Ficool

Chapter 46 - 46

තේ....ශී....

කකා උන්න එයා කන දාලා මොනවට හරි මාව හොයාගන ආවා වගේම මගෙ ගාව හිටන් උන්න කෙල්ලව දැකලා ඉස්සරහට තියපු අඩිය වගේම මොනවා හරි කියන්න හදපු කටත් වහගත්තා .....

ස්...සොරි...මිස්ටර් නිතේශ් ....

මං බලන් උන්නා..ඇස් දෙක රැලි කරගන....මොකද...මට ඕනා උනෙ එයාව මගෙ ගාව තියා ගන්න වෙනකොට එයාට ඕනා උනේ එක දශමෙකින් ඊරිසියාවක් හිතට අරන් පැනලා යන්න....

විතේන් මෙහාට ආව නම්

නෑ කමක් නෑ....බේබි හාමු ...

නාද්‍යා බලන් ඉන්නවා....ඒකිගෙ ඇස් දෙක එය ගාවට යනවා ආයම මා ගාවට එනවා...

මම හිතන්නෙ ඔයා මෙතන ඉන්න එක ලේසි වෙයි.....

මට ලේසි උනාට මම ඔතන ඉන්න එක හැමෝටම ලේසි වෙන්නෙ නෑනේද මිස්ටර් නිතේශ් ...ඒක නිසා ඔයා ඔය වැඩේ කරන් එන්නකො.....

එයා මගෙ ඔලුව කන්න හදනවා...එන්න කිව්වට එන්නෙ නෑ ...ආපහු හැරිලා ගිහින් අඩව්වක් අල්ලන්න පොටක් හොයනවා...මේ කෙල්ලව එවන්න ඇත්තෙම්ම අත්තම්මා.....මෝඩ නාකි සමයම.....

මිස්ටර් විතේන් නෙලීශ ශියාඕ ජාන්....

මම කතා කෙරුවා...නිකන් නෙවෙ සම්පූරනම නම එක්ක.... යන්න ගියපු එයා හැරිලා බැලුවා.....

මම මොන නමද අවසානෙට කියන්න ඕනේ....

කැමති එකක් මිස්ටර් දිසානායක...තහංචියක් නෑනෙ...

මුරන්ඩු යකෙක්.....එයා මට ගස්සගන යන්න ගියා....මං දන්නවා...ඔය ගියාට ගිහින් මුල්ලකට වෙලා ඔහෙ බලන් ඉදීවි.....ඒත් එයාට මෙතන උන්නත් ගිනි ගොඩක්...මම කෙල්ල දිහා බැලුවා හරියටම ඒකි කව්ද කියලා දන්නවා උනත් දන්නෙ නෑ වගේ හැගීමකින්....

මිස් මාව දන්නවද....

නිතේශ් ...මම...නාද්‍යා රන්දෙනිගල

ම්ම්ම්....ම්ම්...ආ...මේ අපේ පොඩීගෙ නෑනා.....ඇයි නංගි...මොකක් හරි උවමනාවක්ද?

මම කෙල්ලව ගනන් නොගෙන කතා කෙරුවා වගේම ඒකි මොනව හරි කියන්න කට ගත්තා ...මට මේ කෝලම තවත් කරන්න බෑ...

නාද්‍යා ...නාද්‍යා රන්දෙනිගල ....තව ඉස්සරහට....නාද්‍යා දිසානායක.....එහෙමනෙ...වෙන්න හිතන් ඉන්නෙ...මම හරි නේද...??එහෙමනෙ වලව්වෙ උන්දල බලන් ඉන්නෙ නේ...???

මම දෙක පිටිපස්සට බැදගන කෙල්ල දිහා බැලුවා වගේම ඒකිත් ලැජ්ජාවෙන් වගේ බිම බලන් උන්නා.....ලාමක මගුලක් වගේ....

ඔය ළමයා කෙලින් බැලුවා නම්....

මම කතා කෙරුවා....ඒකි අඩියක් පස්සට ගිහින් මගෙ මූන දිහා බැලුවා....

මට තත්පරයක් දෙන්න...

මම කෙල්ලෙගෙන් තත්පරයක් ඉල්ලන් එයාට මැසේජ් එකක් දාලා කෙල්ල දිහා බැලුවා.....

වලව්වෙ පොඩි මැනිකෙ...

හාමු...මහත්තයා

නෑ.නෑ...මට හාමු කියන්න ඕන් නෑ...මට නිතේශ්ම කියන්න....හරි...මං කාරනාවට එන්නම්කො.....මෙහෙමයි නාද්‍යා .....අපේ වලව්වෙන්.....ඔයාව මට කතා කරලා තියනවා..ඒක ඔයා දන්නවා...හරිනෙ....ඒ වගේම....ඔයාගෙ වලව්වෙනුත්..මට කැමැත්ත දීලා තියනවා....

එහෙමයි මහත්තයා .....

නාද්‍යා ....මේක වලව් වලව් අතර වෙන ගනුදෙනුවක් මිසක්කා...කවදාවත් හැගීම් එක්ක හදවත් එක්ක වෙන දෙයක් නෙවෙ...ඇරත්....ආදරයක් නැතිව මොන පවුල්ද නාද්‍යා .....අපෙ මිනිස්සු කරන්නෙ මෙතන නම්බුව වංශෙ ගැන හිතලා ඔයාට මාවත්...මට ඔයාවත් හුවමාරු කරන එක...සමවෙන්න නාද්‍යා ...මට මේක කරන්න බෑ....කවුරුත් කියන්නම් වාලේ මට ගෑනු කරගහලා අවසානෙදි අපේ අප්පච්චි වගේ වෙන්න බෑ....මං කොහොමත් කැමති නෑ....

