Ficool

Chapter 4 - තාර්ක්ශ්‍ය

"දේවාන්ශි, දරුවෝ ඔයාට කොහොමද දැන්?"

"She is perfectly fine Vedh!" සන්ජ්නා car එක ළඟදි දේවාන්ශිගේ කම්මුලක් මිරිකුවා, "නේද දේවි?" එක රැයට දේවාන්ශිට සුරතල් නාමයකුත් ලැබිලා. දෙන්නා නම් හොඳටම කුළුපග වෙලා වගේ. සන්ජ්නා කියන්නේ එහෙමත් කෙනෙක්, ඉක්මනින්ම මිත්‍රශීලී වන කෙල්ලෙක්.

"මොකද කරන්නේ සන්ජු, එහේ යන්න එනවද? අද වාසිත් ගෙදර" කස්සප තමන්ගේ 'නැගනියට' ගෙදර එන්වදැයි ඇහුවත් කෙල්ලට ඒ හැටි උනන්දුවක් නැති ගානයි. 

"අපෝ ජලජ ජීවියා ගෙදර නම් මට බෑ වදේ" 

"හරි ශෝක්, තමන්ගේ සහෝදරයා නේද සන්ජ්නා?" දේවාන්ශි ඉටි බෑගයක් පපුවට තුරුල් කරන් පැත්තක ඉඳන් හිනා වෙනවා. බාප්පගෙයි දූගෙයි කතාවට හිනා යන්නේ නැත්තම් ඉතින් බැරියෑ.

"ඉතින් මැරෙන්න යෑ? ඇරත් මට Colombo fashion week එකට යන්න ඕනා"

"පලයන්, පලයන් එහෙනම්. කොහොමත් උඹට පුලුවන් හැම එකෙන්ම මාරු වෙන්න නේ. අර මිනිහාගේ ඉවසීම හොඳ නිසාම හොඳයි" කස්සප මුදුන් වෙන්න දඟලන සූර්‍යා දිහා බලලා නෝක්කාඩුවට හිනා වෙනකොට සන්ජ්නා ආපිට ගිණියම් වෙන බැල්මක් කස්සප වෙත හෙලුවා.

"අනේ මේ වේද්! උඹත් එකයි මගේ මිනිහාත් එකයි. රැස් තිබ්බට නියපොත්තේ ඉඳන් කපටිකම! මන් යනවා!" සන්ජ්නා කස්සපට ගැස්සුවත් දේවාන්ශි දිහාවට හැරිලා හිත පිරෙන්නම හිනාවක් දුන්නා.

"මන් ගිහින් එන්නම් කෙල්ලේ, මොනා හරි තියනවනම් මන් කියපු විදිහටම කරන්න" 

"අහ්? අක්කි ඒ විහිලුවක් නෙමෙයිද කරේ?" ඊයේ රාත්‍රියේ සන්ජ්නා දේවාන්ශිට අමුතු කතාවක් කියලා තිබුනා. 

'මගේ phone එකනම් හැම වෙලේම වැඩ කරන්නේ නෑ බබා, හදිස්සියේ මගේ phone එකෙ වැඩ කලේ නැත්තම් කෝවිලට ගිහින් 'සාරන්‍යූ, සාරන්‍යූ, සාරන්‍යූ' කියලා තුන් පාරක් කියන්න' 

ඔය කතාවට දේවාන්ශිට හොඳටෝම හිනා ගියත් සන්ජ්නාට නම් ටිකක්වත් හිනා ගියේ නෑ. දැනුත් එහෙමයි, එයා දේවාන්ශිටත් එරෙව්වා ඒ ගමන. 

"මන් යනවා වේද්, මේ කෙල්ලට ඕක කියලා දානවා. හිතේ තියන් ඉන්නේ නැතුව!" 

"සන්ජු!" කස්සප ගෙරෙව්වා. දේවාන්ශිට නම් මේ කියන දේවල් වලින් භාගයක්වත් තේරුනේ නැති වෙද්දි, පවුල් ප්‍රශ්න වෙන්න ඇති කියලා හිත හදාගද්දි, සන්ජ්නා හැරිලා යනකොට කස්සප බර හුස්මක් පහල දාලා දේවාන්ශි දිහා බැලුවා. කෙල්ලට හරි තෙහෙට්ටු පාටයි, ඉස්සරහින් ඇරිච්ච සපත්තු ජෝඩුව අස්සෙන් පොලව බදාගත් ඇඟිලි කස්සප යන්තමට දැක්ක. පාට ගෙවිච්ච ලා කහපාට කුරුතා කමිසෙට ඇඳපු හේදිච්ච ඩෙනිමකින් සැරසිලා, දිරච්ච සුදු ගවුමයි, දොස්තර නෝනා ලියලා දුන්න ක්ලිනික් පොතයි පිරිච්ච ඉටි බෑගය පපුවට තුරුල් කරන් හිටි කිරි කෝපි පාට කෙල්ලගේ මුහුණට වැටුනු කලු කොණ්ඩ කැරැල්ලක් පෙනෙන නොපෙනෙන ගානක රත්තරන් බෝල අරුංගලයකින් සැරසුන කන පිටි පස්සට කරන්, කෙල්ල හිනා වුනා.

