන ගමේ කෙල්ලෙක් හරි ඉන්නවද දන්නෙ නෑ....ඔව් ඉතින් මං ලගත් නෑනෙ...

දෙයියනෙ...අනෙ හාමු ....මයෙ තුන් හිතක වත් වංචාවක් ගෑවිලා වත් නෑ සියපත් මහත්තයො දෙයියො බුදුන් පල්ලා...මට ඉන්නෙ උඹ විතරනෙ මයෙ රත්තරනෙ....

......එහෙනම් ඇයි මගෙ මන්දාරම් ඔය තරම් අගේ කරන්නෙ....මං හරි ආසයි මන්දාරම් ඔය කටින් මගෙ නම හරි ආදරෙන් මුමුනගන්න.....කොලොම් තොටට පායන කැලෑ හද උඹ ගැන මටත් වඩා දන්නවා රත්තරන්.....ඒතරම් මං ඒ හදට උඹගෙ නාඹර පපුවෙ උනුහුම විදින්න ආස තරම මං වචන කරනවා ...ඒත්.....මේ මුරන්ඩු අහස මාව රිදවනවා....කැලෑවට පායන හද උහුලාන උන්නට කොලොම්තොටෙදි ඒ හද මගෙන් වහන් කරනවා මන්දාරම්...මට දුක හිතෙනවා.....

සුදු මහත්තයා....ඇයි මේ ඇස් වල කදුලු පුරවාගන.....

දැනෙනවද මන්දාරම්...මගෙ ඇස් අඩන බව...

ම්න්...ඒකට නෙවෙද මහත්තයො ආදරෙ කියන්නෙ....හත් ගව්වක් දුර උන්නත් පපුවට දැනෙන එක නෙවෙද ආදරෙ කියන්නෙ...කලාත්ම හාමු.....උඹලා සියපත් උනත්....ආකාස උනත්....අර ඉහල වලව් පැලැන්තියෙ උනත්....මං උඹලට ගම් හතකට හරියන්ඩ මේ පපුව පුරවලම ආදරෙයි හාමු...

........

........

තත්පරයක් දෙකක්...නෑ ඊටත් වැඩියි....අපි අතර ඊටත් වඩා වැඩියෙන් හිස් ඉඩක් තිබුනා...සියපත් මහත්තයගෙ ඇස් අඩනවා....මහත්තයා කියලා නෙවෙ....ඒත් ඒ ආදර හිත මට මගෙ ලගින්ම දැනුනා.....කැලෑහද කොලඹ අකාසෙට පායන්නෙ නෑ කියල මහ වේදනාවෙන් වගේ කියනවත් එක්කම මගෙ පපුවත් ඇවිලුනා.....

මං නවතින්න්ද මගෙ ලමයො එහෙනම්....පියුම්ට මං හන්දා හරි වදෙත් ඇති....මට කියන්න මගෙ ළමයා කොහෙ හරි දුරගමන් යනවද....මං අහන්නෙ රෑපානෙ ගමන් යනවද....

...නෑ සුදුමහත්තයා.....හේනට ඇරුනම කොහෙ යන්ඩද....ඇරත් මේ දෙදොහෙ මක්කවත් අවමගුලක් උනෙත් නෑ....මුදලාලි ආන් පෙට්ටි හදන්ඩ ලෑලි වගයක් නම් ගෙනාවා.....අප්පුච්ච් ඒක එක්කලා ඔට්ටු වෙනවා.....උන්දැට ඩින්ගක් අත්වැඩක් දෙනවා ඇරුනම වෙන මක්කවත් නෑ....ඕකට පොලිශ් පාර ගහන්නෙත් ඔය වඩුමඩුවෙමනෙ හාමු....

........මන්දාරම්....

....බේබි හාමු....

පියුම් එක්ක හවහට පන්සලට යන්ඩ.....ගිහින් මලක් පහනක් පූජා කරලා එන්ඩ.....මගෙ ලමයට පන්සල ඇකැප නෑනෙ....මොකෙක් හරි මක්කවත් කිව්වොතින් සත්තය් මං දැන් එනවා ඔතෙනට....ඇවිත් ඔවුන් ඔක්කෝ.......ම කුදලාන ඇවිත් දානවා අර මොකක්ද මන්දා පොත්ත ගාවට අරකට චරස් චුරුස්ගාලා පාගන්ඩ කියලා...

සීවරන් දෙයියො.....මයෙ අම්මා...අනෙ මයෙ හාමු.....අනෙ උඹලා මක්කද ඔය පව් පුරවගන්නෙ...

ඇයි.....??උනුත් ඔය හොදට මගෙ ලමයව රිදවන්නෙ....??

