Ficool

Chapter 18 - 18

නිතේශ් ....

ඒ කටහඩත් එක්ක මාව ගැස්සිලා ගියා වගේම පිටිපස්සෙ උන්න කෙනා දැකලා මගෙ උගුර කට පවා වියලිලා ගියා....

අ..ප්...පච්චි....

ඒ ඇස් තිබුනෙ මගෙ මූන දිහාවට වගේම එකට පැටලිලා තිබුන අපේ අත් දිහාවට වෙනකොට මට ඊලගට කතා කරන්න ඕන වචන මොනවද හොයන්න බැරි වෙනකොට මං බලාගන අප්පච්චි ඇහි බැම එකට අකුලන් ඉන්නවා...

නිතේශ් එයාව අතාරින්න ...

අප්පචි මං....

උඹට ඕනෙ මෙතනම ගුටි කන්න නම්...ඒ දරුවව අතෑරපන් නිතේශ් ....

එයාගෙ කටහඩ තද උනා ....කවදාවත් නැති අප්පච්චි මට සැර කෙරුවා වගේම මම එකට පැටලුන අපේ අත් දෙක ඉක්මනට ලෙහලා දැම්මා....

සුදු මහත්තයා .....

මං හිතන්නෙ අපේ එකට පැටලුන අත් දෙක ලෙහිලා තත්පරයක් යන්න නැතිව ඇති...එතනට ආවෙ ලොකු අම්මා....ලොකු අම්මා දිහා බැලුවමයි මං දැක්කෙ මොල්ලිගොඩ වලව්වම දලදාවට ඇවිල්ලා...මම එහෙම්ම විතේන් දිහා බැලුවා....තව එක තත්පරයක් අපේ අත් එකට පැටලුනා නම්...

සුදු මහත්තයා මේ කොහෙ යන ගමන්ද...

මෙ..ලොකු..අම්මා...මං පේරා ගියා...

පේරාදෙණි.....

ම්න්.....මේ මහත්තයගෙ වැඩකට...

මං කෙලිම්ම විතේන් දිහා බලලා මේ මහත්තයගෙ වැඩකට කියනකොට ලොකු අම්මා වගේම කට පුරාවටම මූනෙ හිනාවක් තිබුනත්...ඇතුලාන්තෙ අමු අපායක් උන අත්තම්මා විතේන් දිහා බැලුවා...

ඔය දරුවා ...

විතේන්.....

විතේන් ....විතේන් විතරද....

නෑ...විතේන් ඩි

විතේන් සූරියබන්ඩාර ....

මම මැදින් පැන්නා.....විතේන් කියන්න ගියේම විතේන් ඩී සිල්වා කියන එක වෙනකොට මම මැදින් පැන්නා...මොකද මට ඕන උනේ නෑ වලව්වෙ එකෙක් වත් විතේන්ව පහත් කරන්නවට....මට ඕන උනේ නෑ වලව්වෙ අඩු කුලේ උන්ට වෙන් උන වීදුරු පිගන් විතේන් වෙනුවෙන් වෙන් වෙනවා දකින්න...මට ඕන උනෙ නෑ වලව්වෙ අඩු කුලේ උන් වෙනුවෙන් වෙන් උන පුටුවක් විතේන් වෙනුවෙන් වෙනවා දකින්න...එයාගෙ ඇස් දෙක ලොකු වෙනකොට මම බොරු කිව්ව්...ඇත්තම්මගෙ මුනෙ හිනාව ඒ විදිහමයි....හැබැයි සූරිය බංඩාර වෙනුවට ඔතනට ඩී සිල්වා කිව්වා නම්....මන් හිතණ් නෑ ඒ මූනෙ හිනාව එහෙම්ම තියෙයි කියලා...

සුදු මහත්තයා ..එහෙනම් අද ඉදලා යන්න....සීයා තාත්තා කොහොමත් සුදු මහත්තයා එක්ක කතා කරන්න උන්නෙ....

ඒක ඉල්ලීමක් නෙවෙ...තනිකරම අනක්....ඉදලා යන්න කියන එක ඉල්ලනවට වඩා....ඒ වචනෙ ඇතුලෙ තුබුනෙ " උඹ අද නවතින්නම ඕනා " කියන අන වෙනකොට මම විතේන් දිහා අසරනව බැලුවා...

කමක් නෑ තේශි.....

එයා උන්නෙ තවමත් අලුත් නම එක්ක අන්දුන් කුන්දුන් වෙලා වෙනකොට වලව් කාරයො ආපිට හැරෙන කොට අප්පච් වගේම මම විතේන් වැව රවුම ගාව නැවතුනා ....

සුදු පුතා....

අප්පච්චි ....

හොදටම විස්වාසද මේ දරුවා සූරිය බන්ඩාරමයි කියලා.....

අප්පච්චි ගෙ ඇස් දෙක තිබුනෙම විතේන්ගෙ මූන පුරාවටම වෙනකොට එයා සූරිය බන්ඩාර කියන නම පිලිගන්න ලෑස්ති උනේ නෑ.....ඈත පේන දළදාව දිහා බලන් උන්න මම මට මේතාක් මගෙ ගාව උන්න අප්පච්ට බොරු කියන්න බැරි කමට මම ඇත්ත කියන්න හිත හදා ගත්තා....

අප්පච්චි ....සමාවෙන්න....මට..මට...

වලව්වෙ හාමුලා ඉස්සරහා...එයාව පහත් කරන්න හිතන්නවත් බෑ මගෙ අප්පචි....

ඒ කියන්නෙ සූරිය බංඩාර නෙවෙ...එහෙමනේ....

ඔ..ව්...අප්පච්චි ....එයා...විතේන්....ඩී..

සිල්වා....

හ්ම්.....හ්ම්....

අනේ අප්පච්චි ...

මම අප්පච්චි දිහා බැලුවා වගේම අපේ වලව්වෙ මැනිකෙලාව පලවෙනි පාරට දැකපු විතේන් බය වෙලා වගේ ඉද්දි අප්පච්චි විතේන්ට කිට්ටු උනා....

බන්ඩාරලා මේවා දාන්නෙ නෑ දරුවො....

අ..ප්..පචි....

නිතේශ් බොරුවක් කියනකොට කල්පනා කරලා බලලා කියපන්...අවුරුදු පනස් ගානක් වෙලා මටවත් ඔය නාකි උන්දගෙ කනෙන් රංගන්න බැරි එකේ උඹ කොහෙ යන්නද.....

සූරිය බන්ඩාරලා මේවා දාන්නෙ නෑ කියපු අප්පච්චි විතේන්ගෙ අත අරගන එයාගෙ අතේ තිබුන කුරුසයක් තිබුන මුදුව ගලවගත්තා ....

දැන් එන්න...අපි පස්සෙ කතා කරමු....නිතේශ් ...හෙට එලිවෙනකන් මේ දරුවව බේරපන්....ඩියෝන්ලට උන දේ මේ කොලුවට වෙන්න දෙන්න එපා...

මම අප්පච්චි දිහා බලන් උන්නා.....විතේන්ගෙ අතේ තිබුන කොන්ත මුදුව ආපිට එයාගෙ අතට මිටිමොලවපු අප්පච්චි ඒ මූන දිහා සෑහෙන්න වෙලාවක් බලන් උන්නා වගෙම යන්න යනකොට මම එහෙම්ම බෙංච් එකට කඩන් වැටුනා....

සීයා තාත්තා මං එනකන් බලන් ඉන්නවා කියන්නෙම ගින්නක්...ඉස්කෝලේ ලමයිට වෙන් උන වේවැලක් වලව්වෙත් තියනකොට පොල්කටු උඩ දනගස්සවලා වේවැල් කැඩෙනකන් ගහපු ගැහිලි මතක් වෙනකොට අද රෑත් නඩුවක් කියන එක මගෙ පපුවට වද දුන්නා...

තේශි ...

මෙච්චර වෙලාම මුනිවත රැකපු එයා මගෙ මුන එයාගෙ අත් දෙකෙම්ම අල්ල ගත්තා .....

තේශි....ගගක ගැඹුර බලන්න නම්...ගගට පනින්න වෙනවා වගේම...උඹ විදින දුක බලන්න නම්..මට වලව්වට පය ගහන්නම වෙනව මැනික.....මං දන්නවා...උඹ මට කොහොම ආදරේ නෑ කිව්වත්...වලව්ව අස්සෙදි මන් වෙනුවෙන් ඉන්නවා කියලා .....නැතිනම් උඹ මාව මෙතනම රොඩියෙක් කරලනෙ තේශි...එහෙම නේද....

එයාගෙ කතා කරන ඇස් වෙනදටත් වඩා අද කතා කෙරුවා....එයා කිව්ව හරි ගගක ගැඹුර බලන්න ගගට පනින්නම ඕන..කවුරු කොහොම මොනවා කිව්වත් මම ඉන්න තැන කවුරු උන්නත් කරන්නෙ ගුටි කන එක ඇරෙන්න වෙන මොකුත් නෙවෙ කියන්න මම දන්නවා....

මම එයාගෙ ඇස් දෙක දිහා එහෙම්ම බලන් උන්නා...අවසානෙදි මම නැකිට්ටා වගේම එයත් නැකිට්ටා....