"අපි යමුද දරුවෝ?"

'හා' කියන්න ඔලුව වැනුව දේවාන්ශිට කලු පැහැති GLC coupe එකේ දොර ඇරලා දුන්න කස්සප, කෙල්ල ඉඳගන්නකන් බලන් හිටියත් දේවාන්ශිට හිටියේ ඉදිරිපස මඟී ආසනයේ ඉඳගන්නද එපාදැයි උභතෝකෝටියක. 

"නගින්න දරුවෝ" ගුරු අණ පිළිනොපැද කොහොමද? ඉතින් කස්සප දොර පලුවෙන් එලියට වැටුනු කුරුතා කොනත් හෙමින් ඇතුලට දමන්න හැදුවත් හරි දේවාන්ශි කලබලෙන් ඒකත් අල්ලගන්න යද්දි කස්සපගේ අත ඒ පුන්චි අත ආයෙමත් මුන ගැසුනා. ඉතින් කස්සපට හිනා ගියා. හෙමින් දොර වහලා කස්සප රියදුරු ආසනයෙන් ඉඳගත්තා.

වාහනය තුල පිරෙමින් තිබුනු දැඩි නිහඬතාවය කස්සපවත්, දේවාන්ශිවත් සෑහෙන්න ලෙස කලබල කරා. දෙන්නගේ ඇස් හම්බුවෙන, හම්බුවෙන වාරෙක අනෙක් පැත්ත බලාගත්තම කස්සප රතු කොණ්ඩය පිටිපස්සට කර කර උගුරත් පෑදුවා. තමන්ගේ ගුරුවරයා මේ විදිහට ඇස ගැටුනු පලවෙනි වතාව. දේවාන්ශිගේ හිතත් කලබල නොවී තියෙයිද? රතු පෝලෝ ශර්ට් එකෙන් මිරිකිලා තිබුනු, පෙර කෙදිනකවත් නොදුටු රත්තරන් පාට පිහාටු වැනි හැඩයක් ගත් පුරප්පටුව, කැරමල් පාට අත් ගොබ ඕනෑවටත් වඩා පෙනුන ඇඟිලි වලටම ඇදීගිය කොළපාට නහර යායට මෙහයින් වැළමිට ළඟින් නැවතිලා තිබුනා. ගියරය උඩ තද වෙන ඒ අත දේවාන්ශිව පෙර නොවිඳි අමුතුම හැඟුමකින් හෙම්බත් කරමින් සිටියා. කාල වර්ණ Carrera උපැස් යුවලට මී පැණි පාට වහන් වුනාට මොකෝ කස්සප අද වෙනදටත් වඩා ලස්සනයි, ඇත්තටම සරාගීයි. නොසන්සුන් රණ් ගිරියේ ගැටිත්තත් ඒකට සුදුසු සාක්ශි දැරුවා. 

"දේවාන්ශි සින්දු අහනවද?"

"අහ්?" දේවාන්ශි කලබල වුනා, ඔව්! තමන්ගේ ඇස් වලින් ඉඳුල් කර කර හිටි හොරේ අහු වුනාවත්ද?

"දේවාන්ශිට කම්මැලිනම් සින්දුවක් දාන්නද?"

"හොඳයි සර්" 

දෑසම රිද්දන හසගන තාලෙට

පාද නගාගෙන කවුද හැබෑටම

මේ යන රන් ළන්ඳා...

කිව්වානාහන මේ මගෙ දෑසම

ඇසිපිය නොහෙළනවා...

