Ficool

Chapter 19 - 19

සුදු මහත්තයා....

මගෙ පපුව ගැහෙනවා . .සන්තෝසෙ ඉහවහගිය තරම කියන්නෙ බොරපාට ගැහුන මගෙඇසුත් අඩන්න හදනවා.....

ලයාදරිය .....ඒ මුනත්...ඒ හිනාවත් දැක්කත් ඇති .....මේ හුස්ම වැටෙන දිව්‍යමය තත්පර මට දැනෙන්නෙම තුසියම කඩාගන මගෙ ගොරහැඩි අත් උඩට කඩාගන වැටුනා හා සමානවය!

මගෙ ළමයා....මගෙ බෙනරගම.....යශෝධ.....මට කියන්න ..වස්තුව පරිස්සමින් නේද....

මං බලාගන උන්නා.....ඒ මූන....ඒ හිනාව....හිනාවෙවි කතා කරන ඇස්...කොටින්ම මං මේ දේහධාරි පිරිමි පරානෙ දිහා ඇස් පිල්ලම් වත් නොගහම බලාගන උන්නා.....ඒ රූපෙ දිහා මන් දැහැන් ගත වෙලා වගේ බලාගන උන්නා...ඒත් කොහෙ කියලා නම් බලන් ඉන්නද...??

ලියතඹරාව තවුසන්ගෙ දැහැන බින්දට හපන් උනා...සුදු මහත්තයා නැවතුනමක් නැතුව වචන හරඹ කරනවා...

අනෙ මගෙ තුන්දැහැනම බිදිලා ගියා....

මාව අත ගගා ...මගෙ නහර වැල් පෑදුන අත අතගගා කලාත්ම හාමු මගෙන් සනීපෙන්ද අහනවා.....මගෙ ළමයා කියන වාරයක් වාරයක් පාසාම මන් බලාගන පතුල පේන තරමට වතුර අහුරක් තරම් පිරිසිදු දෑස්විල් දිලිහෙන්න ගන්නවා....වෙන මක්කකින් වත් නෙවෙ....ආදරෙන්....අනෙ බුදු හාමුදුරුවනෙ ඒ ඇස් දිලිහෙන්නෙම ආදර කාරනාවෙන්...

ම්න්...මං සනීපෙන් මගෙ හාමු...

වෙනදා වගේම මං යන්තමට හිනා උනා... වෙනදා වගේම මන් බොහෝම නිවුන විදිහටම කතා කෙරුවා.....

අපි තවමත් පාරෙමයි....ගස් කොලන් හුලන් අතත් එක්ක අත්වැල් අල්ලාගන ප්‍රේමගී ගයනකොට මගෙ නලලෙන් පහලට වැටුන කෙස් රොද එයා මගෙ කනෙන් පිටිපස්සට දැම්මා...

පරන කාලෙ නලුවෙක් වගෙ මන්ධාරම්....ඔය බෙල්ලෙ එල්ලෙන දිවිදල දෙක එල්ලෙන කලුපට් මාලෙයි...මේ රූප කායයි එක්ක මට ඔයාගෙන් පරන සින්හල චිත්‍රපටිවල ඉන්න නලුවෙක් මතක් වෙනවා....

මං ලාවට හිනා උනා....මං නලුවෙක් වගේ කියනවා....ජීවන රගමඩල ඇතුලෙ අපි හැමෝම නලුවො තමයි හාමු මහත්තයා ....වෙනසකට තියෙන්නෙ දෛවය අපිට දුප්පතාගෙ චරිතෙන් එලව එලව ගහන එක...

ජන්දකාලෙට අලවන පෝස්ටර් .....කිරිපිටි සමාගම් වලින් අලවන පෝස්ටර්...අලියා බීම එකෙන් අලවන පෝස්ටර් වලින් බිත්ති බාගයක්ම වගේම දොරපලු වලිනුත් බාගයක් පෝස්ටර් වලින් වැහුන කඩ පොඩ්ඩ දිහාව බලපු මං බලාගන කඩේ මුදලාලි මායියා සර්වාංගෙන් හරි අඩකුත් අර ලෑල්ලට බරකරගන බෙල්ලත් හොදාකාරවම අපෙ දිහාට දික් කරගන බලාගන ඉන්නවා....

ආයම සැරින් සැරේට එබි එබි බලනවා.....බාල්කෙ එල්ලා තියන ඇම්බුමට පාඩුවෙ ඉන්ඩ නොදි නිස්කාරනෙ අතපත ගානවා...ආයමත් අතෙ මැනික් කටුව තරමට මහත ගෙඩිතිබුන රත් කෙහෙකන නිස්කාරනෙ කරකව කරකව නාටු උන ගෙඩි හොයනවා....ඒකත් එකටම ඒකිලා කලාත්ම හාමු මොකාදැයි කියලා හොයාගන්ඩ වෙන්ඩ ඇති මේ එබිකම් කරන්නෙ.....පුදුම ගෑනියෙක් නේ උදේපාන්දරම අනුන්ගෙ දේවල් හොයනවා...ශිහ් ...

ලමයො...

ස්..සුදු මහත්තයා....

කොහෙද ඔය බලන් ඉන්නෙ...මං මෙහෙ එකම දිගට කියවනවා මගෙ දිහා නොබල මොකී දිහාද ඔය බලන් ඉන්නෙ.....

නෑ සුදු මහත්තයා....අර කඩෙ අම්මන්ඩි.....

ඇයි මොකො අවුල...මොකො කේස් එක....??ඕකි මගෙ යශෝදට මොනවත් කිව්වද.....මං කොහොමත් ලිස්ට් එක හදන් ආවෙ....කන් අඩි පලන්ඩ දෙතුන් දෙනෙක්ම ඉන්නවා...ඇයි මොකද කියන්ඩ.....මේකි ඔයාගෙන් ගේම ඉල්ලුවද .....????කඩෙන් බඩු දෙන්න බෑ කිව්වද.....??

ඔය නම් මේකි මගෙන් කන්ඩ තමයි ඉතින්...කන පලලා වගාවක් දානවා ඉතින්.....අර අර....මේකිව දැන් වැටෙනවා ලෑල්ලෙන් බිමට...මේකි නම් රේඩාර් එක අල්ලනවද කොහෙද .....ඒරියල් එක වෙන්ඩ ඇති ඔය එහාට මෙහාට හරවන්නෙ.....අපි නොදන්න එෆ් එම් එක නෙ....හිටපන්...යන්ඩ කලින් මං උඹටත් ගහනවා...හරි කෙලියක් උනානෙ මේක...මගෙ කොල්ලට මුන් එකෙක් වත් ඉන්ඩ දෙන්නෙ නෑනෙ.....උන් දන්නෙ නෑ මේ කලාත්ම මොකාද කියලා...

හප්පච්චියේ ....කලාත්ම හාමු....!!

මං මගෙ අතක් ඉහෙ ගහගත්තා...අනෙ දෙයි හාන්දුරුවනෙ මේකා නාලාගිරියෙක් වෙලානෙ......අර නිවුන කටහඩින් වචන අමුන අමුන හැගීම් ගොන්නක් පිට දාන කලාත්ම හාමු නාලාගිරියෙක්ට හපන් වෙලානෙ....

කඩේ මායියා දිහා බල බල මගෙ ගාව උන්න කලාත්ම හාමු එකම දිහට කියවන් යන හැටියට අනෙ මට බයත් හිතුනා අර ගෑනිට නිස්කාරනෙ ගුටිකන්ඩ වෙයිදො කියලත්...

අර...අර..තවත් බලනවා.....

ඉතින් බලපුදෙන්.....ඇගෙ වදින් නෑනෙ සුදුමහත්තයා.....ඔය නිස්කාරනෙනෙ ලේ ඩින්ග පුච්ච ගන්නෙ.....පය ගැහුවා විතරයි...අනෙ ඇයි මේ...

නෑ.....ඉතින්...ඒකි දැන් මං ආව වෙලෙ ඉදන් බලනවනෙ.....ඕකි ඔය මං දිහා බලන්නෙ...කෙල්ලෙක් වත් ඉන්නවද දන්නෙ නෑ...ක්..කොහෙද ඔය පැත්තට පැත්තට ගාටන්නෙ .....අර...අම්...මො.....මගෙ අතත් අතෑරියා නේද.....මේක මාර කෙලියනෙ...ඇයි ඔයා බයද ඒකි දැක්කම කාටහරි කියයි කියලා....

ඔ...ඔච්චර සද්දෙන් කෑ ගහන්න එපා සුදුමහත්තයා.....අනෙ ඒකිට ඇහෙයිනෙ.....

ඒ උනාට මගෙ අත අතෑරියනෙ ....නේ.. .?

අනෙ එහෙම දෙයක් නෙවෙ හාමු....

.......එහෙම නැත්තන් කොහොමද...ඊලග බස් එකෙම්ම මං යනවා...කෝ අහකට වෙන්න....මගෙ අත අතෑරියනෙ කොච්චර උනත්....මන් දන්නවා ඕකි අනිවාරයෙම්ම අබිලින් මායියෙක්...අර කෝපිකඩේ කතාවෙ ඉන්නෙ...දයාවති වගෙ මූනත්....

ඔය ඇති හාමු.....ඔය හැටි මක්කටද මේ.....අනික ආ වෙලේ ඉදන් පාරෙ.....එන්ඩ යමු.....ආ පයිම්ම කොහෙ යන්ඩද...සුදු මහත්තයා නිස්කාරනෙ බොරු කියනවා.....පව් පුරවගන්නෙ ඇයි මේ.....?

...පවු පුරවගන්නෙ කව්ද...?යමු...යමු ඉතින් මාත් පාරෙ පැලවෙන්ඩ ආවෙ නෑ...මදැයි මාත් ඒ කෙරෝලෙ ඉදන් මේ කෙරෝලට ආවා...එනකම්ම බස් වල තැම්බිලා...තට්ටම් දෙක උඩ රොටි පුච්චන තරම් පස්සවල් රත් කරන් ආවෙ කොහෙවත් යන දයාවතියෙක් හින්දා මගෙ අත අතාරිනවා බලන්ඩනෙ.....මදැයි.....ඒකට මොකද මං කොළඹ ඉන්නකන් නම් කොහොමද කතාව.....අමු බොරුවනෙ....අපිටත් ගහන්ඩ ඕන එලව එලව.....

මං නෙවෙ වචනයක් කිව්වෙ.....ඇත්ත අර ගෑනි ඕනාවටත් වඩා ඇස් දෙක ලොකු කරන් බලන් ඉන්නකොට මං මගෙ සුදු මහත්තයගෙ අත අතෑරියා...අතෑරියා මදිවට අනෙ මන් ඩින්ගක් විතර පස්සට උනා....ආදරෙ හන්දා තුන්ලෝකෙම එක්ක හටන් කරන්න පුලුවන් කියලා ඔය කවුරු කොහොම මහ ලොකුවට කතා හැදුවත්...මට තුන්ලෝකයක් එක්කල හටන් කරන්ඩ කලියෙන් කලාත්ම හාමුගෙ නමෙ පතුරක් යන තැනට වැඩ වෙන එකෙන් නවතින්ඩ උවමනා උනා...

මට කියාපල්ලා ඒක නෙවේද ආදරෙ කියන්නෙ....

