Ficool

Chapter 10 - 10

මා පුතා.....මක්කද උඹලා ඕක අතගාන්නෙ.....මන් දැන් බලාගන...උදෙ කහට කෝප්පෙත් හරියකට බිව්වෙ නෑ...

...........

උඹලට අප්පුච්චගෙ බත් පතෙ ලුනු ඇඹුල මදිද කියාපන්...?????

.......

බොලාගෙ අම්මා මේ වෙනකොට මගක් ඇවිල්ලත් ඇති ....උන්දැව එක්ක එන්ඩ

අප්පච්චි මං යන්නම්....උඹලා ඉදිල්ලා...මට පුලුවන් අම්මව එක්ක එන්ඩ...බයිසිකලේ චේන් එක පැන්නට කරි නෑ...මට පුලුවන් උන්දැව ඉන්දන් තල්ලු කරන් එන්න....

ඔය උඹ ඔය මක්කද කොල්ලා කරන්නෙ...බත් පත එහෙම්මයි....එක්කො බලාගත්ත අත.....මට කියාපන් මා පුතා මොකෙක් වත් බොලාගෙ හිත තැලෙන්ඩ පාහර කතාවක් කිව්වද...මීට එහා නම් මං ඉවසන් ඉන්නෙ නැ යසෝද.....ඉවසුවා...ඉවසුවා....එකෙක් නෑරම අමු අමුවට පද හදනකොට ඉවසුවා....මීට එහා නම් නෑ මයෙ පුතා...මල කදට බෙහෙත් ගහන මට පන එකා ලොකු නෑ....

අප්පුච්චා!!

මං කෑ ගැහුවා ...ඇත්ත අප්පච්චි ගෙ කතාව සම්පූරන ඇත්ත.....තාම ගෙවුනෙ හෝරාගානයි .....අනෙ හාමු මට උඹ නැති තත්පරෙත් කල්පයක් වගේ හාමු...උඹ කිව්වා වගේම මුලු ගුරුපාරම පාලුවට ගිහිල්ලා.....උදෙ නැගිට්ට වෙලාවෙ ඉදන් මං කරන්නෙ පිල්කඩ උඩට වෙලාබලාගත්ත අත බලාගන උන්න එක.....

කලාත්ම හාමු ඉදගත්ත තැන හිස්වෙලා ගිහිල්ලා...වෙන්දට කහට කෝප්පෙ අත් දෙකෙම්ම අල්ලන් බොන මට අද කහට එක ඇල්වෙනකනුත් ගානක් නැති උනා.....මං කෙරුවෙ කහට එක අතේම ඇල් වෙලා යනකන් ඔහෙ බලන් උන්න එක....මොන දෙ කරන්න ගියත් දහ වංගියක් විතර ඔලුව හරව හරව වැටකඩුල්ල දිහා බලපු එක....

අන් හාමු.....උඹ මේ ලියුන් කඩදහියෙ කෙබ්බයක් වත් ලියලා තිබ්බද.....

උඹ ඇත්තටම ගියාද කලාත්ම හාමු.....මේ තරම් ගමට ආදරෙයි කියපු උඹ යන්න ගියාද හාමු.....

කලාත්ම හාමු....සමාවෙයන්...මගෙ බැල්ම සමහර තැන්වල ගනකම් උනාට.....

ආයම අවස්තාවක් ලැබුනොතින් ගෙවන්න උඹ එක්ක එක විනාඩියක් වත් ...සත්තයි රත්තරන් හාමු අනෙ උඹ අහන්නත් කලියෙන් මං උඹ එක්ක මේ ගුරුපාරෙ අනන්තයක් නැතුවම ඇවිදන් යනවා.....

මගෙ හිතට තනිකරම සාංකාව වගේ.....පාලු අම්බලමක් හා සමාන හතර කුටීරයම දහයෙ කනිසම කනටවැටුන දා ඉදම්ම පිරිලා යන්න ගත්තා ....පාලුව පෑලදොරින් පැනලා ගිය හිත පුරාවටම අරක් ගත්තෙ සියපත් මහත්තය විතරක්ම උනත් ...අනෙ දෙවියනෙ කලාත්ම හාමු යන්න ගිහින් තිබුනෙම මගෙ පපු පදාසෙම අමු අමුවටම ගලවගන...

කාරි නෑ රත්තරන් හාමු ....පිට ගම් කාරයා උනත්....ජාති ජම්මෙ මක්කද දන්නවා උනත් බැල්මකින් වත් මගෙ හිත රිදෙව්වෙ නැති උඹට උපනුපන් ජාති ජාතිත් හරියන්න ඕන....හිත පුරාවටම බඹර තුඩක තරම් වත් වේදනාවක් හැංගිලා තියනව නම් ...අනෙ හාමු උඹට සතුට විතරක් උරුම වෙන්න ඕන ඒ හැම වේදනාවක්ම ඉර එලිය දැකපු ගමන් මලගම් යන පිනෛ බින්දු හා සමානව...

මා පුතා.....උඹලා ඔය කොහෙ යන්නයි....

රහ කර කර කන්න පෙරුම් පුරාගන ගත්ත හාම් මැස්සො හොද්දෙ රහ මැරිලා ගිහිල්ලා.....මැටි වලදක ඉදුන දවසක් පරන උන හොද්දක් මොනතරම් රසද ...ඒත් මගෙ රස නහර මැරිලා ගිහිල්ලා....

දෙකට පලාපු මලකද මෝචරි ලෑල්ල උඩ තියාගනත් හිරිකිතයක් නැතුව බත් පත කාපු මගෙ රසනහර අද මැරිලාගිහිල්ලා....

ගලේ ඇඹරාපු පොල් සම්බලක් එක්ක ඊයෙ හදාපු හාල්මැස්සන් හොද්ද එක්ක දවල් බත තිබ්බත් මට කන්න බැරි උනා.....උගුර මැද මක්කද මන්දා ගුලියක් හිර වේගන එනකොට මට බත් කෑම නීරහ උනා...කවදාවත් නැතුව අනෙ මං බත් පත මැටි මඩක්කුව අස්සෙ හන්ගලා හිස් උන මැටි කල දෙක උරහෙට අරන් එලිබැස්සා විතරයි බත් කටක් ගුලි කරන් නිකිනිගෙ කටට ලන් කරපු අප්පුච්චා මගෙන් කොහෙද යන්නෙ අහනකොට මං බලාගන මගෙ අබ්බගාත එකම නංගි එයා අතට ගුලි කරපු පියරු බෝතලෙ නිදානයක් රකින්නා හා සමානව තුරුල් කරගන් ඉන්නාවා...

හාමු...ගන්න පිට කරන හුස්මක් ගානෙම ඉන්නෙ උඹයි හාමු....බලන බලන තැන ඉන්නෙත් උඹයි හාමු...මොන කරුමෙටද මන්දා දරාගන්න බැරි පාලුව එලවගන්න දාලා තිබුන මගෙ පුංචි රේඩියෝවෙත් පපුව පිඩි කරන සින්දුවක් මෙ මද්දහනෙම පටන් ගත්තා...කලගෙඩි දෙකත් අතේ තියාගන බොර උන වැවට යන්න හදාපු මං හිතම ගිනියම් වෙලා තිබ්බ යාමෙක මිදුල මැද හිටන් පූටක අව්වට කරවෙන්න ගත්තා....

මල් මකරන්ද දෝතට අරං

නෙතේ කදුලැලි දරා

මං මග බලා සිටියා....

නෙතු ගනදුරට් තරුවක් වෙලා

ඔබ එතැයි සිතා

සිල් බිදලන්න නොහැකි නිසා මම

මග බලා සිටියා.....

මගෙ පපුවම ඇදුම් කනවා....මේ මද්දහනෙ කව්ද දෙයියනෙ අනූ අටයි දශම අටට මෙහෙම සින්දු දාන්න කිව්වෙ...

වචන වලට හරවගන්න බැරි වේදනාවක් දරාගන උන්න මං ,බලාපොරොත්තු ඇස්පනා පිට කඩා වැටෙන හැටි මෘදුවට කියන හැටි අහන් උන්නා....අවසානෙදි ආයමත් ප්‍රාතිහාර්‍යක් උනා වගේ මැලවුන හිතක් පන ගහන හැටිත් අහන් ඉදලා වැට කඩුල්ල පැනලා එන්න එනවත් එක්කම සරා සද ළඟ මා කියන කෑල්ල කලින්ටත් වඩා මෘදුවට ඇහුනා.....

මුලු ගුරුපාරම පාලුවට ගිහිල්ලා...නැ....ඇත්ත්ටම ගුරුපාරෙ තනිය මකන්න මොකෙක් මොකෙක් හරි මාව පහු කරන් ගියා.....අඩුම ගානෙ වැව් යාන්ගෙ දිහාවට පියාඹන කෑරලෙක් හරි මගෙ ඉහට උඩින් කෑගහන් පියාඹගන ගියා....

