Ficool

Chapter 5 - 05

වැස්සෙ තෙමීගන ආව මම අවසානෙදි කාර් එක ස්ටාර්ට් කර ගත්තා ...එයාගෙ වචන මගෙ හිතට කනා මැදිරි එලියක තරම් බලාපොරොත්තු ඇති කරනකොට යන්න ගියපු එයා මගෙන් ඈතට යන්න ගියෙ එකම එක ඵොටෝ එකක් වත් ඉතිරි නොකර කියන එක තවත් දුකක් උනා.....

එක අතකට උඹ එහෙම කරපු එක හොදයි මැනික....මොකද මතක තරම් හිත පාරන කිසිම දෙයක් නෑ...

වැහැපු වැස්ස එහෙම්ම පායනකොට ගෙවල් දොරවල් වල කහපාට ලයිට් එකක් නෑරම පත්තු උනා....දලදාවෙ අද ඕනාවටත් වඩා පහන් පිරිලා ඇති .....

අපි හරි අසරනයි.....හැමදේම අතාරින්න කියපු බුදුහාමුදුරුවෝ ගාව පවා අපි ගිහින් ඉල්ලුවෙ අනේ හාමුදුරුවනෙ අපිට අරක දෙන්න...අපිට මේක දෙන්න මිසක්....කවුරුත් සංසාරෙ කෙටි කරන්න ඉල්ලුවෙ නෑ...

ඉතින්...අද රෑ කියන්නෙ....රවීන්ට...එහෙම නැතිනම්....මම පන වගේ ආදරේ කරපු මගෙ මැනික...මට අයිති නොවුන එයාගෙ මහත්තයට හැගීම් පන ගස්සවන...උදේට මූනෙ හිනාවක් පිපෙන රැයක් උනත්.....මේ නිතේශ්ට මේ රෑ කියන්නෙ....අවුරුදු හතරක් පරිස්සම් කරපු එයගෙ ආදරේ සදහටම අහිමි වෙන දවසක්...

ඒ දෙන්නා කොහොම ඉදීද ..මොනවා කරයිද ...එයා අඩයිද ...එයාට රිදෙයිද...රවීන් මොනවා කරයිද....කියන දේ දුර්වල මගෙ හිතම වහගන්නකොට මගෙ අතින් තල්ලන්න තිබුනම මලක් වෙන කෙනෙක් අතෙන් තැලෙනව කියන එක පපුවට දැනෙනකොට මම ස්ටියරින් වීල් එකට පාරක් ගැහුවා....

සමහර තැන්වලදි පිරිමි හිත් අසරන වෙනතරම් ගෑනු දන්නෙ නැතුව ඇති....සමහර පිරිමි ඉන්නවා ආදරේ දෙන්න ගියහම ඒ ආදරේ ගැන ආය කියන්න දෙයක් නැතිවෙන තරමටම ආදරේ දෙන.....

විරහ වේදනාව අහස උසට ඉහිලුවත් මේ නිතේශ් කියන්නෙත් ආදරේ දෙනකොට පැලෙන්න දෙනකෙනෙක්...

කොච්චර අඩන්න එපා කියලා කිව්වා උනත් මටත් නොදැනිම ඇස්වලට කදුලු ආවා....අද රෑ....මුලු නුවරටම සනිපෙට නින්දයාවී...ඒ උනත්....

ඒකි මගෙ උනා නම්....ඇදට දාන සුදු පිරුවටේ ලේ පැල්ලම බලන්න එන්නෙ අත්තම්ම වෙන්න තිබුනා උනත්...උන් මගෙ හදවත පන පිටින් ගලවලා දානකොට මම කරලා තියෙන්නෙ වෙන එකෙක්ට දෙන්න බලන් ඒකිව රැකපු එක..මටත් හැගීම් තිබුනා දෙවියනෙ...දවසක් හරි නිදාගන්න ඕනා උනා....නැතුව නෙවෙ....දවසක් හරි..අඩවන්න ඕනා උනා...නැතිව නෙවෙ.....ඒ උනත් මම මාවම පාලනේ කරගත්තා ..මොකද....මං දන්නවා...වලව්වෙ හාමුලා මැනිකෙලාගෙ කන් වලින් රිංගන්න ඒජන්ත හාමුදුරුවන්ටවත් බෑ කියලා ...