සීයා තාත්තා මොනව කියයිද කියන්න දන්නෙ උඩ ඉන්න දෙවියොම වෙනකොට මම එයාවත් එක්කන් වලව්වට එන්න ලෑස්ති උනා...එයාගෙ ඇස් දෙක තිබුනෙ කහපාට ලයිට් එලිගාව උනත් මන් දන්නවා එයාගෙ කල්පනාව තිබුනෙ ඒ ලයිට් එලිවලිනුත් හුගාක් දුරක කියලා...එයා ඔහේ ඉන්නවා...මෙච්චර වෙලාම තිබුන එයාගෙ මූනෙ අර ආදරේ හංගලා ආදරෙ දුන්න හැගීම් වෙනුවට මට තේරුම් ගන්න අමාරු හැගීම් ගොඩක් ඒ මූනෙ තිබ්බා.....

ජීව්තේ සමහරක් දේවල් තිබ්බා සක්කරයගෙ පුතා වයිමටවත් හරි ගස්සන්න බැරි උන....සැරින් සැරෙ මගෙන් පිට වෙන බර සුසුම් ඇරුනම විතේන් උන්නෙම වෙන කලපනාවක වෙනකොට එයාගෙ සාක්කුවෙ තිබුන ඵෝන් එක රින්ග් වෙනකොට එයාව ගැස්සුනා....

මැනික.....ඩියෝන්....

එයා කට පුරාවටම මට මැනික කිව්වා...අකුරු තුනේ වචනෙ අස්සෙ තිබුන ආදරෙ කප්පරක් තරම් වෙනකොට මට සිද්ද් උනේ ලෝබකම් කර කර පිච්චෙන්න....

ආන්ස්වර් කරන්න.....

එයා ආන්ස්වර් කරලා ස්පීකර් ඔන් කෙරුවා ...

විතේන් අයියේ ....

කියන්න චූටි මැනික.....

එයා අදත් ඩියෝන්ට චූටි මැනික කියනකොට මම හිතලම කාර් එක වලකින් දැම්මා වගේම එයා මා දිහා බැලුවා...

සමාවෙන්න.....

විතේන් ..අයියේ...ඔයාලා එන්නෙ නෑද...අපේ නිතේස්ගෙ ඵෝන් එක වැඩ නෑනෙ.....

ඔයාලගෙ නිතේස්ගෙ අත්තම්මලව මග හම්බුනානෙ...

ආපො.....ඒ නාකි පාපිස්ස මොකද එහෙ ආවෙ ...ඉතින්....මොනාද ඒ නාකි බිබික්කම කිව්වෙ....

මම අහක බලන් උන්නා....වලව්ව කිව්වත් ඇති...මං හිතන්නෙ ඩියෝන් මේ ලෝකෙ වැඩියෙම්ම වෛර කෙරුවෙ වලව්වටද මන්දා....මන්දා නෙවෙ එහෙම තමයි....මොන දේ උන්ත්....ඩියෝන් කියන්නෙ තවම හැදෙනවා.....අවුරුදු විසි තුනක් කියන්නෙ මහ වයසක්ද නෑනෙ...අවුරුදු දෙක තුනකට කලින් උන දෙ ඩියෝන්ට තවමත් හිතේ තියනකොට මං හිතන්නෙ එයාඒ වෙනකම්ම වලව්වට හෙන ඉල්ලුවා....අනික ඩියෝන් නෙවෙ වලව්වට හෙන ඉල්ලපු පලවෙනියා....

එයා කිව්ව නිතේස් ට සීයා තාත්තා එක්ක කතා කරන්න ඕනෙ කියලා එන්න කියලා ....

ආපො....මේ..විතේන් අයියේ...ඔන්න....ඔයා නම්..ගිහින් උන් එක්ක කතා කරන්න යන්න එපා...නාකි පාපිස්ස...සෙනෝන්...සෙ...නෝන්....මෙහෙ එන්නකො...සෙනෝන්...අපේ ඒයිට කරදරයක් ....සෙනෝන්...වරකො ..අනේ...

අපි වලව්වට යනවා කිව්වා විතරයි වෙන වෙලාවට හුරතල් වෙන ඩියෝන් මුන දෙක කරන් ශෙනෝන්ට කෑ ගැහුවා....

අනේ විතේන් අයියේ....අපේ නිතේස්ව බලාගන්න ඒයි....ඔය නාකි අම්මන්ඩි හැම වෙලේම අපේ කොල්ලට ගහනවනෙ...අර නාකි බයිනෙත්තුවා.....මහ හාමුවා ඕකත් ගහනවනෙ....

........

ඇයි අනේ..වයස තිහක් උන කොල්ලෙක්ට ගහනවද ...අපේ අම්මත් ඩියෝන් බබාට ගැහුවා තමා...ඒ ඉතින්..අපේ සෙනෝන් එක්ක යාලුවෙලානෙ....එතකොට මට දාසයයිනෙ...මට ඉස්කෝලේ යන කාලෙ මගුල් විසේ ගැහුවනෙ...ඒකනේ...ඒ උනාට දැන් ගහන්නෙ නෑනේ...අපෙ මිනිහා ගැහුවොත් ඇරෙන්න....

මං බලාගන අරූ තත්පරේට වචන කෝටියක් විතර කිය කිය මට ගහන්න දෙන්න එපා බනින්න දෙන්න එපා...ඔයත් උන් එක්ක කතාවට යන්න එපා කිය කිය අම්මන්ඩි වගේ මොන මොනවදෝ කියෙව්වා...වෙන්දට නම් ඌ කියන දේවල් වලට හිනා ගියා උනත් අද අපි දෙන්නගෙම මූනෙ හිනාව මැරිලා තියනකොට ඩියෝන් කියන දේට අපි දෙන්නම කෙරුවෙ හූ මිටි තියන එක විතරක්ම උනා....

නිතේස්....ඔයා අහන් නේද ඉන්නෙ ඒයි....

ම්න්....

ඔය නාකි හාමුවා ගහන්න ආවොත් අනේ නිතේස් ගහපිය ඕකගෙ ඔලුව පැලෙන්න.....මගෙ ඔලුවත් කැක්කුමයි අප්පා..මං මේ ළමයි දෙන්න ගැනම දැන් කල්පනා කරන්න එපැයිනෙ....අර යස්ස මිනිහා කොහෙ ගිහින්ද මන්දා...මං ඕකව විකුනලා මල් පපඩම් ගන්නවා...අනේ නිතේස් පයිස්සමින් ඒයි...මට ඕන ඇන්තූරියම් මලක් නෑ මට ඕන දොදොලකුත් නෑ...හෙට වෙනකන් ඉන්නෙ නැතිව එන්න ඒයි....

ම්න්.....

මං තියන්නම් නිතේස් ..පයිස්සමින් .....රෑට කාලා බෙහෙත් එක බොන්න...විතේන් අයියව තනියම දොයිය කරවන්න එපා නිතේස්...අර නාකි පාපිස්ස ඔය ලමයගෙ බෙල්ල මිරිකයි...ගොටුකොල පනුච්චි...අනේ...ව්තේන්....ගහපිය ඔන්න ඕකිට.....

අරූ අත් දෙකෙන්ම එහාට මෙහා ඇන ඇන අත්තම්මට වගේම සීයා තාත්තට ගහන්න කිය කිය ඉදලා අවසානෙදි යන්න ගියා....

තව හුගක් දුරද තේශි....

අර පේන කන්ද උඩ තියෙන්නෙ...ඒක....

ලස්සනයි.....

එලියෙන් පේන ලස්සන ඇතුලෙන් නෑ විතේන් ....පොතක් කවදාවත් කවරෙන් මනින්න බෑ කියනවා වගේම වලව්වෙ ඇතුලාන්තෙ පිටින් බලන්න බෑ විතේන් ....

කහම කහපාට ලයිට් එලිවලින් දිලිසුන වලව්ව දැකපු විතේන්ටත් නොදැනිම ලස්සනයි කියවෙනකොට මම වලව්වෙ පිට බලලා වලව්වෙ ඇතුල මනින්න එපා කිව්වා.....වලව්වෙ පිටිපස්සෙ ලිද....එතනගෙ හුස්ම උදුර ගත්තා .....කාමරේ බාල්කෙ සුදුගේ බර දරාගත්තා ..වහලා තිබුන ස්ටෝරු කාමරේ හාමුට යට වෙච්ච ගෑනුන්ගෙ කදුලු තිබුනා.....කුසියෙ ලිප තරම් ගෑනුන්ගෙ වේදනාව දැකපු කෙනෙක් නැති වෙනකොට මොල්ලිගොඩ වලව්ව කියන්නෙම රොඩී කූඩාරමකට ඇන්ත ගුබ්බෑයමක් වෙනකොට පිටින් දිලිසෙන වහුකුනේ මොන ලස්සනක්ද.....

