Ficool

Chapter 47 - 47

මට කියන්න ඕනා ටික මම කිව්වා අනීතා මැනිකෙ..මන් හිතන් නෑ ආය ආය කියන්න දෙයක් මං ඉතුරු කෙරුවා කියලා ...ඔය මැනිකෙලාටත්....මගෙ අනාගත මැනිකෙ වෙන්න බලන් ඉන්න නගාටත් මං කියන්නෙ....මන් මේ මගුලට කැමති නෑ..නෑ කියන්නෙ ආය නෑ නෑ ..නෑම තමයි..ආය ආය මට වද දෙන්න කපුවො එවන්න ලැහැස්ති උනොත් බලාගමු.....මෙච්චර කාලයක් මම කටවහන් උන්නා...හරි....දැන් ඉතින් ආය නෑ...

මං මගෙ අතෙ අල්ල රතු වෙනකන් මේසෙට ගහලා ගහලා අවසානෙදි මගෙ වැලමිටෙන් අල්ලන් ඉන්න අම්මා දිහා බැලුවා...

නිතේශ් වරෙන්....වරෙන් මෙහාට....

ඇයි....තව කියවන්න තියනවද ..මගෙ අත අතාරින්න මට යන්න ඕනා...කිව්වම අහලා අතාරින්ඩ....

අම්මා මගෙ වැලමිටෙන් අල්ලන් ඇදගන වගේ ඇවිත් සෙනග නැති තැනකදි අතෑරියා ....

මේ අම්මා මේහ්....අතපය විතරක් උස්සන්න ලෑස්ති වෙන්න එපා...

ඇයි...උඹ මට මොනවා කියලා කරන්නද නිතේශ් ..මාව මරපන් නිතේශ් ...උඹ මොන ලැජ්ජාවක්ද අපිට කෙරුවෙ..අර මනුස්සයො ඉස්සරහා මොන කතාද උඹ කිව්වෙ නිතේශ් ...ආ....උඹ සීයා තාත්තව හේදුවා...

එතකොට උඹලගෙ ලැජ්ජාව වහන්න මං ඒකිව බදින්න ඕනෙ එහෙමද....ඔච්චර ආත්මාර්තකාමී වෙන්න එපා අම්මෙ ඔච්චර කුහක වෙන්න එපා...ඔච්චර තුප්පහි වෙන්න එපා...අර ලාවට හරි කරපු පිනකට මාව දෙයියො බඩට දුන්නට ඔයා කරන වැඩ එක්ක අම්මා කියන්නවත් හිතෙන් නෑ අම්මෙ...මේක හොදට මතක තියා ගන්න...සුදූව බේර ගන්න බැරි උන පවත් මගෙ කර උඩ..අරකිව වාහෙලා දෙන්නෙක් එක්ක යවපු එකෙ පවත් මගෙ කර උඩ....උඹලා එකතුවෙලා අරකිව විතේන්ගෙ කාමරේට යවපු එකේ පවත් අවසානෙදි මගෙ කර උඩ තියෙන්නෙ.....මට තවත් උඹලගෙ කුනුවලට කර ගහන්නත් බෑ...අප්පච්චි වගේ වලව්වෙ උන්ගෙ කීමට ඔලුව නමලා ගෑනු කරගහන්නත් බෑ...කරුනාකරලා මට මගෙ ජීවිතේ ගෙනියන්න දීලා තමුන්ලා පාඩුවෙ බනක් අහන් පිනක් කරන් යන්න ඉන්න තැන්වලට හරි පින් එකතු කරගනිල්ලා ....අනික උඹලට කොහෙද ලැජ්ජා නහරයක්..උන් උනත් දැනගන්න ඕනා ගෑනු දෙන තැන් ගැන වගේම ගෑනු ගන්න තැන්....උඹලට ලැජ්ජා නෑ අරු වටේටම රෙද්ද උස්සලා ඇන ඇන එනකොට....ඉද්දකින් යකෝ...ඉද්දකින්....

නිතේශ් ....උඹ ඔය කාටද කතා කරන්නෙ...ආ නිතේශ් ...උඹ දැක්කද....උඹ දැක්කද...කතා කරපන්

දකින්න....ඇයි අර ගෙදර ඉන්නෙ..සරමෙ පිහිදගන්න බැරි උන මැනිකගෙ කෙල්ල...ඒ මදිද ...ආ අම්මා...අනික අම්ම පට්ටම ගැහුවට අම්මෙක් නොවුන වලව්වෙ අනීතා මැනිකෙට...වැදුව පමනට අම්මෙක් වෙන්න බෑ අම්මෙ...දැන් අත ගන්න මං යනවා...විතේන්ට මහන්සී..

අර පොඩි එකාට මහන්සී....අනිකට මහන්සී...මට මහන්සී...මට උඹලගෙ වද බන්දන ඉවසලම දැන් මහන්සී...අඩුම ගානෙ අප්පච්චිවත් ආව නැති මගුලට මම ආවෙ පව් කියල හිතලා....

උඹගෙ අප්පච්චිටත් දැන් මොකක් හරී වේගන එනවා..හිටපන් කො.....අනික ඉතින්....උන් ගිය දෙන්.. උන් ගිය දෙන්...උන් ගියදෙන් උඹ අපේ මූනෙ දැලි ගාලා අපිව කාලා...තව යන්න...ආ නිතේශ් අපි කොහොමද උන්දලාට මූන දෙන්නෙ ගිය එකෙක් ගිය දෙන් උඹ හෙල්ලෙන් නෑ...අනික අරූ උඹගෙ පස්සෙන් එන්නයි..උඹ ඌව රකින්නයි ඌ අපේ කව්ද.....තැන් තැන් වලින් ආව උන් ඒ තැන් වලටම ගිය දෙන්.....ආවා මෙතන විතේනයෙක් ගාන්..කටට සංවරයක් නැති එකා....