කස්සපගේ හදවත දේවාන්ශි දුටු මොහොතේ ඉඳන්ම දේවාන්ශිව දකින මොහොතක් මොහොතක් පාසාම හරි නරක විදිහට රිදුනා. හරියට හදවත එක මිටට අරන් මිරිකලා පුපුරවන්න හදනවා වගෙයි කස්සපට දැනුනේ. ඒ වේදනාව කොයි තරම් දරුණු වුනත් දේවාන්ශිව නොදැක ඉන්න එක කස්සපට ඊට වඩා වේදනාව ගෙන දුන්නා. ඉතින් කස්සප නිවාඩු ගත්තේ පුරපසලොස්වක දාට විතරමයි. දේවාන්ශි පාසල් ආපු නැති දින වලට කස්සප කෝවිල පැත්තට යනවමයි. හැම හවසම පිච්ච සුවඳ දි දී දෙවියෝ වඳින්න යන දේවාන්ශිව ඒ හේතුව මුවාවෙන්ම ලිය වැල් ගිය ගල් කණු වලට මුවා වෙවී දාස්, නෙලුම්, පිච්ච මල් වැල් අස්සෙන් දේවාන්ශිව දැක ගත්තමයි. පොට්ට ගැහුනත් ඒ ලා පාට ශල්වා වලට දේවාන්ශිගෙන් කස්සප දැක්කේ බැතිමතුන් කලු ගලෙන් නොදුටු පාර්වතී අම්මාට සමාන සුන්දරත්වයක්. තමන්ගේ පන්තිභාර ගුරුතුමාගේ ආගම, ජාතිය ගැන දේවාන්ශිට තියා කාටවත්ම අදහසක් නොතිබ්බත්, දේවාන්ශි අන්තිමේ හිතා ගත්තේ සර් සර්වාගමිකයෙක් වෙන්න ඇති කියලයි. නැත්තම් අවාරෙට පොල් වැටෙනවා වාගේ කෝවිල් ඒවිද?

මේ හැටි ලස්සන රූ වරුනාවට

ඉබේම නැවතුනු හිටි පාදෙම

ඔය කී රූ වරුණා...

මා ගැන නම් මේ අහන්න ආසයි

ආයෙම මයෙ වරුණා...

"දේවාන්ශිට බඩගිනී නේද?"

"නෑ සර්"

"ඇයි දරුවෝ බොරු කියන්නේ හ්ම්? බලන්න දැන් doctor කිව්වා නේද හොඳට කන්න බොන්න කියලා"

"ම්ම්ම්" දේවාන්ශිට පුලුවන් වුනේ යන්තම් හූ මිට්ටක් තියන්න විතරයි.

"මොනාද කන්න ආස?"

"එහෙම විශේෂ දෙයක් නෑ කස්සප සර්"

"හ්ම්ම්ම් එහෙනම් මන් කන්න ආස දෙයක් අරන් දෙන්නද?"

"හ්ම්ම්ම්" 

ඉතින් කස්සප වාහනය නැවැත්වුවේ Dominos එකේ වෙද්දි දේවාන්ශිට නොදැනිම මුවට හිනාවක් ආපු හැටි දැකලා කස්සපගේ හිත ඉපිලුනා. 

"කැමති එකක් තෝරගන්න දරුවෝ" කවුන්ටරේට අත්ල බර කරන් වටපිට බල බල ඉඳලා ගැස්සුන කෙල්ල දිහාට කස්සප menu පත තල්ලු කරා.

"අනේ සර් මන්, මන් දන්නේ නෑ" කොහොම දැනගන්නද මේ වගේ තැනකට ආවේ ජීවිතේ පලවෙනි වතාවේ වුනාම?

"එහෙනම්... මන් තෝරලා දෙන්නම්කෝ" කස්සප counter එකට වාරු වෙලා කිව්වම දේවාන්ශී ඔලුව වැනුවා.

"1 large Pepperoni pizza with extra cheese, 2 cups of Pepsi please"

දේවාන්ශි ජීවිතේ අතේ ඇඟිලි ගාන තරම්වත් වාරයක් පීසා නම් රස බලලා තිබුනේ නෑ. ඒ හැම පාරම දේවාන්ශිට සීතල වෙච්ච හරි පීසා කෑල්ලක් ගෙනත් දීලා තිබ්බේ රිතූ. ඒත් අද ජීවිතේ පලවෙනිම, පලවෙනි පාරට දුම් දාන, ලොකු රවුම් චීස් බේරෙන පීසා එකක් දේවාන්ශි ඉස්සරහා සුවඳ ගගහා තියනකොට, දේවාන්ශිගේ කටට නිකන්ම කෙල ඉනුවා. ඉතින් පරිස්සමට ගලවලා පීරිසියෙන් තියලා, oregano ඉහලා දුන්න පීසා කෑල්ල සෝස් වල ගාගෙන කස්සපගේ ඉරණම්කාර වේදාඹුව, දේවාන්ශි හරි ආසාවෙන් කනකොට කස්සපට හිත ඉපිලෙන්නේ නැතුව තියේවිද?