වේලුම් කාපු තනකොලත් පාලුවට ගියපු හේනක අතරින් පතර වැවුන තුත්තිරි ගසුත් නලවන් හමාගන යන හුලන් රැල්ලෙ එතිලා ඉද හිටක කැලෑමල් සුවදත් හමාගන ගියා...

ඇත්තටම පාලුවට ගිහින් තියෙන්නෙ මගෙ හිත.....

කලාත්ම හාමු.....මගෙ තුන් හිත්ම පාලුවට ගිහින් හාමු...

උඹ කිව්වා වගේම මේ ගුරුපාරෙ මන් දැන් දහ වංගියකට වඩා ගියා හාමු.....ඒ වංගි දහයටම සන්සාර කන්න අහුරකට ඇතිවෙන්න මට උඹලව මතක් උනා හාමු.....

උඹල පරිස්සමින් ඉන්න ඕන....අනෙ මට ඉල්ලන්න පුලුවන් මෙච්චරයි.....

*

*

*

මා....පුතා....මයෙ අම්මට දැන් හොදයි.....ඕ අම්මෙ....මයෙ කොල්ලට දැන් හොදයි....ඕ...මයෙ කොල්ලට දැන් හොදයිනෙ....

අප්පුච්චා හදා දුන්න් තොටිල්ලෙ බයියනවද.....ඔ.....ව්....මයෙ අම්මා බයියනවා...ඒකනෙ...රත්තරන්ට බයියන්නෙ නෙ හදා දුන්නෙනේ.....

බෙනා....කොල්ලා ඉදල්ලා මේ කහට ඩින්ග.....මේක බීලා හිටින් මදැ ඕකව හුරතල් කෙරුවා.....

මල් පිපෙනවා...පර වෙනවා...ඉර දන්නෙත් නෑ...හද දන්නෙත් නෑ...දවස් ගෙවි ගෙවී...දවස් ගෙවි ගෙවී තටු ලැබුන කාලය පියාඹගන යනවා.....

අද හරියටම දාහත් වෙනිදා.....මගෙ ජීවිතේම පාලුවට ගිහිල්ලා...හරියටෝම මේ වල් වැදුන හේන වගේ.....පියදාස මාමගෙ මලකද අහවර කෙරුවයින් පස්සෙ දවස් බාගයක් පහු වෙනකන් අධිකරනෙන් තැරි ගහපු මලකදකට එම්බාම් එක ගැහුවයින් පස්සෙ ආයම මිනි නැති උනා...රස්සාව එම්බාම් කරන එක කියලා පනපිටින් ඉන්න මිනිස්සු මරන්නයි හාමුදුරුවනෙ....

මයෙ අප්පොච්චා විතරක් පෙට්ටි හදන්ඩ යනකොට සමනට අයිති හේනෙ කැලැ වැදුන තැන් ආපහු එලි පහලි කරපු මං පැහීගන එන කැකිරි ගෙඩි දැහෙ තියාන රැක්කා...දවස ගානෙම මහ රෑ මදුරුවො තල තල රූස්ස ගහට වෙලා තට්ට තියෙන් පැල් රැක්කා...

දවස් ගෙවුනා...කලාත්ම හාමුත් සියපත් මහත්තයත් තරගෙට වගෙ අසරන මාව බෙනයක් ගානෙට හිස් කරලා යනකොට දහයෙ කනිසමත් නැතිව මං හූල්ල හූල්ල හුස්ම ගත්ත හැටි මටත් වඩා සක්කරයා දන්නවා...ඒත් පුදුමෙ කියන්නෙ මගෙ දුක වේදනාව දැකලත් ඒ ආසනෙ ගිනිගත්ත නැති එක....

සමහරක් දාට මගෙ ඇස් එලි වෙන්කම්ම කදුලු හැලුවා....මවාගන්න රූපයක් නැති මං කටහඩකට බැදීගන දුක් විදින විදිල්ල දන්නෙ මගෙ පපුවම වෙනකොට අනන්ත අප්‍රමානව මට හිතුනා පපු කුහරෙ පලලා හදවත එලියට අරන් පැත්තකට තියන්න...

කී දොහක් ගෙවුනද....කී රැයක් නම් මං බලන් උන්නද....කලාත්ම හාමු කිව්වෙ හෙට අනිද්ද අනිවාර්යයෙන්ම එයි කියල් උනත් හාමු ගියදා ඉදන් අද වෙනකන් දහයෙ කනිසමට සින්දු අරන් සියපත් මහත්තයා ආවෙ නෑ....

ඉතින් සොදුරිය මට කියාපන් අහසක් නැති තැන මන්දාරමක් නන්නත්තාර වෙනවා නෙවෙද....?

හිතක් පපුවක් නැතිව ගිනියම එවන අවුවෙන් බේරෙන්න ඉහට චීත්තපටවල් දෙකක් ගැටගහගත්ත සමනගෙ අම්මත් ගෑනිත් මහ පොලව එක්ක ඔට්ටු වෙනවා.....උදැල්ලක් උස්සන්න තියා හරි හැටි කල්පනාවක් නැති සමනගෙ අප්පා නින්දෙන් පවා හපන බුලත් චප්පෙ හප හප ඈත තල හේනක් දිහාව බලන් ඉන්නකොට ඉහින් කනින් දාඩිය හලාගන උඩත් මක්කවත් නැතුව උන්න මං සමනගෙ අප්පගෙ සරම් බොක්කට වෙලා සනීපෙට ඇගිලි ගොත ගොත උන්න මට ඉතුරු එකම නිවනව වඩා ගත්තා විතරයි අනේ මේකා පුංචි කමට මා එක්කලා හිනා උනා....

මයෙ ගාව දාඩිය කුයිලෙයි.....වැවට එබුනා වගෙ ඇගම තෙමාගන දාඩිය දාලා තිබුනා...ඒත් මුරන්ඩු මගෙ හිතට මේ ඔක්කොම දාලා අප්ප කම් කරන්න ඕන වෙනකොට හත් දොහක් කිට්ටු වෙන්ඩ ඉස්පිරිතාලෙ ලැගලා ගෙදර ආව මගෙ නිවනව මන් දාඩියෙන් තෙත් කාපු කලට නැතිව අකලට හිරිමල් උන මගෙ පපුවට තුරුලු කරන් මං ඒකා එක්ක වචනයක් දෙකක් දෙඩුවා.....

දෙයියන්ගෙ පිහිටෙන් පැටියා ගෙදර ආවා මදිවට මක්ක උනත් නෑම්බියක් ඉන්න පැලකට ගොඩ වෙලා අප්පා කම් කරන්ඩ බැරි හන්දා මං හදනකොට තොටිලි දෙකක් හදවන් එකක් මගෙ පැලෙ එල්ලුවා...මතක් වෙන වංගියක් ගානෙම මට ගිහින් බලලා එන්න තිවුනා....ඒත් සමනගෙ ගෑනිත් අලුත තටු දිගෑරපු සමනලියක්....කේඩෑරි බව හැබෑව.....ඒත් ඒකි ගෑනු ආත්මයක්.....තුන් හිතම වෙස්සන්තර වගෙ සියපතක් වෙනුවෙන් දන් දුන්න මම බය උනා ගමම ඒකිලාව මට පාව දෙයි කියල....

ඒකිගෙවත්...මගෙ හිතේවත් කොනක වත් පවුල් කන්න උවමනාවක් නැති කොට අනෙ මට බය හිතුනා මොනම බඹරෙක්ට වත් මේ මල දැකලා ආදරයක් ඇති උනෝතින් මං වගේ එකෙක් හන්ද උන් උන්ගෙ හිත්වල නිරපාරද කුනු එකතුවෙයි කියලා.....

සමනගෙ අම්මා මට කතා කරනවා...කහට එක බොන්ඩ කියනවා.....හැන්දෑ ඉරත් ඩින්ග කලකට ඇහැපියවන්න අවරට යනකොට කලුවර දෙබෑකරන් පුර හද නගින යන යාමෙක ආපිට මේ පැලට ලැගන් හේනට එන එවුන් එලව එලව මදුරුවො තල තල ඉන්න නියම වෙලා උන්න මන් අවසානෙදි කොල්ලව ආපිට මහ උන්දැගෙ උකුලට දීලා සමනගෙ අම්මා අතට දුන්න කහට කට්ටයි හකුරු කෑල්ලයි ඉල්ලන් මහ උන්දැ ඉදන් උන්න ගස් කොටෙම්ම ඉදගන්නකොට මං බලාගන දවස ගානෙම සිහි නරක් වෙන සමනගෙ අප්පා තට්ට තනියෙන් මක්කද මුමුනනවා....

බොලාට බත් ගෙඩියක් බැදලා තියන්නම්.....යමින් ගමන් වරෙන් බෙනා....

........

මයෙ කොල්ලා නැති උනයින්...වෙච්ච සන්තෑසිය.......

........