ඒත්..සමහර පොත් තියනවා.....කවරෙ ලස්සන උනා හෝ නැතා...කතාව කොහෙන් කියෙව්වත්...හැගීම් දැනෙන...හරියටම මගෙ මැනික උඹ වගේ.....සමහර කතා තියනවා ..තියෙන්නෙ අමු දුකක් උනත්..කියවන්න ගත්තම නවත්තන්න ලෝභ හිතෙන...හරියටම මගෙ මැනික උඹ වගේ...සමහර කතා තියනවා...එකම පිටුව පන්සිය පාරක් කියෙව්වත්...ආය ආයම කියවන්න හිතෙන....නිතේශ් ...උඹ සම්පූරනම කතාවක් මැනික....මාව පිස්සු වට්ටපු...

එයා වලව්ව දිහා බලන් ඒ ටික කියෙව්වා උනත් අවසානෙදි එහෙම්ම මගෙ අත් ගොබේට හාදුවක් තිබ්බා ....අවංකවම....මට එයාගෙන් හම්බුන හැම හාදුවක්ම ඉතිරි කෙරුවෙ හිරිවැටීමක් වෙනකොට මම සීයා තාත්තගෙ මොරිස්මයිනර් එක ගාව මගෙ කාර් එක නැවැත්තුවා...

එන්න....බය වෙන්න එපා...මන් ඔයාට මොකුත් වෙන්න දෙන්නෙ නෑ විතේන් .....

ම්ම්ම්ම්ම්....

එයයි මායි ගෙට ඇතුල් වෙනකොටම කෑම මේසෙ පිගන් කෝප්පවල සද්දෙ වගේම පොඩීගෙ කාමරේ ඇතුලෙ කියවන සද්දෙ ඇහුනා...තව දවස් කීයද....ඒකිව රන්දෙනිගල වලව්වට සින්නකර වෙන්නෙ තියෙන්නෙ.....

සුදු මහත්තයා ...අර දරුවත් එක්කම කන්න ආවා නම්.....

ගෙට එනවා එක්කම මැනිකෙගෙ කටහඩ ඇහෙනකොට මම විතේන් දිහා බැලුවා...කුසියෙන් ඇහෙන ලී වංගෙඩියෙ සද්දෙ වගේම කැම මේසෙන් එන ඉදි ආප්ප සුවද එක්ක මට අද රෑට ඉදිආප්ප එක්ක වැව් මාලු ඇති කියන එක ඉවෙම්ම දැනුනා.....රෑට කන්න ඉදිආප්පයක් තම්බන්න කුසියෙ ඉන්න උන්දා දවල් දෙකේ ඉදන් නැහෙන්න ඕනා...කඩේ කොච්චර ඉදිආප්ප පිටි තිබ්බත් උද්දච්ච මැනිකෙට ඒ ගෑනි ලව්වම කැකුලු හාල් කොටවන්න ඕනෙ....ඒ ගෑනි ලව්වම පිටි තම්බවන්න ඕනෙ....ඒ ගෑනිගෙ අත්වලට දාන කර ගැට පුපුරනකන්ම මල් වගෙ ඉදිආප්ප බේසමක්ම තම්බන්න ඕනෙ....කොන්ද කුදු වයසක උන්දා නැවීගන කොදු කඩාගන පොල් ගාන්න ඕනෙ රැල් රැල් තියෙන්න බෑ....එක වේලක් ගිල්ලවන්න උන් දෙන්නා මැරුනා.....මේ ඔක්කොම පර වැඩ ගන්නෙ උන් දෙන්නා වැටිලා උන්නෙත් වලව්වෙ වත්ත කෙරවලේ තිබුන ගේ කෑල්ල හින්දනෙ.....

විතේන් ....මෙන්න සරම...මෙන්න ශර්ට් එක....අනිත් ඇදුම් මෙතන ....ගිහින් නාගන්න....

එයාට වෙන් කරපු ඇදුම් ටික අතට දුන්න මං විතේන් බාතෲම් එකට යනකන් බලන් උන්නා...

සුදු මහත්තයා ...

මගෙ පිටිපස්සෙන් ඇහුන කටහඩ එක්ක මං පිටිපස්ස හැරුනා....ගෙඩි කොන්ඩෙ බැදපු...අගස්ති මාල පටලවන් ඔසරි පොට උරහිසෙ පටලවගත්තු වලව්වෙ ලොකු මැනිකෙ....

කියන්න අත්තම්මා ..

ඒ දරුවා සූරියබන්ඩාර කිව්වා නේ...

ම්න්...

වලව්පැලැන්තියෙ වෙන්ටැති..

ම්න්...

එයා විතේන් ගැන ප්‍රශ්න කරන්න පටන් ගත්තා ....මොනවා උනත් ඔය ප්‍රශ්න කරන්නෙ හොදකට නෙවේ කියන්න මගෙ හිත කියනකොට මම අත්තම්මගෙ මූන දිහා බැලුවා....

නරක්ද බිනරිට.... ඒ දරුවව

අත්තමා මොලේ කියන දේ තියනවද ..නැති නම් බෙල්ලෙ පාලුවට ඔය ඔලුව තියනවද ...??....

නිතේශ් ....ඒ උඹගෙ නංගි....පවුලෙ එකම කොල්ලා උනහම අක්කලා නංගිලා ගැන උඹ බලන්න ඕනා නිතේශ් ....අර මැරුන එකී වගෙ රොඩීන්ව පටලවගන බඩ වෙන්න කලින් අපි උන්ට ගැලපෙන උන්ව හොයන්න ඕනා.....

අත්තම්මා....ඇත්තටම ඔය වලව් මාන්නෙ ඉවර වෙන්නෙ කවද්ද අත්තම්මා.....ඒ මනුස්සයා බැදලා...දරුවො දෙන්නෙක් ඉන්නවා.....මට කියන්නෙ ඒ පවුල කඩලා බිනරිව කරේ ගස්සවන්න කියලද...වලව් රෙද්ද ගෑවුන තැන නහින්නෙ නැතුව පොඩ්ඩක් මේ ලෝකෙ දිහා බලන්න අත්තම්මා....

නිතේශ් ...ඔහොම නැවතියන් ...අනීතයි දහමුයි උඹට බුරුල දීලා වැඩී....උඹ ඔය විදිහට තව කොච්චර කල් උඩ පනිනවද බලමුකො පුතේ...මේ අත්තම්මා හොදට හොදයි නරකට නරකයි...

වලව්වෙ මැනිකට ඕනා උනේ බිනරිව විතේන්ගෙ කරේ ගස්සවන්න.....එන්නත් කලිම්ම මගුල් තුලා කතා කරවන්න...මගෙ හිත කලකිරුනා...ඒ කාටවත් අපේ සතුට වැඩක් නෑ....උන්ට ඕනෙ රටේ මිනිස්සු ලව්වා වලව්වෙ මැනිකෙ....වලවෙ හමුදුරුවො කියාගන්න....උන්ට ඕනා උනේ බූදලේ පිට නොයා ඇතුලෙම තියා ගන්න...බාතෲම් එකේ නාන විතේන්ට ඇහෙයි කියලා බයටම මම කටේ සැර අඩු කරලා අත්තම්මට දෙස් තිබ්බා වගේම අත්තම්මා යන්න යනකොට මම එහෙම්ම කුසියට බඩගෑවා....

පොල් කටු හැන්දකින් වලදක් සූරන සද්දෙ වගේම ලී වංගෙඩියෙ තිබුන තද රතු පොල් සම්බෝලෙ..දර ලිපේ තිබුන මැටි හට්ටියේ තිබුන ගොජ ගොජ ගාන වැව් මාලුව එක්ක දවල්ට උයපු මාලු පිනිවල අඩිය අල්ලපු හරිය....මේ ඔක්කොම තත්පරයක් යන්නත් කලින් මම දැක්කා....

සෙලෙස්තීනාගෙ ඇස් දෙක දුම් වැදිලම ගොරකා ලෙලි වෙලා තිබුනා.... වලව්වටම දර ඉපලක් වෙච්ච සෙලෙස්තිනා දවල් බත් උයපු මුට්ටියෙ දන්කුඩ පොල්කටු හැන්දෙන් සූර සූර බෙලෙක් පිගානට දාගත්තා ....පව් උන්දට බඩගිනි ඇති....

සෙලෙස්තිනා ....

මම උන්දෑ ලගට ගිහින් ඇහෙන නෑහෙන ගානට කතා කෙරුවා ...කහට බැදුන දත් ඇන්දම එලියට දාපු සෙලෙස්තිනා ගෙ ගොරකා ලෙලි උන ඇස් දෙක හිනා උනා...

බේබි මහත්තයා .....

ඇයි මේ දන්කුඩ හූරන්නෙ ....ඉදිආප්පනෙ කන්නෙ....

........

අනේ සීයා තාත්තා කනකන් කියලා බඩගින්නෙ නොයිද කාපන්..හිටින් මං උඹට අරන් එන්නම්....

අනේ...බේබි මහත්තයා එපා.....වලව්වෙ හාමු ඉදුල් නොකර මැනිකේවත් කන්නෙ නැති කොට වලව්වෙ ඉදුල් කන අපි කාලා වමාරින්න වෙයි මහත්තයා ....

මට දුක හිතුනා.....වලව්වෙ නීතිය ....සියා තාත්තා ඉදුල් කරනකන් අපේ අප්පචිට වත් කන්න අකැප වෙනකොට සෙලෙස්තිනාගෙ කතාව සීයට දාහක් ඇත්ත කියන එක දන්න මම ආයම නැවතුනා...

