Ficool

Chapter 2 - 02

කුක්කුත් නෑ පිටිත් නෑ....???ඒ මොන බහුබූතයක්ද ඒ.....මෙච්චර ලස්සනට නටනවා.....පිටෙ කුනුහර්ප ගහන් යනවා.....

කානුවෙන් ඇහිදන් ආව එකා නැහිලා නැහිලා ඉල්ලගත්ත මොනරපිහාටු අහුර අරන් වෙනම සමයමක් මායන් වෙනකොට මං අපිට මොනරපිහාටු දීලා ගියපු කොල්ලා දිහා බලන් උන්නා.....පොල්ගහ ලකුන බාට දාගන මුන් නටන නැටිලි වලට සෙරෙප්පු පටි ඉතුරු වෙනවා පුදුමයි....එක්කො අපිට විකුනන්නෙ වෙන පොල්ගහ ලකුනක්ද දන්නෙ නෑ.....

කුක්කුත් නෑ පිටිත් නෑ කියලා ගහන් උන්න සුදු පිටෙ අයිතිකාරයා නටන නැටිලි දිහා බලන් උන්න මගෙ කකුලත් මටත් නොදැනිම අර පපරෙට තාලෙ ඇල්ලුවා...ජීවිතෙ පලවෙනි පාරට කාවඩියක ලස්සන ඇස් දෙකට ළඟලගම දැක්ක පිටගම් කාර මට පිස්සු හැදෙන්න ආවා...

ඒක අමුතුයි...වෙනස් අත්දැකීමක්...කියන්න සන්තෝසයි මේ අමුතු අත්දැකීමට මං එක නිමේශෙම්ම වහ වැටිලා !!

බෙල්ලවල් අතපය වල බෙරලියන්තු පුරවන් ...අව්කන්නාඩි දාගන සන්නි හැදිලා වගේ නටන මුන්ට හති නැද්දො මන්දා...හැමදාම වගේ අදත් මගෙ තනියට මා එක්කම කතා කරන මගෙ වයසෙම උන්න මගෙ ඔලුව අස්සෙ මා එක්කම ජීවත් වෙන මනුස්සයා මා එක්ක කියවන්න ගත්තා....

කොල්ලො නටනවා....උන් නටන්නෙ ඒකටම ඇලිලා ගැලිලා වගෙ වෙද්දි මගෙ ඇස් කොහෙන් ගියත් නතර උනෙ මාව අල්ලගත්ත අර හයිය අතෙ අයිතිකාරයා ගාවට....ලෝබකමක් නැතුව පොඩි එකාට මොනර පිහාටු අහුරක්ම දුන්න අර නැට්ටුක්කාරයා ගාවට.....

ඒකා නටනවා...නටනවා කියන්නෙ අර කියන්නා වගේ ඒකට තිස්තුන්දාහෙන් වැදිලද මන්දා... එයා හිනා වෙනවා.....ළඟ පාත උන් එක්ක මොන මොනාදො කියනවා.....උන්ගෙ පිටවල් තනිකොරෝම සීගිරි කැටපත් පවුරු වගේ...නැති දෙයක් නෑ ....

මං ළඟින් ළඟින් යන එකාගෙ පිටවල් දිහා බැලුවා....අර කුක්කු කතාව හැම තැනම...මං හිතන්නෙ අර අපිට පිහාටු දුන්න එකාගෙ වචනයක්ද කොහෙද ඒක...

දෝනි එක

යාලුවො දෙක....

පාට පාට කොන්ඩයක් එක්ක කන පුරාවටම කරාබු දුසිමක් දාගන උන්න තවත් එකෙක් මගෙ ගාවින් පාස් වෙනවත් එක්කම මං ඒ පිට බැලුවා...ඒකගෙ පිට පුරාවටම තිබුනෙ දෝනි එක යාලුවො දෙක කියලා....මොන දෝනිද දන්නෙ නෑ...

දෝනි තමයි ජීවිතෙ

දෝනි පන

දෝනි මගෙ මං දෝනිගේ

අපි මිරිකුවොත් පොල්වලත් කිරි නෑ...

උඹලගෙ දෝනි

අපේ මෙට්ටවලත් ගැහුවා හොද හොද බල්ටි!

එන්න බත් කටක් කවන්න

මගෙ මූන එන්න එන්නම රතු උනා....මේවා කොහොමද අප්පා කියවන්නෙ...

සීගිරි කුරුටු ගී වගෙ තිබුන පිට පලු දිහා බලන් උන්න මාව ආයමත් තල්ලු වෙලා ගියා වගේම මං අරකව ඇදගන උන්න තැනින් තවත් පස්සට ආවා.....

උන්ට පුදුම හයියක් තියෙන්නෙ...එකෙක්ට එකෙක් පරාද නෑ....ඒ අත්වල නැති එකක් නෑ...සමහරක් මොනරපිහාටු අරන් නටනකොට සමහරක් ත්‍රිශූල අරන් නටනවා....සමහරක්ගෙ අත් වල පැරා තිබුනා...ඒ විතරක් නෙවෙ මේ දවස් වල හැම ඵොටො ශූට් එකකටම නැතිවම බැරි කලර් ස්මෝක් තිබුනා.....හැබැයි අවංකවම ලස්සනයි...මං අර කලිනුත් කිව්වනෙ...මේ කාවඩි නටනවා බලන එකම පිස්සුවක්...මේ කරිජ්ජ වැල්ලෙම ඉපදිලා උපන්දා ඉදන් කාවඩි නටන හැටි හැමදාම දකින...කාවඩි හැමදාම නටන මේ මනුස්සයොත් මෙච්චර වශී වෙලා නම්...පිටගම් කාර උන අපි කොහොම කියලා නම් පිස්සු වැටෙන්න ඕනද...

නට නට උන්න සමනල පැටියවත් අතින් ඇදන් තවත් පස්සට ආව මං බලාගන උන්න...

මොනර පිහාටු ටික හම්බුනා විතරයි මටත් ගහලා බිමට බැහැපු කානුවෙන් ඇහිදන් ආව එකා ජංගිය පිටින් ඉන්නෙ කියල වත් හිතන්නෙ නැතුව කොච්චර පස්සට ඇදන් ආවත් ආයමත් මගෙ අතින් ලෙස්සලා ගිහින් සෙනග ගොඩෙ තෙරපි තෙරපි නැටුවා මදිවට මූත් අර සරම් කාරයො එක්ක යන්න හැදුවා...

කොච්චර අතින් ඇල්ලුවත් මූ මගෙ අත ගස ගස ඉස්සරහට බඩ ගාන්න හැදුවා ඔය කාගෙ හරි ඇගක වත් වැදුනොත් මේකගෙ ඇටකටු කූඩුව අලුතෙන් ගේන්න වෙනවා.....අප්පච්චි හරි මුගෙ ඇගේම හයිය කටට ගිහින්.....පඩික්කම් කටක් තියෙන්නෙ තැන නොතැන බලන්නෙ නෑ කෑ ගහනවා

ක්..කොහෙද ඔය යන්නෙ...මෙහෙට....සමනල් කන ඇහුනද...චූටි කොහෙද ඔය යන්නෙ කොල්ලො....

ම්හුක්....නටන්න....නටන්න යන්නෙ.....අත.....හ්.....පිහාට්ට ...පිහාට්ට....නටන අයියා දුන්න පිහාට්ට වැටුනා...

සමනල් මෙහෙ එනවා අප්පච්චිගෙන් කන්ඩ තමයි.....මෙහෙ එනවා චූටි උඹගෙ පස්ස රත් වෙන්ඩ දෙකක් දෙනව දැන්.