මං තරහා ගන්නෙ නෑ බොලව්නෙ.....මේ මේ රන්කදට මන් මයෙ පන උනත් සින්න කරන්ඩ දෙවංගියක් හිතන් නෑ...මාව දාලා යනවයි යනවයි කිව්වට ආ පයින් යන්නෙ නැති බව මම වගේම උඩ ඉන්න සක්කරයත් ඒකගෙ පුතා වයිමත් දන්නවා...

ඒත්....ඩින්ගිත්තක් මගෙ දිහාවෙන් හිතපල්ලා...මං ගමේ එකා....කුරාකූබියෙක්ට මගෙ අතින් අතුරු ආන්තරාවක් නොවුනට ගමෙ එවුන් හදන පදවැල් උහුලන්ඩ පුලුවන් ගල් හිතක් මට තිබ්බට ගෙන්දගම් පොලවෙ උන්නත් වලව්වක ඉපදුන හාමු තැනකට මං හන්දා නිස්කාරනෙ මේ ගන්ගොඩෙ එවුන්ගෙ හර්ප කතා අස්සවන්නෙ කොහොමද මන්....

එවුන්ගෙ කෙරුවාවන් මං සහසුද්දෙම්ම දන්නවා....ගම්තුලානෙම එවුන්ගෙ රෙද්දෙ ඇලුන තුත්තිරි ගානත් මං දන්නවා..ඒත් පදයක් හදන්ඩ ඇත් නම්.....කේලමක් කියන්ඩ ඇත්නම්...ගින්නක් අවුලන්ඩ ඇත්නම්...ඔවුන්ට ජාති ජම්ම අදාලම නැති විත්තියත් මේ කාටත් වඩා මං දන්නවා...

තව ඩින්ගිත්තක් විපරන් කෙරුවොතින්...කලාත්ම හාමු කාගෙ කව්දැයි කියල දැනගත්තම නවරත්න ගුරාට කලියෙන් මමයි මග රකින්ඩ ආවෙ කියලා ඕක එක දෙක කරලා ගුරාගෙ කනට වැටුනම...අනෙ බොලව්නෙ තවත් යුද්ධයක්නෙ....

ඇරත් ගුරා නිකන් වත් ඕක වලව්වට රෙපෝර්තු කෙරුවොත්.....????

මං දහසක් දේවල් කල්පනා කෙරුවා...බස් එකෙන් බැහැලා දුවන් එන ඒමටම දෑත බදලා බැදුවත් මොකද....ආදරෙන් අන්ද වෙලා උන්න මට දැන් දැන් කරාපු හරියෙ තරම මතක් වෙනකොට පපුව බර වෙන්ඩ ගත්තා....

මං බැනුම් අහල පුරුදු එකා.....මොන තරම් හර්ප කිව්වත් අනෙ බන් ඇගෙන් කෑල්ලක් යන්නෙ නෑනෙ කියල හිතහදාගන ඔව්වා කනටවත් නොගෙන කරබාගන යන එකා...ඒත් කලාත්ම හාමු.....හාමු කේන්තිකාරයා....ඩින්ග ඇත්නම් නහින්ඩ හදනවා....

කටින් කට යන එක මදියි කියලා හිතලා දීලා ඇතෑරියොත්.....ඇරත් මෙවුන්ට අනක් ගුනක් නෑ...යන තැන් රැකන් ඉදලා මක්කවත් කෙරුවොත්....ජීවිතේ අනියත දැක දැකත් මෙවුන් ඉන්නෙම නොමැරෙන එවුන් ගානට . ..ඩින්ග ඇත් නන් කරන්නෙ කැලෑපත්තර ගහන එක...ගම්වල උදවිය අහිංසකය....අහිංසකය ගෑවට....කල්දේරමට වැටිලා බලන්ඩම ඕනෙ කාල් ගාන හොද්දෙ තරම....

මං උඹලව කවදාවත් අතාරින්ඩ බලාන ආදරෙ කරන එකෙක් නෙවෙ හාමු.....උඹලා ඒක දන්නවා .....

එහෙනම් මේ අතෑරියෙ අගේට.....???අතෑරියෙ නැත්තන් ඔය ඉන්නෙ....ආය අල්ලගන්ඩ පුලුවන් කම තියනවනෙ....ඒත් කෝ අල්ලනවද ...නෑනෙ ..අර අරකිව හොම්බෙන්වත් යන්නෙ නෑ මං කියන්නෙ...වැඩේම කෙහෙකනෙ එල්ලෙන එක...එල්ලි එල්ලි මෙහෙ බලන එක...වෙලහට අර හම්පඩ ගුරාට කියන්ඩ වෙන්ඩෑ...කියපිය මට රිදෙයිද බලන්ඩ .....මං ආවෙම ඕකගෙනුත් ගේම ඉල්ලන්ඩ....

හා..හා... එව්වලින් වැඩක් නෑ ඔය ලමයා මගෙ අත අල්ලගන්ඩ ...

අනෙ ඇයි මෙහෙම මුරන්ඩුකම් ....යන්ඩ වරෙල්ලකො රත්තරනෙ....මේ මායිම පහු උනාම මන් අත අල්ලගන්නම්....නිස්කාරනෙ නම පතුරුගහගන්ඩ එපා හාමු....මෙවුන් කාක් පිහාට්ට උඩට වමනෙ කෙරුවොත්...කාක්කෙක් වමෑරියා කියල බේගල් ගොතන එවුන්...යන්ඩ වරෙල්ලකො..පුටකෙ ගැහුවම ඉහ රුදාව අල්ලයි...

සුදු මහත්තයා....බක්මහට කාලෙට අවුරුදු බත සරු උනා නොවුනා මේ කැලෑගමටත් අවුරුදු සීට්ටුව අරගන කොහා කෑගැවත් මගෙ හිතෙ මහා ලොකු සතුටක් ඒකාගෙ ඔය කෑගෑම ගැන නැති උනත් නිතර දෙවේලෙ දුකක් කියාගන මලගමක් කියාගන කෑ ගාන උලලේනියෙක්ගෙ විලාපෙකට නම් ලෙන්ගතු කමක් තිවුනා...ඒත්...කවදාවත් නැතුව මගෙ හීනවලත් මේ අවාරෙ බක්මහ කොවුල් සද්දෙ හරි ලස්සනට ඇහුනා...ඒ උඹලා හන්දා.....අනෙ පින් සිද්ද වෙයි....ආ පයින්ම රන්ඩු නොකර යන් මයෙ අම්මා.....

මං පෙරැත්ත කෙරුවා.....අර කිව්වත් වගෙ අරකිත් දහවන් ගියක් විතර මා දිහාවත් අහවරක් නැතුව මුරන්ඩු කතා කියන කලාත්ම හාමු දිහාවත් බල බල එබෙනකොට මං වදින නොවදින ගානට ඒ සුලැගිල්ලට මගෙ ඇගිල්ල වද්දගන බිම තිබ්බ බෑග් එක අරගත්තා විතරයි හාමුවා ආයම පරල වෙන්ඩ ගත්තා...

හපොච්චියෙ...මෙව්වයි බර...මොනවද සුදුමහත්තයා මේ බරට බරෙ මේකෙ තියෙන්නෙ.....

තියෙන්නෙද....එමින් ගමන් දෙතුන් දෙනෙක්ව බාවන් ඕකට ඔබාගන ආවා.....බෙනරගමට බැරියෑ එම්බාම් එකක් ගහලා දෙන්න.....ආව මෙතන බර මොනවද අහන්න....අතින් අල්ලගන්න කිව්වම ඇල්ලුවෙ නෑ...වෙලහට අරකිගෙ දෝනියෙක් වත් ඉන්නවද දන්නෙ නෑ බහ දිපු....මං මේ අර කෙරෝලෙ ඉදන් ආවා මේ මූන බලන්ඩ....මටනෙ මේ රැස් විහිදන්නෙ....මට එන්ඩ බෑ....මට තිබහයි....ඔරේන්ජ් ක්‍රශ් එකක් වත් බොන්ඩ ඕනා...ඒ බීලා මිසක් මන් එන්නෙ නෑ....බලන්ඩ බැරියෑ අරකිගෙ බිබික්කමෙ ඔරෙන්ජ් ක්‍රශ් තියා අඩුම ගානෙ කොත්තම්මල්ලි වත් තියනවද කියලා.....

මුන් තනිකරම අබිලින්ලා....අර ඉන්නෙ කෝපි කඩේ දයාවතියා...ඒකි වගේ....හැමදාම ඔය විදිහටම හිටපන්...මූන හන්ග හන්ග....කොන්ද වකුටු කර කර.....කොන්ද තියෙන්නෙ කෙලින් තියන් ඉන්න නැතුව වකුටු කරන්ඩ නෙවෙ...ඕක වක ගහන් ඉන්ඩ නම් වක වෙලාම ඉපදෙනවනෙ...කොයි වෙලාවෙ හරි ඔහොම වකගහලා මුර්ධජ ණයන්නක් වෙනවා.....

හිටපන්කො...හිටපන්කො.....මං අර අපෙ නෑනව උඹට පූට්ටු කරපු පරට්ටිවත් හම්බෙන්ඩමයි ආවෙ....මට පියුම් ඔක්කොම කිව්වා....සමුපකාරෙ එකාට රෙද්ද උස්සන එකී අපෙ වෙන්ඩ නෑනව ඔයාට පාවා දුන්නලු නේද.....ඒකිනෙ ඔය කියන විදිහට ගමටම පුක දන්සල් දාලා තියෙන්නෙ...

අපෙ පියුම් කියපු කතාව හරි...ඒකි පුක exhibition එකක් දාලා...හිටපන්...මං දතකට හොදට මැදන් ආවෙ...ඕක අර පරට්ට ගුරා වලව්වටත් කියලා...මං ඕකගෙ ගුරුපට්ටම ගැනත් බලාගන්නම්කො.....යන්තමට වලව්වට නෑකම් කියන එවුන් හිතාන ඉන්නෙ එවුන් වලව් හාමුලා කියලා...අපෙ එකාට කිඹුහුමක් ගියත් ආන් මහ මැනිකෙ දන්නවා....උන්දැට ඔක්කොටම වඩ සමයන්.....අරහෙ කොත්තමල්ලි තම්බනවා...කිඹුහුම යන්නෙ අනුරාධපුරෙ.....කොත්තමල්ලිය නුවර....පිස්සු.....විකාර...මගෙ කන කැක්කුම මේ හොර ගුරාගෙ කේලම් වලට පරල වෙන හාමු රැලෙන් බැනුම් අහල...

මං ඕකගෙ අන්ඩ කඩනවා...අනික අරකිගෙ උලුහාල්බෝතලෙ....

අනික තමුන්...දැන් මගෙ අත ඇතෑරියා නේ....හරි....මං ඒක යමින් ගමං බලාගන්නම්...මට දැන් තිබහවයි..මොනවහරිම බොන්න ඕනා....මං යනවා....බුලත් දෙන්නෙ නෑ...එනවා නම් එන එකයි.....බලන්ඩ බැරියෑ....දයාවතිගෙ වන්නම.....!අබිලින් අර...අර....දැන් ඕකිව බිම පතබෑවෙනවා...අනෙ වැටියකො මං කියන්නෙ....වැටිය...වැටිය...ශිහ් ...

මගෙ රූමව එක්කන් එන්න තිබුනෙ...එහෙම උනානන් හොද පෝරියල් එකක් දෙන්ඩ තිබුනා.....