මගෙ ඵෝන් එක ආයම රින්ග් උනා... .සුදු දෝනි.....ලොකු අම්මගෙ දුව...ඒ අනිත් අසරනී..ඒ.....

මං ආන්ස්වර් කෙරුවා...

සුදූ කියන්න.....

සුදු මල්ලි...කොහෙද ...

මග ඉන්නෙ....ඇයි ලොකු මැනිකෙට තරහා ගිහින්ද...

ම්ම්ම්....

මං එතනින් එහා ඵෝන් එක කට් කෙරුවා ...මැනිකෙට තරහා නොයන වෙලාවක් තියනවද.....??අත්තම්මගෙ උජාරුව....ඒ උඩගු කම මට කොයිවෙලෙත් මතක් කෙරුවෙම සුදු අප්පොගෙ අත්තම්මව...නිමල්ට කොයි තරම් නම් ගරගනවද... ගල්වලේ වැඩ කරන නිමල්....

ඇත්තටම ලෝකේ මවපු දෙවියන්ට තිබුනා ඔය කුල මල නැතිව මවන්න....බුදු හාමුදුරුවො කවදාවත් කුල වලට බෙදිලා ධර්මය දුන්නෙ නෑ...ඒ උනත්....දැන් ඉන්න මිනිස්සු...දැන් ඉන්න මිනිස්සු කොයි තරම් නම් කුලල් කනවද..මගෙ ජීවිතේම කාවෙ අත්තම්මා...මගෙ අම්මා...අම්මගෙ පරම්පරාව.....මම වේදනාව උහුලන් උනත් කියනවා...මාව පිස්සෙක් කෙරුවෙ මොල්ලිගොඩ මැනිකෙ.....ගෙදරට එන මනුස්සයෙක් කවදාවත් පුටුවක ඉදගන නැතිව ඇති....උන් කවදාවත් වලව්වට ඉස්සරහා දොරෙන් ඇවිත් නැතුව ඇති....අඩුම ගානෙ අපි බොන වීදුරුවකින් වතුර බීලා නැතිව ඇති.....

ඇයි දෙවියනේ අපි කගෙත් ඇගේ දුවන්නෙ එක ලේ නම්...ඇයිඋන් ආවම බිම.ඉදගන්නෙ....වලව්වෙ හාමුදුරුවො කියලා දෙකට නැවෙන්නෙ....පන්සලේ මුල් පුටුවෙ ඉදගන්නෙ වලව්වෙ මැනිකෙයි වලව්වෙ හාමුයි....හයියෙන් සද්දෙට සාදු කියන්නෙත් වලව්වෙ උන්මයි....ඒ උනත්....කවදාවත් වලව්වට ඇවිත් බිම ඉදගන්න මිනිහා ගාව තියන සතුට අපි ගාව නෑ....අපි ගව නෑනෙවෙ...අපිට විදින්න දුන්නෙ නෑ...වෙන මොකුත් ඕන් නෑ.....සැලෝන් එකක් දාන්න යනවා කියපු දා මට කියපු කියෞම් එක්ක මට depression ආවෙ නැති ටික විතරයි ....මගෙ හයියට උන්නෙ අප්පචිම විතරයි ....නිලමෙගෙ වගේම මැනිකෙගෙ කට ඉස්සරහා අපි හැමදාම.අසරනයි ...

පැලෙන්න ආදරේ කරපු මම පැලෙන්න විරහව විදින ගමන් කදුලු බිව්වා..... මම උඹට යන්න දෙන්නම් කියන එක එතනදි හිත ගල් කරන් කියෙව්වට කාර් එක ඇතුලෙ අඩන නිතේශ් ව...රෑට කොට්ටෙ පෙගෙනකන් අඩන නිතේශ්ව ගොඩ ගන්න කවුරුත් නැතිව ඇති....

අල්ලන් යන්න බැරි අතක්

අරගන ඇවිද බොහො දුරක්

හංගා මතක හුස්මෙ තියන්

තනිවීම ප්‍රේමයක්...