ඇයි...දැන් ඒකව අම්මත් උඩ තියන් නේ උන්නෙ....දැක්කම අර දරුවා මේ දරුව ගගා.....තමුන්ගෙ පදේට නැටුවෙ නැති හින්දද දැන් ඌවත් අරහන් වේගන එන්නෙ....ඔච්චර තුප්පහි වෙන්න එපා අම්මෙ ...උඹලම නේද ඌව උඩින් තිබ්බෙ....ආ...වලව්වට එනකොට බේබි හාමු බේබි ගගා වැලලුනෙ...අරකිව උගෙ කරේ ගස්සවන්න උඹලටනෙ කැහියාව තිබ්බෙ...ලැජ්ජයි..මට මගෙ අම්මටම මෙහෙම කතා කරන්න වෙන එකට..තමුන් එක්ක බලනකොට මගෙ අප්පච්චි බුදු වෙන්න ඕනා...රත්ත්රන් මනුස්සයෙක් නිරපරාදෙ පවකට කර ගහලා...දැන් උන්ව අරහන්....අනේ අම්මෙ....ලැජ්ජයි...

උඹලා තමා දවසකටත් මිනිස්සු බොරු ආදරෙයි බොරු නම්බුවයි දීලා උඹලට ඕන දේ නොලැබුනාම උඹලා හරි ලේසියෙන් මඩ ගහනවා ඕකට කියන්නෙ සක්කිලි කම...අමු තුප්පහි කම...මූනට එකයි පිටට එකයි ...ලැජ්ජයි ..ඇට නැති දිව කොයි අතට හැරුනත් හරි...උඹලා මහ සර්පයො බලන් යනකොට ...අම්මා අත්තම්මා ගගා කතා කරලා තියෙන්නෙ අමු සර්පයින්ටනෙ...

අනික මට නවතින්න කියන්නෙ මමත් එන්න ඕනෙද අරකිගෙ රෙද්ද බලන්න යන්න....ඒවට නම් උඩ දාන් යනවා ඇතුල තනිකරම සතර මහ අපාය..උඹලා හින්දා මට වලව් සංහතියම එපා උනා...මැනිකෙලා චී කියලා හිතුනා ..දුක නැද්ද...ඒකිගෙ ඇගේ හැටි දැකම අර සද්දන්තයො දෙන්නෙක්ට දුන්නෙ...දුක නැද්ද.....උඹලා අනේ මන්දා...මට නම්...දැන් මහකරුමෙකට උඹගෙ උනෙ කියලා හිතෙනවා අම්මෙ...අවංකවම....

මන් කියවලා කියවලා මගෙ නලලට අත ගහගත්තා .මගෙඔලුව කැක්කුමයි....මගෙ ඔලුව පැලෙන්ඩ වගේ....ජීවිතෙ කිසිම දවසක ආදරනීයම අම්මෙක් හම්බුන් නැති මට ඔලුව පැලෙන්න තරම් ආවා....

පොඩී ගැන නම් කියන්නෙ..ඒකිට වරදක් වෙන් නෑ.....ඒකිට දෙයියන්ගෙ බුදුන්ගෙ පිහිටෙන් හරි යන්න ඕනා.....

ඔව්..ඔව්...දෙයියො බුදුන්ම බලල ඒකිට පිහිට උනොත් ඇරුනම වෙන කවුරුත් නම් පිහිට වෙන්නෙ නෑ...පේනවනෙ...කතාව මාරුකරනවා...අවස්තාවාදියෝ.....

උඹට හරි අමාරුයි පිට උන්‍ට බනිනකොට ...උඹට හරි අමාරුය.... සීවරන් දෙයියනේ.....නිතේශ් ....නිතේශ් ...මේ මොකක්ද..මේ මොකක්ද කියපන් නිතේශ් ...මේ මොකක්ද...

මං හිතන්නෙ එතනින් නැවතුන් නෑ....එතනින් පස්සෙ තවත් පටන් ගත්තා ...මගෙ අතේ තිබුන මුදුව....ඒක ඇත්තටම කසාද මුදුවක්.....ඇතුලෙන් විතේන් කියලා කොටලා තිබුන මගුල් මුදුව දැකපු ආම්මා මගෙ අතින් ඇද ඇද මැරෙන්න හැදුවා ...තවත් කන්දොස්කිරියාවක්...අනේ දෙයියනේ මාව මැරිලා යන් නෑනෙ...වෙන එකෙක් උනා නම් මම මෙහෙම වත් ඉවසන් නෑ..වදපු නයට ඉහ ගහන් ඉන්නව මිසක්කා.....අම්මා ආයාම මගෙ අතින් ඇද ඇද නැහුනා...

මුද්දක් දෙයියනෙ මුද්දක් පේන්නෙ නැද්ද ....කෑගහන්නෙ...මුද්දක් මේක ..බෝම්බයක් නෙවෙ ....

මුද්දක් කියන්න දන්නව...මේක...මේක ...

කසාද මුද්දක් දැන් හරිනෙ ....මේක....කසාද මුද්දක්..

කසාද ඇගිල්ලෙ...දැන් තේරෙනවනෙ මං මොකටද ඒකිව බදින්න බෑ කියන්නෙ කියලා.....දැන් සතුටුයිද....සැනසීමද...

දලදාහාමුදු...රුවනෙ...උඹ...උඹ...

පව්කාරයා.....උඹ...මොකෙක්වද...නිතේශ් කරගැහුවෙ....උඹ මොන උඩැකියක්වද කරගැහුවේ ...උඹ අරකිව ආයම පටලවගත්තද....ඒකිව ගිහින් බැදගත්තද නිතේශ් ...උත්තර දිපන්....අපිටත් නොකියම.....

දළදා හාමුදුරුවනට පලිගහන්නෙ මොකද....??ඇයි...ගිහින් ඒකිටත් පොල් ගහන්ඩද....අරකිට කෙරුවා වගෙ...නැත්තන් මිරිස් අඹරන්ඩද.....ඒත් නැත්තන් ගෙදරට ගිහින් ලැජ්ජා කරල එන්ඩද ...???උඹලට දන්නෙ ඔච්චරයි ...උඹලට දන්නෙම ඔච්චරයි ...අනික...මං එදත් කිව්වා දෙයියන්ගෙ පිහිටෙන් පාඩුවෙ ඉන්න එකීව අදින්න එපා කියල..මට කාගෙවත් ගෑනු අරන් ඇවිත් බැදගන්න ගෑනු අහේනියක් නෑ....

මම බැදලා කියන එක නොකියා කිව්වා විතරයි අම්මා මට අත් දෙකෙම්ම ගහගන ගහන ගියා විතරක් නෙවෙ සාප කෙරුවා..හෙන ඉල්ලුවා මං බය උනා මගෙ විතේන්ට ඔය කට කැඩුන කටින් කියන සාපවදී කියලා.....