අත.....ම්හු...ක්..අත...අත...ඇරපල්ලකො අප්පා...නටන්න දීලා....මට නටන්න...දියල්ලො...හ්හ්..නටන්න දීපියෝ....ලමයට නටන්න දීපියො....විහාරා........තේජක මහත්තයො...අමාකරයො...සුසංගතෝ...

.මු මගෙ සායම යවනවා...මොන වදයක්ද මන්දා ගහන්නත් බෑ අඩනවා..ඇඩුවම මූ පරන ඒවත් මතක් කර කර අඩනවා....ඒත් දැන් නම් එකක් නොගහත් බෑ.....රටේම උන්ට අඩගගහා මේකා කෑගහන කෑ ගැහිල්ලටයි නටන වන්නම් වලටයි වටපිට උන් ඔක්කොම හිනා වෙනකොට මගෙ කන් දෙකම රතු වෙන්න ගත්තා

සමනල්.....අපි දන්නෙ නෑ චූටි උඹව කවුරු හරි අරන් ගිහින් කරවල වාඩියකට විකුනුවොත්...උඹට අඩ අඩ කරෝල විකුන විකුන ඉන්න වෙයි....මෙන්න මෙහෙ එනවා මල්ලි කිව්වම අහලා එනවකො....ඉක්කෙ මිනිස්සු හු කියයි කොල්ලො උඹට...

කමක් නෑ....මං කරෝලවට ආසයිනෙ....මාව විකුනපල්ලකො අමකරයො.....අලයි කරෝලයො රහයිනෙ....අර අත්තම්මා උයන්නෙ....අලයි කරෝලයි ඒවා තියන තැනකට ද අරන් යන්නෙ.....අනේ මාව යවපල්ලකො.....වෙන කයිසමක් දාලා මාව වාඩියට දීපල්ලකො...

මීට වැඩිය හොදයි මගෙ කට ගහක ගලක උලා ගන්නවා...අරකට කොච්චර කිව්වත් තේරුමක් නැති වෙද්දි මං උගෙ ඔලුවට ටොක්කක් ඇනලා ඒකව අතැරියා ...ටොක්ක කෑවත් මොකද අත ඇරිය හන්දද මන්දා මිනිහට අඩන එකත් අමතක වෙල ඒකා උඩ පැන පැන අර පිහාටු වනන්න ගත්තා.....

දුවා අර අර පේනෙද අර හිච්චගෙ නැටිල්ල...හත්තුක්කෙ පොඩ් කමට දාංගලෙ ඒකගෙ.....

අනෙ....අනේ...අමාකරයො...අර...අර...අනේ....අර....අප්පිච්චියෙ අර....අනෙ වඩාගනිල්ලා.....වඩාගනියව්කො...සුදු පුතාට පේන්නෙ නෑ.....අමාකරයො...පුතාව..පුතාව....

තමුසෙගෙන් තියන කරදරෙ මට වඩන්න බෑ....

අනෙ.....අයියෙ වඩපල්ලකො...ලමයව වඩාගන්න කියපල්ලකො....අර අරවා දානවනෙ...පේන්නෙ නෑනෙ....අප්පිච්චි පුතව වඩාගනිල්ලකො....විහාරගෙ මහත්තයො.....අමා භ්භ්භ්...භ්

කන් කරච්චලේ ඉවසන්නම බැරි තැන මං ඒකව වඩාගත්තා.....රෑබෝවෙනගන එන්න එන්නද කොහෙද කාවඩිය ලස්සන.....හතර අතම එලි කරගන ඇවිලෙන පාට පාට ලාම්පු එලි එක්ක කාවඩිය එන්න එන්නම ලස්සන වෙනකොට නිල් පාට රෝස පාට පාට දුම් වලාවන් යන්න ගත්තා විතරයි පොඩි එකා ඒකව වඩාගන්න කියලා බෙරිහන්දුන්නා...සම්පූරන නොවුනත් දකුනට අඩ අන්දකාරෙ එන මොහොතක මගෙ කුලුදුල්ම ප්‍රේමය මගෙන් උදුර ගත්ත අහස් වියන පවා කාවඩියට ආශිර්වාද කෙරුවා

පන්දම් එලි.....පපරෙ සද්ද...කාවඩි කූඩු ....මම ජීවිතේට දැකපු නැති දේවල් වලින් පවා මේ කාවඩිය ලස්සන වෙද්දි මං බලාගන පොඩි ඇටයගෙ ඇස් දෙක බෝල වෙලා ඒකට ඈනුම් යනවා...

සුදු මහත්තයා

අප්පච්චි

.යන්...මීට වඩා ඉන්න බෑ තව රෑවෙයි....මල්ලි නිදිද

දන්නෙ නෑ....නැතුව ඇති අප්පච්චි බලන්ඩකො....

සුදු පුතා...දොයිද....

නෑනෙ අප්පිච්චියෙ...ම්හු..ක්.....චූ බරයිනෙ.....අයියෙ...චූ බරක් එනවනෙ...හුගක් එනවනෙ...යන්ඩනෙ එන්නෙ.....ඉන්ඩ බෑනෙ ....

මං හිතන්නෙ හෝරා දෙක තුනක් පහු උනා.....සෙනග තද බදෙ එන්න එන්න වැඩි උනා මිසක අඩු නොවෙනකොට යන්තමට

හරි අඩු උනෙ මේ මොහොතෙ වෙද්දි ලගට ආව අප්පච්චි යන් කියද්දි මෙච්චර වෙලාම නටන්න ඕන සන්නි ඔක්කොම නටලා ගමං මහන්සියයි කකුල් කඩිත්තුවයි අල්ලපු සමනලයා ඒකගෙ තටු අකුලන් මගෙ උරහෙට බර වෙලා උන්නෙ දලඹුවෙක් ගානට වෙනකොට අප්පච්චි ආව විතරයි ඒකා ඔලුව උස්සලා අප්පච්චි දිහා බලලා ඒකට චූ බරයි කිව්වා...දැන් යන්න එන්නෙ කිව්වා...ඇබරුනා.....මගෙ මුන දිහා බලාගන ඉන්ඩ බෑනෙ කියනවත් එක්කම වට පිට බලපු මං අප්පච්චි ගෙ මුන දිහා බැලුවා විතරයි අප්පච්චි මට ලයිට් කනුවක් පෙන්නුවා....

කෝ එන්ඩ

මෙතනට....මෙතනට එපානෙ...දකීනෙ.....

කවුරු දකින්ඩද ඔය හූනු පැටියව ඕක දාපන් චූටි....දකින්ඩම එකක් තියනවනෙ....

අනේ....එපානෙ...ලැජ්ජයිනෙ ....අප්පච්චි කිව්වනෙ කාටත් පෙන්නඩ හොද නෑ කියලා ...

ඒ ඉතින් උඹ චූටි කාලෙ ඕක සේල් දාන් උන්න හන්දනෙ.... ඉක්මන් කරනවා චූටි!! අප්පච්චිගෙන් බැනුම් අහන්ඩ තමයි ඔය ඕක බලන්ඩ කවුරුත් නෑ ඕක දාපන්කො මල්ලි...