ඒකි මොකටද ඔයහැටි ඔයා දිහයි මං දිහයි බලන්නෙ.....කොහෙද ඔය අහකට යන්නෙ...ලගට වෙලා ඉන්ඩ බැරිද...හිතුනොත් මං බදාගන ඉඹිනවා.....අර මායියගෙ ඇස් දෙක මෙතන...ඒරියල් එක හරව හරව සිගනල් අල්ලනව වගෙ ඇස් කරකව කරකව බලන හැටි....අපි නොදන්න

එෆ් එම් එක!!

මං යනවා...මට බෑ ගෙදර යනකන් ඉන්න...මගෙ දිව ගිලෙන්ඩ එන්නෙ...බොරුවට හුජු මහත්තයා ගානවා...මූනිච්චාව....නියන් කාක්කා!!

මේකා මට නියන් කාක්කා කිව්වා.....අරකි පියුමට කවුඩු පනික්කියා කියපු එක නම්බුයි!

හත් දෙයි හානුදුරුවනෙ...මේ මොනාකාර කටක්ද දෙයියො....මේක මොනා කාර කටක්ද....???

මගෙ කන්දෙක දැම්ම අගුල් වැටෙන්ඩ එනවා...අගුල් වැටෙන්ඩ එනවා කෙසේවෙතත් මොනාද මේ ඇගට පතට නොදැනි කියන කතා????එන ගමං දෙතුන් දෙනෙක් බාවන් ආවා කියන්නෙ.....

මං නෙවෙ වචනයක් කිව්වෙ....ඒ කටත් එක්ක මට දිනනවා තියා හිතන්නවත් බැරි වෙද්දි මං කරපු එකම දේ නම් අත පොඩ්ඩක් අතෑරියා කියලා මේ තරම් නහින්ඩ හදන මගෙ මුරන්ඩු හාමුගෙ ගැස්සිල්ලයි පැද්දිල්ලයි දිහාව බලාගන උන්නා....

මේක තනිකර මුරන්ඩු ගුහාවක්නෙ.....උඹලා තනිකරම නොදරුවෙක් වගේ සුදුමහත්තයා....අබිත්ත ඇත්නම් බිම පෙරලෙන නොදරුවෙක් වගෙ.....මගෙ ආදරෙ තරම දැන දැන උඹ නිස්කාරනෙ පරල වෙනවා.....

මගෙ මූනෙ යන්තමට හිනාවක් ඇදුනා.....මෙච්චර වෙලාම මුදලාලි මායියට දාහක් ජාතිත්...මට දෙස් තියාපු අර ගෑනිටත් දාහක් ජාති කියාපු එයා මහපොලවට පුලුවාන් තරම් රිද්ද රිද්ද...පුලුවාන් තරම් දූවිල්ල අවුස්ස අවුස්ස යනවා මදිවට මං පස්සෙන් එනවද නැද්ද බලන්න හැරිලත් බලපු හාමු තැන හන්දා මගෙ මූනෙ යන්තටමට හිනාවකුත් මෝදු උනා....

උඹලා ඔය කට හද හද අපෙ නෑනා කියන්නෙ ප්‍රේමට වෙන්ඩ ඇති....මොනා උනත් පියුම් හාමු මං උඹලට නම් මක්කවත් කියන් නෑ...උඹල ඔක්කොම කනෙ තියනවා....එක දෙක කරනවා...ඉදලා ඉදලා ගමට ආවම මේ වසවර්තියා අංගුලි මාල වගේ ගමම කම්මුතු කරන්ඩ හදනවා....

මාත් එක්ක අංකරෙ අල්ලපු සුදු මහත්තයා කඩේට යනවත් එක්කම බයිසිකලෙ හරවගත්ත මම මෙච්චර වෙලාම බිම තිබුන බරට බෑග් දෙකෙ දූවිල්ල ගසාගන බයිසිකල් ලැගේක් එක උඩින් තියලා කඩෙ දිහාට ගියා.....

මුදලාලි මායියගෙ මූනෙන් එකයි හිනාව...කහ ගැහුන ,ඉස්සරහම දත් දෙක ඇත් වෙලා සෑහෙන හිඩැස් ගැහුන දත් ටික එලියෙ දාගන සුදු මහත්තයට මහත්තයො මහත්තයො ගෑවත් මොකද කඩෙ දිහාට ආව මගෙ දිහා නම් ඒකිලා බැලුවෙ ඇස්කොනින් වෙද්දි මං උඩට නගින්ඩ තියාපු කකුල ආපිට අරන් අගුවෙන් හිටගත්තා...

ඉල්ලන ඉල්ලන දේ ඥැහ් ගානවා මිසක මුනෙ හිනා පොදක් නැතුව වෙළඳාම් කරන මායියගෙ කඩෙ තවම පලවෙනි ගනුදෙනුවවත් වෙලා නැද්ද කියන්ඩ කව්ද දන්නෙ .....

මොන කරුමෙට හරි ඒකිගෙ අද දවස පාඩු උනෝති අනෙ බැනුම් අහන්නෙ මාව ජාතක කරාපු අර උත්තමයො දෙන්නත් එක්ක....

අපෙ හෙනෙ ගහලා නෙවෙ තොපිට ඔහොම වෙන්නෙ තොපෙ තියන කුහක කම් හන්දයි කියලා දාහක් ජාති කියන එවුන්ට උත්තර බදින්ඩ හිතුනත් මොකද අනෙ මන් මොකට ඔවුන් වෙනුවෙන් වචන නාස්ති කරනවද කියල මං හැමදාකම මාවම සනසගත්තා....එවුන් කියන වචන වලට හිත රිදිලා රිදිලා දැන් දැනෙන්න් වත් රිදෙන්නවත් හිතක් නැති වෙද්දි මං මගෙ දිහාව රවාගන වගෙ බලාපු මුදලාලි මායියගෙන් ඇස් අහකට ගන්නකොට මං බලාගන මගෙ සුදු මහත්තටා අර කෙහෙල් කැන දමාගන කරකවනවා....

අනෙ දෙයියනෙ ඔය කෙහෙල් කැන කෙහෙකනක් නොවි මනුස්සයෙක් උනා නම් වමනෙ හලලා විසේ යනවා.....

මුදලාලි නෝනෙ...

මහත්තයො....ම්න් ඒත් මෙ විපරන් කොරලා බැලුවා...කවුදැයි මේ අලුත් මුන කියලා....

ඉතින් හම්බ උනාද මුදලාලි මායියට ම්ම්ම්

ම්..මහත්තයො...

ඔය දැන් කිව්වෙ....විපරන් කෙරුවයි කියල...මුදලාලි නෝනට මාව හොයාගන්න පුලුවන් උනාද කියලා....දැනගත්තද ඉතින්.....

.......

අනෙ මන්දා...අද අරකි බැනුම් අහනව...මේකිටත් ඕන නැති දෙයක් නෑ....ගෙදර ගිහින් යස අගේට බඩපිරෙන්ඩ කන්ඩ තියාගනනෙ මේ අලියා බීම ගිලින්ඩ හදන්නෙ.....

මුදලාලි නෝනා මට ඔරෙන්ජ් ක්‍රශ් එකක් දුන්නා නම්.....හැබැයි කූල්....

ඔරෙන්ජන් ක්‍රශ්...

කලාත්ම හාමු ආයම රත් කෙහෙල් කැන කරකනවා...ඔරෙන්ජ් ක්‍රශ් එකක් ඉල්ලුවා විතරයි මුදලාලි මායියා අඩියට දෙකට කඩෙ ඇතුලට දිව්වා....ඒකත් එකටම අර අයිස්පෙට්ටියෙ ඇති...ඒත් කියන්ඩ බෑ...ඇහුවොත් ඥැහ් ගානවා....ඒ නැත්තන් මේ දැන් තිබිලා ඉවර උනා ගානව.....

මහත්තයා...ඔරෙන්ජන් ක්‍රශ් නම් නෑ....බාර්ලි තියනවා..මේ දැන් තිබිලා ඉවර උනා විතරයි මහත්තයො.....

බාර්ලි.....???ඔර්‍ර්න්ජ් ක්‍රශ් එකයි බාර්ලි එකයි ජාති දෙකක්නෙ....එකක් නෙවෙනෙ...??ම්ම්ම්....එහෙනම් ක්‍රීම්සෝඩා?

ක්‍රීම්සෝඩා.....ඩින්ගක් හිටින්ඩ.....

මං කිව්වෙ.....කෝකටත් තෛලෙ වගෙ හැමදාම එකම කෙබ්බෙ.....

ක්‍රීම් සෝඩා එකක් ඉල්ලුවා විතරයි අරකි ආපිට ඇතුලට දිව්වා.....මෙච්චර වෙලාම මා එක්ක පැටලුන මගෙ සුදුමහත්තයට හාමු චරිතෙ ආරූඪ වෙලා තිබුනා....මගෙ දිහාවත් බල බල උඩු අතට කරකරවන් උන්න උඩු රැවුලත් උඩු අතට කරකව කරකව ඉදල අනිත් පාර අත් දෙක පිටිපස්සට බැදන් බර අඩි තිය තිය එහාටත් ගියා....ආයම මෙහාටත් ගියා...එකපැත්තක පැහෙන තේ මුට්ටිය.....එතනම ප්ලාස්ටික් නෙස්ටමෝල්ට් බෝතලෙත් පරංගි හටන කාලෙ ගත්තද අහන්න පුලුවන් තරමට පරන තේ කෝප්ප දෙකතුනත් ඇල්වතුර බේසමත් තිබුනා.....

ලිග් ගල්තුන උඩ පැහෙන තේ මුට්ටිය දිහාවත් බලාගන ආයමත් මගෙ දිහාවටත් රව රව උන්න එයා වීදුරු සෝකේස් එකට එබුනා.....

කහපාට නිල්පාට රතුපාට තැඹිලි පාට ගත්ත වනලා වගෙ තිබුන ප්ලාස්ටික් පිගන් දෙක තුන උඩ තිබුන හැලප දිහාවත්, කලුපාට දැන් අලුපාටට හැරීගන එන දොදොලත්,ලැවරියා දෙකතුනත්,මුල් ගහපු ඉදිආප්ප් වගේම මුල් ගහපු කහබත් එක්ක තෙල් දාපු ළූනුවත් දිහා බලාගන ඉදලා ආපිට හුස්මක් පාතට දාපු එයා මගෙ දිහා බැලුවා.....

මෙව්වල කන්ඩ වත් දෙයක් නෑ.....බේකරියක් තියනවා කිව්වනෙ.....කෝ මේකෙ පාන් නෑනෙ.....අඩුම ගානෙ පාන් එක්ක සීනිසම්බෝලවත් නෑනෙ....මාලු පාන්...මේ මොකුත් නෑ...මන් කිව්වෙ ඇති බිබික්කමක් නෑ...

මාලු පාන් නම් පෝරනෙ තියනවා බේබි හාමු.....

