"මැඩම් දේවාන්ශිව blood transfusion එකට දැන් ගත්තා" කස්සප ගයත්‍රි අම්මට කිව්වට, ඇස් කඩන් යන ජාතියේ කොළපාට, තැඹිලි පාට කාන්චිවරම් සාරිය මහත ශරීරයේ පටලන්, සමන්පිච්ච මල් වැලක් ගොතපු කොන්ඩේ එල්ලගෙන, රතු පාට අලි මොට්ටුවක් නලලේ තියන්, ඉටි බෑගයක් අතේ එල්ලන් හිටි ගයත්‍රි අම්මගේ මූණෙ කස්සපට තරම් කනස්සල්ලක් නම් තිබ්බේ නෑ. ඒ වෙනුවට තිබ්බේ කරදකාරී ස්වරූපයක්. මුහුණ හකුලන් තනිවම දෙමළ භාශාවෙන් මුමුණ, මුමුණ හිටපු කාන්තාව බොරුවට කස්සපට හිනාවක් දුන්නා.
"මාත්තියා සර්, මේ කෙල්ලගේ ඇඳුම්" ගයත්‍රි අම්මා ඉටි බෑගය කස්සපට දික් කරාම කස්සප ව්‍යාකූලත්වයට පත් වුනා. මොනාද මේ ගෑනි හිතන්නේ? මේක කස්සපට දීලා මාරු වෙලා යන්න නම් වෙන්න බෑ. මොකද කාන්තා වාට්ටුවේ කොහොමද කස්සප ඉන්නේ? අනික, දේවාන්ශි එක්ක? කොහොමද එයාට උදව් කරන්නේ?
"මැඩම්, මේ මට... මට මොකටද මේක?"
"මාත්තියා සර්, මේ ඉන්න මට බෑ මාත්තියා, අරේ චින්න චින්න කෙල්ලි පැටව් ඉන්නවා සර්." මේ ගෑනි කියන්නේ දේවාන්ශිගේ තනියට මෙහේ ඉන්න බෑ කියලා වුනාම කස්සපට කර කියාගන්න දෙයක් නැති වුනා.
"මැඩම්, ඉතින් මන් කොහොමද කාන්තා වාට්ටුවේ ඉන්නේ? අපිට මෙහේ ඉන්න බෑ"
"ඔරු අර්පුතමාන තොල්ලෙයි!" අහක බලන් ඇහෙන නොඇහෙන ගානට කිව්වට කස්සප නොදන්න භාශාවක් මේ ලෝකේ තිබ්බේ නැති වුන නිසා තමන්ගේ භාරයේ ඉන්න දේවාන්ශිට පුදුම කරදරයක් කියපු ගෑනි එක්ක කස්සපට කේන්ති ගියා වුනත් මුවින් නොබැන කස්සපට කවදත් හුරු විදිහට ඉවසුවා.
"මාත්තියා සර්, දේවාන්ශිට පොත්තම්පාටු, දහනවයයි" ගයත්‍රි අත් දෙකේ ඇඟිලි වලින් 19යක් පෙන්නුවා. "මට දහාටෙන් ඉවරයි, එනක්කු එන්තප් පොරුප්පුම් ඉල්ලෙයි"
"වගකීමක් නෑ? මැඩම් කියන්නේ දේවාන්ශි ගැන මැඩම්ට වගකීමක් නෑ කියලද?"
"අහ්! අතු සරියන්!" ගයත්‍රිගේ මූනේ මෙතුවක් වෙලා අතුරුදහන් වෙලා තිබ්බ හිනාව මුහුණට ඇවිත් ඔලුව වනලා තමන් කියපු දේ කස්සපට තේරුන එක ගැන සෑහීමකට පත් වුනා.