මං අරකට කෑ ගැහුවා...මගෙ සික්කිනි ඇගිල්ල තරම් වත් නැති ඒකගෙ ලාබාල සමනල් පැටියව කවුරු හරි දකී දකී ගගා ඒකා ආයමත් නහිනකොට මං ඒකව ආයම තාප්පයක් ගාවට උස්සන් ගිහින් හිට ගැස්සුවා විතරයි පලාත් සභා චන්දෙටද කොහෙද අලෝපු චන්ද කොල පේලියකින් වැහුන තාප්පෙ දිහාත් බලපු මගෙ දිහාවත් බලපු සමනලයා අනිත් පාර ඒකගෙ බර සැහැල්ලු කරගන්න ගත්තා .... පුතානෝගෙ රූපෙ පැත්තකින් තිබ්බ පෝස්ටරෙක හිනා වේගන උන්න පුතානෝ නෑවිලා ගියා

හරිද.....

පිහන්න ඕනනෙ.....

ඔය කලිසමෙන් පිහදගන්න දැන් කොහෙන් කියල මං කොල හොයන්දද...ගෙදර ගිහිනැගහෝදන එකනෙ

කයිසමෙන් බෑ...අනේ පිහන්ඩකො.....කසනවනෙ.....පැටියව කසනවනෙ....

මේ මොන වදයක්ද සමනල්...උඹව ආපහු හිටපු කානුවටම ගිහින් දානවා කෝ හැරෙනව...

කානු....වට....

ඔව්...කානුවට...අර පොල ගාව කානුවෙලුනෙ උන්නෙ...වැස්ස දාක....පොලෙන් එන ඔක්කොම ජරා වතුර පිරුන කානුවෙලුනෙ උන්නෙ...අඩ අඩ උන්නලු .අප්පච්චි හිතලා තියෙන්නෙ ඌරෙක් කියලා...කාක්කොත් කෙටුවලු.....ඊයා ගෙදර ගේනකොට ගන්දස්සාරෙ බෑ

බ්....බ්..බො...රූ....

බොරු කියලා මට තෑගි දෙනවද...පේන්නෙ නැද්ද....මූනෙ හැටි....අපෙ නෙවෙ..කානු පාටයි කෝ ඔය කලිසම උස්සන්ඩ එනඩ...

මේකගෙන් බේරුමක් නෑ.....එකක් ඉවර වෙනකොට එකක්...ඒකගෙ පැටියව පිහන්න කොලයක් ඉල්ල ඉල්ල මායන් වෙන්න ගත්ත එකට මං අනිත් පාර ඌව සැලන්ඩර් කරන්න තියන එකම වචනෙ ඌව කානුවෙන් ඇහිදන් ආව එක කියනවත් එක්කම මිනිහගෙ මූන ගස් මුට්ටිය උනා. ....අර රවුමට තියන ඇස් දෙක බලන් ඉන්නකොට තෙත් උනා...මූ මොන ඇම්ඩා උනත් ඔය වචනෙ හරි....අපේ නෙවෙ වෙන කාගෙන් හරි ඉල්ලන් හදාගන්න ගත්තෙ කියන වචනෙ හරි කිව්වොත් එදාට ඉන්න ඕන නෑ...

කෝ එන්ඩ...

න්..නෑ..එපා....එ...එපා.....හ්....ක්..කානුවෙන් ..කි...ව්වා....අත්...තම්මේ...

හරියටම හරි...සමනලයා කදුලු එන්නත් කලින්ම ඉකිගහනකොට මට ඉබේටම නියපොත්තකුත් හැපුනා වගේම වදින්න ගිය දේවාලෙ ඉහෙ කඩන් වැටුනා වගේ මේකව ගලක හැප්පිලා මුනින් අතට වැටුනා...මං අඩියට දෙකට කොල්ලා ගාවට දිව්වා.....

අර කට නලියනවා ...නාස් පුඩු පිම්බි පිම්බි ඇකිලෙනවා.....දැන් මූ ගමම හොලවනවා....කොච්චර විහිලු කෙරුවා උනත් අඩවන්න හැදුවා උනත් වෙලාවකට නම් මලම ඇනයක් උනත් මොකද මෙ චූටි මූන රතු වෙලා චූටි ඇස් වලට කදුලු උනනකොට හැමදාම මගෙ පපුවට රිදෙන්න ගන්නවා...

වැටුන් නෑ පුතෙ පැන්නා...පැන්නා...මගෙ පුතා වැටුන් නෑ...පැන්නා...

පැ..පැන්නා...

ඔව්.....පැන්නා නේන්නම්...වැටුන නම් ඔයිට වඩා රිදෙනවනෙ...අයියා වඩාගන්නද .නැත්තන් ආය පනී

ආ..ය පනී...

ඔව්...කෝ ඔය ඇස් පිහාගන්නකො.....අප්පච්චි බලයිනෙ ඇයි මේ අඩන්නෙ කියලා .....අපි ගෙදර යමු....අඩන්න එපා හොදද.....අපෙ චූටියා වැටුන් නැ පැන්නනෙ....

...හුම්.....පැන්නා...නම් කමක් නෑ...වැටුනා නම්....අඩන්නනෙ...ගියෙ.....

ඒකනෙ.....පැන්නනෙ.....අපි යමු...

ඇති යන්තන්....පුපුරන්න ඔන්න මෙන්න තියලා බෝම්බෙ නිශ්ක්‍රිය කරගත්ත මං බෝම්බෙත් තුරුල් කරගනම ආපිට කාර් එකට යනකොට අප්පච්චි අපි දෙන්නව හොයන්න ආපිට මගට එනගමන් උන්නා....

ඇයි වෙලා ගියෙ .....

අප්පිච්චි .....පුතා...පැන්නනෙ...

පැන්නා.....කොහෙ....

අර ගලෙ හැප්පිලා පුතා පැන්නනෙ....

මල්ලි වැටුනද සුදු මහත්තයා කෝ බලන්ඩ කකුල්....ආ මේ හම ගිහින් කොල්ලගෙ...

හ්..හම..ගිහින් ...පැන්නෙ ...නැද්ද...අප්..පි..ය්ය් ..යෑ.....හ්හ්හ්

මන් අහක බලාගත්තා...අවසානම තත්පරේදි oic මහත්තයා ඇවිත් වැරදි වයර එක කැපුවා විතරයි සමනලයට රැහැයියෙක් වැහුනා වගේ ගිරිය කඩාගන අඩන්න ගත්තා මං ඒකව අප්පච්චිටම දීලා කාර් එකට දිව්වා.....

*

*

*

සුදු මහත්තයා ....හොදද මේක?

මං උන්නෙ ඉඩ ප්‍රමානෙ මහලොකුවට නැති උනත් සුදු වැලිදාපු පුංචි මිදුලක් එක්ක තිබුන තනිම සුදු පාට තට්ටු දෙකෙ ගෙදර ඉස්සරහ ඉදන් ගේ දිහාව බලාගන වෙනකොට මගෙ ගාවට ආව අප්පච්චි මගෙ කරට අත දාගන ගෙදර හොදද අහනවත් එක්කම මෙච්චර වෙලාම ගෙදරටම තිබුන එකම පොල් ගහ වටේ කැරකිලා කැරකිලා ඉව කර කර උන්න

"සාගරිකා" ඒකගෙ බලු අන්ඩ උස්සලා චූ කරලා අවසානෙදි අපි දෙන්නා පොල්ගහට චූ කෙරුවා වගේ අපෙ මුන දිහා බලන් ඉදලා කකුල් දෙක වැල්ලෙ අතුල්ලගන එහා මෙහා දුවන්න ගත්තා වගේම ලොරියෙ ආව ටිකට මේ වෙනකොටත් ලොරි කාරයන්ගෙන් කුනු හර්ප ඉගනගන තිබ්බ සුසංගතා දැන් පැයක ඉදන් " යකො හෝන් එක ගහපන්"ගගා මැරෙන්ඩ හැදුවා...

