Ficool

Chapter 3 - වේදාඹුව

*මතකාවර්ජනය*

"දේවාන්ශී!!! ඔහොම ටිකක් හිටපන්!" දේවාන්ශිගේ මිතුරිය රිතූ පන කඩාගෙන පන්තියට දුවන දේවාන්ශිව නවත්වන්න උත්සහ කරා. Sports meet ලඟයි. මේ දවස් වල පන්ති වලට වෙලා ඉන්නේ එහෙමත් පිස්සෝ. ඉස්කෝලේ කඩවසම්ම කොල්ලෝ මේ දවස් වල ඉන්නෙම ක්‍රීඩා පිටියේ වුනාම රිතූ ට කොහෙත්ම පන්තියට වෙලා මේ අගනා අවස්ථා මග ඇරගන්න කොහෙත්ම උවමනාවක් තිබ්බේ නෑ. ඇරත් ඉස්කොලේ ක්‍රීඩා නායකයායි රිතූයි අතරේ පොඩි එව්වා මෙව්වා එකක් තිබ්බා. කලින් පීරියඩ් එක GIT වුන නිසාම විතරක් දේවාන්ශිට කුනු කුනු ගාලා කොහොම හරි පිට්ටනියට ඇදන් ගිහින් අයිනක් අල්ලන් කොන්ඩ පටිය හප හප රුවිත් එක්ක ඇස් වලින් ඉඟි බිඟි කරගත්තා තමයි. ඒත් පොරොන්දු වෙච්ච කාලච්ඡේදය අවසන් වෙනකොටම දේවාන්ශිට කුලප්පුව ගැහුවා. ඒක රිතූට තිබ්බ කුලප්පුවට වඩා බොහොම වෙනස් එකක්.

"බෑ! බෑ!!! දැන් bio period එක" දේවාන්ශිව තවත් නවත්වගන්න උත්සහ කරනවා කියන්නේ ගඟට ඉනි කපනවා වගේ වැඩක්. ඉතින් රිතූ රුවිත්ට බායි කියලා දේවාන්ශි පිටිපස්සෙන් දුවන් යන ගමන් බෙරිහන් දෙන්න ගත්තා 

"අපිට bio උගන්නන්න කවුරුත් නැතෝ!!!!!" ඉතින් දේවාන්ශි දුවන ගමන් රිතූට උත්තර දෙන්න හැරුනත් හරි,

'දඩාං!' දෙවාන්ශි කාගේ හෝ ඇඟේ හැප්පුන පාර දේවාන්ශිව අඩියක් පස්සට විසික් වුනත් හරි බිමටනම් වැටෙන්න ලැබුනේ නෑ. මොකද දේවාන්ශි වාරු වෙලා හිටියේ ශක්තිමත් භාහුවකට. දේවාන්ශිගේ කලබලකාර ඇස් වලට උදෑසන හිරු කිරණ වැටිලා වීදුරු වගේ දිලිසෙනවා කස්සප බලා ඉඳිද්දි, දේවාන්ශිගේ ඇස් නිලංකාර වන තරමේ දීප්තිමත් මී පැණි පාට දේවාන්ශිගේ නහයට කෙස් ගහක් තරම ඈතින් දිලිසුනා. 

"කඩවලේ!!!" අත් දෙක මුහුණ දෙපැත්තෙන් මිටමොලවන් හිටපු කෙල්ලගේ මුවින් පිටවුන වචනෙට කස්සපට හිනා ගියා. එහා අතේ තිබ්බ brief case එකත් එක්කම දේවාන්ශිගේ භාහුවකින් මෘදුව අල්ලලා කෙලින් කරන ගමන් කස්සප හිනා වුනත්, දේවාන්ශි තවමත් හිටියේ තිගැස්සිලා. දේවාන්ශිගේ පපුව කොයි තරම් වේගෙන ගැහෙනවද කියලා කස්සපට ඇහුනා. කස්සපට තිබුන මහ හුඟක් හැකියා වලින් එකක් ඒ. 