දෙයියන්ගෙ නාමෙන් කියපන් නිතේෂ් උඹ කාටත් නොකියා මොන රොඩියෙක්වද කර ගැහුවෙ නිතේශ් ...කියපන්.....ඕකි මොන වරිගෙ කොහෙ එකියක්ද...අරකිත් නෙවෙ නම් මොකියක්ද....මොකියක්ද....

නෑ...නෑ..අම්මෝ..නෑ...මම කොහෙවත් යන මොකීයෙක්ව වත් බැන්දෙ නෑ යකො...නවත්ත ගන්න එකයි ඔය මල සාප ඈඩියාව මේක මහ සාපයක් උනානෙ....

එහෙනම්...එහෙනම්....මේ කසාද මුද්ද...

මගුල මේකෙ කසාද මුද්ද කියලා ලියලා නෑනෙ ...මගෙ අත් දෙකට දාන්න ඕනා මුද්දත් දැන් අහලද දාන්න ඕනේ...හැබැයි අනීතා මැනිකේ...මේක හොඳට මතක තියා ගත්තොතින් හොදයි.....මට ඕනාවට වඩා තව තව කුන්ඩාවලා කර ගහන්න ආවොතින් මම උඹලා ඔක්කොටම පපුවෙ අමාරුව හදවලා තමා නවතින්නෙ...මල මිනි උඩින් හරි මට ඕනා එකාව ගේනවා...

තූ....උඹේ කට ..තූ....උඹට මොන යකෙක්ද දෙයියනේ වැහුනේ.....

මට යකෙක් වැහුන් නෑ. ..අවුරුදු තිහක් තිස්සෙ විදවපු ජීවිතේ මම දැන් මාව හොයනවා...අවුරුදු ගානක් තිස්සෙ විදපු වේදනාව...දැනුන තරහව මම මේ පිට දානවා...උඹලා මාව අර තාච්චියෙ ඉන්න කැවුම වගේ තෙල් ගගහා තෙල් ගගහා උඹලට ඕන ඕන විදිහට බිබික්කමක් වගේ හදපු එකේ තරහව තමා මං මේ පිට දාන්නෙ....අවුරුදු තිහක් .....යකො එල්ටීටී යුද්දෙත් අවුරුදු තිහක් තිබ්බා.....මං ඉවසන් උන්න හැටියට මගෙ අතේ බෝම්බයක් තිබ්බනම්.....තිස්තුන් කෝටියක් දෙයියො පල්ලයි මං ඔය වලව්ව සමතලා කරලා දානවා එක රැයකිම්ම...පින් අයිති වෙයි පාඩුවෙ ඉන්ඩලා හරි....එකම තැටිය ගගලම මට දැන් එපා වෙලා...එපාම වෙලා කියන්නෙ තූ නොදකින් වෙලා ඉන්නෙ....රෙද්ද.....

මං අම්මව එතනම දාලා එන්න ආව...උගුර දනවා ඒ අස්සෙන් .....අර මනුස්සට ගැහුවා ඒ අස්සෙන් මට නම් මගෙ ජීවිතේ කොහෙන් බැලුවත් රූකඩයක් හා සමානව දැනෙනකොට එයා කාර් එකට හේත්තු වෙලා මුරන්ඩු කමට සිගරට් එකක් උරව උරව උන්නා,වගේම ගුටි කාපු කම්මුල රෝස වෙලා තිබ්බා....වේදනාව හංගන්ඩ, මගෙන් පලිගන්න දන්නෙම නෑ...ඒත් ඌ දන්නෙ නෑ මගෙ හිතේ තියන ගින්න....

මං ඌව රකින්න කන කට්ට.....ඔක්කොම කුනු බේරෙ වැවට වගේ මගෙ ඔලුවට එනකොට උන් එකෙක් වත් දන්නෙ නෑ මගෙ හිතේ බර...

මං එයාගෙ අතේ තිබුන සිගරට් එක අරන් මගෙ කටට ගහගන්නකොට එයා අහක බලාගන නාස් පුඩුවලින් දුම එලියට යැව්වා ....ආදරෙ පිරුන ඇස් රතුම රතුවෙලා තියනකොට ඇගිලි මිට මොලවන් ඉන්න අතේ ලේ නහර ඉලිප්පිලා තිබුනා.....එයා තරහෙන් ...

නිතේශ් .....

එයා මට කතා කෙරුවා .....නිතේශ් .....ආදරෙන් කතා කරලා කරලා අවසානෙදි එයා මට පිහියෙන් අනිනවා වගෙ නිතේශ් කියනකොට මට හිනා ගියා....තමන්ගෙම උන් වේදනාව තේරුම් නොගන්න තැන පිට උන් ගැන මොන කතාද ....මං එයා දිහා බැලුවා...කියන්න තියන දෙයක් අහන් ඉන්නවා මිසක්ක....ඔව්වට උත්තර බැන්දොත් එයා මගෙන් ගුටි කාලම මැරෙයි.....හැබැයි....උනෙ ඊට හාත් පසිම්ම වෙනස් දෙයක් ....

චටාස්!!!

එයා මට අත දිගෑරලා කම්මුල රත් වෙන්න ගැහුවා ...එයා පලි ගන්නවද ....නැතිනම්....කම්මුල් පාර කාගනම මං ඒ මූන දිහා බලනකොට ආයම පාරක් වැදුනා..අගෙ අතට වඩා ඒ අත පොඩි උනත් ඒවැදුන පාර සැර වෙද්දි මං ඒ මූන දිහා ඒ ඇස් දිහා බැලුවා ....

උඹ මට ගැහුවෙ...මං උඹගෙන් අයින් වෙන්න ඕනා කිව්ව නිසා....හැබැයි...මං උඹට ගැහුවෙ.....උඹව මං දැක්කෙ වැරදි වෙලාවක නිසා...උඹ හරි කෙනා වෙලත් උඹ ආවෙ වෙලා ගිහින් හින්දා නිතේශ් .....උඹට තිබුනා..කලිම්ම එන්න.....

මං මොකුත් නොකියම උන්නා....එයාගෙ මූන වේදනාවටද තරහවටද....දුකට මං දන්නෙ නෑ වෙව්ලනවා ...

අපි දෙන්නම දැන් සමානයි මිස්ටර් නිතේශ් සෙයෝන් වන්ග් යිබො ....මං මොන නමින්ද අවසානෙට කතා කරන්න ඕනෙ....