ඒවා උන්ට....උන් කරන ඒවා උන්ට තියේවි බේබි හාමු...අනෙරත්තරනෙ....කුරාකූඹියෙක්ට වත් මං හෙනයක් ඉල්ලන්නෙ නෑ...එහෙව් උඹලා මට තියන ආදරේට ඔහොම එක එකාට වින කරන්ඩ එපා රත්තරන් හාමු....මන්බයයි උඹලව කිලිටි කරන්න දෙන්න.....මූනට කෙල ගැහුවත් මං කරන්නෙ කරබාන එක....නිවට කම නෙවෙ සියපත්.....බුදුන් දැක දැක....බුදුන්ට පවා ගල් මුල්ගැහුවා නම්....මං වගේ මනුස්සපරානෙකට මේ වෙන අවනඩු ගැන කවර කතාද...මට කා එක්කවත් වෛර බදින්ඩ තරම් හයියක් නෑ.....

වැදුම් කතුරත්.....නිලෙ අල්ලන අඩුවත් දෙකම දෑහින් දකින මට

තරහවල් පිරිමහ මහ ජීවත් වෙන්න තරම් මේ ජීවිතෙ දිග නෑ සියපත් හාමු....

මයෙ අම්මෙ ඔය තරහා නිවාගනින්....පව් පිරේවි උඹලට.....සියපතක් උඩට පිනිබින්දු ඇරුනම කිලි වැටෙන්ඩ අකපැයි හාමු....

ඔයාකාර අහිංසක වෙන්න එපා මන්දාරම්.....මටයි රිදෙන්නෙ එතකොට.....පියුම් කරන්නෙත් මගෙන් කාරනා වහන් කරන්ඩ හදන එක....ඒ උනාට පියුම්ට බෑ මගෙන් වහන් කරන් ඉන්ඩ.....අර පරයා මගෙ ලමයව හරියට රිදවනවලු නේද... පියුම් මන්දාරම්ව ටික දොහක් මග ඇරියලු.....

හිටින්ඩකො මන්දාරම් මං ආව ගමන් කරන්නෙ අර උලුහාල් බෝතලෙ අරන් අරකිලාගෙ ඉහෙ ගහන එක.....ඔවුන් දන්නෙ නැතුවයි මේ කලාත්ම හාමු මොකාද කියලා.....ඊට පස්සෙ මං කරන්නම්කො අර මුල් ගුරාට වැඩක්...

හිටින්ඩකො...අපෙ පියුම්ට කන්ඩත් නෑලු හරියට ....හිටින්ඩකො...මට නිවාඩු දෙනකන්...මං ආව ගමන් දෙන්නම් ඔය අම්මන්ඩිට එතානම මැරිලා වැටෙන්ඩ....හහ්....මගෙ අම්මේ ඒ ගෑනි නම් මස් පර්වතයක්...

අපො අපො ඔය ගෑනි මැරුනොත් එහෙම ඔයාට තමයි වදේ....ඔය ගෑනි උස්සලා අර පෙට්ටියට දාන්ඩ ඇතෙක් ගේන්ඩ වෙනවා....මගෙ ලමයට පුලුවන්ද ඔය ගෑනි උස්සන්ඩ....නෑ ඕන් නෑ...හිමීට ගහන්නම් එතකොට මැරෙන එකක් නෑ....ඒ ගෑනිට අදින්ඩ ඔසරියත් මදි...මට හිරිකිතේ නෑ මන්දාරම්...අර දුම් ගැහුන කුසිය පුරාවට එහා මෙහා පැද්දි පැද්දි යනකොට මගෙ ඇස් දෙකට යනඑනමන් නැතිවෙනවා....එක්කො දෙබර කූඩයක් වත් ඔය ඔසරිය අස්සෙන් ඇතුලට රින්ගලදො???

මන්දා....හැබැයි මට ආයම ආරන්චි උනෝතින් නම් සත්තයි මන්දාරම් මං දහයෙ කනිසමෙන් ඔය ගුරාවයි ගුරීවයි නෝන්ඩි කරනවා මුලු රටටම ඇහෙන්ඩ....හිටින්ඩකො ටිකක්...

ප්ස්....ප්ස්ස්ස්....ස්ස්.....යසෝද මලයා...මේ...මේ....ප්ස්ස්.....

බැරිම තැන මං කම්මුලෙ අත ගහගත්තා....කා එක්ක වත් වයිර පිරිමහන්ඩ එපා බේබි හාමු කියලා කොච්චර අකුරෙන් අකුර කියල දුන්නත් ආයමත් අර හැතැප්ම නැති කට ආරඪ වෙන බේබි හාමු එක දිගට මක්කද මක්කද මන්දා වැල්වටාරම් වගයක් කියවන් කියවන් යනකොට මං බලාගන ඒ අස්සෙන් කඩි ගුලකට කකුල තිබ්බා වගෙ පියුම් හාමුත් සූසූ ගානවා...

අනෙ සීවරන් දෙයියනෙ.....මන් සියපත් මහත්තයට රැවටිලාදෝ??අරාකාර නිවුන කටහඩක් තියාගන කතා කරන සියපතට දවල් වරුවට මොකෙක් ආරූඪ වෙනවදෝ.....

බේබි හාමු.....

හිටින්ඩකො...හිටින්ඩකො...මං එනකන් හිටින්ඩකො....