ඉතින් දන්කුඩ කන්න පුලුවන්ද ....

උන්දා හිනා උනා....උන් අදක ඊයෙක නෙවෙ මේ වලවේ නහින්නෙ...උන්දැලාගෙ අම්මා අප්පා පවා මේ වලව්වල ඉදුල් හෝදලා...ඉගන ගන්න වයසෙ උන්ට ඉස්කෝලේ තහන්ංචි පැනෙව්වෙ වලව්වෙ කුමාරි හාමි උනත්...වලවේ හාමුදුරුවා ඉස්කෝලෙ මුල් පුටුවෙ උන්නා....මට තේරෙන්නෙ නෑ මේ මිනිස්සු ඇයි මෙහෙම කියලා.....මම දන්කුඩ කන්න පුලුවන්ද ඇහුවට උන්ට හොද බත් වලට වඩා පුරුදුම දන් කුඩ වෙනකොට මම මාලු හට්ටිය දිහා බැලුවා .....

එපා මහත්තයා .....මේක පොඩි කෙලීට....ඒකි ගෙට උනා...

කවුරු...මේ බට්ටි.....??

ඔව් මහත්තයා ...මේ බත් පත ඒකිට ...

සෙලෙස්තිනා ගෙ දුවගෙ කෙලී කොටහලු වෙලාලු.....උන්දෑ දන්කුඩේ හූරන්නෙ කොටහලු උන කෙල්ලට දෙන්න වෙනකොට අපේ උන් කොටහලු උන කාලෙ කාපුවා මතක් වෙලා මට දුක හිතුනා...

මෙන්න මෙහෙ දියන් ඔය බත් එක ඒකිට මේවා ගිල්ලල හරියනවද .....

මං දන්කුඩේ උදුරන් මාලු එක ගාවට කන් උනා...

අනේ දෙයියෝ මාලු කන්න අකැපයිනෙ ..පිලීනෙ.....

මං ආයම උන්දෑ දිහා බැලුවා ...ඒක ඇත්ත....මාලු පිලිහිඩිලු....මං අනිත් හට්ටිවලට බෙල්ල දැම්මා...ඔක්කොම හොදි අන්තිම අඩියෙ .....

කෙල්ලව නාවන්නෙ කවදද....

තේශි.....

මම සෙලෙස්තිනාගෙන් ලමයව නාවන දවස අහනකොට නාපු එයා මට කතා කෙරුවා වගේම මම හැරිලා බැලුවා.....තවමත් තෙත කොන්ඩෙන් වතුර බේරෙනකොට මගෙම බතික් සරම අත් දෙකෙම්ම අල්ලන් උන්න එයා ඒක ඇදගන්න බැරිව උන්නා....එයා එහෙම්ම මං ගාවට ආවා වගේම මම සෙලෙස්තිනා බලන් ඉද්දි එයාට සරම ඇන්දුවා ...සෙලෙස්තිනා කොන්දත් නවාගන එයාටත් බේබි මහත්තයා කියනකොට මං බලාගන ඒ සුදු මූන රතු උනා.....

ආ සෙලෙස්තිනා කෙලීව නාවන්නෙ කවදද...

තව දවස් තුනකින්....හත් දොහක් ඉන්න ඕනා කිව්වනෙ...වලව්වෙ හාමුදුරුවොම තමා කෙල්ලගෙ වෙලාව බැලුවෙ....අනේ ඉතින් අපි ලොකුවට මගුලක් කන්නෙ නෑ බේබි හාමු.....අපිට කොයින්ද ඕවට සල්ලි.....ඒකිට ගවුම් රෙදි කෑල්ලක් ගෙන්නලා ගවුමක් මස්සලා කිරිබතක් උයනවා ඇර ....වෙන මොනවා කරන්නද ...අම්මත් නැති ඒකිට මට කරන්න පුලුවන් ඔච්චරයි.....

ම්න්....

එයා සරමත් අතින් අල්ලන් කුසිය පුරාවටම ඇවිදින කොට මම සෙලෙස්තිනා දිහා බලන් උන්නා....සීයා තාත්තලු බට්ටිගෙ වෙලා පත් කඩේ බැලුවෙ.....උන්දෑ හූල්ල හූල්ල දුම් කකා ආයම වලද හූරනකොට මම ඇට ගැහුන උරහිස උඩින් අත තියන කොට උන්දෑ ගැස්සිලා ගියා....එක අතකට වලව්වෙ පිරිමි අතක් ඇගට වදිනකොට උන් ගැස්සෙන එක අහන්න දෙයක් නෑනෙ.....ඔය ස්ටෝරුව අස්සෙ සෙලෙස්තිනාගෙ බිත්තරත් පැදුරු කඩමාල්ල තෙමුවා...ඒකිගෙ දුවගෙ බිත්තරත් පැදුරු කඩමාල්ල තෙමුවා...කැමැත්තකින් නෙවෙ...හාමුවට බයේ....

බේබි...හාමු....

ඉදා..මේක තිය ගනින් ...

මං මගෙ වොලට් එකට තිබුන් මොනර පිල් ඔක්කොම එලිය ඇදලා උන්දැගෙ අතෙ ගුලිකරනකොට ගොරකා ලෙලි ඇස් වලින් කදුලු වැටුනා..

දළදා හාමුදුරුවන්ගෙ පිහිටයි බේබි හාමු...

නාඩා ඉදින්.....

වලව්ව පුරාවටම එබිකම් කරන එයා දිහා බලන් මම සෙලෙස්තිනා ගෙ පැහුන කෙස් තිබුන ඔලුවට අත තියලා යන්න හැරුනා උනත් අදටත් ඔලුවෙ කැරකෙන උත්තර නැති තව ප්‍රශ්නයක් ආයම මගෙ කකුල් නැවැත්තුවා...

සෙලෙස්තිනා .....මං දෙයක් අහන්න නම්...ඇත්ත කියපන්.....

මගෙ වචන එක්ක සෙලෙස්තිනා ගැස්සිලා යනකොට එයා මගේ ගාවට ආවා...

තේශි...

මම එයාට උත්තරයක් නොදි සෙලෙස්තිනා දිහා බලන් උන්නා.....මොකද....මට ඒ ප්‍රශ්නෙට උත්තරේ ඕනම උන නිසා....

සෙලෙස්තිනා ඇත්ත කියපන්..බට්ටි...සීයා තාත්තගෙ නේද

සීවරන් දෙයි හාමුදුරුවනෙ...බේබි මහත්තයා ...

දෙයියෝ ගාව ගන්න එපා සෙලෙස්තිනා....බට්ටි කියන්නෙ සීයා තාත්තා නම නොදුන්න එකෙක් කියන්න මම දන්නවා...අත්තම්මගෙ කොන්දට තෙල් ගාන්න ආව මැනිකේව රෑට රෑට පැදුරු කඩමාල්ල පිටින් කුසියෙන් ස්ටෝරුවට උස්සන් යන හැටි මේ ඇස් දෙක දැක්කා සෙලෙස්තිනා ....උඹගෙ කෙල්ල මැනිකෙ ආගිය අතක් නැති උනා.....කෙල්ල වැදුවා විතරයි ....එන එකා පොලව පලන් හරි එනව කියන්න ද කොහෙද ගැට අන්නාසි වලටත් ඒකි එන එක නවත්තන්න බැරි උනා එහෙමනෙ....

බේ..බි..හාමු....

නාඩා ඉදින්.....උඹලා මේ වලව්වටම කඹුරන හින්දා බයේ ගැහෙනවා...සීයා තාත්තගෙ සුජාත දරුවන්ට මොල්ලිගොඩ නම වැටුනට නම නොදුන්න උගෙම දරුවන්ව ඌ අවජාතක කෙරුවා කියන්න අපි නොදන්නවා නෙවෙ සෙලෙස්තිනා ...උඹ කෙලීට ආදරේ නම්...ඒකීව කොහෙට හරි පිටමං කරපන්....නැති නම් මට දියන්..මං ඒකිව ඉස්කෝලෙකට දාන්නම්....ගෑනු පරානයක් නැතිව මට කෙල්ලෙක් බලා ගන්න දන්නෙ නෑ...ඒ උනත්....ඒකිව හොස්ටල් එකකට දාලා හරි මං උගන්නන්නම්....නැතිනම්...වලවේ බූදලේට නෑකම් කියන්න එනවා කියලා ඒකිටත් හිටි හැටියෙම අතුරුදහන් වෙන්න වෙයි....

මට මුන්ගෙ පව් වලට කරගහලා ඊලග ආත්මෙත් වලව් කාරයෙක් වෙලා මේ දුක විදින්න බෑ.....මට මහන්සි...ඇති මේ පවට කර ගැහුවා...

මම කියන්න ඕනා ටික කියලා එනන් ආව වගේම එයත් මගෙ පස්සෙන් ආවා....

විතේන් ...ඔය එක නඩුවක් විතරයි....ඔය එක නඩුවක් විතරයි විතේන් ..උන් පව් කර කර සුදු හුනු ගානවා...අපි....අපි පව් නොකරත් ඒවට විදවනවා...මේ වලව්ව අමු සොහොනක් .....උන් කරන්න පුලුවන් හැමදේම කර කර අපිව විකුනනනවා.....