එයා මගෙන් අහනවා...මං මොන නමින්ද කතා කරන්න ඕනෙ කියලා ..

උඹ ගන්න ඕනෙ මගෙ නම මිසක්...මං උඹේ නම නෙවෙනෙ මිස්ටර් විතේන් ....

එයා හිනා උනා...කට කොනින්.....

සුදු මහත්තයා .....උඹ ඉන්න තැනකදි....උඹට ඇහුනොතින්....මගෙ කසාදෙ කරන්න ඕන විදිහ මේ විදිහයි කියලා.....මගෙ ඇදුම මේකයි....මගෙ ගෑනි වෙන්න ඉන්න එකීගෙ ඇදුම මේකයි කියලා පවුලක් එකතු වෙල කතා කලොත්.....උඹට දැනෙන වේදනාව කියපන්....

මට කියපන් සුදු අප්පො....මගෙ ඉන වටේ කඹ දෙකක් බැදලා...සිය දෙනෙක් මාව දකුනට අදිනකොට ....උඹ විතරක් තනියෙන් අර කඹේ වමට අදිනකොට දැනෙන වේදනාව ....මාව උඹගෙ පැත්තට තනියෙන් ඇදගන්නකොට උඹගෙ පපුවට දැනෙන වේදනාව....ඒ මහන්සිය .....මාව උඹෙන් ගැලවිලා යයි කියන බය එක්ක උඹට මාව අතාරින්න වෙයි...කියන බය පපුවට දැනෙනකොට දැනෙන වේදනාව ...

දැන් නිකමට හිතපන්.....උඹ යන්න එපා එපා කියද්දි මම උඹව දාලා ගියොතින් උඹට පපුවට දැනෙන වේදනාව.....උඹට දැනෙනවද නිතේශ් ....ආ ....උඹට දැනෙනවද ...මං උඹට ආදරෙයි .....මාව දාලා යන්න එපා කියනකොට මම දාලා ගියොත් දැනෙන වේදනාව...

එයා මට කෑ ගහනවා.....අවසානම හරියෙදි එයා කාර් එකේ ඩිකියටත් මිටමොලවලා ගැහුවා....මගෙන් අහනවා ඒ වේදනාව දරන්න පුලුවන්ද කියලා....මට බෑ දෙයියනේ...මට කවදාවත් බෑ..ඒක හීනෙන් වත් හිතන්න බෑ....

හිතන්න අමාරුයිනෙ.....අන්න ඒ වේදනාවම තමා හුත්තො උඹ මට වැව රවුමෙදි දුන්නෙ.....මම කිව්වා මාව දාලා යන්න එපා මං ඉන්නවා කියලා .....උඹ ඇහුවද....??? නෑ...නෑ.....උඹ කියන්නෙ උඹ ගැන විතරයි..කෝ උඹේ කතවෙ මං ගැන....???

මිස්ටර් නිතේශ් සෙයෝන් වන්ග් යීබො දිසානායක ....දිසානායක වලව්වෙ හාමු...තමුන් වගේම මම ඉන්නෙ තරාදියක ...තමුන් බයයි මම නැතිවෙයි කියලා....මම බයයි තමුන් නැති වෙයි කියලා...මාව අමතක කරලා තමුන්ට කතාව ලියන්නත් බෑ....මට තමුන්ව අමතක කරලා කතාව අවසාන කරන්නත් බෑ...අන්න ඒක මතක තියා ගන්නවා.....ඒක නිසා....තමුන්ගෙ පැත්ත බර වෙලා..මගෙ පැත්ත උඩ යන්නත් බෑ..මගෙ පැත්ත බර වෙලා තමුන් උඩ යන්නත් බෑ.....වේදනාව කියන්නෙ වේදනාවමයි...ආය ඒක ගැන අහන්න එපා....තමුන් හා සමානව මාත් වේදනාව වින්දා...

එයා කියවලා කියවලා අවසානෙදි වැව රවුමෙ වෙච්ච දේත් එලියට ගත්තා ...එයා ඒ වේදනාවත් හිතේ තද කරන් ඉදලා අවසානම මොහොතේ ඉලක්කෙ බලලා හයේ පාරක් එල්ල කරනකොට මම කට උත්තර නැතිව උන්නා....

එයාගෙ කම්මුලේ ඇගිලි පාර හිටලා තියන කොට මගෙ කම්මුල් තවම පුපුරු ගහනවා.....මං හිතුවා වගේම එයාගෙ කන් වලට අරුන්ගෙ මනස්ගාත ඇහිලා.....මම එයා දිහ බැලුවා.....

නිතේශ් .....

ම්න්....

ඇහුවා නේද මොනවද බලාපොරොත්තු වෙන්නෙ කියලා....

ම්න්.....

මට මෙච්චරයි ඕනෙ...අද තමයි මම ජීවත් වෙන අවසානම දවස කියලා හිතාගන අද දවස උපරිමේට විදින්න.....අද තමයි මම හුස්ම ගන්න අවසානම දවස කියලා හිතාගන උඹට අනන්තයක් තරමට ආදරෙ දෙන්න...හෙටක් ගැන මම කවදාවත් විස්වාස කරන්නෙ නෑ...මොකද...."අපි දෙන්නා හෙට මේ දේ කරමු" කියලා හීන දැකපු පහුවදාක මට හෙට කියලා දවසක් ඉතුරු උනේ නෑ..මං හෙට දවසට බයයි නිතේශ් ..මට ඕනෙ...අද දවසෙ මේ විනාඩියෙ උපරිම සතුටින් ජීවත් වෙන්න...මොකද..." හෙට" ගැන බලාපොරොත්තු දුන්න මිනිස්සු දාලා යනකොට ඒක පපුවට වේදනයි...උඹෙයි මගෙයි කතාවෙ.."හෙටක් "නෑ නිතේශ් ..."අද " විතරයි තියෙන්නෙ...