ඉතින්....තනිවීමම ප්‍රේමයක්.....මම පොරොන්දු උනා...කවදාවත් අතාරින් නෑ කියලා...පොරොන්දු තියෙන්නෙ රකින්න උනත්.....මට සිද්ද උනේ බිදින්න...මුලු ලෝකක් ඉස්සරහ කෙලින් ඉන්න නිතේශ් ගෙ ඇතුලාන්තෙ පිච්චෙන තරම දන්නෙ උඩ ඉන්න දෙවියොම විතරක් වෙනකොට දෙවියො පවා මැනිකෙට බය උනා...

වෙනදට විනාඩි පහට දහයට ගෙදර යන මම අද පස්ස ගැහුවා...සිකරට් එක ඇගිලි තුඩු වලට හිර වෙනකොට අනිත් මිනිස්සු වගේ බූට් කෑවා...කියලා වැලලෙන්න පෝස්ට් නොදැම්මා උනත් හිත ඇතුලෙන් මේ නිතේශ් වචනවලට පෙරලන්න බැරි තරම් විදෙව්වා ....

පොරොන්දු වෙන්නම් සන්සාරේ

දුකක් නම් නොදී....

පරිස්සම් කරන්නම් නුඹව

මා එක්කන් යමී....

ඒත් සංසාරෙ ගෙවෙන්නත් කලින් මමගෙ පොරොන්දු මම රැක්කත්...මං ලව්වා ඒ පොරොන්දු හැමදේම එයාලම කැඩුවා.....මෙච්චර කල් සිංදුවල තාලෙට ආදරේ කරපු මට අද වචන ඇහෙනකොට පපුව් පාරවන විරහව එක්ක හුස්ම අල්ලන්න බැරි තරන් වෙනකොට වලව්ව පේන තෙක් මානෙදි ඇස්දෙක පිහ දැම්මා...මොකද අඩන්නවත් අපිට උරුම නෑ...

කන්ද උඩ තියන වලව්වෙ කහපාට ලයිට් එලි පහල පාරට පේනකොට වලව්ව පහුකරන් ඇවිදන් ගියපු මිනිස්සු වලව්ව දිහා බැලුවෙ බයාදු ඇස්වලින් වෙනකොට මං එහෙම්ම කාර් එක කාර් පිරුන මිදුලට දැම්මා.....

වෙලාව අට පහුවෙලා .....වෙලහට කට්ටිය කෑම මේසේ වෙන්න ඇති....හිනාවක් වෙනුවට අපේ උන් බයෙන් බයෙන් කන අවුරුදු කෑම මේසෙ...ඇත්තටම පව් අපේ උන් පව්.....

වතුර බේරුන ඔලුවෙ වතුර දැන් හිදිලා ගිහින් උනත් මගෙ ඇදුම් වල තෙත පාරවල් වගේම අඩලා අඩලම රතු උන ඇස් වගේම සිගරට් බීලම මං ගාව උහුලන්න බැරි ගද වෙනකොට මම හිමින් හිමින් ගෙට ඇතුල් උනා වගේම මා දිහා බලන් උන්නා..හරියටම දඩු කදේ ගහන්න ඉන්න එකෙක් දිහා බලන විදිහට....

සුදුමහත්තයා .....

අත්තම්මා

කොහෙද මේ රෑතිස්සෙ ගියේ.....

එලියට ....

එලියට කිව්වෙ ....කොහෙටද...

එන්නත් කලින් වලව්වෙ මැනිකෙගෙ කටහඩ ඇහෙනකොට මම ඉද්ද ගහලා වගේ හිටගත්තා වගෙම ඔසරි පොට කරට ගත්තු අත්තම්මා මගෙ ගාවට එනකොට මං බලාගන සුදු අක්කා වෙව්ල වෙව්ල වතුර ජෝගුවෙන් වතුර ගන්න ගිහින් වතුර ජෝගුව මේසෙ පුරාවටම හැලෙනකොට අත්තම්මා සුදුඅක්කා දිහ බැලුව වගේම මං දැක්කා එයාගෙ අතේ දම්පාට පාරක් තිබුනා .....

ඇත්ත කියපන් සුදු මහත්තයා උඹ ගියේ ආයම අර සක්කරවට්ටමව හම්බෙන්න නේද ගියේ ....

අත්තම්මා...ඒ කෙල්ල බැදලා...අත්තම්ම...ඒ කෙල්ල බැදලා...