..මන්දාන්..මං අහල තිබුනෙ සැලලිහිනියන්ට ලස්සනට සින්දු කියන්න පුලුවන් කියන එක විතරයි ....ඒත් මුගෙ කටින් කවදාවත් ලස්සන සින්දුවක් නම් අහන්න හම්බෙලාම නෑ.....

.අප්පච්චි ගෙ දෙවනි ගෑනි වගේ මූ උදේ පාන්දරම කෑ ගහන්නෙත් අප්පච්චි ට.....නැත්තන් මට, ලොකු එකා ලොකු එකා ගානවා.....මුගෙන් අහන්න ඕන ඒවා මූ අපෙන් අහනවා...තේජක බත් කැවද අහනවා....නැත්තන් ලොකු එකා බත් කෑවද අහනවා....වහින දාකට මූ එහා ගෙදර උන්න දෙමල ඇන්ටි වගේ ගිරිය පලාගන "යේක රෙදි ගන්ඩ යේක රෙදි ගන්ඩ" ගගා කෑ ගහනවා...

සාගරිකා කෙසේ වෙතත් සුංසගතා කියන්නෙ තනිකරම සීසිට්වි එකක්...ඕන මගුලකුත් නෑ....නැති මගුලකුත් නැති එකෙක් ..කොටින්ම මූ අප්පච්චි මගෙන් ගේ හොදද අහන එක පවා ඔලුව හරවන් අහන් ඉදලා ඔලුවත් උස්සන් පිහාටුත් පුම්බලා මූටම ආවේනික උන පඩත්තර හිනාව දාන ගමන් " සුදු මහත්තයා හොදද මේක"ඇහුවා...

අප්පච්චි ගෙදර ගැන අහනවා....නරකයි කියන්නද...හොදයි කියන්නද ....මොනවා කියන්නද....මෙච්චර කාලෙකට පුරුදු වටපිටාවෙන් මෙච්චර ඈතකට ඇවිදින් පලවෙනි දවසම මෙක හොදද අහනකොට මන් මොනවද කියන්නෙ....

අතන ගහ යටට සිමෙන්ති බංකුවක් දාලා දෙන්නම්....එතකොට තමුසෙට පුලුවන් එලියට ඇවිත් උනත් පොඩ්ඩක් පාඩම් කරන්න...ඕනා නම් කෑල්ලක් ටෝක් කරන්න.....ම්ම්ම්ම්...ඉස්සරහා ගේට්ටු කනුවට නම් ලයිට් දෙකක් දාන්න වෙනවා..එකම අවුල කසිංජි බදින එක.....

.

මං නෙවෙ මීක් කිව්වෙ....ගෙදර තැන් තැන් පෙන්න පෙන්න අතනට මෙහම් කරමු...මෙතනට මෙහෙම කරමු ගගා අප්පච්චි කියවනකොට මන් කෙරුවෙ මීක් නොගා අහන් උන්න එක....වෙලාවකය ඇහෙන නෑහෙන ගානට ම්න් ගාපු එක.....

මුහුදු රැල්ල ගහනවා.....තනිකරෝම කනෙ තිබ්බා වගේ....කසිංජි සුවද එතුන මුහුදු හුලගට ගෙයි ඉස්සරහම තිබුන ලොකු "සූරිය "ගස් දෙකෙ කොල සර සර ගාන් යද්දි පාරෙන් මෙහා පැත්තෙ තිබුන ගෙවල් ලයින් එකේ තවත් ගෙවල් යාංගෙකට මැදිවෙලා තිබුන තනි සුදු ගාපු තට්ටු දෙකෙ ගෙදර උඩම තට්ටුවෙ තිබුන ලයිට් පේලිය දිහා බලන් උන්න මං හුස්මක් ගත්තා.....

පහල තට්ටුවෙ සාලෙයි කුසියයි බාතෲම් එකයි තනි කාමරේකුයි.....උඩ තට්ටුවට කාමරෙ තුනයි බාතෲම් එකයි...ඒකත් මහ විසාල කාමර නෙවෙ...මාස්ටර් බෙඩ් රූම් එක විතරක් අනිත් දෙකට වඩා චූට්ටක් ලොකුයි....ඉස්සරහ බැල්කනියක්....ඔච්චරයි .....ඔතනිනුත් ඉතින් පාවිච්චි වෙනෙ කාමර දෙකයි.....අරකා තාම නිදියන්නෙ අම්මා අප්පච්චි මැද...සමහර දාට මගෙ ගාව.....ඌ එක්ක නිදියනවට වඩ අංගම්පොර පුරුදු වෙන්න් යන එක හොදයි.....

ඒත් තව චුට්ට කාලෙකින් ඕකට එක්කො තනියෙන් නිදාගන්න වෙනවා....නැත්තන් මගෙ ගාවට එන්න වෙනවා...හරියටම මට උනා වගේ...මට තවම මතකයි මං අවුරුදු දහයත් පැනල මල්ලි හම්බෙන්න ඔන්න මෙන්න එනකම්ම නිදාගත්තෙ අම්මා අප්පච්චි ගාව.....දොලොස් අවුරුද්දක්ම අම්ම අප්පච්චි ගේ ආදර්‍ර්න් හැම බින්දුවක්ම හූරගත්තෙ මම....ඒත් දොලොස් අවුරුද්දකට පස්සෙ මට මගෙ ආදරෙ බෙදාගන්න උනා.....මගෙ අප්පච්චි මගෙ අම්මා ගගා උන්න මට අපේ අප්පච්චි ...අපෙ අම්මා කියන තැනට මාරු වෙන්න උනා....තව චුට්ට කාලෙකින් ඒකටත් ඔය ටිකමයි.....

එත් මට මල්ලි හම්බෙනකොට මං උන්නෙ තේර්න වයසක.....ඒත් තවමත් පොඩි එකා උන....අම්මා අප්පච්චි ගෙ විතරක් නෙවෙ...මගෙ ආදරේටත් පුදුමාකාර විදිහට ලෝබකම් කරන සමනල් කොහොම අම්මා අප්පච්චි ව බෙදාගනීද?

අම්මියෙ මේ.....හ්හ්හ්.....මේ......පුතා නේ අම්මියෙ මේ....මේ සමනල් පුතානෙ අම්මියෙ....අයි..අයි...

කෝ සුදු පුතා ආගන්නඩ අනෙ...තවත් ඇහැරන් ඉන්නවා....කීයද වෙලාව දොලහ වෙන්ඩත් එනවා දොයියන්නෙ නැද්ද...කෝ ආගන්ඩ...ආ ගාන්ඩ...

ඇතිනෙ.....

ඇති කොහෙද මේ බත් එක ඔහොම්මයි...කෝ හොද ලමයනෙ...පපඩම අස්සට බත් දාලා දෙන්නද.....

හුම්.....අම්මියෙ ඇයි අම්මියෙ මේ වෙඩින් ඵොටො එකෙ මායි අමාකරයයි නැත්තෙ .....කෝ මං...අපෙ අමාකරයත් නෑනෙ.....අප්පිච්චි ඉන්නවා....අත්තම්මා ඉන්නවා.....අත්තා ඉන්නවා.....කෝ සුදු පුතා නෑනෙ.....ඇයි ඒ.....කොහෙද අපි ගිහින් තියෙන්නෙ?සුදු පුතාට නින්ද ගිහින්ද ..

මගෙ කට කැඩෙන්ඩ එන්නෙ....ඇයි අප්පා ආගන්නෙ නැත්තෙ....