"නාන් පෝකිරෙන්!" ඒ ගෑනි පස්ස නොබලා මහා පස්චත්භාගය හොලව හොලව දොරෙන් එලියට යන දිහා කස්සප අසරණව බලන් හිටියා. මේ කෙල්ල එක්ක තමන්ට නතර වෙන්නත් බැරිනම්, කාවද දැන් තනියට තියන්නේ? අනවිනේටයි, කොඩිවිනේටයි ඕනම එකකට කස්සපට හිටියේ ව්‍රිත්‍ර විතරක් වුනත් ඊයේ රෑ ඉඳලා රෝහලේ ඔට්ටු වෙච්ච තමන්ගේ මිතුරට කතා කරලා කරදරයක් වෙන්න කස්සපට ඕන වුනේ නෑ කියලද හිතන්නේ? නෑ! කොහෙත්ම නෑ. මොකද ව්‍රිත්‍රගේ 'මහන්සිය' හුදෙක්ම ලෝකෙට පේන්න විතරක්ම බව කස්සප දන්නවා.
"වාසි, පොඩි ප්‍රශ්නයක්!"
"සුභ පැතුම්! මන් රෙස්ට් කරනවා, උඹම විසඳගනින්"
"Phone එක තියන්න එපා භළ්ළෝ!"
"මන් බල්ලෙක් නෙමෙයි වේද්!"
"හරි තෝ මහ හු#න සර්පයෙක්"
"නෑ උඹ මට බල්ලාම කියපන්, සර්පයෙක් කියලා අහගන්නවට වඩා ඒක නම්බුයි!"
"කොහෙද උඹ ඉන්නේ? ඔය වතුරේ බැහැලා ඉන්නේ නැතුව දේවාන්ශි ළඟ තනියට තියන්න ගෑනියෙක් හොයලා දියන්"
"මේ වේද්! උඹ හිතුවද උඹ ඉල්ලන ඉල්ලන වෙලාවට මට ගෑනු මවන්න පුලුවන් කියලා?"
"වාසි, please!"
"අනේ මේ, මට බෑ උඹ කතා කරපන්"
"ඒ වුනාට ඒකි උඹ කිව්වම අහනවා"
"මලම කරුමයක් ඕයි උඹ!"
ඒ වචනේ ඇහුනම කස්සප කොහොමත් දැනන් හිටියා ව්‍රිත්‍ර කොහොමහරි තමන්ගේ වැඩේ කරලා දෙනවා කියලා. ඉතින් කස්සපගේ මූණට ආයෙම අර දඟකාර හිනාව ආවා. මේ කලබල අස්සේ කස්සපගේ අවධානයට නොආපු තව දෙයක් තිබ්බා. ඒ තමයි, වාට්ටුවේ නර්ස් නෝනලාගේ විතරක් නෙමෙයි, කාන්තා බුරුත්තගේම ඇස් තිබ්බේ කස්සප ළඟ. ඊටත් එහා තමන් දිහා බල බල ඒ උන්දැලාගේ කිචි බිච් ගගා ගිය කසු කුසුව. කස්සප මෝඩ පහේ හිනාවක් ඇසට අහු වුන හැම කෙනාටම දුන්නා. ව්‍රිත්‍රට වඩා අඟලක් විතර මිටි ඇති කස්සප, නමුත් ව්‍රිත්‍රට නොදෙවෙනි රූප සම්පත්තියකට කස්සප වග කියද්දි කස්සපට ඇහැ යන එක නවත්තන්න මනුස්ස දුවකට කොහොමටත් බැරි වුනා. මී පැණි පාට ඇස්, රතු-දුඹුරු කෙස් වලින් පමණක් ව්‍රිත්‍රට වඩා කාරුණික පෙණුමක් කස්සපට දීලා තිබුනා.
රුධිර පාරවිලනය අවසන් වෙලා දේවාන්ශිව වාට්ටුවට ගෙනාවම කස්සප අන්තිමට ඇයව දැක්ක වෙලාවේ තිබ්බ සුදුමැලි පාට මැකිලා කම්මුල් වලට යන්තම් පාට වැටිලා තිබුනා. කස්සප දිහා බලලා දේවාන්ශි යන්තම් හිනා වුනා. ඉතින් කස්සප එයා ළඟට ගියාම දේවන්ශි ළඟ හිටපු ශිරාණි මිස් කතා කරා.
"දේවාන්ශිට හෙට යන්න පුලුවන් සර්, ඒත් අදනම් ඉන්න වෙනවා. හැබැයි...."