සුදු මහත්තයා.....පියුම් හාමු මේක අරන් යන්ඩ ඇවිදිල්ලා.....

නෑ...නෑ..කාරි නෑ...යසෝද මල්ලි කතා කරන්ඩ ...කලාත්ම මට අකුරක් උගන්නන්ඩ දෙන්නෙ නෑ.....කතා කරලා අහවර වෙලා මේන් මේ පදුරට ඕක දාන්ඩ.....

මං පියුම් හාමුදිහාව බලාගනත් එහා පැත්තෙ ඉදන් එකම දිගට කියවන් යන කලාත්ම හාමුට කෙදිරි ගෑවා...අනෙ දෙයියනෙ ඊලග නිවාඩුවට ආවම හාමු අතින් දැන් මුලු ගමම ගුටි කනවා.....

.

මයෙ දෙයියො....ඇයි හාමු උඹලා ඔයාකාර දඩබ්බර.....ඔය හැටි කේන්ති ගන්ඩ එපා සියපත් හාමු....ඔය අහිංසක මූනට කේන්තිය ගැලපෙන්නෙ නෑ හාමු

ම්හුක්...මට ගැලපෙන්නෙ නැති උනාට කමක් නෑ....මොකද මගෙ ලමයට පුලුවන්ද ඔය ඉන්න එක කූතාඩියෙක්ට වචනයක් කියලා බනින්ඩ .....හැමෝටම කරබබා ඉන්නවා.....ඇත්තමයි....

ඔය මදෑ.....මක්කද මේ නපුරුකම....

එහෙනම් ආදරෙයි කියන්ඩ...මන් අහගන ඔයා අපෙ අයියන්ඩි ආව කතාවක් කියනවා.....

මගෙ කනත් එක්ක මොකක්ද වෙලා ගියා....පියුම් හාමුත් යන්නම් කිව්වට ගිහින් නෑ.....ඒඅස්සෙන් මේ කව්කචර් හාමුවා මට ආදරෙයි කියන්නලු...අනෙ හාමුදුරුවනෙ මන් කොහොමද ආදරෙයි කියන්නෙ පියුම්හාමුත් අහන් ඉන්නකොට...

මන්දාරම්....

.........

පියුම් උන්නට කාරි නෑ මන්දාරම්...ආදරෙයි කියන්නකො....මං ආදරේට හරි පෙරේත මනුස්සයෙක් මන්දාරම්.....කාගෙවත් ආදරේය වඩා මං උඹගෙ ඔය අහිංසක ආදරේට හරි කෑදරයි.....මන්දාරම් උඹගෙ ආදරේ හරි පවිත්‍රයි.....පෙරහන්කඩදහියක් තියලා වගේ...මට ඒක දැනෙනවා මන්දාරම්.....ඔය අහිංසක ඇස් ඒ ආදරෙ කියනවා.....මගෙ ලමයා දන්නවද මනදාරම් කියලා මල්ජාතියක් තියනවා...?

මල්ජාතියක්?අනේ....නෑ හාමු...මං දන්නෙ.....එක දෙයයි....ඒකත් ..හාමු හින්දා...

මොනවද...ම්ම්ම්

මන්දාරම් ආකාසෙ ගැන විතරයි.....

මට පුදුම හිතුනා.....කලාත්ම හාමු කියනවා මන්දාරම් කියලා මල්ජාතියක් තියනවලු.....

සුවද තියා ඔබ මා ළඟ

ඔබ අරන් යන්න මල්...

නෙතු නිලුපුල්

වත රතුපුල්....

මට කියන්න ඔබ හැර කොයින්ද

මිල නොකලැකි මල්..."මන්දාරම් මල්" කියලා මලක් තියනවා මන්දාරම්....මන්දාරම් ආකාසෙ මොනතරම් ආදරනීයද.....ඒ වගේමයි.....මන්දාරම් මල මං ප්‍රාර්ථනා කරනවා ජාති ජාතිත් මේ සියපත මානෙන් ඔය මන්දාරමත් පිපියන් කියලා...රත්තරන් පින් අයිතිවෙයි...පපුව පුරවන් මට ආදරෙයි කියපන්....

මගෙ මුලු පපු කදම බර වෙනවා...මේ ආදරේ තරම...මං වගේ දුගියෙට හාමු තැනකගෙ ආදරෙ දරන්න පුලුවන්ද දෙවියනෙ....??

සාලිය කුමාරයා පවා චන්ඩාල කුලෙ අසෝකමාලාවට පැල්බැදගන ආදරෙ කෙරුවා....අනේ හාමු උඹගෙ වචන මට දෙවිලෝකෙන් වස්සන සෙත් පැන් වගේ...

සුලග නුඹ වගෙයි....

සිත් මල වටා එතේ...

මල් සුවද හොර හොරෙන්

අරන් යන්නටම හදයි 

වැස්ස නුඹ වගේ....සිත් මලට ඇද හැලේ

මලේ පාට නොසේදීම පුදුමයක් තමයි....