අනිත් දේ ...හාමු මහත්තයා ...අතපය විසික් කරන්න කලින්...හොදට මතක තියා ගත්තොත් හොදයි....මේ අතපයත් හොදට හයියයි කියල....උඹ මට මැරෙනකම්ම ගහපන්...හැබැයි...ඊලග මොහොතේ අමතක උඹත් මැරියන්...මොකද...මිනිස්සු මැරුනට.....මතක මැරෙන් නෑ...මතක මැරුන දාට...මිනිස්සු පිස්සො වෙලා යකඩ ඇදන් උඩ හූල්ලනවා මිසක්....මිස්ටර් නිතේශ් ....දන්නවද ....සමහර මිනිස්සු ආදරේ කරනවා....තවත් සමහර මිනිස්සු පිස්සුවෙන් වගේ ආදරෙ කරනවා ...

ඔය අස්සෙන් තවත් සමහර මිනිස්සු මැරීගන ආදරේ කරනවා...හැබැයි.....ඔය හැම මනුස්සයම ආදරේ කරන්නෙ හදවතිම්ම.....ප්‍රශ්න පිට ප්‍රශ්න දරාගන...ගනිපිට ගිනි උහුලගන....හැබැයි....අතරින්න ඕන තැනදි අත අරින්නෙ සදහටම ...ඒ ආරෙත් එක්කම....මං තවම ඒ තැනට ආවෙ නෑ....එන්නෙත් නෑ....මැරෙන බව දැන දැන හුස්න ගන්නවා නම්.....අතෑරෙන බවත් දැන දැන මිනිස්සු ආදරේ කරන්නෙ නැතිද...ඉන්නවා...ඕන තරම් ඉන්නවා ...මගෙ අත උඹට වගේම ...උඹේ අත මට මග ඇරෙයි නිතේශ් ...හැබැයි....අද නෙවෙයි.....ඇස් දෙක වැහුන දාකට.....එච්චරයි ....

මං අහන් උන්නා...මට හිත යටින් ආඩම්බරයක් දැනුනා..මගෙ මැනිකෙගෙ වසකම.....මගෙම වචන අල්ලන්....මටම බනිනවා....හැගීම් එක නම්...වචන වලට මොකා පන දුන්නත් මොකද .....??

නිතේශ් ...පොඩ්ඩක් හිටින්....උඹ යන තැන කියපන්...උඹට මෙහෙම ඕන විදිහට නටන්න පුලුවන්ද ...

මම හිතන්නෙ අපි දෙන්නා සමාදාන නොවී සමාදාන උනා විතරයි.....ලැජ්ජාවට කරකියා ගන්න දෙයක් නැති අම්මා වගේම අත්තම්මා එනකොට මගෙ විතේන් ගානක් නැතිව කාර් එකට හේත්තුවෙලා බලන් උන්නා....

මේ ඔය දරුවට අම්මෙක් අප්පෙක් නැද්ද.....මේක අස්සටම රිංගලා ඉන්නෙ...මූටත් දැන් පවුල් අමතකයි...එක එක කාලෙට ඇට පැලවෙනවා.....එක එකා ගෙට දාගන්නවා ....

මම එයා දිහා බැලුවා...අවස්තාවාදි මිනිස්සු....බිනරිව එපා කිව්ව මොහොතේ ඉදලා අත්තම්මට පවා මගෙ විතෙන්ව දිරවන්නෙ නැති උනා..උන් මගෙ නපුරු අහිංසකයගෙ හිත රිදවනවා...ඌ මගෙන් ගුටි කනවා...ඌට හොද සිහිය එනකොට මම උගෙන් ගුටිකනවා...

අත්තම්මෙ ....දැන්ද මගෙන් අම්මා,අප්පව අහන්න මතක් උනේ....

ඔය ලමයට මෙහෙ තියන වැඩේ මොකක්ද ...අනික වැඩකරන්නෙත් ලොකු කොම්පැනියක අපේ එකා වගෙ බාබර් සාප්පුවක නෙවෙනෙ ...ඉතින්...ඇයි හොදැයිය මොකක්ද ...??

මීට පැය ගානකට උඩින් අත්තම්මට මං මෙහෙ උන්න වැඩේ මොකක්ද කියලා හොයනවට වඩා මාව නොයවා ඉන්නයි....මගෙ වංශෙ ගැනයි මගෙ ආදායම් ගැනයි....හොයන්නනේද උනන්දුව තිබ්බෙ....දැන් ඒ දේවල් නැති උනේ මං බිනරිව බදින්න බෑ කිව්ව නිසාද ...අනික...එයාගෙ සැලෝ එකයි...මගෙ කම්පැනි එකයි දෙකම එකයි ...එතකොට මට සිද්ද වෙනවා ඇයි හොදැයිකම් පාන්න...මොකද....මගෙ කම්පැනි එකේ ප්‍රඩක්ට්ස් තමයි ඔය අත්තම්මත් මූනෙ උලන් ඉන්නෙ...ඕක නිකන් එකක් නෙවෙ...කැරට් විසිහතරෙ ගෝල්ඩන් ඩස්ට් එක...තමුන්ගෙ මූනට වඩා..මගෙ ප්‍රඩක්ට් එක වටිනවා කෝටි ගානක්...මම නිකන් දීලා දැම්මට....

මං අහන් උන්නා...හැබැයි නැවැත්තුවෙත් නෑ...මොකද ඌ මගෙ ...ඌව මං එක්ක ආවෙ කාටවත් දෙන්න නෙවෙනෙ....ඒක හින්දා බැනපු දෙන්...අනික අත්තමාගෙ මූනත් තහඩුව වහන් උන්නෙත් විතේන්ගෙම දේවල් වලින් ....ඒටික කියනකොට නම් උන්දට වහ බොන්න හිතුනද මන්දා..හොද වැඩේ ආවා මෙතන මගුල් අහන්න...අනේ විතේනයා ගහපිය ඕකිට.....

අනික ....අත්තම්මා දන්නවද...මං බිනරිව බදින්න කැමැත්තෙන් උන්නෙ අද නෙවෙ....බිනරිව දැක්කදාමයි....

මම එයා දිහා බැලුවා...මොකද තරහට උනත් එයා ඒ වචන කියන්නෙ මටත් එක්ක රිදවන්න වෙනකොට මම ඒ මූන දිහා බලලා අත්තම්මට නොපෙනෙන්න මැද ඇගිල්ල දික් කරනකොට ඒකා ඒකගෙම පස්සට තට්ටුවක් දැම්මා....හිටපන්...දෙන්නම් මම...

අත්තම්මගෙ ඇස් දෙක ලොකු උනා...මං හිතන්නෙ කියපු වචන ආයම ගන්න වෙන්න ඇති.....දැන් ඉතින් කරන්න දෙයක් නෑ...ඒ කට මට හපන්...