 

බැදලද ලෙහල්ද නැති නම් උඹ බැදපු උන් පස්සෙ එහම යනවද කියන්න කව්ද දන්නෙ....

මැනිකෙ....දැන් ඇති, සුදු පුතා ඇවිත් වාඩි වෙන්න

එපා සීයා තාත්තා ....දැන් බඩගිනි නෑ...

ඔව් ඉතින් බඩගිනි නෑනේන්නම්.....මුන්ව ඇහේ කටේ තියන් හැදුවෙ කොහෙවත් යන පරට්ටියන්ට දෙන්නද ආ මහත්තයා....ඒකිලා දැනගන්න ඕනා උන්ට හරියන උන් එක්ක පෑහෙන්න....

දෙයියන්ගෙ නාමෙට අත්තම්මා...පින් සිද්ද වෙයි මගෙ බෙල්ලෙ ගලක් බැදල අර නුවර වැවට ඔබන්න ....මේ මොන කරුම ජීවිතයක්ද....ආ අත්තම්මා ..මේ මොන කරුම ජීවිතයක්ද....අපිව හැදුවෙ මේ මගුලෙ නම්බු රෙද්දක් ගෙනියන්න නම්...ඇයි දෙයියනෙ ඉපදුන ගමන්ම අර ඇහැලේපොල කුමාරි හාමිගෙ කෙලීව වංගෙඩියේ දාලා කෙටුවා වගේම මාවත් කොටලා කොටලා මරලා දැම්මෙ නැත්තෙ...

නිතේශ් .....කටවහපන් නිතේශ් .....

අම්මා...ඇති....ඇති...පින් සිද්ද වෙයි...පින් අයිති වෙයි...මන් වදින්නම්..මං අත් දෙක එකතු අරලා කකුල් ගාව වදින්නම්.....මට ඒකිව අමතක කරලා දාගන්න මගෙ හිත හදාගන්න දෙන්න ...ඇයි මම අමාරුවෙන් අමතක කරන්න හදන හැමවෙලාවකම මාව ආය ආයම පාගන්නෙ අත්තම්මා....ඇයි...

නවත්තපු කදුලු ආයම අලුත් වෙනකොට වේලුන තුවාල කබල අමු අමුවෙම අත්තම්මා ආයම ගලවලා තුවාල කෙරුවා....මේසදෙකක් එකට එකතු කරල හදපු කෑම මේසෙ උන්න මොල්ලිගොඩ කුමාරි හාමිගෙ දූවරු ටික මා දිහා බැලුවෙ මිනිමරුවෙක් ගානට වෙනකොට මිනිබිරියො ටික විතරක් බිම බලන් උනා.වගේම මං ඒ සනුහරේ ඉස්සරහ දනහගලා අත් දෙක එකතු කෙරුවා .....ණුවර වැව රවුමෙදි මරල දාපු ආදරේ මිනිමල් සුවද වත් තව පරවෙලා නැති කොට උන් අර අසර්නීට ආය ආයම නිගා කරලා අඩු කුලේ අඩු කුලේ ගානකොට එක කුමාරි හාමියෙක්ට බැරු උනා අත්තම්මගෙ කට වහන්න....උන් හැමෝටමත් ඔන්නෙ ගෑනු දරුවො වෙච්ච කොට තවත් කාගෙ හරි කෙල්ලෙක්ට මෙහෙම අපහස කරනකොට කොහොම අහන් ඉන්නවද කියන්න දෙවියො වත් දන්නෙ නැතිව ඇති. ..

ප්‍රේමයේ මලගමෙන් පස්සෙ අමාරුවෙන් අමාරුවෙන් මගෙ මැනිකව අමතක කරගන්න හදපු මට.උනේ ආයම ඒ කෙල්ලව මතක් උන එක වෙනකොට මම හිගන්නෙක්ට අන්ත විදිහට ඔහේ බිම වැටිලා ඉදගන්නකොට මහ කුමාරි හාමි ඔසරි පොට කරේ ගහන් අත්දෙක පිටිපස්සට කරන් බලන් උන්නා....