මාලුපාන් ගෙඩියක් ගන්ඩ අර එකේරෙ තියන පෝරනේට යමන්කො....මන්දාරම් මොකද ඔය අගුවට වෙලා කරන්නෙ...මුරට දාපු බල්ලෙක් වගෙ අගුවෙ ලැගන් ඉන්නෙ...උඩට ආවා නම්.....කඩේකට එන්නෙ අගුවෙ ලැගන් ගනුදෙනු කරන්ඩ නෙවෙනෙ.....ඇයි මේකෙ ඉන්න අමරනීය එවුන්ද.....?විකාර

බේබි හාමු ආයම දෙස් තියනවා...මං නොකියා උන්න හාමු තැන දන්නවා මං කඩපිලට ගොඩනොවුන හේතුව.....ඒකටත් යන්තමට හිනාවකින්ම.උත්තරයක් දුන්න මන් කඩේ ඉස්සරහම මහ රූස්සෙට හැදිලා තිබුන සියඹල ගහෙන් පයපාමුලට වැටුන සියඹලා කරල ඇහිදගන සාක්කුවෙ ඔබාගත්තා...

ගෙදරත් තව කරල් දෙක තුනක් තියනවා...ගෙදර තියන එක එක මෝස්තරේට ඉරි ඇදපු මැටි නෑඹිලියට දාලා මේකට සීනි කැට දෙක තුනක්....ලුනු ඩින්ගිත්තක් එක්ක මිරිස් චූට්ටකුත් දල වතුර ඇගිලි තුඩින් හොදට පොඩි කර කර හාමු කෙරුවම ආය...ඉතින් ....!!

මහත්තයා....ක්‍රීම්සෝඩා නම්නෑ....ජින්ජො බියර් නන් තියනවා.....

ජියන්ජබියර්??

ඔව්..ජින්ජොබියර් නම් තියනවා කඩන්ඩද මහත්තයා....

ඔරෙන්ජ් ක්‍රශ් වෙනුවට බාර්ලි තියනවා කිව්වා...ක්‍රීම සෝඩා වෙනුවට ජින්ජර්බියර් දෙන්න අහනවා...ඉල්ලුම අනුව සැපයුමක් ඇත්තෙම නෑනෙ මුදලාලි නෝනෙ.....හ්ම්....හ්ම්....ඒකත් එකට මේවල ඔව්වා කවුරු ඉල්ලනවා කියලද....ඒත් මොකටත් ඔය නිකන් ඉන්න වෙලාවට අඩු බඩු මොනවද කියල ලියලා තියාගන්ඩ...එහෙමයි කඩ කරන්නෙ....

මෙව්වයි කව්ද මහත්තයො ඔයහැටි අලියාබීම බොන්ඩ ඉන්නෙ...එදා වේල කන්ඩ හේනක් කොටන එවුන් මිනියක් කපන එවුන් තේ කහට බොනවා මිසක...ඔවුන්ට මෙව්වා බොන්ඩ වරම් නෑ.....මහත්තයා...මේක කඩන්ඩද?

ඇයි උන්ට දුන්නොත් පෙවෙන් නැද්ද....හ්ම්..හ්ම් බට දෙකකුත් ගේන්ඩ...

බට දෙකක්...?

නැතුව කට ගහන් බොන්ඩද.....බෝතලේට කටගහන් බොන එක චී....කැතයි.....දෙකක් එපා.....එකක් ගේන්ඩ...මන්දාරම්....කෝ තවම අගුවෙ ලැගන්...මොන නාඩගමද නටන්නෙ ඔය අගුවෙ ලැගන්...

මහත්තයා කන්ඩ මොකවත්....දොදොල් තියනවා....හැලප තියනවා...අලුත් හැලප අද දැම්මෙ මහත්තයා....ඔය ගමන් මොනවා හරි ගේන්ඩද...

මං උන්නෙ ඉදහිටක වාහනයක් යන මහපාර දිහාව බලාගන....පාර දිහාව බලාගන උන්නත් මොකද මට හාමුතැනගෙයි මුදලාලි මායියගෙයි කතාව හොදාකාරවම ඇහුනා...අරකි කියනවා මෙ ගමේ එවුන්ට අලියා බීම බොන්ඩ වරම් කොහෙද අහනවා...

ඒකිගෙ කතාව හැබෑව...හැබැයි ඒක වරම් නැති කමක් නෙවෙ...හම්බෙන පනමෙන් වේලකට කන්ඩ පරිප්පු අහුරක් හරි අරගන්නවා මිසක මොකාද ඔය තුට්ටුව දෙක අලියාබීම බාගෙකට යටකරන්නෙ....ඇරත් ඒකි හේන් කාරයො කියලා යටහත් විදිහට කියලා මිනි කපන එවුන් කියන එක මහ අමුතුවට කිව්වා...

ඒත් මං නෙවෙ කඩේ දිහා හැරිලා බැලුවෙ ....ආකාස හාමු තව පාරක් මහ සැරේට වගේ කඩපිලට එන්ඩ කියනකොට අලියා බෝතලෙ කඩන්ඩ ගිය එකී ආයම හැරිලා ඇවිදින් කන්ඩත් මොනවා හරි දෙන්ඩ ඇහුවා.....ඒත් හාමු තැනගෙන් හාවක් හූවක් නැති තැන ඒකි ආපිට ඇතුලට ගියා විතරයි මෙච්චර වෙලාම පාලු අම්බලමක් වගේ තිබුන කඩෙ ඇතුලෙන් බයිස්කෝප් සින්දුවකුත් ඇහෙන්ඩ ගත්තා....

මේකි හදන්නෙ සින්දු දාලා හාමු ලව්වා කඩේම බඩු විකුනවගන්ඩද කොහෙද...

"ලක්ශ ගනන් වස්තු ලැබෙ ඉස්සර පින පෑදිලා...."

මන්දාරම්.....

බේබි හාමු....

මං දැන් දෙපාරක්ම කතා කෙරුවා.....මුරන්ඩු කම් කරකර ඉන්නෙ ඇයි ලමයො....?

මෙහෙම් හොදයි බේබි හාමු.....අර තේ මුට්ටිය එහෙම්මයි...කඩයපම්මක් වත් විකිනිලා නෑ....මේක වෙන්ඩෑ ඒකිගෙ පලවෙනි ගනුදෙනුව....නිස්කාරනෙ ඒකිලාටත් පවු පුරවන් මටත් පවුපිරෙන එකනෙ වෙන්නෙ....

විකාර.....විකාර ....මගෙන් මොකුත් නාහා එනවද මං ඇවිල්ලා වඩම්මන්ඩද....මිනිස්සුන්ගෙ උත්සහය ඇතුලෙ මිසක් ඔය කියන වෙන ලබ්බවල් හන්දා නෙවෙ දියුනුවෙන්නෙ....යකො මේක මාර කෙලියනෙ...මුන්ට පුක කහන්ඩ නියපොත්තක් නෑ.....ඒකට මොකද අර මැරිලා මැරුන තැන්වල ගසුත් පැලවුන එවුන් ඔලුවට දාපු එවුන් කියපුවා අල්ලන් නහිනවා....

මල සමයන්...දැන් ඔය කොලඹ හිගන්නෙක් නැති පේමන්ට් එකක් තියනවද...අර පිටකොටුවෙ ඉන්න තරමක් ඉන්නෙම හිගන්නො....සයිවර් කඩවල දොරපලුව අරිනකොටත් උන්ට මුනිච්චි වෙන්නෙ හිගන්නො....උන්ට දැන් හෙනගහලද.....නෑ....ඔය අගේට ඉන්නෙ...

එකම දේ උන් මුන් වගේ අනුන්ගෙ මුන්ගෙ රෙදි හොයන්නෙ නෑ...අපෙ උන් එකෙක් ආප්ප කඩයක් දැම්මොත් අනිකත් කරන්නෙ ආප්ප දාන එක.....දවස් දෙක තුනක් යනකොට ආප්ප කඩ පෝලිමයි...ආප්ප කඩයක් දානවා අනිකට තේ කඩයක් දාන්ඩ පුලුවන්නෙ....අනික කඩේට ගොඩ වෙන එකාට හිනාවෙලා කතා කරන් නෑ..අහන එකට ඥැහ් ..බැහ් ගානවා....මන්දාරම් දියුනුව තියෙන්නෙ තමුන්ගෙ අදහස් ආක්ල්ප අස්සෙ....නැතුව එක එකාගෙ මුනිච්චිය අස්සෙ නෙවෙ....

...........

මුන්ව කොලඹ ගිහින් දැම්මොත් පද හදලා මැරෙනවා....ඒවල මිනිස්සුන්ට පද හද හද ඉන්ඩවත් ඔය කියන පලවෙනි එකාගෙ මුනිච්චිය දිහා බලන්ඩවත් වෙලාවක් නෑ ....අනික බිස්නස් වෙන දවස් තියනවා නැති දවස් තියනවා ඒක සාමාන්‍යයි....අපි උනත් තුන්සිය හැටපස් දවසම කඩෙන් බත් කනවද.....නෑනෙ....???එක හොද්දයි බතයි හදාගන කන් දවස් අපිටත් තියෙනනෙ....

එහෙම නෙවෙ හාමු....

මන් උඹ දෙකට නමලා තේ මුට්ටියට ඔබනවා...නැගපන් උඩට!!!

මං නෙවෙ ආය වචනයක් කියන්න ගියෙ.....කොච්චරවාත් මගෙ ලමයො ගගා ආදරෙන් කතා කරන සියපතට යකා ආරූඪ වෙලා.....මීටත් එහා ලේ පුච්චන්ඩ බැරිම කමට අගුවෙ උන්න මන් හීන් සීරුවෙ කඩපිලට එනවත් එක්කම මං බලාගන ජින්ජබියර් එකට බටයක් ගේන්ඩ ගියපු මුදලාලි මායියා වපරෙට වගේ මා දිහා බලාගන ඇවිදින් කලාත්ම හාමුට අර කහ ගැහුන දත් ඇන්දම දාලා හිනා වෙනගමන් අලියා බෝතලෙ දික් කෙරුවා...

හාමු තැන බෝතලෙ ගන්ඩ අත දික් කරන්ඩඉස්සර වෙලා මං කොල සල්ලියක් දික් කරලා අරකිගෙන් ගෝල්ඩ් මාරි පැකට් එකක් ඉල්ලුවා.....

මුදලාලි මට විස්කෝතු පැකට් එකක්.....

ටිකක් හිටින් මේක දීලා හිට්න්ඩ...ඉස් ඉස්සරෝම උඹගෙන් ගන්ඩද??හොදට හිටි.....

මහත්තයා.....මේන් ජින්ජො බියර් එක...ඇහුවට අහිතක් හිතන්ඩ එපා...මං බලාන මේකා උදේ ඉදන් මෙතන මග රකිනවා.....පෙනුමෙන් නම් බොහෝම වැදගත් තැනක මහත්තයෙක් වගේ....මේකව කොහෙන්ද එල්ලගත්තෙ....??

මං එහෙම්ම කලාත්ම හාමු දිහාවට හැරුනා...අතනින් මෙතනට ආවෙම මේකිලාට ගහනවා කියාගනම වෙනකොට මන් බලාගන අලියා බාගෙ ගන්ඩ අත දික් කරනව වෙනුවට ඒ අත වෙව්ලනවා...පැතලි කම්මුල් වල මස එකට තද වෙලා මදිවට හාමු තැන දත්මිටි කනවා.....අනෙ දෙයියනෙ මේකිලා අද කම්බායෙක් කියලා නොබලම පත්තු බදින්ඩ ගුටි කනවා...

ආකාස....