හාමු මහත්තයා .....

නාද්‍යා මං ඔයාට අවස්තාවක් දෙන්නම්....ඔයා ආදරෙ කරන කෙනා එක්ක ජීවත් වෙන්න....ඔයා ආදරේ කරන කෙනා එක්ක හොදින් ඉන්න...ඒ වගේම මටත් අවස්තැව දෙන්න මම ආදරේ කරන කෙනා එක්ක ජීවත් වෙන්න...මම ආදරෙ කරන කෙනා එක්ක ආදරෙන් ඉන්න...

මම කෙල්ලට කෙලිම්ම කියලා දැම්මා...මට හංගන්න ඕන උනෙ නෑ..අතෙ තිබුන මුදුව දිහා බලන් උන්න කෙල්ල මගෙ දිහා බැලුවා.....හරියටම මට ආදරේ කරන්න කවුරු හරි ඉන්නවද අහන්න වගේ.....

ඒ කියන්නෙ හාමු මහත්තයට ආදරෙ කරන්න කෙනෙක් ඉන්නවා...

එහෙමයි...අනික...ඔයා මෙතනට මාව හොයන් ආවෙ අපේ අත්තම්මගෙ හරි...රන්දෙනිගල මහ මැනිකෙගෙ හරි කීමට නම්...ඔයාට තිබුනා පොඩි මැනිකේ තමුන්ගෙ හිතට එකගව තීරනයක් ගන්න.....නාද්‍යා ...කාගෙවත් කීමකට මිනිස්සු එක්ක දීග යන්න හදන්න එපා නාද්‍යා.....ජීවත් වෙන්න තමුන් ආදරේ කරන කෙනෙක් එක්ක නෙවෙ...තමුන්ට ආදරේ කරන කෙනෙක් එක්ක....

හමු...මහ්....

මේ අහන්න නාද්‍යා ....අපි හිතමු..ඔයා මට ආදරෙයි.....හැබැයි...මං ඔයාට ආදරේ නෑ.....ගෙවල් වල බලකිරීමට මේ කසාදෙ බැන්දා...මම ඔයාව බැදලත් මම ආදරේ කරන කෙනා එක්ක ජීවත් වෙන්න ගියොත්...මම ගෙදරට පවා එක්ක ආවොත්....උඹ කාමරේ ඇතුලෙ හූල්ලනකොට මම මං ආදරේ කරන කෙනා එක්ක නිදි වැද්දොත්...ඒක උහුලන්න පුලුවන්ද....ඔයාට කොහොමද මං දන්නෙ නැ...මම නම් මරාගන මැරෙනවා...මොකද....මට එහෙම බෑ.....ඔය මගෙ පොඩිගෙ වයසෙ...මටත් නංගිලා ගොඩක් ඉන්නවා..නියම පිරිමියෙක් කවදාවත් ගෑනුන් ව අනාත කරන්නෙත් නෑ...ගෑනුන්ට බොරු බලාපොරොත්තු දෙන්නෙත් නෑ...ඒවගේම කාගෙවත් කීමට ගෑනු බදින්නෙත් නෑ.....අපි හැමදාම ගෑනුන්ට ගරු කරන්න ඕනෙ.....

ඔය කතාව කිව්වෙ මගෙ අම්මා නම් නෙවෙ නාද්‍යා...මගෙ අප්පච්චි ...මගෙ අප්පච්චි මාව නියම පිරිමියෙක් කෙරුවා...නියම පිරිමියෙක්ට තියෙන්නෙ එක හදවතයි...එක ආදරයයි...එකක් තියනකොට තව එකක් තියා ගන්න බෑ නාද්‍යා ....මට ඔයාව කසාද බදින්න බෑ....මොකද...මම කෙනෙක්ට ආදරෙයි ...

නිතේශ් ...

මම කියන්න ඕනා ටික කිව්වා ...මං හිතනවා අනිත් උන්ට නැති උනත්...ඔයා තේරුම් ගනී කීයල...නාද්‍යා අහලා තියනවද මිනිස්සු ආදරෙ කරනවා.....මිනිස්සු මැරීගන ආදරේ කරනවා....වගේම මිනිස්සු පිස්සුවෙන් වගේ ආදරේ කරනවා කියලා ...

ම්ම්ම්ම්ම්ම්

මමත් ආදරේ කරනවා...හැබැයි නිකම්ම නෙවෙ...මැරීගන පිස්සුවෙන් වගෙ...ඒක නිසා...මං හිතනවා පොඩි මැනිකෙ මගෙ ආදරේ නැති කරලා...අවසානෙදි මාව මෘගයෙක් කරගන්නෙ නැතිවේවි කියලා...මොකද..නාද්‍යා...මං තැලෙන්න ඕන හැමතැනිම්ම තැලුනා ..බිදෙන ඕනා හැමතැනිම්ම බිදුනා...පුපුරපු බිත්තියකය කොයි තරම් ආය ආයම සිමෙන්ති පිරෙව්වත්...පාට ගෑවත් පැල්මක් තියනවා කියන්න වහපු කෙනා වගේම බිත්තිය පවා දන්නවා..හැබැයි... අර පුරවපු පැල්ම ආයම කැඩුන දාකට වෙන්නෙ බිත්තිය එතනින් විතරක් නෙවෙ...පදාසයක්ම කඩාගන බිමට වැටෙන එක...මගෙ හිතත් ඒ වගේ...පැලුන තැන්...කැඩුන තැන් එයා වැහුවා....ඒ හැම දුකක්ම ඉවසුවා....එයා මට ආයම ඇවිදින්න කියා දුන්නා...මට ඒ ආදරෙ නැතිකරගන්නවා තියා ....හීනෙකින් වත් විහිලුවට වත් හිතන්න බෑ...මං හිතනවා ඔයාට මම මෙච්චර තේරුම් කරපු එක අපතෙ යන් නැතිව යයි කියලා....ඒක නිසා...ඔයාට පුලුවන් ඔයා ආදරෙ කරන කෙනෙක් එක්ක ජීවත් වෙන්න....