තේශි....

මේ අහන්න.....අත්තම්මා ඇහුවොත් ඔයා මැරීඩ් කියන්න...මොකද...මං එහෙම කිව්වා....නැතිනම් ඔයාටත් වෙන්නෙ මෙහෙම්ම මැනිකෙ කෙනෙක් කර ගහන් යන්න...

ම්ම්ම්ම්..හා....උඹ මගෙ විනාකිරි බෝතලේ ...

එයා වට පිට බලලා මගෙ නහය පොඩ්ඩක් මිරිකනකොට මම පස්සට පැන්නා වගේම එයා මට විනාකිරි බෝතලේ කිව්ව.....එයා හිනා වෙනවා...ඒ හිනාව කොච්චර සැහැල්ලුද...මිනිස්සු හැමෝම ප්‍රාර්තනා කරන්නෙ හිනා වෙන්න...අඩන්න බැරි කමට හිනා වෙන්න නෙවෙ....අවංකවම හිනා වෙන්න.....හිතේ සතුටෙන් හිනා වෙන්න...අපි ඉපදුනේම අඩාගන වගේම අදටත් කරන්නෙ අඩන එකම උනා....වැදෑමහත් එක්ක හින නහරේ කපලා අපිව රොබෝලා කරලා තිබුනා...

ගෙට උන බට්ටි සීයා තාත්තා ගෙ කපාපු පලුවමයි.....ඒම ඇස් දෙක...ඒම පාට.....කොච්චර ගැට අන්නාසි ගිල්ලුවත් කෙල්ල මැරුන් නෑ...ඒකිගෙ පන හයියයි...

හිස් මුදුනින් පටන් ගත්තු සීතල වතුර බින්දු සර්වාංගෙම තෙමන් යනකොට ඊට පස්සෙ මටත් විත්ති කූඩුවට නගින වෙන බව මතක් උනාම මගෙ සර්වාංගෙම ආයම පාරක් හිරිවැටිලා ගියා...අත්තම්මා එක්ක කොහොම කට ගැහුවා උනත් සීයා තාත්තා ඉස්සරහා අප්පච්චි පවා කටපියාගන්න කොට මට යන එනමං නැති බව හොදාකාරවම දන්න මම තෝන්තුවෙන් වගේ හිස කෙස් වල වතුර ඉබේ වේලේන්න ඇරලා ඔනාවට එපාවට සරම ඇදන් උඩට ඇදපු ශර්ට් එකෙ බොත්තම්වත් නොදාම කාමරේට ආවා...

එයා ඉන්නවා....එයා ජනෙල් කූරුවල එල්ලීගන නුවර අහස දිහා බලන් ඉන්නවා.....ඈතින් පේන දලදාවයි.....අහසෙ පායපු හදයි....එයයි...ඒක වචනවලට පෙරලන්න අමාරු..."නිවිමක්...." හරියටම චිත්‍රයක් වගේ....නිවෙන දේවල් තුනක් එක ළඟ කියන්නෙම මට තේරුන් නෑ ඒක වචනවලට පෙරලන්නෙ කොහොමද කියන්න...

මම දොර වැහුවා.....ඒ සද්දෙ එක්ක එයා හැරිලා බලනකොට මාව දැක්කා වගේම මාව දැකලා ගල් ගැහිලා වගේ උන්නා..."මගෙ මැනික....බේබි හාමු...."

මට තේරුනා....එයාගෙ ලා රෝස පාට දෙතොල් වලින් මුමුනපු දේ මට තේරුනා....එයාගෙ ඇස් තිබුනෙ තවමත් වතුර බින්දු එල්ලෙන මගෙ තෙත කොන්ඩෙ දිහාවට වගෙම...බොත්තම් ඇරපු ශර්ට් එකෙන් එලියට පේන හැඩි දැඩි පපුව ගාවට වෙනකොට එයා මගෙ ගාවට ආවා.....අදින්න පුරුදු නැති එයාගෙ සරම ඇද උඩ වෙනකොට කොට කලිසම පිටින් උන්න එයා මගෙ ගාවට ආවා.....එයා ඇබිත්තකට නෑ.....හරියටම ඩියෝන් වගේම...

සුදු මහත්තයා ....තේශි...මං සුදු මහත්තයා කියන්නම් මැනික.....

ඒ එයාගෙ වචන....ඒ ඇස් අකීකරු වෙලා මගෙ සර්වාංගෙම පුරාවටම දුවනකොට එහෙම්ම ඇගිලි තුඩු වලින්.ඉස්සිලා මගෙ තෙත බේරෙන කොන්ඩෙ පිහනකොට මම චුට්ටක් ඔලුව පහත් කෙරුවා ...

ඔයා අසනීප වෙයි පන....

එයා මුමුනනවා..මට තේරෙන්නෙ නැ මනුස්සයෙක් ගාව මේ තරම් ආදරෙ තියනවද කියන්න....විතේන් කියන නම ඇරුනම....කොයිම විදිහකින් හැගීමක් නොදුන්න මම වෙනුවෙ එයා නැහෙන නැහිල්ල...මට හිතා ගන්න බැරි උනත්...ඒ හැගීම් වලට මම පෙරේත උනා...ඒ පිරිමි පපුවෙ තිබුන උනුහුමට මම ලෝබ උනා...

මම කෙලින් උනා...එයා මගෙ දිහා බලන් උන්නා...ඒ ඇස් නැවතුනෙ මගෙ දෙකට බෙදුන පපුව ගාව වෙනකොට වතුර බින්දු තිරිවානා පාට පපුවෙ පාලුව මැකුවා.....

මගෙ ඇස් දෙක දිහා එක පාරක් බලපු එයා ඊලග පාර අර රෝස පාට දෙතොලම මගෙ පපුව මැදින් තියනකොට මටත් නොදැනිම මට එයාගෙ නම කෙදිරුනා....

මොකද...මට ඒ වගේ හාදුවක් සෙනාරිගෙන් වත් ලැබුන් නැති වෙනකොට මේ හැගීම මගෙ පපුවට මහ පුදුමාකාර දෙයක් ගෙනාවා වගෙම මගෙ ඇස් දෙක ඉබේටම පිය උනා....

වි..තේ...න්....

දන්නවද සුදු මහත්තයා....මං උඹට ආදරෙ කරන තරම...මේ පිස්සා උඹට පිස්සුවෙන් වගේ ආදරෙයි නිතේශ් ...මට තේර්‍ර්න්නෙ නෑ මැනික..උඹ මට උඹෙන් ඈතට යන්න කියන වාරයක් ගානෙම මම කරන්නෙම උඹට ලන් වෙන එක...

මං බලාගන උන්නා...එයා මුමුනවා.....කතා කරන වාරයක් පාසාම එයා කෙරුවෙ මගෙ පපුව පුරාවටම හාදු තියන එක වෙනකොට මම එයාට කියන්න ඕනෙ මොකක්ද කියන්නවත් තේරෙමක් නැතිව ඒ වචන අහන් උන්නා.....දෙයියනේ මිනිහෙක්ට මෙහම ආදරයක් දෙන්න පුලුවන්ද ...මං ඒ ඇස් දිහා බලන් උන්නා...

ඒ අතින් බලනකොට ...සෙනාරි මට වඩා වාසනාවන්වතයි නිතේශ් ....උඹට තුරුල් වෙන්න...මෙ පපුවට ඔලුව තියන් නිදා ගන්න...උඹේ ආදරේ ලබන්න ඒකි හරි වාසනාවන්තයි මැනික....වේදනයි...මම මේ තත්පරේ වෙනකනුත් බලන් ඉන්නවා...උඹ කොයිම මොහොතක හරි..... විතේන් මම උඹට ආදරෙයි කියන වචනෙ අහන්න.....සමහර විට.....මේක මිරිගුවක්ම වෙන්න ඇති.....ඒ උනත්...ආදරේ බලෙන් ගන්න බැරි බව මම නොදන්නවා නෙවෙ සුදු මහත්තයා ...

නිතේශ් ....උඹ හරි අහිංසකයි මැනික....මේ හැඩි දැඩි පපුව අස්සෙම තියෙන්නෙ උනුවෙන හිතක්...මං ඒක දන්නවා....ඒක දැනෙනවා....උඹ..මට ආදරෙ දුන්නා නැතා...මට ආදරේ කරන්න ඉඩ දෙනවද තේශි...

මටම හැති වැටිලා මම නවතිනකන් මට උඹට ආදරෙ කරන්න ඉඩ දීපන් තේශි...ඒත්...එකම එක දවසකට හරි....වලව්වෙ බේබි හාමුගෙ හිතේ..මේ අඩුකුලේ එකා ගැන ආදරයක් ඇති උනොත් ....මට ඒක කියපන් මැනික....මොකද...සමහර විට...මම ඒ වෙනකොට උඹට තනියම ආදරෙ කරලා හෙම්බත් වෙලා ඉන්නත් පුලුවන් .....