"සමාවෙන්න!" දේවාන්ශි බිම බලන්ම මවාගත් හිනාවක් අත ඇරලා රිතූව අතින් ඇදගෙන පස්ස නොබලා පන්තියට දුවන්න අඩි දෙකක් තිබ්බත් හරි රිතූගේ කකුල් වැඩ කරන්නේ නැති ගානයි. ඒකිගේ මූණත් තාම කස්සප දිහාට හැරිලා. 

"අඩෝ, කවුද බන් ඒ ටයිගර් සැරොෆ්?" ඇහැට කනට පේන පිරිමි පාර්ශවය පිළිබඳ රසාස්වාදයේ පස්චාත් උපාධිය හිමි කරන් හිටි රිතූගේ ඇස් වලින් හදවත්, හතර අතේ විදින ගානයි. 

"වරෙන්කෝ!" තවත් වෙර යොදලා රිතූව ඇදන් පන්තියට දිව්ව දේවාන්ශි වෙච්චි නස්පැත්තිය මේස ලීයට දමලා ගහන්න වගේ ඔලුව ගහගෙන බොරුවට ඇඬුවා. 

"විලි ලැජ්ජයි රිතූ!!! මන් හිතන්නේ ඒ primary එකේ ළමයෙක්ගේ තාත්තා කෙනෙක්" 

"හෑං? උඹ මඟුලක් කියවන්න එපා දේවාන්ශීයෝ! මන් මේ දැන් ඌව කසාද බැන්දා. මට බෑ අනුන්ගේ ළමයි බලන්න"

"රිතූ, උඹට ඇත්තට තාත්තෙක් හරි කමක් නෑ"

"අඩෝ ඩැඩීලා තමයි දැන් trend එක. උඹ දන්න පම්කක් නෑ දේවාන්ශි!"

"එතකොට රුවිත්?"

"අඩෝ ඒවත් කෑලිද බන්? එව්වා ඇවිල්ලා සිප්පි අර කඳත් එක්ක බලද්දි! අන්න වාලම්පූරි!"

"ඉව්ව්ව්ව්ව්!!!!" එහෙම කිව්වට මොකෝ ඒ කඳෙන් ආපු සුවඳ දේවාන්ශිගේ නහයෙන්, මොලයට, මොලයෙන් සරුවාංගෙම පැතිරිලා හොල්මන් කරමින් හිටියේ. දේවාන්ශි ඇස් වහගෙන ඒ දැනුන සුවඳ මෙනෙහි කරා, ඒ වගේ සුවඳක් තියන විලවුන් වර්ගය කුමක් වෙන්න පුලුවන්ද? මේ ලෝකයෙන් එලියට කෙනෙක්ව තල්ලු කරලා මහා විශ්වයේ අතරමං කරන්න පුලුවන් සුවඳක්. ඒක 'පිරිමි' ගතියක් දුන්න සුවඳකුත් නෙමෙයි, 'කාන්තා' ගතියක් දුන්න සුවඳකුත් නෙමෙයි, එහෙනම් ඒක මොන වගේ සුවඳක්ද? දේවාන්ශි කල්පනා කරා...

"ඌ නම් දිව්‍යලෝකෙන් වැඩිය එකෙක් වගේ බන්! ඒ තරම් නැද්ද මන් අහන්නේ?" පිළිතුරක් නොලැබුන කල රිතූ දේවාන්ශිව එක උරහිසකින් අල්ලා හෙලෙව්වා. "අහ්? කියහන්කෝ!" 

"අහ්?" දේවාන්ශි ඇස් ඇරියා.

"ඌ නම් මනුස්සයෙක් වෙන්න බෑ" 

"කවුද බන්?" පිටිපස්සේ පේලියේ හිටපු නදුනි ඔලුව දැම්මා.

"බන් කස ගහ යටදි තාත්තෙක් දැක්කා බන්, අම්මෝ කැරි කඳක් බන්! මේම මේම හොඳේ! ආයේ ඉතින් සුපි..."

"ඒයි ඒයි, රිතූ" දේවාන්ශී ඉස්සරහා බලන්ම පිටිපස්ස හරිලා කැරි කඳ විස්තර කරන රිතූගේ කලවකට ගැහුවේ හොල්මනක් දැක්ක ගානට බය වෙලා. 