නාද්‍යා දන්නවද ....ආදරෙ ලස්සනම...දෙන්නම එක වගේ උනාම...රටේ ලෝකෙ....මිනිස්සු සතුටු කරන්න කලින්...වලපල්ලට යන වංශයක් කබල්ගාන්න කලින්.....තමන්ගෙ ආත්මෙ සතුටු කරන්න...මිනිස්සු බදින්නෙ එකපාරයි....කසාදයක් ලෙහන බලන් බදිනවට වඩා.....ගැටගහපු තැන තව තද කරන්න බලන් බදින්න.....මට කියන්න තියෙන්නෙ මෙච්චර නාද්‍යා.....මන් හිතනවා වලව්වෙ මැනිකෙ තේරුම් ගත්තා කියලා.....

මම හුස්මක් නොගෙම කියෙව්වා..බැන්නෙ නැ...මොකද...බනින්න මට උවමනාවක් තිබ්බෙ නෑ...ඒකි කෙරුවෙත් උන්ගෙ ඉහලින් එන අන පිලිපැදපු එක වෙනකොට මම බැන්නෙ නෑ....ඒ හිතේ මොනවා තියනවාද කියන්න මම දැනන් උන්නෙ නෑ..හැබැයි.....මට උවමනාවක් තිබ්බෙ නෑ....මොකද...රන්ඩුවක් අල්ලනවා කියන්නෙ...කතා කරන්න තව දේවල් එකතුවෙනවා....

මම එන්න හැරුනා නාද්‍යා තනි උනා.....

හැබැයි...මම ආයම හැරුනා....

නාද්‍යා.....

ඒකි හැරිලා බැලුවා....

ඔයා ලස්සනයි.....

කෙල්ල හිනා උනා...මාත් හිනා උනා..හැබැයි...කෙල්ල හිනා උනෙ කට පුරවල වෙනකොට මම කට කොනකින් හිනා වෙලා කෙල්ල දිහා බලන් උන්නා...

මං කිව්වෙ ඔයා ලස්සනයි කියලා විතරයි....ආදරනීයයි කිව්වෙ නෑ....

මං තත්පරෙන් ඒ හිනාව කාලා දැම්මා...මොකද...ලස්සනයි කියලා කිව්වට..කවුරුත් කාටත් හරි ලේසියෙන් ආදරනීයයි කියන්නෙ නෑ..." මගෙ ආදරනීයම විතේන් කියනව ඇරෙන්න මම කවදාවත් මගෙ ලස්සන විතේන් කිව්වෙ නෑ..."

මං ඇතුලට ගියා....

අර ඉන්නෙ මගෙ බෝම්බෙ...රවාගන...මුල්ලකට වෙලා.....

සෙ....නො....න්.....ඉහික්...සෙ....නෝ..න්...මගෙ...නි....තේ...ස්...ම්හුක්...කෝ....අත්තම්මා...නිවන්...ගි....හින්....අපිත....

ඩියෝන්...ඩියෝන්...ඇති....ඇති...ඔය මදිද.....

මම යන්න ගියෙ මගෙ බෝම්බෙ ගාවට උනත් මගෙ කකුල් නැවතුනෙ බියර් මූඩියක් පෑගිලා නහුතෙට වෙරි වෙලා උන්න පලිගු මැනිකෙගෙ අම්මා ගාව....

නිතේශයා...අපි යන්නද බන්...මූට ගූ වෙරිනෙ...

ගඩාපි පැටියා බීලා....ඒකට වෙරි....

බොන්න බැරි බව දැන දැන පෙව්වෙ ...

මං පෙව්වෙ නෑ....අන්න උඹේ අඹුවත් එක්ක ගසලා තියෙන්නෙ...මං උඹලගෙ නංගිගෙ කැන්ඩියන් එක හදන්න ගියා ඒ එනකොට තමා මූට වෙරි....බලපිය මට එන තරහවට අල්ලා විසික් කරන්න හිතෙනවා කොහෙට හරි....ඩියෝන්....කෙලින් ඉදුකො...ඇත්තමයි...මං උඹව අද හමගහනවා.....

මං එහෙම්ම මුලක් අල්ලන් ගල් ගිලලා වගෙ ඉන්න විතේන් දිහා බැලුවා .....ඒ මූන සතපහක් වෙලා.....මොන මොනවදෝ තරහෙන් මුමුනනවා.....එයාගෙ අතට හිර උන අරක්කු ග්ලාස් එක එයා මිරිකන් උන්නා...එයා එහෙන් තනියම රවන් ඉන්නකොට මෙහෙන් ගඩාපියා සායම යවා ගන්නවා ...බෑන්ඩ් එකේ සින්දු මොකුත් නැතිවෙලා වෙන එකකට මාරු උනා...අවංකවම මෙලෝ රහක් නැති මගුලක් මහන්තත්ත කම ඉහට උඩින් පුරවන් ඉන්න මැනිකෙලා හාමුලා ගල් ගිලලා වගේ ඉන්නකොට මනමාලිගෙ මූන අවමගුලක් ගානට තිබ්බා.....