උඹත් නොහිටින්ඩ.....අපිවත් මහපොලවට පස් වෙලා යන්ඩපටන් අරගන බෙනා....

උනුහුමක් කියන නාමයක් ගැවිලා වත් නැති කහට කට්ටෙන් මං කහට උගුරක් ගිලිනවත් එක්කම සමනගෙ අම්මා කියවන්න ගත්තා....

උන්දෑ උන්නෙ බිම වැටීගන.....ඊටත් එහාපැත්තෙන් සමනගෙ ගෑනි....මහ උන්දැගෙ සරම් බොක්කෙ උන්න කොල්ලව හරහට ගත්ත ඒකි කොලු පැංචගෙ ඇස් දිහාව බලාගන කිරි දෙනවා.....ඒකිගෙ පනත් හරිහමන් විදිහකට හයිය නැති උනත් මක්කද කිසිම සරුවක් නැති දෙතන් වල ක්ශීර නාලිකා වලට ඒකිතරවටු කෙරුවා.....නොදරුවගෙ බඩ හිස් කරන්න එපාය කියලා ඒකි සර්වාංගෙටත් දෙස් තියාගන අර ඇබිති බඩ කිරි කදුලින් පිරෙව්වා...

"මන්දාරම්..."

.සමනගෙ අම්මගෙ කතාවත් ඉහලට අල්ලන් කිරි කදුලු උරන නිවන දිහාවත් බලාගන උන්න මාව එකපාරම ගැස්සිලා ගියා....

කලාත්ම හාමු ගියත් හරි මට මගෙ නම ඇහුන පලවෙනිම පාර වෙනකොට මාව ගැස්සිලා ගියා.....ඒ එක්කම කටහඩ ආ දිහාට මං ඔලුව හැරෙව්වා....

හත්දෙයියනෙ පියුම් මහත්තයා.....

බිබි උන්න කහට එකත් දාලා මං පියුම් මහත්තයා ගාවට දිව්වා....කලාත්ම හාමු ගියත් හරි...එදා රෑ ජාමෙ නවරත්න ගුරාගෙ ගෙදරින් මගෙ පැල්කෝටෙ ගාවට ඇවිදින් මට තියාපු දෙස් වලින් පස්සෙ පියුම් හාමු දෙතු දොහක්ම මගදි මාව දැකත් අහක බලාන ගියා...ජීවිතෙ කිසිම කාලෙක නොදන්න එකෙක් ගානට මාගාරින්න ගත්තා...

තැලිලා තැලිලා පොඩි පට්ටම් වෙලා උන්න මට මේ මග ඇරීම් අරුමයක් නොවුනත්...පියුම් හාමු මගෙන් මූන හනගන එක වේදනාවක් උනා.....ඒත්....දවසක ගොම්මනේම ඇවිදින් බේබි මගෙ සමාව ඉල්ලලා ගිය දා මගෙ පපුව පුපුරන්න ආවා....

තරහා වෙන්න එපා මන්දාරම්....මන්දාරම් එක්ක තුන් හිතක වත් අහිතක් නෑ.....මං මගෑරියෙ මන් හන්දා තව වතාවක් අර කමකට නැති ගුරාගෙ වචන වලින් මන්දාරම්ට රිදෙයි කියන කාරනේට.....කලාත්ම උන්නා නම් මේකා මැරුම් කනවා....මෙලෝ මනුස්සයෙක්ට අහන්න පුලුවන් කතා කියලා නෙවෙ ඒකා උඹලට බැනලා තියෙන්නෙ....මට මේකව මරලා හිරේ යන්ඩ හිතයි ඒ තරම් කේන්තියි....මං නම් මරන්න හිතලා හිත නවත්ත ගත්තා...ඒත් කලාත්ම උන්න නම් අනිවාරෙම්ම්ම මේකගෙ හත් දොහත් දීලා අහවර වෙලා.....

එහෙව් කියල දවස් ගානකට අතුරුදන් උන පියුම් හාමුම ආයම මාව හොයාගන ඇවිත්.....අනේ කලාත්ම හාමුගෙ පනිවිඩයක් වත්ද .....ඒත් බේබිට මොනවා කියලා නම් මා එක්ක හුවමාරු කරගන්නද...

යටි හිත දාස් ගනන් කාරනා හිතනකොට මං අඩියට දෙකට බේබි හාමු ගාවට දිව්වා....

ප්...පියුම් හාමු....

මන්දාරම්ට තෑග්ගක් තියනවා....

හ්...හාමු....මට....මට තෑග්ගක්....??මට තෑග්ගක් කියලද හාමු කිව්වෙ හාමු...

මගෙ ඇස් ගෙඩි දොඹ ගෙඩිවලට අන්ත උනා...මට තෑග්ගක්ලු....දෙයියනෙ මේ මොනාකාර ප්‍රාතිහාර්‍යක්ද ...ජීවිතෙ කිසිම තැනක තෑග්ගක් නොලැබුන මම පියුම් හාමු අතෙ තිබුන් පොත් මිටිය අස්සෙන් එලියට ගත්ත හතරැහ කවරෙ මගෙ අතට දුන්නා.....

ම්ම්....මේක කලාත්මගෙන්.....

කිව්වට විස්වාස කරාපන්....බලාගන ඉදලා ඉදලම පන ගිහින් උන්න මගෙ සර්වාංග අඩක ලේ නාලිකා ආයම පන ගහන්න ගත්තා...කලාත්ම හාමුගෙන් කිව්වා විතරයි මන් අර හතරැහ කවරෙ මගෙ දාඩිය පපුවට ඔබාගත්තා....හිතපු නැති වෙලාවක අනාරාධිත වැහි කදුලු හලන අහසක් සමානව මගෙ බොරපාට ඇස් වලින් බේරුන කදුලු කැටයක් තෙතක් කියන නාමයක් නැති මහපොලවට වැටුනා..."කලාත්මක හාමුගෙන්"ඒ වචනත් ඇති පුරන් කුඹරක් ඇස් පනා පිට පීදූනා!

හැබැයි නීතියක් එක්ක මේක දෙන්න කිව්වෙ.....

බ්..බේබි හාමු.....

අද දාහතනෙ....කලාත්ම කිව්වා මන්දාරම් දහයෙ කනිසම අහන වග...අද දහයෙ කනිසමෙන් පස්සෙ ඕක ඇරලා බලන්න කියලා.... හැබයි ඊට කලින් නම් බලන්න එපාමයි කියල දහ වතාවක් කිව්වා.....තව දෙයක්...එයා මන්දාරම්ට කියන්න කිව්වා.....

මොකක්ද බේබි හාමු...ක්..කලාත්ම හාමු මොකක්ද කිව්වෙ.....

කිව්වට විස්වාස කරපල්ලා මගෙ පපු කද ගැහෙනවා.....බේබි හාමු කිව්වලු දහයෙ කනිසම අහවර උනහම බලන්න කියලා...ඒ විතරක් නෙවෙ....තවත් මක්කද කියන්න කිව්වලු...

දවසක කැලෑ හද මන්දාරම්ගෙ නම කියලා කතා කෙරුවොත් මන්දාරම්ට බය වෙන්නවත් කලබල වෙන්නවත් එපා කියන්න කිව්වා....මොකද...කලාත්ම ඒ තරමට මන්දාරම් ගැන හද එක්ක කතා කරනවලු....රනින් කලවන් පුලුල් උරයක මොහොතක සැතපෙන්න හීන දකින බව සියපත් උනත් කැලෑ හදට කියයි කියලා කියන්නයි කිව්වා....

නාස් පුඩු ඉරාගන මගෙ නාහෙන් හුස්මක් පිට උනා...අනෙ දෙයියනෙ කලාත්ම හාමු උඹ මොනවද හාමු කරන්නෙ.....මං සියපත් මහත්තයගෙ කටහඩ මගෙ ආත්මෙම දන් දීලා අහවර බව දැන දැනම ඇයි හාමු උඹ මෙහම කරන්නෙ.....

හාමු....කලාත්ම හාමු ලියුන් කඩදහියක් එව්වද හාමු....

ඉදලා ඉදලා අවසානෙදි පියුම් හාමුගෙ බරම වචනවලට පස්සෙ මන් කතා කරගන්න වචන දෙක තුනක් හොයාගත්තා.....

තවමත් හතැරැහ කවරෙ මගෙ පපුවෙ දා බිදු පුසුඹ ඉවකරනකොට ඒ දිහාව බලන් උන්න පියුම් හාමු ලාවට හිනා උනා.....

කලාත්ම හරි....වනමලක්....අහිංසක ආත්මයක් අතින් අරන් එලි බැහැපු.....දන්නවද මන්දාරම්ව අයිති වෙන්නම ඕන හදවත සමනල තටුවක් හා සමානව මෘදුවට පිරි මදින තවත් ආත්මයක්.....මලයා ලියුන් කඩදහියකට කියල එව්වෙ ඕක විතරයි .....දවස ගානෙම දහ දොලොස් වතාවක් වත් කතා කරනවා....කතා කරලා...