අත්‍තම්මා...ඔයාලා හැදුවෙ එයාව නැති කරල දාන්න උනත්....අවසානෙදි නැත්තටම නැති උනේ මම මිසක් එයා නෙවෙ අත්තම්මා...අදින් පස්සෙ....ආයම මගෙ කන් වලට ඇහෙන්න ඔය නම ආය ආය ඇදලා ගත්තොතින් ..කැරකොප්පුවෙ අඩි හයක වලක් කපලා තියන්න..දළදා හාමුදුරුවො පල්ලයි...මම පනිනවා නුවර වැවට....

අත්තම්මා....ඔයාලා.මොන තරම් වස් වැද්දුවා උනත්....ඒ අසරනීට වැහි නැති හෙන ඉල්ලුවා උනත්....දන්නවද ...එකි අවසානම තත්පරෙත් ප්‍රාර්තනා කෙරුවෙ මගෙ සතුට විතරයි ...එ....උනත්.....කවුරුත් දන්නෙ නෑ....මේ වලව්වෙමයි මගෙ සතුට නැති කෙරුවෙ කියලා.....මගෙ පපුව දැනටම හත් අටකට පුපුරලා තියෙන්නෙ...ඔය.ඇස්වලින් මගෙ මලකද දකින්න ආසනම් අත්තම්මා....කමක් නෑ....තව වස් තියන්න...

බිම ඉදන් උන්න මම නැකිටලා ගිහින් අත්තම්මගෙ ඔලුවෙ අත ගහලා දිව්රනකොට එයා තුන්පාරක් කෙල ගැහුවා...එතනින් පස්සෙ කාත් කවුරුත් කතා නොකරනකොට මම කෙලිම්ම මගෙ කාමරේට ගිහින් දොර වහගත්තා උනත් ඊලග තත්පරේදි දොර ඇරන් ආවෙ අනීතා කුමාරි හාමි...මගෙ අම්මා වෙනකොට ලා කහපාට ඔසරියන් වගේම අහස්ති මාලේ ගෙඩිය ගැටහපු කොන්ඩේ එක්ක එයා අත්තම්මට නොදෙවනිවෙනකොට තෙත ඇදුම පිටින් මම ඇදේ වැටිලා උන්නා....

නිතේශ් නැකිටිනවා...නැකිටලා ඇදුම් මාරු කරන් කන්න එනවා...සීයා තාත්තා බලන් ඉන්නවා....

සීයා තාත්තා කන්නෙ මගෙ කටින් නෙවෙනෙ....

උඹ පුලුවන් තරම් මල ජරහන්ත උරලා උරලා....මෙහාට ගනින් සල්ලි එක....උඹට අපි මොන වරද කරාටද නිතේශ් ..ආ.....අපි උඹට මොන අපරාදෙ කෙරුවටද....

පින්සිද්ද වෙයි...මට හුස්මක් වත් ගන්න දෙන්න....මට මහන්සි..මගෙ පපුවට වෙදනාවයි... ..

මහන්සී...මහන්සී වෙන මොකටවත් නෙවෙ.....අර උඩැක්කිය ගැන හිතලා වෙන්න ඇති...උඹට ඔච්චරම මගුල් විසේ නම්....අන්න....රන්දෙනිගල වලව්වෙන් කසාදයක් කතා කරලා දෙන්නම් අත්තමා ඒ කටයුත්ත බලයි සුදු දෝනිගෙ කටයුත්තෙන් පස්සෙ ...

අම්ම්මා....සිංහල කියන දේ තේරෙනවද නැත්තන් නොතෙරෙනවා රගපානවද....මට ඕන රෙද්දෙ මගුලක් නෑ..මට ආය කාවවත් ඕනෙත් නෑ....ආය ආය එකම දේ අහලා අහලා මාව පිස්සෙක් කරන්න එපා...මං සෙනාරිව අමතක කරලා ඉවරයි...ඉවරයි කියන්නෙ ඉවරෙටම ඉවරයි .....මට ආය නැතිවෙන්න දේකුත් නෑ...මං මැරෙන්න බයත් නෑ...මොකද මම දැනටමත් මැරිලා ඉවරයි..... ඔය ඇස් දෙකන් මම පනපිටින් ඉන්නවා දකින්න ආස නම්...මට ආය ආය සෙනාරි ගැන කියන්නවත්...ඒ කෙල්ලට සාප කරන්නවත් එපා.....එපා මොකද ඔයාල වස් තියන්න වස් තියන්න වදින්නෙ මට මිසක් සෙනාරිට නෙවෙ....මං කකුල් දෙක අල්ලල වදින්නද...මට මෙ දෙන ගින්දර වැඩි නැද්ද අම්මෙ...ඇයි මට මෙහෙම කරන්නෙ ....ඇයි....ඇයි....ඇයි...දෙයියනේ..ඇයි.....මාව මැරිලා ගියදෙන් ...මට ඒකිව අමතක කරගන්න විදින දුක දන්නෙ මම විතරයි ...මම විතරයි ....