ලොකු අම්මලා...ලොකු තාත්තලා පොඩීගෙ දෙමව්පියො විදිහට හරි උජාරුවෙන් එහා මෙහා ගියාට මනමාලිග හැගීම් තේරුම් ගන්න බල්ලෙක් උන් නෑ....හනිමූන් එකට යන්නෙ මල්ලි එක්ක උනාට.....පහුවදා අයියත් එක්කත් නිදිවදින්න වෙන එක මතක් උනාමෞන් කාටත් වඩා මගෙ බඩපපුව දැවිල්ල ගත්තා .....

අදින් පස්සෙ දවසින් දවස උන් දෙන්නා ඒකිව සම සමව රහ බලයි....ටික කාලෙකින් වලව්වෙ උලුවස්සෙ "බාලගිරි දෝසය අද නෙවෙ හෙට "කියල ලියයි....ඒත් ඉතින් දරුවගෙ අප්පා මොකාද ....

අප්පච්චි කියලා කටපුරා කියනව වගේද අප්පා මොකාද නොදැන ලොකු අප්පච්චි පොඩි අප්පච්චි ගානකොට ..

නාකි හැත්තට ඒවා ගානක් නෑ.....උන්ට ඕනෙ වංසෙ කබල් ගාන්න විතරයි....

ගඩාපියා තනියම සින්දු කියනවා..නිකන් නෙවෙ...ඌ කිව්වෙම අත්තම්මා නිවන් ගිහින් කියන එක....නෑ..එතන එක සිංදුවක්..නෙවෙ....සිංදු සලාදයක්.....වටේම උන් ඌ දිහා බලනවා...කුනු කුනු ගානවා...ලැජ්ජහෙ බෑ කියනවා...ශෙනෝනයගෙ මුන දම්පාට වෙලා....

අත්තම්මා...නිවන්...ගීන්.....අපිත....හුග...ක්....ඈත....යි...ආයේ...නාවත්....කම්...නෑ....ඉතින්...ඔලුවක.....පා.....වෙන.....රෑ....ගන....අදුරෙ.....කොටියෙකි....මා...මේ.....සීතල....වතුරෙ...මේ...මල්...පාර..දිගෙ ..වෙන්න...සම...තලා.....

ඩියෝන්...ඩියෝන්...ඇති බබා...අපියමු...අපි යමු....

හෝව්...හෝව්...ම්හුක්....තාම...පාටිය ඉවර නෑනෙ...අත්තම්මා...නිවන් ගියෙත්..නැතුව...කෝමත...සෙනෝ...න්...ගෙදර...යන්නෙ....

ඩියෝන්...උඹ නාකි හාමුවගෙන් වෙඩි කන්න යන්නෙ...වර මෙහට යන්න.....නිතේශයා මං මූව අරන් එලියට යනවා.....

මං අප්පචිට කියල එන්නම්...හොටෙල් එකට යමු...මං එනකන් ඉදින්.....

කෙලින් ඉන්න බැරි ගඩාපි පැටියා ඒ මේ අත වැනෙනෙ කොට ගෙදර ගිහිනුත් දේශනාවක් අහන්න තිබුනත් මම එයා ගාවට ගියා.....

මගෙ මැනිකේ.....

මම එයාගෙ අත උඩින් අත් තිබ්බා...ඒත් එයා මගෙ අත දිහා බලලා හිනා උනා...හැබැයි.....ඒ හිනාව හිතට මහ බරක් එකතු කෙරුවා ...

මමද....නිතේශ් ...උඹගෙ මැනිකෙ....

නැතුව...වෙන කව්ද.....උඹනෙ මගෙ මැනිකෙ....

එතකොට...අර එලියෙ...උන්නෙ...

උඹට දැනගන්නම ඕනෙද.....

මට....වේදනයි....නිතේශ් .....

එයා බැන්නෙ නෑ...එයා අඩුම ගානෙ...මට කටක් ඇරලා බැන්නෙ නැ...බනින් නැතිව තනියම වේදනාව උහුලනකොට ඒක ඊටවඩා වේදනාවක් වෙනකොට මම නැකිට්ටා .....

මම උඹට මගෙ ජීවිතේ මොන තැනද දුන්නෙ කියන්න මෙතන ඇති විතේන් ....උඹ මාව එතන දාලා ආව වෙලේ ඉදන්...ඒකි.එක්ක කතා කරපු හැම අකුරක් ගානෙම...වචනයක් ගානෙම මෙතන ඇති විතේන් .....මාව විස්වාස කරපන් මගෙ මැනිකෙ...

මම එහෙම්ම් රෙකෝඩින් වෙන්න දාපු ක්ලිප් එක ප්ලේ කරලා එයාගෙ අතට තද කරනකොට එයා අතේ තිබුන ඵෝන් එක දිහා බලලාමා දිහාබැලුවා....

විස්වාසෙ කියන්නෙ මේකටද නිතේශ් ..උඹ ගතු නොකිව්වත්...මම උඹ ගැන හිතන එක නෙවෙද විශ්වාසෙ.....

එ උනත්...උඹ දැනගන්න ඕනා...හැම දෙයක්ම අංශුවක් නෑරම....සමහර කතා සදාරන උනත්....හංගන් ඉදල පහුදාක එලි දැම්මොත් වැඩක් නෑ ඒ වෙනකොටත් හිතක් පුපුරලා තිබ්බොත්...මට එහෙම දෙයක් කරන්න බෑ විතේන් ...කතාව අහන් ඉන්න කොයි තරම් අමාරු උනත් අහපන්....උඹට හිනා යන කතා....පපුවට සැනසීම ගේන කතා අහන් ඉන්න පුලුවන් නම්...ඇයි...පපුව පාරවන කතාවක් උනත් අහන් ඉදලා මගෙ පැත්තෙ හිටගන්න බැරි.....ආ විතේන් ...