සිත හැදිනුවෙත් නුඹයි

පසු පසම එලව එළවා විත්

සැනසුවෙත් නුඹයි

නුඹ මගෙ හිත අරන් ගියා

පුදුමයක් නොවෙයි...

ගම් හතකට මදි නොකියන්න මං උඹලට ආදරෙයි වස්තුවෙ!!

සන්සාර අහුරු හාර කෝටියකට ඇතිවෙන්න මන් උඹලට ආදරෙයි වස්තුවෙ!!!

මගෙ ආකාස.....

මන් දන්නෙ නෑ.....ආදරෙයි කියන්න කිව්වම ආරාධනාවක් නැතුවා මන් සින්දුවක් කිව්වා....ඒ සින්දුවෙ රාග තිබුනද.... තාල තිබුනද කියන්න මන්වත් දන්නෙ නැ....හැබැයි මං මගෙ හැගීම් රසකරවන්න සරස්වස්තිදේවිය වැඩැම්මෙව්වා...අවසානෙදි හරි හිමීට අඩුම ගානෙ මටවත් නෑහෙන තරම් හිමීට මං එයාට කතා කෙරුවා.....

මගෙ හිතෙ උඹ වෙනුවෙන් ආදර මල් පිපෙනකොට උඹගෙ රූපයක් වත් දැකලා තිබුන් නෑ මගෙ හාමු...ඔය තරම්ම කලුවර දෙකඩ කරන පුරහදට ආදරෙයි නම් කියපන් මට පුලුවන් මගෙ මිදුලට පායන හද කොලොම්තොටට අරන් එන්න ....උඹටත් මටත් බැරියෑ ඒ හද එලිය යට ආදර මල්වලට තව ආදරෙ කවන්න...!පරිස්සමින්....මන් ආදරෙයි මගෙ කලාත්ම....තිසරන සරනයි උඹලට...

අවසානෙදි මං ආදරෙයි කිව්වා.....මන් අහගන අවසානෙදි එහාපැත්තෙන්නුත් හරි බරට හුස්මක් වැටෙනවා...

පරිස්සමින් මගෙ මන්දාරම්....යන එන හැම ගමනෙදිම උඩ ඉන්න කෝටි තිස්තුනම මගෙ ලමයව රකින්න ඕන...නිදිවරාගන පැල් රකිනකොට ඔය ඇස් වලට විඩාව දැනෙන්නෙ නැති වෙන්න ඕන....ආයමත් දවසක මගෙ ඇස් අස්සෙ උඹගෙ රූපෙ ජීවමාන වෙනකන්.....නිවන්ගෙ රත්තරන් අප්පච්චි .....තවම මල්වරවත් නොවුන මගෙ කලෑමල.....ප්‍රවේසමෙන් ඉදපන් මගෙ මන්දාරම්.....ආදරෙයි උඹලට හුගක්....තිසරන සරනයි ආකාසගෙ මන්දරාමට!!පියුම්ට රහසක් කිව්වා...අහගනම යන්ඩ....

පියුම් හාමු...මේන්....

මලයට දැන් අනන්ග උන සහලවලා...යසෝද මල්ලිගෙ කන් කැඩෙන්ඩ එනවා ඇති නේ.....

මන් හිනා උනා.....අත් දෙකෙම්ම අර ඵෝන් එක ආපිට පියුම් හාමුට දුන්න මං හරි යටහත් විදිහට අනේ නෑ හාමු කියන්ඩ ඔලුව වනනකොට පියුම් හාමු මගෙ දිහාව බලන් ඉදලා හිනා උනා....

අපෙ මලයට ඔය තරම්ම ආදරේද යසෝද.....?

.........එහෙමයි හාමු.....සමන්දෙයි හාමුදුරුවො පල්ලා...අනෙ මයෙ හිතෙ ආදරෙ ඇරුනම වෙන මක්කවත් නෑ පියුම් හාමු....මන්වගේ එකෙක්ට හාමු තැනකගෙ ආදරෙ ලැබෙනවා කියන්නෙ තනිකරම රජෙක්ගෙන් රොඩි කුප්පයමක එකෙක්ට ආදරයක් ලැබුනා වගේ ....මට ඊටත් ඉහලයි ඒ ආදරෙ පියුම් හාමු...

...කලාත්ම රජෙක් උනත්...යසෝද රොඩියෙක් නෙවෙ ....යසෝදට තියෙන්නෙ දෙයිය්නට අත ඇරුන හරි අහිංසක හිතක් ....හරි නිර්මල මනුස්සයෙක් යසෝද උඹලා...

බේබි හාමු කිරිබත් කෑවද.....අනෙ ඇති උනාද රහ ඇතිද දන්නෙ නෑ...

යසෝද මල්ලිගෙ අම්ම අප්පට පින්....මගෙ බඩගින්න දැනුන යසෝදටත් පින්.....උඹලගෙ පැලෙ ඔය මුට්ටිය කවදාවත් හිස් වෙන්ඩ හොද නෑ....මන් බඩ කට පිරෙන්ඩ කැවා...දැනුයි මගෙ ඇගට පනක් ආවෙ....අරුන්දැගෙ උලුහාල් ගිලලා මට නිකන් පිප්පෙට වගේ.....