"නෑ, නෑ ශිරාණි මිස්, නංගි කෙනෙක් මග එනගමන්. එයා දේවාන්ශි එක්ක අද රෑ ඉඳී"
"අහ් එහෙනම් ප්‍රශ්නයක් නෑ, ඒක නෙමේ සර්, සර් අපේ වාසිශ්ඨ සර්ගේ කවුද?"
"අහ්, වාසී මමයි දුරින් නෑයෝ වෙනවා. ඊටත් වඩා අපි යාලුවෝ"
"අහ්! ඒක තමයි දෙන්නටම නලුවෝ පරාද! හි හි හි" ශිරාණි මිස් හිනා වෙවීම යන්න යනකොට කස්සප දේවාන්ශි දිහා බැලුවා.
"දරුවෝ, දැන් කොහොමද?"
"දැන් නම් අමාරුවක් නෑ සර්, මේ ගයත්‍රි අම්මා?"
"අහ්... මේ දරුවෝ..." කස්සපට වචන හිර වෙලා, ලස්සන තද දුඹුරු පාට ඇස් දිහා බලන් කස්සපට හිත හදන් ගයත්‍රි අම්මා මේ අහිංසක කෙල්ල තව දුරටත් තමන්ගේ වගකීමක් නෙවෙයි කිව්වා කියලා මේ අසරණී දිහා බලන් කොහොම කියන්නද?
ඉස්සරහින් ඇරිච්ච කොයි තරම් හේදුවත් කහ ගැහිච්ච සපත්තු කුට්ටම ඇඳ අයිනේ තියනවා කස්සප දැක්කා. ඉතින් කස්සපට නොදැනිම සුසුමක් පිට වෙද්දි දේවාන්ශි තමන්ගේ පන්තිභාර ජීව විද්‍යා ගුරුවරයා දිහා බලලා අසරණ හිනාවක් දැම්මා.
අදට අවුරුදු 19 ලබන වාන්‍යා දේවාන්ශි කස්සප එයාට හංගන දේ කොහොමත් දැනන් හිටියා. මොකද මේ අවුරුද්ද ලබපු දා ඉඳන් ගයත්‍රි අම්මා දේවාන්ශිගෙන් මේ අවුරුද්දේ නිදහස් කියන දේ දේවාන්ශිට උදේ හවහා මතක් කරන්න අමතක කරේ නෑ. තමන්ට යන්න තැනක්, රස්සාවක් හොයාගන්නයි හැමදාම ඉස්කෝලේ යනකොට කකුල් දෙක අල්ලලා වඳින දේවාන්ශිට කියන්න ගයත්‍රි කොහෙත්ම පසුබට වුනේ නෑ. ගයත්‍රි අම්මට, කවන්න එක කටක් අඩු වෙනවා. ඉතින් දේවාන්ශි ඒ ගැන එහෙම හිතලා තමන්ගේ හිත ඇතුලෙම තමන්ව එලියට දාන්න බලන් ඉන්න ගයත්‍රි අම්මාව සාධාරණීකරණය කරලා බලාපොරොත්තු වුනේ තමන්ගේ හිතේම සැනසීම.
"කමක් නෑ කස්සප සර්, මට තනියම ඉන්න පුලුවන්. සර් ගෙදර යන්න"
"එහෙම බෑනේ දරුවෝ. ඉන්නකෝ ටිකක්. මගේ නංගි කෙනෙක් එනවා ඔයා ළඟ ඉන්න"
"අනේ සර්, සර්ට මන් නිසා කරදරේ"
"එහෙම දෙයක් නෑ දරුවෝ. ඔයා දැන් rest කරන්න"
"අහ් Mr. වේදාරගේ?" හදිස්සියේ ඇහුන කාන්තා කටහඬ දෙසට කස්සප හැරුනා.
"Hi, මම හසන්‍ති, ව්‍රිත්‍ර මට කිව්වා Mr. වේදාරගේ student ගැන බලන්නයි කියලා" තමන් දිහාට අත දික් කරගෙන ඉන්න ප්‍රසන්න හා තරුණ කාන්තාවට කස්සප අත දුන්නා.
"Oh! Dr. Hasanthi, thank you! මේ ඉන්නේ මගේ student, දේවාන්ශි"
"Hi Devanshi! ඔයාට දැන් කොහොමද?"