මං එයාගෙ මූන බැලුවා ...ඒ ඇස් රතු වෙලා...මෙතන තව මොනවහරි වෙලා තියනවා ....එයාට වෙන මොනවහරි ඇහිලා තියනවා...මොකෙක්ගෙ හරි කතාවක දෙයක් එයාව රිදවලා තියනවා....

මං මෙච්චර කල්ම කෙරුවෙ...එක එකාගෙ කතාවල වේදනාත්මක පිටුව කියවලා එයාගෙ පැත්තෙ හිට ගත්තු එක..අවසානෙදි කතාව අහපු මම ඉතිරි උනා.....කතාව කියවපු එකා යන්න ගියා....එක්කො...ඌ ඒ දුක තනියම විදින්න ඕනා...නැතිනම් මාවත් අරන් දුක් විදින්න ඕනා....උඹලා හැමදාම කෙරුවෙ...ඒ පිටුව මං ලව්වා කියවලා....අවසානෙදි මාව පිස්සෙක් කරලා යන්න ගියපු එක...අරුත් කෙරුවෙ ඒ ටිකමයි...ඌව...බේරගන්න...මම නොගියපු තැනක් නෑ....ඌව...පරිස්සම් කරන්න...උගෙ පපුව නවතියි කියන බයට.....මම නිදියපු දවසක් නෑ.....ඌ වෙනුවෙන්..මම අඩපු නැති දවසක් තිබුන් නෑ...අවසානෙදි ඌ...මොකක්ද...කෙරුවෙ...මගෙ ඇස් දෙකට නින්ද ගියපු දවසක...මාව දාලා යන්න ගියපු එක....අද....?? නි...තේශ්.....

විතේන් ....මට කියපන් කව්ද උඹට මොනවද කිව්වෙ...

මට කවුරුත් මොකුත් කිව්වෙ නෑ නිතේශ් ...

නෑ..නෑ....මගෙ මැනික...පින්සිද්ද වෙයි.....මගෙ විතේන්..මේ...මගුල...අවමගුලක් වෙයි...කියපන් මගෙ විතේන්...ඔය තරමට හිත රිදවන්න කව්ද උඹට මොනවද කිව්වෙ....

මම අහන් උන්නා....එයා අඩන් නෑ..හැබැයි ...ඒ හිත අඩනවා....එයා අතේ තිබුන වීදුරුවට තව පිරේව්වා...එයා අදීශ් ගැන කියනවා..මම බැන්නෙ නෑ.....මට ආයම එයා එක්ක තරහා ගන්න බෑ....මොකද.....අදීශ්ගෙ මරනෙ....එයාව මරලා තිබ්බා...මට රිදෙන තැන් තිබුනා.....මගෙ නම වෙනුවට අදීශ් ගාපු දා මගෙ හිත හත් කඩකට පැලුනා....ඒත්..දැන්....ඒක වෙනස් ...ආයමත් ඌට වෙලා තියෙන්නෙ වේදනාවකට කර ගහන්න...මට උඹව අතාරින්න බෑ කියන විතේන්ම අද මාව උගෙන් උදුරගන්න හදන උන්ගෙන් මාව උගෙ කියලා හංගගන්න නැහෙන හැටියට ආයම පනපිටින් මැරෙන ගමන් උන්නා....

මං බලන් උන්න...එයාගෙන් උත්තරයක් එනකන්..ඒත් උත්තරයක් දුන්නෙ නෑ.....මගෙම ඵෝන් එක මගෙම සාක්කුවට දාපු එයා හිට ගත්තා ...

ඒ ඇස් දෙක ගොරකා ලෙල්ලක් වෙලා....වෙරියෙන් කිවයපු ඩියෝනයා මේසෙ උඩට ඔලුව ගහන් උන්නා වගේම ශෙනෝන් උගෙ පිට අත ගගා අපි දිහා බලන් උන්නා..

මිස්ටර් නිතේශ් ....මට මහන්සී.....මං...උඹගෙ හිතේ මගෙ කියලා ඉඩක් අරගන්න මහන්සි උනා....මං...උඹෙ...වෙන්න..මහන්සි උනා.....හැමදාකම....මගෙ...අයිතිය මතක් කරවන්න.....දාඩිය මුගුරු දාන් පැය ගනන් උඹට යට .....උඹට අයිතිවාසිකම් කියන්න උන් බොහෝමයි ....උඹව උදුර ගන්න උන් බොහෝමයි...වංශයක්...නැති..මං...අසරනයි.....පීනන්න..තරම්...සල්ලි....තිබුනත්...

උඹට මොකක්ද වෙන්න ඕනෙ.....වටේ නොයා කියපන්....

මං දත්මිටි කෑවා....එයා කියවනවා .....මුල ඉදන් කියවනවා....එයාට මහන්සීලු.....

එයාට වෙදනයිලු.....එයාගෙඅර ආදරනීයම සුදු මහත්තයාගෙ ඇස් දෙක තත්පරෙන් රතු වෙලා ගියා ....මං එයාගෙන් වෙන්න ඕනෙ මොකක්ද අහනකොට වෙරියෙන් උන්නා උනත් තනි කෙලින් හිටන් මගෙ දිහා බලන් උන්න විතේන් හුස්මක් ගත්තා ...

මට යන්න දෙන්න නිතේශ් ....මට...

