Ficool

Chapter 20 - 20

සුදු මහත්තයා...යමුද මයෙ අම්මෙ?උඹලා බස්වල ඇවිත් ඇවිත්ම තෙහෙට්ටුව ඇති...බඩගිනි ඇති...තවත් ටැග් ගැහෙන්නෙ ඇයි මේ.....දැන් මේ ගෙදර යන්ඩ නැගිට්ට කීවෙනි වංගියද....උඹලා ආය පත බෑවෙනවනෙ...?

මං ආයම උන්නෙ අර දිරාපු රූස්ස ගස් මුලෙ ඉදගන ගහට පිටදීගන...ආයමත් සැරයක් මොකක් හරි දෙයක් කිය කිය...කාගෙම හරි දත කට කඩන්න උරුම්පූට්ටු වෙන මගෙ මුරන්ඩු කාර සියපත උන්නෙ ගස් මුල උඩ ඉදගන ගහට පිට දීගන උන්න මගෙ කකුල් මැද ඉදගන මගෙ පපුවට හේත්තු වේගන වෙනකොට අනෙ මං ගනින්ඩ බැරි තරම් වාරගානක් ඒ ඉහ මුදුන ඉඹගන්ඩ ඇති...දහස් වතාවක් මගෙ ගොරහැඩි රැවුල වැවුන කම්මුලෙන් ඒ ඉහ මුදුන ලාවට ලාවට පිරිමදින්ඩ ඇති...

දැන් ගෙදර යන් ..දැන් ගෙදර යන් කියලා මං දහවන්ගියකට එහා කියන්ඩ ඇති....

ඒත් මගෙ හාමු තැන කෙරුවෙම මාවත් නවත්තන් ටැග් ගැහුන එක වෙද්දි කාරි නෑ කියලා එකොලොස් වෙනි වංගියටත් ගෙදර යන් කියනකොට එයා එහෙම්ම මගෙ දිහා බෙල්ල හරවලා බැලුවා.....

බෙනරගමගෙත් බොරුවනෙ....

ම්...මගෙ...?අරමක්කටද මන් බොරු කියන්නෙ...?

යමුලු....දැන් යමුලු.....කොච්චර යමුයි යමුයි කිව්වත්....කව්ද දැන් මාව වැඩිපුරම ඇගට තියලා තුරුල් කරන් ඉන්නෙ....ආ මගෙ ලමයො....???මමද....නැත්තන් ඔයාද......යමුලු...ඒ උනාට මාව තුරුල් කරන් මගෙ ඔලුව ගෙවෙනකන් ඉඹිනවා...උඹ ඔය කාටද බන් බොරු කරන්නෙ...??

ද්...දෙයියනෙ...සුදු මහත්තයා...ඕන් කිව්වා කතාවක්....

තත්පරයයි දෙකයි...දෙයියො මතක් කරපු මන් කිව්වත් වගේ මෙච්චරවෙලාම එයාගෙ බඳ වටෙ අත යවාගන එයාව මගෙ ඇගට තුරුල් කරන් උන්න අත් දෙක ඉක්මනට අහකට අරන් වෙන දිහාවක් බැලුවා...කොටින්ම මං ඒ ඇස් මග ඇරලා අහක බලාගත්තා.....

පෙනේද මේකා...පෙනේද මේකා.....ඉදලා ඉදලා කියන කතා

ඔන්න ඉතින් අහක බලාගන....යකො මේක පුදුම ලමිස්සියෙක්නෙ....මොකො ජම්බු ගහෙන් වැටුනෙ ඊයෙ පෙරේදද.....අර කනකුත් රතුවෙලා.....පුදුම කෙලියක්නෙ වචනයක් කියන්ඩ බෑ කන රතු වෙනවා.....එකම දිගට විනාඩියක් මෙ මූන දිහා බලන් ඉන්න බෑ කන විතරක් නෙවෙ මුනත් රතුවෙනවා....ඒකට මොකද මහ රෑ දෙගොඩ ජාමෙත් මිනි කපනවා...මිනි කපන බිබික්කමක්නෙ මේක.....

ම්..මගෙ...ක්....කන රතුවෙලාද සුදු මහත්තයා....?

නැතුව.....රතුවෙලා නේන්නම්.....මෝ....මේ පේනවද....අර මාව තුරුල් කරන් උන්න අත් දෙක ඒ හදිස්සියට ගලවන්....ආ..අ...ආ....මේක නම් හරිම කෙලිය තමයි

සුදු මහත්තයා....

තුරුල් කරගනින්....තුරුල් කරගනින්...අරකි ඉස්සරහා අතත් අතෑරියා.....දැන් මෙතන මෙහෙම කරනවා....වැඩේ හරි වගේ.....මට දඩාරියන් බූටක් මගද කොහෙද.....මහවැස්සක පෙරනිමිති පේනවා ආ....කිව්වත් වගේ ගමෙ කාක්කියෙක් පූට්ටු කරන්ද මන්දා....ඇත්ත කියපන් ඒකනෙ මාව අල්ලන්නෙ නැත්තෙ.....හිටපන්කො මං ඕකිව ගිහින් අර ඒකදන්තයටද මොකාටද දෙනවා.....

මට පේන්නෙ නෑනෙ....මං ඉන්නෙ කොහෙවත්නෙ.....මේක පුදුම නාටකයක් උනානෙ.....අල්ලන්නෙ නෑ....දැන් දැන් අතම අරිනවා...පිටපරිප්පු රහවැටිලා....දෝ...!

අහසපොලව වත් උහුලන්නෙ නැති බොරු ගොතන්ඩ එපා සුදුමහත්තයා....ආ වෙලෙ ඉදන් අංකරේටනෙ....උඹලා නපුරු වෙලා මක්කද කියාපන්කො....උඹල බඩගින්නෙ හුලන් බිබී ඉන්නවට මයෙ හිත දුක් වෙන හින්දනෙ මයෙ අම්මෙ යන් කිව්වෙ...

ඇරත් උඹල හිතනවද ආකාස උඹලට සින්න කරපු හිත මං වෙන එකෙක්ට ආය උගසට තියාවි කියලා.....???මට හෙන වදීවි එහෙව් බොරුවක් කෙරුවොත්.....අනෙ බුදු හාමුදුරුවො පල්ලා මයෙ හාමු....මට ඉන්නෙ උඹලා විතරමනෙ.....උඹලා එනකන් ඇඟිලි ගැනලම මට දැන් ගනින්න ඇඟිලි මදි හාමු...

වචනයක් දෙකක් කියලා කතාව අහවර කරන මුනිවතට විතරක් ලෝබකම් කරන මං මගෙ ආකාස ඉස්සරහා එකම දිගට කියවගන ගියා....හීන් උන ඇස් තරහවෙන් රතු වෙනවා වෙනුවට මටත් හිතන්ඩ කලියෙන්ම යන්තමට කදුලක් මෝදු වේගන ඒ ඇස් අන්තෙටම රතුකරලා දැම්මා...

කොටින්ම මට දුක හිතුනා.....පුදුමෙක මහත කියන්නෙම කාරලා මූනට කෙල ගැහුවත් කෙල පිඩ පිහදගන සාප කරපු එකාට වත් වචනයක් නොකියා හිත හදාගන ඊලග තත්පරේදිත් මොකුත් නොවුන එකෙක් ගානට ජීවත් වෙන්න පුලුවන් තරම් වචන නම් වෙච්ච විසකටු ඇනිලා ඇනිලම තුවාල උන හිතක් තිබ්බ මට අද මගෙ ආකාස කියපු පුංචිම වචනෙකට මගෙ හිත ටොන් ගානක් තැලිලා ගියා....විහිලුවක් උනත් කරාපු විහිලුවට මගෙ ඇස් රතු වෙලා ගියා .....

...........ඔහොම දිවුරන්න එපා මන්දාරම්....ඇයි මේ.....විහිලුවක්නෙ කෙරුවෙ....මේ තරම් ඇස් රතු වෙලා තෙත් වෙන්න තරම් මගෙ වචන මේ හිත රිදෙව්වද??මට උඹව අවුස්සන්න විතරනෙ ඕන උනෙ....ඇයි මගෙ මන්දාරම් මේ...?මට කියපන් මගෙ විහිලුව ඒතරම් බරද?

........මං උඹට හුගක් ආදරෙයි මගෙ ආකාස ,...වදින්නම් මට උඹ ඇරුනම වෙන උන් පාවා දෙන්ඩ එපා....

රත්තරන්...අනෙ බන් මං විහිලුවක් කෙරුවෙ...අද පායන හද හෙට පායයිද නැද්ද කියන සැකෙ හිත් අස්සෙ තිබුනත්....අද පායන ඉර හෙටත් පායනවා කියන කාරනාව අපි ඕනාවටත් වඩා දන්නවා මගෙ මන්දාරම්....අනිවාර්‍ය්ම හෙට ඉර පායනවා කියන්න අපි විස්වාස කරනවා...අන්න ඒ වගේමයි ....නෑ.....හෙට පායන ඉරටත් වඩා මට විස්වාසයි ...උඹ මට අබමල් රේනුවක් වත් සැක නෑ....උඹගෙ ආදරෙ මටම විතරයි කියන්න උඹට වඩා මම දන්නවා.....

ම්න්.....

මං ආදරෙයි.....ආදරේට විහිලු කරන එකත් ආදරේම කොටසක් මගෙ ලමයො....

ම්න්.....

අවසානෙදි මං හූමිටි තිබ්බා....මීට තත්පර දෙක තුනකට උඩදි තුරුල් කරගන උන්න අත් දෙක ලෙහපු මමම ආපිට එයාව තුරුල් කරගන්නකොට අනෙ එයා කලින් උන්නටත් වඩා හරිබරි ගැහීගන මගෙ ඇගට හේත්තු වේගන එහෙම්ම මගෙ දිහා හැරිලා බැලුවා ....