ඊළඟට දේවාන්ශිව කස්සප අරන් ගියේ DSI එකට. කොයි තරම් පස්ස ගැහුවත් ගුරුවරයාට අකීකරු වෙන්න ශිශ්යාවට බැරි වුනා. අලුත්ම පාසල් පාවහන් යුගලකට විතරක් නෙමෙයි සෙරප්පු, සපත්තු කුට්ටම් තුනකටම මුදල් කස්සප වියදම් කරලා තිබුනා. ඉර මද්දහනේත් සාම්බ්‍රාණි සුවඳ පිරුණු කෝවිල පැත්තකින් තිබුන ළමා නිවාසය ඉස්සරහා පුංචි බට්ටිච්චියෝ කඩමාල්ලවල් ඇඳන් එහෙට මෙහෙට දුවනවා. ලොකු කාර් එකක් මිදුලට ආවම ඒ කෙල්ලොන්ගේ මූනවල් වල මල් පිපුනේ අනේ අදනම් අපිට රසට කන්න හම්බවෙයි කියන බලාපොරොත්තුවෙන් වුනත් වාහනෙන් එලි බැස්සේ දේවාන්ශි අක්කා වුනාම කට්ටිය ආයෙම වටේ දුවන්න තියා ගත්තා. වාහනයේ සද්දෙටම හොලව, හොලව එලියට ආපු ගයත්‍රී අම්මා දේවාන්ශිව දැකපු ගමන් කුලප්පු වෙච්ච ඇතින්නක් ගානට කඩාගෙන බිඳන් කෙල්ල ළඟට එනකොට කස්සප ඉක්මනින් වාහනයෙන් එලි බැස්සා. 

"පෝ! නින්ගල් ඉන්ගේ ඉරුක්කු මුටියාටු! පෝ!!!" ගයත්‍රි අම්මා දේවාන්ශිට යන්නලු. මෙහේ දේවාන්ශිට ඉන්න බෑලු. හරි හැටි සැපක් නොලැබුවත් නව අවුරුද්දක්ම තමන් වැටිලා හිටි තැනින් දොට්ට බහින්නයි කිව්වම, යන එන මඟක් නැති දේවාන්ශිගේ ඇස් වලින් කඳුලු සට සට ගගා බිමට වැටෙනකොට කස්සපගේ මී පැනි පාට ඇස් එසැණින් ගිණි පාට වුනා, භාහු වල රත්තරන් පාටට කෙටුනු පිහාටු දිස්නේ ගැහුවා. ඒත් කස්සප ඉවසුවා, තවත් ඉවසුවා. කස්සපට ඉවසන්න වුනා! ගයත්‍රි දේවාන්ශි එනකන්ම බලන් ඉඳලා වගේ. දේවාන්ශිට අයිති කඩමාල්ලවල්, පොත් පත්, සෙරෝම බෑග් වලට අහුරලා නිවාසය ඉස්සරහම තිබ්බා. 

"මාත්තියා, කෙල්ලට මේ ඉන්න තමා බෑ. එතුත්තුක් කෙල්ලුන්කල්" 

"අනේ ගයත්‍රී අම්මේ මට යන්න තැනක් නෑ නේ.... මට තව ටික දවසක් දෙන්නකෝ..." කාන්තාවගේ මහත අතක් අල්ලන් පින්සෙන්ඩු වෙන දේවාන්ශි දිහා කස්සපට බලා ඉන්නට බැරි වුනා. කෙල්ලව අරන් යන්නයි කියද්දි වේදාඹුවකට, විශේෂයෙන්ම ගරුඬාඹුවට මනුස්සයෙක් ඉස්සරහා මේ ආකාරයෙන් පිණ්සෙන්ඩු වෙන්න දෙන්න කොහොමටවත් බ්‍රහ්මා පුත්‍ර සප්තරිශී මරිචි පුත්‍ර මහාරිශි කාස්‍යප පුත් විශ්ණු වාහන මහා තාර්ක්ශ්‍ය ගරුඬට කිසිසේත් කල නොහැකි වෙද්දි, මනුස්ස ලෝකයේ පැවැත්ම උදෙසා පමණක් නම් තබා ගත් තාක්ශ්‍ය කස්සප වේදාර අග්නි වර්ණ දෑස් වසාගෙනම දේවාන්ශිගේ මැණික් කටුවෙන් අල්ලා තමන් දෙසට ඇදගෙන තම පුළුල්, උණුසුම් ළයට තුරුල් කරගන්නට දෙපාරක් හිතුවේ නෑ.