ඔය හැම දෙබසම ඇහෙන්නෙ හැම ජනෙල් පියනක්ම ඇරපු සාලෙ දිහාවෙන්.....අරකා සාලෙ බිත්තියෙ ගහන්න තිබුන ඵොටො ගොඩ අවුස්ස අවුස්ස දාහක් ජාති කියනකොට මං බලාහන අම්මා අනාපු නත් ගුලිය අතෙ වේලෙනකම්ම අරකගෙ කටට ඔබන්න හදනවා...පැත්තක උන්න සාගරිකා සිය වතාවක් අම්මා දිහාවත් අම්මගෙ අත දිහාවත් බල බල ඈනුම් ඇර ඇර තලු මරනවා.....

සිගරට් එකක් අවුල ගත්ත අප්පච්චි එහාට යනවා...මෙහාට යනවා... ගෙයි හැඩ බලනවා...අවසානෙදි සිගරට් දුම ආවොත් අම්මට හොද නෑ අරකටට් හොද නෑ කියලා ගේට්ටුවෙනුත් එලියට යනකොට මං බලාගන අප්පච්චි ගෙ දෙවනි ගෑනි ඒකගෙ කූඩුවෙ දැලෙ එල්ලීගන මොන මොනවා දෝ මතුරනවා.....අම්මා කියපුවම මතක තියන් ඉදලා ආපිට කියනවා...

" ජරාව බොන්ඩ එපා තේජක..."

කාවඩිය හන්දද...නැත්තන් මහ පාන්දර හන්දද මන්දා මුලු වැල්ලකරේම පාලුවට ගිහින් තිබුනා....පාර පුරාවටම ඇවිලෙන ලයිට් එලිය මහ පාර අරක් අරගන තියනකොට මං බලාගන අන්දකාර අහස් වියනට පොරි අහුරක් වීසි කරලා වගේ තරු කැට ඇව්ලෙන ගමන් තිබුනා.....ඒ ඔක්කොමත් මැද වෙසක් හද පායලා තිබුනා...

අප්පච්චි එලියට ගියා ..තත්පරයක් දෙකක් උන්න මාත් එහෙම්ම එලියට ආවා...සුවදයි....අර මූහුදටම ආවේනික ධීවර මිනිස්සුනෙ ආත්මෙ එක්කම බැදුන කසිංජි සුවද මේ වැල්ලකරේම අල්ලන් ඉන්නකොට පාර දෙපැත්තෙ එකම පේලියට තිබුන මාලු ලෑලි වලින් පිලිහිඩි සුවද ආවා......

අප්පච්චි ....

මාලු ලෑල්ලකට හේත්තු වෙලා සිගරට් එක අවුලන් උන්න අප්පච්චි මුහුද දිහා බලාගන කල්පනා කරනවා දැක දැක මං අප්පච්චි ගෙ කල්පනාව කඩලා දැම්මා.....

අප්පච්චි ....

හ්ම්...

අප්පච්චි හෙට වැඩද....

හ්ම් හෙට ඉදන් වැඩට යන්න වෙනවා....සුදු මහත්තයා මල්ලි එක්ක සදුදා ඉදන් ඉස්කෝලේ යන්ඩ...හෙට ගෙදර ඉන්ඩ...මහන්සීනෙ...මං රූපෙ අංකල්ගෙන් ඇහුවා මොනවද මෙහෙ තියන හොද ක්ලාස් කියලා...

සදුදා ඉදන් ඉස්කොලේ යන්ඩලු.....අප්පච්චි කියනවා සදුදා ඉදන් ඉස්කෝලේ යන්න කියලා ....විජිතෙට.....මන්දා මෙහෙ ළමයි කොහොමද කියලා ...කෙල්ලො කෙසේ වෙතත් කොල්ලො කොහොම වෙයිද කියලා ....

සදුදා ඉදන් ඉස්කෝලේ යන්ඩ කිව්වා ව්තරයි අප්පච්චි එක්කම මාලු ලෑල්ලට හේත්තු වේගන මුහුද දිහා බලාගන උන්න මන් නියපොත්තක් හපන්න ගත්තා.....මාලු ලෑල්ල කොනිත්තන්න ගත්තා...හෝදලා තිබුන ලෑල්ලෙ අහම්බෙන් වගේ ඉතිරි උන ලොකු මාලු කොරපොත්‍ත අතට අරන් ඉව කරල බැලුවා...

පිලිහිඩි ගදයි .....

මහ මුහුද රැලි ගහනව....රැලි බොක්කෙදි බිදෙන රැල්ල සුදුම සුදු පාට පෙනකැටි එක්ක වෙරලට ඇවිදින් හාදු තිය තිය යනකොට හද එලිය වැටුන මුහුද කිරිමුහුදක් මැව්වා.....

සුදු මහත්තයා .....

අප්පච්චි ....

තමුසෙට කෑල්ලක් එහෙම නැද්ද?

.අ..අ...

අ.අ. ...මොනවද අ..ආ.....ගොත නොගහ කතා කරපන්....මේකාලෙදි තමයි එකට දහයක් විතර සෙට් වෙන්නෙ....තමුසෙට මොකෙක් වත් නැද්ද....

මාව රතුවෙන්න ආවා.....මෙච්චර වෙලාම කිරිමුහුදත්....හාදු තියන රැල්ලෙත් වෙරලෙත්....හාදු තියන මුහුදෙත් ප්‍රේම කතාව දිහා බලාගන අහස් වියනට ප්‍රේම පනිවිඩ යව යව මගෙම ලෝකෙක ගිලිලා උන්න මාව අප්පච්චි ගෙ වචනත් එක්ක රතු වෙන්න ගත්තා....

.නෑ අප්පච්චි ....

වෙන්ඩ බෑ....තමුසෙ ලස්සනයිනෙ.....කියනවා කියනවා...අම්මට කියන්නෙ නෑ....මං බලාගන තමුසෙ කොයි වෙලෙත් ඵෝන් එකට එබෙනවා ...කොහෙ එකියද....

කොහෙ එකියක් වත් නෑ අප්පච්චි ...සත්තයි...

හ්ම්.....ඔය කිව්වට අද හෙටම තමුසෙ මෙහෙන් කෑල්ලක් දාගනි....තමුසෙ ඇහැට කනට පේන්න ඉන්නවනෙ....නේද

ප්..පිස්සුද අප්පච්චි ....එහෙම නෑ.....

හ්ම්....අන්න එදාට නම් අප්පච්චි ට පිස්සුද නැද්ද කියලා බලාගන්න පුලුවන් .....හමගහනවා උඹව මං...සුදුමහත්තයා අප්පච්චි තරහට නෙවෙ කියන්නෙ...උඹගෙ අප්පච්චි ගෙ කන්වලට දවසට සිය දහස් වතාවක් පැමිනිලි පොතට ලියන්න එන නඩු ඇහෙනවා...අප්පච්චි නපුරුයි ...ගහන්ඩ ගත්තොතින් නිල් වෙන්ඩ ගහනවා.....ඒක තමුසෙ දන්නවා...ඒත් මං කියන්නෙ ඉගන ගන්න තියන කාලෙ ඉගනගනින්.....මං කියන්නෙ නෑ ආදරෙ කරන්ඩ එපා කියලා ..මේ කාලෙ උඹල ආදරෙ දකින්නෙ මෙ ලෝකෙ තියන උත්තරිතරම හැගීම විදිහට....ඒක හරි...ආදරෙ එහෙමයි....හරි මනුස්සයක්ගෙන් ලැබුනොත් උත්තරිතරයි.....ඒත් සුදු මහත්තයා කරුමෙට වත්...පටන් ගන්න කලින්ම හැදිගෑවිලා ගියොත් පුතේ ආදරෙ නීරහ වෙනවා.....