ඒ ඇස් ආයම දිලිසනවා....හීන් වෙල රතුවෙලා තෙත් උන මගෙ ඇස්වල ආදර අරුන්දතියො ඉපදෙන හන්දද කොහෙද මං බලගන ආය ආයමත් අර ප්‍රේමනිය සියපතෙ පෙති ආය ආයමත් හරි ලස්සනට විකසිත වෙනවා....ආය ආයමත් මගෙ පපු කදෙ බරම පැත්ත ආදරෙන් පිරිලා පිරිලා දෙගොඩ තලායනවා....

මන්දාරම් නම් වෙච්ච මගෙ ජීවිතේම නිසල විලක් නම්.....ලයාදරිය....ඒ විලම සුවදවත් කරන එකම සියපත මේ ප්‍රේම සියපත විතරක්ම බව මම ආය ආයම මටම දිවුරුම් දෙනවා....

ඇයි ආකාස හාමු?

මගෙ දිහාව ඇහිපිල්ලමක් වත් නොගහා බලාගන උන්න මගෙ හාමු තැනගෙ මූනට යන්තමට බර උන මං ඇහෙන නෑහෙන ගානට මිමිනුවා.....

ඇත්තමයි..මහ හුගාක් ලස්සනයි මන්දාරම්....හිත නිවෙන් පාටක් තුන් හිතම නිවන මනුස්සයෙක් ඇන්දම ඒ හාමුව ඔක්කොටම වඩා නිවනයි මන්දාරම්....උඹ මේ කමිසෙට පුදුම ලස්සනයි....අපි තව දෙක තුනක් ගමු.....ආකාසෙ පාටත් අරගමු.....එතකොට ඒක දකින වාරයක් ගානෙම මාව මතක් වෙයි...මටම ලෝබයි...

......තව ඕන නෑ...ඔය හැටි ඇදුම් කැඩුම් අරන් මං කොහෙ කියලා ඇවිදින්නද මයෙ හාමු...සුදු මහත්තයා උඹලා බඩගින්නෙ...මයෙ හිතට දුක ඒකමයි දැන්...

තව චුට්ටක් ඉමු මන්දාරම්.....ගෙදර ගියහම මට හිතේ හැටියට උඹට තුරුල් වෙන්න නැකත් බලන්න වෙනවා....අම්මා අප්පච්චි නිකිනි ඉන්න තැන මට හිතේ හැටියට උඹට ළං වෙන්න බෑනෙ....මහන්සී.....බඩගිනි.....ඒත්....ඔය හැම දේම මේ සර්වාංගෙට දැනෙන දේවල් මිසක්...මගෙ ආත්මෙට දැනෙන දේවල් නෙවෙනෙ මන්දාරම්...මගෙ ආත්මෙ ඉල්ලනෙ උඹව....මට තව චුට්ටක් ඉන්න දියන්...

මං එයාගෙ ඔලුව අතගෑවා....හා නොකියා හා ය කියලා කිව්වා...මං මොනතරම් අඩව් ඇල්ලුවත් මගෙ කලාත්ම හාමුගෙ මුරන්ඩු හිත වෙනස් කරන්න බැරිබව දන්න මන් අනිත් පාර දිනුම එයාටම දීලා හුලන් අතට එහා මෙහා යන තනකොල යාන්ගෙ දිහාවත් එක යායට පුරන් උන හේන් යාය දිහාවත් බලාගන උන්නා..

මගෙ ඇස් දෙක නිල් ආකාසෙ පුරාවටම එහා මෙහා යනවා.....මන්දා.... දෑතින් තුරුල් කරන් ඉන්න වස්තුවක් හන්දා මගෙ පපුව වචන කරගන්න බැරි සතුටෙන්ම මලගම් යන්න හදනවා...මගෙ පපුවට පුදුමාකාර නිවීමක් දැනෙනවා...කොටින්ම වාරෙ ලබන අවුරුද්දට වඩා අනෙ මට මේ අවාරෙ අවුරුද්ද පන තිබියදිම නිවන විදින්ඩ දෙනවා දැනෙනවා...

මං ආයම ඒ ඉහමුදුන ඉම්බා...තවත් චුට්ටක් තුරුල් කරගත්තා.....වලේ පිපෙන නානාප්‍රකාර කැලෑමල් පුසුඹත්....වනටම අරක් ගත්ත කැලෑගෙඩිවල පුසුඹුවත් ඔතාගත්ත කැලෑ හුලන් රැල්ල් හීන් සීරුවට මිහිකතම නලවාගන යනකොට මොන අගහිගකම තිබුනත් කැලෑගම ලස්සන කරන්න මක්කම හරි සින්දුවක් ගොතන කුරුල්ලෙක්ගෙ සද්දයක් ඔය හුලන් කැරැල්ල ඇතුලෙන් ඇහුනා....

ඒත් මෙච්චර හරි වෙනකොට මක්කටද මන්දා මයෙ උකුල්තලාවෙ නැලවෙන රේඩියෝවෙ බැටරි කෑලි බැහැලා ගිහිල්ලා.....

කියවන්ඩ ගත්තම හුස්මක් නැතුව කියවන් යන මගෙ හාමු තැන ඒ පාර කෝටු කෑල්ලක් අතේ තියාගන ඒක වන වන කල්පනා කරනවා....ඉවසලා බැරිම තැන ඒ මූනට එබිලා බලනකොට මං බලාගන වචන එලි පැන්නෙ නැති උනාට මං බලාගන කලු රැවුලට යටින් තිබුන රෝස තොල් එහා මෙහා වෙනවා...

මුන්දෑ ඒ පාර කාටවත් සාප තියනවද.....

මූනට එබුනට මොකද මට දැන් කතා කරන්නත් බයයි ....හිටපු ගමන්නෙ පුපුරන්නෙ .....මේක තනිකරම වල් ඌරන්ට බදින පත්තුවක් වගේනෙ.....

මං බලාගන උන්නා....සුදු මහත්තයා කියලා කතා කරන්න හිතුනත් හාමු තැනගෙ එහා මෙහා නටන දෙතොල දැකලා මගෙ යටිහිත කිව්වෙම මගතොට එන එකෙක්ටවත් සාප කරනවද කිය කිය මගෙ හිත ලතවෙනවත් එක්කම මොන මොනවද ජපකර කර උන්න හාමු තැන එකපාරම මගෙ දිහාව බැලුවා....මද නලත් එක්ක නැලවෙන කෙහෙල් දල්ලත් පරදවාගන මාව එකපාර ගැස්සිලා ගියා...

ස්..ස්...සුදු මහත්තයා...

ස්...ස්..තමා...ගොතෙ...ගොතේ....දැන් ගොතෙ.....මට එන කේන්තිය....මට එන කේන්තිය .....

අනෙ සමන්දෙයි හාන්දුරුවනෙ.....හාමු තැන ආයම දේවාල කපුවා වගේ ආවේස වෙලා.....එකම වචනෙ මතුර මතුර හේතු කාරනා නොකියම මේන් පරල වෙනවා......කොලොම්තොටෙ ඉදන් කැලෑගම් වැට මායිම පැන්නත් හරි...අනෙ මක්කද හාන්දුරුවනෙ මේකලාට වෙන විපරියාසෙ.....මැරුන මුත්තෙක් වත් වැහෙනවදෝ.....

මූනට එබීගන මතුරන දෙතොල දිහා බලාගන උන්න මං විහගට පස්සට උනා...තට්ට තනියෙන් මතුරපු මගෙ ආකාස තැන ඊලග වන්ගියෙදි මටත් බනින්ඩ ගන්නකොට එලව ගිහින් මෙලව ආවට අන්තව මං මයෙ ඇස් ලොකු කරන් මේකා ආයම පරල උන හේතු අගිස්සන්ට ගත්තා....

මේක නම් කිල්ලක්...අනෙ මේක නම් කිල්ලක්මයි....කටහඩට වහවැටීගන දික්තලාටවහ වැටුන කාලගෝලයට අන්තව වහ වැටුන මාව නම් අහුවෙලා තියෙන්නෙ කිල්ලකටමයි...

උනු හන්දා බොන්ඩත් බෑ....කිරි හන්දා විහික් කරන්ඩ ත් බෑ කියන්න වගේ කරච්චලෙ හන්දා අහන් ඉන්ඩත් බෑ ආදර්‍ර් හන්දා බයින්ඩත් බෑ...

ඒඋනාට මේක මහ අහිංසක හුරතලයක්නෙ .....අනෙ මං කොහොම කියල විහික් කරන්ඩද .....මේක මගෙ පනකඳ නෙ....

අනෙ ඇයි මේ.....ඒ පාර මක්කටද මේ පුපුරන්නෙ...හපොච්චියෙ...උඹලා වෙව්ල වෙව්ල දෙස්තියන්නෙ කාටද කියාපල්ලකො හාමු.....?මක්කද මයෙ අම්මෙ මේ හිමි හිමීට මතුරන්නෙ කාටද ඔයහැටි ??

හහ්..පුපුරන්නෙ.....???පුපුරන්නෙද.....ආ මෝඩයො මොන ඇටේටද පාන්දර ඉදන් අර පාරට වෙලා ලැගන් උන්නෙ...???මං අහන්නෙ මොන ඇටකිරිඥ්ඥාවක් කරන්ඩද උදේ පාන්දර ඉදන් පාරෙ උන්නෙ.....???

බ් ....බේබි....හාමු....???