කතා කරලා කතා කරලා මක්කද අහන්නෙ හාමු....බෙබි හාමු සනීපෙන් නේද හාමු....බේබිට මාව මතක් වෙනවලුද හාමු??

..........

ස්..සමාවෙන්න බේබි හාමු හිතලා නෙවෙ...මට කියවුනා...බේබි වගෙ උත්තමයෙක්ට මං වගේ එකෙක් මක්කට කියල මතක් වෙන්නද.....

මං ඉක්මනට මගෙන් උන වැරැද්ද හදාගත්තා.....බේබි හාමු කතා කෙරුවා කිව්වා විතරයි ලියුන් ගනු දෙනුව විතරක් පපුවට අල්ලගන තියනකොට ඔය ටෙලිපෝන් කතා ගැන අංශුමාත්‍රීක හැගීමක් මහ බරට පපුවට නොදන්න මං හාමුගෙ කටහඩ ඇහුවා කියන තත්පරේම මලානික මලක් හිතුවටත් වඩා වැඩි වේගෙන් පන ගහන් ආවා.....අහන්නත් කලියෙන්ම වචන නම් උන රොන් සුවද අගුල් දාලා බැදල වත් හිරකරන්න බැරියාමෙක පිටතට කාන්දු කෙරුවා...

ඒකෙ සමාව ඉල්ලන්න කොටසක් තිබුනෙ නෑ මන්දාරම්....එක්කො මං මන්දාරම් නොකියා යශෝද කියන්නද මල්ලි?

හ්...හාමු.....

නෑ.....ඒක කලාත්ම කියනකොට හරි හැගීම්බරයි කියලා කොයිම මොහොතක වත් හිතුන් නැද්ද.....???මට බෑ ඒ තරම් රහට ඔයාගෙ නම කියන්න...අපරාදයක් වෙනවා....ඒක නිසා මං ඔයාගෙ අප්පච්චි කියන්නා වගේ යශෝධ කියලම කියන්නම්...මන්දාරම් නම කලාත්මටම විතරක් අයිති කරන්නම්...ඉතින් මං ඔයාට කියන්න ගියෙ වරදක් නොකරම සමාව ඉල්ලන්නෙ මොකටද.....මං හිතන්නෙ නෑ කලාත්මට යශෝධව අමුතුවෙන් මතක් වෙන්න දෙයක් තියනවා ඇති කියලා.....අමතක වෙච්ච වෙලාවක් තිබ්බා නම් මට කියන්න තිබ්බා....

කලාත්මට යශෝධව අමතක නම්....ඔය හතරැහ කවරෙ කොහොමද මෙතනට.....??

ජහප් පුතා...හෝහෝ.....හෙමින්...හෙමින්...තන්ඩලේ.....දෙන්නා.....දෙපොලෙ..... දක්ක ...නවා....කටු කැලෙ....මයෙ කොල්ලගෙ කකුල් කැක්කුම අල්ලා....ඩින්ග දුරක් පලයල්ලා....තව ඩින්ගයි....හදයා...මා පුතා...

මාව ගල් ගැහුනා....අගලටවෙලා උන්න පියුම් හාමු තවත් ඩින්ගක් මගෙ ලගට ලන් වෙනවත් එක්කම ගුරුපාර දෙදරවාගන කරත්ත රෝද දෙකක් ගියා...

වියාපු පොල් අතු කප්පරක් පටවගත්ත කරත්තයක් ...තනිම දුඹුරුපාට හරකගෙ නලල මැදම සුදුපාට කෙස් රොදක්....ඒ හන්දම ඒකට හදයා කියල නම පටබැදිලා....නිකන් නෙවෙ ඒකගෙ ස්වාමියා හදය පුතා කියනවා...කෙවිට වෙනුවට අතින් තට්ටමට පාරක් ගහපු උන්දෑ කාගෙ මහන්සිය යන්නද මන්දා කරත්ත කවියක් කියාගන හදයවත් සනසව සනසව යන්න යනකොට මං පියුම් මහත්තයා දිහා ගොලුවෙලා බලගන උන්නා....

හාමු මට මල්ලි කිව්වා...ජීව්තෙ කොතනක ද මට නෑකමක් පටබැදුනෙ.....ඒකත් වලව් හාමුකෙනෙක්ගෙන් ???උඹලා වැරදිලා මහපොලවට පයගහපු උන් හාමු.....

බේබි මට මල්ලිලු....මන්දාරම් කියන එක රහටම කියන්නෙ කලාත්ම හාමු විතරයි කියලා මාත් අප්පච්චි වගේම යශෝද කියල කතා කරන්නද අහනවත් එක්කම මට හීනෙකින් වගෙ කලාත්ම හාමු මගෙ නම කියනව ඇහුනා...

මන්දාරම්

ඇත්ත.....කලාත්ම හාමුගෙ කටින් මන්දාරම් කියන වාරයක් වාරයක් පාසාම මගෙ පපුවට අකුනු සැර වදිනව... කම්පන ඇති කරනවා...ඒක හදවතටම දැනෙනවා....ඒත්...පියුම් මහත්තයට බැරි උන මගෙ හිතෙ එක වතාවක් වත් කම්පන ඇති කරන්න...

යශෝධ මං යන්නද එහෙනම්...ගොම්මන වැටීගන එනව....අර අම්මන්ඩිගෙ වැඩේම මං කොහෙට ගියත් විපරන් කරන එක....මට ඉන්න තැනක් තිබුනා නම් මං ඔයා කාර නිවට වෙන්නෙ නෑ.....මේක පුදුමකර කරදරයක් ...උන්දැගෙ වෑන්ජන තනිකරම කොහොඹ වගෙ....ගම්වල මිනිස්සුන්ට රසට උයන්න පුලුවන් ඒත් මේ ගෑනිට....උලුහාල්මයි....මොන ලබ්බටත් කෝකටත් තෛලෙ වගෙ උලුහාල්මයි.....හරිහැටි කෑමක් ඇගට වැටුනෙම නෑ...එක්කො ඕකිට කුද ගහපන් කියලා මන් බතක් මාලුවක් ලිපට තියනවා....ඒත් ඒ ලෝබකමෙ හැටියට මං සීනි බෝත්ලෙන් වැඩි පුර සීනි හැන්දක් ගත්තත් ලෙඩ රෝගවල ආදින කියනවා.....මට ඉහ රදෙ අල්ලනවා....

අනෙ මට දුක හිතුනා...කිව්වත් වගේ පියුම් මහත්තයව යන්තමට ඇදිලා ගිහිල්ලා...මහත්තයා කියන්න වගෙ අරකිලාට උයන්ඩ දන්නෙ නැතුවද........

මං යන්නම් යශෝධ.....මං මෙ එලිපහලොයට බැස්සෙ දාහක් ජාති බොරු ගොතලා...

බේබි ....තනියට මාත් එන්නම්...

කාරි නෑ....

ගොම්මන කිට්ටුයි බේබි.....පූටකෙ බැහන් ගිහින් අහවර උන හැටියෙ ගොම්මන ගහනවා....අරකට තැනක් නොතැනක් නෑ.....හිතුමනාපෙට කරක් ගහනවා...ඇරත් හේන්වල පුසුඹ උඩු හුලගෙ ගහල ඕකා තව ඩින්ග වෙලාවකින් හේන්වලට එනවා.....පෙරේදා යාමෙ මගෙ කටෙ කෙල නැති උනා ඕකව එලවගන්ඩ කෑ ගහලා.....

පියුම් හාමු තට්ට තනියෙන් ගොම්මන ගහන් එන වෙලාවෙ යන්න යනකොට වංගියක් සමනගෙ අම්මා දිහාව බලපු මං හාමු පස්සෙ වැටුනා....ඉර බැහැන් යනවා හද නැගන් එනවා....මේ ගෙවෙන්නෙ දවස් නෙවෙ ජීවන චක්කරෙ කියන්න දන්නෙ මේ ගමටම බෙනේ පවුල විතරක්ම වෙනකොට නොමැරෙන උන් ගානට ජීවත්වෙන එකෙක්ගෙ ගෙදර නවතින්ඩ ආව හාමුව මට තනියෙන් යවන්ඩ හිත හදාගන්ඩ බැරි උනා....

*

*

*

බේබි හාමු.....

හේනෙ ඉදන් මේ තාක් එනකම්ම මුනිවත රැකගන ආව මං ගුරු ගෙදර පේන මානෙදි පියුම් හාමුට කතා කෙරුවා.....කලාත්ම හාමු වගේ නෙවෙ...පියුම් හාමු කියන්නෙම පුදුමාකාර නිස්සබ්ද චරිතයක්.. කහපාට බතික් සරමට ක්‍රීම් පාට අත් කොට කමිසයක් ඇදන් උන්න හාමු අත් දෙකත් පිටිපස්සට බැදන් මීක් නැතුව කෙරුවෙම දම්පාට ගහන් ආව අහස දිහව විතරක්ම වෙනකොට මට හාමුගෙ දැහැන බිදින්නත් දුක හිතුනා....ඒත් මන් කතා නොකර කොහොමද කියාපල්ලා.....