නිතේශ් ....නවත්තපන් ...නවත්තපන්....අප්පච්චි ....අනේ...අප්පචී...අනේ....

අප්පච්චි .....එන්නකෝ...

විරහ වේදනාව උහුලලා උහුලලා බැරිම තැන මම මගෙ නලල ඇද පත්තෙ ගහගත්තුන් ගහගැනිල්ල එක්ක නලල පුපුරලා යනකොට අම්මා සීයා තාත්තට කෑගැහුවා....අවසානෙදි මම එහෙම්ම තෝන්තුවෙන් වගේ ඇද උඩ වැටනකොට සීයා තාත්තා දුවගන ආව වගේම කාමරෙ ඇතුල මැනිකෙලගෙන් පිරිලා ගියා .....

මං කිව්වා අම්මා...දෙහි ගෙඩියක් මතුරල දෙමු කියලා....

මං කතා කරන්නම් හෙට ගුරුන්වහන්සෙට....මූටයි සුදු දෝනිටයි දෙන්නටම වෙනමොකුත් නෙවෙ මුන්ව රවට්ටන්...අඩුකුලේ පරහැත්ත.....

ඇස් කොන්වලින් වැටුන කදුලු කොට්ටෙ තෙමුවෙ පුපුරපු නලලෙ තුවාලෙට වඩා අමාරුවෙන් හදගත්තු හිත හදාගත්තු හිත පාරපු වේදනාවට වෙනකොට මන් අහගන කාමරෙන් එලියෙ ලොකු අම්මා වගේම පුංචි අම්මා මටයි සුදු දෝනිටයි දෙහි මතුරලා තව තව වස් වද්දවන්න හදනකොට මම මැරුන මලකදක් හා සමානව ඔහේ හූල්ලන් උන්නා....

සුදුමහත්තයා ...

අයිස් කැට ගොඩක් පුපුරපු නලලෙ ලේ නවත්තනකොට හැමෝම එකතුවෙලා මේ වලව්ව අස්සෙ මගෙ ආත්මෙ මරලා දාලා තිබුනා...රටහුනු ගාපු පරන බිත්තියෙ එල්ලුන ඔරලෝසුවෙ වෙලාව නවයෙ කනිසම පහු වෙලාතියනකොට එයාගෙ වචන මතක් වෙලා මගෙ ඔලුවට බක්මහේ පුපුරන අකුනක් පිපිරුවා හා සමාන වෙනකොට හදවත අමු අමුවෙම ගැලෙව්වා හා සමාන වේදනාවක් දැනුනා...

එයා...ලා...අනෙ...එයා...එයාගෙ වෙන්න..ඇති....

අනෝරා වැහි වහින්නෙ කොහොමද ඒහා සමානවම මගෙ ඇස්වලින් කදුලු වැටුනා....වෙන මොකටවත් නෙවෙ එයා අද එයාගෙ වෙනවා කියපු වේදනාව මගෙ මගෙ හදවත කුඩුපට්ටම් කරනකොට ඒ හැමෝම මැද මම වචනවලට පෙර්ලන්න අමාරු වේදනාවකින් මම ඇඩුවා...

අනේ..සුදූ...

මගෙ ලගම උන්නෙ සුදු අක්කා වෙනකොට මම සුදූගෙ උකුලේ ඔලුව ගහන් ඉකි ගගහා ඇඩුවා....එලියෙ ඉන්න උන් දහ අතේ අපි දෙන්නට දෙහි කපන්න හදනකොට මම ආත්මෙම මැරුන පිස්සෙක් හා සමානවම එලියට දාගන්න බැරි දුක හිතේ හිරකරන් ඇඩුවා....