මං අපෙ බූරුවට කිව්වනෙ එන වෙලාව.....ඇයි ඔයාට ඕකා කිව්වෙ නැද්ද.....හහ්...කොහෙ කියන්ඩද...අර කැහැටු ප්‍රේමට වහවැටිලා දැන් ඌ මට රෑ තිස්සෙ වද දෙනවා...ඒ එක පිස්සෙක් ඒ...ඌට දැන් සහලවලම පිස්සු...

........දෙයියනෙ....අයියො....බේබි හාමු හෙමින්...

හෙමින්...ඇයි හෙමින්???

නිකාන් තෙල් පුච්චන් එතනට වෙලා වේලි වේලි ඉදලා.....අරකි ඔයා දිහා හොදට බලන්ඩ ඇති ...පෙරේති...ඇයි ඇහට කනට පේන්ඩත් ඉන්නවනෙ මගෙ කොල්ලා.....වල් වනචර පෙරේති...

මට තාම තරහා අරකිට හොම්බට දෙකක් දීගන්ඩ බැරිව ගිය එකට....මන්දාරම්.....මට ඕකි දෙකට නවලා තේමුට්ටියට ඔබන්ඩ ඕන....ඕකි ඔයාගෙ රුපියලටත් කෙලින්ඩ ගියානෙ..හිටපිය...මං අපෙ පියුමා ආවම ආයම යනවා....ගිහින් ඕකිගෙන් රුපියලට සීනිබෝලයක් අරන් රුපියල් පනහෙ කොලයක් දික් කරනවා.....නෑ...නැ....මට ඕකි පේන්ඩ බෑ...දෙනවක හාමිනෙ වගේ ඇවිලි ඇවිලි එන හැටි.....මෙ ගම්වල එකීලට ඉන්ඩම බෑනෙ...කොහෙන්ද එල්ලගත්තෙ ඇහුවා....

කොහෙන්ද එල්ලගන්නෙ අහන්නෙ මගෙ කොල්ලා අබුඩයක්ද නෑනෙ...???අබුඩයක්ද.....අබුඩයක්ද...?????නෑනෙ.....

.......

මිනිස්සුන්ට අපහාස කරන්ඩ හොද නෑ..ඒ උනාට ඒකිගෙ දත්දෙක තනිකර ආරුක්කු නමයෙ පාලමෙ ආරුක්කුවක් වගෙ....පොඩ්ඩක් හිටපන්කො...මං උඹගෙ ඔය උම්මලකඩේට සීල් තියවන්නෙ නැද්ද බලපන්කො....බඩවියත රැකගන්න එවුන්ට වින කරනවා නෙවෙ...ඒ උනාට ඒකි ඉන්නෙ අලිපුකෙන් ආව එකී වගේනෙ....ඒකි ලමාතැනි...අබිලින් අම්මන්ඩි...ලොරි බාගෙ....ඒකි තනිකරම එලිපන්ට් හවුස් එකෙ අලියා වගේ...හිටු...මං ඕකිට හෙන්ඩුවක් ගෙනත් දෙනවා....

......

කඩේ පුරාවටම මැස්සො වහනවා...ඒකට මොකද වහලෙ ගැලවෙන්ඩ කෙහෙල්කන් එල්ලන්...ඒකිට කන්ඩ වෙන්ඩෑ.....ඇරත් ඔව්වට අනිවා කාබයිට් කෙලලා ........මේකි ඇහුව කැත....එල්ලන් ආවෙ කොහෙන්ද කියලා.......මට මේකිගෙ හොම්බ තලන්ඩ ඇත්නම්........හිතුනොත් කෙහෙකකින් ඕකි ඇන්දටම කෙලලා එනවා...

හපොච්චියෙ.....අනෙ ඇයි මේ හාමු.....දැන් ඒක අහවර උනානෙ.....ඇයි මේ තවත් තරහා පිරිමහන්නෙ....ඔයාකාර තරහා අරන් ලේ පුච්චගන්න එපා මගෙ හාමු.....ඒකි කරපුවා ඒකි ගෙනියයි.....ඇයි ඒකි ගෙවන්ඩ තියන පව් වලට උඹලත් උරහෙ තියන්නෙ...?

.......ඔය තරම්ම අහිංසක වෙන්ඩ එපා මන්දාරම්.....ඔය තරම්ම අහිංසක වෙන්ඩ එපා...මටයි ඔය කතා වද දෙන්නෙ . .....අහවලා මගෙ කොල්ලට අරහෙම කිව්වා.....අහවලි මෙහෙම කිව්වා කියලා මගෙ කනට වැටෙනකොට මගෙ ලේ පිච්චෙනවා මන්දාරම්.....මගෙ ලේ රත් වෙනවා...මට ඔය වචන කනට වැටෙන මොහොත කෝක උනත් මට එවෙලෙ බස් එකක එල්ලිලා ඇවිත් ඔවුනව පෝලිමට හිටගස්සලා වෙඩි තියලා මරලා දාන්ඩ හිතෙනවා.....මට ඒ තරම් තරහයි....අම්මපා මං ඔවුන්ව බාවනවා....ඔවුන් දන්නෙ නෑ මේ ආකාස හාමු මොකාද කියලා....

මං බලාගන උන්නා....වචන නැතුව කියාගන්නෙ මොකක්ද කියලා හිතාගන්න බැරුව කටගොලු වෙලා උන්න මම අර ලස්සන මුන ඩින්ගෙන් ඩින්ගම කලු ගහන හැටි බලාගන උන්නා.......

පපුව පුරවගන ආදරෙ හන්ගාන ඉන්න කොච්චරවාත් මගෙ ලමයො ගගා ආදරෙ උතුරන්ඩ කතා කරන තමන්ගෙ හැගීම් පවා අනුන් වෙනුවෙන් වියදම් කර කර නිවිලා ඉන්න ප්‍රේමනීය සියපතෙ පෙති මගෙ ඇස් පනාපිට මැලවෙවි ගිනිගන්න ගත්තා ....කොටින්ම අර ඇස් මයෙ ඇස් පනාපිට රතුවෙන්න ගත්තා.....

මේතරම් තරහවක්....මේ තරම් තරහවක්...අහිංසක හිනාවක් එක්ක හිත නිවෙනම වචන තිබුන ආකාස හාමුට මේ තරම් තරහවක්....??

මං බලාගන උන්නා.....ඒ දෙස් තිවිල්ලත් අඩි හැප්පිල්ලත් එක්ක මට වචනයක් කියාගන්න ඉඩක් නැති තරමට මාව ගල් ගැහිලා උන්නා....

එයා පයින් අනිනවා.....අතපය වීසි කරනවා....ගහෙ මුලට පුලුවාන් පයින් අනිනවා...මේ බනින බැනිලිවලට අරකිගෙ නාහෙ දැවිල්ල අරන් විසේ යනවා ඇති...

සුදු මහත්තයා ....

බලාගන ඉදලා බැරිම තැන මං එයාට ආයම වතාක් කතා කෙරුවා....ඒත් එයාට නෙවෙ ඇහෙන්නෙ....සුදු මහත්තයා වරෙන් දැන්වත් යන් කියලා කියාගන්න ඕන උනා එත් එයා නෙවෙ මගෙ දිහා බැලුවෙ...

මුල මුලින් හිමි හිමීට දෙස් තියන්න ගත්ත එයා ඊලග විනාඩියෙදි මගෙනුත් ඈත් වෙලා ගිහින් බෑග් එක අවුස්සල අවුස්සලා ඊලගට ගත්ත දේත් එක්ක මෙච්චරවෙලාම සුදු මහත්තයා ගගා මාව ඉද්ද ගැහුවා වගේ කෙලින් උනා...

මන්දාරම්....මේ පේනවනෙ....උඹ මේක අදුනනවනෙ මගෙ මන්දාරම්.....මගෙ ඉස්සරහා මොකෙක් හරි දෙයක් කියන් ආවොත්...අම්මපල්ලා බාවන එක බාවනවා.....යකො අර සෙංකඩගලම හොලවන් ඉන්න ආකාස හාමු මමයිබොල....!!

ද්...දෙයි....හ්...හාමුදුරුවනෙ.....ආකාස.....!!!!! උඹට පිස්සුද????උඹට පිස්සුද යකො?.උඹ...උඹ මේ ගමට ආවෙ මාව බලන්ඩද....මිනී මරන්ඩද කියපන්.....??????

දෙවි හාමුදුරුවන්ට ඔප්පුවෙන්න පිස්තෝලයක්.....හිට් හැටියෙම ඒකදන්තයට හපන් කුලප්පු උන මගෙ හාමු තැන අවුස්සපු බෑග් එක අස්සෙන් ඇදලගත්ත පිස්තෝලෙත් එක්ක හාමුට හපන් මන් කුලප්පු උනා.....

මගෙ දිහාවට උරුක් කර කර බාවන එක බාවනවා ගගා තවත් නහින හාමුව දැකපු මට එක තත්පරේට හීන් දාඩිය දාන්න ගත්තා.....

මන්දාරම්....බාවන එක බාවනවා...කියපන් අර මුදලාලියට මේ මාසෙ දවස් තිහට පෙට්ටි තිහක් වෙන්කරන්ඩ කියලා....මට පුලුවන් නම් ආය ගිහින් අරකිගෙ නලලට මේක තියනවා .....තියලා යනවා කූරු ගනින්ඩ.....මට එකෙක්ගෙන් වැඩක් නෑ....මේ ආකාසට එක යකෙක්ගෙන් වැඩක් නෑ.....අරකා එදා හාල්මැස්සට කියපු කතා මට මෙ දැනුත් මතක් වෙනවා...ඉහට අත ගහලා දිවුරන්ඩ පුලුවන් මගෙ කන්වලට ඇහෙන්ඩ මොකෙක් හරි වචනයක් කිව්වොත් පෙනේරයක් වෙන්ඩ තියන එක තියනවා.....

දියන් ...දියන් ඕක මෙහාට .....දියන්...