කෝච්චියට පැනපු එවුන් ..වහ බීපු එවුන්.....බෙල්ලෙ වැල්දාගත්ත එවුන් .....තාම ආදරෙ තියා ලෝකෙ පාටවත් නොදන්න වයස්වල ඇම්බැට්ටයො කරගන්න වින්නැහි උඹගෙ අප්පච්චි හැමදාම දකිනවා....උන් ලව් කරනවා..විරහව දරාගන්න බැරි උනහම මැරිලා යනවා...අර දෙමව්පියො පොලවෙ පස් කනවා... ඒ හැමදාකම මට උඹව මතක් වෙනව සිහත්.....මට බය හිතෙනවා....මොන යකා උනත් දරු කැක්කුම ගාව සැලැන්ඩර් සුදු මහත්තයා ....

මං කැමති නෑ මගෙ කිසිම කැමැත්තක් නෑ උඹ කෙල්ලෙක් හින්දා අඩු වයසෙන් අඩනවා බලන්ඩ....ආදරෙ රහ වගේ නෙවෙ උඹලට තවම විරහව දරාගන්න බෑ...

තව ටික කාලෙකින් උඹ ආයම අයියෙක් වෙනවා....අරකා ලොකු වෙනවා...ඌ ගැන කෙසේ වෙතත් මං උඹ ගැන මහ ලොකුවට හිතාගන ඉන්නෙ සිහත්...අරකව නම් මට ශුවර්ම නෑ ඕකා රටකන එකෙක්...ඒත් උඹ එහෙම නෙවෙ.....තව ළමයි සීයක් ආවත්....මට උඹ තරම් එකෙක් නෑ ....මට උඹ තමයි හැමදාම එක...උඹත් හරි මගෙ පනත් හරි....අප්පච්චි ලා වෙන එක ලේසි නෑ...

උඹලා දකින්නෙ අප්පච්චි කැගහන ගහන්ඩ පන්නන එක විතරයි .....ඒත් අප්පච්චි හැටියට උඹල දන්නෙ නෑ උඹලා මොකක් හරි කෙරුවම කොච්චර බය හිතෙනවද කියලා ...උඹට මතකද උඹ හොරෙන් වැවෙ නාන්ඩ ගිහින් අප්පච්චි උඹට උන ගැනෙන්ඩ ගැහුවා.....

මං හිතන්නෙ මං අප්පච්චි ගෙ කපටි ආදරෙන් බේරුනාද කොහෙද ....කෙල්ලෙක් ඉන්නවද....කෙල්ලෙක් ඉන්නවද අහපු අප්පච්චි අනිත් පාර මගෙ අතක් ඒ ගොරෝසු අතට පටලවන් කියවන්න ගන්නකොට මන් අප්පච්චි දිහා බලාගන උන්නා....

අප්පච්චි අහනව වැවෙ නාන්ඩ ගිහින් මට උනගැනෙන්න ගහපු එක මතකද මතකද කියලා ...එතකොට මල්ලි හම්බෙලා මාසයක් දෙකක් ඇති....මල්ලි හම්බෙන්න ඉද්දි තියාපු බාරෙකට අනුරාධපුර ගිහින් උන්නෙත් අත්තම්මලාගෙ ගෙදර.....මන්දා මට වැව ගාවදි ගහන්න පටන් ගත්ත ගැහිල්ල වැට කඩුල්ල ගාවට ඇවිත් වත් නැවතුනෙ නෑ...බේරන්න ආව අත්තට පවා කෑ ගහපු අප්පච්චි මාව මිදුලෙ දනගස්සලත් ගැහුවා ...පහුදා මට සහලවලා උන ගැනුනා....

කොහෙ අමතක වෙන්නද...

උඹට අප්පච්චි එක්ක මරන්න තරම් කේන්ති යන්න ඇති .....උඹ සති ගානක් මට මූන දුන්නෙ නෑ....වෙනදට මං එනකන් ඇහැරන් බලන් ඉන්න උඹ මං එන්ඩ කලින් කාමරේට රිංගනවා...උඹට රිදුනා.....උඹගෙ වේදනාවට උඹ අප්පච්චි එක්ක තරහ වෙන එක සාදාරනයි ඒත් ....අප්පච්චි හැටියට මං මගෙ පැත්තෙන් සාදාරනයි සිහත්....

උඹ ආසාවට කොල්ලො කුරුට්ටො එක්ක වතුරට පැන්නට.....උඹට පීනන්න බෑ....සිහත් මිනිහෙක්ට ගෑනියෙක් බඩ කරන්න යන්නෙ ව්නාඩි දෙකයි...උඹගෙ අප්පච්චි ටත් උඹව දෙන්න විනාඩි දෙකක් යන්න ඇති ....ඒත් මේ අතපය මෙ නහය කට.....චූටි මූන මේවා එකින් එක හැදෙනකන් අම්මා මාස නමයක් උඹව දරන් උන්නා.....උඹඑනකන් අපි බලන් උන්නා.....උඹ ආවම අම්මගෙ බඩ හිස් උනාට අප්පච්චි ගෙ උරහිස් එදා ඉදන් මේ දහ අට අවුරුද්දටම කවදාවත් හිස් උනෙ නෑ සිහත්.....

මන් කතා කරන්නෙ ඇහැට කනට අහන දකින දේවල් එක්ක....මං මොන යකා උනත් වෙන කවුරුත් හන්දා මගෙ පුතාගෙ ඇස්වලට කදුලු එනවට වත් හිතුමනාපෙට අත පය කපාගන්නවා වත් බලන්න පුලුවන් අප්පච්චි කෙනෙක් නෙවෙ ....

තැන අලුත්...මිනිස්සු අලුත්....ඒ හන්දා ආදරේ වත් විරහව වත් අදුනන්නෙ නැති කාලෙ මොනවට වත් පැටලෙන්නෙ නැතුව ඉදින් තේරුනාද ...

තේරුනා අප්පච්චි ...

හ්ම්.....

ලොකුම ලොකු කතාවකට පස්සෙ මං අප්පච්චි ට අදත් හ්ම් කියලා උත්තර බැන්දා ..... ආදරෙත් විරහවත් නාදුනන කාලේ මොනවටවත් පැටලෙන්න එපා කියපු අප්පච්චි ඩෙනිමට යට කරලා ඇදන් උන්න පොලෝ ටී ශර්ට් එක උඩට ඇදලා දාගන්න ගමන් සාක්කුවට අත් දෙක දාගන තවත් මොනවද හුගාක් දේවල් කල්පනා කරන්න ගන්නවත් එක්ක පොඩ්ඩ ඇති නන් නියපොතු හපන මං හපාගන්න නියපොත්තක් නැතුව අවසානෙදි මොට්ට් වෙන්නම කාලා තිබුන මහපොට ඇගිල්ල හපගන්නවත් එක්කම අප්පච්චි මා දිහා බැලුවා ....මං ඉක්මනට ඇගිල්ල අහකට කෙරුවා ...

අප්පච්චි ....

හ්ම්..

දෙයක් අහන්නද

හ්ම්.....මොකක්ද

කවද හරි දවසක මං කාටහරි ආදරෙ කෙරුවොත් ....ඒ කොයි වගෙ කෙනෙක් වෙන්න ඕනද අප්පච්චි ....?

මං හිතන්නෙ මං මේ වගෙ දෙයක් අප්පච්චිගෙන් ඇහුවමද කොහෙද .....මගෙ ප්‍රශ්නෙත් එක්ක මගෙ මූන දිහා බලාගන උන්න අප්පච්චි අර තරු කැට පිරුන අහස දිහා බලන් ඉදලා ආයම මහ මුහුද දිහා බැලුවා .....