ගැටගැහුන උගුරෙ රැල් බුරුල් කරපු මං අවසානෙදි බේබිට කතා කෙරුවා.....

යශෝධ....

මං මෙතනින් නවතින්නම් හාමු....අඩි දහය දොලහයි....මං බේබි වැට කඩුල්ල පයිනකන් බලාන ඉන්නම්...තුරුනුවන් සරනින් ගිහින් එන්ඩ බේබි.....

......ඔය හිතම සුව වෙන්න ඕන යශෝධ මල්ලි!

මං බලාගන උන්නා...සෙන්කඩගලින් ආව මේ පිරිමි ප්‍රාන දෙක ශාන්තිකර්ම කරල වත් ගොඩ දාන්න බැරිව ආතුර වෙලා ගියපු මගෙ හදවත හීන් සීරුවට සුව කරන් යනකොට මං බේබි දිහා බලාගන ඉදල ආයම වන්ගියක් කතා කෙරුව...

බේබි හාමු...

........??

.

හාමු.....අටෙ කනිසම ට විතර කඩුල්ල ලගට එනවද.....??

යශෝධ....

හාමු මං රෑට පැලට යනවා...ඒයමින් ගමන් බත් ගෙඩියක් දිගන යන්නම්...මයෙ අම්මට කටට රහට උයන්ඩ පුලුවන් .....බත්පත සරු නැති උනාට කාරි නැතිද හාමු....

උඹලට සීවලී හාමුදුරුවන්ගෙ පිහිටෙන් මේ සංසාරෙ කොයිම තැනකවත් බඩගින්නක් දැනෙන්න එපා යශෝද මල්ලි....පින්!

*

*

*

මයෙ පුතා....යසෝධ...

අපෙ අම්මා....

ඒ මහත්තයට මේවායි රහ අල්ලයිද කොල්ලා.....

උඹලා අතින් දෙන කරවිලෙ පවා පැනිරහක් ගන්නකොට මේවා රහ නැතිවෙන්නෙ කොහොමයි අපෙ අම්මා....

කලුවර දෙබෑකරගන් පුරහද පායනවා...පුරහද ඇවිදින් කලුවර මකා දානවා....කවදාවත් නැතිව මං අද ප්‍රේමනීය පුරහදකළුවරක් දකිනවා....

අටේ කනිසමට තව අඩ හෝරාවයි....හාමුව ගුරු ගෙදට්ට ඇරලලා ආව වෙලාවෙ ඉදලා වැවට ගිහින් ගිහින් කර ගිලා බැහැලා ගෙවිල යනකන්ම වතුර ඇදලා නංගිව නාවන්ඩ වතුරත් පුරවලා ඇගපත හොදන් හැම වේදනාවක්ම හේදිලා යන්න කහට කෝප්පයක් බීපු මං උන්නෙ පිල්කඩ උඩ ඉදගන හදට වැඩමකරාපු වටකුරු හද දිහාව බලාගන....

මගෙ පපුව ගැහෙනවා.....

.හාමුට පින් දෙන්න අරන් දීලා ගියපු බැට්ටි කෑලි දෙකත් දාපු ඇබිති රේඩියෝව මා එක්ක පැල් රකින්න යන්න ලැහැත්ති වෙනකොට කුසිය දිහාවෙන් මිරිස් මාලු හොද්දක් සුවදක් දැනුනා...

සියපත් මහත්තයො....උඹ අද එනවද.....

උඹ එනවා නේද... කී දොහක්ද....මං දවස ගානෙම උඹ එනකන් බලාගන උන්නා....අද් එයි ..හෙට එයි කියලා බලාගන උන්නා....ඒත් උඹ නෙවෙ ආවෙ....

මයෙ පුතා....ඉදල්ලා.....

ඩින්ගිත්තක් ඉදිල්ලා අපෙ අම්මා....

මෙච්චර වෙලාම කුසියෙ ලැගන් උන්න මයෙ අම්මා ඇදන් උන්න හැට්ට කරෙන්ම මූන පිහ පිහ උනුවට තිබුන බත් ගෙඩිය මට දික් කරනකොට හිතෙ තියන අමුතු හැගීම් වලටද මන්ද කටහඩ බලන් උන්න මට දැනුනෙම කටහඩ වෙනුවට පැල්කොටේට මාව බලන්න එන්නෙ සියපත් මහත්තයා කියලා වෙද්දි අඩියට දෙකට ගෙට ගියපු මං පොල් මටුල්ලක් තරම් ගොරහැඩි කොන්ඩ අහුර ආය ආයම පීරගත්තා මදිවට කලාත්ම මහත්තයා නිකිනිට අරන් දුන්න පියරු බෝතලෙනුත් චුට්ටක් හරිහැටි කපපු නැති රැවුල වැවුන මූනට අතුල්ල ගත්ත මං ආපිට එන්න හැරෙනවත් එක්කම කුප්පිලාම්පු එලියෙන් මේසෙ උඩ තිබුන කලාත්ම මහත්තයගෙ කලු පාට පර්ස් එක දැක්කා.....

මහත්තයො.....උඹලා සනීපෙන් නේද...උඹල මට එවාපු තෑග්ග හම්බ උනා.....උඹලට ජාති ජාතිත් පින්....මේ විසි අවුරුද්ද ලබන වෙලාවෙ ජීවිතෙ පලවෙනිම තැග්ග දුන්නට ....උඹලා මං වෙනුවෙන් වියදම් කරාපු රුපියලට පවා ආපිට උඹලට කෝටි ගනන් ලැබෙන්න ඕන බුදි මහත්තයො....උඹල මට දීලා ගියපු සෙරෙප්පු කුට්ටම පවා මං නිදානයක් රකින්නා ගානට පරිස්සමි කරනවා.....උඹගෙ සුවද කාන්දු වෙන සෙරෙප්පු කුට්ටම මගෙන් කිලිටි කරන්න මට හිත නෑ මහත්තයො...

ඇරත්....මේ ගොරහැඩි කකුල් වලට ගල් ඇනිලා පුරුදුයි.....

පර්ස් එක අස්සෙ තිබුන කලාත්ම බේබිගෙ පුංචි පින්තූරෙ දිහාව බලාගන උන්න මං අනිත් පාර මගෙ දිහා බලාගන උන්න නිකිනිගෙ ඔලුව අතගාලා එලියට බැස්සා.....

මයෙ පුතා....

අපෙ අම්මා.....

බොලාට සමනගෙ ගෙදරින් රෑ බත නිට්ටාවටම හම්බෙනවද.....

ඔව්.....උඹලා විස්සෝප ගන්නෙ මක්කටද ඉතින්....උන් මීට කලිනුත් නොදී ඉදල නෑ....ඇරත් මං මෙ නිදි මරන්නෙ උන්ගෙ හේනක.....ආය මට කියලා ලබ්බක් වත් හම්බෙනවා කියලද....සමනා විතරයි මැරුනෙ අපෙ අම්මා...උගෙයි මගෙයි යාලුකම මැරුන් නෑ...ඇරත්....මගෙ කොල්ලා ලොකු උන දාකට ඌට කියලත් මක්කවත් ඉතුරු වෙන්න එපැයි.....ඌව නම් මන් මිනිකපන පලාතෙ ගෙනියන් නෑ....

මං ඌව මට නොලැබුන හැමදේම දීල හදනවා අපෙ අම්මා....තව ඩින්ංගෙන් අප්පුච්චා එයි.....කාලා ගෙට වෙයල්ලා...අප්පුච්චට කියාපන් ගෙට වෙන්ඩ කියලා....අරකගෙ වැඩේම දෙගොඩ ජාමෙ වෙනකොට හේනට එන එක.....ඕකගෙ තරහවට කඩුලු කීයක් නම් දැන් කැඩුවද.....

තිසරන සරනයි මගෙ කොල්ලට ..පරිස්සමින් ගිහිල්ලා වරෙල්ලා.....

අවසානෙදි මෙච්චර වෙලාම කියවන් උන්න මං ගෙදර බුදුන් ගෙ කකුල් අල්ලා වැදලා එන්න ආවා.....

මයෙ පුතා .....

අම්මා.....

වැටකඩුල්ල පැන්න විතරයි මයෙ අම්මා ආයම මට කතා කෙරුවා.....මිදුලෙ උන්න අම්මා ඇදන් උන්න චීත්තපට තද කර ක්ර මගෙ ගාවට ඇවිදින් හිටගත්තා.....සැරින් සැරේම වලාපටින් මුවා කරගන යන චන්ද්‍රකාන්තිය අතුපතරින් පෙරීගන ඇවිදින් ඒ මූනට වැටෙනකොට මං බලාගන එ ඇස්වලට තෙත් ගතියක් මතුවෙලා තිබ්බ...