උඹට මූනම ගහලද...කිව්වම අහලා ඕක දීපන් ආකාස.....ආකාස උඹ මගෙ හැටි දන්නෙ නැතුවයි ..මාරයා නොකර දියන් ඕක....කන්ගැටෙ පලනවා මං දියන් කිවම අහලා...උඹලා හිතන්නෙ මේක මහ කෙරුවාවක් කියලා...කිව්වම අහල දිය ඕක.....

මං ඒ අතෙ එල්ලුනා...කොටින්ම මටත් වඩා ඇගපත තියන හාමු තැනව මං මගෙ දර ඉපල් ගැහුන ගොරෝසු අත් දෙකෙන් මිරිකලම් අල්ලගත්තා වගේම යන්තමට නිලයක් අල්ලපු පාරට අතෙ තිබුන අර වහන්තරාව බිම වැටුනා විතරයි මාලුවට මාන බලන පිලිහුඩුවට අන්ත වේගෙන් මං අර මාරකෙ අහුලන් ආකාස හාමුවව අලුවෙලා යන තරම් තරහවකින් රවලා බැලුවා.....

........

......උඹට ඇත්තටම මොලෙ හොද නැද්ද කියපන් ආකාස....බයක් හැකක් නැතුව ඕක අරන් ආවෙ කොහොමද කියපන්....උඹ හයිරන්කාරකම් කරන්න බයක් හැකක් නැතුව ආවනෙ....?????

........

උඹට මොලෙ කියන එක නෑ....උඹ හදන්නෙ මගෙත් පපුව පලන්ඩ....මාව පනපිටින් මරාගන්න හදන්නෙ....?????යකො...ඇගිලි ගැන ගැන බලන් උන්න තරම මමනෙ දන්නෙ....

.........

උඹ වෙනකාටත් තියන්ඩ එපා.....මට තියපන්....මට තියල මහඋලු ගෙට පලයන්.....මට තියලා පලයන්...

ඉදා ගනින්...කිව්වම අහල ගන් මේක.....අරන් තියාපිය මගෙ පපු කැහුතු කඩාගන යන්ඩ...ගමේම එවුන් මැරුම් කන කාරනාව මම නම්...මුලින්ම ඒ කාරනාව අහක් කරපිය...

........

......

...........

...........

.....මට ඔහොම සැර වෙන්න එපා මන්දාරම්....

.......

මං හිතන්නෙ අපි අතර සෑහෙන වෙලාවක් වචනයක් හුවමාරු නොවී තිබුණා...උදේ ඉදන් ඇස් ගෙවාගන මග බලපු මමම ඒ ඇස් මගෑරලා අහක බලාගත්තා...කොටින්ම ඒ ඇස් මගෙ පස්සෙ පන්න පන්නා ආය ආයම මගෙ ආදරෙ මගෙ බැල්ම ඉල්ලනකොට මං අර බූටෑව ගැහුන මහ වනාන්තරෙ දිහාවත් අවේලාවක්....වේලාවක් නැතුව පපුව පුපුරන තනුවක් එක්ක දුක් ගීයක් මරන වැලපිල්ලක් කියන උලලේනියගෙ ලතෝනියත් පාළුවට ගියපු හේන් කට්ටියට උඩහින් තටු ගහන් ගියපු කෑරලාගෙ ඈඩියාවත් අහගන ඔහේ උන්න මිසක් මම නෙවෙ ඒ මුන බැලුවෙ....

මුලු ගමටම අහිංසක වෙලා මට විතරක් නපුරු කම් කරන්න එපා මන්දාරම්.....

........

මට රිදෙනවා...උඹට බනිනකොට මට ඉහිලුම් නැතිවෙනවා මන්දාරම්...ආදරෙ නමින් රජගෙට පයින් ගහපු එවුන් පැල්කොටේට වැටුනට හපන් මන්දාරම්...ආදරෙ වෙනුවෙන් මං එල්ලුම් ගහ හරි තෝරගන්නවා.....ඒත්.....ඒත් උඹගෙ කටින් මට සැරවෙන්න එපා රත්තරන් මගෙ පපුව පැලෙන්ඩ එනවා....

......

පපුව පැලෙන්ඩ එනවලු ...රත්තරන් මගෙ පපුව පැලෙන්ඩ එනව ගගා එයා මගෙ අත අල්ලගන පපුවට තුරුල් කරගත්තා....හාමු තැන නොදන්නවා උනාට මේ වෙනකොට ඒ මුනට දෙස් තියාපු සැරකරාපු වේදනාවට මයෙ පපුකද මේ වෙනකොටත් කැලි කෑලිවලට බිදිලා ගිහිල්ලා.....

එයා අඩන්න හදනවා....මෙච්චරවෙලාම හයිරන්කාරයා වගේ ගමම බාවන්ඩ දිවුරුම් දුන්න මගෙ හාමු වස්තුවට ඇඩුම් එනවා...අනෙ මං කොහොම කියලා නම් තවත් ඒ ඇස් අඩවන්නද.....ඉවසලා ඉවසළා බැරිම තැන මං ඒ මුන දිහා බැලුවා විතරයි පපුවම හෝස් ගාගන ඒ ඇස් වලින් කදුලු අහුරක් බිමට පැන්නා විතරයි මං මයෙ පනටිකව ඇදලා අරන් පපුවෙ ඔබාගත්තා.....

මන්දාරම්.....ම්...මට ඔහොම කරන්ඩ එපා....බෙනරගම...

ඔයාකාර තරහා ගන්ඩ එපා මයෙ අම්මෙ.......මං හිතකින් දෙස් තිබ්බා නෙවෙ.....උඹල එනකන් මේ මුනකට දකිනකන් මං ඇඟිලි ඇඟිලි තරම.....උඹ එන බව අර කැලෑ හදට කනෙ තියාපු තරම උඹ ට හිතන්ඩවත් බැරිවෙයි කලාත්ම හාමු...උඹට බනිනකොට ඊට වඩා දාස් ගුනයක් මට රිදෙනවා බන්....මයෙ පපුව පුපුරනවා...

........උඹට විතරද රිදෙන්නෙ මන්දාරම්...උඹට විතරද පපු පුපුරන්නෙ....මට උඹ වෙනුවෙන් කරන්ඩ බැරි දෙයක් නෑ ..උඹ ඒක දන්නෙ නෑ බන්...මට කොලඹ රටෙන් ඕන තරම් එවුන් මූනට හම්බෙනවා...සල්ලිබාගෙ කට කපලා තියන එවුන් හම්බෙනවා...ඒත් මගෙ පපුවෙ පැලපදියම් උන එකම එකා උඹ වෙනකොට උඹ තරම් මට ලෝකයක් නෑ මන්දාරම්.....

ඒකියලා මේ කොරන්ඩ ගියපු වින්නැහිය හොදද කියපන්කො....???

.......උඹ රිදවන එවුන්ව මරල දාන්ඩ මන් දෙපාරක් හිතන් නෑ මන්දාරම්....මුලු ගමම එකතුවෙලා වේස පද හැදුවට...උඹ කවදද ආපිට උන්ට පදයක් හැදුවෙ ..කරබාගන හිනා වෙලා ආවා මිසක්.....සමාව උනත් ඕනාවට වඩා දෙන්න එපා මගෙ බෙනරගම...සමාව උනත් මාත්‍රාව පිටපන්නලා දුන්නම විස වෙනවා...

..........

මන් එයාව දෑතින්ම තුරුල් කරගත්තා....ගුරුපාර පාළුවට යනවා මිසක.....වතුර ඩින්ගිත්ත ගන්ඩ එනඑවුන් එන්නෙත් නැකත් බලලා වෙද්දි මේ වෙලාවෙ පාරෙ යන්ඩ බලු බල්ලෙක් නෑය කියන්ඩ ඉරහද වගේ විස්වසෙට දන්නමන් මයෙ දෑත බදලම මයෙ රන්කදව තුරුල් කරගන ඒ ඉහමුදුන ඉඹගත්තා....

එයා කියවනව....පපුවට බර වේගන කියවල කියවලා අවසානෙදි මයෙ දිහාවට ඇස් උස්සලා බලනවත් එක්ක අනෙ ඒ ඇහි අගිස්සෙන් ආයම කදුලක් ඉපදිලා කම්මුල දිගෙ ගාලගන ගිහින් වේලුම් කාපු මහපොලවට වැටිලා අතුරුදහන් උනා

උඹව තේරුම් ගත්ත එකෙක් නෑ මගෙ මන්දාරම්...උඹව හරි විදිහට තේරුම් ගත්ත එක කාලකන්නියෙක් නෑ ....උඹ දෙන බත් කටට පවා උන්ට බුදුවෙන්ඩ කියලා පින් දුන්නට...මගෙ කොල්ලො....උඹගෙ පින් ගත්ත ඒවුන් උඹව තේරුම් ගත්තෙ නෑ.....

මන්දාරම්.....මිනිස්සුන්ව ආවට ගියාට තේරුම් ගන්ඩ බෑ මගෙ ලමයො.....මං උඹ ගාවට ආවයි කියලා...උඹගෙ ළඟින් උන්නා කියල තේරුම් ගන්ඩ බෑ...මං එක තත්පරේකටවත් උඹ කියන මනුස්සයගෙ ආත්මෙ මට වැලදගන බලන්න ඕන....මං එහෙම කෙරුවා මන්දාරම්...

මං එහෙම කෙරුවා මගෙ මන්දාරම්....මං එහෙම කෙරුවා...කලාත්ම සියපත් ආකාස බ්‍රහමනගේ කියන මම මාවම මරලා දාලා සම්පූර්නම මිනිකපන කොල්ලෙක් උන යශෝධ බෙනරගම උනා මන්දාරම්...