මගෙ පපුව හෝස් ගාලා ගියා...අනෙ පියුම් හාමු කාපු කටක් කටක් ගානෙම පින් දෙනකොට බඩගින්න නිවුනයි කියනකොට මෙච්චර දුර ගෙවාගන ආව එකෙ සතුට මන් හරි නිහතමානීව මගෙ හිතින් විදගන මේ කාටක අවුවෙ අඩුපාඩු මැද දුක් ගිනි උහුලාගන බතසරි කරන්ඩ නැහුන ගොයියන්ටත් ඒ පිනෙන් ඩින්ගක් අනුමෝද කරලා කෙවිට පාර කාගන අහස දිහා බලාහන වැහි කදුලු ඉල්ල ඉල්ල නගුල ඇදන් ගියපු අම්බරුවන්ටත් තිරිසන් ආත්මෙන් මිදිලා මේ සන්සාරෙ සැනසීමෙන් කෙලවර කරන්ඩ පින් දුන්නා...

පියුම් හාමු....කලාත්ම හාමු....මේ....මේ.....කලාත්ම හාමු බේබිට රහසක් කිව්වයි...කිව්වා...මක්කද ඒ...?

අපෙ අප්පෙ...ලැජ්ජාව.....ඔය හැටි තටමන්නෙ මොක්ටද යසෝද ..ඇරත් ලැජ්ජ නැතුව තවමත් හාමු කම් පටබදිනවනෙ...අපෙ මලයා හරි...යසෝද හරි මුරන්ඩුයි....ගහන්ඩ ඕන දඩුකදෙ...

අ...අනේ ...හාමු...දඩුකදේ?

ඔව්...දඩුකදේ....අපෙ කලාත්ම පූසා වගේ උන්නට හරි නරකයා...යසෝද මල්ලි ඔය හාදයා ගැන දන්නෙ නැතුවයි....කලාත්ම දඩබ්බරයි යසෝද.....ඒ උනාට මයෙ මලයගෙ පපුව පුදුමාකාර හොදයි.....එහෙව් හිතකට යා දෙන්නෙ යසෝද වගෙ අහිංසකයෙක්වම තමයි.....ඒත් ඕක...වලව් ඇත්තන්ට තේරෙන්නෙ නැතුව....මලකරුමෙ....

බේබි...ඇ....ඇයි පියුම් බේබි...මගෙ කලාත්මට.....?

අපි අතරෙ හිස්තැනක් ඉතිරි උනා.....මෙච්චර වෙලාම හිනාවේගන උන්න පියුම් හාමුගෙ මූනට වැහිවලාකුලක් අරක් ගත්තා...උඹ මගෙන් මොනවා හරි හන්ගනවද මගෙ ආකාස....දරාගන ආකාසයක් තරමට උඹ මගෙන් මක්කවත් හන්ගනවද මයෙ රත්තරන් ?

කලාත්ම දෙයක් කියන්න කිව්වා...කිව්වා නෙවෙ...අකමැති උනොත් ඕන් කුදලන් හරි යන්ඩ කිව්වා....

කොහෙද හාමු???

පුරුදු හාමු ලීලාවෙන්ම අත් දෙකත් පස්සට බැදගන පපුවත් ඉස්සරහට දාගන උන්න පියුම් හාමු අනිත් පාර උගුරෙ රැල් බුරුල් කරගන මාව කුදලගන හරි යන්ඩ කිව්වයි කියන එක ඩින්ගක් විතර සැරට කියනවත් එක්කම අර මක්කටද මන්දා අඩියක් පස්සට උන මං හරි යටහත් විදිහට කොහෙද අහනකොට පියුම් හාමු තවත් ටිකක් අර හාමු කම ආරූඪ කරගත්තා...

යසෝද මල්ලිට කමිස දෙක තුනක් අරන් දෙන්ඩ....ඕන් ඥන් පඥන් නම් ගාන්ඩ එපා....ඊයෙ රෑත් මට නින්දක් නෑ...අර ගෑනිගෙ ගොර ඇදිල්ල මදිවට කලාත්මගෙ කන්කෙදිරිය අහවරක් නෑ.....අනෙ පියුම් හනෙ පියුම් අයියො පියුම් ගගා ඉදල පියුම් උඹට බැරි නම් කියපන් මං දැන් බස් එකක එල්ලිලා එනවා කියලා කියවගන උන්නා....මගෙ කන් කැක්කුමෙ බෑ...යසෝද බෑය කියන්ඩ නම් හදන්ඩ එපා ඕන්....

...කමිස කිව්වෙ...සාප්පු කමිස...බ්..බේබි හාමු කියන්නෙ මේ...අලුත් පුසුඹ එන සාප්පු කමිස ගැනද?

නැතුව ඉතින්....වෙන මොනවද....