හෙට උදෙම්ම කිරිබතක් ලිපට කරනවා...මයෙ අම්මා එලිවැටෙන යාමෙ ගෙට වරෙල්ලා.....

......

මයෙ අම්මට පින් ...මට අම්මා වරම දුන්නට...උඹලා අඩනකොට මං හිනා උන එකම තැන වැදුම් ගේ ඇතුල විතරයි යසෝද......ජාති ජාතිත් මගෙ කුසේ පාලුව බිදින්ඩ උඹම වරෙන් යසෝද.....වැදුම් කතුර අල්ලන මගෙ අත් දෙකම ච්ත්තපට මිරිකාගන ඉන්නකොට මලකදට ෆෝමලීන් ගහන ඒ අතුයි වැදෑමහ කපලා බොලාව අතට ගත්තෙ.....මයෙ කොල්ලා ඇබිත්තන් පැංචෙක්....එහෙව් උඹට හෙට විසි අවුරුදු........පරිස්සමට ගිහින් වරෙන් දෙයියා ...මතු බුදුවෙයන් කිය කිය මගෙ කකුල් ඇල්ලුවට...මට ඕන කවදා හරි උඹ බුදුවෙන දාකට බුදුන්ව දරන කුසෙ අයිතිය මට දරන්න ....

තෙරුවන්සරනයි ..පරිස්සමට ඉදිල්ලා.....

මං එන්න ආව....අම්මගෙ ලේත් දීලා කුසත් දීලා....ඒ මදිවට ආත්මෙම්ම ආදරෙ කරන ගෑනු පරානෙව ගෙටයවාපු මං පියුම් හාමු වෙනුවෙන් බැදපු බත් ගෙඩිය පන් මල්ලෙ දාගන හුලු අතු එලියෙනුත් හද එලියෙ පිහිටෙනුත් සමනගෙ වැටකඩුල්ල ඉස්සරහා නැවතුනා....ඒ එනකොටත් නොදරුවව උරිස්සෙ තියාගන සමනගෙ ගෑනි මග බලන් ඉන්නවා....

බෙනා අයියෙ .....

පැංචට නින්ද ගිහින්....

මේකට තෙහෙට්ටුව...

ඒකිලා කතා කෙරුවෙ මට උනත් මගෙ ඇස් තිබුනෙ එකිගෙ උරිස්සෙ ඉදන් නිදිදෙව්දුව හොයාගන ගියපු සමනගෙම පිටපත උන මගෙ නිවන් ගාවට වෙනකොට ඒකි මගෙ දිහාවට දික් කරාපු බත් ගෙඩිය ගන්නව වෙනුවට මං කෙරුවෙ එහෙම්ම චුට්ටක් නැවිලා නොදරුවගෙ ඇබිති කකුල ඉඹපු එක...

මට දුක හිතුනා....කලු පටියක් මිසක් ඒකගෙ කර පාලුව යවන්න පංචයුදයක් වත් දාගන්න බැරි වේදනාව මට රිදෙව්වා.....පිල්කඩ දිහවෙන් සැරින් සැරේම ඇහෙන සෙම එකාකාරෙට බැදුන බල් බල් ගාන කැස්සත් එක්ක කුප්පි ලාම්පු එලියෙන් මන් සමනගෙ අප්පගෙ මූන දැක්කා....

උන්දෑ කහිනවා....පපුව අල්ලගන්නවා...සමනගෙ අම්මා උන්දැගෙ පිට අතගානවා....සැරයටියෙන් යනකම්ම එකට ඉදලා සන්සාරෙ අහවර කරන්න ආත්මෙන් දිවුරුන් දුන්න ඒකිලා උන්දැගෙ කට පිහ පිහ වතුර ඩින්ගක් කටට ලන් කරනවා.....

.

අප්පුච්චට මක්කද නගා ඉස්පිරිතාලෙ මහත්තයා කිව්වෙ....

උන්දැගෙ වකුගඩු හොද නෑය කියනවා .....

ඒකි හූල්ලනවා...සමනගෙ අප්පට වකුගඩු අමාරුව අල්ලලා....අතේ උන්න කිරිසප්පයා මක්කටද මන්ද කාරනවකට හීනෙනුත් හිනා වෙනවා එක්කම වකුගඩු අමාරුවට ආව සමනගෙ අප්පා දිහා බලාගන උන්න මං අනිත් පාර පැටියගෙ ඔලුව අතගාලා එන්න ලෑස්ති උනා...

ඕකට හුලන් වද්දන්ඩ එපා නගා...පොඩි පපුවට සෙම එයි...ගෙට පලයල්ලා....

මං එන්න ආවා....මැටිපිල්කඩ උඩ උන්න සමනගෙ අප්පා දිහාවත් බලගන අවසානෙදි මං එන්න ආවා.....

ගුරුපාරම පාලුවට ගිහින් .....එ පාලුව මකන්න උන්නෙ ඉහට උඩින් හුලන් අතට එහා මෙහා වෙන සමනගෙත් පියදාස මාමගෙත් මරනෙට ඇදපු කොඩිවැලුත් හද එලියත් විතරක්ම වෙනකොට හුලු අත්තත් වන වනම මං එන්න ආවා....

යසෝධ....

අනෙ...අපෙ හාමු....

මං එන්න ආවා...සමනගෙ ගෙ පහු කරගන....පියදාස මාමගෙ ගේ වෙ විතරක් නෙවෙ....එයිනුත් ගෙවල් දෙක තුනක් පහුකරන් අවසානෙදි පාලුවට ගියපු ඉඩම් කෑලි දෙකතුනකුත් පහු කරන් තට්ට තනියෙන්ම ආව මගෙ එන මගට දුවන් ආවෙ වෙන කවුරුත් නෙවෙ පියුම් මහත්තය වෙනකොට අනෙ මගෙ පපුව හෝස් ගාලා ගියා...වෙන මොකටවත් නෙවෙ මං දුන්න බත්ගෙඩිය දැතින්ම ගත්ත පියුම් හාමු අනෙ බත් ගෙඩිය ඉව කරලා හිනා උනා...

හරි සුවදයි යසෝද....බඩගින්න තව වැඩි උනා...යසෝද්ගෙ අම්මට පින් දුන්නා කියන්ඩ.....

අනෙ හාමු...ඕක මොකක්ද....හාමුග් බඩ පිරෙන එකම ඇතිනෙ....

යසෝද පැලට යන්ඩ?

එහෙමයි හාමු....

එහෙනම් පරිස්සමින් ගිහින් එන්න යසෝද...මං විස්වාස කරනවා...අදට වඩා මේ මුන හෙට එලියවෙයි කියල.....

*

*

*

චටස්...!!!

වෙලාව හරියටම නවයෙ කන්සම පහුවෙලා අඩහෝරාවක් ගෙවිලා ගිහිල්ලා....අත් ගොබේට වහපු මදුරුවා මගෙ අතින් මැරුම් කෑවෙ ආයම ඒකගෙ මලකදෙ අතපය වත් හොයන්න බැරිගානට වෙනකොට අනෙ මගෙ අහිංසක හිතට දහයෙ කනිසම ලබනකන් ඉවසුමක් නැති උනා.....

හතර දිග්බාගෙම කලුවරට යටවෙනකොට හේන් පැල් රකින උන්ගෙ තනිය යැව්වෙම හද එලිය විතරක් වෙනකොට ගහෙ බැදපු පැලේ උන්න මට ඈතින් ඈත තිබුන තවත් පැලක ඇවිලෙන චිමිනි ලාම්පු එලිය පෙනුනා...

විනාඩියෙන් වින්ඩියෙන් ගෙවි ගෙවි යන යාමෙක මට ඉවසුමක් නැති උනා.....කලාත්ම හාමු එවාපු හතරැහ ලියමන බත් ගෙඩිය එක්ක එකට තුරුලු වෙලා හාදකම් පානකොට මගෙ ඇබිති රේඩියෝව මං වෙනුවෙන් සැරින් සැරේම සින්දු ගෙනාවා.....

ඉදහිටක කෑගහන් යන කෑරලෙක් අහසම හිරිවට්ටන් යනකොට ඈත පැලකින් මං අහගන පැල්කවියක් කාන්දු වෙන්ව.....ඒකට උත්තර කවියක් තවත් පැලකින් ඇහෙද්දි කකුල් දෙකත් පහලට වැටෙන්න එල්ලන් උන්න මං හේන් කෑල්ල දිහා බලාගන ඉදලා අහම්බෙන් වගෙ ඇහැ ගැටුන වල් ඌරට මං කෑ ගැහුවා...

සදෑ අදුර ලොව ගලන වෙලාවට....

කවුලු පියන් පත් වැහෙන වෙලාවට....