තරහව වැඩිකමටම වෙව්ලන අතෙන්ම අරකිට ගහයි කියන බයටම අඩියට දෙකට හාමු ගාවට ගියපු මං ඒ අත අල්ලගත්තා....අල්ලගන මගෙ දිහා වෙනුවට අරකිගෙ මූන දිහා බලාගන දත්මිටි කන හාමු තැනට මං කෙදිරුවා....

උඹ මාව නවත්තන්ඩ හදනවද....මේ ආකාසව...????මාව නවත්තන්ඩ තරම් උඹ හයිරන් කාරද බෙනරගම?????

ඔය තරහව නිවා ගමු ආකාස.....

මන් ආයම කෙදිරුවා...අරකිලාගෙ මූන දැන්ටමටත් අඩමානෙට වගේ සුදු වේගන එනකොට මගෙ දිහාව පවා බලලා මාව නවත්තන්ඩ උඹත් කෙරුමෙක්ද අහපු කලාත්ම හාමු කඩ ලෑල්ල ගාවට ගියා විතරයි අරකි අඩියක් දෙකක් පස්සට ගියා

බිස්කට් ඕන නෑ....මන්දාරම් මං ගත්ත අලියා බාගෙ ගාන ගෙවන්ඩ...ඇයි මේ කොල්ලගෙන් සල්ලි ගත්තම උඹට යා දෙන්නෙ නැතුවද....ආ බොල බොන්ඩියෙ???ඇරත්....ඇරත් මක්කද බල කියාපු පඩත්තර කතාව තෝ....මේකව කොහෙන්ද එල්ලගත්තෙ අහන්නෙ.....තොට මේ ලමයව පාන්කඩ රෙදි කෑල්ලක් ගානට පේනවද....?????

මං මොකා උනාම තිට ඇති රුදාව මක්කද කියාපිය...????යසෝද.....කන් ඇහුනද ...මං කිව්වෙ තොටත් කෙලින් ඉන්ඩ.....මොකො මේකිලා මහ ඒජන්තද බොල ඔහොම දෙකට නැවෙන්ඩ...පාර අයිනෙ කඩකෑල්ලක් අටවගත්තම හිතාන ඉන්නෙ මෙවු තරම් එකෙක් නෑය කියලා...

ඉස් ඉස්සරෝම මේකගෙන් ගනු දෙනු කරොත් නෙවෙ....තිගෙ තියන මුඩුමෙටමයි හරියන් නැත්තෙ.....තියාපන් ඔය ඉලව්වෙ අලියාබාගෙ ....ගෙවන් නෑ තඹ දොයිදුවක්....ඉල්ලුවොත් දෙයක් ඥැහ් ගාන්නෙ නැතුව ඉල්ලන දේ දෙන්ඩ දැනගන්.....එතකොට ඔය ලාච්චුව පිරේවි...නැතුව මෙ කොල්ලගෙ අතින් සල්ලි ගත්තා කියලා තොට ගහන හෙනයක් නෑ...

අප්පද....බො....ල....මේන්...බලාපියව්කො...මේ..මහත්තයො මේ....මේ පදුමගෙ කඩේට ඇවිත් චන්ඩි කම් දානවද....යකො....මේකෙ....රැස්පට් එක.....අලියා බාගෙ ගාන ගෙවලා ගියොත් හොදයි....නැත්තන් මං නරක ගෑනි කියන්ඩ එපා.....මන් හිතුවා වැදගත් මහත්තයෙක් කියලා...

නරක ගෑනි.....ඉතින් උඹ කියන්ඩ ඕන නෑ....මේ මමම කිව්වෙ.....උඹ නරක ගෑනි තමයි ....කඩේට එන මනුස්සයෙක්ට හරියට කතා කරගන්ඩ බෑ.....කඩයක් කිව්වට මේක උම්මලකඩයක්නෙ.....ඇති බිජ්ජකුත් නෑ.....ඊටත් අනුන්ගෙ රෙදිවල දිග පලල මනින්ඩ කලින් මැනගන් තොගෙ රෙද්දෙ තරම.....මෙව්වා හරි නම් සීල් තියන්ඩ ඕන....මකුනුදැලුත් බැදිලා.....අනුන්ගෙ මුන්ගෙ සීනි කිර කිර ඉන්නෙ අස් කරගනුකො මෙව්වා...මගෙ වැදගත්කම වැදගත් උන්ට විතරයි...රොඩි කුප්පෑයමකට වැටුනොත් එතන වැදගත් කම් පාලා තේරුමක් නෑනෙ...උඹ එක්කො සමාව ගනින් මේ කොල්ලගෙන්.....උඹල ගන්ගොඩේ මෝඩ ගෑනු....හැමදාම හූල්ල හූල්ල් හිටපියව්....තොපිට වස්වදින්නෙ ඔය තුප්පහිකම් වලටමයි

අයියො හාමුදුරුවනෙ.....මේ මොන අටමගලක්ද මේ උනේ...මේ වසවර්තියා කන්ද කෙන්ද කරගන අංකරේට පැටලුනා නේද...???

උතුරුකරෙ යුද්දෙ පදුමගෙ කඩපිලෙ....

මට නෙවෙ කට උත්තර තිබුනෙ.....කලාතුරකින් යකාට ඇන්දට මොකද මං ඇවිදින් කාටත්ම වචනයක් කියන එකෙක් නෙවෙ වෙද්දි අර හිනාවෙන මූන සිරියාවන්ත මූන බලාගන ඉද්දි කලුගහන් යන දිහා බලන් උන්න මට නෙවෙ උත්තර ආවෙ.....

තනිකරම රේඩියො එකක් ගිලලා වගෙ...හුස්මක් කටක් ගන්ඩවත් හිතන් නෑ.....අනෙ දෙයියො මුදලාලි මායියට කියන කියුම්.....අරකිගෙ පපුව පුපුරනවා දැන්....

අනෙ ඇති හාමු.....ඇති.....වරෙල්ලකො යන්ඩ....

නෑ...නෑ....ඇය් යන්නෙ....හිතාගන ඉන්නෙ කඩකෑල්ලක් අටවගත්තම මහ රැජින කියල.......මාව අතෑරපන් යශෝද....උඹව එල්ලගත්තෙ කොහෙන්ද ඇහුවා....ඇහුන් නැද්ද...ඇයි උඹ පත්තර කඩමාල්ලක්ද....නෑන්....අතෑරපන්.....

හාමු...ඔය ඇති.....ඔය ඇති...කියන දේ අහල වරෙල්ලා අප්පා යන්ඩ....මුදලාලි මායියෙ මේන් ගනින් උඹලගෙ අලියා බාගෙ සල්ලි.....උඹලත් මගුල් කියවනවනෙ.....ඕන එකයි එපා එකයි ඔක්කොම හොයනවා...මං උඹට සල්ලි දෙනවා නම් ආය ලබ්බ කියවනවද...යකො මේක මාර මගුලක් උනානෙ....අගුවට වෙලා උන්නෙ උඹගෙ මගුල් අහල නිකරුනෙ පව් පුරවන්ඩ බැරි හන්දා...කඩේ අටවන් ඉන්නෙ මූන බලලා බඩු දෙන්ඩ නම් ඕක වහගන්කො...යකො මේවා සැනසීමක් නැති ජීවිතනෙ ...???

ආකාස....ආකා....ස...

කිව්වම අහලා නවත්තපන් මනුස්සයො!!!

මෙච්චර වෙලාම කට පියාන උන්න මන් අනිත්පාර උන් දෙන්නවම තක්බීර් වෙලා යන්ඩ කෑ ගැහුවා...එක අතකින් අරගෑනිගෙ හොම්බකට තලන්ඩ යන හාමු තැනව අල්ලන් උන්න මං අනිත් අතෙන් උන්ඩි වෙලා ගියපු සල්ලිය ඒකිගෙ අතට මිටමෙලෙව්වා....

ඉතුරු ගාන දියන්...

රුපියලක් නෑ...උඹට ටොපියක් දෙන්ඩද.....

නෑ...මට රුපියල දියන්.....උඹගෙ ටොපිය කාලා ඒ රුපියලත් උඹට පුදන්නෙ අහල් කාරනාවටද....??? සතේ සීයක් හරි දීලා මාව නිදහස් කරපන්....ආය උඹගෙ කඩෙන් ගනු දෙනු අහවරයි ...පරිප්පු සීය ගන්ඩ මං පයින් හරි වෙන අහක යනවා...උඹල හිතාගන ඇති කට වහන් ඉන්ඩ ඉන්ඩ මට කොන්ද නෑ කියලා....

මං උන්නෙ පුපුර පුපුර.....මෙච්චර වෙලාම මෙතන යුද්දෙ අල්ලපු හාමු තැන පුම්බගන බයිසිලෙ ගාව.....අපූරු කමිසයක් ඇදන් ආවට මොකද නිකමට ඒක බලලා ලස්සනයි කිව්වෙ නෑ....ගන්නකන් මැරෙන්ඩ හැදුවා.....යකො මේක කටක් නෙවෙ වක්කඩක්නෙ....අපරාදෙ පරන කඩමාල්ලක්ම ඇදන් එන්ඩ තිබුනෙ....

ඉදා උඹගෙ මහ ලොකු රුපියල.....උඹගෙ රුපියලෙන් මන් තට්ටු ගෙවල් ගහයි කියල හිතේ....

මටත් උඹට කියන්ඩ තියෙන්නෙ ඒ කාරනාවම තමයි.....මාත් තට්ටු ගෙවල් ගහය් කියල හිතෙ තියන් වෙන්ඩ ඇති උඹත් රුපියලට කෙලින්ඩ හැදුවෙ....රුපියල උනත් මං දුක් විදලා ගත්ත ඒවනෙ....අනික බල්ලන්ට බලල්ලුන්ට දානවා වගේ සල්ලි වීසි කරන්ඩ එපා....උඹටත් මන් කොච්චර උනත් අතටනෙ දුන්නෙ.....

මන් එන්ඩ හැරුනා...අරක අරහෙ පුපුරනකොට මුදලාලි ගෑනි තවම කුටු කුටු ගානවා....

ආය ඔය කොහෙද යන්නෙ...??

කඩෙන් එලියට ආව මම සරමත් පැත්තකින් උස්සගන බයිසිකලෙ ගාවට යනකොට මෙච්චර වෙලාම පුම්බන් උන්න කලාත්ම හාමු ආයම කඩෙ දිහාට යනවා....

ඇයි අර ජින්ජබියර් එක.....සල්ලි දීලා ඕකිට දීලා එන්නෙ අපෙ මහ මැනිකෙ කියන්නත් වගේ කැහිල්ල හැදිලද.....???

මං කම්බුලට අත තියා ගත්තා...අනෙ අනිච්චන් මේක නම් මාව කිල්ලකට අහුවෙලා වගෙ හාන්දුරුවනෙ...අර බලාපියව්කො ගස්ස ගස්ස යන විදිහ.....

කෝ මෙතන තිබ්බ බීම එක....ඒකත් ඒ ටිකට ගල්ටික් කරලා...දියන් මෙහාට.....

මං නෙවෙ ආය කඩෙ දිහාට ගියෙ....ඒ කියලා ඒ වසවර්තියත් නෙවෙ මට උගුරක් දෙන්ඩ අඩගැහුවෙ ....අරකිගෙන් බෝතලෙ උදුරලම ගත්ත හාමුවා බෝතලෙ කටෙ ගගන් එකම හුස්මට බීලා මහ සද්දෙන් බෝතෙල් ලෑල්ල උඩට ගහලා අර රත් කෙහෙකනත් හප්පගන එනකොට මං අහගන අරකි ආය බනිනවා....ඒකට මොකද ඒකිට පුක හරවන් එන මේකා හිනා වෙනවා....