මට රිදුනා බන්...ගෑනු විදින විලිරුදාවට අන්තයි.....වැවක් තරම් පිටාර ගලන්න ආදරෙ තිබුන මටම වැවකට අන්ත දුකක් දැනුනා බන්......මට උඹවෙනුවෙන් මැරෙන්ඩත් පුලුවන් මරන්ඩත් පුලුවන් .....

.......මැරෙන එක නෙවෙ ආකාස හාමු...ආදරෙ වෙනුවෙන් කරන්න ඕන එකම දේ ජීවත් වෙන එක...මැරෙනවට වඩා වීරකමක් මැරෙන්ඩ දාහක් හේතු තියාගනත් ජීවිතේ ජීවත් කරන එක....

අවසානෙදි මං ඒ ඔලුව අතගාලා නලලට ඇබිත්තකට නැති හාදුවක් තියනවත් එක්කම මගෙ හාමු තැනගෙ මුනට ආපහු අරහුරුපුරුදු භාව ප්‍රකාශ අරක් ගන්න ගත්තා.....

හ්ම්ම්...මං ආදරෙයි උඹට.....මං උඹට හුගක් ආදරෙයි...මන්දාරම් මගෙ ආදරෙ ඇතුලෙ තියන හැම හැගීමක්ම ලෙහ ලෙහ කියන්න මේ ලෝකෙ තියන කිසිම භාශාවක වචන ඇතිවෙන එකක් නෑ මන්දාරම්...මං උඹට කිව්වා...දවසක සංසාරෙ වේලපහින් අහවර කරන්න හිතුනොත්...ඒ ගමනත් අපි එකටම යන් කියලා...බෙනරගම....ඒත් සිද්ධාරතයොත් බුදුවෙන්ඩ ගියේම සැප විදලනෙ.....එහෙව් එකේ.....මගෙ හිත ආස නැද්ද දවසක එකම තත්පරේකට වත් තුවාල උන ආත්මයක් උහුලන් ඉන්න උඹ සැප විදිනවා දකින්ඩ.......

...........දැන් මේ කතාව ඇති මයෙ හාමු...වරෙල්ලා යන්ඩ....උඹලට තෙහෙට්ටුවනෙ....මේ කටු පපුවට තුරුල් වෙලා තව කොච්චර වෙලා මෙහෙම්ම ඉන්ඩද.....?

ආකාස හාමු තව තව තුරුල් වෙනවා....සැපක් කියන නාමයක් නැති උනත් අර බිලිදත් පොරකකා තුරුල් වෙන්නෙම මයෙ පපුවට වෙද්දි අනෙ ආකාස හාමුත් කරන්නෙම යන් කියලා මං දැන් කට ගෙවාගන කිව්වත් තව තව මයෙ පපුවට එබෙන එක.....හිතුමනාපෙට කමිස බොත්තම් හොර හොරාවට ගලව ගලව තව තවත් අර රැවුල වැවුන කම්මුල මයෙ පපුවට තෙරපගන්නකොට අනෙ යන් යන් කියන මමත් මයෙ ආදර පරානෙ තුරුල් කරගත්තා....

කටු උනත් මොකද මට උඹගෙ පපුව හරි සැපයි බෙනරගම....

හරියටම රතියක් හතියක් වැටෙනකම්ම රහ බලන්ඩ ඕන කරන නාරිය අන්තෙටම හිදුන ප්‍රේමගෙ කාඨක පපුවට අපෙ එකා වහ වැටිලා වගේ මාත් මේ පපුවට හරි ලෝබයි මන්දාරම්...කොලඹ ඉන්න එවුන් හවස් යාමෙ වෙනකොට යකඩ කදන් උස්සන්ඩ ජිම් අස්සෙ රිගුවට...පුලුවන් තරම්.යකඩ උස්සලා පපුවවල් පුම්බගත්තට මට ඒ දකින පපුවට වඩා උඹගෙ මේ පපුව පුදුම සැපයි මගෙ ලමයො...

මේ උරහෙට බර වෙලා අනන්තයක් නැති කතා ගොඩක් අහන්න....මේ පපුවට තුරුල් වෙලා මුලු ලෝකෙම අමතක කරලා උඹ මත්තෙම නහින්ඩ මං පුදුම තරම් ආසයි මන්දාරම්.....

........ඇති වෙනකන් තුරුල් වෙයන් ආකාස හාමු.....මේ දුප්පතා ගාව උඹලා සනීපෙන් නම් මට ඒකත් ඇති...

දුප්පත්.....හ්ම්ම්ම්ම්ම් දුප්පත් උනාට උඹලගෙ හිත පුදුම තරම් පෝසත් .....කටු කටු කිව්වට පිරිමියෙක්ට ඕන කරන පලල් උරහෙකුත් ....දැඩි උන පපුවකුත් උඹට තියනවා....මං මේ පපුවෙ බිම් අගලක් අගලක් ගානෙම මගෙ පපුවෙ කොටාගන්නවා මන්දාරම්....

.......අර සීගිරි ලලනාවන්ගෙ වගේද සුදුමහත්තයා.....ඒ වගේද මාවත් කොටාගන්නෙ....ගලකම කෙටුවා නම් ඉවරනෙ ඉතින්....

විජ්ජුලතා වගේ...පිස්සුද ලමයො උඹට.....මගෙ එකාගෙ පපුව දාස් ගානකට බලන්ඩ දෙන්ඩ තරම් ඇම්මක් මට නෑ....එහෙම උනෝතින් ඉතින් මට වෙන්නෙත් උඹගෙ රූපෙ ගලෙ කොටලා ගලෙන් පැනලා මැරෙන්ඩ...අර සීගිරි වැලපිල්ලෙ තියෙන්නෙ...මරනවා මං උඹව.....

ඊරිසියාව....

නැතුව.....කාශ්‍යපට පුලුවන් උනාට අර ගෑනිගෙ අඩ හෙලුව තව පරම්පරාගානකට බලන්ඩ දෙන්ඩ....මට බෑ ඒ විගඩම කරන්ඩ....

ම්න්...ම්න්....එහෙනම් හිතේ කොටාගන්ඩකො....

කොටාගන්නවා තමයි....මේකත් මෙහම උන්නට හෙන නපුරුයි.....ගමේ උන්ට විතරයි පූස් පාට්....යකො මේ කොල්ලා මාව කන්ඩ හදපු තරම්....තරහා යනවා බෙනයට...

මං හිනා උනා ...දැන් දැන් ආය ආයමත් අර පරන පුරුදු රේඩියෝ එකම වැඩකරන්න ගන්නකොට මගෙ පපුව අරගක්ගත්ත මහා බරක් අතුරුදහන් වෙලා යනවා වගෙ දැනුන මං බරටම හුස්මක් ගන්නකොට මන් බලාගන හාමු තැන මහෙ බෙල්ලෙ තබුන කලුපටියත් දිවි දලදෙකත් එහා මෙහා කර කට කට පොඩ්ඩක් උල් කරනවා....කරකවාපු උඩු රැවුලත් අහංකාරෙත් එක්ක හාමු තේජස පිටාර ගැලුවට මොකද හිටපු ගමන් මේකලාට හුරුතලයක් ඉහට ගහන් එනකොට අනෙ අරතේජස කැලෙ දුවනවා.....

මන්දාරම්....

ම්න්...

ඇත්තමයි....උඹ තනිකරම අර සින්හල කාලෙ පරන චිත්‍රපටිවල ඉන්න නලුවෙක් වගේ...මන්දාරම්ට මතකද විජේකුමාරතුන්ග එක්ක මාලනි උන්න පරන ෆිල්ම් එකක් තිබ්බා බැද්දේ ගම කියලා.....ආන් ඒක වගේ...

වටින් ගොඩින් ඇහෙන මේ සද්දත්...කැලෑ සුවද ඔතාගන යන මේ හුලන් කැටියත් එක්ක කැරලි ගැහුන කොන්ඩෙකුත්...ඝන රැවුලක් වවාගන දිවිදල දෙකක් එල්ලන් ඉන්න ඉලන්දාරියෙකුත් කියන්නෙම පරන චිත්‍රපටියක්මයි මන්දාරම්....උඹ තනිකරම ඒ වගේ.....

ලා රෝසපාට මැරිලා ගොයපු ගොරහැඩි දෙතොල්....බුලත් හපෙ කටෙ ගහන් ඉදලම යන්තමට කහවේගන එන දත්...

උඹලා.....මේ...මොනවද....කර...න්නෙ.....

විදිනවා....ගම රටට බලන්ඩ ගලෙ කෙටුවෙ නැති මන් මගෙ කොල්ලව විදිනවා....විදින්න තහනම් නෑනෙ...මගෙනෙ....මන් උඹගෙනෙ...දැම්මම කන රතුවෙලා...පුදුම කන රතුවිල්ලක්නෙ මේක.....

මයෙ කන ආයමත් රත ගහලලු.....වෙන්න ඇති මටම දැනෙනවා මයෙ කනට ගිනිගල් බැදලා කියලා.....මෙච්චරවෙලාම පපු පදාඒ අල්ලගන උන්න හාමු තැන හිමි හිමීට මයෙ උගුරු ගැටෙත් අතගාගන ඊලග පාර නැවතුනේම මයෙ දෙතොල උඩ වෙනකොට මටත් නොදැනිම මයෙ යටි තොල හැපුනා.....

හාමුගෙ සිනිදු ඇඟිලි තුඩු සිනිදුවට මගෙ තොලම අයිති කරන් රටා අදිනකොට ගිලෙන්ඩ ගියපු කෙලපිඩු පවා මට හිරවෙන්න ආවා.....

මට හාදුවක් තියන්න ඕන මගෙ මන්දාරම්....