අනෙ..අනෙ...හාමු...දෙයියො බුදුන්ට වදින අත් එකතු කරන්නම්..මට ඔය සාප්පු කමිස තියා මක්කවත් එපා....

අරමොකද...මං අහන්නෙ ඒ ඇයි???

මගෙ මනාපයක් නෑ පියුම් හාමු.....

දෙයියො බුදුන්ට ඔප්පුවෙන්ඩ මගෙ සියපත් පියුම් හාමුට එලිවෙනකන් වද දීලා....ඒකත් සාප්පු ඇදුම් අරන් දෙන්නය කියල....අකල් වැහි වහින්දා තෙමුනොතින් සෙම් නරක් කරන්නා වගෙ අනෙ අවුරුද්දටම සැරයක් පොලෙන් කමිසයක් ගන්න මට සාප්පු කමිස පුසුඹ ඔරොත්තු දෙන්නෙ නැතුවා.....

මං මගෙ මනාපයක් නෑය කිව්වා....පියුම් හාමු මගෙ දිහාව බලාගන උන්නා...

මනාපයක් නෑ...මං අහන්නෙ ඔය මනාපෙ නැති වෙන්න හේතු යසෝද මල්ලි....

ඔව්වට කාසි යටකරන්නෙ මක්කටද හාමු.....ඇරත් මං කොහෙ කියලා යනවද....?මගෙ හැඩ කවුරු කියලා බලන්නද...ඔයාකාර කාසි යට කරලා ගන්න ඇදුම් අර පෙට්ටගමේ දාලා තිවුනොත් මටයි පව් පිරෙන්නෙ...ඇරත් ඔය වියදම් කරන්ඩ හදන්නෙ කලාත්ම හාමු අමාරුවෙන් හම්බු කරන ඒව.....දහයෙ කනිසම අහන් ඉන්න එක හිතට සැපක් උනාට රෑ දෙගොඩ ජාමෙ නිදිමරන කලාත්මට පව් පියුම් හාමු.....

ඔය උත්තමයන්ට එහෙම දෙයක් අහන්ඩ හිත දුන්න එකත් පිනක්...ජාති ජාතිත් පින් හාමු....අනෙ මට ඔය සාප්පු ඇදුම් නැතුවට කාරි නෑ....

.......කැලෑවෙ පිපුනා කියලා...කැලෑවෙම පරවෙන්න ඕනයි කියලා නීතියක් නෑ යසෝද මලයා....අඩුම එක කමිසයක් වත් ගන්ඩ...කලාත්ම ආසාවෙන් ඉන්නෙ.....

මං බිම බලාගත්තා...මගෙ හිත නෙවෙ ඒත් මෙල්ල වෙන්නෙ...රුපියලක් හම්බුකොරගන්ඩ නහින නැහිල්ල දන්න දුප්පතෙක් උන මට රුපියල පවා කෝටිගනන් වටිනකොට අනෙ මට තෑග්ගක් උනත් හිත දුන්නෙ නෑ මගෙ සුදුමහත්තයගෙන් රුපියලක් වත් මගෙන් වියදම් වෙනවට....ඇරත් මං කොහොමදයි ඔව්වා දෑතබදාගන අරන් යන්නෙ....අනෙ අර අසරනීට දුක හිතේවි....ඒකිලාට කෙසේ වෙතත් මයෙ අප්පොච්චගෙ පපුව පැලේවි....වෙන මක්කටවත් නෙවෙ....ඒ පපුව ඇවිලේවි"අනෙ මට බැරි උනා මයෙ කොල්ලට මෙහෙම වත් දෙයක් අරන් දෙන්ඩ" කියලා...අනෙ කාරි නෑ දෙයියො සාප්පු පුසුඹ නොදැනුනාට කාරි නෑ.....මයෙ පපුව විතරක් හිනා වෙලා කොහොමද?මල් පිපෙන්න ඕන මට විතරද .....

පියුම් හාමු...

........?

අමනාපයක් නැත්තන් සියපත් හාමුට පනිවිඩයක් කියනවද.....?

ඕන් ඉතින් තෝල්ක කම් කරන්වෙලා.....මේ කොල්ලත් එකයි...ඒ කොල්ලත් එකයි...මටයි මේ පෙම් හබවල දූතකටයුතු කරන්න වෙලා තියෙන්නෙ.....දැන් මොකද ඔය තටමන්නෙ කිව්වා නම්.....

සාප්පු කමිස නැතුවට කාරි නෑ හාමු මහත්තයා....හාමු මහත්තයට පුලුවන් නම් මට බේබි හාමුලා ඇදලා අහක් කරපු කමිස දෙක තුනක් ගෙනත් දෙනවද....

යසෝ....ද ...

........සාප්පු පුසුඹට වඩා මට මේ හිත සුදු මහත්තයගෙ පුසුඹට මනාපයි පියුම් හාමු!!!