හේනට පැනපු ඌරට කෑගහන අස්සෙ හිතම අල්ලගන්න සින්දුවක් ඇහෙන නෑහෙන ගානට යනකොට මං අහගන මායිම් ගම්දනව්වෙන් පිපිරුම් සද්දයක් ඇහුනා...එ එක්කම මට පත්තර කෑල්ල පුරාවටම ලියවුන යුධ හමුදා හදිසි පුරප්පාඩුව මතක් උනා....

ඒ හැටි ජාති බලන්නෙත් නෑලු....උස බර හයිය තමා බලන්නෙ....

ඇදන් උන්න සරමට උඩින් වහපු මදුරුවෙක් කන ගාවින් කීන්....ගාන් යනකොට සැදෑ කලුවර අහගනම මං කල්පනාවට වැටුනා .....පියුම් මහත්තයට දුන්නොත් නම් ඔය කොලෙ පුරවලා දෙයි.....

මන් ඈනුම්ක් ඇරියා....ඈනුම ගියාට මක්කද වෙලාව ලන්වෙන්න ලන්වෙන්න මගෙ බඩගින්දරත් නිකන් වාස්ප වෙන්න ගත්තද කොහෙද....මට එක හැටියකට ඉදගන ඉන්නත් බැරි උනා.....කොට්න්ම මගෙ හදවතට මටවත් නොතේරෙන නොසන්සුන් කමකින් ගැහෙන්න ගත්තා....

සියපත් මහත්තයො .....දවස් ගානකට පස්සෙ මං අද උඹගෙ කටහඩ අහන්න පේවෙලා බලන් ඉන්නවා ....අනේ බන් ඔක්කොටම කලියෙන් මගෙ හදවත පිස්සු නටනවා.....

මෙච්චර වෙලාම හතර වටම එලිකරන් උන්න සදසාවියට වලාසේලෙකින් චුම්බනයක් ලැබෙන යාමෙක හේන් කෑල්ලම අඩ අන්දකාරෙක ගිලීගන යනවත් එක්කම මගෙන් හුස්මක් පිට උනා...ඒ එක්කම සර්වාංගෙටම විදුලි සැර වද්දන් නලකුමාරයගෙ වර්නානවත් එක්කම දහයෙ කනිසම පටන් ගත්තා....

ඈත කදුකර හිමව් අරනෙ...

සීත චන්දන ලපලු හෙවනෙ.....

සුළන් රැල්ලෙ පාව එන්නෙ

ඔහුගෙ නාමය වේ...

මං අහන් උන්නා...හුස්මක් වත් ඉහලට පහලට නොදාම මං අහගන උන්නා....ඒ අස්සෙන් අනෙ මට කලාත්ම හාමුව මතක් උනා....හාමු සියපත් මහත්තයා මැදිරියෙ ඉදන් කතා කරන හැටි කරලා පෙන්නපු හැටි ආය ආයම මැවිලා පෙනුනා.....

මහත්තයො කලාත්ම හාමු පෙන්නුවා වගෙ උඹ දැන් ඉන්නෙ එහෙම වෙන්න ඇති....

මං මගෙ ඔලුව කනුවට හෙත්තු කරගන වචනයක් අකුරක් මගෑරෙන්නෙ නැතුව අහන් උන්නා....මගෙ තුන් හිතම සියපතක් වෙනුවෙන් පේ වෙච්ච යාමෙකදි අනෙ මං ඒ කටහඩ ඇහෙනකන් බලගන උන්නා....මහගමසේකරයන්ගෙ වචනවලට පොවන ගාන්ධර්‍යයා නලකුමාරයගෙ වර්නනාව කියන් යනවා....නලවන තැන්වලදි මමත් නැලවෙනවා...මෙච්චර වෙලාම සද අරුන්දතිය එක්ක රොමාන්තික චුම්බන හුවමාරු කරගත්ත වලාපට හුලන් රැල්ලක් එක්ක හීන් සීරුවට ඇදීගන යනවත් එක්කම නලදමයන්ති හස්තමුද්‍රාව හැඩකරාපු ඈතකදුකර හිමව් අරනෙ අහවර උනා.....

මගෙ පපුව නැවතුනා....තත්පරයක්...දෙකක්....මුලු මැදිරියම නිහඩ වෙලා ගියා...

"සමාවෙන්න...මුලින්ම කියන්නම්...මං පරිස්සමට ආවා......ඉතින් හුග දවසකට පස්සෙ.....අපි කතා කරමුද...මං කතා කරන්නම්....ඔයාට පුලුවන් මාව අහන් ඉන්න...ඉතින් දැන් වෙලාව රෑ දහයයි .....අනූඅටයි දශම අටෙන් දහයෙකනිසමත් එක්ක ඔයාව බලන්න මං ආවා...."

මන් හිතන්නෙ මගෙ පපුවම නිවුනද කොහෙද....පෙරුම් පුරලා පුරලා අවසානෙදි මං ඒ කටහඩ ඇහුවා...සියපත් මගත්තයා දහයෙ කනිසමට ආවෙම සමාව ඉල්ලගන ..මං පරිස්සමට ආවා කියාගන...මන්දා මහත්තයො.....උඹ ඔහොම කියනකොට මට හිතෙන්නෙම උඹ ඔහොම කියන්නෙ මටයි කියලා .....

මටත් නොදැනිම මගෙ ඇසුත් පිය උනා.....සියපත් මහත්තයගෙ කටහඩ ඒ තරම්ම භාවනාවක්....ඒත් මොකක්ද මන්දා අඩුවක් තිබ්බා.....

වෙනදට දහයෙ කනිසමත් එක්ක මං සියපත් ආකාස බ්‍රහ්මනගෙ කියන සියපත් මහත්තයට අද නම කියන්න අමතක වෙලා ....

"ඉතින් කොහොමද ...මට කියන්න කොළොම්තොටට වගේම ඔයාගෙ අහසටත් හදපායලද.....වලාකැටි ඇවිදින් හදට හාදු තිය තිය යනවද...අපි කතාකරමු....හෝරා දෙකක්ම තියනවා ප්‍ර්‍රෙමය ගැන කතා කරන්න.....සමාව ඉල්ලන ගමන් මන් ඉල්ලීමක් කරන්නද.....අපිට පුලුවන්ද මේ හෝරා දෙකම ප්‍රේමයෙන් පුරවන්න....??

අදට විතරක් ප්‍රේමයෙ ඕවර්ඩෝස් හැගීම නම් උන විරහව පැත්තකින් තියලා ආදරෙ ගැන විතරක් කතාකරමුද....??

 මං අහගන උන්නා...සියපත් මහත්තයගෙ නිවුන කටහඩ මාව වෙනම ලෝකෙකට අරන් යනකොට මහත්තයා අහනව අදට විතරක් අපි විරහව පැත්තකින් තියලා ආදරෙ ගැන කතාකරමුද කියලා ...

"සොදුර දන්නවාද ප්‍රේමය කියන්නෙම පාරිශුද්ධ හැගීමක් බව.....?ඉතින් මොකද හිතෙන්නෙ....මං හරිද....ප්‍රේමය කියන්නෙම තවත් හදවතක් වෙනුවෙන් ඇතිවෙන පාරිශුද්ධ හැගීමක් නෙවේද....සීයට දාහක් එකගයි.....ප්‍රේමය කියන්නෙම වචනෙකට වඩා පාරිශුද්ධ ක්‍රියාවක්...

මක්කද මන්දා...කවදාවත් නැතිව මට මේ කොලොම් තොටෙන් කැලෑමලක පුසුඹක් දැනෙනවා....ප්‍රේමනීයවූත් අහිංසක වූත් කැලෑමලක සුවද....?? මේ කොන්ක්‍රීට් වනාන්තරෙ මැද කොහෙන් එනවද කැලෑමල් සුවද.....??

මං හිතන්න මං හේතුව හොයාගත්තා...

ප්‍රේම ලියමනක්!!! මගෙ අතේ තියන ප්‍රේම ලියමනෙන්....සොදුර, කාබන් පෑනකින් ලියවුන පපුවෙ වම්පැත්තෙන් ගලාපු හැගීම් ගොන්නක් උහුලන් ඉන්න ප්‍රේම ලියමනක්....අපි ප්‍රේම කතාව අහනවද....නැත්තන් සින්දුවක් අහල ඉමුද....??

මටත් නොදැනිම මගෙ ඇගිලි කිටි කිටියට ගස් කද මිරිකගත්තා....වෙනමොකටවත් නෙවෙ..... කිසිම හැඩයක් නැති අකුරුවලින් කුරුටු ගාපු මගෙ ලියමන මතක් වෙලා....මෙච්චර දවසක් මං බලාගන උන්නා....කොයිම වෙලාවක හරි මගෙ ලියමන කියයි කියලා ...දෙවියනෙ ඒක අද ඇවිදින් තිබුනොත්...මහත්තයගෙ කටින් මගෙ නම කිය උනොත්!!!