මම ඉල්ලන්නෙ නෑ බලෙන් ආදරෙ එක බින්දුවක් ....ඒත්...මට උඹගෙ වෙන්න....උත්සහ කරන්න ඉඩ දියන් සුදු අප්පො....අවසානය මොකක් උනත්...මට පුලුවන් මතක එක්ක හුස්ම ගන්න....විදවීම කියන දේ මට අලුත් නෑ...නේ පපුවට හැමදාම දැනුනෙ අහිමි වීමෙ දුක විතරමයි තේශි....ඒ උනත්.....උඹ මට එපා කියන වාරයක් ගානෙම මේ කරුම හිත ඉල්ලන්නෙම උඹවමයි නම් මම මොනව කරන්නද මැනික...

එයා කියවනවා...වැටෙන්න ඔන්න මෙන්න තිබුන උනු කදුලක් අවසානම තත්පරේදි ඇස් කොන්වලින් බිමට වැටෙකොට එයා ඇගිලි තුඩුවලින් ඉස්සිලා මගෙ නලලට හාදුවක් තිබ්බා ....

මගෙ මැනික...උඹට පිලිගන්න පුලුවන්..හෝ නැතා...මේ පිස්සා උඹට පන වගේ ආදරෙයි .....ආයම ආදරයක්...නොලබාම උනත්....

තේශි මට...එකම එක පාරක් .....හාදුවක් තියන්න දියන් රත්තරන් ...

කදුලු කැට කඩාගන වැටෙන කොට වතුර බින්දුවක් ඉතිරි උන මගෙ දොතොලට එයා ඇගිල්ල තියලා හාදුවක් තියන්න ඉල්ලනකොට මම වචනයක් වත් නොකියම ඒ කතා කරන ඇස් දෙක දිහා බලන් උන්න වගේම එයා මගෙ මුලු මූනම අත් දෙකෙන් අල්ලන් තදින්ම පිය වෙලා තිබුන මගෙ දෙතොලට මෘදු හාදුවක් තියලා මගෙ පපුවට ඒ කම්මුල තියන් ඈත පේන දලදාව දිහා බලන් උන්නා.....

මට විශ්වාසයි තේශි.....මැරෙන්න මොහොතක් තියලා හරි...උඹ මට පැලෙන්න තරම් ආදරෙ දේවි....ඒ දවස එනකන්...කප්පරක් දුක ඉහිලුවත්..මං බලන් ඉන්නම්...මටම ඇති වෙනකන්....

ගහක මල් පිපිලා....

පිපෙන්නෙ...ඇයිද නොදන්නෙමි...

හිතක මල් පිපිලා .....

පිපෙන්නෙ ඇයිද නොදන්නෙමි...

නුඹට සිත බැදුනේ කිමැයි මා....

තවම නොදන්නෙමි...

නුඹට සිත බැදි කාරනේ...මා....

තවම සොයන්නෙමි...

සුදු මහත්තයා ...

එයා තවමත් උන්නෙ මගෙ පපුවට කම්මුල හේත්තු කරගන වෙනකොට මම එයාව තුරුල් කරගන්නෙ නැතිව උනත් එහෙම්ම ඉන්න දුන්නා ..අත්තම්මගෙ අට් හඩත් එක්ක ආයම අපි දෙන්නම පියවි ලෝකෙට එනකොට එයා සරම ඔලුවෙන් දාගන මගෙ ගාවට ආවා වගේම මම ඇන්දෙව්වා ...

මේවා අදින්න අමාරුයි ඒයි.....

එයා මට් ඒයි කිව්වා..හරියටම ශෙනෝන්ගෙ ඩියෝන් වගෙම..නුපුරුදු සරමත් අත් වලින් හිරකරන් එයා එහා මෙහා පැද්දෙනකොට මම දොර ඇරියා....

වලව්වෙ හාමුදුරුවො ඇරෙන්න ඉතිරි ඔක්කොම කෑම.මේසේ ඉදගන්නකොට එයා මටයි අප්පචිටයි මැදින් ඉදගත්තා වගේම එයාට බඩගිනි කියන්නද කොහෙද එයා ඉදිආප්පෙකට අත තියන්න හදනකොටම අප්පච්චි එයාව නැවැත්තුවා.....

කරන්න දෙයක් නෑ ...කලන්තේ දාලා වැටුනත්...මහ හාමුවා එනකන්...පොඩි කාලෙ ඉදන් අපි බලන් උන්නා.....එයා මගෙ දිහා බලනකොට මම බිම බලාගත්තා ...මොකද මට ඒ බඩගිනි මූන බලන්න හයියක් නෑ....

කන්න...

අවසානෙදි මහ ඒජන්ත උන්නාසෙ වැඩියට පස්සෙ අප්පච්චිම එයාගෙ පිගානටත් බෙදනකොට මම ඉදි ආප්ප වෙනම පිගානකට බෙදාගන නැකිට්ටා....

සුදු පුත කොහෙද යන්නෙ....

අම්මා....මැනිකගෙ කෙලි කොටහලු වෙලාලු.....

ඉතින් කෙල්ලො උනාම ගෙට වෙනවා නේන්නම්....

නෑ අම්මා....සෙලෙස්තිනා කෙල්ලට කන්න දෙන්නෙ යන්නෙ දංකුඩ....හැදෙන වයසෙ .....

නිතේශ් උඹ ඉදගනින්....උන්ට කෑම අදිණ්න උඹ....ඇයි මේ මේසෙ පුරාවටම තියෙන්නෙ මේ ඔක්කොම අපි ගිලිනවද...නැනෙ....කාලා ඉතිරි ටික අරන් යන්නෙ නැතැයි.....පොඩ්ඩක් ඉවසන් ඉන්න බැරිද...

අනීතා මැනිකෙ මගෙ අම්මගෙ පරුශ වචන එක්ක මම විතේන් දිහා බැලුවා...මේ දැනෙන අසරන කම මට වචන වලට් පෙරලන්න අමාරු තැන මම කට ඇරියා ....

ඒකි පොඩි කෙල්ලෙක් අම්මා.....දැන් දුන්නත් පස්සෙ දුන්නත් බඩහින්න බඩගින්නම නේද....අපෙ උනුත් කොටහලු උනා කියන්නෙ පොඩීලා බිනරිලා සුදූලා ගෙට වෙනකොට තිබ්බ සැපද අම්මෙ ඒ කෙල්ලට තියෙන්නෙ.....

උඹට මොකද ඒකිගැන ඔච්චර කැක්කුම නිතේශ් ....

මට මගෙ ඉදුල් තව උන්ට කන්න දීලා පුරුදු නෑ අම්මා ඒකයි....

සුදු මහත්තයා ...ඉදගන කෑවනම්.....සෙලෙස්තිනා යනකොට මුලක් අරන් යයි...

සීයා තාත්....

මම ආය එකම දේ කියන්නෙ නෑ නිතේශ් .....

මම කට පියාගන ඉදගත්තා .....පිගානෙ තිබුන ඉදි ආප්පෙ මගෙ ඇගිලි වලට මිරිකෙන කොට එයා හොරෙන් මගෙ කකුලට අත තිබ්බා..මට සීයගෙ මුනටම අහන්න ඕනා උනා ඒ ඉන්නෙත් උඹගෙ දරුවෙක් නේද කියලා...මට අහන්න ඕනා උනා තමන්ගෙ එකෙක් දන්කුඩ ගිලිනකොට උගුරෙන් පහලට යනවද කියලා....ඒත්...මට උනේ හිතේ තියන දේ කටේ හිරකරන් ඉන්න වෙනකොට මම ඉදි ආප්පෙන් පලි ගත්තා ....

ඔය දරුවගෙ නම කිව්වෙ.....

විතේන් ....

විතේන් ....

ස්..බන්ඩාර...සූරියබන්ඩාර

වලව්පැලැන්තියෙ වෙන්ටෑ....

ඔ..ඔව්...අත්තම්ම....

ටික වෙලාවක් යනකන් හා හූනැතිව උන්න අත්තම්මා ආය ආයම එයාව අල්ලගන්න පොටක් හොයන කොට මාව රත් උනා....අත්තම්මට ඕනා උනේ බිනරිව කොහොම හරි වලව්වට් කරගහන්න....

කසාද....

මං මැරීඩ් ....වයිෆ් ෆ්‍රාන්ස් වල.....බබාලා දෙන්නයි...තව බබෙක් හම්බෙන්න ඉන්නවා....

එයා ගානක් වත් නැතිව කියලා දැම්මා වගේම මං බලාගන අත්තම්මගෙ මූන කොරහක් වෙනවා...

ඒ දරුවා....මැනිකෙ..

අයියෝ...නෑ.අත්තම්මා....වලව් නෙවෙ...

එහෙනම්....

එයා සාමාන්‍ය පවුලක....

සාමාන්‍ය පවුලක කෙනෙක්...වලව්වෙන් පෙලවහක් කර ගන්න...

ඇයි...ඒක නරකද .....මම වලව්වෙන් බැන්දත් ගෑනි ගෑනිමයි....ඉලව්වෙන් බැන්දත් ගෑණි ගෑනිමයි...අනික මේ අපිට මෙහෙ විතරනෙ හාමු කෙනෙක් එනකොට වැදගන ඉන්න ඕනා.....ඒවල එහෙම නැ අත්තමම...හාමු කියන්නෙ මොකාද වත් දන්නෙ නෑ...