"දැන් ප්‍රශ්නයක් නෑ doctor"
"මන් ඔයාගේ reports check කරා. ඔයාට ගොඩක් විටමින්ස් අඩුයි. ඒ වගේම බරත් මීට වඩා තියෙන්න ඕනා. ඔයාට කෑම අප්‍රියතාවයක් තියනවද?"
"ඔව් doctor"
"ඔව් ඒක anemia වල එක රෝග ලක්ශණයක්. දරුවෝ ඔයා හොඳට කන්න, බොන්න ඕනා. නැත්තම් ඉතින් මේ ලෙඩේ සනීප වෙන්නේ නෑ"
"හොඳයි doctor" එහෙම කිව්වට දේවාන්ශි කල්පනා කරේ තමන්ගේ හීනේ වෙචච දොස්තර හීනේ සැබෑ කරගත් ලස්සන දොස්තර නෝනා කියන දේවල් කරන්නේ කොහොමද කියලයි. මේ රෝහලෙන් පිට වුනාම ඉන්නේ කොහෙද කියලවත් දෙවාන්ශිට අදහසක් තිබුනේ නෑ.
"Mr. වේදාරගේ..."
"Please call me Kassapa"
"Ok, Kassapa so මන් හිතන්නේ මෙයාගේ දෙමව්පියන් එක්ක පොඩ්ඩක් කතා කරන්න. කෝ තාම එයාලා ආවේ නැද්ද?" හසන්ති වට පිට බැලුවේ දේවාන්ශිගේ දෙමව්පියන් ඇසට අසුකරගන්න වුනත්,
"ම්ම්ම්... doctor, she is an orphan" කස්සප හසන්තිට ඇහෙන්න විතරක් හෙමින් කිව්වම හස්න්තිගේ මුහුණ කලු වුනා.
"Oh! Kassapa can I talk to you privately?"
"Yes, yes of cause!"
"Please" හසන්ති තමන් යන දිහාවට අත දික් කරලා තමන්ගේ පිටුපසින් එන්නයි කස්සපට සන් කලාම කස්සප දේවාන්ශිට සැනසුම් හිනාවක් දීලා හසන්ති එක්ක යන්න යනකොට දේවාන්ශි තවත් කරදර වුනා. දොස්තර නෝනා කස්සපට තමන්ගේ බර තව පටවන්න යනවාදෝ කියලා දේවාන්ශි කරදර වුනා. අ.පො.ස සාමාන්‍ය පෙල ඉහලින්ම සමත් වෙලා, කොළඹ හතේ බාලිකා පාසලකට යන්න පුලුවන් කම තිබුනත් දේවාන්ශිට ඒ දේවල් කරගන්න උදව්වට කවුරුත් හිටියේ නෑ. ඉතින් එයා අම්මා එයාව ඇතුලත් කරපු ඉස්කෝලෙම උසස් පෙල කරන්න නැවතුනා.
කස්සප ඉස්කෝලේට පත් වුන දා ඉඳලා දේවාන්ශි ගැන වැඩිපුර බැලුවේ තමන් අනාතයෙක් නිසා කියලා දේවාන්ශි දැනන් හිටියා. ඒත් දේවාන්ශිට කස්සපගෙවත් වෙන කාගෙවත් අනුකම්පාව අවශ්‍ය වුනේ නෑ. ඒත් තමන් එක්ක කතා බහ කරපු, යාලු මිත්‍ර කම් පවත්වපු හැමෝම තමන් දිහා බැලුවේ අනුකම්පාවෙන්. ඉතින් කස්සප වුනත් ඊට වෙනස් වෙන්නේ කොහොමද?
"කස්සප, මේ ළමයා seriously malnourished. මෙහෙම දිගටම වුනොත් ඒක එයාගේ ජීවිතයටත් ලොකු තර්ජනයක්. මන් දන්නවා ඔයාට මේ ගැන කරන්න පුලුවන් දෙයක් නෑ කියලා, ඒත් try to find a solution for this"
"I understand doctor. I will try and do my best"
කස්සප ඇත්තටම දේවාන්ශි ගැන කරදර වුනා. දැන් දේවාන්ශි ඉන්න තත්වයෙන් මුදා ගන්නේ කොහොමද? කස්සප පුටුවක් උඩට වෙලා කල්පනා කරා.