මං නිකන් නිවන් ගියා වගේ...පුදුම සතුටක් තියෙන්නෙ .යෙස්....යෙස්...!!!

මොන විකාර කරනවද මන්දා....බයිසිකලේට නැගගත්ත මං කුටු කුටු ගගා කියව කියව අතකුත් මොකක්ද කර කර යෙස් ගගා ජපකරන හාමු තැන දිහා ඇස් හීන් කරන් බලාගන උන්නා.....මං හිතුවා හරි ..ප්‍රේමයි මායි කිලිවලට අහුවෙලා....පියුම් හාමු ඉංග්‍රීසියෙන් මදුරුවන්ට බනිනවා....මේ හාමු වෙන මොනාද කර කර යෙස් යෙස් කියනවා...දැන්මම මගෙ කන් කැඩෙන්න එනවා...

නගින්ඩ....

කොහෙටද...

පොල්ලට.....මෙතන ඉන්ඩද කල්පනාව...

හරි ඉතින්.....අම්මො මොක්ද ලමයො පුම්බන් ඉන්නෙ.....??අරකිගෙ මුන දෙල් වෙලා....මට ඒකම ඇති........මට ඒකම ඇති....හොද වැඩෙ බකල මගුලිට...අනුන්ගෙ මුන්ගෙ ඇද කුද හොයනවා...ඒකිගෙ දත් ඇන්දෙ අර හිඩැස වහන්ඩ කැලනි පාලම යට කානුවට දාපු කානු කැටයක් වත් ගේන්ඩ වෙනවා...

මං කට තද කරගත්තා...ඔව්වට මොනවත් කියන්ඩ ගියොත් කතාව තව දික්ගැස්සෙනවා.....ඇරත් මේක කටකුත් නෙවෙනෙ...මොනා නැතත් ගැලපෙනම රස්සාව හොයාගන.....

අපෙ පියුමා එනකන් මං ඔයාලගෙ ගෙදර ඉන්නම් නේ ලමයො.....

.........

අනික අර අම්මන්ඩි එක්ක ඉන්ඩ මට බෑ....තනියෙන් ඉන්න වෙලෙ මගෙ අතින් ඔය ගෑනි මූන කට තලා ගන්ඩ පුලුවන් ...

.........

අපෙ නෑනා ගෙදර ඉන්නවද දන්නෙ නෑ...

..........

සුදු මහත්තයා සනිපෙන් ඇති නේ...?

බයිසක්ල් පැඩල් එක වටයක් පාගන පාගන වාරයක් පාසාම දම්වැල අඩනවා...වැහි නැතුවට මොකද හුලගෙන් අඩුවක් නැති මේ ගම්මැද්දෑව පුරාවම අරක් ගත්ත හුලන් රැල්ල මූකලානත්...පපු උස වෙනකන් වැවිලා තිබුන තනකොල යාන්ගෙත් ලතාවට නලවන් යනකොට කොච්චර වාත් හමුදා ලොරිවලින් තැලෙන ගුරුපාරෙ මං මගෙ සියපතවත් දාගන වැඩි කලබලයක් නැතුව බයිසිකලෙ පදිනකොට මගෙ සරමට හුලන් බදලා දෙපැත්තෙන් පිම්බුනා.....

උස්සන් ආව බරට බර කද මල්ලෙන් එකක් ලැගේජ් එකට හිරවෙලා තියනකොට අනිත් බෑග් එක බයිසිකල් හැඩල් එක උඩ තියාගත්ත මගෙ සියපත ආයමත් සැරයක් අහවරක් නැතුව කියවන් යනවා....වචනයක් කියනවා

මගෙ පැත්ත හැරෙනව....වචනයක් කියනව ආයම මගෙ දිහා බලනවා.....ගහන යන හුලන් රැල්ල එක්ක හාමුගෙන් කාන්දුවෙන පුසුඹත් ....ඉහකෙයාවලින් එන ශැම්පු පුසුඹත් අනෙ මං හිතේ හැටියට විදගද්දි මටත් නොදැනිම යන්තමට තරහා ඇවිස්සුන මගෙ තරහව නිවිලා ගිහිල්ලා තිබුනා....

කොච්චර දුශ්කර උනත්.....මේ ගම පුදුමාකාර ලස්සනයි මන්දාරම්.....මන්දා....මට ඒක කියන්න තේරෙන් නෑ....හුලන් අතත් එක්ක ගහන් එන කැලෑවෙ සුවද...වැව් මඩ සුවද...සැරින් සැරේම කෑගහන කැලෑ සතෙක්ගෙ....කොකෙක්ගෙ සද්දෙ....කොච්චර උනත් මගෙ හිත මේ ගමට පුදුම විදිහට බැදිලා මන්දාරම්....මේක තනිකරම ජාතිකෙ යන පරන කාලෙ බයිස්කෝප් එකක් වගේ...

ඔයාට එහෙම හිතෙන් නැද්ද මන්දාරම්....අර පරනකාලෙ නලුවොත් හෙන දුශ්කර ගම්වල බොරලු පාරදිගෙ කෙල්ලවත් කරත්තෙක හරි මේ වගේම ඉන්දියන් ස්ටෑඩඩ් සයිකලේක ඉන්දන් කියව කියව යන්නෙ.....මේ ඇහෙන්න වගේම කැලෑ සත්තුන්ගෙ සද්දෙ එක්ක ඇහෙන නෑහෙන ගානට පසුබිමෙන් චිත්ප්‍රටි සින්දුවක් යනවා....

වෙනසකට තියෙන්නෙ....කලු සුදු තිරෙන් දකින රූප මං පාටත් එක්ක සජීවීව විදින එක...මන්දාරම් එක්ක යනකොට මට හිතෙන්නෙම මේක එහෙම එකක් කියල....

මං ලාවට හිනා උනා...එයා මගෙ හිනාව දැක්කෙ නැති උනත් මෙ වෙනකොට කේන්තිය නිවාගන උන්න මම එයාගෙ වචන වලට හිනා උනා.....

සුදු මහත්තයා හරි....මේක තනිකරම පරන බයිස්කෝප් එකක් වගෙ....අර ගාමිනි මාලනි ,විජෙ මාලනි සුසංයෝගෙන් හැදුන චිත්‍රපටියක් වගේ...

ඔහෙ ඉබාගාතෙ යන මීහරක් රෑනකගෙ පිටම බදු අරන් මැක්කො කකා උන්න කොක්කු රැලෙන් එකෙක් දෙන්නෙක් ආකාසෙට ඇදෙනකොට එයා චුට්ට චුට්ට පස්සට ඇවිදින් එහෙම්ම මගෙ පපුවටම හේත්තු උනා.....

මට දැන් එයාගෙ සුවද ඕනාවටත් වඩා දැනෙද්දි මං එයාට නොදැනෙන්න ඒ ඉහ මුදුන හරි ආදරෙන් ඉඹගත්තා......මගෙ තුන් හිතම නිවෙනවා....මෙච්චර කල් හැමදාම මදුරුවො තල තල දහයෙ කනිසම අහ අහ...ලියුන් කඩදහි ලිය ලිය මේ සියපත පිපෙනකන් මං ඇගිලි ගැන්න හැටි ආකාස ගැබත් පහු කරාන ඉන්න දේව මන්ඩලේම දන්නවා....

රෑ එලිවෙනක් එලි වෙනකන් ඉහිලුම් නැතුව උන්නෙ මේ මූන දකින්ඩ කියන්ඩ ඔය දේවමන්ඩලේම දන්නවා.....

ජීවිතෙ දුකම විතරක් අරගන ඉපදුන....මහ දේවල් උරුම නැති උනත් මට මෙ සියපත කියන්නෙම මගෙ උකුලට කඩාවැටුන දිව්‍යමය වස්තුවක් වෙනකොට එයා මගෙ පපුවට හේත්තු උනත් හරි අනෙ මගෙ පපුවෙ බරම පැත්ත හරි රස්නෙට ගැහෙන්ඩ ගත්තා...

මගෙ ලමයො.....

ඒ සුවද ඉවකර කර එයාගැනම කල්පනාවක උන්න මාව යන්තමට ගැස්සුනා...මෙච්චර වෙලාම කියව කියව ආව එයා මං නොහිතනම වෙලාවක මගෙ දිහා හැරිල බැලුවා...හුලන් පාරත් එක්ක සරම දෙපැත්තට හුලන් බදනවා වගේම මගෙ දනිහිස් දෙකම සරමෙන් එලියට ඇවිදින් තිබුනා....උඩම බොත්තන් දෙක තුනකුත් ඇරන් උන්න කමිසෙටත් හුලන් පාර බදලා තියනකොට මගෙ පපුවටත් හුලන් පාර වැදුනා.....

ඒ ඇස් හිනා වෙනවා....මීට ටික වෙලාවකට කලියෙන් අර ගෑනි එක්ක මරාගන්නකොට හාමු චරිතෙ ආරුඪ උන කලු ගැහුන මූන කොහෙද කියලා හොයන්න බෑ...

මේ ඉන්නෙ මං පන වගේ ආදරෙ කරන අර සියපත.....මේ ඉන්නෙ මං හීනෙන් පවා ආදර්‍ර් කරන ආකාස මන්ඩලෙ....මගෙ බොරපාට ඇසුත්...ඒ ඇසුත් එකට එක යා උනාට වඩා වේගෙන් ආදරෙ පිටාර ගලන අපෙ ආදර මර්මස්තාන තදින්ම වැලදගත්තා කියන එක මගෙ ආත්මෙටම දැනුනා....

මගෙ හාමු තැන හිනාවෙනවා.....ඒක පුදුමාකාර සාරසොබව පිරුන හිනාවක්.....ඇස් පවා හිනා වෙනමේ කඩවසම් පිරිමි පරානෙ කියන්නෙම ආදර ගුහාවක් වෙනකොට මන් මගෙ ආදර වන්තයා වෙනුවෙන් හිනාවක් දුන්නා....

ගැටගහන් ඉන්න කොන්ඩෙනුත් ගහෙන් ගහ බුරුල් වෙවි මගෙ නලල දෙපැත්තෙන් කෙස් අහුරු රෑන් රෑන් මුනට වැටෙනකොට අනිත්පාර මගෙ මුරන්ඩු හාමු තැන මගෙ කරට උඩින් අත යවලා කොන්ඩෙ ගැටහන් උන්න පීත්ත පටිය ගලවලා.දැම්මා.....අනෙ අර මුදු ගැහුන කොන්ඩෙ ඒ එක්කම මගෙ උරිස්ස ගාවට කඩා වැටුනා....

මට ලෝබයි මන්දාරම්...මට උඹව මෙහෙම දකිනකොට පුදුම ලෝබයි.....මන් කිව්වා වගේම උඹ තනිකරම පරන බයිස්කෝප් නලුවෙක් වගෙ.....

.....සුදු මහත්තයා...