"හම්මට!" දමයන්ති මිස් කතා කරන්න කලින් රිතූගේ අන්තිම වචනේ ඒ,

"ආයුබෝවන් ළමයි!" 12 ශ්‍රෙණි භාර දමයන්ති මිස් ඇවිත් තිබ්බේ තනියම නම් නෙමෙයි. මේ කාලේ පන්තියේ පිරිමි ළමයි හොයනවා කියන්නේ ලාහට ගෙම්බෝ අල්ලනනවා වගෙයි. හිටි ගෑනු ළමයින්ගෙනුත් 7කට වඩා නැති වුනත් මෙතුවක් වෙලා කන කඩන් යන ගානට තිබ්බ සද්දේ හොරු අරන් ගිහින්. ඉඳි කට්ට බිම වැටුනත් දැන් නම් ඇහෙයි. 

"මේ ඉන්නේ ඔයාලගේ අලුත් Bio sir, ඒවගේම ඔයාලගේ පන්ති භාර ගුරුතුමා"

"ආයුබෝවන්!" කස්සප අත් දෙක එකතු කරලා කටහඬ අවදි කරාම ජීවිතේ පලවෙනි පාරට කස්සපගේ කටහඬ ඇහුන දේවාන්ශි විතරක් නෙමෙයි පන්තිය සේරම කෙල්ලෝ ටික නිවන් යන ගානයි. 

"මගේ නම තාක්ශ්‍ය කස්සප වේදාරගේ"

"සර්, සර් ට එතකොට අපි කතා කරන්න ඕනා මොකක් කියලද?" රිතූ දඟකාර විදිහට නැගිටලා ඇහුවම, රිතූ තරම්ම කටකාර නෙත්මි, "බයෝ සෑර් කියලා" කිව්වම දේවාන්ශිටත් හිනාව නතර කරගන්න බැරි වුනා, කස්සපටත් හිනා. කස්සපගේ හිනාව ඉස්සෙල්ලාම දැක්කේ දේවාන්ශිනේ. කොහොමත් හිත ඇතුලෙන් ඒ හිනාව ආයේ දකින්න ලැබුන එක ගැන දේවාන්ශි තමන්ටත් හොරා සතුටු වුනා. මොකද ඒක ඒ තරම්ම ලස්සනයි. ගානට කපලා තිබ්බ රැවුලත් රතු පාටට බර දුඹුරු පාට වුනාම දේවාන්ශි හිතුවේ මේ මනුස්සයා රැවුලත් පාට කරලද කියලයි හැබැයි නහය උඩින් පටන් අර කම්මුල් පුරා තැනින් තැන වැටුනු තඹ පාට ලප අලුත් බයෝ සර්ගේ කෙස් පාටට හොඳට කැපුනා. සුදු පාට ශර්ට් එකට, දාපු මෙරුන් පාට ටයි එක, ඒ පාටම කලිසමටයි දුබුරු පාට හන් සපත්තු දෙකත් ඒ රුවටම ගැලපුනා. 

"කස්සප, කියන්න ලේසි වෙයි නේද?" අලුත් බයෝ සර් එහෙම කියලා දමයන්ති මිස්ට සමු දුන්න. අතේ අරන් ආපු brief case එක මේසයේ උඩින් තියලා මේසය ඉස්සරහට ඇවිත් මේසෙට හේත්තු වෙලා අත් දෙක බැඳගන්න ගමන් දකුණු කකුලේ සපත්තු මුල වම් කකුල ඉස්සරහින් තියාගත්තා.

"ඉතින්, අපි අඳුරගමු, පිරිමි ළමයිනම් නෑ වගේ නේද?"

"පිරිමි ළමයි නැතුවට මොකෝ සර්, මේ අපි ඉන්නේ" 

"ඒක නේන්නම්, එහෙනම් ඔයා කියන්නකෝ ඔයාගේ නම"

"මන් රිතූ"

"හ්ම්... එතකොට... රිතූගේ යාලුවගේ නම?" කස්සප දේවන්ශිගේ දිහා බැලුවත් දේවාන්ශි හිටියේ මේසේ දිහා බලන්.