කොච්චර වාත් සාප්පු සවාරි යන් කියලා පියුම් හාමු කටකඩාගන පෙරැත්ත කෙරුවත් මොකද මං ඇදලා අහක් කරපුවා ඇහුවා.....අවසානෙදි මාත් එක්ක දිනන්න බැරි බව දැනුන හන්දමද කොහෙද පියුම් හාමු මට දිනුම දීලා පැත්තකට වෙනකොට මං එහෙම්ම සමනගෙ අප්පච්චි වෙනුවෙන් බෙහෙත් පෙත්තක් ඉල්ලගන්ඩ ඩිස්පැන්සරියට එන්ඩ ආවා...ඒත් අඩි දෙක තුනක් වත් එන්ඩ හම්බ උනෙ නෑ පියුම් හාමු ආයම වැටගාවට දුවගන ඇවිදින් මට කෑ ගැහුවා...

ඒ...හ්...ඒ....යසෝද....යසෝද මලයා....

පියුම් හාමු.....

අර නොදරුවා.....අර පුංචි පැටික්කා...යසෝද එදා නලව නලව උන්නෙ...

මයෙ කොලු පැංචද පියුම් හාමු....

ඔව්....පැටියගෙ නම මක්කද කිව්වෙ...

නිවන්....නිවන් බෝපත්....

......හ්ම්...නිවනක්මයි...පැංචට වත් මක්කවත් ගන්න යමුද.....?

මං පියුම් හාමු දිහා බලාගන උන්නා...ඉස්කෝල ඉනි වැට පුරාවටම තිවුන වැටමාර එරබදු දඩුවල අලුත් අලුත් දලු දාගන ආපිට හැදීගන එනකොට මං බලාගන පියුම් හාමු පැංචට මක්කවත් ගන්න යමුද අහලා අනිත් පාර අර කටු විමානයක් උන එරබදු දන්ඩ කොනහනවා...මලයා එහෙන් වහ කන්ඩ ගියා.....අයියා තැන මෙහෙන් කටු ගැනගන්ඩ හදනවා...

බේබි හාමුට අදම යන්ඩ ඕනද.....?

ඔව්....අනික යසෝද මල්ලිට පුලුවන්නෙ ඒ එමින් ගමන් අපෙ මලයටත් ලියමනක් දාන්න.....රෙජිස්ටර් කරලා දාපුවාම සුටුස් ගාලා යනවත් එක්කනෙ...කලාත්මගෙත් චරචුරුවනෙ...

එ...එ...එහෙමයි හාමු....

මං කීයටද ගේ ගාවට එන්ඩ ඕන....ඉස්කෝලෙ අහවර උන හැටියෙම මං ගේ ගාවට එන්ඩද යසෝද....

මං පියුම් හාමු දිහා බලාගන උන්නා.....මං නොදන්න මොක්ක හරි මගුලක් හාමුට කැවිලා වත්දෝ .....??බඩට බත්කටක් වත් නැතුව පැංචට මක්කවත් ගන්ඩයි කියලා ටවුමට දුවන්ඩ හදන්නෙ....

මෙච්චර කල් දහයෙ කනිසමෙ උන්නෙ මලයා උනාට මට බැරි උනානෙ සින්දුවක් ඉල්ලන්ඩ....කවදාවත් නැතුව මටත් අද සින්දුවක් ඉල්ලන්න හිතෙනවා....

කටු අකුලෙන් මල් පුබුදමි

ඔබ සැනසේනම්.....

....කවදාවත් නැතුව කලාත්මගෙන් සින්දුවක් ඉල්ලන්න ඕනයි කියපු පියුම් හාමු මදහසක් එක්කම සින්දුවක් මුමුනන්න ගත්තා ඒ එක්කම නිරිත දිගින් ඉපදුන ආදර හුලගක් අනගහීසර අරගන ඇවිදින් පියුම්හාමුගෙ පපු මැද්දෑවෙ හැප්පුනා.....

යසෝද මල්ලි...අර පැංචගෙ අම්මගෙ නම මක්කද?

........බේබි...හාමු!

*

*

*

සමනගෙ අම්මෙ...මේන් බෙහෙත් ටික...මේකට බල් බල්ගාන සෙම එකාකාරෙට...පපුව හොදට වහන් කරන්ඩයි කියලා දොස්තරනෝනා කිව්වා....මේන් මෙතන තුන්දොහකට පෙති තියනව....

ඩිස්පැන්සරියට ගියපු මං එකම හුස්මට ආපිට සමනගෙ පැල්කොටේට ආවා....ඒ එනකොටත් සමනගෙ අප්පා කහිනවා...අනෙ දෙයියා ඒ කහින කැහිලිවලට ඒකගෙ පපු කැහිතු කටින් එලි පනින්න හදනවා...ගිනි කාටක අවුවෙ ආව මං වැටකඩුල්ල පැනන් ඇවිදින් කරපු එකම දේ නම් පිල්කඩ උඩ තිබුන මැටිකලෙන් වතුර කට්ටක් පුරවගන එකම හුස්මට ගහල ඇරපු එක වෙනකොට සමනගෙ අම්මා අර ගිලාබැහැපු මඩපාට ඇස් වලින්.මගෙ දිහා බලාගන ඉදලා වකුටුවේහන කහින සමනගෙ අප්පව් ගිහින් රෙදිකඩමාල්ලකින් පෙරෙව්වා.....