බොරු නෙවෙ...ඇත්ත.....මගෙ ලමයව හුගක් ඇදිලා ගිහිල්ල....මේ මූන මෙ අතපය තිබුනට වඩා තව ඇදිලා ගිහිල්ලා...ඒත්.....උඹ තවත් ලස්සන වෙලා මගෙ බෙනරගම.....නලුවෙක් වගේ....මේ කොන්ඩෙ වැවිලා මදිවට තවත් පොකුට්ට ගැහිලා.....තනිකරම අර විජෙකුමාරතුංග ඉන්න පරන ෆිල්ම් එකක් වගේ...ගම්මැද්දෙ ඉන්න කඩවම මනුස්සයා උඹයි ....මගෙ ආදරෙයි කියල මට මතක් වෙනකොට මුලු කොලොඹම දාල මට උඹගාවට දුවන් එන්න හිතනවා යශෝධ.....

......නලුවෙක් වගේ ....??සුදුමහත්තයට පේන හැටි.....දරහැවක් වගෙ ඇදුන මගෙ මොන ලස්සනක්ද....ඇස්වහක් කටවහක් නෑ....උඹට එහෙම වදින්ඩත් එපා...උඹලව නන් මලක් වගේම තවත් පාටවැටිලා...

ඒඋනාට....මේ මඩපාට කැලෑ කොල්ලා එක්ක ඉන්නකොට මගෙ මොන ලස්සනක්ද...මං උඹව චුට්ටක් ඉඹින්නද බෙනරගම....?

එයා මගෙන් ඉඹින්න අහනවා.....කියන්න ඕන ජාති දාහක් කියලා කියල වචන වලින් මාව නලුවෙක් කරාපු මගෙ වස්තුව මාව ඉඹින්න ඕන කිව්වා....කිව්වා විතරයි....ආය ඉතින් මගෙන් උත්තර එනකන් වත් ඉදිලි නෑ.....බෙල්ල හරවන් උන්න කලාත්ම හාමු මගෙ මුලු හර්දවස්තුවටම පන පිටින් කරන්ට් එක ඇල්ලුවා....

වෙනකොහෙටත් නෙවෙ....හුලන් පාරත් එක්ක කමිස පලුවෙන් එලි බැහපු මගෙ පපු මැද්දෑවට වෙනකොට බ්‍රේක් පලුව තද නොකරම මං කකුල ගහලා බයිසිකලෙ නවත්තගත්තා....

මං හුගක් ආදරෙයි මන්දාරම්.....මං උඹලට උමුතුවෙන් වගේ ආදරෙයි...මොනවත් කියන්ඩ එපා...ඔය විදිහටම ඇස් හීන් කරන්...මේ ඝන ඇහිබැම අකුලන් මගෙ දිහා බලාගන ඉදින්.....

මට ලෝබයි.....ඔක්කොටම වඩා උඹ මගෙනෙ කියන කාරනාව මතක් වෙනකොට මට ඊට වඩා ලෝබයි බන්...මගෙ හදවත පිස්සු කෙලිනවා...දහයෙ කනිසමට එන ලියුන් අහුර වීසි කරලා මට උඹ වෙනුවෙන් වචන අමුනන්න හිතෙනවා.....

බාලොලියා සුවද ගව් හතක් දුර තිබුනත්...තටු තුනෙ ෆෑන් එකෙන් එන හුලගෙන් පවා මං බාලොලියා මල් සුවද විදිනවා....ඉතින් හිතපන් බෙනරගම මගෙ ආදරෙ තරම...

........සුදු භ්භ්භ්.....

ශ්ශ්....මට කතා කරන්න ඕන.....මගෙ ලමයට තියෙන්නෙ බලන් ඉන්න.....මේ කමිසෙට උඹ පුදුම තරම් කඩවසම් මන්දාරම්....තනිකරම ඉරබැහගන යන දම්පාට හැන්දෑවක් වගේ.....ඔක්කොමත් හරි මේ කොන්ඩෙ....මේ රැවුල....මං තව පාරක් ඉඹින්නම්.....??මට පරන කාලෙ සින්දුත් මතක් වෙනවා.....මං හිතන්නෙ මන් උඹ හන්දා පිස්සෙක් වෙන්න අත්පොත් තියනවා.....

යශෝධ.....දන්නවද...මේ ආදරෙ තේරුම මොකක්ද කියලා...මෙතනින් පස්සෙ....තවදුරටත්...කිසිම වේදනාවක් මගෙ යශොධ තනියෙන් දරන්න ඕන නෑය කියන් එක.....!

මගෙ මුලු ආත්ම සර්වාංගම උඹ වෙනුවෙන් බැදිලා මන්දාරම්....මං දැනන් උන්නෙ නෑ...මං ආදරේ කියන විශය කාරනාවට මේ තරම් දක්ශයි කියන්න.....මේ තුන්ලෝකෙන්ම මට ඉන්න එකම වස්තුව යශෝධ කිව්වොත් පිලිගන්නවද..... ...

පුදුම වෙන්න එපා ළමයා.....ප්‍රේම කාරනා එහෙමයි....අදරෙන් බැදෙන්න මහ ලොකු කාලයක් යන්නෙ නෑ...අතින් අල්ලනවට වඩා....මහ හයියට මං මගෙ ලමයව මුලු හිතින්ම අල්ලන් ඉන්නෙ...මං ආදරෙයි.....i love you කියන එකත් මන් ඔයාට ආදරෙයි කියන එකමයි ...

ඒත් මන් ආසම මගෙ අදරෙ හරි බරට සින්හලෙන් කියන්න...

බෙනරගම...තව ආත්මෙකටත්....අපි අපිවම ප්‍රාර්තනා කරමු?!

ඉතින් කියන්න...මං තව පාරක් ඉඹින්නද...මට ඉඹින්න ඕන....ප්‍රංශ හාදුව දෙන්න හදිසියක් නෑ....මට ඒ හාදුව රහටම දෙන්න ඉතුරු කරගන්න ඕන....ඒත්....ආදරෙත් සෙනෙහසත් පිරුන බර හාදුවක් ආයමත් මේ පපුවට තියන්න ඕන යශෝධ...

මගෙ ඇස් තෙත්වේගන එනව...ගුරුපාරමැදම ඉදගන හුස්මක් නොගෙන එයා කියවගන යනවා...අංකරේට යනකොට කන්කරච්චලෙ බැරි උනත්....ප්‍රෙමයෙන් මන්මත් වෙලා උන්න මගෙ ප්‍රේමනීයම ආකාස වස්තුවගෙ කටහඩ පවා ආදරෙන් බරවෙලා තිබුනා.....ආදරෙන්ම ඒ කටහඩ දෘඩ වෙලා තිබුනා....ස්නේහ නගරයක් පපු මැද්දෑවෙ තියාගන ඉන්න මගෙ පපුවෙ ලොකුම පැත්ත සියපතකට සින්න වේගන යනකොට මං මගෙ අඩන්න මගබලන ඇස්වලට අඩන්න අවසර දීලා මේ බරසාර ආදරේට මාව ආදරෙන්ම මරලා දාන්න ඉඩදුන්නා....

තව පාරක් ඉඹින්නද අහනකොට මං බලාගන ආකාසෙ පායන්න ඕන තරුකැට අහුරු ගනන් ඒ ඇස්වල පායලා තියනවා...

බහින්න.....

මං මිමිනුවා...මෙච්චර වෙලාම බයිසිකලෙ ඉදන් උන්න එයා බැස්සා....

මේ අර ගහ!.....මන්දාරම්...ඔයාට මතකද....පලවෙනිම පාරට ඔයා එක්ක මේ ගමට ආව දාම මේ ගහ ගාව අපි නැවතුනා.....ජීවිතෙ මහ පුදුමයි....ජීවිතේ පලවෙනි පාරට අපි මේ ගහ පහු කරද්දි ආගන්තුකයො...ඒත්...දැන්.....අපි ආදරවන්තයො.....

මං හිනා උනා..එයාගෙ කතාව හරි....අහම්බයක් උනත් මං බයිසිකලෙ නවත්තලා තිබුනෙ මලගම් ගියත් සර්වාංගෙම තවමත් හුස්ම ගන්න ප්‍රානීන්ට දුන්න අර රූස්ස ගහ යට වෙනකොට බයිසිකලෙන් බැහැපු එයත් මාත් ගහ දිහාව බලාගන උන්නා....ඒ ගමන්ම එයා දිහාවත් නොබලම මං ඒ අත මගෙ අතට පටලගත්තා...

..........ආකාස හරි....අපි ආදරවන්තයො.......එක සංසාරයක් විතරක් මොකටද....තව සංසාර කල්පෙකටම අපි අපේ වෙමු මගෙ ආකාස...!

මෙච්චර වෙලාම ගහ දිහාව බලාගන උන්න එයත් මාත් එකම වෙලාවෙ අපි අපි දිහාව බැලුවා...මගෙ ඇස් විතරක් නෙවෙ.....ඒ ඇසුත් ආදර කදුලු වලින් තෙත්වෙලා තියනකොට එයා මගෙ ලගට ලන් උන්නා.....

උඹත් මේ ගහ වගෙ මගෙ මන්දාරම්...මලත් අනුන් ගැන හිතන පරාර්තකාමි රූස්ස ගහ වගෙ....මං මහ පින්කාර පිරිමියෙක් මන්දාරම්...උඹගෙ ආදරෙ මටම සින්න කරගන්න තරම් මං පුදුම පින්කාරයි.....තව සන්සාර කල්පෙකටම අපි අපේ වෙමු...!!

තත්පරයක් යන්නත් කලින් මගෙ ඇස් පියඋනා......ඒ දෙතොලම ආයමත් වතාවක් මගෙ පපු මැදට හාදුවත් තියනවත් එක්කම මගෙ ඇස් පිය උනා....සර්වාංගෙ පනගස්සන ලේ නාලිකාවක් නාලිකාවක් පාසාම ආදර හාදුවෙ උනුහුම පැතිරිලා යනවත් එක්කම මං මගෙ ජීවිතෙ ස්වර්නමයම තත්පර ගණන්වල ගිලි ගිලී ඉදලා අවසානෙදි ඒ මූනම මගෙ අත්දෙකෙන් අල්ලන් ආදරේන් අහුරයි...සුරක්ශාවෙන් අහුරකුයි කලවම් කරලා අඩසදක් පරදවාපු ඒ නලල් තලාවට හාදුවක් තිබ්බා...

"මගෙ ආකාස........මගෙම ආකාස....උඹ ඇවිදින් එහෙන් පිටින්ම ආදර විමානයක්...මං ආදරෙයි...මං මගෙ ආත්මෙන්ම උඹට ආදරෙයි ආකාස"

සනීපයි ....

මේ කටු උරහිස උඩ?

පය පාමුලට දිව්‍ය ලෝකෙ ගෙනත් තිබ්බත් වැඩක් නැ මන්දාරම්.....හදවත ඉල්ලන ආදර්‍ර් නැතිනම්.....අතම පුරවලා වේදනාවම විතරක් දුන්නත් කමක් නෑ හදවත ප්‍රාර්තනා කරන ආදරෙ ළඟ ඉන්නවා නම්....පන වගෙ ආදරෙ කරන මනුස්සයා ළඟ ඉන්නකොට ජීවිතේට එන දුක උනත් පැනිරහයි කියනවා.....ඉතින් මේක කටු ගොඩක් උනත්...මට දිව්‍යමය සැපක් මන්දාරම්...