"අඬන්නේ නෑ දේවී!!!!!" ගස් කොලන් පවා කම්පනය වී කෝවිල් භූමියට පතිත කහ ගැහුනු කොහොඹ කොල පවා අහසට නැග විසිවෙන තරමේ ගෙරවුම නම් දේවාන්ශිට පුරුදු හඬේ භාවනාව වුනේ නෑ. ඒක ගෙරවුමක්! මහා රෞද්‍ර ගෙරවුමක්. 

"වේදාඹුවක් අඬන්නේ නෑ අම්මා!!!!"

"කස්සප සර්!" සෙලවුනේ කම්පනයට පත් ගරුඬ ලයට තද වී සිටි දේවාන්ශි විතරමයි. ගයත්‍රි අම්මා ගල් වෙලා, පොඩි බට්ටියෝ දුවන ආකාරයෙන්ම ගල් ගැහිලා, කොටින්ම ඉහලට නැඟි කොහොඹ කොල පවා අවකාශයේ එක තැන රැඳිලා.

එසැනින් සියල්ල යතා තත්වයට පත් වුනා. කස්සපට හරි සිහිය ආ හැටියේ සියල්ල සාමාන්ය වුනා. නමුත් දේවාන්ශි තවමත් කම්පනයෙන්. තමන් දැක්කේ හීනයක්ද? සේරම නැවතිලා තිබුනේ හරියටම කාලය මොහොතකට නතර වුනා වගේ. කස්සප හෙමින් ඇස් ඇරියා, මී පැණි පාට ඇස් පුරුදු ලෙසම තිබුනා. දෙවියන්ට ස්තූති වෙන්න දේවාන්ශි ඒ ඇස් ගිණි පාට වෙච්ච හැටි දැක්කේ නෑ. නමුත් තවමත් දේවාන්ශි ඒ ශක්තිමත් බාහු වලට තෙරපිලා. ඒ තරම් වේගයකින් හදවතක් ගැහෙන්න පුලුවන්ද? දේවාන්ශිට මොහොතකින් ප්‍රශ්න සියයක් පමණ නිර්මාණය වෙලා. පිටුපසට පැන්නුනා, කස්සප පිටුපසට පැන්නුනා.

"දේ-දේවාන්ශි, මට සමාවෙන්න දරුවෝ"

"සර්, මේ දැන් මොකක්ද වුනේ?"

"හිතන්න එපා. අතන තියන දේවල් වලින් අලුතෙන් ගන්න බැරි දේවල් විතරක් අරන් එන්න. ඔයාගේ note books, photos වගේ replace කරන්න බැරි දේවල් විතරයි"

"සර්?"

"අරන් එන්න දරුවෝ!" ඒ මග නොහැරිය හැකි ආයාචනාත්ම විධානයක්.

"සර්, සර් අපි මේ කොහෙද යන්නේ?"

"දේවාන්ශි, හොඳට අහගන්න! තව දුරටත් ඔයා ළමා නිවාසය ගැන වද වෙන්න අවශ්‍ය නෑ දරුවෝ. මට ටිකම ටික කාලයක් දෙන්න" කස්සප අති සුඛෝපභෝගී නිවාස සංකීරණයේ වාහන අංගනයේ තම වාහනය ගාල් කරා. 

"එන්න, මාව විශ්වාස කරන්න. දරුවෝ මාව විශ්වාසයි නේද?" කස්සප දේවාන්ශිගෙන් ප්‍රශ්නයක් ඇහුවට වඩා කලේ ආයාචනයක් වෙද්දි කඳුලු වලින් පෙඟෙන කම්මුල් අතර අයාසයකින් ගත් සිනහවක් ඇඳෙද්දි, 

"මට කස්සප සර් ඇර මේ ලෝකේ විශ්වාස කරන්න කවුරුත් නෑ සර්"

"එහෙනම් විකල්පයක් නැති නිසා හරි විතරක් දේවාන්ශි මාව විශ්වාස කරන්න"

"සර්?"

27 වෙනි මහලේ අධිසුඛෝපභෝගී නිවාසයේ දොර දේවාන්ශි වෙනුවෙන් ඇරෙද්දි, දේවාන්ශිගේ ඇස් ඉස්සරහටම වැටුනේ සාලුවකින් පමණක් විලි වසන් හිසකේ පිහිද පිහිද හිටි නිල් ඇස් ඇති දේහදාරී පුරුශ ශරීරයක් වුනාම දේවාන්ශි අත් දෙකෙන්ම මුහුණ වසාගත්තා.

"වාසි!!!!!!"

මතු සම්බන්ධයි.....

More Chapters