"හායි බාප්පි" chewing gum එකක් හප හප Vogue magazine එකේ මුල් පිටුවෙන් එලියට බැස්ස ගානට ඉන්න දුඹුරු පාට කෙල්ල දිහා කස්සප බැලුවාත් කස්සපගේ වික්ශිප්ත ඉරියව්ව දැකලා කෙල්ල ඇස් රෝල් කරා.
"Oh comeon වේද්!"
"Sanjna?" කස්සපගේ ඇස් දෙකත් විශාල වෙලා
"ඔව්, ඔව් අනේ සන්ජ්නා තමයි! What the hell man? හොල්මනක් දැකලා වගේනේ!"
"හොල්මන් හොඳයි! කෝ උඹේ සාරිය?"
"සාරි? බබා this is 2025! Like, are you serious?"
"ඔය chewing gum එක විසි කරපන්!"
"Gosh! I hate this place" සන්ජ්නා chewing gum එක අතට ගත්තු ගමන් ඒක අතුරුදහන් වුනා.
"සන්ජ්නා!!!" කස්සප විරිත්තුවා.
"Chill man! කවුරුත් දැක්කේ නෑ, කෝ දැන් කෙල්ල?"
"දේවාන්ශි, මේ ඉන්නේ මගේ නංගි සන්ජ්නා." ඒත් කස්සපගේ කතාවට සන්ජ්නාගේ උගුර පෑදීම හරස් වෙනකොට කස්සප දේවාන්ශිට නොපෙනෙන්න සන්ජ්නා දිහා බලලා එරෙව්වා.
"එයා අද ඔයා ළඟ ඉඳී දේවාන්ශි. මන් හෙට එන්නම් ඔයාව ගන්න. හරි නේද?"
දේවාන්ශිට සන්ජ්නා දැකලා පන ගියා. සන්ජ්නා කස්සපගේ නංගි වෙන්නම ඕනා. මොකද එයා ඒ තරම්ම ලස්සනයි. ඒත් කස්සපට මී පැනි පාට ඇස් තිබුනට සන්ජ්නාට තිබ්බේ කොළපාට ඇස්. එහෙම වුනේ කොහොමද? ඒ කොහොම වුනත් දෙන්නම එක වගේ ලස්සනයි. දේවන්ශි කස්සප දිහාත්, සන්ජ්නා දිහාත් බලලා හිනා වුනා.
"හොඳයි සර්!"
"සන්ජ්නා, දේවාන්ශිව හොඳට බලාගන්න හරිද?"
"Ok boss!" සන්ජ්නා කස්සපගේ භාහුවකට අත මිටමොලවලා හෙමින් ගැහුවා.
"මන් යන්නම් දරුවෝ!" කස්සප දේවන්ශිගේ ඔලුව අත ගෑවේ තද දුඹුරුපාට ඇස් වලට කඳුලු පටලයක් එකතු කරලා. ඉතින් කස්සපට තවත් දුකයි.
"මන් ඉන්නවා, දේවාන්ශි ඔයා පොඩ්ඩක්වත් බය වෙන්න එපා"
කොළඹ සුඛෝපභෝගී තට්ටු නිවාස සංකීර්ණයේ වාහනය ගාල් කරලා කස්සප 27 වෙනි මහලට යන්න විදුලි සෝපානයේ බොත්තම එබුවා. තමන්ට අයිති දොරෙන් ඇඟිලි සළකුණ තිබ්බම සුඛෝපභෝගී නිවසට දොර ඇරුනා.
"වාසී!!!" කස්සප ටයි පටිය පුටුවකට විසි කරන් සෝපාවට වැටෙන ගමන් කෑ ගහද්දි කොහෙන්දෝ ආපු වතුර ගොඩක් ඔලුව උඩට වැටුනා.
"ඕයි!!!" ඔලුව දිගේ මූනට බේරෙන වතුර අත්ලෙන් පිහිදමින් කස්සප බෙරිහන් දුන්නා.
"නා ගනින් වේද්!" සුදු පාට සාලුවක් ඉනවටේ බැඳන් හිනා වෙවී ආපු ව්‍රිත්‍ර කස්සපව තවත් ඇවිස්සුවා.