ව්..තේ...න්

මම මිමිනුවා.....

අත්තම්මා...ලොකු අම්මලාගෙ ඇස් ගෙඩි එලියට එන්න හදනකොට මං බලාගන පොඩීලා හොරෙන් හිනා වෙනවා.....

ඔය අඩුකුලේකින් කසාදයක් කරගත්තම වලව්වෙ මිනිස්සු මොකුත් කිව්වෙ නැති එක පුදුමයි.....

මොනවා කියනන්ද අත්තම්මා.....ඒ මිනිස්සු හෙට අනිද්ද මැරිලා යයි.....අපේ අත්තම්මත්...අත්තම්මගෙ වයසමෙයි....පපුවෙ අමාරුව ආවා එක දවසයි උන්නෙ....මැරිලා ගියා...සීයා තාත්තත් එහෙමයි...පලවෙනි බබා හම්බෙනකොට කැන්සර් එකක් කියලා ආරන්චියක් ආවා...අඩුම ගානෙ මගෙ දරුවව බලන්නවත් උන්නෙ නෑ....මැරිලා ගියා...ආන් අර වලව්ව වහලා දාලා...මැරෙන්නෙ කොයි වෙලේද නොදැන ජීවත් වෙනකොට මොන කුල මලද අත්තම්මා....

අනෙ දෙයි හාමුදුරුවනෙ.....එතකොට බූදලෙ.....

බූදලේ...ඉතින් උන්දැලාට පෙට්ටියෙ දාන් අරන් යන්න බැරි උනා....සීයා තාතතගෙ පෙට්ටියට පිත්තල බොත්තන් අල්ලපු කබායයි.....නැමි පනාවයි බස්තමයි දාලා මිනිය ඇන්දුවා...එයින් එහා මොනවා ගෙනියන්නද...සූරියබන්ඩාර හාමුදුවන්ට කියලා වෙනම අපායක් වත් වෙනම සුවර්ගයක් වත් නෑනෙ....උන්දලා කරපු පින් පව් තමා...වලව්ව නම් හෙට අනිද්දා ඩෝසර් කරලා හොටෙල් එකක් ගහනවා...ඔව්වා තියන් ඉදලා කටු ගේවල් දාන්නද..

සීවරන් දෙයියනෙ....ඕක පරම්පරා ගානක එකක් වෙන්ටැති....

ම්ම්ම්ම්...ඔව්....අප්පච්චි කියපු විදිහට..වලව්වෙ වත්ත...තෑගි ඔප්පුවකට හම්බ උන එකක්ලු....සීයා තාත්තගෙ උදවිය උලකුඩය දේවිය...අර කුසුමාසනද කව්ද කියන්නෙ.....ඒ පරම්පරාවෙලුනෙ.....ඉතින්....ඔව්වා දැන් තියන් ඉදලා වැඩක් නෑනෙ අත්තම්මා.....වලව්ව මගෙ නමට තිබ්බෙ.....මං ඒකෙ හොටෙල් එකක් දාන්න යන්නෙ.....නැමිපනාව දැන් ගහන් ඉන්න බෑනෙ...මට ඇති....excuse me..

මම විතරක් නෙවෙ...අප්පච්චි පවා තුශ්නිම්භූත වෙලා ගියා....සීයා තාත්තා ගෙ මුන වගේම අත්තම්මගෙ මුන දැලි ගාලා වගේ කලු වෙනකොට වලව්වෙ හාමුදුරුවො කෑම මෙසෙන් නැගිටින්න කලින් නැකිටපු එයා ගානක් නැතිව යන්න යනකොට අප්පච්චි මට ඇහැක් ගැහුවා...

වලව්වකලු.....ඒකට මොකද..මහ සංකර කොලුවෙක් ....පෙනේද මහත්තයා .....වලව්වක් ඩෝසර් කරලා හෝටලයක් ගහනවා කියන්නෙ.....

අත්තම්මට රිදිලා වගේ නොසෑහෙන්න.....මම හිත යටින් හිනා උනා...හැම වලව්වම මෙ වගේ ඉලව් නෙවෙ කියන්න කටට ආවා උනත් මම කට පියන් හොරා වගේ නැකිටින්න හැදුවා උනත්...ඊලග තත්පරේදි මාව ගල් ගැහුනා....

සුදු මහත්තයා ..මට තමුන් එක්ක කතා කරගන්න දෙයක් තියනවා....ඔහොම්ම එලියට ....මේක පිටවලප් කාරයො ඉන්න තැන කතා කරන්න බෑනෙ....

සීයා තාත්තගෙ වචන එක්ක මං බැලුවෙ අප්පච්චි දිහා වෙනකොට අත්තමගෙයි අම්මගෙයි මුනවල් වල හිනාවක් තිබ්බා....

නිතේශ් ...

අත් දෙක පිටිපස්සට බැදන් උන්න සීය තාත්තා උගුරැස්ස ගහගාවදි මට කතා කෙරුවා ...

සරමෙ කොනක් අල්ල ගත්තු මං කැහැපට ගහන් එහෙම්ම ලෑලි බංකුව උඩ ඉදගත්තා ..

දැන් තමුන් දන්නවා තමුන්ට පොඩි මැනිකෙව කතා කෙරුවා කියලා ...

......

කියන්න අඩුපාඩුවක් නෑ....තමුන්ගෙ තීරනෙ මොකක්ද ....පොඩීගෙන් පස්සෙ ඒක කරලා දාන්න...

මං කැමති නෑ....ආය අහන්න එපා..

ඒ මොකද උඹ ඒ කෙල්ලව දැක්කෙත් නෑ..අනික ඔය කොහේවත් යන සංකර උඩැක්කි වගේ නෙවෙ...බොහෝම කුලවන්තව හැදුන කෙල්ලෙක්...

මම සැරයක් කිව්වා මම කැමති නෑ....

නිතේශ් උඹ කවදා ඉදලද ක්ට ගහන්න ඉගන ගත්තෙ ....ආ

සීයා තාත්තා ..මේක මගෙ ජීවිතේද....නැති නම් වලව්වෙ උන්ගෙ ජීවිතේද...

උඹට ඕනේ ආයම කොහෙවත් යන අඩුකුලේ එකියක් එක්ක පෑහෙන්නද නිතේශ් ආ.....???උඹට ඕනෙ වලව්වෙ නබුව කන්නද???

සීයා තාත්තා මං අත්තම්මට දුන්න උත්තරෙත් ඕක....අම්මට දුන්න උත්තරෙත් ඕක....මං කාට උනත් දෙන උත්තරේ මේක....මම බදින්නෙ...මම ආදරේ කරන්නෙ මට ඕන කෙනා.....මට මගෙ තුන් හිතකවත් ආදරයක් නැති ගෑනියෙක් එක්ක ගිහින් ළමයි බෝ කරන්නද උඹලා කියන්නෙ...

නිතේශ් ...උඹ කාටද ඔය කතා කරන්නෙ ..උඹ ඒ කටයුත්ත කරන්නම ඕනෙ නිතේශ් ...

සීයා තාත්තා ...මම සැරයක් කිව්වා...මම ඕක කරන්නෙ නෑ...ඕක නෙවෙ...මම කිසිම එකෙක් බදින් නෑ...මට ඕන වලව් ඉලව්වක් නෑ මොන මල කරුමයක්ද මේක...ආ සීයා තාත්තා ..උඹලට මේ වලව් මාන්නෙ ඉවරයක් වෙන්නෙ නැද්ද සීයා තාත්තා .....

උඹලව අපි හැදුවෙ මේවා ඉස්සරහට අරන් යන්න මිසක් කොහෙවත් යන රොඩීන්වබෝ කරන්න නෙවෙ නිතේශ් ...උඹ කව්ද කියන එක ඔලුවෙ තියන් වැඩ කරපන්.....උඹ මේ කටයුත්තකරන්නම ඕනේ...එක පාරකුත් අර කොහෙද යන එකියක් කර ගැහුවෙ...ආ නිතේශ් උඹලා මොක්කුද....න් මොක්කුද ...උන් අපේ වලව්වල ඉදුල් හෝදන්න වටින උන්.....

සීයා තත්තගෙ කට හඩ එන්න එන්නම උස් වෙනකොට මාත් එකට එක කිව්වා...රන්දෙනිගල වලව්වෙ බූදලේට වහවැටුන කුමාරි හාමිලා හැදුවෙම මාව විකුනන්න වෙනකොට මං මාව බේර ගන්න මං දන්න දහන් ගැට ඔක්කොම දැම්මා...ඒ උනත් කොහෙන් ගියත් ඉවර කෙරුවෙ සෙනාරිගෙන් වෙනකොට උන් කෙරුවෙම හොද උන තුවාලෙ ආය පිට කබල ගලව ගලව මාව රිදවන එක වෙද්දි මගෙ ඉවසීමෙ සීමාව පැන්නුවා...