මං ලාවට හිනා උනා...හිනා උනා විතරක් නෙවෙ...මං මගෙ කම්මුලෙන් එයාගෙ ඉහමුදුන යන්තමට පිරි මැද්ද.....

.අපි දෙන්නා තවම අර ගහ පාමුල.....පාරෙ නොයිද ගහපාමුලට ආව එයත් මාත් ගහ පිටිපස්සෙන් මතුවෙලා තිබුන ලොකු මුල උඩ ඉදගත්තා....සමාන්තරව ඉදගත්තා උනත් මොකද ඉදගත්ත තත්පරේම එයා කෙරුවෙ මගෙ උරිස්ස උඩට තවත් හාදුවක් තියාගනම උරහෙට බර උන එක වෙනකොට එයා සනීපයි කියනවත් එක්කම මං කටු ගොඩෙ සනීපයක් තියනවද ඇහුවා.....

වෙලුම් කාපු තනකොලත්.....ළපටි තනකොලත් එ මේ අත වැනෙනවා....ගෙදරින් ආව තදියම ආපිට ගෙදර යන්න නැතිවෙද්දි මං මගෙ සුදුමහත්තයට ඇති තරම් මාව සින්නකරගන්න දීලා එයා කියන ආදර කතා අහන් උන්නා....

ලමයො...

ම්න්...

ඔයාට පුලුවන්ද මාව කවදාවත් ඔයාට වත්....මට කවදාවත් ඔයාව වත් නැතිවෙයි කියන බය හිතේ තියාගන්නෙ නැතුව ආදරෙ කරන්න...

සුදු මහත්තයා....

..සීනි බෝල...හුරතල් බොලද කතා චුට්ටකුත් ආදර්‍ර් ඇතුලට ඕන.....ඒත්...මං තිස් ගනන් වල ඉන්න පිරිමියෙක් මන්දාරම්...ඒ වගේම ඔයා....මටත් වඩා දෑහින්ම ජීවිතෙ යතාර්තෙ දකින මනුස්සයෙක්....මං අනන්තවත් මිනිස්සු ආදරෙ කරන හැටි දැකලා තියනවා...මන්දාරම් දන්නවද.....මොන තරම් ආදරෙ කෙරුවත්....ඉල්ලුවොත් හදවත අතට අරන් දෙන්න ගටක් තිබුනත්....ඒ හැමෝම ජීවත් වෙන්නෙ මෙයාව මට කවදම හරි නැතිවෙයිද කියන සැකෙත් එක්ක....ඒක මහ වේදනාවක්...අනිකා ඉස්සරහා හිනා වෙලා ආදර කතා කෝටියක් කිව්වත්....තමන් තමන් එක්කම තනිවෙන තැනදි හිතනව මෙයාව මට නැතිවෙයිද කියල....එහෙම උනොත් මට මොකද වෙන්නෙ හිතනවා....

මන්දාරම්...මට එහෙම පලුද්දක් හිතෙ තියන් ආදරෙ කරන්න බෑ...ඒක නිකන් පපුව උඩ ටොන් ගානක් බර කලුගලක් පටවන් හුස්ම ගන්නවා වගේ වැඩක්....

අපිට ඒ පලුද්ද නැතුව ආදරෙ කරන්න පුලුවන් නේද...

මෙච්චර වෙලාම උරිස්ස උඩ ඔලුව තියාගන උන්න එයා මගෙ දිහා බලාගන ඉන්නවා....පලුද්දක් නැතුව ආදරෙ කරන්න පුලුවන් නේද අහනවා......

මං එහෙම්ම ඒ ඔලුව අතගෑවා....

මගෙ තුන් හිතකවත් ඔයා මට කවදා හරි නැතිවෙයිද කියන ප්‍රශ්නෙ නෑ සුදුමහත්තයා....මේ ආදරේට මේ තරම් ලෝබ හින්දා තව සන්සාරයක් ප්‍රාර්තනා කරනවා මිසක්...මට බැරි කමක් නෑ.....මේ සන්සාරෙ ඇතුලෙ තව සංසාර කල්පෙකටම ආදර්‍ර් දෙන්න......

මාව පුපුරයි...

පුපුරයි....

ඔව්....ආදරෙම්ම.....නිකන් හිතලා බලන්න...මනුස්සයෙක්ට එක ජීවිතයක් ඇතුලෙ තව සංසාර අහුරු ගොඩකදි විදින්න තියන ආදරෙ වේලාසනම විදින්න ලැබෙනවා කියන්නෙ....ඉතින් මාව පුපුරන් නැද්ද.....????

ම්න්...ඒක ඇත්ත...මගෙ හාමු තැනව පුපුරයි...පිපිරුනත් මොකද....ආදරෙන් නේ.....

මට කියන්න...අම්මයි අප්පච්චි නංගියි සනිපෙන්ද ....?

දලදාහාමුදුරුවන්ගෙ පිහිටෙන් ...උන් සුවෙන් හාමු.....

අපෙ කොලු පැටියා .....ඒකා දැන් දැන් හිනාවෙනවලු නේද...කෝලම් කරන්ඩ දන්නවලු.......පියුම් මට කියනවා....ඒකා ප්‍රේමාට නැලවිලි කියන්ඩ දෙන්නෙ නෑලු ..කට පොඩිය බෙරිකරනවලු.....තාත්තන්ඩිගෙ නැලවිල්ලට විතරලු නැලවෙන්නෙ.....

මන් හිතන්නෙ මගෙ මූන තවත් පාට වැටුනා....එයා ආයම වතාවක් මගෙ උරහිස උඩ ඔලුව තියාගන කොලු පැටියගෙ හපන් කම් ගැන කියනකොට මං හිනා උනා....

ම්න් ..ඒකා ප්‍රේමට දොයි දොයි කියන්න දෙන්නෙ නෑ.....පැංචා.කමට නෙවෙ ඒකගෙ චන්ඩ කම...කට පාතට වක්කරනවා....බලන්ඩ ඕන් මං අතට ගත්තම ඌට රජ මගුල් වගේ....

පැටියා උනත් දරුවට දැනෙනවා මන්දාරම්....ආදරෙ පිරුන පපුවක උනුහුම ළපටි හිතුත් අදුනනවා...

ඕන්...දැන් කකුල් පොඩිය කටෙ ඔබාගන්නවා...

එහෙනම් කොල්ලට කිරි කල හතක් පෙවිලා....මගෙ ළමයා දන්නවද ඔය කකුල කටෙ ඔබාගන්නවා කියන්නෙ කිරිකල් හතක් පෙවුනම කියනවා...

කිරිකල හතක්....අරකිලාගෙ දෙතන තනිකරම වේලුම් කාපු වැටකොල්ල වගේ.....එහෙව් දෙතනකින් කිරිකල හතක් කොයින්ද සුදුමහත්තයා...

අම්මෙක්ගෙ ලේම කිරිවෙන එකම ප්‍රාතිහාර්‍යක් වෙනකොට කේඩෑරි තනකට බැරි කමක් නෑ මන්දාරම් කිරිකල හතක් නෙවෙ....වැව් හතක් උනත් කිරෙන් පුරවන්න...මගෙ ලමයා දන්නවද.....ගෑනු ඉපදෙන්නෙම මව්වත් කම අතෙ ගුලිකරගන...ගෑනුන්ගෙ පපුවෙන් ඉපදෙන ආදරේට ගලක් උනත් මෙලෙක් කරන්න් බැරි නෑ මන්දාරම්.....

..........

මන්දාරම්.....

ම්න්....

හවසට පන්සල් යන්.....පියුම්.....නෑනා පොඩ්ඩත් එයිනෙ...දරුපැටියයි මායි ඔයයි....ඔයා එක්ක පන්සල් යන්නම හිතාගන මං කොලඹින්ම හදුන්කූරු අරන් ආවා....වලව්වෙ හින්දවපු හොදම තෙල් කුප්පියකුත් ගෙනාවා...මලුත් කඩාගන්නම්...හවස යමුද මන්දාරම්?

එයා මගෙ උරහෙට වාරු වෙලා ඉන්න ගමන් සැරින් සැරේම හිතුමනාපෙට මගෙ අත්ගොබේට හාදු තිය තිය පටලවන් ඉන්න අත පිරිමැද මැද හවහට පන්සල් යන් කියනවා.....තෙල් හදුන්කූරු මේ ඔක්කොම ගෙනාවා කියනකොට මං බලාගන ගස් බෙනෙන් එලියට බෙල්ල දාපු තුන් ඉරි අප්පු කෙනෙක් අපි දිහාව බලාගන ඉන්නවා....

......යමු...ඒත් මටත් එක්ක මල් කඩන්න එපා සුදුමහත්තයා.....

ඒ ඇයි...?මන්දාරම් බුදුන්ට මල් පූජා කරන් නෑ?

කරනව.....

එහෙනම්...

මං ඇවිදින් අමු මලුත් මර මර වඩමට අමුනන එකෙක් ආකාස....සුදුමහත්තයා.....මල් වලට පවා හුස්ම තියනවා.....ජීවත් වෙලා ඉන්නකොට බලන්න නාව එවුන් දෑහැ වැහුවම මූනිච්චාවට නිස්කාරනෙ අර හුස්ම ගන්න මල් කඩාගන වඩමට අමුනනවා....මගෙ අතින් මලුත් කීයක් නම් මලගම් යන්න ඇතිද....

බුදුහාමුදුරුවො මා එක්ක තරහා ගන්න එකක් නෑ සුදු මහත්තයා...මං උන්නාන්සේට ගහෙ තියනකොටම මල පූජාකරනවා...මගෙ අතින් මල් ආසනේට මල් තියන්ඩයි කියලා නටුවෙන් මල වෙන් කරන්න එපා....මං දන්නවා උන්නාන්සෙ මා එක්කලා තරහා ගන්නෙ නෑ.....

......

යමු.....උඹලා බඩගින්නෙ ....තෙහෙට්ටුව.....

......ඔය තරම් හොද වෙන්නෙ කොහොමද බෙනරගම...??මං අහන්නෙ ඔය තරම්ම.....පලුද්දක් නැතුව ආදරෙ කරමු කියලා මමම කිව්වට....ඔය තරම් අනිත්‍ය අමු අමුවට දැකලම....මට බයයි උඹ නිවෙන්ඩ තරම් ආදරයක් දීලා ගිහිගෙයි බැදීම් වලට තිත තියලා සන්සාරෙ කෙටි කරගන්න හදයිද කියලා....

....ආකාස...

...............මෙහෙම සමකරන්නත් පවු....ඒත්.....ගෞතමයන්ට බිම්බාව උන්නා වගේ....මන්දාරමට ආකාස ඉන්නවා....එහෙම හිතුනොත්....අපි දෙන්නම එකට සසරමග කෙටි කරගමු ...

..........අඩන්න හදනවා.....අඩන්න හද හද සරමග කෙටිකරගන්න කතා කරනවා...බුදුවෙන්න කලින් ආදරෙ කරලා ඉමු ආකාස....හරිහමන් ආදරයක් කියන්නෙත් එක්තරා නිර්වානයක්!!

මන් ආදරෙයි ...එනකන් ඇගිලි ගැන්නා.....

තව සන්සාරෙකටත් ඔයාමගෙ වෙන්නම ඕන...

🥺🥺🥺ආය එන්නම්....පයිස්සමින් ඉන්ඩ හාත.....

THANK YOU

More Chapters