"අහ් සර් එයා දේවාන්ශි" 

"අහ් ඒක හරි ලස්සන නමක් නේ, දේවාන්ශී" කස්සප කතා කරනකොට දේවාන්ශිට කස්සප දිහා නොබලා ඉන්න බැරි වුනා. දේවාන්ශිට ආයෙමත් ඒ හිනාව මුන ගැහුනා. කස්සපට තිබ්බේ හීනි තොල්, ඒවගේම ගානට පිහිටුන දත් ඉතින් ඒ හිනාව කොහොමත් සර්ව සම්පූර්ණයි, අඳුරු ගුහාවක් වුනත් එලිය කරන්න පුලුවන් ඇති ඔය හිනාවට.

කස්සප ඉස්සරහා හිටිය යන්තම් දුඹුරු පාට කෙල්ල තමන්ගේ අතට බර වෙච්චි වෙලාවෙම කස්සපගේ පන යන්න ගියා. ඒකයි විදුහල්පති කාමරයට කලින්ම ගුරුවරුන්ට වෙන් වුන වැසිකිලි පරිශ්‍රයට දුවන් ගිහින් දොර වහන් හති ඇරියේ. අවුරුදු 25,000 කට විතර කලින් ඇති වුන හැඟීමක් කස්සපගේ හිතේ ආයෙත් අලුත් වෙලා. තද දුඹුරු පාට ඇස් කොයි තරම් අහිංසක වුනත් එක බැල්මකින් කස්සපගේ හර්ද ස්පන්දන වේගය වැඩි කරා. කස්සප තමන්ගේ පපුව තදින් මිරිකගෙන හුස්ම අල්ලගන්න උත්සහා කරා. 

 ************

"ඔව් ඒ මන් උඹට කියපු කෙල්ල තමයි වාසි"

"එතකොට උඹ කියන්නේ උන්නතී පළවෙනි පාරට දැක්කා වගේම feeling එකක් උඹට ඒ කෙල්ල වෙනුවෙන් ආවා කියලනම් වේද්, ඒ උන්නතී වෙන්න බැරිද?

"එහෙම වෙන්නේ කොහොමද වාසි? එයාට නැවත ඉපදීමක් නෑ. ඒක වෙන්න බැරි දෙයක්" 

"උඹට හොඳටම විශ්වාසද ඒකි ගරුඬාඹුව කියලා?" 

"මට විශ්වාසයි ඕයි! දේවාන්ශි මගේ අඹුවම තමයි!"

"ඉතින් බන් එහෙනම් උඹ mate වෙන්න එපැයි" 

"කොහොමද බන් එහෙම කරන්නේ? ඒ කෙල්ලට තාම වයස 19යි"

"ඉතින්? මෙහෙත් Legal නේ බන්! අනික බන් අපිට ඕවා අදාලම නෑ. වේදාඹුවකට වයස අදාල නෑ නේ වේද්!" 

"උඹට තේරෙන්නේ නෑ බන්! ආදරය කරන එකයි mate වෙන එකයි දෙකක්!"

"මල පිස්සුවක් ඕයි!"

"තෝ මොනාද දන්නේ උඹේ කල්පෙක වයසට එක පාරක්වත් ආදරය කරලා නෑ නේ උඹ"

"අපි එහෙම තමයි! මම නිදහස් මකරෙක් බ්‍රෝ, නිදහස් මකරෙක්!"

"මකරා? මකරා නෙමේ උඹටත් උඹේ වේදාඹුව හම්බුන දවසක උඹ ගැරඬියා වෙයි බලන් හුටපන්! Mind it පුතේ!"

"මහා ගරුඬ රාජයා, මයිනා වුනාට අපි ඔය ගෑනුන්ගේ මායම් වලට පීචං වෙන්නේ නෑ බ්‍රෝ, කල්පෙකට වුනෙත් නෑ ඉදිරියට වෙන්නෙත් නෑ. Mind it බාප්පේ!"

මතු සම්බන්ධයි...

More Chapters