ප්‍රේම ලියවිල්ල අහන්න කලින් අපි සින්දුවක් අහමුද අහපු සියපත් මහත්තයා දහයෙ කනිසම අහන් ඉන්න ප්‍රේමනීය හදවත් වෙනුවෙන් සින්දුවක් දුන්නා...කරුමෙක මහත...පේවෙලා උන්නෙ සියපත්මහත්තයා වෙනුවෙන් උනත් දෙයියනෙ මට එකපාරම කලාත්ම මහත්තයා මතක් උනා.....මේක කලාත්ම මහත්තයා කියාපු සින්දුව නේද මතක් උනා....

නිම්හිම් සෙව්වා මා සසරෙ!!!

"ඉරහද සේමා පැතුමන් පැතුවා

සැනසුම් සයුරෙ සුසුමන් හෙලුවා

අතරින් පතරෙ වෙන් වීලා...

සටනින් අද මා දිනුවා ...."

අමරදේව මහත්තයා වචන ජීවමාන කරනවා...අනෙ ඒ අස්සෙන් සැරින් සැරේම සියපත් මහත්තයත් අත්වැල් බැද බැද මාව අසරන කරනවා....

"ඉතින් එහෙනම් අපි ප්‍රේම කතාව අහමුද.....ඊට කලියෙන් මං වෙලාව මතක් කරන්නම්.....දැන් වෙලාව දහය පහුවෙලා විනාඩි පහලව්‍යි.....අනූ අටයි දශම අටෙ පලවෙනි ප්‍රේම කතාව.... 

.මං නෙවෙ හුස්මක් ගත්තෙ...මන් නෙවෙ ඇහිපිල්ලමක් ගැහුවෙ....පලවෙනි ප්‍රේම කතාව කියනවත් එක්කම මං අර පුංචි රේඩියෝව මගෙ උකුලට ගත්තා....සියපත් මහත්තයටත් බර හුස්මක් පිට උනා....

"හදවතෙ කුටීර හතරෙම ආදරෙ පිරිලා

උතුරන්න ඔන්න මෙන්න...

කරුමෙක මහත,කාටවත්ම බැරි උනා හතරෙම්ම බැරි උනත් එකම එක කුටීරයක් වත් හිස් වෙන්න ආදරෙ ගන්න...

දවසක මාත් මලගම් යයි...ඒ යන දාක මට බයයි බාල පෙට්ටියෙ හදවත තියන හරියම බරටම කඩාවැටෙයි කියලා...මැරෙන්න කලියෙන් මං කියන්නෙ කවුරු හරි ඇවිදින් හතරම බැරිනම් එක කුටීරයක් හරි හිස් කරන්න....

බෙනේ.....

හතරම බැරි නම්....එක කුටීරයක් හරි හිස් කරන්න.....ඒ හරිය මට තදින්ම වැදුන බව බෙනේ දන්නවද ඉතින් මොකටද එක කුටීරයක් හිස්කරලා...මේ ප්‍රේමනීය ආත්මෙට සමාන්තර ආත්මයක් මුනගස්සලා හතරම හිස්කරලා දානවා මිසක....

බෙනේ....මං හිතන්නෙ බෙනේට වඩා ලස්සන නමක් මේ අකුරුවල උරුමක්කාරයට තියනව එහෙම නේද ...ඉතින් ප්‍රේමනීය යසෝධ මන්දාරම් බෙනරගම...මේ ප්‍රේමාරාධනාව ඔයා වෙනුවෙන්!!

මං උන්නෙ මේ වෙනකොටත් හොද සිහියත් අවසිහියත් අතර මැද...සියපත් මහත්තයාට යවාපු ලියමනෙ තිබුනෙම බෙනේ කියල විතරක් වෙනකොට මහත්තයගෙ කටින් මගෙ නමම කියවෙන මොහොතෙ මගෙ ඇස් තෙමීගන ගියෙ මටටත් නොදැනිම වෙනකොට මෙ දහයෙ කනිසමට අද කිය උන එකම ලියමන මගෙ එක විතරක් ම වෙනකොට ප්‍රේමනීය හෝරා දෙක ගෙවිලා මැදිරිය අන්දකාර කරන්න යන ඔන්න මෙන්න මොහොතක සියපත් මහත්තයා කතාව නැවැත්තුවා... ...

දැන් වෙලාව හරියටම එකොලහයි පනස් නවයයි.....තත්පර එකයි...දෙකයි....තුනයි....හරියටම නොවැම්බර් දාහත... ..ආකාසෙකට අසීමාන්තිකව ප්‍රේම කරනා ප්‍රේමනීය රසිකයෙක්ගෙ උපන්දින සුභ පැතුමත් එක්ක මට සමුගන්න අවසර.....

දැන් වෙලාව හරියටම දොලහයි...!!!

මට කියාපන් ගමක් ඇවිදින් අමු අමුවට දහකොටහකට පලනකොට ඔය හදවත හුගක් රිදුනද....

ගහන ගහන කෙලපාර වැදුනෙ මූනට නෙවෙ ආත්මෙට බව හන්ගන්න හැදුවට උඹට කලියෙන් රිදුනෙ මගෙ හදවතට

මලකට බඹරෙක් සම්මතෙ උවද..මුද්‍රනදෝශෙකින් වත් නිලමැස්සෙක් ට රොන් දුන් තැනක් තිබුනද අහ අහ හිත තලාගත්තට ප්‍රේමය පාමුල මොන සමාජ සම්මතද?

ප්‍රේමනීය කැලෑමල මගෙ,

බෝගම්බරේට දුක කියලත් මහන්සී මට,

බැරිද මට වරුවකට වත් වාරුවෙන්න ඔය උරහෙට

පටලගන එකට අත්වැල් දවසක

අඩවමු අපි වරුවක් හිදෙනකන් ඇස්වල කදුලු හවසක

උඹ මගෙනුත් මම උඹෙනුත් නිවෙන දවස කල්ප ගනන් දුර නෙවෙ ප්‍රේමිය...

චීරන්ජයතු ප්‍රේමනීය මන්දාරම

තැලුන වියලුන හදබිමට

වස්සාන ඇට අහුරු වීසි කල

මම උඹගෙ සදාදර ආකාස!

චීරන් ජයතු යශෝධ මන්දාරම් බෙනරගම.....!!! දහයකනිසම අවසන මේ සින්දුව ඔයා වෙනුවෙන්..."රෑ නින්ද නැතුව හීන දකින දා .....හිත ආදරයක බැදුනිද මන්දා....."

ඉතින් ආයමත් දහයෙ කනිසමින් ඔයාව බලන්න එනකන් පරිස්සමින් ඉන්න...

අනූඅටයි දශම අටෙන් මං

"කලාත්ම සියපත් ආකාස බ්‍රහ්මනගෙ"

මාව වෙව්ලනවා...කියාගන්න දෙයක් නැතුව කට ගොලුවෙලා යන වෙලාවක ඇස්වලින් කදුලුකැට කෝටියක් විතර කඩාහැලෙන යාමෙක මැදිරිය අන්දකාර වෙල ගියා.....හේන් පැලෙ තට්ට තනි මට ඉකිගැහිලම ඇඩුනා....

රත්තරන් හාමු.....උඹද සියපත් මහත්තයා...

මගෙ ඉහ අතගාලා ගියපු උඹද මං පේ උන සියපත් මහත්තයා...

මට ඉහිලුම් නැති උනා...පුරහදම පායන් මුලු හේනටම ලෝබකමක් නැතුව සදදිය හලාගන යනකොට මුලු රටටම ඇහෙන්න මට සුභ පතාපු සියපත් මහත්තයා මැදිරියෙන් යන්න ගියේම මාව අඩවන් වෙනකොට මං මගෙ වෙව්ලන ඇගිලිවලින් අර හතරැස් ලියමන පරිස්සමට ඉරුවා...

අනෙ.....දෙයි හාමුදුරුවනෙ.....උපන්දින සුභපැතුමක්...

මගෙ පපුවම ගැහෙනවා....ඇගිලි සට සට ගගා වෙව්ලනවා....අසිනි වැහි වහින්නා වගේ ඇස් වලින් කදුලු කඩාවැටෙනකොට මං මහත්තයගෙ අකුරු ටික හරි අමාරුවෙන් කියවගත්තා....

නිදුක් නීරෝගී සුභම සුභ උපන්දිනයක් ආකාසගෙ ප්‍රේමනීයම රසිකයට ....

ඉතින් කැලෑමල.....සියපත් වෙලා අයිතියක් තියන තැන මට පුලුවන් නේද දැන් හිත පුරවන් ආදරෙයි කියන්න.....?

ආකාසගෙ මන්දාරම්,

සියපත්ගෙ යශෝධ....

ඊටත් වඩා දැනෙන්නෙම මන්දාරම් ආකාස කියනකොට...

ආයමත් වතාවක්,

චීරන්ජයතු.....!!!

ආදරෙයි අහසට ලැගුම් ගත්ත මන්දාරමට හතර කුටීර ප්‍රේමයෙන් උතුරන්න!!!

❤️❤️❤️...

THANK YOU

More Chapters