හැබැයි මොල්ලිගොඩ මැනිකේ ...ඒකිව මගෙ කාමරෙට එවපු වෙලේ ඉදන් මම දෙයක් තේරුම් ගත්තා....තමුන්ලට හිතක් පපුවක් හැගීම් දැනීම් මොකුත් නෑ කියලා....බිනරි ගැන මම දන්නෙ නෑ..එ උනාට.....ඒකි උනත් දැනගන්න ඕනා...එක එකාගෙ පදේට නටන ගෑනු මට එපා...හිතට එකග නැති ගෑනු මට එයා...ඒ වගේම...දෙයක් ගන්නකන් ආදරෙන් ඉදලා හම්බෙන් නැති උනාම මේ වගේ වෙස් පෙරලෙන් ගෑනුන්ගෙන් ආව ඔය වගේ ගෑනු මට කොහොමත් එපා...උන් අවස්තාවාදියි.....හැරෙන හැරෙන අතට මැස්ස ගහනවා.....ඔය ගෑනු තමයි...කුමාරයගෙ කඩුව අරන් වැද්දට දුන්නෙ.....අමන ගති ....ඔයාලා මාත් එක්ක උන්නෙ නෑ....ඔයාලා මාත් එක්ක උන්නා වගෙ රග පෑවා විතරයි ...මගෙ වචනෙ වෙනස් වෙනකොට ඔයාල වෙස්මූනු ගැලෙව්වා....රගපෑම නැවැත්තුවා...ඒකයි උනේ....

මං බලන් උන්නා...ඒකි මනමේ කුමාරි නම්... වැද්ද කව්ද දන්නෙ නැ.....එතකොට කුමාරයා මොකාද දන්නෙ නෑ ...කුමාරයට කොහොමත් ශකබුම් වෙනවනෙ.....එතකොට මූ වැද්දා...එ අස්සෙන් මටත් වෙරිද මන්දා.....ඒ කොහොම උනත්..මම වැද්ද වෙලා....ඌ කුමාරයා වෙලා අරකි කුමාරි උනොත්...කඩුව පැත්තකට දාලා කෙටේරිය අරගන ඒකිට දෙකක් අතෑරලා මං කුමාරයව අරන් යනවා....!!!

මං අහන් උන්නා..එයා කියවනවා...එහෙන් අම්මා මාව නවත්තගන්න හදනකොට එයා අත්තම්මට බන දෙසනවා...මං හිතන්නෙ මගෙ කම්මුල් පාරෙ සැරට මාව දාලා යන්න ඕනා කියපු එකේ ආනිසංස වෙන්න ඇති.....

මට ඕනෙ ඉන්න ඕනතැනදි මට ඕන කෙනෙක්...මට හයියක් වෙන කෙනෙක්...මෙච්චර වෙලාම එයයි මායි රන්ඩු උනා උනත්....ආයම වලව්වෙ උන් තහංචි දානකොට මගෙ විතේන් මගෙ පැත්ත ගත්තා ...මට ඕනෙත් එච්චරයි ....එයා කියනවා වගේ අපේ කතාවට හෙටක් නෑ...." අද " විතරයි.....ඊලග පැයක් නෑ " මෙ මොහොත විතරයි" ඉතින්...මේ මොහොතෙ නැති ආදරයක්...ඊලග පැයේදි මොකටද...

නිතේශ් ...ඒ කියන්නෙ උඹ යනවා.....

ඔව්...මම කිව්වනෙ....මට කාගෙවත් ලට්‍ටා ලොට්ට බලන්න බෑ...මං යනවා.....මට කාටවත් බැනලා තව පව් පුරවගන්න බෑ...මං යනවා.....මෙච්චර දවසක් නැහුනෙ පොඩීව දීගන්න බැරිවනෙ..දැන් දුන්නනෙ ..අද ඉදන් ඔය මැනිකෙලාට නින්ද යයි...දැන් ඉතින් අප්පා මොකාද නොදන්න ලමයිට කිරි අම්මලා වෙන්න බලන් ඉන්න..ඇයි ඉතින් මොන මිනිහගෙද මොන ළමයා කියන්න දන්නෙ නෑනෙ...

මං යනවා....අර වලව්වෙ මැනිකෙලාට මම ඇතුලෙදි කියපු ටික අමතක නොකර ඉන්න කියන්න.....ඒ වගෙම ඔය අයටත් එක්ක කිව්වෙ..හරි....

අත්තම්මයි අම්මයි දෙන්නම බලන් ඉන්නකොට එයයි මායි කාර් එකට නැග්ගා....ඩියෝනයට වෙරියෙම්ම නින්ද ගිහින් තියනකොට එයාට ලොකු හුස්මක් පිට උනා....ඒ වගේම මට.....

අපි දෙන්නටම මහන්සී.....මට උන්ගෙන් මාව බේරගන්න නහින්න වෙනකොට උන් හැමෝගෙම්ම එයාගෙ ආදරේ බේර ගන්න එයා නැහුනා.....

මං එයාගෙ අත උඩින් අත තිබ්බා ...එයත් මොකුත් නොකියම මගෙ අත උඩින් අත තිබ්බා...සම්ප්‍රදායෙ තියෙන්නෙ නම්....ගොරෝසු අතට පැටලෙන්න ඕනෙ මෘදු අතක් කියලා උනත්...මං පටලගත්තෙ ගොරහැඩි අතක්...වෙලාවකට අඩන..වෙලාවකට පරිනත වෙන...වෙලාවකට ආදරනීය වෙන..තවත් වෙලාවකට සුනාමි රැල්ලක් වෙන මගෙ විතේන් ගෙ අත ලග.....ගොරහැඩි අතේ උනුසුම මගෙ තුන් හිතම අත ගෑවා ...සමහර ස්පර්ශයන් ආදරනීයයි...කවදාවත් අමතක නොවෙන තරමටම...

එයා ශටර් එකට ඔලුව ගගන් උන්නා....

නිතේශ්....

එයා මට කතා කෙරුවා ...එයා තවමත් ඉන්නෙ වේදනාවෙන්....තරහෙන් වෙනකොට මොන දේ කිව්වත් මං අහන් ඉන්න බලන් උන්නා...මොකද ...මනුස්සයෙක්ට ඉන්න ඕනා අහන් ඉන්න පුලුවන් කෙනෙක්....අහන් ඉන්න කතාවක් ඕන කරන එකෙක් නෙවෙ.....