මං හිතන්නෙ එයාට මං ඊට වඩා එකම වචනයක් කියන්න දුන්නෙ නැද්ද කොහෙද ...අත දිගෑරලම කම්මුලට ගහපු පාර එක්ක එයාව පුටුත් පෙරලගනම වැටෙනකොට මං පහතට නැවිලා කොලර් එකෙන් අල්ල ගත්තා වගේම එයා බය වෙලා උනත් අඩන්නෙවත් නැතිව හුස්ම හිරකරන් වගෙ බලන් ඉන්නකොට ශෙනෝන් ආවා..

නිතේශයා...නිතේශයා...අතෑරපන් යකො....ඌට වෙරි....ඌට වෙරි ...

අහපන් ඌ දැන් මොකක්ද කිව්වෙ කියලා..

අහපන්...කට ඇරලා අහපන්..මූ යකො...මූකියනවා ඌට මහන්සිලු.....ඌට...එතකොට මට...මට....වේදනා නැද්ද ...උන් ඔක්කොම ගිනි ගෙඩි දාන්නෙ මගෙ ඔලුවට නේද....ආ...ශෙනෝන්.....උඹලා හොදටම දන්නවා අරකි හින්දා වත් මං මෙහෙම යකා නැටුවෙ නෑ කියලා ...ජීවිතේට අතක් උස්සපු නැති බිනරිටත් මං ගැහුවෙ මූ හින්දා නේද යකො...අහපිය කට ඇරලා

මං කතා කරන වචනයක් ගානෙම එයාගෙ බෙල්ලෙන් අල්ලන් හෙලෙව්වා වගේම වටේ පිටේ එකෙක් දෙන්නෙක් දකිනකොට මාව ඇදලා අරගත්තා උනත් මන් ඒ මූන පුරවලා තවත් එකක් ගැහුවා ...

මට ඔහොම කරන්න එපා යකො...මට ඉන්නෙ තෝ විතරයි නේද??ඌ මැරෙන බව දැන දැන උගෙ ගාව උන්නා නම්.....ඇයි මගෙ...ගාව ඉන්න..බැරි...මං ඉන්නවනෙ ....

මං ඇඩුවෙ නෑ....ඒත් මගෙ කටහඩ වෙව්ලුවා.....මං එහෙම්ම එයාගෙ නලලට මගෙ නලල තියා ගත්තා ....මට හීනෙකින් වත් කරන්න බැරි දෙයක් එයා කියනකොට දරන්න අමාරු උනා..මම...තුන්සිය හැටපැත්තක්ම බැලන්ස් කරන්න ඕනා.....

විතේන්.....මට කියපන් ....උඹයි...මායි....ඇවිදන්..ආව....

අඩි දහය පහලව ගැන මොකද හිතෙන්නෙ කියලා ...මට කියපන් මගෙ විතේන් .....

මං ආයම එයාව උරහිස් වලින් ඇල්ලුවා ඒ ඇස් කොන් වලින් කදුලු බින්දුවක් බිමට වැටුනා ...එයා හිනා උනා...ඒත් අඩාගන්න බැරි කමට හිනාවෙනකොට මට කියන්න හිතුනා උව අඩපන් උඹ අඩන්න බැරි කමට හිනාවෙනකොට ඊටක්වඩා මට මටදුකයි කියලා...

තේ...ශී....

කියපන්....

මට....උඹ....එක්ක...තව...හුගක් දුර යන්න ඕනා...

එහෙනම් එච්චරයි ...උඹ වචනෙ දීලා ඉවරයි ..උඹ ආයම ඔහොම දෙයක් කිව්වොත්...මං උඹට ගහනවා...හැබැයි....දෙයියන් බුදුන් පල්ලයි විතේන් මං උඹට මැරෙනකම්ම ගහලා අවසානෙදි මාත් මැරෙනවා....ආය මට උඹෙ මිනිය දිහා බලන් හූල්ලන්ඩ ඉතුරු වෙන්නෙ නෑ...කාගෙන් නැතත්...මගෙන් පරිස්සම් වෙයන් විතේන් ....මාව දැන දැන සතෙක් කරගන්ඩ එපා...හරි...දැන් පලයන් ..මං එනකන් හොද ළමයා වගේ නාඩා ඉදින්...අඩලා තිබ්බොත් මං ඒකත් බලා ගන්නම්....

මං එයාගෙ කම්මුලට හිමින් තට්ටු කරලා නැකිට්ටා වගේම ශෙනෝන් මගෙ අත අල්ල ගත්තා ....

නිතේශයා..කොහෙද ..කොහෙද යකො යන්නෙ ..

මං අර අග බිසව ගාවට ගිහින් එන්නම්...උගුල්ලන්න තියන තුත්තිරි පැල සරුවට හැදුනම අවසානෙදි එක එකාට ඇමිනි ඇමිනි උන්නම මහ සාපයක් වෙනවා....

මම ශෙනෝන්ගෙ අත ගසල දැම්මා...ගසලා දාලා මොල්ලිගොඩ මැනිකෙව හොයන් ගියා...

අර ඉන්නෙ...නෑනලා...මැනිකෙලා හාමුලා ටික ඔක්කොම...උන් හිනා වෙනවා.....උන් අපිව කාලා තව හිනා වෙනවා...නාද්‍යා පවා ඉන්නවා....ඒකි ඔහේ බලන් ඉන්නවා...මට කාගෙන් වත් වැඩක් නෑ...මට ඕනෙ මුලු ලෝකයක් ඉස්සරහා හරි මගෙ ආදරේ පරිස්සම් කරගන්න විතරමයි....