හාමු තැන කොදුරනවා...කොදුර කොදුර මගෙ යටි තොල් පෙති දිහාවට එබි එබි හාදුවක් තියන්න ඕනකියනකොට දෙතොල් හාදුවක් මොනවගේද වත් නොදන්න මගෙ හුස්ම හිරවෙන්න ආවා.....

හ්...හාදුවක්...

ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්....හාදුවක්.....බරම.බර....මගෙ ලමයා කවදාවත් හාදු තියලා නෑ....

න්...නෑ...හාමු.....

ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්...උඹගෙ හාමු තැන තියලත් නෑ....කුලුදුල්ම හාදුව උඹගෙන් මට....මගෙන් උඹට.....මන් ආසයි මන්දාරම් මේ දෙතොල වරුගානකට මගෙන් ඉදුල් කරන්න.....ඉස්සරෝම උඹ මගෙනුත්....මන් උඹගෙනුත් ඉදුල්වෙන එකම මට පිස්සුවක් මන්දාරම්....

මට කියාපන්....මන්දාරම් වෙනදට වඩා අද කැලෑ ගමට පායන හද පුදුමාකාර ලස්සනවෙයි නේද.....නෑ...ලස්සන වෙයි නෙවෙ...පුදුමාකාර රොමාන්තික වෙයි.....මේ දෙතොලත් වැහිබිදක් නැති වේලුම්කාපු මහපොලව වගේමයි.....ඉරි ගිහිල්ලා.....රලු වෙලා....මහපොලවට පින් මදි උනාට කාරි නෑ වැහි කදුලෙන් නෑවෙන්ඩ...ඒඋනාට මන් මනාපයි රත්තරන් මුහුර්ත බලලම හද එලිය යට හාදු වැහිවලින් මේ දෙතොල තෙමලා දාන්න....

......

කියපන්....ආකාස හාමුට අවසරද.....

ම්ම්ම්ම්....අවසරයි...

කියාපන් මන්දාරම්....කැලෑගමෙ කොයිම කොනක හරි අවාරෙ වෙරලුමල් පීදිලාද.....

........වෙරලුමල්...?

ම්ම්ම්ම්....වෙරලු මල්....ගහන් යන උඩුහුලන් රැල්ල මගෙ කනට කොදුරනවා කැලෑගමෙ වෙරලුමල් පීදෙන්ඩ අවසර ඉල්ලනවා කියලා....මට කියාපන් රත්තරන් ..පීදෙන මලට පීදෙන්ඩ දෙමුද....?

...........

මන්දාරම් මේ...මේ අර අරවා නේ....?

පඩගෙඩි නේ...මේන් කහ ගැහුන ඒවා තියනවා.....

චි....හ්....එපා ඔව්වා කටෙ ඔබාගන්ඩ...ගැරඩිත් සූප්පු කරලා ඇති.....

එපා කිව්වනෙ....උඹලගෙ වැඩේම ජරාව කටෙ ඔබාගන්න එක...

පිස්සු...මේවා රහයි ..ගැරඩින්ට පඩගෙඩි සූප්පු කරනවට වඩා වෙන වෙන ඒවා ඇති සූප්පු කරන්ඩ....ඔයාටත් ඕනද....මේ...රහයි අනෙ....

අර රෝමාන්තීක මිනිත්තු අහවරයි....ආදර පරානගෙ ආදර කතාවල බරත්....පීදෙන්ඩ අවසර ඉල්ලන වෙරලුමල්වල පුසුඹත් දරන්ඩ බැරි තැන්වල මං මයෙ කුලුදුල් හැගීම්වලට රෝමාන්තික රහසක් කොදුරලා හීන් සීරුවට මයෙ ඇගේ එල්ලීගන උන්න මගෙ හාමු තැන අනිත් පාර කහ ගෙඩි තිබුන පඩවැලක් අල්ලන් නහින්න ගත්තා....කොලපාට ගෙඩි මග ඇර ඇර කහ ගහපු ගෙඩි කඩ කඩ කටේ ඔබාගන්ඩ හදනකොට මං කෑ ගැහුවත් මොකද එපා කියලා කට වහන්ඩ කලියෙන් ගෙඩියක් පලල කටෙ ඔබාගත්තා ....

චි ....හ්....එලියට දාපල්ලකො ඕක....හැම ජරහන්තෙම කටෙ දාගන්ඩ එපා හාමු....නයිපොලොන්ගුත් ලොවනවා....

පි...ස්...සූ.....ම්..මෝ...අර අතට ගැහුවා ...පඩෙ බිම වැටුනා...මොකෙක්ද මන්දා .....මේක මහ පුදුම කෙලියක් උනානෙ...ගඩා ගෙඩියක් කටෙ දාගන්ඩ බෑ දාහක් බන කතා කියනවා....

උඹලගෙ මුරන්ඩුකම නම් අහවර වෙන්නෙම නෑ...දැන් යන් යන් කියලා සියවතාවක් ජප කරනවා යන්ඩ එන්නෙ නෑ....උදේට කන්ඩ තියාගන ඔය ජරහන්ත ගිලින්ඩ එපා හාමු.....

අපෙ පියුමා කිව්වා ඔයා ඌට දවසල් දිඹුල් ගිහින් දුන්නා කියලා...කොහෙන්ද ඒ...????

......ඒකත් කනෙ තිබ්බද???

ම්න් ඉක්මනට අහක බලාගත්තා....කිව්වත් වගේ මේ පියුම් හාමු පැඩ්ඩත් ඒක මේකගෙ කනෙ තියනවනෙ....අපරාදෙ පව්නෙ කියල ගිහින් දුන්නම ඒක ඒ හදිසියට මේකගෙ කනට තියල දැන් ඉතින් ආය දිඹුල් ගස් බඩගාපන්කො...

ආ....කනෙ තිබ්බද අහන්නෙ ...ඔව්....ඉතින්...ඌ මගෙ අයියනෙ ..අනික මං පියුමට කියලා තියෙන්නෙ ඔයා ගැන ඇහැගහන් ඉන්ඩ කියලා.....ඇයි ඉතින් දුක්ගන්නා රාල වගේ ගමේම එවුන්ගෙ දුක ගන්නවනෙ....කොහෙන්ද දිඹුල්.....හහ්..දිඹුල් විතරක් නෙවෙ..ඌට එක එක ජාති ගිහින් දෙනවලුනෙ...ඇයි ඌට ප්‍රේමගෙන් ළමයෙක් හිටලද....

චි....හ්!!!ඕන් කිව්වා කතාවක්...හපොච්චියෙ....මොනවද හාමු ඔය අහන්නෙ...?ඔය ආයම කටෙ ඔබාගන්නවා.....ඔය මගුල් කටෙ ඔබාගන්ඩ එපා හාමු ....බඩවල් කැක්කුම් ගනි

ගත්තදෙන් ...අපිට දිඹුල් ගෙනත් දෙන්ඩ බලුබල්ලෙක් නෑනෙ....පඩගෙඩියක් වත් කනවා...

මාව ආයම කිල්ලට අහු උනා.....කොච්චර එපා කිව්වත් හාමුවගෙ වැඩේම පඩවැලම ගිලින්ඩ හදපු එක වෙනකොට මේ කරච්චලේට අහු උන මට මේකවත් දලා ඉස්කෝලෙ ගාවට දූවලා පියුමට අර කාපු දිඹුල වමාරින්ඩ දෙක තුනක් දීලා එන්ඩ හිතුනා...

මට දිඹුල් කඩන්ඩ යන්ඩ ඕන.....අනික කැලෑව අස්සෙ තව හුගක් ජාති තියනවලු.....තියනවලු නෙවෙ...අරූට සීනීපේරත් දීලා ..මොකො ඔව්ව ගෙදර තියනවද .....නෑනෙ.....මටත් ඌට දුන්න ඒවා ඔක්කොම ඕන....

සුදු මහත්තයා ...දැන් ඔය කියන්ඩ හදන්නෙ වලෙ බහින්ඩ ඕනයි කියලද.....ඒකත් මේ ආපයින්ම....??හිස්බඩ ජරාව ගිල ගිල දිඹුල් ගස් බඩගාන්ඩ හදන්නෙ.....ඇරත් මේ වෙලෙ ඔව්වට ගල් ගහන්ඩ මට බෑ...මේ උදෙම්ම....

මං.රවාගත්තා...මට ඕන උනේම මේකවත් ඇදන් ගෙදර යන්ඩ වෙනකොට මං බලාගන මගෙ අංකර කෙක්ක ඔලුව කස කස ඉදලා අතේ තිබුන පඩගෙඩි දෙක තුනත් වීසි කරලා හොරෙක් වගෙ මගෙ ගාවට ඇවිදින් දබැරැගිලි දෙක එකට වද්ද වන්න ගත්තා...

ඉතින් ..ගස් බඩගාන්නෙ මොකටද.....දිඹුල දිඹුල නෙවෙනෙ තියෙන්නෙ...වල්ල වල්ලනෙ....ගල් ගහන්නෙ මොකටද.....ගල් ඕන නෑ.....

ඉතින්.....එහෙනම්....මොකො ගහ පාත්වෙනවද...

නෑ....

..........මට බෑ මේ උදෙම්ම ඔය කැලෑව අස්සට රින්ගල ඔය මගුල් කඩන්ඩ...ගල් නොගහා කඩන්ඩ බෑනෙ....

ඉ...ඉතින්.....අනෙ...අරක තියෙන්නෙ....

කොරක.....????

බැරිම තැන මං මගෙ ඉනට අත්දෙක තියාගත්තා....හාමුවගෙ වැඩේම අර අපූරු සපත්තුවෙන් දූවිල්ල අවුස්ස අවුස්ස මොන මගුලට හරි කට හද හද අවසානෙදි මගෙ කමිස කොනින් ඇද්දා....