මොන යකටද පුලුවන් දෙවියනේ....මොන යකාටද පුලුවන් එහෙම දෙයක් උහුලන්න පුලුවන් ...ඇස්දෙක වහන මොහොතක් පාසාම ඇදුනෙ එයාගෙ රූපේ වගෙම රවීන්හෙ රූපෙ වෙනකොට සුදූව බදාගන අඩන මාව දාලා උන් හැමෝම යන්න ගියා.. .

සුදූ...එයා...මගෙ...මැනික...අනේ..සුදූ...උඹත්..කෙල්ලෙක්නෙ...සුදූ.....ඒකි...ව..මං..ඇස්දෙක...වගෙ...පරිස්සම් කෙරුවෙ...අනේ මන් ...ඉවසන්නෙ...කොහොමද සුදූ...මගෙ...පපුවට මෙහෙම වේදනා දෙන්න එපා කියපන් සුදූ..මං හිත හදන් ආවෙ ..මං...හිත හදන්...ඒකිට..යන්න දීලා....ආවෙ...ඒ උනත්...ඇයි....සුදූ...අපිට මෙ මිනිස්සු මෙහෙම කරන්නෙ.....

කෑම මේසේ බෙදපු කෑම වීදුරු පිගන්වල හැදි වැදෙන සද්දෙ ඇහුනා.....උන්ට මගෙ පපුවෙ වේදනාව කාටවත් දැනුනෙ නෑ....වංශෙ කබල් ගාන් උන් කාටවත් මගෙ දුක දැනුන් නෑ.....උන් හිතුවෙ පරම්පරාව ගැන විතරක් වෙනකොට මම මැරි මැරි ඉපදුනා . .

සුදු මල්ලි...

බත් පිගානක් අතේ තියන් උන සුදු අක්කා මා ලගට ඇවිත් මට කතාකරනකොට මන් ගොලුවෙලා වගේ ඉන්නකොට එයා කාමරේ දොර වැහුවා ....

ස්..සුදු මල්ලි...මාව....කොහෙ..හරි..හංගපන්...

රත්තරනේ.....

බත් එක පැත්තට තියපු එයා බාගෙට මැරිලා උන්න මගෙ ගවට ඇවිත් මගෙ අත්දෙක අල්ලලා අඩන්න ගත්තා .....

ඇයි...සුදු.....

ඇස්වල කදුලු වේලෙන්නත් කලින් මගෙ ඔලුවට ආයම හෙනයක් පාත් වෙනකොට පුපුරු ගහන ඔලුව අතින් අල්ලන් මම ඇදේ ඉදගන අඩන එයා දිහා බැලුවා.....එ මූනෙත් දම්පාට වෙන්න ඇගිලි පාර තියනකොට උන් හැමෝම අපි දෙන්නගෙ අවුරුදු මරලා දාලා තිබ්බා...

සුදු.....අම්මලා...අත්තම්මලා මොනවා කරන්න යනවද දන්නෙ උඩ ඉන්න දෙවියොම විතරයි.....එයාලා හැමෝම එකතුවෙලා මගෙ ආදරේ වගේම උඹේ ආදරෙ උදුර ගත්තා ...හැබැයි සුදූ මේක පලවෙනි පාර....වගේම අන්තීම පාර.....ආයම කවදාවත් මගෙ ජීවිතේට වලව්වෙ මැනිකෙලාට අත ගහන්න මම ඉඩක් දෙන්නෙ නෑ සුදු...

ඈත පේන හද දිහා බලාගන මම එයාට මගෙ වචන දෙන්කොට මගෙන් පස්සෙ අත්තම්මගෙ ගුටි පූජාව කාපු ලොකු සුදු අක්කා හුස්මක් ගත්තා .....

සුදු මල්ලි...මං අම්මා කෙනෙක් වෙන්න...

බක්මහේ පුපුරන අකුනු වලට වඩා සුදු ගෙ වචන සැරවෙනකොට මට එයාට දෙන්න උත්තර හොයාගන්න බැරි උනා...අරහෙන් ලොකු අම්මලා මගුල් හොයනවා.....මෙහෙන් එයා....

සුදු...මල්ලි.....මාව....කොහෙ..හරි...හංගපන්...නැති...නම්...අනේ...රත්තරන් ..මාව සීයා තාත්තා මරල දායි...සුදු..මල්ලි...අනේ...මාව..මරලා දායි....