ආ...ඔය එන්නෙ...අපේ එක්කෙනා...සුදුමහත්තයා .....

මම ගියා කෙලිම්ම ගිහින් අත්තම්මගෙ ඉස්සරහින් හිට ගත්තා ...

මාත් එක්ක එලියට ආවා නම්.....

සුදු මහත්තයා ....

මහ මැනිකෙගෙ සායම මේ පිට උන් ඉස්සරහම හෝදව ගන්න ඕනා නම්.....මම මෙතනම පට්ටන්දරේ දිගාරින් නම්.....

නිතේශ් .....

මම කතා කරන්න කට අරිනකොට රන්දෙනිගල වලවේ හාමු තක් බීර් වෙලා වගේ බලන් ඉද්දි සීයා බස්තම බිම ඇන්නා....

හරි මැනිකෙ.....උඹට කියන සිංහල තේරෙන්නෙත් නෑනෙ....එක පාරක්..දෙපාරක් තුන් පාරකුත් කිව්වා අවසානෙදි අත් දෙක එකතු කරලා වැදලත් කිව්වා මට මේ හුත්තවල් කරගස්සවන්ඩ එපා කියලා හරි...උඹට විතරක් නෙවෙ මොල්ලොගොඩ එක යකෙක්ට වත් සිංහල කියන එක තේරෙන්නෙ නෑ

නිතේශ් ...උඹ මොකක්ද නිතේශ් මේ නටන නාඩගම ඉදගනින් මේ මිනිස්සු ඉස්සරහා ලැජ්ජා නොකර

ලැජ්ජා.....ලැජ්ජා....අනේ...අම්මගෙ රෙද්දෙ ලැජ්ජාව....මට ලැජ්ජාව ගැන කියලා දෙන්න ඔය මහහාමු රෙද්දක් අරන් වැඩියා නම්.....

මම කෑගහන්න ඕනා තැන දත් මිටි කාගනම නේසෙට ගගගහා කතා කරනකොට අම්මගෙ මූන සුදු මැලි වෙලා ගිහින් තිබුනා...රන්දෙනිගල වලව්වෙ මැනිකෙ මොන මොනවදො ඇන ඇන කියන කොට මම ඒ පැත්ත හැරුනා....

රන්දෙනිගල ලොකු හාමු....ඒ වගේම ලොකු මැනිකෙ....මං මේ කියන කාරනාව පලවෙනි වගේම අන්තීම වතාවට මේ කියන්නෙ....මොල්ලිගොඩ වලව්වට ඔය වලව්වෙන් මොන මොන මගුල් කපුවො එව්වත්....එහෙ බදින්න ඉන්නෙ ඔය මොල්ලිගොඩ හාමුවව විතරයි.....මම ඇවිත් මොල්ලිගොඩ නෙවෙ....ඒක හන්දා...කරුනාකරලා මට ඔය එක එක මැනිකෙලාව කරගස්සවන්ඩ.....දේපල

පිට නොදි ඇතුලෙම දාගන ඉන්ඩ හිතන් ඉන්නවා නම්....ඒ කරුනු කාරනා....බොහෝම ඉක්මන්ට ඔය හිත් වලින් අහක් කරගන්ඩ ඕනා ...මොකද....මම බදින්නෙ..මට ඕන එකාව...මට කවුරුත් මගුල් තුලා කතා කරන්ඩ ලෑස්ති වෙන්න එපා ...

නාද්‍යා...මං හිතනවා ඔය මැනිකෙට මම ගරු නම්බු නාම දීලා එලියෙදි කියපුවා අම්මා අප්පලාට කියන්න ඇති කියලා....

මං කියපු දේවල් පැහැදිලී නේ ලොකු හාමු...මේ මගුල වෙන්නෙ නෑ...කරන්නම ඕනෙ නම්...මට ගෑනු දෙන්නෙක් ඕනා....මොකද...අපෙන් එකෙක් ගියාට තමුන්ලා ඒකි එක්ක බුදියන්ඩ තව වාහෙ කෙනෙක් දීලානෙ... මටත් එකෙක් මදි...එහෙනම්..මම මේ මැනිකෙවත් බැදලා...මට දැන් ඉන්න මැනිකෙවත් බදින්නම්...මාත් ආසයි එක ගෙයි කන්න....

සීවරන් දෙයින්හාන්දුරුවනේ නිතේශ් ඉදගනින් කිව්වම අහලා....මට ලැජ්ජ කරන්ඩද ඕනේ ආ නිතේශ් ....අනීතා උඹෙ කොල්ලට ඉදගන්න කියපන්..

පිට හාමුලා දෙන්නා හූල්ලන් ඉන්නකොට සීයා තාත්තා පරල වෙලා උන්නා....අම්මට මාව නවත්තන්න බැරි වෙනකොට අත්තම්මා තවත් උද්දච්චකම් කිව්වා

උඹට ඕන ඕන විදිහට නටන්ඩයි...උඹට ඕන ගෑනු ගේන්නයි උඹ අපි මැරිලා කියලා හිතුවද නිතේශ් ....

ඔව්..උඹලා ජීවත් වෙලා උන්නත් කරන්නෙ මිනිස්සුන්ව පන පිටින් මරපුඑකනෙ...පින්සිද්ද වෙයි අත්තම්මෙ උඹයි මහ එකයි මැරිලා පලයන්කො.....සාපනෙ තනිකර

නිතේශ් .....!!!

ඇයි...අහන් ඉන්න අමාරුද.....ඔය හාමුලා වලව්වෙ කෙරුවාව දන්නෙ නැතිව ඇතිනෙ..මං කියන්නම්.....මං කියන්නම්...