"මන් නාගන්නම්. උඹ මාව නාවන්න ඕන නෑ." බේරෙන වතුර වාශ්ප වෙලා ගියේ 'සිරි, සිරි' සද්දේ එක්කමයි.
"හොඳ එකා වගේ මට කෝපි එකක් හදලා දීපන්කෝ" කස්සප ව්‍රිතර වෙත ආයාචනාත්මක බැල්මක් දැම්මා.
"ඉතින් හදාගනින්කෝ!"
"මොකක්ද ඕයි! එක කටට ගිලලා දාන්නයි වටින්නේ කැම්‍රි සර්පයා!"
"අනේ මන් බය වෙයි! ඉඳා" ව්‍රිත්‍ර කස්සපව අවුස්සන්න බැහැයි කිව්වට කලින්ම කෝපි එකක් හදලා වගේ. ඉතින් කස්සපට හිනා ගියා.
"Thanks. Coffee එකටයි සන්ජ්නාටයි"
"ඒකි ආවද?" කස්සපගේ එහා පැත්තෙන්ම සෝපාවට වැටෙන ගමන් ව්‍රිතර T/V එක on කරා.
"ම්ම්ම්, අද ආවේ fashion model කෙනෙක් වගේ"
"ඒකි මෙහෙට ආස නෑ, ආස නෑ කිව්වට වැඩිහරියක් ඉන්නේ මෙහේ high end ඇඳුම් කඩ අස්සේ"
"ඒත් උඹට හිතෙන්නේ නැද්ද ඇත්තට මෙහෙට වෙලා ඉන්න එක එක අතකට නිදහස් කියලා?" කස්සප T/V එකේ යන හින්දි මෙගා නාට්ටියේ සතියක් තිස්සේ වැදෙන දේවාලේ සීනු දිහා බලන් ඇහුවේ කිසිසේත්ම ඒ වැඩසටහන අදාල දෙයක් නෙමෙයිද?
"උඹ හිතන්නේ අපිට එහෙම ඉන්න දෙයි කියලද?"
"උත්සහ කරන්න පුලුවන්. මොකද දැන් ටික කාලයක් තිස්සෙද අපි ඕක හොයන්නේ? කෝ හම්බුනාද? මන් නම් හිතන්නේ ඕක අත ඇරලා දැම්මනම් ඉවරයි" කස්සපගේ කටහඬේ බලාපොරොත්තු සුන් වෙච්ච ගතිය ව්‍රිත්‍රට පැහැදිලි වුන නිසාම කතාව වෙන අතකට හරවන්න ව්‍රිත්‍රට ඕන වුනා.
"කොහොම දැන් අර කෙල්ලට?"
"Dr. හසන්ති බැලුවා. කෙල්ලට nutritions අඩුයි කිව්වේ. ඒත් වාසි ඒ කෙල්ල අනාතයෙක්. මට තේරෙන්නේ නෑ මොකක් කරන්නද කියලා. කෙල්ලට 19 පිරුණ ගමන් ළමා නිවාසෙන් අයින් වෙන්න කියලා"
"සිරාවට? මාර සීන් එකනේ. දැන් මොකද කරන්නේ?"
"අනේ මන්දා බන් මට.... මට තේරෙන්නේ නෑ" කස්සපගේ ඇස් දෙකේ තිබ්බේ සාමාන්‍ය කෙනෙක් වෙනුවෙන් ඉපදුන අනුකම්පාවක් නොවන බව ව්‍රිත්‍රට තේරුනා.
"හෝව් හෝව් හෝව්! Wait a minute වේද්!" ව්‍රිත්‍ර කස්සපගේ අතේ තිබ්බ කෝපි කෝප්පේ අතට අරන් ස්ටූල් එක උඩින් තිබ්බා.
"Don't tell me! මේ අර කෙල්ලද?" ඒ ප්‍රශ්නයට, කස්සප ව්‍රිත්‍ර දිහා බලලා හුස්මක් පහල දාලා හිනා වුනා.
"කැම්‍රි පක්ශියෝ!!!!"
මතු සම්බන්ධයි....