සමනා.....මේකට දොට්ට පිලට යාගන්ඩ අමාරුයි බන්....වලක් කොයලා දුන්නත් ඉදගන්ඩ බැ...ඉදගත්තොත් නැගිටගන්ඩ බෑ.....උඹලට කහට ඩින්ගිත්තක් වක්කරලා දෙන්ඩද කොලුවො....

සමනගෙ අම්මා කියවගන ඉන්නවා...වෙනදට සමනට කියන ඔක්කොම මට කියන හන්දද නැත්තන් වෙන මක්කටද මන්දා සමනගෙ අම්මට දැන් මගෙ නම බෙනේ කියන එකත් අමතක වේගන යනවා.....මහ එකාට දොට්ට පිලට යන්ඩ බෑ කියලා මගෙ දිහා බලාගන කිව්වෙ මක්කවත් කරලා දියන්කො කියන්න වගේ වෙනකොට මං එහෙම්ම අතේ තිබුන පොල්කට්ට ආපිට කල කටින් තියල නැගිට්නවා එක්කම සමනගෙ ගෑනි කලගෙඩියක් උකුලෙ තියාගන ගාට ගාට වගේ ගෙයි අගුවට ඇවිදින් උකුලෙ තිබුන කලෙ මැටිපිලෙන් තියලා තෝන්තුවෙන් වගේ ඉදගන නලල වහගන මතුවෙලා තිබුන දාඩිය බින්දු අහුර ඇදන් උන්න චීත්තපටින් පිහද ගත්‍තා....

ඒකි මේ පූටක අව්වෙ වැවට ගිහිල්ලා...අලුත වදාපු එකියක්....මිනිහා මැරුන එකියක්.... ඇස්වලට උනන කදුලු කැට තවමත් වේලෙන්නවත් හිතලා නැති රෑයාමෙ එලිවෙනකන් හූල්ලන නා දලල්ලක් වගෙ ගෑනියක්....ඒත් ඒ ඔක්කොටම වඩා සමනගෙ ගෑනි ඇවිදින් මේ මහපොලව එක්ක ඔට්‍ටු වෙවී ඒකි සන්තකේට ඉතිරි උන්ව රැකගන්ස නැහෙන යකඩෙන් හදාපු ගෑනියක්.....!!

බෙනේ අයියෙ....වැවට යනවා නම් පුලුවන් නම් කොරලි පැටියෙ ගෙනත් දියන්....හීල් දානෙට බැරු උනත් බත් පතක් හදලා මයෙ එකා නමින් කාට හරි දෙන්ඩ .....බඩට වැටෙන දන්කුඩත් මට හිරවෙනවා...මයෙ දෙයියා කොරලි වලට මනාපයි....

මස්කියන නාමයක් නැති හමත් පහු කරාන උරිස් ඇට පෑදුන අව්වටම පිච්චිලා ගියපු සමන්ගෙ ගානි දිහාව බලාගන උන්න මන් අනිත්පාර ඉදන් උන්න තැනින් නැගිටලා අගුවෙ තිබුන පුටුකබල අරන් ඉනෙ ගහන් උන්න පොඩි කිනිසි පොඩියෙන් මුලු පුටුවෙම කඩා හැලීගන යන වියුම් කපලා දාලා පුටුවත් අරන් ගෙයි පිටිපස්සට ගියා....ඒ චුට්ටකින්ම ගුරුපාරෙ ගුරුපාට දූවිලි වලාවන් අහසට නග්ගන එක පෙලට ආර්මි ට්‍රක් එක පෙලට පහ හයක් ව්තර වන්නි ගමට ඇදෙනවා.....

සමනා උඹට ජාති ජාතිත් මෙවන් අකල් මරනයක් නොවෙන්න ඕන බන්.....උඹට විතරක් නෙවෙ නාදුනන හැම මනුස්ස පරානයක්ම වෙනුවෙන් ඔය පතුරම් වැල එල්ලගන මරු කටට ගියපු දේශයෙ මුරදේවතාවන්ට අකල්මරන නොවේවා.....මං කරන හැම පිනක් පිනක් ගානේම අනෙ උඹලට අනුමෝදන් වෙන්ඩ ඕන බන්.....

සමනගෙ අම්මෙ....ආන් මන් වලකුත් කපල පුටුවත් හරි ගස්සලා අඹ ගහෙ අත්තක හොද හයියට කඹේකුත් ගැටගැහුවා.....උන්දැට ඔය කඹෙ වාරුවෙන් නැගිටගන්ඩ පුලුවන් දැන්....තුන් දොහක් ඕක පොවාපන්....අඩුවක් නැති උනෝතින් ඉස්පිරිතාලෙ අරන් යන්...උඹලට කොරලි වැලක් මන් හවහට අරන් එන්නම්.....

🥺🥺🥺🥺🥺ආතරෙයි අනෙ....

THANK YOU

More Chapters