දෙයියන්ගෙ නාමෙට ඉදගනින් නිතේශ් ...

නෑ..නෑ....මට මං ඉදගන්න බලන් නෙවේ ආවේ.....මන් ආවෙ මේවා පිලිවලක් කරලා කියලා යන්න.....ඔය මගුල් මන්ඩපේ නැගලා අශ්ටක කියපු එකී..මගෙ පොඩි නංගි....අද එකගෙයි කන්න ආවෙ ඇයි දන්නවද....මීට දවස් ගානකට කලින්.....වලව්ව අස්සෙ එල්ලිලා මැරුන එක මැනිකෙ කෙනෙක්ගෙ පවක් ගෙවන්න....උඹලා මොකද කෙරුවෙ...ඒකි මැරිලා පාලොස් දොහක් උන් නෑ..තව එකියෙක් ඉල්ලුවා නිකන් නෙවෙ.....එක ගෙයි කන්ඩ....එතකොට රන්දෙනිගල හාමුට ලැජ්ජාව නෑ....????මහ මැනිකෙට ලැජ්ජාව නෑ....වදන එකාගෙ අප්පා මොකාද නොදැන ළමයි දුසිමක් වැදුවත් ලැජ්ජා නෑ....??එහෙමනෙ....

අනික...මොල්ලිගොඩ හාමු ලැජ්ජාව ගැන කියනවා..උන්දට ඉන්න හොර අඹුවො ගාන උඹලා දන්නවද...නෑනෙ....ලැජ්ජාව කියලා දෙන හාමුවගෙ හොර අඹුවන්ට ඉන්න ලමයි ගාන දන්නවද....නෑනෙ...උඹලා වංසෙ කබල් ගෑවට...අපේ එකාට ගෙදර වැඩකාරිගෙන් ළමයෙක් ඉන්නවා..අපේ අම්මට ...අනීතා මැනිකෙට නෑකමට නංගි...මට පුංචි අම්මා.....එතකොට හාමු මහත්තයා ගෑනුඑක්ක ගස් ගල් බඩගාන එක නම්බුද....??

නිතේශ්....

ඇයි...උන් මේවා දැනගන්න ඕනා...උඹලගෙ කෙරුවාව දැනගන්න ඕනා...මට කොහෙන්වත් සැනසීමක් නෑ...ලැජ්ජාව ගැන නම්බුව ගැන උඩප්පරන් ගැහුවට ලැජ්ජාව කකුල් දෙක දිගේ බේරෙනකොට තමයි අරූගෙ අවජාතක ළමයි මරන්න මහ මැනිකෙ අන්නාසි ගැට හොයපුව...ඔව්වා ලැජ්ජ තියන වැඩද...

ඉදගනින් යකො ලැජ්ජා නොකර..

ලැජ්ජා නොකර? මුන් දැන ගන්ඩ ඕනා මොල්ලිගොඩ වලව්ව මොකක්ද කියලා එතකොට වත් මගෙ කරට ගෑනු නොගහා ඉදීනෙ ...

මාව ඉන්දවන්න හදන එකෙක්ට වත් මාව ඉන්දවන්න බැරි වෙනකොට සීයා තාත්තා නැකිටින්න හැදුවා ...

මොල්ලිගොඩ හාමුදුරුවො ඉදගත්තා නම්....මන්තාම හපන්කම් කියන්න ගත්තෙ නෑනෙ...අනික...ඔය සුදූ නිකන් මැරුන් නෑ...නාද්‍යා...උඹට මාව බදින්න ඕනා නම්..උඹගෙ නැන්දම්මා මිනිමරුවෙක් කියන එක මතක තියගනින්...

නිතේශ් ....

ඇයි අනීතා මැනිකෙ...උඹගෙ අත් දෙකෙන්නෙ සුදූට වහ පෙව්වෙ....ආ...උඹයි අත්තම්මයිනෙ ....අනික...ලොකු අම්මා...උඹලානෙ ඒකිට වහ පෙව්වෙ...මගෙ අම්මා මිනිමරුවෙක්....මගෙ අත්තම්මා මිනි මරුවෙක්...මගෙ සීයා තාත්තා සල්ලාලයෙක්....නුවර වටේටම ගෑනු.....නුවර වටේම ළමයි.....වංසෙ විතරයි...ඇති මගුලක් නෑ...

උඹලට තවත් මේකිව මගෙ කරට ගහන්න ඕනා නම්..දැනගනින්....

එපා කියලා කියල බලෙන් කර ගැස්සුවොත්....මාත් එක තත්පරෙන් මිනිමරුවෙක් වෙයි....මං මේ අවසානම වතාවට කියන්නෙ....මට ආදරේ කරන්න එකෙක් ඉන්නවා....මං ඒක ඇරෙන්න වෙන ඒවා කරන්නෙත් නෑ.....ආය ආයම මට මගුල් තුලා අරන් එන්න හිතන්ඩවත් එපා ..හරි.....මං මේකට කැමති නැ...ආය ආය කියන්නඩ තියන්නඩත් එපා....ඇහුනනෙ රන්දෙනිගල හාමු.....මහ මැනිකේ...ඇහුනානේ...

පොඩි මැනිකෙව සල්ලාල වලව්වකට දෙනවද නැද්ද හොදට හිතන්න පුලුවන් .....

නිතේශ් ....!!!

😒ආය හෙච ඈ

මේ ළමයා කොමඩු කනවා ඔයාලත් කන්න....

🤭🤭🤭🤭

මම

Ferdeesha ❤️💚😘 ....

More Chapters