අරකෙන් තියමු....මං තියන්නම්.....ගල් ගහන්නෙ මොකටද....වෙඩි තියලා කඩමු.....

දෙයි හාන්දුරුවන්ගෙ නාමෙන්....අනෙ හාමු....උඹලට මක්කද අප්පා වෙලා තියෙන්නෙ....හවහට...හවහට මං ගස් බඩගාලා හරි කඩලා දෙන්නම්...දැන්වත් යමල්ලකො....

හවසට...එතකොට මං.....මටත් එන්ඩ ඕන...මාත් එනවා....

හ්ම්...හවහට ....දැන් නෙවෙ.....

හා....ශුවර්නෙ.....පච නම් කෙලින්ඩ එපා .....අනික මේවල වල් ඌරෝ හරියට ඉන්නවලු මන්දාරම්... වල් ඌරුමස් එක්ක පොල් රොටි පුදුම රහයිලු....රහයිලු නෙවෙ මං එකපාරක් යන්තමට කාලා බලලා තියනවා.....පොල්‍ රොටි එක්ක පුදුම රහයි ....

හපොච්චියෙ....පෙරේතකමක තරම.....

පෙරේතකමක් යෑ...මේක ආසාවනෙ....එක්ක යනවද ...නැත්තන් මං යන්නද....මට යන්ඩ ඕන...අනික ඔය වලවල් අස්සෙලුනෙ වල් ඊරියො පැටව් ගහන්නෙ .....මට උරූ පැටියෙක් අරන් යන්ඩ ඕන...අඩුම ගානෙ ඒකා ලොකු උනහම දලෙන් ගජමුතු වත් ගන්ඩ බැරියෑ....

මං නෙවෙ කටක් හෙලෙව්වෙ...මේ කට එක්ක කතා කරලා දිනන්ඩම බැරි මං අවසානෙදි හවහට එක්ක යන්නම් කියලා කියනවත් එක්ක මං බලාගන හාමු තැනගෙ ඇස් දිලිහෙන්න ගන්නවා.....ඒ මදිවට ඌරු දලකින් ගජමුතුත් ගන්ඩ හදනවා.....

හැබැයි පොරොන්දු පිට....මං අහක බලන ඩින්ගිත්තට හැමජාතියම කටේ ඔබාගන්නෙ නෑය කිව්වොත් හා....නැත්තන් බෑ.....

ආ....මේක හරි කෙලියක්නෙ....එහෙම කොහොමද...අනික කැලෑගෙඩි කොච්චර රහද.....ඒක බෑ...ඒක බෑ.....මට මොනවම හරි කටේ ඔබාගන්ඩ හිතුනොත්...????

එහෙනම් උඹ නටාපන් ආකාස...!

මට නටන්ඩ බෑ.....චිත්‍රනෙ කෙරුවෙ...මේ....ඒක නෙවෙ.....මං අද රෑට පැල් රකින්ඩ එනවා.....

.......

ඇහුනද...???අපෙ අරුත් පැල් රකින්ඩ ආවලුනෙ....මාත් එනවා...අනික ඔයාට ඌරො එන වෙලාවට දුව දුව කෑගහන්ඩ ඕන නෑ...අරක තියනවනෙ..එකක් තිබ්බා නම් ඇති...

.......

මටත් බත් එකක් ගේන්ඩ.....මට බෑ අරකිගෙ පාවෙන පතෝල හොද්ද කන්ඩ...

.......

අනික පැල් රකින්ඩ හොදට කන්න ඕන...නැත්තන් කොහොමද රකින්නෙ.....

.......

දිඹුල් කඩාගන දිඹුල් කුඩුත් හදන් යන්....මේ මෙහෙ තල් රා තියනවලුනෙ....එක්කො ඌරෙක් මරාගමුද .....අරක තියනවනෙ...ඌරා දිව්වත් අවුලක් නෑ....මට තියන්ඩ පුලුවන්.....

........

මෝ....මේක පුදුම කෙලියක් උනානෙ....මං කියන වචනයක් ඇහෙන් නෑ වගේ යනවනෙ....

........

මං කියන එකක් වත් ඇහෙන් නෑ වගේ යනවා...කටවහන් උන්නටවැඩක් නෑ....මාත් එනවා....ඇවිත් පැල් රකිනවා....මං මෝටින් එකකුත් අරන් එන්නම්.....

හා....දෙයියො....හා.....දැන් වත් වරෙල්ලකො........

හා ඉතින්...මෝ අනෙ....මට තමයි ඔක්කොම ගෑස්.....මං මෙච්චර කද බැදන් ආවා....නිකන් වත් ඇහුවද මොනවද සුදු මහත්තයා මේවල තියෙන්නෙ කියලා...අපරාදෙ මං උරහිස් කඩාගන උස්සන් ආවෙ....

ආය තව මගුලක්....ආය තව මගුලක්..මගෙ ඉහයි කනුයි පුපුරන්න එන්නෙ...හාමුවගෙ කතාව හැම එකටම වෙඩි තියන්න හදපුඑක වෙනකොට ඒකත් ඉවසගන ඔක්කොටම හා කියන් ඇවිදින් බයිසිකලේට නැග්ග මං ආයම වටටම ඇන ඇන නහින්ඩ යන මගෙ අංකර කෙක්ක දිහා බලාගන ඇස් හීන් කරගත්තා....

දැන් ආ වංගියෙදිම මං ඇහුවනෙ බොලාලගෙන් ඕකෙ මක්කද බරට තියෙන්නෙ කියලා...එතකොට නේද අර කඩප්පුලි කතාවක් කිව්වෙ....

කොර.....කඩප්පුලීස්...???

......

කොර...මෝ...දැන් පච විද්දන තරම්...මගෙන් ඇහුවෙ නෑ.....

....කඩෙ එකී වෙන්ඩෑ එවෙලෙ පුපුර පුපුර කිව්වෙ දෙතුන් දෙනෙක් බාවන් ආවෙ බෙනරගමට තියෙන්නෙ එම්බාම් එක ගහන්ඩ කියලා.....අනෙ මගෙ කට...නැගපල්ලා සුදු මහත්තයා....

ම්ම්ම්ම්...මෝ....ඒවත් මතක තියන් ඉදල....දැන් ඉතින් පහු පහු වෙනකොට කොහු කොහු තමා නේ....

.අනෙ මයෙ අම්මෙ....උඹලගෙ වැඩේම අංකරේට එන්ඩ හදන එකනෙ.....ඇයිමේ...

ආදර මතක මගෙ මන්දාරම්...මට උඹ එක්ක ගෙවන හැම් විනාඩියම පුදුමාකාර තරම් මිහිරිවෙන්න ඕන....මිහිරැතිම මොහොතවල් වෙන්න ඕන....මටත් බඩගිනි...මං බඩ හිස් කරන් ආවෙම මගෙ මගෙ මන්දාරම්ගෙ අතින් කවාගන්න....ඒත්...එක තත්පරයක්.....රත්තරන් මං උඹට නිදානයක් ගෙනාව බෙනරගම....

මන් බලාගන උන්නා....මෙච්චරවෙලාම හුරුතලේට අංකර්‍රෙට පැටලුන මගෙ හාමු තැන ආයම අර පුරුදු ආදර පරානෙට පන දෙන ගමන් බරට බරේ තිවුන බෑග් එක අවුස්සලා නිධානයක් ගෙනාව කියන ගමන් මක්කද මන්ද දෙයක් අතට අරන් මගෙ අතට තියනවත් එක්කම අනෙ මගෙ හීන් උන ඇස් වල රැලි දිගෑරුනා.....

.අනෙ ..දලදාහාමුදුරුවනෙ........

දලදාවෙ අනුරූපයක් දාතුන්ව දරාන ඉන්න චෛත්‍යරූපයක් එක්ක ඇබිත්තන් බුදු පිලිමයක් ...

වලව්ව දලදාවට කිට්ටුයි මන්දාරම්.....දලදාව දකින වාරයක් පාසාම මට මගෙ කොල්ලව මතක් වෙනවා.....මං ආවෙම උඹලව දලදාවට එක්ක යන්ඩ බලාගනමයි මගෙ මන්දාරම්...ඒත්....මට මේක දැක්කම අනෙ උඹට දෙන්ඩ ඕනමයි හිතුනා....

මගෙ ඇස් යන්තමට තෙත්වෙගන ගියා.....අනෙ හාමුන්තැන ආවෙ මාව දලදාව වදින්ඩ එක්ක යන්ඩ බලාගන කියනකොට මට ඇස් පනාපිට සෝවාන් වෙන් පාර පේන්න තියෙද්දි ශ්‍රද්ධාව උතුරුන දෑහින් දලදාව දිහා බලාගන උන්න මං මයෙ තුන් හිතින්ම උන්වහන්සෙ වැදපුදාගත්තා...

ලෝකෙක නාථ වදනම් බුජ රාජ හංසං

වෙනෙය්ය කොමුද වනං වලිසීතලංහී

අද්ධින්දුකාර චර රූප විරාජමානං

වන්දාමි සාදු මමලං ජීන දන්ත ධාතුං!

උඹලට ජාති ජාතිත් මන් නයයි මගෙ ආකාස....දලදාව දෑහින් දකින්ඩ මේතාක් පින් නැතිව උන්න මට මෙ දුන්න වචනෙත් ඇති....උඹලව මට හදිගස්සාපු මේ සන්සාරෙට මන් නයයි මගෙ හාමු තැන...

*

*

*

දැන් නම් කිව්වත් වගේ බඩගිනී මන්දාරම්....කියන්නකො....මොනවද හැදුවෙ...ගේ ළං වෙන්න ලන්වෙන්නයි බඩගින්නත් වැඩි වෙන්නෙ...