සීයා තාත්තා ....මං ඔය ඉලව්ව කරන් නෑ...තොපි එක්කො මාව මරපියව්...නැතිනම් තොපි මැරියව්...මං සැරයක් කිව්වා...මං සැරයක් කිව්වා ඒකි මගෙ ජීවිතෙත් ගියා...අත්තම්මලා අම්මලා එකතු වෙලා ඒකිව හැදි ගාවන්න හැදුවට අවසානෙදි මාවයි හැදි ගෑවුනෙ....

නිතේශ් ....

නෑ මං ඉවසුවා හොදටම ඇති...මන් කටපියන් ඉන්න ඉන්න උඹලා මහෙ ඔලුව කනවා....සීයා තාත්තා නම්බුව ගැන හිතලා සුදූව මරා ගත්තා ....ඒකිගෙ මිනිමරුවා උඹයි...උඹයි උඹේ මහ එකියි....

නිතේශ් ....

මගෙ කම්මුල පුපුරලා යන්න තරන් වැදුන පාර සැර වෙනකොට මම කම්මුල අල්ල ගත්තා වගේම වලව්වෙ මැනිකෙල ඔක්කොමල්ලා එලි බැහැන් උන්නා....එයගෙ ඇස් දෙක.කදුලු වලින් පිරිලා ..මම කම්මුල්පාර කාගෙන ආයම සීයා තාත්තා දිහා බැලුවා...

ඔව්...උඹලා හැමදාම කෙරුවෙ අපිට ගහපු එක....කට්ට අව්වෙ පොල්කටු උඩ දනගස්සවලා වේවැල් කැඩෙනකම් ගහපු එක...මේ අවුරුදු තිහටම ...මම අද වෙනකන් කඩේකින් කාලා තිබුන් නැ.....කන්න ආසාව තිබිලා ඉල්ලනකොට තොපි එකෙක් වත් කන්න දුන්නෙ නෑ.....ගෑනු ගොඩක් මැද මගෙ පිට කොන්ද ගලවලා රෙද්ද අස්සෙ දාන් හදපුවාගෙ ප්‍රතිපල මම අදටත් විදවනවා.....

නම්බුව...නම්බුව ගැන කියනවා...අත්තම්මලා මහ ලොකුවට ඔසරි පොරවන් අර කෙල්ලට කියන්න පුලුවන් ඔක්කොම තුප්පහි කතා කියලා ලැජ්ජ කෙරුව...එහෙම උනා නම් මුලිම්ම ගල් ගහලා මරන්න ඕනෙ මෙන්න මේ වලව්වෙ මහ උන්දව....

කටවහපන් පර බල්ලා....තොපි කොළඹ රටේ පදේ නැටුවට මෙහෙ බෑ....තොපි අහන්න ඕනෙ මේ මොල්ලිගොඩ හාමු කියන දෙ....

දෙවනි කම්මුල් පාර වදිනකොට මගෙ යටි තොල පැලිලා ගියා උනත් මන් පාර කා ගනම සීයා තාත්තාගෙ මූනට ලන් උනා...

මොල්ලිගොඩ හාමු....මොල්ලිගොඩ හාමුගෙ නම්බුව රෙද්ද පල්ලෙන් බේරෙනවා.....සීයා තාත්තා උඹ නම්බුව ගැන කියනවා නම් අත්තම්මා අතින් උඹෙන් බඩ උන ගෑනු කීයක් අන්නාසි ගැට කෑවද මතක් කරලා බලපන් සීයා තාත්තා .....උබේ අතින් බඩ උන එතනව ලිදට තල්ලු කරපු අත්තම්මගෙන් අහපන් ඒ අත් දෙකෙන් මැරුවෙ කීවෙනි ගෑනිවද කියලා ....

ඉන්නෙ පත්තිනි වගෙ....ඒ උනාට යකො රෙද්දෙ තුත්තිරි ...

චටාස්....!!!!

මගෙ කම්මුල් වලට පාර පිට පාර දෙක තුනක් වැදුනා....ඒ අනීතා මැනිකෙගෙන්...මාව වදපු අම්මගෙන්....

?ඇස්වලින් කදුලු වැටෙනකොට මං වෙව්ල වෙව්ල කෑ ගැහුවා ..මෙච්චර කල් ඉවසන් උන්න හැම සීමාවම බිඩ්බෙන කොට මම ගුටි කාගන උනත් කෑ ගැහුවා....

අම්මෙ....උඹලා හැමෝම එකතුවෙලා අර කෙල්ලට කියපු කතා මතක ඇතිනේ.....එහෙම බැලුවොත් සීයා තාත්තට ගහන්න වෙන්නෙ ගොම....

නවත්තපන් නිතේශ් .....

බෑ...මං නවත්තන් නෑ.....නම්බුව ගැන කියවන්න එන සීයා තාත්තා ඇදට ගත්තු ගෑනු ගානයි....ඉපදෙන්න කලින් මරලා දාපු ළමයි ගානයි....අර කොටහලු වෙච්ච බට්ටි වගේම යන්තම් නොමැරි බේරුන උන් ගානයි ගැන්නොත් මොල්ලිගොඩ හාමුවට අන්තප්පුරයක් දාන්න පුලුවන් .....

චටාස් ....චටාස් ...

ගහපල්ලා....උඹලා ඔක්කොම එකතුවෙලා ...මාව මරපල්ලා... තොපි ඔක්කොටම පිස්සු...නිකන් නෙවෙ සහලවලා....අම්මා ....අප්පා නෙවෙ සක්කරයා කිව්වත්..මං ඔය..... කුමාරි හාමිව බදින් නෑ..නෑ..කියන්නෙ නෑ..ම...තමා.....

කෑ ගහපු කෑ ගැහිල්ලටයි.....හිතේ වේදනාවටයි මට ආයම පපුවෙ මහන්සිය ආවා වගේම මම එහෙම්ම ගිහින් මගෙ කාර් එකට හේත්තු උනා වගේම මා ගාවට් එන්න හදපු එයාව අප්පච්චි අල්ල ගත්තා ....

උඹලා...නම්බුව..ගැන...කියන්නෙ...සීයා..තාත්තෙ...කරන්න ඕනා...ඔක්කොම...ජඩ වැඩ..කර..කර නේද.....ආ...සුජාත...ලමයිට...වඩා...උඹ නම නොදීපු උන් ඇති මේ නුවර පිරෙන්නම.....

නිතේශ් ...උඹට මම අවසානම අවස්තාව දෙන්නෙ....

මට ඕන් නෑ.....මට ඕන් නෑ...උඹලා.....මාව මරල දැම්මත්...මට වලව් කාරියක් ඕන් නැ..යකො...මෙක ....මගෙ...ජීවිතේ....මට...ඕන එකාට..මං..අදරේ..කරන්නෙ...සීයා තාත්තා කියන්නෙ...වලව් මැනිකක් ගෙනත් මැනික් නැති වෙලේට..කුස්සි අම්මව ඇදට ගන්න කියලද...හරියටම මේ මොල්ලිගොඩ හාමු වගේ.....මට...

නිතේශ් ....!!!

මම හිතන්නෙ මට ඒ වචනේ කියලා කට වහන්න හම්බුන් නෑ...අමරුවෙන් හුස්ම අල්ල අල්ල කැ ගහපු මට සීයා තාත්ත්ගෙ ගොර හැඩි අතෙන් වැදුන කම්මුල් පාර එක්ක මාව වීසිවෙලා යනකොට මම ඇස්වල කදුලු පුරවන් සීයා තාත්තා දිහා බැලුවා.....ගැහෙන පපුව එලියට පනින්න යනකොට මම පපුව මිරිකන් අකුරු ඇහිලුවා....ඇස් කොන්වලින් කදුලු පනිනකොට ගුටි කාපු කම්මුල් පුපුරු ගැහුවා...

මන් අද කියන්නම්.....සීයා....තාත්තෙ.....නබුවටයි....සල්ලි වලට පෙරේතකමටයි...උඹලා...සුදූගෙ....මිනිය දිරන්නත් කලින්....පොඩීව බන්දලාදෙන්න හදනවා...උඹලට....වැහි නැති හෙන ගහයි...සීයා....තාත්තෙ...දළදා...

හාමුදුරුවො පල්ලයි...මේ...නිතේශ් කවදා හරි...මැරුනොත්..මැරෙන්නෙ...උඹලගෙ....වැරද්දෙන් කියන...එක හොදට..මතක තියා ගනිල්ලා..

මං...ප්‍රාර්තනා කරනවා...මම දුක් විදිනකොට ...උඹලට...ගෙවල් දොරවල් දාලා යන තැනටම උඹලත් විදවන්න ඕනා...කියලා.....උඹලා.....මට...මේ..දෙන.ගින්දර...වලට...උඹලට..හොදක්...වෙන්නෙ...නෑ...සීයා...තා...ත්තෙ....

සුදූව..මරා.ගත්තෙත්...උඹලා වගේම....කවදා..හරි...මේ...නිතේ...ශ්ගෙ..මලකදෙත්....ලේ..උඹලා හැමෝගෙම...අත්වල වදීවි....

තේ....ශි...අනේ....හ්....

🙂ආයම හෙට එන්නම්

....

🙂කතාව කියවපු හැමෝටම ස්තූතියි ගොඩාක්

මම

Ferdeesha ❤️💚😘 ..

More Chapters