කියන්න මන් අහන් ඉන්නෙ....

"උඹට ඕන නම්...මට වෙඩි තියපන්....මන් මේ බලන් ඉන්නෙ මැරෙනකන් කොහොමද බලන් ඉන්නෙ කියලා ....මං ජීවත් වෙන්නෙ මට suicide කර ගන්න බැරි හින්දා ....මට කොන්දක් නැති හින්දා....

උඹ් හිතන්නෙ ඇයි මට කර ගන්න බෑ කියලද.....

මම මේ තනියම කරගන්න බැරුව ඉන්නෙ...."

නිතේශ් ....ඔය වචන ඇහුවම දැනෙන්නෙ මොනවද .....ජෙහාන් ...ඇයි ඒවගෙ කතාවක් කිව්වෙ.....

එයා කූඹියො එකේ ජෙහාන්ගෙ දෙබසක් මගෙ ඉස්සරහ කියලා මගෙන් අහනවා ජෙහාන්ට දැනෙන්නෙ මොනවද කියලා.....ඇත්තටම ...ජෙහාන්ට මොනව දැනෙන්න ඇතිද....

නිතේශ් .....ආදරේ කරන එක මහ අමාරු දෙයක්...ජීවත් වෙනවා කියන එක මහ අමාරු දෙයක්.....උඹ නැති තැනක..උඹ එක්ක ජීවත් වෙන්න වෙයි කියන එක පපුවට දැනෙන කොට මහ අමාරු දෙයක්...මං නැති තැනක මම නැතිව ජිවත් වෙන්න වෙයි කියලා උඹට හිතෙන එක මහ අමාරු දෙයක්.....මැරෙන්න හිතෙන එක.....මැරෙන්න හරි හිත හදා ගන්න එක.....මැරෙ නැතිව මතක එක්ක මැරි මැරි ඉන්න එක....මේ දෙකම කරන්න අමාරු දේවල්.....නිතේශ් .....ජෙහාන්ට මැරෙන්න නෙවෙ ඕනා...ජෙහාන්ට ඕනා මැරි මැරි ජීවත් වෙන්නෙ නැතිව ඉන්නෛ ඕනා...හරියම ..හෙටක් ගැන නොහිතන අද ගැන විතරක් හිතන විතේන් වගේ.....

මිනිස්සුන්ට සුයිසයිඩ් කරගන්නත් කොන්දක් ඕනා....සුයිසයිඩ් නොකර ඉන්නත් කොන්දක් ඕනා....හිතපන් ඔය තීරන දෙකම ගන්නෙ අපේ හිත...අපේ මොලේ....සමහර වෙලාවට.....ජීවිතේ අසරන වෙන තැන්වලදි කොන්ද ගැලවිලා යනවා නිතේශ් ...මට උඹව අතාරින්න ඕනා කියන්නත් මට කොන්දක් ඕනා...උඹව ඕනා කියන්නත් මට කොන්දක් ඕනා.....මට තේරෙන්නෙ නෑ නිතේශ් ...මම දෙයියෙක් නෙවෙ....සමහර තැන් වලදි...මගෙ හයිය දිය වෙලා යනවා....උඹ....දුක් විදිනවා....මම දුක් විදිනවා....

උඹයි මායි...වැරදි වෙලාවක හම්බ උන.....හරිම මිනිස්සු....දෙන්නෙක්....අපිට...

හම්බෙන්න තිබුනෙ...මීට කලින්...

උඹට පුලුවන්ද...මාත් එකක් ඇලිලා ඉන්න.....

මම එයාගෙන් ඇහුවා....එයාට පුලුවන්ද මා එක්ක ඇලිලා ඉන්න කියල...එයා මගෙ දිහා බලන් උන්නා...

හරියටම...සුමිත්‍රා රාහුබද්දගෙ අතඅතනෑර එකේ..දෙබඩි කෙල්ලො දෙන්නා වගේ.....උන් දෙන්නම ඇලිලා උන්නෙ ඔලුවෙන්....උඹට බැරිද මගෙ විතේන් හදවතින් ඇලෙන්න...උන් දෙන්න දෙපැත්තට දුවන්න හදනවා...ඒත් කවදාවත් එකට ඇලුන ඔලු දෙක ගැලවෙන්නෙ නෑ...එකෙක් දකුනය දිව්වොත්...අනිකට වමට දුවන්න බෑ....එක්කො දෙන්නම වමට...නැති නම්..දකුනට...දෙපැත්තට දුවනකොට වේදනාව වැඩි.....

එහෙනම්....අවසානෙදි .....දෙබඩි කෙල්ලො දෙන්නම...එකට මැරුනා වගේම....අපිත්...එකට මැරෙමුද ....

එයා මගෙන් අහනව...අපිත් එකයට මැරෙමුද කියලා ....ඇත්තටම උන්දෙන්නම අවසානෙදි මැරුනා.....

හදවත් දෙකක් එකට ඇලුනම....එකක් මැරුනොතින්...අනිකත් මැරෙනවා එහෙම නේද නිතේශ් .....

හෙටක් නැති අපෙ කතාවෙ ....අදක් විතරක් ඉතුරු වෙනකොට .....එක හදවතක් මැරිලා...අනික පනගැහුවත් වැඩක් තියනවද විතේන් ....

එයා මා එක්ක හිනා උනා ....හිනහව අස්සෙන් කදුලු පටලයක් ඇස්වල බැදුනා..

මං උඹට ආදරෙයි මගෙ තේශී....

මාත්....ආදරෙයි ....උඹට....මගෙ..විතේන්

https://www.youtube.com/watch?v=0C3n4zFJmMY

නුපුරුදුම ආදරේ

එක හිතට යා කරන්

නවතින්න හදවතේ

හිතුමතෙ දුර ගිහින්

ඉකිබින්ද ජීවිතේ

තනිකම මැකී ගිහින්

තව ඉඩක් නෑ හිතෙ

නුඹට දුන්නා තරම්....

හොටෙල් එක පහු උනා....ටික දුරක් එනවා එක්කම ලාවට වැහි පොදක් යනකොට එයා ශෙනෝන්ට කාර් එක නවත්තන්න කියලා දොර ඇරන් එලියට බැස්සා ....