මගෙ පපුවත් එක්ක හෝස් ගාලා ගියා...වරූවක් තිස්සෙ කියවලා.....කියවලා අවසානෙදි බයිසිකලේට නැග්ග හාමු තැන අනෙ බඩගිනී කියන ගමන් මගෙ මූන දිහා හැරිලා බලනවත් එක්කම මට දුක හිතුනා.....

ආන්...මං මයෙ අත්දෙකෙම්ම ඉදි අප්පමක් තැම්බුවා....අලකොල මාලුවක් එක්ක තව පොල් රොටියි ගලෙ අබරාපු ළුනුමිරිසකුත් තියනවා...උඹලට සරුවට කන්ඩ කියලා මයෙ අම්මා කොහොල්ලා නාගන පොලොස් ගැට දුසිමක් එක්ක ඔට්‍ටු වෙනවා හාමු.....

අනෙ මන්දාරම්...පොලොස් මැටි හට්ටියෙද හදන්නෙ ..කෙලත් බේරෙන්න එනවා ...රොටි ඉතුරු උනොත් මට තියන්න...මැටි හට්ටියෙ පොලොස් ඇබුලට රොටී ගෙඩි ඔබාගන කනකොට පුදුම රහයි මන්දාරම්....

මං හිනා උනා...අරහෙම රහයි මෙහම රහයි ගගා තල් මර මර කියවන කලාත්ම හාමු උන්නෙම පුදුමාකාර සතුටකින් වෙනකොට කැලෑගම මැදින්වැටුන බොරලුපාර්‍ර් මං හාමුවත් දාගන ආදර මතක පුලුවන් තරම් එකතු කර කර ආවත් මොකද ගෙයි පේනමානෙට හූවක දුර තියලා පන් මල්ලක් කිහිලි ගහන් වටපිට බල බල එන ගෑනු පරානෙ දැක්කා විතරයි මට බයිසිකලෙ අගලට කපන්ඩ හිතුනා.....

දෙයියනෙ ...මේකිත් මෙවෙලටම මුනිච්චි වෙනවනෙ.....නිකන් හරි මේකිගෙ හැඩ රුව එකක් නෑර පියුමා කියලා තිබුනොත් නම් කැලෑවැදිලා මක්කවත් කරන්ඩ වත් මේකිට හුස්මක් ඉතුරු නොවී යනවා....

මන්දාරම්....

අ..ආ...ඕ.....බේබි හාමු.....

වන්ගෙඩියක් කකුල් අස්සෙ හිරකරන් ඇවිදින්නා වගේ එන එකී මොකීද......මේකි අපි දෙන්නා දැක්ක වෙලේ ඉදන් එන්ඩ එන්ඩ ගමනබාල කර කර මග හිටිනවනෙ.....

ගමේ එකියක්නෙ...වතුර ගන්ඩ යනවා ඇති.....එකේරෙ ඉදන් වැවට එනවා කියන්නෙ මහන්සීනෙ .....

වතුර ගන්ඩ ...කො කලෙ ....කලේ වෙන්ඩෑ එහෙනන් ඒකි කකුල් අස්සෙ ගහන් එන්නෙ.....පොඩ්ඩක් හෝව් ..උඩු තොලට උඩින් කලුපාට ඉන්නෙක් ඉන්න එකියෙක්ද බලන්ඩ....

ම්..මොකක්...මොන ඉන්නො??

ඇයි මේ බය වෙලා ...ගොතෙත් එක්ක....

මං හිතුව හරි...අනෙ ගෙට ගොඩ වෙන්ඩ අඩි දෙකතුනනෙ....ඇයි දෙයියනෙ මටම මෙහෙම වෙන්නෙ...මං හිතුව වගේම පියුමා අරකිගෙ ඉන්නගෙ ඉදම්ම කියලා....මේකි එදා ඉදන් මගෙ මූනක් බැලුවෙ නෑ...ඒ උනාට හැඩ රුව එක්ක ගිහින් ගුරාට කිව්වොත් ඉදල අහවරයි....

අරකිලා එනව...කිව්වත් වගේ නවතිනව.....ආපිට කිහිල්ලෙ ගහන් උන්න පන් මල්ල දිගාරිනවා....ආයම එනවා...යන්තමට වගෙ පාතට නැවිලා ඒ මුන දිහා බැලුවා විතරයි මට උඩ ඉන්න දෙයියොත් සිහි උනා.....අනෙ දෙයියනෙ මේකා ආයම ජපකරනවා......

අර....ඉන්නෙ...හරි...හරි....ඉන්නා ඉන්නවා...පොඩ්ඩක් කකුල අද්දනවා...බඩු හෑව්...බඩු හෑව්...මේකි නේ ...මේකි නෙ ඔයාට අපෙ නෑනා පාවා දුන්නෙ...හිටපන්...මේකිව අල්ලගන්ඩමයි මං ආවෙ...

අනෙ සුදු මහත්තයා ...වදින්නම්...නිකන් ඉදිල්ලකො.....

මං පින්සේන්ඩු වෙන්න ගත්තා.....ගාට ගාට ආව එකි උන්නෙ මූනට මූන වෙනකොට ඒකි මගාරින්ඩ මන් කකුලට බර දාලා පැද්දත් මොකද තරහව හිතෙ තියාන ඉන්න හන්දා මුනටම බලන්ඩ බැරි එකී ඇස් කොනින් අපි දිහාව බලාගන යන්ඩ යනකොටම අනෙ මේකා මූනටම කඩප්පුලි කතාවක් කිව්වා!

කෙහෙල් දල්ලෙ සැපේ රැස්වලල්ලෙ තරමට ඇසුත් පොට්ට වෙන්ඩ එනවා....අපිට කොහෙද පූසෝ ඉතින් සම්පකාර උම්මලකඩ....නේද මන්දා.......රම්ම්ම්ම්ම්!

අනෙ....හ්...හාමු.....

හූ.....හූ....හොක්කි....හොක්කි...හෝ....!!හූ.....හොක්කි...හොක්කි...හෝ......

එකම විගඩමයි...අනෙ මේකා හාමු නම්බු බල්ලට දාලා හූ තියනවා........අරකිගෙ වෙගෙ තරම කියනව නම් බකල ගැහිල්ල තරමට හිර වෙන්ඩ ඇදපු චීත්තෙන් බේරුන තට්ටම් උඩපාත වෙනකොට කඩුල්ල ගාවින් බැහැගත්ත හාමුවා අරකිගෙ පැද්දිල්ල දිහා බලන් ඉදල ආයම කඩප්පුලි පදයක් හැදුවා ...

අම්....මො....අරකෙ විසාල.....අක්කර පහක් ඇති ඒකෙ තරම.....මන්දාරම්ට මතකද අක්කරපහ කියලා පොතක් තිබ්බා ....මෙතනම ඇති අක්කර දහයක්!!

අනෙ....ඇති හාමු ...පලයල්ලකො....

නෑ...නෑ...දැක්ක තැන මන් ඕකිට හූ තියනවා...හිටපන්කො.....පියුමා ඕකිගෙ ගේ හොයාගනනෙ....හොද පෝරියල් එකක් දෙන්නම් මං......

උඹලා නිකන් චන්ඩි ශ්‍යාමා වගෙ හාමු...

ඔව්.....මන් එහෙමයි.....උඹනෙ රෑ ඩැනියෙල් දවල් මිගෙල් වගේ ඉන්නෙ.....

මන් දත්මිටි කෑවා.....පියුමා හීබිච්චා වගෙ ඉදන් ගමේම රොයිටරෙ වෙලා ඔක්කොම කනේ පත්තු කරලා තියනකොට මේ හාමුවා මෙහෙ ඉදන් උඩ පැන පැන අරකිට තවත් දෙස් තියනකොට අනෙ පිල්කඩෙ උන්න අම්මයි අප්පච්චියි හාඋව දැකලා හිටගත්ත වගෙම මන් බලාගන නිකිනිගෙ මූනෙ හිනාවක් ඇදෙනවා.....

වංගියක් අඩමානෙට බුරාපු කලුවා මගින් මගට ඉව කර කර ඇවිදින් අවසානෙදි යන්තමට වන වන උන්න වල්ගෙ හොදටම වන වන ඔලුව තට්ටෙ කරගන්නවා එක්කම මෙච්චරවෙලාම ගෑනුන්ට හූ කියාපු "චන්ඩි ශ්‍යාමා" මාවත් දාල පැල දිහාවට උඩ පැන පැන වගේ දුවනකොට මන් අහගන වැටකඩුල්ල දිහයින් බයික් එකක සද්දයක් ඇහුනා....ඒ එක්කම මන් ඒ දිහාවට හැරිලා බැලුවා...

බෙනා....

මනෝරත්න මුදලාලි.....වෙන කවුරුත් නෙවෙ....නයින්ටියෙ ඇවිදින් උන්නෙ මුදලාලි වෙනකොට ගේ දිහව බලපු මන් ආපිට අඩියට දෙකට කඩුල්ල ගාවට ගියා .....

මන්දාරම්ගෙ අප්පුච්චෙ........

අනෙ....මෙ අපෙ කලාත්ම හාමුනෙ ...

මුදලාලි මහත්තයා....

දෙනියෙ මරනයක් වෙලා.....මිනිය තාම මෝචරියෙ....පැයක් හමාරකින් නිදහස් කරයි අරන් වරෙන්...එනගමන් ටවුමෙ කඩෙන් ප්ලාස්ටික් මල් බොකියක් අරන් වරෙන්...මැරිලා ඉන්නෙ බැදපු නැති අඩුවයස් එකියක්

එහෙමයි මුදලාලි !

🌸🌘...එන්නම්....හර්තේ...හ්හ්හ්හ්හ්

BYE

More Chapters