සිහත්.....වෙන කාටවත් ආදරෙ කරන්න කලින් උඹ මුලින්ම කන්නාඩියක් දිහා බලාගන ආදරෙ කරන්න ඉගනගනින්....උඹ අඩනකොට කවදාවත් කන්නාඩියෙ ඉන්න උඹ කවදාවත් හිනා උනෙ නෑ....උඹත් එක්ක ඇඩුව මිසක්....උඹ හිනාවෙනකොට උඹ එක්ක හිනහ උනා මිසක් කවදාවත් ඉරිසියාකම් කෙරුවෙ නෑ...

සුදුමහත්තයා ආදරෙ කියන්නෙත් ඒ වගෙ දෙයක් ...උඹ අඩනකොට හිනාවෙන කෙනෙක් ගාව ආදරයක් නෑ....උඹගෙ දුකේදි නෑඩුවත් උඹව පරිස්සමට තුරුල් කරගන්න කෙනෙක්ට ආදරෙ කරපන්...

ආදරෙ කරපන් කල්පයක් උනත් බලන් ඉන්නත් අහසක් තරමට ආදරෙ දෙන්න පුලුවන් කෙනෙක්ට...

කවදාවත් ආදරෙ කරන මිනිස්සු අස්සෙන් අම්ම අප්පච්චි හොයන්ඩ එපා සිහත්...අම්මා අප්පච්චි වෙන්ඩ පුලුවන් අම්මාට අප්පච්චිටම විතරයි....උඹ ආදරෙ කරන කෙනාගෙන් අම්මාව හොයන්නෙ නැතුව උඹට ආදරෙ කරන මනුස්සයව විතරක් දැකපන්....

ආදරෙත් ජීවිතෙත් කියන කාරනා දෙක ගැන අද වෙනකන් කාටවත් අහවරක් කරන්න පුලුවන් නිර්වචනයක් දෙන්න පුලුවන් වෙලා නෑ....ඉතින් උඹට පේනවනෙ සබ්ජේක්ට් එකෙ තරම....

අප්පච්චි විදිහට මං කියන්නෙ...පුතෙ ආදරෙ කරපන්.....අහසක් තරම් ආදරේ දෙන්න පුලුවන් මනුස්සයෙක්ට ...ඒ වගේම උඹත් ආදරෙ කරපන් අහසක තරම් ප්‍රේමයක් දරන්න පුලුවන් මනුස්සයෙක්ට....

සිහත්....අදටත්...මහ මුහුදෙ ගැඹුරයි....අහසෙ අක්කර ගානයි මැනගන්ඩ පුලුවන් උන මනුස්සයෙක් මේ මිහිපිට නෑ..අන්න ඒ වගෙ උඹගෙ ආදරෙ පරිමා දාරිතා දිග පලල හොයන්න බැරි තරම් ආදරෙ දෙන ආදරනීය මනුසායෙක් වෙයන්...අන්න එතකොට උඹටත් ඒ වගේම ආදරයක් ආපිට ලැබෙයි...

අත්දුටුවයි ප්‍රත්‍යක්ශයි ....මොකද උඹගෙ අම්මා අප්පච්චි ඒ වගෙ....හ්ම්...වරෙන් යන්න.....වෙලාව දොලහත් පහුවෙලා..එකට කිට්ටුයි....අප්පච්චි උදෙම්ම යන්න ඕන...අම්මට නිදිමරන්න හොද නෑ...කලා බීලා නිදාගන්න අරකා වෙලාහට තවමත් මායන් වෙනව ඇති නැත්තන් .....

අප්පච්චි මං තව චුට්ටක් ඉන්නද අප්පච්චි ...ගේ ඉස්සරහනෙ....

ආව ගමන් මේ මහ පාන්දර අනුන්ගෙ මාලු ලෑලි උඩ නැගන් ඉදලා හොල්මන් පෙන්නලා ගුටිකන්ඩද....

........

හ්ම්...හ්ම්.....පැය බාගයක් දෙන්නම්.....ඉක්මනට එනවා....වැල්ලට බහිනවා නෙවෙ සිහත් තේරුනාද?

ත්....තේරුනා අප්පච්චි ....

මන් හිතන්නෙ අප්පච්චිට මගෙ මූන දැකලා දුක හිතෙන්න ඇති ...

.

...පැය බාගයක් දෙන්නම් ඉක්මනට එනවා කියපු අප්පච්චි යන්න යනවත් එක්ක පාලුවට ගියපු පාරෙ තට්‍ට තනි උන මන් චන්ඩ වෙච්ච මහ මුහුදක් වෙනුවට හීන් සීරුවට රැලි ගහන නිවුන මුහුද දිහා බලාගන පුරුදු විදිහට සින්දුවක් අහන ගමන් මගෙම අහසත් එක්ක ආපහු ප්‍රේම විලට පැන්නා.....

රෑ අහසත්.....ගැඹුරු මුහුදත්...හද එලියත් කියන තුන්කොන් ප්‍රේම යහනට පැන්න මට කාගෙ පපුවට තුරුල් වෙන්නද කියලා හිතාගන්න බැරි උනා....හද එලියට තුරුලු වෙන්නද....විසල් අහසෙ පපුවට මූන හංගගන්නද....නැති නම් පෙන කැටිති වලින් සැරසුන නිල් රැල්ලක එතිලා මුහුදෙ රහස් කතා අහන්නද හිතාගන්න බැරි මොහොතක කහ ලාම්පු සීයක විතර එලියක් එක්ක පලාතම හොලවන් මහසද්දෙන් ආව බයික් පෝලිමක් විතර මං ජැක් එක ගහන් උන්න මාලු ලෑල්ල පහු කෙරුවා...

ඇත්තටම පහු කෙරුවා නෙවෙ උන් ඔක්කොම අර මහ සද්දෙන් ආව බයික් රෑන මාලු ලෑල්ල ගාවදි ස්ලෝ කෙරුවා ....

.

සරම් කාරයො...තනිම සුදු සරන් කාරයො....අතෙ පයෙ බෙල්ලෙ යකඩ බෙරලියන්තු එල්ලගත්ත මලකඩපාට කහපාට කොන්ඩ තිබුන සරම් කාරයො...

කාවඩි නටපු උන්ද කොහෙද ....යකො ගෙවල් වලට එන වෙලාවමේකද.....

එකම වගෙ සරම් ඇදලා පොල්ගහ ලකුන බාට දාලා උඩට මොකුත් නැතුව උන්නෙ කාවඩි කාරයො ටික වෙනකොට එකා එකා එක පේලියට අර බයික් ටික නවත්තනකොට එකෙක් අපෙ ගෙදරට අල්ලපු වැටෙ තිබ්බ ගෙදරට දිව්වා...

ලොකු අයියෙ පිහියක් ගේන්ඩයි....

ගෙනෙන් මේකෙ ඔලුව ගහන්ඩ....දුවා ඇහැරලා නම් මේක ගිහින් දියන් මාමා දුන්නයි කියලා

මන් බලාගන උන්නා...බයික් එකෙන් බැහැපු එකෙක් ලොකු අයියෙ කියලා කාට හරි කතා කරලා පිහියක් ගේන්ඩයිද මොකක්ද අහනකොට කොලු රෑනට වැහිලා උන්න ලොකු අයියා ඌට පිහියක් ගේන්ඩ කියලා දුවාද කව්ද ඇහැරලා ඉන්නවා නම් මේක දෙන්ඩ කියලා සිලි උරයක් දුන්නා.....

පාන් යකොඩෙ....රෝස් පාන්.....!