එයා එහෙන් ඇද උඩ ගුලිවෙනකොට මම මෙහෙන් බිම ඉදගත්තා .....මට උදව්ව්ක්...ඉල්ලන්න කෙනෙක්....මේවෙලාවෙ.....මම එයාව එක්කන් ගියෝතින් අනිවාර්යයෙන්ම මං උදව් කරා කියලා හිතෙනවා...දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියලා දැනගත්තොත් සීයා තාත්තා අනිවාර්යයෙන්ම මරනවා.....අනෙ ඇයි දළදා හාමුදුරුවනේ අපිටම මෙහෙම ගින්දර දෙන්නෙ...

සුදු මට...හෙට විතරක් කල් දෙන්න...හෙට විතරක්...උඹවත් උඹේ ආදරේ ගාවට පලයන් සුදූ.....මට දැන් උන්නත් එකයි මැරුනත් එකයි.....මං උඹව බේරලා යවන්නම් ....මං උඹව බේරලා යවන්නම්..මං විදින දුක උඹට දැනෙන්න එපා...

බෙදන් ආව බත් පත මෙසෙ උඩම තියනකොට මගෙ ඇදෙ වකුටු වෙලා උන්න සුදු අක්කට බඩට අතත් තියන් නින්ද ගිහින් තිබ්බා...අඩුකුලේ ලේ කැටියක් ඒ කුසෙ පන ගහන බව දන්නවා නම්...මේ සාලෙ මැද සුදු අක්කගෙ මලමිනිය තියෙන්න ගියා .....

වැස්සට තෙමුන ඇදුම් ඇගේම වේලෙනකොට හිතක් පපුවක් නැති නඩුකාර හාමුදුරුවරු උන වලව්වෙ මැනිකෙලා මොන මොනවා හරි කුටු කුටු ගානකොට ඇරලා තිබුන ජනේලෙන් මං දලදාවට උඩින් පායපු හද දැක්කා.....

ඉතින් දැන් එයා තව දුරටත් මගෙ නෙවෙ....එයාලගෙ නිදි ඇදට අද හැමදේම ආදරනිය වෙනකොට මගෙ ඇද තනිකරම ඇවිලෙන ගිනි ගොඩක් උනා...

මං පොරොන්දු උනා...උඹව අමතක කරනවා කියලා ඒ වගේම මං ඒක රකිනවා ...උඹට සුභ අනාගතයක් .....හෙට උදේට මං දකින්න බලන් උන්න දේ රවීන් දකීවී.....

වලාකුලක් ඇවිත් හද වහගන්නකොට මං ජනෙල් කූරුවලට පුපුරලා ගෙඩි ගැහුන නලල හේත්තු කරන් බලන් උන්නා.....

ඇගෙ වත මට නොපෙනෙ නම්..

පුන් සද ඇයි හින හෙන්නෙ.....

නැති දා ඇගෙ ගී රාවෙ.....

කොවුලනි ඇයි ගී ගැයුවේ...

කොවුලනි ඇයි...ගී ගැයුවෙ.....

In a relationship ....එක ආයමත් single කියලා වැටෙනකොට එයා මගෙන් යන්නම යන්න ගියා කියන හැගීම එක්ක තනිකඩ මගෙ ඇස්වලින් වැටුන කදුලු බින්දුව ඵෝන් එකේ ඩිස්ප්ලේ එක තෙමනකොට මට වඩා අන්තෙට අසරන උන සුදු අක්කා දිහා මං බැලුවා....

මන් උඹවත් බේරනවා...ඒවගේම මාවත් මේ වලව්වෙන් බේරගන්නවා....ආයමත් කවදාවත් වලව්වෙ මැනිකෙලාට මේ නිතේශ් ගෙ ආදරයක් මරන්න බැරිවේවි...

කතාවට තවත් කවර්ස් දෙකක්.හම්බ උනා....සේමිනි නංගට වගෙම..කවර් එක දුන්න අනිත් නංගට ස්තූතියි ගොඩක්...❤️❤️🥺

🙂හායිම්....ගුච් නයිච්.....ඔම්න බෝනස්....එක.....

More Chapters