විතේන් ....

එයා එලියට ගියා....ඒ ක්ශනිකවම මාත් එලියට බැස්සා

විතේන් ...ඇයි....

මේකි මැරෙයි....

කව්ද..

එයා කිව්වා මේකි මැරෙයි කියලා මොකීද ...??

ඒ එක්කම එයා ඩිකිය ඇරියා ...

බිනරි...??විතේන් ....

ඩිකිය අස්සෙ උන්නෙ බිනරි.....එයා බිනරිව උස්සන් ඇවිල්ලා....

බිනරි...ඇතුලට යන්න...

එයා පුරුදු එකා වගේ බිනරිට ඇතුලට යන්න කියනකොට මන් එයා දිහා රවාගනබලන් උන්නා...

විතේන් ....කූඩුවෙ හැදෙන උන් හිතන් ඉන්නෙ ඉගිල්ලෙන එක,වරදක් කියලා ....

ඇත්තට....දැන් උඹ ඒකිව උස්සන් ආවෙ...

යන ගමන් කච්චේරියට ගිහින් බැදගන්න....ඇයි....

විතේන් ....!!!

මගෙ නිලමෙට මල පැනලා....

විතේන්...විහිලු කරන්න එපා ....එකි රැයක් ගෙයින් පිට ඉදලා වලව්වට ගියෝතින්....ඒකිට වෙන්නෙත් මැරෙන්න...මොකද හාමුවට විතරයි දඩාවතෙ ගිහින් එන්න පුලුවන් ...අපිට බෑ.....මට කියනවා මගෙන් නාහා තමුසෙ මොන පන්ඩිත කමක්ද කෙරුවෙ කියලා ...

තේශි.....ඒකි ඇවිත්....ඒකිව කොහෙ හරි අරන් යන්න කියනකොට ...මට පුලුවන්ද සුදු මහත්තයා බෑ කියන්න ..එකිවත් නාකි හාමුවෙක්ට කර ගැස්සුවොත් .....

මන් නලල මිරිකගත්තා .....මේ කෙල්ල නෑ කියල දැනගත්තට පස්සෙ ආයම ගිහින් දුන්නත් හිතන්නෙ මිනිහෙක් එක්ක ලැගලා ආවා කියල.....මං එහෙම්ම බිනරි ගාවට ගියා ඒකි බයටම මුන හංග ගත්තා ...මං එහෙම්ම ඵෝන් එක අතටගත්තා ....

හෙලෝ....අප්පච්චි ...අප්පච්චි උදව්වක් කරන්න...පුලුවන් නම්...දර්මෙට කියන්නකො අපේ පරන ගෙදර පොඩ්ඩක් අස් කරන්න කියලා....

........

නෑ..අපේ පොඩි හරකි පැනල ඇවිල්ලා.....

......

ඇවිත් කියන්නම්...දර්මෙට කියන්න ඒක සුද්ද කරන්න කියලා ....

මම කෝල් එක කට් කෙරුවා.....අරකි බිම්.බස්සි වගේ බිම බලන් ඉන්නකොට විතේන් ගම්මුලෑදෑනියා වගේ හිටන් ඉන්නවා...ශෙනෝනයා මගෙන් බැනුම් අහන්න වෙයි කියලද කොහෙද මට පේන්න පැන්ඩෝල් පෙති දෙකක් ගිලිනකොට මම විතේන් ගාවට ගියා....

විතේන් ...මං කවදාවත් ඔයාගෙන් උදව්වක් ඉල්ලලා නෑ...මට උදව්වක් කරන්න....මං හැම සතයක්ම වියදම් කරන්නම්....එයාට ෆ්‍රාන්ස් යන්න ස්ටුඩන්ට් හරි..ජොබ් හරි..ඔය දෙකෙන් එකක් සෙට්ල් කරන්න.....ඔයාට මේක විහිලුවක් වෙයි....ඒත්.....ඒකි හැදුනෙ ගෙයක් අස්සෙ....ඒ මිනිස්සුන්ගෙ ඔලුව ලොකු උනාට.....ඇතුල නෑ...මට එයාව ආයම දෙන්න බෑ...මොකද....මා එක්ක ආවා කිව්වා උනත්...දැන් තියන තත්වෙ එක්ක....කෙසේ වෙතත්...මගෙ තරහවත් ඒකි පිටදායි.....

මං බෑ කිව්වෙ නෑනෙ...අනික මට උදෙ තේ එකක් හදන් ආවෙ බදින්නනෙ....මගෙ මැනිකෙනෙ ඒ....

විතේන් ...උඹ මගෙන් මොකක් හරි තරහවක් පිරිමහනවා.....

අනිවාර්යයෙන්ම .....

හැම.දේම විසදීගන එනකොට එයා ආයම මගෙන් මොකක් හරි දේකට තරහවක් පිරිමහන්න අරන් තිබුනා....

බිනරි.....

වි...තේන්...අ...යියෙ....

ඔයා ලස්සනයි...

........??

මං ඉන්නවා දැක දැකම එයා බිනරිගෙ මූන දිහා බලන් බිනරි ලස්සනයි කිව්වා...වගේම මම එයාදිහා රවාගන බලන් උන්නා...මූ මොනටද මගෙන් පලි ගන්නෙ.....අරකි එක්ක කතා කරපු එකටද.....

බිනරි.....මම කිව්වෙ ලස්සනයි කියලා විතරයි.....මම ආදරනීයයි කියල කිව්වෙ නෑ...!!!

ඔච්චර විනාකිරි බොන්න එපා නිලමෙ...උඹත් අරකිට ලස්සනයි කියලානෙ ආවෙ...ම්ම්ම්ම් තොට හොද නම්...ඇයි මට බැරි.....

මූ...අහන් නෑ කිය කිය ඉදලා අර රෙකෝඩින් එක අහලා....යක්සයා...

විතේන් ....!!!

ඇයි නිලමෙ.....පුප්පන් නැතුව නගින්න...මට ඔයා එක්ක විසදන්න නඩුවක් තියනවා...

😂ආය එන්නම්.ඈ...

මේ ළමයා බුජි....පුම්චි පැටියව ඇහැරවන්නෙ නැතිව කොමඩ් එකක් වෝට් එකක් හලාගම හිමින්ම යන්න.....

මම

Ferdeesha ❤️💚😘 .....

More Chapters