මං එතකොටයි හරියටම දැක්කෙ.....බයික් වලින් බැහැපු උන් අතේ සිලි උර තිබුනා..කසිංජි සුවදත් එක්ක පාන් සුවදෙ බැරි උනා....මුන්ට මේ පාන්දර කොහෙන්ද පාන්....

ජීවා...

ලොකු....

හෙට ටවුමෙ ලෑල්ලට කතා කරලා කියපන් නුවර ලොරිය වේලාසන යවන්ඩයි කියලා හරිය....අනික ඔය සාල සූඩයො නම් අයිස් ගහන් අරන් යන්ඩත් එපා කියපන්....උන්ට අයිස් ගහලා අරන් යනවටත් පාඩුයි....ඕනම නම් පෙට්ටි දෙකක් යවපන්....හුරුල්ලො ...බෝල්ලු නම් අරන් යන්ඩ කියපන්...හරිය

හරි ලොකූ.....ලොකු නුවර යන්නෙ කුරුනෑගල රූට් එකෙ නම් අජියගෙ ලෑල්ලටත් මාලු යවනවයි?

කලින් පාර එකෙ සල්ලි දුන්නොත් එහෙමයි නැත්තන් මෙහෙමයි... පිස්සුවක් ඇතෑ ඉතින් ආය හොදවැඩේ...ඔය කා ගාව හරි ලයිටරයක් තියනව නම් දියල්ලා..අජියා කැඩුන හුරුල්ලොත් දෙසිය පනහ විකුනන්නෙ කිලො ඒකෙ ගානට.....හොදවැඩේ.....ඊට වඩා අපිම විකුනනවනෙ කෑලි ටිකත්....

කාවඩි කාරයන්ගෙ මාලු වලියක්ද මන්දා...මෙතන උන්නොත් මුන් මාවත් මාලු කරනවා...ඒත් වැඩෙ කියන්නෙ එකෙක් වත් මාව දැකලත් කතා නොකරපු එකනෙ...එක්කො මන් පොඩි හන්ද් මාව දැක්කෙ නැද්ද....වෙන්ඩ බෑ....මං ඇදන් ඉන්නෙ සුදුනෙ.....

කමක් නෑ...එක්කොයන්....අප්පච්චි පැයබාගෙන් එන්ඩ කිව්වනෙ....

යන්ඩ කියල ලෑස්ති උනත් මොකද ඇදන් උනන් සරම් කැහැපට ගහන් පිටවල් පුරාවටම එක එක විච්චුම්බර ලියන් උන්න මගෙ කතා පොතට එකතු වෙන මේ අලුත් මිනිස්සුන්ගෙ මේ අලුත් කතා බහ මට යන්න හිතක් නැති වෙනකොට අර ගෙවල් දිහාවට දුවපු එකා ආවෙ පතරංග සයිස් මැටි වලදක් එක්ක වෙනකොට තව එකෙක් සාමාන්‍ය සයිස් ලොකු ප්ලාස්ටික් බේසමක් උස්සන් ආවා...

බොරු කියන්න ඕන නෑ...මොනවා උනත් උන් ගෙනාවෙ නම් මාලු හොද්දක් කියන්න ඒ මිරිස් සුවදෙම්ම දැනුනා විතරයි මට කෙල ගිලුනා.....තිබ්බ බඩගින්නත් වැඩි උනා....මුන්ට වෙලාවක් අවේලාවක් නැතුව ඔය හැටි මාලු හම්බෙන්නෙ මුන් අනිවාර්යයෙන්ම මාලු කාරයො හන්ද වෙන්න ඇති.....

මට මතකයි අප්පච්චි දවසකුත් ඔය කල්පිටි පැත්තෙ ගිය කාලෙත් ගිය කාලෙක එහෙ මිනිස්සුත් උනුම උනු පානුයු මිරිස් හොදී ලුනු ඉහාපු පොලුයි දුන්නා කියලා රහ කර කර කිව්වා.....

සමහර විට මෙතනත් තියෙනෙ ඕව්වා වෙන්න ඇති....

ලොකු මේන් ඔහෙගෙ තෙල් වාටිය...

කොල්ලො ටික වට උනා.....ආය මේසවල කෑම් නෑ....ඔක්කොම වට උනෙ එක යාංගෙට තිබුන මාලු ලෑල්ලට වෙද්දි මෙත මීටත් වඩා ඉන්න එක හරිනෑනෙ හිතපු මං එන්න හැරුනා විතරයි කවුරු හරි මට කතා කෙරුවා....

ආන් අර හිච්චෙක් ඉන්නවා ඒකට කතා කරලා ඇවිල්ලා කන්ඩයි කියපන්....

ඒ මේ යාලූ...මෙහෙ එන්ඩ ඔයැයි පාන් කෑල්ලක් කනවා?

මාව නිකන් කරලා අතෑරියා වගෙ.....එතන උන්න හයෙ හතරෙ පොරක් මට ඒ යාලු පාන් කෑල්ලක් කනව කියලා අහනකොට කව්ද කින්ද මන්ද නොදන්න හන්දම එපා කියලා ඔලුව වැනුවා....

ඒමේ.....හොද වැඩේ....මේ අලුත් මාලුයි පොලුයි උනු පානුයි තියෙන්නෙ....ඔහෙත් කෑල්ලක් කාලා යන්ඩ

මන් නෙවෙ හා කිව්වෙ....කොච්චර වාත් බෑ කිව්වත් යන්නම් අයියෙ කිව්වත් උන් ටිකට අපෙ ගෙදර පෙන්නල බන්ඩාර වෙලෙන් අලුතෙන් පදිංචියට ආවෙ කිව්වා විතරයි පහු පහු වෙනකොට මට පාන් කෑල්ලක් නොකාම යන්න බැරි උනා....දකුනෙ උන් මෙහෙමයි හරිය බඩෙ බත් එක හරි දෙනවා හරි කිය කිය මාව අර කොල්ලො රොත්ත මැදට ඇදන් යනකොට මන් උන්නෙ බැටලු පැටියා ගානට වෙද්දි ඒ යනකොටත් මාලු ලෑල්ලෙ ලැගන් එකෙක් කන ගමන් උන්නා වගේම මන් ආවා විතරයි එයා ඔලුව ඉස්සුවා....

ලොකු මෙයැයි හිච්චෙක්....විජිතෙට යනවයි කියන්නෙ ...

ම්න්...

මන් එතකොටයි හරියටම දැක්කෙ...ලොකූලු.....මේ අර නැට්ටුක්කාරයා.....අපෙ ඇටයට මොනරපිහාටු දීපු කාවඩියා....එයා මාව අදුනගත්තද.....?නෑ වගේ...

තවමත් අර ඇදන් උන්න සරම පිටින් උන්න ලොකූ කියන් නැට්ටුකාරයා මා දිහා බලලා ම්න් කියන ගමන් පාන් එකෙ තෙල් වාටියක් කඩාගන එක මිරිස් හොද්දෙ ඔබලා ඊටපස්සෙ පොල් වල ගාගන කටෙ දාගන්න ගමන් මගෙ දිහා යන්තමට වගෙ බලලා මාව එක්කන් ආව එකාට කතා කෙරුවා....

ඔය අතපතගාපු එවා දෙන්ඩ එපා....ජීවා....ඔය වහදාපු එකෙන් හොද පැත්ත බලලා කෑල්ලක් හිච්චට දියන්

ව්....ව්.....ව්....වහ.....ද්..දා...පු...එකෙන්...අ..අයියෙ.....බ්....බ්...ඩගිනි....නෑ...!!!

More Chapters